යෙදුමෙන් කියවන්න

කම‍්මට‍්ඨානදායකවණ‍්ණනා

කම‍්මට‍්ඨානදායකවණ‍්ණනා

කම්මට්ඨානදායකවණ්ණනා

කම‍්මට‍්ඨානදායකං කල්‍යාණමිත‍්තං උපසඞ‍්කමිත්‍වාති එත්‍ථ පන දුවිධං කම‍්මට‍්ඨානං සබ‍්බත්‍ථකකම‍්මට‍්ඨානං පාරිහාරියකම‍්මට‍්ඨානඤ‍්ච. තත්‍ථ සබ‍්බත්‍ථකකම‍්මට‍්ඨානං නාම භික‍්ඛුසඞ‍්ඝාදීසු මෙත‍්තා මරණස‍්සති ච. අසුභසඤ‍්ඤාතිපි එකෙ.

කම්මට්ඨානදායකං කල්‍යාණමිත්තං උපසඞ්කමිත්‍වා (කමටහන් දෙන කල්‍යාණ මිත්‍රයකු වෙත එළඹ) යනු මෙහි වනාහි කමටහන් දෙආකාර වේ. සබ්බත්‍ථක හෙවත් සියලු තන්හි යුතු කර්මස්ථාන හා පාරිහාරිය හෙවත් තමාගේ චරිතයට අනුව පරිහරණය කළයුතු කර්මස්ථානයි. සියලු තන්හි යුතු කමටහන් නම්: භික්‍ෂුසංඝාදීන් කෙරෙහි මෛත්‍රී වැඩීමද, මරණානුස්මෘතියද යන මේවායි, ඇතැමෙක් අසුභසතියයිද කියති.

කම‍්මට‍්ඨානිකෙන හි භික‍්ඛුනා පඨමං තාව පරිච‍්ඡින්‍දිත්‍වා සීමට‍්ඨකභික‍්ඛුසඞ‍්ඝෙ සුඛිතා හොන‍්තු අබ්‍යාපජ‍්ජාති මෙත‍්තා භාවෙතබ‍්බා. තතො සීමට‍්ඨකදෙවතාසු. තතො ගොචරගාමම‍්හි ඉස‍්සරජනෙ. තතො තත්‍ථ මනුස‍්සෙ උපාදාය සබ‍්බසත‍්තෙසු. සො හි භික‍්ඛුසඞ‍්ඝෙ මෙත‍්තාය සහවාසීනං මුදුචිත‍්තතං ජනෙති. අථස‍්ස තෙ සුඛසංවාසා හොන‍්ති. සීමට‍්ඨකදෙවතාසු මෙත‍්තාය මුදුකතචිත‍්තාහි දෙවතාහි ධම‍්මිකාය රක‍්ඛාය සුසංවිහිතරක‍්ඛො හොති. ගොචරගාමම‍්හි ඉස‍්සරජනෙ මෙත‍්තාය මුදුකතචිත‍්තසන‍්තානෙහි ඉස‍්සරෙහි ධම‍්මිකාය රක‍්ඛාය සුරක‍්ඛිතපරික‍්ඛාරො හොති. තත්‍ථ මනුස‍්සෙසු මෙත‍්තාය පසාදිතචිත‍්තෙහි තෙහි අපරිභූතො හුත්‍වා විචරති. සබ‍්බසත‍්තෙසු මෙත‍්තාය සබ‍්බත්‍ථ අප‍්පටිහතචාරො හොති. මරණස‍්සතියා පන අවස‍්සං මයා මරිතබ‍්බන‍්ති චින‍්තෙන‍්තො අනෙසනං පහාය උපරූපරි වඩ‍්ඪමානසංවෙගො අනොලීනවුත‍්තිකො හොති. අසුභසඤ‍්ඤාපරිචිතචිත‍්තස‍්ස පනස‍්ස දිබ‍්බානිපි ආරම‍්මණානි ලොභවසෙන චිත‍්තං න පරියාදියන‍්ති.

