යෙදුමෙන් කියවන්න

සුත‍්තන‍්තිකදුකනික‍්ඛෙපකථා අට‍්ඨකථා

සුත‍්තන‍්තිකදුකනික‍්ඛෙපකථා

සුත්තන්තිකදුකනික්ඛෙපකථා

සුත‍්තන‍්තිකදුකෙසු මාතිකාකථායං අත්‍ථතො විවෙචිතත‍්තා යානි ච නෙසං නිද‍්දෙසපදානි තෙසම‍්පි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව සුවිඤ‍්ඤෙය්‍යත‍්තා යෙභුය්‍යෙන උත‍්තානත්‍ථානි එව. ඉදං පනෙත්‍ථ විසෙසමත‍්තං – විජ‍්ජූපමදුකෙ තාව චක‍්ඛුමා කිර පුරිසො මෙඝන්‍ධකාරෙ රත‍්තිං මග‍්ගං පටිපජ‍්ජි. තස‍්ස අන්‍ධකාරතාය මග‍්ගො න පඤ‍්ඤායි. විජ‍්ජු නිච‍්ඡරිත්‍වා අන්‍ධකාරං විද‍්ධංසෙසි. අථස‍්ස අන්‍ධකාරවිගමා මග‍්ගො පාකටො අහොසි. සො දුතියම‍්පි ගමනං අභිනීහරි. දුතියම‍්පි අන්‍ධකාරො ඔත්‍ථරි. මග‍්ගො න පඤ‍්ඤායි. විජ‍්ජු නිච‍්ඡරිත්‍වා තං විද‍්ධංසෙසි. විගතෙ අන්‍ධකාරෙ මග‍්ගො පාකටො අහොසි. තතියම‍්පි ගමනං අභිනීහරි. අන්‍ධකාරො ඔත්‍ථරි. මග‍්ගො න පඤ‍්ඤායි. විජ‍්ජු නිච‍්ඡරිත්‍වා අන්‍ධකාරං විද‍්ධංසෙසි.

සූත්‍රාන්තික ද්විකයෙහි මාතෘකා කථාවෙහි අර්ථ වශයෙන් විවේචනය කළහෙයින් ද ඔවුන්ගේ යම් නිර්දේශ පදයෝ වෙත්නම් ඔවුන් පිළිබඳව ද යට කියන ලද නයින්ම මනාව දතහැකි බැවිනුත් බොහෝසෙයින්ම ප්‍රකට අර්ථ ඇත්තාහුමය. මෙය වනාහි මෙහි විශේෂ මාත්‍රයයි. විජ්ජූපමදුකයෙහි වනාහි ඇස් ඇති පුරුෂයෙක් මේඝාන්ධකාර (රාත්‍රියක) මගට පිළිපන්නේය. අඳුරු බැවින් ඔහුට මාර්ගය නො පෙනිණ. විදුලියක් නික්ම අඳුර නැති කෙළේය. ඉක්බිති අඳුර පහවීමෙන් මාර්ගය ප්‍රකට විය. හෙතෙම දෙවන වර ද ගමන ඇරඹීය. දෙවන වර ද අඳුර පැතිරිණ. (මාර්ගය නො පෙනිණ.) විදුලිය නික්ම එය විනාශ කෙළේය. අඳුර පහව ගිය කල්හි මාර්ගය ප්‍රකට විය. තුන්වෙනි වර ද ගමන ඇරඹීය. අඳුර පැතිරිණ. මාර්ගය නො පෙනිණ. විදුලිය නික්ම අඳුර විනාශ කෙළේය.

තත්‍ථ චක‍්ඛුමතො පුරිසස‍්ස අන්‍ධකාරෙ මග‍්ගපටිපජ‍්ජනං විය අරියසාවකස‍්ස සොතාපත‍්තිමග‍්ගත්‍ථාය විපස‍්සනාරම‍්භො. අන්‍ධකාරෙ මග‍්ගස‍්ස අපඤ‍්ඤායනකාලො විය සච‍්චච‍්ඡාදකතමං. විජ‍්ජුයා නිච‍්ඡරිත්‍වා අන්‍ධකාරස‍්ස විද‍්ධංසිතකාලො විය සොතාපත‍්තිමග‍්ගොභාසෙන උප‍්පජ‍්ජිත්‍වා සච‍්චච‍්ඡාදකතමස‍්ස විනොදිතකාලො. විගතෙ අන්‍ධකාරෙ මග‍්ගස‍්ස පාකටකාලො විය සොතාපත‍්තිමග‍්ගස‍්ස චතුන‍්නං සච‍්චානං පාකටකාලො. මග‍්ගස‍්ස පාකටං පන මග‍්ගසමඞ‍්ගිපුග‍්ගලස‍්ස පාකටමෙව. දුතියගමනාභිනීහාරො විය සකදාගාමිමග‍්ගත්‍ථාය විපස‍්සනාරම‍්භො. අන්‍ධකාරෙ මග‍්ගස‍්ස අපඤ‍්ඤායනකාලො විය සච‍්චච‍්ඡාදකතමං. දුතියං විජ‍්ජුයා නිච‍්ඡරිත්‍වා අන්‍ධකාරස‍්ස විද‍්ධංසිතකාලො විය සකදාගාමිමග‍්ගොභාසෙන උප‍්පජ‍්ජිත්‍වා සච‍්චච‍්ඡාදකතමස‍්ස විනොදිතකාලො. විගතෙ අන්‍ධකාරෙ මග‍්ගස‍්ස පාකටකාලො විය සකදාගාමිමග‍්ගස‍්ස චතුන‍්නං සච‍්චානං පාකටකාලො. මග‍්ගස‍්ස පාකටං පන මග‍්ගසමඞ‍්ගිපුග‍්ගලස‍්ස පාකටමෙව. තතියගමනාභිනීහාරො විය අනාගාමිමග‍්ගත්‍ථාය විපස‍්සනාරම‍්භො. අන්‍ධකාරෙ මග‍්ගස‍්ස අපඤ‍්ඤායනකාලො විය සච‍්චච‍්ඡාදකතමං. තතියං විජ‍්ජුයා නිච‍්ඡරිත්‍වා අන්‍ධකාරස‍්ස විද‍්ධංසිතකාලො විය අනාගාමිමග‍්ගොභාසෙන උප‍්පජ‍්ජිත්‍වා සච‍්චච‍්ඡාදකතමස‍්ස විනොදිතකාලො. විගතෙ අන්‍ධකාරෙ මග‍්ගස‍්ස පාකටකාලො විය අනාගාමිමග‍්ගස‍්ස චතුන‍්නං සච‍්චානං පාකටකාලො. මග‍්ගස‍්ස පාකටං පන මග‍්ගසමඞ‍්ගිපුග‍්ගලස‍්ස පාකටමෙව.

එහිදී ආර්ය ශ්‍රාවකයාගේ සෝවාන් මාර්ගය සඳහා විදර්ශනාරම්භය ඇස් ඇති පුරුෂයා අඳුරෙහි මඟට බැසීම මෙනි. සත්‍යය වසන මෝහාන්‍ධකාරය අඳුරෙහි මාර්ගය නොපෙනෙන කාලය මෙනි. සෝවාන් මාර්ගයේ ආලෝකයෙන් ඉපිද සත්‍යය වසන මෝහාන්‍ධකාරය දුරුකරන කාලය විදුලිය නික්ම අඳුර දුරුකරන කාලය මෙනි. සෝවාන් මාර්ගයට චතුරාර්ය සත්‍යය ප්‍රකට වූ කාලය අඳුර පහවූ කල්හි මාර්ගය ප්‍රකට වූ කාලය මෙනි. මාර්ගය ප්‍රකටවීම වනාහි මාර්ගයට සම්බන්ධ පුද්ගලයාට ප්‍රකටමය. සකෘදාගාමී මාර්ගය පිණිස විදර්ශනාරම්භය දෙවනවර ගමන් ඇරඹීම මෙනි. සත්‍යය වසාලන මෝහාන්‍ධකාරය අඳුරෙහි මාර්ගය පෙනෙන කාලය මෙනි. සකෘදාගාමී මාර්ගාලෝකයෙන් ඉපිද සත්‍යය වසාලන අඳුර දුරුකරන කාලය දෙවනවර විදුලිය නික්ම අඳුර දුරුකරන කාලය මෙනි. සකෘදාගාමි මාර්ගයට චතුරාර්ය සත්‍යය ප්‍රකට වූ කාලය අඳුර පහවගිය කල්හි මාර්ගය ප්‍රකට වූ කාලය මෙනි. මාර්ගය ප්‍රකටවීම වනාහි මාර්ගයට සම්බන්ධ පුද්ගලයාට ප්‍රකටමය. අනාගාමී මාර්ගය පිණිස විදර්ශනාරම්භය තුන්වන ගමනාරම්භය මෙනි. සත්‍යය වසාලන මෝහාන්‍ධකාරය අඳුරෙහි මාර්ගය නො පෙනෙන කාලය මෙනි. අනාගාමි මාර්ගයේ ආලෝකයෙන් ඉපිද සත්‍යය වසාලන මෝහාන්‍ධකාරය දුරුකළ කාලය තුන්වන වර විදුලිය නික්ම අන්‍ධකාරය දුරුකළ කාලය මෙනි. තුන්වන වර විදුලිය නික්ම අන්‍ධකාරය දුරුකළ කාලය මෙනි. අනාගාමී මාර්ගයට චතුරාර්ය සත්‍යය ප්‍රකට වූ කාලය අඳුර පහව ගිය කල්හි මාර්ගය ප්‍රකට වූ කාලය මෙනි. මාර්ගය ප්‍රකටවීම වනාහි මාර්ගයට සම්බන්ධ පුද්ගලයාට ප්‍රකටමය.

වජිරස‍්ස පන පාසාණො වා මණි වා අභෙජ‍්ජො නාම නත්‍ථි. යත්‍ථ පතති තං විනිවිද‍්ධමෙව හොති. වජිරං ඛෙපෙන‍්තං අසෙසෙත්‍වා ඛෙපෙති. වජිරෙන ගතමග‍්ගො නාම පුන පාකතිකො න හොති. එවමෙව අරහත‍්තමග‍්ගස‍්ස අවජ‍්ඣකිලෙසො නාම නත්‍ථි. සබ‍්බකිලෙසෙ විනිවිජ‍්ඣති වජිරං විය. අරහත‍්තමග‍්ගොපි කිලෙසෙ ඛෙපෙන‍්තො අසෙසෙත්‍වා ඛෙපෙති. වජිරෙන ගතමග‍්ගස‍්ස පුන පාකතිකත‍්තාභාවො විය අරහත‍්තමග‍්ගෙන පහීනකිලෙසානං පුන පච‍්චුදාවත‍්තනං නාම නත්‍ථීති.

වජ්‍රයට නොබිඳිය හැකි පාෂාණයක් හෝ මැණිකක් නම් නැත. යම්තැනෙක වැටේ ද එය විනිවිදිනේ ම වෙයි. වජ්‍රය ගෙවාදමන වස්තුව ඉතිරි නොකොට ගෙවාදමයි. වජ්‍රය ගිය මාර්ගය නම් නැවත ප්‍රකෘතිමත් නොවෙයි. මෙපරිද්දෙන් අර්හත් මාර්ගයට විනාශ නොකළ හැකි ක්ලේශයක් නම් නැත. වජ්‍රය මෙන් සකල ක්ලේශයන් විනිවිද යයි. වජ්‍රය ගිය මාර්ගය නැවත ප්‍රකෘතිභාවයක් නැත්තා සේ අර්හත් මාර්ගය ද කෙලෙස් ක්‍ෂය කරනුයේ ඉතිරි නො කොට ක්‍ෂය කරයි. අර්හත් මාර්ගයෙන් ප්‍රහීණ ක්ලේශයන් නැවත උදාවීමක් නම් නැත යනුයි.

බාලදුකනිද‍්දෙසෙ බාලෙසු අහිරිකානොත‍්තප‍්පානි පාකටානි, මූලානි ච සෙසානං බාලධම‍්මානං. අහිරිකො හි අනොත‍්තප‍්පී ච න කිඤ‍්චි අකුසලං න කරොති නාමාති. එතානි ද‍්වෙ පඨමංයෙව විසුං වුත‍්තානි. සුක‍්කපක‍්ඛෙපි අයමෙව නයො. තථා කණ‍්හදුකෙ.

බාලද්වික නිර්දේශයෙහි බාලයන් කෙරෙහි අහිරික අනොත්තප්ප ද සෙසු බාලධර්මයන්ගේ මූල ද ප්‍රකටමය. අහිරික පුද්ගලයා ද අනොත්තාපි පුද්ගලයා ද කිසි අකුශලයක් නො කරන්නේ නම් නොවේ යැයි මේ දෙක පළමුවෙන්ම වෙන්ව කියන ලදී. ශුක්ල පක්‍ෂයේද මේ නයමය. කෘෂ්ණාද්විකයෙහි ද එසේමය.

තපනීයදුකනිද‍්දෙසෙ කතත‍්තා ච අකතත‍්තා ච තපනං වෙදිතබ‍්බං. කායදුච‍්චරිතාදීනි හි කතත‍්තා තපන‍්ති, කායසුචරිතාදීනි අකතත‍්තා. තථා හි පුග‍්ගලො ‘කතං මෙ කායදුච‍්චරිත’න‍්ති තප‍්පති, ‘අකතං මෙ කායසුචරිත’න‍්ති තප‍්පති. ‘කතං මෙ වචීදුච‍්චරිත’න‍්ති තප‍්පති…පෙ… ‘අකතං මෙ මනොසුචරිත’න‍්ති තප‍්පති. අතපනීයෙපි එසෙව නයො. කල්‍යාණකාරී හි පුග‍්ගලො ‘කතං මෙ කායසුචරිත’න‍්ති න තප‍්පති, ‘අකතං මෙ කායදුච‍්චරිත’න‍්ති න තප‍්පති…පෙ… ‘අකතං මෙ මනොදුච‍්චරිත’න‍්ති න තප‍්පතීති (අ· නි· 2.3).

තපනීයද්වික නිර්දේශයෙහි කළහෙයින් ද නො කළ හෙයින් ද තැවීම දතයුතුයි. කායදුශ්චරිතාදිය වනාහි කළහෙයින් තැවෙයි. කාය සුචරිතාදිය නොකළ හෙයින් තැවෙයි. ඒ එසේමය. පුද්ගලයා මා විසින් කායදුශ්චරිතයක් කරන ලදැයි තැවෙයි. මා විසින් කාය සුචරිතයක් නොකරන ලදැයි තැවෙයි. මා විසින් වාක් දුශ්චරිතයක් කරන ලදැයි තැවෙයි. -පෙ- මා විසින් මනෝ සුචරිතයක් නො කරන ලදැයි තැවෙයි. අතපනීයයෙහි ද මේ නයමය. කල්‍යාණකාරි පුද්ගලයා වනාහි මා විසින් කාය සුචරිතයක් කරන ලදැයි නො තැවෙයි. මා විසින් කාය දුශ්චරිතයක් නොකරන ලදැයි නොතැවෙයි. (මා විසින් වචී සුචරිතයක් කරන ලදැයි නො තැවෙයි) -පෙ- මා විසින් මනෝ සුචරිතයක් කරන ලදැයි නො තැවෙයි යනුයි.

අධිවචනදුකනිද‍්දෙසෙ යා තෙසං තෙසං ධම‍්මානන‍්ති සබ‍්බධම‍්මග‍්ගහණං. සඞ‍්ඛායතීති සඞ‍්ඛා, සංකථියතීති අත්‍ථො. කින‍්ති සංකථියති? අහන‍්ති මමන‍්ති පරොති පරස‍්සාති සත‍්තොති භාවොති පොසොති පුග‍්ගලොති නරොති මාණවොති තිස‍්සොති දත‍්තොති, ‘මඤ‍්චො පීඨං භිසි බිම‍්බොහනං’ ‘විහාරො පරිවෙණං ද‍්වාරං වාතපාන’න‍්ති එවං අනෙකෙහි ආකාරෙහි සංකථියතීති ‘සඞ‍්ඛා’. සමඤ‍්ඤායතීති සමඤ‍්ඤා. කින‍්ති සමඤ‍්ඤායති? ‘අහන‍්ති…පෙ… වාතපාන’න‍්ති සමඤ‍්ඤායතීති ‘සමඤ‍්ඤා’. පඤ‍්ඤාපියතීති පඤ‍්ඤත‍්ති. වොහරියතීති වොහාරො. කින‍්ති වොහරියති? ‘අහ’න‍්ති…පෙ… ‘වාතපාන’න‍්ති වොහරියතීති වොහාරො.

අධිවචනද්වික නිර්දේශයෙහි යා තෙසං තෙසං සත්තානං යනු සර්වධර්ම ග්‍රහණයයි. නම්කෙරේනුයි = සංඛාය, නම් කියයි යන අර්ථයි. සංකථියති යනු කිම? අහං යැයි ද මමං යැයි ද පාරො යැයි ද පරස්ස යැයි ද සත්ත්වයා යැයි ද ගාවො යැයි ද පොසො යැයි ද පුද්ගලයා යැයි ද නර යැයි ද මානවයා යැයි ද කියයි යැයි ද දත්ත යැයි ද මඤ්ච යැයි භිසි යැයි ද බිම්බොහන යැයි ද විහාරය යැයි ද පරිවේණ යැයි ද ද්වාරය යැයි ද වාතපාතය යැයි ද මෙසේ නොයෙක් ආකාරයෙන් නම් කියානුයි =– සංඛාය නම් කෙරේනුයි = සමඤ්ඤාය, කුමක් නම් කෙරේ ද? අහං යැයි ද මමං යැයි ද -පෙ- ද්වාරය වාතපානය යැයි නම් කෙරේනුයි = සමඤ්ඤා ය, පණවනු ලැබේනුයි –= පඤ්ඤත්ති ය. ව්‍යවහාර කෙරේනුයි = වොහාරො ය. කුමක් ව්‍යවහාර කෙරේ ද? අහං යැයි ද මමං යැයි ද - පෙ- ද්වාරං වාතපානං යැයි ද ව්‍යවහාර කෙරේනුයි = වොහාරො ය.

