සංයොජන ගොච්ඡකං
නික්ඛෙපකණ්ඩෙ පඨමකභාණවාරං නිට්ඨිතං.
නික්‍ෂේපකාණ්ඩයෙහි පළමුවන බණවර නිමි.
1117. කතමෙ ධම්මා සඤ්ඤොජනා?
1117. කවර ධර්මයෝ සංයෝජන වෙති යත්:
දස සඤ්ඤොජනානි: කාමරාගසඤ්ඤොජනං, පටිඝසඤ්ඤොජනං, මානසඤ්ඤොජනං, දිට්ඨිසඤ්ඤොජනං, විචිකිච්ඡාසඤ්ඤොජනං, සීලබ්බතපරාමාසසඤ්ඤොජනං, භවරාගසඤ්ඤොජනං, ඉස්සාසඤ්ඤොජනං, මච්ඡරියසඤ්ඤොජනං, අවිජ්ජාසඤ්ඤොජනං.
දශ සංයෝජනයෝ ය: කාමරාග සංයෝජන ය, ප්‍රතිඝ සංයෝජන ය, මාන සංයෝජන ය, දෘෂ්ටි සංයෝජන ය, විචිකිත්සා සංයෝජන ය, ශීලව්රතපරාමර්ශ සංයෝජන ය, භවරාග සංයෝජන ය, ඊර්ෂ්‍යා සංයෝජන ය, මාත්සර්‍ය්‍ය සංයෝජන ය, අවිද්‍යා සංයෝජන යි.
1118. තත්ථ කතමං කාමරාගසඤ්ඤොජනං?
1118. එහි කාමරාග සංයෝජන කවරේ යත්:
යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දී කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං, ඉදං වුච්චති කාමරාගසඤ්ඤොජනං.
පස්කම් ගුණයෙහි යම් කාම සඞ්ඛ්‍යාත ඡන්දයෙක් කාමරාගයෙක් කාම නන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ච්ඡායෙක් කාමාධ්‍යාවසානයෙක් (කාමයන්හි ගැලී සිටීමෙක්) වේ ද, මේ කාමරාග සංයෝජන යයි කියනු ලැබේ.
1119. තත්ථ කතමං පටිඝසඤ්ඤොජනං?
1119. එහි ප්‍රතිඝ සංයෝජන කවරේ යත්:
අනත්ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරතීති ආඝාතො ජායති, අනත්ථං මෙ චරිස්සතීති ආඝාතො ජායති, පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්ථං චරති -පෙ- අනත්ථං චරිස්සතීති ආඝාතො ජායති, අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සතීති ආඝාතො ජායති, අට්ඨානෙ වා පන ආඝාතො ජායති. යො එවරූපො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, ඉදං වුච්චති පටිඝසඤ්ඤොජනං.
‘මට අනර්‍ත්‍ථ කළැ’යි ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කෙරෙයි’ ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කරන්නේය’යි ආඝාත උපදී. මාගේ පිය මනාප හට අනර්‍ත්‍ථ කෙළේ ය. ... අනර්‍ත්‍ථ කෙරෙයි ... අනර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. ‘මාගේ අප්‍රිය අමනාපය හට අර්ත්ථ කෙළේ ය ... අර්ත්ථ කෙරෙයි ... අර්ත්ථ කරන්නේ ය’යි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. යම් මෙබඳු වූ චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් දෝෂයෙක් ප්‍රදෝෂයෙක් සම්ප්‍රදෝෂයෙක් චිත්තයාගේ විපරීත බවෙක් චිත්තයාගේ ද්වේෂයෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් ද්විෂ්ට බවෙක් විපරීතයෙක් විපරීතාකාරයෙක් විපර්‍ය්‍යස්ත බවෙක් විරෝධයෙක් පුනපුනා විරෝධයෙක් සැඬ බවෙක් නො පිරිණු වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ප්‍රතිඝසංයෝජන යයි කියනු ලැබේ.
1120. තත්ථ කතමං මානසඤ්ඤොජනං?
1120. එහි මානසංයෝජන කවරේ යත්:
සෙය්යොහමස්මීති මානො සදිසොහමස්මීති මානො හීනොහමස්මීති මානො, යො එවරූපො මානො මඤ්ඤනා මඤ්ඤිතත්තං උන්නති උන්නමො ධජො සම්පග්ගාහො කෙතුකම්යතා චිත්තස්ස, ඉදං වුච්චති මානසඤ්ඤොජනං.
‘මම ශ්‍රේෂ්ඨයෙමි’ මානය, ‘මම සදුශයෙමි’ මානය, ‘මම හීනයෙමි’ මානය, යම් මෙබඳු වූ මානෙයක් මානාකාරෙයක් මඤ්ඤිත බෙවක් උන්නතියෙක් ඔසොවා තැබීමෙක් ධ්වජයෙක් සිත දැඩි ව ගැනීමෙක් චිත්තයාගේ කේතුකාම්‍යතායෙක් වේ ද, මේ මානසංයෝජන යයි කියනු ලැබේ.
