යෙදුමෙන් කියවන්න

තිකනික‍්ඛෙපකථා අට‍්ඨකථා

තිකනික‍්ඛෙපකථා

තිකනික්ඛෙපකථා

එත‍්තාවතා කුසලත‍්තිකො සබ‍්බෙසං කුසලාදිධම‍්මානං පදභාජනනයෙන විත්‍ථාරිතො හොති. යස‍්මා පන ය‍්වායං කුසලත‍්තිකස‍්ස විභජනනයො වුත‍්තො, සෙසතිකදුකානම‍්පි එසෙව විභජනනයො හොති – යථා හි එත්‍ථ, එවං ‘කතමෙ ධම‍්මා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා? යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්සසහගතං ඤාණසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා…පෙ… යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාඛන්‍ධං, ඉමෙ ධම‍්මා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා’තිආදිනා අනුක‍්කමෙන සබ‍්බතිකදුකෙසු සක‍්කා පණ‍්ඩිතෙහි විභාජනනයං සල‍්ලක‍්ඛෙතුං – තස‍්මා තං විත්‍ථාරදෙසනං නික‍්ඛිපිත්‍වා, අඤ‍්ඤෙන නාතිසඞ‍්ඛෙපනාතිවිත්‍ථාරනයෙන සබ‍්බතිකදුකධම‍්මවිභාගං දස‍්සෙතුං කතමෙ ධම‍්මා කුසලාති නික‍්ඛෙපකණ‍්ඩං ආරද‍්ධං. චිත‍්තුප‍්පාදකණ‍්ඩඤ‍්හි විත්‍ථාරදෙසනා, අට‍්ඨකථාකණ‍්ඩං සඞ‍්ඛෙපදෙසනා. ඉදං පන නික‍්ඛෙපකණ‍්ඩං චිත‍්තුප‍්පාදකණ‍්ඩං උපාදාය සඞ‍්ඛෙපො, අට‍්ඨකථාකණ‍්ඩං උපාදාය විත්‍ථාරොති සඞ‍්ඛිත‍්තවිත්‍ථාරධාතුකං හොති. තයිදං, විත්‍ථාරදෙසනං නික‍්ඛිපිත්‍වා දෙසිතත‍්තාපි, හෙට‍්ඨා වුත‍්තකාරණවසෙනාපි, නික‍්ඛෙපකණ‍්ඩං නාමාති වෙදිතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං –

මෙතෙකින් සියලු කුශලාදී ධර්මයන්ගේ පදභාජන නයින් කුශලත්‍රිකය විස්තර කරන ලද්දේ වෙයි. යම් හෙයකින් වනාහි කුශලත්‍රිකය පිළිබඳ යම් ඒ විභාජනනයක් කියන ලද ද, අවශේෂ ත්‍රික ද්විකයන්ගේ ද මේ විභාජනයම වෙයි. යම්සේ වනාහි මෙහි මෙසේ ‘කතමෙ ධම්මා සුඛාය වෙදනාය සම්පයුත්තා යස්මිං සමයෙ කාමාවචරං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණ සම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- යෙවාපන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්‍ථි පටිච්ච සමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්‍වා වෙදනාක්‍ඛන්‍ධං, ඉමෙ ධම්මා සුඛාය වෙදනාය සම්පයුත්තා’ යනාදී වශයෙන් අනුක්‍රමයෙන් සියලු ත්‍රික ද්විකයන්හි පණ්ඩිතයන් විසින් විභාජනනය සලකන්නට හැකිය. එහෙයින් විස්තර දේශනාව බැහැරකොට ඉතා සංක්‍ෂේප ද විස්තර ද නොවූ අන්‍ය නයකින් සියලු ත්‍රික ද්වික ධර්ම විභාගය දක්වන්නට කතමෙ ධම්මා කුසලා යැයි නික්‍ෂේප කාණ්ඩය පටන්ගන්නා ලදී. චිත්තෝත්පාද කාණ්ඩය වනාහි විස්තර දේශනාවකි. අර්ථකථාව සංක්‍ෂේප දේශනාවකි. මේ නික්‍ෂේප කාණ්ඩය වනාහි චිත්තෝත්පාද කාණ්ඩය සලකා සංක්‍ෂේප යැයි ද අර්ථකථා කාණ්ඩය සලකා විස්තර යැයි ද සංක්‍ෂේප විස්තරභාවය ඇත්තේ වෙයි. ඒ මේ විස්තර දේශනාව තබා දේශනා කළ හෙයින් ද යට කියන ලද කාරණ වශයෙන් ද නික්‍ෂේප කාණ්ඩය නමැයි දතයුතුයි. මෙයද කියන ලද්දේය.

මූලතො ඛන්‍ධතො චාපි, ද‍්වාරතො චාපි භූමිතො; අත්‍ථතො ධම‍්මතො චාපි, නාමතො චාපි ලිඞ‍්ගතො; නික‍්ඛිපිත්‍වා දෙසිතත‍්තා, නික‍්ඛෙපොති පවුච‍්චතීති.

මූලතො ඛන්‍ධතො චාපි ද්වාරතො චාපි භූමිතො අත්‍ථතො ධම්මතො චාපි නාමතො චාපි ලිංගතො නික්‍ඛිපිත්‍වා දෙසිතත්තා නික්‍ඛෙපොති පවුච්චතී ති

මූල වශයෙන් ද ස්කන්ධ වශයෙන් ද ද්වාර වශයෙන් ද භූමි වශයෙන් ද අර්ථ වශයෙන් ද ධර්ම වශයෙන් ද නාම වශයෙන් ද ලිංග වශයෙන් ද නික්‍ෂේප කොට දේශනා කළ හෙයින් නික්‍ෂේප යැයි කියනු ලැබේ.

ඉදඤ‍්හි තීණි කුසලමූලානීතිආදිනා නයෙන මූලතො නික‍්ඛිපිත්‍වා දෙසිතං. තංසම‍්පයුත‍්තො වෙදනාක‍්ඛන්‍ධොති ඛන්‍ධතො. තංසමුට‍්ඨානං කායකම‍්මන‍්ති ද‍්වාරතො. කායද‍්වාරප‍්පවත‍්තඤ‍්හි කම‍්මං කායකම‍්මන‍්ති වුච‍්චති. සුඛභූමියං, කාමාවචරෙති භූමිතො නික‍්ඛිපිත්‍වා දෙසිතං. තත්‍ථ තත්‍ථ අත්‍ථධම‍්මනාමලිඞ‍්ගානං වසෙන දෙසිතත‍්තා අත්‍ථාදීහි නික‍්ඛිපිත්‍වා දෙසිතං නාමාති වෙදිතබ‍්බං.

මෙය වනාහි තීණි කුසලමූලානි යන ආදීනයින් මූල වශයෙන් නික්‍ෂේප කොට දේශනා කරන ලදී. තංසම්පයුත්තං වෙදනාක්‍ඛන්‍ධො යැයි ස්කන්‍ධ වශයෙන් ද, තං සමුට්ඨානං කායකම්මං යැයි ද්වාර වශයෙන් ද, කායද්වාර පවත්තං හා කම්මං කාය කම්මන්ති වුච්චති, සුඛභූමියං කාමාවචරෙ යනාදී නයින් භූමි වශයෙන් ද නික්‍ෂේප කොට දේශනා කරන ලදී. ඒ ඒ තැන්හිදී වනාහි අර්ථ ධර්ම ලිංග නාමයන්ගේ වශයෙන් දේශනා කරන ලද හෙයින් අර්ථාදිය නික්‍ෂේප කොට දෙසන ලද නමැයි දතයුතුයි.

තත්‍ථ කුසලපදනිද‍්දෙසෙ තාව තීණීති ගණනපරිච‍්ඡෙදො. කුසලානි ච තානි මූලානි ච, කුසලානං වා ධම‍්මානං හෙතුපච‍්චයපභවජනකසමුට‍්ඨානනිබ‍්බත‍්තකට‍්ඨෙන මූලානීති කුසලමූලානි. එවං අත්‍ථවසෙන දස‍්සෙත්‍වා ඉදානි නාමවසෙන දස‍්සෙතුං අලොභො අදොසො අමොහොති ආහ. එත‍්තාවතා යස‍්මා මූලෙන මුත‍්තං කුසලං නාම නත්‍ථි, තස‍්මා චතුභූමකකුසලං තීහි මූලෙහි පරියාදියිත්‍වා දස‍්සෙසි ධම‍්මරාජා. තංසම‍්පයුත‍්තොති තෙහි අලොභාදීහි සම‍්පයුත‍්තො. තත්‍ථ අලොභෙන සම‍්පයුත‍්තෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙ, අදොසාමොහාපි අලොභෙන සම‍්පයුත‍්තසඞ‍්ඛාරක‍්ඛන්‍ධගණනංයෙව ගච‍්ඡන‍්ති. සෙසද‍්වයවසෙන සම‍්පයොගෙපි එසෙව නයො. ඉති චතුභූමකකුසලං පුන තංසම‍්පයුත‍්තකචතුක‍්ඛන්‍ධවසෙන පරියාදියිත්‍වා දස‍්සෙසි ධම‍්මරාජා. තංසමුට‍්ඨානන‍්ති තෙහි අලොභාදීහි සමුට‍්ඨිතං. ඉමිනාපි නයෙන තදෙව චතුභූමිකකුසලං තිණ‍්ණං කම‍්මද‍්වාරානං වසෙන පරියාදියිත්‍වා දස‍්සෙසි ධම‍්මරාජා. එවං තාව කුසලං තීසු ඨානෙසු පරියාදියිත්‍වා දස‍්සිතං.

එහි කුශලපද නිර්දේශයෙහි වනාහි තීණි යනු ගණන පරිච්ඡේදයයි. කුශල වූයේත් ඒවාය. මූල වූයේත් ඒවාය. කුශල ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය ප්‍රභව ජනක සමුත්‍ථාන නිවෘත්ති කර්මාර්ථයෙන් මූල යනු = කුසල මූලානිය. මෙසේ අර්ථ වශයෙන් දක්වා දැන් නම් වශයෙන් දක්වන්නට අලොභො අදොසො අමොහො යැයි කීය. මෙතෙකින් මූලයෙන් තොර කුශලයක් නැතිහෙයින් ධර්මරාජන් වූ භාග්‍යවතුන් වහන්සේ චතුර්භූමක කුශලය මූලත්‍රය සමග සම්පූර්ණයෙන් ගෙන දැක්වූ සේක. තංසම්පයුත්තො යනු ඒ අලෝභාදිය සමග සම්ප්‍රයුක්ත වූ, එහි අලෝභය සමග සම්ප්‍රයුක්ත සංස්කාර ස්කන්‍ධයෙහි අදෝෂ අමෝහයෝ ද අලෝභය සමග සම්ප්‍රයුක්ත සංස්කාරස්කන්‍ධ ග්‍රහණයටම යති. අවශේෂ ද්වය වශයෙන් සම්ප්‍රයෝගයෙහි ද මේ නයමය. ධර්මරාජන් වූ බුදුරජාණන් වහන්සේ මෙසේ චාතුර්භූමක කුශලය නැවත සම්ප්‍රයුක්තක චතුස්කන්‍ධ වශයෙන් හාත්පසින් ගෙන දැක්වූ සේක. තංසමුට්ඨානං යනු එකී අලෝභාදියෙන් හටගත්, මේ නයින් ද බුදුරජාණන් වහන්සේ එම චාතුර්භූමක කුශලයම ත්‍රිවිධ කර්මද්වාරයන්ගේ වශයෙන් හාත්පසින් ගෙන දැක්වූ සේක. මෙසේ ද වනාහි කුශලය ස්ථාන තුනක හාත්පසින් ගෙන දක්වන ලදී.

අකුසලෙපි එසෙව නයො. ද‍්වාදසන‍්නඤ‍්හි අකුසලචිත‍්තානං එකම‍්පි මූලෙන මුත‍්තං නාම නත්‍ථීති මූලෙන පරියාදියිත්‍වා දස‍්සෙසි ධම‍්මරාජා. තංසම‍්පයුත‍්තචතුක‍්ඛන්‍ධතො ච උද‍්ධං අකුසලං නාම නත්‍ථීති තානෙව ද‍්වාදස අකුසලචිත‍්තානි චතුක‍්ඛන්‍ධවසෙන පරියාදියිත්‍වා දස‍්සෙසි. ධම‍්මරාජා කායකම‍්මාදිවසෙන පන නෙසං පවත‍්තිසබ‍්භාවතො කම‍්මද‍්වාරවසෙන පරියාදියිත්‍වා දස‍්සෙසි ධම‍්මරාජා. යං පනෙත්‍ථ තදෙකට‍්ඨා ච කිලෙසාතිආදි වුත‍්තං, තත්‍ථ එකස‍්මිං චිත‍්තෙ පුග‍්ගලෙ වා ඨිතන‍්ති ‘එකට‍්ඨං’. තත්‍ථ එකස‍්මිං චිත‍්තෙ ඨිතං සහජෙකට‍්ඨං නාම හොති. එකස‍්මිං පුග‍්ගලෙ ඨිතං පහානෙකට‍්ඨං නාම. තෙන ලොභාදිනා අඤ‍්ඤෙන වා තත්‍ථ තත්‍ථ නිද‍්දිට‍්ඨෙන සහ එකස‍්මිං ඨිතන‍්ති තදෙකට‍්ඨං. තත්‍ථ ‘කතමෙ ධම‍්මා සංකිලිට‍්ඨසංකිලෙසිකා? තීණි අකුසලමූලානි – ලොභො දොසො මොහො, තදෙකට‍්ඨා ච කිලෙසා’ති සංකිලිට‍්ඨත‍්තිකෙ; ‘කතමෙ ධම‍්මා හීනා? තීණි අකුසලමූලානි – ලොභො දොසො මොහො, තදෙකට‍්ඨා ච කිලෙසා’ති හීනත‍්තිකෙ ‘කතමෙ ධම‍්මා අකුසලා? තීණි අකුසලමූලානි – ලොභො දොසො මොහො, තදෙකට‍්ඨා ච කිලෙසා’ති ඉමස‍්මිං කුසලත‍්තිකෙ; ‘කතමෙ ධම‍්මා සංකිලිට‍්ඨා? තීණි අකුසලමූලානි – ලොභො දොසො මොහො, තදෙකට‍්ඨා ච කිලෙසා’ති කිලෙසගොච‍්ඡකෙ ‘කතමෙ ධම‍්මා සරණා? තීණි අකුසලමූලානි – ලොභො දොසො මොහො, තදෙකට‍්ඨා ච කිලෙසාති සරණදුකෙ’ති – ඉමෙසු එත‍්තකෙසු ඨානෙසු ‘සහජෙකට‍්ඨං’ ආගතං.

අකුශලයෙහි ද මේ නයමය. බුදුරජාණන් වහන්සේ දොළොස් අකුසල සිත්වලින් එකක්වත් මූලයෙන් මිදුණේ නම් නැතැයි මූලය සමග හාත්පසින් ගෙන දැක්වූ සේක. භාග්‍යවතුන් වහන්සේ සම්ප්‍රයුක්ත චතුෂ්ක ස්කන්‍ධයෙන් උඩ අකුසලයෙක් නම් නැතැයි ඒ දොළොස් අකුසල සිත්ම චතුෂ්ක ස්කන්‍ධ වශයෙන් හාත්පසින් ගෙන දැක්වූ සේක. භාග්‍යවතුන් වහන්සේ කායකර්මාදී වශයෙන් වනාහි ඔවුන්ගේ ප්‍රවෘත්ති ස්වභාවයෙන් කර්මද්වාර වශයෙන් හාත්පසින් ගෙන දැක්වූ සේක. මෙහි වනාහි තදෙකට්ඨා කිලෙසා යන ආදිය කියන ලද ද, එහි එක් සිතෙක හෝ පුද්ගලයෙකු කෙරෙහි සිටියේ යනු ඒකට්ඨය. එහි එක් සිතෙක සිටියේ සහජෙකට්ඨ නම් වෙයි. එක් පුද්ගලයෙකු කෙරෙහි සිටියේ පහාණෙකට්ඨ නමි. ඒ ලෝභාදිය සමග හෝ අනෙකෙක සමග හෝ ඒ ඒ තැන දක්වන ලද්ද සමග එක්තැනෙක සිටියේ යනු තෙදෙකට්ඨං ය. එහි ‘කතමෙ ධම්මා සංකිලිට්ඨ සංකිලෙසිකා, තීණි අකුසල මූලානි ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා’ යැයි සංකිලිෂ්ට ත්‍රිකයෙහි ද, ‘කතමෙ ධම්මා හීනා තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො තදෙකට්ඨා ච කිලොස’ යැයි හීනත්‍රිකයෙහි ද, ‘කතමෙ ධම්මා අකුසලා, තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො, තදෙකට්ඨා ච කිලෙසා’ කිලෙසා යැයි මේ කුශලත්‍රිකයෙහි ද, ‘කතමෙ ධම්මා සංකිලිට්ඨා, තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො තදෙකට්ඨා ච කිලෙසා’ යැයි සංකිලෙස ගොච්ඡකයෙහි ද, ‘කතමෙ ධම්මා සරණා, තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො තදෙකට්ඨා ච කිලෙසා’ යැයි සංකිලෙස ගොච්‍ඡකයෙහි ද, ‘කතමෙ ධම්මා සරණා, තීණි අකුසල මූලානි ලොභො දොසො මොහො තදෙකට්ඨා ච කිලෙසා’ යැයි සරණා ද්විකයෙහි මෙකී මෙතෙක් තැන්වල සහජේකට්ඨය ආවේය.