නාමන‍්ති චතුබ‍්බිධං නාමං – සාමඤ‍්ඤනාමං ගුණනාමං කිත‍්තිමනාමං ඔපපාතිකනාමන‍්ති. තත්‍ථ පඨමකප‍්පිකෙසු මහාජනෙන සම‍්මන‍්නිත්‍වා ඨපිතත‍්තා මහාසම‍්මතොති රඤ‍්ඤො නාමං ‘සාමඤ‍්ඤනාමං’ නාම. යං සන්‍ධාය වුත‍්තං – “මහාජනසම‍්මතොති ඛො, වාසෙට‍්ඨ, මහාසම‍්මතො ත්‍වෙව පඨමං අක‍්ඛරං උපනිබ‍්බත‍්ත”න‍්ති (දී· නි· 3.131). ධම‍්මකථිකො පංසුකූලිකො විනයධරො තෙපිටකො සද‍්ධො පසන‍්නොති එවරූපං ගුණතො ආගතනාමං ‘ගුණනාමං’ නාම. භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධොතිආදීනිපි තථාගතස‍්ස අනෙකානි නාමසතානි ගුණනාමානෙව. තෙන වුත‍්තං –

නාමං යනු සාමාන්‍ය නාමය ගුණ නාමය කීර්ති නාමය ඔපපාතික නාමය යන චතුර්විධ නාමයයි. එහි ප්‍රථම කල්පිත මහාජනයා විසින් සම්මන්ත්‍රණය කොට තැබූ හෙයින් මහාසම්මත යන රජුගේ නාමය සාමාන්‍ය නාමය නමි. එය සඳහා මෙසේ කියන ලදී. ‘වාසෙට්ඨය, මහාජන සම්මතය යන්න වනාහි මහාසම්මත යැයි ම පළමු අකුර උපන්නේ ය’ යනුයි. ධර්ම කථිකයාය පංසුකූලිකයාය විනයධරයාය ත්‍රිපිටකධරයාය ශ්‍රද්ධාවන්තයාය ප්‍රසන්නයාය යනාදිය ද තථාගතයන් වහන්සේගේ නොයෙක් සියගණන් ගුණනාමයෝ ද ගුණනාමයෝම ය. එහෙයින් මෙසේ කියන ලදී.

“අසඞ‍්ඛ්‍යෙය්‍යානි නාමානි, සගුණෙන මහෙසිනො; ගුණෙන නාමමුද‍්ධෙය්‍යං, අපි නාමසහස‍්සතො”ති.

අසංඛෙය්‍යානි නාමානි සගුණෙන මහෙසිනො ගුණෙන නාමං උද්ධෙය්‍යං අපි නාමසහස්සතො ති

මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් අසංඛ්‍ය ගණන් නාමයෝ වෙති. දහස්ගණන් නම්වලින් ද ගුණයෙන් නාමය උපුටා දක්වන්නෙමි යනුයි.

යං පන ජාතස‍්ස කුමාරකස‍්ස නාමග‍්ගහණදිවසෙ දක‍්ඛිණෙය්‍යානං සක‍්කාරං කත්‍වා සමීපෙ ඨිතා ඤාතකා කප‍්පෙත්‍වා පකප‍්පෙත්‍වා ‘අයං අසුකොනාමා’ති නාමං කරොන‍්ති, ඉදං ‘කිත‍්තිමනාම’ නාම. යා පන පුරිමපඤ‍්ඤත‍්ති පච‍්ඡිමපඤ‍්ඤත‍්තියං පතති, පුරිමවොහාරො පච‍්ඡිමවොහාරෙ පතති, සෙය්‍යථිදං – පුරිමකප‍්පෙපි චන්‍දො චන්‍දොයෙව නාම, එතරහිපි චන්‍දොව. අතීතෙ සූරියො… සමුද‍්දො… පථවී… පබ‍්බතො පබ‍්බතොයෙව, නාම, එතරහිපි පබ‍්බතොයෙවාති ඉදං ‘ඔපපාතිකනාමං’ නාම. ඉදං චතුබ‍්බිධම‍්පි නාමං එත්‍ථ නාමමෙව හොති.

උපන් කුමාරයකුගේ නම් තබන දවසෙහි දක්‍ෂිණාර්භයන්ට සත්කාර කොට සමීපයෙහි සිටි නෑයෝ කල්පනා කොට (කල්පනා කොට) මෙතෙම අසුවලා නමැයි යම් නාමයක් කරත් ද, මෙය කීර්තිනාමය නමි. පළමුවෙන් කළ යම් ප්‍රඥප්තියක් පශ්චිම ප්‍රඥප්තියෙහි වැටේ ද. පළමුවෙන් කළ ව්‍යවහාරයක් පශ්චිම ව්‍යවහාරයෙහි වැටේ ද, එය කෙසේද යත්, ප්‍රථම කල්පයෙහි ද චන්ද්‍රය චන්ද්‍රයා නම් ම ය. දැනුදු චන්ද්‍රයා ම ය. අතීතයෙහි සූර්යයා - සමුද්‍රය - පෘථුවිය - පර්වතය නම් මය. දැනුදු - පර්වතයම යැයි යන මෙය ඕපපාතික නාමය නමි. මෙහිදී මේ චතුර්විධ නාමයම නාමයම වෙයි.

නාමකම‍්මන‍්ති නාමකරණං. නාමධෙය්‍යන‍්ති නාමට‍්ඨපනං. නිරුත‍්තීති නාමනිරුත‍්ති. බ්‍යඤ‍්ජනන‍්ති නාමබ්‍යඤ‍්ජනං. යස‍්මා පනෙතං අත්‍ථං බ්‍යඤ‍්ජෙති තස‍්මා එවං වුත‍්තං. අභිලාපොති නාමාභිලාපොව. සබ‍්බෙව ධම‍්මා අධිවචනපථාති අධිවචනස‍්ස නොපථධම‍්මො නාම නත්‍ථි. එකධම‍්මො සබ‍්බධම‍්මෙසු නිපතති, සබ‍්බධම‍්මා එකධම‍්මස‍්මිං නිපතන‍්ති. කථං? අයඤ‍්හි නාමපඤ‍්ඤත‍්ති එකධම‍්මො, සො සබ‍්බෙසු චතුභූමකධම‍්මෙසු නිපතති. සත‍්තොපි සඞ‍්ඛාරොපි නාමතො මුත‍්තකො නාම නත්‍ථි.

නාම කම්මං යනු නම් කිරීමයි. නාමධෙය්‍යං යනු නම් තැබීමයි. නිරුත්ති යනු නාම නිරුක්තියයි. නාම ව්‍යඤ්ජනයයි. යම්හෙයකින් වනාහි මෙය අර්ථය ප්‍රකට කෙරේ ද, එහෙයින් මෙසේ කියන ලදී. අභිලාපො යනු නාමය කීමයි. සබ්බෙව ධම්මා අධිවචනපථා යනු අධිවචනයට පථ ධර්මයක් නැත්තේ නම් නොවෙයි. එක් ධර්මයක් සියලු ධර්මයන්හි වැටෙයි. සියලු ධර්මයෝ එක් ධර්මයෙක්හි වැටෙත්. කෙසේ ද? මේ නාම ප්‍රඥප්තිය වනාහි එක් ධර්මයෙකි. එය සියලු චාතුර්භූමක ධර්මයන්හි වැටෙයි. නාමයෙන් මිදුණු සත්ත්වයෙක් හෝ සංස්කාරයෙක් නම් නැත.

අටවීපබ‍්බතාදීසු රුක‍්ඛොපි ජානපදානං භාරො. තෙ හි ‘අයං කිං රුක‍්ඛො නාමා’ති පුට‍්ඨා ‘ඛදිරො’ ‘පලාසො’ති අත‍්තනා ජානනකනාමං කථෙන‍්ති. යස‍්ස නාමං න ජානන‍්ති තම‍්පි ‘අනාමකො’ නාමාති වදන‍්ති. තම‍්පි තස‍්ස නාමධෙය්‍යමෙව හුත්‍වා තිට‍්ඨති. සමුද‍්දෙ මච‍්ඡකච‍්ඡපාදීසුපි එසෙව නයො. ඉතරෙ ද‍්වෙ දුකා ඉමිනා සමානත්‍ථා එව.

පර්වතාදීන්හි පෘථුවිය ද ජානපදිකයන්ට වෘක්‍ෂය ද භාරය. ඔව්හු වනාහි මේ කිනම් වෘක්‍ෂයක් දැයි විචාරන ලද්දෝ කිහිරිය කැලය යැයි තමා දන්නා නාමය කියත්. යම් රුකෙක නාමය නො දනිත් ද එය ද අනාමක නමැයි ද කියත්. එයද එහි නාමයම වී සිටී. සමුද්‍රයෙහි මස්කැසුබු ආදීන් කෙරෙහි ද මේ නයමය. ඉතිරි දුක දෙක මෙය හා සමානාර්ථ ඇත්තේමය.

නාමරූපදුකෙ නාමකරණට‍්ඨෙන ච නමනට‍්ඨෙන ච නාමනට‍්ඨෙන ච නාමං. තත්‍ථ චත‍්තාරො ඛන්‍ධා තාව නාමකරණට‍්ඨෙන ‘නාමං’. යථා හි මහාජනසම‍්මතත‍්තා මහාසම‍්මතස‍්ස මහාසම‍්මතොති නාමං අහොසි, යථා වා මාතාපිතරො ‘අයං තිස‍්සො නාම හොතු, ඵුස‍්සො නාම හොතූ’ති එවං පුත‍්තස‍්ස කිත‍්තිමනාමං කරොන‍්ති, යථා වා ‘ධම‍්මකථිකො’ ‘විනයධරො’ති ගුණතො නාමං ආගච‍්ඡති, න එවං වෙදනාදීනං. වෙදනාදයො හි මහාපථවීආදයො විය අත‍්තනො නාමං කරොන‍්තාව උප‍්පජ‍්ජන‍්ති. තෙසු උප‍්පන‍්නෙසු තෙසං නාමං උප‍්පන‍්නමෙව හොති. න හි වෙදනං උප‍්පන‍්නං ‘ත්‍වං වෙදනා නාම හොහී’ති කොචි භණති. න ච තස‍්සා නාමග‍්ගහණකිච‍්චං අත්‍ථි. යථා පථවියා උප‍්පන‍්නාය ‘ත්‍වං පථවී නාම හොහී’ති නාමග‍්ගහණකිච‍්චං නත්‍ථි, චක‍්කවාළසිනෙරුචන්‍දිමසූරියනක‍්ඛත‍්තෙසු උප‍්පන‍්නෙසු ‘ත්‍වං චක‍්කවාළං නාම හොහි ත්‍වං නක‍්ඛත‍්තං නාම හොහී’ති නාමග‍්ගහණකිච‍්චං නත්‍ථි, නාමං උප‍්පන‍්නමෙව හොති, ඔපපාතිකපඤ‍්ඤත‍්තියං නිපතති, එවං වෙදනාය උප‍්පන‍්නාය ‘ත්‍වං වෙදනා නාම හොහී’ති නාමග‍්ගහණකිච‍්චං නත්‍ථි. තාය උප‍්පන‍්නාය වෙදනාති නාමං උප‍්පන‍්නමෙව හොති. ඔපපාතිකපඤ‍්ඤත‍්තියං නිපතති. සඤ‍්ඤාදීසුපි එසෙව නයො. අතීතෙපි හි වෙදනා වෙදනායෙව, සඤ‍්ඤා… සඞ‍්ඛාරා… විඤ‍්ඤාණං විඤ‍්ඤාණමෙව. අනාගතෙපි, පච‍්චුප‍්පන‍්නෙපි. නිබ‍්බානං පන සදාපි නිබ‍්බානමෙවාති. ‘නාමකරණට‍්ඨෙන’ නාමං.

නාමරූප දුකයෙහි නමන අර්ථයෙන් ද නමවන අර්ථයෙන් ද නාමයයි. එහි ස්කන්‍ධ සතරක් වනාහි නාමකරණාර්ථයෙන් නාමය යම්සේ වනාහි මහාජනයා විසින් සම්මත කරන ලද හෙයින් මහාසම්මත රජුට මහාසම්මත යැයි නම වී ද, යම්සේ මව්පියෝ මෙතෙම තිස්ස නම් වේවා. ඵුස්ස නම් වේවායි මෙසේ පුතුට කීර්තිනාමය කරත් ද, යම් සේ වනාහි ධර්මකථිකයාය. විනයධරයා යැයි ගුණයෙන් නාමයට පැමිණේ ද, වේදනාදීන්ට මෙසේ නොවේ. වේදනාදීහු වනාහි මහා පෘථුවි ආදීන් මෙන් තමාගේ නාමය කරමින්ම උපදිත්. ඔවුන් උපන් කල්හි ඔවුන්ගේ නාමය උපන්නේම වෙයි. උපන් වේදනාවට ඔබ වේදනා නම් වෙවයි කිසිවෙක් නො කියයි. ඒ පිළිබඳ නාමග්‍රහණ කෘත්‍යයක් නැත. යම්සේ පෘථිවිය උපන්කල්හි ඔබ ඔබ පෘථුවි නම් වෙවයි නාමග්‍රහණ කෘත්‍යයක් නැත් ද, සක්වළ මහමෙර සඳ හිරු නැකත්කරු උපන්කල්හි ඔබ සක්වළ නම් වෙව - ඔබ ඔබ නැකත්තරුව නම් වෙවයි නාමග්‍රහණ කෘත්‍යයක් නැත. නම උපන්නේම වෙයි. ඕපපාතික ප්‍රඥප්තියෙහි වැටෙයි. මෙසේ වේදනාව උපන්කල්හි ඔබ වේදනාව නම් වෙවයි නාමග්‍රහණ කෘත්‍යයක් නැත. එය උපන්කල්හි වේදනා යන නාමය උපන්නේම වෙයි. (ඕපපාතික ප්‍රඥප්තියෙහි වැටෙයි.) සංඥා ආදියෙහි ද මේ නයමය. අතීතයෙහි ද වේදනාව වේදනාවමය. සංඥාව, සංස්කාර විඥානයමය. අනාගතයේ ද වර්තමානයේ ද (එසේමය.) නිර්වාණය වනාහි හැමකල්හිම නිර්වාණයම යැයි නාමකරණාර්ථයෙන් නාමයයි.

‘නමනට‍්ඨෙනා’පි චෙත්‍ථ චත‍්තාරො ඛන්‍ධා නාමං. තෙ හි ආරම‍්මණාභිමුඛා නමන‍්ති. ‘නාමනට‍්ඨෙන’ සබ‍්බම‍්පි නාමං. චත‍්තාරො හි ඛන්‍ධා ආරම‍්මණෙ අඤ‍්ඤමඤ‍්ඤං නාමෙන‍්ති. නිබ‍්බානං ආරම‍්මණාධිපතිපච‍්චයතාය අත‍්තනි අනවජ‍්ජධම‍්මෙ නාමෙති.

මෙහි ගමනාර්ථයෙන් ද ස්කන්‍ධ සතර නාමය. ඔව්හු වනාහි අරමුණට අභිමුඛව නැමෙත්. නාමනාර්ථයෙන්ද සියල්ලම නාමය, ස්කන්‍ධ සතර වනාහි අරමුණෙහි ඔවුනොවුන් නමත්. නිර්වාණය ආරම්මණාධිපති ප්‍රත්‍ය හෙයින් තමා කෙරෙහි අනවද්‍ය ධර්මයන් නමත්.

අවිජ‍්ජාභවතණ‍්හා වට‍්ටමූලසමුදාචාරදස‍්සනත්‍ථං ගහිතා.

අවිද්‍යාව හා භව තෘෂ්ණාව වට්ටමූල සමුදාචාරය දැක්වීම පිණිස ගන්නා ලදී.

භවිස‍්සති අත‍්තා ච ලොකො චාති ඛන්‍ධපඤ‍්චකං අත‍්තා ච ලොකො චාති ගහෙත්‍වා ‘තං භවිස‍්සතී’ති ගහණාකාරෙන නිවිට‍්ඨා සස‍්සතදිට‍්ඨි. දුතියා ‘න භවිස‍්සතී’ති ආකාරෙන නිවිට‍්ඨා උච‍්ඡෙදදිට‍්ඨි.

භවිස්සති අත්තා ච ලොකො ච යනු ස්කන්‍ධ පංචකය ආත්මය යැයි ද ලෝකය යැයි ද ගෙන එය වන්නේ යැයි ග්‍රහණාකාරයෙන් පිවිසි ශාස්වත දෘෂ්ටියයි. දෙවැන්න නො වන්නේය යන ආකාරයෙන් පිවිසගත් උච්ඡේද දෘෂ්ටියයි.

පුබ‍්බන‍්තං ආරබ‍්භාති අතීතකොට‍්ඨාසං ආරම‍්මණං කරිත්‍වා. ඉමිනා බ්‍රහ‍්මජාලෙ ආගතා අට‍්ඨාරස පුබ‍්බන‍්තානුදිට‍්ඨියො ගහිතා. අපරන‍්තං ආරබ‍්භාති අනාගතකොට‍්ඨාසං ආරම‍්මණං කරිත්‍වා. ඉමිනා තත්‍ථෙව ආගතා චතුචත‍්තාලීස අපරන‍්තානුදිට‍්ඨියො ගහිතා.

පුබ්බන්තං ආරබ්භ යනු අතීත කොට්ඨාශය අරමුණු කොට, මෙයින් බ්‍රහ්මජාල සූත්‍රයෙහි ආ අටළොස් පූර්වාන්තානු දෘෂ්ටීහු ගන්නා ලදහ. අපරන්තං ආරබ්භ යනු අනාගත කොට්ඨාශයය අරමුණු කොට, මෙයින් එහිම ආ සූසාළිස් අපරාන්ත දෘෂ්ටීහු ගන්නා ලදහ.

දොවචස‍්සතානිද‍්දෙසෙ සහධම‍්මිකෙ වුච‍්චමානෙති සහධම‍්මිකං නාම යං භගවතා පඤ‍්ඤත‍්තං සික‍්ඛාපදං, තස‍්මිං වත්‍ථුං දස‍්සෙත්‍වා ආපත‍්තිං ආරොපෙත්‍වා ‘ඉදං නාම ත්‍වං ආපත‍්තිං ආපන‍්නො, ඉඞ‍්ඝ දෙසෙහි වුට‍්ඨාහි පටිකරොහී’ති වුච‍්චමානෙ. දොවචස‍්සායන‍්තිආදීසු එවං චොදියමානස‍්ස පටිචොදනාය වා අප‍්පදක‍්ඛිණගාහිතාය වා දුබ‍්බචස‍්ස කම‍්මං දොවචස‍්සායං. තදෙව දොවචස‍්සන‍්තිපි වුච‍්චති. තස‍්ස භාවො දොවචස‍්සියං. ඉතරං තස‍්සෙව වෙවචනං. විප‍්පටිකූලගාහිතාති විලොමගාහිතා. විලොමගහණසඞ‍්ඛාතෙන විපච‍්චනීකෙන සාතං අස‍්සාති විපච‍්චනීකසාතො. ‘පටාණිකගහණං ගහෙත්‍වා එකපදෙනෙව තං නිස‍්සද‍්දමකාසි’න‍්ති සුඛං පටිලභන‍්තස‍්සෙතං අධිවචනං. තස‍්ස භාවො විපච‍්චනීකසාතතා. ඔවාදං අනාදියනවසෙන අනාදරස‍්ස භාවො අනාදරියං. ඉතරං තස‍්සෙව වෙවචනං. අනාදියනාකාරො වා අනාදරතා. ගරුවාසං අවසනවසෙන උප‍්පන‍්නො අගාරවභාවො අගාරවතා. සජෙට‍්ඨකවාසං අවසනවසෙන උප‍්පන‍්නො අප‍්පටිස‍්සවභාවො අප‍්පටිස‍්සවතා. අයං වුච‍්චතීති අයං එවරූපා දොවචස‍්සතා නාම වුච‍්චති. අත්‍ථතො පනෙසා තෙනාකාරෙන පවත‍්තා චත‍්තාරො ඛන්‍ධා, සඞ‍්ඛාරක‍්ඛන්‍ධොයෙව වාති. පාපමිත‍්තතාදීසුපි එසෙව නයො. දොවචස‍්සතා පාපමිත‍්තතාදයො හි විසුං චෙතසිකධම‍්මා නාම නත්‍ථි.