1121. තත්ථ කතමං දිට්ඨිසඤ්ඤොජනං?
1121. එහි දෘෂ්ටිසංයෝජන කවරේ යත්:
සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා අනන්ත වා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහණං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පටිග්ගාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, ඉදං වුච්චති දිට්ඨිසඤ්ඤොජනං. ඨපෙත්වා සීලබ්බතපරාමාසසඤ්ඤොජනං සබ්බාපි මිච්ඡාදිට්ඨී දිට්ඨිසඤ්ඤොජනං.
ලෝකය ශාශ්වත ය හෝ, ලෝකය අශාශ්වත ය හෝ, ලෝකය අන්තවත් ය හෝ, ලෝකය අනන්තවත් ය හෝ, ඒම ජීව ය ඒ ශරීර යයි හෝ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ, සත්ත්වයා මරණින් මතුයෙහි වේ යයි හෝ, සත්ත්වයා මරණින් මතු නො වේ යයි හෝ, සත්ත්වයා මරණින් මතුයෙහි වන්නේත් නො වන්නේත් වේ යයි හෝ, සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වේ යයි හෝ, යම් මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් පිවිසීමෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්ථ්යාපථයෙක් මිත්ථ්යාත්වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ දෘෂ්ටිසංයෝජන යයි කියනු ලැබේ. ශීලව්රතපරාමර්ෂසංයෝජනය තබා සියලු මිත්‍ථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිසංයෝජන යි.
1122. තත්ථ කතමං විචිකිච්ඡාසඤ්ඤොජනං?
1122. එහි විචිකිත්සාසංයෝජන කවරේ යත්:
සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති, ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති, සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති, සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, අපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, පුබ්බන්තාපරන්තෙ කඞ්ඛති විචිකිච්ඡති, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු කඞ්ඛති විචිකිච්ඡති. යා එවරූපා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො, ඉදං වුච්චති විචිකිච්ඡාසඤ්ඤොජනං.
ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ධර්මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ත්‍රිවිධ ශික්ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතා ප්‍රතීත්‍යසමුත්පන්න ධර්මයන්හි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. යම් මෙබඳු වූ සැකයෙක් සැකයට පැමිණීමෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනේකාන්තග්‍රාහයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නො බැසගැනීමෙක් චිත්තයාගේ තදබවෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ විචිකිත්සාසංයෝජනා යයි කියනු ලැබේ.
1123. තත්ථ කතමං සීලබ්බතපරාමාසසඤ්ඤොජනං?
1123. එහි ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන කවරේ යති:
ඉතො බහිද්ධා සමණබ්රාහ්මණානං සීලෙන සුද්ධි වතෙන සුද්ධි සීලබ්බතෙන සුද්ධීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, ඉදං වුච්චති සීලබ්බතපරාමාසසඤ්ඤොජනං.
මේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ‘ශීලයෙන් ශුද්ධිය, ව්‍රතයෙන් ශුද්ධිය’යි යම් මෙබඳු වූ දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝම දෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුමාර්‍ගයෙක් මිත්ථ්යාපථයෙක් මිත්ථ්යාත්වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් වීර්ය්යාසග්රාහයෙක් වේ ද, මේ ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන යයි කියනු ලැබේ.
1124. තත්ථ කතමං භවරාගසඤ්ඤොජනං?
1124. එහි භවරාගසංයෝජන කවරේ යත්:
යො භවෙසු භවච්ඡන්දො භවරාගො භවනන්දි භවතණ්හා භවසිනෙහො භවපරිළාහො භවමුච්ඡා භවජ්ඣොසානං, ඉදං වුච්චති භවරාගසඤ්ඤොජනං.
රූපාරූපභවයන්හි යම් භවච්ඡන්දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නේහයෙක් භවපරිදාහයෙක් භවමූර්ච්ඡායෙක් භවයන්හි බැසගැනීමෙක් වේ ද, මේ භවරාගසංයෝජන යයි කියනු ලැබේ.
1125. තත්ථ කතමං ඉස්සාසඤ්ඤොජනං?
1125. එහි ඊර්‍ෂ්‍යාසංයෝජන කවරේ යත්:
යා පන ලාභ සක්කාර ගරුකාර මානන වන්දන පූජනාසු ඉස්සා ඉස්සායනා ඉස්සායිතත්තං උසූයා උසූයනා උසූයිතත්තං, ඉදං වුච්චති ඉස්සාසඤ්ඤොජනං.
