යෙදුමෙන් කියවන්න

ආරඤ‍්ඤිකඞ‍්ගකථා

ආරඤ‍්ඤිකඞ‍්ගකථා

ආරඤ්ඤිකඞ්ගකථා

ආරඤ‍්ඤිකඞ‍්ගම‍්පි “ගාමන‍්තසෙනාසනං පටික‍්ඛිපාමි, ආරඤ‍්ඤිකඞ‍්ගං සමාදියාමී”ති ඉමෙසං අඤ‍්ඤතරවචනෙන සමාදින‍්නං හොති.

ආරඤ්ඤිකංගයද ‘ගාමන්තසෙනාසනං පටික්‍ඛිපාමි, අරඤ්ඤිකඞ්ගං සමාදියාමි’ (ග්‍රාම සේනාසන පිළිකෙව් කරමි, ආරඤ්ඤිකංගය සමාදන් වෙමි යන මේ දෙපදයෙන් එකෙකින් සමාදානය සිදුවේ.

තෙන පන ආරඤ‍්ඤිකෙන ගාමන‍්තසෙනාසනං පහාය අරඤ‍්ඤෙ අරුණං උට‍්ඨාපෙතබ‍්බං. තත්‍ථ සද‍්ධිං උපචාරෙන ගාමොයෙව ගාමන‍්තසෙනාසනං.

එම ආරණ්‍යකයා විසින් ග්‍රාමාන්ත සේනාසනය හැර ආරණ්‍යයෙහි අරුණු නැංවිය යුතුය. උපචාරය සමග ගෙන ගමම ග්‍රාමාන්ත සේනාසන නමි.

ගාමො නාම යො කොචි එකකුටිකො වා අනෙකකුටිකො වා පරික‍්ඛිත‍්තො වා අපරික‍්ඛිත‍්තො වා සමනුස‍්සො වා අමනුස‍්සො වා අන‍්තමසො අතිරෙකචාතුමාසනිවිට‍්ඨො යො කොචි සත්‍ථොපි.

ගම නම්, එක්ගෙයක් හෝ බොහෝ ගෙවල් ඇති වැටපවුරුවලින් අවුරනලද හෝ නොලද, මිනිසුන් ඇති හෝ නැති යටත් පිරිසෙයින් සිවුමසකට වැඩි කලක් තවලමක් හෝ වාසය කළ කිසියම් ස්ථානයෙකි.

ගාමූපචාරො නාම පරික‍්ඛිත‍්තස‍්ස ගාමස‍්ස සචෙ අනුරාධපුරස‍්සෙව ද‍්වෙ ඉන්‍දඛීලා හොන‍්ති, අබ‍්භන‍්තරිමෙ ඉන්‍දඛීලෙ ඨිතස‍්ස ථාමමජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස ලෙඩ‍්ඩුපාතො. තස‍්ස ලක‍්ඛණං යථා තරුණමනුස‍්සා අත‍්තනො බලං දස‍්සෙන‍්තා බාහං පසාරෙත්‍වා ලෙඩ‍්ඩුං ඛිපන‍්ති, එවං ඛිත‍්තස‍්ස ලෙඩ‍්ඩුස‍්ස පතනට‍්ඨානබ‍්භන‍්තරන‍්ති විනයධරා. සුත‍්තන‍්තිකා පන කාකනිවාරණනියමෙන ඛිත‍්තස‍්සාති වදන‍්ති. අපරික‍්ඛිත‍්තගාමෙ යං සබ‍්බපච‍්චන‍්තිමස‍්ස ඝරස‍්ස ද‍්වාරෙ ඨිතො මාතුගාමො භාජනෙන උදකං ඡඩ‍්ඩෙති, තස‍්ස පතනට‍්ඨානං ඝරූපචාරො. තතො වුත‍්තනයෙන එකො ලෙඩ‍්ඩුපාතො ගාමො, දුතියො ගාමූපචාරො.

