පකිණ්ණකකථා අට්ඨකථා
පකිණ්ණකකථා
පකිණ්ණකකථා
ඉමෙසු පන රූපෙසු අසම්මොහත්ථං සමොධානං සමුට්ඨානං පරිනිප්ඵන්නඤ්ච සඞ්ඛතන්ති ඉදං ‘පකිණ්ණකං’ වෙදිතබ්බං.
මේ (රූපයන්හි) වනාහි අසම්මෝහය පිණිස ‘සමොධානං සමුට්ඨානං පරිනිප්ඵන්නඤ්ච සංඛතං’ යන මේ ප්රකීර්ණකය දතයුතුයි.
තත්ථ ‘සමොධාන’න්ති සබ්බමෙව හිදං රූපං සමොධානතො චක්ඛායතනං…පෙ… කබළීකාරො ආහාරො, ඵොට්ඨබ්බායතනං ආපොධාතූති පඤ්චවීසතිසඞ්ඛ්යං හොති. තං වත්ථුරූපෙන සද්ධිං ඡබ්බීසතිසඞ්ඛ්යං වෙදිතබ්බං. ඉතො අඤ්ඤං රූපං නාම නත්ථි. කෙචි පන ‘මිද්ධරූපං නාම අත්ථී’ති වදන්ති. තෙ “අද්ධා මුනීසි සම්බුද්ධො, නත්ථි නීවරණා තවා”තිආදීනි (සු· නි· 546) වත්වා මිද්ධරූපං නාම නත්ථීති පටිසෙධෙතබ්බා. අපරෙ බලරූපෙන සද්ධිං සත්තවීසති, සම්භවරූපෙන සද්ධිං අට්ඨවීසති, ජාතිරූපෙන සද්ධිං එකූනතිංසති, රොගරූපෙන සද්ධිං සමතිංසති රූපානීති වදන්ති. තෙපි තෙසං විසුං අභාවං දස්සෙත්වා පටික්ඛිපිතබ්බා. වායොධාතුයා හි ගහිතාය බලරූපං ගහිතමෙව, අඤ්ඤං බලරූපං නාම නත්ථි. ආපොධාතුයා සම්භවරූපං, උපචයසන්තතීහි ජාතිරූපං, ජරතාඅනිච්චතාහි ගහිතාහි රොගරූපං ගහිතමෙව. අඤ්ඤං රොගරූපං නාම නත්ථි. යොපි කණ්ණරොගාදි ආබාධො සො විසමපච්චයසමුට්ඨිතධාතුමත්තමෙව. න අඤ්ඤො තත්ථ රොගො නාම අත්ථීති සමොධානතො ඡබ්බීසතිමෙව රූපානි.
එහි සමෝධානය යනු මේ සියලුම රූපය සමෝධාන වශයෙන් චක්ෂුරායතනය -පෙ- කබළිකාර ආහාරය පොට්ඨබ්බායතනය ආපෝධාතුව යන පස්විසි ගණනක් වෙයි. එය වස්තු රූපයත් සමග ගණනින් විසිහයක් දතයුතුයි. මෙයින් අන්‍ය වූ රූපයක් නම් නැත. ඇතැම් කෙනෙක් වනාහි මිද්ධරූපය නම් රූපයක් ඇතැයි කියති. ඔව්හු ‘අද්ධා මුනිසි සම්බුද්ධො නත්ථි නීවරණා තවා’ යනාදිය කියා මිද්ධරූපය නම් රූපයක් නැතැයි ප්රතිෂේධ කළයුත්තාහ. ඇතමෙක් වනාහි බලරූපය සමග සත්විස්සක් ද සම්භව රූපය සමග අටවිස්සක් ද ජාතිරූපය සමග විසිනවයක් ද රෝග රූපය සමග රූප සමතිසක්දැයි කියති. ඔව්හු ද එහි අභාවය වෙන් වශයෙන් දක්වා ප්‍රතික්ෂේප කළ යුත්තාහ. වායෝධාතුව ගත් කල්හි (බලරූපය ගන්නා ලද්දේමය. අන්‍ය වූ) බලරූපයක් නම් නැත. ආපෝ ධාතුවෙන් යම් භව රූපයත් උපචය සන්තතීන්ගෙන් ජාතිරූපයත් ජරතා අනිච්චතා වලින් රෝග රූපයක් ගන්නා ලද්දේමය. අන්‍ය වූ රෝග රූපයක් නම් නැත. කර්ණරෝගාදී යම් ආබාධයක් වේ නම්, එයද විෂම ප්‍රත්‍යයෙන් හටගත් ධාතු මාත්‍රයක්මය. එහි අන්‍ය වූ රෝගයක් නම් නැත. එය සමෝධානයෙන් රූප සවිස්සක්මය.
