අනනුරූපවිහාරො
අනනුරූපවිහාරො
අනනුරූපවිහාරො
තත්ථ අනනුරූපො නාම අට්ඨාරසන්නං දොසානං අඤ්ඤතරෙන සමන්නාගතො. තත්රිමෙ අට්ඨාරස දොසා – මහත්තං, නවත්තං, ජිණ්ණත්තං, පන්ථනිස්සිතත්තං, සොණ්ඩී, පණ්ණං, පුප්ඵං, ඵලං, පත්ථනීයතා, නගරසන්නිස්සිතතා, දාරුසන්නිස්සිතතා, ඛෙත්තසන්නිස්සිතතා, විසභාගානං පුග්ගලානං අත්ථිතා, පට්ටනසන්නිස්සිතතා, පච්චන්තසන්නිස්සිතතා, රජ්ජසීමසන්නිස්සිතතා, අසප්පායතා, කල්යාණමිත්තානං අලාභොති ඉමෙසං අට්ඨාරසන්නං දොසානං අඤ්ඤතරෙන දොසෙන සමන්නාගතො අනනුරූපො නාම. න තත්ථ විහාතබ්බං.
එහි අනුරූප නොවූ විහාරය නම් අටළොස් දොස් අතුරෙන් එක්තරා හෝ දොසෙකින් යුත් විහාරයයි. එම අටළොස් දොස් නම්: මහත් බවය, අලුත් බවය, දිරාපත් බවය, මඟ අසලවූ බවය, පැන් පොකුණු සහිත බවය, පලා ඇති බවය, මල් ඇති බවය, පලතුරු ඇති බවය, පැතියයුතු බවය, නගරාශ්‍රිත වූ බවය, දැව ඇති තැන් අසල්වූ බවය, කෙත් අසල්වූ බවය, විෂම ක්‍රියාකලාපය ඇති තැනැත්තන් ඇති බවය, පටුන් ආශ්රිත බවය, පිටුසර වූ බවය, රාජ්‍ය සීමා අසල් වූ බවය, සප්පාය නොවූ බවය, කලණ මිතුරන් නොලබන බවය යන මේය. මේ අටළොස් දොස් අතුරෙන් එක් දොසෙකින් හෝ යුතුවූයේ අනනුරූප නම්වේ. එවන් තැනෙක නොවිසිය යුතුය,
කස්මා? මහාවිහාරෙ තාව බහූ නානාඡන්දා සන්නිපතන්ති, තෙ අඤ්ඤමඤ්ඤං පටිවිරුද්ධතාය වත්තං න කරොන්ති. බොධියඞ්ගණාදීනි අසම්මට්ඨානෙව හොන්ති. අනුපට්ඨාපිතං පානීයං පරිභොජනීයං. තත්රායං ගොචරගාමෙ පිණ්ඩාය චරිස්සාමීති පත්තචීවරමාදාය නික්ඛන්තො සචෙ පස්සති වත්තං වා අකතං පානීයඝටං වා රිත්තං, අථානෙන වත්තං කාතබ්බං හොති, පානීයං උපට්ඨාපෙතබ්බං. අකරොන්තො වත්තභෙදෙ දුක්කටං ආපජ්ජති. කරොන්තස්ස කාලො අතික්කමති, අතිදිවා පවිට්ඨො නිට්ඨිතාය භික්ඛාය කිඤ්චි න ලභති. පටිසල්ලානගතොපි සාමණෙරදහරභික්ඛූනං උච්චාසද්දෙන සඞ්ඝකම්මෙහි ච වික්ඛිපති. යත්ථ පන සබ්බං වත්තං කතමෙව හොති, අවසෙසාපි ච සඞ්ඝට්ටනා නත්ථි. එවරූපෙ මහාවිහාරෙපි විහාතබ්බං.
