යෙදුමෙන් කියවන්න

චතුක‍්කනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

චතුක‍්කනිද‍්දෙසවණ‍්ණනා

චතුක්කනිද්දෙසවණ්ණනා

චතුබ‍්බිධසඞ‍්ගහාවසානෙ දිට‍්ඨාදීනං පච‍්ඡිමපදස‍්ස භෙදාභාවෙන ආදිතො පට‍්ඨාය පුච‍්ඡං අකත්‍වාව රූපායතනං දිට‍්ඨං සද‍්දායතනං සුතන‍්තිආදි වුත‍්තං. තත්‍ථ රූපායතනං චක‍්ඛුනා ඔලොකෙත්‍වා දක‍්ඛිතුං සක‍්කාති ‘දිට‍්ඨං’ නාම ජාතං. සද‍්දායතනං සොතෙන සුත්‍වා ජානිතුං සක‍්කාති ‘සුතං’ නාම ජාතං. ගන්‍ධායතනාදිත‍්තයං ඝානජිව‍්හාකායෙහි පත්‍වා ගහෙතබ‍්බතො මුනිත්‍වා ජානිතබ‍්බට‍්ඨෙන මුතං නාම ජාතං. ඵුසිත්‍වා විඤ‍්ඤාණුප‍්පත‍්තිකාරණතො ‘මුතං’ නාමාතිපි වුත‍්තං. සබ‍්බමෙව පන රූපං මනොවිඤ‍්ඤාණෙන ජානිතබ‍්බන‍්ති මනසා විඤ‍්ඤාතං නාම ජාතං.

චතුර්ථ සංග්‍රහාවසානයෙහි දිට්ඨාදීන්ගේ පශ්චිම පදයාගේ භේදයක් නැති බැවින් මුලපටන් විචාරීමක් නොකොටම රූපායතනං දිට්ඨං සද්දායතනං සුතං යන ආදිය කියන ලදී. එහි රූපායතනය ඇසින් බලා දක්නට හැකියැයි දිට්ඨං නම් විය. ශබ්දායතනං කනින් අසා දැනගන්නට හැකියැයි සුතං නම් වීය. ගන්‍ධායතනාදී තුන ඝාණ ජිව්හා කායයන් විසින් පැමිණ ගතයුතු හෙයින් දැනගෙන දතයුතු හෙයින් මුත නම් විය. ස්පර්ශ කොට ද භූතෝත්පත්ති කාරණ හෙයින් මුත නමැයි ද කියන ලදී. සියලුම රූපය වනාහි මනෝවිඥානයෙන් දතයුතුයි යැයි මනසා විඤ්ඤාතං නම් විය.

පඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා

පඤ්චකනිද්දෙසවණ්ණනා

පඤ‍්චවිධසඞ‍්ගහනිද‍්දෙසෙ කක‍්ඛළන‍්ති ථද‍්ධං. ඛරමෙව ඛරගතං, ඵරුසන‍්ති අත්‍ථො. ඉතරෙ ද‍්වෙපි සභාවනිද‍්දෙසා එව. අජ‍්ඣත‍්තන‍්ති නියකජ‍්ඣත‍්තං. බහිද‍්ධාති බාහිරං. උපාදිණ‍්ණන‍්ති න කම‍්මසමුට‍්ඨානමෙව. අවිසෙසෙන පන සරීරට‍්ඨකස‍්සෙතං ගහණං. සරීරට‍්ඨකඤ‍්හි උපාදිණ‍්ණං වා හොතු අනුපාදිණ‍්ණං වා, ආදින‍්නගහිතපරාමට‍්ඨවසෙන සබ‍්බං උපාදිණ‍්ණමෙව නාම.

පංචවිධ සංග්‍රහ නිර්දේශයෙහි කක්‍ඛලං යනු තදය, ඛර යනුම ඛර ගතය, රළු යන අර්ථයි. ඉතිරි දෙක ද භාව නිර්දේශමය. අජ්ඣත්තිකං යනු ස්වකීය ආධ්‍යාත්මයමය. බහිද්ධා යනු බාහිරය. උපාදින්නං යනු (න) කම්මසමුට්ඨානමය. අවශේෂ වශයෙන් වනාහි මේ ග්‍රහණය ශරීරයෙහි පිහිටියහුටය. ශරීරයෙහි පිහිටියේ වනාහි උපාදින්නක වුවත් අනුපාදින්නක වුවත්, ආදින්නකයන් විසින් ගන්නා ලද පරාමර්ශන වශයෙන් සියල්ලම උපාදින්න නමි.

තෙජොගතන‍්ති සබ‍්බතෙජෙසු ගතං උණ‍්හත‍්තලක‍්ඛණං, තෙජො එව වා තෙජොභාවං ගතන‍්ති ‘තෙජොගතං’. උස‍්මාති උස‍්මාකාරො. උස‍්මාගතන‍්ති උස‍්මාභාවං ගතං. උස‍්මාකාරස‍්සෙවෙතං නාමං. උසුමන‍්ති බලවඋස‍්මා. උසුමමෙව උසුමභාවං ගතන‍්ති උසුමගතං.

තෙජොගතං යනු සියලු තේජයන්හි ගිය, උෂ්ණත්ව ලක්‍ෂණ කොට ඇති තේජසම හෝ තේජෝභාවයට ගියේ යනු = තේජෝගතය. උස්මා යනු උණුසුම් ආකාරයයි. උස්මාගතං යනු උණුසුම්බවට ගිය, මෙය උණුසුම් ආකාරයට නමකි. උසුමං යනු බලවත් උණුසුමයි. උණුසුම යනුම උණුසුමභාවයට ගියේ යනු = උසුමගතං ය.