මෙරමා පිළිබඳ ලාභ - සත්කාර - ගරුකාර - මානන - වන්දන - පූජනා විෂයෙහි යම් ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්යාකාරයෙක් ඊර්ෂ්‍යාවට පැමිණි බවෙක්, අසූයා (දොස් පහළ කිරීමෙක්) අසූයාකාරයෙක් අසූයාවට පැමිණි බවෙක් වේ ද, මේ ඊර්‍ෂ්‍යාසංයෝජන යයි කියනු ලැබේ.
1126. තත්ථ කතමං මච්ඡරියසඤ්ඤොජනං?
1126. එහි මාත්සර්‍ය්‍යසංයෝජන කවරේ යත්:
පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං, යං එවරූපං මච්ඡරං මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති මච්ඡරියසඤ්ඤොජනං.
මාත්සර්‍ය්‍ය (මසුරුබැව්) පසෙකි: ආවාසමාත්සර්‍ය්‍ය ය, කුල මාත්සර්‍ය්‍ය ය, ලාභ මාත්සර්‍ය්‍ය ය, වර්ණ මාත්සර්‍ය්‍ය ය, ධර්ම මාත්සර්‍ය්‍ය යයි. යම් මෙබඳු වූ මාත්සර්ය්යයෙක් මාත්සර්ය්යකාරයෙක් මාත්සර්‍ය්‍යයට පැමිණි බවෙක් වෛවීප්සායෙක් අනාර්‍ය්‍ය (තදමසුරු) බවෙක් කටුකභාවයෙන් සිත හැකිළීමෙක් සිත හාත්පසින් ගත්බවෙක් වේ ද, මේ මාත්සර්‍ය්‍යසංයෝජන යයි කියනු ලැබේ.
1127. තත්ථ කතමං අවිජ්ජාසඤ්ඤොජනං?
1127. එහි අවිද්‍යාසංයෝජන කවරේ යත්:
දුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරොධෙ අඤ්ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහණා අපරියොගාහණා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, ඉදං වුච්චති අවිජ්ජා සඤ්ඤොජනං.
දුඃඛසත්යෙයහි නො දැනීම දුඃඛසමුදයෙහි නො දැනීම දුඃඛනිරෝධයෙහි නො දැනීම දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම පූර්වාන්තයෙහි නො දැනීම අපරාන්තයෙහි නො දැනීම පූර්වාන්තාපරාන්තයෙහි නො දැනීම ඉදම්ප්රත්යයතාප්රතීත්යසමුප්පන්න ධර්මයන්හි නො දැනීම ය, යන මෙබඳු වූ යම් අඥානයෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) මොනවට නො ගැනීමෙක් හාත්පසින් නො බැස ගැනීමෙක් සම ව නො බැලීමෙක් ප්රත්යවේක්ෂා නො කිරීමෙක් ප්රත්යක්ෂ නො කිරීමෙක් දුර්මේධ්යෙයක් බාල්‍යයෙක් අසම්යග් ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්යෝඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ - අකුශල මූලයෙක් වේ ද, මේ අවිද්‍යාසංයෝජන යයි කියනු ලැබේ.
ඉමෙ ධම්මා සඤ්ඤොජනා.
මේ ධර්මයෝ සංයෝජනයෝ යි.
1128. කතමෙ ධම්මා නො සඤ්ඤොජනා?
1128. කවර ධර්මයෝ සංයෝජන නො වූවාහු වෙති යත්:
තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා, වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො සඤ්ඤොජනා.
ඒ සංයෝජන ධර්මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්මයෝ සංයෝජන නො වූවෝ යි.
1129. කතමෙ ධම්මා සඤ්ඤොජනියා?
1129. කවර ධර්මයෝ සංයෝජනීය වෙති යත්:
සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඤ්ඤොජනියා.
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්මයෝ ය, රූපස්කන්ධ ය ... විඥානස්කන්‍ධ ය යන මොහු සංයෝජනීය ධර්මයෝ ය.
1130. කතමෙ ධම්මා අසඤ්ඤොජනියා?
1130. කවර ධර්මයෝ අසංයෝජනිය වෙති යත්:
අපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අසඤ්ඤොජනියා.
අපරියාපන්න වූ මාර්ගයෝ ද, මාර්ගඵලයෝ ද, අසඞ්ඛත ධාතුව ද, යන මොහු අසංයෝජනිය ධර්මයෝ යි.
1131. කතමෙ ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා?
1131. කවර ධර්මයෝ සංයෝජනසම්ප්‍රයුක්ත වෙති යත්:
තෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා.
යම් ධර්ම කෙනෙක් ඒ සංයෝජන ධර්මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මොහු සංයෝජන සම්ප්‍රයුක්ත ධර්මයෝ යි.
1132. කතමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා?
1132. කවර ධර්මයෝ සංයෝජන විප්‍රයුක්ත වෙති යත්:
තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා සඤ්ඤාජනවිප්පයුත්තා.