ග්‍රාමෝපචාර නම්, ඉදින් ඇවුරුණු ගමෙක, අනුරාධපුරයෙහි මෙන් දොරටු එලිපතු දෙකක් වේනම්, ඇතුල් එලිපත සිට සාමාන්‍ය බල ඇති මිනිසකු ගැසූ කැටක් වැටෙන තැන්ය. යම්සේ තරුණ ජනයා තම ශක්තිය දක්වමින් අත දිගහැර ගල්කැට විසිකරත්ද, මෙසේ විසිකළ කැටක් වැටෙන තැනින් ඇතුළතයයි විනයධරයෝද, කපුටන් වැලකීමට ගසනලද කැටක් වැටෙන තැන්යයි සෞත්‍රාන්තිකයෝද එහි ලක්‍ෂණ කියති. නොඇවුරුණු ගමෙක නම්, අන්තිම කෙළවර පිහිටි ගෙහි දොරකඩ සිටි ස්ත්‍රියක් බඳුනෙකින් ඉවත ලන දිය වැටෙන තැන ගෘහෝපචාර නම්වේ. එතැන් සිට යට කී නයින් එක් ලෙඩ්ඩුපාතයක් (කැටක් වැටෙන දුර) ගමයි. දෙවන ලෙඩ්ඩුපාතය ග්‍රාමෝපචාරයයි.

අරඤ‍්ඤං පන විනයපරියායෙ තාව “ඨපෙත්‍වා ගාමඤ‍්ච ගාමූපචාරඤ‍්ච සබ‍්බමෙතං අරඤ‍්ඤ”න‍්ති (පාරා· 92) වුත‍්තං. අභිධම‍්මපරියායෙ “නික‍්ඛමිත්‍වා බහි ඉන්‍දඛීලා, සබ‍්බමෙතං අරඤ‍්ඤ”න‍්ති (විභ· 529) වුත‍්තං. ඉමස‍්මිං පන සුත‍්තන‍්තිකපරියායෙ “ආරඤ‍්ඤකං නාම සෙනාසනං පඤ‍්චධනුසතිකං පච‍්ඡිම”න‍්ති ඉදං ලක‍්ඛණං. තං ආරොපිතෙන ආචරියධනුනා පරික‍්ඛිත‍්තස‍්ස ගාමස‍්ස ඉන්‍දඛීලතො අපරික‍්ඛිත‍්තස‍්ස පඨමලෙඩ‍්ඩුපාතතො පට‍්ඨාය යාව විහාරපරික‍්ඛෙපා මිනිත්‍වා වවත්‍ථපෙතබ‍්බං.

අරණ්‍යය වනාහි විනය නයින් ‘ග්‍රාමයද, ග්‍රාමෝපචාරයද හැර මේ සියල්ල ආරණ්‍යය’යි කියනලදී. අභිධර්ම නයින්, ‘එලිපත සිට පිටතට නික්මුණු තැන් පටන් සියල්ල ආරණ්‍යය’යි කියනලදි. මෙහි සෞත්‍රාන්තික නයින් ‘ආරණ්‍ය සේනාසන නම් අවම වශයෙන් දුනු පන්සියයක් දුර වේ’ යන මේ ලක්‍ෂණයි. අවුරනලද ගමෙක නම් එලිපතෙහි සිටද, නොඇසුරුණු ගමෙක නම් ප්‍රථම ලෙඩ්ඩුපාතයෙහි සිටද විහාර ප්‍රාකාරය දක්වා මැන එය නිශ්චය කරගත යුතුය.

සචෙ පන විහාරො අපරික‍්ඛිත‍්තො හොති, යං සබ‍්බපඨමං සෙනාසනං වා භත‍්තසාලා වා ධුවසන‍්නිපාතට‍්ඨානං වා බොධි වා චෙතියං වා දූරෙ චෙපි සෙනාසනතො හොති, තං පරිච‍්ඡෙදං කත්‍වා මිනිතබ‍්බන‍්ති විනයට‍්ඨකථාසු වුත‍්තං. මජ‍්ඣිමට‍්ඨකථායං පන විහාරස‍්සපි ගාමස‍්සෙව උපචාරං නීහරිත්‍වා උභින‍්නං ලෙඩ‍්ඩුපාතානං අන‍්තරා මිනිතබ‍්බන‍්ති වුත‍්තං. ඉදමෙත්‍ථ පමාණං.

