චරියාවණ්ණනා
චරියාවණ්ණනා
චරියාවණ්ණනා
ඉදානි අත්තනො චරියානුකූලන්ති එත්ථ චරියාති ඡ චරියා රාගචරියා, දොසචරියා, මොහචරියා, සද්ධාචරියා, බුද්ධිචරියා, විතක්කචරියාති. කෙචි පන රාගාදීනං සංසග්ගසන්නිපාතවසෙන අපරාපි චතස්සො, තථා සද්ධාදීනන්ති ඉමාහි අට්ඨහි සද්ධිං චුද්දස ඉච්ඡන්ති. එවං පන භෙදෙ වුච්චමානෙ රාගාදීනං සද්ධාදීහිපි සංසග්ගං කත්වා අනෙකා චරියා හොන්ති, තස්මා සඞ්ඛෙපෙන ඡළෙව චරියා වෙදිතබ්බා. චරියා, පකති, උස්සන්නතාති අත්ථතො එකං. තාසං වසෙන ඡළෙව පුග්ගලා හොන්ති රාගචරිතො, දොසචරිතො, මොහචරිතො, සද්ධාචරිතො, බුද්ධිචරිතො, විතක්කචරිතොති.
ඉක්බිති අත්තනො චරියානුකූලං (තමාගේ චරිතයට අනුකූල වූ) යන මෙහි, චරියා නම් රාගචරියා, දොසචරියා, මොහචරියා, සද්ධාචරියා, බුද්ධිචරියා, විතක්කචරියායයි මෙසේ චර්යා සයෙකි. ඇතැමෙක් වනාහි, රාගාදී තුන එකින් එක මුසුවීමෙන් හා තුනම මෙසේ එක්වීමෙන් (රාග-ද්වේෂ, රාග-මෝහ, ද්වේෂ -මොහ, රාග-ද්වේෂ-මෝහ) යනුවෙන් සතරක්ද එසේ ශ්‍රද්ධාදී ඉතිරි තුන එකින් එක හා තුනම සමසේ මුසු වීමෙන් (ශ්‍රද්ධා-බුද්ධි, ශ්‍රද්ධා-විතර්ක, බුද්ධි-විතර්ක, බුද්ධා-බුද්ධි-විතර්ක) යනුවෙන් සතරක්දැයි තවත් අටක් හා සමග තුදුසක් කැමැති වෙති. මේ ආකාරයෙන් ප්රභේදයන් කියතොත් රාගාදිය හා ශ්‍රද්ධාදිය සමග මුසු කොටද බොහෝ චර්යාවෝ වෙති, එහෙයින් සංක්ෂේප වශයෙන් චර්යාවෝ සයක්ම වෙති’යි දතයුතුය. චර්යා, ප්‍රකෘති, උත්සන්නතා යන මේ වචන තුනම අරුත් වශයෙන් සමාන වේ. එම මූලචර්යාවන්ගේ වශයෙන් රාගචරිතයාය, ද්වේෂ චරිතයාය, මොහචරිතයාය, ශ්‍රද්ධා චරිතයාය, බුද්ධිචරිතයාය, විතර්‍කචරිතයා යයි පුද්ගලයෝ සදෙනෙක්ම වෙති.
තත්ථ යස්මා රාගචරිතස්ස කුසලප්පවත්තිසමයෙ සද්ධා බලවතී හොති, රාගස්ස ආසන්නගුණත්තා. යථා හි අකුසලපක්ඛෙ රාගො සිනිද්ධො නාතිලූඛො, එවං කුසලපක්ඛෙ සද්ධා. යථා රාගො වත්ථුකාමෙ පරියෙසති, එවං සද්ධා සීලාදිගුණෙ. යථා රාගො අහිතං න පරිච්චජති, එවං සද්ධා හිතං න පරිච්චජති, තස්මා රාගචරිතස්ස සද්ධාචරිතො සභාගො.
එහි යම් හෙයකින් රාගචරිතයාහට කුසල් සිත් පවත්නා කල ශ්‍රද්ධාව බලවත් වේනම්, ඒ රාගයට ආසන්න ගුණ ඇති හෙයිනි. යම් හෙයකින් අකුශල පක්ෂයෙහි රාගය සිනිදු ගුණ ඇත්තේ වේද, රළු ස්වභාවයෙන් තොරවූයේ වේද, කුශල පක්ෂයෙහි ශ්රද්ධාවද එසේය. යම්සේ රාගය වස්තුකාමයන් සොයන්නේ වේද, එසේම ශ්‍රද්ධාව ශීලාදී ගුණයන් සොයන්නේ වේ. යම්සේ රාගය අහිත දෙය නොහරනේ වේද, එසේම ශ්‍රද්ධාව හිත දෙය නොහරනේ වේ, එහෙයින් රාගචරිතයා හා ශ්රද්ධාචරිතයා අනුකුල ස්වභාව ඇත්තාහු වෙති.
යස්මා පන දොසචරිතස්ස කුසලප්පවත්තිසමයෙ පඤ්ඤා බලවතී හොති, දොසස්ස ආසන්නගුණත්තා. යථා හි අකුසලපක්ඛෙ දොසො නිස්සිනෙහො න ආරම්මණං අල්ලීයති, එවං කුසලපක්ඛෙ පඤ්ඤා. යථා ච දොසො අභූතම්පි දොසමෙව පරියෙසති, එවං පඤ්ඤා භූතං දොසමෙව. යථා දොසො සත්තපරිවජ්ජනාකාරෙන පවත්තති, එවං පඤ්ඤා සඞ්ඛාරපරිවජ්ජනාකාරෙන, තස්මා දොසචරිතස්ස බුද්ධිචරිතො සභාගො.
යම් හෙයකින් ද්වේශ චරිතයාහට කුසල් සිත් පවත්නා කල ප්‍රඥාව බලවත් වේද, ඒ ද්වේෂයට ආසන්න ගුණ ඇති හෙයිනි. යම්සේ වනාහි අකුශල පක්ෂයෙහි ද්වේෂය ඇලුම් නැතියේ අරමුණෙහි නොඇලේද, කුශල පක්ෂයෙහි ප්‍රඥාවද එසේය. යම්සේ ද්වේෂය නැති දොස් පවා සොයන්නේ වේද, එසේම ප්‍රඥාව ඇති දොස් සොයන්නේ වේ. යම්සේ ද්වේෂය සත්ත්වයන් නොරුස්නා ආකාරයෙන් පවතීද, එසේම ප්‍රඥාව සංස්කාරයන් නොරුස්නා ආකාරයෙන් පවතී. එහෙයින් ද්වේෂ චරිතයාහට බුද්ධචරිතයා අනුකූල ස්වභාව ඇත්තේ වේ.
යස්මා පන මොහචරිතස්ස අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය වායමමානස්ස යෙභුය්යෙන අන්තරායකරා විතක්කා උප්පජ්ජන්ති, මොහස්ස ආසන්නලක්ඛණත්තා. යථා හි මොහො පරිබ්යාකුලතාය අනවට්ඨිතො, එවං විතක්කො නානප්පකාරවිතක්කනතාය. යථා ච මොහො අපරියොගාහණතාය චඤ්චලො. තථා විතක්කො ලහුපරිකප්පනතාය, තස්මා මොහචරිතස්ස විතක්කචරිතො සභාගොති.
යම් හෙයකින් මොහචරිතයාහට නූපන් කුසල් දහම් ඉපැදවීම පිණිස යත්න කරනවිට බොහෝසෙයින් අන්තරායකර විතර්කයෝ පහළ වෙත්ද, ඒ මෝහ චරිතයාහට ආසන්න ලක්ෂණ ඇති හෙයිනි. යම්සේ වනාහි මෝහය අවුල් සහගත ස්වභාව ඇති හෙයින් එක් අරමුණෙක නොසිටිනේ වේද, එසේම විතර්කය නානාආකාර විතර්කයන් හේතුකොට අරමුණෙහි නොසිටිනේය. යම්සේ මෝහය අරමුණෙහි ගැඹුරට බැස නොසිටින හෙයින් චංචල වූයේද එසේම විතර්කය ලුහු කල්පනා ඇති හෙයින් චංචල වේ. එහෙයින් මෝහචරිතයා විතර්ක චරිතයාහට අනුකුල ස්වභාව ඇත්තේ වේ.
අපරෙ තණ්හාමානදිට්ඨිවසෙන අපරාපි තිස්සො චරියා වදන්ති. තත්ථ තණ්හා රාගොයෙව, මානො ච තංසම්පයුත්තොති තදුභයං රාගචරියං නාතිවත්තති . මොහනිදානත්තා ච දිට්ඨියා දිට්ඨිචරියා මොහචරියමෙව අනුපතති.
ඇතැමෙක් තෘෂ්ණා මාන, දෘෂ්ටි වශයෙන් තවද චර්යාවන් තුනක් දක්වති. එහි තෘෂ්ණා නම් රාගය මැයි. මානයද රාගය හා සමග යෙදුණේ වේ, එහෙයින් ඒ දෙක රාගචරිතය ඉක්ම නොපවතී. දෘෂ්ටිය මෝහය නිදානකොට ඇතිහෙයින් දෘෂ්ටිචරිතය මෝහචරිතය තුළම වැටේ.
