යෙදුමෙන් කියවන්න

ගන්‍ථගොච‍්ඡකං

1139. කතමෙ ධම‍්මා ගන්‍ථා?

1139. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථ වෙති යත්:

චත‍්තාරො ගන්‍ථා: අභිජ‍්ඣා කායගන්‍ථො, ව්‍යාපාදො කායගන්‍ථො, සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො, ඉදං සච‍්චාභිනිවෙසො කායගන්‍ථො.

ග්‍රන්‍ථයෝ සතර දෙනෙක් වෙති: අභිධ්‍යා කායග්‍රන්‍ථය, ව්‍යාපාද කායග්‍රන්‍ථය, ශීලව්‍රතපරාමර්‍ෂ කායග්‍රන්‍ථ ය, ඉදංසත්‍යාභිවේශ කායග්‍රන්‍ථ යයි.

1140. තත්‍ථ කතමො අභිජ‍්ඣාකායගන්‍ථො?

1140. එහි අභිධ්‍යා කායග්‍රන්‍ථය කවරේ යත්:

යො රාගො සරාගො අනුනයො අනුරොධො නන්‍දි නන්‍දිරාගො චිත‍්තස‍්ස සාරාගො ඉච‍්ඡා මුච‍්ඡා අජ‍්ඣොසානං ගෙධො සඞ‍්ගො පසඞ‍්ගො එජා මායා ජනිකා සංජනනී සිබ‍්බනී ජාලිනී සරිතා විසත‍්තිකා සුත‍්තං විසටා ආයූහනී දුතියා පණිධි භවනෙත‍්ති වනං වනථො සන්‍ථවො සිනෙහො අපෙක‍්ඛා පටිබන්‍ධො ආසා ආසිංසනං ආසිංසිතත‍්තං රූපාසා සද‍්දාසා ගන්‍ධාසා රසාසා ඵොට‍්ඨබ‍්බාසා ලාභාසා ධනාසා පුත‍්තාසා ජීවිතාසා ජප‍්පා පජප‍්පා අභිජප‍්පා ජප‍්පනා ජප‍්පිතත‍්තං ලොලුප‍්පං ලොලුප‍්පායනා ලොලුප‍්පායිතත‍්තං පුච‍්ඡඤ‍්චිකතා සාදුකම්‍යතා අධම‍්මරාගො විසමලොභො නිකන‍්ති නිකාමනා පත්‍ථනා පිහනා සම‍්පත්‍ථනා කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා රූපතණ‍්හා අරූපතණ‍්හා නිරොධතණ‍්හා රූපතණ‍්හා සද‍්දතණ‍්හා ගන්‍ධතණ‍්හා රසතණ‍්හා ඵොට‍්ඨබ‍්බතණ‍්හා ධම‍්මතණ‍්හා ඔඝො යොගො ගන්‍ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්‍ධනං උපක‍්කිලෙසො අනුසයො පරියුට‍්ඨානං ලතා වෙවිච‍්ඡං දුක‍්ඛමූලං දුක‍්ඛනිදානං දුක‍්ඛප‍්පභවො මාරපාසො මාරබලිසං මාරවිසයො තණ‍්හානදී තණ‍්හාජාලං තණ‍්හාගද‍්දුලං තණ‍්හාසමුද‍්දො අභිජ‍්ඣා ලොභො අකුසලමූලං, අයං වුච‍්චති අභිජ‍්ඣාකායගන්‍ථො.

යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඉච්ඡාවක් මූර්ච්ඡාවක් අධ්‍යවසානයෙක් ගේධයෙක් පරිගේධයෙක් ඇලීමෙක් පඞ්කයෙක් ඒජාවක් මායාවක් ජනිකාවක් සංජනනියක් සීවනියක් ජාලිනියක් සරිතාවක් විසත්තිකාවක් සූත්‍රයෙක් පැතිරීමෙක් ආයුහනියක් ද්වීතියාවක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් වනයෙක් වනථයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂාවක් ප්‍රතිබන්‍ධයෙක් ආශායෙක් ආශංසනයෙක් ආශංසිත බවෙක් රූපාශායෙක් ශබ්ධාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් ජල්පනය කිරීමෙක් ප්‍රජල්පයෙක් අභිජල්පයෙක් ජල්පනයෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් නගුට සැලුමෙක් ස්වාදුකාම්‍යතායෙක් අධර්‍මරාගයෙක් විෂම ලෝභයෙක් නිකාන්තියෙක් කැමති වන අයුරෙක් ප්‍රාර්‍ත්‍ථනයෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනයෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූප (භව) තෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් ශබ්ධතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයෙක් පර්‍ය්‍යුත්‍ථානයෙක් ලතායෙක් වෛවිප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබලිසයෙක් මාරවිෂයක් තෘෂ්ණා නදියක් තෘෂ්ණාජාලයෙක් තෘෂ්ණාගර්දූලයෙක් තෘෂ්ණාසමුද්‍රයෙක් අභිධ්‍යාවක් ලෝභඅකුශල මූලයෙක් වේ ද, මේ අභිධ්‍යා කාය ග්‍රන්‍ථ යයි කියනු ලැබේ.

1141. තත්‍ථ කතමො ව්‍යාපාදො කායගන්‍ථො?

1141. එහි ව්‍යාපාද කායග්‍රන්‍ථ කවරේ යැ:

අනත්‍ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්‍ථං මෙ චරතීති ආඝාතො ජායති, අනත්‍ථං මෙ චරිස‍්සතීති ආඝාතො ජායති. පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං අචරි -පෙ- අනත්‍ථං චරති -පෙ- අනත්‍ථං චරිස‍්සතීති ආඝාතො ජායති. අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අත්‍ථං අචරි -පෙ- අත්‍ථං චරති -පෙ- අත්‍ථං චරිස‍්සතීති ආඝාතො ජායති. අට‍්ඨානෙ වා පන ආඝාතො ජායති. යො එවරූපො චිත‍්තස‍්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම‍්පකොපො දොසො පදොසො සම‍්පදොසො චිත‍්තස‍්ස ව්‍යාපත‍්ති මනොපදොසො කොධො කුජ‍්ඣනා කුජ‍්ඣිතත‍්තං දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං ව්‍යාපත‍්ති ව්‍යාපජ‍්ජනා ව්‍යාපජ‍්ජිතත‍්තං විරොධො පටිවිරොධො චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති ව්‍යාපාදො කායගන්‍ථො.

‘මට අවැඩ කළැ’යි කෝප උපදී, ‘මට අවැඩ කෙරෙයි’ කෝප උපදී, ‘මට අවැඩ කරන්නේ වනැ’යි කෝප උපදී, ‘මාගේ ප්‍රිය මනාප වූවහුට අවැඩ කළ’යි ... අවැඩ කෙරෙයි ... අවැඩ කරන්නේ වනැ’යි කෝප උපදී, ‘මාගේ අප්‍රිය අමනාප වූවහුට වැඩ කළැ’යි ... වැඩ කෙරෙයි ... වැඩ කරන්නේ වනැ’යි කෝප උපදී. යළි නො තැන්හි හෝ කෝප උපදී. මෙබඳු වූ යම් සිත පිළිබඳ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් සිත පෙරැළීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් පෙරැළීමෙක් පෙරැළෙන අයුරෙක් පෙරළුණු බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඬබවෙක් නො පිරිපුන් වචන ඇතිබවෙක් චිත්තයාගේ නො සියමන් බවෙක් වේ ද, මේ ව්‍යාපාද කායග්‍රන්‍ථ යයි කියනු ලැබේ.

1142. තත්‍ථ කතමො සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො?

1142. එහි ශීලව්‍රතපරාමර්‍ශ කාය ග්‍රන්‍ථකවරේ යැ:

ඉතො බහිද‍්ධා සමණබ්‍රාහ‍්මණානං සීලෙන සුද‍්ධි වතෙන සුද‍්ධි සීලබ‍්බතෙන සුද‍්ධීති යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො, අයං වුච‍්චති සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො.