කමටහන් ගන්නා භික්‍ෂුව විසින් පළමුකොටම සීමාව ඇතුළත වෙසෙන භික්‍ෂු සංඝයා කෙරෙහි, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වායි මෙත් වැඩිය යුතුය. ඉක්බිති සීමාව ඇතුළත දේවතාවන් කෙරෙහි, ඉක්බිති ගොදුරු ගම්හි ප්‍රභූජනයා කෙරෙහි, ඉක්බිති එහි පොදු මහජනයා පටන් සියලු සත්ත්‍වයා කෙරෙහි වැඩිය යුතු වේ. ඒ භික්‍ෂු තෙමේ වනාහි භික්‍ෂු සංඝයා කෙරෙහි මෙත් වැඩීමෙන් සමග වසන්නවුන් තුළ මුදු සිත් ඇතිකරවයි, ඒ හේතුවෙන් ඔවුහු සුඛසහවාස (සැපවත් සහවාස) ඇත්තෝ වෙති. සීමාස්ථ දේවතාවන් කෙරෙහි මෙත් වැඩීමෙන් මුදු මොලොක් බවට පත් සිත්ඇති දේවතාවන් විසින් දැහැමි රැක්මෙන් මනාව පිහිටුවන ලද ආරක්‍ෂා ඇත්තේ වේ. ගොදුරු ගම්හි ප්‍රභූ ජනයා කෙරෙහි මෙත් වැඩීමෙන් මුදු මොලොක් බවට පත් සිත්ඇති ප්‍රභූන් විසින් දැහැමි රැක්මෙන් මනාව රක්නාලද පිරිකර ඇත්තේ වේ. එහි පොදු මහජනයා කෙරෙහි මෙත් වැඩීමෙන් පැහැදුණු සිත් ඇති ඔවුන් විසින් නින්‍දා නොකරනලදුව හැසිරේ. සියලු සත්ත්‍වයන් කෙරෙහි මෙත් වැඩීමෙන් සියලුතන්හි නොවලක්වනලද හැසිරීම් ඇත්තේ වේ. මරණානුස්මෘතිය හේතුකොටගෙන, අවශ්‍යයෙන්ම මා මරණයට පත්විය යුතුයයි සිතන්නේ ප්‍රත්‍යයාන්වේෂණය හැර, මතු මත්තේ වැඩෙන සංවේග ඇත්තේ පසු නොබස්නා සිත් ඇත්තේ වේ. අසුබ හැඟීම පුරුදු කළ සිත් ඇත්තහුට වනාහි දිව්‍යමය වූ අරමුණු පවා ලෝභ වශයෙන් සිත නොපාරයි.

එවං බහූපකාරත‍්තා සබ‍්බත්‍ථ අත්‍ථයිතබ‍්බං ඉච‍්ඡිතබ‍්බන‍්ති ච අධිප‍්පෙතස‍්ස යොගානුයොගකම‍්මස‍්ස ඨානඤ‍්චාති සබ‍්බත්‍ථකකම‍්මට‍්ඨානන‍්ති වුච‍්චති.

මෙසේ බොහෝ උපකාර ඇති හෙයින් සියලු තන්හි සෙවිය යුතුය, කැමැති වියයුතුයයි. අභිප්‍රේත වූ යෝගාවචර කර්මයට පදස්ථානයයි යන අරුතින් කර්මස්ථානයයි කියනු ලැබේ.

චත‍්තාලීසාය පන කම‍්මට‍්ඨානෙසු යං යස‍්ස චරියානුකූලං, තං තස‍්ස නිච‍්චං පරිහරිතබ‍්බත‍්තා උපරිමස‍්ස ච උපරිමස‍්ස භාවනාකම‍්මස‍්ස පදට‍්ඨානත‍්තා පාරිහාරියකම‍්මට‍්ඨානන‍්ති වුච‍්චති. ඉති ඉමං දුවිධම‍්පි කම‍්මට‍්ඨානං යො දෙති, අයං කම‍්මට‍්ඨානදායකො නාම. තං කම‍්මට‍්ඨානදායකං.

සතළිස් කර්මස්ථානයන් අතුරෙන් යමක් යමකුගේ චරිතයට අනුකූලවේනම්, එය ඔහු විසින් නිතොරව පරිහරණ කළයුතුවන හෙයින් මතුමත්තෙහි භාවනා කිරීමට පදස්ථානවන හෙයින් පාරිහාරිය කර්මස්ථානයයි කියනු ලැබේ. මෙසේ මේ ද්විවිධ කර්මස්ථානයන් යමෙක් දෙන්නේ නම්, හේ තෙමේ කර්මස්ථානදායක නම් වේ. එවැනි කර්මස්ථාන දායකයායි.

