යෙදුමෙන් කියවන්න

සමාධිචතුක‍්කවණ‍්ණනා

සමාධිචතුක‍්කවණ‍්ණනා

සමාධිචතුක්කවණ්ණනා

චතුක‍්කෙසු පඨමචතුක‍්කෙ අත්‍ථි සමාධි දුක‍්ඛාපටිපදො දන්‍ධාභිඤ‍්ඤො, අත්‍ථි දුක‍්ඛාපටිපදො ඛිප‍්පාභිඤ‍්ඤො, අත්‍ථි සුඛාපටිපදො දන්‍ධාභිඤ‍්ඤො, අත්‍ථි සුඛාපටිපදො ඛිප‍්පාභිඤ‍්ඤොති.

චතුෂ්කයන් අතුරෙන් ප්‍රථම චතුෂ්කයෙහි දුඃඛප්‍රතිපදා හා අවිශද ප්‍රඥා සහිත සමාධියෙක් ඇත, දුඃඛ ප්‍රතිපදා හා තීක්‍ෂණ ප්‍රඥා සහිත සමාධියෙක්ද ඈත, සුඛප්‍රතිපදා හා අවිශදප්‍රඥා සහිත සමාධියෙක්ද ඇත. සුඛප්‍රතිපදා හා තීක්‍ෂණ ප්‍රඥා සහිත සමාධියෙක්ද ඇත.

තත්‍ථ පඨමසමන‍්නාහාරතො පට‍්ඨාය යාව තස‍්ස තස‍්ස ඣානස‍්ස උපචාරං උප‍්පජ‍්ජති, තාව පවත‍්තා සමාධිභාවනා පටිපදාති වුච‍්චති. උපචාරතො පන පට‍්ඨාය යාව අප‍්පනා, තාව පවත‍්තා පඤ‍්ඤා අභිඤ‍්ඤාති වුච‍්චති. සා පනෙසා පටිපදා එකච‍්චස‍්ස දුක‍්ඛා හොති, නීවරණාදිපච‍්චනීකධම‍්මසමුදාචාරගහණතාය කිච‍්ඡා අසුඛාසෙවනාති අත්‍ථො. එකච‍්චස‍්ස තදභාවෙන සුඛා. අභිඤ‍්ඤාපි එකච‍්චස‍්ස දන්‍ධා හොති මන්‍දා අසීඝප‍්පවත‍්ති. එකච‍්චස‍්ස ඛිප‍්පා අමන්‍දා සීඝප‍්පවත‍්ති.

එහි පළමුවර පිවිසීමෙහි පටන් ඒ ඒ ධ්‍යානයෙහි යම්තාක් උපචාරය උපදියිද ඒතාක් පවත්නා සමාධිභාවනාව පටිපදා යයි කියනු ලැබේ. උපචාරයෙහි පටන් යම්තාක් අර්පණාව වේද ඒතාක් පවත්නා ප්‍රඥාව අභිඤ්ඤා යයි කියනු ලැබේ. එහි ප්‍රතිපදාව ඇතැමකුට දුක්සහිත වේ. නීවරණ ආදී ප්‍රතිපක්‍ෂ ධර්මයන්ගේ පරිචය හා ග්‍රහණය හේතුකොටගෙන ආයාසකර වේ. ඇතැමකුට එසේ නොවීමෙන් සුඛසහිත වේ. අභිඥාවද ඇතැමකුට අවිශද (දන්‍ධ) වේ, මන්‍ද වූ ශීඝ්‍ර නොවූ පැවතුම් ඇත්තේ වේ. ඇතැමකුට ක්‍ෂණික වූ අමන්‍ද වූ ශීඝ්‍ර වූ පැවතුම් ඇත්තේ වේ.

