යෙදුමෙන් කියවන්න

උපාදාභාජනීයකථා අට‍්ඨකථා

උපාදාභාජනීයකථා

උපාදාභාජනීයකථා

ඉදානි දුවිධසඞ‍්ගහාදීසු ‘අත්‍ථි රූපං උපාදා, අත්‍ථි රූපං නොඋපාදා’ති එවං භෙදසබ‍්භාවතො පුච‍්ඡාපුබ‍්බඞ‍්ගමං පදභාජනං දස‍්සෙන‍්තො කතමං තං රූපං උපාදාතිආදිමාහ. තත්‍ථ උපාදියතීති ‘උපාදා’; මහාභූතානි ගහෙත්‍වා, අමුඤ‍්චිත්‍වා, තානි නිස‍්සාය පවත‍්තතීති අත්‍ථො. ඉදානි තං පභෙදතො දස‍්සෙන‍්තො චක‍්ඛායතනන‍්තිආදිමාහ.

දැන් ද්විධ සංග්‍රහ ආදියෙහි අත්‍ථිරූපං උපාදා අත්‍ථි රූපං නො උපාදා යැයි මෙසේ බෙදීම් වශයෙන් විචාරීම් පෙරදැරි කරගත් පද බෙදීම දක්වමින් කතමං තං රූපං උපාදා, යනාදිය කීය. එහි දැඩිව ගනී යනු උපාදාය. මහාභූතයන් ගෙන ඔවුන් නො මුදා ඔවුන් ඇසුරු කොට පවතී යනු අර්ථයි. දැන් ඔවුන් ප්‍රභේද වශයෙන් දක්වමින් චක්‍ඛායතනං ආදිය කීය.

එවං තෙවීසතිවිධං උපාදාරූපං සඞ‍්ඛෙපතො උද‍්දිසිත්‍වා පුන තදෙව විත්‍ථාරතො නිද‍්දිසන‍්තො කතමං තං රූපං චක‍්ඛායතනන‍්තිආදිමාහ. තත්‍ථ දුවිධං චක‍්ඛු – මංසචක‍්ඛු පඤ‍්ඤාචක‍්ඛු ච. එතෙසු ‘බුද‍්ධචක‍්ඛු සමන‍්තචක‍්ඛු ඤාණචක‍්ඛු දිබ‍්බචක‍්ඛු ධම‍්මචක‍්ඛූ’ති පඤ‍්චවිධං පඤ‍්ඤාචක‍්ඛු. තත්‍ථ “අද‍්දසං ඛො අහං, භික‍්ඛවෙ, බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙන‍්තො සත‍්තෙ අප‍්පරජක‍්ඛෙ…පෙ… දුවිඤ‍්ඤාපයෙ”ති (ම· නි· 1.283) ඉදං බුද‍්ධචක‍්ඛු නාම. “සමන‍්තචක‍්ඛු වුච‍්චති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණ”න‍්ති ඉදං සමන‍්තචක‍්ඛු නාම. “චක‍්ඛුං උදපාදි ඤාණං උදපාදී”ති (සං· නි· 5.1081; මහාව· 15) ඉදං ඤාණචක‍්ඛු නාම. “අද‍්දසං ඛො අහං, භික‍්ඛවෙ, දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙනා”ති (ම· නි· 1.284) ඉදං දිබ‍්බචක‍්ඛු නාම. “තස‍්මිං යෙවාසනෙ විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදී”ති (ම· නි· 2.395) ඉදං හෙට‍්ඨිමමග‍්ගත‍්තයසඞ‍්ඛාතං ඤාණං ධම‍්මචක‍්ඛු නාම.

මෙසේ ඒ විසිවැදෑරුම් උපාදා රූප සංක්‍ෂේපයෙන් උදෙසා නැවත එයම විස්තර වශයෙන් නිර්දේශ කරමින් කතමං තං රූපං චක්‍ඛායතනං යනාදිය කීය. එහි (ඇස) මසැස පැණැසයැයි දෙවැදෑරුම්ය. ඔවුනතුරෙන් පැණැස බුදුඇස, සමතැස නැණැස දිවැස සහ දහම් ඇස යැයි පස්වැදෑරුම්ය. එහි ‘මහණෙනි, මම බුදු ඇසින් ලොව බලන්නෙම් මද කෙලෙස් ඇත්තා වූ ද -පෙ- අවබෝධ කරවීමට දුෂ්කර වූ ද සත්ත්වයන් දුටිමි’ යන මේ බුදුඇස නමි. ‘සියල්ල දත් නුවණ සමන්තචක්‍ඛු යැයි කියනු ලැබේ’ යන මේ සමතැස නමි. ‘චක්‍ඛුං උදපාදි ඤාණං උදපාදි’ යන මේ නැණැස නමි. ‘අද්දසං ඛො අහං භික්‍ඛවෙ, දිබ්බෙන චක්‍ඛුනා විසුද්ධෙනා’ යන මේ දිවැස නමි. ‘තස්මිං යෙවාසනෙ විරජං වීතමලං ධම්මචක්‍ඛුං උදපාදි’ යන යට මඟ තුන නම් වූ මේ (ඥානය) දහම් ඇස නමි.

මංසචක‍්ඛුපි පසාදචක‍්ඛු සසම‍්භාරචක‍්ඛූති දුවිධං හොති. තත්‍ථ යොයං අක‍්ඛිකූපකෙ පතිට‍්ඨිතො හෙට‍්ඨා අක‍්ඛිකූපකට‍්ඨිකෙන, උපරි භමුකට‍්ඨිකෙන, උභතො අක‍්ඛිකූටෙහි, අන‍්තො මත්‍ථලුඞ‍්ගෙන, බහිද‍්ධා අක‍්ඛිලොමෙහි පරිච‍්ඡින‍්නො මංසපිණ‍්ඩො. සඞ‍්ඛෙපතො ‘චතස‍්සො ධාතුයො, වණ‍්ණො ගන්‍ධො රසො ඔජා, සම‍්භවො සණ‍්ඨානං, ජීවිතං භාවො කායපසාදො චක‍්ඛුපසාදො’ති චුද‍්දසසම‍්භාරො. විත්‍ථාරතො ‘චතස‍්සො ධාතුයො, තංසන‍්නිස‍්සිතවණ‍්ණගන්‍ධරසඔජාසණ‍්ඨානසම‍්භවා චා’ති ඉමානි දස චතුසමුට‍්ඨානිකත‍්තා චත‍්තාලීසං හොන‍්ති. ජීවිතං භාවො කායපසාදො චක‍්ඛුපසාදොති චත‍්තාරි එකන‍්තකම‍්මසමුට‍්ඨානානෙවාති ඉමෙසං චතුචත‍්තාලීසාය රූපානං වසෙන චතුචත‍්තාලීසසම‍්භාරො. යං ලොකො සෙතං චක‍්ඛුං පුථුලං විසටං විත්‍ථිණ‍්ණං ‘චක‍්ඛු’න‍්ති සඤ‍්ජානන‍්තො න චක‍්ඛුං සඤ‍්ජානාති, වත්‍ථුං චක‍්ඛුතො සඤ‍්ජානාති, සො මංසපිණ‍්ඩො අක‍්ඛිකූපෙ පතිට‍්ඨිතො, න‍්හාරුසුත‍්තකෙන මත්‍ථලුඞ‍්ගෙ ආබද‍්ධො, යත්‍ථ සෙතම‍්පි අත්‍ථි, කණ‍්හම‍්පි ලොහිතකම‍්පි, පථවීපි ආපොපි තෙජොපි වායොපි, යං සෙම‍්හූස‍්සදත‍්තා සෙතං, පිත‍්තුස‍්සදත‍්තා කණ‍්හං, රුහිරුස‍්සදත‍්තා ලොහිතකං, පථවුස‍්සදත‍්තා පත්‍ථිණ‍්ණං හොති, ආපුස‍්සදත‍්තා පග‍්ඝරති, තෙජුස‍්සදත‍්තා පරිදය‍්හති, වායුස‍්සදත‍්තා සම‍්භමති, ඉදං සසම‍්භාරචක‍්ඛු නාම.

මසැස ද සසම්භාර චක්‍ඛු පසාද චක්‍ඛු යැයි දෙයාකාර වේ. එහි යට ඇස්වල ඇටයෙන් ද මත්තෙහි බැම ඇටයෙන් ද දෙපස අක්‍ෂි කූටයන්ගෙන් ද අතර හිස්මොලයෙන් පිටත ඇස්ලොමින් පිරිසිඳිනා ලද යම් මස්පිඩුවක් වේද එය සංක්‍ෂේපයෙන් සතරධාතුය. වර්ණය ගන්‍ධය රසය ඕජාය සම්භවය සණ්ඨානය ජීවිතය භාවය කායප්‍රසාදය චක්‍ෂු ප්‍රසාදය යන තුදුස් සම්භාර ද විස්තර වශයෙන් සතරධාතු තදාශ්‍රිත වර්ණ ගන්‍ධ රස ඕජා සණ්ඨාන යන සයදැයි මේ දහය චතුසමුට්ඨානික හෙයින් සතළිසක් වෙයි. ජීවිතය භාවය කායප්‍රසාදය චක්‍ෂුප්‍රසාදය යන ඒකාන්ත කර්ම සමුස්ථාන සතර යන මේ සූසාළිස් රූපයන්ගේ වශයෙන් සූසාළිස් සම්භාරය ද, ලෝකයා ඇස සුදුය පළලය විශාලයැයි යම් ඇසක් ඇඳිනගනුයේ ඇස හැඳින ගනුයේ නොවෙයි. වස්තුව ඇස වශයෙන් හැඳිනගනී. ඒ මාංශපිණ්ඩය අත්‍ථිකූපයෙහි පිහිටියේය. නහර හුයෙන් හිස්මොලයෙහි බැඳුණෝය. එහි සුදුපැහැය ද කළු පැහැය ද ලේ පැහැය ද පෘථුවි ධාතුව ද ආපෝ ධාතුව ද තේජෝ ධාතුව ද වායෝධාතුව ද ඇත. එය සෙම බහුල හෙයින් සුදු වූයේ ද පිත බහුල හෙයින් කළුවූයේ ද රිහිරි බහුල හෙයින් ලේවන් වූයේ ද පෘථුවි බහුල හෙයින් පැතුරුණේ ද වෙයි ද ආපෝ බහුල හෙයින් වැගිරේ ද, තේජෝ බහුල හෙයින් දැවේ ද, වායෝ බහුල හෙයින් භ්‍රමණය වෙයි ද, මෙය සසම්භාර චක්‍ඛු නමි.

යො පනෙත්‍ථ සිතො එත්‍ථ පටිබද‍්ධො චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො, ඉදං පසාදචක‍්ඛු නාම. තදෙතං තස‍්ස සසම‍්භාරචක‍්ඛුනො සෙතමණ‍්ඩලපරික‍්ඛිත‍්තස‍්ස කණ‍්හමණ‍්ඩලස‍්ස මජ‍්ඣෙ, අභිමුඛෙ ඨිතානං සරීරසණ‍්ඨානුප‍්පත‍්තිදෙසභූතෙ දිට‍්ඨිමණ‍්ඩලෙ, සත‍්තසු පිචුපටලෙසු ආසිත‍්තතෙලං පිචුපටලානි විය, සත‍්තක‍්ඛිපටලානි බ්‍යාපෙත්‍වා, ධාරණන‍්හාපනමණ‍්ඩනබීජනකිච‍්චාහි චතූහි ධාතීහි ඛත‍්තියකුමාරො විය, සන්‍ධාරණආබන්‍ධනපරිපාචනසමුදීරණකිච‍්චාහි චතූහි ධාතූහි කතූපකාරං, උතුචිත‍්තාහාරෙහි උපත්‍ථම‍්භියමානං, ආයුනා අනුපාලියමානං, වණ‍්ණගන්‍ධරසාදීහි පරිවුතං, පමාණතො ඌකාසිරමත‍්තං, චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං යථාරහං වත්‍ථුද‍්වාරභාවං සාධයමානං තිට‍්ඨති. වුත‍්තම‍්පි චෙතං ධම‍්මසෙනාපතිනා –

මෙහි යමක් සුදු ද මෙහි බැඳුණු සතර මහා භූතයන්ගේ උපාදාය ප්‍රසාදයක් වේ ද, මෙය ප්‍රසාදචක්‍ෂු නමි. මෙය ඒ සසම්භාර චක්‍ෂුසෙහි සෙවන මණ්ඩලයෙන් වටවුණු කෘෂ්ණා මණ්ඩලය මැද ඉදිරියෙහි සිටියවුන්ගේ ශරීර සටහන් උත්පාදන ප්‍රදේශය වූ දෘෂ්ටි මණ්ඩලයෙහි පුලුන්පටල සතෙක ඉසින ලද තෙල පුලුන්පටල (පැතිර පවත්නා) මෙන් ඇස්පටල සතෙහි පැතිර කිරිමවුන් සතරදෙනකුන් විසින් දැරීම නෑවීම සැරසීම පවන් සැලීම යන කෘත්‍යයන්ගෙන් රජකුමරකු මෙන් දැරිම බැඳීම පැසවීම කම්පනය යන කෘත්‍යයන්ගෙන් සතරධාතුන් විසින් කරන ලද උපකාර ඇතිව ඍතු චිත්තාහාරයන් විසින් උපස්ථම්භනය කරනු ලබමින් ආයුෂය විසින් පාලනය කරනු ලබමින් වර්ණගන්‍ධරසාදීන් විසින් පිරිවරන ලදුව ප්‍රමාණයෙන් උකුණුහිසක් පමණැතිව චක්‍ෂුර්විඥානාදීන්ට සුදුසු පරිදි වස්තුද්වාරභාවය සිදුකරමින් සිටී. මෙය දම්සෙනවි සැරියුත් තෙරුන් විසින් ද කියන ලදී.

“යෙන චක‍්ඛුප‍්පසාදෙන, රූපානි මනුපස‍්සති; පරිත‍්තං සුඛුමං එතං, ඌකාසිරසමූපම”න‍්ති.

යෙන චක්‍ඛුප්පසාදෙන රූපානි මනුපස්සති පරිත්තං සුඛුමං චෙතං ඌකායිරසමූපමනති

යම් චක්‍ෂුප්‍රසාදයක් විසින් රූප දක්නා ලැබේ ද, එය කුඩාය සියුම්ය උකුණුහිසකට බඳු උපමා ඇත්තේය.

චක‍්ඛු ච තං ආයතනඤ‍්චාති චක‍්ඛායතනං. යං චක‍්ඛු චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදොති ඉධාපි උපයොගත්‍ථෙයෙව සාමිවචනං; චත‍්තාරි මහාභූතානි උපාදියිත්‍වා පවත‍්තප‍්පසාදොති අත්‍ථො. ඉමිනා පසාදචක‍්ඛුමෙව ගණ‍්හාති, සෙසචක‍්ඛුං පටික‍්ඛිපති. යං පන ඉන්‍ද්‍රියගොචරසුත‍්තෙ “එකං මහාභූතං උපාදාය පසාදො පථවීධාතුයා තීහි මහාභූතෙහි සඞ‍්ගහිතො ආපොධාතුයා ච තෙජොධාතුයා ච වායොධාතුයා ච,” චතුපරිවත‍්තසුත‍්තෙ “ද‍්වින‍්නං මහාභූතානං උපාදාය පසාදො පථවීධාතුයා ච ආපොධාතුයා ච ද‍්වීහි මහාභූතෙහි සඞ‍්ගහිතො තෙජොධාතුයා ච වායොධාතුයා චා”ති වුත‍්තං, තං පරියායෙන වුත‍්තං. අයඤ‍්හි සුත‍්තන‍්තිකකථා නාම පරියායදෙසනා . යො ච චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො සො තෙසු එකෙකස‍්සාපි දින‍්නං ද‍්වින‍්නම‍්පි පසාදොයෙවාති ඉමිනා පරියායෙන තත්‍ථ දෙසනා ආගතා. අභිධම‍්මො පන නිප‍්පරියායදෙසනා නාම. තස‍්මා ඉධ ‘චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො’ති වුත‍්තං.

චක්‍ෂුවත් එයයි. ආයතනයත් එයයි යනු = චක්‍ඛායතනයයි. යං චක්‍ඛු චතුන්නං මහාභූතානං උපාදාය පසාදො යැයි මෙහිද උපයෝගාර්ථයෙහි සාමිවචනයමය. සතර මහා භූතයින් දැඩිව ගෙන පවත්නා ප්‍රසාදය යන අර්ථයි. මෙයින් ප්‍රසාදචක්‍ෂුවම ගනී. සෙසු චක්‍ෂුව ප්‍රතික්‍ෂේප කරයි. ඉන්‍ද්‍රිය ගෝචර සූත්‍රයෙහි ‘එකං මහාභූතං උපාදාය පසාදො පඨවිධාතුයා තීහි මහාභූතෙහි සුසංගහීතො ආපොධාතුයා ච තෙජොධාතුයා ච වායොධාතුයා ච’ (කියා ද) චතුපරිවත්ත සූත්‍රයෙහි ‘ද්වින්නං මහාභූතානං උපාදාය පසාදො (චක්‍ඛුමෙව ගණ්හාති සෙසු චක්‍ඛුං) පඨවි ධාතුයා ච ආපොධාතුයා ච ද්වීහි මහාභූතෙහි සුසංගහිතො තෙජොධාතුයා ච වායොධාතුයා ච’ යැයි යමක් කියන ලද ද, එය පර්යාය වශයෙන් කියන ලදී. මේ වනාහි සූත්‍රාන්තික කථා නම් පර්යාය දේශනාය, සතරමහාභූතයන්ගේ යම් උපාදාය ප්‍රසාදයක් වේද එය ඔවුනතුරෙන් එකෙකුට එකෙකුට ද දෙදෙනෙකුට දෙදෙනෙකුට ද ප්‍රසාදය වේ මැයි මේ පර්යායයෙන් දේශනාව ආවේය. අභිධර්මය වනාහි නිෂ්පර්යාය දේශනා නම් වේ. එහෙයින් චතුන්නං මහාභූතානං උපාදාය පසාදො යැයි කියන ලදී.

‘අයං මෙ අත‍්තා’ති බාලජනෙන පරිග‍්ගහිතත‍්තා අත‍්තභාවො වුච‍්චති සරීරම‍්පි ඛන්‍ධපඤ‍්චකම‍්පි. තස‍්මිං පරියාපන‍්නො තන‍්නිස‍්සිතොති අත‍්තභාවපරියාපන‍්නො චක‍්ඛුවිඤ‍්ඤාණෙන පස‍්සිතුං න සක‍්කාති අනිදස‍්සනො. පටිඝට‍්ටනානිඝංසො එත්‍ථ ජායතීති සප‍්පටිඝො.

බාලජනයා විසින් මේ මාගේ ආත්මය යැයි ගන්නා ලද හෙයින් ශරීරයක් ස්කන්‍ධ පංචයත් අත්තභාවය යැයි කියනු ලැබේ. එහි අන්තර්ගත වූයේය. එය ඇසුරු කරන ලද්දේය යනු = අත්තභාව පරියාපත්තො ය. ප්‍රතිඝට්ටනය උරාගැනීම මෙහි සිදුවේ යනු = අනිදස්සනො ය. ප්‍රතිඝට්ටනය උරාගැනීම මෙහි සිදුවේ යනු = සප්පටිඝය,

යෙනාතිආදීසු අයං සඞ‍්ඛෙපත්‍ථො – යෙන කරණභූතෙන චක‍්ඛුනා අයං සත‍්තො ඉදං වුත‍්තප‍්පකාරං රූපං අතීතෙ පස‍්සි වා, වත‍්තමානෙ පස‍්සති වා, අනාගතෙ පස‍්සිස‍්සති වා, සචස‍්ස අපරිභින‍්නං චක‍්ඛු භවෙය්‍ය, අථානෙන ආපාථගතං රූපං පස‍්සෙ වා, අතීතං වා රූපං අතීතෙන චක‍්ඛුනා පස‍්සි, පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නෙන පස‍්සති, අනාගතං අනාගතෙන පස‍්සිස‍්සති, සචෙ තං රූපං චක‍්ඛුස‍්ස ආපාථං ආගච‍්ඡෙය්‍ය චක‍්ඛුනා තං රූපං පස‍්සෙය්‍යාති ඉදමෙත්‍ථ පරිකප‍්පවචනං. දස‍්සනපරිණායකට‍්ඨෙන චක‍්ඛුංපෙතං, සඤ‍්ජාතිසමොසරණට‍්ඨෙන චක‍්ඛායතනංපෙතං, සුඤ‍්ඤතභාවනිස‍්සත‍්තට‍්ඨෙන චක‍්ඛුධාතුපෙසා. දස‍්සනලක‍්ඛණෙ ඉන්‍දට‍්ඨං කාරෙතීති චක‍්ඛුන්‍ද්‍රියංපෙතං. ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන ලොකොපෙසො. වළඤ‍්ජනට‍්ඨෙන ද‍්වාරාපෙසා. අපූරණීයට‍්ඨෙන සමුද‍්දොපෙසො. පරිසුද‍්ධට‍්ඨෙන පණ‍්ඩරංපෙතං. ඵස‍්සාදීනං අභිජායනට‍්ඨෙන ඛෙත‍්තංපෙතං. තෙසංයෙව පතිට‍්ඨානට‍්ඨෙන වත්‍ථුංපෙතං. සමවිසමං දස‍්සෙන‍්තං අත‍්තභාවං නෙතීති නෙත‍්තංපෙතං. තෙනෙවට‍්ඨෙන නයනංපෙතං . සක‍්කායපරියාපන‍්නට‍්ඨෙන ඔරිමං තීරංපෙතං. බහුසාධාරණට‍්ඨෙන අස‍්සාමිකට‍්ඨෙන ච සුඤ‍්ඤො ගාමොපෙසොති.

යෙන යනාදියෙහි මේ සංක්‍ෂේපාර්ථයයි. හේතභූත යම් ඇසකින් මේ සත්ත්වයා කියන ලද ආකාර ඇති මේ රූපය අතීතයේ දුටුයේ හෝ වර්තමානයේ දක්නේ හෝ අනාගතයේ දකින්නේ හෝ වේ ද, ඔහුට අසම්භින්න චක්‍ෂුසක් වන්නේ ද, ඉක්බිති ආපාථගත රූපය දක්නේ හෝ අතීත රූපය අතීත ඇසින් දුටුයේ හෝ වේ ද, වර්තමාන රූපය වර්තමාන ඇසින් දක්නේ හෝ වේ ද, අනාගත රූපය අනාගත ඇසින් බලන්නේ හෝ වේ ද, ඒ රූපය ඇස් හමුවට පැමිණේ ද ඇසින් රූපය බලන්නේය යන මෙය මෙහි පරිකල්පන වචනයයි. දර්ශන පරිතායකාර්ථයෙන් මෙය චක්‍ඛුය. ස්වජාතීන් එක්රැස් කිරීම් අර්ථයෙන් මෙය චක්‍ඛායතන ද වේ. ශුන්‍යතා ස්වභාවයෙන් නිස්සත්‍වාර්ථයෙන් මෙය චක්‍ඛුධාතු ය. දර්ශන ලක්‍ෂණයෙහි අධිපති අර්ථය කරවයි යනු මෙය = චක්‍ඛුන්‍ද්‍රියයි. බිඳෙන චිනාශවන අර්ථයෙන් මෙය = ලොකො ය. වලඤ්ජනාර්ථයෙන් මෙය = ද්වාර ද වෙයි. නොපිරවිය හැකි යන අර්ථයෙන් මෙය = සමුද්ද ද වෙයි. පරිශුද්ධාර්ථයෙන් මෙය පණ්ඩර ද වෙයි. ස්පර්ශාදීන්ගේ හටගැනීම් අර්ථයෙන් මෙය ඛෙත්ත ද වෙයි. ඔවුන්ටම ප්‍රතිෂ්ඨානයක යන අර්ථයෙන් මෙය වත්‍ථු ද වෙයි. සමවිසම දක්වන ආත්මභාවය පමුණයි යනු මෙය = නෙත්ත ද වෙයි. එම අර්ථයෙන්ම මෙය නයන ද වෙයි. සක්කායයෙහි අන්තර්ගත හෙයින් මෙය ඔරිමංතීරං ය. බහුසාධාරණ අර්ථයෙන් ද අස්වාධිකාර්ථයෙන් ද මෙය සුඤ්ඤොගාමො ද වෙයි. යැයි

එත‍්තාවතා ‘පස‍්සි වා’තිආදීහි චතූහි පදෙහි චක‍්ඛුංපෙතන‍්තිආදීනි චුද‍්දස නාමානි යොජෙත්‍වා චක‍්ඛායතනස‍්ස චත‍්තාරො වවත්‍ථාපනනයා වුත‍්තාති වෙදිතබ‍්බා. කථං? එත්‍ථ හි යෙන චක‍්ඛුනා අනිදස‍්සනෙන සප‍්පටිඝෙන රූපං සනිදස‍්සනං සප‍්පටිඝං පස‍්සි වා චක‍්ඛුංපෙතං…පෙ… සුඤ‍්ඤො ගාමොපෙසො, ඉදං තං රූපං චක‍්ඛායතනන‍්ති අයමෙකො නයො. එවං සෙසාපි වෙදිතබ‍්බා.

මෙතෙකින් පස්සී හෝ ආදී පද සතරෙන් චක්‍ඛුම්පෙතං යනාදී තුදුස් නම් යොදා චක්‍ඛායතනයට ව්‍යවස්ථාපන නය සතරක් කියන ලදැයි දතයුතුයි. කෙසේද යත්, මෙය වනාහි යෙන චක්‍ඛුනා අනිදස්සනෙන සප්පටිඝෙන රූපං සනිදස්සනං සප්පටිඝං පස්සී වා චක්‍ඛුම්පෙතං -පෙ සුඤ්ඤොගාමො පෙසො, ඉදං තං රූපං චක්‍ඛායතනං යන මෙය එක් නයකි. සෙස්ස ද මෙසේ දතයුතුයි.

ඉදානි යස‍්මා විජ‍්ජුනිච‍්ඡරණාදිකාලෙසු අනොලොකෙතුකාමස‍්සාපි රූපං චක‍්ඛුපසාදං ඝට‍්ටෙති, තස‍්මා තං ආකාරං දස‍්සෙතුං දුතියො නිද‍්දෙසවාරො ආරද‍්ධො. තත්‍ථ යම‍්හි චක‍්ඛුම‍්හීති යම‍්හි අධිකරණභූතෙ චක‍්ඛුම‍්හි. රූපන‍්ති පච‍්චත‍්තවචනමෙතං. තත්‍ථ පටිහඤ‍්ඤි වාති අතීතත්‍ථො. පටිහඤ‍්ඤති වාති පච‍්චුප‍්පන‍්නත්‍ථො. පටිහඤ‍්ඤිස‍්සති වාති අනාගතත්‍ථො. පටිහඤ‍්ඤෙ වාති විකප‍්පනත්‍ථො. අතීතඤ‍්හි රූපං අතීතෙ චක‍්ඛුස‍්මිං පටිහඤ‍්ඤි නාම. පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නෙ පටිහඤ‍්ඤති නාම. අනාගතං අනාගතෙ පටිහඤ‍්ඤිස‍්සති නාම. සචෙ තං රූපං චක‍්ඛුස‍්ස ආපාථං ආගච‍්ඡෙය්‍ය, චක‍්ඛුම‍්හි පටිහඤ‍්ඤෙය්‍ය තං රූපන‍්ති අයමෙත්‍ථ පරිකප‍්පො. අත්‍ථතො පන පසාදං ඝට‍්ටයමානමෙව රූපං පටිහඤ‍්ඤති නාම. ඉධාපි පුරිමනයෙනෙව චත‍්තාරො වවත්‍ථාපනනයා වෙදිතබ‍්බා.

දැන් යම්හෙයකින් විදුලිය නික්මෙන කාලාදියෙහි නොබලනු කැමැත්තෙකුගේ චක්‍ෂුප්‍රසාදයෙහි රූපය ගැටෙයි. එහෙයින් ඒ ආකාරය දක්වන්නට ද්විතීය නිර්දේශවාරය පටන්ගන්නා ලදී. එහි යම්හි චක්‍ඛුම්හි යනු හේතුභූත යම් ඇසක, රූපං යන මෙය ප්‍රථම වචනයි. එහි පටිහඤ්ඤි වා යනු අතීතාර්ථයයි. පටිහඤ්ඤති වා යනු වර්තමානාර්ථයි. පටිහඤ්ඤස්සති වා යනු අනාගතාර්ථයි. පටිහඤ්ඤෙ වායනු විකල්පනාර්ථයි. අතීත රූපය අතීත ඇසෙහි ගැටුණේ නම් වෙයි. වර්තමාන රූපය වර්තමාන ඇසෙහි ගැටෙයි නම් වේ. අනාගත රූපය අනාගත ඇසෙහි ගැටෙන්නේය නම් වේ. ඒ රූපය ඇස් හමුවට පැමිණේ ද ඇසෙහි ගැටේ ද ඒ රූපයයි යනු මෙහි පරිකල්පයයි. අර්ථ වශයෙන් වනාහි ප්‍රසාදයෙහි ගැටෙන රූපයම ගැටෙයි නම් වේ. මෙහිද පළමු නයින්ම ව්‍යවස්ථාපන නය සතර දතයුතුයි.

ඉදානි යස‍්මා අත‍්තනො ඉච‍්ඡාය ඔලොකෙතුකාමස‍්ස රූපෙ චක‍්ඛුං උපසංහරතො චක‍්ඛු රූපස‍්මිං පටිහඤ‍්ඤති, තස‍්මා තං ආකාරං දස‍්සෙතුං තතියො නිද‍්දෙසවාරො ආරද‍්ධො. සො අත්‍ථතො පාකටොයෙව. එත්‍ථ පන චක‍්ඛු ආරම‍්මණං සම‍්පටිච‍්ඡමානමෙව රූපම‍්හි පටිහඤ‍්ඤති නාම. ඉධාපි පුරිමනයෙනෙව චත‍්තාරො වවත්‍ථාපනනයා වෙදිතබ‍්බා.

දැන් යම්හෙයකින් තමාගේ කැමැත්තෙන් බලනු කැමතිව රූපයෙහි ඇස එළවන්නහුගේ ඇස රූපයෙහි ගැටෙයි. එහෙයින් ඒ ආකාරය දක්වන්නට තෙවන නිර්දේශවාරය පටන්ගන්නා ලදී. එය අර්ථ වශයෙන් ප්‍රකටමය. මෙහි වනාහි ඇස අරමුණ පිළිගනිත්ම රූපයෙහි ගැටෙන්නේ නම් වේ. මෙහිද පළමු නයින්ම ව්‍යවස්ථාපන නය සතර දතයුතුයි.