කල්‍යාණමිත‍්තන‍්ති –

කල්‍යාණමිත්තං යනු,

පියො ගරු භාවනීයො, වත‍්තා ච වචනක‍්ඛමො; ගම‍්භීරඤ‍්ච කථං කත‍්තා, නො චට‍්ඨානෙ නියොජකොති. (අ· නි· 7.37);

පියො ගරු භාවනීයො වත්තා ච වචනක්‍ඛමො ගම්භීරඤ්ච කථං කත්තා නොචට්ඨානෙ නියොජයෙ

ප්‍රියය, ගරුත්‍වයෙන් යුක්තය, සම්භාවනා කටයුතුය, කීමෙහි බිණීමෙහි දක්‍ෂය, වචන පිනවනසුලුය. ධර්මසංයුක්ත ගැඹුරු කථා ඇත්තේය. නොතැන්හි නොයොදවන්නේය.

එවමාදිගුණසමන‍්නාගතං එකන‍්තෙන හිතෙසිං වුද‍්ධිපක‍්ඛෙ ඨිතං කල්‍යාණමිත‍්තං.

මේ ආදී ගුණයෙන් සමන්විත වූ, ඒකාන්තයෙන් හිත කැමති වූ, වෘද්ධිපක්‍ෂයෙහි සිටි කල්‍යාණමිත්‍රයායි,

“මමං හි, ආනන්‍ද, කල්‍යාණමිත‍්තං ආගම‍්ම ජාතිධම‍්මා සත‍්තා ජාතියා පරිමුච‍්චන‍්තී”ති (සං· නි· 1.129; 5.2) ආදිවචනතො පන සම‍්මාසම‍්බුද‍්ධොයෙව සබ‍්බාකාරසම‍්පන‍්නො කල්‍යාණමිත‍්තො. තස‍්මා තස‍්මිං සති තස‍්සෙව භගවතො සන‍්තිකෙ ගහිතකම‍්මට‍්ඨානං සුගහිතං හොති. පරිනිබ‍්බුතෙ පන තස‍්මිං අසීතියා මහාසාවකෙසු යො ධරති, තස‍්ස සන‍්තිකෙ ගහෙතුං වට‍්ටති. තස‍්මිං අසති යං කම‍්මට‍්ඨානං ගහෙතුකාමො හොති, තස‍්සෙව වසෙන චතුක‍්කපඤ‍්චකජ‍්ඣානානි නිබ‍්බත‍්තෙත්‍වා ඣානපදට‍්ඨානං විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා ආසවක‍්ඛයප‍්පත‍්තස‍්ස ඛීණාසවස‍්ස සන‍්තිකෙ ගහෙතබ‍්බං.

‘ආනන්‍දය, කල්‍යාණමිත්‍ර වූ මා වෙත පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්‍වයෝ ඉපදීමෙන් මිදෙති.’ මේ ආදී වචනයෙන් සම්මාසම්බුදුන් වහන්සේම සියලු ලක්‍ෂණයෙන් හෙබි කල්‍යාණමිත්‍රයෙකි. එහෙයින් බුදුන් දිවමන් කල ඔවුන්ගෙන්ම ලබාගත් කමටහන් මනාකොට ගන්නා ලද්දේ වේ. ඔවුන් පිරිනිවි කල, අසූ මහසව්වන්ගෙන් යම් කෙනෙක් දිවමන් වෙත්නම් ඔවුන් වෙතින් ලබාගැනීම වටනේය. ඔවුන්ද දිවමන් නොවූ කල්හි යම් කර්මස්ථානයක් ගනු කැමැත්තේද, එම කර්මස්ථානයම වැඩීම් වශයෙන් චතුර්ත්‍ථ පංචමධ්‍යානයන් උපදවා එම ධ්‍යානය පාදකකොට විදර්ශනා වඩා රහත්ඵලයට පත් ක්‍ෂීණාශ්‍රව කෙනකු වෙතින් ගතයුතුය.

කිං පන ඛීණාසවො අහං ඛීණාසවොති අත‍්තානං පකාසෙතීති? කිං වත‍්තබ‍්බං, කාරකභාවං හි ජානිත්‍වා පකාසෙති. නනු අස‍්සගුත‍්තත්‍ථෙරො ආරද‍්ධකම‍්මට‍්ඨානස‍්ස භික‍්ඛුනො “කම‍්මට‍්ඨානකාරකො අය”න‍්ති ජානිත්‍වා ආකාසෙ චම‍්මඛණ‍්ඩං පඤ‍්ඤාපෙත්‍වා තත්‍ථ පල‍්ලඞ‍්කෙන නිසින‍්නො කම‍්මට‍්ඨානං කථෙසීති.