කවර හෙයින්දයත්, මහත්වූ විහාරයෙහි නොයෙක් අදහස් ඇති බොහෝ දෙනා රැස්වෙති; ඔවුහු එකිනෙකා අතර ඇති විරුදුකම් නිසා වත්පිළිවෙත් නොකෙරෙති, බෝමලු ආදි නොහමදනා ලදුවම තිබේ. බොන පැන් නහන පැන් නොඑළවන ලද්දේම වේ, එහි මේ යෝගී තෙමේ ‘ගොදුරුගම්හි පිඬු පිණිස හැසිරෙමි’යි පාසිවුරු ගෙන නික්මෙනවිට වත්-පිළිවෙත් නොකරන ලද බව හෝ හිස්වූ පැන් බඳුන් හෝ දක්නේද, එවිට මොහු විසින් වත්-පිළිවෙත් කළයුතු වන්නේය, පැන් එළවියයුතු වන්නේය. එසේ නොකළහොත් වත් බීදීමෙන් දුකුළා ඇවතට පැමිණෙන්නේය, කළහොත් කල් ඉකුත් වන්නේය, ඉතා දහවල් ගමට පිවිසියේ භික්ෂා නිමවී කිසිවක් නොලබන්නේය, විවේක පිණිස ගිය කල්හිද සාමණේර තරුණ භික්ෂූන්ගේ උස්හඬින්ද, සංඝකර්මයෙන්ද වික්ෂේපයට පැමිණේ, යම් තැනෙක සියලු වත්-පිළිවෙත් කරන ලද්දේ වේනම්, සෙසු ගැහැටද නැත්නම්, මහත් වුවද එබඳු විහාරයෙක විසීම සුදුසුය.
නවවිහාරෙ බහු නවකම්මං හොති, අකරොන්තං උජ්ඣායන්ති. යත්ථ පන භික්ඛූ එවං වදන්ති “ආයස්මා යථාසුඛං සමණධම්මං කරොතු, මයං නවකම්මං කරිස්සාමා”ති එවරූපෙ විහාතබ්බං.
අලුත් විහාරයෙක්හි බොහෝ නවකම් ඇත්තේ වේ, ඒවා නොකරන්නහුට බැණ වදිති, යම් විහාරයෙක්හි වනාහි භික්ෂූහු, ආයුෂ්මත්හු සුවසේ මහණදම් පුරත්වා! අපි නවකම් කරන්නමෝය’යි කියන්නාහුද, එවන් විහාරයෙක්හි විසීම සුදුසුය.
ජිණ්ණවිහාරෙ පන බහු පටිජග්ගිතබ්බං හොති, අන්තමසො අත්තනො සෙනාසනමත්තම්පි අප්පටිජග්ගන්තං උජ්ඣායන්ති, පටිජග්ගන්තස්ස කම්මට්ඨානං පරිහායති.
දිරාපත් විහාරයෙහි වනාහි පිළිදැගුම් කළ යුතු බොහෝ දේ ඇත, යටත් පිරිසෙයින් තමාගේ සෙනස්න නොපිළිදගින්නහුට අවඥා කෙරෙති, පිළිදගින්නහුගේ කමටහන් පිරිහේ.
පන්ථනිස්සිතෙ මහාපථවිහාරෙ රත්තින්දිවං ආගන්තුකා සන්නිපතන්ති. විකාලෙ ආගතානං අත්තනො සෙනාසනං දත්වා රුක්ඛමූලෙ වා පාසාණපිට්ඨෙ වා වසිතබ්බං හොති. පුනදිවසෙපි එවමෙවාති කම්මට්ඨානස්ස ඔකාසො න හොති. යත්ථ පන එවරූපො ආගන්තුකසම්බාධො න හොති, තත්ථ විහාතබ්බං.
