ආසවගොච්ඡකං
1101. කතමෙ ධම්මා ආසවා?
1101. කවර ධර්මයෝ ආස්‍රව වෙති යත්:
චත්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො.
ආස්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව ය, භවාස්‍රව ය, දෘෂ්ටාස්රව ය, අවිද්‍යාස්‍රව යි.
1102. තත්ථ කතමො කාමාසවො?
1102. එහි කාමාස්‍රව කවරේ යත්:
යො කාමෙසු කාමච්ඡන්දො කාමරාගො කාමනන්දි කාමතණ්හා කාමසිනෙහො කාමපරිළාහො කාමමුච්ඡා කාමජ්ඣොසානං, අයං වුච්චති කාමාසවො.
පඤ්ච කාමගුණයෙහි යම් කාම සඞ්ඛ්‍යාත ඡන්දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ච්ඡායෙක් කාමයන්හි බැසගෙන සිටීමෙක් වේ ද, මේ කාමාස්‍රව යයි කියනු ලැබේ.
1103. තත්ථ කතමො භවාසවො?
1103. එහි භවාස්‍රව කවරේ යත්:
යො භවෙසු භවච්ඡන්දො භවරාගො භවනන්දි භවතණ්හා භවසිනෙහො භවපරිළාහො භවමුච්ඡා භවජ්ඣොසානං, අයං වුච්චති භවාසවො.
රූපාරූපභවයන්හි (ප්‍රාර්‍ත්‍ථනා වශයෙන් පැවැති) යම් භවඡන්දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නේහයෙක් භවපරිදාහයෙක් භවමුර්ච්ඡායෙක් භවයන්හි බැසගෙන සිටීමෙක් වේ ද, මේ භවාස්‍රව යයි කියනු ලැබේ.
1104. තත්ථ කතමො දිට්ඨාසවො?
1104. එහි දෘෂ්ට්‍යාස්‍රව කවරේ යත්:
සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා අනන්ත වා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා නෙව හොති න නහොති තථාගතො පරම්මරණාති වා, යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසංයොජනං ගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, අයං වුච්චති දිට්ඨාසවො. සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨාසවො.
ස්කන්ධ සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යයි හෝ, ලෝකය අශාශ්වත යයි හෝ, ලෝකය අන්තවත් යයි හෝ, ලෝකය අනන්තවත් යයි හෝ, ඒම ජීව ය ඒම ශරීර යයි හෝ, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ, තථාගත (- සත්ත්වයා) මරණින් මතුයෙහි වෙයි හෝ, සත්ත්වයා මරණින් මතු නො වෙයි හෝ, සත්ත්වයා මරණින් මතුයෙහි වන්නේත් නො වන්නේත් වේ යයි හෝ, සත්වයා මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වේ යයි හෝ, මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිෂ්පන්දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (දෘඪ වූ) ග්‍රාහයෙක් පිහිටා ගැනීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්ථ්යාපථයෙක් මිත්ථ්යාත්වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ දෘෂ්ට්‍යාස්‍රව යයි කියනු ලැබේ.
1105. තත්ථ කතමො අවිජ්ජාසවො?
1105. එහි අවිද්‍යාස්‍රව කවරේ යත්:
දුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරොධෙ අඤ්ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං, යං එවරූපං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසංගාහණා අපරියොගාහනා අසමපෙක්ඛනා අපච්චවෙක්ඛනා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජාසවො.
දුඃඛසත්යෙයහි නො දැනීම දුඃඛසමුදයෙහි නො දැනීම දුඃඛනිරෝධයෙහි නො දැනීම දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි නො දැනීම පූර්වාන්තයෙහි නො දැනීම අපරාන්තයෙහි නො දැනීම පූර්වාන්තාපරාන්තයෙහි නො දැනීම ඉදම්ප්රත්යයතාප්රතීත්යසමුප්පන්න ධර්මයන්හි නො දැනීම ය යන යම් මෙබඳු වූ නො දැනීමෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසඞ්ගාහනයෙක් හාත්පසින් නො බැස ගැනීමෙක් සමව නො දැකීමෙක් (ධර්මස්වභාවය) ප්රත්යවේක්ෂණය නො කිරීමෙක් ප්රත්යක්ෂ නො කිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපවිත්‍ර බවෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් බලවත් මෝහයෙක් හාත්පසින් මුළාවීමෙක් අවිද්‍යායෙක් අවිද්‍යා සඞ්ඛ්‍යාත ඕඝයෙක් අවිද්‍යා යෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ අකුශල මූලයෙක් වේ ද, මේ අවිද්‍යාස්‍රව යයි කියනු ලැබේ.
ඉමෙ ධම්මා ආසවා.
මේ ධර්මයෝ ආස්‍රවයෝ යි.
1106. කතමෙ ධම්මා නො ආසවා?
1106. කවර ධර්මයෝ ආස්‍රව නො වූවාහු වෙති යත්:
තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා නො ආසවා.
ඒ ආස්‍රවධර්‍මයන් තබා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ අවශේෂ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද යන මේ ධර්මයෝ ආස්‍රව නො වූවෝ යි.
1107. කතමෙ ධම්මා සාසවා?
1107. කවර ධර්මයෝ සාස්‍රව වෙති යත්:
කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සාසවා.
කාමාවචර රූපාවචර අරූපාවචර වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්මයෝ ය, රූපස්කන්ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්මයෝ සාස්‍රවයෝ යි.
1108. කතමෙ ධම්මා අනාසවා?