‘සමුට්ඨාන’න්ති කති රූපානි කතිසමුට්ඨානානි? දස එකසමුට්ඨානානි, එකං ද්විසමුට්ඨානං, තීණි තිසමුට්ඨානානි, නව චතුසමුට්ඨානානි, ද්වෙ න කෙනචි සමුට්ඨහන්ති.
සමුට්ඨාන රූප යනු කෙතෙක්ද, ඒකසමුට්ඨාන දසයකි. ද්විසමුට්ඨාන එකකි. තිසමුට්ඨාන තුනකි. චතුසමුට්ඨාන නවයකි. කිසිවකිනුත් දෙකක් නොහටගැනේ.
තත්ථ චක්ඛුපසාදො…පෙ… ජීවිතින්ද්රියන්ති ඉමානි අට්ඨ එකන්තං කම්මතොව සමුට්ඨහන්ති. කායවිඤ්ඤත්තිවචීවිඤ්ඤත්තිද්වයං එකන්තෙන චිත්තතො සමුට්ඨාතීති දස ‘එකසමුට්ඨානානි’ නාම. සද්දො උතුතො ච චිත්තතො ච සමුට්ඨාතීති එකො ‘ද්විසමුට්ඨානො’ නාම. තත්ථ අවිඤ්ඤාණකසද්දො උතුතො සමුට්ඨාති, සවිඤ්ඤාණකසද්දො චිත්තතො. ලහුතාදිත්තයං පන උතුචිත්තාහාරෙහි සමුට්ඨාතීති තීණි ‘තිසමුට්ඨානානි’ නාම. අවසෙසානි නව රූපානි තෙහි කම්මෙන චාති චතූහි සමුට්ඨහන්තීති නව ‘චතුසමුට්ඨානානි’ නාම. ජරතා අනිච්චතා පන එතෙසු එකතොපි න සමුට්ඨහන්තීති ද්වෙ ‘න කෙනචි සමුට්ඨහන්ති’ නාම. කස්මා? අජායනතො. න හි එතානි ජායන්ති. කස්මා? ජාතස්ස පාකභෙදත්තා. උප්පන්නඤ්හි රූපං ජීරති භිජ්ජතීති අවස්සං පනෙතං සම්පටිච්ඡිතබ්බං. න හි උප්පන්නං රූපං අරූපං වා අක්ඛයං නාම දිස්සති. යාව පන න භිජ්ජති තාවස්ස පරිපාකොති සිද්ධමෙතං. ‘ජාතස්ස පාකභෙදත්තා’ති යදි ච තානි ජායෙය්යුං තෙසම්පි පාකභෙදා භවෙය්යුං. න ච පාකො පච්චති, භෙදො වා භිජ්ජතීති ජාතස්ස පාකභෙදත්තා නෙතං ද්වයං ජායති.
