යෙදුමෙන් කියවන්න

දුකනික‍්ඛෙපකථා අට‍්ඨකථා

දුකනික‍්ඛෙපකථා

දුකනික්ඛෙපකථා

දුකෙසු අදොසනිද‍්දෙසෙ මෙත‍්තායනවසෙන මෙත‍්ති. මෙත‍්තාකාරො මෙත‍්තායනා. මෙත‍්තාය අයිතස‍්ස මෙත‍්තාසමඞ‍්ගිනො චිත‍්තස‍්ස භාවො මෙත‍්තායිතත‍්තං. අනුදයතීති අනුද‍්දා, රක‍්ඛතීති අත්‍ථො. අනුද‍්දාකාරො අනුද‍්දායනා. අනුද‍්දායිතස‍්ස භාවො අනුද‍්දායිතත‍්තං. හිතස‍්ස එසනවසෙන හිතෙසිතා. අනුකම‍්පනවසෙන අනුකම‍්පා. සබ‍්බෙහිපි ඉමෙහි පදෙහි උපචාරප‍්පනාප‍්පත‍්තා මෙත‍්තාව වුත‍්තා. සෙසපදෙහි ලොකියලොකුත‍්තරො අදොසො කථිතො.

දුකයන්හි අදෝෂ නිර්දේශයෙහි මෛත්‍රී කිරීම වශයෙන් = මෙත්ති ය. මෛත්‍රී ආකාරය = මෙත්තායනා යනු මෛත්‍රියෙහි යෙදුණාහුගේ මෛත්‍රියෙන් යුක්ත වූවහුගේ සිතෙහි ස්වභාවය = මෙත්තායිතත්තං ය. ආරක්‍ෂා කරයි යනු අනුද්දාය, රක්‍ෂා කරයි යන අර්ථයි. ආරක්‍ෂා කරන ආකාරය අනුද්දයතා ය. අනුද්දායිතහුගේ භාවය = අනුද්දායිතත්තය, හිතය සෙවීම් වශයෙන් = හිතෙයිතා ය. අනුකම්පා කිරීම් වශයෙන් = අනුකම්පාය. මේ සියලුම පදයන්ගෙන් උපචාර අර්පණා ප්‍රාප්ත මෛත්‍රියම කියන ලදී. සෙසු පදයන්ගෙන් ලෞකික ලෝකෝත්තර අද්වේෂය කියන ලදී.

අමොහනිද‍්දෙසෙ දුක‍්ඛෙ ඤාණන‍්ති දුක‍්ඛසච‍්චෙ පඤ‍්ඤා. දුක‍්ඛසමුදයෙතිආදීසුපි එසෙව නයො. එත්‍ථ ච දුක‍්ඛෙ ඤාණං සවනසම‍්මසනපටිවෙධපච‍්චවෙක‍්ඛණාසු වත‍්තති. තථා දුක‍්ඛසමුදයෙ. නිරොධෙ පන සවනපටිවෙධපච‍්චවෙක‍්ඛණාසු එව. තථා පටිපදාය. පුබ‍්බන‍්තෙති අතීතකොට‍්ඨාසෙ. අපරන‍්තෙති අනාගතකොට‍්ඨාසෙ. පුබ‍්බන‍්තාපරන‍්තෙති තදුභයෙ. ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු ඤාණන‍්ති අයං පච‍්චයො, ඉදං පච‍්චයුප‍්පන‍්නං, ඉදං පටිච‍්ච ඉදං නිබ‍්බත‍්තන‍්ති, එවං පච‍්චයෙසු ච පච‍්චයුප‍්පන‍්නධම‍්මෙසු ච ඤාණං.

අමෝහ නිර්දේශයෙහි දුක්‍ඛෙ ඤාණං යනු දුඃඛසත්‍යයෙහි ප්‍රඥාවයි. දුක්‍ඛ සමුදයෙ යනාදීන්හි ද මේ නයමය. මෙහි ද දුඃඛසත්‍යයෙහි ඥානය ශ්‍රවණ සම්මර්ශන ප්‍රතිවේධ ප්‍රත්‍යවේක්‍ෂණයන්හි වැටේ. දුඃඛ සමුදයෙහි ද එසේමය. නිරෝධයෙහි වනාහි ශ්‍රවණ ප්‍රතිවේධ ප්‍රත්‍යවේක්‍ෂණයන්හිමය. ප්‍රතිපදාවෙහි ද එසේමය. පුබ්බනෙත යනු අතීත කොට්ඨාසයෙහිය. අපරනෙත යනු අනාගත කොට්ඨාසයෙහි ය. පුබ්බන්තා පරනෙත යනු ඒ දෙකෙහිමය. ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු ඤාණං යනු මේ ප්‍රත්‍යයයි. (මේ ප්‍රත්‍යයෙන් උපන්නේය) මෙය නිසා මෙය උපන්නේ යැයි මෙසේ ප්‍රත්‍යයන්හි ද ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්හි ද ඥානයයි.

ලොභනිද‍්දෙසෙපි හෙට‍්ඨා අනාගතානං පදානං අයමත්‍ථො – රඤ‍්ජනවසෙන රාගො. බලවරඤ‍්ජනට‍්ඨෙන සාරාගො. විසයෙසු සත‍්තානං අනුනයනතො අනුනයො. අනුරුජ‍්ඣතීති අනුරොධො, කාමෙතීති අත්‍ථො. යත්‍ථ කත්‍ථචි භවෙ සත‍්තා එතාය නන්‍දන‍්ති, සයං වා නන්‍දතීති නන්‍දී. නන්‍දී ච සා රඤ‍්ජනට‍්ඨෙන රාගො චාති නන්‍දීරාගො. තත්‍ථ එකස‍්මිං ආරම‍්මණෙ සකිං උප‍්පන‍්නා තණ‍්හා ‘නන්‍දී’. පුනප‍්පුනං උප‍්පජ‍්ජමානා ‘නන්‍දීරාගො’ති වුච‍්චති. චිත‍්තස‍්ස සාරාගොති යො හෙට‍්ඨා බලවරඤ‍්ජනට‍්ඨෙන සාරාගොති වුත‍්තො, සො න සත‍්තස‍්ස, චිත‍්තස‍්සෙව සාරාගොති අත්‍ථො.

ලෝභායතන නිර්දේශයෙහි ද යට නො ආ පදයන්ගේ මේ අර්ථයයි. සිත් ඇලවීම් වශයෙන් රාගො ය. (බලවත් රඳවන අර්ථයෙන් = සාරොගො ය. විෂයයන්හි සත්ත්වයන් මෙහෙයවන හෙයින් = අනුනයො ය. රුචි වේ යනු = අනුරාධො ය, කැමතිවේ යන අර්ථයි. සත්ත්වයෝ භවයෙහි යම්කිසි තැනෙක මෙයින් සතුටු වෙති තෙමේ හෝ සතුටුවෙයි යනු = නන්‍දිය, නන්‍දියත් එය ය. සිත් ඇලවීම් අර්ථයෙන් රාගයත් එයයි යනු = නන්‍දිරාගො එහිදී එක් අරමුණක වරක් උපන් තෘෂ්ණාව නන්‍දියයි. නැවත නැවත උපදින්නේ නන්‍දිරාගො යැයි කියනු ලැබේ. චිත්තස්ස සාරාගො ය එය යට දැඩිව සිත් අලවන අර්ථයෙන් සාරාගො යැයි කියන ලදී. එය සත්ත්වයාගේ නොවේ. ඒ රාගය චිත්තයාගේමය යන අර්ථයි.

ඉච‍්ඡන‍්ති එතාය ආරම‍්මණානීති ඉච‍්ඡා. බහලකිලෙසභාවෙන මුච‍්ඡන‍්ති එතාය පාණිනොති මුච‍්ඡා. ගිලිත්‍වා පරිනිට‍්ඨපෙත්‍වා ගහණවසෙන අජ‍්ඣොසානං. ඉමිනා සත‍්තා ගිජ‍්ඣන‍්ති, ගෙධං ආපජ‍්ජන‍්තීති ගෙධො; බහලට‍්ඨෙන වා ගෙධො. “ගෙධං වා පවනසණ‍්ඩ”න‍්ති හි බහලට‍්ඨෙනෙව වුත‍්තං. අනන‍්තරපදං උපසග‍්ගවසෙන වඩ‍්ඪිතං. සබ‍්බතොභාගෙන වා ගෙධොති පලිගෙධො. සඤ‍්ජන‍්ති එතෙනාති සඞ‍්ගො; ලග‍්ගනට‍්ඨෙන වා සඞ‍්ගො. ඔසීදනට‍්ඨෙන පඞ‍්කො. ආකඩ‍්ඪනවසෙන එජා. “එජා ඉමං පුරිසං පරිකඩ‍්ඪති තස‍්ස තස‍්සෙව භවස‍්ස අභිනිබ‍්බත‍්තියා”ති හි වුත‍්තං. වඤ‍්චනට‍්ඨෙන මායා. වට‍්ටස‍්මිං සත‍්තානං ජනනට‍්ඨෙන ජනිකා. “තණ‍්හා ජනෙති පුරිසං චිත‍්තමස‍්ස විධාවතී”ති (සං· නි· 1.55-57) හි වුත‍්තං. වට‍්ටස‍්මිං සත‍්තෙ දුක‍්ඛෙන සංයොජයමානා ජනෙතීති සඤ‍්ජනනී. ඝටනට‍්ඨෙන සිබ‍්බිනී. අයඤ‍්හි වට‍්ටස‍්මිං සත‍්තෙ චුතිපටිසන්‍ධිවසෙන සිබ‍්බති ඝටෙති, තුන‍්නකාරො විය පිලොතිකාය පිලොතිකං; තස‍්මා ඝටනට‍්ඨෙන සිබ‍්බිනීති වුත‍්තා. අනෙකප‍්පකාරං විසයජාලං තණ‍්හාවිප‍්ඵන්‍දිතනිවෙසසඞ‍්ඛාතං වා ජාලමස‍්සා අත්‍ථීති ජාලිනී.

මෙයින් අරමුණු කැමතිවනු ලැබේ යනු = ඉච්ඡාය, බහුල වූ කෙලෙස් හෙයින් මෙයින් සත්ත්වයෝ මූර්ඡාවෙත් යනු = මුච්ඡා ය. ගිලී නිමාවට පැමිණ ග්‍රහණය කිරීම් වශයෙන් = අජ්ඣොසානය, සත්ත්වයෝ මෙයින් ගිජුවෙත්. ගිජුබවට පැමිණෙත් යනු = ගෙධ ය. බහලාර්ථයෙන් හෝ ගෙධො ය. බහලාර්ථයෙන් ගෙධයම හෝ වනලැහැබකැයි කියන ලදී. අනතුරු පදය උපසර්ග වශයෙන් දියුණු කරන ලදී. සර්වභාගයෙන්ම ගිජු වූයේ යනු හෝ = පලිගෙධො ය, මෙයින් ඇලෙත් යනු = සංගො ය. ඇලීම් අර්ථයෙන් හෝ සංගො ය. ගිලාබැසීම් අර්ථයෙන් පංකො ය. ඇදගැනීම් වශයෙන් =– එජා ය. මෙයින් පුරුෂයා ඒ ඒ භවයෙහි උත්පත්තියට ඇදගනී යැයි කියන ලදී. වචනාර්ථයෙන් මායා ය. සසරෙහි සත්ත්වයන් උපදවන අර්ථයෙන් ජනිකාය, තෘෂ්ණාව පුරුෂයා උපදවයි. ඔහුගේ සිත දුවයි’ යැයි ද කියන ලදී. සංසාරයෙහි සත්ත්වයන් දුකින් යොදමින් උපදවයි යනු = සඤ්ජනනී ය. ගැටීම් අර්ථයෙන් = සිබ්බනී ය. මෙය වනාහි සන්නාලියකු රෙදිකඩින් රෙදිකඩ ගෙන මසන්නාක් මෙන් සත්ත්වයන් සසර ච්‍යුතිප්‍රතිසන්ධ වශයෙන් වසයි. ඝටනය කරයි. එහෙයින් ඝටනාර්ථයෙන් සිබ්බති යැයි කියන ලදී. අනේකප්‍රකාර විෂයජාලයත්, තෘෂ්ණාවෙන් පන්නවා ඇතුළු කිරීම් සංඛ්‍යාත ජාලයක් හෝ මෙයට ඇත්තේය යනු හෝ = ජාලිනී ය.

ආකඩ‍්ඪනට‍්ඨෙන සීඝසොතා සරිතා වියාති සරිතා. අල‍්ලට‍්ඨෙන වා සරිතා. වුත‍්තඤ‍්හෙතං – “සරිතානි සිනෙහිතානි ච සොමනස‍්සානි භවන‍්ති ජන‍්තුනො”ති (ධ· ප· 341). අල‍්ලානි චෙව සිනිද‍්ධානි චාති අයඤ‍්හෙත්‍ථ අත්‍ථො. විසතාති විසත‍්තිකා. විසටාති විසත‍්තිකා. විසාලාති විසත‍්තිකා. විසක‍්කතීති විසත‍්තිකා. විසංවාදිකාති විසත‍්තිකා. විසංහරතීති විසත‍්තිකා. විසමූලාති විසත‍්තිකා. විසඵලාති විසත‍්තිකා. විසපරිභොගාති විසත‍්තිකා. විසතා වා පන සා තණ‍්හා රූපෙ සද‍්දෙ ගන්‍ධෙ රසෙ ඵොට‍්ඨබ‍්බෙ ධම‍්මෙ කුලෙ ගණෙ විත්‍ථතාති විසත‍්තිකා (මහානි· 3). අනයබ්‍යසනපාපනට‍්ඨෙන කුම‍්මානුබන්‍ධසුත‍්තකං වියාති සුත‍්තං. වුත‍්තඤ‍්හෙතං – “සුත‍්තකන‍්ති ඛො, භික‍්ඛවෙ, නන්‍දීරාගස‍්සෙතං අධිවචන”න‍්ති (සං· නි· 2.159). රූපාදීසු විත්‍ථතට‍්ඨෙන විසටා. තස‍්ස තස‍්ස පටිලාභත්‍ථාය සත‍්තෙ ආයූහාපෙතීති ආයූහිනී. උක‍්කණ‍්ඨිතුං අප‍්පදානතො සහායට‍්ඨෙන දුතියා. අයඤ‍්හි සත‍්තානං වට‍්ටස‍්මිං උක‍්කණ‍්ඨිතුං න දෙති, ගතගතට‍්ඨානෙ පියසහායො විය අභිරමාපෙති. තෙන වුත‍්තං –

ඇදගැනීම් වශයෙන් වේගවත් සැඩපහර ඇති නදියක් වැනිය යනු = සරිතා ය. ඊයක් වැනිය යන අර්ථයෙන් ද සරිතා ය. මෙයද වදාරණ ලදී. ‘සරිතානි සිනෙහිතානි සොමනස්සානි භවන්ති ජන්තුනො’ (සත්ත්වයාට ගංගාවක් වැනි ස්නේහවත් සෝමනස්සයෝ වෙත්) යනුයි. තෙත් වූ මෙන්ම සිනිඳු වූ යනු මෙහි අර්ථයයි. විසතා යනු විසත්තිකා (තෘෂ්ණාව) ය. විසමා යනු ද = විසත්තිකා (තෘෂ්ණාව) ය. විශාල වූයේ හෝ = විසත්තිකාය. හැකිවේ යනු ද = විසත්තිකාය, විසංවාදිකා යනු ද = විසත්තිකාය, එක්තැන් කරයි යනුද = විසත්තිකාය, විසමූල යනු ද විසත්තිකාය, විසඵල යනු ද විසත්තිකාය, විසපරිභෝග යනු ද = විසත්තිකාය, (දඟලයි යනු ද = විසත්තිකාය) ඒ තෘෂ්ණාව වනාහි පැතිරුණු හෙයින් හෝ රූප ශබ්ද ගන්‍ධ රස පොට්ඨබ්බ ධර්ම කුල ගණයන්හි පැතිරුණේය. විස්තාරණය වූයේය යනු ද = විසත්තිකාය, විපත්ති ව්‍යසනයන්ට පමුණුවන අර්ථයෙන් කළයක බඳනා ලද නූලක් මෙනි යනු = සුත්ත ය. මෙයද වදාරන ලදී. ‘සුත්තන්ති ඛො භික්‍ඛවෙ, නන්‍දිරාගස්සෙතං අධිවචනං’ යනුයි. (මහණෙනි, සුත්ත යන මෙය නන්‍දිරාගයට නමකි.) රූපාදීන්හි පැතිරෙන අර්ථයෙන් = විසමය, ඒ ඒ ප්‍රතිලාභයන් සඳහා සත්ත්වයන් රැස්කරවයි යනු = ආයූහණීය, කලකිරෙන්නට ඉඩ නොදීම් වශයෙන් සහායවන අර්ථයෙන් = දුතියා ය. මෙය වනාහි සත්ත්වයන්ට සසර කලකිරීමට නොදෙයි. ගිය ගිය තැන ප්‍රිය සහායකයකු මෙන් අභිරමණය කරවයි. එහෙයින්ම වදාරන ලදී.

“තණ‍්හාදුතියො පුරිසො, දීඝමද‍්ධාන සංසරං; ඉත්‍ථභාවඤ‍්ඤථාභාවං, සංසාරං නාතිවත‍්තතී”ති. (අ· නි· 4.9; ඉතිවු· 15; මහානි· 191; චූළනි· පාරායනානුගීතිගාථානිද‍්දෙස 107);

තණ්හා දුතියො පුරිසො දීඝමද්ධාන සංසරං ඉත්‍ථභාවඤ්ඤථාභාවං සංසාරං නාතිවත්තතීති

දීර්ඝමාර්ගයක (සසර) සැරිසරන පුරුෂයා තෘෂ්ණාව දෙවැන්නා (සහායකයා) කොට ඇත්තේය. මේ තත්වය වෙනස් තත්ත්වයට (ඉපදෙමින් මැරෙමින් ගමන් කරන තත්ත්වය ඇති) පත්කරන සසර නො ඉක්මවයි යනුයි.

පණිධානකවසෙන පණිධි. භවනෙත‍්තීති භවරජ‍්ජු. එතාය හි සත‍්තා, රජ‍්ජුයා ගීවාය බද‍්ධා ගොණා විය, ඉච‍්ඡිතිච‍්ඡිතට‍්ඨානං නිය්‍යන‍්ති. තං තං ආරම‍්මණං වනති භජති අල‍්ලීයතීති වනං. වනති යාචතීති වා වනං. වනථොති බ්‍යඤ‍්ජනෙන පදං වඩ‍්ඪිතං. අනත්‍ථදුක‍්ඛානං වා සමුට‍්ඨාපනට‍්ඨෙන ගහනට‍්ඨෙන ච වනං වියාති ‘වනං’; බලවතණ‍්හායෙතං නාමං. ගහනතරට‍්ඨෙන පන තතො බලවතරො ‘වනථො’ නාම. තෙන වුත‍්තං –

ප්‍රාර්ථනා කිරීම් වශයෙන් = පණිධි ය, භවනෙත්ති යනු භවරජ්ජුවයි. බවරැහැනයි. මෙයින් වනාහි රැහැනකින් බෙල්ලෙහි බැඳ ගවයින් කැමති කැමති තැන්වලට ගෙනයන්නාක් මෙන් සත්ත්වයෝ (කැමති කැමති තැන්වල) පමුණුවති. ඒ ඒ අරමුණට ආශාකරයි. භජනය කරයි ඇලෙයි යනු = වනං ය. (ඉල්ලයි) යාචනය කරයි යනු හෝ = වනං ය, වනත්‍ථා යනු බ්‍යඤ්ජනයෙන් පදය දියුණු කරන ලදී. අනත්‍ථකාරී වෘක්‍ෂයන්ගේ මතුවීමෙන් හෝ ගහනවීම් අර්ථයෙන් ද වනයක් මෙනි යනු හෝ = වනං ය. මෙය බලවත් තෘෂ්ණාවට නමකි. ගහණතරාර්ථයෙන් හෝ එයට වඩා බලවතර වූයේ වනථො නමි. එහෙයින් කියන ලදී.

“වනං ඡින්‍දථ මා රුක‍්ඛං, වනතො ජායතෙ භයං; ඡෙත්‍වා වනඤ‍්ච වනථඤ‍්ච, නිබ‍්බනා හොථ භික‍්ඛවො”ති. (ධ· ප· 283);

වනං ඡින්‍දථ මාරුක්‍ඛ වනතො ජායතී භයං ජෙත්‍වා වනඤ්ච වනථඤ්ච නිබ්බාණා හොථ භික්‍ඛවොති

වනය සිඳිව්. රුක නොසිඳිව්. වනයෙන් බිය ඇතිවේ. මහණෙනි, වනයත් වනථයත් සිඳ වනයෙන් නික්මුණෝ (නිවනට පත්වූවෝ) වව්.

සන්‍ථවනවසෙන සන්‍ථවො; සංසග‍්ගොති අත්‍ථො. සො දුවිධො – තණ‍්හාසන්‍ථවො මිත‍්තසන්‍ථවො ච. තෙසු ඉධ තණ‍්හාසන්‍ථවො අධිප‍්පෙතො. සිනෙහවසෙන සිනෙහො. ආලයකරණවසෙන අපෙක‍්ඛතීති අපෙක‍්ඛා. වුත‍්තම‍්පි චෙතං – “ඉමානි තෙ දෙව චතුරාසීතිනගරසහස‍්සානි කුසාවතීරාජධානීපමුඛානි. එත්‍ථ දෙව ඡන්‍දං ජනෙහි, ජීවිතෙ අපෙක‍්ඛං කරොහී”ති (දී· නි· 2.266). ආලයං කරොහීති අයඤ‍්හෙත්‍ථ අත්‍ථො. පාටියෙක‍්කෙ පාටියෙක‍්කෙ ආරම‍්මණෙ බන්‍ධතීති පටිබන්‍ධු. ඤාතකට‍්ඨෙන වා පාටියෙක‍්කො බන්‍ධූතිපි පටිබන්‍ධු. නිච‍්චසන‍්නිස‍්සිතට‍්ඨෙන හි සත‍්තානං තණ‍්හාසමො බන්‍ධු නාම නත්‍ථි.

සන්‍ථවන වශයෙන් සන්‍ථවො ය. සංසර්ගය යන අර්ථයි. එය තෘෂ්ණා සන්‍ථවය, මිත්‍ර සන්‍ථවය යැයි දුවිධය. ඔවුනතුරෙන් මෙහිදී තෘෂ්ණා සන්‍ථවය අභිප්‍රේතය. ස්නේහ වශයෙන් සිනෙහො ය. ආලය කිරීම් වශයෙන් අපේක්‍ෂා කෙරේ යනු = අපෙක්‍ඛා ය. මෙයද වදාරන ලදී. ‘ඉමානි තෙ දෙව, චතුරාසීති නගර සහස්සානි කුසාවති රාජධානප්පමුඛානි. එත්‍ථ දෙව, ඡන්‍දං ජනෙහි විජිතෙ අපෙක්‍ඛං කරොහී’ති (දේවයන් වහන්ස, කුසාවතී රාජධානිය ප්‍රමුඛ කරගත් ඔබවහන්සේගේ මේ අසූහාරදහසක් රාජධානිය, දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවන්න, රාජ්‍යයෙහි අපේක්‍ෂාව ඇතිකර ගන්න) යනුයි. මෙහි අර්ථය වනාහි ආලය කරන්න යනුයි. වෙන් වෙන් වූ අරමුණෙහි බැඳේ යනු = පටිබන්‍ධු ය. ඥාති යන අර්ථයෙන් හෝ වෙන් වෙන් වූ බන්‍ධු යනු ද = පටිබන්‍ධු ය. නිතර ඇසුරු කිරීම් අර්ථයෙන් වනාහි සත්ත්වයින්ට තෘෂ්ණාව සමාන බන්‍ධු කෙනෙක් නම් නැත යනුයි.

ආරම‍්මණානං අසනතො ආසා. අජ‍්ඣොත්‍ථරණතො චෙව තිත‍්තිං අනුපගන‍්ත්‍වාව පරිභුඤ‍්ජනතො චාති අත්‍ථො. ආසිසනවසෙන ආසිසනා. ආසිසිතස‍්ස භාවො ආසිසිතත‍්තං. ඉදානි තස‍්සා පවත‍්තිට‍්ඨානං දස‍්සෙතුං රූපාසාතිආදි වුත‍්තං. තත්‍ථ ආසිසනවසෙන ආසාති ආසාය අත්‍ථං ගහෙත්‍වා රූපෙ ආසා රූපාසාති එවං නවපි පදානි වෙදිතබ‍්බානි. එත්‍ථ ච පුරිමානි පඤ‍්ච පඤ‍්චකාමගුණවසෙන වුත‍්තානි. පරික‍්ඛාරලොභවසෙන ඡට‍්ඨං. තං විසෙසතො පබ‍්බජිතානං. තතො පරානි තීණි අතිත‍්තියවත්‍ථුවසෙන ගහට‍්ඨානං. න හි තෙසං ධනපුත‍්තජීවිතෙහි අඤ‍්ඤං පියතරං අත්‍ථි. ‘එතං මය‍්හං එතං මය‍්හ’න‍්ති වා ‘අසුකෙන මෙ ඉදං දින‍්නං ඉදං දින‍්න’න‍්ති වා එවං සත‍්තෙ ජප‍්පාපෙතීති ජප‍්පා. පරතො ද‍්වෙ පදානි උපසග‍්ගෙන වඩ‍්ඪිතානි. තතො පරං අඤ‍්ඤෙනාකාරෙන විභජිතුං ආරද‍්ධත‍්තා පුන ජප‍්පාති වුත‍්තං. ජප‍්පනාකාරො ජප‍්පනා. ජප‍්පිතස‍්ස භාවො ජප‍්පිතත‍්තං. පුනප‍්පුනං විසයෙ ලුම‍්පති ආකඩ‍්ඪතීති ලොලුපො. ලොලුපස‍්ස භාවො ලොලුප‍්පං. ලොලුප‍්පාකාරො ලොලුප‍්පායනා. ලොලුප‍්පසමඞ‍්ගිනො භාවො ලොලුප‍්පායිතත‍්තං.