දස‍්සනෙනපහාතබ‍්බත‍්තිකෙ පන ‘ඉමානි තීණි සංයොජනානි, තදෙකට‍්ඨා ච කිලෙසා’ති, දස‍්සනෙනපහාතබ‍්බහෙතුකත‍්තිකෙපි ‘ඉමානි තීණි සංයොජනානි, තදෙකට‍්ඨා ච කිලෙසා’ති, පුන තත්‍ථෙව තීණි සංයොජනානි – සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො, ඉමෙ ධම‍්මා දස‍්සනෙනපහාතබ‍්බා; තදෙකට‍්ඨො ලොභො දොසො මොහො, ඉමෙ ධම‍්මා දස‍්සනෙනපහාතබ‍්බහෙතූ; තදෙකට‍්ඨා ච කිලෙසා තංසම‍්පයුත‍්තො වෙදනාඛන්‍ධො…පෙ… විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තංසමුට‍්ඨානං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, ඉමෙ ධම‍්මා දස‍්සනෙනපහාතබ‍්බහෙතුකාති; සම‍්මප‍්පධානවිභඞ‍්ගෙ “තත්‍ථ කතමෙ පාපකා අකුසලා ධම‍්මා? තීණි අකුසලමූලානි – ලොභො දොසො මොහො, තදෙකට‍්ඨා ච කිලෙසා”ති (විභ· 391) – ඉමෙසු පන එත‍්තකෙසු ඨානෙසු ‘පහානෙකට‍්ඨං’ ආගතන‍්ති වෙදිතබ‍්බං.

දස්සනෙන පහාතබ්බත්තිකයෙහි වනාහි ‘ඉමානි තීණි සංයොජනානි තදෙකට්ඨා ච කිලෙසා’ යැයි ද (දස්සනෙන පහාතබ්බ හෙතුකකත්තිකයෙහි ද ‘ඉමානි තීණි සංයොජනානිතදෙකට්ඨා ච කිලෙසා’ යැයි ද) නැවත එහිම ‘තීණි සංයොජනානි සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසො, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා, තදෙකට්ඨා ච කිලෙසා ලොභො දොසො මොහො ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතු, (තදෙකට්ඨා ච කිලෙසා තං සම්පයුත්තො වෙදක්‍ඛන්‍ධො -පෙ- විඤ්ඤාණක්‍ඛන්‍ධො තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං, ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා) යැයි සම්‍යක් ප්‍රධාන විභංගයෙහි ‘තත්‍ථ කතමෙ ධම්මා පාපකා අකුසලා ධම්මා තීණි අකුසලමූලානි ලොභො දොසො මොහො තදෙකට්ඨා ච කිලෙසා’ යැයි මෙකී මෙතෙක් තැන්වල පහාණෙකට්ඨය ආවේයැයි දතයුතුයි.

අබ්‍යාකතපදනිද‍්දෙසො උත‍්තානත්‍ථොයෙවාති. ඉමස‍්මිං තිකෙ තීණි ලක‍්ඛණානි තිස‍්සො පඤ‍්ඤත‍්තියො කසිණුග‍්ඝාටිමාකාසං අජටාකාසං ආකිඤ‍්චඤ‍්ඤායතනස‍්ස ආරම‍්මණං නිරොධසමාපත‍්ති ච න ලබ‍්භතීති වුත‍්තං.

අව්‍යාකෘත නිර්දේශයෙහි ප්‍රකට කරන ලද අර්ථ ඇත්තේම යැ. මෙකී ත්‍රිකයෙහි ත්‍රිලක්‍ෂණ ප්‍රඥප්තිත්‍රය කසිණය ඉගිළු අහහ අජාකාසය ආකිඤ්ඤායතන අරමුණ නිරෝධ සමාපත්තිය ද නොලබයි යැයි කියන ලදී.

වෙදනාත‍්තිකනිද‍්දෙසෙ සුඛභූමියන‍්ති එත්‍ථ යථා තම‍්බභූමි කණ‍්හභූමීති තම‍්බකණ‍්හභූමියොව වුච‍්චන‍්ති, එවං සුඛම‍්පි සුඛභූමි නාම. යථා උච‍්ඡුභූමි සාලිභූමීති උච‍්ඡුසාලීනං උප‍්පජ‍්ජනට‍්ඨානානි වුච‍්චන‍්ති, එවං සුඛස‍්ස උප‍්පජ‍්ජනට‍්ඨානං චිත‍්තම‍්පි සුඛභූමි නාම. තං ඉධ අධිප‍්පෙතං. යස‍්මා පන සා කාමාවචරෙ වා හොති, රූපාවචරාදීසු වා, තස‍්මාස‍්සා තං පභෙදං දස‍්සෙතුං කාමාවචරෙතිආදි වුත‍්තං. සුඛවෙදනං ඨපෙත්‍වාති යා සා සුඛභූමියං සුඛවෙදනා, තං ඨපෙත්‍වා. තංසම‍්පයුත‍්තොති තාය ඨපිතාය සුඛවෙදනාය සම‍්පයුත‍්තො. සෙසපදද‍්වයෙපි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බොති.

වේදනාත්‍රික නිර්දේශයෙහි සුඛභූමි යන මෙහි යම්සේ තාමුභූමි කෘෂ්ණභූමි යැයි ද තාමුකෘෂ්ණභූමි යැයි ද කියත්. මෙසේ සුඛය ද සුඛභූමි නමි. යම්සේ උච්ඡුභූමි සාලභූමි යැයි උක් හැල් උපදනා තැන් කියත් ද, මෙසේ සැපයට උත්පත්තිස්ථාන වූ සිත ද සුඛභූමි තමි. මෙහිදී එය අදහස් කරන ලදී. යම්හෙයකින් වනාහි එය කාමාවචරයෙහි හෝ රූපාවචරයෙහි වේ ද, එහෙයින් එහි ඒ ප්‍රභේදය දක්වන්නට කාමාවචරො යන ආදිය කියන ලදී. සුඛවෙදනං ඨපෙත්‍වා යැයි යම් ඒ සුඛභූමියෙහි සුඛ වේදනාවක් වේද, එය හැර, තංසම්පයුත්තො යනු තබන ලද ඒ සුඛ වේදනාවෙහිම සම්පයුක්තව, සෙසු පද දෙකෙහි ද මේ නයින්ම අර්ථය දතයුතුයි යනුයි.

ඉමස‍්මිං තිකෙ තිස‍්සො වෙදනා, සබ‍්බං රූපං, නිබ‍්බානන‍්ති ඉදම‍්පි න ලබ‍්භති. අයඤ‍්හි තිකො කුසලත‍්තිකෙ ච අලබ‍්භමානෙහි ඉමෙහි ච තීහි කොට‍්ඨාසෙහි මුත‍්තකො නාම. ඉතො පරෙසු පන තිකදුකෙසු පාළිතො ච අත්‍ථතො ච යං වත‍්තබ‍්බං සියා තං සබ‍්බං පදානුක‍්කමෙන මාතිකාකථායඤ‍්චෙව කුසලාදීනං නිද‍්දෙසෙ ච වුත‍්තමෙව. යං පන යත්‍ථ විසෙසමත‍්තං තදෙව වක‍්ඛාම.

මේ ත්‍රිකයෙහි වේදනාත්‍රය සියලු රූප නිර්වාණය යන මෙය ද නොලැබේ. මේ ත්‍රිකය වනාහි කුශලත්‍රිකයෙහි නොලැබෙන මේ කොටස් තුනෙන් මිදුණෝ නමි. මෙයින් පර ත්‍රිකද්විකයන්හි වනාහි පාළියෙන් ද අර්ථයෙන් ද යමක් කිවයුතු වේ නම් ඒ සියල්ල පද පිළිවෙළින් මාතෘකා කථාවෙහි මෙන්ම කුශලාදීන්ගේ නිර්දේශයෙහි ද කියන ලද්දේමය. යම්තැනක යම් විශේෂ මාත්‍රයක් වේ නම් එයම කියමි.

තත්‍ථ විපාකත‍්තිකෙ තාව කිඤ‍්චාපි අරූපධම‍්මා විය රූපධම‍්මාපි කම‍්මසමුට‍්ඨානා අත්‍ථි, අනාරම‍්මණත‍්තා පන තෙ කම‍්මසරික‍්ඛකා න හොන‍්තීති සාරම‍්මණා අරූපධම‍්මාව කම‍්මසරික‍්ඛකත‍්තා විපාකාති වුත‍්තා, බීජසරික‍්ඛකං ඵලං විය. සාලිබීජස‍්මිඤ‍්හි වපිතෙ අඞ‍්කුරපත‍්තාදීසු නික‍්ඛන‍්තෙසුපි සාලිඵලන‍්ති න වුච‍්චති. යදා පන සාලිසීසං පක‍්කං හොති පරිණතං, තදා බීජසරික‍්ඛකො සාලි එව සාලිඵලන‍්ති වුච‍්චති. අඞ‍්කුරපත‍්තාදීනි පන බීජජාතානි බීජතො නිබ‍්බත‍්තානීති වුච‍්චන‍්ති, එවමෙව රූපම‍්පි කම‍්මජන‍්ති වා උපාදිණ‍්ණන‍්ති වා වත‍්තුං වට‍්ටති.

එහි විපාකත්‍රිකයෙහි වනාහි අරූප ධර්ම මෙන්ම කර්ම සමුත්‍ථාන රූපධර්මයෝ ද ඇත්තාහ. ඔව්හු අණාරම්මණ හෙයින් කර්මසමාන නොවෙත් යැයි ද අරමුණු සහිත අරූප ධර්මයෝ කර්මසමාන හෙයින් විපාකයෝ යැයි ද කියන ලදහ. බීජසමාන ඵල මෙනි. ඇල් බිජුවට වපුළ කල්හි අංකුර පත්‍රාදිය නික්මෙද්දී ඇල් පල යැයි නො කියයි. ඇල් කරල පැසූ මුහුකුරා ගිය කල්හි බීජය සමාන ඇල්ම සාලිඵල යැයි කියයි. අංකුර පත්‍රාදිය වනාහි බීජයෙන් හටගත්තේය. බීජයෙන් උපන්නේ යැයි කියත්. මෙසේම රූපය ද කර්මජ යැයි හෝ උපාදින්න යැයි කියන්නට වටී.

උපාදිණ‍්ණත‍්තිකෙ කිඤ‍්චාපි ඛීණාසවස‍්ස ඛන්‍ධා ‘අම‍්හාකං මාතුලත්‍ථෙරො අම‍්හාකං චූළපිතුත්‍ථෙරො’ති වදන‍්තානං පරෙසං උපාදානස‍්ස පච‍්චයා හොන‍්ති, මග‍්ගඵලනිබ‍්බානානි පන අග‍්ගහිතානි අපරාමට‍්ඨානි අනුපාදිණ‍්ණානෙව. තානි හි, යථා දිවසං සන‍්තත‍්තො අයොගුළො මක‍්ඛිකානං අභිනිසීදනස‍්ස පච‍්චයො න හොති, එවමෙව තෙජුස‍්සදත‍්තා තණ‍්හාමානදිට‍්ඨිවසෙන ගහණස‍්ස පච‍්චයා න හොන‍්ති. තෙන වුත‍්තං – ඉමෙ ධම‍්මා අනුපාදිණ‍්ණඅනුපාදානියාති.

උපාදින්න ත්‍රිකයෙහි ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේගේ ස්කන්‍ධයෝ අපගේ මයිල් තෙරණුවෝය. අපගේ සුළුපිය තෙරණුවෝ යැයි කියන්නා වූ අන්‍යයන්ගේ උපාදානයට ප්‍රත්‍යය වෙත්. නමුත්, මාර්ගඵල නිර්වාණ වනාහි නො ගන්නා ලදී. පරාමර්ශනය නො කරන ලදී. අනුපාදින්නමය. ඒවා වනාහි දවසක් රත්කළ ලෝගුලි යම්සේ මැස්සන්ට හිඳිනට ප්‍රත්‍යය නොවේ ද, මෙපරිද්දෙන් තේජස අධික හෙයින් තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් ග්‍රහණයට ප්‍රත්‍යය නොවේ. එහෙයින් ‘ඉමෙ ධම්මා අනුපාදින්න අනුපාදානීයා’ යැයි කියන ලදී.

අසංකිලිට‍්ඨඅසංකිලෙසිකෙසුපි එසෙව නයො.

අසංකිලිට්ඨ අසංකිලෙසයන්හි ද මේ නයමය.

විතක‍්කත‍්තිකෙ විතක‍්කසහජාතෙන විචාරෙන සද‍්ධිං කුසලත‍්තිකෙ අලබ‍්භමානාව න ලබ‍්භන‍්ති.

විතර්ක ත්‍රිකයෙහි විතර්කජාත විචාරය සමග කුශලත්‍රිකයෙහි නො ලබන්නේම නො ලබත්.

පීතිසහගතත‍්තිකෙ පීතිආදයො අත‍්තනා සහජාතධම‍්මානං පීතිසහගතාදිභාවං දත්‍වා සයං පිට‍්ඨිවට‍්ටකා ජාතා. ඉමස‍්මිඤ‍්හි තිකෙ ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා දුක‍්ඛසහගතං කායවිඤ‍්ඤාණං උපෙක‍්ඛාවෙදනා රූපං නිබ‍්බානන‍්ති – ඉදම‍්පි න ලබ‍්භති. අයඤ‍්හි තිකො කුසලත‍්තිකෙ ච අලබ‍්භමානෙහි ඉමෙහි ච පඤ‍්චහි කොට‍්ඨාසෙහි මුත‍්තකො නාම.

ප්‍රීතිසහගත ත්‍රිකයෙහි ප්‍රීති ආදීහු තමා හා සහජාත ධර්මයන්ට ප්‍රීතිසහගතාදීභාවය දී තමා පිටත පවත්නාහු වූහ. මේ ත්‍රිකයෙහි වනාහි දෝමනස්ස සහගත චිත්තුප්පාද දෙක ද, දුක්‍ඛ සහගත කාය විඤ්ඤාණය උපෙක්‍ඛාසහගත වේදනාව රූප නිබ්බාණය මෙය ද නො ලැබේ. මේ ත්‍රිකය වනාහි කුශලත්‍රිකයෙහි ද නොලැබෙන මේ පස් කොටස්වලින් මිදුණේ නම් වෙයි.

දස‍්සනෙනපහාතබ‍්බත‍්තිකෙ සඤ‍්ඤොජනානීති බන්‍ධනානි. සක‍්කායදිට‍්ඨීති විජ‍්ජමානට‍්ඨෙන සති ඛන්‍ධපඤ‍්චකසඞ‍්ඛාතෙ කායෙ; සයං වා සතී තස‍්මිං කායෙ දිට‍්ඨීති ‘සක‍්කායදිට‍්ඨි’. සීලෙන සුජ‍්ඣිතුං සක‍්කා, වතෙන සුජ‍්ඣිතුං සක‍්කා, සීලවතෙහි සුජ‍්ඣිතුං සක‍්කාති ගහිතසමාදානං පන සීලබ‍්බතපරාමාසො නාම.

දස්සනෙන පහාතබ්බත්තිකයෙහි සංයොජනානි යනු බන්‍ධනයෝය. සක්කායදිට්ඨි යනු විද්‍යාමාන්‍ථයෙන් ස්කන්‍ධ සංඛ්‍යාත කය ඇති කල්හි තෙමේ හෝ ඇති කල්හි ඒ කයෙහි දෘෂ්ටිය යනු = සක්කායදිට්ඨි ය. ශීලයෙන් පිරිසිදුවිය හැකිය. ව්‍රතයෙන් පිරිසිදු වියහැකිය. ශීලව්‍රතයන්ගෙන් පිරිසිදු විය හැකියැයි ගන්නා ලද සමාදානය වනාහි සීලබ්බත පරාමාසො නමි.

