තිවිධකල්යාණං
තිවිධකල්යාණං
තිවිධකල්යාණං
තිවිධකල්යාණං දසලක්ඛණසම්පන්නන්ති එත්ථ පන ආදිමජ්ඣපරියොසානවසෙන තිවිධකල්යාණතා. තෙසංයෙව ච ආදිමජ්ඣපරියොසානානං ලක්ඛණවසෙන දසලක්ඛණසම්පන්නතා වෙදිතබ්බා.
තිවිධකල්යාණං දසලක්ඛණසම්පන්නං යනු, මෙහි ආදි, මධ්‍ය පර්යවසාන වශයෙන් ත්රිවිධකල්යාණතාව වේ. ආදි මධ්යපර්යවසානයන්ගේම ලක්ෂණ වශයෙන් දශලක්ෂණසම්පන්නතාව දතයුතුය.
තත්රායං පාළි –
එම කල්‍යාණ ලක්ෂණ විභාවනයෙහි පෙළ මෙසේය:
“පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, සම්පහංසනා පරියොසානං, පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස කති ලක්ඛණානි? ආදිස්ස තීණි ලක්ඛණානි, යො තස්ස පරිබන්ධො, තතො චිත්තං විසුජ්ඣති, විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති. යඤ්ච පරිබන්ධතො චිත්තං විසුජ්ඣති, යඤ්ච විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, යඤ්ච පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති. පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස ඉමානි තීණි ලක්ඛණානි. තෙන වුච්චති පඨමං ඣානං ආදිකල්යාණඤ්චෙව හොති තිලක්ඛණසම්පන්නඤ්ච.
ප්‍රථම ධ්‍යානයෙහි ප්‍රතිපත්ති විශුද්ධිය ආදියයි, උපෙක්ෂා වර්ධනය මධ්‍යයයි, සම්ප්රහර්ෂණය (අතිශයින් තෘප්තභාවය) අවසානයයි. ප්‍රථමධ්‍යානය පිළිබඳ ප්රතිපත්තිවිශුද්ධිය ආදියයි. ආදියෙහි ලක්ෂණ කෙතෙක්ද? ආදියෙහි ලක්ෂණ තුනෙකි. ඒ ධ්‍යානයට අන්තරායකර වූ යමක් ඇද්ද එම අන්තරායකර ක්ලේශයන් කෙරෙන් මිදී සිත පිරිසුදු වෙයි, පිරිසිදු වූ හෙයින් මධ්‍යම සමථ නිමිත්තට පිළිපදියි (පැමිණෙයි), පිළිපන් හෙයින් එම නිමිත්ත තුළ සිත වැද ගනියි, අන්තරායකර ධර්මයන්ගෙන් සිත මිදීමෙන් පිරිසුදු වෙතැ’යි යන යමක් ඇත්ද, පිරිසිදු වූ හෙයින් සිත මධ්‍යම සමථ නිමිත්ත කරා පැමිණෙතැ’යි යන යමක් ඇද්ද, පිළිපන් හෙයින් එහි සිත වැදගනිතැ’යි යන යමක් ඇද්දැ’යි, යන මේ ප්‍රථම ධ්‍යානයෙහි පටිපදා විසුද්ධිය ආදියයි. ආදියෙහි මෙකී ලක්ෂණ තුන විද්‍යමාන වේ. එහෙයින් ප්‍රථමධ්‍යානය ආදි කල්‍යාණද ලක්ෂණසම්පන්නද වෙතැ’යි කියනු ලැබේ.
“පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස කති ලක්ඛණානි? මජ්ඣස්ස තීණි ලක්ඛණානි, විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති. යඤ්ච විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, යඤ්ච සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, යඤ්ච එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති. පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස ඉමානි තීණි ලක්ඛණානි. තෙන වුච්චති පඨමං ඣානං මජ්ඣෙකල්යාණඤ්චෙව හොති තිලක්ඛණසම්පන්නඤ්ච.