එහි චක්ෂුප්රසාදය -පෙ- ජීවිතේන්ද්රිය යන මේ අට ඒකාන්තයෙන් කර්මයෙන් හටගනී. කායවිඤ්ඤත්ති වචී විඤ්ඤත්ති යන දෙක ඒකාන්තයෙන් සිතින් හටගනීයැයි මේ දහය ඒකසමුට්ඨාන නමි. ශබ්දය ඍතුවෙනුත් සිතිනුත් හටගනීයැයි එකක් ද්විසමුට්ඨාන නම් වෙයි. එහි අවිඥානක ශබ්දය ඍතුවෙන් හටගනී. සවිඥානක ශබ්දය සිතින් ද, ලහුතාදී තුන වනාහි ඍතු චිත්ත ආහාරයන්ගෙන් හටගනීයැයි මේ තුන තිසමුට්ඨාන නම් වේ. අවශේෂ නවරූප ඔවුන්ගෙනුත් කර්මයෙනුත් දැයි සතරකින් හටගනීයැයි (මේ) නවය චතුසමුට්ඨාන නමි. ජරතා අනිච්චතා දෙක වනාහි මේ එකකින්වත් නූපදී. මේ දෙක කිසිවකිනුත් නො හටගනී නම්, කවර හෙයින් ද? නො හටගන්නා හෙයිනි. මේවා නොහට ගනී. කවර හෙයින් ද? පාකභේදය නිසාය. උපන්නා වූ රූපය හෝ අරූපය බිඳේ යන මෙය වනාහි අවශ්‍යයෙන් පිළිගත යුතුය. උපන්නා වූ රූපයේ හෝ අරූපයේ ක්ෂය වීමක් පෙනේ. යම්තාක් නො බිඳිදේ ද එතෙක් එහි පාරිපාකය වේ යන මෙය සිදුවෙයි. හටගත්තහුගේ පාකභේදත්වයෙන් යනුයි. ඉදින් ඒවා උපදී නම් ඒවායේ පාකභේදය වන්නේය. පැසුණේ නො පැසෙයි. බිඳුණේ හෝ නො බිඳෙයි යන හටගත්තහුගේ පාකභේදයෙන් මේ දෙක හට නො ගනී.
තත්ථ සියා – යථා ‘කම්මස්ස කතත්තා’ති ආදිනිද්දෙසෙසු ‘රූපස්ස උපචයො රූපස්ස සන්තතී’ති වචනෙන ‘ජාති’ ජායතීති සම්පටිච්ඡිතං හොති, එවං ‘පාකො’පි පච්චතු ‘භෙදො’පි භිජ්ජතූති. “න තත්ථ ‘ජාති ජායතී’ති සම්පටිච්ඡිතං. යෙ පන ධම්මා කම්මාදීහි නිබ්බත්තන්ති තෙසං අභිනිබ්බත්තිභාවතො ජාතියා තප්පච්චයභාවවොහාරො අනුමතො. න පන පරමත්ථතො ජාති ජායති. ජායමානස්ස හි අභිනිබ්බත්තිමත්තං ජාතී”ති.
එහි මෙසේ වන්නේ ය. යම් සේ කම්මස්ස කතත්තා යන ආදි නිර්දේශයන්හි රූපස්ස උපචයො රූපස්ස සන්තති යන වචනයෙන් ජාතිය හටගනී. පිළිගන්නා ලද්දේ වෙයි. මෙසේ පාකය ද පැසේවා. භේදය බිඳේවා යි එහි ජාතිය හටගනී යැයි නො පිළිගන්නා ලදී. යම් (ධර්මයෝ) වනාහි කර්මාදියෙන් උපදිත් ද, ඒවා හටගැනීමෙන් ජාතියට එය ප්‍රත්‍යය යන ව්‍යවහාරය අනුමතය. පරමාර්ථ වශයෙන් වනාහි උපදින්නහුට අභිනිෂ්පත්තිමාත්රය ජාති වේ.
