චත්තාලීසකම්මට්ඨානවණ්ණනා
චත්තාලීසකම්මට්ඨානවණ්ණනා
චත්තාලීසකම්මට්ඨානවණ්ණනා
තස්මා යං වුත්තං චත්තාලීසාය කම්මට්ඨානෙසු අඤ්ඤතරං කම්මට්ඨානං ගහෙත්වාති එත්ථ සඞ්ඛාතනිද්දෙසතො, උපචාරප්පනාවහතො, ඣානප්පභෙදතො, සමතික්කමතො, වඩ්ඪනාවඩ්ඪනතො, ආරම්මණතො, භූමිතො, ගහණතො, පච්චයතො, චරියානුකූලතොති ඉමෙහි තාව දසහාකාරෙහි කම්මට්ඨානවිනිච්ඡයො වෙදිතබ්බො.
එහෙයින්, චත්තාළීසාය කම්මට්ඨානෙසු අඤ්ඤතරං කම්මට්ඨානං ගහෙත්වා (සතළිස් කර්මස්ථාන අතුරෙන් එක්තරා කර්මස්ථානයක් ගෙන) යි යන මෙහි, සංඛ්‍යා නිර්දේශ වශයෙන්ද, උපචාරාවහ අර්පණාවහ ධ්‍යාන ප්‍රභේද වශයෙන්ද, සමතික්‍රමණ වශයෙන්ද, වැඩියයුතු නොවැඩියයුතු වශයෙන්ද, අරමුණු වශයෙන්ද, කාමාවචරාදී භූමි වශයෙන්ද, ග්‍රහණ ආකාර වශයෙන්ද, ප්රත්යයභාව වශයෙන්ද, චරිතානුකූල වශයෙන්දැයි යන මේ දශආකාරයෙන් පළමුකොට කර්මස්ථාන විනිශ්චය දතයුතුය.
තත්ථ සඞ්ඛාතනිද්දෙසතොති චත්තාලීසාය කම්මට්ඨානෙසූති හි වුත්තං, තත්රිමානි චත්තාලීස කම්මට්ඨානානි දස කසිණා, දස අසුභා, දස අනුස්සතියො, චත්තාරො බ්රහ්මවිහාරා, චත්තාරො ආරුප්පා, එකා සඤ්ඤා, එකං වවත්ථානන්ති.
එහි සංඛ්‍යා නිර්දේශ වශයෙන් යනු, සතළිස් කර්මස්ථානයන් අතුරෙනි’යි කියන ලදී, එම කර්මස්ථාන සතළිස මෙසේය: කසිණ භාවනා දශයෙකි, අසුභ භාවනා දශයෙකි, අනුස්සති භාවනා දශයෙකි, බ්‍රහ්මවිහාරභාවනා සතරෙකි, ආරුප්පභාවනා සතරෙකි, සඤ්ඤාභාවනා එකෙකි, වවත්ථානභාවනා එකෙකි.
තත්ථ පථවීකසිණං, ආපොකසිණං, තෙජොකසිණං, වායොකසිණං, නීලකසිණං, පීතකසිණං, ලොහිතකසිණං, ඔදාතකසිණං, ආලොකකසිණං, පරිච්ඡින්නාකාසකසිණන්ති ඉමෙ දස කසිණා.
එහි පඨවී කසිණය, ආපෝ කසිණය, තේජෝ කසිණය, වායෝ කසිණය, නීල කසිණය, පීත කසීණය, ලෝහිත කසිණය, අවදාත කසිණය, ආලෝක කසිණය, පරිච්ජින්නාකාස කසිණය යන මොහු දස කසිණයෝයි.
උද්ධුමාතකං, විනීලකං, විපුබ්බකං, විච්ඡිද්දකං, වික්ඛායිතකං, වික්ඛිත්තකං, හතවික්ඛිත්තකං, ලොහිතකං, පුළුවකං, අට්ඨිකන්ති ඉමෙ දස අසුභා.
උද්ධුමාතකය, විනීලකය, විපුබ්බකය, විච්ඡිද්දකය, වික්ඛායිතකය, වික්ඛිත්තකය, හතවික්ඛිත්තකය, ලෝහිතකය, පුලවකය, අට්ඨිකය යන මොහු දස අසුභයෝයි.
බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති, මරණානුස්සති, කායගතාසති, ආනාපානස්සති, උපසමානුස්සතීති ඉමා දස අනුස්සතියො.
බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, චාගානුස්සතිය, දේවතානුස්සතිය, මරණානුස්සතිය, කායගතා සතිය, ආනාපාන සතිය, උපසමානුස්සතිය යන මොහු දස අනුස්සතීහුය.
මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛාති ඉමෙ චත්තාරො බ්රහ්මවිහාරා.
මෙත්තාය, කරුණා, මුදිතාය, උපෙක්ඛාය යන මොහු සතර බ්රහ්මවිහාරයෝය.
ආකාසානඤ්චායතනං, විඤ්ඤාණඤ්චායතනං, ආකිඤ්චඤ්ඤායතනං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති ඉමෙ චත්තාරො ආරුප්පා. ආහාරෙ පටිකූලසඤ්ඤා එකා සඤ්ඤා. චතුධාතුවවත්ථානං එකං වවත්ථානන්ති එවං සඞ්ඛාතනිද්දෙසතො විනිච්ඡයො වෙදිතබ්බො.
ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤයතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන මොහු සතර ආරුප්ප වෙති. ආහාරයෙහි පටික්කූලසඤ්ඤා යන මේ ඒක සඤ්ඤායි. චතුධාතුවවත්ථානය යන මේ ඒක වවත්ථානයි. මෙසේ සංඛ්‍යා වශයෙන් විනිශ්චය දතයුතුය.
උපචාරප්පනාවහතොති ඨපෙත්වා කායගතාසතිඤ්ච ආනාපානස්සතිඤ්ච අවසෙසා අට්ඨ අනුස්සතියො, ආහාරෙ පටිකූලසඤ්ඤා, චතුධාතුවවත්ථානන්ති ඉමානෙව හෙත්ථ දසකම්මට්ඨානානි උපචාරවහානි. සෙසානි අප්පනාවහානි. එවං උපචාරප්පනාවහතො.
උපචාරාවහ, අප්පණාවහ වශයෙන් යනු, කායගතාසති, ආනාපානසති යන මේ දෙක හැර ඉතිරි අනුස්සති අටද, ආහාරයෙහි පටික්කූලසඤ්ඤාව හා චතුධාතුවවත්ථාන යන මේ කර්මස්ථාන දශය උපචාර ධ්‍යාන එළවන්නේය. සෙසු කර්මස්ථාන තිහ අර්පණාධ්‍යාන එළවන්නේයයි මෙසේ උපචාරාවහ අප්පණාවහ වශයෙන් විනිශ්චය දතයුතුය.
ඣානප්පභෙදතොති අප්පනාවහෙසු චෙත්ථ ආනාපානස්සතියා සද්ධිං දස කසිණා චතුක්කජ්ඣානිකා හොන්ති. කායගතාසතියා සද්ධිං දස අසුභා පඨමජ්ඣානිකා. පුරිමා තයො බ්රහ්මවිහාරා තිකජ්ඣානිකා. චතුත්ථබ්රහ්මවිහාරො චත්තාරො ච ආරුප්පා චතුත්ථජ්ඣානිකාති එවං ඣානප්පභෙදතො.
ධ්යානප්රභේද වශයෙන් යනු, අර්පණාධ්යානයන් එළවන කර්මස්ථානයන් අතුරෙන් ආනාපානසතිය හා කසිණ භාවනා දශය (යන මේ එකොළස) සතර රූපාවචර ධ්‍යානයන් එළවන්නේ වේ, කායගතාසතිය හා දස අසුභය (යන මේ එකොළොස) ප්‍රථම ධ්‍යානය එළවන්නේ වේ, පළමු බ්‍රහ්මවිහාර තුන පළමු ධ්‍යාන තුන එළවන්නේ වේ, සිවුවන බ්රහ්මවිහාරයද, ආරූප්යභාවනා සතරද (යන මේ පස) සතරවන ධ්‍යානය එළවන්නේ වේ, මෙසේ ධ්යානප්රභේද වශයෙන් විනිශ්චය දතයුතුය.
