යෙදුමෙන් කියවන්න

චිරට‍්ඨිතිසම‍්පාදනං

චිරට‍්ඨිතිසම‍්පාදනං

චිරට්ඨිතිසම්පාදනං

එවමධිගතෙ පන එතස‍්මිං තෙන යොගිනා වාලවෙධිනා විය, සූදෙන විය ච ආකාරා පරිග‍්ගහෙතබ‍්බා. යථා හි සුකුසලො ධනුග‍්ගහො වාලවෙධාය කම‍්මං කුරුමානො යස‍්මිං වාරෙ වාලං විජ‍්ඣති, තස‍්මිං වාරෙ අක‍්කන‍්තපදානඤ‍්ච ධනුදණ‍්ඩස‍්ස ච ජියාය ච සරස‍්ස ච ආකාරං පරිග‍්ගණ‍්හෙය්‍ය. “එවං මෙ ඨිතෙන එවං ධනුදණ‍්ඩං එවං ජියං එවං සරං ගහෙත්‍වා වාලො විද‍්ධො”ති. සො තතො පට‍්ඨාය තථෙව තෙ ආකාරෙ සම‍්පාදෙන‍්තො අවිරාධෙත්‍වා වාලං විජ‍්ඣෙය්‍ය. එවමෙව යොගිනාපි “ඉමං නාම මෙ භොජනං භුඤ‍්ජිත්‍වා එවරූපං පුග‍්ගලං සෙවමානෙන එවරූපෙ සෙනාසනෙ ඉමිනා නාම ඉරියාපථෙන ඉමස‍්මිං කාලෙ ඉදං අධිගත”න‍්ති එතෙ භොජනසප‍්පායාදයො ආකාරා පරිග‍්ගහෙතබ‍්බා. එවඤ‍්හි සො නට‍්ඨෙ වා තස‍්මිං තෙ ආකාරෙ සම‍්පාදෙත්‍වා පුන උප‍්පාදෙතුං, අප‍්පගුණං වා පගුණං කරොන‍්තො පුනප‍්පුනං අප‍්පෙතුං සක‍්ඛිස‍්සති.

මෙසේ මේ ධ්‍යානය ලද කල්හි ඒ යෝගාවචරයා විසින් වාලවෙධියකු විසින් මෙන්ද අරක්කැමියකු ලෙසින් මෙන්ද, ආකාරයන් සැලකිය යුතුය. යම්සේ අතිදක්‍ෂ වූ දුනුවායෙක් අස්ලොමක් විදීමට ප්‍රයත්න කරනුයේ යම් විටෙක එම අස්ලොම විදීද, එවිට මෙසේ සිටි මා විසින් මෙසේ දුනු දණ්ඩද, මෙසේ දුනුදියද, මෙසේ හීයද ගෙන ලෝමය විදින ලදැ’යි තමා විසින් තබන ලද පාදයෙහිද, දුනුදණ්ඩෙහිද, දුනුදියෙහිද, හීයෙහිද ආකාරය සලකන්නේ එතැන් පටන් එම ආකාරයන් එලෙසින්ම සම්පාදනය කරමින් නොවරද්දා අස්ලොම් දෙපලු කොට විදින්නේද, මෙසේම යෝගාවචරයා විසින්ද, මෙනම් ආහාරයක් වළඳා, මෙවැනි පුද්ගලයකුගේ ඇසුරෙහි සිට, මෙවන් සෙනස්නෙක, මෙනම් ඉරියව්වෙන්, මෙනම් වේලාවෙක, මෙය ලබන ලදැ’යි යනුවෙන් මෙම භෝජන සප්පාය ආදී ආකාරයන් සැලකිය යුතුය. මෙසේ හේ තෙමේ එම ධ්‍යානය නට කල්හි වුවද එම ආකාරයන් සැලකීමෙන් යලි උපදවන්නටද, නොපුහුණු ධ්‍යානය පුහුණු කරමින් යලි යලිදු අර්පණා ලබන්නටද සමත් වන්නේය.