‘ප්‍රථම ධ්‍යානයෙහි උපෙක්ෂා වර්ධනය මධ්‍යයයි. මධ්‍යයෙහි ලක්ෂණ කෙතෙක්ද? මධ්‍යයෙහි ලක්ෂණ තුනෙකි, පිරිසුදුවූ සිත පිළිබඳව උපෙක්ෂා කෙරේ, සමථයට වැදගැනීම පිළිබඳවද උපෙක්ෂා කෙරේ, එකඟබවට එළඹීම පිළිබඳවද උපෙක්ෂා කෙරේ. පිරිසුදුවූ සිත ගැන උපෙක්ෂා කෙරෙතැ’යි යන යමක් ඇත්ද, සමථයට පිවිසීම පිළිබඳව උපෙක්ෂා කෙරෙතැ’යි යන යමක් ඇත්ද, එකඟබවට එළඹීම ගැන උපෙක්ෂා කෙරෙතැ’යි යන යමක් ඇද්ද, ප්‍රථමධ්‍යානයෙහි මේ උපෙක්ෂා වර්ධනය මධ්‍යයට අයත්වේ, මධ්‍යයෙහි මෙකී ලක්ෂණ තුන විද්‍යමාන වේ. එහෙයින් ප්‍රථමධ්‍යානය මධ්‍යයෙහි කල්යණද, ත්රිලක්ෂණ සම්පන්නද වෙතැ’යි කියනු ලැබේ.
“පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං, පරියොසානස්ස කති ලක්ඛණානි? පරියොසානස්ස චත්තාරි ලක්ඛණානි, තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සම්පහංසනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන සම්පහංසනා, තදුපගවීරියවාහනට්ඨෙන සම්පහංසනා, ආසෙවනට්ඨෙන සම්පහංසනා. පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං, පරියොසානස්ස ඉමානි චත්තාරි ලක්ඛණානි. තෙන වුච්චති පඨමං ඣානං පරියොසානකල්යාණඤ්චෙව හොති චතුලක්ඛණසම්පන්නඤ්චා”ති (පටි· ම· 1.158).
ප්‍රථමධ්‍යානය පිළිබඳ සම්ප්රහර්ෂණය පර්යවසානයයි, පර්යවසානයෙහි ලක්ෂණ කෙතෙක්ද? පර්යවසානයෙහි ලක්ෂණ සතරෙකි, එහි උපන් (සමාධි ප්‍රඥා යන) ධර්මයන්ගේ ඉක්මවීමක් නොමැති හෙයින් සම්ප්රහර්ෂණය වේ, (ශ්‍රද්ධාදී) ඉන්ද්රියයන් (විමුක්ති රසයෙන්) ඒකරස වන හෙයින් සම්ප්රහර්ෂණය වේ, මෙකී අනති වර්තන (නොඉක්මවීම) ය, ඒකරසය යන දෙකට අනුරූප වූ වීර්යය ගෙනදෙන හෙයින් සම්ප්රහර්ෂණය වේ. නැවත නැවත ආසේවනය කිරීමේ අර්ත්ථයෙන් සම්ප්රහර්ෂණය වේ. ප්‍රථම ධ්‍යානයෙහි සම්ප්රහර්ෂණය පර්යවසානයයි, එම පර්යවසානයෙහි මෙකී ලක්ෂණ සතර විද්‍යමාන වේ. එහෙයින් ප්‍රථම ධ්‍යානය පර්යවසානකල්‍යාණද, යථොක්ත ලක්ෂණ සතරින්ද යුක්ත වෙතැ’යි කියනු ලැබේ’
තත්ර පටිපදාවිසුද්ධි නාම සසම්භාරිකො උපචාරො. උපෙක්ඛානුබ්රූහනා නාම අප්පනා. සම්පහංසනා නාම පච්චවෙක්ඛණාති එවමෙකෙ වණ්ණයන්ති. යස්මා පන “එකත්තගතං චිත්තං පටිපදාවිසුද්ධිපක්ඛන්දඤ්චෙව හොති උපෙක්ඛානුබ්රූහිතඤ්ච ඤාණෙන ච සම්පහංසිත”න්ති (පටි· ම· 1.158) පාළියං වුත්තං, තස්මා අන්තොඅප්පනායමෙව ආගමනවසෙන පටිපදාවිසුද්ධි, තත්රමජ්ඣත්තුපෙක්ඛාය කිච්චවසෙන උපෙක්ඛානුබ්රූහනා, ධම්මානං අනතිවත්තනාදිභාවසාධනෙන පරියොදාපකස්ස ඤාණස්ස කිච්චනිප්ඵත්තිවසෙන සම්පහංසනා ච වෙදිතබ්බා.