කිමෙක්ද? ක්‍ෂීණාශ්‍රවයෙක් තෙමේ මම් ක්‍ෂීණාශ්‍රවයෙක්මියි තමා හඳුන්වා ගන්නේද? මෙහි කිවයුත්තක් ඇත්ද? භාවනා කරන්නකු බව දතහොත් (තමා ක්‍ෂිණාශ්‍රවයකු බව) ප්‍රකාශ කරන්නේමය. අස්සගුත්ත තෙරණුවෝ මේ භික්‍ෂුව විසින් කමටහන් අරඹන ලද්දේය, මේ තෙමේ කාර්යය කරන්නෙකියි දැන, අහස්හි පත්කඩ එලා එහි පලක් බැඳ හිඳ කමටහන් නොකීවාහුද?

තස‍්මා සචෙ ඛීණාසවං ලභති, ඉච‍්චෙතං කුසලං, නො චෙ ලභති, අනාගාමිසකදාගාමිසොතාපන‍්නඣානලාභීපුථුජ‍්ජනතිපිටකධරද‍්විපිටකධරඑකපිටකධරෙසු පුරිමස‍්ස පුරිමස‍්ස සන‍්තිකෙ. එකපිටකධරෙපි අසති යස‍්ස එකසඞ‍්ගීතිපි අට‍්ඨකථාය සද‍්ධිං පගුණා, අයඤ‍්ච ලජ‍්ජී හොති, තස‍්ස සන‍්තිකෙ ගහෙතබ‍්බං. එවරූපො හි තන‍්තිධරො වංසානුරක‍්ඛකො පවෙණීපාලකො ආචරියො ආචරියමතිකොව හොති, න අත‍්තනොමතිකො හොති. තෙනෙව පොරාණකත්‍ථෙරා “ලජ‍්ජී රක‍්ඛිස‍්සති ලජ‍්ජී රක‍්ඛිස‍්සතී”ති තික‍්ඛත‍්තුං ආහංසු.

එහෙයින් ක්‍ෂීණාශ්‍රව කෙනකුම ලබතොත් යෙහෙකි, ඉදින් නොලබතොත්, අනාගාමී, සකෘදාගාමී ශ්‍රොතාපත්තිලාභී, ධ්‍යානලාභී පෘථග්ජන, ත්‍රිපිටකධර, ද්විපිටකධර, එකපිටකධර යන මොවුන් අතුරෙන් පළමු කියන ලද්දහු සමීපයෙන් ලබාගත යුතුය. එකපිටකධරයකුද නැතිවිට, යමකු විසින් එක් සඟියක් හෝ අටුවා සහිතව ප්‍රගුණ කරන ලද්දේනම්, තෙමේද, ලජ්ජී වේනම්, ඔහු වෙතින් (කමටහන්) ලබාගත යුතුය. පර්යාප්තිධර වූ, වංශානුරක්‍ෂක වූ, ආචාර්යවාදය රක්නා වූ මෙබඳු වූ ආචාර්ය තෙමේ ආචාර්ය මතයෙහි පිහිටියේම වේ, තමාගේ මතයෙහි සිටියේ එසේ නොවේ. එහෙයින්ම පුරාතන තෙරවරයෝ (ථේරවාදීහු) ලජ්ජී රක්‍ඛිස්සති, ලජ්ජී රක්‍ඛිස්සති’ (ලජ්ජි තෙමේ රකියි, ලජ්ජි තෙමේ රකියි) යයි කීහ.

පුබ‍්බෙ වුත‍්තඛීණාසවාදයො චෙත්‍ථ අත‍්තනා අධිගතමග‍්ගමෙව ආචික‍්ඛන‍්ති. බහුස‍්සුතො පන තං තං ආචරියං උපසඞ‍්කමිත්‍වා උග‍්ගහපරිපුච‍්ඡානං විසොධිතත‍්තා ඉතො චිතො ච සුත‍්තඤ‍්ච කාරණඤ‍්ච සල‍්ලක‍්ඛෙත්‍වා සප‍්පායාසප‍්පායං යොජෙත්‍වා ගහනට‍්ඨානෙ ගච‍්ඡන‍්තො මහාහත්‍ථී විය මහාමග‍්ගං දස‍්සෙන‍්තො කම‍්මට‍්ඨානං කථෙස‍්සති. තස‍්මා එවරූපං කම‍්මට‍්ඨානදායකං කල්‍යාණමිත‍්තං උපසඞ‍්කමිත්‍වා තස‍්ස වත‍්තපටිපත‍්තිං කත්‍වා කම‍්මට‍්ඨානං ගහෙතබ‍්බං.

