යෙදුමෙන් කියවන්න

රුක‍්ඛමූලිකඞ‍්ගකථා

රුක‍්ඛමූලිකඞ‍්ගකථා

රුක්ඛමූලිකඞ්ගකථා

රුක‍්ඛමූලිකඞ‍්ගම‍්පි “ඡන‍්නං පටික‍්ඛිපාමි, රුක‍්ඛමූලිකඞ‍්ගං සමාදියාමී”ති ඉමෙසං අඤ‍්ඤතරවචනෙන සමාදින‍්නං හොති.

රුක්‍ඛමූලිකංගයද ‘ජන්නං පටික්‍ඛිපාමි, රුක්‍ඛමූලිකඞ්ගං සමාදියාමි’ (සෙවිලි කළ ආවාසය පිළිකෙව් කරමි, රුක්‍ඛමූලිකඞ්ගය සමාදන් වෙමි) යන මේ පාඨ දෙකින් එකකින් සමාදානය සිදුවේ.

තෙන පන රුක‍්ඛමූලිකෙන සීමන‍්තරිකරුක‍්ඛං, චෙතියරුක‍්ඛං, නිය්‍යාසරුක‍්ඛං, ඵලරුක‍්ඛං, වග‍්ගුලිරුක‍්ඛං, සුසිරරුක‍්ඛං, විහාරමජ‍්ඣෙ ඨිතරුක‍්ඛන‍්ති ඉමෙ රුක‍්ඛෙ විවජ‍්ජෙත්‍වා විහාරපච‍්චන‍්තෙ ඨිතරුක‍්ඛො ගහෙතබ‍්බොති ඉදමස‍්ස විධානං.

ඒ රුක්ඛමූලිකයා විසින් දේශසීමාවෙක්හි වූ රුක්ය, ජනයා වැඳුම්පිදුම් කරන රුක්ය, ලහටු ගන්නා රුක්ය, පලගන්නා රුක්ය, වවුලන් වසන රුක්ය, සිදුරු සහිත රුක්ය, විහාරමධ්‍යයෙහි වූ රුක්ය, යන මේවා හැර ප්‍රත්‍යන්තයෙහි පිහිටි රුකක් තෝරාගත යුතුය. මේ මෙහි පිළිපදනා විධියි.

පභෙදතො පන අයම‍්පි තිවිධො හොති. තත්‍ථ උක‍්කට‍්ඨො යථාරුචිතං රුක‍්ඛං ගහෙත්‍වා පටිජග‍්ගාපෙතුං න ලභති. පාදෙන පණ‍්ණසටං අපනෙත්‍වා වසිතබ‍්බං. මජ‍්ඣිමො තං ඨානං සම‍්පත‍්තෙහියෙව පටිජග‍්ගාපෙතුං ලභති. මුදුකෙන ආරාමිකසමණුද‍්දෙසෙ පක‍්කොසිත්‍වා සොධාපෙත්‍වා සමං කාරාපෙත්‍වා වාලුකං ඔකිරාපෙත්‍වා පාකාරපරික‍්ඛෙපං කාරාපෙත්‍වා ද‍්වාරං යොජාපෙත්‍වා වසිතබ‍්බං. මහදිවසෙ පන රුක‍්ඛමූලිකෙන තත්‍ථ අනිසීදිත්‍වා අඤ‍්ඤත්‍ථ පටිච‍්ඡන‍්නෙ ඨානෙ නිසීදිතබ‍්බං.

ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා රිසි පරිදි රුකක් තෝරාගත් පසු එය හෙළිපෙහෙළිකොට සකස්කරවා ගැනීමට නොලබයි, පයින් කොළ රොඩු ඉවත්කොට විසිය යුතුය. මධ්‍යමයා පැමිණි කෙනකු ලවාම එතැන හෙළිපෙහෙළි කරවා ගැනීමට සුදුසු වේ, මෘදුකයා විසින් විහාරයෙහි වසන සාමණේරයන් කැඳවා පිරිසුදු කරවා, බිම සමකරවා ප්‍රාකාරයකින් වටකරවා දොරක් යොදවාගෙන විසිය යුතුය. ජූජා උත්සව දිනයන්හි රුක්ඛමූලිකයා විසින් එහි නොහිඳ මුවහවූ වෙන ස්ථානයෙක්හි හිඳිය යුතුය.

ඉමෙසං පන තිණ‍්ණම‍්පි ඡන‍්නෙ වාසං කප‍්පිතක‍්ඛණෙ ධුතඞ‍්ගං භිජ‍්ජති. ජානිත්‍වා ඡන‍්නෙ අරුණං උට‍්ඨාපිතමත‍්තෙති අඞ‍්ගුත‍්තරභාණකා. අයමෙත්‍ථ භෙදො.

මේ තිදෙනාගේම ධුතංගය සෙවිලිකළ ගෙයක වාසය කළ කෙණෙහිම බිඳේ. සෙවිලි කළ ගෙයක් තුළ දැන දැන අරුණු නැංවූ කෙණෙහියයි අංගුත්තරභාණකයෝ කියති. මේ මෙහි භේදයයි.