තත්ථ සියා – ‘යථෙව ජාති යෙසං ධම්මානං අභිනිබ්බත්ති තප්පච්චයභාවවොහාරං අභිනිබ්බත්තිවොහාරඤ්ච ලභති, තථා පාකභෙදාපි යෙසං ධම්මානං පාකභෙදා තප්පච්චයභාවවොහාරං අභිනිබ්බත්තිවොහාරඤ්ච ලභන්තු. එවං ඉදම්පි ද්වයං කම්මාදිසමුට්ඨානමෙවාති වත්තබ්බං භවිස්සතී’ති. ‘න පාකභෙදා තං වොහාරං ලභන්ති. කස්මා? ජනකපච්චයානුභාවක්ඛණෙ අභාවතො. ජනකපච්චයානඤ්හි උප්පාදෙතබ්බධම්මස්ස උප්පාදක්ඛණෙයෙව ආනුභාවො, න තතො උත්තරි. තෙහි අභිනිබ්බත්තිතධම්මක්ඛණස්මිඤ්ච ජාති පඤ්ඤායමානා තප්පච්චයභාවවොහාරං අභිනිබ්බත්තිවොහාරඤ්ච ලභති, තස්මිං ඛණෙ සබ්භාවතො; න ඉතරද්වයං, තස්මිං ඛණෙ අභාවතොති නෙවෙතං ජායතී’ති වත්තබ්බං. “ජරාමරණං, භික්ඛවෙ, අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්න”න්ති (සං· නි· 2.20) ආගතත්තා ඉදම්පි ද්වයං ජායතීති චෙ – ‘න, පරියායදෙසිතත්තා. තත්ථ හි පටිච්චසමුප්පන්නානං ධම්මානං ජරාමරණත්තා පරියායෙන තං පටිච්චසමුප්පන්න’න්ති වුත්තං.
එහිදී මෙසේ වන්නේ ය. යම්සේ වනාහි ඉපදීම යම් ධර්මයක අභිනිෂ්පත්ති යැයි ද, එහි හේතුව නැති වීම ද අභිනිෂ්පත්ති ව්‍යවහාරය ද ලබයි. පාක භේදය ද එසේය. යම් දහමක පාකභේදය ද එහි හේතුව නැසීමෙන් අභිනිෂ්පත්ති ව්‍යවහාරය ලබයි. මෙසේ මේ කරුණු දෙක කර්ම ආදියෙන් හටගන්නේ යැයි කී බැවින් පාක භේදයෝ ඒ නම නොලබති. කවර හෙයින් ද? ඒවා පහළවීමට හේතුවන කර්ම ආදි ප්‍රත්‍ය ඇති බැවිනි. ජනක ප්රත්යයන්ගෙන් උපන් විටම ඒවාට ආනුභාවය වෙයි. එයින් පසුව එම හේතු නිසා මතුවට උපදින දෙයට අභිනිෂ්පත්ති ව්‍යවහාරය නොලබයි. ඒ මොහොතේ ලබන ස්වභාවය එයට ලැබෙන බැවිනි. ඉතිරි ධර්ම දෙක නැතැයි සිතා හට නොගනී යයි නොකිය යුතුය. ‘ජරාමරණං භික්ඛවෙ අනිච්චං සංඛතං පටිච්ච සමුප්පන්නං’ යයි කී හෙයින් මේ දෙකෙහි ඉපදීම (ජරා මරණ) නොවේ. පර්යාය වශයෙන් දේශනා කරන ලද හෙයින් එහි ප්‍රත්‍යයන් නිසා හටගත් ජරා මරණ හටගත්තේ යැයි කියන ලදි.
‘යදි එවං, තයම්පෙතං අජාතත්තා සසවිසාණං විය නත්ථි; නිබ්බානං විය වා නිච්ච’න්ති චෙ – න, නිස්සයපටිබද්ධවුත්තිතො; පථවීආදීනඤ්හි නිස්සයානං භාවෙ ජාතිආදිත්තයං පඤ්ඤායති, තස්මා න නත්ථි. තෙසඤ්ච අභාවෙ න පඤ්ඤායති, තස්මා න නිච්චං. එතම්පි ච අභිනිවෙසං පටිසෙධෙතුං එව ඉදං වුත්තං – “ජරාමරණං, භික්ඛවෙ, අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්න”න්ති (සං· නි· 2.20). එවමාදීහි නයෙහි තානි ද්වෙ රූපානි න කෙහිචි සමුට්ඨහන්තීති වෙදිතබ්බං.