යථා ච කුසලො සූදො භත‍්තාරං පරිවිසන‍්තො තස‍්ස යං යං රුචියා භුඤ‍්ජති, තං තං සල‍්ලක‍්ඛෙත්‍වා තතො පට‍්ඨාය තාදිසමෙව උපනාමෙන‍්තො ලාභස‍්ස භාගී හොති, එවමයම‍්පි අධිගතක‍්ඛණෙ භොජනාදයො ආකාරෙ ගහෙත්‍වා තෙ සම‍්පාදෙන‍්තො නට‍්ඨෙ නට‍්ඨෙ පුනප‍්පුනං අප‍්පනාය ලාභී හොති. තස‍්මා තෙන වාලවෙධිනා විය සූදෙන විය ච ආකාරා පරිග‍්ගහෙතබ‍්බා. වුත‍්තම‍්පි චෙතං භගවතා –

(තවද) යම්සේ දක්‍ෂ වූ අරක්කැමියෙක් ස්වාමියා වළඳවමින් යම් යම් දෙයක් වළඳන්නේ නම්, ඒ ඒ දෙය සලකා එතැන් පටන් එවැනි දෙයක්ම එළවමින් ප්‍රසාද ලබන්නේ වේද, එසේම මේ යෝගාවචර තෙමේද අධිගතකාලයෙහි භෝජන ආදී ආකාරයන් සලකාගෙන මෙකී ආකාරයන් සම්පාදනය කරමින් යලි යලිදු අර්පණා ලබන්නේ වේ. එහෙයින් යෝගාවචරයා විසින් වාලවෙඨි ධනුර්ධරයකු සෙයින්ද, අරක්කැමියකු සෙයින්ද ආකාරයන් සැලකිය යුතුය. කියන ලදමැයි භාග්‍යවතුන් වහන්සේ විසින්:-

“සෙය්‍යථාපි, භික‍්ඛවෙ, පණ‍්ඩිතො බ්‍යත‍්තො කුසලො සූදො රාජානං වා රාජමහාමත‍්තං වා නානච‍්චයෙහි සූපෙහි පච‍්චුපට‍්ඨිතො අස‍්ස අම‍්බිලග‍්ගෙහිපි තිත‍්තකග‍්ගෙහිපි කටුකග‍්ගෙහිපි මධුරග‍්ගෙහිපි ඛාරිකෙහිපි අඛාරිකෙහිපි ලොණිකෙහිපි අලොණිකෙහිපි. ස ඛො සො, භික‍්ඛවෙ, පණ‍්ඩිතො බ්‍යත‍්තො කුසලො සූදො සකස‍්ස භත‍්තු නිමිත‍්තං උග‍්ගණ‍්හාති ‘ඉදං වා මෙ අජ‍්ජ භත‍්තු සූපෙය්‍යං රුච‍්චති, ඉමස‍්ස වා අභිහරති, ඉමස‍්ස වා බහුං ගණ‍්හාති, ඉමස‍්ස වා වණ‍්ණං භාසති, අම‍්බිලග‍්ගං වා මෙ අජ‍්ජ භත‍්තු සූපෙය්‍යං රුච‍්චති, අම‍්බිලග‍්ගස‍්ස වා අභිහරති, අම‍්බිලග‍්ගස‍්ස වා බහුං ගණ‍්හාති, අම‍්බිලග‍්ගස‍්ස වා වණ‍්ණං භාසති…පෙ… අලොණිකස‍්ස වා වණ‍්ණං භාසතී’ති. ස ඛො සො, භික‍්ඛවෙ, පණ‍්ඩිතො බ්‍යත‍්තො කුසලො සූදො ලාභී චෙව හොති අච‍්ඡාදනස‍්ස, ලාභී වෙතනස‍්ස, ලාභී අභිහාරානං. තං කිස‍්ස හෙතු? තථා හි සො, භික‍්ඛවෙ, පණ‍්ඩිතො බ්‍යත‍්තො කුසලො සූදො සකස‍්ස භත‍්තු නිමිත‍්තං උග‍්ගණ‍්හාති. එවමෙව ඛො, භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පණ‍්ඩිතො බ්‍යත‍්තො කුසලො භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති…පෙ… වෙදනාසු වෙදනා… චිත‍්තෙ චිත‍්තා… ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. තස‍්ස ධම‍්මෙසු ධම‍්මානුපස‍්සිනො විහරතො චිත‍්තං සමාධියති, උපක‍්කිලෙසා පහීයන‍්ති, සො තං නිමිත‍්තං උග‍්ගණ‍්හාති. ස ඛො සො, භික‍්ඛවෙ, පණ‍්ඩිතො බ්‍යත‍්තො කුසලො භික‍්ඛු ලාභී චෙව හොති දිට‍්ඨධම‍්මසුඛවිහාරානං, ලාභී සතිසම‍්පජඤ‍්ඤස‍්ස. තං කිස‍්ස හෙතු? තථා හි සො, භික‍්ඛවෙ, පණ‍්ඩිතො බ්‍යත‍්තො කුසලො භික‍්ඛු සකස‍්ස චිත‍්තස‍්ස නිමිත‍්තං උග‍්ගණ‍්හාතී”ති (සං· නි· 5.374).