ඉතො පරං ඵස‍්සපඤ‍්චමකානං උප‍්පත‍්තිදස‍්සනවසෙන පඤ‍්ච, තෙසංයෙව ආරම‍්මණපටිබද‍්ධඋප‍්පත‍්තිදස‍්සනවසෙන පඤ‍්චාති, දස වාරා දස‍්සිතා. තත්‍ථ චක‍්ඛුං නිස‍්සායාති චක‍්ඛුං නිස‍්සාය, පච‍්චයං කත්‍වා. රූපං ආරබ‍්භාති රූපාරම‍්මණං ආගම‍්ම, සන්‍ධාය, පටිච‍්ච. ඉමිනා චක‍්ඛුපසාදවත්‍ථුකානං ඵස‍්සාදීනං පුරෙජාතපච‍්චයෙන චක‍්ඛුද‍්වාරජවනවීථිපරියාපන‍්නානං ආරම‍්මණාධිපතිආරම‍්මණූපනිස‍්සයපච‍්චයෙහි රූපස‍්ස පච‍්චයභාවො දස‍්සිතො. ඉතරෙසු පඤ‍්චසු වාරෙසු රූපං ආරම‍්මණමස‍්සාති රූපාරම‍්මණොති එවං ආරම‍්මණපච‍්චයමත‍්තෙනෙව පච‍්චයභාවො දස‍්සිතො. යථා පන පුරිමෙසු තීසු, එවං ඉමෙසුපි දසසු වාරෙසු චත‍්තාරො චත‍්තාරො වවත්‍ථාපනනයා වෙදිතබ‍්බා. එවං කතමං තං රූපං චක‍්ඛායතනන‍්ති පුච‍්ඡාය උද‍්ධටං චක‍්ඛුං ‘ඉදං ත’න‍්ති නානප‍්පකාරතො දස‍්සෙතුං, පුරිමා තයො, ඉමෙ දසාති, තෙරස නිද‍්දෙසවාරා දස‍්සිතා. එකෙකස‍්මිඤ‍්චෙත්‍ථ චතුන‍්නං චතුන‍්නං වවත්‍ථාපනනයානං ආගතත‍්තා ද‍්විපඤ‍්ඤාසාය නයෙහි පටිමණ‍්ඩෙත්‍වාව දස‍්සිතාති වෙදිතබ‍්බා.

ඉන් පසුව ඵස්ස පංචමකයන්ගේ උත්පත්ති දැක්වීම් වශයෙන් පසක් ද ඔවුන්ගේම අරමුණු පිළිබඳ උත්පත්ති දැක්වීම් වශයෙන් පසක්දැයි වාර දහයක් දක්වන ලදී. එහි චක්‍ඛු නිස්සාය යනු ඇස නිශ්‍රය කොටගෙන ප්‍රත්‍යය කොටගෙන, රූපං ආරබ්හ යනු රූපාරම්මණයට පැමිණ සඳහා පිණිස, මේ චක්‍ෂුප්‍රසාදිය වස්තුකොටගත් ස්පර්ශාදීන්ට පුරේජාත ප්‍රත්‍යය වශයෙන් චක්‍ෂුද්වාර ජවන වීථියෙහි ඇතුළත් වූවන්ට ආරම්මණාධිපති ආරම්මණ උපනිශ්‍රය වශයෙන් රූපයාගේ ප්‍රත්‍යයබව දක්වන ලදී. ඉතිරි පංච ද්වාරයන්හි රූපාරම්මණය මොහුටය යන රූපාරම්මණො යැයි මෙසේ ආරම්මණ ප්‍රත්‍යය මාත්‍රයෙන්ම ප්‍රත්‍යය භාවය දක්වන ලදී. පළමු තුනෙහි මෙන්ම මේ (දස) වාරයන්හි (ද) ව්‍යවස්ථාපන නය සතර සතර බැගින් බව දතයුතුයි. මෙසේ කතමං තං රූපං චක්‍ඛායතනං යන විචාරීමෙන් උද්ධෘත චක්‍ඛුං ඉදං (යන) පාලිය නන්අයුරින් දක්වන්නට පළමු තුනත් මේ දහයත් යන තෙළෙස් නිර්දේශවාර දක්වන ලදී. මෙහිද එකෙක එකෙක ව්‍යවස්ථාපන නය සතර සතර බැගින් ආ හෙයින් දෙපනස් නයකින් සරසාම දක්වන ලදැයි දතයුතුයි.

ඉතො පරෙසු සොතායතනාදිනිද‍්දෙසෙසුපි එසෙව නයො. විසෙසමත‍්තං පනෙත්‍ථ එවං වෙදිතබ‍්බං – සුණාතීති සොතං. තං සසම‍්භාරසොතබිලස‍්ස අන‍්තො තනුතම‍්බලොමාචිතෙ අඞ‍්ගුලිවෙධකසණ‍්ඨානෙ පදෙසෙ වුත‍්තප‍්පකාරාහි ධාතූහි කතූපකාරං, උතුචිත‍්තාහාරෙහි උපත්‍ථම‍්භියමානං, ආයුනා අනුපාලියමානං, වණ‍්ණාදීහි පරිවුතං සොතවිඤ‍්ඤාණාදීනං යථාරහං වත්‍ථුද‍්වාරභාවං සාධයමානං තිට‍්ඨති.

මෙයින් පසු සෝතායතනාදී නිර්දේශයන්හි ද මේ නයමය. මෙහි විශේෂමාත්‍රය මෙසේ දතයුතුයි. අසානුයි = සොත ය. එය සසම්භාර කන්බිල තුළ ඇති තඹලොම් සමූහයකින් (කළ) ඇඟිලි වෙළුමක සටහන් ඇති පෙදෙසක උක්තප්‍රකාර ධාතුන් විසින් කරන ලද උපකාර ඇතිව ඍතු චිත්තාරයන් විසින් උපස්ථම්භනය කරනු ලබමින් ආයුෂය විසින් පාලනය කරනු ලබමින් වර්ණාදීන් විසින් පිරිවරන ලදුව ශ්‍රෝත විඥානාදීන්ට සුදුසු පරිදි වස්තු ද්වාරභාවය සිදුකරමින් සිටී.

ඝායතීති ඝානං. තං සසම‍්භාරඝානබිලස‍්ස අන‍්තො අජප‍්පදසණ‍්ඨානෙ පදෙසෙ යථාවුත‍්තප‍්පකාරඋපකාරුපත්‍ථම‍්භනානුපාලනපරිවාරං හුත්‍වා ඝානවිඤ‍්ඤාණාදීනං යථාරහං වත්‍ථුද‍්වාරභාවං සාධයමානං තිට‍්ඨති.

ආඝ්‍රාණය කෙරේ නුයි = ඝාණ ය. එය සසම්භාර නැහැබිලි තුළ එළුපා සටහන් ඇති පෙදෙසක පෙර කියන ලද ආකාර උපකාර උපස්ථම්භන අනුපාලන පිරිවරාගෙන ඝාණවිඥානාදීන්ට සුදුසු පරිදි වස්තුද්වාරභාවය සිදුකරමින් සිටී.

සායනට‍්ඨෙන ජිව‍්හා. සා සසම‍්භාරජිව‍්හාමජ‍්ඣස‍්ස උපරි උප‍්පලදලග‍්ගසණ‍්ඨානෙ පදෙසෙ යථාවුත‍්තප‍්පකාරඋපකාරුපත්‍ථම‍්භනානුපාලනපරිවාරා හුත්‍වා ජිව‍්හාවිඤ‍්ඤාණාදීනං යථාරහං වත්‍ථුද‍්වාරභාවං සාධයමානා තිට‍්ඨති.

සායනාර්ථයෙන් = ජිව්හා ය. එය සසම්භාර දිව මැද මත්තෙහි උපුල්පෙති අග සටහන් ඇති පෙදෙසක පූර්වෝකප්‍රකාර උපකාර උපස්ථම්භන අනුපාලන පිරිවරැතිව ජීව්හා විඥානාදීන්ට සුදුසු පරිදි වස්තුද්වාරභාවය සිදු කරමින් සිටී.

යාවතා පන ඉමස‍්මිං කායෙ උපාදිණ‍්ණකරූපං නාම අත්‍ථි, සබ‍්බත්‍ථ කායායතනං, කප‍්පාසපටලෙ ස‍්නෙහො විය, යථාවුත‍්තප‍්පකාරඋපකාරුපත්‍ථම‍්භනානුපාලනපරිවාරමෙව හුත්‍වා කායවිඤ‍්ඤාණාදීනං යථාරහං වත්‍ථුද‍්වාරභාවං සාධයමානං තිට‍්ඨති. අයමෙත්‍ථ විසෙසො. සෙසො පාළිප‍්පභෙදො ච අත්‍ථො ච චක‍්ඛුනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. කෙවලඤ‍්හි ඉධ චක‍්ඛුපදස‍්ස ඨානෙ සොතපදාදීනි, රූපපදස‍්ස ඨානෙ සද‍්දපදාදීනි, පස‍්සීති ආදීනං ඨානෙ සුණීතිආදිපදානි ච ආගතානි. ‘නෙත‍්තංපෙතං , නයනංපෙත’න‍්ති ඉමස‍්ස ච පදද‍්වයස‍්ස අභාවා ද‍්වාදස ද‍්වාදස නාමානි හොන‍්ති. සෙසං සබ‍්බත්‍ථ වුත‍්තසදිසමෙව.

මේ කයෙහි යම්තාක් උපාදින්නක රූපය වේ ද (එය) කායායතනයෙහි සෑම තැනකම කපු පටලයෙහි තෙල උක්තප්‍රකාර උපකාර උපස්ථම්භන අනුපාලන පරිවාරම වී කායවිඥානාදියට සුදුසු පරිදි වස්තුද්වාර භාවය සිදුකරමින් සිටී. මේ මෙහි වෙනසයි. සෙසු පාලි ප්‍රභේද ද අර්ථය ද චක්‍ෂු නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි. හුදෙක් මෙහි වනාහි චක්‍ඛු යන පදය යෙදු තැන සොත ආදී පද ද රූප යන පදය යෙදූ තැන සද්ද ආදී පද ද පස්සි යන ආදීපදයන් යෙදූ තැන්වල ආදි යන පද තුන ද ආයේය. නෙත්තම්පෙතංනයනම්පෙතං යනමේ පද දෙක නැති හෙයින් නාම දොළොස දොළොස බැගින් වෙයි. සෙස්ස සියලු තැන්හි කියන ලද සමානමය.

තත්‍ථ සියා – යදි යාවතා ඉමස‍්මිං කායෙ උපාදිණ‍්ණකරූපං නාම අත්‍ථි, සබ‍්බත්‍ථ කායායතනං, කප‍්පාසපටලෙ ස‍්නෙහො විය. ‘එවං සන‍්තෙ ලක‍්ඛණසම‍්මිස‍්සතා ආපජ‍්ජතී’ති. ‘නාපජ‍්ජතී’ති. ‘කස‍්මා’? ‘අඤ‍්ඤස‍්ස අඤ‍්ඤත්‍ථ අභාවතො’. ‘යදි එවං, න සබ‍්බත්‍ථ කායායතන’න‍්ති? ‘නෙව පරමත්‍ථතො සබ‍්බත්‍ථ. විනිබ‍්භුජිත්‍වා පනස‍්ස නානාකරණං පඤ‍්ඤාපෙතුං න සක‍්කා, තස‍්මා එවං වුත‍්තං. යථා හි රූපරසාදයො, වාලිකාචුණ‍්ණානි විය, විවෙචෙතුං අසක‍්කුණෙය්‍යතාය අඤ‍්ඤමඤ‍්ඤබ්‍යාපිනොති වුච‍්චන‍්ති, න ච පරමත්‍ථතො රූපෙ රසො අත්‍ථි. යදි සියා රූපග‍්ගහණෙනෙව රසග‍්ගහණං ගච‍්ඡෙය්‍ය. එවං කායායතනම‍්පි පරමත්‍ථතො නෙව සබ‍්බත්‍ථ අත්‍ථි, න ච සබ‍්බත්‍ථ නත්‍ථි, විවෙචෙතුං අසක‍්කුණෙය්‍යතායාති. එවමෙත්‍ථ න ලක‍්ඛණසම‍්මිස‍්සතා ආපජ‍්ජතීති වෙදිතබ‍්බා’.

එහි මෙවැන්නක් වන්නේය. මේ කයෙහි කපු පටලයෙක තෙල් මෙන් කායායතනයෙහි සැමතැනම පැතිරුණු උපාදින්නක රූපයක් ඇද්ද, එසේ ඇති කල්හි ලක්‍ෂණය සම්මිශ්‍රණයකට පැමිණේ ද යනුයි. (නො පැමිණේ) කවර හෙයින් ද? අන්තැනෙක අනිකෙකු නැති හෙයිනි. එසේ නම් සැමතැනම කායායතනය නොවේ ද යත්, පරමාර්ථ වශයෙන් නොවේමය. සැමතැනම වෙන්කර මෙහි නානාකරණය පණවන්නට නොහැකිය. එහෙයින් මෙසේ කියන ලදී. රූප රසාදිය වැලිසුණු මෙන් වෙන්කළ නොහැකි බැවින් ඔවුනොවුන් පැතිර පවතී යැයි කියනු ලැබේ. පරමාර්ථ වශයෙහි රසයක් නොමැත. ඉදින් වන්නේ නම් රූපග්‍රහණයෙන්ම ග්‍රහණයට යන්නේය. මෙසේ කායායතනය ද පරමාර්ථ වශයෙන් සැමතැනම (වෙන්කර) නැත. (සැමතැනම) නැත්තේ ද නොවේ. වෙන්කර දක්වන්නට නොහැකි බැවින්ය. මෙසේ මෙහි ලක්‍ෂණ සම්මිශ්‍රතාවක් නොවේයැයි දතයුතුයි.

අපිච ලක‍්ඛණාදිවවත්‍ථාපනතොපෙතෙසං අසම‍්මිස‍්සතා වෙදිතබ‍්බා – එතෙසු හි රූපාභිඝාතාරහභූතප‍්පසාදලක‍්ඛණං දට‍්ඨුකාමතානිදානකම‍්මසමුට‍්ඨානභූතප‍්පසාදලක‍්ඛණං වා චක‍්ඛු, රූපෙසු ආවිඤ‍්ඡනරසං, චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස ආධාරභාවපච‍්චුපට‍්ඨානං, දට‍්ඨුකාමතානිදානකම‍්මජභූතපදට‍්ඨානං.

තවද ලක්‍ෂණාදීන්ගේ ව්‍යවස්ථාපනයෙන් ද මොවුන්ගේ අසම්මිශ්‍රතාව දතයුතුයි. මොවුනතුරෙන් රූපයෙහි ගැටීමට සුදුසු භූතප්‍රසාදය ලක්‍ෂණ කොට ඇති හෝ දට්ඨුකාමතානිදාන වූ කම්මසමුට්ඨාන භූතප්‍රසාදය ලක්‍ෂණ කොට ඇත්තේ හෝ චක්‍ෂුයයි. රූපයන්හි හැසිරීම රසයකොට ඇත්තේය. චක්‍ෂුර් විඥානයට ආධාරභාවය එළඹසිටි ආකාරයයි. දට්ඨුකාමතානිදාන කර්මජභූත ආසන්න කාරණයයි.

සද‍්දාභිඝාතාරහභූතප‍්පසාදලක‍්ඛණං සොතුකාමතානිදානකම‍්මසමුට‍්ඨානභූතප‍්පසාදලක‍්ඛණං වා සොතං, සද‍්දෙසු ආවිඤ‍්ඡනරසං, සොතවිඤ‍්ඤාණස‍්ස ආධාරභාවපච‍්චුපට‍්ඨානං, සොතුකාමතානිදානකම‍්මජභූතපදට‍්ඨානං.

ශබ්දයෙහි ගැටීමට සුදුසු භූත ප්‍රසාදය ලක්‍ෂණකොට ඇත්තේ හෝ සෝතුකාමතා නිදාන කම්ම සමුටට්ඨාන භූතප්‍රසාදය ලක්‍ෂණ කොට ඇත්තේ හෝ ශ්‍රෝතසයි. ශබ්දයන්හි හැසිරීම රසයකොට ඇත්තේය. ශ්‍රෝතවිඥානයට ආධාර එළඹසිටි කාරණය කොට ඇත්තේය. සෝතුකාමතානිදාන කර්මජභූත ආසන්න කාරණය කොට ඇත්තේය.

ගන්‍ධාභිඝාතාරහභූතප‍්පසාදලක‍්ඛණං ඝායිතුකාමතානිදානකම‍්මසමුට‍්ඨානභූතප‍්පසාදලක‍්ඛණං වා ඝානං, ගන්‍ධෙසු ආවිඤ‍්ඡනරසං, ඝානවිඤ‍්ඤාණස‍්ස ආධාරභාවපච‍්චුපට‍්ඨානං ඝායිතුකාමතානිදානකම‍්මජභූතපදට‍්ඨානං.

ගන්‍ධයෙහි ගැටීමට සුදුසු භූත ප්‍රසාද ලක්‍ෂණය හෝ ඝායිතුකාමතා නිදාන කම්ම සමුට්ඨානභූත ප්‍රසාදලක්‍ෂණය හෝ ඇත්තේ ඝාණයයි. ගන්‍ධයෙහි හැසිරීම රසයකොට ඇත්තේය. ඝාණ විඥානයට ආධාරවීම එළඹසිටි කාරණය කොට ඇත්තේය. ඝායිතුකාමතා නිදාන කර්මජභූත ආසන්න කාරණය කොට ඇත්තේය.

රසාභිඝාතාරහභූතප‍්පසාදලක‍්ඛණා සායිතුකාමතානිදානකම‍්මසමුට‍්ඨානභූතප‍්පසාදලක‍්ඛණා වා ජිව‍්හා, රසෙසු ආවිඤ‍්ඡනරසා, ජිව‍්හාවිඤ‍්ඤාණස‍්ස ආධාරභාවපච‍්චුපට‍්ඨානා, සායිතුකාමතානිදානකම‍්මජභූතපදට‍්ඨානා.

රසයෙහි ගැටීමට සුදුසු භූත ප්‍රසාදය ලක්‍ෂණකොට ඇත්තා වූ හෝ ඝායිතුකාමතා නිදාන කම්ම සමුට්ඨාන භූතප්‍රසාදය හෝ ලක්‍ෂණකොට ඇත්තේ ජිව්හාය. රසයන්හි හැසිරිම රසයකොට ඇත්තේය. ජීව්හා විඥානයට ආධාරභාවය එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. ඝායිතුකාමතා නිදාන කර්මජභූත ආසන්න කාරණය කොට ඇත්තේ ය.

ඵොට‍්ඨබ‍්බාභිඝාතාරහභූතප‍්පසාදලක‍්ඛණො ඵුසිතුකාමතානිදානකම‍්මසමුට‍්ඨානභූතප‍්පසාදලක‍්ඛණො වා කායො, ඵොට‍්ඨබ‍්බෙසු ආවිඤ‍්ඡනරසො, කායවිඤ‍්ඤාණස‍්ස ආධාරභාවපච‍්චුපට‍්ඨානො, ඵුසිතුකාමතානිදානකම‍්මජභූතපදට‍්ඨානො.

ස්පර්ශයෙහි ගැටීමට සුදුසු භූතප්‍රසාද ලක්‍ෂණය හෝ ඵුසිතුකාතොනිදාන කම්මසමුට්ඨාන ප්‍රසාද ලක්‍ෂණය හෝ ඇත්තේ කායයි. පොට්ඨබ්බයන්හි හැසිරිම රසයකොට ඇත්තේය. කාය විඥානයට ආධාරභාවය එළඹසිටි කාරණය කොට ඇත්තේය. ඵුසිතුකාමතානිදාන කර්මජභූත ආසන්න කාරණය කොට ඇත්තේය.

කෙචි පන ‘තෙජාධිකානං භූතානං පසාදො චක‍්ඛු, වායුපථවීආපාධිකානං භූතානං පසාදා සොතඝානජිව‍්හා, කායො සබ‍්බෙස’න‍්ති වදන‍්ති. අපරෙ ‘තෙජාධිකානං පසාදො චක‍්ඛු, විවරවායුආපපථවාධිකානං පසාදා සොතඝානජිව‍්හාකායා’ති වදන‍්ති. තෙ වත‍්තබ‍්බා – ‘සුත‍්තං ආහරථා’ති. අද‍්ධා සුත‍්තමෙව න දක‍්ඛිස‍්සන‍්ති. කෙචි පනෙත්‍ථ ‘තෙජාදීනං ගුණෙහි රූපාදීහි අනුග‍්ගය‍්හභාවතො’ති කාරණං වදන‍්ති. තෙ ච වත‍්තබ‍්බා – ‘කො පනෙවමාහ – රූපාදයො තෙජාදීනං ගුණා’ති? අවිනිබ‍්භොගෙසු හි රූපෙසු ‘අයං ඉමස‍්ස ගුණො, අයං ඉමස‍්ස ගුණො’ති න ලබ‍්භා වත‍්තුං. අථාපි වදෙය්‍යුං – ‘යථා තෙසු තෙසු සම‍්භාරෙසු තස‍්ස තස‍්ස භූතස‍්ස අධිකතාය පථවීආදීනං සන්‍ධාරණාදීනි කිච‍්චානි ඉච‍්ඡථ, එවං තෙජාදිඅධිකෙසු සම‍්භාරෙසු රූපාදීනං අධිකභාවදස‍්සනතො ඉච‍්ඡිතබ‍්බමෙතං රූපාදයො තෙසං ගුණා’ති. තෙ වත‍්තබ‍්බා – ඉච‍්ඡෙය්‍යාම , යදි ආපාධිකස‍්ස ආසවස‍්ස ගන්‍ධතො පථවීඅධිකෙ කප‍්පාසෙ ගන්‍ධො අධිකතරො සියා, තෙජාධිකස‍්ස ච උණ‍්හොදකස‍්ස වණ‍්ණතොපි සීතූදකස‍්ස වණ‍්ණො පරිහායෙථ. යස‍්මා පනෙතං උභයම‍්පි නත්‍ථි, තස‍්මා පහායෙථෙතං එතෙසං නිස‍්සයභූතානං විසෙසකප‍්පනං, යථා අවිසෙසෙපි එකකලාපෙ භූතානං රූපරසාදයො අඤ‍්ඤමඤ‍්ඤං විසදිසා හොන‍්ති, එවං චක‍්ඛුපසාදාදයො, අවිජ‍්ජමානෙපි අඤ‍්ඤස‍්මිං විසෙසකාරණෙති ගහෙතබ‍්බමෙතං.

ඇතැම් කෙනෙක් තේජාධික භූතයන්ගේ ප්‍රසාදය චක්‍ෂුසය, වායෝ පඨවි ආපෝ අධික භූතයන්ගේ ප්‍රසාදයෝ සෝත ඝාණ ජිව්හා යන මොව්හුය. කය සියල්ලගේම යැයි කියත්. තවත් කෙනෙක් තේජාධිකයන්ගේ ප්‍රසාදය චක්‍ෂුසය, විවරවායු ආප පඨවි අධිකයන්ගේ (ප්‍රසාදයෝ) සෝත ඝාණ ජීව්හා කාය යෝ යැයි කියත්. ඔව්හු නොකිය යුත්තක් ඉදිරිපත් කරත්. ඒකාන්තයෙන් සූත්‍රය නම් නොදකිත්. මෙහිදී තවත් කෙනෙක් තේජාදීන්ගේ ගුණයන් වූ රූපාදීන් සමග අනුග්‍රහ භාවයෙන් යැයි කරුණු කියත්. ඔව්හු ද රූපාදීහු තේජාදීන්ගේ ගුණයෝ යැයි කවුරු මෙසේ කියත්දැයි කිවයුත්තාහ. අවිනිර්භෝග භූතවිෂයෙහි (මෙය මෙහි ගුණයයි) මේ මෙහි ගුණයයි කියන්නට නොලැබේ. යළිදු ඒ ඒ සම්භාරයන්හි ඒ ඒ භූත අධිකත්වයෙන් පෘථුවි ආදීන්ගේ සන්ධාරණාදී කෘත්‍යයන් කැමතිවව් යැයි කියත් නම්, මෙසේ තේජාදිය අධික සම්භාරයන්හි රූපාදීන්ගේ අධිකභාවය දැක්වීමෙන් රූපාදීහු ඔවුන්ගේ ගුණයෝය යන්න කැමති විය යුතුය. කැමති වන්නෙමුයි ඔව්හු කිවයුත්තෝ ය. ආපෝ අධික ආශ්‍රවයේ ගන්‍ධයෙන් පෘථිවි අධික කපු පුලුනෙහි ගන්‍ධය අධිකතර වන්නේ නම්, ගන්‍ධයෙන් පෘථිවි අධික කපු පුලුනෙහි ගන්‍ධය අධිකතර වන්නේ නම් තේජෝ අධික උණුදියෙහි වර්ණයෙන් සිහිල් දියේ වර්ණය ද පිරිහෙන්නේය. යම්හෙයකින් මේ දෙකම නැත්ද, එහෙයින් මොවුන්ට නිශ්‍රය වූ විශේෂ කල්පනය අත්හැර යම්සේ අවිශේෂ වූ ද (එක් කලාපයෙක) භූතයන්ගේ රූපරසාදිය ඔවුනොවුන්ට විසදෘශ වේ ද, මෙසේ චක්‍ෂු ප්‍රසාදාදීහු අන්‍යවිශේෂ කාරණයක් අවිද්‍යමාන (නැති) කල්හි ද මෙය ගතයුතුයි යනුයි.

කිං පන තං යං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස අසාධාරණං? කම‍්මමෙව නෙසං විසෙසකාරණං. තස‍්මා කම‍්මවිසෙසතො එතෙසං විසෙසො, න භූතවිසෙසතො. භූතවිසෙසෙ හි සති පසාදොව නුප‍්පජ‍්ජති. සමානානඤ‍්හි පසාදො, න විසමානානන‍්ති පොරාණා. එවං කම‍්මෙවිසසතො විසෙසවන‍්තෙසු ච එතෙසු චක‍්ඛුසොතානි අසම‍්පත‍්තවිසයග‍්ගාහකානි අත‍්තනො නිස‍්සයං අනල‍්ලීනනිස‍්සයෙ එව විසයෙ විඤ‍්ඤාණහෙතුත‍්තා. ඝානජිව‍්හාකායා සම‍්පත‍්තවිසයග‍්ගාහකා, නිස‍්සයවසෙන චෙව සයඤ‍්ච අත‍්තනො නිස‍්සයං අල‍්ලීනෙයෙව විසයෙ විඤ‍්ඤාණහෙතුත‍්තා.

(එය) කිමෙක් ද යත්, යමක් ඔවුනොවුන්ට අසාධාරණ ද, කර්මයම ඔවුන්ට විශේෂ කාරණයයි. එහෙයින් කර්ම විශේෂයෙන් මොවුන්ගේ වෙනස වෙයි. භූත විශේෂයෙන් නොවේ. භූත විශේෂයක් ඇති කල්හි වනාහි ප්‍රසාදයද නූපදී. ප්‍රසාදය වනාහි සමානයන්ටය විෂමයන්ට නොවේ යැයි පුරාණයෝ කීහ. මෙසේ කර්ම විශේෂයෙන් විශේෂිත මොවුනතුරෙන් චක්‍ෂු ශ්‍රෝතයෝ විඥානහේතුක බැවින් තම නිශ්‍රය නො ඇලුණු නිශ්‍රය ඇති විෂයෙහිම අසම්ප්‍රාප්ත විෂය ග්‍රාහකයෝය. ශ්‍රෝත ජිව්හා කායයෝ සම්ප්‍රාප්ත විෂයග්‍රාහකයෝය. විශේෂ ඥාන හේතුක බැවින් නිශ්‍රය වශයෙනුත් තමා ද තම නිශ්‍රය අල්ලිතයෙහිමය.

අට‍්ඨකථායං පන “ආපාථගතත‍්තාව ආරම‍්මණං සම‍්පත‍්තං නාම. චන්‍දමණ‍්ඩලසූරියමණ‍්ඩලානඤ‍්හි ද‍්වාචත‍්තාලීසයොජනසහස‍්සමත්‍ථකෙ ඨිතානං වණ‍්ණො චක‍්ඛුපසාදං ඝට‍්ටෙති. සො දූරෙ ඨත්‍වා පඤ‍්ඤායමානොපි සම‍්පත‍්තොයෙව නාම. තංගොචරත‍්තා චක‍්ඛු සම‍්පත‍්තගොචරමෙව නාම. දූරෙ රුක‍්ඛං ඡින්‍දන‍්තානම‍්පි, රජකානඤ‍්ච වත්‍ථං ධොවන‍්තානං දූරතොව කායවිකාරො පඤ‍්ඤායති. සද‍්දො පන ධාතුපරම‍්පරාය ආගන‍්ත්‍වා සොතං ඝට‍්ටෙත්‍වා සණිකං වවත්‍ථානං ගච‍්ඡතී”ති වුත‍්තං.

අට්ඨකථාවෙහි වනාහි ආපාථගත හෙයින්ම අරමුණ සම්ප්‍රාප්ත නම් වෙයි. යොදුන් හතළිස් දෙදාහක් මත්තෙහි සිටි චන්ද්‍ර සූර්ය මණ්ඩලයන්ගේ වර්ණය චක්‍ෂු ප්‍රසාදයෙහි ගැටෙයි. එය දුරසිට පැනෙන්නේ නමුදු සම්ප්‍රාප්තම නම් වේ. එය ගෝචර හෙයින් චක්‍ෂුස සම්ප්‍රාප්තගෝචරම නමි. දුර රුකක් සිඳිනවුන්ගේ ද වස්ත්‍ර සෝදන රජකයින්ගේ ද කාය විකාරය දුරදීම පැනෙයි. ශබ්දය වනාහි ධාතු පරම්පරාවෙන් (අවුත්) (කනෙහි) ගටා හෙමින් ව්‍යවස්ථානයට යේ යැයි කියන ලදී.

තත්‍ථ කිඤ‍්චාපි ආපාථගතත‍්තා ආරම‍්මණං සම‍්පත‍්තන‍්ති වුත‍්තං, චන්‍දමණ‍්ඩලාදිවණ‍්ණො පන චක‍්ඛුං අසම‍්පත‍්තො දූරෙ ඨිතොව පඤ‍්ඤායති. සද‍්දොපි සචෙ සණිකං ආගච‍්ඡෙය්‍ය, දූරෙ උප‍්පන‍්නො චිරෙන සුය්‍යෙය්‍ය, පරම‍්පරඝට‍්ටනාය ච ආගන‍්ත්‍වා සොතං ඝට‍්ටෙන‍්තො අසුකදිසාය නාමාති න පඤ‍්ඤායෙය්‍ය. තස‍්මා අසම‍්පත‍්තගොචරානෙව තානි.

එහි කිසිසේත් ආපාථගත හෙයින් අරමුණ සම්ප්‍රාප්ත යැයි කියන ලදී. චන්ද්‍රමණ්ඩලාදී වර්ණය වනාහි ඇසට නො පැමිණ දුර සිටියේම පැනෙයි. ශබ්දය ද හෙමින් එන්නා සේ ම කලක් ගතවී ඇසෙන්නේ ය. පරම්පරා ගැටුමෙන් අවුත් කනෙහි ගැටෙනුයේ අසවල් දිසාවේයැයි නම් නොපැනේ. එහෙයින් මොව්හු අසම්ප්‍රාප්තගෝචරයහ.