තත්‍ථ යානි පරතො සප‍්පායාසප‍්පායානි ච පලිබොධුපච‍්ඡෙදාදීනි පුබ‍්බකිච‍්චානි ච අප‍්පනාකොසල‍්ලානි ච වණ‍්ණයිස‍්සාම, තෙසු යො අසප‍්පායසෙවී හොති, තස‍්ස දුක‍්ඛා පටිපදා දන්‍ධා ච අභිඤ‍්ඤා හොති. සප‍්පායසෙවිනො සුඛා පටිපදා ඛිප‍්පා ච අභිඤ‍්ඤා. යො පන පුබ‍්බභාගෙ අසප‍්පායං සෙවිත්‍වා අපරභාගෙ සප‍්පායසෙවී හොති, පුබ‍්බභාගෙ වා සප‍්පායං සෙවිත්‍වා අපරභාගෙ අසප‍්පායසෙවී, තස‍්ස වොමිස‍්සකතා වෙදිතබ‍්බා. තථා පලිබොධුපච‍්ඡෙදාදිකං පුබ‍්බකිච‍්චං අසම‍්පාදෙත්‍වා භාවනමනුයුත‍්තස‍්ස දුක‍්ඛා පටිපදා හොති. විපරියායෙන සුඛා. අප‍්පනාකොසල‍්ලානි පන අසම‍්පාදෙන‍්තස‍්ස දන්‍ධා අභිඤ‍්ඤා හොති. සම‍්පාදෙන‍්තස‍්ස ඛිප‍්පා.

එහිලා සප්පාය අසප්පායයන්ද, පලිබෝධ නාශනාදී පූර්ව කෘත්‍යයන්ද, අර්පණා කුශලතාවන්ද මතු විස්තර කරන්නමු. ඔවුන් අතුරෙන් යමෙක් අසප්පායයන් සේවනය කරන්නේද ඔහුට දුඃඛප්‍රතිපදා ද අවිශදප්‍රඥා ද වන්නේය, සප්පායයන් සෙවුනාහට සුඛප්‍රතිපදා ද විශදප්‍රඥා ද වන්නේය. යමෙක් වනාහි පූර්වභාගයෙහි අසප්පායයන් සේවනය කොට අපරභාගයෙහි සප්පායයන් සේවනය කරන්නේද, පූර්වභාගයෙහි සප්පායයන් සේවනය කොට අපරභාගයෙහි අසප්පායයන් සේවනය කරන්නේද, ඔහුට මිශ්‍රඵල වන්නේ යයි දතයුතුය. එසේම පලිබොධනාශනාදී පූර්වකෘත්‍යයන් නොසපයා භාවනාවෙහි යෙදෙන්නහුට දුඃඛප්‍රතිපදා වේ, එහි විපර්යය හේතුකොටගෙන සුඛප්‍රතිපදා වේ. අර්පණා කුශලතාවන් නොසපයන්නහුට අවිශද අභිඥා වේ, සපයන්නහුට ශීඝ්‍ර අභිඥා වේ, තවද තෘෂ්ණා අවිද්‍යා වශයෙන්ද සමථ විපස්සනාධිකාර වශයෙන්ද මෙම ප්‍රතිපදා අභිඥාවන් පිළිබඳ ප්‍රභේදය දතයුතුය:

අපිච තණ‍්හාඅවිජ‍්ජාවසෙන සමථවිපස‍්සනාධිකාරවසෙන චාපි එතාසං පභෙදො වෙදිතබ‍්බො. තණ‍්හාභිභූතස‍්ස හි දුක‍්ඛා පටිපදා හොති. අනභිභූතස‍්ස සුඛා. අවිජ‍්ජාභිභූතස‍්ස ච දන්‍ධා අභිඤ‍්ඤා හොති. අනභිභූතස‍්ස ඛිප‍්පා. යො ච සමථෙ අකතාධිකාරො, තස‍්ස දුක‍්ඛා පටිපදා හොති. කතාධිකාරස‍්ස සුඛා. යො පන විපස‍්සනාය අකතාධිකාරො හොති, තස‍්ස දන්‍ධා අභිඤ‍්ඤා හොති, කතාධිකාරස‍්ස ඛිප‍්පා. කිලෙසින්‍ද්‍රියවසෙන චාපි එතාසං පභෙදො වෙදිතබ‍්බො. තිබ‍්බකිලෙසස‍්ස හි මුදින්‍ද්‍රියස‍්ස දුක‍්ඛා පටිපදා හොති දන්‍ධා ච අභිඤ‍්ඤා, තික‍්ඛින්‍ද්‍රියස‍්ස පන ඛිප‍්පා අභිඤ‍්ඤා. මන්‍දකිලෙසස‍්ස ච මුදින්‍ද්‍රියස‍්ස සුඛා පටිපදා හොති දන්‍ධා ච අභිඤ‍්ඤා. තික‍්ඛින්‍ද්‍රියස‍්ස පන ඛිප‍්පා අභිඤ‍්ඤාති.

