ධුතඞ්ගපකිණ්ණකකථා
ධුතඞ්ගපකිණ්ණකකථා
ධුතඞ්ගපකිණ්ණකකථා
ඉදානි –
ඉක්බිති,
කුසලත්තිකතො චෙව, ධුතාදීනං විභාගතො; සමාසබ්යාසතො චාපි, විඤ්ඤාතබ්බො විනිච්ඡයොති. –
කුසලත්තිකතො චෙව ධුතාදීනං විභාගතො සමාසව්යාසතො චාපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
කුශල, අකුශල, අඛ්‍යාකත යන ත්‍රිකය වශයෙන්ද, ධුත, ධුතවාද ආදී විභාග වශයෙන්ද, සමස්ත වශයෙන් හා විග්රහ වශයෙන්ද මෙහි විනිශ්චය දතයුතුය යන
ඉමිස්සා ගාථාය වසෙන වණ්ණනා හොති.
මේ ගාථාවෙහි දක්වන ලද ආකාරයෙන් විස්තර වර්ණනාව වන්නේය.
තත්ථ කුසලත්තිකතොති සබ්බානෙව හි ධුතඞ්ගානි සෙක්ඛපුථුජ්ජනඛීණාසවානං වසෙන සියා කුසලානි, සියා අබ්යාකතානි, නත්ථි ධුතඞ්ගං අකුසලන්ති.
එහි කුසලත්තිකතො යනු සියලුම ධුතංගයෝ ශෛක්ෂ්ය, පෘථග්ජන, ක්ෂීණාශ්රව වශයෙන් කුශලද, අඛ්යාකතද වන්නේය. අකුශල ධුතංගයෙක් නැත.
යො පන වදෙය්ය “පාපිච්ඡො ඉච්ඡාපකතො ආරඤ්ඤිකො හොතීති ආදිවචනතො (අ· නි· 5.181; පරි· 325) අකුසලම්පි ධුතඞ්ග”න්ති. සො වත්තබ්බො – න මයං “අකුසලචිත්තෙන අරඤ්ඤෙ න වසතී”ති වදාම. යස්ස හි අරඤ්ඤෙ නිවාසො, සො ආරඤ්ඤිකො. සො ච පාපිච්ඡො වා භවෙය්ය අප්පිච්ඡො වා. ඉමානි පන තෙන තෙන සමාදානෙන ධුතකිලෙසත්තා ධුතස්ස භික්ඛුනො අඞ්ගානි, කිලෙසධුනනතො වා ධුතන්ති ලද්ධවොහාරං ඤාණං අඞ්ගමෙතෙසන්ති ධුතඞ්ගානි. අථ වා ධුතානි ච තානි පටිපක්ඛනිද්ධුනනතො අඞ්ගානි ච පටිපත්තියාතිපි ධුතඞ්ගානීති වුත්තං. න ච අකුසලෙන කොචි ධුතො නාම හොති, යස්සෙතානි අඞ්ගානි භවෙය්යුං, න ච අකුසලං කිඤ්චි ධුනාති, යෙසං තං අඞ්ගන්තිකත්වා ධුතඞ්ගානීති වුච්චෙය්යුං. නාපි අකුසලං චීවරලොලුප්පාදීනි චෙව නිද්ධුනාති පටිපත්තියා ච අඞ්ගං හොති. තස්මා සුවුත්තමිදං “නත්ථි අකුසලං ධුතඞ්ග”න්ති.