අහිආදිසමානානි චෙතානි. යථා හි අහි නාම බහි සිත‍්තසම‍්මට‍්ඨට‍්ඨානෙ නාභිරමති, සඞ‍්කාරට‍්ඨානතිණපණ‍්ණගහනවම‍්මිකානියෙව පන පවිසිත්‍වා නිපන‍්නකාලෙ අභිරමති, එකග‍්ගතං ආපජ‍්ජති, එවමෙව චක‍්ඛුපෙතං විසමජ‍්ඣාසයං මට‍්ඨෙසු සුවණ‍්ණභිත‍්තිආදීසු නාභිරමති, ඔලොකෙතුම‍්පි න ඉච‍්ඡති, රූපචිත‍්තපුප‍්ඵලතාදිචිත‍්තෙසුයෙව පන අභිරමති. තාදිසෙසු හි ඨානෙසු චක‍්ඛුම‍්හි අප‍්පහොන‍්තෙ මුඛම‍්පි විවරිත්‍වා ඔලොකෙතුකාමා හොන‍්ති.

මොව්හු ස්පර්ශාදීන්ට සමානයහ. සර්පයා නම් යම්සේ දිය ඉස හමදිනා ලද තැන සිත් නො අලවයි ද, කුණුගොඩවල් තණකොළ ගහනයන් තුඹස්වලටම පිවිස හොත්කල්හි සිත් අලවයි ද, එකඟබවට පැමිණෙයි ද, මෙසේ මේ සිත ද විසම අදහස් ඇත්තේය. මට වූ රන් බිත්ති ආදියෙහි නො ඇලේ. බලන්නට ද නො කැමති වෙයි. රූපචිත්‍ර පුෂ්පලතා විචිත්‍ර තැන්හිම අභිරමණය කෙරේ ද, එවැනි තැන්වලදී ඇස ද නො පොහෝනා කල්හි වුව ද විවනාකොට බලනු කැමති වෙයි.

සුසුමාරොපි බහි නික‍්ඛන‍්තො ගහෙතබ‍්බං න පස‍්සති, අක‍්ඛීනි නිම‍්මීලෙත්‍වාව චරති. යදා පන බ්‍යාමසතමත‍්තං උදකං ඔගාහිත්‍වා බිලං පවිසිත්‍වා නිපන‍්නො හොති, තදා තස‍්ස චිත‍්තං එකග‍්ගං හොති සුඛං සුපති, එවමෙව සොතං තම‍්පෙ බිලජ‍්ඣාසයං ආකාසසන‍්නිස‍්සිතං කණ‍්ණච‍්ඡිද‍්දකූපකෙයෙව අජ‍්ඣාසයං කරොති. කණ‍්ණච‍්ඡිද‍්දාකාසොයෙව තස‍්ස සද‍්දසවනෙ පච‍්චයො හොති. අජටාකාසොපි වට‍්ටතියෙව. අන‍්තොලෙණස‍්මිඤ‍්හි සජ‍්ඣායෙ කරියමානෙ න ලෙණච‍්ඡදනං භින්‍දිත්‍වා සද‍්දො බහි නික‍්ඛමති, ද‍්වාරවාතපානච‍්ඡිද‍්දෙහි පන නික‍්ඛමිත්‍වා ධාතුපරම‍්පරායෙව ඝට‍්ටෙන‍්තො ගන‍්ත්‍වා සොතපසාදං ඝට‍්ටෙති. අථ තස‍්මිං කාලෙ ‘අසුකො නාම සජ‍්ඣායතී’ති ලෙණපිට‍්ඨෙ නිසින‍්නා ජානන‍්ති.

කිඹුලා ද පිටත නික්මෙනවිට ගතයුත්ත නො දකී. ඇස් පියාගෙන හැසිරෙයි. යම් අවස්ථාවෙක බඹ සියයක් පමණ දියෙහි ගිලී බිලට පිවිස වැදහෝනේ වෙයි ද, එකල්හි උගේ සිත එකඟ වෙයි. සුවසේ නිදයි. එපරිද්දෙන්ම මේ කණ ද බිලෙහි හෝනේ ආකාශය ඇසුරු කරනුයේ කන් සිදුරු වළෙහිම සයනය කරයි. කන් සිදුරු අහසම එයට ශබ්ද ඇසීමෙහි ප්‍රත්‍යය වෙයි. අජටාකාශය ද වටනේමය. ලෙණක් තුළ සජ්ඣායනා කරද්දී ලෙණ පියස්ස බිඳගෙන ශබ්දය පිටතට (නො) නික්මෙයි. දොර වාකවුළුවක්ම නික්ම ධාතු පරම්පරාවෙන්ම ගැටෙමින් ගොස් ශ්‍රෝතප්‍රසාදයෙහි ගැටෙයි. ඉක්බිති එකල්හි අසවල් දෙය සජ්ඣායනා කරත්යැයි ලෙණපිට හුන්නාහු දැනගනිත්.

එවං සන‍්තෙ සම‍්පත‍්තගොචරතා හොති. ‘කිං පනෙතං සම‍්පත‍්තගොචර’න‍්ති? ‘ආම, සම‍්පත‍්තගොචරං’. ‘යදි එවං, දූරෙ භෙරීආදීසු වජ‍්ජමානෙසු දූරෙ සද‍්දොති ජානනං න භවෙය්‍යා’ති? ‘නො න භවති. සොතපසාදස‍්මිඤ‍්හි ඝට‍්ටිතෙ දූරෙ සද‍්දො ආසන‍්නෙ සද‍්දො, පරතීරෙ ඔරිමතීරෙති තථා තථා ජානනාකාරො හොති. ධම‍්මතා එසා’ති. ‘කිං එතාය ධම‍්මතාය? යතො යතො ඡිද‍්දං තතො තතො සවනං හොති, චන්‍දිමසූරියාදීනං දස‍්සනං වියාති අසම‍්පත‍්තගොචරමෙවෙතං’.

එසේ ඇති කල්හි සම්පත්තගෝචරතාව වෙයි. කිම මෙය සම්පත්තගෝචර ද? එසේය. සම්පත්තගෝචරය. එසේ නම් දුර බෙර ආදිය වයද්දී දුර ශබ්දයකැයි දැනීම වේද යත්, නො වන්නේ නොවේ. ශ්‍රෝත ප්‍රසාදයෙහි ගැටුණු කල්හි දුර ශබ්දයෙක ආසන්නයෙහි ශබ්දයෙක පරතෙර ශබ්දයෙක මෙතෙර ශබ්දයෙකැයි ඒ ඒ ආකාරයෙන් දැනෙන ආකාරය වෙයි. මෙය වනාහි ධර්මතාවකි. මෙම ධර්මතාවෙන් (පලය) කිම, සිදුර යම් යම් පමණ වේද ඇසීම ද ඒ ඒ පමණ වෙයි. චන්ද්‍ර සූර්යාදීන්ගේ දර්ශනය මෙහි මෙය අසම්පත්තගෝචරමය.

පක‍්ඛීපි රුක‍්ඛෙ වා භූමියං වා න රමති. යදා පන එකං වා ද‍්වෙ වා ලෙඩ‍්ඩුපාතෙ අතික‍්කම‍්ම අජටාකාසං පක‍්ඛන්‍දො හොති, තදා එකග‍්ගචිත‍්තතං ආපජ‍්ජති, එවමෙව ඝානම‍්පි ආකාසජ‍්ඣාසයං වාතූපනිස‍්සයගන්‍ධගොචරං. තථා හි ගාවො නවවුට‍්ඨෙ දෙවෙ භූමියං ඝායිත්‍වා ඝායිත්‍වා ආකාසාභිමුඛා හුත්‍වා වාතං ආකඩ‍්ඪන‍්ති. අඞ‍්ගුලීහි ගන්‍ධපිණ‍්ඩං ගහෙත්‍වාපි ච උපසිඞ‍්ඝනකාලෙ වාතං අනාකඩ‍්ඪන‍්තො නෙව තස‍්ස ගන්‍ධං ජානාති.

පක්‍ෂියා ද රුකෙක හෝ භූමියෙහි රමණය නො කරයි. ලෙඩ්ඩුපාත (මැටි කැටයක් උඩ විසිකළවිට යන දුර) එකක් හෝ දෙකක් ඉහළ අජටාකාශයට නැඟිකල්හිම සිත එකඟ බවට පැමිණෙයි. එපරිද්දෙන්ම ඝාණය ද අහස පිළිබඳ අදහස් ඇත්තේ වාතාශ්‍රිත ගන්‍ධයම ගෝචරකොට ඇත්තේය. යම්සේ ගවයෝ අලුත්වැසි වට භූමියෙහි (ආඝ්‍රාණය කරමින්) ආඝ්‍රාණය කරමින් ආකාශාභිමුඛව වාතය ඇදගනී ද, ඇඟිලිවලින් සුවඳ පිඬක් ගෙන සුවඳ බලන කල්හි වාතය ඇදී නොඒ නම් එහි සුවඳ නොදනීමය.

කුක‍්කුරොපි බහි විචරන‍්තො ඛෙමට‍්ඨානං න පස‍්සති ලෙඩ‍්ඩුපහාරාදීහි උපද‍්දුතො හොති. අන‍්තොගාමං පවිසිත්‍වා උද‍්ධනට‍්ඨානෙ ඡාරිකං බ්‍යූහිත්‍වා නිපන‍්නස‍්ස පන ඵාසුකං හොති, එවමෙව ජිව‍්හාපි ගාමජ‍්ඣාසයා ආපොසන‍්නිස‍්සිතරසාරම‍්මණා. තථා හි තියාමරත‍්තිං සමණධම‍්මං කත්‍වාපි පාතොව පත‍්තචීවරමාදාය ගාමො පවිසිතබ‍්බො හොති. සුක‍්ඛඛාදනීයස‍්ස ච න සක‍්කා ඛෙළෙන අතෙමිතස‍්ස රසං ජානිතුං.

බල්ලා ද පිටත හැසිරෙන විට අභය ස්ථානයක් නොදකී. කැටපහර ආදියකින් උපද්‍රවයට පැමිණේ ද, එවිට ඇතුළුගමට පිවිසි උදුනක් ඇති තැන අළු විසුරුවාගෙන හොත් කල්හිම පහසුවට පැමිණෙයි. මෙපරිද්දෙන් ග්‍රාමාධ්‍යාසය ඇති දිව ආපෝ සන්නිශ්‍රිත රසය අරමුණු කොට ඇත්තේය. ඒ එසේමය. තුන්යම් රැය මහණදම් කොට ද අලුයම පාසිවුරු ගෙන ගමට පිවිසිය යුතු වන්නේය. කෙලෙන් නො තෙමුණු වියළි ආහාරයෙහි රසය දැනගන්නට නො හැකිය.

සිඞ‍්ගාලොපි බහි චරන‍්තො රතිං න වින්‍දති, ආමකසුසානෙ මනුස‍්සමංසං ඛාදිත්‍වා නිපන‍්නස‍්සෙව පනස‍්ස ඵාසුකං හොති, එවමෙව කායොපි උපාදිණ‍්ණකජ‍්ඣාසයො පථවීනිස‍්සිතඵොට‍්ඨබ‍්බාරම‍්මණො. තථා හි අඤ‍්ඤං උපාදිණ‍්ණකං අලභමානා සත‍්තා අත‍්තනොව හත්‍ථතලෙ සීසං කත්‍වා නිපජ‍්ජන‍්ති. අජ‍්ඣත‍්තිකබාහිරා චස‍්ස පථවී ආරම‍්මණග‍්ගහණෙ පච‍්චයො හොති. සුසන්‍ථතස‍්සපි හි සයනස‍්ස, හත්‍ථෙ ඨපිතානම‍්පි වා ඵලානං, න සක‍්කා අනිසීදන‍්තෙන වා අනිප‍්පීළෙන‍්තෙන වා ථද‍්ධමුදුභාවො ජානිතුන‍්ති. අජ‍්ඣත‍්තිකබාහිරාපථවී එතස‍්ස කායපසාදස‍්ස ඵොට‍්ඨබ‍්බජානනෙ පච‍්චයො හොති. එවං ලක‍්ඛණාදිවවත්‍ථානතොපෙතෙසං අසම‍්මිස‍්සතා වෙදිතබ‍්බා. අඤ‍්ඤෙයෙව හි චක‍්ඛුපසාදස‍්ස ලක‍්ඛණරසපච‍්චුපට‍්ඨානපදට‍්ඨානගොචරජ‍්ඣාසයනිස‍්සයා අඤ‍්ඤෙ සොතපසාදාදීනන‍්ති අසම‍්මිස‍්සානෙව චක‍්ඛායතනාදීනි.

සිවලා ද පිටත හැසිරෙනුයේ රතියක් නො විඳී. අමුසොහොනෙහි මිනීමස් කා වැදහොත්තා වූ ම ඌට පහසුවක් වෙයි. මෙපරිද්දෙන් කය ද උපාදින්නකජ්ඣාසය ඇත්තේ පෘථුවිනිශ්‍රිත ස්පර්ශයට අරමුණු කොට ඇත්තේය. ඒ එසේමය. අන්‍ය වූ උපාදින්නකයක් නොලබන සත්ත්වයෝ සිය අත්ලෙහිම හිස තබාගෙන වැදහොවිත්. ඔහුට පෘථුවි ආරම්මණා ග්‍රහණයෙහි දී ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ප්‍රත්‍ය වෙයි. මනාව අතුරන ලද සයනයෙහි අතෙහි සිටියා වූ ද ඵලාදියෙහි තදබව හෝ මොලොක්බව නොහිඳීමෙන් හෝ නො පෙළීමෙන් නොදත හැකිය. ආධ්‍යාත්මික බාහිර පෘථිවිය මේ කායප්‍රසාදය ස්පර්ශය දැනීමෙන් ප්‍රත්‍යය වෙයි. මෙසේ මොවුන්ගේ ලක්‍ෂණාදි ව්‍යවස්ථානයෙන් ද අසම්මිශ්‍රතාව දතයුතුයි. චක්‍ෂුප්‍රසාදයාගේ ලක්‍ෂණ රස ප්‍රත්‍යුපස්ථාන පදස්ථාන ගෝචර අධ්‍යාසය නිශ්‍රයයෝ අන්‍යයෝමය. ශ්‍රෝතප්‍රසාදාදීන්ගේ ලක්‍ෂණාදීහු අන්‍යයෝමය. චක්‍ෂු ආයතන ආදීහු අසම්මිශ්‍රයෝමය.

අපිච නෙසං අසම‍්මිස‍්සතාය අයං උපමාපි වෙදිතබ‍්බා – යථා හි පඤ‍්චවණ‍්ණානං ධජානං උස‍්සාපිතානං කිඤ‍්චාපි ඡායා එකාබද‍්ධා විය හොති, තස‍්ස තස‍්ස පන අඤ‍්ඤමඤ‍්ඤං අසම‍්මිස‍්සාව යථා ච පඤ‍්චවණ‍්ණෙන කප‍්පාසෙන වට‍්ටිං කත්‍වා දීපෙ ජාලිතෙ කිඤ‍්චාපි ජාලා එකාබද‍්ධා විය හොති, තස‍්ස තස‍්ස පන අංසුනො පාටියෙක‍්කා පාටියෙක‍්කා ජාලා අසම‍්මිස‍්සා එව, එවමෙව කිඤ‍්චාපි ඉමානි පඤ‍්චායතනානි එකස‍්මිං අත‍්තභාවෙ සමොසටානි අඤ‍්ඤමඤ‍්ඤං පන අසම‍්මිස‍්සානෙව. න කෙවලඤ‍්ච ඉමානෙව පඤ‍්ච, සෙසරූපානිපි අසම‍්මිස‍්සානෙව. ඉමස‍්මිඤ‍්හි සරීරෙ හෙට‍්ඨිමකායො මජ‍්ඣිමකායො උපරිමකායොති තයො කොට‍්ඨාසා. තත්‍ථ නාභිතො පට‍්ඨාය හෙට‍්ඨා හෙට‍්ඨිමකායො නාම. තස‍්මිං කායදසකං, භාවදසකං, ආහාරසමුට‍්ඨානානි අට‍්ඨ, උතුසමුට‍්ඨානානි අට‍්ඨ, චිත‍්තසමුට‍්ඨානානි අට‍්ඨාති චතුචත‍්තාලීස රූපානි. නාභිතො උද‍්ධං යාව ගලවාටකා මජ‍්ඣිමකායො නාම. තත්‍ථ ච කායදසකං, භාවදසකං, වත්‍ථුදසකං, ආහාරසමුට‍්ඨානාදීනි තීණි අට‍්ඨකානීති චතුපඤ‍්ඤාස රූපානි. ගලවාටකතො උද‍්ධං උපරිමකායො නාම. තත්‍ථ චක‍්ඛුදසකං, සොතදසකං, ඝානදසකං, ජිව‍්හාදසකං, කායදසකං, භාවදසකං, ආහාරසමුට‍්ඨානාදීනි තීණි අට‍්ඨකානීති චතුරාසීති රූපානි.

තවද ඔවුන්ගේ අසම්මිශ්‍රතාව පිළිබඳව මේ උපමාව ද දතයුතුයි. ඔසවන ලද පංචවර්ණ ධ්වජයන්ගේ ඡායාව යම්හෙයකින් ඒකාබද්ධව මෙන් වියහැකි වුවත් එකිනෙක අසම්මිශ්‍රමය. යම්සේ පස් පැහැති කපුවලින් වැටි කොට පහන් දැල් වූ විට ජාලාව ඒකාබද්ධ මෙන් වුව ද, ඒ ඒ ජාලාවන්ගේ අංසු වෙන් වෙන්මය. ජාලාවෝ (ඔවුනොවුන්) අසම්මිශ්‍රයෝමය. මෙපරිද්දෙන් මේ පංචායතනයෝ එක ආත්මභාවයෙක එක්රැස් වූවාහු නමුත් ඔවුනොවුන් අසම්මිශ්‍රයෝමය. හුදෙක් මේ පස පමණක් නොවේ. සෙසු රූපයෝ ද අසම්මිශ්‍රයෝමය. මේ ශරීරයෙහි වනාහි යටිකය, මැදිකය මතුකය යැයි කොටස් තුනකි. එහි නාභියේ පටන් යට යටිකය නමි. එහි කායදසකය භාවදසකය ආහාර සමුට්ඨාන අටය. උතු සමුට්ඨාන අටය. චිත්ත සමුට්ඨාන අටයැයි රූප සතළිසෙකි. නාභියෙන් උඩ ගෙලවළුව දක්වා මැදිකය නමි. එහි කාය දසකය භාවදසකය වත්‍ථුදසකය ආහාර සමුට්ඨානාදී අට්ඨක (තුන) යැයි රූප පනස් හතරකි. ගලවළුයෙන් උඩ උපරිම කය නමි. එහි චක්‍ඛු දසකය සොත දසකය ඝාන දසකය ජීව්හා දසකය කාය දසකය භාව දසකය ආහාර සමුට්ඨානාදි අට්ඨක තුන යැයි රූප අසූහතරකි.

තත්‍ථ චක‍්ඛුපසාදස‍්ස පච‍්චයානි චත‍්තාරි මහාභූතානි, වණ‍්ණො ගන්‍ධො රසො ඔජා, ජීවිතින්‍ද්‍රියං චක‍්ඛුපසාදොති ඉදං එකන‍්තතො අවිනිභුත‍්තානං දසන‍්නං නිප‍්ඵන‍්නරූපානං වසෙන චක‍්ඛුදසකං නාම. ඉමිනා නයෙන සෙසානිපි වෙදිතබ‍්බානි. තෙසු හෙට‍්ඨිමකායෙ රූපං මජ‍්ඣිමකායඋපරිමකායරූපෙහි සද‍්ධිං අසම‍්මිස‍්සං. සෙසකායද‍්වයෙපි රූපං ඉතරෙහි සද‍්ධිං අසම‍්මිස‍්සමෙව. යථා හි සායන‍්හසමයෙ පබ‍්බතච‍්ඡායා ච රුක‍්ඛච‍්ඡායා ච කිඤ‍්චාපි එකාබද‍්ධා විය හොන‍්ති අඤ‍්ඤමඤ‍්ඤං පන අසම‍්මිස‍්සාව එවං ඉමෙසුපි කායෙසු චතුචත‍්තාලීස චතුපඤ‍්ඤාස චතුරාසීති රූපානි ච කිඤ‍්චාපි එකාබද‍්ධානි විය හොන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං පන අසම‍්මිස‍්සානෙවාති.

එහි චක්‍ෂුප්‍රසාදයට ප්‍රතයය වූ සතර මහා භූතයෝය. වර්ණය ගන්‍ධය රසය ඕජාය ජීවිතේන්‍ද්‍රිය ය චක්‍ෂුප්‍රසාදය යන මෙය ඒකාන්ත වශයෙන් අවිනිර්භෝග දශ නිෂ්පන්න රූපයන්ගේ වශයෙන් චක්‍ෂු දශකය නමි. මේ නයින් සෙසු රූපයෝ ද දතයුතුයි. ඔවුනතුරෙන් යටිකයෙහි රූපය මැදිකයෙහි උඩුකයෙහි රූපයත් සමග අසම්මිශ්‍රය. සෙසු දෙකයෙහි රූපය ද අන්‍යයන් සමග අසම්මිශ්‍රමය. යම්සේ වනාහි සවස් කාලයෙහි පර්වත සෙවණැලි ද රුක් සෙවණැලි ද (යම් හෙයකින්) ඒකාබද්ධ මෙන් වෙයි. ඔවුනොවුන් අසම්මිශ්‍රමය. මෙසේ මේ කායයන්හි ද සූසාළිස් සූපනස් හා සුවාසූ රූප ඇතැම්විට ඒකාබද්ධ මෙන් (වෙයි) ඔවුනොවුන් අසම්මිශ්‍රමය.

රූපායතනනිද‍්දෙසෙ වණ‍්ණොව වණ‍්ණනිභා; නිභාතීති වා නිභා. චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස පාකටා හොතීති අත්‍ථො. වණ‍්ණොව නිභා වණ‍්ණනිභා. සද‍්ධිං නිදස‍්සනෙන සනිදස‍්සනං, චක‍්ඛුවිඤ‍්ඤාණෙන පස‍්සිතබ‍්බන‍්ති අත්‍ථො. සද‍්ධිං පටිඝෙන සප‍්පටිඝං, පටිඝට‍්ටනනිඝංසජනකන‍්ති අත්‍ථො. නීලාදීසු උමාපුප‍්ඵසමානං නීලං, කණිකාරපුප‍්ඵසමානං පීතකං, බන්‍ධුජීවකපුප‍්ඵසමානං ලොහිතකං, ඔසධිතාරකසමානං ඔදාතං. ඣාමඞ‍්ගාරසමානං කාළකං, මන්‍දරත‍්තං සින්‍දුවාරකරවීරමකුළසමානං මඤ‍්ජිට‍්ඨකං. “හරිත‍්තචහෙමවණ‍්ණකාමංසුමුඛපක‍්කමා”ති (ජා· 1.15.133) එත්‍ථ පන කිඤ‍්චාපි ‘හරී’ති සුවණ‍්ණං වුත‍්තං, පරතො පනස‍්ස ජාතරූපග‍්ගහණෙන ගහිතත‍්තා ඉධ සාමං හරි නාම. ඉමානි සත‍්ත වත්‍ථුං අනාමසිත්‍වා සභාවෙනෙව දස‍්සිතානි.

රූපායතන නිර්දේශයෙහි වර්ණයම = වණ්ණ නිභාය, බබළයි යනු හෝ නිභාය, චක්‍ෂුර් විඥානයට ප්‍රකට වේ යනු අර්ථයි. වණ්ණො ව නිභා = වණ්ණනිභා යනු විග්‍රයි. නිදර්ශන සමග වූයේ = සනිදස්සනං, චක්‍ෂුර්විඥානය විසින් බැලිය යුතුයි යන අර්ථයි. ප්‍රතිඝය සහිත වූයේ = සප්පටිඝය, ප්‍රතිඝර්ෂණය උරාගැනීම සිදුකරන යන අර්ථයි. නීලාදීන්හි දියබෙරලිය මල් සමාන වූ නීලයයි. කිණිහිරිමල් සමාන වූයේ වීතකය. බදුවදමල් සමාන වූයේ ලොහිතකය, දවහත්තරුව සමාන වූයේ ඔදාතය. දැවුණු අඟුරු සමාන වූයේ මඤ්ජෙට්ඨක ය. ‘හරිත්තච, හෙමවණ්ණ, කාමං සුමුඛ පක්කම’ යන මෙහි වනාහි හරි යනු රන් කියන ලද නමුත්, මෙයට පර වශයෙන් ජාතරූප ග්‍රහණයෙන් ගත්හෙයින් මෙහි එය හරි නමි. මොව්හු සත්ත්ව වස්තුවක් ආමර්ශනය නොකොට ස්වභාවයෙන්ම දක්වන ලදහ.

හරිවණ‍්ණන‍්ති හරිතසද‍්දලවණ‍්ණං. අම‍්බඞ‍්කුරවණ‍්ණන‍්ති අම‍්බඞ‍්කුරෙන සමානවණ‍්ණං. ඉමානි ද‍්වෙ වත්‍ථුං ආමසිත්‍වා දස‍්සිතානි. දීඝාදීනි ද‍්වාදස වොහාරතො දස‍්සිතානි. සො ච නෙසං වොහාරො උපනිධායසිද‍්ධො චෙව සන‍්නිවෙසසිද‍්ධො ච. දීඝාදීනි හි අඤ‍්ඤමඤ‍්ඤං උපනිධායසිද‍්ධානි, වට‍්ටාදීනි සන‍්නිවෙසවිසෙසෙන. තත්‍ථ රස‍්සං උපනිධාය තතො උච‍්චතරං දීඝං, තං උපනිධාය තතො නීචතරං රස‍්සං. ථූලං උපනිධාය තතො ඛුද‍්දකතරං අණුං, තං උපනිධාය තතො මහන‍්තතරං ථූලං. චක‍්කසණ‍්ඨානං වට‍්ටං, කුක‍්කුටණ‍්ඩසණ‍්ඨානං පරිමණ‍්ඩලං. චතූහි අංසෙහි යුත‍්තං චතුරංසං. ඡළංසාදීසුපි එසෙව නයො. නින‍්නන‍්ති ඔනතං, ථලන‍්ති උන‍්නතං.

හරිවණ්ණං යනු කොළ පැහැති නව තෘණ වර්ණයයි. අම්බංකුරවණ්ණං යනු අඹ අංකුරයකට සමාන වර්ණයයි. මේ වස්තු දෙක ආමර්ශනය කොට දක්වන ලදී. දීඝ ආදිය දොළොස ව්‍යවහාරයෙන් දක්වන ලදී. ඔවුන්ගේ ඒ ව්‍යවහාරය ද සසඳා බැලීමෙන් මෙන්ම පිහිටීම වශයෙන් සිද්ධය. දීර්ඝාදිය ඔවුනොවුන් සංසන්දනයෙන් සිද්ධය. වට්ට ආදිය පිහිටීම අනුව සිද්ධය. එහි භ්‍රස්වය සලකා බලා එයින් උච්චතර වූයේ දීඝ ය. එය සලකා බලා එයින් නීචතර වූයේ රසය ය. ස්ථුල වූ දෙය සලකා බලා එයින් කුඩාතර වූයේ අණු ය. එය සලකා බලා එයින් මහන්තතර වූයේ ථූල ය. චක්‍ර සටහන් ඇත්තේ වට්ට ය. කුකුළු බිජුවක සටහන් ඇත්තේ පරිමණ්ඩලය, අංශ සතරකින් යුක්තවූයේ චතුරස්සරං, ඡලංස ආදියෙහි ද මේ නයමය. නින්නං යනු පහතට නැමුණේ ය. ථලං යනු උස් ය.

තත්‍ථ යස‍්මා දීඝාදීනි ඵුසිත්‍වා සක‍්කා ජානිතුං, නීලාදීනි පනෙවං න සක‍්කා, තස‍්මා න නිප‍්පරියායෙන දීඝං රූපායතනං; තථා රස‍්සාදීනි. තං තං නිස‍්සාය පන තථා තථා ඨිතං දීඝං රස‍්සන‍්ති තෙන තෙන වොහාරෙන රූපායතනමෙවෙත්‍ථ භාසිතන‍්ති වෙදිතබ‍්බං. ඡායා ආතපොති ඉදං අඤ‍්ඤමඤ‍්ඤපරිච‍්ඡින‍්නං; තථා ආලොකො අන්‍ධකාරො ච. අබ‍්භා මහිකාතිආදීනි චත‍්තාරි වත්‍ථුනාව දස‍්සිතානි. තත්‍ථ ‘අබ‍්භා’ති වලාහකො. ‘මහිකා’ති හිමං. ඉමෙහි චතූහි අබ‍්භාදීනං වණ‍්ණා දස‍්සිතා. චන්‍දමණ‍්ඩලස‍්ස වණ‍්ණනිභාතිආදීහි තෙසං තෙසං පභාවණ‍්ණා දස‍්සිතා.

එහිදී යම්හෙයකින් දීර්ඝාදිය ස්පර්ශකොට දැනගත හැකි වුව ද, නීලාදිය වනාහි එසේ නො හැකිය. එහෙයින් නිෂ්පර්යාය වශයෙන් දීර්ඝය රූපායතනයක් නොවේ. හ්‍රස්වාදිය ද එසේය. ඒ ඒ දෙය ඇසුරුකොට ඒ ඒ අයුරින් සිටියේ දීර්ඝය හ්‍රස්වය යැයි ඒ ඒ ව්‍යවහාරයෙන් මෙහිදී රූපායතනයම කියන ලදැයි දතයුතුයි. ඡායා අනපො යන මෙය ඔවුනොවුන් පිරිසිඳින ලදී. ආලොක අන්‍ධකාර ද අබ්භා මහිකා යන ආදී සතර ද වස්තු වශයෙන්ම දක්වන ලදී. එහි අබ්භා යනු වලාකුළුය. මහිකා යනු හිමය. මේ සතරින් අබ්භාදීන්ගේ වර්ණය දක්වන ලදී.

තත්‍ථ චන්‍දමණ‍්ඩලාදීනං වත්‍ථූනං එවං විසෙසො වෙදිතබ‍්බො – මණිමයං රජතපටිච‍්ඡන‍්නං එකූනපඤ‍්ඤාසයොජනායාමවිත්‍ථාරං චන්‍දස‍්ස දෙවපුත‍්තස‍්ස විමානං චන්‍දමණ‍්ඩලං නාම. සොවණ‍්ණමයං ඵලිකපටිච‍්ඡන‍්නං සමපණ‍්ණාසයොජනායාමවිත්‍ථාරං සූරියස‍්ස දෙවපුත‍්තස‍්ස විමානං සූරියමණ‍්ඩලං නාම. සත‍්තරතනමයානි සත‍්තට‍්ඨදසද‍්වාදසයොජනායාමවිත්‍ථාරානි තෙසං තෙසං දෙවපුත‍්තානං විමානානි තාරකරූපානි නාම.