පෙර කී ක්‍ෂීණාශ්‍රවාදීහුද මෙහිලා තමා විසින් අවබෝධ කළ මාර්ගයම කියන්නාහුය, බහුශ්‍රැත තෙමේ වනාහි ඒ ඒ ආචාර්යවරයන් වෙත එළඹ, උග්ගහ, පරිපුච්ඡා වශයෙන් දහම් අරුත් විවරණ පිරිසුදුකර ගන්නාලද හෙයින් ඒ ඒ තැන සූත්‍රයද, කාරණයද සැලකිල්ලට ගෙන කමටහනට යෝග්‍ය සප්පාය අසප්පාය යොදා ගහන තන්හි යන මහ ඇතකු සෙයින් කමටහන් විධි නමැති මහමඟ දක්වමින් කමටහන් කියති. එහෙයින් කමටහන් දෙන කල්‍යාණමිත්‍රයකු වෙත එළඹ ඔහුට වත්පිළිවෙත් කොට කමටහන් ගත යුතුය.

සචෙ පනෙතං එකවිහාරෙයෙව ලභති, ඉච‍්චෙතං කුසලං, නො චෙ ලභති, යත්‍ථ සො වසති, තත්‍ථ ගන‍්තබ‍්බං. ගච‍්ඡන‍්තෙන ච න ධොතමක‍්ඛිතෙහි පාදෙහි උපාහනා ආරූහිත්‍වා ඡත‍්තං ගහෙත්‍වා තෙලනාළිමධුඵාණිතාදීනි ගාහාපෙත්‍වා අන‍්තෙවාසිකපරිවුතෙන ගන‍්තබ‍්බං. ගමිකවත‍්තං පන පූරෙත්‍වා අත‍්තනො පත‍්තචීවරං සයමෙව ගහෙත්‍වා අන‍්තරාමග‍්ගෙ යං යං විහාරං පවිසති සබ‍්බත්‍ථ වත‍්තපටිපත‍්තිං කුරුමානෙන සල‍්ලහුකපරික‍්ඛාරෙන පරමසල‍්ලෙඛවුත‍්තිනා හුත්‍වා ගන‍්තබ‍්බං.

ඉදින් ඔහු (කමටහන් දෙන්නා) එකම විහාරයෙහි ලැබෙතොත් මැනවි, නොලැබෙතොත්, ඔහු යම් තැනෙක වෙසේනම් එහි යායුතුය, එසේ යනවිට, සෝදා තෙල් ගැල්වූ පා සහිතව වහන්නැඟී, කුඩය ගෙන, තෙල්නල, මීපැණි ආදිය ගෙන්වාගෙන අත වැසියන් පිරිවරාගෙන නොයා යුතුය. ගමිකවත් පුරා තමාගේ පාසිවුරු තමාම ගෙන, අතරමඟ යම් විහාරයකට පිවිසේනම් ඒ ඒ සියලු තන්හිදීම වත්පිළිවෙත් කරමින්, සැහැල්ලු පිරිකර ඇතිව, පරම සල්ලේඛ පැවතුම් ඇතිව යායුතුය.

තං විහාරං පවිසන‍්තෙන අන‍්තරාමග‍්ගෙයෙව දන‍්තකට‍්ඨං කප‍්පියං කාරාපෙත්‍වා ගහෙත්‍වා පවිසිතබ‍්බං, න ච “මුහුත‍්තං විස‍්සමෙත්‍වා පාදධොවනමක‍්ඛනාදීනි කත්‍වා ආචරියස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති අඤ‍්ඤං පරිවෙණං පවිසිතබ‍්බං. කස‍්මා? සචෙ හිස‍්ස තත්‍ර ආචරියස‍්ස විසභාගා භික‍්ඛූ භවෙය්‍යුං, තෙ ආගමනකාරණං පුච‍්ඡිත්‍වා ආචරියස‍්ස අවණ‍්ණං පකාසෙත්‍වා “නට‍්ඨොසි, සචෙ තස‍්ස සන‍්තිකං ආගතො”ති විප‍්පටිසාරං උප‍්පාදෙය්‍යුං, යෙන තතොව පටිනිවත‍්තෙය්‍ය, තස‍්මා ආචරියස‍්ස වසනට‍්ඨානං පුච‍්ඡිත්‍වා උජුකං තත්‍ථෙව ගන‍්තබ‍්බං.

