යෙදුමෙන් කියවන්න

සොසානිකඞ‍්ගකථා

සොසානිකඞ‍්ගකථා

සොසානිකඞ්ගකථා

සොසානිකඞ‍්ගම‍්පි “න සුසානං පටික‍්ඛිපාමි, සොසානිකඞ‍්ගං සමාදියාමී”ති ඉමෙසං අඤ‍්ඤතරවචනෙන සමාදින‍්නං හොති.

සොසානිකංගයද, ‘න සුසානං පටික්‍ඛිපාමි, සොසානිකඞ්ගං සමාදියාමි’ (සොහොන් නොවන තන්හි විසීම පිළිකෙව් කරමි, සොසානිකංගය සමාදන්වෙමි) යන මේ දෙපාඨයෙන් එකෙකින් සමාදන්වීම සිදුවේ.

තෙන පන සොසානිකෙන යං මනුස‍්සා ගාමං නිවෙසන‍්තා “ඉදං සුසාන”න‍්ති වවත්‍ථපෙන‍්ති, න තත්‍ථ වසිතබ‍්බං. න හි මතසරීරෙ අජ‍්ඣාපිතෙ තං සුසානං නාම හොති, ඣාපිතකාලතො පන පට‍්ඨාය සචෙපි ද‍්වාදසවස‍්සානි ඡඩ‍්ඩිතං, තං සුසානමෙව.

ඒ සෝසානිකයා විසින්, මිනිසුන් ගමක් පිහිටුවා ‘මේ සොහොනය’යි වෙන්කළ පමණින් එය සොහොනැයි ගෙන නොවිසිය යුතුය. මළ සිරුරක් දවා නැතිනම් එය සොහොනක් නම් නොවේ. දවනලද තැන් පටන්, ඉදින් දොළොස් හවුරුද්දක් හැරදමන ලදුයේ නමුදු එය සොහොනක්ම වේ.

තස‍්මිං පන වසන‍්තෙන චඞ‍්කමමණ‍්ඩපාදීනි කාරෙත්‍වා මඤ‍්චපීඨං පඤ‍්ඤපෙත්‍වා පානීයපරිභොජනීයං උපට‍්ඨාපෙත්‍වා ධම‍්මං වාචෙන‍්තෙන න වසිතබ‍්බං. ගරුකං හි ඉදං ධුතඞ‍්ගං, තස‍්මා උප‍්පන‍්නපරිස‍්සයවිඝාතත්‍ථාය සඞ‍්ඝත්‍ථෙරං වා රාජයුත‍්තකං වා ජානාපෙත්‍වා අප‍්පමත‍්තෙන වසිතබ‍්බං. චඞ‍්කමන‍්තෙන අද‍්ධක‍්ඛිකෙන ආළාහනං ඔලොකෙන‍්තෙන චඞ‍්කමිතබ‍්බං.

එහි වෙසෙන්නහු විසින් සක්මන්මලු මණ්ඩප ආදිය තනවා, ඇඳ පුටු ආදිය පනවා, කෑම් බීම් එළවාගෙන දහම් දෙසමින් නොවිසිය යුතුය. මේ වනාහි ගරුක වූ ධූතංගයකි. එහෙයින් උපන් උවදුරු නසනු පිණිස ගණදෙටු තෙරුන්හට හෝ රජු විසින් පත්කොට ඇති නිලධාරීන්හට දන්වා ප්‍රමාදයෙන් තොරව විසිය යුතුය. සක්මන් කරමින් ඔබ මොබ යනවිට අඩනෙතින් සොහොන බලබලා සක්මන් කළයුතුය.

සුසානං ගච‍්ඡන‍්තෙනාපි මහාපථා උක‍්කම‍්ම උප‍්පථමග‍්ගෙන ගන‍්තබ‍්බං. දිවායෙව ආරම‍්මණං වවත්‍ථපෙතබ‍්බං. එවඤ‍්හිස‍්ස තං රත‍්තිං භයානකං න භවිස‍්සති, අමනුස‍්සා රත‍්තිං විරවිත්‍වා විරවිත්‍වා ආහිණ‍්ඩන‍්තාපි න කෙනචි පහරිතබ‍්බා. එකදිවසම‍්පි සුසානං අගන‍්තුං න වට‍්ටති. මජ‍්ඣිමයාමං සුසානෙ ඛෙපෙත්‍වා පච‍්ඡිමයාමෙ පටික‍්කමිතුං වට‍්ටතීති අඞ‍්ගුත‍්තරභාණකා. අමනුස‍්සානං පියං තිලපිට‍්ඨමාසභත‍්තමච‍්ඡමංසඛීරතෙලගුළාදිඛජ‍්ජභොජ‍්ජං න සෙවිතබ‍්බං. කුලගෙහං න පවිසිතබ‍්බන‍්ති ඉදමස‍්ස විධානං.

සොහොනට යන කල්හිද මහමග බැස නොගොස් අප්‍රකට අතුරු මඟෙකින් යා යුතුය. දහවල්හි මං සලකුණු නිශ්චය කළයුතුය, මෙසේ රැයෙහිදී එම සලකුණු ඔහුට බිය උපදවන්නේ නොවේ. මෙසේ රැයෙහිදී අමනුෂ්‍යයන් හඬ හඬා ඇවිදිතත් ඔවුනට කිසිවකින් නොගැසිය යුතුය. එක් දිනයකුදු සොහොනට නොගොස් සිටිනු නොවටනේය. මැදියම සොහොනෙහි ගෙවා අළුයම පෙරළා යනු වටීයයි අංගුත්තරභාණකයෝ කියති. අමනුෂ්‍යයනට ප්‍රිය වූ තල, පිටි, උඳුබත්, මත්ස්‍යමාංස, කිරි, තෙල්, සකුරු ආදී කැවිලි පෙවිලි නොගතයුතුය, කුල ගෙවලට නොපිවිසිය යුතුය, යන මේ මෙහි පිළිපදනා විධියි.