තෘෂ්ණාවෙන් මඩනා ලද්දහුට දුඃඛ ප්‍රතිපදා වේ, නොමඩනා ලද්දහුට සුඛප්‍රතිපදා වේ, අවිද්‍යාවෙන් මඩනා ලද්දහුට අවිශද අභිඥා වේ, නොමඩනා ලද්දහුට ශීඝ්‍ර අභිඥා වේ. යමෙක් සමථ භාවනාවෙහි පෙර (අත්බැව්හි කළ) පුරුදු නැත්තේ වේද, ඔහුට දුඃඛ ප්‍රතිපදා වේ, පෙර පුරුදු ඇත්තහුට සුඛ ප්‍රතිපදා වේ, යමෙක් වනාහි විදර්ශනා විෂයෙහි පෙර පුරුදු නැත්තේ වේද, ඔහුට අවිශද අභිඥා වේ, පෙරපුරුදු ඇත්තහුට ශීඝ්‍ර අභිඥා වේ. ක්ලේශ හා ඉන්‍ද්‍රිය වශයෙන්ද මෙම ප්‍රතිපදා අභිඥාවන් පිළිබඳ ප්‍රභේදය දතයුතුය. තීව්‍ර ක්ලේශ හා මෘදු ඉන්‍ද්‍රිය ඇත්තහුට දුඃඛ ප්‍රතිපදාද අවිශද අභිඥාද වේ. තීක්‍ෂණ ඉන්‍ද්‍රිය ඇත්තහුට ශීඝ්‍ර අභිඥා වේ, මන්‍ද ක්ලේශ හා මෘදු ඉන්‍ද්‍රිය ඇත්තහුට සුඛප්‍රතිපදාද අවිශද අභිඥා ද වේ, තීක්‍ෂණ ඉන්‍ද්‍රිය ඇත්තහුට ශීඝ්‍ර අභිඥා වේ.

ඉති ඉමාසු පටිපදාඅභිඤ‍්ඤාසු යො පුග‍්ගලො දුක‍්ඛාය පටිපදාය දන්‍ධාය ච අභිඤ‍්ඤාය සමාධිං පාපුණාති, තස‍්ස සො සමාධි දුක‍්ඛාපටිපදො දන්‍ධාභිඤ‍්ඤොති වුච‍්චති. එස නයො සෙසත‍්තයෙපීති එවං දුක‍්ඛාපටිපදාදන්‍ධාභිඤ‍්ඤාදිවසෙන චතුබ‍්බිධො.

මෙසේ මෙම ප්‍රතිපදා අභිඥාවන් විෂයෙහි යම් පුද්ගලයෙක් තෙමේ දුඃඛප්‍රතිපදාවෙන් හා අවිශද අභිඥාවෙන් සමාධියට පැමිණේද ඔහුගේ එම සමාධිය දුඃඛ ප්‍රතිපදා හා අවිශද අභිඥා සහිතයයි කියනු ලැබේ. සෙසු තුන් තන්හිද මෙම ක්‍රමය වේ. මෙසේ දුක්‍ඛපටිපදා දන්‍ධාභිඤ්ඤා ආදී වශයෙන් චතුර්විධ වේ.

දුතියචතුක‍්කෙ අත්‍ථි සමාධි පරිත‍්තො පරිත‍්තාරම‍්මණො, අත්‍ථි පරිත‍්තො අප‍්පමාණාරම‍්මණො, අත්‍ථි අප‍්පමාණො පරිත‍්තාරම‍්මණො, අත්‍ථි අප‍්පමාණො අප‍්පමාණාරම‍්මණොති. තත්‍ථ යො සමාධි අප‍්පගුණො උපරිඣානස‍්ස පච‍්චයො භවිතුං න සක‍්කොති, අයං පරිත‍්තො. යො පන අවඩ‍්ඪිතෙ ආරම‍්මණෙ පවත‍්තො, අයං පරිත‍්තාරම‍්මණො. යො පගුණො සුභාවිතො, උපරිඣානස‍්ස පච‍්චයො භවිතුං සක‍්කොති, අයං අප‍්පමාණො. යො ච වඩ‍්ඪිතෙ ආරම‍්මණෙ පවත‍්තො, අයං අප‍්පමාණාරම‍්මණො. වුත‍්තලක‍්ඛණවොමිස‍්සතාය පන වොමිස‍්සකනයො වෙදිතබ‍්බො. එවං පරිත‍්තපරිත‍්තාරම‍්මණාදිවසෙන චතුබ‍්බිධො.