ඉධාති දෙසාපදෙසෙ නිපාතො. ස‍්වායං කත්‍ථචි ලොකං උපාදාය වුච‍්චති. යථාහ – “ඉධ තථාගතො ලොකෙ උප‍්පජ‍්ජතී”ති (දී· නි· 1.189). කත්‍ථචි සාසනං. යථාහ – “ඉධෙව, භික‍්ඛවෙ, සමණො ඉධ දුතියො සමණො”ති (ම· නි· 1.139; අ· නි· 4.241). කත්‍ථචි ඔකාසං. යථාහ –

ඉධ යනු දේශය දැක්වීමේ නිපාතයකි. ඇතැම් තැනෙක මෙය ලෝකය සලකා කියනු ලැබේ. එහෙයින් මෙසේ වදාළහ. ‘ඉධ තථාගතො ලොකෙ උප්පන්නො’ යනුයි. ඇතැම් තැනෙක ශාසනය සලකා කියන ලදී. මෙසේ ද වදාළහ. ‘ඉධෙව භික්‍ඛවෙ! සමණො ඉධ දුතියො සමණො’ යනුයි. කිසිතැනෙක අවකාශය සලකා කියන ලදී.

“ඉධෙව තිට‍්ඨමානස‍්ස, දෙවභූතස‍්ස මෙ සතො; පුනරායු ච මෙ ලද‍්ධො, එවං ජානාහි මාරිසා”ති. (දී· නි· 2.369);

ඉධෙව තිට්ඨමානස්ස දෙවභූතස්ස මෙ සතො පුනරායු ච මෙ ලද්ධො එවං ජානාහි මාරිසා ති

මෙහිම සිටිනා වූ දෙවියෙකු වූ මට නැවත ආයුෂ ද ලැබිණ. නිදුකාණෙනි, මෙසේ දැනගන්න යනුයි.

කත්‍ථචි පදපූරණමත‍්තමෙව. යථාහ – “ඉධාහං, භික‍්ඛවෙ, භුත‍්තාවී අස‍්සං පවාරිතො”ති (ම· නි· 1.30). ඉධ පන ලොකං උපාදාය වුත‍්තොති වෙදිතබ‍්බො.

ඇතැම් තැනෙක පද පූරණ මාත්‍රමය. මෙසේද වදාළහ. ‘ඉධාහං භික්‍ඛවෙ භුත්තාවී අස්සං පරිවාරිතො’ යනුයි. මෙහි වනාහි ලෝකය සඳහා කියන ලදැයි දතයුතුයි.

අස‍්සුතවා පුථුජ‍්ජනොති එත්‍ථ පන ‘ආගමාධිගමාභාවා ඤෙය්‍යො අස‍්සුතවා ඉති’. යස‍්ස හි ඛන්‍ධධාතුආයතනපච‍්චයාකාරසතිපට‍්ඨානාදීසු උග‍්ගහපරිපුච‍්ඡාවිනිච‍්ඡයරහිතත‍්තා දිට‍්ඨිපටිසෙධකො නෙව ‘ආගමො’, පටිපත‍්තියා අධිගන‍්තබ‍්බස‍්ස අනධිගතත‍්තා නෙව ‘අධිගමො’ අත්‍ථි, සො ‘ආගමාධිගමාභාවා ඤෙය්‍යො අස‍්සුතවා ඉති’. ස‍්වායං –

අස්සුතවා පුථුජ්ජනො යන මෙහි ආගම අධිගමයෙන් තොර ඤෙය්‍ය පෘථග්ජනයාය. යමෙකුට වනාහි ඛන්‍ධ ධාතු ආයතන පච්චයාකාර සතිපට්ඨාන ආදියෙහි උගෙනීම විචාරීම විනිශ්චය රහිත හෙයින් දෘෂ්ටියෙන් ප්‍රතිෂේධක වූයේ අධිගමයක් නැත්තේම ද, හෙතෙම ආගමාධිගමයෙන් තොර බැවින් ඤෙය්‍යය ආශ්‍රිතය යනුයි. ඒ මේ පෘථග්ජන තෙමේ :-

පුථූනං ජනනාදීහි, කාරණෙහි පුථුජ‍්ජනො; පුථුජ‍්ජනන‍්තොගධත‍්තා, පුථුවායං ජනො ඉති. (දී· නි· අට‍්ඨ· 1.7; ම· නි· අට‍්ඨ· 1.2; අ· නි· අට‍්ඨ· 1.1.51; පටි· ම· අට‍්ඨ· 2.1.130; චූළනි· අට‍්ඨ· 88; නෙත‍්ති· අට‍්ඨ· 56);

පුථූනං ජනනාදීහි කාරණෙහි පුථුජ්ජනො පුථුජ්ජනන්තො ගධත්තා පුථුචායං ජනො ඉති

මහත් වූ නොයෙක් කෙලෙසුන් ඉපදවීම ආදී කරුණුවලින් පෘථග්ජනයාය, පෘථග්ජනයන්ට ඇතුළත් හෙයින් ද මෙතෙම පෘථග්ජනය යනුයි.

සො හි පුථූනං නානප‍්පකාරානං කිලෙසාදීනං ජනනාදීහි කාරණෙහි පුථුජ‍්ජනො. යථාහ – “පුථු කිලෙසෙ ජනෙන‍්තීති පුථුජ‍්ජනා. පුථු අවිහතසක‍්කායදිට‍්ඨිකාති පුථුජ‍්ජනා. පුථු සත්‍ථාරානං මුඛුල‍්ලොකිකාති පුථුජ‍්ජනා. පුථු සබ‍්බගතීහි අවුට‍්ඨිතාති පුථුජ‍්ජනා. පුථු නානාභිසඞ‍්ඛාරෙ අභිසඞ‍්ඛරොන‍්තීති පුථුජ‍්ජනා. පුථු නානාඔඝෙහි වුය‍්හන‍්තීති පුථුජ‍්ජනා. පුථු නානාසන‍්තාපෙහි සන‍්තප‍්පන‍්තීති පුථුජ‍්ජනා. පුථු නානාපරිළාහෙහි පරිඩය‍්හන‍්තීති පුථුජ‍්ජනා. පුථු පඤ‍්චසු කාමගුණෙසු රත‍්තා ගිද‍්ධා ගධිතා මුච‍්ඡිතා අජ‍්ඣොසන‍්නා ලග‍්ගා ලග‍්ගිතා පලිබුද‍්ධාති පුථුජ‍්ජනා. පුථු පඤ‍්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච‍්ඡන‍්නා පටිකුජ‍්ජිතාති පුථුජ‍්ජනා”ති (මහානි· 94). පුථූනං වා ගණනපථමතීතානං අරියධම‍්මපරම‍්මුඛානං නීචධම‍්මසමාචාරානං ජනානං අන‍්තොගධත‍්තාපි පුථුජ‍්ජනා. පුථු වා අයං – විසුංයෙව සඞ‍්ඛ්‍යං ගතො, විසංසට‍්ඨො සීලසුතාදිගුණයුත‍්තෙහි අරියෙහි – ජනොතිපි පුථුජ‍්ජනො. එවමෙතෙහි ‘අස‍්සුතවා පුථුජ‍්ජනො’ති ද‍්වීහි පදෙහි යෙ තෙ –

හෙතෙම වනාහි මහත් වූ නානාප්‍රකාර කෙලෙස් ඉපදවීම ආදී නොයෙක් කාරණාවලින් පෘථග්ජනය. මෙසේද වදාළහ. ‘මහත් වූ නොයෙක් කෙලෙස් උපදවත්නුයි = පෘථග්ජනයහ. මහත් වූ නොනසන ලද සක්කාය දිට්ඨිය ඇත්තෝ යනු = පෘථග්ජනයහ. මහත් වූ නානාවිධ ශාස්තෲන්ගේ මුහුණ බලන්නෝ යනු ද = පෘථග්ජනයෝ ය. මහත් වූ සියලු ගතීන්ගෙන් වැසි නො ලද්දෝ (පිහිටක් නො ලැබුවෝ) යනු = පෘථග්ජනයෝ ය. මහත් වූ නොයෙක් අභිසංස්කාරයන් රැස්කෙරෙත් යනු ද = පෘථග්ජනයෝ ය. මහත් වූ නානාංගයන්ගෙන් පාවෙත් = -පෙ මහත් නානාවිධ සන්තාපයන්ගෙන් තැවෙත් යනු ද = පෘථග්ජනයෝ ය. මහත් වූ නානාවිධ පරිළාහයන්ගෙන් දැවෙත් යනු ද = පෘථග්ජනයෝ ය. මහත් වූ පංචකාම ගුණයන්හි ඇලුණේ ය. ගිජු වූවෝ ය. ගැටුණෝ ය. මූර්ඡා වූවෝ ය. බැසගත්තෝ ය. ඇලුණේ ය. ලග්න වූවෝ ය. පලිබෝධ කරගත්තේය යනු = පෘථග්ජනයෝ ය. මහත් වූ පංචනීවරණයන්ගෙන් අමුණන ලද්දෝ ය. වටකරන ලද්දෝ ය. ආවරණය කරන ලද්දෝ ය. වසන ලද්දෝ ය. සැඟවුණෝ ය. යටිකුරු කරන ලද්දෝ යනු පෘථග්ජනයෝය. මහත් වූ ගණනපථය ඉක්ම වූ ආර්යධර්මයට පිටු පෑ නීච ධර්මයන්හි හැසිරෙන ජනයන්ට ඇතුළත් වූවෝය යනු ද පෘථග්ජනයෝ ය. මහත් වූ මොහු වෙන්වම ගැනුනේ ය. ශීල ශ්‍රැත ධුතාදී ගුණයන්ගෙන් යුක්ත ආර්යජනයා හා මිශ්‍ර නොවූයේය යනු ද = පෘථග්ජනය. මෙසේ මේ දෙපදයෙන් අශ්‍රැතවත් පෘථග්ජනයා (යැයි දතයුතුයි.) ඔව්හු නම්,

“දුවෙ පුථුජ‍්ජනා වුත‍්තා, බුද‍්ධෙනාදිච‍්චබන්‍ධුනා; අන්‍ධො පුථුජ‍්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ‍්ජනො”ති. (දී· නි· අට‍්ඨ· 1.7; අ· නි· අට‍්ඨ· 1.1.51; පටි· ම· අට‍්ඨ· 2.1.130; චූළනි· අට‍්ඨ· 88);

දුවෙ පුථුජ්ජනා වුත්තා බුද්ධෙනාදිච්ච බන්‍ධුනා අන්‍ධො පුථුජ්ජනො එකො කල්‍යාණෙකො පුථුජ්ජනො

යනුයි. ආදිත්‍යබන්‍ධු (සූර්යවංශික) වූ බුදුන් විසින් අන්‍ධ පෘථග්ජනයාය කල්‍යාණ පෘථග්ජනයා යැයි පෘථග්ජනයෝ දෙදෙනෙක් වදාරණ ලදහ.

ද‍්වෙ පුථුජ‍්ජනා වුත‍්තා, තෙසු අන්‍ධපුථුජ‍්ජනො වුත‍්තො හොතීති වෙදිතබ‍්බො.

පෘථග්ජනයෝ දෙදෙනෙක් වදාරණ ලදී. ඔවුන් අතුරෙන් අන්‍ධ පෘථග්ජනයා කියන ලදැයි දතයුතුයි.

අරියානං අදස‍්සාවීතිආදීසු අරියාති ආරකත‍්තා කිලෙසෙහි, අනයෙ න ඉරියනතො, අයෙ ඉරියනතො, සදෙවකෙන ලොකෙන ච අරණීයතො බුද‍්ධා ච පච‍්චෙකබුද‍්ධා ච බුද‍්ධසාවකා ච වුච‍්චන‍්ති. බුද‍්ධා එව වා ඉධ අරියා. යථාහ – “සදෙවකෙ, භික‍්ඛවෙ, ලොකෙ…පෙ… තථාගතො අරියොති වුච‍්චතී”ති (සං· නි· 5.1098).

අරියානං අදස්සාවී යනාදීන්හි අරියා යනු ක්ලේශයන්ගෙන් දුරුවූ හෙයින් ද අනයෙහි නොයෙදෙන බැවින් ද (අයෙහි යෙදෙන බැවින්ද) දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබන හෙයින් ද බුදුවරු ද පසේබුදුවරු ද බුද්ධශ්‍රාවකයෝ ද කියත්. මෙහි බුදුවරු හෝ ආර්යයෝ ය. මෙසේද වදාළහ. සදෙවකෙ භික්‍ඛවෙ, ලොකෙ -පෙ- තථාගතො අරියොති වුච්චති යනුයි.

සප‍්පුරිසාති එත්‍ථ පන පච‍්චෙකබුද‍්ධා තථාගතසාවකා ච සප‍්පුරිසාති වෙදිතබ‍්බා. තෙ හි ලොකුත‍්තරගුණයොගෙන සොභනා පුරිසාති සප‍්පුරිසා. සබ‍්බෙව වා එතෙ ද‍්වෙධාපි වුත‍්තා. බුද‍්ධාපි හි අරියා ච සප‍්පුරිසා ච පච‍්චෙකබුද‍්ධා බුද‍්ධසාවකාපි. යථාහ –

මෙහි වනාහි සත්පුරුෂයෝ යනු පසේබුදුවරු හා තථාගත ශ්‍රාවකයන් වහන්සේලා සත්පුරුෂයෝ යැයි දතයුත්තාහ. උන්වහන්සේලා වනාහි ලෝකෝත්තර ගුණයෝගයෙන් හොබනාහු සත්පුරුෂයෝ යනු සත්පුරුෂයෝ ය. මේ සියල්ලෝම හෝ දෙයාකාරයෙන් කියන ලදහ. බුදුවරු ද පසේ බුදුවරු ද බුද්ධශ්‍රාවකයෝ ද ආර්යහ. සත්පුරුෂයහ. මෙසේද කීහ. :-

“යො වෙ කතඤ‍්ඤූ කතවෙදි ධීරො, කල්‍යාණමිත‍්තො දළ‍්හභත‍්ති ච හොති; දුඛිතස‍්ස සක‍්කච‍්ච කරොති කිච‍්චං, තථාවිධං සප‍්පුරිසං වදන‍්තී”ති. (ජා· 2.17.78);

යො වෙ කතඤ්ඤූ කතවෙදි ධීරො කල්‍යාණමිත්තො දළ්හ භත්තී ච හොති දුඛිතසස සක්කච්ච කරොති කිච්චං තථාවිධං සප්පුරිසං වදන්ති ති

යමෙක් වනාහි කළගුණ දන්නේ ද කෘතවේදී ද පණ්ඩිත ද කල්‍යාණ මිත්‍රයෙක් ද දැඩි භක්තියෙන් යුක්තවූයේ වෙයි ද දුකට පත් වූවහුට මනාව කටයුතු කෙරේ ද එවැන්නා සත්පුරුෂයා යැයි කියත් යනුයි.

‘කල්‍යාණමිත‍්තො දළ‍්හභත‍්ති ච හොතී’ති එත‍්තාවතා හි බුද‍්ධසාවකො වුත‍්තො. කතඤ‍්ඤුතාදීහි පච‍්චෙකබුද‍්ධා බුද‍්ධාති. ඉදානි යො තෙසං අරියානං අදස‍්සනසීලො, න ච දස‍්සනෙ සාධුකාරී, සො අරියානං අදස‍්සාවීති වෙදිතබ‍්බො. සො චක‍්ඛුනා අදස‍්සාවී ඤාණෙන අදස‍්සාවීති දුවිධො. තෙසු ඤාණෙන අදස‍්සාවී ඉධ අධිප‍්පෙතො. මංසචක‍්ඛුනා හි දිබ‍්බචක‍්ඛුනා වා අරියා දිට‍්ඨාපි අදිට‍්ඨාව හොන‍්ති, තෙසං චක‍්ඛූනං වණ‍්ණමත‍්තග‍්ගහණතො, න අරියභාවගොචරතො. සොණසිඞ‍්ගාලාදයොපි චක‍්ඛුනා අරියෙ පස‍්සන‍්ති, න ච තෙ අරියානං දස‍්සාවිනො.