චන්‍ද මණ්ඩලස්ස වණ්ණනිභා යන ආදියෙන් ඒ ඒ වස්තූන්ගේ වර්ණප්‍රභාව දක්වන ලදී. එහි චන්ද්‍ර මණ්ඩලාදී වස්තූන්ගේ විශේෂය මෙසේ දතයුතුයි. පිණිමුවා වූ රිදී පටකින් වැසුණු දිගින් හා පළලින් එකුන්පනස් යොදුන් වූ චන්ද්‍ර දිව්‍යපුත්‍රයාගේ විධානය සඳමඬල නමි. රන්මුවා වූ පළිඟුවෙන් වැසුණු දිගින් හා පළලින් සමපනස් යොදුන් වූ සූර්ය දිව්‍ය පුත්‍රයාගේ විමානය ඉරමඬල නමි. සත්රුවන්මුවා වූ දිගින් හා පළලින් යොදුන් හත අට දහය හා දොළොස වශයෙන් වූ ඒ ඒ දිව්‍යපුත්‍රයන්ගේ විමාන තාරකාරූප නමි.

තත්‍ථ හෙට‍්ඨා චන්‍දො, සූරියො උපරි, උභින‍්නමන‍්තරං යොජනං හොති. චන්‍දස‍්ස හෙට‍්ඨිමන‍්තතො සූරියස‍්ස උපරිමන‍්තො යොජනසතං හොති. ද‍්වීසු පස‍්සෙසු නක‍්ඛත‍්තතාරකා ගච‍්ඡන‍්ති. එතෙසු පන තීසු චන්‍දො දන්‍ධගමනො, සූරියො සීඝගමනො, නක‍්ඛත‍්තතාරකා සබ‍්බසීඝගමනා. කාලෙන චන්‍දිමසූරියානං පුරතො හොන‍්ති කාලෙන පච‍්ඡා.

එහි වන්ද්‍රයා යටය, සූර්යයා උඩින් ය. දෙදෙනා අතර යොදුනක් වෙයි. චන්ද්‍රයාගේ යටි කෙළවර සිට සූර්යයාගේ මතු කෙළවර අතර යොදුන් සියයක් වෙයි. දෙපසින් නැකත්කරු ගමන් කරයි. මේ තිදෙනා අතුරෙන් චන්ද්‍රයා මදගමන් ඇත්තේය. සූර්යයා ශීඝ්‍රගාමීය. නැකත්තරු සියල්ල ශීඝ්‍රගාමීය. ඇතැම්කලෙක චන්ද්‍ර සූර්යයන්ට ඉදිරියෙන් ගමන්කරන අතර ඇතැම් කලෙක පසුව ගමන් කරයි.

ආදාසමණ‍්ඩලන‍්ති කංසමයං. මණීති ඨපෙත්‍වා වෙළුරියං සෙසො ජොතිරසාදිඅනෙකප‍්පභෙදො. සඞ‍්ඛොති සාමුද‍්දිකො; මුත‍්තා සාමුද‍්දිකාපි, සෙසාපි. වෙළුරියොති වෙළුවණ‍්ණමණි. ජාතරූපං වුච‍්චති සත්‍ථුවණ‍්ණො. සත්‍ථා හි සුවණ‍්ණවණ‍්ණො, සුවණ‍්ණම‍්පි සත්‍ථුවණ‍්ණං. රජතං වුච‍්චති කහාපණො – ලොහමාසකො දාරුමාසකො ජතුමාසකො, යෙ ‘වොහාරං ගච‍්ඡන‍්තී’ති (පාරා· 584) වුත‍්තං තං සබ‍්බම‍්පි ඉධ ගහිතං.

ආදාස මණ්ඩලය (කැඩපත) සර්වලෝභමයය, මණි යනු වෛදූර්ය හැර සෙසු ජෝතිරසාදී නොයෙක් ප්‍රභේදය, සංඛය සමුදායෙහි උපන්නකි. මුත්තා යනු මුහුදෙහි හටගත් මුතු හා සෙසු මුතු ද වෙයි. වෙළුරියො යනු උණ වර්ණයෙන් යුත් මැණික්ය. ශාස්තෲන් වහන්සේගේ වර්ණය ජාතරූප යැයි කියනු ලැබේ. ශාස්තෲන් වහන්සේ වනාහි ස්වර්ණ වර්ණයහ. ස්වර්ණය ද ශාස්තෲ වර්ණය. කහවණු තඹමසු දැවමසු ලාකඩමසු යන මේවා රජත යැයි කියනු ලැබේ. යම් කාසිවර්ග ව්‍යවහාරයට පැමිණේයැයි කියන ලද ද, ඒ සියල්ලම මෙහි ගන්නා ලදී.

යං වා පනඤ‍්ඤම‍්පීති ඉමිනා පාළිආගතං ඨපෙත්‍වා සෙසං තට‍්ටිකපිලොතිකකණ‍්ණිකවණ‍්ණාදිභෙදං රූපං ගහිතං. තඤ‍්හි සබ‍්බං යෙවාපනකෙසු පවිට‍්ඨං.

යංවා පනඤ්ඤම්පි යන මෙයින් පාළියෙහි ආ දෙය හැර සෙසු තම්මික පිලෝතික කර්ණික වර්ණාදී භේදවලින් යුත් රූපද ගන්නා ලදී. ඒ සියල්ලම යේවාපනකයන්හි ඇතුළත්ය.

එවමෙතං නීලාදිනා භෙදෙන භින‍්නම‍්පි රූපං සබ‍්බං ලක‍්ඛණාදීහි අභින‍්නමෙව. සබ‍්බඤ‍්හෙතං චක‍්ඛුපටිහනනලක‍්ඛණං රූපං, චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස විසයභාවරසං, තස‍්සෙව ගොචරපච‍්චුපට‍්ඨානං, චතුමහාභූතපදට‍්ඨානං. යථා චෙතං තථා සබ‍්බානිපි උපාදාරූපානි. යත්‍ථ පන විසෙසො අත්‍ථි තත්‍ථ වක‍්ඛාම. සෙසමෙත්‍ථ චක‍්ඛායතනනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. කෙවලඤ‍්හි තත්‍ථ චක‍්ඛුපුබ‍්බඞ‍්ගමො නිද‍්දෙසො ඉධ රූපපුබ‍්බඞ‍්ගමො. තත්‍ථ ‘චක‍්ඛුං පෙත’න‍්තිආදීනි චුද‍්දස නාමානි, ඉධ ‘රූපංපෙත’න‍්තිආදීනි තීණි. සෙසං තාදිසමෙව. යථා හි චතූහි චතූහි නයෙහි පටිමණ‍්ඩෙත්‍වා චක‍්ඛුං වවත්‍ථාපෙතුං තෙරස වාරා වුත‍්තා, ඉධාපි තෙ තථෙව වුත‍්තාති.

මෙසේ නීලාදී භේදයෙන් භින්න වූ ද මේ සියලුම රූපය ලක්‍ෂණාදියෙන් අභින්නම යැ. මේ සියලුම රූපය වනාහි ඇසෙහි ගැටීම ලක්‍ෂණ කොට ඇත්තේය. චක්‍ෂුර්විඥානයට විෂයවීම රසයකොට ඇත්තේය. එයටම ගෝචරවීම එළඹසිටි කාරණය කොට ඇත්තේය. චාතුර්මහා භූතයන් ආසන්න කාරණය කොට ඇත්තේය. මෙය යම්සේ ද සියලුම උපාදා රූපයෝ ද එසේය. යම්තැනෙක විශේෂයක් ඇතොත් (එය) එහිදී කියන්නෙමි. මෙහි ශේෂය චක්‍ෂුරායතන නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි. හුදෙක් එහි නිර්දේශය චක්‍ෂු පූර්වාංගම ද, මෙහි රූපපූර්වාංගමය. එහි ද චක්‍ඛුම්පෙතං යනාදී වූ නාම තුදුසෙකි. මෙහි දී රූපම්පෙතං යනාදී නාම තුනකි. සෙස්ස එබඳුමය. යම්සේ වනාහි (සතර) සතර නයින් ප්‍රතිමණ්ඩිත කොට චක්‍ෂුස ව්‍යවස්ථාපනය කිරීමට තෙළෙස්වාරයක් කියන ලද ද, මෙහිද එකී වාර එසේම කියන ලදී.

සද‍්දායතනනිද‍්දෙසෙ භෙරිසද‍්දොති මහාභෙරීපහටභෙරීනං සද‍්දො. මුදිඞ‍්ගසඞ‍්ඛපණවසද‍්දාපි මුදිඞ‍්ගාදිපච‍්චයා සද‍්දා. ගීතසඞ‍්ඛාතො සද‍්දො ගීතසද‍්දො . වුත‍්තාවසෙසානං වීණාදීනං තන‍්තිබද‍්ධානං සද‍්දො වාදිතසද‍්දො. සම‍්මසද‍්දොති කංසතාලකට‍්ඨතාලසද‍්දො. පාණිසද‍්දොති පාණිප‍්පහාරසද‍්දො. සත‍්තානං නිග‍්ඝොසසද‍්දොති බහූනං සන‍්නිපතිතානං අපඤ‍්ඤායමානපදබ්‍යඤ‍්ජනනිග‍්ඝොසසද‍්දො. ධාතූනං සන‍්නිඝාතසද‍්දොති රුක‍්ඛානං අඤ‍්ඤමඤ‍්ඤනිඝංසනඝණ‍්ටිකාකොටනාදිසද‍්දො. වාතස‍්ස වායතො සද‍්දො වාතසද‍්දො. උදකස‍්ස සන්‍දමානස‍්ස වා පටිහතස‍්ස වා සද‍්දො උදකසද‍්දො. මනුස‍්සානං සල‍්ලාපාදිසද‍්දො මනුස‍්සසද‍්දො. තං ඨපෙත්‍වා සෙසො සබ‍්බොපි අමනුස‍්සසද‍්දො. ඉමිනා පදද‍්වයෙන සබ‍්බොපි සද‍්දො පරියාදින‍්නො. එවං සන‍්තෙපි වංසඵාලනපිලොතිකඵාලනාදීසු පවත‍්තො පාළියං අනාගතසද‍්දො යෙවාපනකට‍්ඨානං පවිට‍්ඨොති වෙදිතබ‍්බො.

ශබ්දායතන නිර්දේශයෙහි භෙරිසද්දො යනු මහබෙර පටහබෙර වල ශබ්දයයි. මුතිංගසංඛ පණාව ශබ්දයෝ ද මුතිංගාදිය ප්‍රත්‍යයකොට ඇති ශබ්දයෝය. ගීත සංඛ්‍යාත ශබ්දය = ගීත ශබ්දය, කියන ලද අවශේෂ වූ තන්ත්‍රිබද්ධ වීණාදීන්ගේ ශබ්දය = වාදිතසද්ද නමි. සම්ම සද්දො යනු තස්තල දැවතල ශබ්දයයි. පාණිසද්දො යනු අත්පහර ශබ්දයයි. සත්තානං තිග්ඝොස්සද්දො යනු රැස් වූ බොහෝ දෙනාගේ නො පැනෙන පදව්‍යඤ්ජන ඇති ඝෝෂාවේ ශබ්දයයි. ධාතුනං සන්නිඝාත සද්දො යනු වෘක්‍ෂයත් ඔවුනොවුන් ගැටීම ගෙඩි (භිණ්ඩා) ගැයීම ආදී ශබ්දය, හමන වාතයේ ශබ්දය වාතසද්දාය ගලාබස්නා වූ හෝ ගැටෙන්නා වූ ජලයේ ශබ්දය උදකසද්දය, මිනිසුන්ගේ කතාබහ ආදී ශබ්දය මනුස්සසද්ද යයි. එය හැර සෙසු සියල්ලම අමනුස්සසද්ද යයි. මේ පද දෙකින් සියලුම ශබ්ද ඉතිරි නොකොට ගන්නා ලදී. මෙසේ ඇති කල්හි ද උණ දඬු පැළීම රෙදි ඉරීම ආදියෙහි පවත්නා පාළියෙහි නො ආ ශබ්ද යේවාපනකස්ථානයෙහි පිවිසියේ යැයි දතයුතුයි.

එවමයං භෙරීසද‍්දාදිනා භෙදෙන භින‍්නොපි සද‍්දො ලක‍්ඛණාදීහි අභින‍්නොයෙව. සබ‍්බොපි හෙස සොතපටිහනනලක‍්ඛණො සද‍්දො සොතවිඤ‍්ඤාණස‍්ස විසයභාවරසො, තස‍්සෙව ගොචරපච‍්චුපට‍්ඨානො. සෙසං චක‍්ඛායතනනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඉධාපි හි චතූහි චතූහි නයෙහි පටිමණ‍්ඩිතා තෙරස වාරා වුත‍්තා. තෙසං අත්‍ථො සක‍්කා වුත‍්තනයෙනෙව ජානිතුන‍්ති න විත්‍ථාරිතො.

මෙසේ මේ ශබ්ද භේරිශබ්දා දී භේදයෙන් වෙන්වුවද ලක්‍ෂණාදියෙන් වෙන් නොවූයේමය. මේ සියලුම ශබ්දය ශ්‍රෝතයෙහි ගැටීම ලක්‍ෂණකොට ඇත්තේය. ශ්‍රෝත විඥානයට විෂයවීම රසයකොට ඇත්තේ ය. එයටම ගොදුරුවීම එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. ශේෂය චක්‍ෂුරායතන නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි. මෙහිදී ද වනාහි (සතර) සතර නයින් ප්‍රතිමණ්ඩිත තෙළෙස් වාරයක් කියන ලදී. ඔවුන්ගේ අර්ථය කියන ලද නයින්ම දැනගත හැකියැයි විස්තර නො කරන ලදී.

ගන්‍ධායතනනිද‍්දෙසෙ මූලගන්‍ධොති යං කිඤ‍්චි මූලං පටිච‍්ච නිබ‍්බත‍්තො ගන්‍ධො. සාරගන්‍ධාදීසුපි එසෙව නයො. අසිද‍්ධදුසිද‍්ධානං ඩාකාදීනං ගන්‍ධො ආමකගන්‍ධො. මච‍්ඡසකලිකාපූතිමංසසංකිලිට‍්ඨසප‍්පිආදීනං ගන්‍ධො විස‍්සගන්‍ධො. සුගන්‍ධොති ඉට‍්ඨගන්‍ධො. දුග‍්ගන්‍ධොති අනිට‍්ඨගන්‍ධො. ඉමිනා පදද‍්වයෙන සබ‍්බොපි ගන්‍ධො පරියාදින‍්නො. එවං සන‍්තෙපි කණ‍්ණකගන්‍ධපිලොතිකගන්‍ධාදයො පාළියං අනාගතා සබ‍්බෙපි ගන්‍ධා යෙවාපනකට‍්ඨානං පවිට‍්ඨාති වෙදිතබ‍්බා.

ගන්‍ධායතන නිර්දේශයෙහි මූලගන්‍ධො යනු යම්කිසි මුලක් හේතුකොටගෙන උපන් ගන්‍ධයයි. සාරගන්‍ධාදියෙහි ද මේ නයමය. සෑදූ හෝ වැරදි ලෙස සැදු පළාකොළ ආදීන්ගේ ගන්‍ධය ආමක ගන්‍ධයයි. මසුන්ගේ කොරපොතු කුණුමස් ආදියෙන් කිලිටිවුණු ගිතෙල් ආදීන්ගේ ගන්‍ධය විස්සගන්‍ධයයි, සුගන්‍ධො යනු ඉෂ්ට ගන්‍ධයයි. දුග්ගන්‍ධො යනු අනිෂ්ට ගන්‍ධයයි. මේ පද දෙකින් සියලුම ගන්‍ධ ගන්නා ලදී. මෙසේ ඇති කල්හි ද කර්ණිකගන්‍ධ පිලෝතිකගන්‍ධ ආදී පාළි නො ආ සියලුම ගන්‍ධයෝ යේවාපනයකස්ථානයට ඇතුළු වූහයි දතයුතුයි.

එවමයං මූලගන්‍ධාදිනා භෙදෙන භින‍්නොපි ගන්‍ධො ලක‍්ඛණාදීහි අභින‍්නොයෙව. සබ‍්බොපි හෙස ඝානපටිහනනලක‍්ඛණො ගන්‍ධො, ඝානවිඤ‍්ඤාණස‍්ස විසයභාවරසො, තස‍්සෙව ගොචරපච‍්චුපට‍්ඨානො. සෙසං චක‍්ඛායතනනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඉධාපි හි තථෙව ද‍්විපඤ‍්ඤාසනයපටිමණ‍්ඩිතා තෙරස වාරා වුත‍්තා. තෙ අත්‍ථතො පාකටායෙව.

මෙසේ මේ ගන්‍ධය මූලගන්‍ධාදී භේදයෙන් බිදුණේ නමුදු ලක්‍ෂණාදියෙන් නොබිඳුණේමය. මේ සියලුම ගන්‍ධය ඝ්‍රාණයෙහි ගැටීම ලක්‍ෂණකොට ඇත්තේ ය. ඝාණ විඥානයට විෂයවීම රසයකොට ඇත්තේය. එයටම ගෝචරවීම එළඹ සිටි කාරණයකොට ඇත්තේය. සෙස්ස චක්‍ෂුණායතන නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි. මෙහි ද වනාහි දෙපනස් නයකින් ප්‍රතිමණ්ඩිත තෙළෙස්වාරයක් කියන ලදී. ඒවා අර්ථ වශයෙන් ප්‍රකටමය.

රසායතනනිද‍්දෙසෙ මූලරසොති යංකිඤ‍්චි මූලං පටිච‍්ච නිබ‍්බත‍්තරසො. ඛන්‍ධරසාදීසුපි එසෙව නයො. අම‍්බිලන‍්ති තක‍්කම‍්බිලාදි. මධුරන‍්ති එකන‍්තතො ගොසප‍්පිආදි. මධු පන කසාවයුත‍්තං චිරනික‍්ඛිත‍්තං කසාවං හොති. ඵාණිතං ඛාරියුත‍්තං චිරනික‍්ඛිත‍්තං ඛාරියං හොති. සප‍්පි පන චිරනික‍්ඛිත‍්තං වණ‍්ණගන්‍ධෙ ජහන‍්තම‍්පි රසං න ජහතීති තදෙව එකන‍්තමධුරං. තිත‍්තකන‍්ති නිම‍්බපණ‍්ණාදි. කටුකන‍්ති සිඞ‍්ගිවෙරමරිචාදි. ලොණිකන‍්ති සාමුද‍්දිකලොණාදි. ඛාරිකන‍්ති වාතිඞ‍්ගණකළීරාදි. ලම‍්බිලන‍්ති බදරාමලකකපිට‍්ඨසාලවාදි. කසාවන‍්ති හරිතකාදි. ඉමෙ සබ‍්බෙපි රසා වත්‍ථුවසෙන වුත‍්තා. තංතංවත්‍ථුතො පනෙත්‍ථ රසොව අම‍්බිලාදීහි නාමෙහි වුත‍්තොති වෙදිතබ‍්බො. සාදූති ඉට‍්ඨරසො, අසාදූති අනිට‍්ඨරසො. ඉමිනා පදද‍්වයෙන සබ‍්බොපි රසො පරියාදින‍්නො. එවං සන‍්තෙපි ලෙඩ‍්ඩුරසභිත‍්තිරසපිලොතිකරසාදයො පාළියං අනාගතා සබ‍්බෙපි රසා යෙවාපනකට‍්ඨානං පවිට‍්ඨාති වෙදිතබ‍්බා.

රසායතන නිර්දේශයෙහි මූලරසො යනු යම්කිසි මූලයක් නිසා උපන් රසයයි. ඛන්‍ධරස ආදියෙහි ද මේ නයමය. අම්බිලං යනු කිරිමෝරු ඇඹුල් ආදියයි. මධුරං යනු ඒකාන්ත වශයෙන් ගිතෙල් ආදියයි. කසට රසෙන් යුත් මී වනාහි බොහෝ කලක් බහා තබන ලද්දේ කසට රස වෙයි. කර රසින් යුත් පැණි බොහෝකලක් බහාතබන ලද්දේ වර්ණගන්‍ධ අත්හරනේ නමුදු රසය අත නොහරීය. එයම ඒකාන්ත මධුරය. කිත්තක යනු කොසඹ කොළ ආදියයි. කටුක යනු ඉඟුරු මිරිස් ආදියයි. ලොණික යනු මුහුදුලුණු ආදියයි. ඛාරික යනු වම්බටුකරටි ආදියයි. ලපිකං යනු ඩෙබර නෙල්ලි දිවුල් සාලව ආදියයි. කසාවං යනු අරළු ආදියයි. මේ සියලුම රස වස්තු වශයෙන් කියන ලදී. මෙහිදී වනා ඒ ඒ රසය වස්තු වශයෙන් අම්බිලාදී නාමයන්ගෙන් රසයම කියන ලදැයි දතයුතුයි. සාදු යනු ඉෂ්ට රසයයි. අසාදු යනු අනිෂ්ට රසයයි. මේ පද දෙකින් සියලුම රසය හාත්පසින් ගන්නා ලදී. මෙසේ ඇති කල ද සාළියෙහි නො ආ ලෙඩ්ඩු රස භිත්තිරස පිලෝතිකරස ආදී සියලුම රසයෝ යේවාපනක ස්ථානයට ඇතුළත් වූහයි දතයුතුයි.

එවමයං මූලරසාදිනාභෙදෙන භින‍්නොපි රසො ලක‍්ඛණාදීහි අභින‍්නොයෙව. සබ‍්බොපි හෙස ජිව‍්හාපටිහනනලක‍්ඛණො රසො, ජිව‍්හාවිඤ‍්ඤාණස‍්ස විසයභාවරසො, තස‍්සෙව ගොචරපච‍්චුපට‍්ඨානො. සෙසං චක‍්ඛායතනනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඉධාපි හි තථෙව ද‍්විපඤ‍්ඤාසනයපටිමණ‍්ඩිතා තෙරස වාරා වුත‍්තා.

මෙසේ මේ රසය මූලරසාදී භේදයෙන් වෙන්වූයේ ද ලක්‍ෂණාදියෙන් වෙන්නොවූයේමය. මේ සියලුම රසය දිවෙහි ගැටීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. ජිව්හා විඥානයට විෂයවීම රසය කොට ඇත්තේ ය. එයටම ගෝචරවීම එළඹසිටි කාරණයකොට ඇත්තේ ය. ශේෂය චක්‍ෂුරායතන නිර්දේශයෙහි කී නයින්ම දතයුතුයි. මෙහිද වනාහි එසේම දෙපනස් නයකින් ප්‍රතිමණ්ඩිත වාර තෙළෙසක් කියන ලදී.

ඉත්‍ථින්‍ද්‍රියනිද‍්දෙසෙ යන‍්ති කරණවචනං. යෙන කාරණෙන ඉත්‍ථියා ඉත්‍ථිලිඞ‍්ගාදීනි හොන‍්තීති අයමෙත්‍ථ අත්‍ථො. තත්‍ථ ‘ලිඞ‍්ග’න‍්ති සණ‍්ඨානං. ඉත්‍ථියා හි හත්‍ථපාදගීවාඋරාදීනං සණ‍්ඨානං න පුරිසස‍්ස විය හොති. ඉත්‍ථීනඤ‍්හි හෙට‍්ඨිමකායො විසදො හොති, උපරිමකායො අවිසදො. හත්‍ථපාදා ඛුද‍්දකා, මුඛං ඛුද‍්දකං. නිමිත‍්තන‍්ති සඤ‍්ජානනං. ඉත්‍ථීනඤ‍්හි උරමංසං අවිසදං හොති, මුඛං නිම‍්මස‍්සුදාඨිකං. කෙසබන්‍ධවත්‍ථග‍්ගහණම‍්පි න පුරිසානං විය හොති. කුත‍්තන‍්ති කිරියා. ඉත්‍ථියො හි දහරකාලෙ සුප‍්පකමුසලකෙහි කීළන‍්ති, චිත‍්තධීතලිකාය කීළන‍්ති, මත‍්තිකවාකෙන සුත‍්තකං නාම කන‍්තන‍්ති. ආකප‍්පොති ගමනාදිආකාරො. ඉත්‍ථියො හි ගච‍්ඡමානා අවිසදා ගච‍්ඡන‍්ති, තිට‍්ඨමානා නිපජ‍්ජමානා නිසීදමානා ඛාදමානා භුඤ‍්ජමානා අවිසදා භුඤ‍්ජන‍්ති. පුරිසම‍්පි හි අවිසදං දිස‍්වා මාතුගාමො විය ගච‍්ඡති තිට‍්ඨති නිපජ‍්ජති නිසීදති ඛාදති භුඤ‍්ජතීති වදන‍්ති.

ස්ත්‍රී ඉන්‍ද්‍රිය නිර්දේශයෙහි යං යනු කාරණ වචනයි. යම් කාරණයකින් ස්ත්‍රියගේ ස්ත්‍රී ලිංගාදිය වේද යන මෙය අර්ථයයි. එහි ලිංගං යනු සටහනයි. ස්ත්‍රියගේ වනාහි අත්පා ග්‍රීවය උදරාදියෙහි සටහන පුරුෂයාගේ මෙන් නොවේ. ස්ත්‍රීන්ගේ වනාහි යටිකය ප්‍රකට වෙයි. උඩුකය අප්‍රකට වෙයි. අත්පා කුඩාය. මුව කුඩාය. නිමිත්තං යනු හැඳිනගැනීමයි. ස්ත්‍රීන්ගේ වනාහි උරමාංශය අප්‍රකට වෙයි. මුහුණ දැළිරැවුලු රහිතය. කෙස්බැඳීම හා වස්ත්‍ර හැඳීම ද පුරුෂයන්ගේ මෙන් නොවේ. කුන්තං යනු ක්‍රියාවයි. ස්ත්‍රීහු වනාහි ළදරු කාලයෙහි කුලුමෝල් ආදියෙන් ක්‍රීඩා කරති. බෝනික්කන් සමග ක්‍රීඩා කරති. මැටි වැහැරිවලින් නූල් කටිති. ආකප්පො යනු ගමන් ආදී ආකාරයි. ස්ත්‍රීහු වනාහි ඇවිදින්නෝ අවිසදව යෙති. සිටින්නෝ ද වැදහෝනේ ද හිඳින්නෝ ද කන්නෝ ද බුදින්නෝ ද අප්‍රකටව බුදිත්. අවිසද පුරුෂයා දැක මාගමක් මෙන් යයි සිටී. වැදහෝයි හිඳී. කයි. බුදී යැයි කියත්.

ඉත්‍ථත‍්තං ඉත්‍ථිභාවොති උභයම‍්පි එකත්‍ථං; ඉත්‍ථිසභාවොති අත්‍ථො. අයං කම‍්මජො පටිසන්‍ධිසමුට‍්ඨිතො. ඉත්‍ථිලිඞ‍්ගාදීනි පන ඉත්‍ථින්‍ද්‍රියං පටිච‍්ච පවත‍්තෙ සමුට‍්ඨිතානි. යථා හි බීජෙ සති, බීජං පටිච‍්ච, බීජපච‍්චයා රුක‍්ඛො වඩ‍්ඪිත්‍වා සාඛාවිටපසම‍්පන‍්නො හුත්‍වා ආකාසං පූරෙත්‍වා තිට‍්ඨති, එවමෙව ඉත්‍ථිභාවසඞ‍්ඛාතෙ ඉත්‍ථින්‍ද්‍රියෙ සති ඉත්‍ථිලිඞ‍්ගාදීනි හොන‍්ති. බීජං විය හි ඉත්‍ථින්‍ද්‍රියං, බීජං පටිච‍්ච වඩ‍්ඪිත්‍වා ආකාසං පූරෙත්‍වා ඨිතරුක‍්ඛො විය ඉත්‍ථින්‍ද්‍රියං පටිච‍්ච ඉත්‍ථිලිඞ‍්ගාදීනි පවත‍්තෙ සමුට‍්ඨහන‍්ති. තත්‍ථ ඉත්‍ථින්‍ද්‍රියං න චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං, මනොවිඤ‍්ඤෙය්‍යමෙව. ඉත්‍ථිලිඞ‍්ගාදීනි චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යානිපි මනොවිඤ‍්ඤෙය්‍යානිපි.

ඉත්‍ථත්තං ඉත්‍ථිභාවො යන දෙකම ඒකාර්ථය. ස්ත්‍රී ස්වභාවය යනු අර්ථයි. මෙය කර්මය ප්‍රතිසන්ධියෙන් හටගත්තේය. ස්ත්‍රී ලිංගාදිය වනාහි (ස්ත්‍රී ඉන්‍ද්‍රිය නොවේ) ස්ත්‍රී ඉන්‍ද්‍රිය නිසා පැවැත්මේදී හටගත්තේය. යම්සේ වනාහි බීජය ඇති කල්හි බීජය නිසා බීජ ප්‍රත්‍යයෙන් වෘක්‍ෂය වැඩී ශාඛා විටප සම්පන්නව අහස පුරා සිටී ද, මෙපරිද්දෙන්ම ස්ත්‍රීභාව සංඛ්‍යාත ඉන්‍ද්‍රියය ඇති කල්හි ස්ත්‍රී ලිංගාදිය වෙයි. ස්ත්‍රී ඉන්‍ද්‍රිය වනාහි බීජය මෙනි. බීජය නිසා වැඩී අහස පුරා සිටි රුක මෙන් ස්ත්‍රී ඉන්‍ද්‍රිය නිසා ස්ත්‍රී ලිංගාදිය පැවති කල්හි හටගනී. එහි ඉන්‍ද්‍රිය චක්‍ෂුර්විඥෙය්‍ය නොවේ. මනෝවිඥෙය්‍යමය. ස්ත්‍රී ලිංගාදිය චක්‍ෂුර් විඥෙය්‍ය ද මනෝ විඥෙය්‍යෙ ද වෙයි.

ඉදං තං රූපං ඉත්‍ථින්‍ද්‍රියන‍්ති ඉදං තං රූපං, යථා චක‍්ඛුන්‍ද්‍රියාදීනි පුරිසස‍්සාපි හොන‍්ති, න එවං; නියමතො පන ඉත්‍ථියා එව ඉන්‍ද්‍රියං ‘ඉත්‍ථින්‍ද්‍රියං’.

ඉදං තං රූපං ඉත්‍ථින්‍ද්‍රියං යනු මේ ඒ රූපයයි. චක්‍ෂුරේන්‍ද්‍රියාදිය පුරුෂයාට ද ඇත. එසේ නොවේ. නියම වශයෙන් වනාහි ස්ත්‍රියගේම ඉන්‍ද්‍රියය = ඉත්‍ථින්‍ද්‍රිය යි.

පුරිසින්‍ද්‍රියෙපි එසෙව නයො. පුරිසලිඞ‍්ගාදීනි පන ඉත්‍ථිලිඞ‍්ගාදීනං පටිපක‍්ඛතො වෙදිතබ‍්බානි. පුරිසස‍්ස හි හත්‍ථපාදගීවාඋරාදීනං සණ‍්ඨානං න ඉත්‍ථියා විය හොති. පුරිසානඤ‍්හි උපරිමකායො විසදො හොති හෙට‍්ඨිමකායො අවිසදො, හත්‍ථපාදා මහන‍්තා, මුඛං මහන‍්තං, උරමංසං විසදං, මස‍්සුදාඨිකා උප‍්පජ‍්ජන‍්ති. කෙසබන්‍ධනවත්‍ථග‍්ගහණං න ඉත්‍ථීනං විය හොති. දහරකාලෙ රථනඞ‍්ගලාදීහි කීළන‍්ති, වාලිකපාළිං කත්‍වා වාපිං නාම ඛනන‍්ති, ගමනාදීනි විසදානි හොන‍්ති. ඉත්‍ථිම‍්පි ගමනාදීනි විසදානි කුරුමානං දිස‍්වා ‘පුරිසො විය ගච‍්ඡතී’තිආදීනි වදන‍්ති. සෙසං ඉත්‍ථින්‍ද්‍රියෙ වුත‍්තසදිසමෙව.