දෙවන චතුෂ්කයෙහි: නොවැඩුණු, නොවඩනලද අරමුණු ඇති සමාධියෙක් ඇත, නොවැඩුණු පමණ කළ නොහැකි අරමුණු ඇති සමාධියෙක් ඇත. පමණ කළ නොහැකි නොවඩනා ලද අරමුණු ඇති සමාධියෙක් ඇත. පමණ කළ නොහැකි අරමුණුද ඇති සමාධියෙක් ඇත. එහි යම් සමාධියක් ප්‍රගුණ නොකරන ලද්දේ ද, මතුධ්‍යානයට හේතුවීමටද නොහැක්කේද, මේ නොවැඩුණු (පරිත්ත) ධ්‍යානයයි, යම් ධ්‍යානයක් නොවඩනාලද අරමුණෙහි පවතී නම්, මේ පරිත්තාරම්මණ හෙවත් නොවඩනාලද අරමුණු ඇති ධ්‍යානයයි, යම් ධ්‍යානයක් ප්‍රගුණ කරනලදුයේ මනාව වැඩුණේ මතු ධ්‍යානයට හේතුවියහැක්කේද මේ අප්පමාණ හෙවත් මනාව වැඩුණු ධ්‍යානයයි, යම් ධ්‍යානයක් වඩනාලද අරමුණෙහි පවතී නම්, මේ අප්පමාණාරම්මණ හෙවත් මනාසේ වඩනාලද අරමුණු සහිත සමාධියයි. මෙකී ලක්‍ෂණ මුසුවීම හේතුකොටගෙන වොමිස්සක නය හෙයත් මිශ්‍රවීමේ ක්‍රමය (න්‍යායය) දතයුතුය. මෙසේ පරිත්ත, පරිත්තාරම්මණ ආදී වශයෙන් චතුර්විධ වේ.

තතියචතුක‍්කෙ වික‍්ඛම‍්භිතනීවරණානං විතක‍්කවිචාරපීතිසුඛසමාධීනං වසෙන පඤ‍්චඞ‍්ගිකං පඨමං ඣානං, තතො වූපසන‍්තවිතක‍්කවිචාරං තිවඞ‍්ගිකං දුතියං, තතො විරත‍්තපීතිකං දුවඞ‍්ගිකං තතියං, තතො පහීනසුඛං උපෙක‍්ඛාවෙදනාසහිතස‍්ස සමාධිනො වසෙන දුවඞ‍්ගිකං චතුත්‍ථං. ඉති ඉමෙසං චතුන‍්නං ඣානානං අඞ‍්ගභූතා චත‍්තාරො සමාධී හොන‍්ති. එවං චතුඣානඞ‍්ගවසෙන චතුබ‍්බිධො.

තුන්වන චතුෂ්කයෙහි: විසුරුවාහළ නීවරණ සහිත වූ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා වශයෙන් අංග පසෙකින් යුත් ප්‍රථමධ්‍යානයද, ඉක්බිති මුලිනුපුටා දැමූ විතක්ක විචාර සහිතවූ අංග තුනෙකින් යුත් ද්විතීය ධ්‍යානයද, ඉක්බිති පීති රහිතවූ අංග දෙකෙකින් යුත් තෘතීය ධ්‍යානයද, ඉක්බිති සුඛවේදනා ප්‍රහීණ කළ, උපෙක්‍ඛාවෙදනා සහිතවූ අංග දෙකකින් යුත් චතුර්ත්‍ථ ධ්‍යානයද වේ. මෙසේ මේ ධ්‍යාන සතරෙහි අංග වූ සමාධි සතරෙක් වේ, මෙසේ චතුර්ධ්‍යාන වශයෙන් චතුර්විධ වේ.

චතුත්‍ථචතුක‍්කෙ අත්‍ථි සමාධි හානභාගියො, අත්‍ථි ඨිතිභාගියො, අත්‍ථි විසෙසභාගියො, අත්‍ථි නිබ‍්බෙධභාගියො. තත්‍ථ පච‍්චනීකසමුදාචාරවසෙන හානභාගියතා, තදනුධම‍්මතාය සතියා සණ‍්ඨානවසෙන ඨිතිභාගියතා, උපරිවිසෙසාධිගමවසෙන විසෙසභාගියතා, නිබ‍්බිදාසහගතසඤ‍්ඤාමනසිකාරසමුදාචාරවසෙන නිබ‍්බෙධභාගියතා ච වෙදිතබ‍්බා. යථාහ, “පඨමස‍්ස ඣානස‍්ස ලාභිං කාමසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති හානභාගිනී පඤ‍්ඤා. තදනුධම‍්මතා සති සන‍්තිට‍්ඨති ඨිතිභාගිනී පඤ‍්ඤා. අවිතක‍්කසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති විසෙසභාගිනී පඤ‍්ඤා. නිබ‍්බිදාසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති විරාගූපසඤ‍්හිතා නිබ‍්බෙධභාගිනී පඤ‍්ඤා”ති (විභ· 799). තාය පන පඤ‍්ඤාය සම‍්පයුත‍්තා සමාධීපි චත‍්තාරො හොන‍්තීති. එවං හානභාගියාදිවසෙන චතුබ‍්බිධො.