ඉදින් විහාරයද නොඇවුරන ලදනම්, එහි පළමුවැනි සෙනස්න හෝ බත්හල හෝ, නිතර රැස්වන තැන හෝ, බෝධි වෘක්‍ෂය හෝ, චෛත්‍යය හෝ, සියල්ලට පෙරටුව පිහිටි සෙනස්නෙහි සිට යමක් දුරින්ම පිහිටියේද එය හිමි කොට ගැනීම කළ යුතුයයි විනය අටුවාවන්හි කියනලදි. මැදුම්සඟි අටුවායෙහි වනාහි විහාරයටද ග්‍රාමඋපචාරයට මෙන්ම ගෙන ලෙඩ්ඩුපාතයන් දෙක අතර දුර මිනිය යුතුයයි කියනලදි. මේ මෙහි ප්‍රමාණයි.

සචෙපි ආසන‍්නෙ ගාමො හොති, විහාරෙ ඨිතෙහි මානුසකානං සද‍්දො සුය්‍යති, පබ‍්බතනදීආදීහි පන අන‍්තරිතත‍්තා න සක‍්කා උජුං ගන‍්තුං. යො තස‍්ස පකතිමග‍්ගො හොති, සචෙපි නාවාය සඤ‍්චරිතබ‍්බො, තෙන මග‍්ගෙන පඤ‍්චධනුසතිකං ගහෙතබ‍්බං. යො පන ආසන‍්නගාමස‍්ස අඞ‍්ගසම‍්පාදනත්‍ථං තතො තතො මග‍්ගං පිදහති, අයං ධුතඞ‍්ගචොරො හොති.

ඉදින් අසල ගමක් ඇත්නම්, විහාරයෙහි සිටිනවුන්හට මිනිසුන්ගේ කටහඬ ඇසේනම්, පර්වත, නදී ආදිය නිසා කෙළින්ම යා නොහැකිනම්, එහි යාහැකි ස්වාභාවික මාර්ගයක් ඇත්නම් එයද, ඉදින් නැවෙන් යායුතු නම් එම මාර්ගයෙන් පන්සියයක් දුනු ගත යුතුය. යම් කිසිවකු වනාහි අසල්ගමට අවශ්‍ය මෙකී අංග (කෘත්‍රිමව) ඇති කරනු පිණිස ඒ ඒ තැන ඇති මංපෙත් වැසුවහොත් මේ තෙමේ ධුතංගචෝරයෙක් වේ.

සචෙ පන ආරඤ‍්ඤිකස‍්ස භික‍්ඛුනො උපජ‍්ඣායො වා ආචරියො වා ගිලානො හොති, තෙන අරඤ‍්ඤෙ සප‍්පායං අලභන‍්තෙන ගාමන‍්තසෙනාසනං නෙත්‍වා උපට‍්ඨාතබ‍්බො. කාලස‍්සෙව පන නික‍්ඛමිත්‍වා අඞ‍්ගයුත‍්තට‍්ඨානෙ අරුණං උට‍්ඨාපෙතබ‍්බං. සචෙ අරුණුට‍්ඨානවෙලායං තෙසං ආබාධො වඩ‍්ඪති, තෙසංයෙව කිච‍්චං කාතබ‍්බං. න ධුතඞ‍්ගසුද‍්ධිකෙන භවිතබ‍්බන‍්ති ඉදමස‍්ස විධානං.

ඉදින් ආරණ්‍යක භික්‍ෂූහුගේ උපාධ්‍යායයන් හෝ ආචාර්යයන් ගිලන් වුවහොත්, වනයෙහි සප්පාය නොලැබෙතොත් ග්‍රාමාන්ත සේනාසනයට ගෙන අවුත් උපස්ථාන කළයුතුය. වේලාසනින් නික්ම ගොස් නියමිත අංග සහිත ස්ථානයෙහිදී අරුණු නැංවිය යුතුය. ඉදින් අරුණු නැගෙන අවස්ථාවෙහිදී ඔවුන්ගේ ආබාධය උත්සන්නවේනම් ඔවුන් කළයුතු කාර්යයම කළයුතුය. එහිදී ධුතංගය පිරිසුදු කරන්නකු නොවිය යුතුය. මේ මෙහි පිළිපදනා විධිය.