පුරිසින්‍ද්‍රියෙහි ද මේ නයමය. පුරුෂ ලිංගාදිය වනාහි ස්ත්‍රී ලිංගාදියට ප්‍රතිපක්‍ෂ වශයෙන් දතයුතුයි. පුරුෂයාගේ වනාහි හස්තපාද උදර ග්‍රීවාදියෙහි සටහන ස්ත්‍රියගේ මෙන් නොවේ. පුරුෂයාගේ වනාහි උඩුකය ප්‍රකට වෙයි. යටිකය අප්‍රකටය. අත් පා මහත්ය. මුහුණ මහත්ය. උරමාංශය සුවිසදය. දැළිරැවුලු හටගනී. කෙස් බැඳීම, වස්ත්‍ර ඇඳීම ස්ත්‍රීන් මෙන් නොවේ. ළදරු කාලයෙහි රියනඟුල් ගෙන කෙළිති. වැලි වැටි දමා වැව් කණිති. ගමන් ආදිය ප්‍රකට වෙයි. විසදව ගමන් ආදිය කරන ස්ත්‍රියක දැක පුරුෂයකු මෙන් යයි යනාදිය කියති. සෙස්ස ස්ත්‍රී ඉන්‍ද්‍රියෙහි කියන ලද්ද සමානය.

තත්‍ථ ඉත්‍ථිභාවලක‍්ඛණං ඉත්‍ථින්‍ද්‍රියං, ඉත්‍ථීති පකාසනරසං, ඉත්‍ථිලිඞ‍්ගනිමිත‍්තකුත‍්තාකප‍්පානං කාරණභාවපච‍්චුපට‍්ඨානං. පුරිසභාවලක‍්ඛණං පුරිසින්‍ද්‍රියං, පුරිසොති පකාසනරසං, පුරිසලිඞ‍්ගනිමිත‍්තකුත‍්තාකප‍්පානං කාරණභාවපච‍්චුපට‍්ඨානං. උභයම‍්පෙතං පඨමකප‍්පිකානං පවත‍්තෙ සමුට‍්ඨාති. අපරභාගෙ පටිසන්‍ධියං. පටිසන්‍ධිසමුට‍්ඨිතම‍්පි පවත‍්තෙ චලති පරිවත‍්තති. යථාහ –

එහි ස්ත්‍රීභාව ලක්‍ෂණය ඉත්‍ථින්‍ද්‍රියයි. ස්ත්‍රිය යැයි ප්‍රකාශ කිරිම රසයකොට ඇත්තේය. ස්ත්‍රීලිංග නිමිත්ත විලාස ආකල්පයන් කාරණාකොට ඇතිබව එළඹසිටි කාරණය කොට ඇත්තේය. පුරුෂභාවය ලක්‍ෂණකොට ඇත්තේ පුරිසින්‍ද්‍රියයි. පුරුෂයා යැයි ප්‍රකාශ කිරීම රසයකොට ඇත්තේය. පුරුෂලිංග නිමිත්ත විලාස ආකල්පයන් කාරණකොට ඇති බව එළඹසිටි කාරණය කොට ඇත්තේය. මේ දෙකම එම කල්පිතයන්ට පහළවීමේ දී හටගනී. පසුකාලයේ දී ප්‍රතිසන්‍ධියේ දී (භවංග) ප්‍රතිසන්‍ධියේ දී හටගත්තේ ද පැවැත්මේදී චලනය වෙයි. පරිවර්තනය වෙයි. මෙසේ ද කියන ලදී.

“තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො ඉත්‍ථිලිඞ‍්ගං පාතුභූතං හොති. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරිස‍්සා භික‍්ඛුනියා පුරිසලිඞ‍්ගං පාතුභූතං හොතී”ති (පාරා· 69).

‘එසමයෙහි වනාහි එක්තරා භික්‍ෂුවකට ස්ත්‍රී ලිංගය පහළ වූයේ වෙයි. එසමයෙහි වනාහි එක්තරා භික්‍ෂුණියකට පුරුෂලිංගය පහළ වූයේ වෙයි’ යන

ඉමෙසු පන ද‍්වීසු පුරිසලිඞ‍්ගං උත‍්තමං, ඉත්‍ථිලිඞ‍්ගං හීනං. තස‍්මා පුරිසලිඞ‍්ගං බලවඅකුසලෙන අන‍්තරධායති, ඉත්‍ථිලිඞ‍්ගං දුබ‍්බලකුසලෙන පතිට‍්ඨාති. ඉත්‍ථිලිඞ‍්ගං පන අන‍්තරධායන‍්තං දුබ‍්බලඅකුසලෙන අන‍්තරධායති, පුරිසලිඞ‍්ගං බලවකුසලෙන පතිට‍්ඨාති. එවං උභයම‍්පි අකුසලෙන අන‍්තරධායති, කුසලෙන පතිට‍්ඨාතීති වෙදිතබ‍්බං.

මේ දෙකෙහිම පුරුෂලිංගය උත්තමය. ස්ත්‍රී ලිංගය හීනය. එහෙයින් පුරුෂලිංගය බලවත් අකුශල කර්මයකින් අතුරුදහන් වෙයි. ස්ත්‍රී ලිංගය දුර්වල කුශලයකින් පිහිටයි. ස්ත්‍රී ලිංගය වනාහි අතුරුදහන් වනුයේ දුර්වල අකුශල කර්මයකින් අතුරුදහන් වෙයි. පුරුෂ ලිංගය බලවත් කුශලයකින් පිහිටයි. මෙසේ (මේ) දෙකම අකුශලයෙන් අතුරුදහන් වෙයි. කුශලයෙන් පිහිටයි යැයි දතයුතුයි.

උභතොබ්‍යඤ‍්ජනකස‍්ස පන කිං එකං ඉන්‍ද්‍රියං උදාහු ද‍්වෙති? එකං. තඤ‍්ච ඛො ඉත්‍ථිඋභතොබ්‍යඤ‍්ජනකස‍්ස ඉත්‍ථින්‍ද්‍රියං, පුරිසඋභතොබ්‍යඤ‍්ජනකස‍්ස පුරිසින්‍ද්‍රියං. ‘එවං සන‍්තෙ දුතියබ්‍යඤ‍්ජනකස‍්ස අභාවො ආපජ‍්ජති. ඉන්‍ද්‍රියඤ‍්හි බ්‍යඤ‍්ජනකාරණං වුත‍්තං. තඤ‍්චස‍්ස නත්‍ථී’ති? ‘න තස‍්ස ඉන්‍ද්‍රියං බ්‍යඤ‍්ජනකාරණං’. ‘කස‍්මා’? ‘සදා අභාවතො. ඉත්‍ථිඋභතොබ්‍යඤ‍්ජනකස‍්ස හි යදා ඉත්‍ථියා රාගචිත‍්තං උප‍්පජ‍්ජති, තදාව පුරිසබ්‍යඤ‍්ජනං පාකටං හොති, ඉත්‍ථිබ්‍යඤ‍්ජනං පටිච‍්ඡන‍්නං ගුළ‍්හං හොති. තථා ඉතරස‍්ස ඉතරං.

කිම උභතෝබ්‍යඤ්ජකයාට වනාහි එක් ඉන්‍ද්‍රියයක් ද නැතහොත් දෙකක්ද යත්, එකකි. එයද වනාහි ස්ත්‍රී උභතෝබ්‍යඤ්ජනකයාට ස්ත්‍රී ඉන්‍ද්‍රියයයි. පුරුෂ උභතෝබ්‍යඤ්ජනකයාට පුරුෂින්‍ද්‍රියය යි. එසේ ඇතිකල්හි දෙවන බ්‍යඤ්ජනකයේ අභාවය සිදුවෙයි. ඉන්‍ද්‍රියය වනාහි බ්‍යඤ්ජන කාරණය යැයි කියන ලදද, එය ඔහුට නැද්ද යත්, ඔහුට ඉන්‍ද්‍රියය බ්‍යඤ්ජන කාරණය නොවේ. කවර හෙයින් ද? සදා අභාව හෙයිනි. යම්කලෙක වනාහි ස්ත්‍රී උභතො බ්‍යඤ්ජනකයාට රාග සිත උපදී ද, එකල්හිම පුරුෂ ව්‍යඤ්ජනය ප්‍රකට වෙයි. ස්ත්‍රී ව්‍යඤ්ජනය අප්‍රකට වූයේ වෙයි. සැඟවුණේ වෙයි. අනෙකාගේ අනික ද එසේය.

යදි ච තෙසං ඉන්‍ද්‍රියං දුතියබ්‍යඤ‍්ජනකාරණං භවෙය්‍ය, සදාපි බ්‍යඤ‍්ජනද‍්වයං තිට‍්ඨෙය්‍ය. න පන තිට‍්ඨති. තස‍්මා වෙදිතබ‍්බමෙතං න තස‍්ස තං බ්‍යඤ‍්ජනකාරණං. කම‍්මසහායං පන රාගචිත‍්තමෙවෙත්‍ථ කාරණං. යස‍්මා චස‍්ස එකමෙව ඉන්‍ද්‍රියං හොති, තස‍්මා ඉත්‍ථිඋභතොබ්‍යඤ‍්ජනකො සයම‍්පි ගබ‍්භං ගණ‍්හාති, පරම‍්පි ගණ‍්හාපෙති. පුරිසඋභතොබ්‍යඤ‍්ජනකො පරං ගබ‍්භං ගණ‍්හාපෙති, සයං පන න ගණ‍්හාතීති.

යම්හෙයකින් වනාහි ඔවුන්ගේ ඉන්‍ද්‍රිය දෙවන ව්‍යඤ්ජනයට හේතු වේ ද, හැමකල්හිම ව්‍යඤ්ජන දෙක තිබේද යත්, නොතිබේමය. එහෙයින් මෙය දතයුතුයි. ඔහුගේ එය ව්‍යඤ්ජනකාරණය නොවේ. මෙහිදී වනාහි කර්මසහාය වූ රාගසිතම කාරණය වෙයි. එහෙයින් ඔහුට එකම ඉන්‍ද්‍රියයක් වෙයි. එහෙයින් ස්ත්‍රී උභතෝබ්‍යඤ්ජනකයා තෙමේ ද ගැබ් ගනී. අන්‍යයා ද ගන්වයි. පුරුෂ උභතො බ්‍යඤ්ජනකයා අන්‍යයා ගැබ් ගන්වයි. තෙ මේ වනාහි නොගනී යනුයි.

ජීවිතින්‍ද්‍රියනිද‍්දෙසෙ යං වත‍්තබ‍්බං තං හෙට‍්ඨා අරූපජීවිතින්‍ද්‍රියෙ වුත‍්තමෙව. කෙවලඤ‍්හි තත්‍ථ යො තෙසං අරූපීනං ධම‍්මානන‍්ති වුත‍්තං, ඉධ රූපජීවිතින්‍ද්‍රියත‍්තා යො තෙසං රූපීනං ධම‍්මානන‍්ති අයමෙව විසෙසො. ලක‍්ඛණාදීනි පනස‍්ස එවං වෙදිතබ‍්බානි – සහජාතරූපානුපාලනලක‍්ඛණං ජීවිතින්‍ද්‍රියං, තෙසං පවත‍්තනරසං, තෙසං යෙව ඨපනපච‍්චුපට‍්ඨානං, යාපයිතබ‍්බභූතපදට‍්ඨානන‍්ති.

ජීවිතේන්‍ද්‍රිය නිර්දේශයෙහි යමක් කිවයුතුද එය යට අරූප-අරූප ජීවිතේන්‍ද්‍රියයෙහි කියන ලදමය. හුදෙක් එහි වනාහි යො තෙසං අරූපීනං ධම්මානං යැයි කියන ලද ද, මෙහි රූප ජීවිතින්‍ද්‍රිය බැවින් යො තෙසං රූපීනං ධම්මානං යන මෙයම විශේෂයයි. මෙහි ලක්‍ෂණාදිය වනාහි මෙසේ දතයුතුයි. සහජ රූප අනුපාලනය ලක්‍ෂණකොට ඇත්තේ ජීවිතේන්‍ද්‍රියයි. ඔවුන් පැවැත්වීම රසයකොට ඇත්තේය. ඔවුන්ගේම ස්ථාපනය එළඹසිටි කාරණයකොට ඇත්තේය. යාපනය කළයුතු බව ආසන්න කාරණය කොට ඇත්තේය යනුයි.

කායවිඤ‍්ඤත‍්තිනිද‍්දෙසෙ කායවිඤ‍්ඤත‍්තීති එත්‍ථ තාව කායෙන අත‍්තනො භාවං විඤ‍්ඤාපෙන‍්තානං තිරච‍්ඡානෙහිපි පුරිසානං, පුරිසෙහි වා තිරච‍්ඡානානම‍්පි කායගහණානුසාරෙන ගහිතාය එතාය භාවො විඤ‍්ඤායතීති ‘විඤ‍්ඤත‍්ති’. සයං කායගහණානුසාරෙන විඤ‍්ඤායතීතිපි ‘විඤ‍්ඤත‍්ති’. “කායෙන සංවරො සාධූ”තිආදීසු (ධ· ප· 361) ආගතො චොපනසඞ‍්ඛාතො කායොව විඤ‍්ඤත‍්ති ‘කායවිඤ‍්ඤත‍්ති’. කායවිප‍්ඵන්‍දනෙන අධිප‍්පායවිඤ‍්ඤාපනහෙතුත‍්තා, සයඤ‍්ච තථා විඤ‍්ඤෙය්‍යත‍්තා කායෙන විඤ‍්ඤත‍්තීතිපි ‘කායවිඤ‍්ඤත‍්ති’.

කායවිඥප්ති නිර්දේශයෙහි කාය විඤ්ඤත්ති යන මෙහි වනාහි කයින් තමාගේ ස්වභාවය හඟවන්නවුන් අතුරෙන් තිරිසනුන් විසින් පුරුෂයන්ට ද පුරුෂයින් විසින් හෝ තිරිසනුන්ට ද කායග්‍රහණානුසාරයෙන් (නය හසුරුවන ආකාරයන්ගෙන්) ගන්නා ලද මේ විඥප්තියෙන් ස්වභාවය හැඟේ යනු = විඤ්ඤත්තියයි. තෙ මේ කායග්‍රහණානුසාරයෙන් හැඟේ යනු ද = විඤ්ඤත්තියයි. ‘කායෙන සංවරො සාධු’ යන ආදීන්හි ආ චෝපන සංඛ්‍යාත කයම විඤ්ඤත්තිය වූයේ = කාය විඤ්ඤත්තියයි.

කුසලචිත‍්තස‍්ස වාතිආදීසු අට‍්ඨහි කාමාවචරෙහි අභිඤ‍්ඤාචිත‍්තෙන චාති නවහි කුසලචිත‍්තෙහි කුසලචිත‍්තස‍්ස වා, ද‍්වාදසහිපි අකුසලචිත‍්තෙහි අකුසලචිත‍්තස‍්ස වා, අට‍්ඨහි මහාකිරියෙහි ද‍්වීහි අහෙතුකකිරියෙහි අභිඤ‍්ඤාප‍්පත‍්තෙන එකෙන රූපාවචරකිරියෙනාති එකාදසහි කිරියචිත‍්තෙහි අබ්‍යාකතචිත‍්තස‍්ස වා. ඉතො අඤ‍්ඤානි හි චිත‍්තානි විඤ‍්ඤත‍්තිං න ජනෙන‍්ති. සෙක‍්ඛාසෙක‍්ඛපුථුජ‍්ජනානං පන එත‍්තකෙහෙව චිත‍්තෙහි විඤ‍්ඤත‍්ති හොතීති එතෙසං කුසලාදීනං වසෙන තීහි පදෙහි ‘හෙතුතො’ දස‍්සිතා.

කය සැලීමෙන් අදහස් හැඟවීමට හේතුවන බැවින් තෙමේ ද එසේ හැඟවෙන හෙයින් කයින් හැඟවීම යනු ද = කාය විඤ්ඤත්තියයි. කුසල චිත්තස්ස වා යන ආදීන්හි කාමාවචර සිත් අට අභිඥා සිත යන සිත් නවය සමග කුශල සිතට හෝ, දොළොස් අකුශලසිත් සමග අකුශල සිතට හෝ, මහාකිරිය සිත් අටය. පරිතකිරිය සිත් දෙකය. අභිඥාප්‍රාප්ත රූපාවචර කිරියසිත් එකය යන එකොළොස් සිත් සමග අඛ්‍යාකත සිතට හෝ, මෙයින් අන්‍ය වූ සිත් විඥප්තිය නූපදවයි. ශෛක්‍ෂ අශෛක්‍ෂ හා පෘථග්ජනයන්ට වනාහි මෙපමණක්ම සිත්වලින් විඥප්තිය වේයැයි මේ කුශලාදීන්ගේ වශයෙන් පද තුනෙන් හේතු වශයෙන් දක්වන ලදී.

ඉදානි ඡහි පදෙහි ‘ඵලතො’ දස‍්සෙතුං අභික‍්කමන‍්තස‍්ස වාතිආදි වුත‍්තං. අභික‍්කමාදයො හි විඤ‍්ඤත‍්තිවසෙන පවත‍්තත‍්තා විඤ‍්ඤත‍්තිඵලං නාම. තත්‍ථ ‘අභික‍්කමන‍්තස‍්සා’ති පුරතො කායං අභිහරන‍්තස‍්ස. පටික‍්කමන‍්තස‍්සාති පච‍්ඡතො පච‍්චාහරන‍්තස‍්ස. ආලොකෙන‍්තස‍්සාති උජුකං පෙක‍්ඛන‍්තස‍්ස. විලොකෙන‍්තස‍්සාති ඉතො චිතො ච පෙක‍්ඛන‍්තස‍්ස. සමිඤ‍්ජෙන‍්තස‍්සාති සන්‍ධයො සඞ‍්කොචෙන‍්තස‍්ස. පසාරෙන‍්තස‍්සාති සන්‍ධයො පටිපණාමෙන‍්තස‍්ස.

දැන් සපදයෙන් ඵල වශයෙන් දක්වන්නට ‘අභික්කමන්තස්සව’ යන ආදිය කියන ලදී. අභික්කම ආදිය වනාහි විඥප්ති වශයෙන් පැවති හෙයින් විඥප්තිඵලය නමි. එහි අභික්කමන්තස්ස වා යනු ඉදිරියෙන් කය පෙරට ගෙන එන්නහුට, පටික්කමන්තස්ස යනු පසුපසින් ආපසු ගෙන එන්නහුට, ආලොකෙන්තස්ස යනු ඍජුව බලන්නහුට, විලොකෙන්තස්ස යනු ඔබමොබ බලන්නහුට, සම්මිඤ්ජෙන්තස්ස යනු සන්‍ධි හකුළුවන්නහුට, පසාරෙන්තස්ස යනු සන්‍ධි ඉදිරියට දිගහරින්නහුට,

ඉදානි ඡහි පදෙහි ‘සභාවතො’ දස‍්සෙතුං කායස‍්ස ථම‍්භනාති ආදි වුත‍්තං. තත්‍ථ ‘කායස‍්සා’ති සරීරස‍්ස. කායං ථම‍්භෙත්‍වා ථද‍්ධං කරොතීති ථම‍්භනා. තමෙව උපසග‍්ගෙන වඩ‍්ඪෙත්‍වා සන්‍ථම‍්භනාති ආහ. බලවතරා වා ථම‍්භනා ‘සන්‍ථම‍්භනා’. සන්‍ථම‍්භිතත‍්තන‍්ති සන්‍ථම‍්භිතභාවො. විඤ‍්ඤාපනවසෙන විඤ‍්ඤත‍්ති. විඤ‍්ඤාපනාති විඤ‍්ඤාපනාකාරො. විඤ‍්ඤාපිතභාවො විඤ‍්ඤාපිතත‍්තං. සෙසමෙත්‍ථ යං වත‍්තබ‍්බං තං හෙට‍්ඨා ද‍්වාරකථායං වුත‍්තමෙව. තථා වචීවිඤ‍්ඤත‍්තියං.

දැන් සපදයෙකින් ස්වභාව වශයෙන් දක්වන්නට කායස්ස ථම්භනා යන ආදිය කියන ලදී. එහි කායස්ස යනු ශරීරයට, කය දැඩිකොට තදකෙරේ යනු = ථම්භනා ය, එයම උපසර්ගයෙන් දියුණුකොට සන්‍ථම්භනා යැයි කීය. බලවතර වූ ථම්භනය හෝ = සන්‍ථම්භනා ය, සන්‍ථම්භිනත්තං යනු තද වූ බවයි. හැඟවීම් වශයෙන් විඤ්ඤත්ති යයි. විඤ්ඤාපනා යනු හඟවන ආකාරයයි. හඟවන ලද බව විඤ්ඤාපිතත්තකය, මෙහි අවශේෂ යමක් කිවයුතු නම් එය යට ද්වාරකථාවෙහි කියන ලදමය. වාග් විඥප්තීන්ගේ ද එසේමය.

වචීවිඤ‍්ඤත‍්තීතිපදස‍්ස පන නිද‍්දෙසපදානඤ‍්ච අත්‍ථො තත්‍ථ න වුත‍්තො, සො එවං වෙදිතබ‍්බො – වාචාය අත‍්තනො භාවං විඤ‍්ඤාපෙන‍්තානං තිරච‍්ඡානෙහිපි පුරිසානං, පුරිසෙහි වා තිරච‍්ඡානානම‍්පි , වචීගහණානුසාරෙන ගහිතාය එතාය භාවො විඤ‍්ඤායතීති විඤ‍්ඤත‍්ති. සයඤ‍්ච වචීගහණානුසාරෙන විඤ‍්ඤායතීතිපි විඤ‍්ඤත‍්ති. “සාධු වාචාය සංවරො”තිආදීසු (ධ· ප· 361) ආගතා චොපනසඞ‍්ඛාතා වචී එව විඤ‍්ඤත‍්ති ‘වචීවිඤ‍්ඤත‍්ති’. වචීඝොසෙන අධිප‍්පායවිඤ‍්ඤාපනහෙතුත‍්තා සයඤ‍්ච තථාවිඤ‍්ඤෙය්‍යත‍්තා වාචාය විඤ‍්ඤත‍්තීතිපි ‘වචීවිඤ‍්ඤත‍්ති’. වාචා ගිරාතිආදීසු වුච‍්චතීති ‘වාචා’. ගිරියතීති ‘ගිරා’. බ්‍යප‍්පථොති වාක්‍යභෙදො. වාක්‍යඤ‍්ච තං පථො ච අත්‍ථං ඤාතුකාමානං ඤාපෙතුකාමානඤ‍්චාතිපි ‘බ්‍යප‍්පථො’. උදීරියතීති උදීරණං. ඝුස‍්සතීති ඝොසො. කරියතීති කම‍්මං. ඝොසොව කම‍්මං ඝොසකම‍්මං. නානප‍්පකාරෙහි කතො ඝොසොති අත්‍ථො. වචියා භෙදො වචීභෙදො. සො පන ‘න භඞ‍්ගො, පභෙදගතා වාචා එවා’ති ඤාපනත්‍ථං වාචා වචීභෙදොති වුත‍්තං. ඉමෙහි සබ‍්බෙහිපි පදෙහි ‘සද‍්දවාචාව’ දස‍්සිතා. ඉදානි තාය වාචාය සද‍්ධිං යොජෙත්‍වා හෙට‍්ඨා වුත‍්තත්‍ථානං විඤ‍්ඤත‍්තිආදීනං පදානං වසෙන තීහාකාරෙහි සභාවතො තං දස‍්සෙතුං යා තාය වාචාය විඤ‍්ඤත‍්තීතිආදි වුත‍්තං. තං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙව.

වචී විඤ්ඤත්ති යන පදයාගේ ද නිර්දේශ පදයාගේ ද අර්ථය එහි නො කියන ලදී. එය මෙසේ දතයුතුයි. වචනයෙන් තමාගේ ස්වභාවය හඟවන්නවුන් අතුරෙන් තිරිසනුන් විසින් පුරුෂයන්ට ද පුරුෂයින් විසින් තිරිසනුන්ට ද වාග්ග්‍රහණානුසාරයෙන් ගන්නා ලද මෙයින් ස්වභාවය හැඟේ = විඤ්ඤත්තියයි. තෙමේ ද වාග්ග්‍රහණානුසාරයෙන් හැඟේ යනු ද = විඤ්ඤත්තියයි. ‘සාධුවාචාය සංවරො’ යන ආදීන්හි ආ වෝපනසංඛ්‍යාත වචනයම විඤ්ඤත්ති යනු = වචී විඤ්ඤත්තිය, වාග් ඝෝෂාවෙන් අදහස හැඟවීමට හේතුවන හෙයින් ද තෙමේ ද එසේ දතයුතු හෙයින් ද වචනයෙන් හැඟවීම යනු ද වචී විඤ්ඤත්තිය, ‘වාච ගිරා’ ආදීන්හි කියයි යනු = වාචාය, ගිරීයත (කායයි) යනු ද = ගිරා ය, බ්‍යප්පථො යනු වෘක්‍ෂ විශේෂය, අර්ථය දැනගනු කැමැත්තවුන්ට දැන ගන්වනු කැමැත්තවුන්ටත් එය වචනයත් පථයත් වේ යනු බ්‍යප්පථය, කියයි යනු = උදීරණයයි. ඝෝෂා කෙරේ යනු = ඝොස ය, කෙරේ යනු = කම්මය, ඝොසය ද කම්මය ද = ඝොසකම්මය නන්අයුරින් කරන ලද ඝෝෂාව යන අර්ථයි. වචනයෙහි භේදය = වචීභෙදය, එය වනාහි නොබිඳේ. ප්‍රභේදගත වචනයම මෙසේ දැන්වීම පිණිස වාචා වචීභෙදො යැයි කියන ලදී. මේ සියලුම පදයන්ගෙන් ශබ්ද වචනයම දක්වන ලදී. දැන් ඒ වචනය සමග යොදා යට කියන ලද අර්ථ ඇති විඥප්ති ආදී පදයන්ගේ වශයෙන් තුන් අයුරකින් ස්වභාව වශයෙන් එය දක්වන්නට යා තාය වාචාය විඤ්ඤත්ති ආදිය කියන ලදී. එය යට කියන ලද නය ඇතිහෙයින් ප්‍රකට අර්ථ ඇත්තේමය.

ඉදානි විඤ‍්ඤත‍්තිසමුට‍්ඨාපකචිත‍්තෙසු අසම‍්මොහත්‍ථං ද‍්වත‍්තිංස ඡබ‍්බීස එකූනවීසති සොළස පච‍්ඡිමානීති ඉදං පකිණ‍්ණකං වෙදිතබ‍්බං – ද‍්වත‍්තිංස චිත‍්තානි හි රූපං සමුට‍්ඨාපෙන‍්ති, ඉරියාපථම‍්පි උපත්‍ථම‍්භෙන‍්ති, දුවිධම‍්පි විඤ‍්ඤත‍්තිං ජනෙන‍්ති. ඡබ‍්බීසති විඤ‍්ඤත‍්තිමෙව න ජනෙන‍්ති, ඉතරද‍්වයං කරොන‍්ති. එකූනවීසති රූපමෙව සමුට‍්ඨාපෙන‍්ති, ඉතරද‍්වයං න කරොන‍්ති. සොළස ඉමෙසු තීසු එකම‍්පි න කරොන‍්ති.

දැන් විඥප්තියෙන් උපදවන ලද චිත්තයන්හි අසම්මෝහය පිණිස දෙතිස්, සවිසි, එකුන්විසි, සොළොස් පශ්චිමයන් යන මේ ප්‍රකීර්ණකය දතයුතුයි. දෙතිස් චිත්තයෝ වනාහි රූපය උපදවත්. ඉරියව්වලට ද උපස්ථම්භය වෙත්. දෙවැදෑරුම් විඥප්තිය ද උපදවත්. සවිසි විඥප්තියම නූපදවත්, අනෙක් දෙක කරත්. එකුන්විසි රූපයම උපදවත් ඉතිරි දෙක නො කරත්. සොළොස මේ තුනෙන් (එකක්වත්) නො කරයි.

තත්‍ථ ද‍්වත‍්තිංසාති හෙට‍්ඨා වුත‍්තානෙව කාමාවචරතො අට‍්ඨ කුසලානි, ද‍්වාදස අකුසලානි, කිරියතො දස චිත‍්තානි, සෙක‍්ඛපුථුජ‍්ජනානං අභිඤ‍්ඤාචිත‍්තං, ඛීණාසවානං අභිඤ‍්ඤාචිත‍්තන‍්ති. ඡබ‍්බීසාති රූපාවචරතො පඤ‍්ච කුසලානි, පඤ‍්ච කිරියානි, අරූපාවචරතො චත‍්තාරි කුසලානි, චත‍්තාරි කිරියානි, චත‍්තාරි මග‍්ගචිත‍්තානි, චත‍්තාරි ඵලචිත‍්තානීති. එකූනවීසතීති කාමාවචරකුසලවිපාකතො එකාදස, අකුසලවිපාකතො ද‍්වෙ , කිරියතො කිරියමනොධාතු, රූපාවචරතො පඤ‍්ච විපාකචිත‍්තානීති. සොළසාති ද‍්වෙ පඤ‍්චවිඤ‍්ඤාණානි, සබ‍්බසත‍්තානං පටිසන්‍ධිචිත‍්තං, ඛීණාසවානං චුතිචිත‍්තං, අරූපෙ චත‍්තාරි විපාකචිත‍්තානීති. ඉමානි සොළස රූපිරියාපථවිඤ‍්ඤත‍්තීසු එකම‍්පි න කරොන‍්ති. අඤ‍්ඤානිපි බහූනි අරූපෙ උප‍්පන‍්නානි අනොකාසගතත‍්තා රූපං න සමුට‍්ඨාපෙන‍්ති. න තානෙව, කායවචීවිඤ‍්ඤත‍්තියොපි.

එහි දෙතිස යනු යට කියන ලද්දා වූම කාමාවචරයෙන් කුශල අට ද දොළොස් අකුශල ද කිරිය සිත්වලින් සිත් දසය ද ශෛක්‍ෂ පෘථග්ජනයන්ගේ අභිඥා සිත ද ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ අභිඥා සිත ද යන සිත්ය. සවිස්ස යනු රූපාවචරයෙන් කුශල පස ද කිරිය සිත් පස ද අරූපාවචරයෙන් කුශල සතරද කිරිය සතර ද මාර්ගසිත් සතර ද ඵලසිත් සතර ද යන සිත්ය. එකුන්තිස්ස යනු කාමාවචර කුශල විපාකයෙන් එකොළොස ද අකුශල විපාකයෙන් දෙකක් ද (කිරිය සිත්වලින්) කිරිය මනෝධාතුව ද රූපාවචරයෙන් විපාක සිත් පස ද යන මේවාය. සොළොස යනු පංචවිඥාන ද්වය ද සියලු සතුන්ගේ ප්‍රතිසන්ධි සිත ද ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ චුතිසිත ද අරූපාවචරයෙහි විපාක සිත් සතර ද යන මේවාය. මේ සොළොස රූප ඉරියාපථ විඥප්තීන්ගෙන් එකක් වත් නොකරයි. අරූපයෙහි උපන් අන්‍ය බොහෝ සිත් ද අවකාශ නැති හෙයින් රූප නූපදවයි. යම් සිත් කාය විඥප්තිය උපදවයි ද ඒවාම වාග් විඥප්තිය උපදවයි.

