යෙදුමෙන් කියවන්න

පත‍්තපිණ‍්ඩිකඞ‍්ගකථා

පත‍්තපිණ‍්ඩිකඞ‍්ගකථා

පත්තපිණ්ඩිකඞ්ගකථා

පත‍්තපිණ‍්ඩිකඞ‍්ගම‍්පි “දුතියකභාජනං පටික‍්ඛිපාමි, පත‍්තපිණ‍්ඩිකඞ‍්ගං සමාදියාමී”ති ඉමෙසං අඤ‍්ඤතරවචනෙන සමාදින‍්නං හොති.

පත්තපිණ්ඩිකංගයද, ‘දුතියකභාජනං පටික්‍ඛිපාමි, පත්තපිණ්ඩිකඞ්ගං සමාදියාමි’ (දෙවන බඳුනක් පිළිකෙව් කරමි, පත්තපිණ්ඩිකංගය සමාදන් වෙමි.) යන මේ පාඨ දෙකින් එකකින් සමාදානය සිදුවේ.

තෙන පන පත‍්තපිණ‍්ඩිකෙන යාගුපානකාලෙ භාජනෙ ඨපෙත්‍වා බ්‍යඤ‍්ජනෙ ලද‍්ධෙ බ්‍යඤ‍්ජනං වා පඨමං ඛාදිතබ‍්බං, යාගු වා පාතබ‍්බා. සචෙ පන යාගුයං පක‍්ඛිපති, පූතිමච‍්ඡකාදිම‍්හි බ්‍යඤ‍්ජනෙ පක‍්ඛිත‍්තෙ යාගු පටිකූලා හොති, අප‍්පටිකූලමෙව ච කත්‍වා භුඤ‍්ජිතුං වට‍්ටති. තස‍්මා තථාරූපං බ්‍යඤ‍්ජනං සන්‍ධාය ඉදං වුත‍්තං. යං පන මධුසක‍්කරාදිකං අප‍්පටිකූලං හොති, තං පක‍්ඛිපිතබ‍්බං. ගණ‍්හන‍්තෙන ච පමාණයුත‍්තමෙව ගණ‍්හිතබ‍්බං. ආමකසාකං හත්‍ථෙන ගහෙත්‍වා ඛාදිතුං වට‍්ටති. තථා පන අකත්‍වා පත‍්තෙයෙව පක‍්ඛිපිතබ‍්බං. දුතියකභාජනස‍්ස පන පටික‍්ඛිත‍්තත‍්තා අඤ‍්ඤං රුක‍්ඛපණ‍්ණම‍්පි න වට‍්ටතීති ඉදමස‍්ස විධානං.

එම පත්තපිණ්ඩිකයා විසින් වනාහි හුළුකැන් (කැඳ) බොනවිට භාජනයෙක තබා අවුළුපත් ලදහොත් අවුළුපත් හෝ පළමුකොට බිදිය යුතුය, හුළුකැන් හෝ පළමුකොට පිය යුතුය, ඉදින් එම අවුළුපත් හුළුකැන්හි ලූවහොත් පිලීමසුන් සහිත අවුළු ආදිය ලූ විට හුළුකැන් පිළිකුල් වේ. පිළිකුල් නොවන සේ කොට අනුභව කරනු වටී. එහෙයින් එබඳු වූ අවුළුපත් ගැන සලකා මෙසේ කියනලදි, ‘මී සකුරු ආදී යම් කිසිවක් පිළිකුල් නොවේනම් එය හුළුකැන්හි ලිය යුතුය, පිළිගන්නාවිටද සුදුසු පමණට පිළිගත යුතුය. අතින් ගෙන කෑයුතු අමුරිකිලි පවා එසේ නොකොට පාත්‍රයෙහිම බැහිය යුතුය. දෙවන බඳුනක් පිළිකෙව් කරනලද හෙයින් කොළපතක් තරම් වූද අන් බඳුනක් පරිභෝග කරනු නොවටී’ යනුවෙනි. මේ මෙහි පිළිපදනා විධියි.