අයං පනානිසංසො, රුක‍්ඛමූලසෙනාසනං නිස‍්සාය පබ‍්බජ‍්ජාති (මහාව· 128) වචනතො නිස‍්සයානුරූපපටිපත‍්තිසබ‍්භාවො, අප‍්පානි චෙව සුලභානි ච තානි ච අනවජ‍්ජානීති (අ· නි· 4.27; ඉතිවු· 101) භගවතා සංවණ‍්ණිතපච‍්චයතා, අභිණ‍්හං තරුපණ‍්ණවිකාරදස‍්සනෙන අනිච‍්චසඤ‍්ඤාසමුට‍්ඨාපනතා, සෙනාසනමච‍්ඡෙරකම‍්මාරාමතානං අභාවො, දෙවතාහි සහවාසිතා, අප‍්පිච‍්ඡතාදීනං අනුලොමවුත‍්තිතාති.

ආනිසංස මෙසේය: ‘රුක්ඛමූල සේනාසනය නිසා පැවිදි බව පවතී’ යයි කී හෙයින් නිස්සයට අනුරූප වූ ප්‍රතිපත්ති ඇතිබවය, ‘අගයෙන් අඩුවූද, සුලබවූද ඒවා නිරවද්‍ය වේ’ යයි භාග්‍යවතුන්වහන්සේ විසින් පසස්නා ලද ප්‍රත්‍යය වීමය, නිරන්තරයෙන් ගස්කොලන් වෙනස්වන අයුරු දැකීමෙන් අනිත්‍ය සංඥාව උපදින බවය, සේනාසන කෙරෙහි මසුරුකම (ගිජු බව) හා නවකම්හි ඇලීමක් නැතිබවය, අල්පේච්ඡතාදී ගුණයන් හා සමග සැසදෙන පැවතුම් ඇති බවය යන මේය.

වණ‍්ණිතො බුද‍්ධසෙට‍්ඨෙන, නිස‍්සයොති ච භාසිතො; නිවාසො පවිවිත‍්තස‍්ස, රුක‍්ඛමූලසමො කුතො.

වණ්ණිතො බුද්ධසෙට්ඨෙන නිස්සයොති’ච භාසිතො නිවාසො පවිවිත්තස්ස රුක්‍ඛමූලසමො කුතො,

ආවාසමච‍්ඡෙරහරෙ, දෙවතා පරිපාලිතෙ; පවිවිත‍්තෙ වසන‍්තො හි, රුක‍්ඛමූලම‍්හි සුබ‍්බතො.

ආවාසමච්ඡෙරහරෙ දෙවතාපරිපාලිතෙ පවිවිත්තෙ වසන්තො හි රුක්‍ඛමූලම්හි සුබ්බතො,

අභිරත‍්තානි නීලානි, පණ‍්ඩූනි පතිතානි ච; පස‍්සන‍්තො තරුපණ‍්ණානි, නිච‍්චසඤ‍්ඤං පනූදති.

අභිරත්තානි නීලානි පණ්ඩූනි පතිතානි ච පස්සන්තො තරුපණ්ණානි නිච්චසඤ්ඤං පනූදති.

තස‍්මා හි බුද‍්ධදායජ‍්ජං, භාවනාභිරතාලයං; විවිත‍්තං නාතිමඤ‍්ඤෙය්‍ය, රුක‍්ඛමූලං විචක‍්ඛණොති.

තස්මා හි බුද්ධදායජ්ජං භාවනාභිරතාලයං විචිත්තං නාතිමඤ්ඤෙය්‍ය රුක්‍ඛමූලං විචක්‍ඛණො

බුදුවරයන් විසින් වර්ණනා කරනලද නිශ්‍රයයි කියනලද රුක්‍ඛමූලය හා සමාන වූ නිවෙස්නක් විවේකී ජනයාහට වෙන කොයින්ද?

ආවාස කෙරෙහි මසුරු (ගිජු) බව දුරුකරන, දෙවියන් විසින් ආරක්‍ෂා කරනලද, විවේකී වූ රුක්මුල්හි වසනුයේ, මනාව්‍රත ඇත්තේ,

ඉතා රතුවූද, නිල්වන්වූද, පඬුවන්වූද, බිම වැටුණාවූද තුරුපත් දකිනුයේ නිත්‍ය සංඥාව අත් හරියි.

එහෙයින් නුවණැත්තේ බුදුන්ගෙන් දායාදකොට ලැබුණ භාවනානුයෝගීන්හට නිවෙස්වූ විවේකීවූ රුක්ඛමූලය සුලුකොට නොතකන්නේය.

අයං රුක‍්ඛමූලිකඞ‍්ගෙ සමාදානවිධානප‍්පභෙදභෙදානිසංසවණ‍්ණනා.

මේ රුක්ඛමූලිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද-ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.