යෙදුමෙන් කියවන්න

දසපලිබොධවණ‍්ණනා

දසපලිබොධවණ‍්ණනා

දසපලිබොධවණ්ණනා

කථං භාවෙතබ‍්බොති එත්‍ථ පන යො තාව අයං ලොකියලොකුත‍්තරවසෙන දුවිධොතිආදීසු අරියමග‍්ගසම‍්පයුත‍්තො සමාධි වුත‍්තො, තස‍්ස භාවනානයො පඤ‍්ඤාභාවනානයෙනෙව සඞ‍්ගහිතො. පඤ‍්ඤාය හි භාවිතාය සො භාවිතො හොති. තස‍්මා තං සන්‍ධාය එවං භාවෙතබ‍්බොති න කිඤ‍්චි විසුං වදාම.

කථං භාවෙතබ්බො (කෙසේ වැඩිය යුතුදැයි) යන මෙහි ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාර වේ යන ආදියෙහි ආර්යමාර්ග සම්ප්‍රයුක්ත වූ යම් මේ සමාධියක් පළමු කියන ලද්දේ ද, එය වැඩීමේ ක්‍රමය ප්‍රඥාභාවනා ක්‍රමයෙහිම සංගෘහීත වේ, ප්‍රඥාව වැඩීමෙන්ම එය වඩනා ලද්දේ වේ, එහෙයින් එය සඳහා මෙසේ වැඩිය යුතුයයි කිසිවක් වෙන්කොට නොකියමු.

යො පනායං ලොකියො, සො වුත‍්තනයෙන සීලානි විසොධෙත්‍වා සුපරිසුද‍්ධෙ සීලෙ පතිට‍්ඨිතෙන ය‍්වාස‍්ස දසසු පලිබොධෙසු පලිබොධො අත්‍ථි, තං උපච‍්ඡින්‍දිත්‍වා කම‍්මට‍්ඨානදායකං කල්‍යාණමිත‍්තං උපසඞ‍්කමිත්‍වා අත‍්තනො චරියානුකූලං චත‍්තාලීසාය කම‍්මට‍්ඨානෙසු අඤ‍්ඤතරං කම‍්මට‍්ඨානං ගහෙත්‍වා සමාධිභාවනාය අනනුරූපං විහාරං පහාය අනුරූපෙ විහාරෙ විහරන‍්තෙන ඛුද‍්දකපලිබොධුපච‍්ඡෙදං කත්‍වා සබ‍්බං භාවනාවිධානං අපරිහාපෙන‍්තෙන භාවෙතබ‍්බොති අයමෙත්‍ථ සඞ‍්ඛෙපො.

යම් මේ ලෞකික සමාධියක් වේද, එය යට කියනලද සෙයින් ශීලය පිරිසුදු කොටගෙන සුපිරිසුදු ශීලයෙහි පිහිටා දශපලිබෝධයන් අතුරෙන් යම් පලිබෝධයක් ඇතොත්, එය පසිඳගෙන කමටහන් දෙන කල්‍යාණමිත්‍රයකු කරා එළඹ සතළිස් කමටහන් අතුරෙන් තමාගේ චරිතයට අනුකුලවූ යම්කිසි කමටහනක් ගෙන, සමාධි භාවනාවට නොසුදුසු විහාරය අත්හැර සුදුසු විහාරයෙක්හි වෙසෙමින්, සුලු පලිබෝධ කිසිවක් ඇතොත් එයද සිඳලා සියලු භාවනාවිධි නොපිරිහෙළා වැඩිය යුතුය යනු මෙහි සංක්‍ෂිප්ත අර්ත්‍ථයි.

අයං පන විත්‍ථාරො, යං තාව වුත‍්තං “ය‍්වාස‍්ස දසසු පලිබොධෙසු පලිබොධො අත්‍ථි, තං උපච‍්ඡින්‍දිත්‍වා”ති, එත්‍ථ –

විශේෂ විස්තරාර්ත්‍ථ මෙසේය: දශ පලිබෝධයන් අතුරෙන් යම් පලිබොධයක් ඇතොත් එය පසිඳ ගෙනැ’යි යමක් පළමු කියන ලද්දේ ද, මෙහි,

ආවාසො ච කුලං ලාභො, ගණො කම‍්මඤ‍්ච පඤ‍්චමං; අද‍්ධානං ඤාති ආබාධො, ගන්‍ථො ඉද‍්ධීති තෙ දසාති. –

ආවාසො ච කුලං ලාභො ගණො කම්මඤ්ච පඤ්චමං අද්ධානං ඤාති ආබාධො ගන්‍ථො ඉද්ධීති තෙ දස

අවාසයද, කුලයද, (ප්‍රත්‍යය) ලාභයද, (සුත්තන්තික ආදී) ගණයද, පස්වැනිවූ නවකම්ද, (දුෂ්කර) ගමන් මාර්ගයද, (ආචාර්ය උපාධ්‍යාය ආදී) ඥාතීහුද, රෝගාබාධද, (පර්යාප්ති ආදී) ග්‍රන්‍ථද, (ලෞකික) සෘද්ධියද

ඉමෙ දස පලිබොධා නාම. තත්‍ථ ආවාසොයෙව ආවාසපලිබොධො. එස නයො කුලාදීසු.

යන මේ දශය පලිබොධ නම් වේ. එහි ආවාස පලිබොධ නම් ආවාසයමැයි, කුල ආදියෙහිද මෙම න්‍යායයි.

තත්‍ථ ආවාසොති එකොපි ඔවරකො වුච‍්චති එකම‍්පි පරිවෙණං සකලොපි සඞ‍්ඝාරාමො. ස‍්වායං න සබ‍්බස‍්සෙව පලිබොධො හොති. යො පනෙත්‍ථ නවකම‍්මාදීසු උස‍්සුක‍්කං වා ආපජ‍්ජති, බහුභණ‍්ඩසන‍්නිචයො වා හොති, යෙන කෙනචි වා කාරණෙන අපෙක‍්ඛවා පටිබද‍්ධචිත‍්තො, තස‍්සෙව පලිබොධො හොති, න ඉතරස‍්ස.

එහි ආවාස යනු, එක් කුටියක් හෝ, එක් පිරිවෙණක් හෝ මුළු සංඝාරාමයම හෝ ආවාසයයි කියනු ලැබේ. ඒ මේ ආවාසය සියල්ලනටම පලිබොධ නොවේ. යමෙක් වනාහි මේ ආවාසයෙහි නවකම් ආදිය කෙරෙහි උත්සුකබවට පත් වේනම්, බොහෝ භාණ්ඩයන් රැස් කරන්නේ හෝ වේනම්, යම් කරුණක් හේතුකොට අපේක්‍ෂා ඇත්තේ, එය වෙත නැඹුරු සිත් ඇත්තේ වේනම්, එවැන්නහුටම පලිබොධ වේ, අන් කෙනකුට නොවේ.