පභෙදතො පන අයම‍්පි තිවිධො හොති. තත්‍ථ උක‍්කට‍්ඨෙන සබ‍්බකාලං අරඤ‍්ඤෙ අරුණං උට‍්ඨාපෙතබ‍්බං. මජ‍්ඣිමො චත‍්තාරො වස‍්සිකෙ මාසෙ ගාමන‍්තෙ වසිතුං ලභති. මුදුකො හෙමන‍්තිකෙපි.

ප්‍රභේද වශයෙන් වනාහි මෙයද තුන් වැදෑරුම් වේ. එහි උත්කෘෂ්ටයා විසින් සියලු කල්හිම අරණ්‍යයෙහි අරුණු නැංවිය යුතුය. මධ්‍යමයාට වස් සාරමස ග්‍රාමාන්තයෙහි විසීමට අවසර ඇත. මෘදුක තෙමේ හේමන්ත කාලයෙහි විසීමටද අවසර ලබයි.

ඉමෙසං පන තිණ‍්ණම‍්පි යථා පරිච‍්ඡින‍්නෙ කාලෙ අරඤ‍්ඤතො ආගන‍්ත්‍වා ගාමන‍්තසෙනාසනෙ ධම‍්මස‍්සවනං සුණන‍්තානං අරුණෙ උට‍්ඨිතෙපි ධුතඞ‍්ගං න භිජ‍්ජති. සුත්‍වා ගච‍්ඡන‍්තානං අන‍්තරාමග‍්ගෙ උට‍්ඨිතෙපි න භිජ‍්ජති. සචෙ පන උට‍්ඨිතෙපි ධම‍්මකථිකෙ මුහුත‍්තං නිපජ‍්ජිත්‍වා ගමිස‍්සාමාති නිද‍්දායන‍්තානං අරුණං උට‍්ඨහති, අත‍්තනො වා රුචියා ගාමන‍්තසෙනාසනෙ අරුණං උට‍්ඨපෙන‍්ති, ධුතඞ‍්ගං භිජ‍්ජතීති අයමෙත්‍ථ භෙදො.

මේ තිදෙනාටම නියමිත කාලය තුළ අරණ්‍යයෙන් අවුත් ග්‍රාමාන්තයෙහි සිට දහම් අසන විටෙක අරුණු නැංගද ධුතංගය නොබිඳේ. දහම් අසා පෙරළා (අරණ්‍යයට) යන්නවුනටද අතරමඟදී අරුණු නැගියද නොබිඳේ. ඉදින් ධර්මකථිකයා නැගීසිටි පසුද මඳ වේලාවක් වැදහෙව යන්නෙමැ’යි නිදනවිට අරුණු නැංගහොත් හෝ, සිය කැමැත්තෙන් ග්‍රාමාන්තයෙහි (සිටියදී) අරුණු නැගෙන්නට දුනහොත් හෝ ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.

අයං පනානිසංසො, ආරඤ‍්ඤිකො භික‍්ඛු අරඤ‍්ඤසඤ‍්ඤං මනසිකරොන‍්තො භබ‍්බො අලද‍්ධං වා සමාධිං පටිලද‍්ධුං ලද‍්ධං වා රක‍්ඛිතුං, සත්‍ථාපිස‍්ස අත‍්තමනො හොති. යථාහ – “තෙනාහං, නාගිත, තස‍්ස භික‍්ඛුනො අත‍්තමනො හොමි අරඤ‍්ඤවිහාරෙනා”ති (අ· නි· 6.42; 8.86). පන‍්තසෙනාසනවාසිනො චස‍්ස අසප‍්පායරූපාදයො චිත‍්තං න වික‍්ඛිපන‍්ති, විගතසන‍්තාසො හොති, ජීවිතනිකන‍්තිං ජහති, පවිවෙකසුඛරසං අස‍්සාදෙති, පංසුකූලිකාදිභාවොපි චස‍්ස පතිරූපො හොතීති.