මඟ අසල වූ, මහවත් අසල්වූ විහාරයෙක්හි රෑදාවල් ආගන්තුකයෝ රැස්වන්නාහ. නොකල්හි ආවුන්හට තමාගේ සෙනස්න දී රුක්මුලෙක හෝ ගල්තලාවෙක විසිය යුතුවේ. දෙවන දවස්හිද මෙසේ වෙතොත් කමටහනට අවසර නොලැබේ. යම් තැනෙක්හි වනාහි ආගන්තුකයන් නිසා සිදුවන මෙබඳු සම්බාධ නැතොත් එතන්හි විසීම සුදුසුය.
සොණ්ඩී නාම පාසාණපොක්ඛරණී හොති, තත්ථ පානීයත්ථං මහාජනො සමොසරති, නගරවාසීනං රාජකුලූපකත්ථෙරානං අන්තෙවාසිකා රජනකම්මත්ථාය ආගච්ඡන්ති, තෙසං භාජනදාරුදොණිකාදීනි පුච්ඡන්තානං අසුකෙ ච අසුකෙ ච ඨානෙති දස්සෙතබ්බානි හොන්ති, එවං සබ්බකාලම්පි නිච්චබ්යාවටො හොති.
යම් විහාරයෙක්හි ‘කෙම්’ යන නමින් හැඳින්වෙන ගල් පොකුණු ඇත්නම්, එහි පැන් පිණිස මහජනයා රැස්වෙති, රජගෙදර හා සමඟ කුලුපගවූ නගරවැසි මහතෙරවරුන්ගේ අතවැස්සෝ සිවුරු පඬු ගැන්වීම පිණිස පැමිණෙති, බඳුන්, දර, පඬුඔරු ආදිය ගැන විමසන ඔවුන්හට අසුවල් අසුවල් තැනයයි පෙන්විය යුතුය, මෙසේ මුළු කාලයම නිරතුරු යෙදෙන්නට සිදුවේ.
යත්ථ නානාවිධං සාකපණ්ණං හොති, තත්ථස්ස කම්මට්ඨානං ගහෙත්වා දිවාවිහාරං නිසින්නස්සාපි සන්තිකෙ සාකහාරිකා ගායමානා පණ්ණං උච්චිනන්තියො විසභාගසද්දසඞ්ඝට්ටනෙන කම්මට්ඨානන්තරායං කරොන්ති.
යම් විහාරයෙක නොයෙක් ප්‍රකාර ඇති පලාවෙසෙස් ඇත්නම්, එහි කමටහන් ගෙන දිවාවිහාරයෙහි හුන් කල්හි පවා යෝගාවචරයාගේ සමීපයෙහි ගී ගයමින් පලා නෙළන ස්ත්‍රීහු යෝග්‍ය නොවන ශබ්ද පවත්වමින් කමටහනට අන්තරාය කෙරෙති.
යත්ථ පන නානාවිධා මාලාගච්ඡා සුපුප්ඵිතා හොන්ති, තත්රාපි තාදිසොයෙව උපද්දවො.
යම් විහාරයෙක්හි නොයෙක් ප්‍රකාර ඇති සුපිපි මල්ගස් ඇත්නම්, එහිද එවැනිම වූ උවදුරු ඇත.
යත්ථ නානාවිධං අම්බජම්බුපනසාදිඵලං හොති, තත්ථ ඵලත්ථිකා ආගන්ත්වා යාචන්ති, අදෙන්තස්ස කුජ්ඣන්ති, බලක්කාරෙන වා ගණ්හන්ති, සායන්හසමයෙ විහාරමජ්ඣෙ චඞ්කමන්තෙන තෙ දිස්වා “කිං උපාසකා එවං කරොථා”ති වුත්තා යථාරුචි අක්කොසන්ති. අවාසායපිස්ස පරක්කමන්ති.
