උද්දෙසවණ්ණනා අට්ඨකථා
උද්දෙසවණ්ණනා
ඉදානි රූපකණ්ඩං භාජෙත්වා දස්සෙතුං පුන කතමෙ ධම්මා අබ්යාකතාතිආදි ආරද්ධං. තත්ථ කිඤ්චාපි හෙට්ඨා චිත්තුප්පාදකණ්ඩෙ විපාකාබ්යාකතඤ්චෙව කිරියාබ්යාකතඤ්ච නිස්සෙසං කත්වා භාජිතං, රූපාබ්යාකතනිබ්බානාබ්යාකතානි පන අකථිතානි, තානි කථෙතුං චතුබ්බිධම්පි අබ්යාකතං සමොධානෙත්වා දස්සෙන්තො කුසලාකුසලානං ධම්මානං විපාකාතිආදිමාහ. තත්ථ කුසලාකුසලානන්ති චතුභූමකකුසලානඤ්චෙව අකුසලානඤ්ච. එවං තාව විපාකාබ්‍යාකතං කුසලවිපාකාකුසලවිපාකවසෙන ද්වීහි පදෙහි පරියාදියිත්වා දස්සිතං. යස්මා පන තං සබ්බම්පි කාමාවචරං වා හොති, රූපාවචරාදීසු වා අඤ්ඤතරං, තස්මා ‘කාමාවචරා’තිආදිනා නයෙන තදෙව විපාකාබ්‍යාකතං භූමන්තරවසෙන පරියාදියිත්වා දස්සිතං. යස්මා පන තං වෙදනාක්ඛන්ධොපි හොති…පෙ… විඤ්ඤාණක්ඛන්ධොපි, තස්මා පුන සම්පයුත්තචතුක්ඛන්ධවසෙන පරියාදියිත්වා දස්සිතං.
දැන් රූප කාණ්ඩය බෙදා දක්වන්නට නැවත කතමෙ ධම්මා අබ්යාකතා යන ආදිය පටන්ගන්නා ලදී. එහි යට චිත්තෝත්පාද කණ්ඩයෙහි විපාක අව්‍යාකෘතය මෙන්ම ක්‍රියා අව්‍යාකෘතය ද කිසිත් ඉතිරි නොකොට බෙදන ලදී. රූප අව්‍යකෘත හා නිර්වාණ අව්‍යාකෘත නොකියන ලදී. ඒවා කියන්නට චතුර්විධ අව්යකෘතම සමෝධානය කොට දක්වා කුසලාකුසලානං ධම්මානං විපාකා යන ආදිය කීය. එහි කුසලා කුසලානං යනු චාතුර්භූමක කුශලයන්ගේ මෙන්ම අකුශලයන්ගේය. මෙසේ වනාහි විපාක අව්යකෘතය. කුශල විපාකය අකුශල විපාකය වශයෙන් පද දෙකකින් සම්පූර්ණයෙන් ගෙන දක්වන ලදී. යම්හෙයකින් වනාහි ඒ සියල්ලම කාමාවචර හෝ රූපාවචරාදී අතුරෙන් අන්‍යතරයක් හෝ වෙයි ද, එහෙයින්ම කාමාවචරා ආදී නයින් ඒ විපාක අව්යාකෘතයම භුම්යන්තර වශයෙන් ද විස්තර කොට දක්වන ලදී. එහෙයින් එය වනාහි වේදනා ස්කන්ධය ද වෙයි. -පෙ- විඥාන ස්කන්ධය ද වෙයි. එහෙයින් නැවත සම්ප්‍රයුක්ත චතුස්කන්ධ වශයෙන් විස්තරකොට දක්වන ලදී.