තත්‍රිදං වත්‍ථු – ද‍්වෙ කිර කුලපුත‍්තා අනුරාධපුරා නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන ථූපාරාමෙ පබ‍්බජිංසු. තෙසු එකො ද‍්වෙ මාතිකා පගුණා කත්‍වා පඤ‍්චවස‍්සිකො හුත්‍වා පවාරෙත්‍වා පාචිනඛණ‍්ඩරාජිං නාම ගතො. එකො තත්‍ථෙව වසති. පාචිනඛණ‍්ඩරාජිගතො තත්‍ථ චිරං වසිත්‍වා ථෙරො හුත්‍වා චින‍්තෙසි “පටිසල‍්ලානසාරුප‍්පමිදං ඨානං, හන්‍ද නං සහායකස‍්සාපි ආරොචෙමී”ති. තතො නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන ථූපාරාමං පාවිසි. පවිසන‍්තංයෙව ච නං දිස‍්වා සමානවස‍්සිකත්‍ථෙරො පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරං පටිග‍්ගහෙත්‍වා වත‍්තං අකාසි. ආගන‍්තුකත්‍ථෙරො සෙනාසනං පවිසිත්‍වා චින‍්තෙසි “ඉදානි මෙ සහායො සප‍්පිං වා ඵාණිතං වා පානකං වා පෙසෙස‍්සති. අයඤ‍්හි ඉමස‍්මිං නගරෙ චිරනිවාසී”ති. සො රත‍්තිං අලද‍්ධා පාතො චින‍්තෙසි “ඉදානි උපට‍්ඨාකෙහි ගහිතං යාගුඛජ‍්ජකං පෙසෙස‍්සතී”ති. තම‍්පි අදිස‍්වා “පහිණන‍්තා නත්‍ථි, පවිට‍්ඨස‍්ස මඤ‍්ඤෙ දස‍්සතී”ති පාතොව තෙන සද‍්ධිං ගාමං පාවිසි. තෙ ද‍්වෙ එකං වීථිං චරිත්‍වා උළුඞ‍්කමත‍්තං යාගුං ලභිත්‍වා ආසනසාලායං නිසීදිත්‍වා පිවිංසු. තතො ආගන‍්තුකො චින‍්තෙසි “නිබද‍්ධයාගු මඤ‍්ඤෙ නත්‍ථි, භත‍්තකාලෙ ඉදානි මනුස‍්සා පණීතං භත‍්තං දස‍්සන‍්තී”ති, තතො භත‍්තකාලෙපි පිණ‍්ඩාය චරිත්‍වා ලද‍්ධමෙව භුඤ‍්ජිත්‍වා ඉතරො ආහ – “කිං, භන‍්තෙ, සබ‍්බකාලං එවං යාපෙථා”ති? ආමාවුසොති. භන‍්තෙ, පාචිනඛණ‍්ඩරාජි ඵාසුකා, තත්‍ථ ගච‍්ඡාමාති. ථෙරො නගරතො දක‍්ඛිණද‍්වාරෙන නික‍්ඛමන‍්තො කුම‍්භකාරගාමමග‍්ගං පටිපජ‍්ජි. ඉතරො ආහ – “කිං පන, භන‍්තෙ, ඉමං මග‍්ගං පටිපන‍්නත්‍ථා”ති? නනු ත්‍වමාවුසො, පාචිනඛණ‍්ඩරාජියා වණ‍්ණං අභාසීති? කිං පන, භන‍්තෙ, තුම‍්හාකං එත‍්තකං කාලං වසිතට‍්ඨානෙ න කොචි අතිරෙකපරික‍්ඛාරො අත්‍ථීති? ආමාවුසො මඤ‍්චපීඨං සඞ‍්ඝිකං, තං පටිසාමිතමෙව, අඤ‍්ඤං කිඤ‍්චි නත්‍ථීති. මය‍්හං පන, භන‍්තෙ , කත‍්තරදණ‍්ඩො තෙලනාළි උපාහනත්‍ථවිකා ච තත්‍ථෙවාති. තයාවුසො, එකදිවසං වසිත්‍වා එත‍්තකං ඨපිතන‍්ති? ආම, භන‍්තෙ. සො පසන‍්නචිත‍්තො ථෙරං වන්‍දිත්‍වා “තුම‍්හාදිසානං, භන‍්තෙ, සබ‍්බත්‍ථ අරඤ‍්ඤවාසොයෙව. ථූපාරාමො චතුන‍්නං බුද‍්ධානං ධාතුනිධානට‍්ඨානං, ලොහපාසාදෙ සප‍්පායං ධම‍්මස‍්සවනං මහාචෙතියදස‍්සනං ථෙරදස‍්සනඤ‍්ච ලබ‍්භති, බුද‍්ධකාලො විය පවත‍්තති. ඉධෙව තුම‍්හෙ වසථා”ති දුතියදිවසෙ පත‍්තචීවරං ගහෙත්‍වා සයමෙව අගමාසීති. ඊදිසස‍්ස ආවාසො න පලිබොධො හොති.

එහිලා මේ කථා වස්තුවෙකි: කුලපුත්හු දෙදෙනෙක් අනුරාධපුරයෙන් නික්ම ථූපාරාමයෙහි පැවිදි වූහ. ඔවුනතුරෙන් එක් කෙනෙක් මාතෘකා දෙකක් ප්‍රගුණ කොට උපසපන් පස්වස් ඇතිව පවාරණ කොට පාචීනඛණ්ඩරාජියට ගියේය, අනෙක් භික්‍ෂු තෙමේ එහිම වාසය කළේය. පාචීනඛණ්ඩරාජීයට ගිය භික්‍ෂු තෙමේ එහි බොහෝ කලක් වැස ස්ථවිර කෙනකු බවට පත්ව මෙසේ සිතීය. මෙතන විවේක විහරණයට සරුප් වේ, එහෙයින් සහායකයා හටද ඒ බව දන්වමි. මෙසේ සිතා එතැනින් නික්ම පිළිවෙළින් ථූපාරාමයට සැපත් විය. සමවයක වූ යහළු භික්‍ෂු තෙමේද පිවිසෙන විටම දැක පෙරගමන් ගොස් පාසිවුරු පිළිගෙන වත්පිළිවෙත් කළේය. ආගන්තුක භික්‍ෂු තෙමේ සෙනසුනට පිවිස මෙසේ සිතීය: ‘දැන් මාගේ යහළු තෙමේ ගිතෙල් හෝ පැණි හෝ පානයක් හෝ එවන්නේය, මේ තෙමේ මේ නගරයෙහි බොහෝ කලක් වාසය කළේය’. හේ තෙමේ රාත්‍රියෙහි කිසිවක් නොලැබ පහන් වූ කල, ‘දැන් උපස්ථායකයන් විසින් එවනලද හුළුකැඳ හා අවුලුපත් එවන්නේය’යි සිතීය. එයද නොදැක, ‘එවන්නට කෙනකු නැතුවා විය යුතුය, පිවිසි විට දෙන්නාහුයයි සිතා උදෑසනින්ම සහායක භික්‍ෂුව හා සමග ගමට පිවිසියේය. ඔවුහු දෙදෙනා එක් වීදියෙක හැසිර සරළුවක් (හැන්දක්) පමණ හුළුකැඳ ලැබ ආසනශාලාවෙහි හිඳ වැළඳූහ. ඉක්බිති ආගන්තුක ස්ථවිර තෙමේ ‘නිබඳව දෙන හුළුකැඳක් නැතැයි සිතමි, දැන් බත් වේලාවෙහි මිනිස්සු ප්‍රණීත ලෙස බත් දෙන්නාහුය’යි සිතීය. ඉක්බිති බත් වේලාවෙහිද පිඬු පිණිස හැසිර ලද දෙයක්ම වළඳා, ‘කිමෙක්ද ස්වාමීනි, හැමදාම මෙසේ යැපෙන්නහුදැ’යි ඇසීය. ‘එසේය ඇවැත්නි’යි කීය. ‘ස්වාමීනි, පාචීනඛණ්ඩරාජිය පහසුය එහි යම්හයි කීය. ස්ථවිර තෙමේ දකුණු දොරටුවෙන් නගරයෙන් නික්ම කුඹල්ගමට යන මඟට පිවිසියේය. අනෙක් ස්ථවිර තෙමේ, ‘කිමෙක්ද, ස්වාමීනි, මේ මඟට පිළිපන්නහුදැයි කීය. ‘ඇවැත්නි, ඔබ පාචීනඛණ්ඩරාජියෙහි වරුණ කීවා නොවේද?’ ‘කිමෙක්ද ස්වාමීනි, මෙපමණ කල් වාසය කළ තැන ඔබවහන්සේට (ගෙනයායුතු) අතිරේක පිරිකර කිසිවක් නැද්ද? එසේය ඇවැත්නි, ඇඳ හා පුටුව සඟ සතුය, එය සකස්කොට තබා ඇත. අන් කිසිවක් නැත. ‘ස්වාමීනි, මාගේ වනාහි සැරයටියද, තෙල්නලයද, වහන්පසුම්බියද එහි යයි කීය. ‘ඇවැත්නි, ඔබ එක් දිනක් වැස මෙතෙක් දෑ තබා ආවහුදැයි කීය. ‘එසේය ස්වාමීනියි කියා, හේ (ආගන්තුක ස්ථවිර) තෙමේ පහන් සිත් ඇතිව, තෙරුන් වැඳ, ‘ස්වාමීනි, ඔබවහන්සේ වැන්නවුනට සියලු තන්හිම අරණ්‍යවාසය වේ. ථූපාරාමය සිවු බුදුවරයන්ගේම ධාතූන් නිදහන්කළ තැනෙකි, ලෝහ ප්‍රාසාදයෙහි සප්පාය වූ ධර්මශ්‍රවණය ඇත, මහසෑය දැකීමද, ස්ථවිර භික්‍ෂූන් දැකීමද ලැබේ, බුද්ධකාලය මෙන් පවතී, ඔබ වහන්සේ මෙතන්හිම වසනු මැනවැයි දෙවන දවස්හි පාසිවුරු ගෙන තනිවම ගියේය. මෙවැන්නහුට ආවාසය පලිබෝධ නොවේ.

