යෙදුමෙන් කියවන්න

ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගකථා

ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගකථා

ඛලුපච්ඡාභත්තිකඞ්ගකථා

ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගම‍්පි “අතිරිත‍්තභොජනං පටික‍්ඛිපාමි, ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගං සමාදියාමී”ති ඉමෙසං අඤ‍්ඤතරවචනෙන සමාදින‍්නං හොති.

ඛලුපච්ඡාභත්තිකංගයද, අතිරිත්තභොජනං පටික්‍ඛිපාමි, ඛලුපච්ඡාභත්තිකඞ්ගං සමාදියාමි (අමතර බොජුන් පිළිකෙව් කරමි. ඛලුපච්ඡාභත්තිකංගය සමාදන් වෙමි) යන මේ දෙපාඨයෙන් එක්පාඨයෙකින් සමාදන්විය හැකිය.

තෙන පන ඛලුපච‍්ඡාභත‍්තිකෙන පවාරෙත්‍වා පුන භොජනං කප‍්පියං කාරෙත්‍වා න භුඤ‍්ජිතබ‍්බං. ඉදමස‍්ස විධානං.

ඒ ඛලුපච්ඡාභත්තිකයා විසින් වනාහි බොජුන් පවරාගැනීමෙන් පසු නැවත කැප කරවාගෙන වැළදීම නොකළයුතුය. මේ මෙහි පිළිපදනා විධියි.

පභෙදතො පන අයම‍්පි තිවිධො හොති. තත්‍ථ උක‍්කට‍්ඨො යස‍්මා පඨමපිණ‍්ඩෙ පවාරණා නාම නත්‍ථි, තස‍්මිං පන අජ‍්ඣොහරියමානෙ අඤ‍්ඤං පටික‍්ඛිපතො හොති, තස‍්මා එවං පවාරිතො පඨමපිණ‍්ඩං අජ‍්ඣොහරිත්‍වා දුතියපිණ‍්ඩං න භුඤ‍්ජති. මජ‍්ඣිමො යස‍්මිං භොජනෙ පවාරිතො, තදෙව භුඤ‍්ජති. මුදුකො පන යාව ආසනා න වුට‍්ඨාති තාව භුඤ‍්ජති.

ප්‍රභේද වශයෙන් වනාහි මෙයද, තුන්ආකාර වේ. එහි උත්කෘෂ්ට තෙමේ පළමු පිඬෙහි පවාරණයක් නැති හෙයින්, එය වළදමින් සිටියදී වෙනත් අහරක් පිළිකෙව් කළහොත් පවාරණය සිදුවන හෙයින් පළමුවන පිඬ වළඳා ඉක්බිති (පළමුව කැප කරවාගත් අහරෙහි වුවද) දෙවන පිඬ අනුභව නොකරයි. මධ්‍යම තෙමේ මෙසේම වෙනත් අහරක් පිළිකෙව් කෙරෙමින් නමුදු පළමුව පවරාගත් බොජුනෙහි දෙවන පිඬ අනුභව කරයි. මෘදුක තෙමේ අසුනෙන් නොනැඟිට සිටිතාක් පිඬු අනුභව කරයි.

ඉමෙසං පන තිණ‍්ණම‍්පි පවාරිතානං කප‍්පියං කාරාපෙත්‍වා භුත‍්තක‍්ඛණෙ ධුතඞ‍්ගං භිජ‍්ජති. අයමෙත්‍ථ භෙදො.

බොජුන් පවාරණය කිරීමෙන් පසු වෙනත් අහරක් කැපකරවාගෙන වැළඳූ කෙණෙහි මේ තිදෙනාගේම ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.

අයං පනානිසංසො, අනතිරිත‍්තභොජනාපත‍්තියා දූරභාවො, ඔදරිකත‍්තාභාවො, නිරාමිසසන‍්නිධිතා, පුන පරියෙසනාය අභාවො, අප‍්පිච‍්ඡතාදීනං අනුලොමවුත‍්තිතාති.

ආනිසංස මෙසේය: අමතර බොජුන් වැළදීමේදී සිදුවිය හැකි ඇවැත් දුරුවීමය, කෑදරකමින් දුරුවීමය, පසුව කැප කරවාගෙන වළදනු පිණිස ළඟ තබාගත් ආමිෂයක් නැතිබවය යළි අහර සෙවීමක් නැති බවය, අල්පේච්ඡතාදී ගුණයනට අනුකුල පැවතුම් ඇති බවය යන මේය.

පරියෙසනාය ඛෙදං, න යාති න කරොති සන‍්නිධිං ධීරො; ඔදරිකත‍්තං පජහති, ඛලුපච‍්ඡාභත‍්තිකො යොගී.

පරියෙසනාය ඛෙදං න යාති න කරොති සන්නිධිං ධීරො ඔදරිකත්තං පජහති ඛලුපච්ඡාභත්තිකො යොගී.

තස‍්මා සුගතපසත්‍ථං, සන‍්තොසගුණාදිවුඩ‍්ඪිසඤ‍්ජනනං; දොසෙ විධුනිතුකාමො, භජෙය්‍ය යොගී ධුතඞ‍්ගමිදන‍්ති.

තස්මා සුගතප්පසත්‍ථං සන්තොසගුණාදිවුද්ධිසඤ්ජනනං දොසෙ විධුනිතුකාමො භජෙය්‍ය යොගී ධුතඞ්ගමිදං

බුද්ධිමත් වූ ඛලුපච්ඡාභත්තික යෝගී තෙමේ (නැවත) ආහාර සෙවීමේ ආයාසයට නොපැමිණේ, අහර රැස්කොට ළඟ තබා ගැනීමද නොකරයි, අහරෙහි ගිජුකම් අත්හරියි.

එහෙයින් බුදුන් විසින් පසස්නාලද සතොස් ගුණාදියෙහි වැඩීම ඇතිකරවන මේ ධුතංගය කෙලෙස් දොෂයන් පලවාහරිනු කැමැති රෝගී තෙමේ භජනය කරන්නේය.

අයං ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගෙ සමාදානවිධානප‍්පභෙදභෙදානිසංසවණ‍්ණනා.

මේ ඛලුපච්ඡාභත්තිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද-ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.