තා පනෙතා චරියා කින්නිදානා? කථඤ්ච ජානිතබ්බං “අයං පුග්ගලො රාගචරිතො, අයං පුග්ගලො දොසාදීසු අඤ්ඤතරචරිතො”ති? කිං චරිතස්ස පුග්ගලස්ස කිං සප්පායන්ති?
ඒ මේ චර්යාවෝ කුමක් නිදානකොට ඇත්තාහුද? මේ පුද්ගලයා රාගචරිතයෙකි, මේ පුද්ගලයා ද්වේෂාදී වශයෙන් එක්තරා චරිතයක් ඇත්තෙකි, කවර චරිතයක් ඇති පුද්ගලයාට කුමක් සප්පාය වේදැයි කෙසේ දතයුතුද?
තත්ර පුරිමා තාව තිස්සො චරියා පුබ්බාචිණ්ණනිදානා, ධාතුදොසනිදානා චාති එකච්චෙ වදන්ති. පුබ්බෙ කිර ඉට්ඨප්පයොගසුභකම්මබහුලො රාගචරිතො හොති, සග්ගා වා චවිත්වා ඉධූපපන්නො. පුබ්බෙ ඡෙදනවධබන්ධනවෙරකම්මබහුලො දොසචරිතො හොති, නිරයනාගයොනීහි වා චවිත්වා ඉධූපපන්නො. පුබ්බෙ මජ්ජපානබහුලො සුතපරිපුච්ඡාවිහීනො ච මොහචරිතො හොති, තිරච්ඡානයොනියා වා චවිත්වා ඉධූපපන්නොති එවං පුබ්බාචිණ්ණනිදානාති වදන්ති. ද්වින්නං පන ධාතූනං උස්සන්නත්තා පුග්ගලො මොහචරිතො හොති පථවීධාතුයා ච ආපොධාතුයා ච. ඉතරාසං ද්වින්නං උස්සන්නත්තා දොසචරිතො. සබ්බාසං සමත්තා පන රාගචරිතොති. දොසෙසු ච සෙම්හාධිකො රාගචරිතො හොති. වාතාධිකො මොහචරිතො. සෙම්හාධිකො වා මොහචරිතො. වාතාධිකො රාගචරිතොති එවං ධාතුදොසනිදානාති වදන්ති.
එහි වනාහි රාගාදී ප්‍රථම චර්යා තුන පෙර අත්බව්හි පුරුදු කරන ලද දෙය නිදානකොට ඇත්තේයයිද, පෘථිවි ආදී ධාතුන් හෝ ශ්ලේෂ්මාදී දෝෂයන් මුල්කොට ඇත්තේයයිද ඇතැමෙක් පවසති. පෙර අත්බව්හි හිතකර ක්‍රියාවල හා යහපත් ක්‍රියාවල යෙදීම බහුල වූයේ හෝ දෙව්ලොවින් චුතව මෙහි උපන්නේ රාගචරිත ඇත්තෙක් වේ, පෙර අත්බව්හි කැපීම් කෙටීම් වධ බන්ධන වෛර කිරීම් බහුලවූයේ හෝ නිරයෙන්ද නාගයෝනියෙන්ද චුතව මෙහි උපන්නේ ද්වේෂ චරිත ඇත්තෙක් වේ, පෙර අත්බව්හි මද්‍යපානයෙහි බහුල වශයෙන් යෙදුණේ හෝ ඉගෙනීම් අරුත් ඇසීම් නොකළේ හෝ තිරිසන් යෝනියෙන් චුතව මෙහි උපන්නේ මොහචරිත ඇත්තේ වේ. මෙසේ පෙර පුරුද්ද නිදානකොට ඇත්තේයයි කියති. පෘථිවි ආපෝ යන උභයධාතුන් උත්සන්න වීමෙන් මොහචරිත ඇත්තේ වේ. සෙසු ධාතුන් දෙදෙනාගේ උත්සන්න වීමෙන් ද්වේෂ චරිත ඇත්තේ වේ, සියලු ධාතූන් සමවීමෙන් රාගචරිත ඇත්තේ වේ. තුන් දොස් අතුරෙන් සෙම අධික වූයේ රාගචරිත ඇත්තේ වේ, වාතය අධික වූයේ මොහචරිත ඇත්තේ වේ, නැතහොත්, සෙම් අධිකවූයේ මෝහ චරිත ඇත්තේ වේ, වාතය අධික වූයේ රාගචරිත ඇත්තේ වේ, මෙසේ ධාතුන් හා දොෂයන් නිදානකොට ඇත්තේයයි කියත්.
තත්ථ යස්මා පුබ්බෙ ඉට්ඨප්පයොගසුභකම්මබහුලාපි සග්ගා චවිත්වා ඉධූපපන්නාපි ච න සබ්බෙ රාගචරිතායෙව හොන්ති, න ඉතරෙ වා දොසමොහචරිතා. එවං ධාතූනඤ්ච යථාවුත්තෙනෙව නයෙන උස්සදනියමො නාම නත්ථි. දොසනියමෙ ච රාගමොහද්වයමෙව වුත්තං, තම්පි ච පුබ්බාපරවිරුද්ධමෙව. සද්ධාචරියාදීසු ච එකිස්සාපි නිදානං න වුත්තමෙව. තස්මා සබ්බමෙතං අපරිච්ඡින්නවචනං.
එහි යම්හෙයකින් පෙර අත්බව්හි හිතකර ක්‍රියා යහපත් ක්‍රියා බහුල ඇත්තාවූද, දෙව්ලොවින් චුතව මෙහි උපන්නාවූද සියලු දෙනා රාගචරිත ඇත්තෝ නොවෙති. ද්වේශ හෝ මොහචරිත ඇත්තෝ යයි දක්වනලද සියල්ලෝම එසේ ද්වේෂ හෝ මොහචරිත ඇත්තෝ නොවෙති. එසේම ධාතුන්ගේද කියනලද ආකාරයෙන් උත්සන්න වීමේ ඒකාන්ත නියමයෙක් නැත්තේය, දොෂ නියමයෙහිද රාග මෝහ යන දෙක පමණක් කියන ලද්දේ වේ. (ද්වේෂය ගැන සඳහනෙක් නැත) එයද පරස්පර විරෝධී වේමය. ශ්‍රද්ධාදීන් අතුරෙන් එකද චරිතයක් පිළිබඳ නිදාන නොකියන ලදි. එහෙයින් මේ සියල්ල නොපිරික්සා කියනලද වචනයි.
අයං පනෙත්ථ අට්ඨකථාචරියානං මතානුසාරෙන විනිච්ඡයො, වුත්තඤ්හෙතං උස්සදකිත්තනෙ (ධ· ස· අට්ඨ· 498) “ඉමෙ සත්තා පුබ්බහෙතුනියාමෙන ලොභුස්සදා දොසුස්සදා මොහුස්සදා අලොභුස්සදා අදොසුස්සදා අමොහුස්සදා ච හොන්ති.
මේ වනාහි මෙහිලා අර්ථකථාචාර්යයන්ගේ මතයනට අනුව කැරෙන විනිශ්චයයි: උත්සන්නතා විස්තරයෙහි කියනලද මැයි: මේ සත්ත්වයෝ පෙර අත්බව්හි හේතු නියායෙන් ලෝභය උත්සන්නකොට ඇත්තාහුද, ද්වේෂය උත්සන්නකොට ඇත්තාහුද, මොහය උත්සන්නකොට ඇත්තාහුද, අලොභය උත්සන්නකොට ඇත්තාහුද, අද්වේෂය උත්සන්නකොට ඇත්තාහුද, අමෝහය උත්සන්නකොට ඇත්තාහුද වෙති.
යස්ස හි කම්මායූහනක්ඛණෙ ලොභො බලවා හොති අලොභො මන්දො, අදොසාමොහා බලවන්තො දොසමොහා මන්දා, තස්ස මන්දො අලොභො ලොභං පරියාදාතුං න සක්කොති. අදොසාමොහා පන බලවන්තො දොසමොහෙ පරියාදාතුං සක්කොති. තස්මා සො තෙන කම්මෙන දින්නපටිසන්ධිවසෙන නිබ්බත්තො ලුද්ධො හොති සුඛසීලො අක්කොධනො පඤ්ඤවා වජිරූපමඤාණො.
යමකුට වනාහි කර්මය සිදු කරන අවස්ථාවෙහි ලෝභය බලවත්ව අලොභය දුබලවේද, අද්වේෂය හෝ අමෝහය බලවත්ව ද්වේෂය හා මොහය දුබලවේද, ඔහුගේ දුබලවූ අලොභය ලොභය අබිබවා යනු නොහැකි වේ. බලවත් වූ අද්වේෂය හා අමොහය ද්වේෂය හා මෝහය අබිබවා යාමට හැකිවේ. එහෙයින් හේ තෙමේ එම කර්මය විසින් දෙනලද ප්රතිසන්ධි වශයෙන් උපන්නේ, ලොභීද රළු නොවූ ස්වභාව ඇත්තේද නොකිපෙනසුලු වූයේද, විදුරුමිණි හා සමාන තියුණු ප්‍රඥා ඇත්තේද වේ.