අරමුණ අනුභව කිරීම් වශයෙන් ආසනය වසාගෙන පැතිරෙන හෙයින් මෙන්ම තෘප්තියට නො පැමිණ හෙයින් ද යනු අර්ථයි. ආශිංසන වශයෙන් ආසිංසනාය, ආශිංසනය කරන ලද්දහුගේ භාවය ආසිංසිතත්තය, දැන් එය පවත්නා තැන දක්වන්නට රූපාසා යන ආදිය කියන ලදී. එහි ආශිංසන වශයෙන් (ආසා යැයි) ආසා යන්නේ අර්ථය ගෙන රූපයෙහි ආශාව රූපාසා යැයි මෙසේ පද නවයම දතයුතුයි. මෙහිද පළමු පස පංචකාම ගුණ වශයෙන් කියන ලදී. සවැන්න පරිෂ්කාර ලෝභ වශයෙනි. එය විශේෂයෙන් පැවිද්දන්ට ය. අතෘප්තික වස්තු වශයෙන් ඉන් පරව වූ තුන ගිහියන්ටය. ඔවුන්ට ධනය පුත්‍රයෝ ය. ජීවිතය යන මේවාට වඩා ප්‍රියකර වූ (අන්‍ය වස්තුවක්) නොමැත. මේක මගේය. අරක මගේ යැයි හෝ අසවලා විසින් මෙය මට දෙන ලදී. මෙයත් දෙන ලදැයි හෝ මෙසේ සත්ත්වයන් ලවා නන් දොඩවානුයි =– ජප්පා ය. පරව ඇති දෙපදය උපසර්ගයෙන් වඩන ලදී. ඉන් පරව අන්‍යාකාරයකින් බෙදන්නට පටන්ගත් හෙයින් නැවත ජප්පා යැයි කියන ලදී. නන් දොඩනාකාරය = ජප්පනාය, ජල්පිතයාගේ භාවය = ජප්පිතත්තය, නැවත නැවත විෂයන් පැහැරගනී ඇදගනී යනු = ලොලුපො ය. ලෝලුපයාගේ භාවය = ලො ලුප්පං ය. පැහැරගන්නා ආකාරය ලොලුප්පායනාය, පැහැර ගැනීමේ එක්වූවහුගේ භාවය = ලොලුප්පායිතත්තං ය.

පුච‍්ඡඤ‍්ජිකතාති යාය තණ‍්හාය ලාභට‍්ඨානෙසු, පුච‍්ඡං චාලයමානා සුනඛා විය, කම‍්පමානා විචරන‍්ති, තං තස‍්සා කම‍්පනතණ‍්හාය නාමං. සාධු මනාපමනාපෙ විසයෙ කාමෙතීති සාධුකාමො. තස‍්ස භාවො සාධුකම්‍යතා. මාතා මාතුච‍්ඡාතිආදිකෙ අයුත‍්තට‍්ඨානෙ රාගොති අධම‍්මරාගො. යුත‍්තට‍්ඨානෙපි බලවා හුත්‍වා උප‍්පන‍්නලොභො විසමලොභො. “රාගො විසම”න‍්තිආදිවචනතො (විභ· 924) වා යුත‍්තට‍්ඨානෙ වා අයුත‍්තට‍්ඨානෙ වා උප‍්පන‍්නො ඡන්‍දරාගො අධම‍්මට‍්ඨෙන ‘අධම‍්මරාගො’, විසමට‍්ඨෙන ‘විසමලොභො’ති වෙදිතබ‍්බො.

පුච්ඡකතා යනු යම් තණ්හාවකින් ලාභ ස්ථානයන්හි වලග සලනා සුනඛයන් මෙන් සැලෙමින් හැසිරෙත් ද, එය ඒ කම්පන තෘෂ්ණාවට නමකි. යහපත් (මනාප) මනාප විෂයන් කැමති වේ යනු = සාධුකාමො ය. එහි භාවය = සාධුකම්පතාය, මව මවගේ සොහොයුරිය ආදීන් කෙරෙහි අයුතු තැන රාගය යනු = අධම්මරාගො ය. සුදුසු තැනදී ද බලවත්ව උපන් ලෝභය = විසමලොභො ය. රාගය විසමය යන වචනයෙන් හෝ සුදුසු තැන හෝ නුසුදුසු තැන හෝ උපන් ඡන්‍දරාගය අර්ධමාර්ථයෙන් අධම්මරාගො ය. විෂමාර්ථයෙන් විෂමලෝභය යැයි දතයුතුයි.

ආරම‍්මණානං නිකාමනවසෙන නිකන‍්ති. නිකාමනාකාරො නිකාමනා. පත්‍ථනාවසෙන පත්‍ථනා. පිහායනවසෙන පිහනා. සුට‍්ඨු පත්‍ථනා සම‍්පත්‍ථනා. පඤ‍්චසු කාමගුණෙසු තණ‍්හා කාමතණ‍්හා. රූපාරූපභවෙ තණ‍්හා භවතණ‍්හා. උච‍්ඡෙදසඞ‍්ඛාතෙ විභවෙ තණ‍්හා විභවතණ‍්හා. සුද‍්ධෙ රූපභවස‍්මිංයෙව තණ‍්හා රූපතණ‍්හා. අරූපභවෙ තණ‍්හා අරූපතණ‍්හා. උච‍්ඡෙදදිට‍්ඨිසහගතො රාගො දිට‍්ඨිරාගො. නිරොධෙ තණ‍්හා නිරොධතණ‍්හා. රූපෙ තණ‍්හා රූපතණ‍්හා. සද‍්දෙ තණ‍්හා සද‍්දතණ‍්හා. ගන්‍ධතණ‍්හාදීසුපි එසෙව නයො. ඔඝාදයො වුත‍්තත්‍ථාව.

ආරම්මණයන්ට ආශාකිරීම් වශයෙන් නිකන්ති ය. ආශා කරන ආකාරය නිකාමනා ය. ප්‍රාර්ථනා වශයෙන් පත්‍ථනාය, ප්‍රියවීම් වශයෙන් පිහායතාය, මනාව ප්‍රාර්ථනා කිරීම් වශයෙන් සම්පත්‍ථනා ය. පංචකාම ගුණයන්හි තෘෂ්ණාව කාමතණ්හාය. රූපාරූප භවයන්හි තෘෂ්ණාව භවතණ්හාය. උච්ඡේද සංඛ්‍යාත විභවයෙහි තෘෂ්ණාව විභව තණ්හාය. ශුද්ධ වූ රූප භවයෙහිම තෘෂ්ණාව රූප තණ්හාය. අරූප භවයෙහි තෘෂ්ණාව අරූප තණ්හාය. උච්ඡේද දෘෂ්ටි සහගත රාගය දිට්ඨි රාගො ය. නිරෝධයෙහි තෘෂ්ණාව නිරොධ තණ්හාය. (රූපයෙහි තෘෂ්ණාව රූපතණ්හා) ය. ශබ්දයෙහි තෘෂ්ණාව සද්ද තණ්හාය. ගන්‍ධතණ්හා ආදීන්හි ද නයමය. ඕඝාදීහු කියන ලද අර්ථ ඇත්තාහුමය.

කුසලධම‍්මෙ ආවරතීති ආවරණං. ඡාදනවසෙන ඡාදනං. සත‍්තෙ වට‍්ටස‍්මිං බන්‍ධතීති බන්‍ධනං. චිත‍්තං උපගන‍්ත්‍වා කිලිස‍්සති සංකිලිට‍්ඨං කරොතීති උපක‍්කිලෙසො. ථාමගතට‍්ඨෙන අනුසෙතීති අනුසයො. උප‍්පජ‍්ජමානා චිත‍්තං පරියුට‍්ඨාතීති පරියුට‍්ඨානං; උප‍්පජ‍්ජිතුං අප‍්පදානෙන කුසලචාරං ගණ‍්හාතීති අත්‍ථො. “චොරා මග‍්ගෙ පරියුට‍්ඨිංසු ධුත‍්තා මග‍්ගෙ පරියුට‍්ඨිංසූ”තිආදීසු (චූළව· 430) හි මග‍්ගං ගණ‍්හිංසූති අත්‍ථො. එවමිධාපි ගහණට‍්ඨෙන පරියුට‍්ඨානං වෙදිතබ‍්බං. පලිවෙඨනට‍්ඨෙන ලතා වියාති ලතා. “ලතා උබ‍්භිජ‍්ජ තිට‍්ඨතී”ති (ධ· ප· 340) ආගතට‍්ඨානෙපි අයං තණ‍්හා ලතාති වුත‍්තා. විවිධානි වත්‍ථූනි ඉච‍්ඡතීති වෙවිච‍්ඡං. වට‍්ටදුක‍්ඛස‍්ස මූලන‍්ති දුක‍්ඛමූලං. තස‍්සෙව දුක‍්ඛස‍්ස නිදානන‍්ති දුක‍්ඛනිදානං. තං දුක‍්ඛං ඉතො පභවතීති දුක‍්ඛප‍්පභවො. බන්‍ධනට‍්ඨෙන පාසො වියාති පාසො. මාරස‍්ස පාසො මාරපාසො. දුරුග‍්ගිලනට‍්ඨෙන බළිසං වියාති බළිසං. මාරස‍්ස බළිසං මාරබළිසං. තණ‍්හාභිභූතා මාරස‍්ස විසයං නාතික‍්කමන‍්ති, තෙසං උපරි මාරො වසං වත‍්තෙතීති ඉමිනා පරියායෙන මාරස‍්ස විසයොති මාරවිසයො . සන්‍දනට‍්ඨෙන තණ‍්හාව නදී තණ‍්හානදී. අජ‍්ඣොත්‍ථරණට‍්ඨෙන තණ‍්හාව ජාලං තණ‍්හාජාලං. යථා සුනඛා ගද‍්දුලබද‍්ධා යදිච‍්ඡකං නීයන‍්ති, එවං තණ‍්හාබද‍්ධා සත‍්තාපීති දළ‍්හබන්‍ධනට‍්ඨෙන ගද‍්දුලං වියාති ගද‍්දුලං. තණ‍්හාව ගද‍්දුලං තණ‍්හාගද‍්දුලං. දුප‍්පූරණට‍්ඨෙන තණ‍්හාව සමුද‍්දො තණ‍්හාසමුද‍්දො.

කුශල ධර්මයෙහි හැසිරේ යනු = ආචරණය, වැසීම් වශයෙන් ඡාදනං ය. සත්ත්වයන් සංසාරයෙහි බඳී යනු = බන්‍ධනං ය. සිතට පැමිණ කෙලෙසෙයි කිලිටු කරයි යනු = උපක්කිලෙසො ය. බලයට පත් අර්ථයෙන් අනුව සයනය කරයි යනු = අනුසයො ය. උපන්නා වූ සිත මැඩගනී යනු = පරියුට්ඨානං ය. උපදින්නට නොදීමෙන් කුශලාචාරය ගනී යන අර්ථයි. මෙසේ මෙහිද ආදීන්හි වනාහි මාර්ගය ගත්තාහුය යන අර්ථයි. මෙසේ මෙහිද ග්‍රහණාර්ථයෙන් පරියුට්ඨානය දතයුතුයි. හාත්පසින් වෙළන අර්ථයෙන් ලතාවක් මෙනි යනු = ලතා ය. ‘ලතා උබ්භිජ්ජ තිට්ඨිති’ යැයි ආ තැන ද මේ තෘෂ්ණාව ලතා යැයි කියන ලදී. විවිධ වස්තූන් කැමති වේ යනු වෙවිච්ඡං ය. සංසාර දුකට මූලය යනු = දුක්‍ඛමූලං ය. ඒ දුකට නිදානය යනු = දුක්‍ඛනිදානං ය. ඒ දුක මෙයින් ප්‍රභව වේ යනු = දුක්‍ඛප්පභවො ය. බන්‍ධනාර්ථයෙන් පුඩුවක් මෙන්ය යනු = පාසො ය. මාරයාගේ පාසය = මාරපාසො ය. වැමෑරිය නොහැකිය යන අර්ථයෙන් බිළියක් වැනිය යනු = බළියං ය. මාරයාගේ බළියය = මාරබළිසං ය. තෘෂ්ණාවෙන් මඩනා ලද්දාහු මාරයාගේ විෂය නොඉක්මවත්, ඔවුන් මත්තෙහි මාරයා වශයේ පවතීය යන මේ පර්යායයෙන් මාරයාගේ විෂය යනුයි. මාරවිසයො ය. ගලාබසී යන අර්ථයෙන් තෘෂ්ණාවම නදියක යනු තණ්හා නදීය. වසාගෙන පැතිරෙන අර්ථයෙන් තෘෂ්ණාවම ජාලයක් වූයේ තණ්හාජාලං ය. සම්පටියකින් බඳනා ලද සුනඛයෝ යම්සේ කැමති තැනකට පමුණුවනු ලබත් ද මෙසේ තෘෂ්ණාවෙන් බඳනා ලද සත්ත්වයෝ ද දැඩිව බඳනා ලද අර්ථයෙන් සම්පටියක් මෙනැයි ගද්දුලං ය. තණ්හාවම ගද්දූලය වූයේ තණ්හා ගද්දූලං ය. පිරවීමට දුෂ්කරය යන අර්ථයෙන් තණ්හාවම සමුද්ද වූයේ තණ්හා සමුද්දො ය.

දොසනිද‍්දෙසෙ අනත්‍ථං මෙ අචරීති අවුඩ‍්ඪිං මෙ අකාසි. ඉමිනා උපායෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො. අට‍්ඨානෙ වා පන ආඝාතොති අකාරණෙ කොපො – එකච‍්චො හි ‘දෙවො අතිවස‍්සතී’ති කුප‍්පති, ‘න වස‍්සතී’ති කුප‍්පති, ‘සූරියො තප‍්පතී’ති කුප‍්පති, ‘න තප‍්පතී’ති කුප‍්පති, වාතෙ වායන‍්තෙපි කුප‍්පති, අවායන‍්තෙපි කුප‍්පති, සම‍්මජ‍්ජිතුං අසක‍්කොන‍්තො බොධිපණ‍්ණානං කුප‍්පති, චීවරං පාරුපිතුං අසක‍්කොන‍්තො වාතස‍්ස කුප‍්පති, උපක‍්ඛලිත්‍වා ඛාණුකස‍්ස කුප‍්පති ඉදං සන්‍ධාය වුත‍්තං – අට‍්ඨානෙ වා පන ආඝාතො ජායතීති. තත්‍ථ හෙට‍්ඨා නවසු ඨානෙසු සත‍්තෙ ආරබ‍්භ උප‍්පන‍්නත‍්තා කම‍්මපථභෙදො හොති. අට‍්ඨානාඝාතො පන සඞ‍්ඛාරෙසු උප‍්පන‍්නො කම‍්මපථභෙදං න කරොති. චිත‍්තං ආඝාතෙන‍්තො උප‍්පන‍්නොති චිත‍්තස‍්ස ආඝාතො. තතො බලවතරො පටිඝාතො. පටිහඤ‍්ඤනවසෙන පටිඝං. පටිවිරුජ‍්ඣතීති පටිවිරොධො. කුප‍්පනවසෙන කොපො. පකොපො සම‍්පකොපොති උපසග‍්ගෙන පදං වඩ‍්ඪිතං. දුස‍්සනවසෙන දොසො. පදොසො සම‍්පදොසොති උපසග‍්ගෙන පදං වඩ‍්ඪිතං. චිත‍්තස‍්ස බ්‍යාපත‍්තීති චිත‍්තස‍්ස විපන‍්නතා, විපරිවත‍්තනාකාරො. මනං පදූසයමානො උප‍්පජ‍්ජතීති මනොපදොසො. කුජ‍්ඣනවසෙන කොධො. කුජ‍්ඣනාකාරො කුජ‍්ඣනා. කුජ‍්ඣිතස‍්ස භාවො කුජ‍්ඣිතත‍්තං.

ද්වේෂ නිර්දේශයෙහි අනත්‍ථං මෙ ආචරි යනු මට අනභිවෘද්ධියක් (පාඩුවක්) කෙළේය. මෙම උපායෙන් සියලු පදයන්හි අර්ථය දතයුතුයි. අට්ඨානෙ වා පන ආඝාතො යනු නිකරුණෙහි කෝපයයි. ඇතැම් අයෙක් වැස්ස අධිකව වසීයැයි කිපෙත්. නොවසී යැයි කිපෙත්. සූර්යයා තවයි යැයි කිපෙත්. නො තවයි යැයි කිපෙත්. සුළඟ හමන විටත් කිපෙත්. නො හමන විටත් කිපෙත්. හමදින්නට නො හැකිව බෝපත්වලටත් කිපෙත්. සිවුරු පොරවාගත නො හැකිව ද එයට කිපෙත්. පය හැපී කණුවට කිපෙත්. මෙය සඳහා අට්ඨාතෙ වා පන ආඝාතො ජායති යැයි වදාරන ලදී. එහිදී යට නවාතැනෙක සතුන් අරබයා උපන් හෙයින් කර්මපථභේදය වෙයි. අස්ථානාඝාතය වනාහි සංස්කාරයන්හි උපන්නේ කර්මපථ භේදය නොකරයි. සිතට ආඝාත කෙරෙමින් උපන්නේ යනු = චිත්තස්ස ආඝාතො ය. එයට වඩා බලවතර වූයේ පටිඝාතො ය. හැපීම් වශයෙන් පටිඝ ය. ප්‍රතිවිරුද්ධ වේ යනු = පටිවිරොධො ය. කිපීම් වශයෙන් කොපො ය. පකොපො සම්පකොපො යැයි උපසර්ගයෙන් පදය වැඩිණ. දූෂ්‍යවීම් වශයෙන් දොසො ය. පදොසො සම්පදොසො යැයි උපසර්ගයෙන් පදය වැඩිණ. චිත්තස්ස ඛ්‍යාපත්ති යනු සිත විනාශ වී ගිය බව විපර්යාස වෙන ආකාරයයි. සිත දූෂණය උපදී යනු = මනොපදොසො ය. කිපීම් වශයෙන් කොධො ය. කිපෙන ආකාරය කුජ්ඣනා ය. කිපුණහුගේ භාවය = කුජ්ඣිතත්තං ය.

ඉදානි අකුසලනිද‍්දෙසෙ වුත‍්තනයං දස‍්සෙතුං දොසො දුස‍්සනාතිආදි වුත‍්තං. තස‍්මා “යො එවරූපො චිත‍්තස‍්ස ආඝාතො…පෙ… කුජ‍්ඣිතත‍්ත”න‍්ති ච ඉධ වුත‍්තො, “දොසො දුස‍්සනා”තිආදිනා නයෙන හෙට‍්ඨා වුත‍්තො, අයං වුච‍්චති දොසොති. එවමෙත්‍ථ යොජනා කාතබ‍්බා. එවඤ‍්හි සති පුනරුත‍්තිදොසො පටිසෙධිතො හොති. මොහනිද‍්දෙසො අමොහනිද‍්දෙසෙ වුත‍්තපටිපක‍්ඛනයෙන වෙදිතබ‍්බො. සබ‍්බාකාරෙන පනෙස විභඞ‍්ගට‍්ඨකථායං ආවි භවිස‍්සති.

දැන් අකුශල නිර්දේශයෙහි කියන ලද නය දක්වන්නට දොසො දුස්සනා යන ආදිය කියන ලදී. එහෙයින් යො එවරූපො චිත්තස්ස ආඝාතො -පෙ- කුජ්ඣිතත්තං යැයි මෙහි කියන ලද්ද දොසො දුස්සනා ආදී නයින්ම යට කියන ලදී. අයං වුච්චති දොසො යැයි මෙසේ මෙහිදී යෝජනාව කළයුතුයි. මෙසේ ඇති කල්හි වනාහි පුනරුක්ත දෝෂය ප්‍රතිෂේධ කරන ලද්දේ වෙයි. මෝහ නිර්දේශය අමෝහ නිර්දේශයෙහි කියන ලද්දට ප්‍රතිපක්‍ෂ නයින් දතයුතුයි. මෙය වනාහි සර්වාකාරයෙන් විභංග අටුවා කථාවෙහි මතු පළවන්නේය.

තෙහි ධම‍්මෙහි යෙ ධම‍්මා සහෙතුකාති තෙහි හෙතුධම‍්මෙහි යෙ අඤ‍්ඤෙ හෙතුධම‍්මා වා නහෙතුධම‍්මා වා තෙ සහෙතුකා. අහෙතුකපදෙපි එසෙව නයො. එත්‍ථ ච හෙතු හෙතුයෙව ච හොති, තිණ‍්ණං වා ද‍්වින‍්නං වා එකතො උප‍්පත‍්තියං සහෙතුකො ච. විචිකිච‍්ඡුද‍්ධච‍්චසහගතො පන මොහො හෙතු අහෙතුකො. හෙතුසම‍්පයුත‍්තදුකනිද‍්දෙසෙපි එසෙව නයො.

තෙහි ධම්මෙහි (යෙ ධම්මා) සහෙතුකා යනු ඒ හේතු ධර්මයන්ගෙන් අන්‍ය වූ යම් හේතුධර්මයෝ හෝ නහේතු ධර්මයෝ හෝ වෙත්නම් සහේතුකයෝය. අහේතුක පදයෙහි ද මේ නයමය. මෙහිදී හේතුව හේතුවම වෙයි. තිදෙනෙකුගේ හෝ දෙදෙනෙකුගේ එකට ඉපදීමේ දී සහේතුක ද වෙයි. විචිකිච්ඡා උද්ධච්ච සහගත මෝහය වනාහි හේතු අහේතුකය. හේතු සම්ප්‍රයුක්ත ද්වික නිර්දේශයෙහි ද මේ නයමය.

සඞ‍්ඛතදුකනිද‍්දෙසෙ පුරිමදුකෙ වුත‍්තං අසඞ‍්ඛතධාතුං සන්‍ධාය යො එව සො ධම‍්මොති එකවචනනිද‍්දෙසො කතො. පුරිමදුකෙ පන බහුවචනවසෙන පුච‍්ඡාය උද‍්ධටත‍්තා ඉමෙ ධම‍්මා අප‍්පච‍්චයාති පුච‍්ඡානුසන්‍ධිනයෙන බහුවචනං කතං. ඉමෙ ධම‍්මා සනිදස‍්සනාතිආදීසුපි එසෙව නයො.

සංඛත දුක නිර්දේශයෙහි පළමු දුකයෙහි කියන ලද අසංඛතධාතුව සඳහා ‘යො එව සො ධම්මො’ යැයි ඒකවචන නිර්දේශය කරන ලදී. පුරිම දුකයෙහි වනාහි බහුවචන වශයෙන් විචාරීම උද්ධෘත හෙයින් ‘ඉමෙ ධම්මා අප්පච්චයා’ යැයි පෘච්ඡානුසන්‍ධි වශයෙන් බහුවචනයෙන් කරන ලදී. ඉමෙ ධම්මා සනිදස්සනා යනාදීන්හි ද මේ නයමය.

කෙනචි විඤ‍්ඤෙය්‍යදුකනිද‍්දෙසෙ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යාති චක‍්ඛුවිඤ‍්ඤාණෙන විජානිතබ‍්බා. සෙසපදෙසුපි එසෙව නයො. එත්‍ථ ච කෙනචි විඤ‍්ඤෙය්‍යාති චක‍්ඛුවිඤ‍්ඤාණාදීසු කෙනචි එකෙන චක‍්ඛුවිඤ‍්ඤාණෙන වා සොතවිඤ‍්ඤාණෙන වා විජානිතබ‍්බා. කෙනචි න විඤ‍්ඤෙය්‍යාති තෙනෙව චක‍්ඛුවිඤ‍්ඤාණෙන වා සොතවිඤ‍්ඤාණෙන වා න විජානිතබ‍්බා. ‘එවං සන‍්තෙ ද‍්වින‍්නම‍්පි පදානං අත්‍ථනානත‍්තතො දුකො හොතී’ති හෙට‍්ඨා වුත‍්තත‍්තා ‘යෙ තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා’ති අයං දුකො න හොති. රූපං පන චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං සද‍්දො න චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යොති ඉමමත්‍ථං ගහෙත්‍වා ‘යෙ තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා, යෙ වා පන තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා’ති අයමෙකො දුකොති වෙදිතබ‍්බො. එවං එකෙකඉන්‍ද්‍රියමූලකෙ චත‍්තාරො චත‍්තාරො කත්‍වා වීසති දුකා විභත‍්තාති වෙදිතබ‍්බා.