දොවචස්සතා නිර්දේශයෙහි සහධම්මිකෙ වුච්චමානෙ යන සහධම්මිකයා නම් භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ශික්‍ෂාපදයක් පනවන ලද ද එහි වස්තුව දක්වා ආපත්තියට ආරෝපණය කොට ඔබ මෙවන් ඇවතකට පැමිණියේය. එහෙනම් ඇවත දෙන්න. ඇවතින් නැඟිටින්න පූතිකර්ම කරවයි කියන්නවුත්, දොවචස්සායං යන ආදීන්හි මෙසේ චෝදනා කරන්නාට ප්‍රතිචෝදනා වශයෙන් හෝ අල්ප දක්‍ෂිණාග්‍රාහිත්‍වයෙන් හෝ පූර්වචයාගේ කර්මය = දොවචස්සායං ය. එයම දොවචස්සං යැයි ද කියනු ලැබේ. එහි භාවය දොවචස්සියං ය. අනෙක එහිම පරියාය වචනයකි. විප්පටිකූලගාහිතා යනු විරුද්ධ පැත්ත ගැනීමයි. විලෝමග්‍රහණ සංඛ්‍යාත විරුද්ධ වීමෙන් සැපයක් මොහුට ඇත යනු = විපච්චනීත සාත ය. සතුරු සේනාවක් ගෙන එක පහරින්ම ඔහු නිහඬ කෙළෙමියි සැප ලබන්නාට මෙය නමකි. ඔහුගේ භාවය = විප්පනීක සාතතා ය. අවවාද නො ගැනීම් වශයෙන් ආදර නොකරන්නාගේ භාවය = අනාදරියං ය. අනෙක එහිම පරියාය වචනයයි. නො ගන්නා ආකාරය හෝ = අනාදරතා ය. ගරු වාසයක් නො විසීම් වශයෙන් උපන් අගාරවභාවය අගාරවතාය. සජෙට්ඨක වාසයක් නොවිසීම් වශයෙන් උපන් අකීකරුභාවය = අප්පතිස්සවතාය, අයං වුච්චති යනු මෙබඳු ස්වරූප ඇති මෙය දොවචස්සතා නමැයි කියනු ලැබේ. මෙය වනාහි අර්ථ වශයෙන් ඒ ආකාරයෙන් පැවති ස්කන්ධ සතර සංස්කාර ස්කන්‍ධය ම ය යනුයි. පාපමිත්තාදියෙහි ද මේ නයමය. දොවචස්සතා පාපමිත්තතා ආදිය වනාහි වෙනම චෛතසික ධර්මයෝ නම් නැත.

නත්‍ථි එතෙසං සද‍්ධාති අස‍්සද‍්ධා; බුද‍්ධාදීනි වත්‍ථූනි න සද‍්දහන‍්තීති අත්‍ථො. දුස‍්සීලාති සීලස‍්ස දුන‍්නාමං නත්‍ථි, නිස‍්සීලාති අත්‍ථො. අප‍්පස‍්සුතාති සුතරහිතා. පඤ‍්ච මච‍්ඡරියානි එතෙසං අත්‍ථීති මච‍්ඡරිනො. දුප‍්පඤ‍්ඤාති නිප‍්පඤ‍්ඤා. සෙවනකවසෙන සෙවනා. බලවසෙවනා නිසෙවනා. සබ‍්බතොභාගෙන සෙවනා සංසෙවනා. උපසග‍්ගවසෙන වා පදං වඩ‍්ඪිතං. තීහිපි සෙවනාව කථිතා. භජනාති උපසඞ‍්කමනා. සම‍්භජනාති සබ‍්බතොභාගෙන භජනා. උපසග‍්ගවසෙන වා පදං වඩ‍්ඪිතං. භත‍්තීති දළ‍්හභත‍්ති. සම‍්භත‍්තීති සබ‍්බතොභාගෙන භත‍්ති. උපසග‍්ගවසෙන වා පදං වඩ‍්ඪිතං. ද‍්වීහිපි දළ‍්හභත‍්ති එව කථිතා. තංසම‍්පවඞ‍්කතාති තෙසු පුග‍්ගලෙසු කායෙන චෙව චිත‍්තෙන ච සම‍්පවඞ‍්කභාවො; තන‍්නින‍්නතා තප‍්පොණතා තප‍්පබ‍්භාරතාති අත්‍ථො.

මොවුන්ට ශ්‍රද්ධාව නැත්තේය යනු = අස්සද්ධා ය. බුද්ධාදී වස්තූන් නො අදහත් යනු අර්ථයි. දුස්සීලා යනු සීලයට දුර්නාමයක් නම් නැත. සීලය නැති යන අර්ථයි. අප්පස්සුතා යනු ශ්‍රැත රහිතයෝ ය. පංචමාත්සර්යයෝ මොවුන් ඇත යනු = මච්ඡරිතො ය. දුප්පඤ්ඤා යනු ප්‍රඥා නැත්තෝ ය. සේවනක වශයෙන් සෙවනා ය. බලවත් සේවනය නිසෙවනා ය. සර්වභාගයෙන්ම සේවනය සංසෙවනාය, උපසර්ග වශයෙන් ද පදය වර්ධනය කරන ලදී. තුනෙන්ම සේවනයම කියන ලදී. භජනා යනු ළඟට එළඹීමය. සම්භජනා සර්වභාගයෙන් භජනය කිරීමය. උපසර්ග වශයෙන් ද පදය වර්ධනය කරන ලදී. භත්ති යනු දෘඪ භක්තියයි. සම්භත්ති යනු සර්වභාගයෙන් භක්තියයි. උපසර්ග වශයෙන් ද පදය වර්ධනය කරන ලදී. දෙකෙන්ම දැඩි භක්තිය කියන ලදී. තංසම්පවංකතා යනු එම පුද්ගලයන් කෙරෙහි කයින් මෙන්ම සිතින් ද විශේෂයෙන් තැවෙන බවයි. එයට නිම්න බව එයට පහත් වූ බව එයට බර වූ බව යන අර්ථයි.

සොවචස‍්සතාදුකනිද‍්දෙසොපි වුත‍්තපටිපක‍්ඛනයෙන වෙදිතබ‍්බො.

සොවචස්සතා දුක නිර්දේශය ද කියන ලද්දට ප්‍රතිපක්‍ෂ නයින් දතයුතුයි.

පඤ‍්චපි ආපත‍්තික‍්ඛන්‍ධාති මාතිකානිද‍්දෙසෙන ‘පාරාජිකං සඞ‍්ඝාදිසෙසං පාචිත‍්තියං පාටිදෙසනීයං දුක‍්කට’න‍්ති ඉමා පඤ‍්ච ආපත‍්තියො. සත‍්තපි ආපත‍්තික‍්ඛන්‍ධාති විනයනිද‍්දෙසෙන ‘පාරාජිකං සඞ‍්ඝාදිසෙසං ථුල‍්ලච‍්චයං පාචිත‍්තියං පාටිදෙසනීයං දුක‍්කටං දුබ‍්භාසිත’න‍්ති ඉමා සත‍්ත ආපත‍්තියො. තත්‍ථ සහ වත්‍ථුනා තාසං ආපත‍්තීනං පරිච‍්ඡෙදජානනකපඤ‍්ඤා ආපත‍්තිකුසලතා නාම. සහ කම‍්මවාචාය ආපත‍්තිවුට‍්ඨානපරිච‍්ඡෙදජානනකපඤ‍්ඤා පන ආපත‍්තිවුට‍්ඨානකුසලතා නාම.

පඤ්චපි ආපත්තික්‍ඛන්‍ධා යනු මාතෘකා නිර්දේශයෙන් පාරාජිකාව සංඝාදිසේසය පාචිත්තිය පාටිදේසනීය දුක්කටය යන මේ පංච ආපත්තීහු ය. සත්තපි ආපත්තික්‍ඛන්‍ධා යනු විනය නිර්දේශයෙන් පාරාජිකාව සංඝාදිසෙසය ථුල්ලච්චය පාචිත්තිය පාටිදේසනීයය දුක්කටය දුබ්භාසිතය යන මේ සප්ත ආපත්තීහුය. එහි වස්තුවත් සමග ඒ ආපත්තීන්ගේ පරිච්ඡේදය දන්නා ප්‍රඥාව ආපත්ති කුසලතා නමි. කර්මවාචාව සමග ආපත්තියෙන් නැගිටීමේ පරිච්ඡේදය දන්නා ප්‍රඥාව වනාහි ආපත්ති වුට්ඨාන කුසලතා නමි.

සමාපජ‍්ජිතබ‍්බතො සමාපත‍්ති. සහ පරිකම‍්මෙන අප‍්පනාපරිච‍්ඡෙදජානනකපඤ‍්ඤා පන සමාපත‍්තිකුසලතා නාම. ‘චන්‍දෙ වා සූරියෙ වා නක‍්ඛත‍්තෙ වා එත‍්තකං ඨානං ගතෙ වුට‍්ඨහිස‍්සාමී’ති අවිරජ‍්ඣිත්‍වා තස‍්මිංයෙව සමයෙ වුට‍්ඨානකපඤ‍්ඤාය අත්‍ථිතාය සමාපත‍්තිවුට‍්ඨානකුසලතා නාම.

සමවැදිය යුතු හෙයින් සමාපත්තිය. පරිකර්ම සමග අර්පණා පරිච්ඡේදය දන්නා ප්‍රඥාව වනාහි සමාපත්ති කුසලතාය. චන්ද්‍රයා හෝ සූර්යයා හෝ නැකත්කරු හෝ මෙතෙක් තැන් ගිය කල්හි නැගිටිමියි නොවරදවා එම වේලාවෙහිම නැගිටීමේ ප්‍රඥාව ඇතිහෙයින් සමාපත්තිවුට්ඨාන කුසලතා නමි.

අට‍්ඨාරසන‍්නං ධාතූනං උග‍්ගහමනසිකාරසවනධාරණපරිච‍්ඡෙදජානනකපඤ‍්ඤා ධාතුකුසලතා නාම. තාසංයෙව උග‍්ගහමනසිකාරජානනකපඤ‍්ඤා මනසිකාරකුසලතා නාම.

අෂ්ටාරස ධාතූන් පිළිබඳ උද්ග්‍රහණ මනසිකාර ශ්‍රවණ ධාරණ පරිච්ඡේද දන්නා ප්‍රඥාව ධාතු කුසලතා නමි. ඒවා පිළිබඳව උද්ග්‍රහ මනසිකාර දන්නා ප්‍රඥාව මනසිකාර කුසලතා නමි.

ද‍්වාදසන‍්නං ආයතනානං උග‍්ගහමනසිකාරසවනධාරණපරිච‍්ඡෙදජානනකපඤ‍්ඤා ලතා නාම. තීසුපි වා එතාසු කුසලතාසු උග‍්ගහො මනසිකාරො සවනං සම‍්මසනං පටිවෙධො පච‍්චවෙක‍්ඛණාති සබ‍්බං වට‍්ටති. තත්‍ථ සවනඋග‍්ගහපච‍්චවෙක‍්ඛණා ලොකියා, පටිවෙධො ලොකුත‍්තරො. සම‍්මසනමනසිකාරා ලොකියලොකුත‍්තරමිස‍්සකා. ‘අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා’තිආදීනි (විභ· අට‍්ඨ· 225) පටිච‍්චසමුප‍්පාදවිභඞ‍්ගෙ ආවිභවිස‍්සන‍්ති. ‘ඉමිනා පන පච‍්චයෙන ඉදං හොතී’ති ජානනකපඤ‍්ඤා පටිච‍්චසමුප‍්පාදකුසලතා නාම.

ද්වාදශ ආයතනයන් පිළිබඳ උද්ග්‍රහණ මනසිකාර ශ්‍රවණ ධාරණ පරිච්ඡේද දන්නා ප්‍රඥාව ආයතන කුසලතා නමි. මෙකී ත්‍රිවිධ කුශලතාවන්හි හෝ උද්ග්‍රහය මනසිකාරය ශ්‍රවණය සම්මර්ශනය ප්‍රතිවේධය ප්‍රත්‍යවේක්‍ෂණය යන සියල්ල වටී. එහි ශ්‍රවණ උද්ග්‍රහ ප්‍රත්‍යවේක්‍ෂණයෝ ලෞකිකයහ. ප්‍රතිවේධය ලෝකෝත්තරය. සම්මර්ශන මනසිකාරයෝ ලෞකික ලෝකෝත්තර මිශ්‍රයහ. ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ යනාදිය ප්‍රතීත්‍ය සමුත්පාද විභංගයෙහි මතු පළවන්නේය. මේ ප්‍රත්‍යයෙන් වනාහි මෙය වේයැයි දන්නා ප්‍රඥාව පටිච්ච සමුප්පාද කුසලතා නමි.

ඨානාට‍්ඨානකුසලතාදුකනිද‍්දෙසෙ හෙතූ පච‍්චයාති උභයම‍්පෙතං අඤ‍්ඤමඤ‍්ඤවෙවචනං. චක‍්ඛුපසාදො හි රූපං ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජනකස‍්ස චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස හෙතු චෙව පච‍්චයො ච. තථා සොතපසාදාදයො සොතවිඤ‍්ඤාණාදීනං, අම‍්බබීජාදීනි ච අම‍්බඵලාදීනං. දුතියනයෙ යෙ යෙ ධම‍්මාති විසභාගපච‍්චයධම‍්මානං නිදස‍්සනං. යෙසං යෙසන‍්ති විසභාගපච‍්චයසමුප‍්පන‍්නධම‍්මනිදස‍්සනං. න හෙතූ න පච‍්චයාති චක‍්ඛුපසාදො සද‍්දං ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජනකස‍්ස සොතවිඤ‍්ඤාණස‍්ස න හෙතු න පච‍්චයො. තථා සොතපසාදාදයො අවසෙසවිඤ‍්ඤාණාදීනං. අම‍්බාදයො ච තාලාදීනං උප‍්පත‍්තියාති එවමත්‍ථො වෙදිතබ‍්බො.

ඨානාඨාන (කුසලතා) දුක නිර්දේශයෙහි හෙතුපච්චයො යන මේ දෙකම අන්‍යොන්‍ය පර්යාය වචනයකි. චක්‍ඛුප්පසාදො යනු රූපය අරමුණු කොට උපදනා චක්‍ෂුර් විඥානයට හේතුව මෙන්ම ප්‍රත්‍යය, සොතප්පසාදාදිය ශ්‍රෝත විඥානාදීන්ට ද එසේමය. අඹ ඵලයන්ට අඹ බීජය මෙනි. ද්විතීය නයෙහි යෙ යෙ ධම්මා යනු විසභාග ප්‍රත්‍යය ධර්මයන්ට නිදර්ශනය, න හෙතු න පච්චයා යනු චක්‍ෂුර් ප්‍රසාදය ශබ්දය අරමුණුකොට උපදනා ශ්‍රෝත විඥානයට හේතු නොවේ. ප්‍රත්‍ය නොවේ. ශ්‍රෝත ප්‍රසාදීහු අවශේෂ විඥානාදීන්ට ද එසේමය. අඹ ආදිය තල් ආදීන් මෙනි යැයි මෙසේ අර්ථය දතයුතුයි.

අජ‍්ජවමද‍්දවනිද‍්දෙසෙ නීචචිත‍්තතාති පදමත‍්තමෙව විසෙසො. තස‍්සත්‍ථො – මානාභාවෙන නීචං චිත‍්තං අස‍්සාති නීචචිත‍්තො. නීචචිත‍්තස‍්ස භාවො නීචචිත‍්තතා. සෙසං චිත‍්තුජුකතාචිත‍්තමුදුතානං පදභාජනීයෙ ආගතමෙව.

අජ්ජව මද්දව නිර්දේශයෙහි නීචචිත්තතා යනු පදමාත්‍රය පමණක් විශේෂය. එහි අර්ථය මානය නැති බැවින් නීච සිතක් මොහුට ඇත යනු = නීච චිත්තය, නීච චිත්තයාගේ භාවය = නීච චිත්තතාය, ශේෂය චිත්තුජ්ජුකතා චිත්ත මුදුතා පදභාජනීයෙහි ආයේමය.

ඛන‍්තිනිද‍්දෙසෙ ඛමනකවසෙන ඛන‍්ති. ඛමනාකාරො ඛමනතා. අධිවාසෙන‍්ති එතාය, අත‍්තනො උපරි ආරොපෙත්‍වා වාසෙන‍්ති, න පටිබාහන‍්ති, න පච‍්චනීකතාය තිට‍්ඨන‍්තීති අධිවාසනතා . අචණ‍්ඩිකස‍්ස භාවො අචණ‍්ඩික‍්කං. අනසුරොපොති අසුරොපො වුච‍්චති න සම‍්මාරොපිතත‍්තා දුරුත‍්තවචනං. තප‍්පටිපක‍්ඛතො අනසුරොපො සුරුත‍්තවාචාති අත්‍ථො. එවමෙත්‍ථ ඵලූපචාරෙන කාරණං නිද‍්දිට‍්ඨං. අත‍්තමනතා චිත‍්තස‍්සාති සොමනස‍්සවසෙන චිත‍්තස‍්ස සකමනතා, අත‍්තනො චිත‍්තසභාවොයෙව, න බ්‍යාපන‍්නචිත‍්තතාති අත්‍ථො.

ක්‍ෂාන්ති නිර්දේශයෙහි ඉවසීම් වශයෙන් ඛන්ති ය, ඉවසන ආකාරය ඛමන තා ය. මෙයින් ඉවසත් තමාට උඩින් තබා වාසය කරවත් බැහැර නොකරත් විරුද්ධතාවෙන් නොසිටිත් යනු අධිවාසනතා ය. චණ්ඩ නොවන බව අචණ්ඩික්ක ය. අනසුරොපො යනු මනාව රෝපණය නො කරන ලද හෙයින් නපුරුකොට කියන ලද වචනය අසුරෝප යැයි කියනු ලැබේ. එය ප්‍රතික්‍ෂේප වශයෙන් අනසුරෝප ය. මනාව කියන ලද වචනය යන අර්ථයි. මෙසේ මෙහි ඵලූපචාරයෙන් කාරණය දක්වන ලදී. අත්තමන්තා චිත්තස්ස යනු සොම්නස් වශයෙන් සිතෙහි ස්වමනතාවයි. තමාගේ සිතේ ස්වභාවමය. ව්‍යාපාදයට නොපත් සිත් ඇති බව යන අර්ථයි.

