යෙදුමෙන් කියවන්න

රූපවිභත‍්තිඑකකනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

රූපවිභත‍්තිඑකකනිද‍්දෙසවණ‍්ණනා

රූපවිභත්තිඑකකනිද්දෙසවණ්ණනා

ඉදානි තස‍්සා අත්‍ථං භාජෙත්‍වා දස‍්සෙතුං සබ‍්බං රූපං න හෙතුමෙවාතිආදි ආරද‍්ධං. කස‍්මා පනෙත්‍ථ ‘කතමං තං සබ‍්බං රූපං න හෙතූ’ති පුච‍්ඡා න කතාති? භෙදාභාවතො. යථා හි දුකාදීසු ‘උපාදාරූප’ම‍්පි අත්‍ථි ‘නොඋපාදාරූප’ම‍්පි, එවමිධ හෙතු න හෙතූතිපි සහෙතුකමහෙතුකන‍්තිපි භෙදො නත්‍ථි, තස‍්මා පුච‍්ඡං අකත්‍වාව විභත‍්තං. තත්‍ථ ‘සබ‍්බ’න‍්ති සකලං, නිරවසෙසං. ‘රූප’න‍්ති අයමස‍්ස සීතාදීහි රුප‍්පනභාවදීපනො සාමඤ‍්ඤලක‍්ඛණනිද‍්දෙසො. න හෙතුමෙවාති සාධාරණහෙතුපටික‍්ඛෙපනිද‍්දෙසො.

දැන් එහි අර්ථය බෙදා දක්වන්නට සබ්බං රූපං නහෙතු මෙවාති ආදිය පටන්ගන්නා ලදී. මෙහිදී වනාහි කවරහෙයකින් කතමං තං සබ්බං රූපං න හෙතු යැයි විචාරීම නොකරන ලද ද යත්, භේදයක් නැති හෙයිනි. යම්සේ වනාහි දුකාදීන්හි උපාදාරූපත් ඇත. නොඋපාදාරූපත් ඇත. මෙසේ මෙහි න හේතුන් සහේතුත් යන භේදය නැත. එහෙයින් විචාරීමක් නොකොටම බෙදන ලදී. එහි සබ්බං යනු සියල්ලය. නිරවශේෂමය. රූපං යන මෙහි ශීතාදියෙන් වෙනස් වන බව දැක්වීම සමාන ලක්‍ෂණ දැක්වීමයි. න හෙතුමෙව යනු සාධාරණ හේතු ප්‍රතික්‍ෂේපණ නිර්දේශයයි.

තත්‍ථ හෙතුහෙතු පච‍්චයහෙතු උත‍්තමහෙතු සාධාරණහෙතූති චතුබ‍්බිධො හෙතු. තෙසු ‘තයො කුසලහෙතූ, තයො අකුසලහෙතූ, තයො අබ්‍යාකතහෙතූ’ති (ධ· ස· 1059) අයං ‘හෙතුහෙතු’ නාම. “චත‍්තාරො ඛො, භික‍්ඛු, මහාභූතා හෙතු, චත‍්තාරො මහාභූතා පච‍්චයො රූපක‍්ඛන්‍ධස‍්ස පඤ‍්ඤාපනායා”ති (ම· නි· 3.85; සං· නි· 3.82) අයං ‘පච‍්චයහෙතු’ නාම. “කුසලාකුසලං අත‍්තනො විපාකට‍්ඨානෙ, උත‍්තමං ඉට‍්ඨාරම‍්මණං කුසලවිපාකට‍්ඨානෙ, උත‍්තමං අනිට‍්ඨාරම‍්මණං අකුසලවිපාකට‍්ඨානෙ”ති අයං ‘උත‍්තමහෙතු’ නාම. යථාහ – ‘අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං කම‍්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාතී’ති (ම· නි· 1.148; විභ· 810; පාටි· ම· 2.44), “එසෙව හෙතු එස පච‍්චයො සඞ‍්ඛාරානං යදිදං අවිජ‍්ජා”ති අවිජ‍්ජා සඞ‍්ඛාරානං සාධාරණහෙතු හුත්‍වා පච‍්චයට‍්ඨං ඵරතීති අයං ‘සාධාරණහෙතු’ නාම. යථා හි පථවීරසො ආපොරසො ච මධුරස‍්සාපි අමධුරස‍්සාපි පච‍්චයො, එවං අවිජ‍්ජා කුසලසඞ‍්ඛාරානම‍්පි අකුසලසඞ‍්ඛාරානම‍්පි සාධාරණපච‍්චයො හොති. ඉමස‍්මිං පනත්‍ථෙ ‘හෙතුහෙතු’ අධිප‍්පෙතො. ඉති ‘හෙතූ ධම‍්මා න හෙතූ ධම‍්මා’ති (ධ· ස· දුකමාතිකා 1) මාතිකාය ආගතං හෙතුභාවං රූපස‍්ස නියමෙත්‍වා පටික‍්ඛිපන‍්තො ‘න හෙතුමෙවා’ති ආහ. ඉමිනා නයෙන සබ‍්බපදෙසු පටික‍්ඛෙපනිද‍්දෙසො ච අප‍්පටික‍්ඛෙපනිද‍්දෙසො ච වෙදිතබ‍්බො. වචනත්‍ථො පන සබ‍්බපදානං මාතිකාවණ‍්ණනායං වුත‍්තොයෙව.