‘මහණෙනි, යම්සේ පණ්ඩිත වූ, ව්‍යක්ත වූ, දක්‍ෂ වූ, අරක්කැමියෙක් රජුන්හට හෝ රජමහඇමතියන්හට හෝ උසස්තම ඇඹුල් රසින්ද, උසස්තම තිත්ත රසින්ද, උසස්තම කුළු රසින්ද, උසස්තම මිහිරි රසින්ද, කටුසර වූ හා නොවූ රසින්ද, ලුණු සහිත වූ හා නොවූ රසින්ද යන මේ නොයෙක් ආකාර ඇති නොයෙක් අගරස ඇති සූපයන්ගෙන් උපස්ථාන කරන්නේ වේද, මහණෙනි, එම පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ අරක්කැමි තෙමේ තම ස්වාමියාගේ නිමිති උගනියි. අද මාගේ ස්වාමියාට මේ සූපය රිසි වෙයි, මෙයට මනාප වෙයි, මෙය වැඩිපුර ගනියි, මෙය වර්ණනා කරයි, ඇඹුල් අගරස සූපය හෝ අද මාගේ ස්වාමියාහට රුචිවෙයි. ඇඹුල් අගරසයට මනාප වෙයි, ඇඹුල් අගරසය වැඩිපුර ගනියි, ඇඹුල් අගරසය වර්ණනා කරයි-පෙ-ලුණු සහිත නොවූ සූපය හෝ වර්ණනා කරයි, යන ආදී වශයෙන් දැන ගනියි. මහණෙනි, ඒ පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ අරක්කැමි තෙමේ වස්ත්‍ර ලබන්නෙක්ද වේ, වැටුප් ලබන්නෙක්ද වේ, ප්‍රසාද ලබන්නෙක්ද වේ, එයට හේතු කිම? ඒ එසේමැයි, මහණෙනි පණ්ඩිතවූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ, ඒ අරක්කැමි තෙමේ ස්වකීය ස්වාමියාගේ රුචිය උගනියි, මහණෙනි, එසේම මේ ශාසනයෙහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ භික්‍ෂු තෙමේ කාය විෂයෙහි කය අනුව බලමින්-පෙ-වෙදනා විෂයෙහි-පෙ-චිත්ත විෂයෙහි-පෙ-ධම්ම විෂයෙහි ධම්මයන් අනුව බලමින්, කෙලෙස් තවමින්, ඥානයෙන් යුක්තව, මනා සිහියෙන් යුක්තව, ලෝකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍යයන් දුරුකොට විහරණය කරයි. ධර්මයන් විෂයෙහි ධර්මයන් අනුව බලමින් වෙසෙන ඔහුගේ සිත සමාහිත වෙයි, උපක්ලේශයෝ ප්‍රහීණ වෙති. ඒ භික්‍ෂු තෙමේ ඒ සමාධි නිමිත්ත උගනියි, මහණෙනි, පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ භික්‍ෂු තෙමේ මෙලොව (දෘෂ්ටධර්ම) සුඛවිහරණයද ලබන්නෙක් වේ, සතිසම්පජඤ්ඤයද ලබන්නෙක් වේ, එයට හේතු කිම? ඒ එසේමැයි, මහණෙනි පණ්ඩිත වූ ව්‍යක්ත වූ දක්‍ෂ වූ ඒ භික්‍ෂු තෙමේ ස්වකීය චිත්තස්වභාවයෙහි නිමිත්ත උගනියි’