සමතික්කමතොති ද්වෙ සමතික්කමා අඞ්ගසමතික්කමො ච ආරම්මණසමතික්කමො ච. තත්ථ සබ්බෙසුපි තිකචතුක්කජ්ඣානිකෙසු කම්මට්ඨානෙසු අඞ්ගසමතික්කමො හොති විතක්කවිචාරාදීනි ඣානඞ්ගානි සමතික්කමිත්වා තෙස්වෙවාරම්මණෙසු දුතියජ්ඣානාදීනං පත්තබ්බතො. තථා චතුත්ථබ්රහ්මවිහාරෙ. සොපි හි මෙත්තාදීනංයෙව ආරම්මණෙ සොමනස්සං සමතික්කමිත්වා පත්තබ්බොති. චතූසු පන ආරුප්පෙසු ආරම්මණසමතික්කමො හොති. පුරිමෙසු හි නවසු කසිණෙසු අඤ්ඤතරං සමතික්කමිත්වා ආකාසානඤ්චායතනං පත්තබ්බං. ආකාසාදීනි ච සමතික්කමිත්වා විඤ්ඤාණඤ්චායතනාදීනි. සෙසෙසු සමතික්කමො නත්ථීති එවං සමතික්කමතො.
සමතික්කම වශයෙන් යනු සමතික්කමය ධ්යානාංගයන්ගේ ඉක්මීමද ආරම්මණයන්ගේ ඉක්මීමදැයි ද්විවිධ වේ. එහි සියලු ත්‍රික-චතුෂ්කධ්යානික කර්මස්ථානයන් විෂයෙහි අංගසමතික්කම හෙවත් ධ්‍යානාංගයන් පිළිබඳ ඉක්මීම සිදුවේ. විතක්ක විචාර ආදීවූ ධ්‍යානාංගයන් ඉක්මවීමෙන්ම එම අරමුණෙහිම සිට ද්විතීයාදී (ඉහළ) ධ්යානයනට පැමිණිය යුතු හෙයිනි. සිවුවන බ්රහ්මවිහාරයෙහිද එසේය, එය වනාහි මෙත්තා ආදී අරමුණෙහිම සෝමනස්සය ඉක්මවීමෙන් පැමිණිය යුතු වන හෙයිනි. ආරුප්ප සතරෙහි වනාහි ආරම්මණ අතික්කම හෙවත් අරමුණු ඉක්මවීම සිදුවේ. පළමු කසිණ නවය අතුරෙන් එකක් ඉක්මවීමෙන් ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණිය යුතුය, ආකාසානඤ්චායතනාදීන් ඉක්මවා විඤ්ඤාණඤ්චායතනාදියට පැමිණිය යුතුය, සෙසු කර්මස්ථානයන් විෂයෙහි සමතික්ක්රමයෙක් නැතැ’යි මේ සමතික්කම වශයෙන් මෙහි විනිශ්චයයි.
වඩ්ඪනාවඩ්ඪනතොති ඉමෙසු චත්තාලීසාය කම්මට්ඨානෙසු දස කසිණානෙව වඩ්ඪෙතබ්බානි. යත්තකඤ්හි ඔකාසං කසිණෙන ඵරති, තදබ්භන්තරෙ දිබ්බාය සොතධාතුයා සද්දං සොතුං දිබ්බෙන චක්ඛුනා රූපානි පස්සිතුං පරසත්තානඤ්ච චෙතසා චිත්තමඤ්ඤාතුං සමත්ථො හොති. කායගතාසති පන අසුභානි ච න වඩ්ඪෙතබ්බානි. කස්මා? ඔකාසෙන පරිච්ඡින්නත්තා ආනිසංසාභාවා ච. සා ච නෙසං ඔකාසෙන පරිච්ඡින්නතා භාවනානයෙ ආවිභවිස්සති. තෙසු පන වඩ්ඪිතෙසු කුණපරාසියෙව වඩ්ඪති, න කොචි ආනිසංසො අත්ථි. වුත්තම්පි චෙතං සොපාකපඤ්හාබ්යාකරණෙ, “විභූතා භගවා රූපසඤ්ඤා අවිභූතා අට්ඨිකසඤ්ඤා”ති. තත්ර හි නිමිත්තවඩ්ඪනවසෙන රූපසඤ්ඤා විභූතාති වුත්තා. අට්ඨිකසඤ්ඤා අවඩ්ඪනවසෙන අවිභූතාති වුත්තා.
වඩ්ඪනාවඩ්ඪන (හෙවත් වැඩීම් නොවැඩීම්) වශයෙන් යනු, මේ සතළිස් කර්මස්ථානයන් අතුරෙන් හුදෙක් දස කසිණයෝම වැඩියයුත්තාහු වෙති, යම්තාක් අවකාශය කසිණයෙන් පතුරුවනු ලැබේද, ඒතාක් අවකාශය ඇතුළත දිවකණින් ශබ්දයක් ඇසීමට, දිව ඇසින් රූපයන් බැලීමට, තම සිතින් පරසිත් දැනීමට සමත් වෙයි. කායගතාසති හා අසුභ කර්මස්ථානයෝ නොවැඩියයුත්තාහු වෙති, කවර හෙයින්දයත්, අවකාශ වශයෙන් පිරිපුන් (සීමිත) හෙයින් හා ආනිසංසයක් නැති හෙයිනි, අවකාශ වශයෙන් මේ කර්මස්ථානයන්ගේ පිරිසුන්බව භාවනානයෙහිදී මතු ප්‍රකාශ වන්නේය. එම කර්මස්ථානයන් වැඩීම කළවිට කුණප රාශියෙක්ම වැඩේ, කිසි ආනිසංසයෙක්ද, නැත. (නොවැඩුවද කාමරාගය යටපත්වන හෙයිනි). කියන ලදමැයි සෝපාකපඤ්හ විවරණයෙහි විභුතා භගවා රූපසඤ්ඤා අවිභූතා අට්ඨිකසඤ්ඤා (භාග්‍යවතුන් වහන්ස, රූපසඤ්ඤාව (වඩනාලද හෙයින්) ප්රකටය, අට්ඨිකසඤ්ඤාව (නොවඩනා ලද හෙයින්) අප්‍රකටය, එහි වනාහි නිමිති වැඩීම් වශයෙන් රූපසඤ්ඤාව විභූතයයි කියනලදි. අට්ඨිකසඤ්ඤාව නොවඩනාලද හෙයින් අවිභූත යයි කියන ලදී.
යං පනෙතං “කෙවලං අට්ඨිසඤ්ඤාය, අඵරී පථවිං ඉම”න්ති (ථෙරගා· 18) වුත්තං, තං ලාභිස්ස සතො උපට්ඨානාකාරවසෙන වුත්තං. යථෙව හි ධම්මාසොකකාලෙ කරවීකසකුණො සමන්තා ආදාසභිත්තීසු අත්තනො ඡායං දිස්වා සබ්බදිසාසු කරවීකසඤ්ඤී හුත්වා මධුරං ගිරං නිච්ඡාරෙසි, එවං ථෙරොපි අට්ඨිකසඤ්ඤාය ලාභිත්තා සබ්බදිසාසු උපට්ඨිතං නිමිත්තං පස්සන්තො කෙවලාපි පථවී අට්ඨිකභරිතාති චින්තෙසීති.