යමෙක් වනාහි ‘පාපිච්ඡො ඉච්ඡාපකතො ආරඤ්ඤිකො හොති’ (පවිටු අදහස් ඇත්තේ තෘෂ්ණාවෙන් මඩනා ලද්දේ ආරණ්‍යක වේද) යන ආදිය කියනලද හෙයින් අකුශල ධුතංගයෙක්ද ඇතැ’යි කියන්නේ නම්, ඔහුට මෙසේ කිවයුතුය. ‘අකුසල් සිතින් අරණ්‍යයෙහි නොවෙසෙතැ’යි නොකියමු, යමකුට අරණ්‍යය වාසස්ථානය වේනම් හෝ ආරණ්යකයෙකි, ඔහු පවිටු අදහස් ඇත්තකු හෝ අල්පේච්ඡයකු විය හැකිය, මොහු වනාහි ඒ ඒ ධුතංගය සමාදන්වීමෙන් සොල්වාලූ කෙලෙස් ඇති හෙයින් ධුත නම්වූ භික්ෂුවගේ අංගයෝය, කෙලෙස් සොල්වාලන හෙයින් ‘ධුත’ යන වහර ලැබූ ඤාණය මොවුනට අංග වෙති’යි හෝ ධුතංග නම් වෙති, නැතහොත් ධුතවූවෝද, ප්රතිපක්ෂ වූ කෙලෙස් සොල්වාලන හෙයින් ප්‍රතිපත්තියට අංග වූවෝද මොවුහු වෙති’යි ධුතංගයයි කියන ලද්දාහ. අකුසල හේතුවෙන් කිසිවෙක් ‘ධුත’ නම් නොවේ. යමකුට මේ අකුශල අංගයෝ වෙත්ද, හේ තෙමේ අකුශල වූ කිසිවක් ධුනනය නොකරයි. ධුනනය (සොල්වාලීම) අංගයයි ගෙන එම අකුශල අංගයෝ ධුතංගයයි කියනු නොලබති, අකුශලය චීවර ලෝභාදිය ධුනනය නොකරයි, ප්‍රතිපත්තියට අංගද නොවේ, එහෙයින් අකුශලධුතංගයෙක් නැතැයි යන මෙය මනාකොට කියන ලද්දෙකි.
“යෙසම්පි කුසලත්තිකවිනිමුත්තං ධුතඞ්ගං, තෙසං අත්ථතො ධුතඞ්ගමෙව නත්ථි. අසන්තං කස්ස ධුනනතො ධුතඞ්ගං නාම භවිස්සති. ධුතගුණෙ සමාදාය වත්තතීති වචනවිරොධොපි ච නෙසං ආපජ්ජති, තස්මා තං න ගහෙතබ්බ”න්ති අයං තාව කුසලත්තිකතො වණ්ණනා.
යම් (අභයගිරිවැසි) කෙනෙකුන්හට කුශලත්‍රික විනිර්මුක්ත ධුතංගයෙක් වේද, ඔවුනට අර්ථ වශයෙන් ධුතංගයෙක් නැත්මය. අවිද්‍යමාන වූයේ කවරක් සොල්වා හරිති’යි ධුතංග නම් වන්නේද? ධුත ගුණයන් සමාදන්ව පවතීය යන වචන විරෝධයද ඔවුන් වෙත පැමිණේ. එහෙයින් ඒ (අභයගිරික) මතය නොපිළිගත යුතුය. කුශලත්‍රික වශයෙන් කැරෙන වර්ණනාව මෙතෙකි.
ධුතාදීනං විභාගතොති ධුතො වෙදිතබ්බො. ධුතවාදො වෙදිතබ්බො. ධුතධම්මා වෙදිතබ්බා. ධුතඞ්ගානි වෙදිතබ්බානි. කස්ස ධුතඞ්ගසෙවනා සප්පායාති වෙදිතබ්බං.
ධුතාදීනං විභාගතො යනු, ‘ධුත’ නම් වනුයේ කවරෙක්දැයි දතයුතුය, ධුතවාද යනු කිමෙක්දැයි දතයුතුය. ධුතධර්‍මයන් හඳුනාගත යුතුය. ධුතංග සේවනය කවරකුට සප්පායවේදැ’යි දතයුතුය.
තත්ථ ධුතොති ධුතකිලෙසො වා පුග්ගලො කිලෙසධුනනො වා ධම්මො.