සොරච‍්චනිද‍්දෙසෙ කායිකො අවීතික‍්කමොති තිවිධං කායසුචරිතං. වාචසිකො අවීතික‍්කමොති චතුබ‍්බිධං වචීසුචරිතං. කායිකවාචසිකොති ඉමිනා කායවචීද‍්වාරසමුට‍්ඨිතං ආජීවට‍්ඨමකසීලං පරියාදියති. ඉදං වුච‍්චති සොරච‍්චන‍්ති ඉදං පාපතො සුට‍්ඨු ඔරතත‍්තා සොරච‍්චං නාම වුච‍්චති. සබ‍්බොපි සීලසංවරොති ඉදං යස‍්මා න කෙවලං කායවාචාහෙව අනාචාරං ආචරති මනසාපි ආචරති එව, තස‍්මා මානසිකසීලං පරියාදාය දස‍්සෙතුං වුත‍්තං.

සොරච්ච නිර්දේශයෙහි කායිකො අවීතික්කමො යනු ත්‍රිවිධ කායික සුචරිතයයි. වාචසිකො අවීතික්කමො යනු චතුර්විධ වචී සුචරිතයයි. කායික වාචසිකො යනු මේ කායවාක් ද්වාරයන්ගෙන් නැගුණු ආජීවට්ඨමක සීලය සම්පූර්ණයෙන් ගනු ලැබේ. ඉදං වුච්චති සොරච්චං යනු මෙය පාපයෙන් මනාව මෙතෙර හෙයින් සෝරච්ච නමැයි කියනු ලැබේ. සබ්බොපි සීලසංවරො යනු මෙය යම්හෙයකින් හුදෙක් කයින් හා වචනයෙන්ම පමණක් අනාචාරයේ නො හැසිරෙයි. මනසින් ද හැසිරේමය. එහෙයින් මානසික සීලය හාත්පසින් දැක්වීමට කියන ලදී.

සාඛල්‍යනිද‍්දෙසෙ අණ‍්ඩකාති යථා සදොසෙ රුක‍්ඛෙ අණ‍්ඩකානි උට‍්ඨහන‍්ති, එවං සදොසතාය ඛුංසනවම‍්භනාදිවචනෙහි අණ‍්ඩකා ජාතා. කක‍්කසාති පූතිකා සා යථා නාම පූතිරුක‍්ඛො කක‍්කසො හොති පග‍්ඝරිතචුණ‍්ණො එවං කක‍්කසා හොති. සොතං ඝංසයමානා විය පවිසති. තෙන වුත‍්තං ‘කක‍්කසා’ති. පරකටුකාති පරෙසං කටුකා අමනාපා දොසජනනී. පරාභිසජ‍්ජනීති කුටිලකණ‍්ටකසාඛා විය චම‍්මෙසු විජ‍්ඣිත්‍වා පරෙසං අභිසජ‍්ජනී, ගන‍්තුකාමානම‍්පි ගන‍්තුං අදත්‍වා ලග‍්ගනකාරී. කොධසාමන‍්තාති කොධස‍්ස ආසන‍්නා. අසමාධිසංවත‍්තනිකාති අප‍්පනාසමාධිස‍්ස වා උපචාරසමාධිස‍්ස වා අසංවත‍්තනිකා. ඉති සබ‍්බානෙවෙතානි සදොසවාචාය වෙවචනානි. තථාරූපිං වාචං පහායාති ඉදං ඵරුසවාචං අප‍්පජහිත්‍වා ඨිතස‍්ස අන‍්තරන‍්තරෙ පවත‍්තාපි සණ‍්හවාචා අසණ‍්හවාචා එව නාමාති දීපනත්‍ථං වුත‍්තං.

සාඛලං නිර්දේශයෙහි අණ්ඩකා යනු යම්සේ දොස් සහිත රුකෙක ගැට මතුවේද මෙසේ සදොස් බැවින් ඛුංසන වම්භනාදී වචනවලින් හටගත් ගැට ඇති, කක්කයා යනු කුණු වූ, යම්සේ නම් කුණු වූ රුකක් කර්කශ වේද, වැගිරුණු සුණු ඇත්තේ වේ ද එය ද මෙසේ කර්කශ වෙයි. කනට ගටන්නාක් මෙන් පිවිසෙයි. එහෙයින් කක්කාසා යැයි කියන ලදී. පරකටුකා යනු අන්‍යයාට කටුක අමනාප දෝෂ උපදවන, පරාභිසජ්ජනී යනු වක්‍ර කටුඅතු මෙන් සම් විද අන්‍යයන්ට කෝප ඇතිකරන යන්නට කැමති අයට ද යන්නට නොදී ඇලීම කරන, කොධ සාමන්තා යනු කෝධයට ආසන්න වූ, අසමාධි සංවත්තනිකා යනු අර්පණා සමාධිය පිණිස හෝ උපචාර සමාධිය පිණිස නො පවත්නා වූ, මෙසේ මේ සියල්ල දොස් සහිත වචනයට පර්යාය වචනයෝ ය. තථාරූපිං වාචං පහාය යනු මේ ඵරුෂ වචනය අතනොහැර සිටියහු අතරතුර පැවතියා වූ මෘදුවචන (රළු වචන) ම නමැයි දැක්වීම පිණිස කියන ලදී.

නෙළාති එළං වුච‍්චති දොසො. නාස‍්සා එළන‍්ති නෙළා; නිද‍්දොසාති අත්‍ථො. “නෙළඞ‍්ගො සෙතපච‍්ඡාදො”ති (උදා· 65; සං· නි· 4.347; පෙටකො· 25) එත්‍ථ වුත‍්තනෙළං විය. කණ‍්ණසුඛාති බ්‍යඤ‍්ජනමධුරතාය කණ‍්ණානං සුඛා, සූචිවිජ‍්ඣනං විය කණ‍්ණසූලං න ජනෙති. අත්‍ථමධුරතාය සරීරෙ කොපං අජනෙත්‍වා පෙමං ජනෙතීති පෙමනීයා. හදයං ගච‍්ඡති, අප‍්පටිහඤ‍්ඤමානා සුඛෙන චිත‍්තං පවිසතීති හදයඞ‍්ගමා. ගුණපරිපුණ‍්ණතාය පුරෙ භවාති පොරී. පුරෙ සංවඩ‍්ඪනාරී විය සුකුමාරාතිපි පොරී. පුරස‍්ස එසාතිපි පොරී; නගරවාසීනං කථාති අත්‍ථො. නගරවාසිනො හි යුත‍්තකථා හොන‍්ති. පිතිමත‍්තං පිතාති භාතිමත‍්තං භාතාති වදන‍්ති. එවරූපී කථා බහුනො ජනස‍්ස කන‍්තා හොතීති බහුජනකන‍්තා. කන‍්තභාවෙනෙව බහුනො ජනස‍්ස මනාපා චිත‍්තවුඩ‍්ඪිකරාති බහුජනමනාපා. යා තත්‍ථාති යා තස‍්මිං පුග‍්ගලෙ. සණ‍්හවාචතාති මට‍්ඨවාචතා. සඛිලවාචතාති මුදුවාචතා. අඵරුසවාචතාති අකක‍්ඛළවාචතා.

නෙළා යනු එළා යනු දෝෂයයි. මෙයට දෝෂයක් නැත යනු නෙළා ය. නිදොස් යන අර්ථයි. ‘නෙළංගො සෙතපච්ඡාදො (පිරිසිදු අංග ඇති සුදු අඳින) යන මෙහි කියන ලද සීලය මෙනි. කණ්ණසුඛා යනු බ්‍යඤ්ජන මධුරතාව නිසා කන්වලට සැප වූ, ඉඳිකටුවෙන් විදිනා මෙන් කනට නූලක් නූපදවයි. අර්ථ මධුරතාව නිසා ශරීරයෙහි කෝපයක් නූපදවා ප්‍රේමය උපදවයි යනු = පෙමනීයා ය. හෘදය කරා යයි නොගැටෙමින් සුවසේ සිතට පිවිසෙයි යනු = හදයංගමාය, ගුණයෙන් පිරිපුන් බැවින් පුරයෙහි හටගත්තේය යනු = පොරි ය. නුවර වැසියන්ගේ කථා යන අර්ථයි. නුවරවැසියෝ වනාහි යුක්තිකථා ඇත්තෝම වෙත්. පියා වැන්නවුන්ට පියා යැයි ද සහෝදරයා වැන්නවුන්ට සහෝදරයා යැයි ද කියත්. මෙබඳු කථා බොහෝදෙනාට කාන්ත වේ යනු = බහුජනකන්තා ය. කාන්ත භාවයෙන්ම බොහෝදෙනාට මනාපය. සිතේ අභිවෘද්ධිය කරන්නේය යනු බහුජන මනාපා ය, යා තත්‍ථ යනු යමක් ඒ පුද්ගලයා කෙරෙහි, සණ්හ වාචතා යනු මටසිලුටු වචන ඇති බවයි. සඛිලවාචතා යනු මෘදු වචන ඇතිබවයි. අඵරුසවාචතා යනු කර්කශ නොවන වචන ඇති බවයි.

පටිසන්‍ථාරනිද‍්දෙසෙ ආමිසපටිසන්‍ථාරොති ආමිසඅලාභෙන අත‍්තනා සහ පරෙසං ඡිද‍්දං යථා පිහිතං හොති පටිච‍්ඡන‍්නං එවං ආමිසෙන පටිසන්‍ථරණං. ධම‍්මපටිසන්‍ථාරොති ධම‍්මස‍්ස අප‍්පටිලාභෙන අත‍්තනා සහ පරෙසං ඡිද‍්දං යථා පිහිතං හොති පටිච‍්ඡන‍්නං, එවං ධම‍්මෙන පටිසන්‍ථරණං. පටිසන්‍ථාරකො හොතීති ද‍්වෙයෙව හි ලොකසන‍්නිවාසස‍්ස ඡිද‍්දානි, තෙසං පටිසන්‍ථාරකො හොති. ආමිසපටිසන්‍ථාරෙන වා ධම‍්මපටිසන්‍ථාරෙන වාති ඉමිනා දුවිධෙන පටිසන්‍ථාරෙන පටිසන්‍ථාරකො හොති, පටිසන්‍ථරති, නිරන‍්තරං කරොති.

පටිසන්‍ථාර නිර්දේශයෙහි ආමිස පටිසන්‍ථාරො යනු ආමිස අලාභයෙන් තමා සමග අන්‍යයන්ගේ සිදුරු වසන පරිදි සඟවන පරිදි ආමිසයෙහි පිළිසඳර කිරීමයි. ධම්ම පටිසන්‍ථාරො යනු ධර්මය නොලැබීමෙන් තමා සමග අන්‍යයන්ගේ සිදුරු වැසෙන පරිස සඟවන පරිදි ධර්මයෙන් පිළිසඳර කිරීමයි. පටිසන්‍ථරකො හොති යනු ලෝක සන්නිවාසයෙහි වනාහි සිදුරු දෙකක්මය. ඒවා පිළිබඳව පිළිසඳර කරන්නෙක් වෙයි. ආමිස පටිසන්‍ථාරෙන වා (ධම්ම පටිසන්‍ථාරෙන වා) යනු මේ දෙවැදෑරුම් පිළිසඳරින් පිළිසඳර කරන්නෙක් වෙයි. පටිසන්‍ථරති යනු නිතර කරයි.

තත්‍රායං ආදිතො පට‍්ඨාය කථා – පටිසන්‍ථාරකෙන හි භික‍්ඛුනා ආගන‍්තුකං ආගච‍්ඡන‍්තං දිස‍්වාව පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරං ගහෙතබ‍්බං, ආසනං දාතබ‍්බං, තාලවණ‍්ටෙන බීජිතබ‍්බං, පාදා ධොවිත්‍වා මක‍්ඛෙතබ‍්බා, සප‍්පිඵාණිතෙ සති භෙසජ‍්ජං දාතබ‍්බං, පානීයෙන පුච‍්ඡිතබ‍්බො, ආවාසො පටිජග‍්ගිතබ‍්බො. එවං එකදෙසෙන ආමිසපටිසන්‍ථාරො කතො නාම හොති.

මේ එහි මුලපටන් කථාවයි. පිළිසඳර කරන භික්‍ෂුව විසින් වනාහි ආගන්තුකයක එනු දැකම පෙරගමන්කොට පාසිවුරු ගතයුතුයි. අසුනක් දිය යුතුයි. තදින් පවන් සැලිය යුතුය. පා සෝදා තෙල් තැවරිය යුතුයි. ගිතෙල් පැණි ඇති කල්හි බෙහෙත් දිය යුතුයි. පැන් අවශ්‍යදැයි විචාරිය යුතුයි. ආවාසය පිළිදැගුම් කළයුතුයි. මෙසේ ඒකදේශයකින් ආමිස පටිසන්‍ථාරය කෙළේ නම් වෙයි.

සායං පන නවකතරෙපි අත‍්තනො උපට‍්ඨානං අනාගතෙයෙව, තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා නිසීදිත්‍වා අවිසයෙ අපුච‍්ඡිත්‍වා තස‍්ස විසයෙ පඤ‍්හො පුච‍්ඡිතබ‍්බො. ‘තුම‍්හෙ කතරභාණකා’ති අපුච‍්ඡිත්‍වා තුම‍්හාකං ‘ආචරියුපජ‍්ඣායා කතරං ගන්‍ථං වළඤ‍්ජෙන‍්තී’ති පුච‍්ඡිත්‍වා පහොනකට‍්ඨානෙ පඤ‍්හො පුච‍්ඡිතබ‍්බො. සචෙ කථෙතුං සක‍්කොති ඉච‍්චෙතං කුසලං. නො චෙ සක‍්කොති සයං කථෙත්‍වා දාතබ‍්බං. එවං එකදෙසෙන ධම‍්මපටිසන්‍ථාරො කතො නාම හොති.

සවස වනාහි නවකතරයන් තමාට උපස්ථානයට එන්නට පළමුවෙන්ම ඔහු වෙතට ගොස් හිඳ අවිෂය දෑ නො විචාරා ඔහුට විෂය ප්‍රශ්නයත් විචාරිය යුතුයි. ඔබ කිනම් භාණකයෙක්දැයි නො විචාරා (ඔබගේ) ආචාර්ය්‍යෝපාධ්‍යයෝ කවර ග්‍රන්ථයක් භාවිතා කෙරෙත්දැයි විචාරා පොහෝනා තැනකින් ප්‍රශ්නයක් විචාරිය යුතුයි. කියන්නට හැකිවෙයි නම් ඒ ප්‍රමාණවත්ය. නොහැකි වේනම් තමා කියා දියයුතුයි. මෙසේ ඒකදේශයකින් පිළිසඳර කෙළේ නම් වෙයි.

සචෙ අත‍්තනො සන‍්තිකෙ වසති තං ආදාය නිබද‍්ධං පිණ‍්ඩාය චරිතබ‍්බං. සචෙ ගන‍්තුකාමො හොති පුනදිවසෙ ගමනසභාගෙන තං ආදාය එකස‍්මිං ගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා උය්‍යොජෙතබ‍්බො. සචෙ අඤ‍්ඤස‍්මිං දිසාභාගෙ භික‍්ඛූ නිමන‍්තිතා හොන‍්ති තං භික‍්ඛුං ඉච‍්ඡමානං ආදාය ගන‍්තබ‍්බං. ‘න මය‍්හං එසා දිසා සභාගා’ති ගන‍්තුං අනිච‍්ඡන‍්තෙ සෙසභික‍්ඛූ පෙසෙත්‍වා තං ආදාය පිණ‍්ඩාය චරිතබ‍්බං. අත‍්තනා ලද‍්ධාමිසං තස‍්ස දාතබ‍්බං. එවං ‘ආමිසපටිසන්‍ථාරො’ කතො නාම හොති.

ඉදින් තමා වෙත වාසය කරයි නම්, ඔහු රැගෙන නිතර පිඬු පිණිස හැසිරිය යුතුයි. ඉදින් යනු කැමැත්තේ වෙයි නම් දෙවන දිනයෙහි ගමනට සහභාගිවීම් වශයෙන් ඔහු රැගෙන එක් ගමෙක පිඬු පිණිස හැසිර පිටත් කළ යුතුයි. ඉදින් අන් දිසාභාගයෙක භික්‍ෂූහු නිමන්ත්‍රණය කළෝ වෙත් ද භික්‍ෂුව කැමති නම් රැගෙන යා යුතුය. මට මේ දිසාව සභාග නොවේයැයි යන්නට අකමැති කල්හි සෙසු භික්‍ෂූන් යවා ඔහු ගෙන පිඩු පිණිස හැසිරය යුතුය. තමා විසින් ලබන ලද ආමිසය ඔහුට දිය යුතුය. මෙසේ ආමිස පටිසන්‍ථාරය කරන ලද්දේ නම් වෙයි.

ආමිසපටිසන්‍ථාරකෙන පන අත‍්තනා ලද‍්ධං කස‍්ස දාතබ‍්බන‍්ති? ආගන‍්තුකස‍්ස තාව දාතබ‍්බං. සචෙ ගිලානො වා අවස‍්සිකො වා අත්‍ථි, තෙසම‍්පි දාතබ‍්බං. ආචරියුපජ‍්ඣායානං දාතබ‍්බං. භණ‍්ඩගාහකස‍්ස දාතබ‍්බං. සාරාණීයධම‍්මපූරකෙන පන සතවාරම‍්පි සහස‍්සවාරම‍්පි ආගතාගතානං ථෙරාසනතො පට‍්ඨාය දාතබ‍්බං. පටිසන්‍ථාරකෙන පන යෙන යෙන න ලද‍්ධං, තස‍්ස තස‍්ස දාතබ‍්බං. බහිගාමං නික‍්ඛමිත්‍වා ජිණ‍්ණකං වා අනාථං භික‍්ඛුං වා භික‍්ඛුනිං වා දිස‍්වා තෙසම‍්පි දාතබ‍්බං.

ආමිස සන්‍ථාරකයා විසින් වනාහි තමා ලද දෙය කවරෙකුට දිය යුතු ද? පළමුව ආගන්තුකයාට දිය යුතුයි. ගිලනෙක් හෝ අවශ්‍ය අයෙක් වෙත් නම් ඔවුන්ට දිය යුතුයි. ආචාර්යෝපාධ්‍යායන්ට දියයුතුයි. බඩු ගෙන යන්නාට දිය යුතුයි. සාරාණීය ධර්මපූරකයා විසින් වනාහි සිය වාරයක් ද දහස්වරයක් ද ගෙනෙන ගෙනෙන ලද දෙයින් ථේරාසනයේ පටන් දිය යුතුයි. පටිසන්‍ථාරකයා විසින් වනාහි යම් යම් කෙනෙකුන්ගෙන් ලබන ලද ද ඒ ඒ කෙනාට දිය යුතුයි. ගමින් පිට නික්ම මහලු වූ හෝ අනාථ වූ හෝ භික්‍ෂුවක හෝ භික්‍ෂුණියක දැක ඔවුන්ට ද දිය යුතුයි.