‘මේ මුළු පොළෝතලය අට්ඨික සඤ්ඤාවෙන් පැතිරවීමි’ යයි යමක් කියන ලද්දේ නම්, ඒ ලැබුවහුගේම වැටහීම් ආකාරයෙන් කියන ලද්දෙකි. යම්සේ වනාහි ධර්මාශෝක රජු සමයෙහි කෝකිල පක්ෂියෙක් තෙමේ හාත්පස දර්පණ භික්තීන් තුළ තමාගේ ප්‍රතිබිම්බය දැක, සියලු අතින්ම කොවුලන් ඇතැයි යන හැඟීම් ඇතිව මිහිරි හඬින් හැඬලීද, එසේ තෙරණුවෝද අට්ඨිකසඤ්ඤා ලද හෙයින් සියලු දෙසින් එළඹ සිටි නිමිති දැක මුළු පොළෝතලය ඇටවලින් පිරී ගියහ’යි සිතූහ.
යදි එවං යා අසුභජ්ඣානානං අප්පමාණාරම්මණතා වුත්තා, සා විරුජ්ඣතීති. සා ච න විරුජ්ඣති. එකච්චො හි උද්ධුමාතකෙ වා අට්ඨිකෙ වා මහන්තෙ නිමිත්තං ගණ්හාති. එකච්චො අප්පකෙ. ඉමිනා පරියායෙන එකච්චස්ස පරිත්තාරම්මණං ඣානං හොති. එකච්චස්ස අප්පමාණාරම්මණන්ති. යො වා එතං වඩ්ඪනෙ ආදීනවං අපස්සන්තො වඩ්ඪෙති. තං සන්ධාය “අප්පමාණාරම්මණ”න්ති වුත්තං. ආනිසංසාභාවා පන න වඩ්ඪෙතබ්බානීති.
එසේ වෙතොත්, අසුභධ්යානයන් පිළිබඳව යම් අප්පමාණාරම්මණතාවක් (අපමණ වූ අරමුණු ඇති බවක්) කියන ලද්දේ නම්, එය විරෝධ නොවන්නේද? එයද විරෝධ නොවේ, කිසිවෙක් වනාහි මහත් වූ උද්ධුමාතකයෙක්හි හෝ අට්ඨිකයෙක්හි නිමිති ගනිති, කිසිවෙක් සුලු අරමුණෙක්හි නිමිති ගනිති, මෙසේ කිසිවකුහට සුලු අරමුණු සහිත ධ්‍යාන වේ. කිසිවකුහට පමණකළ නොහැකි අරමුණු සහිත ධ්‍යාන වේ. නැතහොත්, යමෙක් වැඩීමේ ආදීනව නොදැක අරමුණු වඩාද, ඔහු සඳහා අප්පමාණාරම්මණයයි මෙසේ කියනලදි. ආනිසංස රහිතවූ හෙයින් නොවැඩියයුතුය’යි කියනලදි.
යථා ච එතානි, එවං සෙසානිපි න වඩ්ඪෙතබ්බානි. කස්මා? තෙසු හි ආනාපානනිමිත්තං තාව වඩ්ඪයතො වාතරාසියෙව වඩ්ඪති, ඔකාසෙන ච පරිච්ඡින්නං. ඉති සාදීනවත්තා ඔකාසෙන ච පරිච්ඡින්නත්තා න වඩ්ඪෙතබ්බං. බ්රහ්මවිහාරා සත්තාරම්මණා, තෙසං නිමිත්තං වඩ්ඪයතො සත්තරාසියෙව වඩ්ඪෙය්ය, න ච තෙන අත්ථො අත්ථි, තස්මා තම්පි න වඩ්ඪෙතබ්බං. යං පන වුත්තං “මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා”ති (දී· නි· 1.556) ආදි, තං පරිග්ගහවසෙනෙව වුත්තං. එකාවාසද්විආවාසාදිනා හි අනුක්කමෙන එකිස්සා දිසාය සත්තෙ පරිග්ගහෙත්වා භාවෙන්තො එකං දිසං ඵරිත්වාති වුත්තො. න නිමිත්තං වඩ්ඪෙන්තො. පටිභාගනිමිත්තමෙව චෙත්ථ නත්ථි. යදයං වඩ්ඪෙය්ය, පරිත්තඅප්පමාණාරම්මණතාපෙත්ථ පරිග්ගහවසෙනෙව වෙදිතබ්බා. ආරුප්පාරම්මණෙසුපි ආකාසං කසිණුග්ඝාටිමත්තා. තඤ්හි කසිණාපගමවසෙනෙව මනසි කාතබ්බං. තතො පරං වඩ්ඪයතොපි න කිඤ්චි හොති. විඤ්ඤාණං සභාවධම්මත්තා. න හි සක්කා සභාවධම්මං වඩ්ඪෙතුං. විඤ්ඤාණාපගමො විඤ්ඤාණස්ස අභාවමත්තත්තා. නෙවසඤ්ඤානාසඤ්ඤායතනාරම්මණං සභාවධම්මත්තායෙව න වඩ්ඪෙතබ්බං. සෙසානි අනිමිත්තත්තා. පටිභාගනිමිත්තඤ්හි වඩ්ඪෙතබ්බං නාම භවෙය්ය. බුද්ධානුස්සතිආදීනඤ්ච නෙව පටිභාගනිමිත්තං ආරම්මණං හොති, තස්මා තං න වඩ්ඪෙතබ්බන්ති එවං වඩ්ඪනාවඩ්ඪනතො.
(කායගතාසති, දස අසුභ යන) මේ කර්මස්ථානයන් සේම (දස කසිණ හැර) සෙසු කර්මස්ථානයෝද නොවැඩියයුත්තාහුය. කවර හෙයින්දයත්, සෙසු කර්මස්ථානයන් අතුරෙන් ආනාපානනිමිති වඩන්නහුට වාත රාශියෙක්ම වැවේ, අවකාශ වශයෙන්ද පිරිසුන් (සීමා සහිත) වේ, මෙසේ ආදීනව සහිත හෙයින්ද පිරිපුන් අවකාශ ඇති හෙයින්ද නොවැඩිය යුතුය. බ්‍රහ්මවිහාරයෝ සත්ත්වයන් අරමුණු කොට ඇත්තාහ, ඔවුන් පිළිබඳ නිමිති වඩන්නහුට සත්ත්ව රාශියෙක්ම වැඩෙන්නේය, එයින් ඇතිවන වැඩෙක් නැත, එහෙයින් එයද නොවැඩිය යුතුය. මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා’ (මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා) යන මේ ආදී වශයෙන් යමක් කියන ලද්දේ නම්, එය පරිග්‍රහ (මුළුමනින් ගැනීම) උදෙසා කියනලද්දේ වේ. එක් ආවාසයක්, ආවාස දෙකක්, ආදි වශයෙන් අනුක්රමයෙන් එක් දිශාවෙක්හි වෙසෙන සත්ත්වයන් පූර්ණ වශයෙන් ගෙන (මෙත්) පැතිරවීම අරබයා ‘එක් දිශාවෙක්හි පතුරුවා’යි කියන ලද්දේය, නිමිති වැඩීම අරබයා කියනලද්දේ නොවේ. යමෙක් වඩන්නේද, මෙහි ප්‍රතිභාග නිමිත්තක් නැත. මෙහිලා පරිත්තාරම්මණ ඇති බව හෝ අප්පමාණාරම්මණ ඇතිබව පරිග්‍රහ (මුළුමනින් ගැනීම) වශයෙන්ම දතයුතු වේ. ආරුප්පාරම්මණ විෂයෙහිද: ආකාශය කසිණය ඉගිලවූ තැනම වන හෙයින් නොවැඩිය යුතුය, එය වනාහි කසිණාපගම වශයෙන්ම මෙනෙහි කළයුතුය, එයින් මතු වඩන්නහුට කිසිවක් නොවැඩේ. විඤ්ඤාණය ස්වභාවධර්ම වන හෙයින් නොවැඩිය යුතුය, ස්වභාවධර්මය වැඩීම නොහැකියේමය. විඤ්ඤාණාපගමය විඤ්ඤාණයෙහි අභාවය වන හෙයින් නොවැඩිය යුතුය. නෙවසඤ්ඤානාසඤ්ඤාරම්මණය ස්වභාව ධර්මයම වන හෙයින් නොවැඩිය යුතුය. සෙසු කර්මස්ථානයෝ (දසකසිණ හැර) නිමිති රහිත වන හෙයින් නොවැඩිය යුත්තාහ. පටිභාගනිමිත්ත වනාහි වැඩියයුතු වන්නේමය. බුද්ධානුස්මෘති ආදියට පටිභාග නිමිති අරමුණු නොවේ, එහෙයින් එයද, නොවැඩියයුතුය. මේ වඩ්ඪනාවඩ්ඪන වශයෙන් මෙහි විනිශ්චයයි.