එම විහාරයට පිවිසෙන විට අතරමඟදීම දැහැටිදඬු කැප කරවාගෙන පිවිසිය යුතුය. මොහොතක් විවේක ගෙන පා දෙවීම් තෙල් ගැල්වීම් ආදිය කොට, ආචාර්යයන් වෙත යෙමියි අන් පිරිවෙණකට නොවැදිය යුතුය. කවර හෙයින්දයත්, ඉදින් එහි මේ ආචාර්යන්හට නොපහන් භික්‍ෂූහු වෙත්නම්, ඔවුහු ආ කරුණු විමසා ආචාර්යයන්ගේ නුගුණ පවසා, ඔවුන් වෙත ආයෙහි නම් නටුයේ වෙහියි විපිළිසර උපදවන්නාහුය, එයින්ම ආපසු යන්නට සිදුවේ, එහෙයින් ආචාර්යයන් වෙසෙන තැන් විමසා කෙළින්ම එහි යායුතුය.

සචෙ ආචරියො දහරතරො හොති, පත‍්තචීවරපටිග‍්ගහණාදීනි න සාදිතබ‍්බානි. සචෙ වුඩ‍්ඪතරො හොති, ගන‍්ත්‍වා ආචරියං වන්‍දිත්‍වා ඨාතබ‍්බං. “නික‍්ඛිපාවුසො, පත‍්තචීවර”න‍්ති වුත‍්තෙන නික‍්ඛිපිතබ‍්බං. “පානීයං පිවා”ති වුත‍්තෙන සචෙ ඉච‍්ඡති පාතබ‍්බං. “පාදෙ ධොවාහී”ති වුත‍්තෙන න තාව පාදා ධොවිතබ‍්බා. සචෙ හි ආචරියෙන ආභතං උදකං භවෙය්‍ය, න සාරුප‍්පං සියා. “ධොවාහාවුසො, න මයා ආභතං, අඤ‍්ඤෙහි ආභත”න‍්ති වුත‍්තෙන පන යත්‍ථ ආචරියො න පස‍්සති, එවරූපෙ පටිච‍්ඡන‍්නෙ වා ඔකාසෙ, අබ‍්භොකාසෙ විහාරස‍්සාපි වා එකමන‍්තෙ නිසීදිත්‍වා පාදා ධොවිතබ‍්බා.

ඉදින් ආචාර්යයන් තමනට වඩා අඩුවයස් වෙතොත් පාසිවුරු ආදිය පිළිගැනීම නොඉවසිය යුතුය. ඉදින් වැඩි වයස් වෙතොත් ගොස් ආචාර්යයන් වැඳ සිටිය යුතුය. ඇවැත්නි, පාසිවුරු බහාතබනු යයි කී විට බහා තැබිය යුතුය. පැන් බොනුයයි කීවිට රිසි ඇතොත් පියයුතුය, පා දොවනුයයි කීවිට පළමුව නොදෙවිය යුතුය. ඉදින් ආචාර්යයන් විසින් ගෙනෙන ලද දිය ඇතොත්, එය යෝග්‍ය නොවේ. ඇවැත්නි, දොවනුය, මවිසින් ගෙනෙනලද දිය නොවේ, අන්‍යයන් විසින් ගෙනෙන ලද්දේයයි කීවිට, ආචාර්යයන්හට නොපෙනෙන ලෙස ඇවුරුණු තැනකදී හෝ අභ්‍යවකාශ විහාරයෙක් නම්, එක් පසෙක හිඳ පාදෙවිය යුතුය.

සචෙ ආචරියො තෙලනාළිං ආහරති උට‍්ඨහිත්‍වා උභොහි හත්‍ථෙහි සක‍්කච‍්චං ගහෙතබ‍්බා. සචෙ හි න ගණ‍්හෙය්‍ය, “අයං භික‍්ඛු ඉතො එව පට‍්ඨාය සම‍්භොගං කොපෙතී”ති ආචරියස‍්ස අඤ‍්ඤථත‍්තං භවෙය්‍ය. ගහෙත්‍වා පන න ආදිතොව පාදා මක‍්ඛෙතබ‍්බා. සචෙ හි තං ආචරියස‍්ස ගත‍්තබ‍්භඤ‍්ජනතෙලං භවෙය්‍ය, න සාරුප‍්පං සියා. තස‍්මා සීසං මක‍්ඛෙත්‍වා ඛන්‍ධාදීනි මක‍්ඛෙතබ‍්බානි. “සබ‍්බපාරිහාරියතෙලමිදං, ආවුසො, පාදෙපි මක‍්ඛෙහී”ති වුත‍්තෙන පන ථොකං සීසෙ කත්‍වා පාදෙ මක‍්ඛෙත්‍වා “ඉමං තෙලනාළිං ඨපෙමි, භන‍්තෙ”ති වත්‍වා ආචරියෙ ගණ‍්හන‍්තෙ දාතබ‍්බා.

