සමාධිතිකවණ්ණනා
සමාධිතිකවණ්ණනා
සමාධිතිකවණ්ණනා
තිකෙසු පඨමත්තිකෙ පටිලද්ධමත්තො හීනො, නාතිසුභාවිතො මජ්ඣිමො, සුභාවිතො වසිප්පත්තො පණීතොති එවං හීනමජ්ඣිමපණීතවසෙන තිවිධො.
ත්‍රිකයන් අතුරෙන් ප්‍රථම ත්‍රිකයෙහි, ලබා නොබෝකල්වූයේ හීන නමි, බෝකල් නොවඩනා ලදුයේ මධ්‍යම නමි, මැනවින් වඩනා ලදුයේ, වසීභාවයට පත්වූයේ ප්‍රණීත නමි; මෙසේ හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් ත්‍රිවිධ වේ.
දුතියත්තිකෙ පඨමජ්ඣානසමාධි සද්ධිං උපචාරසමාධිනා සවිතක්කසවිචාරො. පඤ්චකනයෙ දුතියජ්ඣානසමාධි අවිතක්කවිචාරමත්තො. යො හි විතක්කමත්තෙයෙව ආදීනවං දිස්වා විචාරෙ අදිස්වා කෙවලං විතක්කප්පහානමත්තං ආකඞ්ඛමානො පඨමජ්ඣානං අතික්කමති, සො අවිතක්කවිචාරමත්තං සමාධිං පටිලභති. තං සන්ධායෙතං වුත්තං. චතුක්කනයෙ පන දුතියාදීසු පඤ්චකනයෙ තතියාදීසු තීසු ඣානෙසු එකග්ගතා අවිතක්කාවිචාරො සමාධීති එවං සවිතක්කසවිචාරාදිවසෙන තිවිධො.
දෙවන ත්‍රිකයෙහි ප්‍රථම ධ්‍යාන සමාධිය උපචාර සමාධියත් සමග ගෙන සවිතක්ක-සවිචාර නම් වේ, පංචකනයෙහි ද්විතීය ධ්‍යාන සමාධිය අවිතක්ක-විචාර මාත්‍ර වේ, යමෙක් වනාහි විතර්ක මාත්‍රයෙහිම ආදීනව දැක විචාරයෙහි ආදීනව නොදැක, හුදෙක් විතර්කප්රහාණයම අපේක්ෂා කරමින් ප්‍රථමධ්‍යානය ඉක්මවයිද, හේ තෙමේ අවිතර්ක විචාරමාත්‍ර වූ සමාධිය ලබයි, මෙය ඒ සඳහා කියන ලදි. චතුෂ්කනයෙහි වනාහි ද්විතීයාදී වූද, පංචකනයෙහි තෘතීයාදීවූද ධ්‍යානත්‍රයයෙහි වන ඒකාග්‍රතාව අවිතක්ක අවිචාර නම් වේ. මෙසේ සවිතක්ක-සවිචාරාදී (සවිතක්ක-සවිචාර, අවිතක්ක-සවිචාර, අවිතක්ක-අවිචාර- වශයෙන් ත්‍රිවිධ වේ.
තතියත්තිකෙ චතුක්කනයෙ ආදිතො ද්වීසු පඤ්චකනයෙ ච තීසු ඣානෙසු එකග්ගතා පීතිසහගතො සමාධි. තෙස්වෙව තතියෙ ච චතුත්ථෙ ච ඣානෙ එකග්ගතා සුඛසහගතො සමාධි. අවසානෙ උපෙක්ඛාසහගතො. උපචාරසමාධි පන පීතිසුඛසහගතො වා හොති උපෙක්ඛාසහගතො වාති එවං පීතිසහගතාදිවසෙන තිවිධො.
තුන්වන ත්‍රිකයෙහි, චතුෂ්කනයෙහි මුල පටන් ධ්‍යාන දෙකෙකද, පංචකනයෙහි තුනෙකද වන ඒකාග්‍රතාව පීති සහගත සමාධියයි, එහිම (පිළිවෙළින්) තෘතීය හෝ චතුර්ත්ථ ධ්‍යානයෙහි වන ඒකාග්‍රතාව සුඛසහගත සමාධියයි, එහිම (පිළිවෙළින්) අවසන්හි වන (චතුර්ත්ථ හෝ පංචම) ධ්යනයෙහි වන ඒකාග්‍රතාව උපේක්ෂා සහගත සමාධියයි, උපචාර සමාධිය පීති සුඛ සහගත හෝ උපෙක්ඛා සහගත හෝ වේ. මෙසේ පීති සහගතාදී (පීති-සහගත, සුඛ-සහගත, උපෙක්ඛා සහගත) වශයෙන් තුන් ආකාර වේ.
චතුත්ථත්තිකෙ උපචාරභූමියං එකග්ගතා පරිත්තො සමාධි. රූපාවචරාරූපාවචරකුසලෙ එකග්ගතා මහග්ගතො සමාධි. අරියමග්ගසම්පයුත්තා එකග්ගතා අප්පමාණො සමාධීති එවං පරිත්තමහග්ගතප්පමාණවසෙන තිවිධො.
සිවුවන ත්‍රිකයෙහි උපචාර භූමියෙහි වන ඒකාග්‍රතාව පරිත්ත සමාධියයි, රූපාවචර අරූපාවචර කුශල විෂයෙහි වන ඒකාග්‍රතාව මහග්ගත සමාධියයි, ආර්යමාර්ග පිළිබඳ ඒකාග්‍රතාව අප්පමාණ සමාධියයි. මෙසේ පරිත්ත, මහග්ගත, අප්පමාණ වශයෙන් තුන් ආකාර වේ.