ආරම්මණතොති ඉමෙසු ච චත්තාලීසාය කම්මට්ඨානෙසු දසකසිණා, දසඅසුභා, ආනාපානස්සති, කායගතාසතීති ඉමානි ද්වාවීසතිපටිභාගනිමිත්තාරම්මණානි. සෙසානි න පටිභාගනිමිත්තාරම්මණානි. තථා දසසු අනුස්සතීසු ඨපෙත්වා ආනාපානස්සතිඤ්ච කායගතාසතිඤ්ච අවසෙසා අට්ඨ අනුස්සතියො, ආහාරෙ පටිකූලසඤ්ඤා, චතුධාතුවවත්ථානං, විඤ්ඤාණඤ්චායතනං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති ඉමානි ද්වාදස සභාවධම්මාරම්මණානි. දස කසිණා, දස අසුභා, ආනාපානස්සති, කායගතාසතීති ඉමානි ද්වාවීසති නිමිත්තාරම්මණානි. සෙසානි ඡ න වත්තබ්බාරම්මණානි. තථා විපුබ්බකං, ලොහිතකං, පුළුවකං, ආනාපානස්සති, ආපොකසිණං, තෙජොකසිණං, වායොකසිණං, යඤ්ච ආලොකකසිණෙ සූරියාදීනං ඔභාසමණ්ඩලාරම්මණන්ති ඉමානි අට්ඨ චලිතාරම්මණානි, තානි ච ඛො පුබ්බභාගෙ, පටිභාගං පන සන්නිසින්නමෙව හොති. සෙසානි න චලිතාරම්මණානීති එවං ආරම්මණතො.
ආරම්මණ වශයෙන් යනු, මේ සතළිස් කර්මස්ථානයන් අතුරෙන් දසකසිණය, දසඅසුභය, ආනාපානසතිය, කායගතාසතිය යන මේ දෙවිස්ස ප්‍රතිභාග නිමිති සහිත අරමුණුය, ඉතිරි අටළොස ප්‍රතිභාග නිමිති රහිත වන්නේය. එසේම දස අනුස්සතීන් අතුරෙන් ආනාපානසතිය, කායගතාසතිය යන මේ දෙක හැර ඉතිරි අටද, ආහාර විෂයෙහි පටික්කුලසඤ්ඤාය, චතුධාතුවවත්ථානය, විඤ්ඤාණඤ්චායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන මේ දොළස ස්වභාව ධර්මයට අයත් (ස්වකීය භාවයෙන්ම පවත්නා) අරමුණුය, දස කසීණ, දස අසුභ, ආනාපානසති, කායගතාසති යන මේ දෙවිස්ස නිමිති සහිත අරමුණුය, ඉතිරි සය (එම දෙකොටසටම අයත්යයි) කිව නොහැකි (න වත්තබ්බ) අරමුණුය. තවද විපුබ්බකය, ලොහිතකය, පුළවකය, ආනාපානසතිය, ආපෝ කසිණය, තෙජො කසිණය, වායෝ කසිණය, ආලෝක කසිණ විෂයෙහි සූර්යාදීන් පිළිබඳ අවභාසමණ්ඩලය යන මොවුන් පිළිබඳ අරමුණු අට චලිත හෙවත් සැලෙන අරමුණුය. එසේ වනුයේද (ප්‍රතිභාග නිමිත්තයට) පූර්ව අවස්ථාවෙහිදීය; ප්‍රතිභාග නිමිත්ත වනාහි සන්නිසින්න (නිශ්චල) වූයේමය. ඉතිරි දෙතිස අචලිත (නොසැලෙන) අරමුණුය. මේ අරමුණු වශයෙන් මෙහි විනිශ්චයයි.
භූමිතොති එත්ථ ච දස අසුභා, කායගතාසති, ආහාරෙ පටිකූලසඤ්ඤාති ඉමානි ද්වාදස දෙවෙසු නප්පවත්තන්ති. තානි ද්වාදස, ආනාපානස්සති චාති ඉමානි තෙරස බ්රහ්මලොකෙ නප්පවත්තන්ති . අරූපභවෙ පන ඨපෙත්වා චත්තාරො ආරුප්පෙ අඤ්ඤං නප්පවත්තති. මනුස්සෙසු සබ්බානිපි පවත්තන්තීති එවං භූමිතො.
භූමි වශයෙන් යනු: මෙහිද දස අසුභය කායගතාසතිය, ආහාරයෙහි පටික්කුලසඤ්ඤාය, යන මේ දොළස කාමාවචර දේවලෝකයන්හි නොපවතී, ඒ දොළසද ආනාපානසතියකැයි යන මේ තෙළෙස (රූපාවචර) බ්‍රහ්ම ලෝකයන්හි නොපවතී, අරූප තලයෙහි වනාහි චතුරාරූප්යයන් හැර අන් කිසිවක් නොපවතී, මිනිස්ලොව සියල්ලම පවතී. මේ භූමි වශයෙන් මෙහි විනිශ්චයයි.
ගහණතොති දිට්ඨඵුට්ඨසුතග්ගහණතොපෙත්ථ විනිච්ඡයො වෙදිතබ්බො. තත්ර ඨපෙත්වා වායොකසිණං සෙසා නව කසිණා, දස අසුභාති ඉමානි එකූනවීසති දිට්ඨෙන ගහෙතබ්බානි. පුබ්බභාගෙ චක්ඛුනා ඔලොකෙත්වා නිමිත්තං නෙසං ගහෙතබ්බන්ති අත්ථො. කායගතාසතියං තචපඤ්චකං දිට්ඨෙන, සෙසං සුතෙනාති එවං තස්සා ආරම්මණං දිට්ඨසුතෙන ගහෙතබ්බං. ආනාපානස්සති ඵුට්ඨෙන, වායොකසිණං දිට්ඨඵුට්ඨෙන, සෙසානි අට්ඨාරස සුතෙන ගහෙතබ්බානි. උපෙක්ඛාබ්රහ්මවිහාරො, චත්තාරො ආරුප්පාති ඉමානි චෙත්ථ න ආදිකම්මිකෙන ගහෙතබ්බානි. සෙසානි පඤ්චතිංස ගහෙතබ්බානීති එවං ගහණතො.
ගහණතො (ගන්නා ආකාර වශයෙන්) යනු, මෙහි දිට්ඨ-ඵුට්ඨ-සුත (දැකීම්, ස්පර්ශ කිරීම්, ඇසීම්) වශයෙන් මෙහි විනිශ්චය දතයුතුය. එහි වායෝ කසිණය හැර ඉතිරි කසිණ නවයද, දස අසුභයදැයි යන මේ එකුන්විස්ස දිට්ඨිග්ගහණ (දැකීම්) වශයෙන් ගතයුතුය, ආරම්භයෙහිදී ඇසින් බලා නිමිති ගතයුතුය යන අර්‍ත්‍ථයි. කායගතාසතියෙහි තචපංචකය දැකීම් වශයෙන් ගතයුතුය, සෙස්ස සුතග්ගහණ (ඇසීම්) වශයෙන් ගතයුතු යයි මෙසේ එහි අරමුණු දැකීම් හා ඇසීම් වශයෙන් ගතයුතුය. ආනාපානසතිය ඵුට්ඨග්ගහණ (ස්පර්ශ කිරීම්) වශයෙන්ද වායෝ කසිණය දැකීමෙන් හා පහසින්ද ඉතිරි අටළොස ඇසීම් වශයෙන්ද ගතයුතුය. උපේක්ෂා බ්රහ්මවිහාරයද ආරුප්ප සතරද යන මේ පස ආධුනිකයා විසින් (පිළිවෙළින් පළමු බ්‍රහ්මවිහාර තුන නොවැඩූවහු විසින්ද, කසිණ භාවනා මඟින් සිදුවන රූපාවචර ධ්‍යානය නොලැබූවහු විසින්ද) නොගතයුතුය, ඉතිරි පන්තිස් කර්මස්ථානයන් (ආධුනිකයා විසින්) ගැනීම සුදුසුවේ. මේ ග්‍රහණ වශයෙන් මෙහි විනිශ්චයයි.