පභෙදතො පන අයම‍්පි තිවිධො හොති. තත්‍ථ උක‍්කට‍්ඨෙන යත්‍ථ ධුවඩාහධුවකුණපධුවරොදනානි අත්‍ථි, තත්‍ථෙව වසිතබ‍්බං. මජ‍්ඣිමස‍්ස තීසු එකස‍්මිම‍්පි සති වට‍්ටති. මුදුකස‍්ස වුත‍්තනයෙන සුසානලක‍්ඛණං පත‍්තමත‍්තෙ වට‍්ටති.

ප්‍රභේද වශයෙන් මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් නිරතුරු දැවීම්, නිරතුරු මළ සිරුරු දැමීම්, නිරතුරු හැඬීම් වැලපීම් ඇති තැනෙකම විසිය යුතුය. මධ්‍යමයාහට මේ තුනෙන් එකක් හෝ ඇති තැනක් සුදුසු වේ. මෘදුකයාහට කියනලද නයින් සොහොන් ලකුණු පමණක් ඇති තැනක් වුවද සෑහේ.

ඉමෙසං පන තිණ‍්ණම‍්පි න සුසානම‍්හි වාසං කප‍්පනෙන ධුතඞ‍්ගං භිජ‍්ජති. සුසානං අගතදිවසෙති අඞ‍්ගුත‍්තරභාණකා. අයමෙත්‍ථ භෙදො.

මේ තිදෙනාගේම ධුතංගය නොසොහොන් තැනෙක විසීමෙන් බිඳේ. සොහොනට නොගොස් සිටි දවස්හියයි අංගුත්තර භාණකයෝ කියති. මේ මෙහි භේදයයි.

අයං පනානිසංසො මරණස‍්සතිපටිලාභො, අප‍්පමාදවිහාරිතා, අසුභනිමිත‍්තාධිගමො, කාමරාගවිනොදනං, අභිණ‍්හං කායසභාවදස‍්සනං, සංවෙගබහුලතා ආරොග්‍යමදාදිප‍්පහානං, භයභෙරවසහනතා, අමනුස‍්සානං ගරුභාවනීයතා, අප‍්පිච‍්ඡතාදීනං අනුලොමවුත‍්තිතාති.

ආනිසංස වනාහි මෙසේයි: මරණය පිළිබඳ සිහිය ලැබෙන බවය, අප්‍රමාද විහරණ ඇතිබවය, අසුභ නිමිති පිළිබඳ අවබෝධය ලැබෙන බවය, කාමරාගය පහවීමය, නිරතුරුව කයෙහි ස්වභාවය දක්නට ලැබීමය, සංවේග බහුල බවය, ආරෝග්‍යමද ආදිය පහවන බවය, බිය බියකරු දෙය ඉවසිය හැකි බවය, අන්‍යයන්ගේ ගෞරව සම්මානයට භාජනවන බවය, අල්පේච්ඡතාදියට අනුරූප පැවතුම් ඇති බවය යන මේයි.

සොසානිකඤ‍්හි මරණානුසතිප‍්පභාවා, නිද‍්දාගතම‍්පි න ඵුසන‍්ති පමාදදොසා;

සොසානිකඤ්හි මරණානුසතිප්පභාවා නිද්දාගතම්පි න ඵුසන්ති පමාදදොසා

සම‍්පස‍්සතො ච කුණපානි බහූනි තස‍්ස, කාමානුභාවවසගම‍්පි න හොති චිත‍්තං.

සම්පස්සතො ච කුණපානි බහූනි තස්ස කාමානුරාගවසගම්පි න හොති චිත්තං

සංවෙගමෙති විපුලං න මදං උපෙති, සම‍්මා අථො ඝටති නිබ‍්බුතිමෙසමානො;

සංවෙගමෙති විපුලං න මදං උපෙති සම්මා අථො නිබ්බුතිමෙසමානො

සොසානිකඞ‍්ගමිතිනෙකගුණාවහත‍්තා, නිබ‍්බානනින‍්නහදයෙන නිසෙවිතබ‍්බන‍්ති.

සොසානිකඞ්ගමිති නෙකගුණාවහත්තා නිබ්බාණනින්නහදයෙන නිසෙවිතබ්බන්ති

නිද්‍රාගතවුවත් ඒ සෝසානිකයාහට ප්‍රමාද දෝෂයෝ සිද්ධ නොවෙති. බොහෝ මළ සිරුරු දක්නා ඔහුගේ සිත කාමරාගයෙහි වසඟයට නොයන්නේය.

(සෝසානික තෙමේ) නොමඳ සංවේගයට පත් වනුයේ (මාන) මදයට නොපැමිණෙන්නේය, තවද මැනවින් නිවන් සොයමින් (සම්‍යග්ව්‍යායාමයෙහි) යෙදෙන්නේය, මෙසේ නොයෙක් ගුණ ගෙනදෙන හෙයින් නිවණට නැඹුරු හදවත් ඇත්තහු විසින් සෝසානිකංගය වෙසෙසින් සේවනය කටයුතුය.

අයං සොසානිකඞ‍්ගෙ සමාදානවිධානප‍්පභෙදභෙදානිසංසවණ‍්ණනා.

මේ සෝසානිකාංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.