යස්ස පන කම්මායූහනක්ඛණෙ ලොභදොසා බලවන්තො හොන්ති අලොභාදොසා මන්දා, අමොහො බලවා මොහො මන්දො, සො පුරිමනයෙනෙව ලුද්ධො චෙව හොති දුට්ඨො ච. පඤ්ඤවා පන හොති වජිරූපමඤාණො දත්තාභයත්ථෙරො විය.
යමකුට වනාහි කර්මය ආයූහනය කරන අවස්ථාවෙහි ලෝභ, ද්වේෂ යන දෙක බලවත්ව අලෝභ, අද්වේෂ යන දෙක දුබල වේද, අමෝහය බලවත්ව මෝහය දුබල වේද, හේ තෙමේ පළමු කී නයින්ම ලොභී වූයේද, කිපෙනසුලු වූයේද විදුරුමිණි මෙන් දියුණු ප්‍රඥා ඇත්තේ වේ, දත්තාභය තෙරුන් මෙනි.
යස්ස කම්මායූහනක්ඛණෙ ලොභාදොසමොහා බලවන්තො හොන්ති ඉතරෙ මන්දා, සො පුරිමනයෙනෙව ලුද්ධො චෙව හොති දන්ධො ච, සීලකො පන හොති අක්කොධනො (බාකුලත්ථෙරො විය).
යමකුට කර්මය ආයූහනය කරන අවස්ථාවෙහි ලෝභ, අද්වේෂ මෝහ යන තුන බලවත්ව අනෙක් තුන දුබල වූයේද, හේ තෙමේ යට කී නියායෙන්ම ලොභී වූයේද, අඥාන වූයේද, මෘදු ස්වභාව ඇත්තේද නොකිපෙනසුලු වූයේද වේ.
තථා යස්ස කම්මායූහනක්ඛණෙ තයොපි ලොභදොසමොහා බලවන්තො හොන්ති අලොභාදයො මන්දා, සො පුරිමනයෙනෙව ලුද්ධො චෙව හොති දුට්ඨො ච මූළ්හො ච.
එසේම යමකුට කර්මය ආයූහනය කරන අවස්ථාවෙහි ලෝහ ද්වේෂ මොහ යන තුනම බලවත්ව අලොභාදී අනෙක් තුන දුබල වූයේද, හේ තෙමේ යටකී නයින්ම ලෝභී වූයේද කිපෙනසුලු වූයේද අඥාන වූයේද වේ.
යස්ස පන කම්මායූහනක්ඛණෙ අලොභදොසමොහා බලවන්තො හොන්ති ඉතරෙ මන්දා, සො පුරිමනයෙනෙව අලුද්ධො අප්පකිලෙසො හොති දිබ්බාරම්මණම්පි දිස්වා නිච්චලො, දුට්ඨො පන හොති දන්ධපඤ්ඤො ච.
යමකුට වනාහි කර්මය ආයූහනය කරන අවස්ථාවෙහි අලෝභ ද්වේෂ මෝහ යන තුන බලවත්ව අනෙක් තුන දුබල වූයේද, හේ තෙමේ පළමු නයින්ම අලෝභී වූයේ මඳ කෙලෙස් ඇත්තේ, දිව්යාරම්මණයක් දැක වුවද නිශ්චල වූයේ කිපෙනසුලු වූයේද මඳ නුවණ ඇත්තේද වේ.
යස්ස පන කම්මායූහනක්ඛණෙ අලොභාදොසමොහා බලවන්තො හොන්ති ඉතරෙ මන්දා, සො පුරිමනයෙනෙව අලුද්ධො චෙව හොති අදුට්ඨො සීලකො ච, දන්ධො පන හොති.
යමකුට කර්මය ආයූහනය කරන අවස්ථාවෙහි අලෝභ අද්වේෂ මොහ යන තුන බලවත්ව අනෙක් තුන දුබල වේද, හේ තෙමේ පළමු නියායෙන්ම අලෝභී වූයේද, නොකිපෙනසුලු වූයේද, මෘදු ස්වභාව ඇත්තේද, මඳ නුවණ ඇත්තේද වේ.
තථා යස්ස කම්මායූහනක්ඛණෙ අලොභදොසාමොහා බලවන්තො හොන්ති ඉතරෙ මන්දා, සො පුරිමනයෙනෙව අලුද්ධො චෙව හොති පඤ්ඤවා ච, දුට්ඨො ච පන හොති කොධනො.
එසේම යමකුට කර්මය ආයූහනය කරන අවස්ථාවෙහි අලොභ ද්වෙෂ අමෝහ යන තුන බලවත්ව අනෙක් තුන දුබල වේද, හේ තෙමේ පළමු නයින්ම අලෝභී වූයේද, ප්‍රඥා ඇත්තේද, කිපෙනසුලු වූයේද වේ.
යස්ස පන කම්මායූහනක්ඛණෙ තයොපි අලොභාදොසාමොහා බලවන්තො හොන්ති ලොභාදයො මන්දා, සො පුරිමනයෙනෙව මහාසඞ්ඝරක්ඛිතත්ථෙරො විය අලුද්ධො අදුට්ඨො පඤ්ඤවා ච හොතී”ති.
එසේම යමකුට කර්මය ආයූහනය කරන අවස්ථාවෙහි අලෝභාදි තුනම බලවත්ව ලෝභාදි තුන දුබල වූයේද, හේ තෙමේ පළමු නියායෙන්ම මහාසංඝරක්ඛිත තෙරුන් මෙන් අලෝභී වූයේද, නොකිපෙනසුලු වූයේද, ප්‍රඥා ඇත්තේද වේ.
එත්ථ ච යො ලුද්ධොති වුත්තො, අයං රාගචරිතො. දුට්ඨදන්ධා දොසමොහචරිතා. පඤ්ඤවා බුද්ධිචරිතො. අලුද්ධඅදුට්ඨා පසන්නපකතිතාය සද්ධාචරිතා. යථා වා අමොහපරිවාරෙන කම්මුනා නිබ්බත්තො බුද්ධිචරිතො, එවං බලවසද්ධාපරිවාරෙන කම්මුනා නිබ්බත්තො සද්ධාචරිතො. කාමවිතක්කාදිපරිවාරෙන කම්මුනා නිබ්බත්තො විතක්කචරිතො. ලොභාදිනා වොමිස්සපරිවාරෙන කම්මුනා නිබ්බත්තො වොමිස්සචරිතොති. එවං ලොභාදීසු අඤ්ඤතරඤ්ඤතරපරිවාරං පටිසන්ධිජනකං කම්මං චරියානං නිදානන්ති වෙදිතබ්බං.
මෙහි යමෙක් (ලුද්ධ) ලෝභී යයි කියන ලද්දේ ද මේ රාගචරිතයාය, (දුට්ඨ, දන්ධ) කිපෙනසුලුය, අඥානයයි කියනලද්දාහු පිළිවෙළින් ද්වේෂ චරිතයා ද මෝහචරිතයාද වෙති, ප්‍රඥා ඇත්තේ බුද්ධ චරිතයාය, (අලුද්ධ, අදුට්ඨ) අලෝභීය අද්වේෂීයයි කියන ලද්දාහු ප්‍රසන්න ස්වභාව ඇති හෙයින් ශ්රද්ධාචරිතයෝය. නොහොත් අමෝහය පිරිවරකොට ඇති කර්මයෙන් උපන්නේ බුද්ධචරිතයාය. මෙසේ බලවත්වූ ශ්‍රද්ධාව පිරිවරකොට ඇති කර්මයෙන් උපන්නේ ශ්රද්ධාචරිතයාය, කාමවිතර්කාදිය පිරිවරකොට ඇති කර්මයෙන් උපන්නේ විතර්ක චරිතයාය. ලෝභාදී මිශ්‍ර කර්මයෙන් උපන්නේ මිශ්‍ර චරිත ඇත්තේ වේ. මෙසේ ලෝභාදිය අතුරෙන් එකක් එකක් පිරිවරකොට ඇති ප්රතිසන්ධිජනක කර්මය චර්යාවනට නිදානවෙතියි දතයුතුය.
යං පන වුත්තං කථඤ්ච ජානිතබ්බං අයං පුග්ගලො රාගචරිතොතිආදි. තත්රායං නයො.
කථඤ්ච ජානිතබ්බං අයං පුග්ගලො රාගචරිතො’ති (මේ පුද්ගලයා රාගචරිතයෙක්දැයි කෙසේ දතයුත්තේද) යන ආදී යමක් කියන ලද්දේ ද ඒ පිළිබඳ ක්‍රමය මෙසේය:
ඉරියාපථතො කිච්චා, භොජනා දස්සනාදිතො; ධම්මප්පවත්තිතො චෙව, චරියායො විභාවයෙති.