මේ සස්නෙන් බැහැර මහණ බමුණන්ගේ ‘ශීලයෙන් ශුද්ධි යැ, ව්‍රතයෙන් ශුද්ධි යැ, ශීල ව්‍රතයෙන් ශුද්ධි යැ’යි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝම දෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩිව ගැනීමෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථ යි කියනු ලැබේ.

1143. තත්‍ථ කතමො ඉදං සච‍්චාභිනිවෙසො කායගන්‍ථො?

1143. එහි ඉදම් සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථ කවරේ යැ:

සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති වා, අසස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති වා, අන‍්තවා ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති වා, අනන‍්තවා ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති වා, තං ජීවං තං සරීරං ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති වා, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති වා, හොති තථාගතො පරම‍්මරණා ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති වා, න හොති තථාගතො පරම‍්මරණා ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති වා, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති වා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති වා, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො, අයං වුච‍්චති ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො. ඨපෙත්‍වා සීලබ‍්බතපරාමාසං කායගන්‍ථං සබ‍්බාපි මිච‍්ඡාදිට‍්ඨි ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො.

ස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ලෝකය අශාශ්වත යැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ලෝකය අන්තවත් යැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ලෝකය අනන්තවත් යැ, මෙය මැ සැබැව, අන්‍ය තුච්ඡ යැයි හෝ, ඒ මැ ජීවය ඒ මැ ශරීර යැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත (-සත්ත්‍වයා) මරණින් මතුයෙහි වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත මරණින් මතුයෙහි නො වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත මරණින් මතුයෙහි වන්නේත් නො ද වන්නේත් වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත මරණින් මතුයෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩිව ගැනීමෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විරීතග්‍රාහයෙක් වේ ද, මේ ඉදම් සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථ යයි කියනු ලැබේ. ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථය තබා හැම මිථ්‍යා දෘෂ්ටි ඉදම්සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථ යි.

ඉමෙ ධම‍්මා ගන්‍ථා.

මේ ධර්‍මයෝ ග්‍රන්‍ථයෝ යි.

1144. කතමෙ ධම‍්මා නො ගන්‍ථා:

1144. ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ කවරහ යත්:

තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන‍්නා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො ගන්‍ථා.

ඒ ග්‍රන්‍ථධර්‍මයන් තබා ශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ, හැම රූප ද, අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථ නො වූවෝ යි.

1145. කතමෙ ධම‍්මා ගන්‍ථනීයා:

1145. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථනීය වෙති යත්:

සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ඉමෙ ධම‍්මා ගන්‍ථනීයා.

කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථනීය වෙති.

1146. කතමෙ ධම‍්මා අගන්‍ථනීයා:

1146. කවර ධර්‍මයෝ අගන්‍ථනීය වෙති යත්:

අපරියාපන‍්නා මග‍්ගා ච, මග‍්ගඵලානි ච, අසඞ‍්ඛතා ච ධාතු ඉමෙ ධම‍්මා අගන්‍ථනීයා.

අපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛත ධාතුව ද යන මොහු අගන්‍ථනීය ධර්‍මයෝ යි.

1147. කතමෙ ධම‍්මා ගන්‍ථසම‍්පයුත‍්තා:

1147. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො ඉමෙ ධම‍්මා ගන්‍ථසම‍්පයුත‍්තා.

යම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද ඒ වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෝ යි.

1148. කතමෙ ධම‍්මා ගන්‍ථවිප‍්පයුත‍්තා:

1148. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො සබ‍්බඤ‍්ච රූපං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා ගන්‍ථවිප‍්පයුත‍්තා.

යම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය සියලු රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථ විප්‍රයුක්තයෝ යි.

1149. කතමෙ ධම‍්මා ගන්‍ථා චෙව ගන්‍ථනීයා ච:

1149. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථ වූවාහු ද ග්‍රන්‍ථනීය වූවාහු ද වෙති යත්:

තෙව ගන්‍ථා ගන්‍ථා චෙව ගන්‍ථනීයා ච.