යම් විහාරයෙක්හි අඹ දඹ පනා ආදී පලතුරු ඇත්නම්, පල කැමැත්තෝ පැමිණ ඉල්වති, නොදෙන විට කිපෙති, බලාත්කාරයෙන් හෝ ගනිති. සවස් කාලයෙහි විහාරමධ්යයෙහි හමදින විට ඔවුන් දැක ‘උපාසකවරුනි, කවර හෙයකින් මෙසේ කරවුදැ’යි කීකල්හි රිසි සේ ආක්‍රෝශ කෙරෙති. ඒ භික්ෂුව විහාරයෙන් නෙරපීමට පවා උත්සාහ කෙරෙති.
පත්ථනීයෙ පන ලෙණසම්මතෙ දක්ඛිණගිරිහත්ථිකුච්ඡිචෙතියගිරිචිත්තලපබ්බතසදිසෙ විහාරෙ විහරන්තං අයමරහාති සම්භාවෙත්වා වන්දිතුකාමා මනුස්සා සමන්තා ඔසරන්ති, තෙනස්ස න ඵාසු හොති, යස්ස පන තං සප්පායං හොති, තෙන දිවා අඤ්ඤත්ර ගන්ත්වා රත්තිං වසිතබ්බං.
ලෝවැස්සන් විසින් සම්භාවිත වූ දක්ඛිණගිරි, හත්ථිකුච්ඡ, වේතියගිරි, සිතුල්පවු වැනි බොහෝ දෙනා වන්දනා පිණිස පැමිණෙන විහාරයෙක වසන්නහු කරා, මේ රහත් කෙනෙකි’යි සම්භාවනා කොට වඳිනු කැමැති ජනයා සැම දෙසින් රැස් වෙති, එයින් ඔහුට අපහසු වේ. යමකුට එම විහාරය සප්පාය වේනම්, ඔහු විසින් දහවල්හි අන් තැනෙක ගොස් රෑකල එහි විසිය යුතුය.
නගරසන්නිස්සිතෙ විසභාගාරම්මණානි ආපාථමාගච්ඡන්ති, කුම්භදාසියොපි ඝටෙහි නිඝංසන්තියො ගච්ඡන්ති, ඔක්කමිත්වා මග්ගං න දෙන්ති, ඉස්සරමනුස්සාපි විහාරමජ්ඣෙ සාණිං පරික්ඛිපිත්වා නිසීදන්ති.
නුවර අසල වූ විහාරයෙක්හි විෂම වූ අරමුණු හමුවට එයි, කළදැස්සෝ කළ ගටමින් යෙති, ඉවත්ව මඟ ඉඩ නොදෙති, ප්‍රභූ ජනයාද විහාරමධ්යයෙහි තිර වටකොට හිඳිති.
දාරුසන්නිස්සයෙ පන යත්ථ කට්ඨානි ච දබ්බුපකරණරුක්ඛා ච සන්ති, තත්ථ කට්ඨහාරිකා පුබ්බෙ වුත්තසාකපුප්ඵහාරිකා විය අඵාසුං කරොන්ති, විහාරෙ රුක්ඛා සන්ති, තෙ ඡින්දිත්වා ඝරානි කරිස්සාමාති මනුස්සා ආගන්ත්වා ඡින්දන්ති. සචෙ සායන්හසමයං පධානඝරා නික්ඛමිත්වා විහාරමජ්ඣෙ චඞ්කමන්තො තෙ දිස්වා “කිං උපාසකා එවං කරොථා”ති වදති, යථාරුචි අක්කොසන්ති, අවාසායපිස්ස පරක්කමන්ති.
දැව ආශ්රිත විහාරයෙක්හි වනාහි යම් තැනෙක්හි දර හෝ දැව බඩු පිණිස ගනුලබන ගස් ඇත්නම්, එහි දැව ගෙනයන්නෝ යටකී පලා, මල් නෙළන්නවුන් සේම ගැහැට කෙරෙත්. විහාරයෙහි ගස් ඇත්නම්, කපා ගෙවල් ඉදි කරන්නමු’යි අවුත් කපති, ඉදින් සවස් කාලයෙහි පධානඝරයෙන් නික්ම විහාරමධ්යයෙහි සක්මන් කරනවිට ඔවුන් දැක, ‘උපාසකවරුනි, කවර හෙයින් මෙසේ කරවූදැ’යි කිවහොත් රිසි පරිදි ආක්‍රෝශ කෙරෙති. විහාරයෙන් නෙරපීමට හෝ උත්සාහ කෙරෙති.