ඉරියාපථතො කිච්චා භොජනා දස්සනාදිතො ධම්මප්පවත්තිතො චෙව චරියා සො විභාවයෙ’ති
ඉරියවුවලින්ද, කෘත්යයන්ගෙන්ද, භෝජන විලාශයෙන්ද, දර්ශනාදියෙන්ද, ගතිපැවතුම් වලින්ද චර්යාවන් පළ කරන්නේය.
තත්ථ ඉරියාපථතොති රාගචරිතො හි පකතිගමනෙන ගච්ඡන්තො චාතුරියෙන ගච්ඡති, සණිකං පාදං නික්ඛිපති, සමං නික්ඛිපති, සමං උද්ධරති, උක්කුටිකඤ්චස්ස පදං හොති. දොසචරිතො පාදග්ගෙහි ඛණන්තො විය ගච්ඡති, සහසා පාදං නික්ඛිපති, සහසා උද්ධරති, අනුකඩ්ඪිතඤ්චස්ස පදං හොති. මොහචරිතො පරිබ්යාකුලාය ගතියා ගච්ඡති, ඡම්භිතො විය පදං නික්ඛිපති, ඡම්භිතො විය උද්ධරති, සහසානුපීළිතඤ්චස්ස පදං හොති. වුත්තම්පි චෙතං මාගණ්ඩියසුත්තුප්පත්තියං –
එහි ඉරියාපථතො යනු, රාගචරිතය ප්‍රකෘති ගමනින් යන්නේ තැන්පත් ලෙස ගමන් කරයි, සෙමින් පා තබයි, සමසේ පා තබයි, සමසේ ඔසවයි. මොහුගේ පියවරද විලුඹ හා පාඅග ගැඹුරුව, මැදින් උඩට නැඹුරුව පිහිටයි. ද්වේෂ චරිතයා පාඅගින් බිම හාරමින් මෙන් යයි, වේගයෙන් පාතබයි, වේගයෙන් ඔසවයි, මොහුගේ පියවර පසුපසට අදින ලද්දක් මෙන් පිහිටයි. මෝහ චරිතයා හාත්පසින් කැළඹුණ විලාශයෙන් යයි, තැතිගත්තකු මෙන් පා තබයි, තැතිගත්තකු මෙන් ඔසවයි, මොහුගේ පියවර විලුඹින් ගිලී ඉදිරියට අදින ලද්දක් මෙන් පිහිටයි. කියන ලද මැයි මාගන්දිය සූත්රාරම්භයෙහි:
“රත්තස්ස හි උක්කුටිකං පදං භවෙ, දුට්ඨස්ස හොති අනුකඩ්ඪිතං පදං; මූළ්හස්ස හොති සහසානුපීළිතං, විවට්ටච්ඡදස්ස ඉදමීදිසං පද”න්ති.
රත්තස්ස හි උක්කුටිකං පදං භවෙ දුට්ඨස්ස හොති අනුකඩ්ඪිතං පදං මූළහස්ස හොති සහසානුපීළිතං විවත්තච්ඡද්දස්සිදමීදිසං පදං
රාගචරිතයාගේ පියවර විලුඹින් හා පාඅගින් ගැඹුරුව මැදින් උඩට නැඹුරුව පිහිටන්නේය. ද්වේෂ චරිතයාගේ පියවර පසු පසට අදින ලද්දක් මෙන් පිහිටන්නේය. මෝහ චරිතයාගේ පියවර විලුඹින් ගිලී ඉදිරියට අදින ලද්දක් මෙන් පිහිටන්නේය, මෙබඳු වූ මේ (දක්නට ලැබෙන) පියවර කෙලෙස්පටල විවෘතකොට හළ කෙනකුගේම වේ.
ඨානම්පි රාගචරිතස්ස පාසාදිකං හොති මධුරාකාරං, දොසචරිතස්ස ථද්ධාකාරං, මොහචරිතස්ස ආකුලාකාරං. නිසජ්ජායපි එසෙව නයො. රාගචරිතො ච අතරමානො සමං සෙය්යං පඤ්ඤපෙත්වා සණිකං නිපජ්ජිත්වා අඞ්ගපච්චඞ්ගානි සමොධාය පාසාදිකෙන ආකාරෙන සයති, වුට්ඨාපියමානො ච සීඝං අවුට්ඨාය සඞ්කිතො විය සණිකං පටිවචනං දෙති. දොසචරිතො තරමානො යථා වා තථා වා සෙය්යං පඤ්ඤපෙත්වා පක්ඛිත්තකායො භාකුටිං කත්වා සයති, වුට්ඨාපියමානො ච සීඝං වුට්ඨාය කුපිතො විය පටිවචනං දෙති. මොහචරිතො දුස්සණ්ඨානං සෙය්යං පඤ්ඤපෙත්වා වික්ඛිත්තකායො බහුලං අධොමුඛො සයති, වුට්ඨාපියමානො ච හුඞ්කාරං කරොන්තො දන්ධං වුට්ඨාති. සද්ධාචරිතාදයො පන යස්මා රාගචරිතාදීනං සභාගා, තස්මා තෙසම්පි තාදිසොව ඉරියාපථො හොතීති. එවං තාව ඉරියාපථතො චරියායො විභාවයෙ.
තවත් කරුණක් නම් රාග චරිතයාගේ සිටීමද ප්රසාදජනක වේ. පියකරු වේ, ද්වේෂ චරිතයාගේ සිටීම රළු විලාශයෙන් වේ. මෝහ චරිතයාගේ සිටීම කැළඹුණු විලාශයෙන් වේ. හිඳීමද මෙම නයයි, රාගචරිත තෙමේ නොඉක්මන්ව, සෙමෙන් යහන පිළියෙළකොට, සෙමින් වැතිර, අඟ පසඟ එක්තැන් කොටගෙන ප්රසාදජනක ආකාරයෙන් නිදයි, නැගිටුවනු ලබන්නේ යුහුව නැගිට සැකයෙන් මෙන් සෙමින් පිළිතුරු දෙයි, ද්වේෂචරිත ඇත්තේ යුහුයුහුව එහෙන් මෙහෙන් යහන පනවාගෙන විසුරුණ අඟපසඟ ඇතිව, මුහුන හකුලුවාගෙන නිදයි, නැඟිටුවනු ලබන්නේ වහා නැගිට කෝපයෙන් මෙන් පිළිතුරු දෙයි, මොහචරිත ඇත්තේ නොපිළිවෙළින් යහන පනවා විසුරුණු කයින්, බොහෝවිට මුනින් අතට හැරී නිදයි, නැගිටුවනු ලබන්නේද හුංකාර කෙරෙමින් ලැසිව නැගිටියි, ශ්රද්ධාචරිතාදීහු වනාහි රාගචරිතාදීන්හට සභාගවන හෙයින් ඒ ඒ ආකාර ඉරියවු ඇත්තෝ වෙති’යි මෙසේ ඉරියවු වශයෙන් චර්යාවන් අවබෝධ කරගන්නේය.
කිච්චාති සම්මජ්ජනාදීසු ච කිච්චෙසු රාගචරිතො සාධුකං සම්මජ්ජනිං ගහෙත්වා අතරමානො වාලිකං අවිප්පකිරන්තො සින්දුවාරකුසුමසන්ථරමිව සන්ථරන්තො සුද්ධං සමං සම්මජ්ජති. දොසචරිතො ගාළ්හං සම්මජ්ජනිං ගහෙත්වා තරමානරූපො උභතො වාලිකං උස්සාරෙන්තො ඛරෙන සද්දෙන අසුද්ධං විසමං සම්මජ්ජති. මොහචරිතො සිථිලං සම්මජ්ජනිං ගහෙත්වා සම්පරිවත්තකං ආළොලයමානො අසුද්ධං විසමං සම්මජ්ජති.
කිච්චා යනු, හැමදීම් ආදී කෘත්‍යයන්හි, රාගචරිතයා මනාකොට හිදල් ගෙන නොඉක්මන්ව වැලි නොවිසුරුවමින් නිකමල් ඇතිරියක් අතුරන විලසින් පිරිසුදුව සමසේ හමදියි. ද්වේෂ චරිතයා දැඩිව හිදල් ගෙන යුහුයුහුව දෙපසින් වැලි කඳු නංවමින් අමිහිරි හඬ නංවා නොසමව හමදියි, මෝහ චරිතයා ලිහිල්ව හිදල්ගෙන ඔබ මොබ පෙරළමින් අවුල් කෙරෙමින් තැනින් තැනින් කැලිකසල ඉතිරි කරමින් නොසමසේ හමදියි.
යථා සම්මජ්ජනෙ, එවං චීවරධොවනරජනාදීසුපි සබ්බකිච්චෙසු නිපුණමධුරසමසක්කච්චකාරී රාගචරිතො. ගාළ්හථද්ධවිසමකාරී දොසචරිතො. අනිපුණබ්යාකුලවිසමාපරිච්ඡින්නකාරී මොහචරිතො. චීවරධාරණම්පි ච රාගචරිතස්ස නාතිගාළ්හං නාතිසිථිලං හොති පාසාදිකං පරිමණ්ඩලං. දොසචරිතස්ස අතිගාළ්හං අපරිමණ්ඩලං. මොහචරිතස්ස සිථිලං පරිබ්යාකුලං. සද්ධාචරිතාදයො තෙසංයෙවානුසාරෙන වෙදිතබ්බා, තං සභාගත්තාති. එවං කිච්චතො චරියායො විභාවයෙ.