කෙනචි විඤ්ඤෙය්‍ය දුක නිර්දේශයෙහි චක්‍ඛු විඤ්ඤෙය්‍යා යනු චක්‍ෂුර් විඥානයෙන් දතයුතු? සෙසු පදයන්හි ද මේ නයමය. මෙහිද කෙනචි විඤ්ඤෙය්‍යා යනු චක්‍ෂුර් විඥානාදීන් අතුරෙන් චක්‍ෂුර් විඥානයෙන් හෝ ශ්‍රෝත විඥානයෙන් හෝ කිසියම් එකකින් දැනගත යුතු වූ, කෙනචි න විඤ්ඤෙය්‍යා යනු චක්‍ෂුර් විඥානයෙන් හෝ ශ්‍රෝත ඥානයෙන් හෝ කිසිවෙකින් නො දතයුතු වූ, මෙසේ ඇති කල්හි පද දෙකෙහිම නානත්‍වයෙන් දුකය වේ යැයි යට කියන ලද හෙයින් යම් ඒ ධර්ම කෙනෙක් චක්‍ෂුර් විඥෙය්‍ය ද ඒ ධර්මයෝ ශ්‍රෝත විඥෙය්‍ය නොවෙත් යැයි මෙය දුකයක් නොවේද? රූපය වනාහි චක්‍ෂුර් විඥෙය්‍ය ය, ශබ්දය චක්‍ෂුර් විඥෙය්‍ය නොවේ යන මේ අර්ථය ගෙන යම් ඒ ධර්ම කෙනෙක් චක්‍ෂුර් විඥෙය්‍ය ද ඒ ධර්මයෝ ශ්‍රෝත විඥෙය්‍ය නොවෙත්. යම් හෝ ඒ ධර්ම කෙනෙක් ශ්‍රෝත විඥෙය්‍ය නොවෙත්. යම් හෝ ඒ ධර්ම කෙනෙක් ශ්‍රෝත විඥෙය්‍ය ද, ඒ ධර්මයෝ චක්‍ෂුර් විඥෙය්‍ය නොවෙත් යැයි මේ එක් දුකයෙකැයි දතයුතුයි. මෙසේ එක් එක් ඉන්‍ද්‍රිය මූලකයන් සතර සතර කොට දුක විස්සක් බෙදන ලදැයි දතයුතුයි.

කිං පන ‘මනොවිඤ‍්ඤාණෙන කෙනචි විඤ‍්ඤෙය්‍යා කෙනචි න විඤ‍්ඤෙය්‍යා’ නත්‍ථි? තෙනෙත්‍ථ දුකා න වුත‍්තාති? නො නත්‍ථි, වවත්‍ථානාභාවතො පන න වුත‍්තා. න හි, යථා චක‍්ඛුවිඤ‍්ඤාණෙන අවිඤ‍්ඤෙය්‍යා එවාති වවත්‍ථානං අත්‍ථි, එවං මනොවිඤ‍්ඤාණෙනාපීති වවත්‍ථානාභාවතො එත්‍ථ දුකා න වුත‍්තා. මනොවිඤ‍්ඤාණෙන පන කෙනචි විඤ‍්ඤෙය්‍යා චෙව අවිඤ‍්ඤෙය්‍යා චාති අයමත්‍ථො අත්‍ථි. තස‍්මා සො අවුත‍්තොපි යථාලාභවසෙන වෙදිතබ‍්බො. මනොවිඤ‍්ඤාණන‍්ති හි සඞ‍්ඛ්‍යං ගතෙහි කාමාවචරධම‍්මෙහි කාමාවචරධම‍්මා එව තාව කෙහිචි විඤ‍්ඤෙය්‍යා කෙහිචි අවිඤ‍්ඤෙය්‍යා. තෙහියෙව රූපාවචරාදිධම‍්මාපි කෙහිචි විඤ‍්ඤෙය්‍යා කෙහිචි අවිඤ‍්ඤෙය්‍යා. රූපාවචරෙහිපි කාමාවචරා කෙහිචි විඤ‍්ඤෙය්‍යා කෙහිචි අවිඤ‍්ඤෙය්‍යා. තෙහෙව රූපාවචරාදයොපි කෙහිචි විඤ‍්ඤෙය්‍යා කෙහිචි අවිඤ‍්ඤෙය්‍යා. අරූපාවචරෙහි පන කාමාවචරා රූපාවචරා අපරියාපන‍්නා ච නෙව විඤ‍්ඤෙය්‍යා. අරූපාවචරා පන කෙහිචි විඤ‍්ඤෙය්‍යා කෙහිචි අවිඤ‍්ඤෙය්‍යා. තෙපි ච කෙචිදෙව විඤ‍්ඤෙය්‍යා කෙචි අවිඤ‍්ඤෙය්‍යා. අපරියාපන‍්නෙහි කාමාවචරාදයො නෙව විඤ‍්ඤෙය්‍යා. අපරියාපන‍්නා පන නිබ‍්බානෙන අවිඤ‍්ඤෙය්‍යත‍්තා කෙහිචි විඤ‍්ඤෙය්‍යා කෙහිචි අවිඤ‍්ඤෙය්‍යා. තෙපි ච මග‍්ගඵලානං අවිඤ‍්ඤෙය්‍යත‍්තා කෙචිදෙව විඤ‍්ඤෙය්‍යා කෙචි අවිඤ‍්ඤෙය්‍යාති.

කිම මනෝවිඥානයෙන් කෙනචි විඥෙය්‍යයෝත් කෙනචි නවිඥෙය්‍යයෝත් නැත්ද එහෙයින් මෙහිදී දුකයෝ නො කියන ලද්දාහු ද, යනුයි. නැත්තාහු නොවෙත්. ව්‍යවස්තාභාවයෙන් වනාහි නොකියන ලදී. එසේ චක්‍ෂුර්විඥානයෙන් අවිඥෙය්‍යමය යැයි ව්‍යවස්ථානයක් නොමැත. මෙසේ මනෝවිඥානයෙන් ද ව්‍යවස්ථානයක් නැති හෙයින් මෙහි දුකයෝ නො කියන ලදහ. මනෝවිඥානයෙන් වනාහි විඥෙය්‍යයෝ මෙන්ම අවිඥය්‍යයෝත් වෙති යනු මේ මෙහි අර්ථය (ඇත.) එහෙයින් එය නො කියන ලද නමුත් යථාලාභ වශයෙන් දතයුතුයි. මනෝවිඥාන සංඛ්‍යාත කාමාවචර ධර්මයන් විසින් කාමාවචර පමණක්ම කෙහිචි විඤ්ඤෙය්‍යයෝ ය. (කෙහිචි අවිඤ්ඤෙය්‍යයෝය) ඔවුන් විසින්ම රූපාවචරාදී ධර්මයෝ ද කෙහිචි විඤ්ඤෙය්‍යයෝ ය. කෙහිචි අවිඤ්ඤෙය්‍යයෝ ය. රූපාවචරයන් විසින් ද කාමාවචරයෝ කෙහිචි විඤ්ඤෙය්‍යයෝ ය. මෙහිදි අවිඤ්ඤෙය්‍යයෝ ය. ඔවුන් විසින්ම රූපාවචරාදීහු ද කෙහිචි විඤ්ඤෙය්‍යයෝ ය. කෙහිචි අවිඤ්ඤෙය්‍යයෝ ය. අරූපාවචරයන් විසින් වනාහි කාමාවචරයෝ ද රූපාවචරයෝ ද අපර්යාපන්නයෝ ද නෙවවිඤ්ඤෙය්‍යයෝ ය. අරූපාවචරයෝ වනාහි කෙහිචි විඤ්ඤෙය්‍යයෝ ය. කෙහිචි අවිඤ්ඤෙය්‍යයෝ ය. ඔහුද කෙචිඤ්ච විඤ්ඤෙය්‍යයෝ ය. කෙචි අවිඤ්ඤෙය්‍යයෝ ය. අපර්යාපන්නයන් විසින් කාමාවචරාදීහු නෙව විඤ්ඤෙය්‍යයෝ ය. අපර්යාපන්නයෝ වනාහි නිර්වාණයෙන් අවිඤ්ඤෙය්‍ය හෙයින් කෙචිදෙව විඤ්ඤෙය්‍යයෝ ද කෙචි අවිඤ්ඤෙය්‍යයෝ ද වෙත්. ඔව්හු ද මාර්ගඵල විඥෙය්‍ය හෙයින් කෙචිදෙව විඤ්ඤෙය්‍ය ද කෙචි අවිඤ්ඤෙය්‍ය ද වෙත්.

ආසවනිද‍්දෙසෙ පඤ‍්චකාමගුණිකො රාගො කාමාසවො නාම. රූපාරූපභවෙසු ඡන්‍දරාගො ඣානනිකන‍්ති සස‍්සතදිට‍්ඨිසහජාතො රාගො භවවසෙන පත්‍ථනා භවාසවො නාම. ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො දිට‍්ඨාසවො නාම. අට‍්ඨසු ඨානෙසු අඤ‍්ඤාණං අවිජ‍්ජාසවො නාම. තත්‍ථ තත්‍ථ ආගතෙසු පන ආසවෙසු අසම‍්මොහත්‍ථං එකවිධාදිභෙදො වෙදිතබ‍්බො. අත්‍ථතො හෙතෙ චිරපාරිවාසියට‍්ඨෙන ආසවාති එවං එකවිධාව හොන‍්ති. විනයෙ පන “දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය සම‍්පරායිකානං ආසවානං පටිඝාතායා”ති (පාරා· 39) දුවිධෙන ආගතා. සුත‍්තන‍්තෙ සළායතනෙ තාව “තයොමෙ, ආවුසො, ආසවා – කාමාසවො භවාසවො අවිජ‍්ජාසවො”ති (සං· නි· 4.321) තිවිධෙන ආගතා. නිබ‍්බෙධිකපරියායෙ “අත්‍ථි, භික‍්ඛවෙ, ආසවා නිරයගමනීයා , අත්‍ථි ආසවා තිරච‍්ඡානයොනිගමනීයා, අත්‍ථි ආසවා පෙත‍්තිවිසයගමනීයා, අත්‍ථි ආසවා මනුස‍්සලොකගමනීයා, අත්‍ථි ආසවා දෙවලොකගමනීයා”ති (අ· නි· 6.63) පඤ‍්චවිධෙන ආගතා. ඡක‍්කනිපාතෙ ආහුනෙය්‍යසුත‍්තෙ – “අත්‍ථි ආසවා සංවරා පහාතබ‍්බා, අත්‍ථි ආසවා පටිසෙවනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා අධිවාසනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා පරිවජ‍්ජනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා විනොදනා පහාතබ‍්බා, අත්‍ථි ආසවා භාවනා පහාතබ‍්බා”ති (අ· නි· 6.58) ඡබ‍්බිධෙන ආගතා. සබ‍්බාසවපරියායෙ (ම· නි· 1.14 ආදයො) ‘දස‍්සනපහාතබ‍්බෙහි’ සද‍්ධිං සත‍්තවිධෙන ආගතා. ඉධ පනෙතෙ කාමාසවාදිභෙදතො චතුබ‍්බිධෙන ආගතා. තත්‍රායං වචනත්‍ථො – පඤ‍්චකාමගුණසඞ‍්ඛාතෙ කාමෙ ආසවො ‘කාමාසවො’. රූපාරූපසඞ‍්ඛාතෙ කම‍්මතො ච උපපත‍්තිතො ච දුවිධෙපි භවෙ ආසවො ‘භවාසවො’. දිට‍්ඨි එව ආසවො ‘දිට‍්ඨාසවො’. අවිජ‍්ජාව ආසවො ‘අවිජ‍්ජාසවො’.

ආශ්‍රව නිර්දේශයෙහි පංච කාමගුණික රාගය කාමාසව නමි. රූපාරූප භවයන්හි ඡන්‍දරාගය ධ්‍යාන තෘෂ්ණාව ශාස්වත දෘෂ්ටිය සමග උපන් රාගය, භව වශයෙන් ප්‍රාර්ථනාව භවාසව නමි. දෙසැටක් දෘෂ්ටි දිට්ඨාසව නමි. අෂ්ට ස්ථානයන්හි නොදැනීම අවිජ්ජාසව නමි. ඒ ඒ තැන්හි ආ භවයන්හි අසම්මෝහය පිණිස ඒකවිධාදි භේදය දතයුතුයි. මොව්හු වනාහි අර්ථ වශයෙන් බොහෝ කලක් එක්ව විසීම් අර්ථයෙන් ආශ්‍රවයෝ යැයි මෙසේ ඒකවිධ වෙත්. විනයෙහි වනාහි ‘දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය සම්පරායිකානං ආසවානං පටිඝාතාය’ යැයි දෙයාකාරයකින් ආවාහුය. සූත්‍රාන්තයෙහි සළායතනයෙහි වනාහි ‘තයොවෙ ආවුසො ද ආසවා කාමාසවො භවාසවො අවිජ්ජාසවො’ යැයි ත්‍රිවිධව ආවාහුය. නිබ්බෙධිකපරියායෙහි ‘අත්‍ථි භික්‍ඛවෙ, ආසවා නිරයගාමිනියා, අත්‍ථිආසවා තිරච්ඡානයොනි නාමිනියා, අත්‍ථි ආසවා පෙත්තිවිසය ගාමිනියා, අත්‍ථිආසවා මනුස්ස ලොගමනීයා, අත්‍ථි ආසවා දෙවලොකගාමිනීයා’ යැයි පංචවිධව ආවාහුය. ඡක්කනිපාතයෙහි ආහුණෙය්‍ය සූත්‍රයේ ‘අත්‍ථි භික්‍ඛවෙ, ආසවා සංවරා පහාතබ්බා, අත්‍ථි ආසවා පටිසෙවනා පහාතබ්බා, අත්‍ථි ආසවා අධිවාසනා පහාතබ්බා’ අත්‍ථි ආසවා පරිවජ්ජනා පහාතබ්බා, අත්‍ථි ආසවා විනොදනා පහාතබ්බා, අත්‍ථි ආසවා භාවනා පහාතබ්බා’ යැයි ෂට්විධව ආවාහුය. සබ්බාස පරියාය සූත්‍රයෙහි දර්ශනා ප්‍රහාතව්‍යයන් සමග සප්තවිධව ආවාහුය. මෙහිදී වනාහි ඔව්හු කාමාශ්‍රවාදී භේදයෙන් චතුර්විධව ආවාහුය. මේ එහි වචනාර්ථයයි. පංචකාමගුණ සංඛ්‍යාත කාමයෙහි ආශ්‍රවය කාමාසවයයි. රූපසංඛ්‍යාත වූ කර්මයෙන් ද උත්පත්තියෙන් ද යන දෙවැදෑරුම් භවයෙහි ආශ්‍රවය භවාසව යයි. දෘෂ්ටියට ආශ්‍රවය වූයේ දිට්ඨාසවයයි. අවිද්‍යාවම ආශ්‍රවය වූයේ අවිජ්ජාසව යයි.

කාමෙසූති පඤ‍්චසු කාමගුණෙසු. කාමච‍්ඡන්‍දොති කාමසඞ‍්ඛාතො ඡන්‍දො, න කත‍්තුකම්‍යතාඡන්‍දො, න ධම‍්මච‍්ඡන්‍දො. කාමනවසෙන රජ‍්ජනවසෙන ච කාමොයෙව රාගො කාමරාගො. කාමනවසෙන නන්‍දනවසෙන ච කාමොව නන්‍දීති කාමනන්‍දී. එවං සබ‍්බත්‍ථ කාමත්‍ථං විදිත්‍වා තණ‍්හායනට‍්ඨෙන කාමතණ‍්හා, සිනෙහනට‍්ඨෙන කාමසිනෙහො, පරිඩය‍්හනට‍්ඨෙන කාමපරිළාහො, මුච‍්ඡනට‍්ඨෙන කාමමුච‍්ඡා, ගිලිත්‍වා පරිනිට‍්ඨාපනට‍්ඨෙන කාමජ‍්ඣොසානන‍්ති වෙදිතබ‍්බං. අයං වුච‍්චතීති අයං අට‍්ඨහි පදෙහි විභත‍්තො කාමාසවො නාම වුච‍්චති.

කාමෙසු යනු පංචකාම ගුණයන්හි, කාමච්ඡන්‍දො යනු කාමසංඛ්‍යාත ඡන්‍දයයි. කත්තුකම්‍යතා ඡන්‍දය නොවේ. ධර්මච්ඡන්‍දය නොවේ. කාම වශයෙන් ද ඇලීම් වශයෙන් ද කාමයම රාගය වූයේ කාමරාගයයි. කාම වශයෙන් ද සතුටුවීම් වශයෙන් ද කාමයම නන්‍දියම වූයේ = කාමනන්‍දියයි. මෙසේ සියලු තැන්හි කාමාර්ථය දැන තෘෂ්ණා කිරීම් වශයෙන් කාමතණ්හාය. ස්නේහනාර්ථයෙන් කාමසිනෙහො ය. හාත්පසින් දවන අර්ථයෙන් කාමපරිලාභො ය. මූර්ඡනාර්ථයෙන් කාමුච්ඡාය. ගිලී අවසන්වන අර්ථයෙන් කාමජ්ඣොසනය යැයි දතයුතුයි. අයං වුච්චති යනු පද අටකින් බෙදන ලද (මෙය) කාමාසව නමැයි කියනු ලැබේ.

භවෙසු භවඡන්‍දොති රූපාරූපභවෙසු භවපත්‍ථනාවසෙනෙව පවත‍්තො ඡන්‍දො ‘භවඡන්‍දො’. සෙසපදානිපි ඉමිනාව නයෙන වෙදිතබ‍්බානි.

භවෙසු භවඡන්‍දො යනු රූපාරූප භවයෙන් භවප්‍රාර්ථනා වශයෙන්ම පවත්නා ඡන්‍දය භවඡන්‍දයයි. සෙසු පදයන් ද මේ නයින්ම දතයුතුයි.

සස‍්සතො ලොකොති වාතිආදීහි දසහාකාරෙහි දිට‍්ඨිප‍්පභෙදොව වුත‍්තො. තත්‍ථ සස‍්සතො ලොකොති එත්‍ථ ඛන්‍ධපඤ‍්චකං ලොකොති ගහෙත්‍වා ‘අයං ලොකො නිච‍්චො ධුවො සබ‍්බකාලිකො’ති ගණ‍්හන‍්තස‍්ස ‘සස‍්සත’න‍්ති ගහණාකාරප‍්පවත‍්තා දිට‍්ඨි. අසස‍්සතොති තමෙව ලොකං ‘උච‍්ඡිජ‍්ජති විනස‍්සතී’ති ගණ‍්හන‍්තස‍්ස උච‍්ඡෙදගහණාකාරප‍්පවත‍්තා දිට‍්ඨි. අන‍්තවාති පරිත‍්තකසිණලාභිනො ‘සුප‍්පමත‍්තෙ වා සරාවමත‍්තෙ වා’ කසිණෙ සමාපන‍්නස‍්ස අන‍්තොසමාපත‍්තියං පවත‍්තිතරූපාරූපධම‍්මෙ ලොකොති ච කසිණපරිච‍්ඡෙදන‍්තෙන ච ‘අන‍්තවා’ති ගණ‍්හන‍්තස‍්ස ‘අන‍්තවා ලොකො’ති ගහණාකාරප‍්පවත‍්තා දිට‍්ඨි. සා සස‍්සතදිට‍්ඨිපි හොති උච‍්ඡෙදදිට‍්ඨිපි. විපුලකසිණලාභිනො පන තස‍්මිං කසිණෙ සමාපන‍්නස‍්ස අන‍්තොසමාපත‍්තියං පවත‍්තිතරූපාරූපධම‍්මෙ ලොකොති ච කසිණපරිච‍්ඡෙදන‍්තෙන ච ‘අනන‍්තො’ති ගණ‍්හන‍්තස‍්ස ‘අනන‍්තවා ලොකො’ති ගහණාකාරප‍්පවත‍්තා දිට‍්ඨි. සා සස‍්සතදිට‍්ඨිපි හොති, උච‍්ඡෙදදිට‍්ඨිපි.

සස්සතො ලොකොති වා යනාදී දස ආකාරයෙන් දෘෂ්ටි ප්‍රභේදයම කියන ලදී. එහි සස්සතො ලොකො යන මෙහිදී ස්කන්‍ධ පංචකය ලෝකය යැයි ගෙන මේ ලෝකය නිත්‍යය ධ්‍රැවය සර්වකාලික යැයි ගන්නහුගේ ශාස්වත යැයි ගන්නා ආකාරයෙන් පවත්නා දෘෂ්ටියයි. අසස්සතො යනු ඒ ලෝකයම සිඳෙන්නේය, විනාශ වන්නේ යැයි ගන්නහුගේ උච්ඡේද ග්‍රහණාකාරයෙන් පවත්නා දෘෂ්ටියයි. අන්තවා යනු කුල්ලක් පමණ හෝ හැන්දක් පමණ වූ කසිණයෙහි සමවැදුණු, සමවත ඇතුළත පැවති රූපාරූප ධර්මයන් ලෝකය යැයි ද කසිණ පරිච්ඡේදාන්තයෙන් අන්තවත් යැයි ද ගන්නා වූ. පරිත්ත කසිණලාභියාගේ ලෝකය අනන්තවත් යැයි ගන්නා ආකාරයෙන් පවත්නා දෘෂ්ටියයි. එය ශාස්වත දෘෂ්ටියක් වෙයි. උච්ඡේද දෘෂ්ටියක් වෙයි. (අනත්තවානි අනන්තවා යනු විපුල කසිණයෙහි සමවැදුණු සමවත ඇතුළත පවත්නා රූපාරූප ධර්මයන් ලෝකය යැයි ද කසිණ පරිච්ඡේදන්තයෙන් අනන්ත යැයි ගන්නා වූ විපුල කසිණලාභියාගේ ලෝකය අනන්තයැයි ගන්නා ආකාරයෙන් පවත්නා දෘෂ්ටියයි. එය ශාස්වත දෘෂ්ටිය ද වෙයි. උච්ඡේද දෘෂ්ටිය ද වෙයි.)

තං ජීවං තං සරීරන‍්ති භෙදනධම‍්මස‍්ස සරීරස‍්සෙව ‘ජීව’න‍්ති ගහිතත‍්තා සරීරෙ උච‍්ඡිජ‍්ජමානෙ ‘ජීවම‍්පි උච‍්ඡිජ‍්ජතී’ති උච‍්ඡෙදගහණාකාරප‍්පවත‍්තා දිට‍්ඨි. දුතියපදෙ සරීරතො අඤ‍්ඤස‍්ස ජීවස‍්ස ගහිතත‍්තා සරීරෙ උච‍්ඡිජ‍්ජමානෙපි ‘ජීවං න උච‍්ඡිජ‍්ජතී’ති සස‍්සතගහණාකාරප‍්පවත‍්තා දිට‍්ඨි. හොති තථාගතො පරං මරණාතිආදීසු සත‍්තො තථාගතො නාම. සො පරං මරණා හොතීති ගණ‍්හතො පඨමා සස‍්සතදිට‍්ඨි. න හොතීති ගණ‍්හතො දුතියා උච‍්ඡෙදදිට‍්ඨි. හොති ච න ච හොතීති ගණ‍්හතො තතියා එකච‍්චසස‍්සතදිට‍්ඨි. නෙව හොති න නහොතීති ගණ‍්හතො චතුත්‍ථා අමරාවික‍්ඛෙපදිට‍්ඨි. ඉමෙ ධම‍්මා ආසවාති ඉමෙ කාමාසවඤ‍්ච භවාසවඤ‍්ච රාගවසෙන එකතො කත්‍වා, සඞ‍්ඛෙපතො තයො, විත්‍ථාරතො චත‍්තාරො ධම‍්මා ආසවා නාම.

තං ජීවං තං සරීරං යනු බිඳීම ස්වභාවය කොට ඇති ශරීරය ජීවය යැයි ගත්හෙයින් ශරීරය බිඳෙන කල්හි ජීවය ද බිඳේයැයි ශාස්වත ග්‍රහණාකාරයෙන් පවත්නා දෘෂ්ටියයි. හොති තථාගතො (පරම්මරණා) යනාදීහි සත්ත්වයා තථාගත නමි. ඒ සත්ත්වයා මරණින් මතු වන්නේ යැයි ගන්නහුගේ ශාස්වත දෘෂ්ටිය පළමුවැන්නයි. න හොති යැයි ගන්නහුගේ උච්ඡේද දෘෂ්ටිය දෙවැන්නයි. හොති ච නහොති ගන්නහුගේ ඒකත්‍ය ශාස්වත දෘෂ්ටිය තුන්වැන්නයි. නෙව හොති න නහොති යැයි ගන්නහුගේ අමරා වික්‍ෂේප දෘෂ්ටිය සතර වැන්නයි. ඉමෙ ධම්මා ආසවා යනු මේ කාමශ්‍රවයෝ ද භවාශ්‍රවයෝ ද රාග වශයෙන් එක්කොට සංක්‍ෂේපයෙන් තුනකි. විස්තර වශයෙන් ධර්ම සතර ආශ්‍රව නමි.

යො පන බ්‍රහ‍්මානං විමානකප‍්පරුක‍්ඛආභරණෙසු ඡන්‍දරාගො උප‍්පජ‍්ජති, සො කාමාසවො හොති න හොතීති? න හොති. කස‍්මා? පඤ‍්චකාමගුණිකස‍්ස රාගස‍්ස ඉධෙව පහීනත‍්තා. හෙතුගොච‍්ඡකං පන පත්‍වා ලොභො හෙතු නාම හොති. ගන්‍ථගොච‍්ඡකං පත්‍වා අභිජ‍්ඣාකායගන්‍ථො නාම. කිලෙසගොච‍්ඡකං පත්‍වා ලොභො කිලෙසො නාම හොති. දිට‍්ඨිසහජාතො පන රාගො කාමාසවො හොති න හොතීති? න හොති; දිට‍්ඨිරාගො නාම හොති. වුත‍්තඤ‍්හෙතං “දිට‍්ඨිරාගරත‍්තෙ පුරිසපුග‍්ගලෙ දින‍්නදානං න මහප‍්ඵලං හොති, න මහානිසංස”න‍්ති (පටි· ම· 1.129).