එහි හේතුහේතු පච්චය හේතු උත්තමහේතු සාධාරණ හේතු යැයි හේතුව චතුර්විධය. ඔවුනතුරෙන් ‘තයො කුසලහෙතු තයො අකුසල හෙතු තයො අබ්‍යාකතහෙතු’ යන මෙය හේතුහේතු නමි. ‘චත්තාරො ඛො මෙ භික්‍ඛු! මහාභූතා හෙතු චත්තාරො මහාභූතා පච්චයා රූපක්‍ඛන්‍ධස්ස පඤ්ඤාපනාය’ යන මෙය පච්චයහේතු නමි’ ‘කුසලා කුසලං අත්තනො විපාකදානෙ උත්තමං ඉට්ඨාරම්මණං කුසලවිපාකට්ඨානෙ උත්තමං අනිට්ඨාරම්මණං අකුසලවිපාකට්ඨානෙ’ යන මෙය උත්තමහේතු නමි. මෙසේ කියන ලදී. ‘අතීතානාගතපච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති’ යනු ද ‘එසෙව හෙතු එස පච්චයො සංඛාරානං යදිදං අවිජ්ජා’ යනු ද ‘අවිජ්ජා සංඛාරානං සාධාරණහෙතු හුත්‍වා පච්චයට්ඨං එරති’ යන මෙය සාධාරණ හේතු නමි. යම්සේ පෘථිවි රසයත් ආපෝ රසයත් මිහිරි වූත් අමිහිරි වූත් (රසයන්ට) ප්‍රත්‍යය වේ ද මෙසේ අවිද්‍යාව කුශල සංස්කාරයන්ටත් අකුශල සංස්කාරයන්ටත් සාධාරණ ප්‍රත්‍ය වේ. මේ අර්ථයෙහි වනාහි හේතු හේතුව අභිප්‍රේතයි. මෙසේ හේතුධම්ම න හෙතුධම්ම යන මාතෘකාවේ ආ හේතුභාවය රූපයට නියම කොට ප්‍රතික්‍ෂේප කරමින් න හෙතුමෙව යැයි කීය. මේ නයින් සියලුම පදයන්හි ප්‍රතික්‍ෂේප නිර්දේශයත් අප්‍රතික්‍ෂේප නිර්දේශයත් දතයුතුයි. සියලු පදයන්ගේ වචනාර්ථය වනාහි මාතෘකා වර්ණනාවෙහි කියන ලදමය.

සප‍්පච‍්චයමෙවාති එත්‍ථ පන කම‍්මසමුට‍්ඨානං කම‍්මපච‍්චයමෙව හොති, ආහාරසමුට‍්ඨානාදීනි ආහාරාදිපච‍්චයානෙවාති එවං රූපස‍්සෙව වුත‍්තචතුපච‍්චයවසෙන අත්‍ථො වෙදිතබ‍්බො. රූපමෙවාති ‘රූපිනො ධම‍්මා අරූපිනො ධම‍්මා’ති මාතිකාය වුත‍්තං අරූපීභාවං පටික‍්ඛිපති. උප‍්පන‍්නං ඡහි විඤ‍්ඤාණෙහීති පච‍්චුප‍්පන‍්නරූපමෙව චක‍්ඛුවිඤ‍්ඤාණාදීහි ඡහි වෙදිතබ‍්බං. නියාමො පන චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි සන්‍ධාය ගහිතො. න හි තානි අතීතානාගතං විජානන‍්ති. මනොවිඤ‍්ඤාණං පන අතීතම‍්පි අනාගතම‍්පි විජානාති. තං ඉමස‍්මිං පඤ‍්චවිඤ‍්ඤාණසොතෙ පතිතත‍්තා සොතපතිතමෙව හුත්‍වා ගතං. හුත්‍වා අභාවට‍්ඨෙන පන අනිච‍්චමෙව. ජරාය අභිභවිතබ‍්බධම‍්මකත‍්තා ජරාභිභූතමෙව. යස‍්මා වා රූපකායෙ ජරා පාකටා හොති, තස‍්මාපි ‘ජරාභිභූතමෙවා’ති වුත‍්තං.