ඒ ග්‍රන්‍ථයෝ මැ ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථනීය ද වෙත්.

1150. කතමෙ ධම‍්මා ගන්‍ථනීයා චෙව නො ච ගන්‍ථා:

1150. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථනීය ද නො ද ග්‍රන්‍ථ ද වෙති යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා ගන්‍ථනීයා තෙ ධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසා සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා ගන්‍ථනීයා චෙව නො ච ගන්‍ථා.

යම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන්ගෙන් ග්‍රන්‍ථනීය වෙත් නම් ඒ ධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථනීය වූවාහු ද නො ද ග්‍රන්‍ථ වූවාහු ද වෙත්.

1151. කතමෙ ධම‍්මා ගන්‍ථා චෙව ගන්‍ථසම‍්පයුත‍්තා ච:

1151. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථ වූවාහු ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූවාහු ද වෙති යත්:

සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො අභිජ‍්ඣාකායගන්‍ථෙන ගන්‍ථො චෙව ගන්‍ථසම‍්පයුත‍්තො ච, අභිජ‍්ඣාකායගන්‍ථො සීලබ‍්බතපරාමාසෙන කායගන්‍ථෙන ගන්‍ථො චෙව ගන්‍ථසම‍්පයුත‍්තො ච, ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො අභිජ‍්ඣාකායගන්‍ථෙන ගන්‍ථො චෙව ගන්‍ථසම‍්පයුත‍්තො ච, අභිජ‍්ඣාකායගන්‍ථො ඉදංසච‍්චාභිනිවෙසෙන කායගන්‍ථෙන ගන්‍ථො චෙව ගන්‍ථසම‍්පයුත‍්තො ච ඉමෙ ධම‍්මා ගන්‍ථා චෙව ගන්‍ථසම‍්පයුත‍්තා ච.

ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථය අභිධ්‍යාකායග්‍රන්‍ථය හා ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වෙයි. අභිධ්‍යාකායග්‍රන්‍ථය ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථය හා ග්‍රන්‍ථ වූයේ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. ඉදම්සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථය අභිධ්‍යාකායග්‍රන්‍ථය හා ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වෙයි. අභිධ්‍යාකායග්‍රන්‍ථය ඉදම්සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථය හා ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වේ. මේ ධර්‍මයෝ ග්‍රන්‍ථ වූවාහු ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූවාහු ද වෙත්.

1152. කතමෙ ධම‍්මා ගන්‍ථසම‍්පයුත‍්තා චෙව නො ච ගන්‍ථා:

1152. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද නො ද ග්‍රන්‍ථ ද වෙති යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සම‍්පයුත‍්තා තෙ ධම‍්මෙ ඨපෙත්‍වා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා ගන්‍ථසම‍්පයුත‍්තා චෙව නො ච ගන්‍ථා.

යම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු නම් ඒ ධර්‍මයන් තබා වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද නො ද ග්‍රන්‍ථ ද වෙත්.

1153. කතමෙ ධම‍්මා ගන්‍ථවිප‍්පයුත‍්තා ගන්‍ථනීයා:

1153. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වෙති යත්:

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා විප‍්පයුත‍්තා සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා ගන්‍ථවිප‍්පයුත‍්තා ගන්‍ථනීයා.

යම් ධර්‍ම කෙනෙක් ඒ ග්‍රන්‍ථධර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වූවාහු නම් කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූවාහු වෙත්.

1154. කතමෙ ධම‍්මා ගන්‍ථවිප‍්පයුත‍්තා අගන්‍ථනීයා:

1154. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූවාහු වෙති යත්:

අපරියාපන‍්නා මග‍්ගා ච, මග‍්ගඵලානි ච, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා ගන්‍ථවිප‍්පයුත‍්තා අගන්‍ථනීයා.

අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වූවාහු වෙත්.

ගන්‍ථගොච‍්ඡකං.

ග්‍රන්‍ථ ගොච්ඡක යි.