පච්චයතොති ඉමෙසු පන කම්මට්ඨානෙසු ඨපෙත්වා ආකාසකසිණං සෙසා නව කසිණා ආරුප්පානං පච්චයා හොන්ති, දස කසිණා අභිඤ්ඤානං, තයො බ්රහ්මවිහාරා චතුත්ථබ්රහ්මවිහාරස්ස, හෙට්ඨිමං හෙට්ඨිමං ආරුප්පං උපරිමස්ස උපරිමස්ස, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිරොධසමාපත්තියා, සබ්බානිපි සුඛවිහාරවිපස්සනාභවසම්පත්තීනන්ති එවං පච්චයතො.
ප්‍රත්‍යය වශයෙන් යනු, මේ කර්මස්ථානයන් අතුරෙන් ආකාශකසිණය හැර ඉතිරි කසිණ නවය ආරුප්පයනට ප්‍රත්‍යය වේ. කසිණ දසයම අභිඥාවනට ප්‍රත්‍යය වේ. පළමු බ්‍රහ්මවිහාර තුළ සිවුවන බ්‍රහ්මවිහාරයට ප්‍රත්‍යය වේ. පහළින් පහළින් සිටි ආරූප්‍යය ඉහළින් ඉහළින් සිටි ආරූප්යයට ප්‍රත්‍යය වේ. නෙවසඤ්ඤායතනය නිරොධසමාපත්තියට ප්‍රත්‍යය වේ. සියල්ලම සුඛවිහාර ඇත්තේය, විදර්ශනා හා භවසම්පත්තිය පිණිස ප්‍රත්‍යය වේ. මේ ප්‍රත්‍යය වශයෙන් මෙහි විනිශ්චයයි.
චරියානුකූලතොති චරියානං අනුකූලතොපෙත්ථ විනිච්ඡයො වෙදිතබ්බො. සෙය්යථිදං – රාගචරිතස්ස තාව එත්ථ දස අසුභා, කායගතාසතීති එකාදස කම්මට්ඨානානි අනුකූලානි. දොසචරිතස්ස චත්තාරො බ්රහ්මවිහාරා, චත්තාරි වණ්ණකසිණානීති අට්ඨ. මොහචරිතස්ස, විතක්කචරිතස්ස ච එකං ආනාපානස්සති කම්මට්ඨානමෙව. සද්ධාචරිතස්ස පුරිමා ඡ අනුස්සතියො. බුද්ධිචරිතස්ස මරණස්සති, උපසමානුස්සති, චතුධාතුවවත්ථානං, ආහාරෙ පටිකූලසඤ්ඤාති චත්තාරි. සෙසකසිණානි, චත්තාරො ච ආරුප්පා සබ්බචරිතානං අනුකූලානි. කසිණෙසු ච යංකිඤ්චි පරිත්තං විතක්කචරිතස්ස, අප්පමාණං මොහචරිතස්සාති.
චර්යානුකුල වශයෙන් යනු චර්යාවනට අනුකූල වීම් වශයෙන්ද මෙහි විනිශ්චය දතයුතුය, ඒ මෙසේයි: මෙහි පළමුකොට රාගචරිතයාහට දස අසුභය, කායගතාසතිය, යන මේ එකොළොස් කර්මස්ථානය අනුකූල වේ, ද්වේෂචරිතයාහට බ්‍රහ්මවිහාර සතරද, වර්ණකසිණ සතරද, යන මේ අට අනුකූල වේ, මෝහචරිතයාහටද විතක්කචරිතයාහටද එක්ම ආනාපානසති කර්මස්ථානය අනුකූල වේ, ශ්රද්ධාචරිතයාහට පළමු අනුස්සති සය අනුකූල වේ. බුද්ධචරිතයාහට මරණානුස්මෘතිය, උපශමානුස්මෘතිය, චතුධාතුවවත්ථානය, ආහාරයෙහි පටික්කුල සඤ්ඤාය, යන මේ සතර අනුකූල වේ, ඉතිරි කසිණද සතර ආරුප්පයද, සියලුම චරියයනට අනුකූල වේ. කසිණ විෂයෙහිදී කිසියම් කසිණයක් සුලුකොට යොදාගැනීම විතර්ක චරිතයාහටද මහත්කොට යොදාගැනීම මෝහචරිතයාහටද අනුකූල වේ.
එවමෙත්ථ චරියානුකූලතො විනිච්ඡයො වෙදිතබ්බොති සබ්බඤ්චෙතං උජුවිපච්චනීකවසෙන ච අතිසප්පායවසෙන ච වුත්තං. රාගාදීනං පන අවික්ඛම්භිකා සද්ධාදීනං වා අනුපකාරා කුසලභාවනා නාම නත්ථි. වුත්තම්පි චෙතං මෙඝියසුත්තෙ –
මෙසේ මෙහි චරියානුකුල වශයෙන් විනිශ්චය දතයුතුය. මේ සියල්ල ඒකාන්ත විපක්ෂ (එක එල්ලේම විරුද්ධ) වශයෙන්ද, අතිසප්පාය වශයෙන්ද කියන ලද්දේය. රාගාදීන් යටපත් නොකරන හෝ ශ්රද්ධාදීනට උපකාරී නොවන කුශලභාවනාවෙක් නම් නැත. කියනලදමැයි මේඝිය සූත්‍රයෙහි:
“චත්තාරො ධම්මා උත්තරි භාවෙතබ්බා. අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය. මෙත්තා භාවෙතබ්බා බ්යාපාදස්ස පහානාය. ආනාපානස්සති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය. අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතායා”ති.
ධර්මයන් සතරක් මතුමත්තෙහි වැඩිය යුතුය. රාගය ප්‍රහීණ කිරීම පිණිස අසුභයන් වැඩිය යුතුය, ව්‍යාපාදය ප්‍රහීණ කිරීම පිණිස මෛත්‍රිය වැඩිය යුතුය, විතර්කය නැසීම පිණිස ආනාපානසතිය වැඩිය යුතුය. අස්මිමානය උදුරාලීම පිණිස අනිච්චසඤ්ඤාව වැඩිය යුතුය’
රාහුලසුත්තෙපි “මෙත්තං, රාහුල, භාවනං භාවෙහී”තිආදිනා (ම· නි· 2.120) නයෙන එකස්සෙව සත්ත කම්මට්ඨානානි වුත්තානි. තස්මා වචනමත්තෙ අභිනිවෙසං අකත්වා සබ්බත්ථ අධිප්පායො පරියෙසිතබ්බොති අයං කම්මට්ඨානං ගහෙත්වාති එත්ථ කම්මට්ඨානකථා විනිච්ඡයො.
රාහුල සූත්‍රයෙහිද, රාහුලය, මෛත්‍රී භාවනාව වඩනුය’ යන ආදී නයින් එක් කෙනකුටම කර්මස්ථාන සතක් කියනලදි. එහෙයින් වචන මාත්‍රයෙහි ප්‍රපංච නොකොට සියළු තන්හි අර්ත්ථය සෙවිය යුතුය. කම්මට්ඨානං ගහෙත්වා (කමටහන් ගෙන) යි යන මෙහි කර්මස්ථානයන් පිළිබඳ කථා විනිශ්චය මෙසේයි.