කල්‍යාණාමිත්තො දළ්හභත්තී ච හොති යන මෙපමණකින් බුද්ධ ශ්‍රාවකයා කියන ලදී. කතඤ්ඤුතාදීන්ගෙන් පසේබුදුවරු ද බුදුවරු ද (කියන ලදහ) යනුයි. දැන් ඔවුනතුරෙන් යමෙක් ආර්යයන් නො දක්නා සුලු ද දර්ශනයේදී මනාව කටයුතු නො කෙරේ ද හෙතෙම අරියානං අදස්සාවී යැයි දතයුතුයි. හෙතෙම ඇසින් නො දන්නේ නුවණින් නොදක්නේ යැයි දෙයාකාරය. ඔවුනතුරෙන් ඥානයෙන් නො දක්නේ මෙහි අභිප්‍රේතයි. මසැසින් හෝ දිවැසින් ආර්යයෝ දක්නා ලද්දේ නමුදු නො දක්නා ලද්දෝම වෙත්. ඔවුන්ගේ ඇස්වලින් වර්ණමාත්‍ර ග්‍රහණය පමණක් හෙයිනි. ආර්යභාවය ගෝචර නොවන හෙයිනි. බලුසිවල්ලු ද ඇසින් ආර්යයෝ දකිත්. ඔව්හු ආර්යයන් දක්නෝ නොවෙත්.

තත්‍රිදං වත්‍ථු – චිත‍්තලපබ‍්බතවාසිනො කිර ඛීණාසවත්‍ථෙරස‍්ස උපට‍්ඨාකො වුඩ‍්ඪපබ‍්බජිතො එකදිවසං ථෙරෙන සද‍්ධිං පිණ‍්ඩාය චරිත්‍වා ථෙරස‍්ස පත‍්තචීවරං ගහෙත්‍වා පිට‍්ඨිතො ආගච‍්ඡන‍්තො ථෙරං පුච‍්ඡි – ‘අරියා නාම භන‍්තෙ කීදිසා’ති? ථෙරො ආහ – ‘ඉධෙකච‍්චො මහල‍්ලකො අරියානං පත‍්තචීවරං ගහෙත්‍වා වත‍්තපටිපත‍්තිං කත්‍වා සහ චරන‍්තොපි නෙව අරියෙ ජානාති, එවංදුජ‍්ජානාවුසො, අරියා’ති. එවං වුත‍්තෙපි සො නෙව අඤ‍්ඤාසි. තස‍්මා න චක‍්ඛුනා දස‍්සනං ‘දස‍්සනං’, ඤාණදස‍්සනමෙව ‘දස‍්සනං’. යථාහ – “කිං තෙ වක‍්කලි ඉමිනා පූතිකායෙන දිට‍්ඨෙන? යො ඛො, වක‍්කලි, ධම‍්මං පස‍්සති, සො මං පස‍්සතී”ති (සං· නි· 3.87). තස‍්මා චක‍්ඛුනා පස‍්සන‍්තොපි, ඤාණෙන අරියෙහි දිට‍්ඨං අනිච‍්චාදිලක‍්ඛණං අපස‍්සන‍්තො, අරියාධිගතඤ‍්ච ධම‍්මං අනධිගච‍්ඡන‍්තො, අරියකරධම‍්මානං අරියභාවස‍්ස ච අදිට‍්ඨත‍්තා, ‘අරියානං අදස‍්සාවී’ති වෙදිතබ‍්බො.

එහිදී මේ වස්තුවෙකි :- සිතුල්පව් වැසි රහත්තෙර කෙනෙකුන්ට උපස්ථායක වූ එක් මහලු පැවිද්දෙක් එක්දිනෙක තෙරුන් සමග පිඬු පිණිස හැසිර තෙරුන්ගේ පාසිවුරු ගෙන පිටිපසින් එන කල්හි ස්වාමීනි ආර්යයෝ නම් කෙබඳුදැයි තෙරුන්ගෙන් විචාළේය. තෙරණුවෝ මෙසේ වදාළහ. මෙහි එක් මහල්ලෙක් ආර්යයන්ගේ පාසිවුරු ගෙන වත්පිළිවෙත් කොට එකට හැසිරෙමින් ආර්යයන් නොදනී. ඇවැත්නි, මෙසේ ආර්යයෝ දැනගන්නට දුෂ්කරයහ යනුයි. මෙසේ කී කලද හෙතෙම නොදක්නේමය. එහෙයින් ඇසින් දැකීම (දැකීමක්) නොවේ. ඥාන දර්ශනයම දර්ශනයයි. මෙසේද වදාළහ. ‘වක්කලිය! යමෙක් වනාහි ධර්මය දකී ද හෙතෙම මා දකී’ යනුයි. එහෙයින් ඇසින් දක්නේ ද ඥානයෙන් ආර්යයන් විසින් දක්නා ලද අනිත්‍යාදී ලක්‍ෂණ නො දක්නේ ආර්යයන් විසින් අවබෝධ කරගත් ධර්මයට ද නොපැමිණෙන්නේ ආර්යතර ධර්මයන් ද ආර්ය ස්වභාවය ද නොදුටු හෙයින් අරියානං අදස්සාවී යැයි දතයුතුයි.

අරියධම‍්මස‍්ස අකොවිදොති සතිපට‍්ඨානාදිභෙදෙ අරියධම‍්මෙ අකුසලො. අරියධම‍්මෙ අවිනීතොති, එත්‍ථ පන

අරියධම්මස්ස අකොවිදො යනු සතිපට්ඨානාදී ප්‍රභේද ඇති ආර්ය ධර්මයෙහි අදක්‍ෂ, අරියධම්මෙ අවිනීතො යන මෙහි වනාහි :-

දුවිධො විනයො නාම, එකමෙකෙත්‍ථ පඤ‍්චධා; අභාවතො තස‍්ස අයං, අවිනීතොති වුච‍්චති.

දුවිධො විනයො නාම එකමෙකෙත්‍ථ පඤ්චධා අභාවතො තස්ස අයං අවිනීතොති වුච්චති

විනය නම් දෙවැදෑරුම්ය. මෙහි ඒ එකක් එකක් පස්වැදෑරුම්ය. ඔහුට මෙය නැති හෙයින් මේ අවිනීතයා යැයි කියනු ලැබේ.

අයඤ‍්හි සංවරවිනයො පහානවිනයොති දුවිධො විනයො. එත්‍ථ ච දුවිධෙපි විනයෙ එකමෙකො විනයො පඤ‍්චධා භිජ‍්ජති. සංවරවිනයොපි හි සීලසංවරො සතිසංවරො ඤාණසංවරො ඛන‍්තිසංවරො වීරියසංවරොති පඤ‍්චවිධො. පහානවිනයොපි තදඞ‍්ගපහානං වික‍්ඛම‍්භනපහානං සමුච‍්ඡෙදපහානං පටිප‍්පස‍්සද‍්ධිපහානං නිස‍්සරණපහානන‍්ති පඤ‍්චවිධො.

මේ විනය සංවර විනය පහාණ විනය යැයි දෙවැදෑරුම්ය. මේ දෙවැදෑරුම් විනයෙහි ද එක් එක් විනය පස් ආකාරයකින් බෙදේ. සංවරවිනය වනාහි සීල සංවරය, සති සංවරය, කාය සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය යැයි පංචවිධය. පහාණවිනය ද තදංගප්පහාණය වික්‍ඛම්භණපහාණය සමුච්ඡෙදප්පහාණය පටිප්පස්සද්ධිප්පහාණය නිස්සරණප්පහාණ යැයි පංචවිධය.

තත්‍ථ “ඉමිනා පාතිමොක‍්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො”ති (විභ· 511) අයං සීලසංවරො. “රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජතී”ති (දී· නි· 1.213; ම· නි· 1.295; සං· නි· 4.239; අ· නි· 3.16) අයං සතිසංවරො.

එහි ‘මේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වෙයිද, විශේෂයෙන් යුක්තවූයේ වෙයි ද?’ මේ ශීල සංවරයයි. ‘චක්‍ෂුරේන්‍ද්‍රිය රකී. චක්‍ෂුරේන්‍ද්‍රියයේ සංවරයට පැමිණෙයි’ යන මෙය සති සංවරයයි.

“යානි සොතානි ලොකස‍්මිං, (අජිතාති භගවා) සති තෙසං නිවාරණං; සොතානං සංවරං බ්‍රූමි, පඤ‍්ඤායෙතෙ පිධීයරෙ”ති. (සු· නි· 1041) –

යානි සොතානි ලොකස්මිං (අජිතා ති භගවා) සති තෙසං නිවාරණං සොතානං සංවරං බ්‍රෑමි පඤ්ඤායෙතෙ පිථියරෙ ති

ලෝකයෙහි යම් ශ්‍රෝතයෝ වෙත්නම් (භාග්‍යවතුන් වහන්සේ දිනූහ.) සතිය ඔවුන්ගේ නිවාරණයයි. ශ්‍රෝතසුන්ගේ සංවරය කියමි. ප්‍රඥාවෙන් මොව්හු වසනු ලබත් යනුයි.

අයං ඤාණසංවරො නාම. “ඛමො හොති සීතස‍්ස උණ‍්හස‍්සා”ති (ම· නි· 1.24; අ· නි· 4.114; 6.58) අයං ඛන‍්තිසංවරො. “උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙතී”ති (ම· නි· 1.26; අ· නි· 4.114; 6.58) අයං වීරියසංවරො. සබ‍්බොපි චායං සංවරො යථාසකං සංවරිතබ‍්බානං විනෙතබ‍්බානඤ‍්ච කායදුච‍්චරිතාදීනං සංවරණතො සංවරො, විනයනතො විනයොති වුච‍්චති. එවං තාව ‘සංවරවිනයො’ පඤ‍්චධා භිජ‍්ජතීති වෙදිතබ‍්බො.

මේ ඥාන සංවරයයි. ‘ඛමො හොති සීතස්ස උණහස්ස’ යන මෙය ඛන්ති සංවරයයි. ‘උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති’ යන මෙය විරිය සංවරයයි. මේ සියලුම සංවරය තම තමාට අයත් පරිදි සංවර විය යුතු හික්මිය යුතු කාය දුෂ්චරිතාදීන්ගේ සංවරණයෙන් සංවර යැයි ද හික්මීමෙන් විනය යැයි ද කියනු ලැබේ. මෙසේ වනාහි සංවර විනය පංචවිධව බෙදේ යැයි දතයුතුයි.

තථා යං නාමරූපපරිච‍්ඡෙදාදීසු විපස‍්සනාඤාණෙසු පටිපක‍්ඛභාවතො, දීපාලොකෙනෙව තමස‍්ස, තෙන තෙන විපස‍්සනාඤාණෙන තස‍්ස තස‍්ස අනත්‍ථස‍්ස පහානං, සෙය්‍යථිදං – නාමරූපවවත්‍ථානෙන සක‍්කායදිට‍්ඨියා, පච‍්චයපරිග‍්ගහෙන අහෙතුවිසමහෙතුදිට‍්ඨීනං, තස‍්සෙව අපරභාගෙන කඞ‍්ඛාවිතරණෙන කථංකථිභාවස‍්ස, කලාපසම‍්මසනෙන ‘අහං මමා’ති ගාහස‍්ස, මග‍්ගාමග‍්ගවවත්‍ථානෙන අමග‍්ගෙ මග‍්ගසඤ‍්ඤාය, උදයදස‍්සනෙන උච‍්ඡෙදදිට‍්ඨියා, වයදස‍්සනෙන සස‍්සතදිට‍්ඨියා, භයදස‍්සනෙන සභයෙ අභයසඤ‍්ඤාය, ආදීනවදස‍්සනෙන අස‍්සාදසඤ‍්ඤාය, නිබ‍්බිදානුපස‍්සනාය අභිරතිසඤ‍්ඤාය, මුච‍්චිතුකම්‍යතාඤාණෙන අමුච‍්චිතුකාමතාය, උපෙක‍්ඛාඤාණෙන අනුපෙක‍්ඛාය, අනුලොමෙන ධම‍්මට‍්ඨිතියං නිබ‍්බානෙ ච පටිලොමභාවස‍්ස, ගොත්‍රභුනා සඞ‍්ඛාරනිමිත‍්තග‍්ගාහස‍්ස පහානං, එතං ‘තදඞ‍්ගපහානං’ නාම.

එසේම යමක් නාමරූප පරිච්ඡේදාදීන්හි ද විදර්ශනා ඥානයන්හි ද ප්‍රතිපක්‍ෂ භාවයෙන් පහන් එළියෙන් අඳුර මෙන් ඒ ඒ විදර්ශනා ඥානයෙන් ඒ ඒ අනර්ථයාගේ ප්‍රහාණය වේ. ඒ කෙසේද යත්, නාමරූප ව්‍යවස්ථානයෙන් සත්කාය දෘෂ්ටියේ ද, ප්‍රත්‍යය පරිග්‍රහණයෙන් අහේතු විෂම හේතු දෘෂ්ටීන්ගේ ද, එහිම පසුභාගය වූ කංඛාවිතරණ ඥානයෙන් කථං කථිභාවයාගේ ද, කලාප සම්මර්ශනයෙන් මමය මාගේය යන ග්‍රාහයාගේ ද, මාර්ගාමාර්ග ව්‍යාවස්ථානයෙන් අමාර්ගයෙහි මාර්ගය යන සංඥාවගේ ද උදය දර්ශනයෙන් උච්ඡේද දෘෂ්ටියේ ද, ව්‍යය දර්ශනයෙන් ශාස්වත දෘෂ්ටියේ ද, භය දර්ශනයෙන් සභයයෙහි අභය සංඥාවේ ද, ආදීනව දර්ශනයෙන් ආස්වාද සංඥාවේ ද, නිර්වේදානු දර්ශනයෙන් අභිරති සංඥාවේ ද, මුඤ්චිතුකම්‍යතා ඥානයෙන් අමුඤ්චිතු කම්‍යතාවේ ද, උපේක්‍ෂා ඥානයෙන් අනපේක්‍ෂාවේ ද, අනුලෝම ඥානයෙන් ධර්මස්ථිතියෙහි මෙන්ම නිර්වාණයේ ද ප්‍රතිලෝම භාවයෙහි ද, ගෝත්‍රභූ ඥානයෙන් සංස්කාර නිමිත්ත ග්‍රාහයේ ද ප්‍රහාණය වේ. මෙය තදංග ප්‍රහාණ නම් වේ.

යං පන උපචාරප‍්පනාභෙදෙන සමාධිනා පවත‍්තිභාවනිවාරණතො, ඝටප‍්පහාරෙනෙව උදකපිට‍්ඨෙ සෙවාලස‍්ස, තෙසං තෙසං නීවරණාදිධම‍්මානං පහානං, එතං ‘වික‍්ඛම‍්භනපහානං’ නාම. “යං චතුන‍්නං අරියමග‍්ගානං භාවිතත‍්තා තංතංමග‍්ගවතො අත‍්තනො අත‍්තනො සන‍්තානෙ දිට‍්ඨිගතානං පහානායා”තිආදිනා (ධ· ස· 277) නයෙන වුත‍්තස‍්ස සමුදයපක‍්ඛිකස‍්ස කිලෙසගණස‍්ස අච‍්චන‍්තං අප‍්පවත‍්තිභාවෙන පහානං, ඉදං ‘සමුච‍්ඡෙදපහානං’ නාම. යං පන ඵලක‍්ඛණෙ පටිප‍්පස‍්සද‍්ධත‍්තං කිලෙසානං, එතං ‘පටිප‍්පස‍්සද‍්ධිපහානං’ නාම. යං සබ‍්බසඞ‍්ඛතනිස‍්සටත‍්තා පහීනසබ‍්බසඞ‍්ඛතං නිබ‍්බානං, එතං ‘නිස‍්සරණපහානං’ නාම. සබ‍්බම‍්පි චෙතං පහානං යස‍්මා චාගට‍්ඨෙන පහානං, විනයනට‍්ඨෙන විනයො, තස‍්මා ‘පහානවිනයො’ති වුච‍්චති. තංතංපහානවතො වා තස‍්ස තස‍්ස විනයස‍්ස සම‍්භවතොපෙතං පහානවිනයොති වුච‍්චති. එවං පහානවිනයොපි පඤ‍්චධා භිජ‍්ජතීති වෙදිතබ‍්බො.

