අනුරූපවිහාරො
අනුරූපවිහාරො
අනුරූපවිහාරො
යො පන ගොචරගාමතො නාතිදූරනාච්චාසන්නතාදීහි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො, අයං අනුරූපො නාම. වුත්තඤ්හෙතං භගවතා – “කථඤ්ච, භික්ඛවෙ, සෙනාසනං පඤ්චඞ්ගසමන්නාගතං හොති? ඉධ, භික්ඛවෙ, සෙනාසනං නාතිදූරං හොති නාච්චාසන්නං ගමනාගමනසම්පන්නං, දිවා අප්පාකිණ්ණං රත්තිං අප්පසද්දං අප්පනිග්ඝොසං, අප්පඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සං, තස්මිං ඛො පන සෙනාසනෙ විහරන්තස්ස අප්පකසිරෙනෙව උප්පජ්ජන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා. තස්මිං ඛො පන සෙනාසනෙ ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති ‘ඉදං, භන්තෙ, කථං ඉමස්ස කො අත්ථො’ති, තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති, අනෙකවිහිතෙසු ච කඞ්ඛට්ඨානියෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. එවං ඛො, භික්ඛවෙ, සෙනාසනං පඤ්චඞ්ගසමන්නාගතං හොතී”ති (අ· නි· 10.11).
යම් විහාරයෙක් වනාහි ගොදුරු ගමින් ඉතා දුර නොවූ බවය, ඉතා අසල්ද නොවූ බවය, ආදී අංග පසෙකින් යුක්ත වූයේද, මේ අනුරූප නමි. කියනලදමැයි භාග්‍යවතුන් වහන්සේ විසින්, ‘මහණෙනි, සෙනස්නෙක් කෙසේ අංග පසෙකින් සමන්විත වේද? මහණෙනි, මෙහි සෙනස්න ඉතා දුර හෝ ඉතා ළං හෝ නොවේනම්, යාම් ඊම් පහසුකම් ඇත්තේනම්, දහවල ජනයා නොගැවසෙත් නම්, මඳවූ ශබ්ද නිර්ඝෝෂ ඇත්තේනම්, මැසිමදුරු-අවු-සුළං-සපුන් යන මේ ආදියෙන් වන උවදුරු අඩුවේ නම්, එහි වෙසෙන්නහුට චීවර-පිණ්ඩපාත-සෙනාසන-ගිලාන ප්‍රත්‍යය භෛසජ්‍ය පරිෂ්කාරයෝ මඳ ආයාසයෙකින් උපදිත් නම්, එම සෙනස්නෙහි බහුශ්‍රැත, ආගමධර, ධර්මධර, විනයධර, මාතිකාධර ස්ථවිර භික්ෂූහු වෙසෙත් නම්, ඔවුහු කලින් කල රැස්වී, ස්වාමීනි, මෙය මෙය කෙසේද? මෙහි අරුත් කවරේද?යි පිළිවිසිත් නම්, අර්ත්ථ විචාරත් නම්, එසේ පිළිවිසින්නහුට ඒ ආයුෂ්මත්හු විවෘත නොවූ දෙය විවරණ කෙරෙත් නම්, අප්‍රකට දෙය ප්‍රකට කෙරෙත් නම්, අනේකවිධ වූ ශංසය උපදනා ධර්මයන් විෂයෙහි ශංසය දුරු කෙරෙත් නම්, මහණෙනි, මෙසේ වනාහි සෙනස්නෙක් අංග පසින් සමන්විත වේ.
අයං “සමාධිභාවනාය අනනුරූපං විහාරං පහාය අනුරූපෙ විහාරෙ විහරන්තෙනා”ති එත්ථ විත්ථාරො.
මේ ‘සමාධි භාවනාය අනනුරූපං විහාරං පහාය අනුරූපෙ විහරන්තෙන’ (සමාධි භාවනා පිණිස යෝග්‍ය නොවූ විහාරය හැර යෝග්‍ය වූ විහාරයෙක්හි වෙසෙන්නහු විසින්) යන මෙහි විස්තර කථායි.