බ්‍රහ්මයින්ගේ විමාන කල්ප වෘක්‍ෂ ආභරණාදීන්ගේ යම් ඡන්‍දරාගයක් උපදීද, එය කාමාශ්‍රව නම් වේද නොවේ ද යත්, නොවේ. කවර හෙයින් ද? පංච කාමගුණික රාගය මෙහිදීම ප්‍රහීණ බැවිනි. ලෝභය හේතු සමූහයකට පැමිණ හේතු නම් වෙයි. ගන්‍ථ ගොච්ඡකයට පැමිණ අභිජ්ඣා කායගන්‍ථ නම් වේ. ලෝභය කිලෙස සමූහයකට පැමිණ කිලේස නම් වේ. දෘෂ්ටි සහජාත රාගය කාමාශ්‍රව වේ ද නොවේ ද යත්, නොවේ. දෘෂ්ටිරාග නම් වෙයි. මෙයද වදාරන ලදී. ‘දෘෂ්ටිරාග රක්න පුද්ගලයා කෙරෙහි දුන් දානය මහත්ඵල මහානිසංස නොවේ’ යනුයි.

ඉමෙ පන ආසවෙ කිලෙසපටිපාටියාපි ආහරිතුං වට‍්ටති, මග‍්ගපටිපාටියාපි. කිලෙසපටිපාටියා කාමාසවො අනාගාමිමග‍්ගෙන පහීයති, භවාසවො අරහත‍්තමග‍්ගෙන, දිට‍්ඨාසවො සොතාපත‍්තිමග‍්ගෙන, අවිජ‍්ජාසවො අරහත‍්තමග‍්ගෙන. මග‍්ගපටිපාටියා සොතාපත‍්තිමග‍්ගෙන දිට‍්ඨාසවො පහීයති, අනාගාමිමග‍්ගෙන කාමාසවො, අරහත‍්තමග‍්ගෙන භවාසවො අවිජ‍්ජාසවො චාති.

මේ ආශ්‍රවයන් වනාහි ක්ලේශ පටිපාටියෙන් මෙන්ම මාර්ග පටිපාටියෙන් ද ගෙනහැර දක්වන්නට වටී. දිට්ඨාසවය ක්ලෙශ පටිපාටියෙන් අනාගාමි මාර්ගයෙන් ප්‍රහීණ වෙයි. භවාසවය අර්හත් මගින් ද දිට්ඨාසවය සෝවාන් මගින් ද අවිජ්ජාසවය අර්හත් මගින් ද ප්‍රහීණ වේ. මාර්ග පටිපාටියෙන් සෝවාන් මගින් දිට්ඨාසවයත් අනාගාමි මාර්ගයෙත් කාමාසවයත් අරහත් මගින් භවාසව අවිජ්ජාසව දෙකත් ප්‍රහීණ වේ.

සංයොජනෙසු මානනිද‍්දෙසෙ සෙය්‍යොහමස‍්මීති මානොති උත‍්තමට‍්ඨෙන ‘අහං සෙය්‍යො’ති එවං උප‍්පන‍්නමානො. සදිසොහමස‍්මීති මානොති සමසමට‍්ඨෙන ‘අහං සදිසො’ති එවං උප‍්පන‍්නමානො. හීනොහමස‍්මීති මානොති ලාමකට‍්ඨෙන ‘අහං හීනො’ති එවං උප‍්පන‍්නමානො. එවං සෙය්‍යමානො සදිසමානො හීනමානොති ඉමෙ තයො මානා තිණ‍්ණං ජනානං උප‍්පජ‍්ජන‍්ති. සෙය්‍යස‍්සාපි හි ‘අහං සෙය්‍යො සදිසො හීනො’ති තයො මානා උප‍්පජ‍්ජන‍්ති. සදිසස‍්සාපි, හීනස‍්සාපි. තත්‍ථ සෙය්‍යස‍්ස සෙය්‍යමානොව යාථාවමානො, ඉතරෙ ද‍්වෙ අයාථාවමානා. සදිසස‍්ස සදිසමානොව…පෙ… හීනස‍්ස හීනමානොව යාථාවමානො, ඉතරෙ ද‍්වෙ අයාථාවමානා. ඉමිනා කිං කථිතං? එකස‍්ස තයො මානා උප‍්පජ‍්ජන‍්තීති කථිතං. ඛුද‍්දකවත්‍ථුකෙ පන පඨමකමානභාජනීයෙ එකො මානො තිණ‍්ණං ජනානං උප‍්පජ‍්ජතීති කථිතො.

මාන නිර්දේශයෙහි සංයෝජනයන්හි සෙය්‍යො හමස්මි මානො යනු උත්තමාර්ථයෙන් මම ශ්‍රේෂ්ඨ වෙමි යැයි මෙසේ උපන් මානයයි. සදිසො හමස්මි මානො යනු සමසමාර්ථයෙන් මම සමාන යැයි මෙසේ උපන් මානයයි. හීනොමස්මීති මානො යනු ලාමකාර්ථයෙන් මම හීනයෙක්මි යන මානයයි. මෙසේ සෙය්‍යමානය සදිසමානය හීනමානය යන මාන තුන තිදෙනෙකුට උපදී. ශ්‍රේෂ්ඨයාටත් සමානයටත් හීනයාටත් ශ්‍රේෂ්ඨයෙමි. සමාන වෙමි. හීනවෙමි යන මාන තුනම උපදී. එහි ශ්‍රේෂ්ඨයාට සෙය්‍යමානයම යථාවමානයයි. ඉතිරි දෙක අයථාවමානය, සදිසයාට සදිස මානයම හීනයාට හීනමානයම යථාවමානය. ඉතිරි දෙක අයථාව මානය. මෙයින් කුමක් කියන ලද ද? එකෙකුට මාන තුනක් උපදී යැයි කියන ලදී. ඛුද්දක වත්‍ථුවෙහි පඨමකමාන භාජනීයයෙහි එක මානය තිදෙනාට උපදී යැයි කියන ලදී.

මානකරණවසෙන මානො. මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තන‍්ති ආකාරභාවනිද‍්දෙසා. උස‍්සිතට‍්ඨෙන උන‍්නති. යස‍්සුප‍්පජ‍්ජති තං පුග‍්ගලං උන‍්නාමෙති, උක‍්ඛිපිත්‍වා ඨපෙතීති උන‍්නමො. සමුස‍්සිතට‍්ඨෙන ධජො. උක‍්ඛිපනට‍්ඨෙන චිත‍්තං සම‍්පග‍්ගණ‍්හාතීති සම‍්පග‍්ගාහො. කෙතු වුච‍්චති බහූසු ධජෙසු අච‍්චුග‍්ගතධජො. මානොපි පුනප‍්පුනං උප‍්පජ‍්ජමානො අපරාපරෙ උපාදාය අච‍්චුග‍්ගතට‍්ඨෙන කෙතු වියාති ‘කෙතු’. කෙතුං ඉච‍්ඡතීති කෙතුකම්‍යං, තස‍්ස භාවො කෙතුකම්‍යතා. සා පන චිත‍්තස‍්ස, න අත‍්තනො. තෙන වුත‍්තං – ‘කෙතුකම්‍යතා චිත‍්තස‍්සා’ති. මානසම‍්පයුත‍්තඤ‍්හි චිත‍්තං කෙතුං ඉච‍්ඡති. තස‍්ස ච භාවො කෙතුකම්‍යතා; කෙතුසඞ‍්ඛාතො මානොති.

මානකරණ වශයෙන් මානො ය. මඤ්ඤතා මඤ්ඤිතත්තං යන ආකාර භාව නිර්දේශයෝය. උස්සිතාර්ථයෙන් උන්නති ය. යමෙකුට උපදී ද ඒ පුද්ගලයා උස්වෙයි. ඔසවා තබයි යනු උත්තමො ය. ඔසවා තබන ලද අර්ථයෙන් ධජො ය. උත්ක්‍ෂිපණාර්ථයෙන් සිත ඔසවා තබයි යනු = සම්පග්ගාහො ය. බොහෝ ධ්වජ අතුරෙන් ඉතා උඩට ගිය ධ්වජය කේතු යැයි කියනු ලැබේ. මානය ද නැවත නැවත උපදිනුයේ ඔබමොබ සලකා ඉතා උඩට ගිය අර්ථයෙන් කේතුවක මෙනැයි කේතුය. කේතුව කැමති වේ යනු = කේතුකම්‍යතා ය. එහි භාවය කෙතුකම්‍යතාය. එය වනාහි සිතටය. තමාට නොවේ. එහෙයින් කෙතුකම්‍යතා චිත්තස්ස යැයි කියන ලදී. මානසම්ප්‍රයුක්ත සිත වනාහි කේතුව කැමති වෙයි. එහි භාවය ද කෙතුකම්‍යතා ය. කේතුසංඛ්‍යාත මානයයි.

ඉස‍්සානිද‍්දෙසෙ යා පරලාභසක‍්කාරගරුකාරමානනවන්‍දනපූජනාසු ඉස‍්සාති යා එතෙසු පරෙසං ලාභාදීසු ‘කිං ඉමිනා ඉමෙස’න‍්ති පරසම‍්පත‍්තිඛිය්‍යනලක‍්ඛණා ඉස‍්සා. තත්‍ථ ලාභොති චීවරාදීනං චතුන‍්නං පච‍්චයානං පටිලාභො. ඉස‍්සුකී හි පුග‍්ගලො පරස‍්ස තං ලාභං ඛිය්‍යති, ‘කිං ඉමස‍්ස ඉමිනා’ති න ඉච‍්ඡති. සක‍්කාරොති තෙසංයෙව පච‍්චයානං සුකතානං සුන්‍දරානං පටිලාභො. ගරුකාරොති ගරුකිරියා, භාරියකරණං. මානනන‍්ති මනෙන පියකරණං. වන්‍දනන‍්ති පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දනං. පූජනාති ගන්‍ධමාලාදීහි පූජනා. ඉස‍්සායනවසෙන ඉස‍්සා. ඉස‍්සාකාරො ඉස‍්සායනා. ඉස‍්සායිතභාවො ඉස‍්සායිතත‍්තං. උසූයාදීනි ඉස‍්සාදිවෙවචනානි.

ඊර්ෂ්‍යා නිර්දේශයෙහි යා පරලාභ සක්කාර ගරුකාරමාන්න වන්‍දන පූජනාසු ඉස්සා යනු මෙකී අන්‍යයන්ගේ ලාභාදියෙහි දී මොවුන්ට මෙයින් කිනම් ප්‍රයෝජනදැයි පරසම්පත් පිරිහෙළීම ලක්‍ෂණකොට ඇති යම් ඊර්ෂ්‍යාවක් වේද, එහි ලාභ යනු සිවුරු ආදී සිවුපසය පිළිබඳ ප්‍රතිලාභයයි. ඊර්ෂ්‍යා කරන පුද්ගලයා අන්‍යයාගේ එම ලාභය හෙළා දකී. මොහුට මෙයින් කවර ප්‍රයෝජනදැයි නො කැමති වෙයි. සත්කාර යනු මනාව කරන ලද සොඳුරු වූ එම ප්‍රත්‍යයන්ගේම ප්‍රතිලාභයයි. ගරුකාර යනු ගරු ක්‍රියා කිරීමයි. මානන යනු මනසින් ප්‍රිය කිරීමයි. වන්දන යනු පසඟ පිහිටුවීමෙන් වැඳීමයි. පූජනා යනු ගඳමල් ආදියෙන් පිදීමයි. ඊර්ෂ්‍යා කිරීම් වශයෙන් ඉස්සා ය. ඊර්ෂ්‍යාකාරය ඉස්සායනා ය. ඊර්ෂ්‍යා කළ බව ඉස්සා චිතත්ත ය. උසුස්සනා ආදිය ඊර්ෂ‍්‍යා ආදියට පර්යාය වචනයෝ ය.

ඉමිස‍්සා පන ඉස‍්සාය ඛිය්‍යනලක‍්ඛණං ආගාරිකෙනාපි අනාගාරිකෙනාපි දීපෙතබ‍්බං. ආගාරිකො හි එකච‍්චො කසිවණිජ‍්ජාදීසු අඤ‍්ඤතරෙන ආජීවෙන අත‍්තනො පුරිසකාරං නිස‍්සාය භද‍්දකං යානං වා වාහනං වා රතනං වා ලභති. අපරො තස‍්ස අලාභත්‍ථිකො තෙන ලාභෙන න තුස‍්සති. ‘කදා නු ඛො එස ඉමාය සම‍්පත‍්තියා පරිහායිත්‍වා කපණො හුත්‍වා චරිස‍්සතී’ති චින‍්තෙත්‍වා එකෙන කාරණෙන තස‍්මිං තාය සම‍්පත‍්තියා පරිහීනෙ අත‍්තමනො හොති. අනාගාරිකොපි එකො ඉස‍්සාමනකො අඤ‍්ඤං අත‍්තනො සුතපරියත‍්තිආදීනි නිස‍්සාය උප‍්පන‍්නලාභාදිසම‍්පත‍්තිං දිස‍්වා ‘කදා නු ඛො එසො ඉමෙහි ලාභාදීහි පරිහායිස‍්සතී’ති චින‍්තෙත්‍වා, යදා තං එකෙන කාරණෙන පරිහීනං පස‍්සති, තදා අත‍්තමනො හොති. එවං පරසම‍්පත‍්තිඛිය්‍යනලක‍්ඛණා ‘ඉස‍්සා’ති වෙදිතබ‍්බා.

මෙයින් වනාහි අගාරිකයා විසිනුත් අනගාරිකයා විසිනුත් ඊර්ෂ්‍යාව පිළිබඳ කිපී යන ලක්‍ෂණය දැක්විය යුතුයි. ඇතැම් ගිහියෙක් වනාහි ගොවිතැන වෙළඳාම ආදී එක්තරා ජීවන මාර්ගයකින් තම පුරුෂාකාරය හේතු කොටගෙන සොඳුරු යානයක් හෝ වාහනයක් (රත්නයක් හෝ) ලබයි. අනිකා ඔහුට අලාභයක් කැමති වනුයේ ඒ ලාභයෙන් නොසතුටු වෙයි. මෙතෙම කවදා නම් මේ සැපතින් පිරිහී දුගියෙක් වී හැසිරේදැයි සිතා (යම් කලෙක ඔහු) එක් හේතුවකින් ඔහු ඒ සැපතින් පිරිහුණු කල්හි සතුටු වේද, ඊර්ෂ්‍යා මනසක් ඇති ඇතැම් අනගාරිකයෙක් ද තමාගේ ශ්‍රැතිපර්යාප්ති ආදිය නිසා උපන් ලාභ සම්පත් ඇති අන්‍යයෙකු දැක මෙතෙම කවර කලෙක මේ ලාභාදීන්ගෙන් පිරිහේදැයි සිතා යම්කලෙක එක් හේතුවකින් පිරිහුණු ඔහු දකී ද, එකල්හි සතුටු වෙයි. මෙසේ ඊර්ෂ්‍යාව අනුන්ගේ සම්පත් ක්‍ෂය කිරීම ලක්‍ෂණකොට ඇත්තේ යැයි දතයුතුයි.

මච‍්ඡරියනිද‍්දෙසෙ වත්‍ථුතො මච‍්ඡරියදස‍්සනත්‍ථං ‘පඤ‍්ච මච‍්ඡරියානි ආවාසමච‍්ඡරිය’න‍්තිආදි වුත‍්තං. තත්‍ථ ආවාසෙ මච‍්ඡරියං ආවාසමච‍්ඡරියං. සෙසපදෙසුපි එසෙව නයො.

මාත්සර්ය නිර්දේශයෙහි වස්තුවෙන් මාත්සර්යය දැක්වීම පිණිස පංච මච්ඡරියානි ආවාසමච්ඡරියං යනාදිය කියන ලදී. එහි ආවාසයෙහි මාත්සර්යය = ආවාස මච්ඡරිය යයි. සෙසු පදයන්හි ද මේ නයමය.

ආවාසො නාම සකලාරාමොපි පරිවෙණම‍්පි එකොවරකොපි රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානාදීනිපි. තෙසු වසන‍්තා සුඛං වසන‍්ති පච‍්චයෙ ලභන‍්ති. එකො භික‍්ඛු වත‍්තසම‍්පන‍්නස‍්සෙව පෙසලස‍්ස භික‍්ඛුනො තත්‍ථ ආගමනං න ඉච‍්ඡති. ආගතොපි ‘ඛිප‍්පං ගච‍්ඡතූ’ති චින‍්තෙති. ඉදං ‘ආවාසමච‍්ඡරියං’ නාම. භණ‍්ඩනකාරකාදීනං පන තත්‍ථ වාසං අනිච‍්ඡතො ආවාසමච‍්ඡරියං නාම න හොති.

මුළු අරම ද, පිරිවෙන ද, එක් කාමරයක් ද, රාත්‍රී ස්ථාන දිවාස්ථානාදිය ද ආවාසය නම් වෙයි. එම ආවාසයන්හි වසන්නෝ සුවසේ වසත්. ප්‍රත්‍යයන් ලබත්. එක් භික්‍ෂුවක් වත්සම්පන්න වූ ම ප්‍රියශීලී භික්‍ෂුවක එහි පැමිණීම නො කැමති වෙයි ද, ආයේ ද වහා යේවයි සිතයි ද, මෙය ආවාස මච්ඡරිය නමි. කලහ කාරකාදීන් එහි විසීම නො කැමති හෙයින් ආවාස සමාත්සර්යය නම් නොවෙයි.

කුලන‍්ති උපට‍්ඨාකකුලම‍්පි ඤාතිකුලම‍්පි. තත්‍ථ අඤ‍්ඤස‍්ස උපසඞ‍්කමනං අනිච‍්ඡතො කුලමච‍්ඡරියං හොති. පාපපුග‍්ගලස‍්ස පන උපසඞ‍්කමනං අනිච‍්ඡන‍්තොපි මච‍්ඡරී නාම න හොති. සො හි තෙසං පසාදභෙදාය පටිපජ‍්ජති. පසාදං රක‍්ඛිතුං සමත්‍ථස‍්සෙව පන භික‍්ඛුනො තත්‍ථ උපසඞ‍්කමනං අනිච‍්ඡන‍්තො මච‍්ඡරී නාම හොති.

කුලය යනු උපස්ථායක කුලය ද ඥාතිකුලය ද වෙයි. අන්‍යයෙකු එහි පැමිණීම නො කැමැත්තහුට කුලමච්ඡරිය වෙයි. පාපී පුද්ගලයෙකු පැමිණීම නො කැමති වන්නේ ද මාත්සර්යයක් නම් නොවෙයි. හෙතෙම වනාහි ඔවුන් ප්‍රසාදභේදය පිණිස පිළිපදී. ප්‍රසාදය රකින්ට සමර්ථ වූ ම භික්‍ෂුව එහි පැමිණීම නො කැමති වන්නේ මච්ඡරී නම් වෙයි.

ලාභොති චතුපච‍්චයලාභොව. තං අඤ‍්ඤස‍්මිං සීලවන‍්තෙයෙව ලභන‍්තෙ ‘මා ලභතූ’ති චින‍්තෙන‍්තස‍්ස ලාභමච‍්ඡරියං හොති. යො පන සද‍්ධාදෙය්‍යං විනිපාතෙති, අපරිභොගදුප‍්පරිභොගාදිවසෙන විනාසෙති, පූතිභාවං ගච‍්ඡන‍්තම‍්පි අඤ‍්ඤස‍්ස න දෙති, තං දිස‍්වා ‘සචෙ ඉමං එස න ලභෙය්‍ය , අඤ‍්ඤො සීලවා ලභෙය්‍ය, පරිභොගං ගච‍්ඡෙය්‍යා’ති චින‍්තෙන‍්තස‍්ස මච‍්ඡරියං නාම නත්‍ථි.

ලාභො යනු සිව්පසය ලැබීමමය. එය අන් සිල්වතකු ලබද්දී ම නො ලබාවායි සිතන්නාට ලාභමච්ඡරිය වෙයි. යමෙක් වනාහි ශ්‍රද්ධාවෙන් දෙන ලද්ද විනාශ කරයි ද, අපරිභෝග දුෂ්පරිභෝගාදී වශයෙන් විනාශ කරයි ද, කුණුවීමට යන දෙයකුදු අන්‍යයාට නො දෙයි ද, එය දැක මෙය මෙතෙම නො ලබයි ද අන්‍ය වූ සිල්වතෙක් ලබයි ද පරිභෝගයට යයි දැයි සිතන්නාට මසුරුකම නම් නැත.

වණ‍්ණො නාම සරීරවණ‍්ණොපි ගුණවණ‍්ණොපි. තත්‍ථ සරීරවණ‍්ණෙ මච‍්ඡරිපුග‍්ගලො ‘පරො පාසාදිකො රූපවා’ති වුත‍්තෙ තං න කථෙතුකාමො හොති. ගුණවණ‍්ණමච‍්ඡරී සීලෙන ධුතඞ‍්ගෙන පටිපදාය ආචාරෙන වණ‍්ණං න කථෙතුකාමො හොති.

ශරීර වර්ණය ද ගුණවර්ණය ද වර්ණනම් වෙයි. එහි ශරීර වර්ණයෙහි මසුරු පුද්ගලයා අන්‍යයෙක් ප්‍රසාදිකය රූපවත් යැයි කී කල්හි නො කියනු කැමැත්තේ වෙයි ද, ගුණවර්ණයෙහි මසුරු වූයේ ශීලයෙන් ධුතාංගයෙන් ප්‍රතිපදාවෙන් ආචාරයෙන් ගුණ කියන්නට නොකැමැත්තේ වෙයි.

ධම‍්මොති පරියත‍්තිධම‍්මො ච පටිවෙධධම‍්මො ච. තත්‍ථ අරියසාවකා පටිවෙධධම‍්මං න මච‍්ඡරායන‍්ති, අත‍්තනා පටිවිද‍්ධධම‍්මෙ සදෙවකස‍්ස ලොකස‍්ස පටිවෙධං ඉච‍්ඡන‍්ති. තං පන පටිවෙධං ‘පරෙ ජානන‍්තූ’ති ඉච‍්ඡන‍්ති. තන‍්තිධම‍්මෙයෙව පන ධම‍්මමච‍්ඡරියං නාම හොති. තෙන සමන‍්නාගතො පුග‍්ගලො යං ගුළ‍්හං ගන්‍ථං වා කථාමග‍්ගං වා ජානාති තං අඤ‍්ඤං න ජානාපෙතුකාමො හොති. යො පන පුග‍්ගලං උපපරික‍්ඛිත්‍වා ධම‍්මානුග‍්ගහෙන, ධම‍්මං වා උපපරික‍්ඛිත්‍වා පුග‍්ගලානුග‍්ගහෙන න දෙති, අයං ධම‍්මමච‍්ඡරී නාම න හොති.

ධර්මය යනු පර්යාප්ති ධර්මය හා ප්‍රතිවේධ ධර්මයයි. එහිදී ආර්ය ශ්‍රාවකයෝ ප්‍රතිවේධ ධර්මයට මසුරු නො කරත්. තමා ප්‍රතිවේධ කළ ධර්මයන් දෙවියන් සහිත ලෝකයා ප්‍රතිවේධ කිරීම කැමති වෙත්. ඒ ප්‍රතිවේධය වනාහි අන්‍යයෝ දනිත්වායි කැමැති වෙත්. ධම්මමච්ඡරිය නම් පෙළදහමෙහිම වෙයි. එයින් යුක්ත පුද්ගලයා යම් ගුඪ ග්‍රන්ථයක් හෝ කථා මාර්ගයක් හෝ දනීද එය අනිකෙකුට නො දන්වනු කැමැත්තේ වෙයි. යමෙක් වනාහි පුද්ගලයා සලකා බලා ධර්මානුග්‍රහයෙන් හෝ ධර්මය සලකා බලා පුද්ගලානුග්‍රහයෙන් හෝ නො දෙයි ද, මෙතෙම ධර්ම මාත්සර්යයා නම් නොවෙයි.

තත්‍ථ එකච‍්චො පුග‍්ගලො ලොලො හොති, කාලෙන සමණො හොති, කාලෙන බ්‍රාහ‍්මණො, කාලෙන නිගණ‍්ඨො. යො හි භික‍්ඛු ‘අයං පුග‍්ගලො පවෙණිආගතං තන‍්තිං සණ‍්හං සුඛුමං ධම‍්මන‍්තරං භින්‍දිත්‍වා ආලුළිස‍්සතී’ති න දෙති, අයං පුග‍්ගලං උපපරික‍්ඛිත්‍වා ධම‍්මානුග‍්ගහෙන න දෙති නාම . යො පන ‘අයං ධම‍්මො සණ‍්හො සුඛුමො, සචායං පුග‍්ගලො ගණ‍්හිස‍්සති අඤ‍්ඤං බ්‍යාකරිත්‍වා අත‍්තානං ආවිකත්‍වා නස‍්සිස‍්සතී’ති න දෙති, අයං ධම‍්මං උපපරික‍්ඛිත්‍වා පුග‍්ගලානුග‍්ගහෙන න දෙති නාම. යො පන ‘සචායං ඉමං ධම‍්මං ගණ‍්හිස‍්සති, අම‍්හාකං සමයං භින්‍දිතුං සමත්‍ථො භවිස‍්සතී’ති න දෙති, අයං ධම‍්මමච‍්ඡරී නාම හොති.