යො පන ඛෙත්තසන්නිස්සිතො හොති සමන්තා ඛෙත්තෙහි පරිවාරිතො, තත්ථ මනුස්සා විහාරමජ්ඣෙයෙව ඛලං කත්වා ධඤ්ඤං මද්දන්ති, පමුඛෙසු සයන්ති, අඤ්ඤම්පි බහුං අඵාසුං කරොන්ති. යත්රාපි මහාසඞ්ඝභොගො හොති, ආරාමිකා කුලානං ගාවො රුන්ධන්ති, උදකවාරං පටිසෙධෙන්ති, මනුස්සා වීහිසීසං ගහෙත්වා “පස්සථ තුම්හාකං ආරාමිකානං කම්ම”න්ති සඞ්ඝස්ස දස්සෙන්ති. තෙන තෙන කාරණෙන රාජරාජමහාමත්තානං ඝරද්වාරං ගන්තබ්බං හොති, අයම්පි ඛෙත්තසන්නිස්සිතෙනෙව සඞ්ගහිතො.
යම් විහාරයක් කෙත් අසල වූයේද, හාත්පසින් කෙත්වලින් වටවූයේද, එහි විහාර මධ්‍යයෙහිම ජනයා කලවිටි තනා ගොයම් මඩිති, ඉදිරිපස මිදුලෙහි වී දමා වියලවති, තවද බොහෝ අපහසු ඇතිකරවයි. තවද, එබඳු විහාරයෙක මහා සඞ්ඝපරිභෝග ඇත්නම්, එහි ආරාම සේවකයන්ගේ පවුලට අයත් ගවයන් බදිති, දියමුර වලක්වති, මිනිස්සු (මැලවීගිය) වී කරල් කඩා ගෙනවුත් ‘බලනු මැනවි, ඔබ වහන්සේගේ සේවක ජනයාගේ ක්‍රියාය’යි සංඝයාහට දක්වති. ඒ මේ කරුණු නිසා රාජරාජමහාමාත්යයන්ගේ ගෙදොරට යායුතුවේ, මෙයද කෙත් අසල වූ ආරාම විෂයෙහි ඇතුළත් වේ.
විසභාගානං පුග්ගලානං අත්ථිතාති යත්ථ අඤ්ඤමඤ්ඤං විසභාගවෙරී භික්ඛූ විහරන්ති, යෙ කලහං කරොන්තා මා, භන්තෙ, එවං කරොථාති වාරියමානා එතස්ස පංසුකූලිකස්ස ආගතකාලතො පට්ඨාය නට්ඨාම්හාති වත්තාරො භවන්ති.
විසම (නොගැලපෙන) පුද්ගලයන් ඇති බවය යනු, යම් විහාරයෙක්හි ඔවුනොවුන් නොරුස්සන, ඔවුනොවුනට පසමිතුරු භික්ෂූහු වෙසෙත්ද, ඔවුන් කලහ කරනවිට, ‘ස්වාමීනි, මෙසේ නොකරනු මැනවැ’යි වලක්වන ලද්දාහු ‘මේ පංසුකූලිකයා ආ දා පටන් නටුවෝ වම්හ’යි කියන්නාහුය.
යොපි උදකපට්ටනං වා ථලපට්ටනං වා නිස්සිතො හොති, තත්ථ අභිණ්හං නාවාහි ච සත්ථෙහි ච ආගතමනුස්සා ඔකාසං දෙථ, පානීයං දෙථ, ලොණං දෙථාති ඝට්ටයන්තා අඵාසුං කරොන්ති.