1108. කවර ධර්මයෝ අනාස්‍රවහ යත්:
අපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනාසවා.
අපරියාපන්න වූ මාර්ගයෝ ද, මාර්ගඵලයෝ ද, අසඞ්ඛත නිබ්බානධාතුව ද, යන මේ ධර්මයෝ අනාස්‍රවයෝ යි.
1109. කතමෙ ධම්මා ආසවසම්පයුත්තා?
1109. කවර ධර්මයෝ ආස්‍රව සම්ප්‍රයුක්තහ යත්:
තෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා ආසවසම්පයුත්තා.
යම් ධර්ම කෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ ය, ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්මයෝ ආස්රවසම්ප්රයුක්තයෝ යි.
1110. කතමෙ ධම්මා ආසවවිප්පයුත්තා?
1110. කවර ධර්මයෝ ආස්‍රව විප්රයුක්තහ යත්:
තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො සබ්බඤ්ච රූපං අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා ආසවවිප්පයුත්තා.
යම් ධර්ම කෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා විප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධ ය, ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්මයෝ ආස්‍රව විප්‍රයුක්තයෝ යි.
1111. කතමෙ ධම්මා ආසවා චෙව සාසවා ච?
1111. කවර ධර්මයෝ ආස්‍රව ද සාස්‍රව ද වෙති යත්:
තෙයෙව ආසවා ආසවා චෙව සාසවා ච.
ඒ ආස්‍රවයෝ ආස්‍රව ද ආස්‍රව සහිත ද වෙත්.
1112. කතමෙ ධම්මා සාසවා චෙව නො ච ආසවා?
1112. කවර ධර්මයෝ සාස්‍රව ද නො ද ආස්‍රව ද වෙති යත්:
තෙහි ධම්මෙහි යෙ ධම්මා සාසවා තෙ ධම්මෙ ඨපෙත්වා අවසෙසා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා සාසවා චෙව නො ච ආසවා.
යම් ධර්ම කෙනෙක් ඒආස්රවධර්මයන්ගෙන් සාස්‍රව වූවාහු ද ඒ ධර්මයන් තබා, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සෙසු ආස්‍රව සහිත වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්මයෝ ය, රූපස්කන්ධ ය, ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්මයෝ සාස්‍රව ද නො ද ආස්‍රව ද වෙත්.
1113. කතමෙ ධම්මා ආසවා චෙව ආසවසම්පයුත්තා ච?
1113. කවර ධර්මයෝ ආස්‍රව ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වෙති යත්:
කාමාසවො අවිජ්ජාසවෙන ආසවො චෙව ආසවසම්පයුත්තො ච, අවිජ්ජාසවො කාමාසවෙන ආසවො චෙව ආසවසම්පයුත්තො ච, භවාසවො අවිජ්ජාසවෙන ආසවො චෙව ආසවසම්පයුත්තො ච, අවිජ්ජාසවො භවාසවෙන ආසවො චෙව ආසවසම්පයුත්තො ච, දිට්ඨාසවො අවිජ්ජාසවෙන ආසවො චෙව ආසවසම්පයුත්තො ච, අවිජ්ජාසවො දිට්ඨාසවෙන ආසවො චෙව ආසවසම්පයුත්තො ච, ඉමෙ ධම්මා ආසවා චෙව ආසවසම්පයුත්තා ච.
කාමාස්‍රවය අවිද්‍යාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. අවිද්‍යාස්‍රවය කාමාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. භවාස්‍රවය අවිද්‍යාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. අවිද්‍යාස්‍රවය භවාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. දෘෂ්ට්‍යාස්‍රවය අවිද්‍යාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. අවිද්‍යාස්‍රවය දෘෂ්ට්‍යාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වේ. මේ ධර්මයෝ ආස්‍රව ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වෙත්.
1114. කතමෙ ධම්මා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවා?
1114. කවර ධර්මයෝ ආස්‍රවසම්ප්‍රයුක්ත ද නො ද ආස්‍රව ද වෙති යත්:
තෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා තෙ ධම්මෙ ඨපෙත්වා වෙදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා ආසවසම්පයුත්තා චෙව නො ච ආසවා.
යම් ධර්ම කෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු නම්, ඒ ධර්මයන් තබා, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය යන මේ ධර්මයෝ ආස්‍රවසම්ප්‍රයුක්ත වූවාහු ද නො ද ආස්‍රව වූවාහු ද වෙත්.
1115. කතමෙ ධම්මා ආසවවිප්පයුත්තා සාසවා?
1115. කවර ධර්මයෝ ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වෙති යත්:
තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා සාසවා කුසලාකුසලාව්යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, ඉමෙ ධම්මා ආසවවිප්පයුත්තා සාසවා.
යම් ධර්මකෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා විප්‍රයුක්ත වූවාහු ද, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුසලාව්‍යාකෘත ධර්මයෝ ය, රූපස්කන්ධ ය, ... විඥානස්කන්‍ධ ය යන මේ ධර්මයෝ ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රවයෝ යි.
1116. කතමෙ ධම්මා ආසවවිප්පයුත්තා අනාසවා?
1116. කවර ධර්මයෝ ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රව වෙති යත්:
අපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, ඉමෙ ධම්මා ආසවවිප්පයුත්තා අනාසවා.
අපරියාපන්න වූ මාර්ගයෝ ද, මාර්ගඵලයෝ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව ද, යන මොහු ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රව ධර්මයෝ යි.