යෙදුමෙන් කියවන්න

නෙසජ‍්ජිකඞ‍්ගකථා

නෙසජ‍්ජිකඞ‍්ගකථා

නෙසජ්ජිකඞ්ගකථා

නෙසජ‍්ජිකඞ‍්ගම‍්පි “සෙය්‍යං පටික‍්ඛිපාමි, නෙසජ‍්ජිකඞ‍්ගං සමාදියාමී”ති ඉමෙසං අඤ‍්ඤතරවචනෙන සමාදින‍්නං හොති.

නෙසජ්ජිකංගයද ‘සෙය්‍යං පටික්‍ඛිපාමි, නෙසජ්ජිකඞ්ගං සමාදියාමි’ (වැතිරීමේ ඉරියව්ව පිළිකෙව් කරමි. නේසජ්ජිකංගය සමාදන්වෙමි) යන මේ දෙපාඨයෙන් එකෙකින් සමාදන් වීම සිදුවේ.

තෙන පන නෙසජ‍්ජිකෙන රත‍්තියා තීසු යාමෙසු එකං යාමං උට‍්ඨාය චඞ‍්කමිතබ‍්බං. ඉරියාපථෙසු හි නිපජ‍්ජිතුමෙව න වට‍්ටති. ඉදමස‍්ස විධානං.

ඒ නේසජ්ජික යතිවරයා විසින් රාත්‍රියෙහි තුන් යමින් එක් යමක් නැගිට සක්මන් කළයුතුය. ඉරියව් අතුරින් වැදහෙවීම පමණක් නොවටී. මේ මෙහි පිළිපදනා විධියි.

පභෙදතො පන අයම‍්පි තිවිධො හොති. තත්‍ථ උක‍්කට‍්ඨස‍්ස නෙව අපස‍්සෙනං, න දුස‍්සපල‍්ලත්‍ථිකා, න ආයොගපට‍්ටො වට‍්ටති. මජ‍්ඣිමස‍්ස ඉමෙසු තීසු යංකිඤ‍්චි වට‍්ටති. මුදුකස‍්ස අපස‍්සෙනම‍්පි දුස‍්සපල‍්ලත්‍ථිකාපි ආයොගපට‍්ටොපි බිබ‍්බොහනම‍්පි පඤ‍්චඞ‍්ගොපි සත‍්තඞ‍්ගොපි වට‍්ටති. පඤ‍්චඞ‍්ගො පන පිට‍්ඨිඅපස‍්සයෙන සද‍්ධිං කතො. සත‍්තඞ‍්ගො නාම පිට‍්ඨිඅපස‍්සයෙන ච උභතොපස‍්සෙසු අපස‍්සයෙහි ච සද‍්ධිං කතො. තං කිර මිළාභයත්‍ථෙරස‍්ස අකංසු. ථෙරො අනාගාමී හුත්‍වා පරිනිබ‍්බායි.

ප්‍රභේද වශයෙන් වනාහි මොහුද, ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයාහට පිටි ඇඳි සහිත අසුන් හෝ, පිළීයෙන් කළ අකවටු (දෙදණ හා ඉඟටිය වටා ඔතා ගෙන හිඳීම) හෝ ආයොගපට්ට නම් එල්ලී හිදිනු සඳහා යොදාගනු ලබන පටි හෝ යෝග්‍ය නොවේ. මධ්‍යමයාහට මේ තුනෙන් එකක් පමණක් යෝග්‍ය වේ. මෘදුකයාහට වනාහි පිටි ඇඳිද, පිළියෙන් කළ අකවටුද, එල්ලී හිදින පටිද, මෙට්ටද පසඟින් යුත් පුටුද, සතඟින් යුත් පුටුද යෝග්‍ය වේ. පසඟපුටු නම් පිටි ඇන්දක් සහිත පාසතරක් ඇති පුටුය. සතඟපුටු නම් පිටි ඇන්දක් හා දෑල ඇඳි සහිත පුටුය. එම සතඟපුටුව පිඨාභය තෙරුන් උදෙසා කළාහුය. තෙරණුවෝ අනාගාමීව පිරිනිවියහ.