සප්පච්චයමෙව යන මෙහි කර්ම සමුත්‍ථානය කර්ම ප්‍රත්‍යයම වෙයි. ආහාර සමුත්‍ථානාදිය ආහාර ප්‍රත්‍යයම වෙයි යනුයි. මෙසේ රූපය සඳහාම කියන ලද චතුර්විධ ප්‍රත්‍යය වශයෙන් අර්ථය දතයුතුයි. රූපමෙව යනු රූපිනො ධම්මා අරූපිනො ධම්මං යනු මාතෘකාවෙහි කියන ලද අරූපභාවය ප්‍රතික්‍ෂේප කරයි. උප්පන්නං ජහි විඤ්ඤාණෙහි යනු චක්‍ෂුර් විඥානාදීන් සයෙන් වර්තමාන රූපයම දතයුතුයි. නියාමය වනාහි චක්‍ෂුර් විඥානාදීන් සඳහා (ගන්නා ලදී) ඔව්හු අතීත අනාගත නොදනිත්. මනෝවිඥානය වනාහි අතීතයත් අනාගතයත් දනී. එය මෙහිදී පංචවිඥාන ශ්‍රෝතයෙහි වැටුණු හෙයින් ශ්‍රෝතපත්තවම ගියේය. ඇතිවී නැතිවන හෙයින් වනාහි අනිත්‍යමය. ජරාවෙන් වැඩිය යුතු ස්වභාවය ඇතිහෙයින් ජරාභිභූතමය. රූපකායෙහි ජරාව ප්‍රකටවන හෙයින් ජරාභිභූතම යැයි කියන ලදී.

එවං එකවිධෙන රූපසඞ‍්ගහොති එත්‍ථ ‘විධා’-සද‍්දො මානසණ‍්ඨානකොට‍්ඨාසෙසු දිස‍්සති. “සෙය්‍යොහමස‍්මීති විධා, සදිසොහමස‍්මීති විධා”තිආදීසු (විභ· 962) හි මානො විධා නාම. “කථංවිධං සීලවන‍්තං වදන‍්ති, කථංවිධං පඤ‍්ඤවන‍්තං වදන‍්තී”තිආදීසු (සං· නි· 1.95) සණ‍්ඨානං. ‘කථංවිධ’න‍්ති හි පදස‍්ස කථංසණ‍්ඨානන‍්ති අත්‍ථො. “එකවිධෙන ඤාණවත්‍ථුං දුවිධෙන ඤාණවත්‍ථූ”තිආදීසු (විභ· 751-752) කොට‍්ඨාසො විධා නාම. ඉධාපි කොට‍්ඨාසොව අධිප‍්පෙතො.

මෙසේ එකවිධෙන රූප සංගහො යන මෙහි විධා ශබ්දය මාන සණ්ඨාන කොට්ඨාශයන්හි දක්නට ලැබේ. ‘සෙය්‍යො හමිස්මීති විධා, සදිසො හමස්මීති විධා’ යනාදියෙහි වනාහි මානය විධා නමි. ‘කථං විධං සීලවන්තං වදන්තං වදන්ති තථං විධං පඤ්ඤාවන්තං වදන්ති’ යනාදියෙහි සණ්ඨාන යයි. කථං විධං යන පදයාගේ වනාහි කථං සණ්ඨානං යන අර්ථයි. ‘එකවිධෙන ඤාණවත්‍ථු දුවිධෙන ඤාණවත්‍ථු’ යන ආදියෙහි කොට්ඨාශය විධා නමි. මෙහිද කොට්ඨාශයම අභිප්‍රේතයි.