වායනකවසෙන වායො. වායොව වායොභාවං ගතත‍්තා වායොගතං. ථම‍්භිතත‍්තන‍්ති උප‍්පලනාළතචාදීනං විය වාතපුණ‍්ණානං ථම‍්භිතභාවො රූපස‍්ස.

හැමීම් වශයෙන් වායො ය. වායුවම වායෝභාවයට ගියහෙයින් වායොගතං ය. ථම්භිතත්තං යනු වාතය පිරුණු උපුල් නළසම් ආදීන්ගේ මෙන් රූපයාගේ තදබවයි.

ඡක‍්කාදිනිද‍්දෙසවණ‍්ණනා

ඡක්කාදිනිද්දෙසවණ්ණනා

ඡබ‍්බිධාදිසඞ‍්ගහානං තිණ‍්ණං ඔසානපදස‍්ස භෙදාභාවතො ආදිතො පට‍්ඨාය අපුච‍්ඡිත්‍වාව නිද‍්දෙසො කතො. තත්‍ථ චක‍්ඛුවිඤ‍්ඤාණෙන ජානිතුං සක‍්කාති චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං…පෙ… මනොවිඤ‍්ඤාණෙන ජානිතුං සක‍්කාති මනොවිඤ‍්ඤෙය්‍යං. තිවිධාය මනොධාතුයා ජානිතුං සක‍්කාති මනොධාතුවිඤ‍්ඤෙය්‍යං සබ‍්බං රූපන‍්ති එත්‍ථ යස‍්මා එකං රූපම‍්පි මනොවිඤ‍්ඤාණධාතුයා අජානිතබ‍්බං නාම නත්‍ථි, තස‍්මා ‘සබ‍්බං රූප’න‍්ති වුත‍්තං. සම‍්මාසම‍්බුද‍්ධෙන හි අභිධම‍්මං පත්‍වා නයං කාතුං යුත‍්තට‍්ඨානෙ නයො අකතො නාම නත්‍ථි. ඉදඤ‍්ච එකරූපස‍්සාපි මනොවිඤ‍්ඤාණධාතුයා අජානිතබ‍්බස‍්ස අභාවෙන නයං කාතුං යුත‍්තට‍්ඨානං නාම, තස‍්මා නයං කරොන‍්තො ‘සබ‍්බං රූප’න‍්ති ආහ.

ඡබ්බිධාදී සංග්‍රහ තුනෙහි අවසාන පදයාගේ භේදයක් නැති හෙයින් මුලපටන් නො විමසාම නිර්දේශය කරන ලදී. එහි චක්‍ෂුර්විඥානයෙන් දැනගත හැකි යනු = චක්‍ඛු විඤ්ඤෙය්‍යං -පෙ- මනෝවිඥානයෙන් දැනගත හැකි යනු = මනොවිඤ්ඤෙය්‍යං ය. ත්‍රිවිධ මනෝවිඥානධාතුවෙන් දැනගත හැකි යනු = මනොධාතු විඤ්ඤෙය්‍යං ය. සබ්බං රූපං යන මෙහි මනෝ විඥාන ධාතුවෙන් දත නොහැකි එකම රූපයක්වත් නැති හෙයින් සබ්බං රූපං යැයි කියන ලදී. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වනාහි අභිධර්මයට පැමිණ නය කරන්නට යුතු තැන නය නො කරන ලද්දේ නම් නැත. මනෝවිඥාන ධාතුවෙන් නොදත යුතු එකම රූපයකුදු නැති හෙයින් මෙයද නය කරන්නට යුතු තැනක් නම් වෙයි. එහෙයින් නය කරනුයේ සබ්බං රූපං යැයි වදාළහ.

සුඛසම‍්ඵස‍්සොති සුඛවෙදනාපටිලාභපච‍්චයො. දුක‍්ඛසම‍්ඵස‍්සොති දුක‍්ඛවෙදනාපටිලාභපච‍්චයො. ඉධාපි ඵොට‍්ඨබ‍්බාරම‍්මණස‍්ස සුඛදුක‍්ඛස‍්ස සබ‍්භාවතො අයං නයො දින‍්නො.

සුඛ සම්ඵස්සො යනු සුඛවේදනා ප්‍රතිලාභයට හේතු වූ, දුක්‍ඛ සම්ඵස්සො යනු දුක්වේදනා ලැබීමට හේතු වූ මෙහි ද සුඛදුඃඛ පිළිබඳ ස්පර්ශාරම්මණය වර්ණනා කිරීමට මේ නය දෙන ලදී.

නවකාදිනිද‍්දෙසවණ‍්ණනා

නවකාදිනිද්දෙසවණ්ණනා

නවකෙ පන ඉන්‍ද්‍රියරූපස‍්ස නාම අත්‍ථිතාය නයො දින‍්නො. තස‍්සෙව සප‍්පටිඝඅප‍්පටිඝතාය දසකෙ නයො දින‍්නො. එකාදසකෙ අඩ‍්ඪෙකාදස ආයතනානි විභත‍්තානි. තෙසං නිද‍්දෙසවාරා හෙට‍්ඨා වුත‍්තනයෙන විත්‍ථාරතො වෙදිතබ‍්බා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙව.

[missing trans] එහිම (සප්පඝ) අප්පටිඝතාවෙන් දසකයෙහි නය දෙන ලදී. එකාදසකයෙහි අඩ්ඪොකාදස ආයතන බෙදන ලදී. ඔවුන්ගේ නිර්දේශවාර යට කියන ලද නයින්ම විස්තර වශයෙන් දතයුතුයි. සෙස්ස සියලු තැන්හි ප්‍රකට අර්ථ ඇත්තේමය.