සිවුරු සේදීම, පඬු පෙවීම ආදීවූ සියලු කෘත්‍යයන්හිදී ද හැමදීමෙහිදී මෙනි. දක්ෂ ලෙස පියකරු ලෙස සමසේ සකස්කොට කාර්යයන් කරනුයේ රාග චරිතයාය, දැඩි ලෙස රළු ලෙස විෂම ආකාරයෙන් කාර්යයන් කරනුයේ ද්වේෂ චරිතයාය, නොපුහුණු ලෙස අවුල් කොට නොසම ලෙස නොපිරිසිඳ කාර්යයන් කරනුයේ මෝහචරිතයාය. රාග චරිතයාගේ සිවුරු පෙරවීමද ඉතා තදද නොවේ. ඉතා ලිහිල්ද නොවේ, පියකරු වේ. පිරිමඬුලු සහිත වේ, ද්වේෂ චරිතයාගේ සිවුරු පෙරවීම ඉතා තද වේ, පිරිමඬුලු රහිත වේ, මෝහචරිතයාගේ සිවුරු පෙරවීම ලිහිල් වේ, හාත්පසින් අවුල් වේ. ශ්රද්ධාචරිතාදීහු, ඔවුනොවුන් සභාගවන අයුරු, රාගචරිතාදීන්ගේ අනුසාරයෙන්ම දතයුත්තාහුය. මෙසේ කෘත්‍ය වශයෙන් චර්යාවන් පළකරන්නේය.
භොජනාති රාගචරිතො සිනිද්ධමධුරභොජනප්පියො හොති, භුඤ්ජමානො ච නාතිමහන්තං පරිමණ්ඩලං ආලොපං කත්වා රසපටිසංවෙදී අතරමානො භුඤ්ජති, කිඤ්චිදෙව ච සාදුං ලභිත්වා සොමනස්සං ආපජ්ජති . දොසචරිතො ලූඛඅම්බිලභොජනප්පියො හොති, භුඤ්ජමානො ච මුඛපූරකං ආලොපං කත්වා අරසපටිසංවෙදී තරමානො භුඤ්ජති, කිඤ්චිදෙව ච අසාදුං ලභිත්වා දොමනස්සං ආපජ්ජති. මොහචරිතො අනියතරුචිකො හොති, භුඤ්ජමානො ච අපරිමණ්ඩලං පරිත්තං ආලොපං කත්වා භාජනෙ ඡඩ්ඩෙන්තො මුඛං මක්ඛෙන්තො වික්ඛිත්තචිත්තො තං තං විතක්කෙන්තො භුඤ්ජති. සද්ධාචරිතාදයොපි තෙසංයෙවානුසාරෙන වෙදිතබ්බා, තංසභාගත්තාති. එවං භොජනතො චරියායො විභාවයෙ.
භෝජනා යනු, රාග චරිතයා සිනිඳු මිහිරි බොජුන් කැමති වේ, බුදින විටද නොමහත් වටකුර පිඬු වශයෙන් රස විඳිමින් නොඉක්මන්ව බුදියි, කිසියම් ප්‍රණීත දෙයක් ලැබ සොම්නසට පැමිණෙයි. ද්වේෂ චරිතයා කටුසර ඇඹුල් රස බොජුන් කැමැත්තේ වේ, බුදිනවිටද මුව පුරවා පිඬු කරමින් රසය ගැන නොසලකා යුහුයුහුව බුදියි. කිසියම් අමිහිරි දෙයක් ලැබ දොම්නසට පැමිණෙයි, මෝහචරිතයා අනියත රුචි ඇත්තේ වේ, බුදිනවිට නොවට කුඩා පිඬු වශයෙන් බඳුනෙහි විසුරුවමින් මුව පිසලමින් විසුරුණු සිතින්, ඒ ඒ දෙය ගැන විතර්ක කරමින් බුදියි. ශ්‍රද්ධා චරිතාදීහුද රාගචරිතාදීන්හට සභාගවන හෙයින් ඔවුන්ගේම අනුසාරයෙන් දතයුත්තාහුය. මෙසේ භෝජන වශයෙන් චර්යාවන් පළ කරන්නේය.
දස්සනාදිතොති රාගචරිතො ඊසකම්පි මනොරමං රූපං දිස්වා විම්හයජාතො විය චිරං ඔලොකෙති, පරිත්තෙපි ගුණෙ සජ්ජති, භූතම්පි දොසං න ගණ්හාති, පක්කමන්තොපි අමුඤ්චිතුකාමොව හුත්වා සාපෙක්ඛො පක්කමති. දොසචරිතො ඊසකම්පි අමනොරමං රූපං දිස්වා කිලන්තරූපො විය න චිරං ඔලොකෙති, පරිත්තෙපි දොසෙ පටිහඤ්ඤති, භූතම්පි ගුණං න ගණ්හාති, පක්කමන්තොපි මුඤ්චිතුකාමොව හුත්වා අනපෙක්ඛො පක්කමති. මොහචරිතො යංකිඤ්චි රූපං දිස්වා පරපච්චයිකො හොති, පරං නින්දන්තං සුත්වා නින්දති, පසංසන්තං සුත්වා පසංසති, සයං පන අඤ්ඤාණුපෙක්ඛාය උපෙක්ඛකොව හොති. එස නයො සද්දසවනාදීසුපි. සද්ධාචරිතාදයො පන තෙසංයෙවානුසාරෙන වෙදිතබ්බා, තංසභාගත්තාති. එවං දස්සනාදිතො චරියායො විභාවයෙ.
දස්සනාදිතො යනු, රාගචරිතයා මඳවූද සිත්කලු රූපයක් දැක වියපත් විලාශයෙන් බොහෝ වේලා බලමින් සිටියි, සුලුවූද ගුණයෙහි ඇලේ, ඇති දොස් පවා නොසලකයි. පෙරළා යන්නේද නොයනු කැමැත්තෙන් මෙන් නැවත දකින අපේක්ෂා ඇතිව යයි. ද්වේෂ චරිතයා සුලුවූද නොමනා දෙයක් දැක ඛේදයට පත්වූවකු මෙන් වැඩි වේලාවක් නොබලා හරියි, සුලුවූද දොස්හි ගැටේ, ඇති ගුණ පවා නොපිළිගනියි, පෙරළා යන්නේද මිදෙනු කැමැත්තෙකු මෙන් නැවත දැකීමේ අපේක්ෂා නැතිවම යයි. මෝහ චරිතයා කිසියම් රූපයක් දැක අනුන් අදහස් මත රැඳෙයි, අනිකකු නින්දා කරනු අසා නින්දා කෙරෙයි. ප්‍රශංසා කරනු අසා ප්‍රශංසා කරයි. තෙමේ වනාහි අනුවණ ආකාරයෙන් උපේක්ෂා ඇත්තේම වේ. ශබ්ද ශ්‍රවණාදිය පිළිබඳවද මෙම නයයි. ශ්‍රද්ධා චරිතාදීහු රාගචරිතාදීන් හා සභාගවන හෙයින් එම අනුසාරයෙන්ම දතයුත්තාහුය. මෙසේ රූප දර්ශනාදියෙන්ද චර්යාවන් පළකරන්නේය.
ධම්මප්පවත්තිතො චෙවාති රාගචරිතස්ස ච මායා, සාඨෙය්යං, මානො, පාපිච්ඡතා, මහිච්ඡතා, අසන්තුට්ඨිතා, සිඞ්ගං, චාපල්යන්ති එවමාදයො ධම්මා බහුලං පවත්තන්ති. දොසචරිතස්ස කොධො, උපනාහො, මක්ඛො, පළාසො, ඉස්සා, මච්ඡරියන්ති එවමාදයො. මොහචරිතස්ස ථිනං, මිද්ධං, උද්ධච්චං, කුක්කුච්චං, විචිකිච්ඡා, ආධානග්ගාහිතා, දුප්පටිනිස්සග්ගිතාති එවමාදයො. සද්ධාචරිතස්ස මුත්තචාගතා, අරියානං දස්සනකාමතා, සද්ධම්මං සොතුකාමතා, පාමොජ්ජබහුලතා, අසඨතා, අමායාවිතා, පසාදනීයෙසු ඨානෙසු පසාදොති එවමාදයො. බුද්ධිචරිතස්ස සොවචස්සතා, කල්යාණමිත්තතා, භොජනෙමත්තඤ්ඤුතා, සතිසම්පජඤ්ඤං, ජාගරියානුයොගො, සංවෙජනීයෙසු ඨානෙසු සංවෙගො, සංවිග්ගස්ස ච යොනිසො පධානන්ති එවමාදයො. විතක්කචරිතස්ස භස්සබහුලතා, ගණාරාමතා, කුසලානුයොගෙ අරති, අනවට්ඨිතකිච්චතා, රත්තිං ධූමායනා , දිවා පජ්ජලනා, හුරාහුරං ධාවනාති එවමාදයො ධම්මා බහුලං පවත්තන්තීති. එවං ධම්මප්පවත්තිතො චරියායො විභාවයෙ.