ආකාසධාතුනිද‍්දෙසෙ න කස‍්සති, න නිකස‍්සති, කසිතුං වා ඡින්‍දිතුං වා භින්‍දිතුං වා න සක‍්කාති ආකාසො. ආකාසොව ආකාසගතං , ඛෙළගතාදි විය. ආකාසොති වා ගතන‍්ති ‘ආකාසගතං’. න හඤ‍්ඤතීති අඝං, අඝට‍්ටනීයන‍්ති අත්‍ථො. අඝමෙව අඝගතං. ඡිද‍්දට‍්ඨෙන විවරො. විවරොව විවරගතං. අසම‍්ඵුට‍්ඨං චතූහි මහාභූතෙහීති එතෙහි අසම‍්ඵුට‍්ඨං නිජ‍්ජටාකාසංව කථිතං. ලක‍්ඛණාදිතො පන රූපපරිච‍්ඡෙදලක‍්ඛණා ආකාසධාතු, රූපපරියන‍්තප‍්පකාසනරසා, රූපමරියාදපච‍්චුපට‍්ඨානා අසම‍්ඵුට‍්ඨභාවඡිද‍්දවිවරභාවපච‍්චුපට‍්ඨානා වා, පරිච‍්ඡින‍්නරූපපදට‍්ඨානා, යාය පරිච‍්ඡින‍්නෙසු රූපෙසු ‘ඉදමිතො උද‍්ධං අධො තිරිය’න‍්ති ච හොති.

ආකාශධාතු නිර්දේශයෙහි කර්ෂණය (ඇදීම) නො කෙරේ. නිෂ්කර්ෂණය (පිටතට ඇදීම) නො කෙරෙයි. අදින්නට සිඳින්නට විඳින්නට හෝ නොහැකිය යනු = ආකාසය, ආකාසයම ආකාසභතය බෙලගතාදිය මෙනි. ආකාස යනු හෝ ගතං යනු = ආකාසගතය, නො නැසේ නුයි =– අඝය, නො ගැටිය යුතු යන අර්ථයි. අඝ යනුම = අඝගත ය. ඡිද්‍රය යන අර්ථයෙන් විවර ය, විවරය ම = විවරගත ය, අසමඵුට්ඨං චතුහි මහාභූතෙහි යනු මොවුන් විසින් ස්පර්ශ නො කරන ලද ඒ වෙන් වූ ආකාසය කියන ලදී. ලක්‍ෂණාදී වශයෙන් වනාහි ආකාසධාතුව රූප පරිච්ඡේදය ලක්‍ෂණකොට ඇත්තේය. රූප පර්යන්තය ප්‍රකාශ කිරීම රසයකොට ඇත්තේය. රූප සීමාකිරීම එළඹසිටි කාරණය කොට ඇත්තේය. ස්පර්ශ නොකළ බව ඡිද්‍ර විවරභාවය හෝ එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. පිරිසිඳිනා ලද රූප ආසන්න කාරණය කොට ඇත්තේය. එයින් පිරිසිඳිනා ලද රූපයන්හි මෙය මෙයින් උඩය යටය සරස යැයි ද වෙයි.

ඉතො පරෙ රූපස‍්සලහුතාදීනං නිද‍්දෙසා චිත‍්තස‍්සලහුතාදීසු වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. ලක‍්ඛණාදිතො පනෙත්‍ථ අදන්‍ධතාලක‍්ඛණා රූපස‍්ස ලහුතා, රූපානං ගරුභාවවිනොදනරසා, ලහුපරිවත‍්තිතාපච‍්චුපට‍්ඨානා, ලහුරූපපදට‍්ඨානා. අථද‍්ධතාලක‍්ඛණා රූපස‍්ස මුදුතා, රූපානං ථද‍්ධභාවවිනොදනරසා, සබ‍්බකිරියාසු අවිරොධිතාපච‍්චුපට‍්ඨානා, මුදුරූපපදට‍්ඨානා. සරීරකිරියානුකූලකම‍්මඤ‍්ඤභාවලක‍්ඛණා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා, අකම‍්මඤ‍්ඤතාවිනොදනරසා, අදුබ‍්බලභාවපච‍්චුපට‍්ඨානා, කම‍්මඤ‍්ඤරූපපදට‍්ඨානා.

මෙයින් පර වූ චිත්තස්ස ලහුතා ආදීන්හි රූපස්ස ලහුතා ආදීන්ගේ නිර්දේශ කියන ලද නයින්ම දතයුතුයි. මෙහිදී වනාහි ලක්‍ෂණාදී වශයෙන් රූපස්ස ලහුතාව අදන්‍ධතාව (මෝඩ නොවන බව) ලක්‍ෂණකොට ඇත්තේය. රූපයන්ගේ ගරුභාවය දුරුකිරිම රසය කොට ඇත්තේය. වහා පරිවර්තනය වීම එළඹසිටි කාරණය කොට ඇත්තේය. සැහැල්ලු රූප ආසන්න කාරණය කොට ඇත්තේය. රූපස්ස මුදුතාව නො තදබව ලක්‍ෂණකොට ඇත්තේය. රූපයන්ගේ තදබව දුරුකිරීම රසයකොට ඇත්තේය. සියලු ක්‍රියාවන්හි අවිරෝධී බව එළඹසිටි කාරණය කොට ඇත්තේය. මෘදුරූප ආසන්න කාරණය කොට ඇත්තේය. ශරීර ක්‍රියාවන්ට අනුකූල කර්මණ්‍යතාව ලක්‍ෂණකොට ඇත්තේ රූපස්ස කම්මඤ්ඤතා වයි. අකර්මණ්‍යබව දුරුකිරීම රසයකොට ඇත්තේය. අදුර්වල බව එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. කර්මණ්‍යරූප ආසන්න කාරණාකොට ඇත්තේ ය.

එතා පන තිස‍්සො න අඤ‍්ඤමඤ‍්ඤං විජහන‍්ති. එවං සන‍්තෙපි යො අරොගිනො විය රූපානං ලහුභාවො, අදන්‍ධතාලහුපරිවත‍්තිප‍්පකාරො, රූපදන්‍ධත‍්තකරධාතුක‍්ඛොභපටිපක‍්ඛපච‍්චයසමුට‍්ඨානො, සො රූපවිකාරො ‘රූපස‍්සලහුතා’. යො සුපරිමද‍්දිතචම‍්මස‍්සෙව රූපානං මුදුභාවො සබ‍්බකිරියාවිසෙසෙසු සරසවත‍්තනභාවො වසවත‍්තනභාවමද‍්දවප‍්පකාරො රූපථද‍්ධත‍්තකරධාතුක‍්ඛොභපටිපක‍්ඛපච‍්චයසමුට‍්ඨානො , සො රූපවිකාරො ‘රූපස‍්ස මුදුතා’. යො පන සුධන‍්තසුවණ‍්ණස‍්සෙව රූපානං කම‍්මඤ‍්ඤභාවො සරීරකිරියානුකූලභාවප‍්පකාරො සරීරකිරියානං අනනුකූලකරධාතුක‍්ඛොභපටිපක‍්ඛපච‍්චයසමුට‍්ඨානො, සො රූපවිකාරො ‘රූපස‍්ස කම‍්මඤ‍්ඤතා’ති. එවමෙතාසං විසෙසො වෙදිතබ‍්බො.

මේ තුන වනාහි ඔවුනොවුන් අත් නොහරී. මෙසේ ඇති කල ද නිරෝගී අයෙකුගේ මෙන් රූපයන්ගේ යම් සැහැල්ලු බවෙක් වේ ද, අදන්‍ධතා ලහුපරිවර්තන ප්‍රකාර ඇත්තේ ද, රූපදන්‍ධ බව ඇතිකරන ධාතුක්‍ෂෝභ ප්‍රතිපක්‍ෂ ප්‍රත්‍යයෙන් හටගත්තේ ද, ඒ රූපවිකාරය රූපස්ස ලහුතාවයි. මනා මදිනා ලද සමක් මෙන් රූපයන්ගේ යම් මෘදුභාවයක් වේ ද, සියලු ක්‍රියා විශේෂයන්හි රස සහිතව පවත්නා බවක් වේද වසයෙහි පවත්නා බව මෘදු බව ආකාරකොට ඇත්තේ ද, රූපයන්ගේ තදබව ඇතිකරන ධාතුක්‍ෂෝභ ප්‍රතිපක්‍ෂ ප්‍රත්‍යයන්ගෙන් හටගැනුණේ ද, ඒ රූපවිකාරය රූපස්ස මුදුතාවයි. පිරිසිදු කළ ස්වර්ණයක් මෙන් රූපයන්ගේ යම් කර්මණ්‍යභාවයක් වේද ශරීර ක්‍රියාවන්ට අනුකූල භවාකාරයක් ඇත්තේ ද ශරීර ක්‍රියාවන්ට අනුකූල නොවන ධාතුක්‍ෂෝභයන්ට ප්‍රතිපක්‍ෂ ප්‍රත්‍යයෙන් හටගත්තේ ද, ඒ රූප විකාරය රූපස්ස කම්මඤ්ඤතාවයි. මෙසේ මොවුන්ගේ වෙනස දතයුතුයි.

එතා පන තිස‍්සොපි කම‍්මං කාතුං න සක‍්කොති, ආහාරාදයොව කරොන‍්ති. තථා හි යොගිනො ‘අජ‍්ජ අම‍්හෙහි භොජනසප‍්පායං ලද‍්ධං, කායො නො ලහු මුදු කම‍්මඤ‍්ඤො’ති වදන‍්ති. ‘අජ‍්ජ උතුසප‍්පායං ලද‍්ධං, අජ‍්ජ අම‍්හාකං චිත‍්තං එකග‍්ගං, කායො නො ලහු මුදු කම‍්මඤ‍්ඤො’ති වදන‍්තීති.

මේ තිදෙනාම කර්ම කරන්නට නො හැක්කාහ. ආහාරාදියම කරත්. ඒ එසේමය. යෝගීහු අද අප භෝජන සත්ප්‍රාය ලබන ලදී. අපගේ කය සැහැල්ලුය. මෘදුය. කර්මණ්‍යය යැයි කියත්. අද ඍතු සත්ප්‍රාය ලබන ලදී. අද අපගේ සිත එකඟය. අපගේ කය සැහැල්ලුය. මෘදුය. කර්මණ්‍යය යැයි කියත් යනුයි.

උපචයසන‍්තතිනිද‍්දෙසෙසු ආයතනානන‍්ති අඩ‍්ඪෙකාදසන‍්නං රූපායතනානං. ආචයොති නිබ‍්බත‍්ති. සො රූපස‍්ස උපචයොති යො ආයතනානං ආචයො පුනප‍්පුනං නිබ‍්බත‍්තමානානං, සොව රූපස‍්ස උපචයො නාම හොති; වඩ‍්ඪීති අත්‍ථො. යො රූපස‍්ස උපචයො සා රූපස‍්ස සන‍්තතීති යා එවං උපචිතානං රූපානං වඩ‍්ඪි, තතො උත‍්තරිතරං පවත‍්තිකාලෙ සා රූපස‍්ස සන‍්තති නාම හොති; පවත‍්තීති අත්‍ථො. නදිතීරෙ ඛතකූපස‍්මිඤ‍්හි උදකුග‍්ගමනකාලො විය ආචයො, නිබ‍්බත‍්ති; පරිපුණ‍්ණකාලො විය උපචයො, වඩ‍්ඪි; අජ‍්ඣොත්‍ථරිත්‍වා ගමනකාලො විය සන‍්තති, පවත‍්තීති වෙදිතබ‍්බා.

උපචයසන්තති නිර්දේශයන්හි ආයතනානං යනු අඩ්ඪෙකාදස රූපායතනයන්ගේ, ආචයො යනු ඉපදීමය. යො රූපස්ස උපචයො යනු නැවත නැවත උපදනා ආයතනයන්ගේ යම් රැස්කිරීමක් වේද එයද රූපයන්ගේ රැස්කිරීමක් නම් වේ. වැඩීම යන අර්ථයි. යො රූපස්ස උපචයො සා රූපස්ස සන්තති යනු මෙසේ රැස්කරන ලද රූපයන්ගේ යම් වැඩීමක් වේද, එයින් උත්තරීතරව පවත්නා කාලයෙහි එය රූපයාගේ සන්තතිය නම් වේ. ප්‍රවෘත්තිය යන අර්ථයි. නදී තීරයක කළ ළිඳක දිය නැගෙන කාලය මෙන් ආචය උපදී. උපචය වෘද්ධිය පිරුණු කාලය මෙනි. සන්තතියේ ප්‍රවෘත්තිය පැතිර යන කාලය මෙන් යැයි දතයුතුයි.

එවං කිං කථිතං හොතීති? ආයතනෙන හි ආචයො කථිතො, ආචයෙන ආයතනං කථිතං. ආචයොව කථිතො ආයතනමෙව කථිතං. එවම‍්පි කිං කථිතං හොතීති? චතුසන‍්තතිරූපානං ආචයො උපචයො නිබ‍්බත‍්ති වඩ‍්ඪි කථිතා. අත්‍ථතො හි උභයම‍්පෙතං ජාතිරූපස‍්සෙව අධිවචනං. ආකාරනානත‍්තෙන පන වෙනෙය්‍යවසෙන ච උපචයො සන‍්තතීති උද‍්දෙසදෙසනං කත්‍වා යස‍්මා එත්‍ථ අත්‍ථතො නානත‍්තං නත්‍ථි, තස‍්මා නිද‍්දෙසෙ “යො ආයතනානං ආචයො සො රූපස‍්ස උපචයො, යො රූපස‍්ස උපචයො සා රූපස‍්ස සන‍්තතී”ති වුත‍්තං.

මෙසේ කුමක් කියන ලද්දේද යත්, ආයතනයෙන් ආචය කියන ලදී. ආචයෙන් ආයතනය කියන ලදී. ආචයම කියන ලදී. ආයතනයම කියන ලදී. මෙසේ කුමක් කියන ලදද යත්, සතර සන්තති රූපයන්ගේ ආචය උපචය උපැත්ම වැඩීම කියන ලදී. අර්ථ වශයෙන් වනාහි මේ දෙකම ජාතිරූපයටම නමකි. ආකාර නානත්වයෙන් ද වේනෙය්‍ය වශයෙන් ද වනාහි උපචය සන්තතිය යැයි උද්දේස දේශනය කොට යම්හෙයකින් මෙහි අර්ථ වශයෙන් වෙනසක් නැද්ද, එහෙයින් නිර්දේශයෙහි ද ආයතනයන්ගේ යම් රැස්කිරීමක් වේද එය රූපයාගේ උපචයයි. රූපයාගේ යම් උපචයක් වේද එය රූපයාගේ සන්තතිය යැයි කියන ලදී.

යස‍්මා ච උභයම‍්පෙතං ජාතිරූපස‍්සෙව අධිවචනං තස‍්මා එත්‍ථ ආචයලක‍්ඛණො රූපස‍්ස උපචයො, පුබ‍්බන‍්තතො රූපානං උම‍්මුජ‍්ජාපනරසො, නිය්‍යාතනපච‍්චුපට‍්ඨානො පරිපුණ‍්ණභාවපච‍්චුපට‍්ඨානො වා, උපචිතරූපපදට‍්ඨානො. පවත‍්තිලක‍්ඛණා රූපස‍්ස සන‍්තති, අනුප‍්පබන්‍ධරසා, අනුපච‍්ඡෙදපච‍්චුපට‍්ඨානා, අනුප‍්පබන්‍ධරූපපදට‍්ඨානාති වෙදිතබ‍්බා.

යම්හෙයකින් මේ දෙකම ජාතිරූපයටම නමක් වේ ද, එහෙයින් මෙහි ආචය ලක්‍ෂණය රූපයාගේ උපචයයි. පූර්වාන්තයෙන් රූපයන් මතුකිරීම රසයකොට ඇත්තේය. පවරාදීම හෝ පරිපූර්ණභාවය එළඹසිටි කාරණයකොට ඇත්තේය. උපචිත රූප ආසන්න කාරණය කොට ඇත්තේය. රූපයාගේ සන්තතිය ප්‍රවෘත්තිය (පැවැත්ම) ලක්‍ෂණකොට ඇත්තේය. නොසිඳී පැවැත්ම රසයකොට ඇත්තේය. අනුපච්ඡේදය එළඹසිටි කාරණය කොට ඇත්තේය. (නො සිඳී පවත්නා රූප ආසන්න කාරණයකොට ඇත්තේ යැයි) දතයුතුයි.

ජරතානිද‍්දෙසෙ ජීරණකවසෙන ජරා; අයමෙත්‍ථ සභාවනිද‍්දෙසො . ජීරණාකාරො ජීරණතා. ඛණ‍්ඩිච‍්චන‍්ති ආදයො තයො කාලාතික‍්කමෙ කිච‍්චනිද‍්දෙසා. පච‍්ඡිමා ද‍්වෙ පකතිනිද‍්දෙසා. අයඤ‍්හි ‘ජරා’ති ඉමිනා පදෙන සභාවතො දීපිතා; තෙනස‍්සායං සභාවනිද‍්දෙසො. ‘ජීරණතා’ති ඉමිනා ආකාරතො; තෙනස‍්සායං ආකාරනිද‍්දෙසො. ඛණ‍්ඩිච‍්චන‍්ති ඉමිනා කාලාතික‍්කමෙ දන‍්තනඛානං ඛණ‍්ඩිතභාවකරණකිච‍්චතො. පාලිච‍්චන‍්ති ඉමිනා කෙසලොමානං පලිතභාවකරණකිච‍්චතො. වලිත‍්තචතාති ඉමිනා මංසං මිලාපෙත්‍වා තචෙ වලිභාවකරණකිච‍්චතො දීපිතා. තෙනස‍්සා ඉමෙ ‘ඛණ‍්ඩිච‍්ච’න‍්තිආදයො තයො කාලාතික‍්කමෙ කිච‍්චනිද‍්දෙසා. තෙහි ඉමෙසං විකාරානං දස‍්සනවසෙන පාකටීභූතා පාකටජරා දස‍්සිතා. යථෙව හි උදකස‍්ස වා අග‍්ගිනො වා තිණරුක‍්ඛාදීනං සංභග‍්ගපලිභග‍්ගතාය වා ඣාමතාය වා ගතමග‍්ගො පාකටො හොති, න ච සො ගතමග‍්ගො තානෙව උදකාදීනි, එවමෙව ජරාය දන‍්තාදීසු ඛණ‍්ඩිච‍්චාදිවසෙන ගතමග‍්ගො පාකටො, චක‍්ඛුං උම‍්මීලෙත්‍වාපි ගය‍්හති, න ච ඛණ‍්ඩිච‍්චාදීනෙව ජරා. න හි ජරා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා හොති.

ජරතා නිර්දේශයෙහි ජීර්ණක වශයෙන් ජරා ය. මෙය මෙහි ස්වභාව නිර්දේශයයි. ජීර්ණක ආකාරය ජීරණතා ය. ඛණ්ඩිච්චං යන ආදියෙහි (මුලින්) වූ (තුන) කාලාතික්‍රමයෙහි කෘත්‍ය නිර්දේශය, පසුව වූ දෙක ප්‍රකෘති නිර්දේශය, ජරා යන මෙය වනාහි මේ පදයෙන් ස්වභාව වශයෙන් දක්වන ලදී. එහෙයින් මෙය එහි ස්වභාව නිර්දේශයයි. ඛණ්ඩිච්චං යන මෙයින් කල්යෑමෙන් දන්ත තත්ත්වයන්ගේ කැඩෙන බව කාරීම කෘත්‍ය වශයෙනි. පාලිච්චං යන මෙයින් කේශ ලෝමයන්ගේ පැසෙන බව කිරීම කෘත්‍ය වශයෙනි. චලිත්තචතා යන මෙයින් මස් හකුළුවා සම රැලි බව කිරිම කෘත්‍ය වශයෙන් දක්වන ලදී. එහෙයින් මෙහි මේ ඛණ්ඩිච්චං ආදී (තුන) කාලාතික්‍රමයෙහි කෘත්‍ය නිර්දේශය, ඔවුන් විසින් මේ විකාරයන් දැක්වීම් වශයෙන් ප්‍රකට වූ ප්‍රකෘති ජරාව දක්වන ලදී. යම්සේ වනාහි ජලයට හෝ ගින්නට තෘණ වෘක්‍ෂාදීන්ගේ කැඩී බිඳී යැමෙන් හෝ දැවීමෙන් හෝ ගිය මාර්ගය ප්‍රකට වේ ද, ඒ ගිය මාර්ගය ඒ දිය ආදිය නොවේ ද මෙපරිද්දෙන් ජරාවෙන් දත් ආදියෙහි කැඩුණු බව ආදී වශයෙන් ගිය මඟ ප්‍රකටය. ඇස ඇර ගනී. කැඩුණු බව ආදිය ජරාව නොවේ. ජරාව චක්‍ඛු විඤ්ඤෙය්‍ය නොවේ.

ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකොති ඉමෙහි පන පදෙහි කාලාතික‍්කමෙයෙව අභිබ්‍යත‍්තාය ආයුක‍්ඛයචක‍්ඛාදිඉන්‍ද්‍රියපරිපාකසඤ‍්ඤිතාය පකතියා දීපිතා. තෙනස‍්සිමෙ පච‍්ඡිමා ද‍්වෙ පකතිනිද‍්දෙසාති වෙදිතබ‍්බා. තත්‍ථ යස‍්මා ජරං පත‍්තස‍්ස ආයු හායති, තස‍්මා ජරා ‘ආයුනො සංහානී’ති ඵලූපචාරෙන වුත‍්තා. යස‍්මා ච දහරකාලෙ සුප‍්පසන‍්නානි, සුඛුමම‍්පි අත‍්තනො විසයං සුඛෙනෙව ගණ‍්හනසමත්‍ථානි චක‍්ඛාදීනි ඉන්‍ද්‍රියානි ජරං පත‍්තස‍්ස පරිපක‍්කානි ආලුළිතානි අවිසදානි, ඔළාරිකම‍්පි අත‍්තනො විසයං ගහෙතුං අසමත්‍ථානි හොන‍්ති, තස‍්මා ‘ඉන්‍ද්‍රියානං පරිපාකො’තිපි ඵලූපචාරෙනෙව වුත‍්තා.

ආයුනො සංහාති ඉන්‍ද්‍රියානං පරිපාකො යන මේ පදයන්ගෙන් වනාහි කාලාතික්‍රමයෙහිම අභිව්‍යක්තතාවෙන් ප්‍රකෘතියෙන් දක්වන ලදී. එහෙයින් එහි මෙකී පශ්චිම දෙක ප්‍රකෘති නිර්දේශ යැයි දතයුතුයි. එහි යම්හෙයකින් ජරාවට පැමිණියහුගේ ආයු පිරිහේද, එහෙයින් ජරාව ආයුනො සංහාති ය යැයි එලූපචාර වශයෙන් කියන ලදී. යම්හෙයකින් වනාහි තරුණ කාලයෙහි අතිශයින් ප්‍රසන්න වූ සියුම් දෙය පවා තමාගේ විෂයට සුවසේම ගැනීමට සමත් වූ චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයෝ ජරාවට පැමිණියහුට පැසුණු කැලඹුණු අවිසද වූවාහු ඕළාරික දෙයක් පවා තමාගේ විෂයට ගැනීමට අසමර්ථයෝ වෙත්. එහෙයින් ඉන්‍ද්‍රියානං පරිපාකො යන ද ඵලූපචාරයෙන්ම කියන ලදී.

සා පනායං එවං නිද‍්දිට‍්ඨා සබ‍්බාපි ජරා පාකටා පටිච‍්ඡන‍්නාති දුවිධා හොති. තත්‍ථ දන‍්තාදීසු ඛණ‍්ඩභාවාදිදස‍්සනතො රූපධම‍්මෙසු ජරා පාකටජරා නාම . අරූපධම‍්මෙසු පන ජරා තාදිසස‍්ස විකාරස‍්ස අදස‍්සනතො පටිච‍්ඡන‍්නජරා නාම. පුන අවීචි සවීචීති එවම‍්පි දුවිධා හොති. තත්‍ථ මණිකනකරජතපවාළචන්‍දිමසූරියාදීනං විය, මන්‍දදසකාදීසු පාණීනං විය ච, පුප‍්ඵඵලපල‍්ලවාදීසු ච අපාණීනං විය, අන‍්තරන‍්තරා වණ‍්ණවිසෙසාදීනං දුවිඤ‍්ඤෙය්‍යත‍්තා ජරා අවීචිජරා නාම; නිරන‍්තරජරාති අත්‍ථො. තතො අඤ‍්ඤෙසු පන යථාවුත‍්තෙසු අන‍්තරන‍්තරා වණ‍්ණවිසෙසාදීනං සුවිඤ‍්ඤෙය්‍යත‍්තා ජරා සවීචිජරා නාමාති වෙදිතබ‍්බා.

මෙසේ දක්වන ලද ඒ මේ සියලුම ජරාව ද වනාහි ප්‍රකට ප්‍රතිච්ඡන්න යැයි දෙවැදෑරුම් වෙයි. එහි දත් ආදියෙහි කැඩුණු බව ආදිය දක්නා හෙයින් රූප ධර්මයන්හි ජරාව ප්‍රකට ජරාව නමි. අරූප ධර්මයන්හි ජරාව වනාහි එබඳු විකාර නො දක්නා හෙයින් ප්‍රතිච්ඡන්න ජරා නමි. නැවත සවීචි අවීචියැයි මෙසේ ද දුවිධ වෙයි. එහි රන් රිදී මැණික පබළු සඳ හිරු ආදීන්ගේ මෙන් ද ප්‍රාණීන්ගේ මන්ද දශකාදියෙහි මෙන් ද අප්‍රාණීන්ගේ මල්පල ළපලු ආදියෙහි මෙන් ද අතරතුර වර්ණ විශේෂාදීන්ගේ ජනාව නොදත හැකි බැවින් අවීචි ජරා නමි. නිරන්තර (අතරක් නැති) ජරාව යනු අර්ථයි. ඉන් අන්තැන්හි වනාහි පළමු කියන ලද අතරතුර වර්ණ විශේෂාදීන්ගේ ජරාව මනාව දතහැකි බැවින් සවීචිජරා නමැයි දතයුතුයි.

ලක‍්ඛණාදිතොපි රූපපරිපාකලක‍්ඛණා රූපස‍්ස ජරතා, උපනයනරසා, සභාවානපගමෙපි නවභාවාපගමපච‍්චුපට‍්ඨානා, වීහිපුරාණභාවො විය පරිපච‍්චමානරූපපදට‍්ඨානාති වෙදිතබ‍්බා.

රූපයාගේ ජරතාව ලක්‍ෂණාදී වශයෙන් රූප පරිපාකය ලක්‍ෂණ කොට ඇත්තේය. සමීපයට ගෙන ඒම රසයකොට ඇත්තේය. ස්වභාව අගමයේදී ද නවභාවාපගමය එළඹසිටි කාරණය කොට ඇත්තේය. වී පරණවීම මෙන් පැසෙනු ලබන රූප ආසන්න කාරණය කොට ඇත්තේයැයි දතයුතුයි.

අනිච‍්චතානිද‍්දෙසෙ ඛයගමනවසෙන ඛයො, වයගමනවසෙන වයො, භිජ‍්ජනවසෙන භෙදො. අථ වා, යස‍්මා තං පත්‍වා රූපං ඛීයති, වෙති, භිජ‍්ජති ච, තස‍්මා ඛීයති එතස‍්මින‍්ති ‘ඛයො’, වෙති එතස‍්මින‍්ති ‘වයො’, භිජ‍්ජති එතස‍්මින‍්ති ‘භෙදො’. උපසග‍්ගවසෙන පදං වඩ‍්ඪෙත්‍වා භෙදොව පරිභෙදො. හුත්‍වා අභාවට‍්ඨෙන, න නිච‍්චන‍්ති අනිච‍්චං. තස‍්ස භාවො අනිච‍්චතා . අන‍්තරධායති එත්‍ථාති අන‍්තරධානං. මරණඤ‍්හි පත්‍වා රූපං අන‍්තරධායති, අදස‍්සනං ගච‍්ඡති. න කෙවලඤ‍්ච රූපමෙව, සබ‍්බෙපි පඤ‍්චක‍්ඛන්‍ධා. තස‍්මා පඤ‍්චන‍්නම‍්පි ඛන්‍ධානං අනිච‍්චතාය ඉදමෙව ලක‍්ඛණන‍්ති වෙදිතබ‍්බං. ලක‍්ඛණාදිතො පන පරිභෙදලක‍්ඛණා රූපස‍්ස අනිච‍්චතා, සංසීදනරසා, ඛයවයපච‍්චුපට‍්ඨානා, පරිභිජ‍්ජමානරූපපදට‍්ඨානාති වෙදිතබ‍්බා.

අතිතමතා නිර්දේශයෙහි ක්‍ෂයගමන වශයෙන් ඛයය, ව්‍යයගමන වශයෙන් වයය, බිඳීම් වශයෙන් භෙද ය, නොහොත් යම්හෙයකින් එයට පැමිණ රූපය ක්‍ෂය වේද ව්‍යය වේද බිඳේ ද එහෙයින් මෙහිදී ක්‍ෂය වේනුයි = ඛයො ය, මෙහිදී ව්‍යය වේනුයි = වයො ය. මෙහිදී බිඳේනුයි = භෙදො ය. උපසර්ග වශයෙන් පදය දියුණු කොට භේදයම = පරිභෙදොය. ඇතිවී නැතිවන අර්ථයෙන් නිත්‍ය නොවූයේ යනු = අනිච්චං ය. ඒ අනිත්‍යයාගේ ස්වභාවය = අනිච්චතා ය. මෙහිදී අතුරුදහන් වේ යනු = අන්තරධානං ය, රූපය වනාහි මරණයට පැමිණ අතුරුදහන් වෙයි. නොපෙනෙන බවට යයි. හුදෙක් රූපය පමණක් නොවේ. සියලුම පංචස්කන්‍ධයෝ අතුරුදහන් වෙති. එහෙයින් ස්කන්‍ධ පංචකයේම අනිත්‍යතාවෙහි මේ ලක්‍ෂණය මැයි දතයුතුයි. ලක්‍ෂණාදී වශයෙන් වනාහි රූපයාගේ අනිත්‍යතාව හාත්පසින් බිඳීම ලක්‍ෂණ කොට ඇත්තේය. කිඳාබැසීම රසයකොට ඇත්තේ ය. ක්‍ෂය ව්‍යායය දෙක එළඹසිටි කාරණ කොට ඇත්තේ ය. හාත්පසින් බිඳෙනු ලබන රූප ආසන්න කාරණ කොට ඇත්තේ ය. හාත්පසින් බිඳෙනු ලබන රූප ආසන්න කාරණය කොට ඇත්තේයැයි දතයුතුයි.