ගහෙත්වාති ඉමස්ස පන පදස්ස අයමත්ථදීපනා. “තෙන යොගිනා කම්මට්ඨානදායකං කල්යාණමිත්තං උපසඞ්කමිත්වා”ති එත්ථ වුත්තනයෙනෙව වුත්තප්පකාරං කල්යාණමිත්තං උපසඞ්කමිත්වා බුද්ධස්ස වා භගවතො ආචරියස්ස වා අත්තානං නිය්යාතෙත්වා සම්පන්නජ්ඣාසයෙන සම්පන්නාධිමුත්තිනා ච හුත්වා කම්මට්ඨානං යාචිතබ්බං.
ගහෙත්වා (ගෙන) යි යන මේ පදයෙහි අර්ත්ථපරිදීපනය මෙසේයි: යෝගාවචරයා විසින් කමටහන් දෙන කල්‍යාණමිත්‍රයකු වෙත එළඹ, යනුවෙන් මෙහි කියනලද නයින්ම, කියනලද ආකාර ඇති කල්‍යාණමිත්‍රයකු වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේට හෝ ආචාර්යයන්හට හෝ තමා පාවාදී පවිත්‍ර චේතනාවෙන් හා ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්තව කමටහන් ඉල්විය යුතුය.
තත්ර “ඉමාහං භගවා අත්තභාවං තුම්හාකං පරිච්චජාමී”ති එවං බුද්ධස්ස භගවතො අත්තා නිය්යාතෙතබ්බො. එවඤ්හි අනිය්යාතෙත්වා පන්තෙසු සෙනාසනෙසු විහරන්තො භෙරවාරම්මණෙ ආපාථමාගතෙ සන්ථම්භිතුං අසක්කොන්තො ගාමන්තං ඔසරිත්වා ගිහීහි සංසට්ඨො හුත්වා අනෙසනං ආපජ්ජිත්වා අනයබ්යසනං පාපුණෙය්ය. නිය්යාතිතත්තභාවස්ස පනස්ස භෙරවාරම්මණෙ ආපාථමාගතෙපි භයං න උප්පජ්ජති. “නනු තයා, පණ්ඩිත, පුරිමමෙව අත්තා බුද්ධානං නිය්යාතිතො”ති පච්චවෙක්ඛතො පනස්ස සොමනස්සමෙව උප්පජ්ජති. යථා හි පුරිසස්ස උත්තමං කාසිකවත්ථං භවෙය්ය, තස්ස තස්මිං මූසිකාය වා කීටෙහි වා ඛාදිතෙ උප්පජ්ජෙය්ය දොමනස්සං . සචෙ පන තං අචීවරකස්ස භික්ඛුනො දදෙය්ය, අථස්ස තං තෙන භික්ඛුනා ඛණ්ඩාඛණ්ඩං කරියමානං දිස්වාපි සොමනස්සමෙව උප්පජ්ජෙය්ය. එවංසම්පදමිදං වෙදිතබ්බං.
එහි, ‘භාග්‍යවතුන් වහන්ස, මේ මාගේ ආත්මභාවය ඔබ වහන්සේ වෙත පුද කරමි’යි මෙසේ භාග්‍යවත් බුදුන්වහන්සේ හට තමා පාවා දියයුතුය. මෙසේ පාවා නොදී ප්‍රාන්ත සේනාසනයන්හි වෙසෙනුයේ බියකරු අරමුණු හමුවූ විට තහවුරු ලෙසින් සිටගත නොහැකිව ග්‍රාමාන්තයට බැස ගිහිජනයා හා සමග බැඳී, අයුතු අන්වේෂණයට හෝ වැටී අනයව්‍යසනයට පත් වන්නේය. පවරා දෙනලද ආත්මභාව ඇති කල්හි වනාහි බියකරු අරමුණු හමුවූ කල්හිදු බියක් නො-උපදී. ‘නුවණැත්ත, ඔබවිසින් පළමුදිනයෙහිම තෙමේ බුදුන්වහන්සේහට පුදන ලද්දේ නොවේද?’යි මෙනෙහිකරන ඔහුට සොම්නසෙක්ම උපදී. යම්සේ කිසියම් පුරුෂයකුහට උතුම් කසීසළුවෙක් ඇත්තේද, එය මීයන් විසින් හෝ කාවන් විසින් හෝ කාදමනලද කල්හි දොම්නසෙක් උපදී, ඉදින් එම සළුවම සිවුරු නැති භික්ෂුවකට දෙන්නේද, එවිට එම භික්ෂුව විසින් (සිවුරු සෑදීම පිණිස) එය කඩ කඩ කොට කපනු ලබන දුටු විට සොම්නසෙක්ම උපදී. මෙයද මෙබඳුයයි දතයුතුය.
ආචරියස්ස නිය්යාතෙන්තෙනාපි “ඉමාහං, භන්තෙ, අත්තභාවං තුම්හාකං පරිච්චජාමී”ති වත්තබ්බං. එවං අනිය්යාතිතත්තභාවො හි අතජ්ජනීයො වා හොති, දුබ්බචො වා අනොවාදකරො, යෙනකාමංගමො වා ආචරියං අනාපුච්ඡාව යත්ථිච්ඡති, තත්ථ ගන්තා, තමෙනං ආචරියො ආමිසෙන වා ධම්මෙන වා න සඞ්ගණ්හාති, ගූළ්හං ගන්ථං න සික්ඛාපෙති. සො ඉමං දුවිධං සඞ්ගහං අලභන්තො සාසනෙ පතිට්ඨං න ලභති, නචිරස්සෙව දුස්සීල්යං වා ගිහිභාවං වා පාපුණාති. නිය්යාතිතත්තභාවො පන නෙව අතජ්ජනීයො හොති, න යෙනකාමංගමො, සුවචො ආචරියායත්තවුත්තියෙව හොති. සො ආචරියතො දුවිධං සඞ්ගහං ලභන්තො සාසනෙ වුඩ්ඪිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති චූළපිණ්ඩපාතිකතිස්සත්ථෙරස්ස අන්තෙවාසිකා විය.
ආචාර්යයන්හට පාවා දෙන්නහු විසින්ද, ‘ස්වාමීනි, මේ මාගේ ආත්මභාවය ඔබ වහන්සේට පුද කරමි’යි කිව යුතුය. මෙසේ පවරා නොදෙනලද ආත්මභාව ඇත්තේ වනාහි නොහික්මවියහැකි, අකීකරු, අවවාද නොපිළිපදින පුද්ගලයෙක් හෝ වන්නේය, කැමැති තැනෙක යන්නෙක් වන්නේය, ආචාර්යයන් නොවිමසාම යම් තැනෙක යනු -කැමතිනම් එහි යන්නේය. ආචාර්යවරයා එවැන්නකු ආමිෂයෙන් හෝ ධර්මයෙන් හෝ සංග්‍රහ නොකරයි, ගැඹුරු අරුත් ඇති ධර්මයන් නොඋගන්වයි. මේ දෙආකාර සංග්‍රහයන් නොලබන හේ තෙමේ ශාසනයෙහි පිහිටක් නොලබයි. හේ තෙමේ නොබෝ කලෙකින්ම දුසිල්බවට හෝ ගිහියකු බවට පැමිණෙන්නේය. පාවා දෙනලද ආත්මභාව ඇත්තේ වනාහි නොහික්මවිය හැක්කෙක් හෝ කැමැති අතෙක යන්නෙක් හෝ නොවේ. ආචාර්යවරයාට කීකරු, අවනත පැවතුම් ඇත්තෙක් වේ. හේ තෙමේ ආචාර්යවරයාගෙන් යටකී දෙආකාර සංග්‍රහයන් ලබනුයේ ශාසනයෙහි (ශීලයෙන්) අභිවෘද්ධියට, (සමාධියෙන්) තිරබවට, ප්‍රඥායෙන් විපුලබවට පැමිණේ. චූලපිණ්ඩපාතික තෙරුන්ගේ අතවැසියන් මෙනි.