එහිදී එක් පුද්ගලයෙක් ලොල් වෙයි. කලෙක ශ්‍රමණයෙක් වෙයි. කලෙක බ්‍රාහ්මණයෙක් වෙයි. කලෙක නිගණ්ඨයෙක් වෙයි. යම් භික්‍ෂුවක් වනාහි මේ පුද්ගල තෙමේ ප්‍රවේණියෙන් ආ මෘදුසියුම් ධර්මාන්තරය වූ පාළිය බිඳ කළඹන්නේ යැයි නො දෙයි ද මේ තෙමේ පුද්ගලයා සලකා බලා ධර්මානුග්‍රහයෙන් නොදෙයි නමි. යමෙක් වනාහි මේ ධර්මය මෘදුය. සියුම්ය. ඉදින් මේ පුද්ගල තෙමේ ගන්නේ නම් අනෙකකු අවබෝධ කරවා තමාට කියා නැසෙන්නේ යැයි නොදෙයි. මේ තෙමේ ධර්මය සලකා පුද්ගලානුග්‍රහයෙන් නොදෙයි නමි. යමෙක් වනාහි ඉදින් මේ ධර්මය ගන්නේ ද අපගේ සමය බිඳින්නට වන්නේ යැයි නො දෙයි ද, මෙතෙමේ ධම්ම මච්ඡරීම නම් (වේ.)

ඉමෙසු පඤ‍්චසු මච‍්ඡරියෙසු ආවාසමච‍්ඡරියෙන තාව යක‍්ඛො වා පෙතො වා හුත්‍වා තස‍්සෙව ආවාසස‍්ස සඞ‍්කාරං සීසෙන උක‍්ඛිපිත්‍වා විචරති. කුලමච‍්ඡරියෙන තස‍්මිං කුලෙ අඤ‍්ඤෙසං දානමානනාදීනි කරොන‍්තෙ දිස‍්වා ‘භින‍්නං වතිදං කුලං මමා’ති චින‍්තයතො ලොහිතම‍්පි මුඛතො උග‍්ගච‍්ඡති, කුච‍්ඡිවිරෙචනම‍්පි හොති, අන‍්තානිපි ඛණ‍්ඩාඛණ‍්ඩානි හුත්‍වා නික‍්ඛමන‍්ති. ලාභමච‍්ඡරියෙන සඞ‍්ඝස‍්ස වා ගණස‍්ස වා සන‍්තකෙ ලාභෙ මච‍්ඡරායිත්‍වා පුග‍්ගලිකපරිභොගං විය පරිභුඤ‍්ජිත්‍වා යක‍්ඛො වා පෙතො වා මහාඅජගරො වා හුත්‍වා නිබ‍්බත‍්තති. සරීරවණ‍්ණගුණවණ‍්ණමච‍්ඡරෙන පරියත‍්තිධම‍්මමච‍්ඡරියෙන ච අත‍්තනොව වණ‍්ණං වණ‍්ණෙති, පරෙසං වණ‍්ණෙ ‘කිං වණ‍්ණො එසො’ති තං තං දොසං වදන‍්තො පරියත‍්තිධම‍්මඤ‍්ච කස‍්සචි කිඤ‍්චි අදෙන‍්තො දුබ‍්බණ‍්ණො චෙව එළමූගො ච හොති.

මෙහි පංච මච්ඡරියයන් අතුරෙන් ආවාස මච්ඡරියයෙන් වනාහි යක්‍ෂයෙක් හෝ ප්‍රේතයෙක් වී එම ආවාසයේම කසළ හිසින් ඔසවාගෙන හැසිරෙයි. කුලමච්ඡරියෙන් එම (කුලයෙහි) අන්‍යයන් දානමානාදිය කරන්නවුන් දැක ඒකාන්තයෙන් මාගේ කුලය බිඳිණැයි සිතන්නහුගේ මුවින් ලේ ද මතුවෙයි. බඩවිරේක ද වෙයි. අතුනු ද කඩ කඩව නික්මෙයි. ලාභමච්ඡරියෙන් සංඝයා හෝ ගණයා සතු ලාභයෙකි. මසුරු වී පෞද්ගලික පරිභෝගයක් මෙන් පරිභෝග කොට යක්‍ෂයෙක් හෝ ප්‍රේතයෙක් හෝ මහා පිඹුරෙක්ව උපදී. ශරීර වර්ණ ගුණවර්ණ මාත්සර්යයෙන් ද පර්යාප්ති ධර්ම මාත්සර්යයෙන් ද තමාගේම වර්ණනා කරයි. අන්‍යයන්ගේ ගුණයෙහි මේ කවර ගුණයෙක්දැයි ඒ ඒ දොස් කියමින්, පර්යාප්ති ධර්මය ද කිසිවෙකුටත් නො දෙනුයේ දුර්වර්ණයෙකු මෙන්ම කෙළතොල්ලෙක් ද වෙයි.

අපිච ආවාසමච‍්ඡරියෙන ලොහගෙහෙ පච‍්චති. කුලමච‍්ඡරියෙන අප‍්පලාභො හොති. ලාභමච‍්ඡරියෙන ගූථනිරයෙ නිබ‍්බත‍්තති. වණ‍්ණමච‍්ඡරියෙන භවෙ භවෙ නිබ‍්බත‍්තස‍්ස වණ‍්ණො නාම න හොති. ධම‍්මමච‍්ඡරියෙන කුක‍්කුළනිරයෙ නිබ‍්බත‍්තතීති.

තවද ආවාස මාත්සර්යයෙන් ලෝහ ගෙයක පැසෙයි. කුල මාත්සර්යයෙන් අල්පලාභී වෙයි. ලාභමාත්සර්යයෙන් ගුථ නිරයෙහි උපදී. වර්ණ මාත්සර්යයෙන් [missing trans] කුක්කුළ (උණු අළු) නිරයෙහි උපදී යනුයි.

මච‍්ඡරායනවසෙන මච‍්ඡෙරං. මච‍්ඡරායනාකාරො මච‍්ඡරායනා. මච‍්ඡරෙන අයිතස‍්ස මච‍්ඡෙරසමඞ‍්ගිනො භාවො මච‍්ඡරායිතත‍්තං. ‘මය‍්හමෙව හොන‍්තු මා අඤ‍්ඤස‍්සා’ති සබ‍්බාපි අත‍්තනො සම‍්පත‍්තියො බ්‍යාපෙතුං න ඉච‍්ඡතීති විවිච‍්ඡො. විවිච‍්ඡස‍්ස භාවො වෙවිච‍්ඡං, මුදුමච‍්ඡරියස‍්සෙතං නාමං. කදරියො වුච‍්චති අනාදරො. තස‍්ස භාවො කදරියං. ථද‍්ධමච‍්ඡරියස‍්සෙතං නාමං. තෙන හි සමන‍්නාගතො පුග‍්ගලො පරම‍්පි පරෙසං දදමානං නිවාරෙති. වුත‍්තම‍්පි චෙතං –

මසුරුකම් කිරීම් වශයෙන් මච්ඡෙරං ය. මසුරුකිරීම ආකාරය මච්ඡරායනා ය. මසුරු බැවින් යුක්ත වූවහුගේ මසුරු බැවින් සමන්විත වූවහුගේ ස්වභාවය මච්ඡරායිතත්ත ය. මටම වේවා අන්‍යයාට නො වේවායි සියලුම සම්පත් තමාටම පතුරුවාගන්නට කැමැති වේ යනු = විචිච්ඡ ය. විචිච්ඡයාගේ ස්වභාවය වෙවිච්ඡ ය. මෙය මෘදුමාත්සර්යයට නමකි. අනාර්යයා කදරියයා යැයි කියනු ලැබේ. ඔහුගේ ස්වභාවය කදරියං ය. මෙය තද මසුරාට නමකි. එයින් යුත් පුද්ගලයා දන් දෙන අන්‍යයා ද වළක්වයි. මෙයද කියන ලදී.

කදරියො පාපසඞ‍්කප‍්පො, මිච‍්ඡාදිට‍්ඨි අනාදරො; දදමානං නිවාරෙති, යාචමානාන භොජනන‍්ති. (සං· නි· 1.132);

කදරියො පාපසංකප්පො මිච්ඡාදිට්ඨි අනාදරො දදමානං නිවාරෙති යාචමානාන භොජනං

පාප සංකල්ප ඇති මිසදිටු වූ ආදර රහිත තදමසුරා භෝජන ඉල්ලන්නහුට දෙන්නහුද වළක්වයි යනුයි.

යාචකෙ දිස‍්වා කටුකභාවෙන චිත‍්තං අඤ‍්චති සඞ‍්කොචෙතීති කටුකඤ‍්චුකො. තස‍්ස භාවො කටුකඤ‍්චුකතා. අපරො නයො – කටුකඤ‍්චුකතා වුච‍්චති කටච‍්ඡුග‍්ගාහො. සමතිත‍්තිකපුණ‍්ණාය හි උක‍්ඛලියා භත‍්තං ගණ‍්හන‍්තො සබ‍්බතොභාගෙන සඞ‍්කුටිතෙන අග‍්ගකටච‍්ඡුනා ගණ‍්හාති, පූරෙත්‍වා ගහෙතුං න සක‍්කොති; එවං මච‍්ඡරිපුග‍්ගලස‍්ස චිත‍්තං සඞ‍්කුචති. තස‍්මිං සඞ‍්කුචිතෙ කායොපි තථෙව සඞ‍්කුචති, පටිකුටති, පටිනිවත‍්තති, න සම‍්පසාරියතීති මච‍්ඡෙරං ‘කටුකඤ‍්චුකතා’ති වුත‍්තං.

යාචකයින් දැක කටුකභාවයෙන් සිත හකුළා ගනී සංකෝචනය කරයි යනු කටකඤ්චුකය, ඔහුගේ භාවය කටුකඤ්චකතා ය. තවත් නයකි, හැඳිභාගය කටුකඤ්චුකතා යැයි කියනු ලැබේ. ගැට්ටෙන් පිටට යන තරමට පිරුණු සැළියෙන් බත් ගන්නේ සර්වභාගයෙන්ම හැකුළුණු හැන්දේ කෙළවරින් ගනීද, පුරවා ගන්නට නොහැකි වේ. මෙසේ මසුරුකම පුද්ගලයාගේ සිත හකුළයි. සිත හැකිළුණු කල්හි කය ද එසේම හැකිළෙයි. විශේෂයෙන් හැකිළෙයි. නවතී. නො දිගහැරෙයි යනුවෙන් මසුරුබව කටුකඤ්චුකතා යැයි කියන ලදී.

අග‍්ගහිතත‍්තං චිත‍්තස‍්සාති පරෙසං උපකාරකරණෙ දානාදිනා ආකාරෙන යථා න සම‍්පසාරියති, එවං ආවරිත්‍වා ගහිතභාවො චිත‍්තස‍්ස. යස‍්මා පන මච‍්ඡරිපුග‍්ගලො අත‍්තනො සන‍්තකං පරෙසං අදාතුකාමො හොති පරසන‍්තකං ගණ‍්හිතුකාමො, තස‍්මා ‘ඉදං අච‍්ඡරියං මය‍්හමෙව හොතු, මා අඤ‍්ඤස‍්සා’ති පවත‍්තිවසෙනස‍්ස අත‍්තසම‍්පත‍්තිනිගූහනලක‍්ඛණතා අත‍්තසම‍්පත‍්තිග‍්ගහණලක‍්ඛණතා වා වෙදිතබ‍්බා. සෙසං ඉමස‍්මිං ගොච‍්ඡකෙ උත‍්තානත්‍ථමෙව.

අග්ගහිතත්තං චිත්තස්ස යනු අනුන්ට උපකාර කිරීමේදී දානාදි ආකාරයෙන් යම්සේ නො දිගහැරේ ද සිත පිළිබඳව මෙසේ හැසිරගත් බවයි. යම්හෙයකින් වනාහි මසුරු පුද්ගලයා තමා සතු දෙය අනුන්ට නොදෙනු කැමැත්තේ වෙයි ද, අන්සතු දෙය ගනු කැමැත්තේ වෙයි ද, එහෙයින් මේ ආශ්චර්යය මටම වේවා. අන්‍යයන්ට නොවේවායි පැවතීම් වශයෙන් ඔහුගේ තම සම්පත් සැඟවීම් ලක්‍ෂණ බව හෝ තම සම්පත් ගැනීම් ලක්‍ෂණතාව හෝ දතයුතුයි. සෙස්ස මේ ගොච්ඡකයෙහි ප්‍රකට අර්ථ ඇත්තේමය.

ඉමානි පන සංයොජනානි කිලෙසපටිපාටියාපි ආහරිතුං වට‍්ටති මග‍්ගපටිපාටියාපි. කිලෙසපටිපාටියා කාමරාගපටිඝසංයොජනානි අනාගාමිමග‍්ගෙන පහීයන‍්ති, මානසංයොජනං අරහත‍්තමග‍්ගෙන, දිට‍්ඨිවිචිකිච‍්ඡාසීලබ‍්බතපරාමාසා සොතාපත‍්තිමග‍්ගෙන, භවරාගසංයොජනං අරහත‍්තමග‍්ගෙන, ඉස‍්සාමච‍්ඡරියානි සොතාපත‍්තිමග‍්ගෙන, අවිජ‍්ජා අරහත‍්තමග‍්ගෙන. මග‍්ගපටිපාටියා දිට‍්ඨිවිචිකිච‍්ඡාසීලබ‍්බතපරාමාසඉස‍්සාමච‍්ඡරියානි සොතාපත‍්තිමග‍්ගෙන පහීයන‍්ති, කාමරාගපටිඝා අනාගාමිමග‍්ගෙන, මානභවරාගඅවිජ‍්ජා අරහත‍්තමග‍්ගෙනාති.

මේ සංයෝජන වනාහි ක්ලේශ පටිපාටියෙන් ද මාර්ග පටිපාටියෙන් ද ගෙනහැර දක්වන්නට වටී. ක්ලේශ පටිපාටියෙන් කාමරාග පටිඝ සංයෝජන අනාගාමි මාර්ගයෙන් ප්‍රහීණ වෙයි. මාන සංයෝජනය අර්හත් මාර්ගයෙන් ද දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංයෝජන සෝවාන් මාර්ගයෙන් ද, භවරාග සංයෝජනය අර්හත් මාර්ගයෙන් ද ඊර්ෂ්‍යා මාත්සර්ය සෝවාන් මාර්ගයෙන් ද, අවිද්‍යාව අර්හත් මාර්ගයෙන්ද ප්‍රහීණ වෙයි. මාර්ග පටිපාටියෙන් දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඉස්සා මච්ඡරියයෝ සෝවාන් මාර්ගයෙන් ප්‍රහීණ වෙත්. කාමරාග පටිඝයෝ අනාගාමි මාර්ගයෙන් ප්‍රහීණ වෙත්. මාන භව රාග අවිජ්ජාවෝ අර්හත් මාර්ගයෙන් ප්‍රහීණ වෙත් යනුයි.

ගන්‍ථගොච‍්ඡකෙ නාමකායං ගන්‍ථෙති, චුතිපටිසන්‍ධිවසෙන වට‍්ටස‍්මිං ඝටෙතීති කායගන්‍ථො. සබ‍්බඤ‍්ඤුභාසිතම‍්පි පටික‍්ඛිපිත්‍වා සස‍්සතො ලොකො ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤන‍්ති ඉමිනා ආකාරෙන අභිනිවිසතීති ඉදංසච‍්චාභිනිවෙසො. යස‍්මා පන අභිජ‍්ඣාකාමරාගානං විසෙසො අත්‍ථි, තස‍්මා අභිජ‍්ඣාකායගන්‍ථස‍්ස පදභාජනෙ “යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො”ති අවත්‍වා යො රාගො සාරාගොතිආදි වුත‍්තං. ඉමිනා යං හෙට‍්ඨා වුත‍්තං ‘බ්‍රහ‍්මානං විමානාදීසු ඡන්‍දරාගො කාමාසවො න හොති, ගන්‍ථගොච‍්ඡකං පත්‍වා අභිජ‍්ඣාකායගන්‍ථො හොතී’ති තං සුවුත‍්තන‍්ති වෙදිතබ‍්බං. පරතො කිලෙසගොච‍්ඡකෙපි එසෙව නයො. ඨපෙත්‍වා සීලබ‍්බතපරාමාසන‍්ති ඉදං යස‍්මා සීලබ‍්බතපරාමාසො ‘ඉදමෙව සච‍්ච’න‍්තිආදිනා ආකාරෙන නාභිනිවිසති, ‘සීලෙන සුද‍්ධී’තිආදිනා එව පන අභිනිවිසති, තස‍්මා මිච‍්ඡාදිට‍්ඨිභූතම‍්පි තං පටික‍්ඛිපන‍්තො ‘ඨපෙත්‍වා’ති ආහ.

අභිධ්‍යා කායග්‍රන්‍ථ පොකුරෙහි නාමකාය ච්‍යුතිප්‍රතිසන්ධි වශයෙන් ගොතයි. සසරෙහි වද්දවයි යනු = කායග්‍රන්‍ථය, සර්වඥ භාෂිතය ද ප්‍රතික්‍ෂේප කොට ‘සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉමිනා ආකාරෙන අභිනිවිසති’ යන ඉදං සච්චාභි නිවෙසය යම්හෙයකින් අභිධ්‍යා කාමරාගයන්ගෙන් වෙනසක් ඇද්ද, එහෙයින් අභිධ්‍යා කායග්‍රන්ථයාගේ පද භාජනයෙහි ‘යො කාමෙසු කාමච්ඡන්‍දො කාමරාගො’ යැයි නොකියා යො රාගො සාරාගො යනාදිය කියන ලදී. මෙයින් යට බ්‍රහ්මයන්ගේ විමානාදීන්හි ඡන්‍දරාගය කාමාසව නම් නොවෙයි. ග්‍රන්ථ ගොච්ඡකයට පැමිණ අභිධ්‍යකාය ග්‍රන්ථය වේයැයි යමක් කියන ලද ද, එය මනාව කියන ලදැයි දතයුතුයි. පරම ක්ලේශ පොකුරෙහි ද මේ නයමය. ඨපෙත්‍වා සීලබ්බත පරාමාසං යන මෙය යම්හෙයකින් සීලබ්බත පරාමාසය ‘ඉදං සච්චං’ යන ආදී ආකාරයෙන් නොවැදගනීද, එහෙයින් මිථ්‍යා දෘෂ්ටි වූවහු ද ප්‍රතික්‍ෂේප කරමින් ඨපෙත්‍වා යැයි කීය.

නීවරණගොච‍්ඡකස‍්ස ථිනමිද‍්ධනිද‍්දෙසෙ චිත‍්තස‍්ස අකල‍්ලතාති චිත‍්තස‍්ස ගිලානභාවො. ගිලානො හි අකල‍්ලකොති වුච‍්චති. විනයෙපි වුත‍්තං – “නාහං, භන‍්තෙ, අකල‍්ලකො”ති (පාරා· 151). අකම‍්මඤ‍්ඤතාති චිත‍්තගෙලඤ‍්ඤසඞ‍්ඛාතොව අකම‍්මඤ‍්ඤතාකාරො. ඔලීයනාති ඔලීයනාකාරො. ඉරියාපථිකචිත‍්තඤ‍්හි ඉරියාපථං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තං, රුක‍්ඛෙ වග‍්ගුලි විය, ඛීලෙ ලග‍්ගිතඵාණිතවාරකො විය ච, ඔලීයති. තස‍්ස තං ආකාරං සන්‍ධාය ඔලීයනාති වුත‍්තං. දුතියපදං උපසග‍්ගවසෙන වඩ‍්ඪිතං. ලීනන‍්ති අවිප‍්ඵාරිකතාය පටිකුටිතං. ඉතරෙ ද‍්වෙ ආකාරභාවනිද‍්දෙසා. ථිනන‍්ති සප‍්පිපිණ‍්ඩො විය අවිප‍්ඵාරිකතාය ඝනභාවෙන ඨිතං. ථියනාති ආකාරනිද‍්දෙසො. ථියිතභාවො ථියිතත‍්තං, අවිප‍්ඵාරවසෙනෙව ථද‍්ධතාති අත්‍ථො.

නීවරණ පොකුරෙහි ථිනමිද්ධ නිර්දේශයෙහි චිත්තස්ස අකල්ලතා යනු සිතේ ගිලන් බවයි. ගිලන්වූයේ වනාහි අකල්ලක යැයි කියනු ලැබේ. විනයෙහි ද මෙසේ කියන ලදී. ‘නාහං භන්තෙ අකල්ලකො’ යනුයි. අකම්මඤ්ඤතා යනු චිත්ත ගෙලඤ්ඤ සංඛ්‍යාත අකර්මණ්‍යතා කාරයයි. ඔලීයතා යනු පසුබස්නා ආකාරයයි. ඊර්යාපථය දරන්නට නොහැකි ඊර්යාපථිකයාගේ සිත වනාහි වෘක්‍ෂයෙහි වවුලකු මෙන් ද උලෙහි එල්බුණු පැණිකළය මෙන් ද පසුබසී. ඔහුගේ ඒ ආකාරය සඳහා ඔලීයනා යැයි කියන ලදී. දෙවන පදය උපසර්ග වශයෙන් වර්ධනය කරන ලදී. ලීනං යනු නොපැතිරුණු බැවින් හැකුළුණුය. ඉතිරි දෙක ආකාර භාව නිර්දේශයෝ ය. ථීනං යනු ගිතෙල් පිඬක් මෙන් නො විසුරුණු බැවින් ඝනභාවයෙන් සිටියේ, ථියතා යනු ආකාර නිර්දේශයයි. ථියනභාවය ථියිනත්තං ය. නො විසිරීම් වශයෙන්ම තදබව යනු අර්ථයි.

කායස‍්සාති ඛන්‍ධත‍්තයසඞ‍්ඛාතස‍්ස නාමකායස‍්ස. අකල‍්ලතා අකම‍්මඤ‍්ඤතාති හෙට‍්ඨා වුත‍්තනයමෙව. මෙඝො විය ආකාසං කායං ඔනය‍්හතීති ඔනාහො. සබ‍්බතොභාගෙන ඔනාහො පරියොනාහො. අබ‍්භන‍්තරෙ සමොරුන්‍ධතීති අන‍්තොසමොරොධො. යථා හි නගරෙ රුන්‍ධිත්‍වා ගහිතෙ මනුස‍්සා බහි නික‍්ඛමිතුං න ලභන‍්ති, එවම‍්පි මිද‍්ධෙන සමොරුද‍්ධා ධම‍්මා විප‍්ඵාරවසෙන නික‍්ඛමිතුං න ලභන‍්ති. තස‍්මා අන‍්තොසමොරොධොති වුත‍්තං. මෙධතීති මිද‍්ධං; අකම‍්මඤ‍්ඤභාවෙන විහිංසතීති අත්‍ථො. සුපන‍්ති තෙනාති සොප‍්පං. අක‍්ඛිදලාදීනං පචලභාවං කරොතීති පචලායිකා. සුපනා සුපිතත‍්තන‍්ති ආකාරභාවනිද‍්දෙසා. යං පන තෙසං පුරතො සොප‍්පපදං තස‍්ස පුනවචනෙ කාරණං වුත‍්තමෙව. ඉදං වුච‍්චති ථිනමිද‍්ධනීවරණන‍්ති ඉදං ථිනඤ‍්ච මිද‍්ධඤ‍්ච එකතො කත්‍වා ආවරණට‍්ඨෙන ථිනමිද‍්ධනීවරණන‍්ති වුච‍්චති. යං යෙභුය්‍යෙන සෙක‍්ඛපුථුජ‍්ජනානං නිද‍්දාය පුබ‍්බභාගඅපරභාගෙසු උප‍්පජ‍්ජති තං අරහත‍්තමග‍්ගෙන සමුච‍්ඡිජ‍්ජති. ඛීණාසවානං පන කරජකායස‍්ස දුබ‍්බලභාවෙන භවඞ‍්ගොතරණං හොති, තස‍්මිං අසම‍්මිස‍්සෙ වත‍්තමානෙ තෙ සුපන‍්ති, සා නෙසං නිද‍්දා නාම හොති. තෙනාහ භගවා – “අභිජානාමි ඛො පනාහං, අග‍්ගිවෙස‍්සන, ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙ චතුග‍්ගුණං සඞ‍්ඝාටිං පඤ‍්ඤපෙත්‍වා දක‍්ඛිණෙන පස‍්සෙන සතො සම‍්පජානො නිද‍්දං ඔක‍්කමිතා”ති (ම· නි· 1.387). එවරූපො පනායං කරජකායස‍්ස දුබ‍්බලභාවො න මග‍්ගවජ‍්ඣො, උපාදින‍්නකෙපි අනුපාදින‍්නකෙපි ලබ‍්භති. උපාදින‍්නකෙ ලබ‍්භමානො යදා ඛීණාසවො දීඝමග‍්ගං ගතො හොති, අඤ‍්ඤතරං වා පන කම‍්මං කත්‍වා කිලන‍්තො, එවරූපෙ කාලෙ ලබ‍්භති. අනුපාදින‍්නකෙ ලබ‍්භමානො පණ‍්ණපුප‍්ඵෙසු ලබ‍්භති. එකච‍්චානඤ‍්හි රුක‍්ඛානං පණ‍්ණානි සූරියාතපෙන පසාරියන‍්ති රත‍්තිං පටිකුටන‍්ති, පදුමපුප‍්ඵාදීනි සූරියාතපෙන පුප‍්ඵන‍්ති, රත‍්තිං පුන පටිකුටන‍්ති . ඉදං පන මිද‍්ධං අකුසලත‍්තා ඛීණාසවානං න හොතීති.