හෙට‍්ඨා ජාති ගහිතා ජරා ගහිතා, ඉමස‍්මිං ඨානෙ මරණං ගහිතං. ඉමෙ තයො ධම‍්මා ඉමෙසං සත‍්තානං උක‍්ඛිත‍්තාසිකපච‍්චාමිත‍්තසදිසා. යථා හි පුරිසස‍්ස තයො පච‍්චාමිත‍්තා ඔතාරං ගවෙසමානා විචරෙය්‍යුං. තෙසු එකො එවං වදෙය්‍ය – ‘එතං නීහරිත්‍වා අටවිපවෙසනං මය‍්හං භාරො හොතූ’ති. දුතියො ‘අටවිගතකාලෙ පොථෙත්‍වා පථවියං පාතනං මය‍්හං භාරො’ති. තතියො ‘පථවිගතකාලතො පට‍්ඨාය අසිනා සීසච‍්ඡෙදනං මය‍්හං භාරො’ති. එවරූපා ඉමෙ ජාති ආදයො. නීහරිත්‍වා අටවිපවෙසනපච‍්චාමිත‍්තසදිසා හෙත්‍ථ ජාති, තස‍්මිං තස‍්මිං ඨානෙ නිබ‍්බත‍්තාපනතො. අටවිගතං පොථෙත්‍වා පථවියං පාතනපච‍්චාමිත‍්තසදිසා ජරා , නිබ‍්බත‍්තක‍්ඛන්‍ධානං දුබ‍්බලපරාධීනමඤ‍්චපරායණභාවකරණතො. පථවිගතස‍්ස අසිනා සීසච‍්ඡෙදකපච‍්චාමිත‍්තසදිසං මරණං, ජරාප‍්පත‍්තානං ඛන්‍ධානං ජීවිතක‍්ඛයපාපනතොති.

යට ජාතිය (ගන්නා ලදී) ජරාව ගන්නා ලදී. මෙතැනදී මරණය ගන්නා ලදී. මේ ධර්ම තුන මේ සත්ත්වයින්ට ඔසවන ලද කඩු ඇති සතුරෝ තිදෙනෙක් අවකාශයක් සොයමින් හැසිරෙත් ද, ඔවුනතුරෙන් එකක් මෙසේ කියන්නේ ය. මොහු බැහැරකොට වනයට පිවිසවීම මට භාර වේවා කියාය. දෙවැන්නා වනයට ගියකල තළා බිම හෙළීම මට භාරයැයි කියයි. බිම හෙළු තැන සිට කඩුවෙන් හිස සිඳීම මට භාරයැයි තුන්වැන්නා කියයි. මේ ජාති ආදීහු මෙබඳු ස්වරූප ඇත්තාහ. මෙහි ජාතිය වනාහි ඒ ඒ තැන උපදවනු ලබන හෙයින් බැහැරකොට වනයට පිවිසවන සතුරා සමානය. උපන් ස්කන්‍ධයන් දුබලබවට යටත්කොට සයනය පිහිට කොටගත් බවට පත්කරන හෙයින් ජරාව වනයට ගියහු තළා බිම හෙළන සතුරා සමානය. ජරාවට පත් ස්කන්‍ධයන් ජීවිතක්‍ෂයට හෙළන හෙයින් මරණය වනයට ගියහුගේ හිස කඩුවෙන් සිඳිනා සතුරා සමානය යනුයි.

කබළීකාරාහාරනිද‍්දෙසෙ කබළං කරීයතීති කබළීකාරො. ආහරීයතීති ආහාරො. කබළං කත්‍වා අජ‍්ඣොහරීයතීති අත්‍ථො. රූපං වා ආහරතීතිපි ‘ආහාරො’. එවං වත්‍ථුවසෙන නාමං උද‍්ධරිත්‍වා පුන වත්‍ථුවසෙනෙවෙතං පභෙදතො දස‍්සෙතුං ඔදනො කුම‍්මාසොතිආදි වුත‍්තං. ඔදනාදීනි හි ඵාණිතපරියන‍්තානි ද‍්වාදස ඉධාධිප‍්පෙතස‍්ස ආහාරස‍්ස වත්‍ථූනි. පාළියං අනාගතානි මූලඵලාදීනි යෙවාපනකං පවිට‍්ඨානි.

කබළිකාරාහාර නිර්දේශයෙහි පිඬුකරනු ලැබේ යනු = කබළීකාර ය. ගනු ලැබේ නුයි = ආහාර ය. පිඬු කොට ගිලිනු ලැබේ යනු අර්ථයි. රූපය උපදවයි යනු ද = ආහාර ය. මෙසේ වස්තු වශයෙන් නාමය උපුටා නැවත මෙය වස්තු වශයෙන්ම ප්‍රභේද වශයෙන් දක්වන්නට ඔදනො කුම්මාසො යන ආදිය කියන ලදී. ප්‍රණීත පර්යන්ත ඕදනාදී දොළොස වනාහි මෙහි අදහස්කරන ලද ආහාරයට වස්තුය. පාළියෙහි නොආ මූලඵලාදිය යේවාපනකයට ඇතුළත්ය.

ඉදානි තානි මූලඵලාදීනි කත‍්තබ‍්බතො දස‍්සෙතුං යම‍්හි යම‍්හි ජනපදෙතිආදිමාහ. තත්‍ථ මුඛෙන අසිතබ‍්බං භුඤ‍්ජිතබ‍්බන‍්ති මුඛාසියං. දන‍්තෙහි විඛාදිතබ‍්බන‍්ති දන‍්තවිඛාදනං. ගලෙන අජ‍්ඣොහරිතබ‍්බන‍්ති ගලජ‍්ඣොහරණීයං. ඉදානි තං කිච‍්චවසෙන දස‍්සෙතුං කුච‍්ඡිවිත්‍ථම‍්භනන‍්ති ආහ. තඤ‍්හි මූලඵලාදි ඔදනකුම‍්මාසාදි වා අජ‍්ඣොහටං කුච‍්ඡිං විත්‍ථම‍්භෙති. ඉදමස‍්ස කිච‍්චං. යාය ඔජාය සත‍්තා යාපෙන‍්තීති හෙට‍්ඨා සබ‍්බපදෙහි සවත්‍ථුකං ආහාරං දස‍්සෙත්‍වා ඉදානි නිබ‍්බට‍්ටිතඔජමෙව දස‍්සෙතුං ඉදං වුත‍්තං.

දැන් ඒ මූලඵලාදිය කර්තව්‍යය වශයෙන් දක්වන්නට යම්හි යම්හි ජනපදෙ යන ආදිය කීය. එහි මුවින් අනුභව කළයුතුය අනුභව කළ යුතුය යනු මුඛාසියං ය. දත්වලින් විකිය යුතුය. (සපා කෑ යුතුය) යනු දන්තවිඛාදනය, ගෙලෙන් ගිලිය යුතුය යනු ගලජ්ඣොහරණීය ය, දැන් එය කෘත්‍යය වශයෙන් දක්වන්නට කච්ඡිවිත්‍ථම්භනං යනු කීය. මූලඵලාදිය හෝ බත් කොමු (පිට්ටු) ආදිය හෝ ගිලිනු ලැබූ ඒ කුස වනාහි පිම්බෙයි. මේ ඒ ආහාරයාගේ කෘත්‍යයයි. යාය ඔජාය සත්තා යාපෙන්ති යැයි යට සියලු පදයන්ගෙන් සවස්තුක ආහාරය දක්වා දැන් නිපදවන ලද ඕජාවම දක්වන්නට මෙය කියන ලදී.

කිං පනෙත්‍ථ වත්‍ථුස‍්ස කිච‍්චං? කිං ඔජාය? පරිස‍්සයහරණපාලනානි. වත්‍ථුහි පරිස‍්සයං හරති පාලෙතුං න සක‍්කොති, ඔජා පාලෙති පරිස‍්සයං හරිතුං න සක‍්කොති. ද‍්වෙපි එකතො හුත්‍වා පාලෙතුම‍්පි සක‍්කොන‍්ති පරිස‍්සයම‍්පි හරිතුං. කො පනෙස පරිස‍්සයො නාම? කම‍්මජතෙජො. අන‍්තොකුච‍්ඡියඤ‍්හි ඔදනාදිවත්‍ථුස‍්මිං අසති, කම‍්මජතෙජො උට‍්ඨහිත්‍වා උදරපටලං ගණ‍්හාති, ‘ඡාතොම‍්හි, ආහාරං මෙ දෙථා’ති වදාපෙති. භුත‍්තකාලෙ උදරපටලං මුඤ‍්චිත්‍වා වත්‍ථුං ගණ‍්හාති. අථ සත‍්තො එකග‍්ගො හොති.

මෙහි වනාහි වස්තුවේ කෘත්‍යය කිම? ඕජාවෙහි උවදුරු හරණය පාලනය කිම? වස්තුව වනාහි උවදුරු හරණය කරයි. පාලනය කරන්නට නොහැක්කේ වෙයි. ඕජාව පාලනය කරයි. උවදුරු හරණය කරන්නට නො හැක්කේ වෙයි. දෙදෙනාම එක්ව පාලනය කරන්නටත් උවදුරු හරණය කරන්නටත් හැකිවෙත්. මේ පරිස්සය නම් කවරෙක් ද? කර්මජ තේජසයි. කුස තුළ බත් ආදී වස්තුවක් නැති කල්හි කර්මජ තේජස පැන නැගී උදර පටලය ගනී. බඩගිනි වූයෙමි. මට අහරක් දෙවයි කියවයි. අනුභව කළ කල්හි උදර පටලය මුදා වස්තුව ගනී. ඉක්බිති සත්ත්වයා එකඟ (සිත් ඇත්තේ) වෙයි.

යථා හි ඡායාරක‍්ඛසො ඡායං පවිට‍්ඨං ගහෙත්‍වා දෙවසඞ‍්ඛලිකාය බන්‍ධිත්‍වා අත‍්තනො භවනෙ මොදන‍්තො ඡාතකාලෙ ආගන‍්ත්‍වා සීසෙ ඩංසති. සො ඩට‍්ඨත‍්තා විරවති. තං විරවං සුත්‍වා ‘දුක‍්ඛප‍්පත‍්තො එත්‍ථ අත්‍ථී’ති තතො තතො මනුස‍්සා ආගච‍්ඡන‍්ති. සො ආගතාගතෙ ගහෙත්‍වා ඛාදිත්‍වා භවනෙ මොදති. එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං. ඡායාරක‍්ඛසො විය හි කම‍්මජතෙජො, දෙවසඞ‍්ඛලිකාය බන්‍ධිත්‍වා ඨපිතසත‍්තො විය උදරපටලං, පුන ආගතමනුස‍්සා විය ඔදනාදිවත්‍ථු, ඔතරිත්‍වා සීසෙ ඩංසනං විය කම‍්මජතෙජස‍්ස වත්‍ථුතො මුත‍්තස‍්ස උදරපටලග‍්ගහණං, ඩට‍්ඨස‍්ස විරවනකාලො විය ‘ආහාරං දෙථා’ති වචනකාලො, තාය සඤ‍්ඤාය ආගතාගතෙ ගහෙත්‍වා ඛාදිත්‍වා භවනෙ මොදනකාලො විය කම‍්මජතෙජෙන උදරපටලං මුඤ‍්චිත්‍වා වත්‍ථුස‍්මිං ගහිතෙ එකග‍්ගචිත‍්තතා.

යම්සේ වනාහි (ඡායා රකුසෙක්) ඡායාවට පිවිසියකු ගෙන දිවසැකිල්ලෙන් බැඳ තමාගේ භවංගයෙහි සතුටුවන්නේ සාගිනි කල්හි අවුත් හිස ඩැහැගනී. ඩැහැගත් බැවින් හෙතෙම කෑගසයි. ඒ කෑගැසීම අසා මෙහි දුකට පැමිණියෙක් ඇතැයි ඒ ඒ දෙසින් මිනිස්සු එති. ඒ රකුසා ආ ආ අය ගෙන කා භවනයෙහි සතුටු වෙයි. මෙය ද එසේයැයි දතයුතුයි. කර්මජ තේජස ඡායා රකුසා මෙනි. උදර පටලය දිවහැකිල්ලෙන් බැඳ තැබූ සත්ත්වයා මෙනි. බත් ආදී වස්තු නැවත ආ මිනිසුන් මෙනි. කර්මජ තේජස වස්තුවෙන් මිදුණු උදර පටලය ගැනීම (සිය භවනයෙහි සතුටු වන්නහු විසින් සාගිනි කාලයෙහි) බැස හිස ඩැහැගැනීම මෙනි. ආහාර දෙවයි කියන කාලය ඩැහැගනු ලැබූවහු කෑගසන කාලය මෙනි. කර්මජ තේජස උදර පටලය මුදා වස්තුව ගත්කල්හි එකඟ වූ සිත් ඇති බව ඒ සංඥාවෙන් ආ ආ අය ගෙන කා භවනයෙහි සතුටුවන කාලය මෙනි.

තත්‍ථ ඔළාරිකෙ වත්‍ථුස‍්මිං ඔජා මන්‍දා හොති. සුඛුමෙ බලවතී. කුද්‍රූසකභත‍්තාදීනි හි භුඤ‍්ජිත්‍වා මුහුත‍්තෙනෙව ඡාතො හොති. සප‍්පිආදීනි පිවිත්‍වා ඨිතස‍්ස දිවසම‍්පි භත‍්තං න රුච‍්චති. එත්‍ථ ච උපාදායුපාදාය ඔළාරිකසුඛුමතා වෙදිතබ‍්බා. කුම‍්භීලානඤ‍්හි ආහාරං උපාදාය මොරානං ආහාරො සුඛුමො. කුම‍්භීලා කිර පාසාණෙ ගිලන‍්ති. තෙ ච නෙසං කුච‍්ඡිප‍්පත‍්තා විලීයන‍්ති. මොරා සප‍්පවිච‍්ඡිකාදිපාණෙ ඛාදන‍්ති. මොරානං පන ආහාරං උපාදාය තරච‍්ඡානං ආහාරො සුඛුමො. තෙ කිර තිවස‍්සඡඩ‍්ඩිතානි විසාණානි චෙව අට‍්ඨීනි ච ඛාදන‍්ති. තානි ච නෙසං ඛෙළෙන තෙමිතමත‍්තානෙව කන්‍දමූලං විය මුදුකානි හොන‍්ති. තරච‍්ඡානම‍්පි ආහාරමුපාදාය හත්‍ථීනං ආහාරො සුඛුමො. තෙ හි නානාරුක‍්ඛසාඛාදයො ඛාදන‍්ති. හත්‍ථීනං ආහාරතො ගවයගොකණ‍්ණමිගාදීනං ආහාරො සුඛුමො. තෙ කිර නිස‍්සාරානි නානාරුක‍්ඛපණ‍්ණාදීනි ඛාදන‍්ති. තෙසම‍්පි ආහාරතො ගුන‍්නං ආහාරො සුඛුමො. තෙ අල‍්ලසුක‍්ඛතිණානි ඛාදන‍්ති. තෙසම‍්පි ආහාරතො සසානං ආහාරො සුඛුමො. සසානං ආහාරතො සකුණානං ආහාරො සුඛුමො. සකුණානං ආහාරතො පච‍්චන‍්තවාසීනං ආහාරො සුඛුමො. පච‍්චන‍්තවාසීනං ආහාරතො ගාමභොජකානං ආහාරො සුඛුමො. ගාමභොජකානං ආහාරතො රාජරාජමහාමත‍්තානං ආහාරො සුඛුමො. තෙසම‍්පි ආහාරතො චක‍්කවත‍්තිනො ආහාරො සුඛුමො. චක‍්කවත‍්තිනො ආහාරතො භුම‍්මදෙවානං ආහාරො සුඛුමො. භුම‍්මදෙවානං ආහාරතො චාතුමහාරාජිකානං ආහාරො සුඛුමො. එවං යාව පරනිම‍්මිතවසවත‍්තීනං ආහාරො විත්‍ථාරෙතබ‍්බො. තෙසං පනාහාරො සුඛුමොත්‍වෙව නිට‍්ඨං පත‍්තො.

එහි ඕළාරික වස්තුවෙහි ඕජාව ඔදව වෙයි. සියුම් වස්තුවෙහි බලවත්ය. කුරක්කන් බත් ආදිය අනුභව කළ මොහොතකින්ම බඩගිනි වෙයි. ගිතෙල් ආදිය බී සිටියහුට දවසම බත් රුචි නොවේ. මෙහිද ඒ ඒ උපාදායයන්ගෙන් ඕළාරික සුඛුමතාව දතයුතුයි. කිඹුලන්ගේ ආහාරය උපමාවට ගෙන මොනරුන්ගේ ආහාරය සියුම්ය. කිඹුල්ලු වනාහි ගල් ගිලිත්. ඒ ගල් ඔවුන්ගේ කුසට පැමිණ දියවෙයි. මොනරු සර්පගෝනුසු ආදී ප්‍රාණීන් කති. මොනරුන්ගේ ආහාරය උපමාවට ගෙන කළුහිස් වලසුන්ගේ ආහාරය සියුම්ය. ඔව්හු වනාහි තෙවසකට පෙර ඉවත දැමූ අං මෙන්ම ඇට ද කති. ඒවා ද ඔවුන්ගේ කෙළවලින් තෙමුණු පමණින්ම අලමුල් මෙන් මෘදු වෙයි. කළුහිස් වලසුන්ගේ ආහාරය උපමාවට ගෙන ඇතුන්ගේ ආහාරය සියුම්ය. ඔව්හු නොයෙක් වෘක්‍ෂ ශාඛාදිය කති. ඇතුන්ගේ ආහාරයට වඩා ගවර ගෝන මුව ආදීන්ගේ ආහාරය සියුම්ය. ඔව්හු නිසරු නොයෙක් වෘක්‍ෂ පර්ණාදිය කති. ඔවුන්ගේ ද ආහාරයට වඩා ගවයින්ගේ ආහාරය සියුම්ය. ඔව්හු තෙත් වියළි තෘණ කති. ඔවුන්ගේ ආහාරයට වඩා සාවුන්ගේ ආහාරය සියුම්ය. සාවුන්ගේ ආහාරයට වඩා පක්‍ෂීන්ගේ ආහාරය සියුම්ය. පක්‍ෂීන්ගේ ආහාරයට වඩා පිටිසර වාසීන්ගේ ආහාරය සියුම්ය. පිටිසර වාසීන්ගේ ආහාරයට වඩා ගම්මුලාදෑනීන්ගේ ආහාරය සියුම්ය. ගම්මුලාදෑනීන්ගේ ආහාරයට වඩා රාජරාජ මහාමාත්‍යාදීන්ගේ ආහාරය සියුම්ය. ඔවුන්ගේ ආහාරයටත් වඩා සක්විති රජුන්ගේ ආහාරය සියුම්ය. සක්විති රජුන්ගේ ආහාරයට වඩා චාතුර්මහාරාජික දෙවියන්ගේ ආහාරය සියුම්ය. මෙසේ පරනිර්මිත වසවර්තී දෙවියන්ගේ ආහාරය තෙක් විස්තර කළ යුතුයි. ඔවුන්ගේ ආහාරය වනාහි සියුම්ම යැයි නිමාවට පැමිණියේය.

ලක‍්ඛණාදිතොපි ඔජාලක‍්ඛණො කබළීකාරො ආහාරො, රූපාහරණරසො, උපත්‍ථම‍්භනපච‍්චුපට‍්ඨානො, කබළං කත්‍වා ආහරිතබ‍්බවත්‍ථුපදට‍්ඨානොති වෙදිතබ‍්බො.

ලක්‍ෂණාදී වශයෙන් ද කබළීකාර ආහාරය ඕජාව ලක්‍ෂණකොට ඇත්තේය. රූප ඉපදවීම රසයකොට ඇත්තේය. උපකාර වීම එළඹසිටි කාරණය කොට ඇත්තේය. පිඬුකොට ගතයුතු වස්තු ආසන්න කාරණය කොට ඇත්තේ යැයි දතයුතුයි.

නොඋපාදානිද‍්දෙසෙ යථා උපාදාරූපං උපාදියතෙව, න අඤ‍්ඤෙන උපාදියති, එවමෙතං න උපාදියතෙවාති නොඋපාදා.

නො උපාදා නිර්දේශයෙහි යම්සේ උපාදාරූපය ගනු ලැබේම ද අනිකෙකු විසින් ගනු නො ලැබේ ද, මෙසේ මෙය ගනු නො ලැබේ හෝ යනු = නො උපාදා ය.

ඵුසිතබ‍්බන‍්ති ඵොට‍්ඨබ‍්බං. ඵුසිත්‍වා ජානිතබ‍්බන‍්ති අත්‍ථො. ඵොට‍්ඨබ‍්බඤ‍්ච තං ආයතනඤ‍්චාති ඵොට‍්ඨබ‍්බායතනං. ආපො ච තං නිස‍්සත‍්තසුඤ‍්ඤතසභාවට‍්ඨෙන ධාතු චාති ආපොධාතු. ඉදානි යස‍්මා තීණි රූපානි ඵුසිත්‍වා ජානිතබ‍්බානි තස‍්මා තානි භාජෙත්‍වා දස‍්සෙතුං කතමං තං රූපං ඵොට‍්ඨබ‍්බායතනං? පථවීධාතූතිආදිමාහ. තත්‍ථ කක‍්ඛළත‍්තලක‍්ඛණා පථවීධාතු, පතිට‍්ඨානරසා, සම‍්පටිච‍්ඡනපච‍්චුපට‍්ඨානා. තෙජොධාතු උණ‍්හත‍්තලක‍්ඛණා, පරිපාචනරසා, මද‍්දවානුප‍්පදානපච‍්චුපට‍්ඨානා. වායොධාතු විත්‍ථම‍්භනලක‍්ඛණා, සමුදීරණරසා, අභිනීහාරපච‍්චුපට‍්ඨානා. පුරිමා පන ‘ආපොධාතු’ පග‍්ඝරණලක‍්ඛණා, බ්‍රූහනරසා, සඞ‍්ගහපච‍්චුපට‍්ඨානා. එකෙකා චෙත්‍ථ සෙසත‍්තයපදට‍්ඨානාති වෙදිතබ‍්බා.

ස්පර්ශ කළයුතුයි යනු = පොට්ඨබ්බං ය. ස්පර්ශ කොට දතයුතුය යන අර්ථයි. පොට්ඨබ්බයත් ආයතනයත් එයය යනු = පොට්ඨබ්බායතනයයි. ආපය ද නිරිසත්ව ශූන්‍යතා ස්වභාවාර්ථයෙන් ධාතුවද එයය යනු = ආපොධාතු ය. දැන් යම්හෙයකින් රූපත්‍රය ස්පර්ශ කොට දතයුතුද, එහෙයින් ඒවා බෙදා දක්වන්නට කතමන්තං රූපං පොට්ඨබ්බායතනං පඨවිධාතු යනාදිය කීය. එහි පෘථුවිධාතුව කර්කශත්වය ලක්‍ෂණකොට ඇත්තේය. පිහිටීම රසයකොට ඇත්තේය. පිළිගැනීම එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. තෙජොධාතුව උෂ්ණත්වය ලක්‍ෂණකොට ඇත්තේය. පැසවීම රසයකොට ඇත්තේය. මෘදුබව ඉපදවීම එළඹසිටි කාරණය කොට ඇත්තේය. වායෝධාතුව පිම්බවීම ලක්‍ෂණකොට ඇත්තේය. කම්පාවීම රසය කොට ඇත්තේය. පිටතට ගෙනයෑම එළඹසිටි කාරණය කොට ඇත්තේය. පළමු ආපෝධාතුව වනාහි වැගිරීම ලක්‍ෂණය කොට ඇත්තේ ය. වැඩීම රසයකොට ඇත්තේය. සංග්‍රහය එළඹසිටි කාරණය කොට ඇත්තේය. මෙහිදී වනාහි එකිනෙකා සෙසු තුනට ආසන්න කාරණයැයි දතයුතුයි.

කක‍්ඛළන‍්ති ථද‍්ධං. මුදුකන‍්ති අථද‍්ධං. සණ‍්හන‍්ති මට‍්ඨං. ඵරුසන‍්ති ඛරං. සුඛසම‍්ඵස‍්සන‍්ති සුඛවෙදනාපච‍්චයං ඉට‍්ඨඵොට‍්ඨබ‍්බං. දුක‍්ඛසම‍්ඵස‍්සන‍්ති දුක‍්ඛවෙදනාපච‍්චයං අනිට‍්ඨඵොට‍්ඨබ‍්බං. ගරුකන‍්ති භාරියං. ලහුකන‍්ති අභාරියං, සල‍්ලහුකන‍්ති අත්‍ථො. එත්‍ථ ච ‘කක‍්ඛළං මුදුකං සණ‍්හං ඵරුසං ගරුකං ලහුක’න‍්ති පදෙහි පථවීධාතු එව භාජිතා. “යදායං කායො ආයුසහගතො ච හොති උස‍්මාසහගතො ච විඤ‍්ඤාණසහගතො ච තදා ලහුතරො ච හොති මුදුතරො ච කම‍්මඤ‍්ඤතරො චා”ති (දී· නි· 2.424) සුත‍්තෙපි ලහුමුදුභූතං පථවීධාතුමෙව සන්‍ධාය වුත‍්තං.

කක්‍ඛළං යනු තදය, මුදුතං යනු නොතදය, මෘදු බවය. සණ්හං යනු මටසිලුටු බවය. ඵරුසං යනු රළුය, සුඛසම්ඵසං යනු සුඛවේදනාවට හේතු වූ ඉෂ්ට ස්පර්ශත්ව්‍යය, දුක්‍ඛසම්ඵස්සං යනු දුක්වේදනාවට හේතු වූ අනිෂ්ට ස්පර්ශිතව්‍යය, ගරුකං යනු බරය, ලහුකං යනු නො බරය. සැහැල්ලු යන අර්ථයි. මෙහි ද කක්‍ඛලං මුදුකං සණ්හං ඵරුසං ගරුකං ලහුකං යන පදවලින් පෘථුවිධාතුවම බෙදන ලදී. යම්කලෙක මේ කය ආයුසහගත වූයේ ද උණුසුම් සහගත වූයේ ද විඥාන සහගත වූයේ ද වෙයි ද, එකල ලහුතර වූයේ ද මෘදුතර වූයේ ද කර්මණ්‍යතර වූයේ ද වෙයි. සූත්‍රාන්තයේ ද සැහැල්ලු වූ මෘදු වූ පෘථුවි ධාතුව සඳහාම කියන ලදී.

‘සුඛසම‍්ඵස‍්සං දුක‍්ඛසම‍්ඵස‍්ස’න‍්ති පදද‍්වයෙන පන තීණිපි මහාභූතානි භාජිතානි. පථවීධාතු හි සුඛසම‍්ඵස‍්සාපි අත්‍ථි දුක‍්ඛසම‍්ඵස‍්සාපි. තථා තෙජොධාතුවායොධාතුයො. තත්‍ථ සුඛසම‍්ඵස‍්සා පථවීධාතු මුදුතලුණහත්‍ථෙ දහරෙ පාදෙ සම‍්බාහන‍්තෙ අස‍්සාදෙත්‍වා අස‍්සාදෙත්‍වා ‘සම‍්බාහ තාත, සම‍්බාහ තාතා’ති වදාපනාකාරං කරොති. සුඛසම‍්ඵස‍්සා තෙජොධාතු සීතසමයෙ අඞ‍්ගාරකපල‍්ලං ආහරිත්‍වා ගත‍්තං සෙදෙන‍්තෙ අස‍්සාදෙත්‍වා අස‍්සාදෙත්‍වා ‘සෙදෙහි තාත, සෙදෙහි තාතා’ති වදාපනාකාරං කරොති. සුඛසම‍්ඵස‍්සා වායොධාතු උණ‍්හසමයෙ වත‍්තසම‍්පන‍්නෙ දහරෙ බීජනෙන බීජන‍්තෙ අස‍්සාදෙත්‍වා අස‍්සාදෙත්‍වා ‘බීජ තාත, බීජ තාතා’ති වදාපනාකාරං කරොති. ථද‍්ධහත්‍ථෙ පන දහරෙ පාදෙ සම‍්බාහන‍්තෙ අට‍්ඨීනං භිජ‍්ජනකාලො විය හොති. සොපි ‘අපෙහී’ති වත‍්තබ‍්බතං ආපජ‍්ජති. උණ‍්හසමයෙ අඞ‍්ගාරකපල‍්ලෙ ආභතෙ ‘අපනෙහි න’න‍්ති වත‍්තබ‍්බං හොති. සීතසමයෙ බීජනෙන බීජන‍්තෙ ‘අපෙහි, මා බීජා’ති වත‍්තබ‍්බං හොති. එවමෙතාසං සුඛසම‍්ඵස‍්සතා දුක‍්ඛසම‍්ඵස‍්සතා ච වෙදිතබ‍්බා.

සුඛ සම්ඵස්සං දුක්‍ඛ සම්ඵස්සං යන පද දෙකෙන් වනාහි මහා භූතත්‍රයම බෙදන ලදී. පෘථුවි ධාතුව සුඛ සම්ඵස්ස මෙන්ම දුක්‍ඛ සම්ඵස්ස ද වෙයි. තේජෝ ධාතු වායෝ ධාතු ද එසේය. එහි සුඛසම්ඵස්ස පඨවි ධාතුව මෘදු ළදරු අත් ඇති ළදරුවෙකු පාද සම්බාහනය කරනවිට ආස්වාදනය කර කර දරුව, සම්බාහනය කරව, දරුව සම්බාහන කරවයි කියවන ආකාරයක් දක්වයි. සුඛ සම්ඵස්ස තේජෝ ධාතුව ශීත කාලයෙහි අඟුරු කබලක් ගෙන ශරීරය රත්කරද්දී ආස්වාදනය කරමින් (දරුව, රත්කරව) දරුව, රත්කරවයි කියවන ආකාරයක් දක්වයි. සුඛසම්ඵස්ස වායෝ ධාතුව උෂ්ණ සමයෙහි වත්සපන් ළදරුවෙකු විජිනිපතින් පවන් සලනවිට ආස්වාදනය කොට දැරව, පවන් සලවයි කියවන ආකාරයක් දක්වයි. තද අත් ඇති දරුවෙකු පා සම්බාහනය කරනවිට ඇට බිදෙන කලෙක මෙන් වෙයි. හෙතෙමේ ද පහව යවයි කිවයුතු බවට පැමිණෙයි. උෂ්ණ සමයෙහි අඟුරු කබලක් ගෙන ආ විට එය ඉවත් කරවයි කිවයුතු බවට පැමිණෙයි. ශීත සමයෙහි විජිනිපතකින් පවන් සලනවිට ඉවතට යව, පවන් නොසලවයි. කිවයුතු වෙයි. මෙසේ මොවුන්ගේ සුඛ සම්ඵස්සතාවත් දුක්‍ඛ සම්ඵස්සතාවත් දතයුතුයි.

යං ඵොට‍්ඨබ‍්බං අනිදස‍්සනං සප‍්පටිඝන‍්තිආදිනා නයෙන වුත‍්තා පන චතූහි චතූහි නයෙහි පටිමණ‍්ඩිතා තෙරස වාරා හෙට‍්ඨා රූපායතනාදීසු වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා.