එවං විපාකාබ්‍යාකතං කුසලාකුසලවසෙන භූමන්තරවසෙන සම්පයුත්තක්ඛන්ධවසෙනාති තීහි නයෙහි පරියාදාය දස්සෙත්වා, පුන කිරියාබ්‍යාකතං දස්සෙන්තො යෙ ච ධම්මා කිරියාතිආදිමාහ. තත්ථ ‘කාමාවචරා රූපාවචරා අරූපාවචරා වෙදනාක්ඛන්ධො…පෙ… විඤ්ඤාණක්ඛන්ධො’ති වත්තබ්බං භවෙය්ය. හෙට්ඨා පන ගහිතමෙවාති නයං දස්සෙත්වා නිස්සජ්ජිතං. ඉදානි අවිභත්තං දස්සෙන්තො සබ්බඤ්ච රූපං අසඞ්ඛතා ච ධාතූති ආහ. තත්ථ ‘සබ්බඤ්ච රූප’න්ති පදෙන පඤ්චවීසති රූපානි ඡන්නවුතිරූපකොට්ඨාසා නිප්පදෙසතො ගහිතාති වෙදිතබ්බා. ‘අසඞ්ඛතා ච ධාතූ’ති පදෙන නිබ්බානං නිප්පදෙසතො ගහිතන්ති. එත්තාවතා ‘අබ්යාකතා ධම්මා’ති පදං නිට්ඨිතං හොති.
මෙසේ විපාක අව්යකෘතය කුශලාකුශල වශයෙන් ද භූම්යන්තර වශයෙන් ද සම්ප්‍රයුක්ත ස්කන්ධ වශයෙන් දැයි නය තුනකින් විස්තර වශයෙන් දක්වා නැවත ක්‍රියා ව්‍යාකෘතය දක්වමින් යෙ ච ධම්ම කිරියා යන ආදිය කීය. එහි කාමාවචරය රූපාවචරය අරූපාවචරය වේදනා ස්කන්ධය -පෙ විඥාන ස්කන්ධය යැයි ද කිවයුතු වන්නේය. යට වනාහි ගන්නා ලද්දේම යැයි නය දක්වා අත්හරින ලදී. දැන් නොබෙදන ලද්ද දක්වනුයේ සබ්බඤ්චෙ රූපං අසංඛතා ච ධාතු යැයි කීය. එහි සබඤ්චරූපං යන පදයෙන් පස්විසි රූප ද සයානූ රූප කොට්ඨාස ද නිෂ්ප්‍රදේශ වශයෙන් ගන්නා ලදැයි දතයුතුයි. අසංඛතා ච ධාතු යන පදයෙන් නිවන නිෂ්ප්‍රදේශ වශයෙන් ගන්නා ලදී. මෙපමණකින් අබ්යාකතා ධම්මා යන පදය නිමියේ වෙයි.
තත්ථ කතමං සබ්බං රූපන්ති ඉදං කස්මා ගහිතං? හෙට්ඨා රූපාබ්යාකතං සඞ්ඛෙපෙන කථිතං. ඉදානි තං එකකදුකතිකචතුක්ක…පෙ… එකාදසකවසෙන විත්ථාරතො භාජෙත්වා දස්සෙතුං ඉදං ගහිතං. තස්සත්ථො – යං වුත්තං ‘සබ්බඤ්ච රූපං, අසඞ්ඛතා ච ධාතූ’ති, තස්මිං පදද්වයෙ ‘කතමං සබ්බං රූපං නාම’? ඉදානි තං දස්සෙන්තො චත්තාරො ච මහාභූතාතිආදිමාහ . තත්ථ චත්තාරොති ගණනපරිච්ඡෙදො. තෙන තෙසං ඌනාධිකභාවං නිවාරෙති. ‘ච’-සද්දො සම්පිණ්ඩනත්ථො. තෙන න කෙවලං ‘චත්තාරො මහාභූතාව’ රූපං, අඤ්ඤම්පි අත්ථීති ‘උපාදාරූපං’ සම්පිණ්ඩෙති.
තත්ථ කතමං සබ්බං රූපං යන මෙය කවර හෙයින් ගන්නා ලදද, යට රූප අව්‍යාකෘතය සංක්ෂේපයෙන් කියන ලදී. දැන් එය ඒකක දුක තික චතුක්ක -පෙ- ඒකාදශක වශයෙන් විස්තර වශයෙන් බෙදා දක්වන්නට මෙය ගන්නා ලදී. ‘සබ්බඤ්ච රූපං අසංඛතා ච ධාතු’ යැයි කියන ලද්දේ එහි අර්ථයයි. ඒ පද දෙකෙහි සබ්බං රූපං යනු කුමක් ද? දැන් එය බෙදා දක්වමින් චත්තාරො මහාභූතා යන ආදිය කීය. එහි චත්තාරො යනු ගණන පරිච්ඡේදයකි. එයින් ඔවුන්ගේ අඩුවැඩි බව වළක්වයි. චකාරය සම්පිණ්ඩනාර්ථයි.