සිවුවන චතුෂ්කයෙහි: හානභාගීය (පිරිහීමට නැඹුරු), සමාධියෙක් ඇත, ඨිතිභාගිය (නොවැඩී සිටි) සමාධියෙක් ඇත, විසෙසභාගීය විශේෂ අධිගමයන් පිණිස යන) සමාධියෙක් ඇත, නිබ්බෙධභාගීය (නිර්වේදයට නැඹුරු) සමාධියෙක්ද ඇත. එහි ප්‍රතිපක්‍ෂ ධර්මයන්ගේ පැළඹීමෙන් හානභාගීතාව වේ, අනුරූප වූ ස්මෘතිය පිහිටුවීම් වශයෙන් ඨිතිභාගිතාවද, මතු විශේෂාධිගම වශයෙන් විසෙසභාගිතාවද, ආදීනවදර්ශන සහිත සංඥා මනස්කාරයන්ගේ පැළඹීම් වශයෙන් නිබ්බෙධභාගිතාවද වෙතැ’යි දතයුතුය. යම්ස් කියන ලද්දේ ද: ‘ප්‍රථමධ්‍යාන ලාභියා කෙරෙහි කාමරාග සහගත සඤ්ඤාමනසිකාරයෝ පැළඹෙත් නම්, හානභාගීනි ප්‍රඥාවද, අනුරූප ස්මෘතිය පිහිටා නම් ඨිතිභාගිනී ප්‍රඥාවද අවිතර්ක සහගත සඤ්ඤා මනසිකාරයෝ පැළඹෙත් නම් විසේසභාගිනී ප්‍රඥාවද, නිර්වේද සහගත සඤ්ඤා මනසිකාරයෝ පැළඹෙත් නම් විරාගසහිත වූ නිබ්බෙධභාගිනී ප්‍රඥාවද වෙතැ’යි ඒ ප්‍රඥාව හා සම්ප්‍රයුක්ත වූ සමාධියද චතුර්විධ වේ. මෙසේ හානභාගීය ආදී වශයෙන් චතුර්විධ වේ.

පඤ‍්චමචතුක‍්කෙ කාමාවචරො සමාධි, රූපාවචරො සමාධි, අරූපාවචරො සමාධි, අපරියාපන‍්නො සමාධීති එවං චත‍්තාරො සමාධී. තත්‍ථ සබ‍්බාපි උපචාරෙකග‍්ගතා කාමාවචරො සමාධි. තථා රූපාවචරාදිකුසලචිත‍්තෙකග‍්ගතා ඉතරෙ තයොති එවං කාමාවචරාදිවසෙන චතුබ‍්බිධො.

පස්වන චතුෂ්කයෙහි කාමවචර සමාධිය, රූපාවචර සමාධිය, අරූපාවචර සමාධිය, අපරියාපන්න සමාධියයි මෙසේ සමාධි සතරෙක් වේ. එහි උපචාර එකග්ගතා සියල්ලම කාමාවචර සමාධි වේ, ඉතිරි තුන රූපාවචරාදී කුශලචිත්තයන් පිළිබඳ ඒකාග්‍රතාවයි. මෙසේ කාමාවචරාදී වශයෙන් චතුර්විධ වේ.

ඡට‍්ඨචතුක‍්කෙ “ඡන්‍දං චෙ භික‍්ඛු අධිපතිං කරිත්‍වා ලභති සමාධිං, ලභති චිත‍්තස‍්සෙකග‍්ගතං, අයං වුච‍්චති ඡන්‍දසමාධි…පෙ… වීරියං චෙ භික‍්ඛු…පෙ… චිත‍්තං චෙ භික‍්ඛු…පෙ… වීමංසං චෙ භික‍්ඛු අධිපතිං කරිත්‍වා ලභති සමාධිං, ලභති චිත‍්තස‍්සෙකග‍්ගතං , අයං වුච‍්චති වීමංසාසමාධී”ති (විභ· 432; සං· නි· 3.825) එවං අධිපතිවසෙන චතුබ‍්බිධො.