ධම්මප්පවත්තිතො චෙව (ගති පැවතුම් වශයෙන්ද) යනු, රාගචරිතයා කෙරෙහි මායා හෙවත් ඇති දොස් වසන්කරන බවය, සාඨෙය්‍ය හෙවත් නැති ගුණ පළකරනබවය, උඩඟු බවය, පාපිච්ඡතාය, මහිච්ඡතාය, අසන්තුට්ඨිතාය, අහිරිකතා හෙවත් අලජ්ජිභාවය, ලොල්බවය, යන මේ ආදී ස්වභාවයෝ බහුලව පවත්නාහුය. ද්වේෂ චරිතයා කෙරෙහි ක්‍රෝධය, වෛරය, ගුණමකුබවය, දරදඬුබවය, ඊර්‍ෂ්‍යාය, මසුරුබවය, යන මේ ආදී ස්වභාවයෝ බහුල වෙති. මෝහ චරිතයා කෙරෙහි වනාහි, උදාසීනබවය, සිතෙහි මැලිබවය, නොසන්සුන්බවය, විපිළිසරය, විචිකිච්ඡාය ආධානගාහී (වැරදි දෙය දැඩිව ගැනීම ඇති) බවය, වැරදි ග්රහණයෙන් මුදවනු නොහැකිබවය, යන මේ ආදී ස්වභාවයෝ බහුල වෙති. ශ්රද්ධාචරිතය කෙරෙහි ලාභාපේක්ෂාවෙන් තොර ත්යාගවත්බවය, ආර්යයන් දක්නා කැමැතිබවය, දහම් අසනු රිසිබවය, ප්‍රමෝද බහුලබවය, කුලාදීන් කෙරෙහි නොඇලුණ බවය, ඇති දොස් වසන් නොකරන බවය, පැහැදියයුතු තැන පැහැදීමය යන මේ ආදී ස්වභාවයෝ බහුල වෙති. බුද්ධිචරිතයා කෙරෙහි සුවච බවය, කල්යාණමිත්රබවය, බොජුනෙහි පමණ දන්නා බවය, සිහිනුවණ ඇතිබවය, අප්රමාදී බවය, සංවේග කටයුතු තන්හි සංවේග වනබවය, සංවේගයට පත්ව නුවණින් වීර්ය වඩනබවය යන මේ ආදී ස්වභාවයෝ බහුලව පවත්නාහ. විතර්ක චරිතයා කෙරෙහි දොඩමලු බවය, ගණයා කෙරෙහි ඇලුණු බවය, කුසල්දහම් කෙරෙහි නොඇලෙනබවය, තැන්පත් නොවූ සිත් ඇතිබවය, රාත්‍රිභාගයෙහි නොයෙක් දේ ගැන විතර්ක සිතිවිලි ඇතිබවය, දිවාභාගයෙහි එම විතර්කයන් ක්‍රියාත්මක කරනබවය, අරමුණින් අරමුණට සිත දිවෙනබවය, යන මේ ආදී ස්වභාවයෝ බහුලව පවත්නාහුය. මෙසේ ගතිපැවතුම් වශයෙන් චර්යාවන් පළ කරන්නේය.
යස්මා පන ඉදං චරියාවිභාවනවිධානං සබ්බාකාරෙන නෙව පාළියං න අට්ඨකථායං ආගතං, කෙවලං ආචරියමතානුසාරෙන වුත්තං, තස්මා න සාරතො පච්චෙතබ්බං. රාගචරිතස්ස හි වුත්තානි ඉරියාපථාදීනි දොසචරිතාදයොපි අප්පමාදවිහාරිනො කාතුං සක්කොන්ති. සංසට්ඨචරිතස්ස ච පුග්ගලස්ස එකස්සෙව භින්නලක්ඛණා ඉරියාපථාදයො න උපපජ්ජන්ති. යං පනෙතං අට්ඨකථාසු චරියාවිභාවනවිධානං වුත්තං, තදෙව සාරතො පච්චෙතබ්බං. වුත්තඤ්හෙතං “චෙතොපරියඤාණස්ස ලාභී ආචරියො චරියං ඤත්වා කම්මට්ඨානං කථෙස්සති, ඉතරෙන අන්තෙවාසිකො පුච්ඡිතබ්බො”ති. තස්මා චෙතොපරියඤාණෙන වා තං වා පුග්ගලං පුච්ඡිත්වා ජානිතබ්බං. අයං පුග්ගලො රාගචරිතො, අයං දොසාදීසු අඤ්ඤතරචරිතොති.
යම්හෙයකින් වනාහි මෙම චර්යාවිභාවනවිධිය සියලු ආකාරයෙන් පෙළෙහි හෝ අටුවායෙහි හෝ නොආයේද, හුදෙක් ආචාර්යමතානුසාරයෙන් කියන ලද්දේ වේද, එහෙයින් සාර වශයෙන් ගතයුතු නොවේ. රාගචරිතය පිළිබඳව කියනලද ඉරියවු ආදිය අප්රමාදවිහරණ ඇති ද්වේෂ චරිතාදීහුද කරනු සමත් වෙති. මුසුවූ චරිත ඇති එක්ම පුද්ගලයකුට භින්නලක්ෂණ සහිත ඉරියවු ආදිය නොයෙදේ. අටුවායෙහි යම් මේ චර්යාවිභාවන විධානයක් කියන ලද්දේ ද එයම සාර වශයෙන් ගතයුතු වේ. කියනලද මැයි: පරසිත් දන්නා නුවණලද ආචාර්යතෙමේ චර්යාවන් දැන කමටහන් කියන්නේය. අන්‍යයන් විසින් අතවැසියා පිළිවිසිය යුතු වන්නේය. එහෙයින් පරචිත්තවිජානන ඥානයෙන් හෝ (කමටහන් ඉල්ලන) එම පුද්ගලයා පිළිවිස හෝ මේ පුද්ගලයා රාගචරිත ඇත්තෙකි, මේ ද්වේෂාදී කිසියම් චරිතයක් ඇත්තෙකි’යි දතයුතු වේ.
කිං චරිතස්ස පුග්ගලස්ස කිං සප්පායන්ති එත්ථ පන සෙනාසනං තාව රාගචරිතස්ස අධොතවෙදිකං භූමට්ඨකං අකතපබ්භාරකං තිණකුටිකං පණ්ණසාලාදීනං අඤ්ඤතරං රජොකිණ්ණං ජතුකාභරිතං ඔලුග්ගවිලුග්ගං අතිඋච්චං වා අතිනීචං වා උජ්ජඞ්ගලං සාසඞ්කං අසුචිවිසමමග්ගං, යත්ථ මඤ්චපීඨම්පි මඞ්කුණභරිතං දුරූපං දුබ්බණ්ණං, යං ඔලොකෙන්තස්සෙව ජිගුච්ඡා උප්පජ්ජති, තාදිසං සප්පායං. නිවාසනපාරුපනං අන්තච්ඡින්නං ඔලම්බවිලම්බසුත්තකාකිණ්ණං ජාලපූවසදිසං සාණි විය ඛරසම්ඵස්සං කිලිට්ඨං භාරිකං කිච්ඡපරිහරණං සප්පායං. පත්තොපි දුබ්බණ්ණො මත්තිකාපත්තො වා ආණිගණ්ඨිකාහතො අයොපත්තො වා ගරුකො දුස්සණ්ඨානො සීසකපාලමිව ජෙගුච්ඡො වට්ටති. භික්ඛාචාරමග්ගොපි අමනාපො අනාසන්නගාමො විසමො වට්ටති. භික්ඛාචාරගාමොපි යත්ථ මනුස්සා අපස්සන්තා විය චරන්ති, යත්ථ එකකුලෙපි භික්ඛං අලභිත්වා නික්ඛමන්තං “එහි, භන්තෙ”ති ආසනසාලං පවෙසෙත්වා යාගුභත්තං දත්වා ගච්ඡන්තා ගාවී විය වජෙ පවෙසෙත්වා අනපලොකෙන්තා ගච්ඡන්ති, තාදිසො වට්ටති . පරිවිසකමනුස්සාපි දාසා වා කම්මකරා වා දුබ්බණ්ණා දුද්දසිකා කිලිට්ඨවසනා දුග්ගන්ධා ජෙගුච්ඡා, යෙ අචිත්තීකාරෙන යාගුභත්තං ඡඩ්ඩෙන්තා විය පරිවිසන්ති, තාදිසා සප්පායා. යාගුභත්තඛජ්ජකම්පි ලූඛං දුබ්බණ්ණං සාමාකකුද්රූසකකණාජකාදිමයං පූතිතක්කං බිලඞ්ගං ජිණ්ණසාකසූපෙය්යං යංකිඤ්චිදෙව කෙවලං උදරපූරමත්තං වට්ටති. ඉරියාපථොපිස්ස ඨානං වා චඞ්කමො වා වට්ටති. ආරම්මණං නීලාදීසු වණ්ණකසිණෙසු යංකිඤ්චි අපරිසුද්ධවණ්ණන්ති ඉදං රාගචරිතස්ස සප්පායං.