මහාභූතාති එත්ථ මහන්තපාතුභාවාදීහි කාරණෙහි මහාභූතතා වෙදිතබ්බා. එතානි හි මහන්තපාතුභාවතො, මහාභූතසාමඤ්ඤතො, මහාපරිහාරතො, මහාවිකාරතො, මහන්තභූතත්තා චාති ඉමෙහි කාරණෙහි මහාභූතානීති වුච්චන්ති. තත්ථ ‘මහන්තපාතුභාවතො’ති, එතානි හි අනුපාදින්නකසන්තානෙපි උපාදින්නකසන්තානෙපි මහන්තානි පාතුභූතානි. තෙසං අනුපාදින්නකසන්තානෙ එවං මහන්තපාතුභාවතා වෙදිතබ්බා – එකඤ්හි චක්කවාළං ආයාමතො ච විත්ථාරතො ච යොජනානං ද්වාදස සතසහස්සානි තීණි සහස්සානි චත්තාරි සතානි පඤ්ඤාසඤ්ච යොජනානි. පරික්ඛෙපතො –
එයින් හුදෙක් රූපය යනු සතර මහා භූතයෝ පමණක් නොවෙති. අන්‍ය වූ ද උපාදා රූප ඇතැයි සම්පිණ්ඩනය කරයි. මෙහි මහාභූතා යනු මහත්ව පහළවීම් ආදී කාරණයන්ගෙන් මහාභූතයෝ යැයි දතයුතුයි. මේවා වනාහි මහත් සේ පහළවන හෙයින් මහාභූතයන්ට සමාන හෙයින් මහා පරිහාර ඇති හෙයින් මහාවිකාර හෙයින් ද මහත් වූ නිසා යන මේ කරුණුවලින් මහාභූත යැයි කියනු ලැබේ. එහි මහත්ත පාතුභාවතො යනු මේ මහාභූතයෝ වනාහි අනුපාදින්නක සන්තානයෙහිද (උපාදින්නක සන්තානයෙහිද) මහත්ව පහළවෙත්. අනුපාදින්නක සන්තානයෙහි ඔවුන්ගේ මහත්ව පහළවන බව මෙසේ දතයුතුයි. එක්සක්වළක් දිගින් ද පළලින් ද යොදුන් දොළොස් ලක්ෂ තුන්දාස් හාරසිය පනසකි. පරික්ඛෙපකො :-
සබ්බං සතසහස්සානි, ඡත්තිංස පරිමණ්ඩලං; දස චෙව සහස්සානි, අඩ්ඪුඩ්ඪානි සතානි ච. (පාරා· අට්ඨ· 1.1; විසුද්ධි· 1.137);
සබ්බං සතසහස්සානි ඡත්තිංස පරිමණ්ඩලං දස චෙව සහස්සානි අඩ්ඪුඩ්ඪානි සතානි ච
වටින් :- සමස්ත පරිමණ්ඩලය යොදුන් තිහය ලක්ෂ දසදහස් තුන්සිය පනසකි.
තත්ථ –
තත්ථ :-
දුවෙ සතසහස්සානි, චත්තාරි නහුතානි ච; එත්තකං බහලත්තෙන, සඞ්ඛාතායං වසුන්ධරා. (පාරා· අට්ඨ· 1.1; විසුද්ධි· 1.137);
දුවෙ සතසහස්සානි චත්තාරි නහුතානි ච එත්තකං බහලත්තෙන සංඛාතායං වසුන්ධරා
එහි : මේ මහපොළොව ඝනත්වයෙන් (යොදුන්) දෙලක්ෂ සතළිස් දහසකැයි මෙපමණකින් ගණනය කරන ලදී.
තස්සායෙව සන්ධාරකං –
තස්සායෙව සන්ධාරකං :-
චත්තාරි සතසහස්සානි, අට්ඨෙව නහුතානි ච; එත්තකං බහලත්තෙන, ජලං වාතෙ පතිට්ඨිතං.