යම් ධර්ම කෙනෙක් ඒ සංයෝජන ධර්මයන් හා විප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්ධය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්මයෝ සංයෝජන විප්‍රයුක්තයෝ යි.
1133. කතමෙ ධම්මා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනියා ච?
1133. කවර ධර්මයෝ සංයෝජනත් සංයෝජනීයත් වෙති යත්:
තානෙව සංයොජනානි සඤ්ඤොජනා චෙව සංයොජනියා ච.
ඒ සංයෝජනයෝ මැ සංයෝජන ද සංයෝජනීය ද වෙත්.
1134. කතමෙ ධම්මා සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනා?
1134. කවර ධර්මයෝ සංයෝජනීය ද නො ද සංයෝජන ද වෙති යත්:
තෙහි ධම්මෙහි යෙ ධම්මා සඤ්ඤොජනියා තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඤ්ඤොජනියා චෙව නො ච සඤ්ඤොජනා.
යම් ධර්ම කෙනෙක් ඒ සංයෝජන ධර්මයන්ගෙන් සංයෝජනීය වෙත් නම්, ඒ ධර්මයන් තබා අවශේෂ කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්මයෝ ය, රූපස්කන්ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්මයෝ සංයෝජනීය ද නො ද සංයෝජන ද වෙත්.
1135. කතමෙ ධම්මා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තා ච?
1135. කවර ධර්මයෝ සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙති යත්:
කාමරාගසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං කාමරාගසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. පටිඝසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. මානසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං මානසඤ්ඤොජනෙන සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. දිට්ඨිසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං දිට්ඨිසඤ්ඤොජනෙන සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. විචිකිච්ඡාසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං විචිකිච්ඡාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. සීලබ්බතපරාමාසසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං සීලබ්බතපරාමාසසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. භවරාගසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං භවරාගසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තඤ්ච. ඉස්සාසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච, අවිජ්ජාසඤ්ඤොජනං ඉස්සාසඤ්ඤොජනෙන සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. මච්ඡරියසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනෙන සඤ්ඤොජනඤ්චෙව සඤ්ඤොජනසම්පයුත්තඤ්ච, අවිජ්ජාසඤ්ඤොජනං මච්ඡරියසඤ්ඤොජනෙන සඤ්ඤොජනං චෙව සඤ්ඤොජනසම්පයුත්තං ච. ඉමෙ ධම්මා සඤ්ඤොජනා චෙව සඤ්ඤොජනසම්පයුත්තා ච.
කාමාරාග සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය කාමාරාග සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. ප්‍රතිඝ සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය ප්‍රතිඝ සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. මාන සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය මාන සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටි සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය දෘෂ්ටි සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිත්සා සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය විචිකිත්සා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. ශීල ව්රතපරාමර්ශ සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය ශීල ව්රතපරාමර්ශ සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. භවරාග සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය භවරාග සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. ඊර්ෂ්‍යා සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය ඊර්ෂ්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. මාත්සර්‍ය්‍ය සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජන මාත්සර්‍ය්‍ය සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වේ. මේ ධර්මයෝ සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙත්.
1136. කතමෙ ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනා?
1136. කවර ධර්මයෝ සංයෝජන සම්ප්‍රයුක්ත ද නො ද සංයෝජන ද වෙති යත්:
තෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා තෙ ධම්මෙ ඨපෙත්වා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඤ්ඤොජනසම්පයුත්තා චෙව නො ච සඤ්ඤොජනා.
යම් ධර්ම කෙනෙක් ඒ සංයෝජන ධර්මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු නම්, ඒ ධර්මයන් තබා, වේදනාස්කන්ධය ... විඥානස්කන්ධය යන මේ ධර්මයෝ සංයෝජන සම්ප්‍රයුක්ත ද නො ද සංයෝජන ද වෙත්.
1137. කතමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා සඤ්ඤොජනියා?
1137. කවර ධර්මයෝ සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වෙති යත්:
තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා සඤ්ඤොජනියා.
යම් ධර්ම කෙනෙක් ඒ සංයෝජන ධර්මයන් හා විප්‍රයුක්ත වූවාහු නම්, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශකාව්යාකෘත ධර්මයෝ ය, රූපස්කන්ධය ... විඥානස්කන්ධය යන මේ ධර්මයෝ සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වෙත්.
1138. කතමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා අසඤ්ඤොජනියා?
1138. කවර ධර්මයෝ සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වෙති යත්:
අපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා සඤ්ඤොජනවිප්පයුත්තා අසඤ්ඤොජනියා.
අපරියාපන්න වූ මාර්ගයෝ ද මාර්ගඵලයෝ ද අසඞ්ඛත (නිබ්බාන) ධාතුව ද, යන මේ ධර්මයෝ සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වෙත්.