තත්‍රිදං වත්‍ථු – චොරෙහි කිර ගුත‍්තසාලගාමෙ පහතෙ තඞ‍්ඛණඤ‍්ඤෙව එකා නිරොධතො වුට‍්ඨිතා ඛීණාසවත්‍ථෙරී දහරභික‍්ඛුනියා භණ‍්ඩකං ගාහාපෙත්‍වා මහාජනෙන සද‍්ධිං මග‍්ගං පටිපජ‍්ජිත්‍වා ඨිතමජ‍්ඣන‍්හිකෙ නකුලනගරගාමද‍්වාරං පත්‍වා රුක‍්ඛමූලෙ නිසීදි. තස‍්මිං සමයෙ කාළවල‍්ලිමණ‍්ඩපවාසී මහානාගත්‍ථෙරො නකුලනගරගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා නික‍්ඛන‍්තො ථෙරිං දිස‍්වා භත‍්තෙන ආපුච‍්ඡි. සා ‘පත‍්තො මෙ නත්‍ථී’ති ආහ. ථෙරො ‘ඉමිනාව භුඤ‍්ජථා’ති සහ පත‍්තෙන අදාසි. ථෙරී භත‍්තකිච‍්චං කත්‍වා පත‍්තං ධොවිත්‍වා ථෙරස‍්ස දත්‍වා ආහ – ‘අජ‍්ජ තාව භික‍්ඛාචාරෙන කිලමිස‍්සථ, ඉතො පට‍්ඨාය පන වො භික‍්ඛාචාරපරිත‍්තාසො නාම න භවිස‍්සති, තාතා’ති. තතො පට‍්ඨාය ථෙරස‍්ස ඌනකහාපණග‍්ඝනකො පිණ‍්ඩපාතො නාම න උප‍්පන‍්නපුබ‍්බො. අයං ‘ආමිසපටිසන්‍ථාරො’ නාම.

මේ එහිදී වස්තුවයි. සොරුන් විසින් ගුත්තලගම පැහැරි කල්හි එකෙණෙහිම නිරෝධ සමාපත්තියෙන් නැඟිටි එක් රහත් තෙරණියක් ළදරු භික්‍ෂුණියක ලවා බඩු ගෙන්වාගෙන මහජනයා සමග මගට බැස මධ්‍යාහ්නයෙහි නකුල නුවර ගම්දොරට පැමිණ රුක්මුලෙක හුන්නාහ. එසමයෙහි කාලවල්ලි මණ්ඩපවාසී මහානාග ස්ථවිරයන් වහන්සේ නකුලු නුවරගම පිඩු පිණිස හැසිර නික්මෙන සේක් තෙරණිය දැක බතින් විචාළහ. තෙරණිය මට පාත්‍රයක් නැතැයි කීවාය. තෙරණුවෝ මෙයින්ම වළඳන්නැයි පාත්‍රය සමගම දුන්හ. තෙරණිය බත්කිස කොට පාත්‍රය සෝදා තෙරුන්ට දී මෙසේ කීහ. දරුව, අද නම් පිඬු පිණිස හැසිරිමෙන් වෙහෙසට පත්වූයෙහිය. මෙතැන් පටන් වනාහි පිඬු සිඟීමෙන් වෙහෙසක් නො වන්නේය යනුයි. එතැන් පටන් තෙරුන්ට උණු කහවණුවක් අගනා පිණ්ඩපාතයක් නම් නූපන් විරූය. මේ සිව්පසයෙන් සත්කාර කිරිම නමි.

ඉමං පටිසන්‍ථාරං කත්‍වා භික‍්ඛුනා සඞ‍්ගහපක‍්ඛෙ ඨත්‍වා තස‍්ස භික‍්ඛුනො කම‍්මට‍්ඨානං කථෙතබ‍්බං, ධම‍්මො වාචෙතබ‍්බො, කුක‍්කුච‍්චං විනොදෙතබ‍්බං, උප‍්පන‍්නං කිච‍්චං කරණීයං කාතබ‍්බං, අබ‍්භානවුට‍්ඨානමානත‍්තපරිවාසා දාතබ‍්බා. පබ‍්බජ‍්ජාරහො පබ‍්බාජෙතබ‍්බො උපසම‍්පදාරහො උපසම‍්පාදෙතබ‍්බො. භික‍්ඛුනියාපි අත‍්තනො සන‍්තිකෙ උපසම‍්පදං ආකඞ‍්ඛමානාය කම‍්මවාචං කාතුං වට‍්ටති. අයං ‘ධම‍්මපටිසන්‍ථාරො’ නාම.

භික්‍ෂුව විසින් මේ පටිසන්‍ථාරය කොට සංග්‍රහ පක්‍ෂයෙහි සිට ඒ භික්‍ෂුවට කර්මස්ථාන කිවයුතුයි. ධර්මය කියවිය යුතුය. කුකුස දුරුකළ යුතුය. උපන් කළයුතු කිස කළයුතුයි. අබ්භාන වුට්ඨාන මානත්ත පරිවාස දිය යුතුයි. පැවිද්දට සුදුස්සෙක් නම් පැවිදි කළයුතුයි. උපසම්පදාවට සුදුස්සෙක් නම් උපසම්පදා කළයුතු යි. භික්‍ෂුණියක විසින් ද තමා වෙත උපසම්පදාව කැමතිවනු ලැබේ නම් කර්මවාචා කරන්නට වටී. මේ ධම්ම සන්‍ථාර නමි.

ඉමෙහි ද‍්වීහි පටිසන්‍ථාරෙහි පටිසන්‍ථාරකො භික‍්ඛු අනුප‍්පන‍්නං ලාභං උප‍්පාදෙති, උප‍්පන‍්නං ථාවරං කරොති, සභයට‍්ඨානෙ අත‍්තනො ජීවිතං රක‍්ඛති චොරනාගරඤ‍්ඤො පත‍්තග‍්ගහණහත්‍ථෙනෙව අග‍්ගං ගහෙත්‍වා පත‍්තෙනෙව භත‍්තං ආකිරන‍්තො ථෙරො විය. අලද‍්ධලාභුප‍්පාදනෙ පන ඉතො පලායිත්‍වා පරතීරං ගතෙන මහානාගරඤ‍්ඤා එකස‍්ස ථෙරස‍්ස සන‍්තිකෙ සඞ‍්ගහං ලභිත්‍වා පුන ආගන‍්ත්‍වා රජ‍්ජෙ පතිට‍්ඨිතෙන සෙතම‍්බඞ‍්ගණෙ යාවජීවං පවත‍්තිතං මහාභෙසජ‍්ජදානවත්‍ථු කථෙතබ‍්බං. උප‍්පන‍්නලාභථාවරකරණෙ දීඝභාණකඅභයත්‍ථෙරස‍්ස හත්‍ථතො පටිසන්‍ථාරං ලභිත්‍වා චෙතියපබ‍්බතෙ චොරෙහි භණ‍්ඩකස‍්ස අවිලුත‍්තභාවෙ වත්‍ථු කථෙතබ‍්බං.

මෙකී පටිසන්‍ථාර දෙකින් පටිසන්‍ථාරක භික්‍ෂූන් වහන්සේ නූපන් ලාභ උපදවති. උපන් ලාභ ස්ථාවර කරති. භය සහිත තැනදී තම ජීවිතය රැකගනී. පාත්‍රය ගත් අතින්ම චෝරනාග රජුගේ අග්‍රභාරය ගෙන පාත්‍රයෙන්ම බත් විසුරුවන තෙරුන් වහන්සේ මෙනි. නොලද ලාභ ඉපදවීමෙහි වනාහි මෙරටින් පැන පරතෙරට ගොස් එක් තෙරකෙනෙකුන්ගේ සංග්‍රහ ලැබ නැවත අවුත් රාජ්‍යයෙහි පිහිටි මහානාම රජු විසින් පේනවම්බංගනයෙහි දිවිහිමියෙන් පැවැත් වූ මහා භේසජ්ජදාන වස්තුව කිවයුතුයි. උපන් ලාභය තහවුරු කිරිම පිළිබඳව දීඝභාණක අභය තෙරුන් අතින් පිළිසඳර ලැබ චේතිය පබ්බතයෙහි සොරුන් විසින් බඩු නොපැහැර ගැනීම පිළිබඳ වස්තුව කිවයුතුයි.

ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතානිද‍්දෙසෙ චක‍්ඛුනා රූපං දිස‍්වාති කාරණවසෙන චක‍්ඛූති ලද‍්ධවොහාරෙන රූපදස‍්සනසමත්‍ථෙන චක‍්ඛුවිඤ‍්ඤාණෙන රූපං දිස‍්වා. පොරාණා පනාහු – “චක‍්ඛු රූපං න පස‍්සති, අචිත‍්තකත‍්තා; චිත‍්තං න පස‍්සති, අචක‍්ඛුකත‍්තා; ද‍්වාරාරම‍්මණසඞ‍්ඝට‍්ටනෙන පන පසාදවත්‍ථුකෙන චිත‍්තෙන පස‍්සති. ඊදිසී පනෙසා ‘ධනුනා විජ‍්ජතී’තිආදීසු විය සසම‍්භාරකථා නාම හොති. තස‍්මා චක‍්ඛුවිඤ‍්ඤාණෙන රූපං දිස‍්වා”ති අයමෙවෙත්‍ථ අත්‍ථොති. නිමිත‍්තග‍්ගාහීති ඉත්‍ථිපුරිසනිමිත‍්තං වා සුභනිමිත‍්තාදිකං වා කිලෙසවත්‍ථුභූතං නිමිත‍්තං ඡන්‍දරාගවසෙන ගණ‍්හාති, දිට‍්ඨමත‍්තෙයෙව න සණ‍්ඨාති. අනුබ්‍යඤ‍්ජනග‍්ගාහීති කිලෙසානං අනුබ්‍යඤ‍්ජනතො පාකටභාවකරණතො අනුබ්‍යඤ‍්ජනන‍්ති ලද‍්ධවොහාරං හත්‍ථපාදසිතහසිතකථිතආලොකිතවිලොකිතාදිභෙදං ආකාරං ගණ‍්හාති. යත්‍වාධිකරණමෙනන‍්තිආදිම‍්හි යංකාරණා යස‍්ස චක‍්ඛුන්‍ද්‍රියාසංවරස‍්ස හෙතු, එතං පුග‍්ගලං සතිකවාටෙන චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං අපිහිතචක‍්ඛුද‍්වාරං හුත්‍වා විහරන‍්තං එතෙ අභිජ‍්ඣාදයො ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං අනුබන්‍ධෙය්‍යුං අජ‍්ඣොත්‍ථරෙය්‍යුං. තස‍්ස සංවරාය න පටිපජ‍්ජතීති තස‍්ස චක‍්ඛුන්‍ද්‍රියස‍්ස සතිකවාටෙන පිදහනත්‍ථාය න පටිපජ‍්ජති. එවංභූතොයෙව ච න රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, න චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජතීති වුච‍්චති.

ඉන්‍ද්‍රියෙසු අගුත්තද්වාරතා නිර්දේශයෙහි චක්‍ඛුනාරූපං දිස්වා යනු කරුණු වශයෙන් චක්‍ඛු යැයි ලබන ලද ව්‍යවහාරයෙන් රූප දර්ශනයෙහි සමර්ථ චක්‍ෂුර් විඥානයෙන් රූපය දැක, පොරාණකයෝ වනාහි මෙසේ කීහ. ඇස රූපය නොදකී. අචිත්තක බැවිනි. සිත නොදකී. අචක්‍ෂුක බැවිනි. ද්වාරාරම්මණ සංඝර්ෂණයෙන් වනාහි ප්‍රසාද වස්තුක සිතින් දකී. එය එසේමය. දුන්නෙන් විදී ආදියෙහි මෙන් සසම්භාර කථා නම් වෙයි. එහෙයින් චක්‍ෂුර් විඥානයෙන් රූපය දැක යනු මෙහි අර්ථයි. නිමිත්තග්ගාහී යනු ස්ත්‍රී පුරුෂ නිමිත්ත හෝ ශුභ නිමිත්තාදිය හෝ ක්ලේශ වස්තුභූත නිමිත්තක් ඡන්‍දරාග වශයෙන් ගනී. දෘෂ්ටි මාත්‍රයෙන්ම නො පිහිටයි. අනුබ්‍යඤ්ජනග්ගාහී යනු ක්ලේශයන්ගේ අනූව්‍යඤ්ජන ප්‍රකටභාවය කිරීම් වශයෙන් අනුව්‍යඤ්ජන යැයි ව්‍යවහාර ලද අත්පා මඳ සිනා සිනා කථා බැලීම් ආපසු බැලීම් ආදී භේද ඇති ආකාරය ගනී. යත්‍වාධිකරණමෙතං යනාදියෙහි යම් කෙනෙකුගේ චක්‍ෂුරේන්‍ද්‍රිය සංවරයට යමක් කරුණු ද හේතුවේද ඒ පුද්ගලයා සතිකවාටයෙන් නො වසන ලද චක්‍ෂුර් ද්වාරය ඇතිව වාසය කරන්නහු අභිධ්‍යාදී ධර්මයෝ අනුව එන්නාහුය. ලුහුබඳින්නාහුය. මඩනාහුය. තස්ස සංවරාය න පටිජ්ජති යනු ඒ චක්‍ෂුරේන්‍ද්‍රිය සතිකවාටයෙන් වැසීමට නො පිළිපදී. මෙසේම වූයේ න රක්‍ඛති චක්‍ඛුන්‍ද්‍රියං න චක්‍ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති යැයි කියනු ලැබේ.

තත්‍ථ කිඤ‍්චාපි චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරො වා අසංවරො වා නත්‍ථි, න හි චක‍්ඛුපසාදං නිස‍්සාය සති වා මුට‍්ඨස‍්සච‍්චං වා උප‍්පජ‍්ජති. අපිච යදා රූපාරම‍්මණං චක‍්ඛුස‍්ස ආපාථමාගච‍්ඡති තදා භවඞ‍්ගෙ ද‍්වික‍්ඛත‍්තුං උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධෙ කිරියමනොධාතු ආවජ‍්ජනකිච‍්චං සාධයමානා උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣති. තතො චක‍්ඛුවිඤ‍්ඤාණං දස‍්සනකිච‍්චං, තතො විපාකමනොධාතු සම‍්පටිච‍්ඡනකිච‍්චං, තතො විපාකාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු සන‍්තීරණකිච‍්චං, තතො කිරියාහෙතුකමනොවිඤ‍්ඤාණධාතු වොට‍්ඨබ‍්බනකිච‍්චං සාධයමානා උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣති. තදනන‍්තරං ජවනං ජවති. තත්‍රාපි නෙව භවඞ‍්ගසමයෙ න ආවජ‍්ජනාදීනං අඤ‍්ඤතරසමයෙ සංවරො වා අසංවරො වා අත්‍ථි. ජවනක‍්ඛණෙ පන දුස‍්සීල්‍යං වා මුට‍්ඨස‍්සච‍්චං වා අඤ‍්ඤාණං වා අක‍්ඛන‍්ති වා කොසජ‍්ජං වා උප‍්පජ‍්ජති, අසංවරො හොති.

එහි කිසිසේත් චක්‍ෂුරෙන්‍ද්‍රියයෙහි සංවරයක් හෝ අසංවරයක් නැත. චක්‍ෂුර් ප්‍රසාදය නිසා සිහියක් හෝ සිහිමුළාවක් නූපදී. නමුත් යම්කලෙක රූපාරම්මණය චක්‍ෂුසෙහි විෂයබවට පැමිණේ ද එකල්හි භවාංග සිත දෙවරක් ඉපිද නිරුද්ධ වූ කිරියමනෝධාතුව ආවර්ජන කෘත්‍යය සිද්ධ කරමින් ඉපිද නිරුද්ධ වෙයි. ඉක්බිති චක්‍ෂුර්විඥානය දර්ශන කෘත්‍යය ද, ඉක්බිති විපාක මනෝධාතුව සම්පටිච්ඡන කෘත්‍යය කරයි. ඉක්බිති විපාකහේතුක මනෝවිඥාන ධාතුව සන්තීරණ කෘත්‍යය කරයි. ඉක්බිති ක්‍රියා හේතුක මනෝවිඥානධාතුව ව්‍යවස්ථාපන කෘත්‍යය සිදුකරමින් ඉපිද නිරුද්ධ වෙයි. ඊට අනතුරුව ජවන් සිත ජවනය කරයි. එහිදී ද භවාංග සමයෙහි ද ආවර්ජනාදීන්ගෙන් එක්තරා හෝ සමයක ද සංවරයක් හෝ අසංවරයක් නැත. ජවනක්‍ෂණයෙහි වනාහි දුශ්ශීල බව හෝ සිහිමුළාව හෝ අඥානය හෝ නො ඉවසීම හෝ කුසීත බව හෝ උපදී. අසංවර වෙයි.

එවං හොන‍්තො පන සො ‘චක‍්ඛුන්‍ද්‍රියෙ අසංවරො’ති වුච‍්චති. කස‍්මා? යස‍්මා තස‍්මිං අසංවරෙ සති ද‍්වාරම‍්පි අගුත‍්තං හොති, භවඞ‍්ගම‍්පි, ආවජ‍්ජනාදීනිපි වීථිචිත‍්තානි. යථා කිං? යථා නගරෙ චතූසු ද‍්වාරෙසු අසංවුතෙසු කිඤ‍්චාපි අන‍්තොඝරද‍්වාරකොට‍්ඨකගබ‍්භාදයො සුසංවුතා, තථාපි අන‍්තොනගරෙ සබ‍්බං භණ‍්ඩං අරක‍්ඛිතං අගොපිතමෙව හොති. නගරද‍්වාරෙන හි පවිසිත්‍වා චොරා යදිච‍්ඡකං කරෙය්‍යුං. එවමෙව ජවනෙ දුස‍්සීල්‍යාදීසු උප‍්පන‍්නෙසු තස‍්මිං අසංවරෙ සති ද‍්වාරම‍්පි අගුත‍්තං හොති, භවඞ‍්ගම‍්පි, ආවජ‍්ජනාදීනිපි වීථිචිත‍්තානීති.

මෙසේ වන එය වනාහි චක්‍ෂුරේන්‍ද්‍රියයෙහි අසංවරය යැයි කියනු ලැබේ. කවර හෙයින්ද? යම්හෙයකින් එහි සතිද්වාරය ද භවංගය ද ආවර්ජනාදී විථිසිත් ද අගුප්ත වේ ද, කුමක් මෙන් ද, යම්සේ නගරයක සතර දොරටු නොවැසූ කල්හි ඇතුළු දොරවල් ගබඩා ආදිය මනාව වැසුවත්, ඇතුළු නගරයෙහි සියලුම භාණ්ඩ අනාරක්‍ෂිතම වෙයි. අගෝපතම වෙයි. සොරු නුවර දොරින් පිවිස කැමති දෙයක් කරති. මෙපරිද්දෙන් ජවනයෙහි දුශ්ශීල්‍යාදිය උපන් කල්හි එහි අසංවරය ඇති කල්හි සති ද්වාරය ද භවංගය ද ආවර්ජනාදී වීථිසිත් ද අගුප්තම වෙයි.