යම් විහාරයක් මුහුදු ගංගා පටුන් හෝ ගොඩපටුන් හෝ නුදුරු තන්හි පිහිටියේ නම්, එහි නැව්වලින්ද, සාත්තු (තවලම්) වලින්ද ආ ජනයා, ‘ඉඩක් දෙනු මැනවි, පැන් දෙනු මැනවි, ලුණු දෙනු මැනවැ’යි ගහට කෙරෙමින් අපහසු ඇති කරති.
පච්චන්තසන්නිස්සිතෙ පන මනුස්සා බුද්ධාදීසු අප්පසන්නා හොන්ති.
පිටිසර පෙදෙස්හි පිහිටි විහාරයෙහි වනාහි ජනයා බුද්ධාදීන් කෙරෙහි නොපහන් වූවෝය.
රජ්ජසීමසන්නිස්සිතෙ රාජභයං හොති. තඤ්හි පදෙසං එකො රාජා න මය්හං වසෙ වත්තතීති පහරති, ඉතරොපි න මය්හං වසෙ වත්තතීති. තත්රායං භික්ඛු කදාචි ඉමස්ස රඤ්ඤො විජිතෙ විචරති, කදාචි එතස්ස. අථ නං “චරපුරිසො අය”න්ති මඤ්ඤමානා අනයබ්යසනං පාපෙන්ති.
රාජ්‍යසීමා අසල් තැන රජුන්ගෙන් බිය ඇතිවේ. එබඳු පෙදෙස්, එක් රජෙක් මා වසඟයෙහි නොපවත්නේයයි පහරියි, අන් රජෙක් මා වසඟයෙහි නොපවත්නේයයි පහරියි, එහිදී මේ භික්ෂු තෙමේ වරෙක මේ රජුගේ විජිතයෙහිද වරෙක ඒ රජුගේ විජිතයෙහිද හැසිරේ. එසේවූ විට ‘මොහු චරපුරුෂයෙකැ’යි ගන්නාලදුව නොයෙක් ව්‍යසනයට පත්වේ.
අසප්පායතාති විසභාගරූපාදිආරම්මණසමොසරණෙන වා අමනුස්සපරිග්ගහිතතාය වා අසප්පායතා. තත්රිදං වත්ථු. එකො කිර ථෙරො අරඤ්ඤෙ වසති. අථස්ස එකා යක්ඛිනී පණ්ණසාලද්වාරෙ ඨත්වා ගායි. සො නික්ඛමිත්වා ද්වාරෙ අට්ඨාසි, සා ගන්ත්වා චඞ්කමනසීසෙ ගායි. ථෙරො චඞ්කමනසීසං අගමාසි. සා සතපොරිසෙ පපාතෙ ඨත්වා ගායි. ථෙරො පටිනිවත්ති. අථ නං සා වෙගෙනාගන්ත්වා ගහෙත්වා “මයා, භන්තෙ, න එකො න ද්වෙ තුම්හාදිසා ඛාදිතා”ති ආහ.
අසප්පාය බවය යනු, විෂම වූ රූපාදි අරමුණු ගැවසීමෙන් හෝ අමනුෂ්‍යයන් විසින් අරක්ගන්නාලද හෙයින් හෝ අසප්පාය වූබවයි. ඒ පිළිබඳ කතා පුවතක් මෙසේය: එක්තරා තෙරණු කෙනෙක් වනයෙක්හි වාසය කරන්නාහුය, ඉක්බිති එක් යකිනියක් තොමෝ පන්සල් දොර සිට ගීයක් ගැයූ, තෙරණුවෝ නික්ම දොරකඩ සිටියහ. ඕ තොමෝ ගොස් සක්මන් හිස සිට ගැයූ. තෙරණුවෝ සක්මන් හිසට ගියහ, ඕ තොමෝ මිනිසුන් සියයක් (පමණ ගැඹුරු) වූ ප්රපාතයෙක්හි සිට ගැයූ, තෙරණුවෝ පෙරළා පැමිණියහ. එවිට ඕ තොමෝ වේගයෙන් (අවුත් ඔහු) අල්වාගෙන, ‘හිමියනි, මවිසින් ඔබ වැන්නවුන් කනලදුයේ එකකු දෙන්නකු නොවේය’යි කීවාය.