කුලන‍්ති ඤාතිකුලං වා උපට‍්ඨාකකුලං වා. එකච‍්චස‍්ස හි උපට‍්ඨාකකුලම‍්පි “සුඛිතෙසු සුඛිතො”තිආදිනා (විභ· 888; සං· නි· 4.241) නයෙන සංසට‍්ඨස‍්ස විහරතො පලිබොධො හොති, සො කුලමානුසකෙහි විනා ධම‍්මස‍්සවනාය සාමන‍්තවිහාරම‍්පි න ගච‍්ඡති. එකච‍්චස‍්ස මාතාපිතරොපි පලිබොධා න හොන‍්ති, කොරණ‍්ඩකවිහාරවාසිත්‍ථෙරස‍්ස භාගිනෙය්‍යදහරභික‍්ඛුනො විය.

කුලං යනු, ඥාති කුලය හෝ උපස්ථායක කුලයයි. උපස්ථායක කුලයද, (ඔවුන්) සුවපත්වූ කල සුවපත් වෙමි’යි යන ආදී නයින් ඇලී වාසය කරන ඇතැමකුට පලිබොධ වේ. හේ තෙමේ කුලවැසියන් හා සමග මිස ධර්මශ්‍රවණය පිණිස ආසන්න විහාරයකට පවා තනිවම නොයයි. ඇතැමකුට මාපියෝ පවා පලිබොධ නොවෙති. කෝරණ්ඩක විහාරවාසී තෙරුන්ගේ බෑනණු තරුණ භික්‍ෂුවට මෙනි.

සො කිර උද‍්දෙසත්‍ථං රොහණං අගමාසි. ථෙරභගිනීපි උපාසිකා සදා ථෙරං තස‍්ස පවත‍්තිං පුච‍්ඡති. ථෙරො එකදිවසං දහරං ආනෙස‍්සාමීති රොහණාභිමුඛො පායාසි. දහරොපි “චිරං මෙ ඉධ වුත්‍ථං, උපජ‍්ඣායං දානි පස‍්සිත්‍වා උපාසිකාය ච පවත‍්තිං ඤත්‍වා ආගමිස‍්සාමී”ති රොහණතො නික‍්ඛමි. තෙ උභොපි ගඞ‍්ගාතීරෙ සමාගච‍්ඡිංසු. සො අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ ථෙරස‍්ස වත‍්තං කත්‍වා “කුහිං යාසී”ති පුච‍්ඡිතො තමත්‍ථං ආරොචෙසි. ථෙරො සුට‍්ඨු තෙ කතං, උපාසිකාපි සදා පුච‍්ඡති, අහම‍්පි එතදත්‍ථමෙව ආගතො, ගච‍්ඡ ත්‍වං, අහං පන ඉධෙව ඉමං වස‍්සං වසිස‍්සාමීති තං උය්‍යොජෙසි. සො වස‍්සූපනායිකදිවසෙයෙව තං විහාරං පත‍්තො. සෙනාසනම‍්පිස‍්ස පිතරා කාරිතමෙව පත‍්තං.

හේ තෙමේ වනාහි උගෙනීම පිණිස රුහුණු දනව්වට ගියේය. තෙරුන්ගේ බුහුනණි උපාසිකා තොමෝ සැමදාම ඔහු ගැන තෙරුන්ගෙන් විමසන්නීය. තෙරණුවෝ එක් දවසක් දහර භික්‍ෂුව කැඳවාගෙන එන්නෙමි’යි රුහුණ බලා පිටත් වූහ. තරුණ භික්‍ෂු තෙමේද මවිසින් මෙහි බොහෝ කලක් වාසය කරනලදි, දැන් උපාධ්‍යායයන් වහන්සේ දැක, (මෑණි) උපාසිකාවගේ තොරතුරුද දැන එන්නෙමි’යි රුහුණෙන් නික්මුණේය. දෙදෙනා මහවැලි ගංතෙරදී ඔවුනොවුන් හමුවූහ. ඒ (තරුණ භික්‍ෂු) තෙමේ එක්තරා රුක්මුලෙක්හිදී තෙරුන්හට වත් පිළිවෙත් කොට, කොහි යන්නහුදැ?යි පිළිවිසින ලදුයේ එම කරුණ දැන්වීය. තෙරණුවෝ, ඔබ කළ සේ මැනවි, උපාසිකා තොමෝද සැමදාම ඔබ ගැන විමසයි, මමද මේ සඳහාම ආයෙමි, ඔබ යනු මැනවි, මම මෙහිම වස් වසන්නෙමියි තරුණ භික්‍ෂුව යැවූහ. හේ තෙමේ වස් එළඹෙන දවස්හිම එම විහාරයට පැමිණියේය. තම පියා විසින් කරවන ලද සෙනසුනම ඔහුට ලැබිණ,

අථස‍්ස පිතා දුතියදිවසෙ ආගන‍්ත්‍වා “කස‍්ස, භන‍්තෙ, අම‍්හාකං සෙනාසනං පත‍්ත”න‍්ති පුච‍්ඡන‍්තො “ආගන‍්තුකස‍්ස දහරස‍්සා”ති සුත්‍වා තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා ආහ – “භන‍්තෙ, අම‍්හාකං සෙනාසනෙ වස‍්සං උපගතස‍්ස වත‍්තං අත්‍ථී”ති. කිං උපාසකාති? තෙමාසං අම‍්හාකංයෙව ඝරෙ භික‍්ඛං ගහෙත්‍වා පවාරෙත්‍වා ගමනකාලෙ ආපුච‍්ඡිතබ‍්බන‍්ති. සො තුණ‍්හිභාවෙන අධිවාසෙසි. උපාසකොපි ඝරං ගන‍්ත්‍වා “අම‍්හාකං ආවාසෙ එකො ආගන‍්තුකො අය්‍යො උපගතො සක‍්කච‍්චං උපට‍්ඨාතබ‍්බො”ති ආහ. උපාසිකා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා පණීතං ඛාදනීයං භොජනීයං පටියාදෙසි. දහරොපි භත‍්තකාලෙ ඤාතිඝරං අගමාසි. න නං කොචි සඤ‍්ජානි.

ඉක්බිති පසුදින ඒ භික්‍ෂුවගේ පිය තෙමේ විහාරයට පැමිණ, ස්වාමීනි, අපගේ සෙනසුන ලැබුණේ කවරකුටදැයි පිළිවිස, ආගන්තුක තරුණ භික්‍ෂු නමකටැයි අසා ඔහු වෙත එළඹ වැඳ, ස්වාමීනි, අපගේ සෙනසුනෙහි වස් එළඹියහු විසින් පිළිපැදිය යුතු වතෙක් ඇතැයි කීය. කිමෙක්ද උපාසකය?යි පිළිවිසියේය. මේ තුන්මාසය අපගේම ගෙහි භික්‍ෂාව පිළිගෙන, පවාරණය කොට යන කල අපට දැන්විය යුතුයයි කීය. භික්‍ෂු තෙමේ තුෂ්ණීම්භාවයෙන් ඉවසීය. උපාසක තෙමේද ගෙදර ගොස් අපගේ ආවාසයෙහි එක්තරා ආගන්තුක හිමි නමක් වස් එළඹියේය, මනාව උපස්ථාන කළයුතුයයි කීය. උපාසිකා තොමෝද මැනවැයි පිළිගෙන ප්‍රණීත ලෙස කෑයුතු බිදිය යුතු දෑ පිළියෙළ කළාය. තරුණ භික්‍ෂු තෙමේද බත් වේලෙහි ඥාති ගෘහයට ගියේය. කිසිවකුට හඳුනාගත නොහැකි විය.

සො තෙමාසම‍්පි තත්‍ථ පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා වස‍්සංවුත්‍ථො “අහං ගච‍්ඡාමී”ති ආපුච‍්ඡි. අථස‍්ස ඤාතකා “ස‍්වෙ, භන‍්තෙ, ගච‍්ඡථා”ති දුතියදිවසෙ ඝරෙයෙව භොජෙත්‍වා තෙලනාළිං පූරෙත්‍වා එකං ගුළපිණ‍්ඩං නවහත්‍ථඤ‍්ච සාටකං දත්‍වා “ගච‍්ඡථ, භන‍්තෙ”ති ආහංසු. සො අනුමොදනං කත්‍වා රොහණාභිමුඛො පායාසි.