ථෙරස්ස කිර සන්තිකං තයො භික්ඛූ ආගමංසු. තෙසු එකො “අහං, භන්තෙ, තුම්හාකමත්ථායා”ති වුත්තෙ සතපොරිසෙ පපාතෙ පතිතුං උස්සහෙය්යන්ති ආහ. දුතියො “අහං, භන්තෙ, තුම්හාකමත්ථායා”ති වුත්තෙ ඉමං අත්තභාවං පණ්හිතො පට්ඨාය පාසාණපිට්ඨෙ ඝංසෙන්තො නිරවසෙසං ඛෙපෙතුං උස්සහෙය්යන්ති ආහ. තතියො “අහං, භන්තෙ, තුම්හාකමත්ථායා”ති වුත්තෙ අස්සාසපස්සාසෙ උපරුන්ධිත්වා කාලකිරියං කාතුං උස්සහෙය්යන්ති ආහ. ථෙරො භබ්බාවතිමෙ භික්ඛූති කම්මට්ඨානං කථෙසි. තෙ තස්ස ඔවාදෙ ඨත්වා තයොපි අරහත්තං පාපුණිංසූති අයමානිසංසො අත්තනිය්යාතනෙ. තෙන වුත්තං “බුද්ධස්ස වා භගවතො ආචරියස්ස වා අත්තානං නිය්යාතෙත්වා”ති.
තෙරුන් වෙතට භික්ෂූහු තිදෙනෙක් ආවාහුය, ඔවුනතුරෙන් පළමුවැන්නා ස්වාමීනි, මම ඔබවහන්සේට හිත පිණිසයයි කිවහොත් මිනිසුන් (බඹ) සියයක් තරම් ගැඹුරැති ප්‍රපාතයකට වුවද පනිනු කැමැත්තෙමියි කීය, දෙවැන්නා, ස්වාමීනි ඔබ වහන්සේට හිතසුව පිණිසය’යි කිවහොත් මාගේ මේ ශරීරය විලුඹ පටන් ගල්තලාවෙක උලා සම්පූර්ණයෙන්ම ගෙවා ලීමට වුව උත්සුක වන්නෙමි’යි කීය, තෙවැන්නා ඔබවහන්සේට වැඩ පිණිසැ’යි කිවහොත් හුස්ම හිරකරගෙන මියයන්නට වුව උත්සුක වන්නෙමි’යි කීය. තෙරණුවෝ මේ භික්ෂූහු ඒකාන්තයෙන් භව්යයෝමය’යි කමටහන් කීහ. ඒ තිදෙනා වහන්සේම උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටා රහත්බවට පැමිණියහ. තමා පවරා දීමෙහි ආනිසංස මෙසේය, එහෙයින් ‘භාග්‍යවතුන් වහන්සේට හෝ ආචාර්යවරයාහට තමා පවරාදී’ යැයි කියන ලදි.
සම්පන්නජ්ඣාසයෙන සම්පන්නාධිමුත්තිනා ච හුත්වාති එත්ථ පන තෙන යොගිනා අලොභාදීනං වසෙන ඡහාකාරෙහි සම්පන්නජ්ඣාසයෙන භවිතබ්බං. එවං සම්පන්නජ්ඣාසයො හි තිස්සන්නං බොධීනං අඤ්ඤතරං පාපුණාති. යථාහ, “ඡ අජ්ඣාසයා බොධිසත්තානං බොධිපරිපාකාය සංවත්තන්ති, අලොභජ්ඣාසයා ච බොධිසත්තා ලොභෙ දොසදස්සාවිනො, අදොසජ්ඣාසයා ච බොධිසත්තා දොසෙ දොසදස්සාවිනො, අමොහජ්ඣාසයා ච බොධිසත්තා මොහෙ දොසදස්සාවිනො, නෙක්ඛම්මජ්ඣාසයා ච බොධිසත්තා ඝරාවාසෙ දොසදස්සාවිනො, පවිවෙකජ්ඣාසයා ච බොධිසත්තා සඞ්ගණිකාය දොසදස්සාවිනො, නිස්සරණජ්ඣාසයා ච බොධිසත්තා සබ්බභවගතීසු දොසදස්සාවිනො”ති. යෙ හි කෙචි අතීතානාගතපච්චුප්පන්නා සොතාපන්නසකදාගාමිඅනාගාමිඛීණාසවපච්චෙකබුද්ධසම්මාසම්බුද්ධා, සබ්බෙ තෙ ඉමෙහෙව ඡහාකාරෙහි අත්තනා අත්තනා පත්තබ්බං විසෙසං පත්තා. තස්මා ඉමෙහි ඡහාකාරෙහි සම්පන්නජ්ඣාසයෙන භවිතබ්බං. තදධිමුත්තතාය පන අධිමුත්තිසම්පන්නෙන භවිතබ්බං. සමාධාධිමුත්තෙන සමාධිගරුකෙන සමාධිපබ්භාරෙන, නිබ්බානාධිමුත්තෙන නිබ්බානගරුකෙන නිබ්බානපබ්භාරෙන ච භවිතබ්බන්ති අත්ථො.
සම්පන්නජ්ඣාසයෙන සම්පන්නාධිමුත්තිනා ච හුත්වා (පිවිතුරු අදහස් ඇතිව අපේක්ෂිත අරමුණ කෙරෙහි අධිෂ්ඨාන ඇතිව) යි යන මෙහි, එම යෝගාවචරයා විසින් අලෝභාදී වශයෙන් ස-ආකාරයෙකින් පවිත්‍ර චේතනා ඇත්තකු වියයුතුය, මෙසේ පිවිතුරු අදහස් ඇත්තේම තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණේ. කියන ලදමැයි, ‘අදහස් සයෙක් බෝධිසත්ත්වයන්ගේ බෝධිඥානය මුහුකිරීම පිණිස පවත්නේය, ලෝභයෙහි දොස් දක්වා බෝධිසත්ත්වයෝ අලෝභ අධ්‍යාශය ඇත්තාහුය, ද්වේෂයෙහි දොස් දක්නා බෝධිසත්ත්වයෝ අද්වේෂ අධ්‍යාශය ඇත්තාහුය, මෝහයෙහි දොස් දක්වා බෝධිසත්වයෝ අමෝහ අධ්‍යාශය ඇත්තාහුය, ගිහිගෙහි විසීමෙහි දොස් දක්නා බෝධිසත්වයෝ නෛෂ්ක්‍රම්‍ය අධ්‍යාශය ඇත්තාහුය, ගණයා හා සමග ගැටෙමින් විසීමෙහි දොස් දක්නා බෝධිසත්වයෝ පවිවේක අධ්‍යාශය ඇත්තාහුය, සියලු සංසාරගතියෙහි දොස් දක්නා බෝධිසත්වයෝ නිඃසරණ අධ්‍යාශය ඇත්තාහුය.’ අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වූ යම්කිසි ශ්‍රෝතාපන්න, සකෘදාගාමී අනාගාමී අරහත් ප්‍රත්‍යෙකබුද්ධ සම්මාසම්බුද්ධ කෙනෙක් ඇත්නම් ඒ හැම දෙනම මේ ෂඩාකාරයෙන්ම තම තමන් විසින් පත්වියයුතු විශේෂයනට පත්වූවාහු වෙති. එහෙයින් මෙකී ෂඩාකාරයෙන් පිවිතුරු අදහස් ඇත්තන් වියයුතුය. එම අභිමතාර්‍ත්‍ථය වෙතටම නැඹුරු අදිටන් ඇත්තන් විය යුතුය. සමාධිය වෙතට නැඹුරු අදිටන් ඇති සමාධිය කෙරෙහි ගරුසරු ඇති කෙනකු වියයුතුය, නිර්වාණය පිළිබඳ අදිටන් ඇති, නිර්මාණය කෙරෙහි ගරුසරු ඇති, නිර්වාණය වෙත නැඹුරුවූවකු වියයුතුය යන අර්‍ත්‍ථයි.