උපචාර ප්‍රහාණ භේදය වූ සමාධියෙන් ප්‍රවෘත්තිභාවය නිවාරණයෙන් කළයේ පහරින් දියපිට සෙවෙල් ඔබ මොබ ඈත් වන්නා මෙන් ඒ ඒ නීවරණාදී ධර්මයන්ගේ යම් ප්‍රහාණයක් වේ නම් එය විෂ්කම්භනප්‍රහාණ නම් වේ. සතර ආර්යමාර්ගයන් වඩනා ලද බැවින් ඒ ඒ මාර්ග ඇත්තහුගේ තම සන්තානයෙහි දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිසයැයි ආදී නයින් කියන ලද සමුදයපාක්‍ෂික වූ ක්ලේශ ග්‍රහණයාගේ අත්‍යන්ත අප්‍රවෘත්ති භාවයෙන් යම් ප්‍රහාණයක් වේ නම් එය සමුච්ඡේද ප්‍රහාණ නම් වේ. ඵලක්‍ෂණයෙහි ක්ලේශයන් යම් සංසිඳීමක් වේ නම් එය ප්‍රතිප්‍රසබ්ධිප්‍රහාණය නම් වේ. හේතුවෙන් හටගත් සියල්ලේ නික්මුණු හෙයින් ප්‍රහීණ සියලු සංඛතයන් ඇති යම් නිවනක් වේ නම් එය නිස්සරණප්‍රහාණ නම් වේ. මේ සියලුම ප්‍රහාණය යම්හෙයකින් ත්‍යගාර්ථයෙන් ප්‍රහාණ (නම්) වේද විනයාර්ථයෙන් විනය (නම්) වේ ද එහෙයින් ප්‍රහාණවිනය නම් වේයැයි කියනු ලැබේ. ඒ ඒ ප්‍රහාණයෙන් හෝ ඒ ඒ විනයාගේ ඇතිවීමෙන් ද මෙය ප්‍රහාණවිනය යැයි ද කියනු ලැබේ. මෙසේ ප්‍රහාණවිනය ද පස් අයුරකින් බෙදේ යැයි දතයුතුයි.

එවමයං සඞ‍්ඛෙපතො දුවිධො, භෙදතො ච දසවිධො විනයො, භින‍්නසංවරත‍්තා, පහාතබ‍්බස‍්ස ච අප‍්පහීනත‍්තා, යස‍්මා එතස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස නත්‍ථි, තස‍්මා අභාවතො තස‍්ස, අයං ‘අවිනීතො’ති වුච‍්චතීති. එස නයො සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතොති එත්‍ථාපි. නින‍්නානාකරණඤ‍්හෙතං අත්‍ථතො. යථාහ – “යෙව තෙ අරියා තෙව තෙ සප‍්පුරිසා, යෙව තෙ සප‍්පුරිසා තෙව තෙ අරියා. යො එව සො අරියානං ධම‍්මො සො එව සො සප‍්පුරිසානං ධම‍්මො, යො එව සො සප‍්පුරිසානං ධම‍්මො සො එව සො අරියානං ධම‍්මො. යෙව තෙ අරියවිනයා තෙව තෙ සප‍්පුරිසවිනයා, යෙව තෙ සප‍්පුරිසවිනයා තෙව තෙ අරියවිනයා. අරියෙති වා සප‍්පුරිසෙති වා, අරියධම‍්මෙති වා සප‍්පුරිසධම‍්මෙති වා, අරියවිනයෙති වා සප‍්පුරිසවිනයෙති වා, එසෙසෙ එකෙ එකට‍්ඨෙ සමෙ සමභාගෙ තජ‍්ජාතෙ තඤ‍්ඤෙවා”ති.

මෙසේ සංක්‍ෂේපයෙන් දෙයාකාර වූ ද භෙද වශයෙන් දසවිධ වූ විනය භින්නසංවර හෙයින් ද ප්‍රහාතව්‍යය අප්‍රහීණ බැවින් ද යම්හෙයකින් මේ අශ්‍රැතවත් පෘථග්ජනයාට නැත්තේ ද එහෙයින් ඔහුට ඒ නැතිහෙයින් මෙතෙම අවිනීත යැයි කියනු ලැබේ. ‘සප්පුරිසානං අදස්සාවී සප්පුරිස ධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො’ යන මෙහි ද මේ නයමය. මෙය අර්ථයෙන් නානාකරණයක් නැත. මෙසේද කීහ. යම්කෙනෙක් ඒ ආර්යයෝ නම් ඒ සත්පුරුෂයෝත් ඔව්හුමය. ඒ සත්පුරුෂයෝ යම් කෙනෙක් නම් ඒ ආර්යයෝත් ඔව්හුමය. ඒ ආර්යයන්ගේ ධර්මය යමක් නම් සත්පුරුෂයන්ගේ ධර්මයත් එයමය. යමක් ඒ සත්පුරුෂයන්ගේ ධර්මය නම් ඒ ආර්යයන්ගේ ධර්මයත් එයමය. ඒ ආර්යයන්ගේ විනය යමක් ඒ සත්පුරුෂයන්ගේ විනයත් එයමය. ඒ සත්පුරුෂයන්ගේ විනය යමක් නම් ඒ ආර්යයන්ගේ විනයත් එයමය. ආර්ය කියා හෝ සත්පුරුෂ කියා හෝ ආර්ය ධර්ම කියා හෝ සත්පුරුෂ ධර්ම කියා හෝ ආර්ය වින කියා හෝ සත්පුරුෂ විනය කියා හෝ ඒ ඒ එකක්මය. ඒකාර්ථමය. සමය සමභාගය එයින් උපන්නේය. එයමය යනුයි.

රූපං අත‍්තතො සමනුපස‍්සතීති ඉධෙකච‍්චො රූපං අත‍්තතො සමනුපස‍්සති – ‘යං රූපං සො අහං, යො අහං තං රූප’න‍්ති රූපඤ‍්ච අත‍්තානඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. “සෙය්‍යථාපි නාම තෙලප‍්පදීපස‍්ස ඣායතො යා අච‍්චි සො වණ‍්ණො, යො වණ‍්ණො සා අච‍්චීති අච‍්චිඤ‍්ච වණ‍්ණඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති,” එවමෙව ඉධෙකච‍්චො රූපං අත‍්තතො සමනුපස‍්සතීති එවං රූපං අත‍්තාති දිට‍්ඨිපස‍්සනාය පස‍්සති. රූපවන‍්තං වා අත‍්තානන‍්ති ‘අරූපං අත‍්තා’ති ගහෙත්‍වා, ඡායාවන‍්තං රුක‍්ඛං විය, තං රූපවන‍්තං සමනුපස‍්සති. අත‍්තනි වා රූපන‍්ති ‘අරූපමෙව අත‍්තා’ති ගහෙත්‍වා, පුප‍්ඵම‍්හි ගන්‍ධං විය, අත‍්තනි රූපං සමනුපස‍්සති. රූපස‍්මිං වා අත‍්තානන‍්ති ‘අරූපමෙව අත‍්තා’ති ගහෙත්‍වා, කරණ‍්ඩකෙ මණිං විය, අත‍්තානං රූපස‍්මිං සමනුපස‍්සති. වෙදනාදීසුපි එසෙව නයො.

රූපං අත්තතො සමනුපස්සති යනු මෙහි එක් පුද්ගලයෙක් රූපය ආත්ම වශයෙන් සමව බලයි. රූපය යමක්ද ඒ මමය. යමෙක් මම ද ඒ රූපයයි. රූපයත් ආත්මයත් දෙක සමව බලයි. යම්සේ වනාහි ඇවිලෙන තෙල්පහනක යම් ගින්නක් වේ ද එය වර්ණයයි. යම් වර්ණයක් වේ ද එය ගින්න යැයි ගින්නත් වර්ණයත් දෙකක් නැති සේ සමව බලයි ද, මෙපරිද්දෙන් මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපය ආත්මය වශයෙන් -පෙ- සමානව බලයි යැයි මෙසේ රූපය ආත්මය යැයි දෘෂ්ටි දර්ශනයෙන් බලයි. රූපවන්තං වා අත්තානං යනු ආත්මය අරූප යැයි ගෙන ඡායාව ඇති රුකක් මෙයත් එය රූපවන්තය සේ විමසා බලයි. අත්තනි වා රූපං යනු අරූපයම ආත්මය යැයි ගෙන පුෂ්පයෙහි ගන්‍ධය මෙන් රූපය තමා කෙරෙහි යැයි විමසා බලයි. රූපස්මිං අත්තානං යනු අරූපයම ආත්මය යැයි ගත කරඬුවෙක මැණිකක් සේ ආත්මය රූපයෙහි යැයි සලකා බලයි. වේදනාදීන්හි ද මේ නයමය.

තත්‍ථ ‘රූපං අත‍්තතො සමනුපස‍්සතී’ති සුද‍්ධරූපමෙව අත‍්තාති කථිතං. ‘රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං; වෙදනං අත‍්තතො සමනුපස‍්සති… සඤ‍්ඤං… සඞ‍්ඛාරෙ… විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සතී’ති ඉමෙසු සත‍්තසු ඨානෙසු ‘අරූපං අත‍්තා’ති කථිතං. වෙදනාවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා වෙදනං, වෙදනාය වා අත‍්තානන‍්ති එවං චතූසු ඛන්‍ධෙසු තිණ‍්ණං තිණ‍්ණං වසෙන ද‍්වාදසසු ඨානෙසු ‘රූපාරූපමිස‍්සකො අත‍්තා’ කථිතො. තත්‍ථ ‘රූපං අත‍්තතො සමනුපස‍්සති වෙදනං… සඤ‍්ඤං… සඞ‍්ඛාරෙ… විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සතී’ති ඉමෙසු පඤ‍්චසු ඨානෙසු උච‍්ඡෙදදිට‍්ඨි කථිතා. අවසෙසෙසු සස‍්සතදිට‍්ඨි. එවමෙත්‍ථ පන‍්නරස භවදිට‍්ඨියො පඤ‍්ච විභවදිට‍්ඨියො හොන‍්ති. තා සබ‍්බාපි මග‍්ගාවරණා, න සග‍්ගාවරණා, පඨමමග‍්ගවජ‍්ඣාති වෙදිතබ‍්බා.

එහි රූපං අත්තතො සමනුපස්සති යනු ශුද්ධරූපයම ආත්මය යැයි කියන ලදී. රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං, වෙදනං අත්තනො සමනුපස්සති, සඤ්ඤං - සංඛාරෙ - විඤ්ඤාණං අත්තතො සමනුපස්සති යන මේ ස්ථාන සතෙහි අරූපය ආත්මය යැයි කියන ලදී. වෙදනාවන්තං වා අත්තානං අත්තානං අත්තනි වා වෙදනං වෙදනාය වා අත්තානං යැයි මෙසේ සතර ස්කන්‍ධයන්හි තුන තුන වශයෙන් දොළොස් තැනෙක ආත්මය රූපාරූප මිශ්‍රිතව කියන ලදී. එහි රූපං අත්තතො - වෙදනා සඤ්ඤා - සංඛාරෙ - විඤ්ඤාණං අත්තතො සමනුපස්සති යන (මේ) ස්ථාන පසෙහි උච්ඡේද දෘෂ්ටිය කියන ලදී. අවශේෂ තැන්වල ශාස්වත දෘෂ්ටිය කියන ලදී. මෙසේ මෙහි භවදෘෂ්ටි පසළොසක් (විභව දෘෂ්ටි පසක්) වෙයි. ඒ සියල්ලම මාර්ගාවරණය, ස්වර්ගාවරණ නොවේ. ප්‍රථම මාර්ගයම ද යැයි දතයුතුයි.

සත්‍ථරි කඞ‍්ඛතීති සත්‍ථු සරීරෙ වා ගුණෙ වා උභයත්‍ථ වා කඞ‍්ඛති. සරීරෙ කඞ‍්ඛමානො ‘ද‍්වත‍්තිංසවරලක‍්ඛණපටිමණ‍්ඩිතං නාම සරීරං අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛති. ගුණෙ කඞ‍්ඛමානො ‘අතීතානාගතපච‍්චුප‍්පන‍්නජානනසමත්‍ථං සබ‍්බඤ‍්ඤුතඤාණං අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛති. උභයත්‍ථ කඞ‍්ඛමානො ‘අසීතිඅනුබ්‍යඤ‍්ජනබ්‍යාමප‍්පභානුරඤ‍්ජිතාය සරීරනිප‍්ඵත‍්තියා සමන‍්නාගතො සබ‍්බඤෙය්‍යජානනසමත්‍ථං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣිත්‍වා ඨිතො ලොකතාරකො බුද‍්ධො නාම අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛති. අයඤ‍්හිස‍්ස අත‍්තභාවෙ ගුණෙ වා කඞ‍්ඛනතො උභයත්‍ථ කඞ‍්ඛති නාම. විචිකිච‍්ඡතීති ආරම‍්මණං නිච‍්ඡෙතුං අසක‍්කොන‍්තො කිච‍්ඡති කිලමති. නාධිමුච‍්චතීති තත්‍ථෙව අධිමොක‍්ඛං න ලභති. න සම‍්පසීදතීති චිත‍්තං අනාවිලං කත්‍වා පසීදිතුං න සක‍්කොති, ගුණෙසු නප‍්පසීදති.

සත්‍ථරි කංඛති යනු ශාස්තෲන් වහන්සේගේ ශරීරයෙහි හෝ (උන්වහන්සේගේ) ගුණයෙහි හෝ දෙකෙහිම සැක කරයි. ශරීරයෙහි සැක කරනුයේ ද්වාත්‍රිංශත්වර ලක්‍ෂණයෙන් ප්‍රතිමණ්ඩිත ශරීරයක් නම් ඇද්දෝ හෝ නැද්දැයි සැක කරයි. ගුණයෙහි සැක කරනුයේ අතීත අනාගත වර්තමානය දැනීමට සමත් සර්වඥතාඥානයක් ඇද්දෝ හෝ නැද්දෝ යි සැක කරයි. දෙතැනම සැක කරනුයේ අසූ අනුව්‍යඤ්ජන බ්‍යාමප්‍රභාවෙන් රැඳුණු ශරීර නිෂ්පත්තියෙන් යුත් සියලු ඥෙය්‍ය මණ්ඩලය දැනීමට සමත් සර්වඥතාඥානය සිටි ලෝකයා තරණය කරන බුදුවරයෙක් ඇද්දෝ හෝ නැන්දෝ යි සැක කරයි. මේ වනාහි උන්වහන්සේගේ ආත්මභාවයෙහි ගුණයන් සැකකරන හෙයින් දෙතැනම සැකකරයි නමි. විචිකිච්ඡති යනු අරමුණ නිශ්චය කළ නොහැකිව දුකට පත්වෙයි. වෙහෙසට පත්වෙයි. නාධිමුච්චති යනු එහිම ස්ථිර පිහිටීමක් නො ලබයි. න සම්පසීදති යනු සිත නො කළඹා පැහැදෙන්නට නො හැකි වෙයි. ගුණයන්හි නො පහදී.)

ධම‍්මෙ කඞ‍්ඛතීතිආදීසු පන ‘කිලෙසෙ පජහන‍්තා චත‍්තාරො අරියමග‍්ගා, පටිප‍්පස‍්සද‍්ධකිලෙසානි චත‍්තාරි සාමඤ‍්ඤඵලානි, මග‍්ගඵලානං ආරම‍්මණපච‍්චයභූතං අමතං මහානිබ‍්බානං නාම අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛන‍්තොපි ‘අයං ධම‍්මො නිය්‍යානිකො නු ඛො අනිය්‍යානිකො’ති කඞ‍්ඛන‍්තොපි ධම‍්මෙ කඞ‍්ඛති නාම. ‘චත‍්තාරො මග‍්ගට‍්ඨකා චත‍්තාරො ඵලට‍්ඨකාති ඉදං සඞ‍්ඝරතනං අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛන‍්තොපි, ‘අයං සඞ‍්ඝො සුප‍්පටිපන‍්නො නු ඛො දුප‍්පටිපන‍්නො’ති කඞ‍්ඛන‍්තොපි, ‘එතස‍්මිං සඞ‍්ඝරතනෙ දින‍්නස‍්ස විපාකඵලං අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛන‍්තොපි සඞ‍්ඝෙ කඞ‍්ඛති නාම. ‘තිස‍්සො පන සික‍්ඛා අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛන‍්තොපි, ‘තිස‍්සො සික‍්ඛා සික‍්ඛිතපච‍්චයෙන ආනිසංසො අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛන‍්තොපි සික‍්ඛාය කඞ‍්ඛති නාම.