එසේ නම් මේ තුනත් නූපන් බැවින් අගක් මෙන් මුලින් නො පෙනේද? නිවන මෙන් හෝ නිත්‍ය ද නැත. මන්ද, ඒවාට සම්බන්ධ පැවැතුම් ඇති බැවිනි. ඉපදීමට හේතු ද ඇති බැවිනි. පෘථුවි ආදින්ගේ ඉපදීමට ජාති ආදි හේතු තුනක් පෙනෙයි. යම්හෙයකින් ඒවා නැතිනම් ඔවුන්ගේ අභාවයෙන් නොපෙනීමද, නිත්‍ය නොවීමද වේ. මෙයද අභිනිවේෂය ප්‍රතිශේධ කිරීමට කියන ලද්දකි. ‘ජරාමරණං භික්ඛවෙ, අනිච්චං සංඛතං පටිච්ච සමුප්පන්නං’ යන මේ කියමනට අනුව ඒ (ජරා-මරණ) රූප දෙක හට නොගනී යයි දතයුතුය.
අපිච ‘සමුට්ඨාන’න්ති එත්ථ අයමඤ්ඤොපි අත්ථො. තස්සායං මාතිකා – ‘කම්මජං කම්මපච්චයං කම්මපච්චයඋතුසමුට්ඨානං, ආහාරසමුට්ඨානං ආහාරපච්චයං ආහාරපච්චයඋතුසමුට්ඨානං, උතුසමුට්ඨානං උතුපච්චයං උතුපච්චයඋතුසමුට්ඨානං, චිත්තසමුට්ඨානං චිත්තපච්චයං චිත්තපච්චයඋතුසමුට්ඨාන’න්ති.
තවද සමුට්ඨානං යන මෙහි මේ අන්‍ය වූ ද අර්ථයෙකි. මේ එහි මාතෘකාවයි. කර්මජය කර්ම ප්‍රත්‍යය කර්‍මප්‍රත්‍යය ඍතු සමුත්ථානය, සෘතු සමුත්‍ථාන සෘතු ප්‍රත්‍යය ඍතු ප්‍රත්‍යය ඍතු ප්‍රත්‍යය ඍතු සමුත්ථානය යනුයි. සමුත්‍ථාන චිත්ත ප්‍රත්‍යය චිත්ත ප්‍රත්‍යය චිත්ත ප්‍රත්‍යය ඍතු සමුත්ථානය යනුයි.
තත්ථ චක්ඛුපසාදාදි අට්ඨවිධං රූපං සද්ධිං හදයවත්ථුනා ‘කම්මජං’ නාම. කෙසමස්සු හත්ථිදන්තා අස්සවාලා චමරවාලාති එවමාදි ‘කම්මපච්චයං’ නාම. චක්කරතනං දෙවතානං උය්යානවිමානාදීනීති එවමාදි ‘කම්මපච්චයඋතුසමුට්ඨානං’ නාම.
එහි හෘදය වස්තුවත් සමග චක්ෂු ප්රසාදාදී අෂ්ටවිධ රූප කර්මජ නමි. කෙස් රැවුලු ඇත්දත් අස්වලිග සෙමර වලිග යන මේ ආදිය කර්‍මප්‍රත්‍යය නමි. චක්රරත්තය දෙවියන්ගේ උයන් විමාන (ආදිය) ද යන මේ ආදිය කර්‍මප්‍රත්‍යය ඍතු සමුත්‍ථාන නමි.