නිමිත‍්තග‍්ගහණෙන චස‍්ස පුන තෙ ආකාරෙ සම‍්පාදයතො අප‍්පනාමත‍්තමෙව ඉජ‍්ඣති, න චිරට‍්ඨානං. චිරට‍්ඨානං පන සමාධිපරිබන්‍ධානං ධම‍්මානං සුවිසොධිතත‍්තා හොති. යො හි භික‍්ඛු කාමාදීනවපච‍්චවෙක‍්ඛණාදීහි කාමච‍්ඡන්‍දං න සුට‍්ඨු වික‍්ඛම‍්භෙත්‍වා, කායපස‍්සද‍්ධිවසෙන කායදුට‍්ඨුල‍්ලං න සුප‍්පටිපස‍්සද‍්ධං කත්‍වා, ආරම‍්භධාතුමනසිකාරාදිවසෙන ථිනමිද‍්ධං න සුට‍්ඨු පටිවිනොදෙත්‍වා, සමථනිමිත‍්තමනසිකාරාදිවසෙන උද‍්ධච‍්චකුක‍්කුච‍්චං න සුසමූහතං කත්‍වා, අඤ‍්ඤෙපි සමාධිපරිබන්‍ධෙ ධම‍්මෙ න සුට‍්ඨු විසොධෙත්‍වා ඣානං සමාපජ‍්ජති, සො අවිසොධිතං ආසයං පවිට‍්ඨභමරො විය අවිසුද‍්ධං උය්‍යානං පවිට‍්ඨරාජා විය ච ඛිප‍්පමෙව නික‍්ඛමති. යො පන සමාධිපරිබන්‍ධෙ ධම‍්මෙ සුට‍්ඨු විසොධෙත්‍වා ඣානං සමාපජ‍්ජති, සො සුවිසොධිතං ආසයං පවිට‍්ඨභමරො විය සුපරිසුද‍්ධං උය්‍යානං පවිට‍්ඨරාජා විය ච සකලම‍්පි දිවසභාගං අන‍්තොසමාපත‍්තියංයෙව හොති. තෙනාහු පොරාණා –

නිමිත්ත ග්‍රහණයෙන්ද යලි එම ආකාරයන් සම්පාදනය කරන මේ යෝගාවචරයාහට හුදෙක් අර්පණා මාත්‍රයම සිද්ධවනු මිස එහි චිරස්ථිතිය සිද්ධ නොවේ. චිරස්ථිතිය වනාහි සමාධියට උපද්‍රවකර නීවරණ ධර්මයන් මනාකොට පිරිසුදු කිරීමෙන්ම සිද්ධ වේ. යම් ශ්‍රමණයෙක් තෙමේ කාමයන්ගේ ආදීනව ප්‍රත්‍යවෙක්‍ෂණා ආදියෙන් කාමච්ඡන්‍දය මනාකොට යටපත් නොකොට, කායපස්සද්ධි වශයෙන් කායපීඩාව මනාකොට නොසන්සිඳුවා, ආරම්භධාතු මනසිකාරාදි වශයෙන් (පටන්ගැනීමේ වීර්යය මෙනෙහි කිරීම් වශයෙන්) ථීනමිද්ධය මනාකොට දුරු නොකොට, සමථනිමිත්ත මෙනෙහි කිරීම් ආදී වශයෙන් උද්ධච්ච-කුක්කුච්චය මනාකොට නොනසා, අන්‍යවූද සමාධියට උපද්‍රවකර ස්වභාවයන් මනාකොට ශෝධනය නොකොට ධ්‍යානයට සමවදීද, හේ තෙමේ අපිරිසුදු බිලකට පිවිසි බඹරකු මෙන්ද පිරිසුදු නොකළ උයනකට පිවිසි රජකු මෙන්ද වහා ධ්‍යානයෙන් නික්මේ. යමෙක් වනාහි සමාධියට අන්තරායකර නීවරණ ධර්මයන් මැනවින් පිරිසුදුකොට ධ්‍යානයට සමවදීද, හේ තෙමේ මොනවට පිරිසුදු කළ බිලකට පිවිසි බඹරකු සෙයින්ද, මොනවට පිරිසුදු කළ උයනකට පිවිසි රජකු සෙයින්ද, මුළු දහවලම සමවත තුළම රැඳේ. එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-