යං ඵොට්ඨබ්බං අනිදස්සනං සප්පටිඝං යනාදි නයින් කියන ලද සතර සතර නයින් සැදුණු තෙළෙස්වාර යට රූපායතනාදීන්හි කියන ලද නයින්ම දතයුතුයි.

කිං පනෙතානි තීණි මහාභූතානි එකප‍්පහාරෙනෙව ආපාථං ආගච‍්ඡන‍්ති උදාහු නොති? ආගච‍්ඡන‍්ති. එවං ආගතානි කායපසාදං ඝට‍්ටෙන‍්ති න ඝට‍්ටෙන‍්තීති? ඝට‍්ටෙන‍්ති. එකප‍්පහාරෙනෙව තානි ආරම‍්මණං කත්‍වා කායවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති නුප‍්පජ‍්ජතීති? නුප‍්පජ‍්ජති. ආභුජිතවසෙන වා හි උස‍්සදවසෙන වා ආරම‍්මණකරණං හොති.

කිම, මේ තුන්මහා භූතයෝ එක්වරම ඉදිරියට පැමිණෙත් ද, නැතහොත් නො පැමිණෙත් ද, පැමිණෙත්. මෙසේ ආවාහු කායප්‍රසාදයෙහි ගැටෙත් ද (නො ගැටෙත් ද) යත්, ගැටෙත්. එක්වරම ඔවුන් අරමුණුකොට කාය විඥානය උපදී ද? නූපදී ද? නූපදී. වැළඳගැනීම් වශයෙන් හෝ තද වශයෙන් හෝ අරමුණු කිරීම වෙයි.

තත්‍ථ ආභුජිතවසෙන තාව, පත‍්තස‍්මිඤ‍්හි ඔදනෙන පූරෙත්‍වා ආභතෙ එකං සිත්‍ථං ගහෙත්‍වා ථද‍්ධං වා මුදුකං වාති වීමංසන‍්තො කිඤ‍්චාපි තත්‍ථ තෙජොපි අත්‍ථි වායොපි අත්‍ථි, පථවීධාතුමෙව පන ආභුජති. උණ‍්හොදකෙ හත්‍ථං ඔතාරෙත්‍වා වීමංසන‍්තො කිඤ‍්චාපි තත්‍ථ පථවීපි අත්‍ථි වායොපි අත්‍ථි, තෙජොධාතුමෙව පන ආභුජති. උණ‍්හසමයෙ වාතපානං විවරිත්‍වා වාතෙන සරීරං පහරාපෙන‍්තො ඨිතො මන්‍දමන්‍දෙ වාතෙ පහරන‍්තෙ කිඤ‍්චාපි තත්‍ථ පථවීපි අත්‍ථි තෙජොපි අත්‍ථි, වායොධාතුමෙව පන ආභුජති. එවං ආභුජිතවසෙන ආරම‍්මණං කරොති නාම.

එහි වැළඳ ගැනීම් වශයෙන් වනාහි පාත්‍රය බත් පුරවා ගෙනා කල්හි එක් බත් උළක් ගෙන තද ද මෘදුදැයි විමසනුයේ එහි තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් ඇතත් පඨවි ධාතුවම වැළඳ ගනී. උණුදියෙහි අත ඔබා විමසනුයේ එහි පෘථුවි ධාතුවත් වායෝධාතුවත් ඇතත් තේජෝ ධාතුවම වැළඳ ගනී. උණුසුම් සමයෙහි කවුළු හැර වාතයෙන් ශරීරය පහරමින් සිටියේ මඳ මඳව වාතය පහරද්දී එහි පෘථුවි ධාතුවත් තේජෝ ධාතුවත් ඇතත් වායෝ ධාතුවම වැළඳ ගනී. මෙසේ වැළඳගැනීම් වශයෙන් අරමුණු කෙරේ නමි.

යො පන උපක‍්ඛලති වා සීසෙන වා රුක‍්ඛං පහරති භුඤ‍්ජන‍්තො වා සක‍්ඛරං ඩංසති, සො කිඤ‍්චාපි තත්‍ථ තෙජොපි අත්‍ථි වායොපි අත්‍ථි, උස‍්සදවසෙන පන පථවීධාතුමෙව ආරම‍්මණං කරොති. අග‍්ගිං අක‍්කමන‍්තොපි කිඤ‍්චාපි තත්‍ථ පථවීපි අත්‍ථි වායොපි අත්‍ථි, උස‍්සදවසෙන පන තෙජොධාතුමෙව ආරම‍්මණං කරොති. බලවවාතෙ කණ‍්ණසක‍්ඛලිං පහරිත්‍වා බධිරභාවං කරොන‍්තෙ. කිඤ‍්චාපි තත්‍ථ පථවීපි අත්‍ථි තෙජොපි අත්‍ථි, උස‍්සදවසෙන පන වායොධාතුමෙව ආරම‍්මණං කරොති.

යමෙක් පැකිළෙන්නේ හෝ හිසින් රුකක් පහරන්නේ හෝ, අනුභව කරන්නේ මැටි කැටයක් සපන්නේ හෝ වේ ද, හෙතෙම එහි තේජස ඇතත් වායුව ඇතත් බහුල වශයෙන් පෘථුවි ධාතුවම අරමුණු කෙරේ. ගිනි පාගනුයේ එහි පෘථුවි ධාතුව ඇතත් ආපෝ ධාතුව බහුල වශයෙන් තේජෝධාතුවම අරමුණු කෙරේ. බලවත් වාතය කන්පෙත්ත පැහැර බිහිරි බව කරද්දී එහි පෘථුවි ධාතුව ඇතත් තේජෝ ධාතුව ඇතත් බහුල වශයෙන් වනයෙන් වනාහි වායෝ ධාතුවම අරමුණු කෙරේ.

යංකිඤ‍්චි ධාතුං ආරම‍්මණං කරොන‍්තස‍්ස කායවිඤ‍්ඤාණම‍්පි එකප‍්පහාරෙන නුප‍්පජ‍්ජති. සූචිකලාපෙන විද‍්ධස‍්ස එකප‍්පහාරෙන කායො ඝට‍්ටියති. යස‍්මිං යස‍්මිං පන ඨානෙ කායපසාදො උස‍්සන‍්නො හොති, තත්‍ථ තත්‍ථ කායවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති. යත්‍ථ යත්‍ථාපි පටිඝට‍්ටනනිඝංසො බලවා හොති තත්‍ථ තත්‍ථ පඨමං උප‍්පජ‍්ජති. කුක‍්කුටපත‍්තෙන වණෙ ධොවියමානෙ අංසුඅංසු කායපසාදං ඝට‍්ටෙති. යත්‍ථ යත්‍ථ පන පසාදො උස‍්සන‍්නො හොති, තත්‍ථ තත්‍ථෙව කායවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති. එවං උස‍්සදවසෙන ආරම‍්මණං කරොති. උස‍්සදවසෙනෙව ච කායවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති නාම.

යම්කිසි ධාතුවක් අරමුණු ගන්නහුට කායවිඥානය ද එකවර නූපදී. ඉඳිකටු මිටියකින් විදිනු ලැබූවහුට එක්වර කය ගැටෙයි. යම් යම් තැනෙක කායප්‍රසාදය බහුල වේද ඒ ඒ තැන කායවිඥානය උපදී. යම් යම් තැනෙක ප්‍රතිඝට්ටනය ඉලීම බලවත් වේද ඒ ඒ තැන පළමුව උපදී. කුකුළුපතින් වණය සෝදනු ලබන කල්හි ද අංසු අංසු වශයෙන් කායප්‍රසාදය ගැටෙයි. යම් යම් තැනෙක කායප්‍රසාදය අධික වේ. ඒ ඒ තැන කායවිඥානය උපදී. මෙසේ උස්සද වශයෙන් අරමුණු කෙරෙයි. උස්සද වශයෙන්ම කාය විඥානය ද උපදී නම් වේ.

කථං පන චිත‍්තස‍්ස ආරම‍්මණතො සඞ‍්කන‍්ති හොතීති? ද‍්වීහාකාරෙහි හොති – අජ‍්ඣාසයතො වා විසයාධිමත‍්තතො වා. විහාරපූජාදීසු හි ‘තානි තානි චෙතියානි චෙව පටිමායො ච වන්‍දිස‍්සාමි, පොත්‍ථකම‍්මචිත‍්තකම‍්මානි ච ඔලොකෙස‍්සාමී’ති අජ‍්ඣාසයෙන ගතො එකං වන්‍දිත්‍වා වා පස‍්සිත්‍වා වා ඉතරස‍්ස වන්‍දනත්‍ථාය වා දස‍්සනත්‍ථාය වා මනං කත්‍වා වන්‍දිතුම‍්පි පස‍්සිතුම‍්පි ගච‍්ඡතියෙව, එවං අජ‍්ඣාසයතො සඞ‍්කමති නාම.

සිත කෙසේ නම් අරමුණෙන් සංක්‍රමණය වේද යත්, අදහස් වශයෙන් හෝ විෂය අධිකත්වයෙන් යන දෙයාකාරයෙන් වෙයි. විහාර පූජා ආදියේදී ඒ ඒ චෛත්‍යයන් මෙන්ම පිළිම ද වඳිමි. පොතලුකර්ම චිත්‍රකර්මයන් ද බලමියි යන අදහසින් ගියේ එකක් වැඳ හෝ බලා අනෙක වැඳීමට හෝ බැලීමට අදහස්කොට වඳින්නට බලන්නට ද යන්නේමය. මෙසේ අදහස් වශයෙන් සංක්‍රමණය කරයි නම් වේ.

කෙලාසකූටපටිභාගං පන මහාචෙතියං ඔලොකෙන‍්තො ඨිතොපි අපරභාගෙ සබ‍්බතූරියෙසු පග‍්ගහිතෙසු රූපාරම‍්මණං විස‍්සජ‍්ජෙත්‍වා සද‍්දාරම‍්මණං සඞ‍්කමති. මනුඤ‍්ඤගන්‍ධෙසු පුප‍්ඵෙසු වා ගන්‍ධෙසු වා ආභතෙසු සද‍්දාරම‍්මණං විස‍්සජ‍්ජෙත්‍වා ගන්‍ධාරම‍්මණං සඞ‍්කමති. එවං විසයාධිමත‍්තතො සඞ‍්කමති නාම.

කෛලාශකූට පර්වතය සමාන වූ මහසෑයක් බලමින් සිටියේ ද පසුව සියලු තූර්යවාදනය (පටන්) ගත්කල්හි රූපාරම්මණය අතහැර ශබ්දාරම්මණයට සංක්‍රමණය වෙයි. මනා සුවඳැති මල් සුවඳ ගෙනා කල්හි ශබ්දාරම්මණය අතහැර ගන්‍ධාරම්මණයට සංක්‍රමණය වෙයි. මෙසේ විෂය අධික භාවයෙන් සංක්‍රමණය වෙයි නම් වේ.

ආපොධාතුනිද‍්දෙසෙ ආපොති සභාවනිද‍්දෙසො. ආපොව ආපොගතං. සිනෙහවසෙන සිනෙහො, සිනෙහොව සිනෙහගතං. බන්‍ධනත‍්තං රූපස‍්සාති පථවීධාතුආදිකස‍්ස භූතරූපස‍්ස බන්‍ධනභාවො. අයොපිණ‍්ඩිආදීනි හි ආපොධාතු ආබන්‍ධිත්‍වා බද‍්ධානි කරොති. තාය ආබද‍්ධත‍්තා තානි බද‍්ධානි නාම හොන‍්ති. පාසාණපබ‍්බතතාලට‍්ඨිහත්‍ථිදන‍්තගොසිඞ‍්ගාදීසුපි එසෙව නයො . සබ‍්බානි හෙතානි ආපොධාතු එව ආබන්‍ධිත්‍වා බද‍්ධානි කරොති. ආපොධාතුයා ආබද‍්ධත‍්තාව බද‍්ධානි හොන‍්ති.

ආපෝධාතු නිර්දේශයෙහි ආපො යනු ස්වභාව නිර්දේශයයි. ආපයම = ආපොගතං ය. තෙත්වීම වශයෙන් = සිනෙහො ය. සිනෙහය ම = සිනෙහගතං ය. බන්‍ධතත්තං රූපස්ස යනු පෘථුවිධාතු ආදී භූතරූප බඳිනා බවයි. ලෝපිඬු ආදිය ද ආපෝධාතුවෙන් සම්බන්ධ කර තද කරයි. එය සම්බන්ධ හෙයින් ඒ ලෝපිඬු තදවූයේ නම් වෙයි. පාෂාණ පර්වත තල ඇට ඇත්දත් ගවඅං ආදියෙහි ද මේ නයමය. මේ සියල්ලම ආපෝ ධාතුවෙන් බැඳී තද වේ. ආපෝ ධාතුවෙන් බැඳුණු හෙයින්ම තද වෙයි.

කිං පන පථවීධාතු සෙසධාතූනං පතිට‍්ඨා හොති න හොතීති හොති ඵුසිත්‍වා හොති උදාහු අඵුසිත්‍වා? ආපොධාතු වා සෙසා ආබන්‍ධමානා ඵුසිත්‍වා ආබන්‍ධති උදාහු අඵුසිත්‍වාති? පථවීධාතු තාව ආපොධාතුයා අඵුසිත්‍වාව පතිට‍්ඨා හොති, තෙජොධාතුයා ච වායොධාතුයා ච ඵුසිත්‍වා. ආපොධාතු පන පථවීධාතුම‍්පි තෙජොවායොධාතුයොපි අඵුසිත්‍වාව ආබන්‍ධති. යදි ඵුසිත්‍වා ආබන්‍ධෙය්‍ය ඵොට‍්ඨබ‍්බායතනං නාම භවෙය්‍ය.

කිම පෘථුවිධාතුව සෙසු ධාතූන්ට පිහිට (වෙයි ද නො වෙයි යත්) වේ ද, ස්පර්ශ කොට වේ ද නැතහොත් ස්පර්ශ නො කොට වේ ද යත්, ආපෝධාතුව හෝ සෙසු ධාතුන් සම්බන්ධ කරනවිට ස්පර්ශකොට සම්බන්ධ කෙරේ ද, නැතහොත් ස්පර්ශ නොකොට ද, පෘථුවි ධාතුව වනාහි ආපෝධාතුව ස්පර්ශ නොකොටම පිහිට වෙයි. තේජෝ ධාතුවෙන් ද වායෝධාතුවෙන් ද ස්පර්ශකොට පිහිට වෙයි. ආපෝධාතුව වනාහි පෘථුවි ධාතුව ද තේජෝ වායෝ ධාතුන් ද ස්පර්ශ නොකොටම සම්බන්ධ වෙයි. ස්පර්ශ කොට සම්බන්ධ වන්නේ නම් පොට්ඨබ්බායතනය නම් වන්නේය.

තෙජොධාතුවායොධාතූනම‍්පි සෙසධාතූසු සකසකකිච‍්චකරණෙ එසෙව නයො. තෙජොධාතු හි පථවීධාතුං ඵුසිත්‍වා ඣාපෙති. සා පන න උණ‍්හා හුත්‍වා ඣායති. යදි උණ‍්හා හුත්‍වා ඣායෙය්‍ය උණ‍්හත‍්තලක‍්ඛණා නාම භවෙය්‍ය. ආපොධාතුං පන අඵුසිත්‍වාව තාපෙති. සාපි තපමානා න උණ‍්හා හුත්‍වා තපති. යදි උණ‍්හා හුත්‍වා තපෙය්‍ය උණ‍්හත‍්තලක‍්ඛණා නාම භවෙය්‍ය. වායොධාතුං පන ඵුසිත්‍වාව තාපෙති. සාපි තපමානා න උණ‍්හා හුත්‍වා තපති. යදි උණ‍්හා හුත්‍වා තපෙය්‍ය උණ‍්හත‍්තලක‍්ඛණා නාම භවෙය්‍ය. වායොධාතු පථවීධාතුං ඵුසිත්‍වා විත්‍ථම‍්භෙති, තථා තෙජොධාතුං ආපොධාතුං පන අඵුසිත්‍වාව විත්‍ථම‍්භෙති.

තේජෝ ධාතු වායෝ ධාතුන්ගේ ද සෙසු ධාතූන්හි ස්වකීය ස්වකීය කෘත්‍යයන් කිරීමේදී මේ නයමය. තේජෝ ධාතුව වනාහි පෘථුවි ධාතුව ස්පර්ශකොට දවයි. එය වනාහි උණුසුම් නොවී දැවෙයි. උණුසුම්ව දැවේ නම් උෂ්ණත්වය ලක්‍ෂණකොට ඇත්තේ නම් වන්නේය. ආපෝධාතුව වනාහි ස්පර්ශ නො කොටම තවයි. එයද තැවෙනුයේ උණුසුම් නොවීතැවේ. උණුසුම්ව තැවේ නම් උෂ්ණත්වය ලක්‍ෂණකොට ඇත්තේ නම් වන්නේ ය. (වායෝ ධාතුව වනාහි ස්පර්ශකොටම තවයි. එය තැවෙනුයේ උණුසුම් නොවී තැවේ. උණුසුම්ව තැවේ නම්, උෂ්ණත්වය ලක්‍ෂණකොට ඇත්තේ නම් වෙයි.) වායෝධාතුව පෘථුවි ධාතුව ස්පර්ශකොට පුම්බයි. තේජෝධාතුවද එසේය. ආපෝධාතුව වනාහි ස්පර්ශ නො කොටම පුම්බයි.

උච‍්ඡුරසං පචිත්‍වා ඵාණිතපිණ‍්ඩෙ කරියමානෙ ආපොධාතු ථද‍්ධා හොති න හොතීති? න හොති. සා හි පග‍්ඝරණලක‍්ඛණා. පථවීධාතු කක‍්ඛළලක‍්ඛණා. ඔමත‍්තං පන ආපො අධිමත‍්තපථවීගතිකං ජාතං. සා හි රසාකාරෙන ඨිතභාවං විජහති, ලක‍්ඛණං න විජහති. ඵාණිතපිණ‍්ඩෙ විලීයමානෙපි පථවීධාතු න විලීයති. කක‍්ඛළලක‍්ඛණා හි පථවීධාතු පග‍්ඝරණලක‍්ඛණා ආපොධාතු. ඔමත‍්තා පන පථවී අධිමත‍්තආපගතිකා හොති. සා පිණ‍්ඩාකාරෙන ඨිතභාවං විජහති, ලක‍්ඛණං න විජහති. චතුන‍්නඤ‍්හි මහාභූතානං භාවඤ‍්ඤථත‍්තමෙව හොති, ලක‍්ඛණඤ‍්ඤථත‍්තං නාම නත්‍ථි. තස‍්ස අභාවො අට‍්ඨානපරිකප‍්පසුත‍්තෙන දීපිතො. වුත‍්තඤ‍්හෙතං –

උක්රස පිස පැණිපිඬු (සකුරු) කරද්දී ආපෝධාතුව තදවේද නො වේ ද යත්, නොවේ. එය වනාහි වැගිරෙන ලක්‍ෂණ ඇත්තේ ය. පෘථිවි ධාතුව කර්කශ ලක්‍ෂණ ඇත්තේ ය. අවමාත්‍ර ආපය අධිමාත්‍ර පෘථුවිගතික විය. එය වනාහි රසාකාරයෙන් සිටි බව අත්හරී. ලක්‍ෂණය අත් නොහරී. පැණිපිඬු දියවෙද්දී ද පෘථුවිධාතුව දිය නොවේ. පෘථුවිධාතුව වනාහි කර්කශ ලක්‍ෂණ ඇත්තේය. ආපෝධාතුව වැගිරෙන ලක්‍ෂණ ඇත්තේ ය. අවමාත්‍ර පෘථුවි ධාතුව අධිමාත්‍ර ආපෝනතික වෙයි. එය පිණ්ඩාකාරයෙන් සිටි බව අත්හරී. ලක්‍ෂණය අත් නොහරී. සතරමහාභූතයන්ගේ භාවය වනාහි වෙනස් ආකාරම වෙයි. ලක්‍ෂණයන්ගේ වෙනස් බවක් නම් නැත. එහි අභාව අට්ඨාන පරිකප්ප සුත්තන්තයෙන් දක්වන ලදී. මෙය කියන ලද්දේමය.

“සියා, ආනන්‍ද, චතුන‍්නං මහාභූතානං අඤ‍්ඤථත‍්තං, පථවීධාතුයා…පෙ… වායොධාතුයා ; න ත්‍වෙව බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතස‍්ස අරියසාවකස‍්ස සියා අඤ‍්ඤථත‍්ත”න‍්ති (අ· නි· 3.76).

‘සියා ඛොපනානන්‍ද චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං, පඨවි ධාතුයා -පෙ- වායෝධාතුයා, නත්‍වෙව බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං’ යනුයි.

අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – ආනන්‍ද, කක‍්ඛළත‍්තලක‍්ඛණා පථවීධාතු පරිවත‍්තිත්‍වා පග‍්ඝරණලක‍්ඛණා ආපොධාතු නාම භවෙය්‍ය, අරියසාවකස‍්ස පන අඤ‍්ඤථත‍්තං නාම නත්‍ථීති. එවමෙත්‍ථ අට‍්ඨානපරිකප‍්පො ආගතො.

මෙය වනාහි මෙහි අර්ථය ‘ආනන්දය, පෘථුවි ධාතුව කර්කශ ලක්‍ෂණ ඇත්තේ ය. ආපෝධාතුව පරිවර්තනය වී වැගිරෙන ලක්‍ෂණය ඇත්තේ ආපෝධාතු නම් වන්නේ ය. ආර්යශ්‍රාවකයාගේ නම් වෙනස්වීමක් නැත්තේ ය’ යනුයි. මෙසේ මෙහි අට්ඨානපරිකප්ප සූත්‍රයෙහි ආවේය.

ඉතො පරෙසු උපාදිණ‍්ණරූපාදිනිද‍්දෙසෙසු උපාදිණ‍්ණපදාදීනං අත්‍ථො මාතිකාකථායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. චක‍්ඛායතනාදීනි හෙට‍්ඨා විත්‍ථාරිතානෙව. තත්‍ථ තත්‍ථ පන විසෙසමත‍්තමෙව වක‍්ඛාම.

මෙයින් පර උපාදින්න රූපාදි නිර්දේශයන් උපාදින්නාදීන්ගේ අර්ථය මාතිකා කථාවෙහි ආනයින්ම දතයුතුයි. චක්‍ඛායතනාදිය යට විස්තර කරන ලද්දේමය. ඒ ඒ තැන්වල විශේෂ මාත්‍රයම කියමි.

උපාදිණ‍්ණනිද‍්දෙසෙ තාව චක‍්ඛායතනාදීනි එකන‍්තඋපාදිණ‍්ණත‍්තා වුත‍්තානි. යස‍්මා පන රූපායතනාදීනි උපාදිණ‍්ණානිපි අත්‍ථි අනුපාදිණ‍්ණානිපි, තස‍්මා තානි යං වා පනාති සඞ‍්ඛෙපතො දස‍්සෙත්‍වා පුන කම‍්මස‍්ස කතත‍්තා රූපායතනන‍්තිආදිනා නයෙන විත්‍ථාරිතානි. ඉමිනා උපායෙන සබ‍්බයෙවාපනකෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

උපාදින්න නිර්දේශයෙහි වනාහි චක්‍ෂුරායතනාදිය ඒකාන්ත උපාදින්නක හෙයින් කියන ලදී. යම්හෙයකින් වනාහි රූපායතනාදිය ද උපාදින්න ද ඇත. (අනුපාදින්න ද ඇත) එහෙයින් ඒවා යංවා පන යැයි සංක්‍ෂේපයෙන් දක්වා නැවත කම්මස්ස කතත්තා රූපායතනං යනාදී නයින් විස්තර කරන ලදී. මේ උපායෙන් සියලු යේවාපනකයන්හි අර්ථය දතයුතුයි.

කස‍්මා පන ‘කම‍්මස‍්ස කතත‍්තා’ති ච ‘න කම‍්මස‍්ස කතත‍්තා’ති ච උභින‍්නම‍්පි නිද‍්දෙසෙ ‘ජරතා ච අනිච‍්චතා ච’ න ගහිතා, අනුපාදිණ‍්ණාදීනංයෙව නිද‍්දෙසෙසු ගහිතාති? න කම‍්මස‍්ස කතත‍්තාති එත්‍ථ තාව කම‍්මතො අඤ‍්ඤපච‍්චයසමුට‍්ඨානං සඞ‍්ගහිතං. ‘කම‍්මස‍්ස කතත‍්තා’ති එත්‍ථ කම‍්මසමුට‍්ඨානමෙව. ඉමානි ච ද‍්වෙ රූපානි නෙව කම‍්මතො න අඤ‍්ඤස‍්මා රූපජනකපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති, තස‍්මා න ගහිතානි. සා ච නෙසං අනුප‍්පත‍්ති පරතො ආවි භවිස‍්සති. අනුපාදිණ‍්ණන‍්තිආදීසු පන කෙවලං අනුපාදිණ‍්ණාදිග‍්ගහණෙන කම‍්මාදිසමුට‍්ඨානතා පටික‍්ඛිත‍්තා, නඅඤ‍්ඤපච‍්චයසමුට‍්ඨානතා අනුඤ‍්ඤාතා. තස‍්මා තත්‍ථ ගහිතානීති වෙදිතබ‍්බානි.

කවරහෙයකින් වනාහි නිර්දේශයෙහි කම්මස්ස කතත්තා යැයි ද න කම්මස්ස කතත්තා යැයි ද ජරතාව ද අනිච්චතාව ද (නො) ගන්නා ලදද යත්, න කම්මස්ස කතත්තා යන මෙහි වනාහි කර්මයෙන් වෙනත් ප්‍රත්‍යය හටගැනීම සංග්‍රහ කරන ලදී. කම්මස්ස කතත්තා යන මෙහි කම්ම සමුට්ඨානමය. මේ රූප දෙක ද කර්මයෙන් හෝ වෙනත් රූපජනක ප්‍රත්‍යයකින් නූපදී. එහෙයින් නොගන්නා ලදී. එය ද ඔවුන්ගේ පැමිණීම ද පසුව පළවන්නේ ය. අනුපාදින්නං යන ආදීන්හි වනාහි හුදෙක් අනුපාදින්නාදි ග්‍රහණයෙන් කර්මදිසමුට්ඨානතා ප්‍රතික්‍ෂේප කරන ලදී. අන්‍ය ප්‍රත්‍ය සමුට්ඨානතාද අනුමත නොකරන ලදී. එහෙයින් එහිදී ගන්නා ලදැයි දතයුතුයි.

චිත‍්තසමුට‍්ඨානනිද‍්දෙසෙ කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්තීති ඉදං ද‍්වයං යස‍්මා එකන‍්තචිත‍්තසමුට‍්ඨානානි භූතානි උපාදාය පඤ‍්ඤායති, තස‍්මා වුත‍්තං. පරමත්‍ථතො පන තස‍්ස නිස‍්සයභූතානි භූතානෙව චිත‍්තසමුට‍්ඨානානි, තංනිස‍්සිතත‍්තා. යථා අනිච‍්චස‍්ස රූපස‍්ස ජරාමරණං අනිච‍්චං නාම හොති, එවමිදම‍්පි චිත‍්තසමුට‍්ඨානං නාම ජාතං.

චිත්ත සමුට්ඨාන නිර්දේශයෙහි කාය විඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති යන මේ දෙක යම්හෙයකින් ඒකාන්ත චිත්ත සමුට්ඨාන භූතයන් සඳහා පැනේ ද එහෙයින් පරමාර්ථ වශයෙන් වනාහි එයට නිශ්‍රය වූ භූතයන්ම එය නිශ්‍රිත හෙයින් චිත්ත සමුට්ඨාන යැයි කියන ලදී. යම්සේ අනිත්‍ය වූ රූපයට ජරාමරණ අනිත්‍ය නම් වේද, මෙසේ මෙය ද චිත්ත සමුට්ඨාන නම් විය.

චිත‍්තසහභුනිද‍්දෙසෙපි එසෙව නයො. යාව චිත‍්තං තාව පඤ‍්ඤායනතො ඉදමෙව ද‍්වයං වුත‍්තං. න පනෙතං චිත‍්තෙන සහ භූතානි විය, චෙතනාදයො විය ච උප‍්පජ‍්ජති.

චිත්තසහභූත නිර්දේශයෙහි ද මේ නයමය. (සිත යම්තාක් ද ඒ තාක් පැනෙන හෙයින් මේ දෙකම කියන ලදී. මෙය වනාහි සිත සමග සහභූතයන් මෙන් ද චේතනාදිය මෙන් ද නූපදී.

චිත‍්තානුපරිවත‍්තිතායපි එසෙව නයො. යාව චිත‍්තං තාව පඤ‍්ඤායනතො එව හෙතං ද‍්වයං චිත‍්තානුපරිවත‍්තීති වුත‍්තං.

සිත අනුව පරිවර්තනය වීමේදී ද මේ නයමය. සිත යම්තාක් ද එතෙක් පැනෙන හෙයින්ම වනාහි මේ දෙක චිත්තානු පරිවත්ති යැයි කියන ලදී.

ඔළාරිකන‍්ති වත්‍ථාරම‍්මණභූතත‍්තා සංඞ‍්ඝට‍්ටනවසෙන ගහෙතබ‍්බතො ථූලං. වුත‍්තවිපල‍්ලාසතො සුඛුමං වෙදිතබ‍්බං.

ඔළාරිකං යනු වස්තුවට අරමුණු වූ ප්‍රසාදඝට්ටන වශයෙන් ගතයුතු හෙයින් ථූලය, කියන ලද්දට විපරීත වශයෙන් සුඛුමං (යනු) දතයුතුයි.

දූරෙති ඝට‍්ටනවසෙන අග‍්ගහෙතබ‍්බත‍්තා දුබ‍්බිඤ‍්ඤෙය්‍යභාවෙන සමීපෙ ඨිතම‍්පි දූරෙ. ඉතරං පන ඝට‍්ටනවසෙන ගහෙතබ‍්බත‍්තා සුවිඤ‍්ඤෙය්‍යභාවෙන දූරෙ ඨිතම‍්පි සන‍්තිකෙ. චක‍්ඛායතනාදිනිද‍්දෙසා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව විත්‍ථාරතො වෙදිතබ‍්බා. ඉදං තාව දුවිධෙන රූපසඞ‍්ගහෙ විසෙසමත‍්තං. තිවිධසඞ‍්ගහො උත‍්තානත්‍ථොව.

දූරෙ යනු ඝට්ටන වශයෙන් නොගතයුතු හෙයින් දුර්විඥෙය භාවයෙන් සමීපයෙහි සිටියේ ද දූරෙ ය. අවනත වනාහි ඝට්ටන වශයෙන් ගතයුතු හෙයින් සුවිඥෙය භාවයෙන් දුර සිටියේ ද සන්තිකෙය. චක්‍ඛායතනාදී නිර්දේශ යට කියන ලද නයින්ම විස්තර වශයෙන් දතයුතුයි. මෙය වනාහි දෙවිදියකින් ( දැක්වීම) රූපසංග්‍රහයෙහි විශේෂ මාත්‍රයෙකි, ත්‍රිවිධ සංග්‍රහය නොගැඹුරු අර්ථ ඇත්තේමය.