ආහාරතො සමුට්ඨිතං සුද්ධට්ඨකං ‘ආහාරසමුට්ඨානං’ නාම. කබළීකාරො ආහාරො ද්වින්නම්පි රූපසන්තතීනං පච්චයො හොති ආහාරසමුට්ඨානස්ස ච උපාදින්නස්ස ච. ආහාරසමුට්ඨානස්ස ජනකො හුත්වා පච්චයො හොති, කම්මජස්ස අනුපාලකො හුත්වාති ඉදං ආහාරානුපාලිතං කම්මජරූපං ‘ආහාරපච්චයං’ නාම. විසභාගාහාරං සෙවිත්වා ආතපෙ ගච්ඡන්තස්ස තිලකකාළකුට්ඨාදීනි උප්පජ්ජන්ති, ඉදං ‘ආහාරපච්චයඋතුසමුට්ඨානං’ නාම.
ආහාරයෙන් හටගත් ශුද්ධාෂ්ටකය ආහාර සමුත්‍ථාන නමි. කබළිකාර ආහාරය රූප සන්තති දෙකට ද ආහාර සමුත්ථානයට හා උපාදින්නයට ද ප්‍රත්‍යය වෙයි. ආහාර සමුත්ථානයට ජනකව ප්‍රත්‍යය වෙයි. කර්මජයට අනුපාලක (වීදැයි) ප්‍රත්‍යය වේ. ආහාරානුපාලිත මේ කර්මජරූපය ආහාර ප්‍රත්‍යය නම් වේ. විසභාග ආහාර සේවනය කොට අව්වේ යන්නාට (තිලක) කාළකුෂ්ටාදිය උපදී. මේ ආහාර ප්‍රත්‍යය ඍතු සමුත්‍ථාන නමි.
උතුතො සමුට්ඨිතං සුද්ධට්ඨකං ‘උතුසමුට්ඨානං’ නාම. තස්මිං උතු අඤ්ඤං අට්ඨකං සමුට්ඨාපෙති, ඉදං ‘උතුපච්චයං’ නාම. තස්මිම්පි උතු අඤ්ඤං අට්ඨකං සමුට්ඨාපෙති, ඉදං ‘උතුපච්චයඋතුසමුට්ඨානං’ නාම. එවං තිස්සොයෙව සන්තතියො ඝට්ටෙතුං සක්කොති. න තතො පරං. ඉමමත්ථං අනුපාදින්නකෙනාපි දීපෙතුං වට්ටති. උතුසමුට්ඨානො නාම වලාහකො. උතුපච්චයා නාම වුට්ඨිධාරා. දෙවෙ පන වුට්ඨෙ බීජානි විරූහන්ති, පථවී ගන්ධං මුඤ්චති, පබ්බතා නීලා ඛායන්ති, සමුද්දො වඩ්ඪති, එතං උතුපච්චයඋතුසමුට්ඨානං නාම.
සාතුවෙන් හටගත් ශුද්ධාෂටකය ඍතු සමුත්‍ථාන නමි. එහිදී ඍතුව අන්‍ය වූ අෂ්ටකයක් උපදවයි. මෙය ඍතුප්රත්යය නමි. එහිදී ද අන්‍ය අෂ්ටකයක් උපදවයි. මෙය ඍතුප්රත්යය ඍතු සමුත්‍ථාන නමි. මෙසේ සන්තති තුනම ඝට්ටන කරන්නට හැකිවෙයි. ඉන් මත්තෙහි නොවේ. මේ අර්ථය අනුපාදින්නකය සමග ද දක්වන්නට වටී. වලාකුල ඍතු සමුත්‍ථාන නමි. වැසි දහර ද සෘතුප්‍රත්‍යය නමි. වැසි වට කල්හි බීජ වැඩෙයි. පෘථිවි ගන්ධය මුදයි. පර්වත නිල්ව පෙනේ. සමුද්‍රය වැඩෙයි. මෙසේ ඍතු ප්‍රත්‍යය ඍතු සමුත්‍ථාන නම් වේ.