එහි ධුත යනු, කෙලෙස් සොල්වා හළ පුද්ගලයා හෝ කෙලෙස් සොල්වා හරින ධර්මය හෝ වේ.
ධුතවාදොති එත්ථ පන අත්ථි ධුතො න ධුතවාදො, අත්ථි න ධුතො ධුතවාදො, අත්ථි නෙව ධුතො න ධුතවාදො, අත්ථි ධුතො චෙව ධුතවාදො ච.
ධුතවාද යන මෙහි වනාහි, ධුතවාදී නොවන ධුතයෙක් ඇත, ධුත නොවන ධුතවාදියෙක් ඇත, ධුතද නොවූ ධුතාවාදීද නොවූවෙක් ඇත, ධුතද වන ධුතවාදීද වන කෙනෙක්ද ඇත.
තත්ථ යො ධුතඞ්ගෙන අත්තනො කිලෙසෙ ධුනි, පරං පන ධුතඞ්ගෙන න ඔවදති, නානුසාසති බාකුලත්ථෙරො විය, අයං ධුතො න ධුතවාදො. යථාහ, “තයිදං ආයස්මා බාකුලො ධුතො න ධුතවාදො”ති. යො පන න ධුතඞ්ගෙන අත්තනො කිලෙසෙ ධුනි, කෙවලං අඤ්ඤෙ ධුතඞ්ගෙන ඔවදති අනුසාසති උපනන්දත්ථෙරො විය, අයං න ධුතො ධුතවාදො. යථාහ, “තයිදං ආයස්මා උපනන්දො සක්යපුත්තො න ධුතො ධුතවාදො”ති. යො උභයවිපන්නො ලාළුදායී විය, අයං නෙව ධුතො න ධුතවාදො. යථාහ, “තයිදං ආයස්මා ලාළුදායී නෙව ධුතො න ධුතවාදො”ති. යො පන උභයසම්පන්නො ධම්මසෙනාපති විය, අයං ධුතො චෙව ධුතවාදො ච. යථාහ, “තයිදං ආයස්මා සාරිපුත්තො ධුතො චෙව ධුතවාදො චාති.
එහි යමෙක් තෙමේ ධුතංග බලයෙන් තමාගේ කෙලෙස් සොල්වා හළේද, බක්කුල තෙරුන් මෙන් දුතංගයන් පිළිබඳව අනුන්හට අවවාද නොකෙරේද, අනුශාසනා නොකෙරේද, මොහු ධුතවාදී නොවන ධුතයෙකි. කියනලද මැයි, ‘මේ ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ‘ධුත’ වෙති, ධුතවාදී නොවෙති.’ යමෙක් වනාහි ධුතංගයෙන් තමාගේ කෙලෙස් සොල්වා නොහළේද, උපනන්ද තෙරුන් මෙන් හුදෙක් ධුතංගයන් ගැන අනුනට අවවාද අනුශාසනා කෙරේද මොහු ධුත නොවන ධුතවාදියෙකි. කියන ලද මැයි: මේ ආයුෂ්මත් උපනන්ද තෙරණුවෝ ධුත නොවෙති, ධුතවාදී වෙති.’ යමෙක් වනාහි ලාලුදායී තෙරුන් මෙන් දෙකින්ම තොර වූයේද හේ තෙමේ ධුත නොවන්නකු මෙන්ම ධූතවාදීද නොවන්නෙකි. කියන ලදමැයි: ‘මේ ආයුෂ්මත් ලාලුදායී තෙරණුවෝ ධුතද නොවෙති, දුතවාදීද නොවෙති.’ යමෙක් වනාහි ධම්මසේනාපති සැරියුත් තෙරුන් මෙන් දෙකින්ම යුතුවූයේද, මේ තෙමේ ධුතද ධුතවාදීද වූවෙකි. කියනලද මැයි: ‘මේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ධුතද වෙති, ධුතවාදීද වෙති.’