ඉදින් ආචාර්යයෝ තෙල්නල ගෙනඑත් නම්, නැගිට දෙඅතින්ම මනාසේ පිළිගත යුතුය. ඉදින් නොගතහොත්, මේ භික්‍ෂු තෙමේ මෙතන් සිටම සමග පරිභෝග කිරීම කඩන්නේ යයි ආචාර්යයන් තුළ විමතියක් හටගන්නේය. තෙල්නල ගෙන පළමුව පා නොගල්වන්නේය, ඉදින් එය ආචාර්යයන් සිරුර ගල්වන තෙලක් නම් යෝග්‍ය නොවේ. එහෙයින් පළමුකොට හිස ගල්වා ඉක්බිති උරහිස් ආදියෙහි ගැල්විය යුතුය. ඇවැත්නි, මෙය සියලු අවයවයන්හි ගැල්විය යුතු තෙලකියි පාවල ගල්වනු යයි කීවිට පාවල ගල්වා, මේ තෙල්නල තබමි ස්වාමීනියි කියා ආචාර්යයන් ගන්නාවිට යලි පෙරලා දියයුතුය.

ආගතදිවසතො පට‍්ඨාය කම‍්මට‍්ඨානං මෙ, භන‍්තෙ, කථෙථ ඉච‍්චෙවං න වත‍්තබ‍්බං. දුතියදිවසතො පන පට‍්ඨාය සචෙ ආචරියස‍්ස පකතිඋපට‍්ඨාකො අත්‍ථි, තං යාචිත්‍වා වත‍්තං කාතබ‍්බං. සචෙ යාචිතොපි න දෙති, ඔකාසෙ ලද‍්ධෙයෙව කාතබ‍්බං. කරොන‍්තෙන ඛුද‍්දකමජ‍්ඣිමමහන‍්තානි තීණි දන‍්තකට‍්ඨානි උපනාමෙතබ‍්බානි. සීතං උණ‍්හන‍්ති දුවිධං මුඛධොවනඋදකඤ‍්ච න‍්හානොදකඤ‍්ච පටියාදෙතබ‍්බං. තතො යං ආචරියො තීණි දිවසානි පරිභුඤ‍්ජති, තාදිසමෙව නිච‍්චං උපනාමෙතබ‍්බං. නියමං අකත්‍වා යං වා තං වා පරිභුඤ‍්ජන‍්තස‍්ස යථාලද‍්ධං උපනාමෙතබ‍්බං. කිං බහුනා වුත‍්තෙන? යං තං භගවතා “අන‍්තෙවාසිකෙන, භික‍්ඛවෙ, ආචරියම‍්හි සම‍්මා වත‍්තිතබ‍්බං. තත්‍රායං සම‍්මා වත‍්තනා, කාලස‍්සෙව උට‍්ඨාය උපාහනා ඔමුඤ‍්චිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා දන‍්තකට‍්ඨං දාතබ‍්බං, මුඛොදකං දාතබ‍්බං, ආසනං පඤ‍්ඤපෙතබ‍්බං. සචෙ යාගු හොති, භාජනං ධොවිත්‍වා යාගු උපනාමෙතබ‍්බා”ති (මහාව· 78) ආදිකං ඛන්‍ධකෙ සම‍්මාවත‍්තං පඤ‍්ඤත‍්තං, තං සබ‍්බම‍්පි කාතබ‍්බං.

ආ දවස්ම ස්වාමීනි මට කමටහන් කියනු මැනවැයි නොකිව යුතුය. දෙවන දවස් පටන්, ඉදින් ආචාර්යයන්හට නිත්‍ය උපස්ථායක වෙතොත්, ඔහුගෙන් ඉල්වාගෙන වත්පිළිවෙත් කළයුතුය, ඉදින් ඉල්වාද නොදෙතොත් අවසරයක් ලත් විටෙකම කළයුතුය. එසේ වත් කරන්නහු විසින් කුඩා මධ්‍යම මහත් දැහැටි දඬු තුනක් එළවිය යුතුය, ශීත වූද රත්වූද මුවදෝන ජලයද, නහන ජලයද පිළියෙළ කළ යුතුය. එයින් යමක් ආචාර්යයන් තුන් දවසක් පරිභෝග කළහොත්, එවන් දේම නිරතුරු එළවිය යුතුය. නියමයක් නැතිව කවර හෝ දියක් පරිභෝග කරන්නහුට ලදදෙයක් එළවිය යුතුය. බොහෝකොට කියනු කිම? මහණෙනි, අන්තේවාසිකයා විසින් ආචාර්යයන් කෙරෙහි මනාසේ පැවතිය යුතුය. එහිලා මනා පැවතුම් මෙසේය: වේලාසනින් නැඟිට පාවහන් මුදවා තබා තනිපට සිවුර ඒකාංශ කොටගෙනම දැහැටි පිළිගැන්විය යුතුය. මුවදෝනා ජලය එළවිය යුතුය, අසුන් පැනවිය යුතුය, ඉදින් හුළුකැඳ ඇතොත් බඳුන් දොවා හුළුකැඳ පිළිගැන්විය යුතුය යන ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ඛන්‍ධකයෙහි යමක් මනාකොට දක්වන ලද වත් පනවන ලද්දේ ද, ඒ සියල්ල කළයුතුය.