ඒ භික්‍ෂු තෙමේ වස් තුන් මාසයම එහි භික්‍ෂාව වළදා වස් හමාර කොට මම් යන්නෙමියි අවසර පැතීය. ඉක්බිති ඒ භික්‍ෂුවගේ ඥාතීහු ස්වාමීනි, හෙට වඩිනු මැනවයි කියා පසු දින ගෙහිම වළඳවා තෙල්නල පුරවා දී, සකුරු කැටයක්ද නවරියන් සළුවක්ද දී දැන් වඩිනු මැනවැයි සමුගත්හ. හේ තෙමේ අනුමෝදනාකොට රුහුණ බලා ගියේය.

උපජ‍්ඣායොපිස‍්ස පවාරෙත්‍වා පටිපථං ආගච‍්ඡන‍්තො පුබ‍්බෙ දිට‍්ඨට‍්ඨානෙයෙව තං අද‍්දස. සො අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ ථෙරස‍්ස වත‍්තං අකාසි. අථ නං ථෙරො පුච‍්ඡි “කිං, භද‍්දමුඛ, දිට‍්ඨා තෙ උපාසිකා”ති? සො “ආම, භන‍්තෙ”ති සබ‍්බං පවත‍්තිං ආරොචෙත්‍වා තෙන තෙලෙන ථෙරස‍්ස පාදෙ මක‍්ඛෙත්‍වා ගුළෙන පානකං කත්‍වා තම‍්පි සාටකං ථෙරස‍්සෙව දත්‍වා ථෙරං වන්‍දිත්‍වා “මය‍්හං, භන‍්තෙ, රොහණංයෙව සප‍්පාය”න‍්ති අගමාසි. ථෙරොපි විහාරං ආගන‍්ත්‍වා දුතියදිවසෙ කොරණ‍්ඩකගාමං පාවිසි.

උපාධ්‍යාය තෙරණුවෝද පවාරණකොට පෙරළා එන්නාහු පෙර මුනගැසුණ තැනදීම හමුවූහ. භික්‍ෂු තෙමේ එක්තරා රුක් මුලෙකදී තෙරුන්හට වත්පිළිවෙත් කළේය. ඉක්බිති තෙරණුවෝ කිමෙක්ද දරුව, ඔබගේ මව් උපාසිකාව දක්නා ලදදැයි විමසූහ. ඒ භික්‍ෂු තෙමේ, එසේය ස්වාමීනියි, කියා ඒ සියලු පවත් දන්වා ඒ (ඔවුන් දුන්) තෙල් තෙරුන්ගේ පා ගල්වා සකුරු පානයක් කොට වළඳවා ඒ වස්ත්‍රයද තෙරුන්හටම දී තෙරුන් වැඳ, ස්වාමීනි, මට රුහුණම සප්පායයයි කියා ගියේය. තෙරණුවෝද විහාරයට අවුත් පසු දින කොරණ්ඩක නම් ගමට පිවිසියහ.

උපාසිකාපි “මය‍්හං භාතා මම පුත‍්තං ගහෙත්‍වා ඉදානි ආගච‍්ඡතී”ති සදා මග‍්ගං ඔලොකයමානාව තිට‍්ඨති. සා තං එකකමෙව ආගච‍්ඡන‍්තං දිස‍්වා “මතො මෙ මඤ‍්ඤෙ පුත‍්තො, අයං ථෙරො එකකොව ආගච‍්ඡතී”ති ථෙරස‍්ස පාදමූලෙ නිපතිත්‍වා පරිදෙවමානා රොදි. ථෙරො “නූන දහරො අප‍්පිච‍්ඡතාය අත‍්තානං අජානාපෙත්‍වාව ගතො”ති තං සමස‍්සාසෙත්‍වා සබ‍්බං පවත‍්තිං ආරොචෙත්‍වා පත‍්තත්‍ථවිකතො තං සාටකං නීහරිත්‍වා දස‍්සෙති.

උපාසිකා තොමෝද, මාගේ බෑ තෙරණුවෝ මා පුත් භික්‍ෂුවද කැඳවාගෙන දැන් එති, දැන් එතියි සැමදා මඟ බලමින් සිටියි. ඕ තොමෝ තෙරුන් තනිවම එනු දැක, මා පුත් භික්‍ෂු නම මිය ගොසින් දෝයි හඟිමි, එහෙයින් තෙරණුවෝ තනිවම එතියි තෙරුන්ගේ පාමුල වැතිර වැලපෙමින් හැඬුවාය. තෙරණුවෝ ඒකාන්තයෙන් දහර භික්‍ෂු නම අල්පෙච්ඡතාව හේතුකොට තමා නොහඳුන්වාම ගියේවනැයි ඇය අස්වසා සියලු පවත් දන්වා පාත්‍ර පසුම්බියෙන් ඒ සළුව ගෙන දැක්වූහ.

උපාසිකා පසීදිත්‍වා පුත‍්තෙන ගතදිසාභිමුඛා උරෙන නිපජ‍්ජිත්‍වා නමස‍්සමානා ආහ – “මය‍්හං පුත‍්තසදිසං වත මඤ‍්ඤෙ භික‍්ඛුං කායසක‍්ඛිං කත්‍වා භගවා රථවිනීතපටිපදං (ම· නි· 1.252 ආදයො), නාලකපටිපදං (සු· නි· 684 ආදයො), තුවට‍්ටකපටිපදං (සු· නි· 921 ආදයො), චතුපච‍්චයසන‍්තොසභාවනාරාමතාදීපකං මහාඅරියවංසපටිපදඤ‍්ච (අ· නි· 4.28; දී· නි· 3.309) දෙසෙසි . විජාතමාතුයා නාම ගෙහෙ තෙමාසං භුඤ‍්ජමානොපි ‘අහං පුත‍්තො ත්‍වං මාතා’ති න වක‍්ඛති, අහො අච‍්ඡරියමනුස‍්සො”ති. එවරූපස‍්ස මාතාපිතරොපි පලිබොධා න හොන‍්ති, පගෙව අඤ‍්ඤං උපට‍්ඨාකකුල”න‍්ති.

උපාසිකා තොමෝ සිත පහදවාගෙන පුතු ගිය දෙසට හැරී උරයෙන් වැතිර නමස්කාර කෙරෙමින්, ඒකාන්තයෙන් මා පුතු වැනි භික්‍ෂුවක් කායසාක්‍ෂිකොට භාග්‍යවතුන් වහන්සේ රථවිනීත සූත්‍ර පටිපදාවද, නාලක සූත්‍ර පටිපදාවද, තුවටකසූත්‍ර පටිපදාවද, සිවුපසයෙහි සතොස්ව භාවනාවෙහි ඇලීම ගැන පැවසෙන මහා අරියවංස පටිපදාවද දෙසූ සේකැ’යි හඟිමි, වැදූ මවගේ ගෙහි තුන් මසක් වළඳමින්ම මම පුත් වෙමි, ඔබ මාගේ මෑණියෝයයි. නොකියයි, අහෝ ආශ්චර්යවත් මනුෂ්‍යයෙකැ’යි කීවාය. මෙවන් කෙනෙකුට මාපියෝ පවා පලිබෝධ නොවෙති, සෙසු උපස්ථායක කුලයක් කැලම (පලිබෝධ) නොවේ.

ලාභොති චත‍්තාරො පච‍්චයා. තෙ කථං පලිබොධා හොන‍්ති? පුඤ‍්ඤවන‍්තස‍්ස හි භික‍්ඛුනො ගතගතට‍්ඨානෙ මනුස‍්සා මහාපරිවාරෙ පච‍්චයෙ දෙන‍්ති. සො තෙසං අනුමොදෙන‍්තො ධම‍්මං දෙසෙන‍්තො සමණධම‍්මං කාතුං න ඔකාසං ලභති. අරුණුග‍්ගමනතො යාව පඨමයාමො, තාව මනුස‍්සසංසග‍්ගො න උපච‍්ඡිජ‍්ජති. පුන බලවපච‍්චූසෙයෙව බාහුල‍්ලිකපිණ‍්ඩපාතිකා ආගන‍්ත්‍වා “භන‍්තෙ, අසුකො උපාසකො උපාසිකා අමච‍්චො අමච‍්චධීතා තුම‍්හාකං දස‍්සනකාමා”ති වදන‍්ති, සො ගණ‍්හාවුසො, පත‍්තචීවරන‍්ති ගමනසජ‍්ජොව හොතීති නිච‍්චබ්‍යාවටො, තස‍්සෙව තෙ පච‍්චයා පලිබොධා හොන‍්ති. තෙන ගණං පහාය යත්‍ථ නං න ජානන‍්ති, තත්‍ථ එකකෙන චරිතබ‍්බං. එවං සො පලිබොධො උපච‍්ඡිජ‍්ජතීති.