ධම්මෙ කංඛති යනාදීන්හි වනාහි කෙලෙස් දුරුකරන කෙලෙස් සංසිඳවූ සතර ආර්ය මාර්ගයැයි කියන සතර ශ්‍රාමණ්‍ය ඵල ද මාර්ගඵලයන්ගේ ආරම්මණප්‍රත්‍ය වූ අමාමහ නිවන නම් ඇද්දෝ හෝ නැද්දෝ සැක කරනුයේ ද, මේ ධර්මය නෛර්යාණිකදෝ නැද්දෝ හෝයි සැක කරන්නේ ද ධම්මෙ කංඛති නමි. සතර මාර්ගස්ථ සතර ඵලස්ථ යැයි කියන මේ සංඝරත්නය ඇද්දෝ හෝ නැද්දෝයි සැක කරනුයේ ද මේ සංඝරත්නය සුප්‍රතිපන්න දෝ (දුෂ්ප්‍රති පන්න හෝ) යි සැක කරනුයේ ද මේ සංඝරත්නයෙහි දෙනලද දෙයෙහි ඵලවිපාක ඇද්දෝ හෝ නැද්දෝයි සැකකරනුයේ ද ත්‍රිවිධ ශික්‍ෂා ශික්‍ෂිත ප්‍රත්‍යයෙන් අනුසස් ඇද්දෝ හෝ නැද්දෝයි සැකකරනුයේ ද සික්‍ඛාය කංඛති නමි.

පුබ‍්බන‍්තො වුච‍්චති අතීතානි ඛන්‍ධධාතායතනානි. අපරන‍්තො අනාගතානි. තත්‍ථ අතීතෙසු ඛන්‍ධාදීසු ‘අතීතානි නු ඛො, න නු ඛො’ති කඞ‍්ඛන‍්තො පුබ‍්බන‍්තෙ කඞ‍්ඛති නාම. අනාගතෙසු ‘අනාගතානි නු ඛො, න නු ඛො’ති කඞ‍්ඛන‍්තො අපරන‍්තෙ කඞ‍්ඛති නාම. උභයත්‍ථ කඞ‍්ඛන‍්තො පුබ‍්බන‍්තාපරන‍්තෙ කඞ‍්ඛති නාම. ‘ද‍්වාදසපදිකං පච‍්චයවට‍්ටං අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛන‍්තො ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛති නාම. තත්‍රායං වචනත්‍ථො – ඉමෙසං ජරාමරණාදීනං පච‍්චයා ‘ඉදප‍්පච‍්චයා’. ඉදප‍්පච‍්චයානං භාවො ‘ඉදප‍්පච‍්චයතා’. ඉදප‍්පච‍්චයා එව වා ‘ඉදප‍්පච‍්චයතා’; ජාතිආදීනමෙතං අධිවචනං. ජාතිආදීසු තං තං පටිච‍්ච ආගම‍්ම සමුප‍්පන‍්නාති ‘පටිච‍්චසමුප‍්පන‍්නා’. ඉදං වුත‍්තං හොති – ඉදප‍්පච‍්චයතාය ච පටිච‍්චසමුප‍්පන‍්නෙසු ච ධම‍්මෙසු කඞ‍්ඛතීති.

අතීත ස්කන්‍ධ ධාතු ආයතන පූර්වාන්තය යැයි කියනු ලැබේ. අනාගත ස්කන්‍ධ ධාතු ආයතන අපරාන්තයයි. එහි අතීත ස්කන්ධාදීන්හි අතීදෝ නැද්දෝ යි සැක කරනුයේ පුබ්බන්තෙ කංඛති නමි. අනාගතයන්හි අනාගත දෝ නැද්දෝ යි සැකකරනුයේ අපරන්තෙ කංඛති නමි. ද්වාදශ්පදික ප්‍රත්‍යය වෘත්තය (පටිච්ච සමුප්පාදය) ඇද්දෝ හෝ නැද්දෝ යි සැක කරනුයේ ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෙසු ධම්මෙසු කංඛති නමි. මේ එහි වචනාර්ථයයි. මේ ජරාමරණාදීන්ට ප්‍රත්‍යයෝ = ඉදප්‍රත්‍යයෝ ය. ඉදප්‍රත්‍යයන්ගේ භාවය = ඉදප්‍රත්‍යයතාය, ඉදප්‍රත්‍යයෝම හෝ ඉදප්‍රත්‍යයතා ය. මෙය ජාති ආදීන්ට නමෙකි. ජාති ආදීන්හි ඒ ඒ අංග නිසා පැමිණ උපන්නෝ යනු = පටිච්ච සමුප්පන්නයෝ ය. මෙය කියන ලද්දේ වෙයි. ඉදප්‍රත්‍යතාවෙහි ද පටිච්චසමුප්පන්න ධර්මයන්හි ද සැක කරයි.

සීලෙනාති ගොසීලාදිනා. වතෙනාති ගොවතාදිනාව. සීලබ‍්බතෙනාති තදුභයෙන. සුද‍්ධීති කිලෙසසුද‍්ධි; පරමත්‍ථසුද‍්ධිභූතං වා නිබ‍්බානමෙව. තදෙකට‍්ඨාති ඉධ පහානෙකට‍්ඨං ධුරං. ඉමිස‍්සා ච පාළියා දිට‍්ඨිකිලෙසො විචිකිච‍්ඡාකිලෙසොති ද‍්වෙයෙව ආගතා. ලොභො දොසො මොහො මානො ථිනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති ඉමෙ පන අට‍්ඨ අනාගතා. ආහරිත්‍වා පන දීපෙතබ‍්බා. එත්‍ථ හි දිට‍්ඨිවිචිකිච‍්ඡාසු පහීයමානාසු අපායගමනීයො ලොභො දොසො මොහො මානො ථිනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති සබ‍්බෙපිමෙ පහානෙකට‍්ඨා හුත්‍වා පහීයන‍්ති. සහජෙකට‍්ඨං පන ආහරිත්‍වා දීපෙතබ‍්බං. සොතාපත‍්තිමග‍්ගෙන හි චත‍්තාරි දිට‍්ඨිසහගතානි විචිකිච‍්ඡාසහගතඤ‍්චාති පඤ‍්ච චිත‍්තානි පහීයන‍්ති. තත්‍ථ ද‍්වීසු අසඞ‍්ඛාරිකදිට‍්ඨිචිත‍්තෙසු පහීයන‍්තෙසු තෙහි සහජාතො ලොභො මොහො උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති ඉමෙ කිලෙසා සහජෙකට‍්ඨවසෙන පහීයන‍්ති. සෙසදිට‍්ඨිකිලෙසො ච විචිකිච‍්ඡාකිලෙසො ච පහානෙකට‍්ඨවසෙන පහීයන‍්ති. දිට‍්ඨිගතසම‍්පයුත‍්තසසඞ‍්ඛාරිකචිත‍්තෙසුපි පහීයන‍්තෙසු තෙහි සහජාතො ලොභො මොහො ථිනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති ඉමෙ කිලෙසා සහජෙකට‍්ඨවසෙන පහීයන‍්ති. සෙසදිට‍්ඨිකිලෙසො ච විචිකිච‍්ඡාකිලෙසො ච පහානෙකට‍්ඨවසෙන පහීයන‍්ති. එවං පහානෙකට‍්ඨස‍්මිංයෙව සහජෙකට‍්ඨං ලබ‍්භතීති ඉදං සහජෙකට‍්ඨං ආහරිත්‍වා දීපයිංසු.

සීලෙන යනු ගෝසිලාදියෙන්, වතෙන යනු ගෝව්‍රතාදියෙන්, සීලබ්බතෙන යනු ඒ දෙකින්ම, සද්ධි යනු ක්ලේශ ශුද්ධියයි. පරමාර්ථ ශුද්ධිය වූ නිර්වාණයමැයි. තදෙකට්ඨා යනු මෙහි ප්‍රහාණයේ දී එක්ව සිටි කාර්යයයි. මේ පාළියෙහි දිට්ඨිකිලෙසො විචිකිච්ඡා කිලෙසා යැයි දෙකක්ම ආයේය. ලෝභය ද්වේෂය මෝහය මානය ථිනය උද්ධච්චය අහිරිකය අනොත්තප්පය යන මේ අට නාවේය. අමුතුවෙන් ගෙන දැක්විය යුතුයි. මෙහිදී වනාහි දෘෂ්ටි විචිකිච්ඡා ප්‍රහීන වෙද්දී අපායගාමිනී වූ ලෝභ ද්වේෂ මෝහ මාන ථින උද්ධච්ච අහිරික අනනොත්තප්ප යන මේ සියල්ලම ප්‍රහාණයේ දී එක්ව සිට ප්‍රහීණ වෙයි. සහජේතස්ථයන වනාහි අමුතුවෙන් ගෙන දැක්විය යුතුයි. ශ්‍රෝතාපත්ති මාර්ගයේදී වනාහි දෘෂ්ටි සහගත සතර ද විචිකිච්ඡා සහගතය ද යන සිත් පහ ප්‍රහීණ වෙයි. එහිදී අසංස්කාරික දෘෂ්ටි සිත් දෙක ප්‍රහීණ වෙද්දී ඒ සිත් සමග සහජාත වූ ලෝභය මෝහය උද්ධච්චය අහිරිකය අනොත්තප්පය යන මේ ක්ලේශයෝ සහජේතස්ථ වශයෙන් ප්‍රහීණ වෙත්. අවශේෂ දෘෂ්ටි ක්ලේශයෝ ද විචිකිච්ඡා ක්ලේශය ද පහාණෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙත්. දෘෂ්ටි සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත් ප්‍රහීණ වෙද්දී ඔවුන් හා සහජාත වූ ලෝභය මෝහය ථිනය උද්ධච්චය අහිරිකය අනොතප්පය යන මේ ක්ලේශයෝ සහජෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙත්. අවශේෂ දෘෂ්ටි සහ ක්ලේශ ද විචිකිච්ඡා ක්ලේශය ද පහාණොකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙයි. මෙසේ පහාණෙකට්ඨයෙහිම සහජේකට්ඨය ද ලැබේ යැයි මේ සහජේකට්ඨය ගෙන දැක්වූහ.

තංසම‍්පයුත‍්තොති තෙහි තදෙකට‍්ඨෙහි අට‍්ඨහි කිලෙසෙහි සම‍්පයුත‍්තො. විනිබ‍්භොගං වා කත්‍වා තෙන ලොභෙන තෙන දොසෙනාති එවං එකෙකෙන සම‍්පයුත‍්තතා දීපෙතබ‍්බා. තත්‍ථ ලොභෙ ගහිතෙ, මොහො මානො ථිනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති අයං සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙ කිලෙසගණො ලොභසම‍්පයුත‍්තො නාම. දොසෙ ගහිතෙ, මොහො ථිනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති අයං කිලෙසගණො දොසසම‍්පයුත‍්තො නාම. මොහෙ ගහිතෙ, ලොභො දොසො මානො ථිනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති අයං කිලෙසගණො මොහසම‍්පයුත‍්තො නාම. මානෙ ගහිතෙ, තෙන සහුප‍්පන‍්නො ලොභො මොහො ථිනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති අයං කිලෙසගණො මානසම‍්පයුත‍්තො නාම. ඉමිනා උපායෙන තෙන ථිනෙන තෙන උද‍්ධච‍්චෙන තෙන අහිරිකෙන තෙන අනොත‍්තප‍්පෙන සම‍්පයුත‍්තො තංසම‍්පයුත‍්තොති යොජනා කාතබ‍්බා. තංසමුට‍්ඨානන‍්ති තෙන ලොභෙන…පෙ… තෙන අනොත‍්තප‍්පෙන සමුට‍්ඨිතන‍්ති අත්‍ථො.

තංසම්පයුත්තො යනු තදේකට්ඨ වූ එයින් අන්‍ය වූ ඒ කෙලෙස් අට සමග සයුක්ත වූයේ, බෙදා වෙන්කොට හෝ ඒ ලෝභය සමග ඒ ද්වේෂය සමග යැයි මෙසේ එකින් එක සම්ප්‍රයුක්ත බව දැක්විය යුතුයි. එහිදී ලෝභය ගත්කල්හි මෝහය මානය ථිනය උද්ධච්චය අහිරිකය අනොත්තප්පය යන මේ ක්ලේශප්‍රහාණය ද්වේෂ සම්ප්‍රයුක්ත නමි. මෝහය ගත්කල්හි ලෝභය ද්වේෂය මානය ථීනය උද්ධච්චය අහිරිකය අනොත්තප්පය යන මේ ක්ලේශප්‍රහාණය මෝහ සම්ප්‍රයුක්ත නම් වේ. මානය ගත්කල්හි එය හා සම්ප්‍රයුක්ත ලෝභය මෝහය ථිනය උද්ධච්චය අහිරිකය අනොත්තප්පය යන මේ ක්ලේශප්‍රහාණය මාන සම්ප්‍රයුක්ත නමි. මේ උපායෙන් ඒ ටීනය සමග ඒ උද්ධච්චය සමග ඒ අහිරිකය සමග ඒ අනොත්තප්පය සමග සම්ප්‍රයුක්ත වූයේ තංසම්පයුත්තො යැයි යෝජනා කළයුතුයි. තංසමුට්ඨානං යනු ඒ මෝහය සමග -පෙ- ඒ අනොත්තප්පය සමග හටගත් යන අර්ථයි.

ඉමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බාති එත්‍ථ දස‍්සනං නාම සොතාපත‍්තිමග‍්ගො; තෙන පහාතබ‍්බාති අත්‍ථො. ‘කස‍්මා පන සොතාපත‍්තිමග‍්ගො දස‍්සනං නාම ජාතො’ති? ‘පඨමං නිබ‍්බානදස‍්සනතො’. ‘නනු ගොත්‍රභු පඨමතරං පස‍්සතී’ති ? ‘නො න පස‍්සති; දිස‍්වාපි කත‍්තබ‍්බකිච‍්චං පන න කරොති, සංයොජනානං අප‍්පහානතො. තස‍්මා පස‍්සතී’ති න වත‍්තබ‍්බො. යත්‍ථ කත්‍ථචි රාජානං දිස‍්වාපි පණ‍්ණාකාරං දත්‍වා කිච‍්චනිප‍්ඵත‍්තියා අදිට‍්ඨත‍්තා ‘අජ‍්ජාපි රාජානං න පස‍්සාමී’ති වදන‍්තො චෙත්‍ථ ජානපදපුරිසො නිදස‍්සනං.

ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බා යන මෙහි දර්ශනය නම් සෝවාන් මගයි. එයින් පහකළයුතු යන අර්ථයි. කෙසේ නම් සෝවාන් මග දර්ශන නම් වී ද යත්, පළමුවෙන් නිවන් දක්නා හෙයිනි. ගෝත්‍රභූ ඥානය පළමුවෙන් නො දක්නේ ද? නො දක්නේ නොවේ. දැක ද කළයුතු කිස නො කරයි. සංයෝජනයන් අප්‍රහීණ හෙයිනි. එහෙයින් දකීයැයි නො කියයුතුයි. යම්කිසි තැනකදී රජු දැකත් පඬුරු දී කිස නිමවීමක් නො දුටු හෙයින් රජු නො දිටිමියි කියන ජානපදික පුරුෂයා අදත් මෙහිදී නිදසුනකි.

අවසෙසො ලොභොති දස‍්සනෙන පහීනාවසෙසො. ලොභො දොසමොහෙසුපි එසෙව නයො. දස‍්සනෙන හි අපායගමනීයාව පහීනා. තෙහි පන අඤ‍්ඤෙ දස‍්සෙතුං ඉදං වුත‍්තං. ‘තදෙකට‍්ඨා’ති තෙහි පාළියං ආගතෙහි තීහි කිලෙසෙහි සම‍්පයොගතොපි පහානතොපි එකට‍්ඨා පඤ‍්ච කිලෙසා. නෙව දස‍්සනෙන න භාවනායාති ඉදං සංයොජනාදීනං විය තෙහි මග‍්ගෙහි අප‍්පහාතබ‍්බතං සන්‍ධාය වුත‍්තං. යං පන “සොතාපත‍්තිමග‍්ගඤාණෙන අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණස‍්ස නිරොධෙන සත‍්ත භවෙ ඨපෙත්‍වා අනමතග‍්ගෙ සංසාරවට‍්ටෙ යෙ උප‍්පජ‍්ජෙය්‍යුං, නාමඤ‍්ච රූපඤ‍්ච එත්‍ථෙතෙ නිරුජ‍්ඣන‍්තී”තිආදිනා නයෙන කුසලාදීනම‍්පි පහානං අනුඤ‍්ඤාතං, තං තෙසං මග‍්ගානං අභාවිතත‍්තා යෙ උප‍්පජ‍්ජෙය්‍යුං, තෙ උපනිස‍්සයපච‍්චයානං කිලෙසානං පහීනත‍්තා පහීනාති ඉමං පරියායං සන්‍ධාය වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

අවසෙසො ලොභො යනු සෝවාන් මගින් ප්‍රහීණ කොට අවශේෂ වූ (ලෝභයයි) ද්වේෂ මෝහයන්හිද මේ නයමය. සෝවාන් මගින් අපායගාමී ක්ලේශයෝම ප්‍රහීණයහ. එයින් අන්‍ය කෙලෙස් දක්වන්නට මේ තදෙකට්ඨා යන්න කියන ලදී. පාළියෙහි ආ එකී ක්ලේශත්‍රය සමග සම්ප්‍රයුක්ත හෙයින් ද ප්‍රහාණයෙන් ද පංච ක්ලේශයෝ ඒකට්ඨයහ. නෙවදස්සනෙන න භාවනාය යන මෙය සංයෝජනාදීන් මෙන් ඒ මාර්ගයන්ගෙන් ප්‍රහාණ නොකළ යුතු බව සඳහා කියන ලදී. ශ්‍රෝතාපත්ති මාර්ගඥානයෙන් අභිසංස්කාර විඥානය නිරෝධ කිරීමෙන් යම්කෙනෙක් අනවරාග්‍ර සංසාරයෙහි සත්භවයක් උපදිත් ද, එහිදී ඔව්හු නාමයත් රූපයත් නිරුද්ධ කෙරෙත් යැයි යනාදී නයින් කුශලාදීන්ගේ යම් ප්‍රහාණයක් අනුදන්නා ලද ද, එය යම්කෙනෙක් එකී මාර්ගයන් නොවැඩූ හෙයින් උපදිත් ද ඔව්හු උපනිශ්‍රය ප්‍රත්‍යය වූ ක්ලේශයන්ගේ ප්‍රහාණයෙන් ප්‍රහීණයහයි මේ පර්යාය සඳහා කියන ලදැයි දතයුතුයි.

