එකාසනිකඞ්ගකථා
එකාසනිකඞ්ගකථා
එකාසනිකඞ්ගකථා
එකාසනිකඞ්ගම්පි “නානාසනභොජනං පටික්ඛිපාමි, එකාසනිකඞ්ගං සමාදියාමී”ති ඉමෙසං අඤ්ඤතරවචනෙන සමාදින්නං හොති.
ඒකාසනිකංගයද, ‘නානාසනභොජනං පටික්ඛිපාමි, එකාසනිකඞ්ගං සමාදියාමි’ (නොයෙක් වර හිඳ අනුභව කිරීම පිළිකෙව් කරමි, ඒකාසනිකංගය සමාදන් වෙමි) යන මේ පාඨ දෙකින් එකකින් සමාදානය සිදුවේ.
තෙන පන එකාසනිකෙන ආසනසාලායං නිසීදන්තෙන ථෙරාසනෙ අනිසීදිත්වා “ඉදං මය්හං පාපුණිස්සතී”ති පතිරූපං ආසනං සල්ලක්ඛෙත්වා නිසීදිතබ්බං. සචස්ස විප්පකතෙ භොජනෙ ආචරියො වා උපජ්ඣායො වා ආගච්ඡති, උට්ඨාය වත්තං කාතුං වට්ටති. තිපිටකචූළාභයත්ථෙරො පනාහ “ආසනං වා රක්ඛෙය්ය භොජනං වා, අයඤ්ච විප්පකතභොජනො, තස්මා වත්තං කරොතු, භොජනං පන මා භුඤ්ජතූ”ති. ඉදමස්ස විධානං.
එම ඒකාසනික භික්ෂුව විසින් ආසන ශාලාවෙහි හිඳගන්නාවිට ථෙරාසනයෙහි නොහිඳ, මේ අසුන මට ලැබෙන්නේයයි සලකා යෝග්‍ය වූ අසුනෙක හිඳගත යුතුය. ඉදින් ඔහුගේ අහර කිස නොනිමී තිබියදී ආචාර්යවරයා හෝ උපාධ්‍යායවරයා පැමිණියහොත්, නැගිට වත් පිළිපදිනු වටී. ත්‍රිපිටකධර චූලාභය තෙරණුවෝ ‘අසුන හෝ භෝජනය හෝ රකින්නේය, එහෙයින් අඩහල බොජුන් ඇති මේ තෙමේ වත් පිළිපදීවා, බොජුන් නොබුදීවා’යි කීහ. මේ මෙහි පිළිපදනා විධියි.
පභෙදතො පන අයම්පි තිවිධො හොති. තත්ථ උක්කට්ඨො අප්පං වා හොතු බහු වා, යම්හි භොජනෙ හත්ථං ඔතාරෙති, තතො අඤ්ඤං ගණ්හිතුං න ලභති. සචෙපි මනුස්සා “ථෙරෙන න කිඤ්චි භුත්ත”න්ති සප්පිආදීනි ආහරන්ති, භෙසජ්ජත්ථමෙව වට්ටන්ති, න ආහාරත්ථං. මජ්ඣිමො යාව පත්තෙ භත්තං න ඛීයති, තාව අඤ්ඤං ගණ්හිතුං ලභති. අයඤ්හි භොජනපරියන්තිකො නාම හොති. මුදුකො යාව ආසනා න වුට්ඨාති තාව භුඤ්ජිතුං ලභති. සො හි උදකපරියන්තිකො වා හොති යාව පත්තධොවනං න ගණ්හාති තාව භුඤ්ජනතො, ආසනපරියන්තිකො වා යාව න වුට්ඨාති තාව භුඤ්ජනතො.