ලාභො යනු සිවුපසයයි, ඒ සිවුපසය කෙසේ පලිබෝධ වේද? පින් ඇති භික්‍ෂුවට ගිය ගිය තැන ජනයා බොහෝ පිරිකර සහිතව ප්‍රත්‍යය පුදති, භික්‍ෂු තෙමේ ඔවුනට අනුමෝදන් කරනුයේ, දහම් දෙසනුයේ මහණදම් පිරීමට අවකාශ නොලබයි. හිරු නැති වේලෙහි පටන් පෙරයම තෙක් මිනිසුන්ගේ සංසර්ගය නොසිඳී පවතී. යළි ඉතා උදෑසනින්ම ප්‍රත්‍යය බහුල පිණ්ඩපාතයෙහි ලොල් වූවාහු අවුත්, ස්වාමීනි, අසුවල් උපාසක තෙමේ, අසුවල් උපාසිකා තොමෝ, ඇමති තෙමේ, අසුවල් ඇමැති දූ තොමෝ ඔබවහන්සේ දකිනු රිසියහයි කියති, ඒ භික්‍ෂු තෙමේ ඇවැත්නි, පාසිවුරු ගනිවු යයි ගමනට සැරසීගෙනම සිටියි, නිතර ව්‍යාපෘතවම සිටියි. මෙසේ ඒ භික්‍ෂුවට ප්‍රත්‍යයයෝ පලිබෝධ වෙති. එහෙයින් ගණයාගෙන් වෙන්ව, යම් තැනෙක තමා නොහඳුනත්ද එවන් තැනෙක හුදකලාව හැසිරිය යුතුය. මෙසේ එම පලිබෝධය නැසේ.

ගණොති සුත‍්තන‍්තිකගණො වා ආභිධම‍්මිකගණො වා, යො තස‍්ස උද‍්දෙසං වා පරිපුච‍්ඡං වා දෙන‍්තො සමණධම‍්මස‍්ස ඔකාසං න ලභති, තස‍්සෙව ගණො පලිබොධො හොති, තෙන සො එවං උපච‍්ඡින්‍දිතබ‍්බො. සචෙ තෙසං භික‍්ඛූනං බහු ගහිතං හොති, අප‍්පං අවසිට‍්ඨං, තං නිට‍්ඨපෙත්‍වා අරඤ‍්ඤං පවිසිතබ‍්බං. සචෙ අප‍්පං ගහිතං, බහු අවසිට‍්ඨං, යොජනතො පරං අගන‍්ත්‍වා අන‍්තොයොජනපරිච‍්ඡෙදෙ අඤ‍්ඤං ගණවාචකං උපසඞ‍්කමිත්‍වා “ඉමෙ ආයස‍්මා උද‍්දෙසාදීහි සඞ‍්ගණ‍්හතූ”ති වත‍්තබ‍්බං. එවං අලභමානෙන “මය‍්හමාවුසො, එකං කිච‍්චං අත්‍ථි, තුම‍්හෙ යථාඵාසුකට‍්ඨානානි ගච‍්ඡථා”ති ගණං පහාය අත‍්තනො කම‍්මං කත‍්තබ‍්බන‍්ති.

ගණො (ගණයා) යනු, සුත්තන්තික ගණය හෝ ආභිධම්මික ගණයයි, යමෙක් එම ගණයකට උද්දේසය (පෙළ කියා දීම) හෝ පරිපුච්ඡාව (අරුත් කියා දීම) දෙනුයේ මහණදම් පිරීමට අවකාශ නොලබන්නේ නම්, ඔහුට ගණය පලිබෝධ වේ. එහෙයින් මතු දැක්වෙන සේ එම පලිබෝධය නැසිය යුතුය: ඉදින් ඒ ගණයට අයත් භික්‍ෂූන් විසින් වැඩි කොටස උගන්නාලදුවම කොටසක් ඉතිරිව ඇත්නම්, එය නිමවා අරණට පිවිසිය යුතුය. ඉදින්ම කොටසක් උගන්නාලදුව වැඩි කොටස ඉතිරිව ඇත්නම්, යොදුනෙකින් බැහැර නොගොස්, යොදුනෙකින් ඇතුළත මානයෙහි වෙනත් ගණවාචකයකු කරා ගොස්, ආයුෂ්මත්හු උද්දේසාදියෙන් මොවුනට සංග්‍රහ කරත්වායි කිව යුතුය. මෙසේත් නොලබන්නේ නම්, ඇවැත්නි, මවිසින් කළයුතු කිසියම් කාර්යයෙක් ඇත, ඔබ පහසු තැනකට යෙත්වායි ගණය හැරපියා ස්වකීය කාර්යය කළයුතුය.

කම‍්මන‍්ති නවකම‍්මං. තං කරොන‍්තෙන වඩ‍්ඪකීආදීහි ලද‍්ධාලද‍්ධං ජානිතබ‍්බං, කතාකතෙ උස‍්සුක‍්කං ආපජ‍්ජිතබ‍්බන‍්ති සබ‍්බදා පලිබොධො හොති. සොපි එවං උපච‍්ඡින්‍දිතබ‍්බො, සචෙ අප‍්පං අවසිට‍්ඨං හොති නිට‍්ඨපෙතබ‍්බං. සචෙ බහු, සඞ‍්ඝිකඤ‍්චෙ නවකම‍්මං, සඞ‍්ඝස‍්ස වා සඞ‍්ඝභාරහාරකභික‍්ඛූනං වා නිය්‍යාදෙතබ‍්බං. අත‍්තනො සන‍්තකඤ‍්චෙ, අත‍්තනො භාරහාරකානං නිය්‍යාදෙතබ‍්බං. තාදිසෙ අලභන‍්තෙන සඞ‍්ඝස‍්ස පරිච‍්චජිත්‍වා ගන‍්තබ‍්බන‍්ති.

කම්මං (කර්මාන්තය) යනු, නවකම්ය, එය කරන්නන් විසින් වඩුවන් ආදී ශිල්පීන් විසින් ලද නොලද දෑ දතයුතුය, කළ නොකළ දෑ කෙරෙහි උත්සුක වියයුතුය, මෙසේ හැම අතින්ම පලිබෝධ වේ. එයද මෙකියන ආකාරයෙන් පසිඳලිය යුතුය. ඉදින් මදක් ඉතිරිව ඇත්නම් නිමකළ යුතුය, ඉදින් බොහෝ ඉතිරිව ඇත්නම්, ඉදින් සඟසතු නවකර්මාන්තයක් නම්, සංඝයාහට හෝ වගකීම් උසුලන භික්‍ෂූන්හට හෝ පවරා දිය යුතුය. ඉදින් තමා සතු වූවක් නම්, තමා ගැන වගකීම් දරන්නවුනට භාර කළයුතුය. එවැන්නකු නොලැබෙතොත්, සංඝයාහට පරිත්‍යාග කොට යායුතුය.

අද‍්ධානන‍්ති මග‍්ගගමනං. යස‍්ස හි කත්‍ථචි පබ‍්බජ‍්ජාපෙක‍්ඛො වා හොති, පච‍්චයජාතං වා කිඤ‍්චි ලද‍්ධබ‍්බං හොති. සචෙ තං අලභන‍්තො න සක‍්කොති අධිවාසෙතුං, අරඤ‍්ඤං පවිසිත්‍වා සමණධම‍්මං කරොන‍්තස‍්සපි ගමිකචිත‍්තං නාම දුප‍්පටිවිනොදනීයං හොති, තස‍්මා ගන‍්ත්‍වා තං කිච‍්චං තීරෙත්‍වාව සමණධම‍්මෙ උස‍්සුක‍්කං කාතබ‍්බන‍්ති.

අද්ධානං යනු, මඳ බැස යන ගමන්ය, කිසි තැනෙක්හි කිසිවකුට පැවිද්දෙහි අපේක්‍ෂා හෝ වේනම්, කිසියම් ප්‍රත්‍යයක් ලැබියයුතු හෝ වේනම්, එය නොලැබ ඉවසනු නොහැකි වේනම්, අරණට වැද මහණදම් පුරන්නහුට පවා ගමන්රිසිය මැඩලනු පහසු නොවේ. එහෙයින් ගොස් එම කිස නිමකොටම මහණදම්හි උත්සුක වියයුතුය.