එහි පටිපදාවිසුද්ධි (ප්‍රතිපත්ති විශුද්ධි) නමි ආවර්ජන පරිකර්ම සහිත වූ උපචාරයයි. උපෙක්ඛානුබ්රෑහනා (උපේක්ෂා වර්ධනය) නම් අර්පණායි. සම්පහංසන (සම්ප්රහර්ෂණ) නම් ප්රත්යවෙක්ෂණයයි යනුවෙන් ඇතැමෙක් (අභයගිරිවාසීහු) විස්තර කෙරෙති. යම් හෙයකින් වනාහි ඒකාග්‍රතාවට පැමිණි සිත පටිපදාවිසුද්ධියට පිළිපන්නේ, උපෙක්ෂාවෙන් වැඩුණේ, නුවණින්ද විශෝධිත වූයේයයි’ පෙළෙහි කියන ලද්දේ ද, එහෙයින් අර්පණාව ඇතුළතම ආගමන හේතුවෙන් පටිපදාවිසුද්ධිය වන්නේය, එහි (මධ්‍යස්ථතා සංඛ්‍යාත) උපෙක්ෂාකෘත්ය වශයෙන් උපෙක්ඛානුබ්‍රෑහණය (උපෙක්ෂා වර්ධනය) වන්නේය, ධර්මයන් එකිනෙක නොඉක්මවීම ස්වභාවය සිද්ධ කරන හෙයින් පරියොදපන (පිරිසුදු කරන) ඥානයෙහි කෘත්‍යනිෂ්පත්ති වශයෙන් සම්ප්රහර්ෂණය වෙතැ’යි දතයුතුය.
කථං? යස්මිඤ්හි වාරෙ අප්පනා උප්පජ්ජති, තස්මිං යො නීවරණසඞ්ඛාතො කිලෙසගණො තස්ස ඣානස්ස පරිබන්ධො, තතො චිත්තං විසුජ්ඣති. විසුද්ධත්තා ආවරණවිරහිතං හුත්වා මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති. මජ්ඣිමං සමථනිමිත්තං නාම සමප්පවත්තො අප්පනාසමාධියෙව. තදනන්තරං පන පුරිමචිත්තං එකසන්තතිපරිණාමනයෙන තථත්තමුපගච්ඡමානං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති නාම, එවං පටිපන්නත්තා තථත්තුපගමනෙන තත්ථ පක්ඛන්දති නාම. එවං තාව පුරිමචිත්තෙ විජ්ජමානාකාරනිප්ඵාදිකා පඨමස්ස ඣානස්ස උප්පාදක්ඛණෙයෙව ආගමනවසෙන පටිපදාවිසුද්ධි වෙදිතබ්බා.
කෙසේද යත්, යම් අර්පණා වාරයෙක්හි අර්පණා උපදී ද, එවිට නීවරණ සංඛ්‍යාත වූ ධ්‍යානයට හානිකර වූ යම් ක්ලේශ සමූහයක් වේද, එම ක්ලේශයන් කෙරෙන් සිත පිරිසුදුබවට යන්නේය. එසේ පිරිසිදු වූ හෙයින් ආවරණ විරහිත බවට පත්ව මධ්‍යම සමථ නිමිත්තට පිළිපදනේය, මධ්‍යම සමථ නිමිත්ත නම් සමව පවත්වනලද අර්පණා සමාධියමැයි. අනතුරුව එන පූර්ව චිත්තය (ගෝත්‍රභූචිත්තය) එකසන්තතිපරිණාම නයින් (එක්ම චිත්ත පරම්පරාවෙහි වෙනස්වීම් වශයෙන්) එම අර්පණා සමාධි බවට එළඹෙන්නේ මධ්‍යම සමථ නිමිත්තට පිළිපන්නේ නම් වේ. මෙසේ පිළිපන් හෙයින් අර්පණා සමාධියට පැමිණියේ නම් වේ. මෙසේ (අර්පණා චිත්තයට) පූර්ව වූ (ගෝත්‍රභූ) චිත්තයෙහි විද්‍යාමාන ආකාරයෙන් නිපදවන්නා වූ, පටිපදා විසුද්ධිය ප්‍රථමධ්‍යානය උපන් කෙණෙහිම පැමිණි සේ දතයුතුය.
එවං විසුද්ධස්ස පන තස්ස පුන විසොධෙතබ්බාභාවතො විසොධනෙ බ්යාපාරං අකරොන්තො විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති නාම. සමථභාවුපගමනෙන සමථපටිපන්නස්ස පුන සමාධානෙ බ්යාපාරං අකරොන්තො සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති නාම. සමථපටිපන්නභාවතො එව චස්ස කිලෙසසංසග්ගං පහාය එකත්තෙන උපට්ඨිතස්ස පුන එකත්තුපට්ඨානෙ බ්යාපාරං අකරොන්තො එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති නාම. එවං තත්රමජ්ඣත්තුපෙක්ඛාය කිච්චවසෙන උපෙක්ඛානුබ්රූහනා වෙදිතබ්බා.
