යථාසන්ථතිකඞ්ගකථා
යථාසන්ථතිකඞ්ගකථා
යථාසන්ථතිකඞ්ගකථා
යථාසන්ථතිකඞ්ගම්පි “සෙනාසනලොලුප්පං පටික්ඛිපාමි, යථාසන්ථතිකඞ්ගං සමාදියාමී”ති ඉමෙසං අඤ්ඤතරවචනෙන සමාදින්නං හොති.
යථාසන්ථතිකංගයද ‘සේනාසනලොලුප්පං පටික්ඛිපාමි, යථාසන්ථතිකඞ්ගං සමාදියාමි’ (සෙනසුන් කෙරෙහි ලොල් බව පිළිකෙව් කරමි, යථාසන්ථතිකංගය සමාදන් වෙමි) යන මේ දෙපාඨයෙන් එකකින් සමාදන් වීම සිද්ධ වේ.
තෙන පන යථාසන්ථතිකෙන යදස්ස සෙනාසනං “ඉදං තුය්හං පාපුණාතී”ති ගාහිතං හොති, තෙනෙව තුට්ඨබ්බං, න අඤ්ඤො උට්ඨාපෙතබ්බො. ඉදමස්ස විධානං.
එම යථාසන්ථතිකයා විසින් තමාහට යම් සෙනසුනක් ‘මෙය ඔබට පැවරේය’යි පමුණුවන ලද නම් එයින්ම තෘප්ත වියයුතුය. අනෙකකු නොනැගිටවිය යුතුය. මේ මෙහි පිළිපදනා විධියි.
පභෙදතො පන අයම්පි තිවිධො හොති. තත්ථ උක්කට්ඨො අත්තනො පත්තසෙනාසනං දූරෙති වා අච්චාසන්නෙති වා අමනුස්සදීඝජාතිකාදීහි උපද්දුතන්ති වා උණ්හන්ති වා සීතලන්ති වා පුච්ඡිතුං න ලභති. මජ්ඣිමො පුච්ඡිතුං ලභති. ගන්ත්වා පන ඔලොකෙතුං න ලභති. මුදුකො ගන්ත්වා ඔලොකෙත්වා සචස්ස තං න රුච්චති, අඤ්ඤං ගහෙතුං ලභති.
ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ට තෙමේ තමාහට පැමිණි සේනාසනය දුරද? ඉතා ළඟද? අමනුෂ්‍ය සර්ප ආදීන්ගෙන් උපද්‍රව ඇත්ද? උණුසුම්ද? සිහිල්දැ’යි විමසන්නට නොහැකි වේ, මධ්‍යම තෙමේ විමසන්නට හැකිවේ, එහෙත් ගොස් බලන්නට නොහැකි වේ. මෘදුක තෙමේ තමාට නොරිසි නම් අනෙකක් ගන්නට හැකිවේ.
ඉමෙසං පන තිණ්ණම්පි සෙනාසනලොලුප්පෙ උප්පන්නමත්තෙ ධුතඞ්ගං භිජ්ජතීති අයමෙත්ථ භෙදො.
මේ තිදෙනාගේම ධුතංගය සෙනසුන් කෙරෙහි ලොල්බවක් උපන් කෙණෙහිම බිඳේ. මේ මෙහි භේදයයි.
අයං පනානිසංසො, “යං ලද්ධං තෙන තුට්ඨබ්බ”න්ති (ජා· 1.1.136; පාචි· 793) වුත්තොවාදකරණං, සබ්රහ්මචාරීනං හිතෙසිතා, හීනපණීතවිකප්පපරිච්චාගො, අනුරොධවිරොධප්පහානං, අත්රිච්ඡතාය ද්වාරපිදහනං, අප්පිච්ඡතාදීනං අනුලොමවුත්තිතාති.
ආනිසංස මෙසේයි: ‘යමක් ලැබිණි නම්, එයින් සතුටු වියයුතුය’ යන අවවාදය පිළිපදනා බවය, සබ්‍රම්සරුන් කෙරෙහි හිත කැමති බවය, හීනය ප්‍රණීතය යන විකල්පය අත් හැරීමය, වාදවිවාදයෙන් වැලකීමය, අතීච්ඡතාවට දොර වැසීමය, අල්පේච්ඡතාදියට අනුකුල පැවතුම් ඇතිබවය යන මේයි.
යං ලද්ධං තෙන සන්තුට්ඨො, යථාසන්ථතිකො යති; නිබ්බිකප්පො සුඛං සෙති, තිණසන්ථරකෙසුපි.
යං ලද්ධං තෙන සන්තුට්ඨො යථාසන්ථතිකො යති නිබ්බකප්පො සුඛං සෙති තිණසන්ථරකෙසු පි.
න සො රජ්ජති සෙට්ඨම්හි, හීනං ලද්ධා න කුප්පති; සබ්රහ්මචාරිනවකෙ, හිතෙන අනුකම්පති.
න සො රජ්ජති සෙට්ඨම්හි හීනං ලද්ධා න කුප්පති සබ්රහ්මචාරීනවකෙ හිතෙන අනුකම්පති.
තස්මා අරියසතාචිණ්ණං, මුනිපුඞ්ගවවණ්ණිතං; අනුයුඤ්ජෙථ මෙධාවී, යථාසන්ථතරාමතන්ති.
තස්මාරියසතාචිණ්ණං මුනිපුංගවවණ්ණිතං අනුයුඤ්ජෙථ මෙධාවී යථාසන්ථතරාමතං.
යථා සන්ථතික භික්ෂු තෙමේ ලද දෙයින් සතුටුවූයේ විකල්ප පිළිබඳ අපේක්ෂා රහිත වූයේ තණ ඇතිරිවල පවා සුවසේ හෝනේය. හේ තෙමේ ප්‍රණීත දෙය කෙරෙහි නොඇලේ, හීනවූ යමක් ලැබ නොකිපේ, නවක සබ්‍රම්සරුන් කෙරෙහි හිතවත්ව අනුකම්පා කරයි.
එහෙයින් නුවණැත්තේ සියගණන් ආර්යයන් විසින් පුරුදු කරනලද, මුනි (පුංගවවූ) උතුමන් විසින් වර්ණනා කරන ලද යථාසන්ථතිකංගයෙහි යෙදෙන්නේය.
අයං යථාසන්ථතිකඞ්ගෙ සමාදානවිධානප්පභෙදභෙදානිසංසවණ්ණනා.
මේ යථාසන්ථතිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද- ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.