කිංචරිතස්ස පුග්ගලස්ස කිං සප්පායංති යනු කවර චරිත ඇත්තහුට කුමක් සප්පාය වේද? යන මෙහි වනාහි පළමුකොට රාගචරිත ඇත්තහුට, පිරිසුදු නොකරනලද වේදිකා ඇති තනිමහල් ගේය, පිරියම් නොකළ ගිරිගුහාය, තෘණයෙන් කළ කුටිය, පර්ණශාලා හෙවත් කොළ අතු සෙවෙනි කළ ගේය, යන මේ ආදිය අතුරෙන් කිසියම් සෙනස්නක් පථ්‍ය වේ. එයද දූවිල්ලෙන් වැසුණු, වවුලන් ගැවසුණ, ගරාවැටුණු, ඉතා උස් හෝ ඉතා මිටි, රළු ගෙබිම් සහිත වල්සතුන්ගෙන් වන බිය නිසා ශංකා දනවනසුලු, අපිරිසුදු විෂම මං ඇති සෙනස්නක් වීම සුදුසු වේ. යම් සෙනස්නෙක ඇති ඇඳපුටු මකුණන් වසා ඇත්නම්, විරූපව දුර්වර්ණව ගියේනම්, බලන්නකුට පිළිකුල් දනවනසුලු වූයේ නම්, එබඳු සෙනස්න රාගචරිතයාහට සප්පාය වේ. හඳනා පොරෝනාද නුවා (වාටි) ඉරී ගොස් දැල් පූවක් (ආස්සදයක්) මෙන් එතැනින් මෙතැනින් එල්බෙන නූල්කැබැලි ඇත්තේනම්, හණපිළියක් සෙයින් රළුපහස් ඇත්තේනම්, කිලිටිවූයේනම්, බරවූයේනම්, දුකසේ පරිහරණය කළයුතු වේනම්, එවන් හඳනා පොරෝනා සප්පාය වේ. පාත්‍රයද දුර්වර්ණ වූවක්නම්, මැටියෙන් කරනලද්දක්නම්, නැතහොත්, ඇණ ගැට සහිතවූ, හිස් කබලක් මෙන් පිළිකුල් උපදවන, බර යකඩ පාත්‍රයක් නම් යෝග්‍ය වේ, පිඬු පිණිස හැසිරෙන මාර්ගයද මනරම් නොවූ, අසල ගමක් වැනි වළගොඩලි සහිත මාර්ගයක් සුදුසු වේ. පිඬු පිණිස හැසිරෙන ගමද නුදුටුවන් ලෙස හැසිරෙන මිනිසුන් ඇති, එකද ගෙයකින් කිසි භික්ෂාවක් නොලැබ නික්මෙන විට, එනු මැනවි ස්වාමීනි’යි ආපනශාලාවට ඇරලා, කැඳ බත් පිළිගන්වා යන්නාහු, දෙනක් ගාලට ඇරලා යන්නවුන් මෙන් (හරසර නැතිව) යෙත්නම්, එවන් ගමක් යෝග්‍ය වේ. දන් වළඳවන මිනිස්සුද දාසයෝ වෙත්වයි, කම්කරුවෝ වෙත්වයි, දුර්වර්ණ වූවාහු, දැකීමට අප්රියවූවාහු, කිලිටි ඇඳුම් ඇත්තාහු දුර්ගන්ධ වූවාහු පිළිකුල් උපදවන්නාහු, නොසැලකිල්ලෙන් කැඳබත් ආදිය දමා ගසන්නවුන් මෙන් වළඳවත්ද, එබඳුවූවෝ සප්පාය වෙති. කැඳ බත් කැවිලි ආදියද රළුවූ දුර්වර්ණ වූ අමු, කුරහන්, නිවුඩු සහල් ආදියෙන් කළ, සූප සඳහා පිළුණු මොහොරු, කාඩි, මේරූ පලා ආදිය සහිත වූ, හුදෙක් කුස පිරෙන පමණවූ යම් කිසිවක් යෝග්‍ය වේ. මොහුට ඉරියවු වශයෙන් සිටීම හෝ සක්මන් කිරීම යෝග්‍ය වේ. අරමුණු වශයෙන්, නීල ආදී වර්ණ කසීණයන් අතුරෙන් කිසියම් දුඹුල් වර්ණයක් පථ්‍ය වේ. මේ රාගචරිතයාහට සප්පායයි.
දොසචරිතස්ස සෙනාසනං නාතිඋච්චං නාතිනීචං ඡායූදකසම්පන්නං සුවිභත්තභිත්තිථම්භසොපානං සුපරිනිට්ඨිතමාලාකම්මලතාකම්මනානාවිධචිත්තකම්මසමුජ්ජලසමසිනිද්ධමුදුභූමිතලං බ්රහ්මවිමානමිව කුසුමදාමවිචිත්රවණ්ණචෙලවිතානසමලඞ්කතං සුපඤ්ඤත්තසුචිමනොරමත්ථරණමඤ්චපීඨං තත්ථ තත්ථ වාසත්ථාය නික්ඛිත්තකුසුමවාසගන්ධසුගන්ධං යං දස්සනමත්තෙනෙව පීතිපාමොජ්ජං ජනයති, එවරූපං සප්පායං. තස්ස පන සෙනාසනස්ස මග්ගොපි සබ්බපරිස්සයවිමුත්තො සුචිසමතලො අලඞ්කතපටියත්තොව වට්ටති. සෙනාසනපරික්ඛාරොපෙත්ථ කීටමඞ්කුණදීඝජාතිමූසිකානං නිස්සයපරිච්ඡින්දනත්ථං නාතිබහුකො, එකමඤ්චපීඨමත්තමෙව වට්ටති. නිවාසනපාරුපනම්පිස්ස චීනපට්ටසොමාරපට්ටකොසෙය්යකප්පාසිකසුඛුමඛොමාදීනං යං යං පණීතං, තෙන තෙන එකපට්ටං වා දුපට්ටං වා සල්ලහුකං සමණසාරුප්පෙන සුරත්තං සුද්ධවණ්ණං වට්ටති. පත්තො උදකපුප්ඵුළමිව සුසණ්ඨානො මණි විය සුමට්ඨො නිම්මලො සමණසාරුප්පෙන සුපරිසුද්ධවණ්ණො අයොමයො වට්ටති. භික්ඛාචාරමග්ගො පරිස්සයවිමුත්තො සමො මනාපො නාතිදූරනාච්චාසන්නගාමො වට්ටති. භික්ඛාචාරගාමොපි යත්ථ මනුස්සා “ඉදානි අය්යො ආගමිස්සතී”ති සිත්තසම්මට්ඨෙ පදෙසෙ ආසනං පඤ්ඤාපෙත්වා පච්චුග්ගන්ත්වා පත්තං ආදාය ඝරං පවෙසෙත්වා පඤ්ඤත්තාසනෙ නිසීදාපෙත්වා සක්කච්චං සහත්ථා පරිවිසන්ති, තාදිසො වට්ටති. පරිවෙසකා පනස්ස යෙ හොන්ති අභිරූපා පාසාදිකා සුන්හාතා සුවිලිත්තා ධූපවාසකුසුමගන්ධසුරභිනො නානාවිරාගසුචිමනුඤ්ඤවත්ථාභරණපටිමණ්ඩිතා සක්කච්චකාරිනො, තාදිසා සප්පායා. යාගුභත්තඛජ්ජකම්පි වණ්ණගන්ධරසසම්පන්නං ඔජවන්තං මනොරමං සබ්බාකාරපණීතං යාවදත්ථං වට්ටති. ඉරියාපථොපිස්ස සෙය්යා වා නිසජ්ජා වා වට්ටති, ආරම්මණං නීලාදීසු වණ්ණකසිණෙසු යංකිඤ්චි සුපරිසුද්ධවණ්ණන්ති ඉදං දොසචරිතස්ස සප්පායං.