චත්තාරි සතසහස්සානි අට්ඨෙ ච නහුතානි ච එත්තකං බහලත්තෙන ජලං වාතෙ පතිට්ඨිතං
එහිම සන්ධාරකය :- බහුලත්වයෙන් යොදුන් හාරලක්ෂ අසූදහසක් පමණ වූ ජලය වාතයෙහි පිහිටියේ ය.
තස්සාපි සන්ධාරකො –
තස්සාපි සන්ධාරකං :-
නවසතසහස්සානි, මාලුතො නභමුග්ගතො; සට්ඨි චෙව සහස්සානි, එසා ලොකස්ස සණ්ඨිති.
නවසතසහස්සානි මාඵතො නභමුග්ගතො සට්ඨ චෙව සහස්සානි එසා ලොකස්ස සණ්ඨිති
එහි ද සන්ධාරකය :- අහසට නැගුණු වාතය (යොදුන්) නවලක්ෂ හැටදහසකි. මේ ලෝකයේ පිහිටීමය.
එවං සණ්ඨිතෙ චෙත්ථ යොජනානං –
එවා සණ්ඨිතො චෙත්ථ යොජනානං :-
චතුරාසීතිසහස්සානි, අජ්ඣොගාළ්හො මහණ්ණවෙ; අච්චුග්ගතො තාවදෙව, සිනෙරු පබ්බතුත්තමො.
චතුරාසීති සහස්සානි අජ්ඣොගාළ්හා මහණ්ණවෙ, අච්චුගතො තාවදෙව සිනෙරුපබ්බතුත්තමො
තතො උපඩ්ඪුපඩ්ඪෙන, පමාණෙන යථාක්කමං; අජ්ඣොගාළ්හුග්ගතා දිබ්බා, නානාරතනචිත්තිතා.
නතො උපඩ්ඪුපඩ්ඪෙන පමාණෙන යථාක්කමං අජ්ඣොගාළ්හුග්ගතා දිබ්බා නානාරතනචිත්තිතා
යුගන්ධරො ඊසධරො, කරවීකො සුදස්සනො; නෙමින්ධරො විනතකො, අස්සකණ්ණො ගිරි බ්රහා.
යුගන්ධරො ඊසධරො කරවීකො සුදස්සනො නෙමින්ධරො විනතකො අස්සණ්ණො ගිරිබ්රහා
එතෙ සත්ත මහාසෙලා, සිනෙරුස්ස සමන්තතො; මහාරාජානමාවාසා දෙවයක්ඛනිසෙවිතා.
එතො සත්ත මහාසෙලා සිනෙරුස්ස සමන්තතො මහාරාජාන මාවාසා දෙවයක්ඛ නිසෙවිතා
යොජනානං සතානුච්චො, හිමවා පඤ්ච පබ්බතො; යොජනානං සහස්සානි, තීණි ආයතවිත්ථතො; චතුරාසීතිසහස්සෙහි, කූටෙහි පටිමණ්ඩිතො.
යොජනානං සතානුච්චො හිමවා පඤ්ච පබ්බතො යොජනානං සහස්සාති තීනි ආයතවිත්ථතො චතුරාසීති සහස්සෙහි කුටෙහි පතිමණ්ඩිතො
තිපඤ්චයොජනක්ඛන්ධපරික්ඛෙපා නගව්හයා; පඤ්ඤාසයොජනක්ඛන්ධසාඛායාමා සමන්තතො.
තිපඤ්චයොජනක්ඛන්ධ පරික්ඛෙපා නගවහ්යා පඤ්ඤාස යොජනක්ඛන්ධ සාඛායාමා සමන්තතො
සතයොජනවිත්ථිණ්ණා , තාවදෙව ච උග්ගතා; ජම්බූ යස්සානුභාවෙන, ජම්බුදීපො පකාසිතො. (පාරා· අට්ඨ· 1.1; විසුද්ධි· 1.137);
සතයොජන විත්ථිණ්ණො තාවදෙව ච උග්ගතො ජම්බු යස්සානුභාවෙන ජම්බුදීපො පකාසිතො
මෙසේ පිහිටි මෙහි ද යොදුන් වශයෙන් :-
උතුම් වූ මහාමේරු පර්වතය මහා සාගරයෙහි (යොදුන්) අසූහාර දහසක් ගිලුණේය. එපමණම උඩට නැඟුණෝය.