ධුතධම්මා වෙදිතබ්බාති අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සල්ලෙඛතා, පවිවෙකතා, ඉදමත්ථිතාති ඉමෙ ධුතඞ්ගචෙතනාය පරිවාරකා පඤ්ච ධම්මා “අප්පිච්ඡතංයෙව නිස්සායා”තිආදිවචනතො (අ· නි· 5.181; පරි· 325) ධුතධම්මා නාම, තත්ථ අප්පිච්ඡතා ච සන්තුට්ඨිතා ච අලොභො. සල්ලෙඛතා ච පවිවෙකතා ච ද්වීසු ධම්මෙසු අනුපතන්ති අලොභෙ ච අමොහෙ ච. ඉදමත්ථිතා ඤාණමෙව. තත්ථ ච අලොභෙන පටික්ඛෙපවත්ථූසු ලොභං, අමොහෙන තෙස්වෙව ආදීනවපටිච්ඡාදකං මොහං ධුනාති. අලොභෙන ච අනුඤ්ඤාතානං පටිසෙවනමුඛෙන පවත්තං කාමසුඛානුයොගං, අමොහෙන ධුතඞ්ගෙසු අතිසල්ලෙඛමුඛෙන පවත්තං අත්තකිලමථානුයොගං ධුනාති. තස්මා ඉමෙ ධම්මා ධුතධම්මාති වෙදිතබ්බා.
ධුතධම්මා වෙදිතබ්බා යනු, අල්පේච්ඡතාව, සන්තුෂ්ටතාව සල්ලේඛතාව (කෙලෙස් මැඩීමෙහි යෙදුණු බව), පවිවෙකතා (විවේකී බව) ඉදමට්ඨිතා (මෙයම ප්‍රයෝජනකොට ඇතිබව) යන මේ ධුතංග චේතනාවට පරිවාර වූ ධර්මයෝ ‘අප්පිච්ඡං යෙව නිස්සාය’ යන ආදිය කී හෙයින් ධුතධම්ම නම් වෙති. එහි අල්පේච්ඡතාව හා සන්තුෂ්ටතාව ආලෝභයෙහි ඇතුළත් වේ, සල්ලේඛතාව හා පවිවෙකතාව අලෝහ අමෝහ යන ධර්ම දෙකෙහිම ඇතුළත් වේ. ඉදමට්ඨිතා යනු ඥානයමැයි. එහි අලෝහයෙන් ප්රතිපක්ෂ වස්තූන් කෙරෙහි ලෝභයද, අමෝහයෙන් එම වස්තූන් කෙරෙහිම වූ ආදිනවයන් මුවහ කරන මෝහයද තුරන් කරයි. අලෝභයෙන්ම අනුඥාත වස්තූන් පරිහරණය කිරීම් වශයෙන් පවත්නා කාමසුඛානුයෝගයද, අමෝහයෙන් ධුතංග විෂයෙහි අතිසල්ලේඛ වශයෙන් පවත්නා අත්තකිලමථානුයෝගයද තුරන් කරයි. එහෙයින් මේ ධර්මයෝ ධුතධම්මයයි දතයුතුය.
ධුතඞ්ගානි වෙදිතබ්බානීති තෙරස ධුතඞ්ගානි වෙදිතබ්බානි පංසුකූලිකඞ්ගං…පෙ… නෙසජ්ජිකඞ්ගන්ති. තානි අත්ථතො ලක්‍ඛණාදීහි ච වුත්තානෙව.
ධුතඞ්ගානි වෙදිතබ්බානි යනු, තෙළෙස් ධුතංගයෝ-පංසුකුලිකංගය-පෙ-නෙසජ්ජිකංගයයි යන තෙළෙස් ධුතංගයෝ දතයුත්තාහ. ඒ ධුතංගයෝ අර්ත්ථ වශයෙන්ද ලක්ෂණාදි වශයෙන්ද කියන ලද්දාහුමය.