චිත්තතො සමුට්ඨිතං සුද්ධට්ඨකං ‘චිත්තසමුට්ඨානං’ නාම. “පච්ඡාජාතා චිත්තචෙතසිකා ධම්මා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.11) ඉදං ‘චිත්තපච්චයං’ නාම. ආකාසෙ අන්තලික්ඛෙ හත්ථිම්පි දස්සෙති, අස්සම්පි දස්සෙති, රථම්පි දස්සෙති , විවිධම්පි සෙනාබ්යූහං දස්සෙතිතී (පටි· ම· 3.18) ඉදං ‘චිත්තපච්චයඋතුසමුට්ඨානං’ නාම.
සිතින් උපන් ශුද්ධා ෂටකය චිත්ත සමුත්‍ථාන නමි. පසුව හටගත් චිත්ත චෛතසික ධර්මයෝ පළමුව උපන් මේ කයට පච්ඡා න ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍යය වේදැයි මේ චිත්ත ප්‍රත්‍යය නමි. අන්තරීක්ෂ නම් වූ අහසෙහි ඇතෙකුදු දැක්වෙයි. අසෙකුදු දැක්වෙයි. රියකුදු දැක්වෙයි. විවිධ සෝතව්යුහද දැක්වෙයි. මේ චිත්ත ප්‍රත්‍යය ඍතුසමුත්ථාන නමි.
‘පරිනිප්ඵන්න’න්ති පන්නරස රූපානි පරිනිප්ඵන්නානි නාම, දස අපරිනිප්ඵන්නානි නාම. ‘යදි අපරිනිප්ඵන්නා, අසඞ්ඛතා නාම භවෙය්යුං’. “තෙසංයෙව පන රූපානං කායවිකාරො ‘කායවිඤ්ඤත්ති’ නාම, වචීවිකාරො ‘වචීවිඤ්ඤත්ති’ නාම, ඡිද්දං විවරං ‘ආකාසධාතු’ නාම, ලහුභාවො ‘ලහුතා’ නාම, මුදුභාවො ‘මුදුතා’ නාම, කම්මඤ්ඤභාවො ‘කම්මඤ්ඤතා’ නාම, නිබ්බත්ති ‘උපචයො’ නාම, පවත්ති ‘සන්තති’ නාම, ජීරණාකාරො ‘ජරතා’ නාම, හුත්වා අභාවාකාරො ‘අනිච්චතා’ නාමාති. සබ්බං පරිනිප්ඵන්නං සඞ්ඛතමෙව හොතී”ති.
පරිනිප්ඵත්තිං යනු පසළොස් රූපයෝ පරිනිෂ්පන්නයෝ නම් වෙති. දශ රූපයෝ අපරිනිෂ්පන්නයෝ නම් වෙති. දශ අපරිනිෂ්පන්නයෝ අසංඛතයෝ නම් වන්නාහු ද ඒ රූපයන්ගේම කායවිකාරය කාය විඤ්ඤත්ති නම් වෙයි. වචී විකාරය වචී විඤ්ඤත්ති නම් වෙයි. ඡිද්‍රය විවරය ආකාශධාතු නම් වෙයි. ලහුභාවය ලහුතා නමි. මෘදුභාවය මුදුතා නමි. කර්මණ්‍යභාවය කම්මඤ්ඤතා නමි. ඉපදීම උපචය නමි. පැවැත්ම සන්තති නමි, ජීරණාකාරය ජරතා නමි. ඇතිවී නැතිවන ආකාරය අනිච්චතා නමැයි පරිනිෂ්පන්න සියල්ල සංඛතම වේ යනුයි.
අට්ඨසාලිනියා ධම්මසඞ්ගහඅට්ඨකථාය රූපකණ්ඩවණ්ණනා නිට්ඨිතා.
අත්ථසාලිනී ධම්මසංගණී අට්ඨකථාවෙහි රූපකාණ්ඩ වර්ණනාව නිමියේ ය.