ඤාතීති විහාරෙ ආචරියුපජ‍්ඣායසද‍්ධිවිහාරිකඅන‍්තෙවාසිකසමානුපජ‍්ඣායකසමානාචරියකා, ඝරෙ මාතා පිතා භාතාති එවමාදිකා. තෙ ගිලානා ඉමස‍්ස පලිබොධා හොන‍්ති, තස‍්මා සො පලිබොධො උපට‍්ඨහිත්‍වා තෙසං පාකතිකකරණෙන උපච‍්ඡින්‍දිතබ‍්බො.

ඤාති යනු, විහාරයෙහි නම්, ආචාර්ය උපාධ්‍යාය, සද්ධිවිහාරික, අන්තේවාසික, සමානුපජ්ඣායක, සමානාචරියක යන මොහුද, ගෙහි නම් මව්, පිය, සොහොවුරු ආදීහුද වෙති. ඔවුන් ගිලන්ව ඇත්නම් මොහුට පලිබෝධයෙකි. එහෙයින් උපස්ථාන කොට ප්‍රකෘති තත්ත්‍වයට පැමිණවීමෙන් එම පලිබෝධය පසිඳලිය යුතුය.

තත්‍ථ උපජ‍්ඣායො තාව ගිලානො සචෙ ලහුං න වුට‍්ඨාති, යාවජීවම‍්පි පටිජග‍්ගිතබ‍්බො. තථා පබ‍්බජ‍්ජාචරියො උපසම‍්පදාචරියො සද‍්ධිවිහාරිකො උපසම‍්පාදිතපබ‍්බාජිතඅන‍්තෙවාසිකසමානුපජ‍්ඣායකා ච. නිස‍්සයාචරියඋද‍්දෙසාචරියනිස‍්සයන‍්තෙවාසිකඋද‍්දෙසන‍්තෙවාසිකසමානාචරියකා පන යාව නිස‍්සයඋද‍්දෙසා අනුපච‍්ඡින‍්නා, තාව පටිජග‍්ගිතබ‍්බා. පහොන‍්තෙන තතො උද‍්ධම‍්පි පටිජග‍්ගිතබ‍්බා එව. මාතාපිතූසු උපජ‍්ඣායෙ විය පටිපජ‍්ජිතබ‍්බං. සචෙපි හි තෙ රජ‍්ජෙ ඨිතා හොන‍්ති, පුත‍්තතො ච උපට‍්ඨානං පච‍්චාසීසන‍්ති, කාතබ‍්බමෙව. අථ තෙසං භෙසජ‍්ජං නත්‍ථි, අත‍්තනො සන‍්තකං දාතබ‍්බං. අසති භික‍්ඛාචරියාය පරියෙසිත්‍වාපි දාතබ‍්බමෙව. භාතුභගිනීනං පන තෙසං සන‍්තකමෙව යොජෙත්‍වා දාතබ‍්බං. සචෙ නත්‍ථි අත‍්තනො සන‍්තකං තාවකාලිකං දත්‍වා පච‍්ඡා ලභන‍්තෙන ගණ‍්හිතබ‍්බං. අලභන‍්තෙන න චොදෙතබ‍්බා. අඤ‍්ඤාතකස‍්ස භගිනිසාමිකස‍්ස භෙසජ‍්ජං නෙව කාතුං න දාතුං වට‍්ටති. “තුය‍්හං සාමිකස‍්ස දෙහී”ති වත්‍වා පන භගිනියා දාතබ‍්බං. භාතුජායායපි එසෙව නයො. තෙසං පන පුත‍්තා ඉමස‍්ස ඤාතකා එවාති තෙසං කාතුං වට‍්ටතීති.

ඔවුනතුරෙන් උපාධ්‍යායයන් ගිලන්ව ගොස්, මඳ කලෙකින් නොනැගිටිතොත්, දිවි ඇති තාක් වුවද පිළිදැගිය යුතුය. එම පැවිදිකළ ආචාර්යවරයාද, උපසම්පදා දුන් ආචාර්යවරයාද, සද්ධිවිහාරිකයෝද, උපසම්පදා කරවනලද, පැවිදි කරවන ලද අන්තේවාසිකයෝද, සමාන උපාධ්‍යායකයෝද පිළිදැගිය යුත්තාහුය. නිස්සය දුන්, උද්දේසය දුන් ආචාර්යවරයෝද, නිස්සය ලබන, උද්දේසය ලබන අන්තේවාසිකයෝද, සමානාචාර්යකයෝද, යම්තාක් නිස්සය උද්දේසයන් නොසිඳී පවත්නේද ඒ තාක් පිළිදැගිය යුත්තාහුය. හැකියාව ඇතොත් එයට වැඩි කලක් වුවද පිළිදැගිය යුත්තාහුමය. මාපියන් කෙරෙහි උපාධ්‍යයයන් කෙරෙහි මෙන් පිළිපැදිය යුතුය. ඉදින් ඔවුන් රජවී සිටිත් මුත්, පුතුන්ගෙන්ම උවටැන් අපේක්‍ෂා කෙරෙත්හොත් උවටැන් කළයුතුම වේ. තවද ඔවුන්හට බෙහෙත් නැතහොත්, තමා සතු බෙහෙත් දියයුතුය, තමා සතු බෙහෙත් නැතොත්, භික්‍ෂා චර්යාවෙන් සොයා හෝ දියයුතුමය. සොහොවුරු සොහොයුරියන්හට වනාහි ඔවුන් සතු බෙහෙත්ම යොදා දියයුතුය. ඔවුන් සතු බෙහෙත් නැතොත් තමා සතු බෙහෙත් තාවකාලික වශයෙන් දී පසුව ලැබෙතොත් ගතයුතුය, නොලැබෙතොත් නොඉල්විය යුතුය. සොහොයුරියගේ නොනෑ සැමියාහට බෙහෙත් කරන්නටද දෙන්නටද නොවටනේය, සැමියාහට දෙවයි සොහොයුරියට දියයුතුය. සෝවුරු බිරියටද මෙම නයයි. ඔවුන්ගේ දරුවන් වනාහි තමාගේද නෑයන්ම වන හෙයින් ඔවුනට බෙහෙත් කරන්නටද දෙන්නටද වටී.

ආබාධොති යොකොචි රොගො. සො බාධයමානො පලිබොධො හොති, තස‍්මා භෙසජ‍්ජකරණෙන උපච‍්ඡින්‍දිතබ‍්බො. සචෙ පන කතිපාහං භෙසජ‍්ජං කරොන‍්තස‍්සපි න වූපසම‍්මති, නාහං තුය‍්හං දාසො, න භටකො, තංයෙව හි පොසෙන‍්තො අනමතග‍්ගෙ සංසාරවට‍්ටෙ දුක‍්ඛං පත‍්තොති අත‍්තභාවං ගරහිත්‍වා සමණධම‍්මො කාතබ‍්බොති.

ආබාධො යනු, කිසියම් රෝගයෙකි, එය තමාට බාධා කරන හෙයින් පලිබෝධයෙකි. එහෙයින් බෙහෙත් කිරීමෙන් පසිඳලිය යුතුය. ඉදින් කිහිප දවසක් බෙහෙත් කොටද නොසන්සිඳෙතොත්, මම තොපගේ දාසයෙක් නොවෙමි, බැළයෙක් හෝ නොවෙමි, තොපම පෝෂණය කෙරෙමින් අනාදිමත් සංසාරවට්ටයෙහි දුකට පැමිණියේ වෙමියි ආත්මභාවයට නිග්‍රහකොට මහණදම් පිරිය යුතුය.