කස්ස ධුතඞ්ගසෙවනා සප්පායාති රාගචරිතස්ස චෙව මොහචරිතස්ස ච. කස්මා? ධුතඞ්ගසෙවනා හි දුක්ඛාපටිපදා චෙව සල්ලෙඛවිහාරො ච. දුක්ඛාපටිපදඤ්ච නිස්සාය රාගො වූපසම්මති. සල්ලෙඛං නිස්සාය අප්පමත්තස්ස මොහො පහීයති. ආරඤ්ඤිකඞ්ගරුක්ඛමූලිකඞ්ගපටිසෙවනා වා එත්ථ දොසචරිතස්සාපි සප්පායා. තත්ථ හිස්ස අසඞ්ඝට්ටියමානස්ස විහරතො දොසොපි වූපසම්මතීති අයං ධුතාදීනං විභාගතො වණ්ණනා.
කස්ස ධුතඞ්ගසේවනා සප්පායා? යනු, කවරකුහට ධුතංගසේවනය ශුභඵලදායක වේදැයි යතහොත්, රාගචරිතයාට හා මෝහචරිතයා හටයි. කවර හෙයින්දයත්, ධුතංග සේවනය වනාහි දුක් සහිත ප්‍රතිපදාවක් මෙන්ම කෙලෙස් මඩින විහරණයක්ද වේ, දුක්සහිත ප්‍රතිපදාවක් වන හෙයින් රාගය සන්සිඳේ. කෙලෙස් මැඩීමේ උපායක් වනහෙයින් එහි අප්‍රමාද වූවහුගේ මෝහය පහවීයයි. මෙහි ආරඤ්ඤිකංග, රුක්ඛමූලිකංග යන දෙක සේවනය කිරීම දොසචරිතයාහට ශුභඵලදායක වේ. එහි වනාහි ගැටීමෙකින් තොරව වාසය කරන ඔහුගේ ද්වේෂය සන්සිදේ. මේ ධුතාදීන් පිළිබඳ විභාග වශයෙන් කරන ලද විස්තරයයි.
සමාසබ්යාසතොති ඉමානි පන ධුතඞ්ගානි සමාසතො තීණි සීසඞ්ගානි, පඤ්ච අසම්භින්නඞ්ගානීති අට්ඨෙව හොන්ති. තත්ථ සපදානචාරිකඞ්ගං, එකාසනිකඞ්ගං, අබ්භොකාසිකඞ්ගන්ති ඉමානි තීණි සීසඞ්ගානි. සපදානචාරිකඞ්ගඤ්හි රක්ඛන්තො පිණ්ඩපාතිකඞ්ගම්පි රක්ඛිස්සති. එකාසනිකඞ්ගඤ්ච රක්ඛතො පත්තපිණ්ඩිකඞ්ගඛලුපච්ඡාභත්තිකඞ්ගානිපි සුරක්ඛනීයානි භවිස්සන්ති. අබ්භොකාසිකඞ්ගං රක්ඛන්තස්ස කිං අත්ථි රුක්ඛමූලිකඞ්ගයථාසන්ථතිකඞ්ගෙසු රක්ඛිතබ්බං නාම. ඉති ඉමානි තීණි සීසඞ්ගානි, ආරඤ්ඤිකඞ්ගං, පංසුකූලිකඞ්ගං, තෙචීවරිකඞ්ගං, නෙසජ්ජිකඞ්ගං, සොසානිකඞ්ගන්ති ඉමානි පඤ්ච අසම්භින්නඞ්ගානි චාති අට්ඨෙව හොන්ති.