ආනිසංස මෙසේය: ආරණ්‍යක භික්‍ෂු තෙමේ අරණ්‍ය සංඥාව මෙනෙහිකරනුයේ නොලද සමාධි ලැබීමටද ලද සමාධි රැකීමටද, සමත් වේ. ශාස්තෲන් වහන්සේද ඔහු කෙරෙහි සතුටු වෙති, කියන ලදුයේ මැයි: ‘එහෙයින් මම අරණ්‍ය විහරණය හේතුකොට නාගිත භික්‍ෂුවහට සතුට වෙමි’ ප්‍රාන්ත සේනාසනයෙහි සිටින විට ඔහුගේ සිත අසප්පාය රූපාදිය හේතුකොට වික්ක්‍ෂෙපයට නොපැමිණෙයි, පහවූ තැතිගැනීම් ඇත්තේ වෙයි, ජීවිතාශාව හරියි, විවේක සුවරසය විඳියි, පංසුකූලිකභාවය ආදී අංගයනටද, සුදුස්සෙක් වේ.

පවිවිත‍්තො අසංසට‍්ඨො, පන‍්තසෙනාසනෙ රතො; ආරාධයන‍්තො නාථස‍්ස, වනවාසෙන මානසං.

පවිවිත්තො අසංසට්ඨො පන්තසෙනාසනෙ රතො ආරාධයන්තො නාථස්ස වනවාසෙන මානසං

එකො අරඤ‍්ඤෙ නිවසං, යං සුඛං ලභතෙ යති; රසං තස‍්ස න වින්‍දන‍්ති, අපි දෙවා සඉන්‍දකා.

එකො අරඤ්ඤෙ නිවසං යං සුඛං ලභතෙ යති රසං තස්ස න වින්‍දන්ති අපි දෙවා ස-ඉන්‍දකා,

පංසුකූලඤ‍්ච එසොව, කවචං විය ධාරයං; අරඤ‍්ඤසඞ‍්ගාමගතො, අවසෙසධුතායුධො.

පංසුකූලංච එසො’ව කවචං විය ධාරයං අරඤ්ඤසංගාමගතො අවසෙසධුතායුධො

සමත්‍ථො නචිරස‍්සෙව, ජෙතුං මාරං සවාහිනිං; තස‍්මා අරඤ‍්ඤවාසම‍්හි, රතිං කයිරාථ පණ‍්ඩිතොති.

සමත්‍ථො න චිරස්සෙව ජෙතුං මාරං සවාහිනිං තස්මා අරඤ්ඤවාසම්හි රතිං කයිරාථ පණ්ඩිතො

ප්‍රාන්තසේනාසනයෙහි ඇලුණු යෝගී තෙමේ විවේකසුව ඇත්තේ, කිසිවක් කෙරෙහි ඇලීම් නැත්තේ, වනවාසය හේතුකොටගෙන ශාස්තෘන්වහන්සේගේ සිත තොස්වාලනුයේ

ආරණ්‍යයෙහි හුදකලාව වාසය කෙරෙමින් යම්සුවයක් ලබාද, ඒ සුවයෙහි රසය ඉන්‍ද්‍රයා පෙරටුකොට ඇති දෙවියෝද නොවිදිති.

මේ තෙමේම පංශුකූලය සන්නාහයක් මෙන් දරමින් සෙසු ධුතංගයන් ආයුධ ලෙස ගෙන අරණ්‍ය සංග්‍රාමයට ගියේ

සේනා සහිත මාරයා ජයගැනීමට නොබෝ කලෙකින්ම සමත් වන්නේය. එහෙයින් නුවණැත්තේ අරණ්‍යවාසයෙහි ඇලුම් කරන්නේය.

අයං ආරඤ‍්ඤිකඞ‍්ගෙ සමාදානවිධානප‍්පභෙදභෙදානිසංසවණ‍්ණනා.

මේ ආරණ්‍යකාංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද-ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.