මෙසේ පිරිසුදු බවට පත් සිත යලි පිරිසුදු කිරීම අවශ්‍ය නොවන හෙයින් පිරිසුදු කිරීමේ ව්‍යාපාරයක් නොකරන්නේ, එම විශුද්ධ වූ සිත පිළිබඳව උපෙක්ෂා (මැදහත්) වන්නේ නම් වේ. ශමථභාවයට පත්වීමෙන් ශමථයට පිළිපන් සිත පිළිබඳව යලි සමාධාන ව්‍යාපාරයක් නොකරන්නේ ශමථයට පිළිපන් සිත පිළිබඳව උපෙක්ෂා වන්නේ නම් වේ. ශමථයට පිළිපන් බැවින්ම ක්ලේශයන් හා බැදීමක් නැති බැවින් හුදකලාව පිහිටි සිත යලි එකඟ බවට පත් කිරීමේ ව්‍යාපාරයක් නොකරන්නේ එකත්වයෙහි පිහිටුවීම පිළිබඳව උපෙක්ෂා වන්නේ නම් වේ. මෙසේ එහිලා මැදහත්වීමේ කෘත්‍ය වශයෙන් උපෙක්ෂා වර්ධනය දතයුතුය.
යෙ පනෙතෙ එවං උපෙක්ඛානුබ්රූහිතෙ තත්ථ ජාතා සමාධිපඤ්ඤාසඞ්ඛාතා යුගනද්ධධම්මා අඤ්ඤමඤ්ඤං අනතිවත්තමානා හුත්වා පවත්තා, යානි ච සද්ධාදීනි ඉන්ද්රියානි නානාකිලෙසෙහි විමුත්තත්තා විමුත්තිරසෙන එකරසානි හුත්වා පවත්තානි, යඤ්චෙස තදුපගං තෙසං අනතිවත්තනඑකරසභාවානං අනුච්ඡවිකං වීරියං වාහයති, යා චස්ස තස්මිං ඛණෙ පවත්තා ආසෙවනා, සබ්බෙපි තෙ ආකාරා යස්මා ඤාණෙන සංකිලෙසවොදානෙසු තං තං ආදීනවඤ්ච ආනිසංසඤ්ච දිස්වා තථා තථා සම්පහංසිතත්තා විසොධිතත්තා පරියොදාපිතත්තා නිප්ඵන්නාව, තස්මා “ධම්මානං අනතිවත්තනාදිභාවසාධනෙන පරියොදාපකස්ස ඤාණස්ස කිච්චනිප්ඵත්තිවසෙන සම්පහංසනා වෙදිතබ්බා”ති වුත්තං.
මෙසේ උපේක්ෂා වර්ධනය වූ ඒ සමාධිචිත්තයෙහි උපන් සමාධිය ප්‍රඥා යන එකිනෙක බැදුණු යම් මේ ධර්ම කෙනෙක් එකිනෙකා නොඉක්මවා සමව පවත්වන ලද්දාහුද, තවද ශ්‍රද්ධාදී යම් ඉන්ද්රිය කෙනෙක් නොයෙක් කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින්, හුදෙක් විමුක්ති රසයෙන් යුතුව පවත්වන ලද්දාහුද, යම්සේ මේ යෝගී තෙමේ ඒ අනතිවත්තන (එකිනෙක නො-ඉක්මවන) එකරසභාවයට අනුරූපව එම ධ්‍යානය පිණිස වීර්යය පවත්වන්නේද, මෙම ධ්‍යානචිත්තයෙහි එම චිත්තක්ෂණයෙහි පවත්වනලද යම් ආසෙවනයක් වන්නේද, (එකිනෙක නො-ඉක්මවීම් ආදී) ඒ සියලු ආකාරයෝ, යම් හෙයකින් සංකිලෙස (අපිරිසුදුවීම) හා වොදානයන් (පිරිසුදුවීම) කෙරෙහි ඒ ඒ ආදීනවයන්ද ආනිසංසයන්ද ව්‍යවහාර ඥානයෙන් දැක ඒ ඒ ලෙසින් සම්ප්රහර්ෂිත වන බැවින්, පිරිසුදු කරන ලද බැවින්, නිපදවන ලද්දාහුය, එහෙයින් ධර්මයන් එකිනෙක නො-ඉක්මවීම් ස්වභාවය සිද්ධකරන හෙයින් පරියොදපන (පිරිසුදු කරන) ඥානයෙහි කෘත්‍යනිෂ්පත්ති වශයෙන් සම්ප්රහර්ෂණය වෙතැ’යි කියනලදි.