සොතෙන සද‍්දං සුත්‍වාතිආදීසුපි එසෙව නයො. යා ඉමෙසන‍්ති එවං සංවරං අනාපජ‍්ජන‍්තස‍්ස ඉමෙසං ඡන‍්නං ඉන්‍ද්‍රියානං යා අගුත‍්ති යා අගොපනා යො අනාරක‍්ඛො යො අසංවරො, අථකනං, අපිදහනන‍්ති අත්‍ථො.

සොතෙන සද්දං සුත්‍වා යන ආදියෙහි ද මේ නයමය. යා ඉමෙසං යනු මෙසේ සංවරයට නො පැමිණෙන්නාගේ මේ ෂඩින්‍ද්‍රියන්ගේ යම් අගුප්තයක් යම් අගෝපනයක් යම් අනාරක්‍ෂාවක් යම් අසංවරයක් යම් නො වැසීමක් වහන්තරාවක් යන අර්ථයි.

භොජනෙ අමත‍්තඤ‍්ඤුතානිද‍්දෙසෙ ඉධෙකච‍්චොති ඉමස‍්මිං සත‍්තලොකෙ එකච‍්චො. අප‍්පටිසඞ‍්ඛාති පටිසඞ‍්ඛානපඤ‍්ඤාය අජානිත්‍වා අනුපධාරෙත්‍වා. අයොනිසොති අනුපායෙන. ආහාරන‍්ති අසිතපීතාදිඅජ‍්ඣොහරණීයං. ආහාරෙතීති පරිභුඤ‍්ජති අජ‍්ඣොහරති. දවායාතිආදි අනුපායදස‍්සනත්‍ථං වුත‍්තං. අනුපායෙන හි ආහාරෙන‍්තො දවත්‍ථාය මදත්‍ථාය මණ‍්ඩනත්‍ථාය විභූසනත්‍ථාය වා ආහාරෙති, නො ඉදමත්‍ථිතං පටිච‍්ච. යා තත්‍ථ අසන‍්තුට‍්ඨිතාති යා තස‍්මිං අයොනිසො ආහාරපරිභොගෙ අසන‍්තුස‍්සනා අසන‍්තුට‍්ඨිභාවො. අමත‍්තඤ‍්ඤුතාති අමත‍්තඤ‍්ඤුභාවො, පමාණසඞ‍්ඛාතාය මත‍්තාය අජානනං. අයං වුච‍්චතීති අයං අපච‍්චවෙක‍්ඛිතපරිභොගවසෙන පවත‍්තා භොජනෙ අමත‍්තඤ‍්ඤුතා නාම වුච‍්චති.

භොජනෙ අමත්තඤ්ඤුතා නිර්දේශයෙහි ඉධෙකච්චො යනු මේ සත්ත්ව ලෝකයෙහි ඇතැම් කෙනෙක්, අප්පටිසංඛා යනු විමසා බලන ප්‍රඥාවෙන් නොදැන නොසලකා, අයොනිසො යනු උපායෙන් තොරව, ආහාරං යනු කෑමබීම ආදි ගතයුතු දේ, ආහාරෙති යනු පරිභෝග කරයි ගිලියි. දවාය යන ආදිය උපාය නොදන්නා බව දැක්වීමට කියන ලදී. අනුපායයෙන් ආහාර ගනුයේ ක්‍රීඩා පිණිස මදය පිණිස මණ්ඩනය පිණිස අලංකාරය පිණිස නොගනී. මේ ප්‍රමාණයැයි සලකා නොවේ. යා තත්‍ථ අසන්තට්ඨිතා යනු එම අනුවණින් ආහාර පරිභෝගයෙහි යම් සන්තෝස නොවන බවක් නො සතුටු බවක්, අමත්තඤ්ඤුතා යනු අමාත්‍රඥභාවය ප්‍රමාණ සංඛ්‍යාත මාත්‍රය නො දැනීම, අයං වුච්චති යනු මෙය ප්‍රත්‍යවේක්‍ෂා නොකොට පරිභෝග කිරීම් වශයෙන් පැවති භෝජනයෙහි අමාත්‍රඥතාව නමැයි කියනු ලැබේ.

ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතානිද‍්දෙසෙ චක‍්ඛුනාතිආදි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. න නිමිත‍්තග‍්ගාහී හොතීති ඡන්‍දරාගවසෙන වුත‍්තප‍්පකාරං නිමිත‍්තං න ගණ‍්හාති. එවං සෙසපදානිපි වුත‍්තපටිපක‍්ඛනයෙනෙව වෙදිතබ‍්බානි. යථා ච හෙට‍්ඨා ‘ජවනෙ දුස‍්සීල්‍යාදීසු උප‍්පන‍්නෙසු තස‍්මිං අසංවරෙ සති, ද‍්වාරම‍්පි අගුත‍්තං හොති, භවඞ‍්ගම‍්පි, ආවජ‍්ජනාදීනිපි වීථිචිත‍්තානී’ති වුත‍්තං, එවමිධ තස‍්මිං සීලාදීසු උප‍්පන‍්නෙසු ද‍්වාරම‍්පි ගුත‍්තං හොති, භවඞ‍්ගම‍්පි, ආවජ‍්ජනාදීනිපි වීථිචිත‍්තානි. යථා කිං? යථා නගරද‍්වාරෙසු සුසංවුතෙසු, කිඤ‍්චාපි අන‍්තොඝරාදයො අසංවුතා හොන‍්ති, තථාපි අන‍්තොනගරෙ සබ‍්බං භණ‍්ඩං සුරක‍්ඛිතං සුගොපිතමෙව හොති – නගරද‍්වාරෙසු පිහිතෙසු චොරානං පවෙසො නත්‍ථි – එවමෙව ජවනෙ සීලාදීසු උප‍්පන‍්නෙසු ද‍්වාරම‍්පි ගුත‍්තං හොති, භවඞ‍්ගම‍්පි, ආවජ‍්ජනාදීනිපි වීථිචිත‍්තානි. තස‍්මා ජවනක‍්ඛණෙ උප‍්පජ‍්ජමානොපි ‘චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරො’ති වුත‍්තො. සොතෙන සද‍්දං සුත්‍වාතිආදීසුපි එසෙව නයො.

ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරතා නිර්දේශයෙහි චක්‍ඛුනා යනාදිය කියන ලද නයින්ම දතයුතුයි. න නිමිත්තග්ගා හී හොති යනු ඡන්‍දරාග වශයෙන් උක්ත ප්‍රකාර නිමිත්ත නොගනී. මෙසේ අවශේෂ පද ද කියන ලද්දට ප්‍රතිපක්‍ෂ නයින් දතයුතුයි. යම්සේ යට ජවනයේදී දුශ්ශීලාදිය උපන් කල්හි එහි අසංවරය ඇතිවිට ද්වාරය ද භවංගය ද ආවර්ජනාදිය ද වීථි සිත් ද අගුප්ත වේයැයි කියන ලදී. මෙසේ එහි ශීලාදිය ද වීථිසිත් ද අගුප්ත වේයැයි කියන ලදී. මෙසේ එහි ශීලාදිය උපන්කල්හි ද්වාරය ද භවංගය ද ආවර්ජනාදිය ද වීථිසිත් ද ආරක්‍ෂා කරන ලද්දේ වෙයි. කුමක් මෙන් ද? යම්සේ නගරද්වාරයන් මනාව වැසූ කල්හි ඇතුළත ගෘහාදිය නො වසන ලද නමුත් නගරය ඇතුළත සියලු බඩු සුරක්‍ෂිතම වෙයි. සුගෝපිතම වෙයි. නගරද්වාරයන් වැසූ කල්හි සුරුන්ගේ පිවිසීමක් නැත. මෙපරිද්දෙන් ජවනයෙහි සීලාදිය උපකල්හි ද්වාරය ද භවංගය ද ආවර්ජනාදිය ද වීථිසිත් ද ආරක්‍ෂා කරන ලද්දේ වෙයි. එහෙයින් ජවන ක්‍ෂණයෙහි උපදිනුයේ ද චක්‍ෂුරේන්‍ද්‍රියයෙහි සංවරය යැයි කියන ලදී. සොතෙන සද්දං සුත්‍වා යන ආදීන්හි ද මේ නයමය.

භොජනෙ මත‍්තඤ‍්ඤුතානිද‍්දෙසෙ පටිසඞ‍්ඛා යොනිසො ආහාරං ආහාරෙතීති පටිසඞ‍්ඛානපඤ‍්ඤාය ජානිත්‍වා උපායෙන ආහාරං පරිභුඤ‍්ජති. ඉදානි තං උපායං දස‍්සෙතුං නෙව දවායාතිආදි වුත‍්තං.

භොජනෙ මත්තඤ්ඤුතා නිර්දේශයෙහි පටිසංඛා යොනිසො ආහාරං ආහාරෙති යනු විමසා බලන ප්‍රඥාවෙන් දැන උපායෙන් ආහාර වළඳයි. දැන් ඒ උපාය දක්වන්නට නෙවදවාය යනාදිය කියන ලදී.

තත්‍ථ ‘නෙව දවායා’ති දවත්‍ථාය න ආහාරෙති. තත්‍ථ නටලඞ‍්ඝකාදයො දවත්‍ථාය ආහාරෙන‍්ති නාම. යඤ‍්හි භොජනං භුත‍්තස‍්ස නච‍්චගීතකබ්‍යසිලොකසඞ‍්ඛාතො දවො අතිරෙකතරෙන පටිභාති, තං භොජනං අධම‍්මෙන විසමෙන පරියෙසිත්‍වා තෙ ආහාරෙන‍්ති. අයං පන භික‍්ඛු එවං න ආහාරෙති.

එහි නෙව දවාය යනු ක්‍රීඩාව පිණිස ආහාර නොගනී. එහි නළු පිනුම්කරු ආදීහු ක්‍රීඩා පිණිස ආහාර ගනිත් නම් වේ. යම් භෝජනයක් අනුභව කළ කෙනෙකුන්ට නෘත්‍ය ගීත කාව්‍ය ශ්ලෝක සංඛ්‍යාත ක්‍රීඩාවක් අතිරේකව වැටහේ ද, ඒ භෝජන විෂම වූ අධර්මයෙන් සොයා ඔව්හු අනුභව කරති. මේ භික්‍ෂු තෙමේ වනාහි එසේ අනුභව නො කරයි.

න මදායාති මානමදපුරිසමදානං වඩ‍්ඪනත්‍ථාය න ආහාරෙති. තත්‍ථ රාජරාජමහාමත‍්තා මදත්‍ථාය ආහාරෙන‍්ති නාම. තෙ හි අත‍්තනො මානමදපුරිසමදානං වඩ‍්ඪනත්‍ථාය පිණ‍්ඩරසභොජනාදීනි පණීතභොජනානි භුඤ‍්ජන‍්ති. අයං පන භික‍්ඛු එවං න ආහාරෙති.

න මදාය යනු මාන මද පුරුෂ මදයන් වැඩීම සඳහා අනුභව නොකරයි. එහි රාජරාජ මහා මාත්‍යයෝ මදය පිණිස ආහාර ගනිත් නමි. ඔව්හු වනාහි තමාගේ මාන මද පුරුෂ මද වර්ධනය පිණිස පිඬු රසභෝජනාදී ප්‍රණීත භෝජන අනුභව කරත්. මේ භික්‍ෂුතෙම වනාහි මෙසේ ආහාර අනුභව නො කරයි.

න මණ‍්ඩනායාති සරීරමණ‍්ඩනත්‍ථාය න ආහාරෙති. තත්‍ථ රූපූපජීවිනියො මාතුගාමා අන‍්තෙපුරිකාදයො ච සප‍්පිඵාණිතං නාම පිවන‍්ති, තෙ හි සිනිද‍්ධං මුදුං මන්‍දං භොජනං ආහාරෙන‍්ති ‘එවං නො අඞ‍්ගලට‍්ඨි සුසණ‍්ඨිතා භවිස‍්සති, සරීරෙ ඡවිවණ‍්ණො පසන‍්නො භවිස‍්සතී’ති. අයං පන භික‍්ඛු එවං න ආහාරෙති.

නමණ්ඩනාය යනු ශරීරය සැරසීම සඳහා ආහාර අනුභව නො කරයි. එහි රූපය නිසා ජීවත්වන ස්ත්‍රීහු ද අනතඃපුර ස්ත්‍රීහු ද ගිතෙල් පැණි බොන්නාහු නම් වෙත්. ඔව්හු වනාහි සිනිඳු මෘදු මොලොක් භෝජන අනුභව කරත්. මෙසේ ඇඟිලි ඇට මනාව පිහිටියේ වන්නේය. ශරීරයෙහි ඡවි වර්ණය ප්‍රසන්න වෙයි කියාය. මේ භික්‍ෂු තෙම වනාහි මෙසේ අනුභව නො කරයි.

න විභූසනායාති සරීරෙ මංසවිභූසනත්‍ථාය න ආහාරෙති. තත්‍ථ නිබ‍්බුද‍්ධමල‍්ලමුට‍්ඨිකමල‍්ලාදයො සුසිනිද‍්ධෙහි මච‍්ඡමංසාදීහි සරීරමංසං පීණෙන‍්ති ‘එවං නො මංසං උස‍්සදං භවිස‍්සති පහාරසහනත්‍ථායා’ති. අයං පන භික‍්ඛු එවං සරීරෙ මංසවිභූසනත්‍ථාය න ආහාරෙති.

න විභූසනාය යනු ශරීරයෙහි මාංශ විභූෂණය සඳහා ආහාර අනුභව නොකරයි. එහි මල්ල යුද්ධකරුවෝ මුට්ඨික මල්ලවයෝ කොලුවෝ යනාදීහු සිනිඳු මත්ස්‍ය මාංශාදියෙන් ශරීරය පිනවති. මෙසේ අපගේ මස් ප්‍රහාර සහනය සඳහා පිරෙන්නේය කියාය. මේ භික්‍ෂු තෙම වනාහි මෙසේ ශරීරයෙහි මාංශ විභූෂණය සඳහා ආහාර අනුභව නො කරයි.

යාවදෙවාති ආහාරාහරණෙ පයොජනස‍්ස පරිච‍්ඡෙදනියමදස‍්සනං. ඉමස‍්ස කායස‍්ස ඨිතියාති ඉමස‍්ස චතුමහාභූතිකකරජකායස‍්ස ඨපනත්‍ථාය ආහාරෙති. ඉදමස‍්ස ආහාරාහරණෙ පයොජනන‍්ති අත්‍ථො. යාපනායාති ජීවිතින්‍ද්‍රියයාපනත්‍ථාය ආහාරෙති. විහිංසූපරතියාති විහිංසා නාම අභුත‍්තපච‍්චයා උප‍්පජ‍්ජනකා ඛුද‍්දා. තස‍්සා උපරතියා වූපසමනත්‍ථාය ආහාරෙති. බ්‍රහ‍්මචරියානුග‍්ගහායාති බ්‍රහ‍්මචරියං නාම තිස‍්සො සික‍්ඛා, සකලං සාසනං, තස‍්ස අනුග‍්ගණ‍්හනත්‍ථාය ආහාරෙති.

යාවදෙව යනු ආහාර ගැනීමේ ප්‍රයෝජනය පිළිබඳ පරිච්ඡේද නියමය දැක්වීමයි. ඉමස්ස කායස්ස ඨිතියා යනු මේ චාතුර්මහාභූතික කරජ කායයාගේ ස්ථාපනය පිණිස ආහාර අනුභව කරයි. මේ මොහුගේ ආහාර ගැනීමේ ප්‍රයෝජනයයි යන අර්ථයි. යාපනාය යනු ජීවිතේන්‍ද්‍රියය විහිංසා නම් නො බුදීම හේතුකොට ගෙන උපදනා සාගින්නයි. එය වැළැක්වීම පිණිස සංසිඳවීම පිණිස ආහාර අනුභව කරයි. බ්‍රහ්මචරියානුග්ගහාය යනු බ්‍රහ්මචර්යාව නම් ත්‍රිවිධ ශික්‍ෂාවයි. සකල ශාසනයයි. එයට අනුග්‍රහය පිණිස ආහාර අනුභව කරයි.

ඉතීති උපායනිදස‍්සනං; ඉමිනා උපායෙනාති අත්‍ථො. පුරාණඤ‍්ච වෙදනං පටිහඞ‍්ඛාමීති පුරාණවෙදනා නාම අභුත‍්තප‍්පච‍්චයා උප‍්පජ‍්ජනකවෙදනා. තං පටිහනිස‍්සාමීති ආහාරෙති. නවඤ‍්ච වෙදනං න උප‍්පාදෙස‍්සාමීති නවවෙදනා නාම අතිභුත‍්තප‍්පච‍්චයෙන උප‍්පජ‍්ජනකවෙදනා. තං න උප‍්පාදෙස‍්සාමීති ආහාරෙති. අථ වා, ‘නවවෙදනා’ නාම භුත‍්තප‍්පච‍්චයා නඋප‍්පජ‍්ජනකවෙදනා. තස‍්සා අනුප‍්පන‍්නාය අනුප‍්පජ‍්ජනත්‍ථමෙව ආහාරෙති. යාත්‍රා ච මෙ භවිස‍්සතීති යාපනා ච මෙ භවිස‍්සති. අනවජ‍්ජතා චාති එත්‍ථ අත්‍ථි සාවජ‍්ජං අත්‍ථි අනවජ‍්ජං. තත්‍ථ අධම‍්මිකපරියෙසනා අධම‍්මිකපටිග‍්ගහණං අධම‍්මෙන පරිභොගොති ඉදං ‘සාවජ‍්ජං’ නාම. ධම‍්මෙන පරියෙසිත්‍වා ධම‍්මෙන පටිග‍්ගහෙත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා පරිභුඤ‍්ජනං ‘අනවජ‍්ජං’ නාම. එකච‍්චො අනවජ‍්ජෙයෙව සාවජ‍්ජං කරොති, ‘ලද‍්ධං මෙ’ති කත්‍වා පමාණාතික‍්කන‍්තං භුඤ‍්ජති. තං ජීරාපෙතුං අසක‍්කොන‍්තො උද‍්ධංවිරෙචනඅධොවිරෙචනාදීහි කිලමති. සකලවිහාරෙ භික‍්ඛූ තස‍්ස සරීරපටිජග‍්ගනභෙසජ‍්ජපරියෙසනාදීසු උස‍්සුක‍්කං ආපජ‍්ජන‍්ති. ‘කිං ඉද’න‍්ති වුත‍්තෙ ‘අසුකස‍්ස නාම උදරං උද‍්ධුමාත’න‍්තිආදීනි වදන‍්ති. ‘එස නිච‍්චකාලම‍්පි එවංපකතිකොයෙව, අත‍්තනො කුච‍්ඡිපමාණං නාම න ජානාතී’ති නින්‍දන‍්ති ගරහන‍්ති. අයං අනවජ‍්ජෙයෙව සාවජ‍්ජං කරොති නාම. එවං අකත්‍වා ‘අනවජ‍්ජතා ච භවිස‍්සතී’ති ආහාරෙති.

