3. කම්මට්ඨානග්ගහණනිද්දෙසො
3. කම්මට්ඨානගහන නිද්දේසය
ඉදානි යස්මා එවං ධුතඞ්ගපරිහරණසම්පාදිතෙහි අප්පිච්ඡතාදීහි ගුණෙහි පරියොදාතෙ ඉමස්මිං සීලෙ පතිට්ඨිතෙන “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො, චිත්තං පඤ්ඤඤ්ච භාවය”න්ති වචනතො චිත්තසීසෙන නිද්දිට්ඨො සමාධි භාවෙතබ්බො. සො ච අතිසඞ්ඛෙපදෙසිතත්තා විඤ්ඤාතුම්පි තාව න සුකරො, පගෙව භාවෙතුං, තස්මා තස්ස විත්ථාරඤ්ච භාවනානයඤ්ච දස්සෙතුං ඉදං පඤ්හාකම්මං හොති.
ඉක්බිති යම්හෙයකින් මෙසේ ධුතංගපරිහරණයෙන් සම්පාදිත වූ අල්පේච්ඡතාදී ගුණයෙන් පිරිසිදු කරන ලද මේ ශීලයෙහි පිහිටියහු විසින්, ‘සිලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං’ යන වචනයෙන් චිත්ත ශීර්ෂයෙන් නිර්දිෂ්ට සමාධිය වැඩිය යුතු වේද, එයද ඉතා සැකෙවින් දෙසනලද බැවින් දැනගැනීම පවා සුකර නොවේ, වැඩීම ගැන කියනු කිම? එහෙයින්, එය පිළිබඳ විස්තරයද, වැඩීමේ ක්රමයද, දක්වනු පිණිස මේ ප්‍රශ්න කිරීම වේ.
කො සමාධි? කෙනට්ඨෙන සමාධි? කානස්ස ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානානි? කතිවිධො සමාධි? කො චස්ස සංකිලෙසො? කිං වොදානං? කථං භාවෙතබ්බො? සමාධිභාවනාය කො ආනිසංසොති?
සමාධි යනු කිමෙක්ද? කවර අරුතෙකින් සමාධි නම් වේද? එහි ලක්ඛණ-රස-පච්චුපට්ඨාන-පදට්ඨානයෝ කවරහුද? සමාධිය කී ආකාර වේද, එහි කිලුටුවීම කවරේද? පිරිසුදු වීම කවරේද? කෙසේ වැඩියයුතු වේද? සමාධි භාවනාවෙහි ආනිශංස කවරේද?
තත්රිදං විස්සජ්ජනං. කො සමාධීති සමාධි බහුවිධො නානප්පකාරකො. තං සබ්බං විභාවයිතුං ආරබ්භමානං විස්සජ්ජනං අධිප්පෙතඤ්චෙව අත්ථං න සාධෙය්ය, උත්තරි ච වික්ඛෙපාය සංවත්තෙය්ය, තස්මා ඉධාධිප්පෙතමෙව සන්ධාය වදාම, කුසලචිත්තෙකග්ගතා සමාධි.
මේ එහි විසඳීමයි: සමාධි යනු කිමෙක්දැ’යි යතහොත්: සමාධිය බොහෝ ආකාර ඇත්තේ වේ, නොයෙක් ආකාර ඇත්තේය, ඒ සියල්ල පැහැදිලි කරනු වස් විසදීම ආරම්භ කළහොත් එය අභිප්රේතාර්ත්ථය සාධනය නොකරයි. එමතුද නොව, වික්ෂේපය පිණිස පවත්නේය. එහෙයින් මෙහි අභිප්රේතයම සලකා කුසල් සිතෙහි එකඟබව සමාධියයි පවසමු.
කෙනට්ඨෙන සමාධීති සමාධානට්ඨෙන සමාධි. කිමිදං සමාධානං නාම? එකාරම්මණෙ චිත්තචෙතසිකානං සමං සම්මා ච ආධානං, ඨපනන්ති වුත්තං හොති. තස්මා යස්ස ධම්මස්සානුභාවෙන එකාරම්මණෙ චිත්තචෙතසිකා සමං සම්මා ච අවික්ඛිපමානා අවිප්පකිණ්ණා ච හුත්වා තිට්ඨන්ති, ඉදං සමාධානන්ති වෙදිතබ්බං.