තත්ථ යස්මා උපෙක්ඛාවසෙන ඤාණං පාකටං හොති. යථාහ – “තථාපග්ගහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛති, උපෙක්ඛාවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, උපෙක්ඛාවසෙන නානත්තකිලෙසෙහි චිත්තං විමුච්චති, විමොක්ඛවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති. විමුත්තත්තා තෙ ධම්මා එකරසා හොන්ති. එකරසට්ඨෙන භාවනා”ති (පටි· ම· 1.201). තස්මා ඤාණකිච්චභූතා සම්පහංසනා පරියොසානන්ති වුත්තා.
එහි යම් හෙයකින් උපේක්ෂා වශයෙන් ඥානය ප්‍රකට වේද, කියන ලදමැයි: එසේ (භාවනා වශයෙන්) ගන්නාලද සිත මනාකොට සමාධි වීර්ය යන දෙකෙහි උපේක්ෂා වශයෙන් වැදගත් වේ. ප්‍රඥා වශයෙන් පඤ්ඤින්ද්රියය අතිමාත්‍ර වේ, උපෙක්ෂා වශයෙන් නානාස්වභාව ඇති ක්ලේශයන්ගෙන් (අර්පණා) සිත විමොක්ෂ වශයෙන් මිදේ, ප්‍රඥා වශයෙන් පඤ්ඤින්ද්රියය අතිමාත්‍ර වේ, ක්ලේශයන් කෙරෙන් විමුක්ත වූ හෙයින් (ශ්‍රද්ධාදී) ඒ ධර්මයෝ එක්ම කෘත්‍ය ඇත්තාහු වෙති, ඒකකෘත්‍ය වූ හෙයින් භාවනා වෙති’ එහෙයින් ඥානකෘත්‍ය වූ සම්ප්රහර්ෂණය පර්යවසානයයි කියනලදි.
ඉදානි පඨමං ඣානං අධිගතං හොති පථවීකසිණන්ති එත්ථ ගණනානුපුබ්බතා පඨමං, පඨමං උප්පන්නන්තිපි පඨමං. ආරම්මණූපනිජ්ඣානතො පච්චනීකඣාපනතො වා ඣානං. පථවීමණ්ඩලං පන සකලට්ඨෙන පථවීකසිණන්ති වුච්චති, තං නිස්සාය පටිලද්ධනිමිත්තම්පි, පථවීකසිණනිමිත්තෙ පටිලද්ධඣානම්පි. තත්ර ඉමස්මිං අත්ථෙ ඣානං පථවීකසිණන්ති වෙදිතබ්බං. තං සන්ධාය වුත්තං “පඨමං ඣානං අධිගතං හොති පථවීකසිණ”න්ති.
ඉක්බිති පඨමජ්ඣානං අධිගතං හොති පඨවිකසිණං (පඨවි කසිණය නිමිතිකොට උපන් ප්‍රථම ධ්‍යානයට පැමිණියේ වෙයි) යන මෙහි, ගිණීමේ අනුපිළිවෙළින් ප්‍රථම නමි, පළමුකොට උපන්නේයයිද ප්‍රථම නමි. අරමුණු නිරීක්ෂණය කරන හෙයින්ද, ප්රතිපක්ෂ (නීවරණ)යන් දවන හෙයින්ද ධ්‍යාන නමි. (එකදෙශයක් අරමුණු කොට) මුළු පෘථිවීමණ්ඩලය ගැනෙන හෙයින් පඨවිකසිණයයි කියනු ලැබේ. එය නිසා ලබනලද නිමිත්තද පඨවි කසිණ නමි, එම නිමිත්ත අනුව ලබනලද ධ්‍යානයද පඨවි කසිණයයි හැඳින්වේ. එහි මෙම අර්ත්ථයෙන් පඨවි කසිණධ්යානයයි දතයුතුය. එය සඳහා, ‘පඨමජඣානං අධිගතං හොති පඨවිකසිණං’ යයි කියනලදි.