එවං වත‍්තසම‍්පත‍්තියා ගරුං ආරාධයමානෙන සායං වන්‍දිත්‍වා යාහීති විස‍්සජ‍්ජිතෙන ගන‍්තබ‍්බං, යදා සො කිස‍්සාගතොසීති පුච‍්ඡති, තදා ආගමනකාරණං කථෙතබ‍්බං. සචෙ සො නෙව පුච‍්ඡති, වත‍්තං පන සාදියති, දසාහෙ වා පක‍්ඛෙ වා වීතිවත‍්තෙ එකදිවසං විස‍්සජ‍්ජිතෙනාපි අගන‍්ත්‍වා ඔකාසං කාරෙත්‍වා ආගමනකාරණං ආරොචෙතබ‍්බං. අකාලෙ වා ගන‍්ත්‍වා කිමත්‍ථමාගතොසීති පුට‍්ඨෙන ආරොචෙතබ‍්බං. සචෙ සො පාතොව ආගච‍්ඡාති වදති, පාතොව ගන‍්තබ‍්බං.

එසේ වත් සැපයීමෙන් ගුරුන් සිත් ගෙන සවස් කාලයෙහි යන්නැයි මුදා හළ විට වැඳ යායුතුය. යම් දවසෙක කුමක් සඳහා ආයෙහිදැයි පිළිවිසිත්ද, එවිට ආ කරුණ කිව යුතුය. ඉදින් නොවිමසාම වත් ඉවසතහොත් දස දිනක් හෝ අඩමසක් ඉක්ම ගියකල, එක් දිනෙක යන්නැයි සන් කළ විට පවා නොගොස් අවසරගෙන ආ කරුණ දැන්විය යුතුය, නොකල්හි හෝ ගොස් කුමක් නිසා ආයෙහිදැයි විචාළ කල දැන්විය යුතුය. ඉදින් ඔවුන් උදෑසනින්ම එන්නැයි කිවහොත් උදෑසනින්ම යායුතුය.

සචෙ පනස‍්ස තාය වෙලාය පිත‍්තාබාධෙන වා කුච‍්ඡි පරිඩය‍්හති, අග‍්ගිමන්‍දතාය වා භත‍්තං න ජීරති, අඤ‍්ඤො වා කොචි රොගො බාධති, තං යථාභූතං ආවිකත්‍වා අත‍්තනො සප‍්පායවෙලං ආරොචෙත්‍වා තාය වෙලාය උපසඞ‍්කමිතබ‍්බං. අසප‍්පායවෙලාය හි වුච‍්චමානම‍්පි කම‍්මට‍්ඨානං න සක‍්කා හොති මනසිකාතුන‍්ති. අයං කම‍්මට‍්ඨානදායකං කල්‍යාණමිත‍්තං උපසඞ‍්කමිත්‍වාති එත්‍ථ විත්‍ථාරො.

ඉදින් එම වේලෙහි පිත් රෝගයක් නිසා හෝ කුසදැවිල්ල වේනම්, නැතහොත් කුසගිනි මද බැවින් අහර නොදිරා තිබේනම්, අන්කිසි රෝගයෙකින් හෝ පෙළේ නම්, ඒ බව ඇති තතු සැලකොට තමාට පහසු වේලාවක් දන්වා ඒ වේලාවෙහි එළඹිය යුතුය, අසප්පාය වේලාවෙහි කියන ලද කමටහන් මෙනෙහි කිරීම පවා නොහැකි වේ. කම්මට්ඨානදායකං කල්‍යාණමිත්තං උපසඞ්කමිත්‍වා (කමටහන් දෙන කල්‍යාණ මිත්‍රයකු වෙත එළඹ) යන මෙහි විස්තර කථාවයි.