කවර අරුතකින් සමාධියයි කියනු ලැබේදයත්, සමාධානාර්ත්ථයෙන් සමාධි නම්වේ, මේ සමාධාන නම් කිමෙක්දයත්, එක් අරමුණෙක්හි චිත්ත චෛතසිකයන් සමසේද මනාසේද පිහිටුවීමැයි, තැබීමැයි කියනලදි. එහෙයින් යම් ධර්මයෙක අනුහසින් චිත්ත චෛතසිකයෝ එක් අරමුණෙක්හි සමසේ මනාසේ නොවිසිර, නිරවුල්වී සිටිත්ද මෙය සමාධානයයි දතයුතුය.
කානස්ස ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානානීති එත්ථ පන අවික්ඛෙපලක්ඛණො සමාධි, වික්ඛෙපවිද්ධංසනරසො, අවිකම්පනපච්චුපට්ඨානො. “සුඛිනො චිත්තං සමාධියතී”ති වචනතො පන සුඛමස්ස පදට්ඨානං.
එහි ලක්ෂණ-රස-පච්චුපට්ඨාන -පදට්ඨානයෝ කවරහුද? මෙහි වනාහි සමාධිය නොවිසිර සිටීම ලක්‍ෂණකොට ඇත්තේය. විසිරීම නැතිකරන බව රස හෙවත් කෘත්‍ය කොට ඇත්තේය. නොසැලීම මෙහි වැටහීම නොහොත් ආසන්න කාරණය කොට ඇත්තේය. ‘සුඛිනො චිත්තං සමාධියති’යි කී හෙයින් සුවය මෙහි පදට්ඨාන (පදනම) යි.
කතිවිධො සමාධීති අවික්ඛෙපලක්ඛණෙන තාව එකවිධො. උපචාරඅප්පනාවසෙන දුවිධො, තථා ලොකියලොකුත්තරවසෙන සප්පීතිකනිප්පීතිකවසෙන සුඛසහගතඋපෙක්ඛාසහගතවසෙන ච. තිවිධො හීනමජ්ඣිමපණීතවසෙන , තථා සවිතක්කසවිචාරාදිවසෙන පීතිසහගතාදිවසෙන පරිත්තමහග්ගතප්පමාණවසෙන ච. චතුබ්බිධො දුක්ඛාපටිපදාදන්ධාභිඤ්ඤාදිවසෙන, තථා පරිත්තපරිත්තාරම්මණාදිවසෙන චතුඣානඞ්ගවසෙන හානභාගියාදිවසෙන කාමාවචරාදිවසෙන අධිපතිවසෙන ච. පඤ්චවිධො පඤ්චකනයෙ පඤ්චඣානඞ්ගවසෙනාති.
සමාධිය කී ආකාර වන්නේද? නොවිසිරීම් ලක්ෂණයෙන් එක්ම ආකාර වේ. උපචාර අර්පණා වශයෙන් දෙ-ආකාර වේ, එසේම ලෞකික ලෝකෝත්තර වශයෙන්ද, පීති සහිත, පීති රහිත වශයෙන්ද, සුඛසහගත උපේක්ෂා සහගත වශයෙන්ද, දෙආකාර වේ. හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් තුන් ආකාර වේ. එසේම සවිතක්ක සවිචාරාදි වශයෙන්ද, පීතිසහගතාදී වශයෙන්ද, පරිත්ත, මහග්ගත, අප්පමාණ වශයෙන්ද තුන් ආකාර වේ. දුක්ඛපටිපදා, දන්ධාභිඤ්ඤාදී වශයෙන්ද, පරිත්ත, පරිත්තාරම්මණාදී වශයෙන්ද, චතුඣානාංග වශයෙන්ද, හානභාගියාදී වශයෙන්ද, කාමාවචරාදී වශයෙන්ද, අධිපති වශයෙන්ද, සිවු ආකාර වේ. පඤ්චකනය අනුව පංචඣානාංග වශයෙන් පස් ආකාර වේ.