ඉති යනු උපාය දැක්වීමයි. මේ උපායෙන් යන අර්ථයි. පුරාණඤ්ච වෙදනං පටිහංඛාමි යනු පුරාණ වේදනා නම් නොබුදීම හේතුවෙන් උපන් වේදනාවයි. එය නසන්නෙමියි ආහාර අනුභව කරයි. නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි යනු අලුත් වේදනා නම් වැඩියෙන් අනුභව කිරීමෙන් උපදනා වේදනාවයි. එය නූපදවමියි ආහාර අනුභව කරයි. නොහොත් අනුභව කිරීම හේතුවෙන් උපදනා වේදනාවයි. එය නූපන් හෙයින් නූපදීම පිණිසම ආහාර අනුභව කරයි. යාත්‍රා ච මෙ භවිස්සති යනු මාගේ යැපීම ද වන්නේය. අනවජ්ජතා ච යනු මෙහි සාවද්‍යයක් ද ඇත. අනවද්‍යයක් ද ඇත. එහි අධාර්මික පර්යේෂණය අධාර්මික ප්‍රතිග්‍රහණය අධර්මයෙන් පරිභෝග කිරීම යන මෙය සාවද්‍ය නමි. ධර්මයෙන් සොයා ධර්මයෙන් පිළිගෙන ප්‍රත්‍යවේක්‍ෂා කොට පරිභෝග කිරීම අනුවද්‍ය නමි. ඇතැම් කෙනෙක් අනවද්‍යම සාවද්‍ය කෙරෙයි. මා විසින් ලබන ලදැයි පමණ ඉක්මවා පරිභෝග කරයි. එය දිරවන්නට නො හැකිව උද්ධ විරේචන අධෝ විරේචන ආදියෙන් වෙහෙසට පත්වෙයි. මුළු විහාරයෙහි භික්‍ෂූහු ඔහුට සිරුර පිළිදැගුම් කිරීම බෙහෙත් සෙවීම ආදියෙහි උත්සුක බවට පැමිණෙත්. මේ කුමක්දැයි කී කල්හි ‘අසුවලාගේ උදරය ඉදිමිණ’ යනාදිය කියත්. ‘මෙතෙම නිතරම මෙබඳු ප්‍රකෘතියක් ඇත්තේමය. තමාගේ කුසේ ප්‍රමාණය නම් නො දන්නේ’ යැයි නින්දා කරත්. ගර්හා කරත්. මෙතෙම අනවද්‍යම සාවද්‍ය කෙරෙයි නමි. මෙසේ නො කොට නිරවද්‍ය බව ද වන්නේ යැයි ආහාර අනුභව කරයි.

ඵාසුවිහාරො චාති එත්‍ථාපි අත්‍ථි ඵාසුවිහාරො අත්‍ථි න ඵාසුවිහාරො. තත්‍ථ ‘ආහරහත්‍ථකො අලංසාටකො තත්‍ථවට‍්ටකො කාකමාසකො භුත‍්තවමිතකො’ති ඉමෙසං පඤ‍්චන‍්නං බ්‍රාහ‍්මණානං භොජනං න ඵාසුවිහාරො නාම. එතෙසු හි ‘ආහරහත්‍ථකො’ නාම බහුං භුඤ‍්ජිත්‍වා අත‍්තනො ධම‍්මතාය උට‍්ඨාතුං අසක‍්කොන‍්තො ‘ආහර හත්‍ථ’න‍්ති වදති. ‘අලංසාටකො’ නාම අච‍්චුද‍්ධුමාතකුච‍්ඡිතාය උට‍්ඨිතොපි සාටකං නිවාසෙතුං න සක‍්කොති. ‘තත්‍ථවට‍්ටකො’ නාම උට‍්ඨාතුං අසක‍්කොන‍්තො තත්‍ථෙව පරිවට‍්ටති. ‘කාකමාසකො’ නාම යථා කාකෙහි ආමසිතුං සක‍්කා හොති, එවං යාව මුඛද‍්වාරා ආහාරෙති. ‘භුත‍්තවමිතකො’ නාම මුඛෙන සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො තත්‍ථෙව වමති. එවං අකත්‍වා ‘ඵාසුවිහාරො ච මෙ භවිස‍්සතී’ති ආහාරෙති. ඵාසුවිහාරො නාම චතූහි පඤ‍්චහි ආලොපෙහි ඌනූදරතා. එත‍්තකඤ‍්හි භුඤ‍්ජිත්‍වා පානීයං පිවතො චත‍්තාරො ඉරියාපථා සුඛෙන පවත‍්තන‍්ති. තස‍්මා ධම‍්මසෙනාපති එවමාහ –

ඵාසු විහාරොච යන මෙහිද ඵාසු විහාරයෙක් ඇත. නඵාසු විහාරයෙක් ඇත. එහි ආහාරහත්‍ථක අලංසාටක තත්‍රවට්ටක කාකමාසක භූත්තවමිතක යන මෙකී බ්‍රාහ්මණයන් පස්දෙනාගේ භෝජනය නඵාසුවිහාර නමි. මොවුනතුරෙන් ආහාරහත්‍ථක නම් බොහෝ අනුභව කොට තමාගේ ධර්මතාව නිසා නැගිටිය නො හැකිවූයේ ආහාර හත්‍ථක යැයි කියයි. අලංසාටක නම් ඉතා ඉදිමුණු කුස ඇති හෙයින් නැගිටියේ ද සළුව හැඳගන්නට නොහැකි වෙයි. තත්‍රවට්ටක නම් නැගිටිය නො හැකිව එහිම පෙරළෙයි. කාකමාසක නම් කපුටන් විසින් මෙන් ආමර්ශනය කරන්නට හැකි වේද මෙසේ මුවදොර දක්වා ආහාර අනුභව කරයි. භුත්තවමිතක නම් මුවින් දරන්නට නො හැකිව එහිම වමනය කරයි. මෙසේ නොකොට මාගේ ඵාසුවිහරණය ද වන්නේයැයි ආහාර අනුභව කරයි. ඵාසුවිහාර නම් ආලෝප සතරකින් පහකින් අඩු උදරයක් ඇති බවයි. මෙපමණක් අනුභවකොට පැන් බොන්නාගේ සතර ඉරියව් සුවෙන් පවතී. එහෙයින් දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ මෙසේ වදාළහ.

“චත‍්තාරො පඤ‍්ච ආලොපෙ, අභුත්‍වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො”ති. (ථෙරගා· 983);

චත්තාරො පඤ්ච ආලොපෙ අභුත්‍වා උදකං පිවෙ අලං ඵාසුවිහාරය පහිතත්තස්ස භික්‍ඛුනො

ආලෝප සතරක් පහක් අනුභව නො කර දිය බොන්න එය භාවනාවට මෙහෙයවන ලද සිත් ඇති භික්‍ෂුවගේ පහසු විහරණයට යෝග්‍යයි යනුයි.

ඉමස‍්මිං පන ඨානෙ අඞ‍්ගානි සමොධානෙතබ‍්බානි. ‘නෙව දවායා’තිහි එකං අඞ‍්ගං, ‘න මදායා’ති එකං, ‘න මණ‍්ඩනායා’ති එකං, ‘න විභූසනායා’ති එකං, ‘යාවදෙව ඉමස‍්ස කායස‍්ස ඨිතියා යාපනායා’ති එකං, ‘විහිංසූපරතියා බ්‍රහ‍්මචරියානුග‍්ගහායා’ති එකං, ‘ඉති පුරාණඤ‍්ච වෙදනං පටිහඞ‍්ඛාමි නවඤ‍්ච වෙදනං න උප‍්පාදෙස‍්සාමී’ති එකං, ‘යාත්‍රා ච මෙ භවිස‍්සතී’ති එකං අඞ‍්ගං. අනවජ‍්ජතා ච ඵාසුවිහාරො චාති අයමෙත්‍ථ භොජනානිසංසො. මහාසීවත්‍ථෙරො පනාහ – හෙට‍්ඨා චත‍්තාරි අඞ‍්ගානි පටික‍්ඛෙපො නාම. උපරි පන අට‍්ඨඞ‍්ගානි සමොධානෙතබ‍්බානීති – තත්‍ථ ‘යාවදෙව ඉමස‍්ස කායස‍්ස ඨිතියා’ති එකං අඞ‍්ගං, ‘යාපනායා’ති එකං, ‘විහිංසූපරතියාති’ එකං, ‘බ්‍රහ‍්මචරියානුග‍්ගහායා’ති එකං, ‘ඉති පුරාණඤ‍්ච වෙදනං පටිහඞ‍්ඛාමී’ති එකං, ‘නවඤ‍්ච වෙදනං න උප‍්පාදෙස‍්සාමී’ති එකං, ‘යාත්‍රා ච මෙ භවිස‍්සතී’ති එකං, ‘අනවජ‍්ජතා’ චාති එකං. ඵාසුවිහාරො පන භොජනානිසංසොති. එවං අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං ආහාරං ආහාරෙන‍්තො භොජනෙ මත‍්තඤ‍්ඤූ නාම හොති. අයං වුච‍්චතීති අයං පරියෙසනපටිග‍්ගහණපරිභොගෙසු යුත‍්තප‍්පමාණජානනවසෙන පවත‍්තො පච‍්චවෙක‍්ඛිතපරිභොගො භොජනෙ මත‍්තඤ‍්ඤුතා නාම වුච‍්චති.

මේ ස්ථානයේදී වනාහි අංග සමෝධානය කළ යුතුයි. නෙවදවාය යනු එක් අංගයකි. න මදාය යනු එකකි. න මණ්ඩනාය යනු එකකි. න විභූසනාය යනු එකකි. යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය යනු එකකි. විහිංසූපරතියා බ්‍රහ්මචරියානුග්ගහාය යනු එකකි. ඉති පුරාණඤ්ච වෙදනං පටිහංඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි යනු එකකි. යාත්‍රා ච මෙ භවිස්සති යනු එකකි. අනවජ්ජතා ච ඵාසුවිහාරො ච යනු මෙහි භෝජනානිසංසයෝ ය. මහාසිව ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ. ‘යට සතර අංගය ප්‍රතික්‍ෂේප නමි. මතු අංග අට වනාහි සමෝධානය කළයුතුයි’ යනුයි. එහි යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යනු එක් අංගයකි. යාපනාය යනු එකකි. විහිංසූපරතියා යනු එකකි. බ්‍රහ්මචරියානුග්ගහාය යනු එකකි. ඉති පුරාණඤ්ච වෙදනං පටිහංඛාමි යනු එකකි. නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි යනු එකකි. යාත්‍රා ච මෙ භවිස්සති යනු එකකි. අනවජ්ජතා ච යනු එකකි. ඵසුවිහාරො යනු භෝජනානිසංසයයි යනුයි. මෙසේ අෂ්ටාංග සමන්වාගත ආහාරය අනුභව කරනුයේ භෝජනෙ මත්තඤ්ඤු නම් වෙයි. අයං වුච්චති යනු මේ පර්යේෂණ ප්‍රතිග්‍රහණ පරිභෝජනයන්හි යුක්ත ප්‍රමාණය දැනීම් වශයෙන් පැවැති ප්‍රත්‍යවේක්‍ෂිත පරිභෝගය භෝජනේ මත්තඤ්ඤුතා නමැයි කියනු ලැබේ.

මුට‍්ඨස‍්සච‍්චනිද‍්දෙසෙ අසතීති සතිවිරහිතා චත‍්තාරො ඛන්‍ධා. අනනුස‍්සති අප‍්පටිස‍්සතීති උපසග‍්ගවසෙන පදං වඩ‍්ඪිතං. අසරණතාති අසරණාකාරො. අධාරණතාති ධාරෙතුං අසමත්‍ථතා. තාය හි සමන‍්නාගතො පුග‍්ගලො ආධානප‍්පත‍්තො නිධානක‍්ඛමො න හොති. උදකෙ අලාබුකටාහං විය ආරම‍්මණෙ පිලවතීති පිලාපනතා. සංමුසනතාති නට‍්ඨමුට‍්ඨස‍්සතිතා. තාය හි සමන‍්නාගතො පුග‍්ගලො නික‍්ඛිත‍්තභත‍්තො විය කාකො, නික‍්ඛිත‍්තමංසො විය ච සිඞ‍්ගාලො හොති.

මුට්ඨසච්ච නිර්දේශයෙහි අසති යනු සතිවිරහිත සතර ස්කන්‍ධයෝය. අනනුස්සති අප්පටිස්සති යැයි උපසර්ග වශයෙන් පදය වර්ධනය කරන ලදී. අසරණතා යනු අසරණාකාරයයි. අසරණතා යනු දරන්නට අසමත් බවයි. එයින් යුත් පුද්ගලයා නොදැරිය හැකි තත්ත්වයට පත්වූයේ නිධානක්‍ෂම නොවේ. ජලයෙහි ලබු කබලක් මෙන් අරමුණෙහි පාවෙයි යනු = පිලපනතා ය. සමුස්සනතා යනු නටුවා වූ මුළා වූ සිහි ඇති බවය. එයින් යුත් පුද්ගලයා වනාහි බත් සැඟවූ කපුටෙකු මෙන් ද මස් ඉවත දැමූ සිවලෙකු මෙන් ද වෙයි.

භාවනාබලනිද‍්දෙසෙ කුසලානං ධම‍්මානන‍්ති බොධිපක‍්ඛියධම‍්මානං ආසෙවනාති ආදිසෙවනා. භාවනාති වඩ‍්ඪනා. බහුලීකම‍්මන‍්ති පුනප‍්පුනං කරණං.

භාවනාබල නිර්දේශයෙහි කුසලානං ධම්මානං යනු බොධිපාක්‍ෂික ධර්මයන්ගේ, ආසෙවනා යනු ආදියෙන් සේවනය කිරීමයි. භවනා යනු වැඩීමයි. බහූලීකම්මං යනු නැවත නැවත කිරීමය.

සීලවිපත‍්තිනිද‍්දෙසො සීලසම‍්පදානිද‍්දෙසපටිපක‍්ඛතො වෙදිතබ‍්බො. දිට‍්ඨිවිපත‍්තිනිද‍්දෙසො ච දිට‍්ඨිසම‍්පදානිද‍්දෙසපටිපක‍්ඛතො දිට‍්ඨිසම‍්පදානිද‍්දෙසො ච දිට‍්ඨුපාදානනිද‍්දෙසපටිපක‍්ඛතො. සීලවිසුද‍්ධිනිද‍්දෙසො කිඤ‍්චාපි සීලසම‍්පදානිද‍්දෙසෙන සමානො, තත්‍ථ පන විසුද‍්ධිසම‍්පාපකං පාතිමොක‍්ඛසංවරසීලං කථිතං, ඉධ විසුද‍්ධිප‍්පත‍්තං සීලං. සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච, පටිසඞ‍්ඛානබලඤ‍්ච භාවනාබලඤ‍්ච, සමථො ච විපස‍්සනා ච, සමථනිමිත‍්තඤ‍්ච පග‍්ගහනිමිත‍්තඤ‍්ච, පග‍්ගාහො ච අවික‍්ඛෙපො ච, සීලසම‍්පදා ච දිට‍්ඨිසම‍්පදා චාති ඉමෙහි පන ඡහි දුකෙහි චතුභූමකාපි ලොකියලොකුත‍්තරධම‍්මාව කථිතා.

සීල විපත්ති නිර්දේශය සීලසම්පදා නිර්දේශයට ප්‍රතිපක්‍ෂ වශයෙන් දතයුතුයි. දිට්ඨි විපත්ති නිර්දේශය දිට්ඨි සම්පදා නිර්දේශයට ප්‍රතිපක්‍ෂ වශයෙන් ද, දිට්ඨි සම්පදා නිර්දේශය දිට්ඨි උපාදාන නිර්දේශයට ප්‍රතිපක්‍ෂ වශයෙන් ද සීලවිසුද්ධි නිර්දේශය සීල සම්පදා නිර්දේශයට සමාන වුව ද එහිදී වනාහි විශුද්ධි සම්ප්‍රාපක ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය කියන ලදී. මෙහි විශුද්ධිප්‍රාප්ත ශීලය ස්මෘතිය ද සම්ප්‍රජණ්‍යය ද ප්‍රතිසංඛ්‍යාන බලය ද භාවනා බලය ද සමථය ද විදර්ශනාව ද සමථ නිමිත්ත ද ප්‍රග්‍රාහ නිමිත්ත ද ප්‍රග්‍රහාහය ද අවික්‍ෂේපය ද ශීල සම්පත්තිය දැයි මෙකී දුකසයෙන් චාතුර්භූමක ලෞකික ලෝකෝත්තර ධර්මයෝ ද කියන ලදී.

දිට‍්ඨිවිසුද‍්ධිනිද‍්දෙසෙ කම‍්මස‍්සකතඤ‍්ඤාණන‍්ති ‘ඉදං කම‍්මං සකං, ඉදං නො සක’න‍්ති ජානනපඤ‍්ඤා. තත්‍ථ අත‍්තනා වා කතං හොතු පරෙන වා සබ‍්බම‍්පි අකුසලකම‍්මං නො සකං. කස‍්මා? අත්‍ථභඤ‍්ජනතො අනත්‍ථජනනතො ච. කුසලකම‍්මං පන අනත්‍ථභඤ‍්ජනතො අත්‍ථජනනතො ච ‘සකං’ නාම. තත්‍ථ යථා නාම සධනො සභොගො පුරිසො අද‍්ධානමග‍්ගං පටිපජ‍්ජිත්‍වා අන‍්තරාමග‍්ගෙ ගාමනිගමාදීසු නක‍්ඛත‍්තෙ සඞ‍්ඝුට‍්ඨෙ ‘අහං ආගන‍්තුකො, කං නු ඛො නිස‍්සාය නක‍්ඛත‍්තං කීළෙය්‍ය’න‍්ති අචින‍්තෙත්‍වා යථා යථා ඉච‍්ඡති තෙන තෙන නීහාරෙන නක‍්ඛත‍්තං කීළන‍්තො සුඛෙන කන‍්තාරං අතික‍්කමති, එවමෙව ඉමස‍්මිං කම‍්මස‍්සකතඤ‍්ඤාණෙ ඨත්‍වා ඉමෙ සත‍්තා බහුං වට‍්ටගාමිකම‍්මං ආයූහිත්‍වා සුඛෙන සුඛං අනුභවන‍්තා අරහත‍්තං පත‍්තා ගණනපථං වීතිවත‍්තා. සච‍්චානුලොමිකඤාණන‍්ති චතුන‍්නං සච‍්චානං අනුලොමං විපස‍්සනාඤාණං. මග‍්ගසමඞ‍්ගිස‍්ස ඤාණං ඵලසමඞ‍්ගිස‍්ස ඤාණන‍්ති මග‍්ගඤාණඵලඤාණානියෙව.

