කිරියාමනොවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගතචිත්තං
[කිරියාමනොවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගතචිත්තං.]
[ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගත චිත්තය]
575. කතමෙ ධම්මා අව්යාකතා?
575. කවර ධර්මයෝ අව්‍යාකෘත වෙති යත්:
යස්මිං සමයෙ මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති කිරියා නෙව කුසලා නා කුසලා න ච කම්මවිපාකා උපෙක්ඛාසහගතා රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, විරියින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. -පෙ-
යම් කලෙකැ රූපාලම්බන වේවයි, ... ධර්මාලම්බන වේවයි, යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්මවිපාක වූ උපේක්ෂාසහගත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්කය වෙයි, විචාරය වෙයි, උපේක්ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්ද්රියය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්ද්රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ යි ...
තස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, පඤ්චින්ද්රියානි හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකා මනොවිඤ්ඤාණධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. -පෙ-
තවද එසමයෙහි ස්කන්ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්ද්රියයෝ පස්දෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්මායතනය වෙයි, එක් ම ධර්මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ යි ...
576. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
576. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙකග්ගතා විරියින්ද්රියං සමාධින්ද්රියං ජීවිතින්ද්රියං, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
ස්පර්ශ ය චේතනා ය විතර්ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්ද්රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්ධය තබා සංඥාස්කන්ධය තබා විඥානස්කන්ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ යි.
කිරියාමනොවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගතචිත්තං
ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගත චිත්තය යි.