සමාසව්යාසතො යනු, මේ ධුතංගයෝ සමස්ත වශයෙන් මූලික අංග තුනක්ද, අමිශ්‍ර අංග පසක්දැයි අටක් වේ. එහි සපදානචාරිකංග, එකාසනිකංග, අබ්භොකාසිකංග යන මේ තුන මූලිකාංගයෝ වෙති, සපදානචාරිකංගය රක්නේ පිණ්ඩපාතිකාංගයද රක්නේ වේ, ඒකාසනිකංගය රක්නහුට පත්තපිණ්ඩිකංග, ඛලුපච්ඡාභත්තිකංග යන දෙකද පහසුවෙන් රැකියහැකි වේ, අබ්භොකාසිකංගය රක්නහුට රුක්ඛමූලිකාංග, යථාසන්ථතිකංග යන දෙකෙහි අමුතුවෙන් රැකියයුතු කිමෙක් නම් ඇත්ද? මෙසේ මේ තුන ශීර්ෂාංග (හෙවත් මූලිකාංග) නම් වේ. ආරඤ්ඤිකංග, පංසුකූලිකංග, තෙචීවරිකංග, නෙසජ්ජිකංග, සොසානිකාංග යන මේ අමිශ්‍ර අංගයන්ද සමග අටක්ම වේ.
පුන ද්වෙ චීවරපටිසංයුත්තානි, පඤ්ච පිණ්ඩපාතපටිසංයුත්තානි, පඤ්ච සෙනාසනපටිසංයුත්තානි, එකං වීරියපටිසංයුත්තන්ති එවං චත්තාරොව හොන්ති. තත්ථ නෙසජ්ජිකඞ්ගං වීරියපටිසංයුත්තං. ඉතරානි පාකටානෙව.
යලිදු දෙකක් සිවුරු පිළිබඳ වේ, පසක් පිණ්ඩපාතය පිළිබඳ වේ, පසක් සේනාසන පිළිබඳ වේ. එකක් වීර්යය පිළිබඳ වේ. මෙසේ සතරක් වේ. එහි නෙසජ්ජිකංගය වීර්යය හා සමග යෙදේ. ඉතිරිය පැහැදිලි වේමැයි.
පුන සබ්බානෙව නිස්සයවසෙන ද්වෙ හොන්ති පච්චයනිස්සිතානි ද්වාදස, වීරියනිස්සිතං එකන්ති. සෙවිතබ්බාසෙවිතබ්බවසෙනපි ද්වෙයෙව හොන්ති. යස්ස හි ධුතඞ්ගං සෙවන්තස්ස කම්මට්ඨානං වඩ්ඪති, තෙන සෙවිතබ්බානි. යස්ස සෙවතො හායති, තෙන න සෙවිතබ්බානි. යස්ස පන සෙවතොපි අසෙවතොපි වඩ්ඪතෙව, න හායති, තෙනාපි පච්ඡිමං ජනතං අනුකම්පන්තෙන සෙවිතබ්බානි. යස්සාපි සෙවතොපි අසෙවතොපි න වඩ්ඪති, තෙනාපි සෙවිතබ්බානියෙව ආයතිං වාසනත්ථායාති.
යලි සියල්ලම නිශ්‍රය වශයෙන් ප්රත්යයනිශ්රිත වූ දොළොසක්ද වීර්යය සන්නිශ්‍රිත වූ එකක්දැයි දෙආකාර වේ. සේවනය කළයුතු ධුතංගය, නොකළයුතු ධුතංගයයිද දෙආකාර වේ. යමකුට ධුතංගයක් සේවනය කරනවිට කමටහන් වැඩේනම්, ඔහු විසින් එය සේවනය කළයුතුය, යමකුට එය පිරිහේනම් ඔහු විසින් එය සේවනය නොකළ යුතුවන්නේය, යමකුට වනාහි සේවනය කරනවිටද නොකරන විටද වැඩේනම්, නොපිරිහේනම්, ඔහු විසින්ද පශ්චිමජනතාව කෙරෙහි අනුකම්පාවෙන් සේවනය කළයුතු වන්නේය, යමකුට සේවනය කරන විටද, නොකරන විටද කමටහන් නොවැඩේ නම්, ඔහු විසින්ද මතු වාසනා පිණිස සේවනය කළයුතු වන්නේමය.
