යෙදුමෙන් කියවන්න

කිරියාමනොවිඤ‍්ඤාණධාතු සොමනස‍්සසහගතචිත‍්තං

[කිරියාමනොවිඤ‍්ඤාණධාතු සොමනස‍්සසහගතචිත‍්තං]

[ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු සෝමනස්සසහගත චිත්තය]

569. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

569. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

යස‍්මිං සමයෙ මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා සොමනස‍්සසහගතා රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, විරියින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, සොමනස‍්සින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සෝමනස්සසහගත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

570. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති?

570. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති. -පෙ-

එසමයෙහි යම් ස්පර්‍ශයෙක්, ස්පර්‍ශාකාරයෙක්, මොනවට ස්පර්‍ශ කරන අයුරෙක්, මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ ...

571. කතමා තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති?

571. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං, අයං තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති.

එසමයෙහි චිත්තයාගේ යම් (අරමුණෙහි) සිටීමෙක්, මොනොවට සිටීමෙක්, බැසැගෙන සිටීමෙක්, නො විසිරීමෙක්, අවික්‍ෂේපයෙක්, නො විසුළ සිත ඇති බවෙක්, ශමථයෙක්, සමාධීන්‍ද්‍රියයෙක්, සමාධිබලයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.

572. කතමං තස‍්මිං සමයෙ විරියින්‍ද්‍රියං හොති?

572. කවරක් එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හි ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං, ඉදං තස‍්මිං සමයෙ විරියින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක්, නිෂ්ක්‍රමයෙක්, පරාක්‍රමයෙක්, උද්‍යමයෙක්, ව්‍යායාමයෙක්, උත්සාහයෙක්, අධිමාත්‍ර උත්සාහයෙක්, දෘඪපරාක්‍රමයෙක්, ධෛර්‍ය්‍යයෙක්, ස්ථිරපරාක්‍රමතායෙක්, නො තැබූ ඡන්‍දය ඇති බවෙක්, නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක්, වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක්, වීර්‍ය්‍යයෙක්, වීර්ය්‍යේන්‍ද්‍රියයෙක්, වීර්‍ය්‍යබලයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.

573. කතමං තස‍්මිං සමයෙ සමාධින්‍ද්‍රියං හොති?

573. කවරක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං, ඉදං තස‍්මිං සමයෙ සමාධින්‍ද්‍රියං හොති -පෙ- යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක්, මොනොවට සිටීමෙක්, බැසැගෙන සිටීමෙක්, නො විසිරීමෙක්, අවික්‍ෂේපයෙක්, නො විසුළ සිත ඇති බවෙක්, ශමථයෙක්, සමාධීන්‍ද්‍රියයෙක්, සමාධිබලයෙක් වේ ද, මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ, තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, පඤ‍්චින්‍ද්‍රියානි හොන‍්ති, එකො ඵස‍්සො හොති -පෙ- එකා මනො විඤ‍්ඤාණධාතු හොති, එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා. -පෙ-

තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...

574. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

574. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො පීති චිත‍්තස‍්සෙකග‍්ගතා විරියින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං, අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

කිරියාමනොවිඤ‍්ඤාණධාතු සොමනස‍්සසහගතචිත‍්තං.

ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු සෝමනස්සසහගත චිත්තය යි.