එවං සම්පන්නජ්ඣාසයාධිමුත්තිනො පනස්ස කම්මට්ඨානං යාචතො චෙතොපරියඤාණලාභිනා ආචරියෙන චිත්තාචාරං ඔලොකෙත්වා චරියා ජානිතබ්බා. ඉතරෙන කිං චරිතොසි? කෙ වා තෙ ධම්මා බහුලං සමුදාචරන්ති? කිං වා තෙ මනසිකරොතො ඵාසු හොති? කතරස්මිං වා තෙ කම්මට්ඨානෙ චිත්තං නමතීති එවමාදීහි නයෙහි පුච්ඡිත්වා ජානිතබ්බා. එවං ඤත්වා චරියානුකූලං කම්මට්ඨානං කථෙතබ්බං.
මෙසේ පිවිතුරු අදහසින් හා අදිටනින් යුතුව කමටහන් ඉල්වා සිටින යෝගාවචරයාගේ සිත් හසර පරසිත් දන්නා නුවණ ලබා ඇති ආචාර්යවරයා විසින් බලා චර්යාව දතයුතුය, එම නුවණ ලබා නැති ආචාර්යවරයකු විසින්, කවර චරිත ඇත්තෙක් වෙහිද? කවර ස්වභාවයෙක් ඔබට උත්සන්නව පවතීද? කවර නම් කමටහනක් මෙනෙහි කරනවිට ඔබට පහසුවේද? කවර නම් කමටහනක් වෙත ඔබගේ සිත නැඹුරු වේදැ?යි මේ ආදී නයින් පිළිවිස (චර්යාව) දතයුතුය. මෙසේ දැනගෙන ඔහුගේ චරිතයට අනුකූලවූ කමටහනක් කිවයුතුය.
කථෙන්තෙන ච තිවිධෙන කථෙතබ්බං. පකතියා උග්ගහිතකම්මට්ඨානස්ස එකං ද්වෙ නිසජ්ජානි සජ්ඣායං කාරෙත්වා දාතබ්බං. සන්තිකෙ වසන්තස්ස ආගතාගතක්ඛණෙ කථෙතබ්බං. උග්ගහෙත්වා අඤ්ඤත්ර ගන්තුකාමස්ස නාතිසංඛිත්තං නාතිවිත්ථාරිකං කත්වා කථෙතබ්බං.
එසේ කියනවිට තුන් ආකාරයෙන් කිව යුතුය, පියවි වශයෙන් උගත් කමටහනෙක් නම් එක් වාරයක් හෝ දෙවාරයක් (නිසජ්ජා) හදාරවා දියයුතුය, තමා වෙතම වෙසෙන්නකුට නම් ආ ආ කෙණෙහි කිවයුතුය, උගෙන අන් තැනකට යනු කැමැත්තකුට නම් ඉතා සංක්ෂේප නොකොට, ඉතා විස්තරද නොකොට කිවයුතුය.
තත්ථ පථවීකසිණං තාව කථෙන්තෙන චත්තාරො කසිණදොසා, කසිණකරණං, කතස්ස භාවනානයො, දුවිධං නිමිත්තං, දුවිධො සමාධි, සත්තවිධං සප්පායාසප්පායං, දසවිධං අප්පනාකොසල්ලං, වීරියසමතා, අප්පනාවිධානන්ති ඉමෙ නව ආකාරා කථෙතබ්බා. සෙසකම්මට්ඨානෙසුපි තස්ස තස්ස අනුරූපං කථෙතබ්බං. තං සබ්බං තෙසං භාවනාවිධානෙ ආවිභවිස්සති.
එහි පඨවිකසිණය කියන විටෙක, පළමුකොට කසිණ දොස් සතරද, කසිණය තනාගන්නා සැටිද, තනාගත් කසිණ විෂයෙහි භාවනා කරන සැටිද, දෙ-ආකාර නිමිතිද, දෙ-ආකාර සමාධියද, සත්වැදෑරුම් සප්පායාසප්පායද, දස-ආකාර අර්පණාකුශල භාවයද, වීර්යසමත්වයද, අර්පණාවිධානයදැයි යන මේ නව ආකාරය කිවයුතුය. සෙසු කමටහන් විෂයෙහිද ඒ ඒ කමටහනට අනුරූප වූ පරිදි කිවයුතුය. ඒ සියල්ල කර්මස්ථාන-භාවනා-විධානයෙහිදී මතු ප්‍රකාශ වන්නේය.
එවං කථියමානෙ පන කම්මට්ඨානෙ තෙන යොගිනා නිමිත්තං ගහෙත්වා සොතබ්බං. නිමිත්තං ගහෙත්වාති ඉදං හෙට්ඨිමපදං, ඉදං උපරිමපදං, අයමස්ස අත්ථො , අයමධිප්පායො, ඉදමොපම්මන්ති එවං තං තං ආකාරං උපනිබන්ධිත්වාති අත්ථො. එවං නිමිත්තං ගහෙත්වා සක්කච්චං සුණන්තෙන හි කම්මට්ඨානං සුග්ගහිතං හොති. අථස්ස තං නිස්සාය විසෙසාධිගමො සම්පජ්ජති, න ඉතරස්සාති අයං ගහෙත්වාති ඉමස්ස පදස්ස අත්ථපරිදීපනා.
මෙසේ කමටහන් කියනු ලබන විට යෝගාවචරයා විසින් නිමිති ගෙන කන්දී ඇසිය යුතුය. නිමිති ගෙනැ’යි යනු, ‘මේ පහළින්ම ඇති පදයයි, මේ ඉහළින්ම ඇති පදයයි, මේ මෙහි අර්ත්ථයයි, මේ අභිප්‍රායයි, මේ උපමායි, යනුවෙන් මෙසේ ඒ ඒ ආකාරය සිතට ගෙනැ’යි යන අර්‍ත්‍ථයි. මෙසේ නිමිති ගෙන මනාකොට අසන්නහු විසින් කමටහන් මැනවින් ගන්නා ලද්දේ වේ. ඉක්බිති ඔහුට ඒ හේතුකොටගෙන විශේෂාධිගමය සිද්ධ වේ, එසේ නොකරන්නහුට සිද්ධ නොවේ. මේ ‘ගහෙත්වා’ යන පදයෙහි අර්ත්ථවිභාවනයයි.
එත්තාවතා කල්යාණමිත්තං උපසඞ්කමිත්වා අත්තනො චරියානුකූලං චත්තාලීසාය කම්මට්ඨානෙසු අඤ්ඤතරං කම්මට්ඨානං ගහෙත්වාති ඉමානි පදානි සබ්බාකාරෙන විත්ථාරිතානි හොන්තීති.
මෙතෙකින් කල්යාණමිත්තං උපසඞ්කමිත්වා අත්තනො චරියානුකූලං චත්තාළීසාය කම්මට්ඨානෙසු අඤ්ඤතරං කම්මට්ඨානං ගහෙත්වා යන මේ පදයෝ සියලු ආකාරයෙන් විස්තර කරන ලද්දාහුය.
ඉති සාධුජනපාමොජ්ජත්ථාය කතෙ විසුද්ධිමග්ගෙ සමාධිභාවනාධිකාරෙ කම්මට්ඨානග්ගහණනිද්දෙසො නාම තතියො පරිච්ඡෙදො.
සාධුජන ප්‍රමෝදය පිණිස කරනලද ශුද්ධිමාර්ගයෙහි සමාධිභාවනාධිකාරයට අයත් කම්මට්ඨානගහණනිද්දේස නම්වූ තෙවෙනි පරිච්ඡේදය නිමියේය.