කායස්ස යනු ස්කන්‍ධත්‍රය සංඛ්‍යාත නාමකායට, අකල්ලතා අකම්මඤ්ඤතා යනු යට කියන ලද නයමය. මේඝය අහස මෙන් කය වෙළයි යනු = ඔනාහො ය. සර්වභාගයෙන් වෙලීම පරියොගාහො ය. අභ්‍යන්තරයෙහි වළක්වානුයි අන්තොසමොරොධො ය. යම්සේ වනාහි නගරයක් අවුරාගත් කල්හි මිනිස්සු පිටතට යා නො හැක්කෝ වෙත් ද, මෙසේම මිද්ධයෙන් ආවරණය වූ කල්හි ධර්මයෝ පැතිරීම් වශයෙන් නික්මීම නොලබත්. එහෙයින් අනෙතා සමොරොධො යැයි කියන ලදී. හිංසා කෙරේනුයි = මිද්ධ ය. අකර්මණ්‍යභාවයෙන් හිංසා කරයි යන අර්ථයි. මෙයින් නිදත් නුයි = සොප්පං ය. ඇස් පෙති ආදිය සොලවන බව කෙරේ = යනු පචලායිකා ය. සුපතා සුපිතත්තං යනු ආකාරභාව නිර්දේශයෝ ය. මොවුන්ගේ ඉදිරියෙන් යම් සොප්ප යන පදයක් වී ද එය නැවත කීමෙහි හේතුව කියන ලදමය. ඉදං වුච්චති ථිනමිද්ධ නීවරණං යන මෙය ථිනයත් මිද්ධයත් එක්කර ආවරණාර්ථයෙන් ථිනමිද්ධ නීවරණය යැයි කියනු ලැබේ. යම් ථීන මිද්ධයක් ශෛක්‍ෂ පෘථග්ජනයන්ගේ නින්දට පූර්ව අපරභාගයන්හි උපදී ද, එය අර්හත් මාර්ගයෙන් විනාශ වෙයි. ක්‍ෂීණාශ්‍රවයන්ගේ කරජකාය දුබල බැවින් භවාංගයට බැසගැනීම වෙයි. එය අසම්මිශ්‍රව පවතින විට ඔහු නිදත්. එය ඔවුන්ගේ නිදීම නම් වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ‘ගිනිවෙස්න, මම ගිම්හානයෙහි පශ්චිම මාසයෙහි සඟළ සිවුර සතරපටක් කොට පණවා සිහියෙන් යුතුව සම්‍යක්ප්‍රඥාවෙන් යුතුව දක්‍ෂිණ පාර්ශ්වයෙන් නින්දට බැසගත් බව දනිමි’ යනුයි. කරජකය පිළිබඳ දුබලබව මෙබඳුය. මාර්ගයෙන් විනාශ කළ නොහේ උපාදින්නකයෙහි මෙන්ම අනුපාදින්නකයෙහි ද ලැබේ. උපාදින්නකයෙහි ලබනුයේ යම්කලෙක ක්‍ෂිණාශ්‍රවයන් වහන්සේ දිර්ඝ මාර්ගයක ගියේ වේද, එක්තරා වැඩක් හෝ කොට ක්ලාන්ත වූයේ හෝ වේද, එබඳු කාලයෙහි ලැබේ. අනුපාදින්නකයෙහි ලබනුයේ පුෂ්ප පත්‍රයන්හි ලැබේ. ඇතැම් වෘක්‍ෂයන්ගේ පත්‍ර ඉර අව්වෙන් දිගහැරේ. රාත්‍රියෙහි හැකිළෙයි. පියුම් මල් ආදිය ඉර අව්වෙන් පිපෙයි. නැවත රාත්‍රියෙහි හැකිළෙයි. මේ මිද්ධය වනාහි අකුසල බැවින් ක්‍ෂීණාශ්‍රවයන්ට නොවේ යනුයි.

තත්‍ථ සියා – “න මිද‍්ධං අකුසලං. කස‍්මා? රූපත‍්තා. රූපඤ‍්හි අබ්‍යාකතං. ඉදඤ‍්ච රූපං. තෙනෙවෙත්‍ථ ‘කායස‍්ස අකල‍්ලතා අකම‍්මඤ‍්ඤතා’ති කායග‍්ගහණං කත”න‍්ති. යදි ‘කායස‍්සා’ති වුත‍්තමත‍්තෙනෙවෙතං රූපං, කායපස‍්සද‍්ධාදයොපි ධම‍්මා රූපමෙව භවෙය්‍යුං. ‘සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති’ (ධ· ස· 163; දී· නි· 1.230) ‘කායෙන චෙව පරමසච‍්චං සච‍්ඡිකරොතී’ති (ම· නි· 2.183; අ· නි· 4.113) සුඛපටිසංවෙදනපරමත්‍ථසච‍්චසච‍්ඡිකරණානිපි රූපකායෙනෙව සියුං. තස‍්මා න වත‍්තබ‍්බමෙතං ‘රූපං මිද‍්ධ’න‍්ති. නාමකායො හෙත්‍ථ කායො නාම. යදි නාමකායො, අථ කස‍්මා ‘සොප‍්පං පචලායිකා’ති වුත‍්තං? න හි නාමකායො සුපති, න ච පචලායතීති. ‘ලිඞ‍්ගාදීනි විය ඉන්‍ද්‍රියස‍්ස, තස‍්ස ඵලත‍්තා. යථා හි ‘ඉත්‍ථිලිඞ‍්ගං ඉත්‍ථිනිමිත‍්තං ඉත්‍ථිකුත‍්තං ඉත්‍ථාකප‍්පො’ති ඉමානි ලිඞ‍්ගාදීනි ඉත්‍ථින්‍ද්‍රියස‍්ස ඵලත‍්තා වුත‍්තානි, එවං ඉමස‍්සාපි නාමකායගෙලඤ‍්ඤසඞ‍්ඛාතස‍්ස මිද‍්ධස‍්ස ඵලත‍්තා සොප‍්පාදීනි වුත‍්තානි. මිද‍්ධෙ හි සති තානි හොන‍්තීති. ඵලූපචාරෙන, මිද‍්ධං අරූපම‍්පි සමානං ‘සොප‍්පං පචලායිකා සුපනා සුපිතත‍්ත’න‍්ති වුත‍්තං.

එහි මෙසේද වන්නේ ය. මිද්ධය අකුසල නොවේ. කවරහෙයින් ද? රූප හෙයිනි. රූපය වනාහි අව්‍යාකෘතය. මෙයද රූපයකි. එහෙයින්ම මෙහිදී කායස්ස අකල්ලතා අකම්මඤ්ඤතා යැයි කායග්‍රහණය කරන ලදී. කායස්ස යැයි කී පමණින් මේ රූපය ද කායපස්සද්ධි ආදී ධර්මයෝ ද රූපම වන්නාහ. කයින් සැපය ද විඳී. කයින් ද පරමාර්ථ සත්‍යය සාක්‍ෂාත් කරයි යනුවෙන් සුඛ පටිසංවේදන පරමාර්ථ සත්‍ය සාක්‍ෂාත් කරණයෝ ද රූප කායයෙන්ම වන්නාහු ද, එහෙයින් මේ රූපය මිද්ධ යැයි නො කිවයුතුයි. මෙහි කාය නම් නාමකායයි. නාමකාය නම් කවර හෙයින් සොප්පං පචලායිකා යැයි කියන ලදද? නාමකාය නොනිදයි. චලනය නොවෙයි යනු ලිංගාදිය මෙන් ඒ ඉන්‍ද්‍රියාගේ ඵලය හෙයිනි. යම්සේ වනාහි ස්ත්‍රීලිංගය ස්ත්‍රී නිමිත්ත ස්ත්‍රී ක්‍රියා ස්ත්‍රී ආකල්ප යන මේ ලිංගාදිය ඉන්‍ද්‍රියයාගේ ඵල හෙයින් කියන ලදී. මෙසේ මේ නාමකාය සංඛ්‍යාත මිද්ධයාගේ ඵල හෙයින් නිදීම ආදිය කියන ලදී. මිද්ධය ඇති කල්හි වනාහි එකී ඵල වේයැයි ඵලූපචාරයෙන් මිද්ධයත් අරූපයත් සමාන සොප්පං පචලායිතා සුපනා සුපිතත්තං යනු කියන ලදී.

‘අක‍්ඛිදලාදීනං පචලභාවං කරොතීති පචලායිකා’ති වචනත්‍ථෙනාපි චායමත්‍ථො සාධිතොයෙවාති න රූපං මිද‍්ධං. ඔනාහාදීහිපි චස‍්ස අරූපභාවො දීපිතොයෙව. න හි රූපං නාමකායස‍්ස ‘ඔනාහො පරියොනාහො අන‍්තොසමොරොධො’ හොතීති. ‘නනු ච ඉමිනාව කාරණෙනෙතං රූපං? න හි අරූපං කස‍්සචි ඔනාහො, න පරියොනාහො, න අන‍්තොසමොරොධො හොතී’ති. යදි එවං, ආවරණම‍්පි න භවෙය්‍ය. තස‍්මා. යථා කාමච‍්ඡන්‍දාදයො අරූපධම‍්මා ආවරණට‍්ඨෙන නීවරණා, එවං ඉමස‍්සාපි ඔනාහනාදිඅත්‍ථෙන ඔනාහාදිතා වෙදිතබ‍්බා. අපිච “පඤ‍්ච නීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ”ති (දී· නි· 2.146; සං· නි· 5.233) වචනතොපෙතං අරූපං. න හි රූපං චිත‍්තුපක‍්කිලෙසො, න පඤ‍්ඤාය දුබ‍්බලීකරණං හොතීති.

අක්‍ෂි දලාදීන්ගේ චලනභාවය කෙරේනුයි = පචලායිකා යන වචනාර්ථයෙන් ද මේ අර්ථය සිද්ධ කරන ලද්දේමය. මෙසේ රූපය මිද්ධය නොවේ. ඕනාහාදීන්ගෙන් ද මේ අරුපභාවය දක්වන ලද්දේමය. රූපය නාමකායට ආවරණයක් හාත්පසින් ආවරණයක් ඇතුළත බාධා කිරීමක් නොවේ යනුවෙනි. මේ කාරණයෙන් ද මෙය රූපය නො වන්නේ ද අරූපයක් නොවේ. කිසිවෙකුටත් ආවරණයක් නොවේ. හාත්පසින් ආවරණයක් නොවේ. ඇතුළත බාධාකිරීමක් නොවේ යනුයි. එසේ නම් ආවරණයක් ද නොවන්නේ ය. එහෙයින් නොවේ. යම්සේ කාමච්ඡන්‍දාදී අරූපධර්මයෝ ආවරණාර්ථයෙන් නීවරණයෝ ද මෙසේ මෙහිද (ඕහනාදී අර්ථයෙන්) ඕහනාදිතාව දතයුතුයි. තවත් ‘චිත්තෝප ක්ලේශයන් වූ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණයන් දුරුකොට යන වචනයෙන් ද මෙය අරූපය රූපය නොවේ. චිත්තෝපක්ලේශය ප්‍රඥාව දුර්වල කරන්නේ නොවේ ද,

කස‍්මා න හොති? නනු වුත‍්තං –

කවර හෙයින් නො වන්නේ ද? මෙසේ වදාරන ලද්දේ නොවේ ද,

“සන‍්ති, භික‍්ඛවෙ, එකෙ සමණබ්‍රාහ‍්මණා සුරං පිවන‍්ති මෙරයං, සුරාමෙරයපානා අප‍්පටිවිරතා, අයං, භික‍්ඛවෙ, පඨමො සමණබ්‍රාහ‍්මණානං උපක‍්කිලෙසො”ති (අ· නි· 4.50).

‘මහණෙනි, රහමෙර පානය කරන සුරාමේරය පානයෙන් නො වැළකුණු ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. මහණෙනි, මෙය මහණ බමුණන්ගේ ප්‍රථම උපක්ලේශයයි යනුවෙනි.

අපරම‍්පි වුත‍්තං “ඡ ඛොමෙ, ගහපතිපුත‍්ත, ආදීනවා සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානානුයොගෙ – සන්‍දිට‍්ඨිකා ධනජානි, කලහප‍්පවඩ‍්ඪනී, රොගානං ආයතනං, අකිත‍්තිසඤ‍්ජනනී, කොපීනනිදංසනී, පඤ‍්ඤාය දුබ‍්බලීකරණීත්‍වෙව ඡට‍්ඨං පදං භවතී”ති (දී· නි· 3.248). පච‍්චක‍්ඛතොපි චෙතං සිද‍්ධමෙව. යථා මජ‍්ජෙ උදරගතෙ, චිත‍්තං සංකිලිස‍්සති, පඤ‍්ඤා දුබ‍්බලා හොති, තස‍්මා මජ‍්ජං විය මිද‍්ධම‍්පි චිත‍්තසංකිලෙසො චෙව පඤ‍්ඤාය දුබ‍්බලීකරණඤ‍්ච සියාති. න, පච‍්චයනිද‍්දෙසතො. යදි හි මජ‍්ජං සංකිලෙසො භවෙය්‍ය, සො “ඉමෙ පඤ‍්ච නීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ”ති (ම· නි· 1.297) වා, “එවමෙව ඛො, භික‍්ඛවෙ, පඤ‍්චිමෙ චිත‍්තස‍්ස උපක‍්කිලෙසා, යෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨං චිත‍්තං න චෙව මුදු හොති, න ච කම‍්මනියං, න ච පභස‍්සරං, පභඞ‍්ගු ච, න ච සම‍්මා සමාධියති ආසවානං ඛයාය. කතමෙ පඤ‍්ච? කාමච‍්ඡන්‍දො, භික‍්ඛවෙ, චිත‍්තස‍්ස උපක‍්කිලෙසො”ති (සං· නි· 5.214) වා, “කතමෙ ච, භික‍්ඛවෙ, චිත‍්තස‍්ස උපක‍්කිලෙසා? අභිජ‍්ඣා විසමලොභො චිත‍්තස‍්ස උපක‍්කිලෙසො”ති (ම· නි· 1.71) වා – එවමාදීසු උපක‍්කිලෙසනිද‍්දෙසෙසු නිද‍්දෙසං ආගච‍්ඡෙය්‍ය. යස‍්මා පන තස‍්මිං පීතෙ උපක‍්කිලෙසා උප‍්පජ‍්ජන‍්ති යෙ චිත‍්තසංකිලෙසා චෙව පඤ‍්ඤාය ච දුබ‍්බලීකරණා හොන‍්ති, තස‍්මා තං තෙසං පච‍්චයත‍්තා පච‍්චයනිද‍්දෙසතො එවං වුත‍්තං. මිද‍්ධං පන සයමෙව චිත‍්තස‍්ස සංකිලෙසො චෙව පඤ‍්ඤාය දුබ‍්බලීකරණඤ‍්චාති අරූපමෙව මිද‍්ධං.

අන්‍ය කාරණයක් ද වදාරන ලදී. ‘ගෘහපති පුත්‍රය, සුරාමේරය මජ්ජපමාදට්ඨානානු යෝගයෙහි මේ ආදීනව සයෙකි. මෙලොවදී ධන හානිය කලහ වර්ධනය රෝගායතනයක් වීම අපකීර්තිය ඇතිවීම ලජ්ජාව නැතිවීම ප්‍රඥාව දුර්වල කිරීම යැයි මේ සවන පදය වෙයි’ යනුයි. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ද මෙය සිද්ධමය. මද්‍යය උදරගත වූ කල්හි යම්සේ සිත කෙලෙසෙයි ද, ප්‍රඥාව දුර්වල වෙයි. එහෙයින් මද්‍යය මෙන්ම මිද්ධය ද සිත කෙලෙසන්නේ ද ප්‍රඥාව දුර්වල කරන්නේ ද වෙයි යනුයි. ප්‍රත්‍යය නිර්දේශයෙන් නොවේ. යම්හෙයකින් වනාහි මද්‍යය සංක්ලේශයක් වන්නේ ද, සො ඉමෙ පංචනීවරණො පහාය චෙතසො උපක්කිලෙසෙ යැයි ද, එවමෙව ඛො භික්‍ඛවෙ, පඤ්චිමෙ චිත්තස්ස උපක්කිලෙසා යෙහි උපකිලිට්ඨං චිත්තං නචෙව මුදුහොති නච කම්මනීයං න පභස්සරං නච පභංගු නච සම්මා සමාධියති ආසවානං ඛයා ය, කතමෙ පඤ්ච, කාමච්ඡන්‍ධො භික්‍ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසො යැයි ද කතමෙ ච භික්‍ඛවෙ? චිත්තස්ස උපකකි ලෙසා අභි ජඣා විසම ලොහො චිතතසස උපක්කිලෙසා යැයි ද මේ ආදී උපක්ලේශ නිර්දේශයන්හි නිර්දේශ වන්නේය. සිත කෙලෙසන ප්‍රඥාව දුර්වල කරන යම් උපක්ලේශයෝ වෙත් ද යම්හෙයකින් වනාහි ඒ උපක්ලේශයෝ එහි ද උපදිත් ද, එහෙයින් එය ඔවුන්ට ප්‍රත්‍යය හෙයින් ප්‍රත්‍යය නිර්දේශයෙන් මෙසේ කියන ලදී. මිද්ධය වනාහි තෙමේම චිත්තෝප ක්ලේශය මෙන්ම ප්‍රඥාව දුර්වල කරන්නේ ද වෙයි යැයි මිද්ධය අරූපම ය.

කිඤ‍්ච භිය්‍යො? සම‍්පයොගවචනතො. “ථිනමිද‍්ධනීවරණං අවිජ‍්ජානීවරණෙන නීවරණඤ‍්චෙව නීවරණසම‍්පයුත‍්තඤ‍්චා”ති (ධ· ස· 1176) හි වුත‍්තං. තස‍්මා සම‍්පයොගවචනතො නයිදං රූපං. න හි රූපං සම‍්පයුත‍්තසඞ‍්ඛ්‍යං ලභතීති. අථාපි සියා – ‘යථාලාභවසෙනෙතං වුත‍්තං. යථා හි “සිප‍්පිසම‍්බුකම‍්පි සක‍්ඛරකථලම‍්පි මච‍්ඡගුම‍්බම‍්පි චරන‍්තම‍්පි තිට‍්ඨන‍්තම‍්පී”ති (දී· නි· 1.249; ම· නි· 1.433) එවං එකතො කත්‍වා යථාලාභවසෙන වුත‍්තං. සක‍්ඛරකථලඤ‍්හි තිට‍්ඨති යෙව න චරති, ඉතරද‍්වයං තිට‍්ඨතිපි චරතිපි. එවමිධාපි මිද‍්ධං නීවරණමෙව, න සම‍්පයුත‍්තං , ථිනං නීවරණම‍්පි සම‍්පයුත‍්තම‍්පීති සබ‍්බං එකතො කත්‍වා යථාලාභවසෙන “නීවරණඤ‍්චෙව නීවරණසම‍්පයුත‍්තඤ‍්චා”ති වුත‍්තං. මිද‍්ධං පන යථා සක‍්ඛරකථලං තිට‍්ඨතෙව න චරති, එවං නීවරණමෙව, න සම‍්පයුත‍්තං. තස‍්මා රූපමෙව මිද‍්ධන‍්ති. න, රූපභාවාසිද‍්ධිතො. සක‍්ඛරකථලඤ‍්හි න චරතීති විනාපි සුත‍්තෙන සිද‍්ධං. තස‍්මා තත්‍ථ යථාලාභවසෙනත්‍ථො හොතු . මිද‍්ධං පන රූපන‍්ති අසිද‍්ධමෙතං. න සක‍්කා තස‍්ස ඉමිනා සුත‍්තෙන රූපභාවො සාධෙතුන‍්ති මිද‍්ධස‍්ස රූපභාවාසිද‍්ධිතො න ඉදං යථාලාභවසෙන වුත‍්තන‍්ති අරූපමෙව මිද‍්ධං.

බොහෝ කීමෙන් කිම? සම්ප්‍රයෝග වචන වශයෙන් ථීනමිද්ධ නීවරණය අවිද්‍යා නීවරණය සමග නීවරණයක් මෙන්ම නීවරණ සම්ප්‍රයුක්තයක්දැයි කියන ලදමය. එහෙයින් සම්ප්‍රයෝග වචනයෙන් මෙය රූපයක් නොවේ. රූපය සම්ප්‍රයුක්ත නම නො ලබයි යනුයි. තවද මෙය යථාලාභ වශයෙන් කියන ලද්දේ වෙයි. යම්සේ වනාහි ‘සිප්පි සම්බුකම්පි සක්‍ඛර කඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි’ යැයි (මෙසේ එක්කොට) යථාලාභ වශයෙන් කියන ලදී. බොරළු කැට කැබලිති වනාහි සිටියේමය. නො හැසිරෙයි. ඉතිරි දෙදෙනා සිටින්නෝ හැසිරෙන්නෝ ද වෙත්. මෙසේ මෙහිද මිද්ධං නීවරණයමය. සම්ප්‍රයුක්ත නොවේ. ථිනය නීවරණ ද සම්ප්‍රයුක්ත දැයි සියල්ල එක්කොට යථාලාභ වශයෙන් නීවරණයම නීවරණ සම්ප්‍රයුක්තයැයි කියන ලදී. යම්සේ කැටකැබලිති සිටින්නේම ද නො හැසිරේ ද මෙසේ මිද්ධය වනාහි නීවරණයමය. සම්ප්‍රයුක්තය නොවේ. එහෙයින් රූපභාව සිද්ධ හෙයින් රූපයම මිද්ධය යනු නොවේ. කැටකැබලිති වනාහි නො හැසිරේ යනු සූත්‍රයෙන් තොරව ද සිද්ධය. එහෙයින් එහි අර්ථය යථාලාභ වශයෙන් වේවා. සිද්ධය වනාහි රූපයයි යන මෙය අසිද්ධය. මේ සූත්‍රයෙන් එහි රූපභාවය සිද්ධ කළ නොහැකිය යන මිද්ධයාගේ රූපභාව අසිද්ධියෙන් මෙය යථාලාභ වශයෙන් නොවේ යැයි කියන ලදැයි අරූපයම මිද්ධයයි.

කිඤ‍්ච භිය්‍යො? ‘චත‍්තත‍්තා’තිආදිවචනතො. විභඞ‍්ගස‍්මිඤ‍්හි “විගතථිනමිද‍්ධොති තස‍්ස ථිනමිද‍්ධස‍්ස චත‍්තත‍්තා වන‍්තත‍්තා මුත‍්තත‍්තා පහීනත‍්තා පටිනිස‍්සට‍්ඨත‍්තා, තෙන වුච‍්චති විගතථිනමිද‍්ධො”ති (විභ· 547) ච, “ඉදං චිත‍්තං ඉමම‍්හා ථිනමිද‍්ධා සොධෙති විසොධෙති පරිසොධෙති මොචෙති විමොචෙති පරිමොචෙති, තෙන වුච‍්චති ථිනමිද‍්ධා චිත‍්තං පරිසොධෙති” චාති (විභ· 551) – එවං ‘චත‍්තත‍්තා’තිආදි වුත‍්තං. න ච ‘රූපං’ එවං වුච‍්චති, තස‍්මාපි අරූපමෙව මිද‍්ධන‍්ති. න, චිත‍්තජස‍්සාසම‍්භවවචනතො. තිවිධඤ‍්හි මිද‍්ධං – චිත‍්තජං උතුජං ආහාරජඤ‍්ච. තස‍්මා යං තත්‍ථ චිත‍්තජං තස‍්ස විභඞ‍්ගෙ ඣානචිත‍්තෙහි අසම‍්භවො වුත‍්තො, න අරූපභාවො සාධිතොති රූපමෙව මිද‍්ධන‍්ති. න, රූපභාවාසිද‍්ධිතොව. මිද‍්ධස‍්ස හි රූපභාවෙ සිද‍්ධෙ සක‍්කා එතං ලද‍්ධුං. තත්‍ථ චිත‍්තජස‍්සාසම‍්භවො වුත‍්තො. සො එව ච න සිජ‍්ඣතීති අරූපමෙව මිද‍්ධං.

බොහෝසෙයින් කීමෙන් ප්‍රයෝජන කිම? චත්තත්තා යන ආදි වචනයෙන් විභංගයෙහි වනාහි ‘විගත ථිනමිද්ධො යනු ඒ ථීනමිද්ධය අත්හළ හෙයින් ද වමාරා දැමූ හෙයින් ද මිද හෙයින්ද ප්‍රහීණ කළ හෙයින් ද අත්හරින ලද හෙයින් ද යන මෙයින් විගත ථිනමිද්ධ යැයි කියනු ලැබේ යනුවෙන් ද ‘මේ සිත මේ ථීනමිද්ධයෙන් පිරිසිදු කරයි. විශේෂයෙන් පිරිසිදු කරයි ද හාත්පසින් පිරිසිදු කරයි ද මුදයි ද විශේෂයෙන් මුදයි ද හාත්පසින් මුදයි ද එහෙයින් ථිනමිද්ධයෙන් සිත මුදයි යැයි කියනු ලැබේ’ යනුවෙන් දැයි මෙසේ චත්තත්තා යන ආදිය කියන ලදී. එහෙයින් ද අරූපයම මිද්ධයයි. චිත්තයාගේ අසම්භව වචනයෙන් නොවේ. මිද්ධය වනාහි චිත්තජය උතුජය ආහාරජ යැයි ත්‍රිවිධය. එහෙයින් යම් මිද්ධයක් එහි චිත්තජ ද විභංගයේදී එහි ධ්‍යාන සිත් සමග අසම්භවය කියන ලදී. අරූපභාව සිද්ධ නොකරන ලදැයි ද රූපයම මිද්ධ යැයි ද න රූපභාව අසිද්ධියෙන් රූපයම මිද්ධ යැයි කියන ලදී. මිද්ධය වනාහි රූපභාවය සිද්ධ කල්හි මෙය ලැබිය හැකිය. එහිදී චිත්තයාගේ සම්භවය කියන ලදී. එයම ද සිද්ධ නොවේ. අරූපයම මිද්ධයයි.