ද්වේෂ චරිතයාහට ඉතා උස්නොවූ ඉතා මිටිද නොවූ ඡායෝදක සම්පන්න වූ, මනා කඩවසමින් යුතු බිත්ති, ටැම්, පියගැටපෙළ සහිත මොනවට නිමාකළ මල්කම් ලියකම් ඇති, නොයෙක් සිත්තමින් බබලන, සම වූ සිනිදු මුදු ගෙබිම් ඇති, බඹවිමනක් සෙයින් මල්දම් විසිතුරු පැහැයෙන් යුත් වස්ත්‍රයෙන් කළ වියනින් සමලංකෘත වූ, මනාකොට පනවනලද පිරිසුදු මනරම් ඇතිරිලි සහිත ඇද පුටු ඇති, තන්හි තන්හි සුවඳ ගන්වනු පිණිස තබනලද මල් හා වත්සුණු සුවඳින් සුවඳවත්වූ දර්ශන මාත්‍රයෙන්ම ප්‍රීති ප්‍රමෝදය දනවන, මෙවන් වූ සෙනස්නෙක් සප්පාය වේ. එම සෙනස්නට පිවිසෙන පාරද සියලු උවදුරුවලින් මිදුණු, පිරිසුදුවූ, සමතලාවු, අලංකාරයෙන් පිළියෙළ කරන ලද්දක්ම යෝග්‍ය වේ. සෙනසුන් පිරිකරද: කෘමීන් මකුණන්, සපුන් හා මීයන්ගේ ඇසුර වලකාලනු පිණිස බොහෝ නොවන ලෙසින්-එක් ඇඳක් හා පුටුවක්ම යෝග්‍ය වේ. මොහුගේ හඳනා පොරෝනාද, චීන දේශයෙහි පට, සෝමාර (සුමේර්) දේශයෙහි පට, කෝසෙය්‍ය (කසීසළු), සිනිඳු කපුපිළී, සිනිඳු කොමුපිළි ආදිය අතුරෙන් ප්‍රණීත වූ යම්කිසි වස්ත්‍ර ජාතියෙකින් තනිපට හෝ දෙපටකොට තනනලද, සැහැල්ලු වූ, ශ්‍රමණසාරුප්‍ය වනසේ සුපිරිසුදු රත් පැහැ ගන්වන ලද්දක් සප්පාය වේ. පාත්‍රයද, දියබුබුලක් මෙන් කඩවසම් ඇති, මැණිකක් මෙන් සුමට වූ, නිර්මල වූ, ශ්රමණසාරූප්ය ලෙසින් සුපිරිසුදු පැහැ ඇති යකඩින් කරන ලද්දක් යෝග්‍ය වේ. පිඬු පිණිස හැසිරෙන මඟද, උවදුරු රහිතවූ, මනාපවූ, ඉතා දුර හෝ ඉතා අසල් නොවූවක්ම පථ්‍ය වේ. පිඬු පිණිස පිවිසෙන ගමද, මිනිස්සු ‘දැන් දැන් ආර්යයන් වහන්සේ වඩිති’යි දිය ඉස හමදනාලද පෙදෙසක අසුන් පනවා, පෙර ගමන් ගොස් පාත්‍රය ගෙන ගෙට වඩම්වා, පනවන ලද අසුන්හි වඩා හිඳුවා මනාකොට සියතින්ම වළඳවත්නම් සප්පාය වේ. වළඳවන ජනයාද, මනා රූ ඇත්තාහු, ප්‍රසාද දනවනසුලු වූවාහු, නහා විලවුන් ගත්තාහු, ගඳදුම්මලින් සුවඳවත් වූවාහු, නොයෙක් විසිතුරු පිවිතුරු මනරම් ඇදුමින් පැළඳුමින් සැරසුණාහු මනාකොට කටයුතු කෙරෙත් නම්, එවන් ජනයා සප්පාය වෙති. කැඳ බත් කැවිලි ආදියද, පැහැයෙන් ගඳින් රසින් යුක්ත වූයේ, පෝෂ්‍යජනක වූයේ මනරම් වූයේ, සැම අතින්ම ප්‍රණීත වූයේ, කැමතිතාක් සුදුසු වේ. ඉරියවු වශයෙන්ද, ඔහුට වැදහෙවීම හෝ හිඳීම සප්පාය වේ. අරමුණු වශයෙන්ද, නීලාදී වර්ණකසිණ අතුරෙන් සුපිරිසුදු පැහැ ඇති යම්කිසි වර්ණයක් සුදුසු වේ. මේ ද්වේෂචරිතයාහට සප්පායයි.
මොහචරිතස්ස සෙනාසනං දිසාමුඛං අසම්බාධං වට්ටති, යත්ථ නිසින්නස්ස විවටා දිසා ඛායන්ති , ඉරියාපථෙසු චඞ්කමො වට්ටති. ආරම්මණං පනස්ස පරිත්තං සුප්පමත්තං සරාවමත්තං වා (ඛුද්දකං) න වට්ටති. සම්බාධස්මිඤ්හි ඔකාසෙ චිත්තං භිය්යො සම්මොහමාපජ්ජති, තස්මා විපුලං මහාකසිණං වට්ටති. සෙසං දොසචරිතස්ස වුත්තසදිසමෙවාති ඉදං මොහචරිතස්ස සප්පායං.
මෝහචරිතයාහට යම් සේනාසනයෙක්හි හුන් කල දිශාවෝ විවෘතව දිස්වෙත් නම්, එලෙසින් දිශාවනට අභිමුඛ වූ මුවහ නොවූ සේනාසනය යෝග්‍ය වේ. ඉරියවු වශයෙන්, සක්මන් කිරීම යෝග්‍ය වේ. මොහුට ස්වල්ප වූ, කුඩා කුල්ලක් හෝ මලාවක් (කොරහක්) තරම්වූ සුලු අරමුණක් නොසෑහේ, මුවහවූ තන්හි සිත බොහෝ සෙයින් මුළාවට පත්වේ, එහෙයින් විශාල වූ මහත් වූ කසිණයක් යෝග්‍ය වේ. සෙසු කරුණු ද්වේෂචරිතයාහට කී නියායි, මේ මෝහචරිතයාහට සප්පායයි.
සද්ධාචරිතස්ස සබ්බම්පි දොසචරිතම්හි වුත්තවිධානං සප්පායං. ආරම්මණෙසු චස්ස අනුස්සතිට්ඨානම්පි වට්ටති.
ශ්‍රද්ධා චරිතයාහට ද්වේශ චරිතයා පිළිබඳව කියනලද සියලුම විධානයෝ සප්පාය වෙති. අරමුණු වශයෙන් මොහුට බුද්ධානුස්සති ආදී අනුස්සති කර්මස්ථාන සයද යෝග්‍ය වේ.
බුද්ධිචරිතස්ස සෙනාසනාදීසු ඉදං නාම අසප්පායන්ති නත්ථි.
බුද්ධි චරිතයාහට සේනාසන ආදියෙහි මේ අසප්පායයි දැක්වියයුතු කිසිවක් නැත.
විතක්කචරිතස්ස සෙනාසනං විවටං දිසාමුඛං යත්ථ නිසින්නස්ස ආරාමවනපොක්ඛරණීරාමණෙය්යකානි ගාමනිගමජනපදපටිපාටියො නීලොභාසා ච පබ්බතා පඤ්ඤායන්ති, තං න වට්ටති, තඤ්හි විතක්කවිධාවනස්සෙව පච්චයො හොති, තස්මා ගම්භීරෙ දරීමුඛෙ වනප්පටිච්ඡන්නෙ හත්ථිකුච්ඡිපබ්භාරමහින්දගුහාසදිසෙ සෙනාසනෙ වසිතබ්බං. ආරම්මණම්පිස්ස විපුලං න වට්ටති. තාදිසඤ්හි විතක්කවසෙන සන්ධාවනස්ස පච්චයො හොති. පරිත්තං පන වට්ටති.
විතර්ක චරිතයාහට යම් සේනාසනයෙක්හි හුන් විට අරම්, උයන්, පොකුණු ආදියෙන් රමණීය වූ ගම් නියම්ගම් ජනපද පිළිවෙළද, නිල්පැහැති ගිරිකුළුද දිස්වේ නම්, විවෘතව දිශාවනට අභිමුඛ වූ එවන් සෙනසුනක් යෝග්‍ය නොවේ. එය වනාහි විතර්ක ධාවනයටම හේතුවේ. එහෙයින් හත්ථිකුච්ඡිපබ්හාර, මහින්දගුහා ආදී වන ගහණයෙන් මුවහවූ ගැඹුරු ගිරිගුහා සේනාසනයෙක්හි විසීම සුදුසුය. මොහුට විශාල වූ අරමුණුද නොවටී. එවැන්නක් විතර්ක ධාවනයට හේතුවේ, කුඩා අරමුණු වටී.
සෙසං රාගචරිතස්ස වුත්තසදිසමෙවාති ඉදං විතක්කචරිතස්ස සප්පායං. අයං අත්තනො චරියානුකූලන්ති එත්ථ ආගතචරියානං පභෙදනිදානවිභාවනසප්පායපරිච්ඡෙදතො විත්ථාරො. න ච තාව චරියානුකූලං කම්මට්ඨානං සබ්බාකාරෙන ආවිකතං. තඤ්හි අනන්තරස්ස මාතිකාපදස්ස විත්ථාරෙ සයමෙව ආවිභවිස්සති.
සෙසු කරුණු රාගචරිතය පිළිබඳව කී නිසායි. මේ විතර්ක චරිතයාහට සප්පායයි. මේ අත්තනො චරියානුකුලං (තමාගේ චරිතයට අනුකූලවන) යයි මෙහි දැක්වුණු ප්‍රභේද-විධාන-විභාවන-සප්පාය යන මේ කරුණු පිළිබඳ විස්තරයයි. චරියානුකුල කර්මස්ථානය සියලු ආකාරයෙන් තවමත් ප්‍රකාශ කරන ලද්දේ නොවේ. එය වනාහි අනතුරුව කියනු ලබන මාතෘකාපද විස්තරයෙහි තෙමේම ප්‍රකට වන්නේය.