දස‍්සනෙනපහාතබ‍්බහෙතුකත‍්තිකෙ ඉමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බහෙතුකාති නිට‍්ඨපෙත්‍වා, පුන ‘තීණි සංයොජනානී’තිආදි පහාතබ‍්බෙ දස‍්සෙත්‍වා, තදෙකට‍්ඨභාවෙන හෙතූ චෙව සහෙතුකෙ ච දස‍්සෙතුං වුත‍්තං. තත්‍ථ ‘කිඤ‍්චාපි දස‍්සනෙන පහාතබ‍්බෙසු හෙතූසු ලොභසහගතො මොහො ලොභෙන සහෙතුකො හොති, දොසසහගතො මොහො දොසෙන, ලොභදොසා ච මොහෙනාති පහාතබ‍්බහෙතුකපදෙපෙතෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති, විචිකිච‍්ඡාසහගතො පන මොහො අඤ‍්ඤස‍්ස සම‍්පයුත‍්තහෙතුනො අභාවෙන හෙතුයෙව, න සහෙතුකොති තස‍්ස පහානං දස‍්සෙතුං ඉමෙ ධම‍්මා දස‍්සනෙන පහාතබ‍්බහෙතූ’ති වුත‍්තං.

දස්සනෙන පහාතබ්බ හෙතුකත්තිකයෙහි ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතූකා යැයි නිමවා නැවත තීණිසංයොජනානි යනාදී ප්‍රහාතව්‍යයන් දක්වා තදේකස්ථභාවයෙන් හේතුවෙන්ම සහේතුකයන් ද දක්වන්නට කියන ලදී. එහි දර්ශනයෙන් ප්‍රහාතව්‍ය හේතූන් අතර ලෝභ සහගත මෝහය ලෝභය සමග සහේතුක වෙනත් ද්වේෂ සහගතය. ද්වේෂය සමග ද ලෝභ ද්වේෂ දෙක මෝහය සමගදැයි මොව්හු ප්‍රහාතව්‍යහේතුක ප්‍රදේශයෙහි ද සංග්‍රහයට ගියත්, විචිකිච්ඡා සහගත මෝහය වනාහි අන්‍ය සම්ප්‍රයුක්ත හේතුවක් නැති හෙයින් හේතුවම නහේතුක යැයි එහි ප්‍රහාණය දැක්වීමට නැවත ඉමෙ ධම්මා දස්සනෙන පහාතබ්බහෙතු යැයි කියන ලදී.

දුතියපදෙ උද‍්ධච‍්චසහගතස‍්ස මොහස‍්ස පහානං දස‍්සෙතුං ඉමෙ ධම‍්මා භාවනාය පහාතබ‍්බහෙතූති වුත‍්තං. සො හි අත‍්තනා සම‍්පයුත‍්තධම‍්මෙ සහෙතුකෙ කත්‍වා පිට‍්ඨිවට‍්ටකො ජාතො, විචිකිච‍්ඡාසහගතො විය අඤ‍්ඤස‍්ස සම‍්පයුත‍්තහෙතුනො අභාවා පහාතබ‍්බහෙතුකපදං න භජති. තතියපදෙ අවසෙසා අකුසලාති පුන අකුසලග‍්ගහණං විචිකිච‍්ඡුද‍්ධච‍්චසහගතානං මොහානං සඞ‍්ගහත්‍ථං කතං. තෙ හි සම‍්පයුත‍්තහෙතුනො අභාවා පහාතබ‍්බහෙතුකා නාම න හොන‍්ති.

දෙවන පදයෙහි උද්ධච්ච සහගත මෝහයාගේ ප්‍රහාණය දක්වන්නට ඉමෙ ධම්මා භාවනා පහාතබ්බහෙතු යැයි කියන ලදී. එය වනාහි තමා සමග සම්ප්‍රයුක්ත ධර්මයන් සහේතුක කොට පිටත හැසිරෙන්නෙක් විය. විචිකිච්ඡා සහගත (මෝහය) මෙන් අන්‍ය සම්ප්‍රයුක්ත හේතුවක් නැති හෙයින් පහාතබ්බහේතුක පදය භජනය නො කරයි. තෙවන පදයෙහි අවසෙසා අකුසලා යැයි නැවත අකුශල ග්‍රහණය යුක්ත හේතුහුගේ විචිකිච්ඡා උද්ධච්ච සහගත මෝහයන්ගේ සංග්‍රහය පිණිස කරන ලදී. ඔවුන් හා සහේතුවක් නැති හෙයින් ප්‍රහාතව්‍ය හේතුකයෝ නම් නැත්තාහ.

පරිත‍්තාරම‍්මණත‍්තිකෙ ආරබ‍්භාති ආරම‍්මණං කත්‍වා. සයඤ‍්හි පරිත‍්තා වා හොන‍්තු මහග‍්ගතා වා, පරිත‍්තධම‍්මෙ ආරම‍්මණං කත්‍වා උප‍්පන‍්නා පරිත‍්තාරම‍්මණා, මහග‍්ගතෙ ආරම‍්මණං කත්‍වා උප‍්පන‍්නා මහග‍්ගතාරම‍්මණා, අප‍්පමාණෙ ආරම‍්මණං කත්‍වා උප‍්පන‍්නා අප‍්පමාණාරම‍්මණා. තෙ පන පරිත‍්තාපි හොන‍්ති මහග‍්ගතාපි අප‍්පමාණාපි.

පරිත්තාරම්මණාතිකයෙහි අරබ්භ යනු අරමුණුකොට, තමා වනාහි අල්ප හෝ මහග්ගත හෝ වෙත්වා අල්ප ධර්මයන් අරමුණුකොට උපන්නෝ පරිත්තාරම්මණා ය. මහද්ගතයන් අරමුණු කොට උපන්නෝ මහග්ගතාරම්මණා ය. අප්‍රමාණ ධර්මයන් අරමුණුකොට උපන්නෝ අප්පමාණාරම්මණා ය. ඔව්හු වනාහි ස්වල්ප ද මහද්ගත ද අප්‍රමාණ ද වෙත්.

මිච‍්ඡත‍්තත‍්තිකෙ ආනන‍්තරිකානීති අනන‍්තරායෙන ඵලදායකානි; මාතුඝාතකකම‍්මාදීනමෙතං අධිවචනං. තෙසු හි එකස‍්මිම‍්පි කම‍්මෙ කතෙ තං පටිබාහිත්‍වා අඤ‍්ඤං කම‍්මං අත‍්තනො විපාකස‍්ස ඔකාසං කාතුං න සක‍්කොති. සිනෙරුප‍්පමාණෙපි හි සුවණ‍්ණථූපෙ කත්‍වා චක‍්කවාළමත‍්තං වා රතනමයපාකාරං විහාරං කාරෙත්‍වා තං පූරෙත්‍වා නිසින‍්නස‍්ස බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස යාවජීවං චත‍්තාරො පච‍්චයෙ දදතොපි තං කම‍්මං එතෙසං කම‍්මානං විපාකං පටිබාහෙතුං න සක‍්කොති එව. යා ච මිච‍්ඡාදිට‍්ඨි නියතාති අහෙතුකවාදඅකිරියවාදනත්‍ථිකවාදෙසු අඤ‍්ඤතරා. තඤ‍්හි ගහෙත්‍වා ඨිතං පුග‍්ගලං බුද‍්ධසතම‍්පි බුද‍්ධසහස‍්සම‍්පි බොධෙතුං න සක‍්කොති.

මිථ්‍යාත්‍රිකයෙහි ආනන්තරිකානී යනු අනතුරුව ඵල ගෙන දෙන්නා වූ, මාතෘඝාතක කර්මාදීන්ට මෙය නමෙකි. ඒ අතුරෙන් එක් කර්මයක් හෝ කළ කල්හි එය වළක්වා තම කර්මයට අවකාශ ලබාගැනීම අන්‍ය කර්මයක් සමර්ථ නොවෙයි. මහමෙර පමණ ස්වරණ ස්තූප කොට ද සක්වළ පමණ රත්නමය ප්‍රකාර සහිත විහාරයක් කොට එය පුරවා වැඩසිටි බුදුපාමොක් බික්සඟනට දිවිහිමියෙන් සිව්පසය දෙන්නාගේ ද ඒ කර්මය ද මේ කර්මයන්ගේ විපාකය වළක්වන්ට නොහැක්කේමය. යාච මිච්ඡාදිට්ඨි නියතා යනු අහේතුකවාදය අකිරිය වාදය නාස්තිකවාදය යන වාදයන් අතුරෙන් එක්තරා වාදයක්, එය ගෙන සිටි පුද්ගලයාට සියයක් බුදුවරු හෝ දහසක් බුදුවරු අවබෝධ කරවන්නට නො හැක්කෝ වෙත්.

මග‍්ගාරම‍්මණත‍්තිකෙ අරියමග‍්ගං ආරබ‍්භාති ලොකුත‍්තරමග‍්ගං ආරම‍්මණං කත්‍වා. තෙ පන පරිත‍්තාපි හොන‍්ති මහග‍්ගතාපි.

මාර්ගාරම්මණාත්‍රිකයෙහි අරිය මග්ගං ආරබ්භ යනු ලෝකෝත්තර මාර්ගය අරමුණු කොට, ඔව්හු වනාහි පරිත්ත ද මහද්ගතද වෙත්.

මග‍්ගහෙතුකනිද‍්දෙසෙ පඨමනයෙන පච‍්චයට‍්ඨෙන හෙතුනා මග‍්ගසම‍්පයුත‍්තානං ඛන්‍ධානං සහෙතුකභාවො දස‍්සිතො. දුතියනයෙන මග‍්ගභූතෙන සම‍්මාදිට‍්ඨිසඞ‍්ඛාතෙන හෙතුනා සෙසමග‍්ගඞ‍්ගානං සහෙතුකභාවො දස‍්සිතො. තතියනයෙන මග‍්ගෙ උප‍්පන‍්නහෙතූහි සම‍්මාදිට‍්ඨියා සහෙතුකභාවො දස‍්සිතොති වෙදිතබ‍්බො.

මාර්ගහේතුක නිර්දේශයෙහි ප්‍රත්‍යාර්ථ හේතු වූ ප්‍රථම නයින් මාර්ග සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ගේ සහේතුකභාවය දක්වන ලදී. සම්‍යක් දෘෂ්ටි සංඛ්‍යාත මාර්ගභූත හේතුව වූ ද්විතීය නයින් අවශේෂ මාර්ගයන්ගේ සහේතුකභාවය දක්වන ලදී. මාර්ගයෙහි උපන් හේතූන්ගෙන් සම්‍යක් දෘෂ්ටියෙහි සහේතුකභාවය දක්වන ලදැයි දතයුතුයි.

අධිපතිං කරිත්‍වාති ආරම‍්මණාධිපතිං කත්‍වා. තෙ ච ඛො පරිත‍්තධම‍්මාව හොන‍්ති. අරියසාවකානඤ‍්හි අත‍්තනො මග‍්ගං ගරුං කත්‍වා පච‍්චවෙක‍්ඛණකාලෙ ආරම‍්මණාධිපති ලබ‍්භති. චෙතොපරියඤාණෙන පන අරියසාවකො පරස‍්ස මග‍්ගං පච‍්චවෙක‍්ඛමානො ගරුං කරොන‍්තොපි අත‍්තනා පටිවිද‍්ධමග‍්ගං විය ගරුං න කරොති. ‘යමකපාටිහාරියං කරොන‍්තං තථාගතං දිස‍්වා තස‍්ස මග‍්ගං ගරුං කරොති න කරොතී’ති? කරොති, න පන අත‍්තනො මග‍්ගං විය. අරහා න කිඤ‍්චි ධම‍්මං ගරුං කරොති ඨපෙත්‍වා මග‍්ගං ඵලං නිබ‍්බානන‍්ති. එත්‍ථාපි අයමෙවත්‍ථො. වීමංසාධිපතෙය්‍යන‍්ති ඉදං සහජාතාධිපතිං දස‍්සෙතුං වුත‍්තං. ඡන්‍දඤ‍්හි ජෙට‍්ඨකං කත්‍වා මග‍්ගං භාවෙන‍්තස‍්ස ඡන්‍දො අධිපති නාම හොති, න මග‍්ගො. සෙසධම‍්මාපි ඡන්‍දාධිපතිනො නාම හොන‍්ති, න මග‍්ගාධිපතිනො. චිත‍්තෙපි එසෙව නයො. වීමංසං පන ජෙට‍්ඨකං කත්‍වා මග‍්ගං භාවෙන‍්තස‍්ස වීමංසාධිපති චෙව හොති මග‍්ගො චාති. සෙසධම‍්මා මග‍්ගාධිපතිනො නාම හොන‍්ති. වීරියෙපි එසෙව නයො.

අධිපතිං කත්‍වා යනු අරමුණ අධිපතිකොට, ඔව්හු වනාහි පරිණත ස්වභාවයම ඇත්තෝ වෙත්. ආර්යශ්‍රාවකයන්ට වනාහි තමාගේ මාර්ගය ගරුකොට ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි ආරම්මණාධිත්වය ලැබේ. ආර්යශ්‍රාවක තම චේතනාපරියා ඤාණයෙන් අන්‍යයාගේ මාර්ගය ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ගරු කරන්නේ නමුදු තමා විසින් ප්‍රතිවේධ කළ මාර්ගය (මෙන්) ගරු නො කරයි. යමාමහ පෙළහර පානා තථාගතයන් වහන්සේ දැක උන්වහන්සේගේ මාර්ගය ගරු කරයි ද, නො කරයිද යත්, කරයි. තමාගේ මාර්ගය මෙන් නොවේ. රහතන් වහන්සේ වනාහි මාර්ගඵලයත් නිවනත් හැර කිසිදු ධර්මයක් ගරු නො කරති. මෙහි ද මේ අර්ථයමය. වීමංසාධිපතෙය්‍යෙන යන මෙය සහජාතාධිපති දක්වන්නට කියන ලදී. ඡන්‍දය ජ්‍යෙෂ්ඨ කොට මාර්ගය වඩන්නහුගේ වනාහි ඡන්‍දය අධිපති නම් වේ. මාර්ගය අධිපති නොවේ. සෙසු ධර්මයෝ ද ඡන්‍දාධිපති නම් වෙත්. මාර්ගාධිපති නො වෙත්. සිතෙහි ද මේ නයමය. වීමංසාව ජ්‍යෙෂ්ඨ කොට මාර්ගය වඩන්නහුට වීමංසාව මෙන්ම මාර්ගය ද අධිපති වෙයි. අවශේෂ ධර්මයෝ මාර්ගාධිපති නම් වෙත්. වීර්යයෙහි ද මේ නයමය.