“කාමෙසු ඡන්‍දං පටිඝං විනොදයෙ, උද‍්ධච‍්චමිද‍්ධං විචිකිච‍්ඡපඤ‍්චමං; විවෙකපාමොජ‍්ජකරෙන චෙතසා, රාජාව සුද‍්ධන‍්තගතො තහිං රමෙ”ති.

කාමෙසු ඡන්‍දං පටිඝං විනොදයෙ උද්ධච්චමිද්ධං විචිකිච්ඡපඤ්චමං විවෙකපාමොජ්ජකරෙන චෙතසා රාජාව සුද්ධන්තගතො තහිං රමෙ

කාමච්ඡන්‍දයද, ව්‍යාපාදයද, උද්ධච්චකුක්කුච්චයද, ථිනමිද්ධයද, පස්වැනි වූ විචිකිච්ඡාවද දුරුකරන්නේය. විවේකයෙන් උපන් ප්‍රමෝදය ඇති කරන සිතින් යුක්තව පිරිසුදු සීමා ඇති උයනකට ගිය රජකු මෙන් එම අර්පණා ධ්‍යානයෙහි ඇලෙන්නේය.

තස‍්මා චිරට‍්ඨිතිකාමෙන පරිබන්‍ධකධම‍්මෙ විසොධෙත්‍වා ඣානං සමාපජ‍්ජිතබ‍්බං. චිත‍්තභාවනාවෙපුල‍්ලත්‍ථඤ‍්ච යථාලද‍්ධං පටිභාගනිමිත‍්තං වඩ‍්ඪෙතබ‍්බං. තස‍්ස ද‍්වෙ වඩ‍්ඪනාභූමියො උපචාරං වා අප‍්පනං වා. උපචාරං පත්‍වාපි හි තං වඩ‍්ඪෙතුං වට‍්ටති අප‍්පනං පත්‍වාපි. එකස‍්මිං පන ඨානෙ අවස‍්සං වඩ‍්ඪෙතබ‍්බං. තෙන වුත‍්තං “යථාලද‍්ධං පටිභාගනිමිත‍්තං වඩ‍්ඪෙතබ‍්බ”න‍්ති.

එහෙයින් ධ්‍යානයෙහි චිරස්ථිතිය පතන යෝගාවචරයා විසින් උපද්‍රවකර නීවරණ ධර්මයන් විනෝදනය කොට ධ්‍යානයට සමවැදිය යුතුය, සමාධිභාවනා මහත්‍වය පිණිස (උපචාර හෝ අර්පණා වශයෙන්) ලද පටිභාග නිමිත්ත වැඩිය යුතුය. ඒ පටිභාග නිමිත්ත වඩනා බිම් දෙකෙකි: උපචාර හෝ අර්පණා හෝ වශයෙනි. උපචාරයට පැමිණීමෙන් පසු පවා එය වඩනු වටී. අර්පණාවට පැමිණීමෙන් පසුද වඩනු වටී. එහෙත් වැඩීම කළ යුත්තේ අවශ්‍යයෙන්ම බිම් දෙකින් එකකදීය. එහෙයින් (උපචාර හෝ අර්පණා වශයෙන්) ලද පරිදි පටිභාගනිමිත්ත වැඩිය යුතුයයි කියනලදි.