කල්යාණමිත්තානං අලාභොති යත්ථ න සක්කා හොති ආචරියං වා ආචරියසමං වා උපජ්ඣායං වා උපජ්ඣායසමං වා කල්යාණමිත්තං ලද්ධුං. තත්ථ සො කල්යාණමිත්තානං අලාභො මහාදොසොයෙවාති ඉමෙසං අට්ඨාරසන්නං දොසානං අඤ්ඤතරෙන සමන්නාගතො අනනුරූපොති වෙදිතබ්බො. වුත්තම්පි චෙතං අට්ඨකථාසු –
කලණ මිතුරන් නොලැබෙන බවය යනු, යම් තැනෙක ආචාර්යයන් හෝ ආචාර්යයන් හා සම වූ හෝ කලණ මිතුරකු නොලද හැකිවේද, එතන්හි ඒ කලණ මිතුරන් නොලැබීමේ මහාදෝෂය වෙතැයි යන මේ අටළොස් දොස් අතුරෙන් එකකින් යුතුවූයේ අනනුරූපැ’යි දත යුතුය. කියනලදමැයි අටුවායෙහි:
මහාවාසං නවාවාසං, ජරාවාසඤ්ච පන්ථනිං; සොණ්ඩිං පණ්ණඤ්ච පුප්ඵඤ්ච, ඵලං පත්ථිතමෙව ච.
මහාවාසං නවාවාසං ජරාවාසඤ්ච පන්ථනිං සොණ්ඩිං පණ්ණඤ්ච පුප්ඵඤ්ච ඵලං පත්ථිතමෙව ච
නගරං දාරුනා ඛෙත්තං, විසභාගෙන පට්ටනං; පච්චන්තසීමාසප්පායං, යත්ථ මිත්තො න ලබ්භති.
නගරං දාරුනා ඛෙත්තං විසභාගෙන පට්ටනං පච්චන්තසීමාසප්පායං යත්ථ මිත්තො න ලබ්භති
අට්ඨාරසෙතානි ඨානානි, ඉති විඤ්ඤාය පණ්ඩිතො; ආරකා පරිවජ්ජෙය්ය, මග්ගං සප්පටිභයං යථාති.
අට්ඨාරසෙතානි ඨානානි ඉති විඤ්ඤාය පණ්ඩිතො ආරකා පරිවජ්ජෙය්ය මග්ගං පටිභයං යථා ති.
මහත්වූ විහාරය, නවවිහාරය, දිරාපත් විහාරය, මහමං අසල වූ විහාරය, පැන්කෙම් ඇති විහාරය, පලාපත් ඇති විහාරය, මල් ඇති විහාරය, පලතුරු ඇති විහාරය, වන්දනාකරුවන් නිතර ගැවසෙන විහාරය,
නගරාසන්න විහාරය, දැව දඬු ඇති විහාරය, කෙත් අසල වූ විහාරය, නොගැලපෙන ජනයා ඇති විහාරය, පටුන් ගම්හි පිහිටි විහාරය, පිටුසර පෙදෙස්හි පිහිටි විහාරය, රාජ්‍යසීමා අසල පිහිටි විහාරය, අසප්පාය වූ විහාරය, කල්‍යාණ මිත්‍රයකු නොලදහැකි විහාරයැයි යන,
මේ අටළොස් තැන් මෙසේ දැන පණ්ඩිත තෙමේ, උවදුරු සහිත මාර්ගයක් මෙන් දුරින්ම දුරු කරන්නේය.