එවං සෙවිතබ්බාසෙවිතබ්බවසෙන දුවිධානිපි සබ්බානෙව චෙතනාවසෙන එකවිධානි හොන්ති. එකමෙව හි ධුතඞ්ගං සමාදානචෙතනාති. අට්ඨකථායම්පි වුත්තං “යා චෙතනා, තං ධුතඞ්ගන්ති වදන්තී”ති.
මෙසේ සෙවිය යුතුද නොසෙවියයුතුදැයි දෙ-ආකාර වන නමුදු චේතනා වශයෙන් එක් ආකාර වන්නේය. ධුතංගසමාදාන චේතනාව එකක්ම වෙති’යි ‘යා චෙතනා තං ධුතඞ්ගන්ති වදන්ති’ (යම් චේතනාවක් වෙතොත් එයම ධුතංගයයි කියති) යි අටුවායෙහිද කියන ලදි.
බ්යාසතො පන භික්ඛූනං තෙරස, භික්ඛුනීනං අට්ඨ, සාමණෙරානං ද්වාදස, සික්ඛමානසාමණෙරීනං සත්ත, උපාසකඋපාසිකානං ද්වෙති ද්වාචත්තාලීස හොන්ති. සචෙ පන අබ්භොකාසෙ ආරඤ්ඤිකඞ්ගසම්පන්නං සුසානං හොති, එකොපි භික්ඛු එකප්පහාරෙන සබ්බධුතඞ්ගානි පරිභුඤ්ජිතුං සක්කොති. භික්ඛුනීනං පන ආරඤ්ඤිකඞ්ගං ඛලුපච්ඡාභත්තිකඞ්ගඤ්ච ද්වෙපි සික්ඛාපදෙනෙව පටික්ඛිත්තානි, අබ්භොකාසිකඞ්ගං, රුක්ඛමූලිකඞ්ගං, සොසානිකඞ්ගන්ති ඉමානි තීණි දුප්පරිහාරානි. භික්ඛුනියා හි දුතියිකං විනා වසිතුං න වට්ටති. එවරූපෙ ච ඨානෙ සමානච්ඡන්දා දුතියිකා දුල්ලභා. සචෙපි ලභෙය්ය සංසට්ඨවිහාරතො න මුච්චෙය්ය. එවං සති යස්සත්ථාය ධුතඞ්ගං සෙවෙය්ය, ස්වෙවස්සා අත්ථො න සම්පජ්ජෙය්ය. එවං පරිභුඤ්ජිතුං අසක්කුණෙය්යතාය පඤ්ච හාපෙත්වා භික්ඛුනීනං අට්ඨෙව හොන්තීති වෙදිතබ්බානි. යථාවුත්තෙසු පන ඨපෙත්වා තෙචීවරිකඞ්ගං සෙසානි ද්වාදස සාමණෙරානං, සත්ත සික්ඛමානසාමණෙරීනං වෙදිතබ්බානි. උපාසකඋපාසිකානං පන එකාසනිකඞ්ගං, පත්තපිණ්ඩිකඞ්ගන්ති ඉමානි ද්වෙ පතිරූපානි චෙව සක්කා ච පරිභුඤ්ජිතුන්ති ද්වෙ ධුතඞ්ගානීති එවං බ්යාසතො ද්වෙචත්තාලීස හොන්තීති අයං සමාසබ්යාසතො වණ්ණනා.