කිඤ‍්ච භිය්‍යො? පහානවචනතො. භගවතා හි “ඡ, භික‍්ඛවෙ, ධම‍්මෙ පහාය භබ‍්බො පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරිතුං; කතමෙ ඡ? කාමච‍්ඡන්‍දං, බ්‍යාපාදං, ථිනමිද‍්ධං, උද‍්ධච‍්චං, කක‍්කුච‍්චං, විචිකිච‍්ඡං; කාමෙසු ඛො පනස‍්ස ආදීනවො සම‍්මපඤ‍්ඤාය සුදිට‍්ඨො හොතී”ති (අ· නි· 6.73) ච, “ඉමෙ පඤ‍්ච නීවරණෙ පහාය බලවතියා පඤ‍්ඤාය අත‍්තත්‍ථං වා පරත්‍ථං වා ඤස‍්සතී”ති (අ· නි· 5.51) ච ආදීසු මිද‍්ධස‍්සාපි පහානං වුත‍්තං. න ච රූපං පහාතබ‍්බං. යථාහ – “රූපක‍්ඛන්‍ධො අභිඤ‍්ඤෙය්‍යො, පරිඤ‍්ඤෙය්‍යො, න පහාතබ‍්බො, න භාවෙතබ‍්බො න සච‍්ඡිකාතබ‍්බො”ති (විභ· 1031) ඉමස‍්සාපි පහානවචනතො අරූපමෙව මිද‍්ධන‍්ති. න, රූපස‍්සාපි පහානවචනතො. “රූපං, භික‍්ඛවෙ, න තුම‍්හාකං, තං පජහථා”ති (ම· නි· 1.247; සං· නි· 3.33). එත්‍ථ හි රූපස‍්සාපි පහානං වුත‍්තමෙව. තස‍්මා අකාරණමෙතන‍්ති. න, අඤ‍්ඤථා වුත‍්තත‍්තා. තස‍්මිඤ‍්හි සුත‍්තෙ “යො, භික‍්ඛවෙ, රූපෙ ඡන්‍දරාගවිනයො තං තත්‍ථ පහාන”න‍්ති (සං· නි· 3.25) එවං ඡන්‍දරාගප‍්පහානවසෙන රූපස‍්ස පහානං වුත‍්තං, න යථා “ඡ ධම‍්මෙ පහාය පඤ‍්ච නීවරණෙ පහායා”ති එවං පහාතබ‍්බමෙව වුත‍්තන‍්ති, අඤ‍්ඤථා වුත‍්තත‍්තා, න රූපං මිද‍්ධං. තස‍්මා යානෙතානි “සො ඉමෙ පඤ‍්ච නීවරණෙ පහාය චෙතසො උපක‍්කිලෙසෙ”තිආදීනි සුත‍්තානි වුත‍්තානි, එතෙහි චෙව අඤ‍්ඤෙහි ච සුත‍්තෙහි අරූපමෙව මිද‍්ධන‍්ති වෙදිතබ‍්බං. තථා හි –

බොහෝකොට කීමෙන් ප්‍රයෝජන කිම? ප්‍රහාණ වචනයෙනි. භාග්‍යවතුන් වහන්සේ විසින් වනාහි ‘මහණෙනි, ධර්ම සයක් ප්‍රහාණය කොට ප්‍රථම ධ්‍යානයට සමවැද වාසය කරන්නට භව්‍ය වෙයි. කවර සයක් ද? කාමච්ඡන්‍දය ව්‍යාපාදය ථිනමිද්ධය උද්ධච්චය කුක්කුච්චය විචිකිච්ඡාවය යන සයකි. ‘ඔහු විසින් වනාහි කාමයන්ගේ ආදීනව සම්‍යක් ප්‍රඥාවෙන් මනාව දක්නා ලද්දේ වෙයි’ යනු ද ‘මේ පංච නීවරණය දුරුකොට බලවත් ප්‍රඥාවෙන් ආත්මාර්ථය හෝ (පරාර්ථය හෝ) දැනගත්තේය’ යන ආදීන්හි ද මිද්ධයාගේ ප්‍රහාණය ද කියන ලදී. රූපය පහකළයුතු නොවේ. මෙසේද කියන ලදී. ‘රූපස්කන්‍ධය විශේෂයෙන් දතයුතුයි. පිරිසිඳ දතයුතුයි. පහ කළ යුත්තේ නොවේ. වැඩිය යුත්තේ නොවේ. (සාක්‍ෂාත් කළයුත්තේ නොවේ) යනුයි. මෙහි ප්‍රහාණ වචනයෙන් ද මිද්ධය අරූපමය. රූපයාගේ ද ප්‍රහාණ වචනයෙන් නොවේ. ‘මහණෙනි, රූපය තොපගේ නොවේ. එය අත්හරිව්’ යන මෙහි වනාහි රූපයාගේ ප්‍රහාණයද කියන ලදමය. එහෙයින් අන් අයුරකින් නො කියන ලද හෙයින් මෙය කාරණයක් නොවේ. එම සූත්‍රයෙහි වනාහි ‘මහණෙනි, රූපයෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමෙක් වේද, එය එහි ප්‍රහාණයයි’ යැයි මෙසේ ඡන්‍දරාග ප්‍රහාණ වශයෙන් රූපප්‍රහාණය කියන ලදී. ‘ඒ ධම්මෙ අප්පහාය පංච නීවරණෙ පහාය’ යැයි මෙන් නොවේ. මෙසේ පහකළ යුත්තක්ම කියන ලදී යනුයි. අන් අයුරකින් කියන ලද හෙයින් රූපය මිද්ධය නොවේ. එහෙයින් ‘සො ඉමෙ පංචනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ’ යන ආදී යම් ඒ සූත්‍රයෝ වෙත් ද, මේ සූත්‍රයෙන් මෙන්ම අන්‍ය වූ සූත්‍රයන්ගෙන් ද අරූපයම මිද්ධය යැයි දතයුතුයි.

“පඤ‍්චිමෙ, භික‍්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො අජ‍්ඣාරුහා පඤ‍්ඤාය දුබ‍්බලීකරණා. කතමෙ පඤ‍්ච? කාමච‍්ඡන්‍දො, භික‍්ඛවෙ, ආවරණො නීවරණො…පෙ… ථිනමිද‍්ධං, භික‍්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො අජ‍්ඣාරුහං පඤ‍්ඤාය දුබ‍්බලීකරණ”න‍්ති (සං· නි· 5.220) ච, “ථිනමිද‍්ධනීවරණං, භික‍්ඛවෙ, අන්‍ධකරණං අචක‍්ඛුකරණං අඤ‍්ඤාණකරණං පඤ‍්ඤානිරොධිකං විඝාතපක‍්ඛිකං අනිබ‍්බානසංවත‍්තනික”න‍්ති (සං· නි· 5.221) ච, “එවමෙව ඛො, බ්‍රාහ‍්මණ, යස‍්මිං සමයෙ ථිනමිද‍්ධපරියුට‍්ඨිතෙන චෙතසා විහරති ථිනමිද‍්ධපරෙතෙනා”ති (සං· නි· 5.236) ච, “අයොනිසො, භික‍්ඛවෙ, මනසිකරොතො අනුප‍්පන‍්නො චෙව කාමච‍්ඡන්‍දො උප‍්පජ‍්ජති…පෙ… අනුප‍්පන‍්නඤ‍්චෙව ථිනමිද‍්ධං උප‍්පජ‍්ජතී”ති (සං· නි· 5.216) ච, “කෙවලොහායං, භික‍්ඛවෙ, අකුසලරාසි යදිදං පඤ‍්ච නීවරණා”ති (සං· නි· 5.371) ච –

එසේම මහණෙනි, සිතට ආරූඪ වූ ප්‍රඥාව දුර්වල කරන මේ ආවරණ නීවරණ පසෙකි. කවර පසෙක් ද? මහණෙනි, කාමච්ඡන්‍දය ආවරණයකි. නීවරණයකි. -පෙ- මහණෙනි, ථීනමිද්ධය සිතට ආරූඪ වූ ප්‍රඥාව දුර්වල කරන ආවරණයකි. නීවරණයකි’ යනු ද ‘මහණෙනි, ථිනමිද්ධ නීවරණය අන්‍ධකරණයකි. අචත්‍ථුකරණයකි. අඥානකරණයකි. ප්‍රඥාව වළක්වන්නකි. විඝාත පාක්‍ෂිකය, නිවන් පිණිස නොපවතින්නකි.’ යනු ද, ‘බමුණ, මෙපරිද්දෙන් වනාහි යම් සමයෙක්හි ථීනමිද්ධයෙන් මඩනා ලද සිතින් වැඩුණු සිතින් වාසය කෙරේ ද? යනු ද, මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාට නූපන්නා වූ ද කාමච්ඡන්‍දය උපදී. -පෙ- නූපන්නා වූ ද ථිනමිද්ධය උපදී’ යනු ද, මහණෙනි, යම් මේ පංච නීවරණ වේ ද, මේ අකුසල රාශිය කෙවලය යැයි ද

එවමාදීනි ච අනෙකානි එතස‍්ස අරූපභාවජොතකානෙව සුත‍්තානි වුත‍්තානි. යස‍්මා චෙතං අරූපං තස‍්මා ආරුප‍්පෙපි උප‍්පජ‍්ජති. වුත‍්තඤ‍්හෙතං මහාපකරණෙ පට‍්ඨානෙ – “නීවරණං ධම‍්මං පටිච‍්ච නීවරණො ධම‍්මො උප‍්පජ‍්ජති, න පුරෙජාතපච‍්චයා”ති එතස‍්ස විභඞ‍්ගෙ “ආරුප‍්පෙ කාමච‍්ඡන්‍දනීවරණං පටිච‍්ච ථිනමිද‍්ධං… උද‍්ධච‍්චං අවිජ‍්ජානීවරණ”න‍්ති (පට‍්ඨා· 3.8.8) සබ‍්බං විත්‍ථාරෙතබ‍්බං. තස‍්මා සන‍්නිට‍්ඨානමෙත්‍ථ ගන‍්තබ‍්බං අරූපමෙව මිද‍්ධන‍්ති.

මෙහි අරුපභාවය ප්‍රකාශ කරන්නා වූ ම මේ ආදී නොයෙක් සූත්‍ර ප්‍රකාශ කරන ලදී. යම්හෙයකින් මෙය අරූප ද එහෙයින් අරූපී ලෝකයන්හි ද උපදී. මහාපට්ඨාන සූත්‍රයෙහි මෙය කියන ලද්දේමය. නීවරණං ධම්මං පටිච්ච නීවරණො ධම්මො උප්පජ්ජති නපුරෙජාත පච්චයා යනුයි. මෙයට විභංගයෙහි ‘ආරුප්පෙ කාමච්ඡන්‍ද නීවරණං පටිච්ච ථිනමිද්ධං උද්ධච්චං අවිජ්ජා නීවරණං’ යන සියල්ල විස්තර කළයුතුයි. එහෙයින් මෙහිදී මිද්ධය අරූපම යැයි නිගමනයට යා යුතුයි.

කුක‍්කුච‍්චනිද‍්දෙසෙ අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතාතිආදීනි මූලතො කුක‍්කුච‍්චදස‍්සනත්‍ථං වුත‍්තානි. එවංසඤ‍්ඤිතාය හි කතෙ වීතිකම‍්මෙ, නිට‍්ඨිතෙ වත්‍ථුජ‍්ඣාචාරෙ, පුන සඤ‍්ජාතසතිනොපි ‘දුට‍්ඨු මයා කත’න‍්ති එවං අනුතප‍්පමානස‍්ස පච‍්ඡානුතාපවසෙනෙතං උප‍්පජ‍්ජති. තෙන තං මූලතො දස‍්සෙතුං ‘අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතා’තිආදි වුත‍්තං. තත්‍ථ අකප‍්පියභොජනං කප‍්පියසඤ‍්ඤී හුත්‍වා පරිභුඤ‍්ජති, අකප‍්පියමංසං කප‍්පියමංසසඤ‍්ඤී හුත්‍වා, අච‍්ඡමංසං සූකරමංසන‍්ති, දීපිමංසං වා මිගමංසන‍්ති ඛාදති; කාලෙ වීතිවත‍්තෙ කාලසඤ‍්ඤාය, පවාරෙත්‍වා අප‍්පවාරිතසඤ‍්ඤාය, පත‍්තස‍්මිං රජෙ පතිතෙ පටිග‍්ගහිතසඤ‍්ඤාය භුඤ‍්ජති – එවං ‘අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤාය’ වීතික‍්කමං කරොති නාම. සූකරමංසං පන අච‍්ඡමංසසඤ‍්ඤාය ඛාදමානො, කාලෙ ච විකාලසඤ‍්ඤාය භුඤ‍්ජමානො ‘කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතාය’ වීතික‍්කමං කරොති නාම. අනවජ‍්ජං පන කිඤ‍්චිදෙව වජ‍්ජසඤ‍්ඤිතාය, වජ‍්ජඤ‍්ච අනවජ‍්ජසඤ‍්ඤිතාය කරොන‍්තො ‘අනවජ‍්ජෙ වජ‍්ජසඤ‍්ඤාය වජ‍්ජෙ ච අනවජ‍්ජසඤ‍්ඤාය’ වීතික‍්කමං කරොති නාම. යස‍්මා පනෙතං “අකතං වත මෙ කල්‍යාණං, අකතං කුසලං, අකතං භීරුත‍්තාණං, කතං පාපං, කතං ලුද‍්දං, කතං කිබ‍්බිස”න‍්ති එවං අනවජ‍්ජෙ වජ‍්ජසඤ‍්ඤිතායපි කතෙ වීතික‍්කමෙ උප‍්පජ‍්ජති, තස‍්මාස‍්ස අඤ‍්ඤම‍්පි වත්‍ථුං අනුජානන‍්තො යං එවරූපන‍්තිආදිමාහ.

කුක්කුච්ච නිර්දේශයෙහි අකප්පියෙ කප්පිය සඤ්ඤිතා යනාදිය මුලින් කුක්කුච්චය දැක්වීම පිණිස කියන ලදී. මෙවැනි හැඟීමෙන් කරන ලද ව්‍යතික්‍රමණය වස්තුව පිළිබඳ වැරදි හැසිරීම නිමි කල්හි නැවත හටගත් සිහිය ඇත්තහුට ද මා විසින් නපුරක් කරන ලදැයි තැවෙනවිට පශ්චත්තාප වශයෙන් මෙය උපදී. එහෙයින් මෙය මුලින් දැක්වීම පිණිස අකප්පියෙ කප්පිය සඤ්ඤිතා යනාදිය කියන ලදී. එහිදී අකප්පිය භෝජනය කප්පියසඤ්ඤීව පරිභෝග කරයි. අකැප මස් කැපමස් යන හැඟීමෙන් ද වලස් මස් ඌරුමස් යැයි ද දිවිමස් හෝ මුවමස් යැයි ද කති. කාලය ඉක්මගිය කල්හි කාලය යැයි හැඟීමෙන් ද, පවරා නොපවරන ලදැයි යන හැඟීමෙන් ද පරිභෝග කරයි. මෙසේ අකැප වස්තුවෙහි කැපය යන සංඥාවෙන් ව්‍යතික්‍රමය කරයි නමි. ඌරුමස් වලස්මස් යන සංඥාවෙන් කන්නේ ද කාලයෙහි විකාල සංඥාවෙන් අනුභව කරනුයේ කැප වස්තුව අකැපය යන සංඥාවෙන් ව්‍යතික්‍රමය කරයි නමි. නිවැරදි කිසිවක් වනාහි වරදය යන සංඥාවෙන් ද වරදෙහි ද නිවැරදිය යන සංඥාවෙන් ද කරනුයේ නිවරදෙහි වැරදිය යන සංඥාවෙන් ද ව්‍යතික්‍රමය කරයි නමි. මෙය වනාහි යම්හෙයකින් මා විසින් වනාහි ඒකාන්තයෙන් යහපතක් නො කරන ලදී. කුසලක් නො කරන ලදී. බියෙන් ගොඩනැගීමේ ක්‍රියාවක් නො කරන ලදී. පවක් කරන ලදී. රෞද්‍ර ක්‍රියාවක් කරන ලදී. නපුරු ක්‍රියාවක් කරන ලදී යැයි මෙසේ නිවරදෙහි වැරදිය යන සංඥාවෙන් ද කරන ලද ව්‍යතික්‍රමණයේ දී උපදී. එහෙයින් මෙයට වෙනත් වස්තුවක් ද දක්වන්නේ යං එවරූපං යනාදිය කීය.

තත්‍ථ කුක‍්කුච‍්චපදං වුත‍්තත්‍ථමෙව. කුක‍්කුච‍්චායනාකාරො කුක‍්කුච‍්චායනා. කුක‍්කුච‍්චෙන අයිතස‍්ස භාවො කුක‍්කුච‍්චායිතත‍්තං. චෙතසො විප‍්පටිසාරොති එත්‍ථ කතාකතස‍්ස සාවජ‍්ජානවජ‍්ජස‍්ස වා අභිමුඛගමනං ‘විප‍්පටිසාරො’ නාම. යස‍්මා පන සො කතං වා පාපං අකතං න කරොති, අකතං වා කල්‍යාණං කතං න කරොති, තස‍්මා විරූපො කුච‍්ඡිතො වා පටිසාරොති ‘විප‍්පටිසාරො’. සො පන චෙතසො, න සත‍්තස‍්සාති ඤාපනත්‍ථං ‘චෙතසො’ විප‍්පටිසාරොති වුත‍්තං. අයමස‍්ස සභාවනිද‍්දෙසො. උප‍්පජ‍්ජමානං පන කුක‍්කුච‍්චං ආරග‍්ගමිව කංසපත‍්තං මනං විලිඛමානමෙව උප‍්පජ‍්ජති, තස‍්මා මනොවිලෙඛොති වුත‍්තං. අයමස‍්ස කිච‍්චනිද‍්දෙසො. යං පන විනයෙ “අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවතා පටික‍්ඛිත‍්තං අනුවසිත්‍වා අනුවසිත්‍වා ආවසථපිණ‍්ඩං පරිභුඤ‍්ජිතු”න‍්ති කුක‍්කුච‍්චායන‍්තො න පටිග‍්ගහෙසීති (පාචි· 204) කුක‍්කුච‍්චං ආගතං, න තං නීවරණං. න හි අරහතො ‘දුට‍්ඨු මයා ඉදං කත’න‍්ති එවං අනුතාපො අත්‍ථි. නීවරණපතිරූපකං පනෙතං ‘කප‍්පති න කප‍්පතී’ති වීමංසනසඞ‍්ඛාතං විනයකුක‍්කුච‍්චං නාම.

එහි කුක්කුච්ච යන පදය කියන ලද අර්ථ ඇත්තේමය. කුකුස්වන ආකාරය කුක්කුච්චායතන ය. වැඩුණු කුකුසෙන් යුත් පුද්ගලයාගේ භාවය කුක්කුච්චායිතත්ත ය. චෙතසො විප්පටිසාරො යන මෙහි කළ නොකළ දේ පිළිබඳව හෝ සාවද්‍ය අනවද්‍යයත් පිළිබඳව ඉදිරියට යාම විප්පටිසාර නමි. යම්හෙයකින් වනාහි හෙතෙම කරන ලද පාපය හෝ නොකරන ලද්දක් නො කරයි. නොකරන ලද කල්‍යාණය කරන ලද්දක් නො කරයි. එහෙයින් විරූප වූ හෝ පිළිකුල් වූ හෝ තැවීම යනු විප්පටිසාරො ය. මෙය වනාහි සිත පිළිබඳවය. සත්ත්වයා පිළිබඳව නොවේ යැයි දැන්වීම පිණිස චෙතසො විප්පටිසාරො යැයි කියන ලදී. මේ මෙහි ස්වභාව නිර්දේශයයි. උපදනා කුකුස වනාහි ඉඳිකටු මූණත රන්බඳුන සූරන්නා මෙන් සිත පහුරුගාමින්ම උපදී. එහෙයින් මනොවිලෙන්‍ධො යැයි කියන ලදී. මේ මෙහි කෘත්‍ය නිර්දේශයයි. විනයෙහි වනාහි ‘ඉක්බිති ශාරිපුත්‍ර ආයුෂ්මතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂිතිප්ත (විසීමක්) වාසය කොට) වාසය කොට ආවාසයට ලැබුණු පිණ්ඩාහාරය වළඳන්නට යැයි කුකුස් කරනුයේ නො පිළිගත් සේක යැයි යම් කුකුසක් ආයේ ද, එය නීවරණයක් නොවේ. රහතන් වහන්සේට මා විසින් මේ නපුර කරන ලදැයි මෙසේ පසුතැවිල්ලක් නොමැත. කැප ද අකැපද යන මේ නීවරණ ප්‍රතිරූපකය වීමර්ශන සංඛ්‍යාත විනය කුක්කුච්ච නමි.

“කතමෙ ධම‍්මා නීවරණා චෙව නීවරණසම‍්පයුත‍්තා චා”ති පදස‍්ස නිද‍්දෙසෙ යස‍්මා ථිනමිද‍්ධං අඤ‍්ඤමඤ‍්ඤං න විජහති, තස‍්මා ථිනමිද‍්ධනීවරණං අවිජ‍්ජානීවරණෙන නීවරණඤ‍්චෙව නීවරණසම‍්පයුත‍්තඤ‍්චාති අභින්‍දිත්‍වා වුත‍්තං. යස‍්මා පන උද‍්ධච‍්චෙ සතිපි කුක‍්කුච‍්චස‍්ස අභාවා කුක‍්කුච‍්චෙන විනාපි උද‍්ධච‍්චං උප‍්පජ‍්ජති, තස‍්මා තං භින්‍දිත්‍වා වුත‍්තං. යඤ‍්ච යෙන සම‍්පයොගං න ගච‍්ඡති, තං න යොජිතන‍්ති වෙදිතබ‍්බං.

“කතමෙ ධම්මා නීවරණා චෙව නීවරණා සම්පයුත්තා ච” යන පදයාගේ නිර්දේශයෙහි යම්හෙයකින් ථිනමිද්ධය ඔවුනොවුන් අත් නොහරී ද, එහෙයින් ථිනමිද්ධ නීවරණය අවිද්‍යා නීවරණයත් සමග නීවරණයක් ද නීවරණ සම්ප්‍රයුක්තයක්දැයි නොබිඳ කියන ලදී. යම්හෙයකින් වනාහි උද්ධච්චය ඇති කල්හි ද කුක්කුච්චයේ අභාවයෙන් කුක්කුච්චයෙන් තොරව ද උද්ධච්චය උපදී. එහෙයින් බිඳ කියන ලදී. යමක් යමක් සමග සම්ප්‍රයෝගයට නො යේ ද, එය නො යොදන ලදැයි දතයුතුයි.

ඉමෙ පන නීවරණෙ කිලෙසපටිපාටියාපි ආහරිතුං වට‍්ටති මග‍්ගපටිපාටියාපි. කිලෙසපටිපාටියා කාමච‍්ඡන්‍දබ්‍යාපාදා අනාගාමිමග‍්ගෙන පහීයන‍්ති, ථිනමිද‍්ධුද‍්ධච‍්චානි අරහත‍්තමග‍්ගෙන, කුක‍්කුච‍්චවිචිකිච‍්ඡා සොතාපත‍්තිමග‍්ගෙන, අවිජ‍්ජා අරහත‍්තමග‍්ගෙන. මග‍්ගපටිපාටියා සොතාපත‍්තිමග‍්ගෙන කුක‍්කුච‍්චවිචිකිච‍්ඡා පහීයන‍්ති, අනාගාමිමග‍්ගෙන කාමච‍්ඡන්‍දබ්‍යාපාදා, අරහත‍්තමග‍්ගෙන ථිනමිද‍්ධුද‍්ධච‍්චාවිජ‍්ජාති.

මෙකී නීවරණයන් වනාහි ක්ලේශ පටිපාටියෙන් ද මාර්ග පටිපාටියෙන් ද ගෙනහැර දක්වන්නට වටී. ක්ලේශ පටිපාටියෙන් කාමච්ඡන්‍ද ව්‍යාපාදයෝ අනාගාමි මාර්ගයෙන් ප්‍රහීණ වෙත්. ථීනමිද්ධ උද්ධච්චයෝ අර්හත් මාර්ගයෙන් ප්‍රහීණ වෙත්. කුක්කුච්ච විචිකිච්ඡාවෝ සෝවාන් මාර්ගයෙන් ප්‍රහීණ වෙත්. අවිද්‍යාව අර්හත් මාර්ගයෙන් ප්‍රහීණ වෙයි. මාර්ග පටිපාටියෙන් සෝවාන් මාර්ගයෙන් කුක්කුච්ච විචිකිච්ඡා දෙක ප්‍රහීණ වෙයි. අනාගාමි මාර්ගයෙන් කාමච්ඡන්‍ද ව්‍යාපාදයෝ ප්‍රහීණ වෙත්. අර්හත් මාර්ගයෙන් ථිනමිද්ධ උද්ධච්ච අවිද්‍යාවෝ ප්‍රහීණ වෙත්.

පරාමාසගොච‍්ඡකෙ තෙ ධම‍්මෙ ඨපෙත්‍වාති පුච‍්ඡාසභාගෙන බහුවචනං කතං.

පරාමාස කොටසෙහි තෙ ධම්මෙ ඨපෙත්‍වා යැයි පෘච්ඡාසභාග වශයෙන් බහුවචනය කරන ලදී.