ප්‍රභේද වශයෙන් වනාහි මෙයද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා මඳවූ හෝ බොහෝවූ හෝ යම් බොජුනකට අත තැබුවේ නම් එය හැර අන්කිසිවක් නොපිළිගන්නේය, ඉදින් මිනිසුන් ‘තෙරුන් කිසිවක් නොවැළදූහ’යි ගිතෙල් ආදිය ගෙන එතොත් බෙහෙත් වශයෙන් පිළිගනු වටී, අහර වශයෙන් නොවටී. මධ්‍යමයා යම්තාක් පාත්‍රයෙහි බත් ඉතිරිව තිබේනම්, ඒතාක් එයට සෑහෙන තරම් සූප ආදී අන් අහරක් පිළිගන්නේය. මේ තෙමේ ‘භෝජනපරියන්තික’ නම්වේ. මෘදුක තෙමේ යම්තාක් හිඳ වැළඳූ අසුනෙන් නොනැගිටියේද ඒතාක් වැළදීම කරන්නේය. මේ තෙමේ ‘උදපරියන්තික’ නම්වේ. පාත්‍රය ධෝවනය කරන තෙක් අනුභව කරන හෙයිනි, නැතහොත් ‘ආසනපරියන්තික’ නම්වේ. යම්තාක් අසුනෙන් නොනැගිටියේද ඒතාක් අනුභව කරන හෙයිනි.
ඉමෙසං පන තිණ්ණම්පි නානාසනභොජනං භුත්තක්ඛණෙ ධුතඞ්ගං භිජ්ජති. අයමෙත්ථ භෙදො.
මේ තිදෙනාගේම ධුතංගය නැවත හිඳ වැලඳූ කෙණෙහි බිඳේ, මේ මෙහි බිඳීමයි.
අයං පනානිසංසො, අප්පාබාධතා, අප්පාතඞ්කතා, ලහුට්ඨානං, බලං, ඵාසුවිහාරො, අනතිරිත්තපච්චයා අනාපත්ති, රසතණ්හාවිනොදනං අප්පිච්ඡතාදීනං අනුලොමවුත්තිතාති.
මෙහි ආනිසංස මෙසේය: නිරෝගබවය, මඳපීඩා ඇති බවය, සැහැල්ලු ඉරියවු ඇති බවය, සිරුරු බල ඇති බවය, පහසු විහරණ ඇතිබවය, ඉතිරි නොවූ ප්‍රත්‍යය ඇති හෙයින් ඇවැත් සිදුවීමට ඇති ඉඩ මඳබවය, රස තෘෂ්ණා දුරුවීමය, අල්පේච්ඡතාදී ගුණයනට අනුලොම් වූ යැපීම් ඇති බවය යන මේය.
එකාසනභොජනෙ රතං, න යතිං භොජනපච්චයා රුජා; විසහන්ති රසෙ අලොලුපො, පරිහාපෙති න කම්මමත්තනො.
එකාසනභොජනෙ රතං න යතිං භොජනපච්චයා රුජා විසහන්ති රසෙ අලොලුපො පරිහාපෙති න කම්මමත්තනො
ඉති ඵාසුවිහාරකාරණෙ, සුචිසල්ලෙඛරතූපසෙවිතෙ; ජනයෙථ විසුද්ධමානසො, රතිමෙකාසනභොජනෙ යතීති.
ඉති ඵාසුවිහාරකාරණෙ සුචිසල්ලෙඛරතූපසෙවිතෙ ජනයෙථ විසුද්ධමානසො රතිමෙකාසනභොජනෙ යති.
ඒකාසන භෝජනයෙහි ඇලුණ යතිවරයා ආහාර හේතුවෙන් ඇතිවන රෝගයෙන් නොපෙළේ, රසයෙහි ගිජු නොවූයේ ස්වකීය කාර්යයෙන් නොපිරිහෙයි.
මෙසේ සුඛවිහරණයට හේතු වූ, පිරිසිදු සල්ලේඛ ගුණයෙහි ඇලුණවුන් විසින් සෙවුනාලද, ඒකාසන භෝජනයෙහි පිරිසුදු සිත් ඇති යති තෙමේ ඇලුම් කරන්නේය.
අයං එකාසනිකඞ්ගෙ සමාදානවිධානප්පභෙදභෙදානිසංසවණ්ණනා.
මේ ඒකාසනිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද-ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.