යෙදුමෙන් කියවන්න

අබ‍්භොකාසිකඞ‍්ගකථා

අබ‍්භොකාසිකඞ‍්ගකථා

අබ්භොකාසිකඞ්ගකථා

අබ‍්භොකාසිකඞ‍්ගම‍්පි “ඡන‍්නඤ‍්ච රුක‍්ඛමූලඤ‍්ච පටික‍්ඛිපාමි, අබ‍්භොකාසිකඞ‍්ගං සමාදියාමී”ති ඉමෙසං අඤ‍්ඤතරවචනෙන සමාදින‍්නං හොති.

අබ්භොකාසිකංගයද ‘ඡන්නඤ්ච රුක්‍ඛමූලඤ්ච පටික්‍ඛිපාමි, අබ්භොකාසිකඞ්ගං සමාදියාමි’ (සෙවිලිකළ ගෙයද, රුක්මුලද පිළිකෙව් කරමි, අබ්හොකාසිකංගය සමාදන් වෙමි) යන මේ දෙපාඨයෙන් එක් පාඨයෙකින් සමාදන්වීම සිදුවේ.

තස‍්ස පන අබ‍්භොකාසිකස‍්ස ධම‍්මස‍්සවනාය වා උපොසථත්‍ථාය වා උපොසථාගාරං පවිසිතුං වට‍්ටති. සචෙ පවිට‍්ඨස‍්ස දෙවො වස‍්සති, දෙවෙ වස‍්සමානෙ අනික‍්ඛමිත්‍වා වස‍්සූපරමෙ නික‍්ඛමිතබ‍්බං. භොජනසාලං වා අග‍්ගිසාලං වා පවිසිත්‍වා වත‍්තං කාතුං, භොජනසාලාය ථෙරෙ භික‍්ඛූ භත‍්තෙන ආපුච‍්ඡිතුං, උද‍්දිසන‍්තෙන වා උද‍්දිසාපෙන‍්තෙන වා ඡන‍්නං පවිසිතුං, බහි දුන‍්නික‍්ඛිත‍්තානි මඤ‍්චපීඨාදීනි අන‍්තො පවෙසෙතුඤ‍්ච වට‍්ටති. සචෙ මග‍්ගං ගච‍්ඡන‍්තෙන වුඩ‍්ඪතරානං පරික‍්ඛාරො ගහිතො හොති, දෙවෙ වස‍්සන‍්තෙ මග‍්ගමජ‍්ඣෙ ඨිතං සාලං පවිසිතුං වට‍්ටති. සචෙ න කිඤ‍්චි ගහිතං හොති, සාලාය ඨස‍්සාමීති වෙගෙන ගන‍්තුං න වට‍්ටති. පකතිගතියා ගන‍්ත්‍වා පවිට‍්ඨෙන පන යාව වස‍්සූපරමා ඨත්‍වා ගන‍්තබ‍්බන‍්ති ඉදමස‍්ස විධානං. රුක‍්ඛමූලිකස‍්සාපි එසෙව නයො.

එම අබ්හොකාසිකයා විසින් වනාහි දහම් ඇසීම පිණිස හෝ පොහෝ කිරීම පිණිස හෝ උපෝසථාගාරයට පිවිසීම වටනේය. එසේ පිවිසි කල වැසි වසී නම් වසිද්දී නොනික්ම වැසි නැවතුණු පසු යායුතුය, බොජුන්හලට හෝ ගිනිහලට පිවිස වත්පිළිවෙත් කිරීමට හෝ, බොජුන්හලෙහි වැඩිමහලු භික්‍ෂූන් බතින් පිළිවිසීමට හෝ, දහම් කියවාදෙන්නහු විසින් හෝ කියවාගන්නහු විසින් සෙවිලි කළ ගෙයක් තුළට පිවිසීම වටී. පිටත නොපිළිවෙළට තබනලද ඇඳ පුටු ආදියක් ඇතුළත තැබවීම පිණිස ගෙයක් තුළට පිවිසීමටද වටී. ඉදින් මග බැස යනවිට වැඩිමහලු භික්‍ෂූන්ගේ පිරිකර ගන්නා ලද නම්, වැසිවසිනවිට අතරමග පිහිටි ශාලාවකට පිවිසීම වටී. ඉදින් කිසිවක් ගෙන නැත්නම්, ශාලාවෙහි සිටිමි’යි යුහුගමනින් නොයායුතුය, පියවි ගමනින් ගොස් පිවිස වැසි නවතින තෙක් සිට යායුතුය. මේ මෙහි පිළිපදනා විධියි. රුක්ඛමූලිකයාහටද මෙම නයයි.

පභෙදතො පන අයම‍්පි තිවිධො හොති. තත්‍ථ උක‍්කට‍්ඨස‍්ස රුක‍්ඛං වා පබ‍්බතං වා ගෙහං වා උපනිස‍්සාය වසිතුං න වට‍්ටති. අබ‍්භොකාසෙයෙව චීවරකුටිං කත්‍වා වසිතබ‍්බං. මජ‍්ඣිමස‍්ස රුක‍්ඛපබ‍්බතගෙහානි උපනිස‍්සාය අන‍්තො අප‍්පවිසිත්‍වා වසිතුං වට‍්ටති. මුදුකස‍්ස අච‍්ඡන‍්නමරියාදං පබ‍්භාරම‍්පි සාඛාමණ‍්ඩපොපි පීඨපටොපි ඛෙත‍්තරක‍්ඛකාදීහි ඡඩ‍්ඩිතා තත්‍රට‍්ඨකකුටිකාපි වට‍්ටතීති.

ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් ගසක් හෝ පර්වතයක් හෝ ගෙයක් ඇසුරුකොට විසීම නොවටී. අභ්‍යවකාශයෙහිම සිවුරු කුටියක් තනාගෙන විසිය යුතුය. මධ්‍යමයා විසින් ගසක්, පර්වතයක් හෝ ගෙයක් ඇසුරුකොට ඇතුළට නොපිවිස වසනු යෝග්‍ය වේ. මෘදුකයාහට දියහිම් නොසුන් (කටාර නොකෙටූ) ගල්ලෙන්ද, කොළ අතු යෙදූ මඩුද, තලප ගැසූ රෙදි (ඉටිරෙදි) ද, කෙත් රක්නවුන් විසින් හැරදමනලද පැල්පත්ද යොදා ගැනීම යෝග්‍ය වේ.

ඉමෙසං පන තිණ‍්ණම‍්පි වාසත්‍ථාය ඡන‍්නං වා රුක‍්ඛමූලං වා පවිට‍්ඨක‍්ඛණෙ ධුතඞ‍්ගං භිජ‍්ජති. ජානිත්‍වා තත්‍ථ අරුණං උට‍්ඨාපිතමත‍්තෙති අඞ‍්ගුත‍්තරභාණකා. අයමෙත්‍ථ භෙදො.

මේ තිදෙනාගේම ධුතංගය, වාසය පිණිස සෙවිලිකළ ගෙයකට හෝ රුක්මුලකට පිවිසි කෙණහිම බිඳේ. දැන දැන එවන් තැනෙක අරුණු නැංවූ පමණෙකිනියි අංගුත්තරභාණකයෝ කියති. මේ මෙහි භේදයයි.

අයං පනානිසංසො, ආවාසපලිබොධුපච‍්ඡෙදො, ථිනමිද‍්ධපනූදනං, “මිගා විය අසඞ‍්ගචාරිනො, අනිකෙතා විහරන‍්ති භික‍්ඛවො”ති (සං· නි· 1.224) පසංසාය අනුරූපතා, නිස‍්සඞ‍්ගතා, චාතුද‍්දිසතා, අප‍්පිච‍්ඡතාදීනං අනුලොමවුත‍්තිතාති.

මෙහි ආනිසංස මෙසේය: ආවාස පළිබොධ නැති බවය, ථිනමිද්ධනීවරණ පහවන බවය, ‘භික්‍ෂූහු ඇලුම් නැතිව හැසිරෙන නිවෙස් නැති මුවන් මෙන් විහරණය කෙරෙති’යි යන මේ ප්‍රශංසා වචනයට යෝග්‍යවන බවය, ඇලුම් රහිත බවය, සිවුදිගට සාධාරණ බවය, අල්පේච්ඡතාදී ගුණයනට අනුලෝම වූ පැවතුම් ඇති බවය යන මේයි.

අනගාරියභාවස‍්ස , අනුරූපෙ අදුල‍්ලභෙ; තාරාමණිවිතානම‍්හි, චන්‍දදීපප‍්පභාසිතෙ.

අනගාරිකභාවස්ස අනුරූපෙ අදුල්ලභෙ තාරාමණිවිතානම්හි චන්‍දදීපප්පභාසිතෙ

අබ‍්භොකාසෙ වසං භික‍්ඛු, මිගභූතෙන චෙතසා; ථිනමිද‍්ධං විනොදෙත්‍වා, භාවනාරාමතං සිතො.

අබ්භොකාසෙ වසං භික්‍ඛු මිගභූතෙන චෙතසා ථිනමිද්ධං විනොදෙත්‍වා භාවනාරාමතං සිතො

පවිවෙකරසස‍්සාදං, නචිරස‍්සෙව වින්‍දති; යස‍්මා තස‍්මා හි සප‍්පඤ‍්ඤො, අබ‍්භොකාසරතො සියාති.

පවිවේකරසස්සාදං න චිරස්සෙව වින්‍දති යස්මා තස්මා හි සප්පඤ්ඤො අබ්හොකාසෙ රතො සියා

අනගාරිකභාවයට යෝග්‍ය වූ, දුර්ලභ නොවූ, තරු නමැති මිණියෙන් යුත් වියන් ඇති, සඳ නමැති පහනින් ආලෝකවත්වූ,

අභ්‍යවකාශයෙහි සිතින් මුවකු බවට පත්ව වසන භික්‍ෂුතෙමේ ථිනමිද්ධය පහකොට භාවනායෝගයෙහි යෙදුණේ,

යම්හෙයකින් නොබෝකලකින්ම විශිෂ්ට විවේකරසාස්වාදය විඳින්නේද, එහෙයින් නුවණැත්තේ අභ්‍යවකාශයෙහි ඇලුනෙක් වන්නේය.

අයං අබ‍්භොකාසිකඞ‍්ගෙ සමාදානවිධානප‍්පභෙදභෙදානිසංසවණ‍්ණනා.

මේ අබ්භොකාසිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද ආනිශංසයන් පිළිබඳ වර්ණනායි.