ගන්‍ථොති පරියත‍්තිහරණං. තං සජ‍්ඣායාදීහි නිච‍්චබ්‍යාවටස‍්ස පලිබොධො හොති, න ඉතරස‍්ස. තත්‍රිමානි වත්‍ථූනි –

ගන්‍ථො යනු, පර්යාප්ති පරිහරණයයි. එය සජ්ඣායනාදියෙන් නිතර ව්‍යාපෘත වූවහුට පලිබෝධයෙකි. එසේ නොවූවහුට පලිබෝධ නොවේ. එහිලා මේ කථාවස්තූහු වෙති:

මජ‍්ඣිමභාණකදෙවත්‍ථෙරො කිර මලයවාසිදෙවත්‍ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා කම‍්මට‍්ඨානං යාචි. ථෙරො කීදිසොසි, ආවුසො, පරියත‍්තියන‍්ති පුච‍්ඡි. මජ‍්ඣිමො මෙ, භන‍්තෙ, පගුණොති. ආවුසො, මජ‍්ඣිමො නාමෙසො දුප‍්පරිහාරො, මූලපණ‍්ණාසං සජ‍්ඣායන‍්තස‍්ස මජ‍්ඣිමපණ‍්ණාසකො ආගච‍්ඡති, තං සජ‍්ඣායන‍්තස‍්ස උපරිපණ‍්ණාසකො. කුතො තුය‍්හං කම‍්මට‍්ඨානන‍්ති? භන‍්තෙ, තුම‍්හාකං සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ලභිත්‍වා පුන න ඔලොකෙස‍්සාමීති කම‍්මට‍්ඨානං ගහෙත්‍වා එකූනවීසතිවස‍්සානි සජ‍්ඣායං අකත්‍වා වීසතිමෙ වස‍්සෙ අරහත‍්තං පත්‍වා සජ‍්ඣායත්‍ථාය ආගතානං භික‍්ඛූනං “වීසති මෙ, ආවුසො, වස‍්සානි පරියත‍්තිං අනොලොකෙන‍්තස‍්ස, අපිච ඛො කතපරිචයො අහමෙත්‍ථ ආරභථා”ති වත්‍වා ආදිතො පට‍්ඨාය යාව පරියොසානා එකබ්‍යඤ‍්ජනෙපිස‍්ස කඞ‍්ඛා නාහොසි.

මජ්ඣිමභාණක දෙව තෙරණුවෝ මලයවාසී දෙව තෙරුන් වෙත ගොස් කමටහන් ඉල්වූහ. තෙරණුවෝ ඇවැත්නි, පර්යාප්ති විෂයෙහි කෙබඳු වන්නහුදැයි විචාළහ. ස්වාමිනි, මැදුම්සඟිය ප්‍රගුණයයි කීහ. ඇවැත්නි, මේ මැදුම්සඟිය නම් දුකසේ පරිහරණය කළයුත්තෙකි, මූලපණ්ණාසකය සජ්ඣායනා කරන්නහුට මජ්ඣිම පණ්ණාසකයද, මජ්ඣිම පණ්ණාසකය සජ්ඣායනා කරන්නහුට උපරිපණ්ණාසකයද එකිනෙක පැටලේ, ඔබට කමටහන් කොයින්දැයි කීහ. ස්වාමීනි, ඔබවහන්සේ වෙතින් කමටහන් ලබා ගැනීමෙන් පසු නැවත එය නොබලන්නෙමියි කියා කමටහන් ගෙන එකුන්විසි හවුරුද්දක් සජ්ඣායනා නොකොට සිට විසිවන හවුරුද්දෙහිදී රහත් බවට පැමිණ, සජ්ඣායන පිණිස ආ භික්‍ෂූන් හට, ඇවැත්නි, මවිසින් පර්යාප්තිය නොබලන්නට පටන්ගෙන විසිහවුරුද්දෙකි, එතෙකුදු වුවත් එය මට පුරුදුය, මෙතැනින් අරඹවුයයි කියා මූල පටන් අවසන තෙක් එක් අකුරෙක පවා සැකයක් නොවීය.

කරුළියගිරිවාසීනාගත්‍ථෙරොපි අට‍්ඨාරසවස‍්සානි පරියත‍්තිං ඡඩ‍්ඩෙත්‍වා භික‍්ඛූනං ධාතුකථං උද‍්දිසි. තෙසං ගාමවාසිකත්‍ථෙරෙහි සද‍්ධිං සංසන්‍දෙන‍්තානං එකපඤ‍්හොපි උප‍්පටිපාටියා ආගතො නාහොසි.

කරලියගිරි වැසි නාග තෙරණුවෝද අටළොස් වසරක් පර්යාප්තිය හැර සිට භික්‍ෂූන්හට ධාතුකථා ප්‍රකරණය දෙසූහ. ග්‍රාමවාසී භික්‍ෂූන් හා සමග එය සංගායනය කරන එම භික්‍ෂූන්හට උපිළිවෙළින් ආ එකද ප්‍රශ්නයක් නොවීය.

මහාවිහාරෙපි තිපිටකචූළාභයත්‍ථෙරො නාම අට‍්ඨකථං අනුග‍්ගහෙත්‍වාව පඤ‍්චනිකායමණ‍්ඩලෙ තීණි පිටකානි පරිවත‍්තෙස‍්සාමීති සුවණ‍්ණභෙරිං පහරාපෙසි. භික‍්ඛුසඞ‍්ඝො කතමාචරියානං උග‍්ගහො, අත‍්තනො ආචරියුග‍්ගහඤ‍්ඤෙව වදතු, ඉතරථා වත‍්තුං න දෙමාති ආහ. උපජ‍්ඣායොපි නං අත‍්තනො උපට‍්ඨානමාගතං පුච‍්ඡි “ත්‍වමාවුසො, භෙරිං පහරාපෙසී”ති? ආම, භන‍්තෙ. කිං කාරණාති? පරියත‍්තිං, භන‍්තෙ, පරිවත‍්තෙස‍්සාමීති. ආවුසො අභය, ආචරියා ඉදං පදං කථං වදන‍්තීති? එවං වදන‍්ති, භන‍්තෙති. ථෙරො හුන‍්ති පටිබාහි. පුන සො අඤ‍්ඤෙන අඤ‍්ඤෙන පරියායෙන එවං වදන‍්ති භන‍්තෙති තික‍්ඛත‍්තුං ආහ. ථෙරො සබ‍්බං හුන‍්ති පටිබාහිත්‍වා “ආවුසො, තයා පඨමං කථිතො එව ආචරියමග‍්ගො, ආචරියමුඛතො පන අනුග‍්ගහිතත‍්තා ‘එවං ආචරියා වදන‍්තී’ති සණ‍්ඨාතුං නාසක‍්ඛි. ගච‍්ඡ අත‍්තනො ආචරියානං සන‍්තිකෙ සුණාහී”ති. කුහිං, භන‍්තෙ, ගච‍්ඡාමීති? ගඞ‍්ගාය පරතො රොහණජනපදෙ තුලාධාරපබ‍්බතවිහාරෙ සබ‍්බපරියත‍්තිකො මහාධම‍්මරක‍්ඛිතත්‍ථෙරො නාම වසති, තස‍්ස සන‍්තිකං ගච‍්ඡාති. සාධු, භන‍්තෙති ථෙරං වන්‍දිත්‍වා පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිසීදි. ථෙරො කස‍්මා ආගතොසීති පුච‍්ඡි. ධම‍්මං සොතුං, භන‍්තෙති. ආවුසො අභය, දීඝමජ‍්ඣිමෙසු මං කාලෙන කාලං පුච‍්ඡන‍්ති. අවසෙසං පන මෙ තිංසමත‍්තානි වස‍්සානි න ඔලොකිතපුබ‍්බං. අපිච ත්‍වං රත‍්තිං මම සන‍්තිකෙ පරිවත‍්තෙහි. අහං තෙ දිවා කථයිස‍්සාමීති. සො සාධු, භන‍්තෙති තථා අකාසි. පරිවෙණද‍්වාරෙ මහාමණ‍්ඩපං කාරෙත්‍වා ගාමවාසිනො දිවසෙ දිවසෙ ධම‍්මස‍්සවනත්‍ථාය ආගච‍්ඡන‍්ති. ථෙරො රත‍්තිං පරිවත‍්ති. තං දිවා කථයන‍්තො අනුපුබ‍්බෙන දෙසනං නිට‍්ඨපෙත්‍වා අභයත්‍ථෙරස‍්ස සන‍්තිකෙ තට‍්ටිකාය නිසීදිත්‍වා “ආවුසො, මය‍්හං කම‍්මට‍්ඨානං කථෙහී”ති ආහ. භන‍්තෙ, කිං භණථ, නනු මයා තුම‍්හාකමෙව සන‍්තිකෙ සුතං? කිමහං තුම‍්හෙහි අඤ‍්ඤාතං කථෙස‍්සාමීති? තතො නං ථෙරො අඤ‍්ඤො එස, ආවුසො, ගතකස‍්ස මග‍්ගො නාමාති ආහ. අභයථෙරො කිර තදා සොතාපන‍්නො හොති. අථස‍්ස සො කම‍්මට‍්ඨානං දත්‍වා ආගන‍්ත්‍වා ලොහපාසාදෙ ධම‍්මං පරිවත‍්තෙන‍්තො ථෙරො පරිනිබ‍්බුතොති අස‍්සොසි. සුත්‍වා “ආහරථාවුසො, චීවර”න‍්ති චීවරං පාරුපිත්‍වා “අනුච‍්ඡවිකො, ආවුසො, අම‍්හාකං ආචරියස‍්ස අරහත‍්තමග‍්ගො. ආචරියො නො, ආවුසො, උජු ආජානීයො. සො අත‍්තනො ධම‍්මන‍්තෙවාසිකස‍්ස සන‍්තිකෙ තට‍්ටිකාය නිසීදිත්‍වා ‘මය‍්හං කම‍්මට‍්ඨානං කථෙහී’ති ආහ. අනුච‍්ඡවිකො, ආවුසො, ථෙරස‍්ස අරහත‍්තමග‍්ගො”ති. එවරූපානං ගන්‍ථො පලිබොධො න හොතීති.