උප‍්පන‍්නත‍්තිකනිද‍්දෙසෙ ජාතාති නිබ‍්බත‍්තා, පටිලද‍්ධත‍්තභාවා. භූතාතිආදීනි තෙසංයෙව වෙවචනානි. ජාතා එව හි භාවප‍්පත‍්තියා භූතා. පච‍්චයසංයොගෙ ජාතත‍්තා සඤ‍්ජාතා. නිබ‍්බත‍්තිලක‍්ඛණප‍්පත‍්තත‍්තා නිබ‍්බත‍්තා. උපසග‍්ගෙන පන පදං වඩ‍්ඪෙත්‍වා අභිනිබ‍්බත‍්තාති වුත‍්තා. පාකටීභූතාති පාතුභූතා. පුබ‍්බන‍්තතො උද‍්ධං පන‍්නාති උප‍්පන‍්නා. උපසග‍්ගෙන පදං වඩ‍්ඪෙත්‍වා සමුප‍්පන‍්නාති වුත‍්තා. නිබ‍්බත‍්තට‍්ඨෙනෙව උද‍්ධං ඨිතාති උට‍්ඨිතා. පච‍්චයසංයොගෙ උට‍්ඨිතාති සමුට‍්ඨිතා. පුන උප‍්පන‍්නාතිවචනෙ කාරණං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. උප‍්පන‍්නංසෙන සඞ‍්ගහිතාති උප‍්පන‍්නකොට‍්ඨාසෙන ගණනං ගතා. රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති ඉදං නෙසං සභාවදස‍්සනං. දුතියපදනිද‍්දෙසො වුත‍්තපටිසෙධනයෙන වෙදිතබ‍්බො. තතියපදනිද‍්දෙසො උත‍්තානත්‍ථොයෙව.

උප්පන්නත්තික නිර්දේශයෙහි ජාතා යනු උපන්නෝ ය. ලබන ලද ආත්මභාවය ඇත්තෝ ය. භූතා යනාදීහු ද ඔවුන්ටම පර්යාය වචනයෝ ය. ජාතයෝම වනාහි භාවොත්පතියෙන් භූතයහ. ප්‍රත්‍ය සංයෝගයෙහි උපන් හෙයින් සඤ්ජාතයහ. නිෂ්පත්ති ලක්‍ෂණප්‍රාප්ත හෙයින් නිබ්බතයහ. උපසර්ගයෙන් පදය දියුණු කොට නිබ්බත්තා යැයි කියන ලදී. පාකටභූතා යනු පහළවූවාහු ය. පූර්වාන්තයෙන් උඩට පත්වූවෝ යනු = උප්පන්නා ය. උපසර්ගයෙන් පදය දියුණුකොට සමුප්පන්නා යැයි කියන ලදී. නිෂ්පන්නාර්ථයෙන්ම උඩ සිටියාහු යනු උට්ඨිතා ය. ප්‍රත්‍යය සංයෝගයෙන් උඩ සිටියාහු යනු = සමුට්ඨිතා ය. නැවත උපන්නෝ යන වචනයෙහි කාරණය යට කියන ලද නයින්ම දතයුතුයි. උප්පන්නංසෙන සංගගීතා යනු උපන් කොටසින් ගණන් ගත්, රූපවෙදනා සඤ්ඤාය සංඛාර විඤ්ඤාණං යන මෙය ඔවුන්ගේ ස්වභාවය දැක්වීම ය. ද්විතීය පද නිර්දේශය කියන ලද්ද ප්‍රතිෂේධ නයින් දතයුතුයි. තෘතීයපද නිර්දේශය ප්‍රකට අර්ථ ඇත්තේමය.

අයං පන තිකො ද‍්වින‍්නං අද‍්ධානං වසෙන පූරෙත්‍වා දස‍්සිතො. ලද‍්ධොකාසස‍්ස හි කම‍්මස‍්ස විපාකො දුවිධො – ඛණප‍්පත‍්තො, ච අප‍්පත‍්තො ච. තත්‍ථ ‘ඛණප‍්පත‍්තො’ උප‍්පන‍්නො නාම. ‘අප‍්පත‍්තො’ චිත‍්තානන‍්තරෙ වා උප‍්පජ‍්ජතු, කප‍්පසතසහස‍්සාතික‍්කමෙ වා. ධුවපච‍්චයට‍්ඨෙන නත්‍ථි නාම න හොති, උප‍්පාදිනො ධම‍්මා නාම ජාතො. යථා හි – “තිට‍්ඨතෙව සායං, පොට‍්ඨපාද, අරූපී අත‍්තා සඤ‍්ඤාමයො . අථ ඉමස‍්ස පුරිසස‍්ස අඤ‍්ඤා ච සඤ‍්ඤා උප‍්පජ‍්ජන‍්ති අඤ‍්ඤා ච සඤ‍්ඤා නිරුජ‍්ඣන‍්තී”ති (දී· නි· 1.419). එත්‍ථ ආරුප‍්පෙ කාමාවචරසඤ‍්ඤාපවත‍්තිකාලෙ කිඤ‍්චාපි මූලභවඞ‍්ගසඤ‍්ඤා නිරුද‍්ධා කාමාවචරසඤ‍්ඤාය පන නිරුද‍්ධකාලෙ අවස‍්සං සා උප‍්පජ‍්ජිස‍්සතීති අරූපසඞ‍්ඛාතො අත‍්තා නත්‍ථීති සඞ‍්ඛ්‍යං අගන‍්ත්‍වා ‘තිට‍්ඨතෙව’ නාමාති ජාතො. එවමෙව ලද‍්ධොකාසස‍්ස කම‍්මස‍්ස විපාකො දුවිධො…පෙ… ධුවපච‍්චයට‍්ඨෙන නත්‍ථි නාම න හොති, උප‍්පාදිනො ධම‍්මා නාම ජාතො.

මේ ත්‍රිකය වනාහි අද්ධානද්වය වශයෙන් පුරවා දක්වන ලදී. ලබන ලද අවකාශ ඇති කර්මයාගේ විපාකය ක්‍ෂණප්‍රාප්තය අප්‍රාප්තය වශයෙන් ද්විධය. එහි උපන්නේ ක්‍ෂණප්‍රාප්ත නමි. අප්‍රාප්තවිපාකය සිත් අතර හෝ කල්ප ලක්‍ෂයක් ඉක්මවා හෝ උපන්නත් ධ්‍රැවප්‍රත්‍ය හේතුවෙන් නැත්තේ නම් නොවෙයි. උපදනා ධර්මයෝ නම් වෙයි. එහෙයින් මෙසේ වදාළහ. ‘පොට්ඨපාදය, මේ අරූපී සංඥාමය ආත්මය ආත්මය සිටිනේමය. ඉක්බිති මේ පුරුෂයාගේ අන්‍ය වූ ම සංඥාවෝ උපදිත්. අන්‍ය වූ ම සංඥාවෝ නිරුද්ධ වෙත්’ යනුයි. මේ අරූපාවචරයෙහි කාමාවචර සංඥා ප්‍රවෘත්ති කාලයෙහි මූලභවංග සංඥා ද නිරුද්ධ වුවත්, කාමාවචර සංඥාව නිරුද්ධ කාලයෙහි වනාහි අවශ්‍යයෙන්ම එය උපදනේ යැයි ද අරූපසංඛ්‍යාත ආත්මය නැත්තේය යන ගණනට නොගොස් සිටිනේම යැයි නම් විය. මෙපරිද්දෙන් ලබන ලද අවකාශ ඇති කර්මයාගේ විපාකය ද්විධය. -පෙ- ධ්‍රැව ප්‍රත්‍ය හේතුවෙන් නැත්තේ නම් නොවෙයි. උපදිනා ධර්මයෝ යැයි නම් විය.

යදි පන ආයූහිතං කුසලාකුසලකම‍්මං සබ‍්බං විපාකං දදෙය්‍ය, අඤ‍්ඤස‍්ස ඔකාසො න භවෙය්‍ය. තං පන දුවිධං හොති – ධුවවිපාකං, අධුවවිපාකඤ‍්ච. තත්‍ථ පඤ‍්ච ආනන‍්තරියකම‍්මානි, අට‍්ඨ සමාපත‍්තියො, චත‍්තාරො අරියමග‍්ගාති එතං ‘ධුවවිපාකං’ නාම. තං පන ඛණප‍්පත‍්තම‍්පි අත්‍ථි, අප‍්පත‍්තම‍්පි. තත්‍ථ ‘ඛණප‍්පත‍්තං’ උප‍්පන‍්නං නාම. ‘අප‍්පත‍්තං’ අනුප‍්පන‍්නං නාම. තස‍්ස විපාකො චිත‍්තානන‍්තරෙ වා උප‍්පජ‍්ජතු කප‍්පසතසහස‍්සාතික‍්කමෙ වා. ධුවපච‍්චයට‍්ඨෙන අනුප‍්පන‍්නං නාම න හොති, උප‍්පාදිනො ධම‍්මා නාම ජාතං. මෙත‍්තෙය්‍යබොධිසත‍්තස‍්ස මග‍්ගො අනුප‍්පන‍්නො නාම, ඵලං උප‍්පාදිනො ධම‍්මායෙව නාම ජාතං.

යම්හෙයකින් වනාහි රැස්කරන ලද සියලු කුශලාකුශල කර්මය විපාක දෙන්නේ ද අන්‍ය කර්මයකට අවකාශ නො වන්නේ ද, එය වනාහි ධ්‍රැවවිපාක අධ්‍රැවවිපාක වශයෙන් ද්විධ වෙයි. එහි පංචානන්තරිය කර්ම අෂ්ට සමාපත්ති සතර ආර්යමාර්ගය යන මේ ධ්‍රැවවිපාක නමි. එය වනාහි ක්‍ෂණප්‍රාප්ත ද ඇත. අප්‍රාප්ත ද ඇත. එහි ක්‍ෂණ ප්‍රාප්තය උප්පන්න නමි. අප්‍රාප්තය අනුප්පන්න නමි. එහි විපාකය චිත්තානන්තරයෙහි හෝ කල්ප ලක්‍ෂයක් ඉක්ම හෝ උපදීවා. ධ්‍රැව ප්‍රත්‍ය හේතුවෙන් අනුප්පන්න නම් නො වෙයි. උපදනා ධර්ම නම් විය. මෛත්‍රිය බෝසතුන්ගේ මාර්ගය නූපන්නේ නමි. ඵලය උපදනා ධර්මයෝම යැයි නම් විය.

අතීතත‍්තිකනිද‍්දෙසෙ අතීතාති ඛණත‍්තයං අතික‍්කන‍්තා. නිරුද‍්ධාති නිරොධප‍්පත‍්තා. විගතාති විභවං ගතා, විගච‍්ඡිතා වා. විපරිණතාති පකතිවිජහනෙන විපරිණාමං ගතා. නිරොධසඞ‍්ඛාතං අත්‍ථං ගතාති අත්‍ථඞ‍්ගතා. අබ‍්භත්‍ථඞ‍්ගතාති උපසග‍්ගෙන පදං වඩ‍්ඪිතං. උප‍්පජ‍්ජිත්‍වා විගතාති නිබ‍්බත‍්තිත්‍වා විගච‍්ඡිතා. පුන අතීතවචනෙ කාරණං හෙට‍්ඨා වුත‍්තමෙව. පරතො අනාගතාදීසුපි එසෙව නයො. අතීතංසෙන සඞ‍්ගහිතාති අතීතකොට‍්ඨාසෙන ගණනං ගතා. කතමෙ තෙති? රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං. පරතො අනාගතාදීසුපි එසෙව නයො.

අතීතත්‍රිකයෙහි අතීතා යනු ක්‍ෂණාත්‍රය ඉක්මවූවෝය. නිරුද්ධා යනු නිරෝධයට පත්වූවෝ ය. විගතා යනු විභවයට (නැතිවීමට) ගියානු, පහවගියෝ හෝ, විපරිණාමා යනු ප්‍රකෘතිය අතහැරීමෙන් විපරිණාමයට ගියාහු, නිරෝධසංඛ්‍යාත අස්තයට ගියාහු යනු = අත්‍ථංගතා ය. අබ්භත්‍ථංගමා යනු උපසර්ගයෙන් පදය දියුණු කරන ලදී. උප්පජ්ජිත්‍වා විගතා යනු ඉපිද පහව ගියාහුය. නැවත අතීත වචනයෙහි හේතුව යට කියන ලදමය. පරවූ අනාගතාදියෙහි ද මේ නයමය. අතීතංසෙන සංගහීතා යනු අතීත කොටසින් ගණනයට ගියාහු ය. කතමෙ තෙ යනු රූපය, වේදනාවය, සංඥාවය, සංස්කාරයෝ ය. විඥානය ය. පරවූ අනාගතාදියෙහි ද මේ නයමය.

අතීතාරම‍්මණත‍්තිකනිද‍්දෙසෙ අතීතෙ ධම‍්මෙ ආරබ‍්භාතිආදීසු පරිත‍්තමහග‍්ගතාව ධම‍්මා වෙදිතබ‍්බා. තෙ හි අතීතාදීනි ආරබ‍්භ උප‍්පජ‍්ජන‍්ති.

අතීතාරම්මණාත්‍රික නිර්දේශයෙහි අතීතෙ ධම්මෙ ආරබ්භ යන ආදීන්හි පරිත්ත මහද්ගත ධර්මයෝම දතයුතුයි. ඔවුහු අතීතාදිය අරබයා උපදිත්.

අජ‍්ඣත‍්තත‍්තිකනිද‍්දෙසෙ තෙසං තෙසන‍්ති පදද‍්වයෙන සබ‍්බසත‍්තෙ පරියාදියති. අජ‍්ඣත‍්තං පච‍්චත‍්තන‍්ති උභයං නියකජ‍්ඣත‍්තාධිවචනං. නියතාති අත‍්තනි ජාතා. පාටිපුග‍්ගලිකාති පාටියෙක‍්කස‍්ස පාටියෙක‍්කස‍්ස පුග‍්ගලස‍්ස සන‍්තකා. උපාදිණ‍්ණාති සරීරට‍්ඨකා. තෙ හි කම‍්මනිබ‍්බත‍්තා වා හොන‍්තු මා වා, ආදින‍්නගහිතපරාමට‍්ඨවසෙන පන ඉධ උපාදිණ‍්ණාති වුත‍්තා.

ආධ්‍යාත්මිකත්‍රික නිර්දේශයෙහි තෙසං තෙසං යන පද දෙකින් සියලු සත්ත්වයන් හාත්පසින් ගනී. අජ්ඣත්තං වඩ්ඪත්තං යන දෙක නියත ආධ්‍යාත්මයට නමයි. නියතා යනු තමා කෙරෙහි උපන්නාහු ය. පාටිපුග්ගලිකා යනු (වෙන්) වෙන් වූ පුද්ගලයන් සන්තක වූවාහු ය. උපාදින්නා යනු ශරීරයෙහි පිහිටියාහු ය. ඔව්හු වනාහි කර්මයෙන් උපන්නෝ හෝ නූපන්නෝ වෙත්වා. ආදින්නයන් විසින් ගන්නා ලද පරාමර්ශ වශයෙන් වනාහි මෙහි උපන්නාහු යැයි කියන ලදහ.

පරසත‍්තානන‍්ති අත‍්තානං ඨපෙත්‍වා අවසෙසසත‍්තානං. පරපුග‍්ගලානන‍්ති තස‍්සෙව වෙවචනං. සෙසං හෙට‍්ඨා වුත‍්තසදිසමෙව. තදුභයන‍්ති තං උභයං.

පරසත්තානං යනු තමා හැර අවශේෂ සත්ත්වයින්ට, පරපුග්ගලානං යනු ද එයටම පරියාය වචනයකි. අවශේෂය යට කියන ලද්ද සමානමය. තදුභයං යනු එකී දෙකයි.

අජ‍්ඣත‍්තාරම‍්මණත‍්තිකස‍්ස පඨමපදෙ පරිත‍්තමහග‍්ගතා ධම‍්මා වෙදිතබ‍්බා. දුතියෙ අප‍්පමාණාපි. තතියෙ පරිත‍්තමහග‍්ගතාව. අප‍්පමාණා පන කාලෙන බහිද‍්ධා කාලෙන අජ‍්ඣත‍්තං ආරම‍්මණං න කරොන‍්ති. සනිදස‍්සනත‍්තිකනිද‍්දෙසො උත‍්තානොයෙවාති.

ආධ්‍යත්මාරම්මණාත්‍රිකයෙහි ප්‍රථම පදයෙහි පරිත්ත මහද්ගත ධර්මයෝ දතයුත්තාහ. දෙවැන්නෙහි අප්‍රමාණයෝ ද තෙවැන්නෙහි පරිත්ත මහද්ගතයෝ ද දතයුත්තාහ. අප්‍රමාණයෝ වනාහි කලකදී බාහිර ද කලක දී ආධ්‍යාත්මය ද අරමුණු නො කරත්. සනිදර්ශනත්‍ථුක නිර්දේශය වනාහි ප්‍රකටමය.