ඉමෙසං පන තිණ‍්ණම‍්පි සෙය්‍යං කප‍්පිතමත‍්තෙ ධුතඞ‍්ගං භිජ‍්ජති. අයමෙත්‍ථ භෙදො.

වැද හෙවීම කළ පමණින් මේ තිදෙනාගේම ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.

අයං පනානිසංසො, “සෙය්‍යසුඛං පස‍්සසුඛං මිද‍්ධසුඛං අනුයුත‍්තො විහරතී”ති (දී· නි· 3.320; ම· නි· 1.186) වුත‍්තස‍්ස චෙතසො විනිබන්‍ධස‍්ස උපච‍්ඡෙදනං, සබ‍්බකම‍්මට‍්ඨානානුයොගසප‍්පායතා, පාසාදිකඉරියාපථතා, වීරියාරම‍්භානුකූලතා, සම‍්මාපටිපත‍්තියා අනුබ්‍රූහනන‍්ති.

ආනිසංස මෙසේය: ‘වැදහෙවීමේ සුවය, ඇලයෙන් ඇලයට වැද හෙවීමේ සුවය, නිදි සුවය, යන මෙහි යෙදී වාසය කරයි.’ යනුවෙන් කියනලද සිත් බැමි නසන බවය, සියලු කමටහන්වලට අනුකූල වනබවය, පහන් දනවන ඉරියව් ඇතිබවය, වීර්යාරම්භයට අනුකූල වනබවය, සම්‍යක්ප්‍රතිපත්ති වැඩෙනබවය යන මේයි.

ආභුජිත්‍වාන පල‍්ලඞ‍්කං, පණිධාය උජුං තනුං; නිසීදන‍්තො විකම‍්පෙති, මාරස‍්ස හදයං යති.

ආභුජිත්‍වාන පල්ලඞ්කං පණිධාය උජුං තනුං නිසීදන්තො විකම්පෙති මාරස්ස හදයං යති

සෙය්‍යසුඛං මිද‍්ධසුඛං, හිත්‍වා ආරද‍්ධවීරියො; නිසජ‍්ජාභිරතො භික‍්ඛු, සොභයන‍්තො තපොවනං.

සෙය්‍යසුඛං මිද්ධසුඛං හිත්‍වා ආරද්ධවීරියො නිසජ්ජාභිරතො භික්‍ඛු සොභයන්තො තපොවනං

නිරාමිසං පීතිසුඛං, යස‍්මා සමධිගච‍්ඡති; තස‍්මා සමනුයුඤ‍්ජෙය්‍ය, ධීරො නෙසජ‍්ජිකං වතන‍්ති.

නිරාමිසං පීතිසුඛං යස්මා සමධිගච්ඡති තස්මා සමනුයුඤ්ජෙය්‍ය ධීරො නෙසජ්ජිකං වතන්ති.

සිරුර සෘජුව පිහිටුවාගෙන බද්ධ පර්යංකයෙන් හිඳින භික්‍ෂුතෙමේ මාරයාගේ හෘදය දෙදරවයි.

ඇරඹි වීර්ය ඇති භික්‍ෂු තෙමේ වද හෙවීමේ සුවය, නිදි සුවය හැර නේසජ්ජිකංගයෙහි නියැලියේ තපෝවනය හොබවනුයේ,

යම් හෙයකින් නිරාමිස ප්‍රීතිසුඛයට පැමිණෙන්නේද, එහෙයින් නුවණැත්තේ නේසජ්ජික ව්‍රතයෙහි යෙදෙන්නේය.

අයං නෙසජ‍්ජිකඞ‍්ගෙ සමාදාන විධානප‍්පභෙද භෙදානිසංසවණ‍්ණනා.

මේ නේසජ්ජිකඞ්ගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද, භේද - ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.