මහාවිහාරයෙහිද ත්‍රිපිටකධර චූලාභය නම් තෙරණුවෝ අටුවා නොඉගෙනම, පංචනිකාය හදාළ භික්‍ෂූන්හට ත්‍රිපිටකය විවරණ කරන්නෙමැයි රන්බෙරය ගැස්වූහ. භික්‍ෂූ සංඝයා, කවර නම් ආචාර්යවරයකුගේ ඉගැන්වීමද? තමාගේ ආචාර්යවරයාගේ ඉගැන්වීම කියත්වා. නැතහොත් කියන්නට නොදෙම්හයි කීහ. ඔවුන්ගේ උපාධ්‍යායයෝද තමන්ට උපස්ථාන පිණිස ආ අභය තෙරුන්ගෙන් මෙසේ විචාළහ: ඇවැත්නි, බෙර හසුරුවා ලූවහුද? එසේය ස්වාමීනි, කුමක් පිණිසද? ස්වාමීනි, පර්යාප්තිවිවරණය කරන්නෙමියි කීහ. ඇවැත්නි, ආචාර්යවරයෝ මේ පදය කෙසේ විවරණය කෙරෙත්ද? ස්වාමීනි, මෙසේ කියතියි පැවසූහ. තෙරණුවෝ හුංකාරයෙන් එය ප්‍රතික්‍ෂේප කළහ. යළි අනෙක් අනෙක් ආකාරයෙකින් මෙසේ කියතියි තුන් වරක් පැවසූහ. තෙරණුවෝ හුංකාරයෙන් සියලු ප්‍රතික්‍ෂේප කොට, ඇවැත්නි, ඔබ විසින් පළමුවෙන් කියන ලද්දම අට්ඨකථාආචාර්යයන් දක්වන මාර්ගයයි. ආචාර්යවරයකුගෙන් නොඋගත් හෙයින් අට්ඨකථාචාර්යයෝ මෙසේ කියතියි නොසැලී සිටිනු නොහැකිවූවහුය. ගොසින් ආචාර්යවරයකු අතින් අරුත් අසාගනු මැනවැයි කීහ. ස්වාමීනි, කොහි යම්දැයි කීහ. මහවැලි ගඟින් එතෙර රුහුණු දනව්වෙහි තලදරුපවු වෙහෙර සකල පර්යාප්තිධර ධම්මරක්ඛිත නම් තෙරණු කෙනෙක් වෙති. ඔවුන් වෙත යනු යැයි කීහ. ස්වාමීනි, යහපතැයි කියා තෙරුන් වැඳ, භික්‍ෂූන් පන්සියයක් හා සමග තෙරුන් වෙත ගොස් වැඳ හුන්හ. තෙරණුවෝ කවර හෙයින් ආවහුදැයි විචාළහ. ස්වාමීනි, දහම් අසනු පිණිසයයි කීහ. ඇවැත්නි, දීඝ මජ්ඣිම දෙනිකායන්හි කලින් කල මා විචාරති, සෙසු දහම් කොටස් මවිසින් තිස් හවුරුද්දෙකින් පමණ නොබලන ලදි, එහෙත් ඔබ රාත්‍රිභාගයෙහි මා ඉදිරිපිටට විවරණ කරනුය, මම් දිවා කාලයෙහි කියා දෙමියි පැවසූහ. ඔහු (චූලාභය තෙරණුවෝ) ද එසේ කළහ. ගම්වැසි ජනයා පරිවෙණද්වාරයෙහි මහාමණ්ඩපයක් තනා දිනපතා දහම් ඇසීමට එන්නාහ. තෙරණුවෝ රාත්‍රිකාලයෙහි විවරණය කරන ලද්ද දිවාකාලයෙහි කියා දෙමින් පිළිවෙළින් දේශනාව නිමකොට, අභය තෙරුන් සමීපයෙහි පත්කඩෙහි හිඳ, ඇවැත්නි, මාහට කමටහන් කියනුයයි පැවැසූහ. ස්වාමීනි, කුමක් කියන්නහුද? මා ඔබවහන්සේ වෙතින්ම ඇසූවිරූ නොවේද? ඔබ වහන්සේ නොදත් කුමක් මම් කියන්නෙම්දැයි පැවසූහ. ඉක්බිති තෙරණුවෝ ඇවැත්නි, මේ අධිගම මාර්ගය නම් අනිකක්මයයි කීහ. චූලාභය තෙරණුවෝ වනාහි එවකට සෝවාන්වී සිටියහ. ඉක්බිති චූලාභය තෙරණුවෝ ඒ ධම්මරක්ඛිත තෙරුන්හට කමටහන් දී පෙරළා (අනුරාධපුරයට) අවුත් ලෝවාමහපායෙහි දහම් විවරණ කරන්නාහු (ධම්මරක්ඛිත තෙරුන්) පිරිනිවියහයි අසා, ඇවැත්නි, පාසිවුරු ගෙන එවූයයි සිවුරු පොරවාගෙන, ඇවැත්නි, අපගේ ආචාර්යවරයන් වහන්සේගේ රහත්මග සුදුසුමය, අපගේ ආචාර්යයන් වහන්සේ සෘජුයයි දැනගතයුතු කෙනෙකි, උන්වහන්සේ තමන්ගේ ධර්මාන්තේවාසිකයන් ළඟ පත්කඩෙහි හිඳ, මට කමටහන් කියනුයයි පැවසූහ, ඇවැත්නි, තෙරුන්වහන්සේගේ රහත්මඟ සුදුසුමයයි කීහ. මෙවැන්නවුන්හට ග්‍රන්‍ථධූරය පලිබෝධ නොවේ.

ඉද‍්ධීති පොථුජ‍්ජනිකා ඉද‍්ධි. සා හි උත‍්තානසෙය්‍යකදාරකො විය තරුණසස‍්සං විය ච දුප‍්පරිහාරා හොති. අප‍්පමත‍්තකෙනෙව භිජ‍්ජති. සා පන විපස‍්සනාය පලිබොධො හොති, න සමාධිස‍්ස, සමාධිං පත්‍වා පත‍්තබ‍්බතො. තස‍්මා විපස‍්සනත්‍ථිකෙන ඉද‍්ධිපලිබොධො උපච‍්ඡින්‍දිතබ‍්බො, ඉතරෙන අවසෙසාති අයං තාව පලිබොධකථාය විත්‍ථාරො.

ඉද්ධි යනු, පෘථග්ජනයන්ගේ සෘද්ධියයි. එම සෘද්ධිය වනාහි උඩුබැලිව නිදන වියෙහි සිටින දරුවකු සෙයින්ද, ලපටි ගොයමක් සෙයින්ද දුකසේ පරිහරණය කළයුතු වන්නේය, සුලු අතපසු වීමෙකින් පවා බිඳෙනසුලුය, එය වනාහි විදර්ශනාවට පලිබෝධයෙක් වේ, සමාධියට එසේ නොවේ, සමාධියට පැමිණ ලබාගතයුතු හෙයිනි, එහෙයින් විදර්ශනා කැමැත්තවුන් විසින් සෘද්ධිපලිබෝධය පසිඳලිය යුතුය. අන්‍යයන් (සමාධි කැමැත්තවුන්) විසින් සෙසු පලිබෝධයන් පසිඳලිය යුතුය. මේ පලිබෝධකථා වර්ණනායි.