ප්රත්යෙක වශයෙන් වනාහි භික්ෂූන් උදෙසා තෙළෙසක්ද, භික්ෂුණීන් උදෙසා අටක්ද, සාමණේරයන් උදෙසා දොළොසක්ද, පුහුණුවන සාමණේරීන් උදෙසා සතක්ද, උපාසක උපාසිකාවන් උදෙසා දෙකක්දැයි දෙසාළිසක් වේ. ඉදින් අබ්භොකාසයෙක්හි ආරඤ්ඤිකංගයෙන් යුක්ත වූ සුසානයක්ද ඇත්නම්, එක්ම භික්ෂු කෙනකුට එක් වරම සියලු ධුතංගයන් දැරියහැකි වේ. භික්ෂුණීන්ට වනාහි ආරඤ්ඤිකංගයද, ඛලුපච්ඡාභත්තිකංගයද යන දෙක ශික්ෂාපදයෙන්ම පිළිකෙව් කරනලදි. අබ්භොකාසිකංග, රුක්ඛමුලිකංග, සොසානිකංග යන තුන දැරීම අපහසු වන්නේය. භික්ෂුණීන් විසින් දෙවැන්නියක් නොමැතිව වසනු නොවටනේය. මෙවන් තැනෙක සමාන සිතුම්පැතුම් ඇති දෙවැන්නියක් ලැබීම උගහටය, ඉදින් ලබන්නී නමුදු සංඝට්ඨවිහාරතායෙන් නොමිදෙන්නීය, එසේ වූකල යමක් පිණිස ධුතංගසේවනය කරනු ලැබේද එම අර්ත්ථය ඇයට නොසැපයෙන්නේය, මෙසේ පරිහරණය කළ නොහැකිවන හෙයින් පසක් අඩුකොට භික්ෂුණීන් උදෙසා අටක්ම වෙතැයි දතයුතුය. මෙසේ කියනලද ධුතංගයන් අතුරෙන් තෙචීවරිකංගය හැර ඉතිරි දොළොස සාමණේරයන් උදෙසාද, සතක් පුහුණුවන සාමණේරීන් උදෙසාද වන්නේයයි දතයුතුය. උවසු උවැසියන් උදෙසා ඒකාසනික, පත්තපිණ්ඩික යන මේ අංග දෙක සුදුසුවන හෙයින්ද පුරනු හැකිවන හෙයින්ද ඒ දෙක පමණක් වේ. මෙසේ ප්රත්යෙක වශයෙන් දෙසාළිසක් වන්නේය. මේ සමාසව්යාස වර්ණනායි.
එත්තාවතා ච “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො”ති ඉමිස්සා ගාථාය සීලසමාධිපඤ්ඤාමුඛෙන දෙසිතෙ විසුද්ධිමග්ගෙ යෙහි අප්පිච්ඡතාසන්තුට්ඨිතාදීහි ගුණෙහි වුත්තප්පකාරස්ස සීලස්ස වොදානං හොති, තෙසං සම්පාදනත්ථං සමාදාතබ්බධුතඞ්ගකථා භාසිතා හොති.
මෙතෙකින් ‘සිලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො’ යන ආදී මේ ගාථාවෙහි ශීල සමාධි ප්‍රඥා මුඛයෙන් දේශනා කරන ලද විශුද්ධිමාර්ගයෙහි අල්පේච්ඡතා සන්තුෂ්ටතාදී ගුණයන් හේතුකොටගෙන යට කියනලද ශීලයෙහි පිරිසුදුබව වේද, එම ගුණයන්ගේ සම්පාදනය පිණිස සමාදන් වියයුතු ධුතංගයන් පිළිබඳ කථාව කියන ලද්දේ වේ.
ඉති සාධුජනපාමොජ්ජත්ථාය කතෙ විසුද්ධිමග්ගෙ ධුතඞ්ගනිද්දෙසො නාම දුතියො පරිච්ඡෙදො.
සත්පුරුෂයන්ගේ ප්‍රමෝදය පිණිස කරන ලද විශුද්ධිමාර්ගයෙහි ධුතංගනිද්දේස නම් දෙවන පරිච්ඡේදය සමාප්තයි.