දෘෂ්ටි විශුද්ධි නිර්දේශයෙහි කම්මස්සත්තාඤාණං යනු මේ කර්මය ස්වකීයය. මෙය ස්වකීය නොවේ යැයි දන්නා ප්‍රඥාවයි. එහි තමා විසින් කරන ලද්දේ හෝ වේවා අන්‍යයකු විසින් හෝ වේවා සියලුම අකුශල කර්මය ස්වකීය නොවේ. කවර හෙයින් ද? අර්ථය නසන හෙයින් හා අනර්ථය උපදවන හෙයිනි. කුශල කර්මය වනාහි අනර්ථය නසන හෙයින් ද අර්ථය උපදවන හෙයින් ද ස්වකීය නම් වෙයි. එහි යම්සේ ධනය සහිත භෝග සහිත පුරුෂයෙක් දීර්ඝ මාර්ගයට පිළිපන්නේ අතරමග ගම්නියම්ගම් ආදියෙහි දී නැකත් ඝෝෂා කළ කල්හි මම ආගන්තුකයෙක්මි. කුමක් නිසා නැකත් කෙළි කෙළින්නෙම්දැයි නොසිතා යම් යම් ආකාරයකින් කැමති වේද ඒ ඒ ආකාරයෙන් නැකත් කෙළි කෙළිමින් සුවසේ කාන්තාරය ඉක්මවයි ද, මෙපරිද්දෙන් මේ කර්මස්ථාන ඤාණයෙහි සිට මේ සත්ත්වයෝ බොහෝ සංසාරගාමී කර්ම රැස්කොට සැපයෙන් සැප අනුභව කරමින් රහත්බවට පැමිණීයෝ සංඛ්‍යාපථය ඉක්මවූවාහුය. සච්චානුලොමිකඤාණං යනු චතුරාර්ය සත්‍යයන්ගේ අනුලෝම විදර්ශනා ඥානයයි. මග්ග සමංගිස්ස ඤාණං ඵලසමංගිස්ස ඤාණං යනු මාර්ගඥාන ඵලඥානයෝමය.

‘දිට‍්ඨිවිසුද‍්ධි ඛො පනා’තිපදස‍්ස නිද‍්දෙසෙ යා පඤ‍්ඤා පජානනාතිආදීහි පදෙහි හෙට‍්ඨා වුත‍්තානි කම‍්මස‍්සකතඤ‍්ඤාණාදීනෙව චත‍්තාරි ඤාණානි විභත‍්තානි.

දිට්ඨි විසුද්ධි ඛොපන යනු පදයාගේ නිර්දේශයෙහි යා පඤ්ඤා පජානතා යනාදී පදයන්ගෙන් යට කියන ලද කම්මස්සකතඤාණාදියම චතුර්විධ ඥාන ලෙස බෙදන ලදී.

‘යථාදිට‍්ඨිස‍්ස ච පධාන’න‍්ති පදස‍්ස නිද‍්දෙසෙ යො චෙතසිකො වීරියාරම‍්භොතිආදීහි පදෙහි නිද‍්දිට‍්ඨං වීරියං පඤ‍්ඤාගතිකමෙව; පඤ‍්ඤාය හි ලොකියට‍්ඨානෙ ලොකියං ලොකුත‍්තරට‍්ඨානෙ ලොකුත‍්තරන‍්ති වෙදිතබ‍්බං.

යථා දිට්ඨිස්ස ච පධානං යන පදයාගේ නිර්දේශයෙහි යො චෙතසිකො විරියාරම්හො යනාදි පදවලින් දක්වන ලද වීර්යය ප්‍රඥා ගතිකමය. ප්‍රඥාව ලෞකික ස්ථානයෙහි ලෞකිකය. ලෝකෝත්තර ස්ථානයෙහි ලෝකෝත්තර යැයි දතයුතුයි.

සංවෙගදුකනිද‍්දෙසෙ ජාතිභයන‍්ති ජාතිං භයතො දිස‍්වා ඨිතඤාණං. ජරාමරණභයාදීසුපි එසෙව නයො.

සංවේග දුක නිර්දේශයෙහි ජාතිභයං යනු ජාතිය, භය වශයෙන් දැක සිටි ඥානයයි. ජරාමරණභය ආදියෙහි ද මේ නයමය.

අනුප‍්පන‍්නානං පාපකානන‍්තිආදීහි ජාතිආදීනි භයතො දිස‍්වා ජාතිජරාබ්‍යාධිමරණෙහි මුච‍්චිතුකාමස‍්ස උපායපධානං කථිතං. පදභාජනීයස‍්ස පනත්‍ථො විභඞ‍්ගට‍්ඨකථායං (විභ· අට‍්ඨ· 367 බොජ‍්ඣඞ‍්ගපබ‍්බවණ‍්ණනා) ආවි භවිස‍්සති.

අනුප්පන්නානං පාපකානං යනාදියෙන් ජාති ආදිය භය වශයෙන් දැක ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් මිදෙනු කැමැත්තහුගේ උපාය ප්‍රධානය කියන ලදී. පද භාජනීයයාගේ අර්ථය විභංගය කථාවෙහි මතු පළවන්නේය.

‘අසන‍්තුට‍්ඨිතා ච කුසලෙසු ධම‍්මෙසූ’ති පදනිද‍්දෙසෙ භිය්‍යොකම්‍යතාති විසෙසකාමතා. ඉධෙකච‍්චො හි ආදිතොව පක‍්ඛිකභත‍්තං වා සලාකභත‍්තං වා උපොසථිකං වා පාටිපදිකං වා දෙති, සො තෙන අසන‍්තුට‍්ඨො හුත්‍වා පුන ධුරභත‍්තං සඞ‍්ඝභත‍්තං වස‍්සාවාසිකං දෙති, ආවාසං කාරෙති, චත‍්තාරොපි පච‍්චයෙ දෙති. තත්‍රාපි අසන‍්තුට‍්ඨො හුත්‍වා සරණානි ගණ‍්හාති, පඤ‍්ච සීලානි සමාදියති. තත්‍රාපි අසන‍්තුට‍්ඨො හුත්‍වා පබ‍්බජති. පබ‍්බජිත්‍වා එකං නිකායං ද‍්වෙ නිකායෙති තෙපිටකං බුද‍්ධවචනං ගණ‍්හාති, අට‍්ඨ සමාපත‍්තියො භාවෙති, විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං ගණ‍්හාති . අරහත‍්තප‍්පත‍්තිතො පට‍්ඨාය මහාසන‍්තුට‍්ඨො නාම හොති. එවං යාව අරහත‍්තා විසෙසකාමතා ‘භිය්‍යොකම්‍යතා’ නාම.

අසන්තුට්ඨිතා ච කුලෙසු ධම්මෙසු යන පද නිර්දේශයෙහි භිය්‍යොකම්‍යතා යනු විශේෂ කම්‍යතාවයි. මෙහි ඇතැම් කෙනෙක් පළමුවෙන්ම පක්‍ෂයෙහි දෙන බත හෝ සලාක බත හෝ (උපෝසථික බත හෝ පෑළවියට දෙන බත හෝ) දෙයි. හෙතෙම එයින් අසතුටුව නැවත ධුරබතක් සඟබතක් වස්සාවාසික බතක් දෙයි. ආවාසයක් කරවයි. සිවුපසයම වෙයි. එහිද අසතුටු වූයේ සරණයයි. පන්සිල් සමාදන් වෙයි. එහිද අසතුටු වූයේ පැවිදි වෙයි. පැවිදිව එක් නිකායක් නිකාය දෙකක් යැයි ත්‍රිපිටක බුද්ධ වචනය ගනී. අෂ්ට සමාපත්ති වඩයි. විදසුන් වඩා අර්හත්වයට පත්වෙයි. අර්හත්වයට පත්වීමෙන් පටන් මහා සන්තුෂ්ටියෙක් නම් වෙයි. මෙසේ අර්හත්වය දක්වා විසෙසකාමතා භිය්‍යොකම්‍යතා නමි.

‘අප‍්පටිවානිතා ච පධානස‍්මි’න‍්ති පදස‍්ස නිද‍්දෙසෙ යස‍්මා පන‍්තසෙනාසනෙසු අධිකුසලානං ධම‍්මානං භාවනාය උක‍්කණ‍්ඨමානො පධානං පටිවාසෙති නාම , අනුක‍්කණ‍්ඨමානො නො පටිවාසෙති නාම, තස‍්මා තං නයං දස‍්සෙතුං යා කුසලානං ධම‍්මානන‍්තිආදි වුත‍්තං. තත්‍ථ සක‍්කච‍්චකිරියතාති කුසලානං කරණෙ සක‍්කච‍්චකාරිතා. සාතච‍්චකිරියතාති සතතමෙව කරණං. අට‍්ඨිතකිරියතාති ඛණ‍්ඩං අකත්‍වා අට‍්ඨපෙත්‍වා කරණං. අනොලීනවුත‍්තිතාති අලීනජීවිතා, අලීනපවත‍්තිතා වා. අනික‍්ඛිත‍්තඡන්‍දතාති කුසලච‍්ඡන්‍දස‍්ස අනික‍්ඛිපනං. අනික‍්ඛිත‍්තධුරතාති කුසලකරණෙ වීරියධුරස‍්ස අනික‍්ඛිපනං.

අප්පටිවාතිතා ච පධානස්මිං යන පද නිර්දේශයෙහි යම්හෙයකින් ප්‍රාන්ත සේනාසනයක්හි දී අධි කුසලධර්මයන් භාවනා කිරීමට කළකිරෙනුයේ පධානං පටිවාසෙති නමි. නො කළකිරෙනුයේ නො පටිවාසෙති නමි. එහෙයින් ඒ නය දක්වන්නට කුසලානං ධම්මානං යන ආදිය කියන ලදී. එහි සක්කච්ච කිරියා යනු කුසල් කිරීමේ දී සකසා කරන බවයි. සාතච්ච කිරියා යනු නිතරම කිරිමයි. අට්ඨිත කිරියා යනු (කඩ නොකොට) නො නවත්වා කිරීමයි. (අලීනවුත්තිකා යනු නො සැඟවුණු ජීවිත ඇති බවයි. නො සැඟවුණු පැවතුම් හෝ ඇති බවයි.) අනික්‍ඛිත්ත ඡන්‍දතා යනු කුශලච්ඡන්‍දය බැහැර නො කිරීමයි. අනික්‍ඛිත්ත ධුරා යනු කුසල් කිරීමේදී වීර්ය සංඛ්‍යාත ධුරය බැහැර නො කිරීමයි.

‘පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණං විජ‍්ජා’ති එත්‍ථ පුබ‍්බෙනිවාසොති පුබ‍්බෙ නිවුත්‍ථක‍්ඛන්‍ධා ච ඛන්‍ධපටිබද‍්ධඤ‍්ච. පුබ‍්බෙනිවාසස‍්ස අනුස‍්සති පුබ‍්බෙනිවාසානුස‍්සති. තාය සම‍්පයුත‍්තං ඤාණං පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණං. තයිදං පුබ‍්බෙ නිවුත්‍ථක‍්ඛන්‍ධපටිච‍්ඡාදකං තමං විජ‍්ඣතීති විජ‍්ජා. තං තමං විජ‍්ඣිත්‍වා තෙ ඛන්‍ධෙ විදිතෙ පාකටෙ කරොතීති විදිතකරණට‍්ඨෙනාපි විජ‍්ජා.

පුබ්බෙ නිවාසානුස්සති ඤාණං විජ්ජා යන මෙහි පුබ්බෙනිවාසො යනු පෙර විසූ ස්කන්‍ධ හා ස්කන්‍ධ ප්‍රතිබද්ධය ද වේ. පූර්වේනිවාසය අනුස්මරණය = පුබ්බෙනිවාසානුස්සතිය. එය හා සම්ප්‍රයුක්ත ඥානය = පුබ්බෙ නිවාසානුස්සති ඤාණයයි. ඒ මේ පෙර විසූ ස්කන්‍ධ ප්‍රතිච්ඡාදක අඳුර විදීනුයි විජ්ජා ය. ඒ අඳුර විඳ ඒ ස්කන්‍ධයන් දැනීම ප්‍රකටබව කරයි යනු අර්ථයෙන් ද විජ්ජා ය.

චුතූපපාතෙ ඤාණන‍්ති චුතියඤ‍්ච උපපාතෙ ච ඤාණං. ඉදම‍්පි සත‍්තානං චුතිපටිසන්‍ධිච‍්ඡාදකං තමං විජ‍්ඣතීති විජ‍්ජා. තං තමං විජ‍්ඣිත්‍වා සත‍්තානං චුතිපටිසන්‍ධියො විදිතා පාකටා කරොතීති විදිතකරණට‍්ඨෙනාපි විජ‍්ජා. ආසවානං ඛයෙ ඤාණන‍්ති සබ‍්බකිලෙසානං ඛයසමයෙ ඤාණං. තයිදං චතුසච‍්චච‍්ඡාදකතමං විජ‍්ඣතීති විජ‍්ජා. තං තමං විජ‍්ඣිත්‍වා චත‍්තාරි සච‍්චානි විදිතානි පාකටානි කරොතීති විදිතකරණට‍්ඨෙනාපි විජ‍්ජා.

චුතූපපාතෙ ඤාණං යනු චුතියෙහි ද උපපාතයෙහි ද ඤාණයයි. මෙයද සත්ත්වයන්ගේ චුතිපටිසන්‍ධි වසාලන අඳුර විඳීනුයි විජ්ජා ය. ඒ අඳුර විඳ සත්ත්වයන්ගේ චුතිපටිසන්‍ධි දැනීම ප්‍රකට කිරීම කෙරේ යනුවෙන් දැනීම කරන අර්ථයෙන් ද විජ්ජා ය. ආසවානං ඛයෙ ඤාණං යනු සියලු කෙලෙස් ක්‍ෂය කරන ඥානයයි. ඒ ඥානය චතුස්සත්‍යය ප්‍රතිච්ඡාදක අඳුර විඳීනුයි = විජ්ජා ය. ඒ අඳුර විඳ චතුස්සත්‍ය විඳීම කෙරේ. ප්‍රකට කෙරේ යැයි දැනීම් කිරීම් අර්ථයෙන් ද විජ්ජාය.

‘චිත‍්තස‍්ස ච අධිමුත‍්ති නිබ‍්බානඤ‍්චා’ති එත්‍ථ ආරම‍්මණෙ අධිමුච‍්චනට‍්ඨෙන, පච‍්චනීකධම‍්මෙහි ච සුට‍්ඨුමුත‍්තට‍්ඨෙන අට‍්ඨ සමාපත‍්තියො චිත‍්තස‍්ස අධිමුත‍්ති නාම. ඉතරං පන ‘නත්‍ථි එත්‍ථ තණ‍්හාසඞ‍්ඛාතං වානං’, ‘නිග‍්ගතං වා තස‍්මා වානා’ති නිබ‍්බානං. තත්‍ථ අට‍්ඨ සමාපත‍්තියො සයං වික‍්ඛම‍්භිතකිලෙසෙහි විමුත‍්තත‍්තා විමුත‍්තීති වුත‍්තා, නිබ‍්බානං පන සබ‍්බකිලෙසෙහි අච‍්චන‍්තං විමුත‍්තත‍්තා විමුත‍්තීති.

චිත්තස්ස ච අධිමුත්ති නිබ්බාණඤ්ච යන මෙහි අරමුණෙහි ඇලෙන අර්ථයෙන් ද විරුද්ධ ධර්මයන්ගෙන් මනාව මිදෙන අර්ථයෙන් ද අෂ්ට සමාපත්ති චිත්තස්ස අධිමුත්ති නමි. මෙහි අනෙකක් තෘෂ්ණා සංඛ්‍යාත වානයක් නැත. ඒ වානයෙන් - තෘෂ්ණාවෙන් නික්මුණේය යනු නිබ්බාණං ය. එහි අෂ්ට සමාපත්තීහු තමා විෂ්කම්භනය කළ ක්ලේශයන්ගෙන් මිදුණු හෙයින් විමුක්ති යැයි කියන ලදහ. නිර්වාණය වනාහි සකල ක්ලේශයන්ගෙන් අත්‍යන්තයෙන් විමුක්ත හෙයින් විමුක්තියය.

මග‍්ගසමඞ‍්ගිස‍්ස ඤාණන‍්ති චත‍්තාරි මග‍්ගඤාණානි. ඵලසමඞ‍්ගිස‍්ස ඤාණන‍්ති චත‍්තාරි ඵලඤාණානි. තත්‍ථ පඨමමග‍්ගඤාණං පඤ‍්ච කිලෙසෙ ඛෙපෙන‍්තං නිරොධෙන‍්තං වූපසමෙන‍්තං පටිප‍්පස‍්සම‍්භෙන‍්තං උප‍්පජ‍්ජතීති ඛයෙ ඤාණං නාම ජාතං. දුතියමග‍්ගඤාණං චත‍්තාරො කිලෙසෙ. තථා තතියමග‍්ගඤාණං. චතුත්‍ථමග‍්ගඤාණං පන අට‍්ඨ කිලෙසෙ ඛෙපෙන‍්තං නිරොධෙන‍්තං වූපසමෙන‍්තං පටිප‍්පස‍්සම‍්භෙන‍්තං උප‍්පජ‍්ජතීති ‘ඛයෙ ඤාණං’ නාම ජාතං. තං තං මග‍්ගඵලඤාණං පන තෙසං තෙසං කිලෙසානං ඛීණන‍්තෙ නිරුද‍්ධන‍්තෙ වූපසමන‍්තෙ පටිප‍්පස‍්සම‍්භන‍්තෙ අනුප‍්පාදන‍්තෙ අප‍්පවත‍්තන‍්තෙ උප‍්පන‍්නන‍්ති අනුප‍්පාදෙ ඤාණං නාම ජාතන‍්ති.

මග්ග සමංගිස්ස ඤාණං යනු සතර මාර්ගඥානයෝය. ඵලසමංගිස්ස ඤාණං යනු සතර ඵලඥානයෝය. එහි ප්‍රථම මාර්ගඥානය පංච ක්ලේශයන් ගෙවමින් නිෂේධ කරමින් සංසිඳුවමින් ප්‍රතිප්‍රසම්භනය කරමින් උපදී යනු ඛයෙ ඤාණං නම් විය. ද්විතීය මාර්ගඥානය චතුර්විධ ක්ලේශයන් ද එසේම තෘතීය මාර්ගඥානය ද, චතුර්ථ මාර්ගඥානය වනාහි අෂ්ට ක්ලේශයන් ගෙවමින් (නිරෝධ කරමින් සංසිඳුවමින්) යටපත් කරමින් උපදී යනු ඛයෙ ඤාණං නම් විය. ඒ ඒ මාර්ගඵලඥාන වනාහි ඒ ඒ ක්ලේශයන් ක්‍ෂය වෙද්දී නිරුද්ධ වෙද්දී සංසිඳෙද්දී යටපත් වෙද්දී නූපන් කල්හි නොපවතිද්දී උපන්නේය යනු අනුප්පාදෙ ඤාණං නම් වීය යනුයි.

අට‍්ඨසාලිනියා ධම‍්මසඞ‍්ගහඅට‍්ඨකථාය නික‍්ඛෙපකණ‍්ඩවණ‍්ණනා නිට‍්ඨිතා.

අත්‍ථිසාලිනී නම් ධර්මසංග්‍රහ අර්ථ කථාවෙහි නික්‍ෂේපකාණ්ඩ (බහා තැබීම) වර්ණනාව නිමියේය.