පිළිවෙළින් ප්‍රමාණයෙන් එයින් අඩින් අඩ වූ දිව්‍යමය විවිධ රත්තයන්ගෙන් විසිතුරු වූ යුගන්ධර ඊසධර කරවීක සුදර්ශන නේමින්ධර විනතක සහ අශ්ව කර්ණ යන මහා පර්වතයෝ (සමුද්‍රයෙහි) ගිලුණාහු මෙන්ම උඩට නැගුණාහු ද වෙත්. (සිවුවරම්) මහරජවරුන්ගේ ආවාස වූ දෙවියන් හා යක්ෂයින් විසින් ඇසුරු කරනු ලබන මේ සප්ත මහා පර්වතයෝ මහමෙර හාත්පස වූහ.
හිමාලය පර්වතය යොදුන් පන්සියක් උසය. දිගින් හා පළලින් යොදුන් තුන්දහසකි. අසූහාර දහසක් කුටයන්ගෙන් ප්‍රතිමණ්ඩිතය. යොදුන් පසළොසක් කඳින් යුත් පර්වතයෝ පරික්ෂිප්ත වූහ.
පනස් යොදුන් කඳින් හා ශාඛාවලින් යුත් හාත්පසින් (යොදුන් සියයක් පැතිරුණු එපමණම උස් වූ දඹගසකි. එහි ආනුභාවයෙන් දඹදිව ප්‍රකාශයට පත්විය.)
යඤ්චෙතං ජම්බුයා පමාණං තදෙව අසුරානං චිත්තපාටලියා, ගරුළානං සිම්බලිරුක්ඛස්ස, අපරගොයානෙ කදම්බරුක්ඛස්ස, උත්තරකුරුම්හි කප්පරුක්ඛස්ස, පුබ්බවිදෙහෙ සිරීසස්ස, තාවතිංසෙසු පාරිච්ඡත්තකස්සාති. තෙනාහු පොරාණා –
අසුරයන්ගේ සිත්පළොල් රුක ද ගුරුළන්ගේ හිඹුල රුකක් අපරගෝයානයේ කොළොම් රුකක් උතුරුකරු දිවයිනෙහි කප්රුකත් පූර්ව විදේහයෙහි මහරි රුකත් තව්තිසා දෙව්ලොව පරසතු රුකත් දඹරුක පමණමය. එහෙයින් පෝරාණයෝ මෙසේ කීහ :-
පාටලී සිම්බලී ජම්බූ, දෙවානං පාරිච්ඡත්තකො; කදම්බො කප්පරුක්ඛො ච, සිරීසෙන භවති සත්තමන්ති.
පාටලි සිම්බලී ජම්බූ දෙවානං පාරිච්ඡත්තකො කදම්බො කප්පරුක්ඛො ච සිරීසෙන භවති සත්තමං
ද්වෙඅසීතිසහස්සානි, අජ්ඣොගාළ්හො මහණ්ණවෙ; උඅච්චුග්ගතො තාවදෙව, චක්කවාළසිලුච්චයො; පරික්ඛිපිත්වා තං සබ්බං, ලොකධාතුමයං ඨිතොති.
දෙව අසීතිසහස්සානි අජ්ඣො ගාළ්හො මහණ්ණවෙ අච්චුග්ගතො තාවදෙව චක්කවාළ සිලුච්චයො පරික්ඛිපිත්වා තං සබ්බං ලොකධාතුමයං ඨිතො ති
පළොල් රුක හිඹුල් රුක දඹරුක දෙවියන්ගේ පරසතු රුක කොළොම් රුක කප්රුක ද මහරි රුකෙන් සත්වැන්න ද වේ.
චක්‍රවාට පර්වතය (යොදුන්) අසූ දෙදහසක් මහා සාගරයෙහි ගිලුණේය. එපමණම උඩට නැගිණ. මේ සියල්ල වටකොට මේ ලෝකධාතුව සිටියේය යනුයි.