උපාදානනිද‍්දෙසෙ වත්‍ථුසඞ‍්ඛාතං කාමං උපාදියතීති කාමුපාදානං කාමො ච සො උපාදානඤ‍්චාතිපි කාමුපාදානං. උපාදානන‍්ති දළ‍්හග‍්ගහණං. දළ‍්හත්‍ථො හි එත්‍ථ උපසද‍්දො උපායාසඋපකට‍්ඨාදීසු විය. තථා දිට‍්ඨි ච සා උපාදානඤ‍්චාති දිට‍්ඨුපාදානං. දිට‍්ඨිං උපාදියතීති දිට‍්ඨුපාදානං. ‘සස‍්සතො අත‍්තා ච ලොකො චා’තිආදීසු (දී· නි· 1.31) හි පුරිමදිට‍්ඨිං උත‍්තරදිට‍්ඨි උපාදියහි. තථා සීලබ‍්බතං උපාදියතීති සීලබ‍්බතුපාදානං. සීලබ‍්බතඤ‍්ච තං උපාදානඤ‍්චාතිපි සීලබ‍්බතුපාදානං. ගොසීලගොවතාදීනි හි ‘එවං සුද‍්ධී’ති අභිනිවෙසතො සයමෙව උපාදානානි. තථා, වදන‍්ති එතෙනාති ‘වාදො’; උපාදියන‍්ති එතෙනාති ‘උපාදානං’. කිං වදන‍්ති, උපාදියන‍්ති වා? අත‍්තානං. අත‍්තනො වාදුපාදානං අත‍්තවාදුපාදානං; ‘අත‍්තවාදමත‍්තමෙව වා අත‍්තා’ති උපාදියන‍්ති එතෙනාති අත‍්තවාදුපාදානං.

උපාදාන නිර්දේශයෙහි වස්තු සංඛ්‍යාත කාමය උපාදානය කෙරේ නුයි = කාමූපාදානය කාමයත් එයයි උපාදානයත් එයයි යනු ද = කාමූපාදානං ය. උපාදාන යනු දැඩිව ගැනීමයි. මෙහි දෘඪාර්ථය දෙන උප ශබ්දය වනාහි උපායාස උපකට්ඨාදීන්හි මෙනි. එසේම දිට්ඨියත් එයයි. උපාදානයත් එයයි යනු = දිට්ඨුපාදානං ය. ‘සස්සතො අත්තා ච ලොකො ච’ යනාදීන්හි වනාහි උත්තර දෘෂ්ටිය පළමු දෘෂ්ටිය දැඩිව ගනී. එසේම සීලබ්බතය දැඩිව ගනී යනු = සීලබ්බතුපාදානය, සීලබ්බතයත් එයය උපාදානයත් එය යනු ද = සීලබ්බතුපාදානය, මෙසේ වනාහි ගෝශීල ගෝව්‍රතාදිය ශුද්ධිය යැයි ගන්නාට තෙමේම උපාදානයෝ ය. මෙයින් එසේ කියයි යනු = වාදො ය. මෙයින් දැඩිව ගනී යනු = උපාදාන ය. තමා පිළිබඳව කුමක් කියත් ද කුමක් දැඩිව ගනිත් ද යන අත්තනො වාදය දැඩිව ගැනීම අත්තවාදූපාදාන යයි. ආත්මවාද මාත්‍රයම හෝ ආත්මය යැයි මෙයින් දැඩිව ගනිත් යනු = අත්තවාදූපාදානයයි.

යො කාමෙසු කාමච‍්ඡන්‍දොති එත්‍ථාපි වත්‍ථුකාමාව අනවසෙසතො කාමාති අධිප‍්පෙතා. තස‍්මා වත්‍ථුකාමෙසු කාමච‍්ඡන්‍දො ඉධ කාමුපාදානන‍්ති අනාගාමිනොපි තං සිද‍්ධං හොති. පඤ‍්චකාමගුණවත්‍ථුකො පනස‍්ස කාමරාගොව නත්‍ථීති.

යො කාමෙසු කාමච්ඡන්‍දො යන මෙහි ද වස්තු කාමයෝම නිරවශේෂයෙන් කාමයෝ යැයි අභිප්‍රේතයහ. එහෙයින් මෙහි කාමූපාදානං යනු වස්තුකාමයන්හි කාමච්ඡන්‍දයයි. අනාගාමීන්ට ද එය සිද්ධ වේ. ඔහුට වනාහි පංච කාමගුණ වස්තුක කාමරාගය ද නැත්තේය යනුයි.

දිට‍්ඨුපාදානනිද‍්දෙසෙ නත්‍ථි දින‍්නන‍්ති. දින‍්නං නාම අත්‍ථි, සක‍්කා කස‍්සචි කිඤ‍්චි දාතුන‍්ති ජානාති; දින‍්නස‍්ස පන ඵලං විපාකො නත්‍ථීති ගණ‍්හාති. නත්‍ථි යිට‍්ඨන‍්ති. යිට‍්ඨං වුච‍්චති මහායාගො. තං යජිතුං සක‍්කාති ජානාති; යිට‍්ඨස‍්ස පන ඵලං විපාකො නත්‍ථීති ගණ‍්හාති. නත්‍ථි හුතන‍්ති ආහුනපාහුනමඞ‍්ගලකිරියා. තං කාතුං සක‍්කාති ජානාති; තස‍්ස පන ඵලං විපාකො නත්‍ථීති ගණ‍්හාති. නත්‍ථි, සුකතදුක‍්කටානන‍්ති එත්‍ථ දස කුසලකම‍්මපථා සුකතකම‍්මානි නාම. දස අකුසලකම‍්මපථා දුක‍්කටකම‍්මානි නාම. තෙසං අත්‍ථිභාවං ජානාති ඵලං විපාකො පන නත්‍ථීති ගණ‍්හාති. නත්‍ථි අයං ලොකොති පරලොකෙ ඨිතො ඉමං ලොකං නත්‍ථීති ගණ‍්හාති. නත්‍ථි පරලොකොති ඉධ ලොකෙ ඨිතො පරලොකං නත්‍ථීති ගණ‍්හාති. නත්‍ථි මාතා නත්‍ථි පිතාති මාතාපිතූනං අත්‍ථිභාවං ජානාති, තෙසු කතපච‍්චයෙන කොචි ඵලං විපාකො නත්‍ථීති ගණ‍්හාති. නත්‍ථි සත‍්තා ඔපපාතිකාති චවනකඋපපජ‍්ජනකා සත‍්තා නත්‍ථීති ගණ‍්හාති. සම‍්මග‍්ගතා සම‍්මා පටිපන‍්නාති අනුලොමපටිපදං පටිපන‍්නා ධම‍්මිකසමණබ්‍රාහ‍්මණා ලොකස‍්මිං නත්‍ථීති ගණ‍්හාති. යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං අත‍්තනාව අභිවිසිට‍්ඨෙන ඤාණෙන ඤත්‍වා පවෙදනසමත්‍ථො සබ‍්බඤ‍්ඤූ බුද‍්ධො නාම නත්‍ථීති ගණ‍්හාති.

දෘෂ්ටි උපාදාන නිර්දේශයෙහි නත්‍ථි දින්නං යනු දෙන ලද්දේ නම් නැත. කිසිවෙකුට කිසිවක් දිය හැකියැයි දනී. දෙන ලද්දෙහි ඵලවිපාක නැතැයි ගනී. නත්‍ථි යිට්ඨං යනුවෙහි යිට්ඨං යනු මහා යාගයයි. එය කරන්නට හැකියැයි දනී. යාගයෙහි ඵලවිපාක නැතැයි නැතැයි ගනී. හුතං යනු පූජා පඬුරු පිළිබඳ මංගලක්‍රියා ය. එය කළ හැකියැයි දනී. එහි ඵලවිපාක නැතැයි ගනී. සුකට දුක්කටානං යන මෙහි දශකුශල කර්මපථයෝ සුකෘත කර්ම නමි. දශ අකුශල කර්මපථයෝ දුෂ්කෘත කර්ම නමි. ඒවා ඇතිබව දනී. ඵලවිපාක වනාහි නැතැයි ගනී. නත්‍ථි අයං ලොකො යනු පරලොව සිටියේ මෙලොව නැතැයි ගනී. නත්‍ථි පරො ලොකො යනු මෙලොව සිටියේ පරලොව නැතැයි ගනී. නත්‍ථි මාතා නත්‍ථි පිතා යනු මවුපියන් ඇතිබව දනී. ඔවුන් විෂයෙහි කළ ප්‍රත්‍යයෙන් කිසි ඵලවිපාකයක් නැතැයි ගනී. නත්‍ථි සත්තා ඔපපාතිකා යනු චුතවන උපදනා සත්ත්වයෝ නැතැයි ගනී. සම්මග්ගතා සම්මා පටිපන්නා යනු අනුලෝම ප්‍රතිපදාවට පිළිපන් ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැතැයි ගනී. යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්‍වා පවෙදෙන්ති යනු මෙලොවත් පරලොවත් තමාගේ විශිෂ්ටඥාන දැන ප්‍රකාශ කරන්න සමත් සර්වඥ බුදුරජාණන් වහන්සේ නම් නැතැයි ගනී.

ඉමානි පන උපාදානානි කිලෙසපටිපාටියාපි ආහරිතුං වට‍්ටති මග‍්ගපටිපාටියාපි. කිලෙසපටිපාටියා කාමුපාදානං චතූහි මග‍්ගෙහි පහීයති, සෙසානි තීණි සොතාපත‍්තිමග‍්ගෙන. මග‍්ගපටිපාටියා සොතාපත‍්තිමග‍්ගෙන දිට‍්ඨුපාදානාදීනි පහීයන‍්ති, චතූහි මග‍්ගෙහි කාමුපාදානන‍්ති.

මේ උපාදාන වනාහි (ක්ලේශ පටිපාටියෙන් මාර්ග පටිපාටියෙන් ද) ගෙනහැර දක්වන්නට වටී. ක්ලේශ පටිපාටියෙන් කාමූපාදානය සතර මාර්ගයන්ගෙන් ප්‍රහීණ වෙයි. සෙසු තුන සෝවාන් මාර්ගයන්ගෙන් ප්‍රහීණ වෙයි. සෙසු තුන සෝවාන් මාර්ගයෙන් ප්‍රහීණ වෙයි. මාර්ග පටිපාටියෙන් සෝවාන් මාර්ගයෙන් දිට්ඨූපාදානාදිය ප්‍රහීණ වෙයි. සතර මාර්ගයන්ගෙන් කාමූපාදානය ප්‍රහීණ වෙයි.

කිලෙසගොච‍්ඡකෙ කිලෙසා එව කිලෙසවත්‍ථූනි. වසන‍්ති වා එත්‍ථ අඛීණාසවා සත‍්තා ලොභාදීසු පතිට‍්ඨිතත‍්තාති ‘වත්‍ථූනි’. කිලෙසා ච තෙ තප‍්පතිට‍්ඨානං සත‍්තානං වත්‍ථූනි චාති ‘කිලෙසවත්‍ථූනි’. යස‍්මා චෙත්‍ථ අනන‍්තරපච‍්චයාදිභාවෙන උප‍්පජ‍්ජමානා කිලෙසාපි වසන‍්ති එව නාම, තස‍්මා කිලෙසානං වත්‍ථූනීතිපි ‘කිලෙසවත්‍ථූනි’.

ක්ලේශ කාණ්ඩයෙහි ක්ලේශයෝම = කිලෙසවත්‍ථූනි ය. ලෝභාදියෙහි පිහිටි හෙයින් ක්‍ෂීණාශ්‍රව නොවන සත්ත්වයෝ මෙහි වෙසෙත්නුයි හෝ වත්‍ථූනි ය. ක්ලේශයෝත් ඔව්හුය. එහි පිහිටි සත්ත්වයන්ගේ වාසස්ථාන ද ඔව්හුය යනු = කිලෙස වත්‍ථූනි ය. යම්හෙයකින් මෙහි අනන්තර ප්‍රත්‍යාදී භාවයෙන් උපදනා ක්ලේශයෝ ද වසන්නේ නම් වෙයි. එහෙයින් ක්ලේශයන්ට වාසස්ථානයෝ ය යනු ද = කිලෙස වත්‍ථූනි ය.

තත්‍ථ කතමො ලොභො? යො රාගො සාරාගොති අයං පන ලොභො හෙතුගොච‍්ඡකෙ ගන්‍ථගොච‍්ඡකෙ ඉමස‍්මිං කිලෙසගොච‍්ඡකෙති තීසු ඨානෙසු අතිරෙකපදසතෙන නිද‍්දිට‍්ඨො. ආසවසංයොජනඔඝයොගනීවරණඋපාදානගොච‍්ඡකෙසු අට‍්ඨහි අට‍්ඨහි පදෙහි නිද‍්දිට‍්ඨො. ස‍්වායං අතිරෙකපදසතෙන නිද‍්දිට‍්ඨට‍්ඨානෙපි අට‍්ඨහි අට‍්ඨහි පදෙහි නිද‍්දිට‍්ඨට‍්ඨානෙපි නිප‍්පදෙසතොව ගහිතොති වෙදිතබ‍්බො. තෙසු හෙතුගන්‍ථනීවරණඋපාදානකිලෙසගොච‍්ඡකෙසු චතුමග‍්ගවජ‍්ඣා තණ‍්හා එකෙනෙව කොට‍්ඨාසෙන ඨිතා. ආසවසංයොජනඔඝයොගෙසු චතුමග‍්ගවජ‍්ඣාපි ද‍්වෙ කොට‍්ඨාසා හුත්‍වා ඨිතා. කථං? ආසවෙසු කාමාසවො භවාසවොති, සංයොජනෙසු කාමරාගසංයොජනං භවරාගසංයොජනන‍්ති, ඔඝෙසු කාමොඝො භවොඝොති, යොගෙසු කාමයොගො භවයොගොති.

තත්‍ථ කතමො ලොභො යො රාගො සාරාගො යන ලෝභය වනාහි හේතු කොටසය. ග්‍රන්‍ථ කොටසය. මේ කිලෙස කොටසය යන ස්ථාන තුනෙක අතිරේක පද සියයකින් දක්වන ලදී. ආසව සංයෝජන ඕඝ යෝග නීවරණ උපාදාන යන ගොච්ඡකයන්හි අට අට පදයකින් දක්වන ලදී. ඒ මේ ලෝභය අතිරේක පද සියයකින් දැක්වූ දැක්වූ තැන ද අට අට පදයකින් දැක් වූ තැන ද නිෂ්ප්‍රදේශ වශයෙන්ම ගන්නා ලදැයි දතයුතුයි. ඔවුනතුරෙන් හේතු ග්‍රන්ථ නීවරණ උපාදාන ක්ලේශ කොටස්හි සිව්මඟ වඳකරණ තෘෂ්ණාව එකම කොටසකින් සිටියේය. ආසව සංයෝජන ඕඝ යෝගයන්හි සිව්මග වඳකරනුයේ ද දෙකොටසක්ව සිටියේය. කෙසේද? ආශ්‍රවයන්හි කාමාශ්‍රව භවාශ්‍රව යැයි ද සංයෝජනයන්හි කාමරාග සංයෝජනය භවරාග සංයෝජනය යනුවෙන් ද ඕඝයන්හි කාමෝඝ භවෝඝ යනුවෙන් ද යෝගයන්හි කාමයෝග භවයෝග යනුවෙනි.

ඉමානි පන කිලෙසවත්‍ථූනි කිලෙසපටිපාටියාපි ආහරිතුං වට‍්ටති මග‍්ගපටිපාටියාපි. කිලෙසපටිපාටියා ලොභො චතූහි මග‍්ගෙහි පහීයති, දොසො අනාගාමිමග‍්ගෙන, මොහමානා අරහත‍්තමග‍්ගෙන, දිට‍්ඨිවිචිකිච‍්ඡා සොතාපත‍්තිමග‍්ගෙන, ථිනාදීනි අරහත‍්තමග‍්ගෙන. මග‍්ගපටිපාටියා සොතාපත‍්තිමග‍්ගෙන දිට‍්ඨිවිචිකිච‍්ඡා පහීයන‍්ති, අනාගාමිමග‍්ගෙන දොසො, අරහත‍්තමග‍්ගෙන සෙසා සත‍්තාති.

මේ ක්ලේශ වස්තු ක්ලේශ පටිපාටියෙන් ද මාර්ගග පටිපාටියෙන්ද ගෙනහැර දක්වන්ට වටී. ක්ලේශ පටිපාටියෙන් ලෝභය සතර මගින් ප්‍රහීණ වෙයි. ද්වේෂය අනාගාමි මාර්ගයෙනි. මෝහය හා මානය අර්හත් මාර්ගයෙනි. දිට්ඨි විචිකිච්ඡා දෙක සෝවාන් මාර්ගයෙනි. ථීනාදිය අර්හත් මාර්ගයෙනි. මාර්ග පටිපාටියෙන් සෝවාන් මාර්ගයෙන් දිට්ඨි විචිකිච්ඡා දෙක ප්‍රහීණ වෙයි. අනාගාමි මාර්ගයෙන් ද්වේෂය ප්‍රහීණ වෙයි. අර්හත් මාර්ගයෙන් සෙසු සත ප්‍රහීණ වෙයි.

කාමාවචරනිද‍්දෙසෙ හෙට‍්ඨතොති හෙට‍්ඨාභාගෙන. අවීචිනිරයන‍්ති වා අග‍්ගිජාලානං වා සත‍්තානං වා දුක‍්ඛවෙදනාය වීචි, අන‍්තරං, ඡිද‍්දං එත්‍ථ නත්‍ථීති අවීචි. සුඛසඞ‍්ඛාතො අයො එත්‍ථ නත්‍ථීති නිරයො. නිරතිඅත්‍ථෙනපි නිරස‍්සාදත්‍ථෙනපි නිරයො. පරියන‍්තං කරිත්‍වාති තං අවීචිසඞ‍්ඛාතං නිරයං අන‍්තං කත්‍වා. උපරිතොති උපරිභාගෙන. පරනිම‍්මිතවසවත‍්තිදෙවෙති පරනිම‍්මිතෙසු කාමෙසු වසං වත‍්තනතො එවංලද‍්ධවොහාරෙ දෙවෙ. අන‍්තො කරිත්‍වාති අන‍්තො පක‍්ඛිපිත්‍වා. යං එතස‍්මිං අන‍්තරෙති යෙ එතස‍්මිං ඔකාසෙ. එත්‍ථාවචරාති ඉමිනා යස‍්මා එතස‍්මිං අන‍්තරෙ අඤ‍්ඤෙපි චරන‍්ති කදාචි කත්‍ථචි සම‍්භවතො, තස‍්මා තෙසං අසඞ‍්ගණ‍්හනත්‍ථං ‘අවචරා’ති වුත‍්තං. තෙන යෙ එතස‍්මිං අන‍්තරෙ ඔගාළ‍්හා හුත්‍වා චරන‍්ති සබ‍්බත්‍ථ සදා ච සම‍්භවතො, අධොභාගෙ චරන‍්ති අවීචිනිරයස‍්ස හෙට‍්ඨා භූතුපාදායපවත‍්තිභාවෙන, තෙසං සඞ‍්ගහො කතො හොති. තෙ හි අවගාළ‍්හාව චරන‍්ති, අධොභාගෙව චරන‍්තීති අවචරා. එත්‍ථ පරියාපන‍්නාති ඉමිනා පන යස‍්මා එතෙ එත්‍ථාවචරා අඤ‍්ඤත්‍ථාපි අවචරන‍්ති, න පන තත්‍ථ පරියාපන‍්නා හොන‍්ති, තස‍්මා තෙසං අඤ‍්ඤත්‍ථාපි අවචරන‍්තානං පරිග‍්ගහො කතො හොති. ඉදානි තෙ එත්‍ථ පරියාපන‍්නධම‍්මෙ රාසිසුඤ‍්ඤතපච‍්චයභාවතො චෙව සභාවතො ච දස‍්සෙන‍්තො ඛන්‍ධාතිආදිමාහ.

කාමාවචර නිර්දේශයෙහි හෙට්ඨතො යනු යටභාගයෙන්, අවීචි නිරයං යනු ගිනිදැල්වලින් හෝ සත්ත්වයින්ගෙන් හෝ දුක් වේදනාවෙන් හෝ අතරක් සිදුරක් මෙහි නැත යනු - අවීචි ය. සුඛසංඛ්‍යාත අය මෙහි නැත යනු = නිරයෝ ය. අර්ථයෙන් ද (ආස්වාදයෙන් ද) රතියක් නොමැතියේ නිරයෝ ය. පරියන්තං කත්‍වා යනු අවීචි සංඛ්‍යාත ඒ නිරය කෙළවර කොට, උපරිතො යනු මතුභාගයෙන්, පරනිම්මිත වසවත්ති දෙවෙ යනු පරනිර්මිත කාමයන්හි වසයෙහි පවතින හෙයින් මෙසේ ලද ව්‍යවහාර ඇති දෙවියන්, අන්තො කරිත්‍වා යනු ඇතුළත බහා, යං එතස්මිං අන්තරෙ යනු යම්කෙනෙක් මේ අවකාශයෙහි, එත්‍ථාවචරා යනු යම්හෙයකින් මේ අතර කවරදාක කොතැනක හෝ හටගැනීමෙන් මෙයින් අන්‍යයෝ ද හැසිරෙත් ද, එහෙයින් ඔවුන් නොගැනීම සඳහා අවචරා යැයි කියන ලදී. එහෙයින් මේ අතර යම්කෙනෙක් බැසගෙනම හැසිරෙත්ද, හැමතැනම හැමකල්හිම හටගන්නා හෙයින් යටභාගයෙහි හැසිරෙත්. අවීචි නිරයෙහි යට භූතයන් ගෙන පැවති බැවින් ඔවුන්ගේ සංග්‍රහය කරන ලද්දේ වෙයි. ඔව්හු වනාහි ගැලුණෝව ම හැසිරෙත්. යට භාගයෙහිම හැසිරෙත් යනු = අවචරා ය. එත්‍ථ පරියාපන්නා යනු යම්හෙයකින් වනාහි මෙහි හැසිරෙන මොව්හු මෙයින් අන්තැනෙකද හැසිරෙත් ද එහි අන්තර්ගත වූවෝ නො වෙත්. එහෙයින් අන්තැන්හි ද හැසිරෙන ඔවුන් ඇතුළත් කරන ලදී. දැන් මෙහි ඇතුළත් ඒ ධර්මයන් රාශි ශුන්‍යතා ප්‍රත්‍යභාව වශයෙන් (මෙන්ම ස්වභාව වශයෙන් ද) දක්වමින් ඛන්‍ධා යනාදිය කීය.

රූපාවචරනිද‍්දෙසෙ බ්‍රහ‍්මලොකන‍්ති පඨමජ‍්ඣානභූමිසඞ‍්ඛාතං බ්‍රහ‍්මට‍්ඨානං. සෙසමෙත්‍ථ කාමාවචරනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. සමාපන‍්නස‍්ස වාතිආදීසු පඨමපදෙන කුසලජ‍්ඣානං වුත‍්තං, දුතියෙන විපාකජ‍්ඣානං, වුත‍්තං තතියෙන කිරියජ‍්ඣානං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

රූපාවචර නිර්දේශයෙහි බ්‍රහ්මලොකං යනු ප්‍රථම ධ්‍යාන සංඛ්‍යාත බ්‍රහ්මයන්ගේ ස්ථානයයි. සෙස්ස මෙහි කාමාවචර නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි. සමාපන්නස්ස යනාදීන්හි ප්‍රථම පදයෙන් කුශල ධ්‍යානය කියන ලදී. දෙවැන්නෙන් විපාක ධ්‍යනය කියන ලදී. තෙවැන්නෙන් ක්‍රියා ධ්‍යානය කියන ලදැයි දතයුතුයි.

අරූපාවචරනිද‍්දෙසෙ ආකාසානඤ‍්චායතනූපගෙති ආකාසානඤ‍්චායතනසඞ‍්ඛාතං භවං උපගතෙ. දුතියපදෙපි එසෙව නයො. සෙසං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

අරූපාවචර නිර්දේශයෙහි ආකාසානඤ්චායතනූපගෙ යනු ආකාසානඤ්චායතන සංඛ්‍යාත භවයට පැමිණියවුන්, දෙවන පදයෙහි ද මේ නයමය. සෙස්ස යට කියන ලද නයින් දතයුතුයි.

සරණදුකනිද‍්දෙසෙ ය‍්වායං තීසු අකුසලමූලෙසු මොහො, සො ලොභසම‍්පයුත‍්තො ච ලොභෙන සරණො, දොසසම‍්පයුත‍්තො ච දොසෙන සරණො. විචිකිච‍්ඡුද‍්ධච‍්චසම‍්පයුත‍්තො පන මොහො දිට‍්ඨිසම‍්පයුත‍්තෙන චෙව රූපරාගඅරූපරාගසඞ‍්ඛාතෙන ච රාගරණෙන පහානෙකට‍්ඨභාවතො සරණො සරජොති වෙදිතබ‍්බො.

සරණාද්වික නිර්දේශයෙහි ත්‍රිවිධ අකුශල මූලයන් අතුරෙන් යම් ඒ මෝහයක් වේද එය ලෝභ සම්ප්‍රයුක්ත වූයේ ලෝභයෙන් සරණය, (කෙලෙස් සහිතය) ද්වේෂ සම්ප්‍රයුක්ත වූයේ ද්වේෂයෙන් සරණය, විචිකිච්ඡා උද්ධච්ච සම්ප්‍රයුක්ත මෝහය වනාහි දෘෂ්ටි සම්ප්‍රයුක්තයෙන් මෙන්ම රූපරාග අරූපරාග සංඛ්‍යාත රාගසරණය සමගද ප්‍රහාණ එකස්ථ භාවයෙන් සරණ සරජො යැයි දතයුතුයි.