යෙදුමෙන් කියවන්න

සමාධිඑකකදුකවණ‍්ණනා

සමාධිඑකකදුකවණ‍්ණනා

සමාධිඑකකදුකවණ්ණනා

තත්‍ථ එකවිධකොට‍්ඨාසො උත‍්තානත්‍ථොයෙව. දුවිධකොට‍්ඨාසෙ ඡන‍්නං අනුස‍්සතිට‍්ඨානානං මරණස‍්සතියා උපසමානුස‍්සතියා ආහාරෙ පටිකූලසඤ‍්ඤාය චතුධාතුවවත්‍ථානස‍්සාති ඉමෙසං වසෙන ලද‍්ධචිත‍්තෙකග‍්ගතා, යා ච අප‍්පනාසමාධීනං පුබ‍්බභාගෙ එකග‍්ගතා, අයං උපචාරසමාධි. “පඨමස‍්ස ඣානස‍්ස පරිකම‍්මං පඨමස‍්ස ඣානස‍්ස අනන‍්තරපච‍්චයෙන පච‍්චයො”ති ආදිවචනතො පන යා පරිකම‍්මානන‍්තරා එකග‍්ගතා, අයං අප‍්පනාසමාධීති එවං උපචාරප‍්පනාවසෙන දුවිධො.

එහි එක් ආකාර වූ කොටස පැහැදිලි අරුත් ඇත්තේම වේ. දෙආකාර කොටසෙහි: අනුස්සති සයද, මරණසති උපසමානුස්සති, ආහාරෙ පටික්කූල සඤ්ඤා, චතුධාතුවවත්‍ථාන යන මේ කර්මස්ථානයන්ගේ වශයෙන් ලබනලද චිත්තයෙහි ඒකාග්‍රතාව, අර්පණා සමාධියට පෙරාතුව ඇතිවන සමාධිය, උපචාර සමාධියයි. ‘පඨමස්ස ඣානස්ස පරිකම්මං පඨමස්ස ඣානස්ස අනන්නරපච්චයෙන පච්චයො’ (ප්‍රථම ධ්‍යානය පිළිබඳ පරිකර්මය ප්‍රථමධ්‍යානයට අනන්තරප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ) යන ආදී වචනයෙන් පරිකර්මයට අනතුරුව යම් ඒකාග්‍රතාවක් වේනම්, එය අර්පණා සමාධියයි. මෙසේ උපචාර, අර්පණා වශයෙන් දෙආකාර වේ.

දුතියදුකෙ තීසු භූමීසු කුසලචිත‍්තෙකග‍්ගතා ලොකියො සමාධි. අරියමග‍්ගසම‍්පයුත‍්තා එකග‍්ගතා ලොකුත‍්තරො සමාධීති එවං ලොකියලොකුත‍්තරවසෙන දුවිධො.

දෙවන ද්විකයෙහි කාම, රූප, අරූප යන භූමිත්‍රය විෂයෙහි කුශල චිත්තෛකාග්‍රතාව ලෞකික සමාධියයි, ආර්යමාර්ගය පිළිබඳ ඒකාග්‍රතාව ලෝකෝත්තර සමාධියයි. මෙසේ ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාර වේ.

තතියදුකෙ චතුක‍්කනයෙ ද‍්වීසු පඤ‍්චකනයෙ තීසු ඣානෙසු එකග‍්ගතා සප‍්පීතිකො සමාධි. අවසෙසෙසු ද‍්වීසු ඣානෙසු එකග‍්ගතා නිප‍්පීතිකො සමාධි. උපචාරසමාධි පන සියා සප‍්පීතිකො, සියා නිප‍්පීතිකොති එවං සප‍්පීතිකනිප‍්පීතිකවසෙන දුවිධො.

තුන්වන ද්විකයෙහි: චතුෂ්කනයෙහි (ධ්‍යාන සතරක් වශයෙන් ඇති නයෙහි) ප්‍රථම ද්විතීය ධ්‍යාන දෙකෙහිද, පංචකනයෙහි (ධ්‍යාන පසක් ලෙස ගැනෙන ක්‍රමයෙහි) ප්‍රථම ද්විතීය තෘතීය යන ධ්‍යාන තුනෙහිද ඇති වන ඒකාග්‍රතාව සප්පීතික (පීති සහිත) සමාධියයි, ඉතිරි ධ්‍යාන විෂයෙහි වන ඒකාග්‍රතාව නිප්පීතික (පීති රහිත) සමාධියයි. උපචාර සමාධිය වනාහි සප්පීතිකද නිප්පීතිකද වන්නේය. මෙසේ සප්පීතික, නිප්පීතික වශයෙන් දෙ-ආකාර වේ.

චතුත්‍ථදුකෙ චතුක‍්කනයෙ තීසු පඤ‍්චකනයෙ චතූසු ඣානෙසු එකග‍්ගතා සුඛසහගතො සමාධි. අවසෙසස‍්මිං උපෙක‍්ඛාසහගතො සමාධි. උපචාරසමාධි පන සියා සුඛසහගතො, සියා උපෙක‍්ඛාසහගතොති එවං සුඛසහගතඋපෙක‍්ඛාසහගතවසෙන දුවිධො.

සිවුවන ද්විකයෙහි: චතුෂ්කනයෙහි ප්‍රථම ද්විතීය තෘතීය ධ්‍යාන තුනෙහිද, පංචකනයෙහි ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ත්‍ථ යන ධ්‍යාන සතරෙහිද, වන ඒකාග්‍රතාව සුඛසහගත සමාධියයි. (චතුෂ්කනයෙහි චතුර්ත්‍ථධ්‍යානය හා පංචකනයෙහි පංචමධ්‍යානයද යන) මේ ඉතිරි ධ්‍යානයෙහි වන ඒකාග්‍රතාව උපේක්‍ෂා සහගත සමාධියයි. උපචාර සමාධිය වනාහි සුඛ සහගතද උපේක්‍ෂා සහගතද වන්නේය. මෙසේ සුඛසහගතය උපේක්‍ෂා සහගතය යනුවෙන් දෙආකාර වේ.