සඞ‍්ගහසද‍්දොපි සජාතිසඤ‍්ජාතිකිරියාගණනවසෙන චතුබ‍්බිධො. තත්‍ථ “සබ‍්බෙ ඛත‍්තියා ආගච‍්ඡන‍්තු, සබ‍්බෙ බ්‍රාහ‍්මණා සබ‍්බෙ වෙස‍්සා සබ‍්බෙ සුද‍්දා ආගච‍්ඡන‍්තු”, “යා චාවුසො විසාඛ, සම‍්මාවාචා, යො ච සම‍්මාකම‍්මන‍්තො, යො ච සම‍්මාආජීවො – ඉමෙ ධම‍්මා සීලක‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා”ති (ම· නි· 1.462) අයං ‘සජාතිසඞ‍්ගහො’ නාම. ‘එකජාතිකා ආගච‍්ඡන‍්තූ’ති වුත‍්තට‍්ඨානෙ විය හි ඉධ සබ‍්බෙ ජාතියා එකසඞ‍්ගහං ගතා. “සබ‍්බෙ කොසලකා ආගච‍්ඡන‍්තු, සබ‍්බෙ මාගධකා, සබ‍්බෙ භාරුකච‍්ඡකා ආගච‍්ඡන‍්තු”, “යො චාවුසො විසාඛ, සම‍්මාවායාමො, යා ච සම‍්මාසති, යො ච සම‍්මාසමාධි – ඉමෙ ධම‍්මා සමාධික‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා”ති අයං ‘සඤ‍්ජාතිසඞ‍්ගහො’ නාම. එකට‍්ඨානෙ ජාතා සංවුද‍්ධා ආගච‍්ඡන‍්තූති වුත‍්තට‍්ඨානෙ විය හි ඉධ සබ‍්බෙ සඤ‍්ජාතිට‍්ඨානෙන නිවුත්‍ථොකාසෙන එකසඞ‍්ගහං ගතා. “සබ‍්බෙ හත්‍ථාරොහා ආගච‍්ඡන‍්තු, සබ‍්බෙ අස‍්සාරොහා, සබ‍්බෙ රථිකා ආගච‍්ඡන‍්තු”, “යා චාවුසො විසාඛ, සම‍්මාදිට‍්ඨි, යො ච සම‍්මාසඞ‍්කප‍්පො – ඉමෙ ධම‍්මා පඤ‍්ඤාක‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා”ති (ම· නි· 1.462) අයං ‘කිරියාසඞ‍්ගහො’ නාම. සබ‍්බෙව හෙතෙ අත‍්තනො කිරියාකරණෙන එකසඞ‍්ගහං ගතා. “චක‍්ඛායතනං කතමක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති? චක‍්ඛායතනං රූපක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති. හඤ‍්චි චක‍්ඛායතනං රූපක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති, තෙන වත රෙ වත‍්තබ‍්බෙ – චක‍්ඛායතනං රූපක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිත”න‍්ති (කථා· 471), අයං ‘ගණනසඞ‍්ගහො’ නාම. අයමිධ අධිප‍්පෙතො. එකකොට‍්ඨාසෙන රූපගණනාති අයඤ‍්හෙත්‍ථ අත්‍ථො. එස නයො සබ‍්බත්‍ථ.

සංග්‍රහ ශබ්දය ද සජාති සඤ්ජාති කිරිය ගණන වශයෙන් චතුර්විධය. ‘සබ්බෙ ඛන්තියා අගච්ඡන්තු සබ්බෙ බ්‍රාහ්මණා ආගච්ඡන්තු සබ්බෙ වෙස්සා සබ්බෙ සුද්දා අගච්ඡන්තු, යා චාවුසො විසාඛ! සම්මා වාචා යො ච සම්මා කම්මන්තො යො ච සම්මා ආජීවො ඉමෙ ධම්මා සීලක්‍ඛන්‍ධෙ සංගහීතා’ යන මෙය සජාති සංගහ නමි’. ‘එකජාතිකා ආගච්ඡන්තු’ යැයි කී තැන මෙන් මෙහි ද සියලු ජාතීහු එකට සංග්‍රහ වූහ. ‘සබ්බෙ කොසලකා ආගච්ඡන්තු සබ්බෙ මාගධකා - සබ්බෙ භාරුකච්ඡකා ආගච්ඡන්තු, යො චාවුසො! විසාඛ, සම්මා වායාමො යාච සම්මා සති යො ච සම්මා සමාධි ඉමෙ ධම්මා සමාධික්‍ඛන්‍ධෙ සංගහීතා’ යැයි කී තැන මෙන් මෙහි සියල්ලෝ උපන් තැනින් ද විසූ අවසරයෙන් ද ඒකසංග්‍රහයට ගියහ. සබ්බෙ හත්‍ථාරොහා ආගච්ඡන්තු, සබ්බෙ ඵස්සාරොහා - සබ්බෙ රථිකා ආගච්ඡන්තු යාචාවුසො, විසාඛ, සම්මා දිට්ඨි යො ච යො ච සම්මා සංකප්පො ඉමෙ ධම්මා පඤ්ඤාක්‍ඛන්‍ධෙ සංගහීතා’ යන මෙය ක්‍රියා සංග්‍රහ නමි. මේ සියල්ලෝම වනාහි තමාගේ කාර්යයන් කිරීමෙන් ඒක සංග්‍රහයට ගියහ. ‘චක්‍ඛායතනං කතමං සංඛගණං ගච්ඡති, චක්‍ඛායතනං රූපක්‍ඛන්‍ධ ගණනං ගච්ඡති, හඤ්චි චක්‍ඛායතනං රූපක්‍ඛන්‍ධගණං ගච්ඡති, තෙන වත රෙ වත්තබ්බෙ චක්‍ඛායතනං රූපක්‍ඛන්‍ධෙග සංගහීතං’ යන මෙය ගණන සංග්‍රහ නමි. මෙය මෙහි අභිප්‍රේතයි. එක් කොටසකින් රූප ගණය යන මෙය මෙහි අර්ථයයි. සැමතැනකම මේ නයයි.