සවන චතුෂ්කයෙහි: ‘ඉදින් භික්‍ෂු තෙමේ ඡන්‍දය අධිපතිකොට සමාධියක්, චිත්තෛකාග්‍රතාවක් ලබන්නේද, මෙය ඡන්‍දසමාධියයි කියනු ලැබේ. -පෙ-වීර්යය අධිපති කොට-පෙ-චිත්තය අධිපතිකොට-පෙ-වීමංසය අධිපති කොට සමාධියක් ලබන්නේද, චිත්තෛකාග්‍රතාවක් ලබන්නේද, මෙය වීමංසාසමාධියයි කියනු ලැබේ’ යයි මෙසේ අධිපති වශයෙන් චතුර්විධ වේ.

පඤ‍්චකෙ යං චතුක‍්කභෙදෙ වුත‍්තං දුතියං ඣානං, තං විතක‍්කමත‍්තාතික‍්කමෙන දුතියං, විතක‍්කවිචාරාතික‍්කමෙන තතියන‍්ති එවං ද‍්විධා භින්‍දිත්‍වා පඤ‍්ච ඣානානි වෙදිතබ‍්බානි. තෙසං අඞ‍්ගභූතා ච පඤ‍්ච සමාධීති එවං පඤ‍්චඣානඞ‍්ගවසෙන පඤ‍්චවිධතා වෙදිතබ‍්බා.

පංචකයෙහි චතුෂ්ක භේදයෙහි (ධ්‍යාන සතරක් ලෙස ගන්නා ක්‍රමයෙහි) ද්විතීය ධ්‍යානයයි යමක් කියන ලද්දේ ද, එය විතර්කය පමණක් ඉක්මවීමෙන් ද්විතීය ධ්‍යානයද, විතර්ක විචාර දෙක ඉක්මවීමෙන් තෘතිය ධ්‍යානයදැයි මෙසේ දෙකක් කොට බෙදීමෙන් පංචධ්‍යානයන් දතයුතුය. එම ධ්‍යානයනට අංග වූ සමාධි පසෙකැයි මෙසේ පංච ධ්‍යානයන්ගේ අංග වශයෙන් පස්වැදෑරුම් බව දතයුතුය.

කො චස‍්ස සංකිලෙසො කිං වොදානන‍්ති එත්‍ථ පන විස‍්සජ‍්ජනං විභඞ‍්ගෙ වුත‍්තමෙව. වුත‍්තඤ‍්හි තත්‍ථ “සංකිලෙසන‍්ති හානභාගියො ධම‍්මො. වොදානන‍්ති විසෙසභාගියො ධම‍්මො”ති (විභ· 828). තත්‍ථ “පඨමස‍්ස ඣානස‍්ස ලාභිං කාමසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති හානභාගිනී පඤ‍්ඤා”ති (විභ· 799) ඉමිනා නයෙන හානභාගියධම‍්මො වෙදිතබ‍්බො. “අවිතක‍්කසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති විසෙසභාගිනී පඤ‍්ඤා”ති (විභ· 799) ඉමිනා නයෙන විසෙසභාගියධම‍්මො වෙදිතබ‍්බො.

කො චස්ස සංකිලෙසො, කිං වොදනං (එහි කිළිටුවීම නම් කිම? පිරිසුදුවීම නම් කිම?) යන මෙහි වනාහි විසඳීම විභංගයෙහි කියන ලදුයේමැයි: ‘එහි කිලිටිවීම නම් හානභාගී ධර්මයි, පිරිසුදුවීම නම් විසේසභාගී ධර්මයයි. කියන ලදී. එහි ප්‍රථමධ්‍යානලාභියා කෙරෙහි කාමසහගත සංඥා මනස්කාරයෝ පැළඹෙත් නම්, ඒ හානභාගී ප්‍රඥායයි යන මේ ආකාරයෙන් හානභාගී ස්වභාවය දතයුතුය. අවිතක්ක සහගත සංඥා මනස්කාරයෝ පැළඹෙත් නම්, විශේෂභාගී ප්‍රඥා යයි යන මේ ආකාරයෙන් විසෙසභාගී ස්වභාවය දතයුතුය.