පභෙදතො පන අයම‍්පි තිවිධො හොති. තත්‍ථ උක‍්කට‍්ඨස‍්ස අඤ‍්ඤත්‍ර උච‍්ඡුඛාදනකාලා කචවරම‍්පි ඡඩ‍්ඩෙතුං න වට‍්ටති. ඔදනපිණ‍්ඩමච‍්ඡමංසපූවෙපි භින්‍දිත්‍වා ඛාදිතුං න වට‍්ටති. මජ‍්ඣිමස‍්ස එකෙන හත්‍ථෙන භින්‍දිත්‍වා ඛාදිතුං වට‍්ටති, හත්‍ථයොගී නාමෙස. මුදුකො පන පත‍්තයොගී නාම හොති, තස‍්ස යං සක‍්කා හොති පත‍්තෙ පක‍්ඛිපිතුං, තං සබ‍්බං හත්‍ථෙන වා දන‍්තෙහි වා භින්‍දිත්‍වා ඛාදිතුං වට‍්ටති.

ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් උක්දඬු සැපීමේදී හැර, රොඩු පවා ඉවත දැමීම නොවටී. බත්පිඬු, මත්ස්‍යමාංස, කැවුම් ආදිය පවා අතින් කඩා කෑම නොවටී, මධ්‍යමයා විසින් එක් අතෙකින් කඩා කෑම වටී, මේ තෙමේ හත්‍ථයෝගී’ නමි. මෘදුක තෙමේ ‘පත්තයෝගී’ නමි, ඔහු විසින් පාත්‍රය තුළ බැහිය හැකි සියලුම දෑ අතින් හෝ දතින් කඩා කෑම වටී.

ඉමෙසං පන තිණ‍්ණම‍්පි දුතියකභාජනං සාදිතක‍්ඛණෙ ධුතඞ‍්ගං භිජ‍්ජති. අයමෙත්‍ථ භෙදො.

මේ තිදෙනාගේම ධුතංගය දෙවන බඳුනක් ඉවසූ කෙණෙහිම බිදේ. මේ මෙහි භේදයයි.

අයං පනානිසංසො, නානාරසතණ‍්හාවිනොදනං. අත්‍රිච‍්ඡතාය පහානං, ආහාරෙ පයොජනමත‍්තදස‍්සිතා, ථාලකාදිපරිහරණඛෙදාභාවො, අවික‍්ඛිත‍්තභොජිතා, අප‍්පිච‍්ඡතාදීනං අනුලොමවුත‍්තිතාති.

ආනිසංස මෙසේයි: නොයෙක් රසයන් කෙරෙහි ඇති තෘෂ්ණාව දුරුවීමය, ආහාරයෙහි ගිජු බව දුරලීමය, ආහාරයෙහි ප්‍රයෝජනය පමණක් දන්නාබවය, තලි තැටි ආදී බඳුන් පරිහරණයෙන් ඇතිවන ගැහැට නැති බවය, නොවිසුරුණු බොජුන් ඇතිබවය, අල්පේච්ඡතාදී ගුණයනට අනුලෝම පැවතුම් ඇතිබවය යන මේය.

නානාභාජනවික‍්ඛෙපං, හිත්‍වා ඔක‍්ඛිත‍්තලොචනො; ඛණන‍්තො විය මූලානි, රසතණ‍්හාය සුබ‍්බතො.

නානාභාජනවිකෙඛපං - භිත්‍වා ඔක්‍ඛිත්තලොචනො ඛණන්තෙවිය මූලානි රසතණ්හාය සුබ්බතො

සරූපං විය සන‍්තුට‍්ඨිං, ධාරයන‍්තො සුමානසො; පරිභුඤ‍්ජෙය්‍ය ආහාරං, කො අඤ‍්ඤො පත‍්තපිණ‍්ඩිකොති.

සරූපං විය සන්තුට්ඨිං ධාරයන්තො සුමානසො පරිභුඤ්ජෙය්‍ය ආහාරං කො අඤ්ඤො පත්තපිණ්ඩිකා

නොයෙක් බඳුන් පරිහරණයෙහි ඇති ගැහැට දුර හැර පහතට නැඹුරු ඇස් ඇතිව රස තෘෂ්ණාවෙහි මුල් උදුරන සෙයින් මනාව්‍රත ඇතිව,

මූර්තිමත් සන්තුෂ්ටිය දරමින් මෙන් සොඳුරු සිත් ඇතිව ආහාර අනුභව කරනුයේ පත්තපිණ්ඩිකයා හැර අන් කවරෙක්ද?

අයං පත‍්තපිණ‍්ඩිකඞ‍්ගෙ සමාදානවිධානප‍්පභෙදභෙදානිසංසවණ‍්ණනා.

මේ පත්තපිංඩිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.