උපාදින්නකසන්තානෙපි මච්ඡකච්ඡපදෙවදානවාදිසරීරවසෙන මහන්තානෙව පාතුභූතානි. වුත්තඤ්හෙතං භගවතා – “සන්ති, භික්ඛවෙ, මහාසමුද්දෙ යොජනසතිකාපි අත්තභාවාති”ආදි.
උපාදින්නක සන්තානයෙහි ද මස් කැසුබු දිව්‍ය අසුර වශයෙන් මහත්වම පහළ වූවෝ වෙති. මෙය ද කියන ලද්දේය. ‘සන්තිහි භික්ඛවෙ’ මහා සමුද්දෙ යොජන සතිකා’පි අත්තභාවා’ යන ආදියයි.
‘මහාභූතසාමඤ්ඤතො’ති එතානි හි යථා මායාකාරො අමණිංයෙව උදකං මණිං කත්වා දස්සෙති, අසුවණ්ණංයෙව ලෙඩ්ඩුං සුවණ්ණං කත්වා දස්සෙති, යථා ච සයං නෙව යක්ඛො න පක්ඛී සමානො යක්ඛභාවම්පි පක්ඛිභාවම්පි දස්සෙති, එවමෙව සයං අනීලානෙව හුත්වා නීලං උපාදාරූපං දස්සෙන්ති, අපීතානි… අලොහිතානි… අනොදාතානෙව හුත්වා ඔදාතං උපාදාරූපං දස්සෙන්තීති මායාකාරමහාභූතසාමඤ්ඤතො මහාභූතානි. යථා ච යක්ඛාදීනි මහාභූතානි යං ගණ්හන්ති නෙව තෙසං තස්ස අන්තො න බහිඨානං උපලබ්භති, න ච තං නිස්සාය න තිට්ඨන්ති, එවමෙව එතානිපි නෙව අඤ්ඤමඤ්ඤස්ස අන්තො න බහි ඨිතානි හුත්වා උපලබ්භන්ති, න ච අඤ්ඤමඤ්ඤං නිස්සාය න තිට්ඨන්තීති. අචින්තෙය්යට්ඨානතාය යක්ඛාදිමහාභූතසාමඤ්ඤතොපි මහාභූතානි.
මහාභූතයන්ට සමාන හෙයින් මෙසේ මොව්හු යම්සේ මායාකාරයෙක් මැණික් නොවන්නක් උදක මාණික්‍යයන් කොට දක්වයිද, රන් නොවන්නා වූ ම මැටිකැටයක් රන්කොට දක්වයිද, යම් සේ තමා යකෙකු පක්ෂියෙකු නොවී යක්ෂභාවය ද පක්ෂිභාවය ද දක්වයි ද, මෙසේම තමා නිල් නොවීම නීල උපාදා රුපයක් ලෙස දක්වති. කහවන් නොව ලෙහෙවන් නොව සුදුවන් නොවම සුදුවන් උපාදා රූපයක් දක්වත් යැයි මායාකාර මහාභූතයන්ට සමාන හෙයින් මහාභූතයෝය. යම්සේ යක්ෂාදී මහාභූතයෝ යමක් ගනිත් ද ඔවුන් ඔහුගේ ඇතුළත හෝ පිටත තැනක දක්නට නො ලැබේ. ඔහු ඇසුරු කොට නො සිටින්නෝ ද නොවෙත්. එපරිද්දෙන් මේ මහාභූතයෝ ද ඔවුනොවුන්ගේ ඇතුළත හෝ පිටත සිට දක්නට නො ලැබෙත්. ඔවුනොවුන් ඇසුරුකොට (නො) සිටින්නෝ ද නොවෙත්. නො සිතිය හැකි තැන් ඇති හෙයින් ද යක්ෂාදී මහාභූතයන්ට සමාන හෙයින් මහාභූතයෝ ය.
යථා ච යක්ඛිනීසඞ්ඛාතානි මහාභූතානි මනාපෙහි වණ්ණසණ්ඨානවික්ඛෙපෙහි අත්තනො භයානකභාවං පටිච්ඡාදෙත්වා සත්තෙ වඤ්චෙන්ති, එවමෙව එතානිපි ඉත්ථිපුරිසසරීරාදීසු මනාපෙන ඡවිවණ්ණෙන, මනාපෙන අඞ්ගපච්චඞ්ගසණ්ඨානෙන, මනාපෙන ච හත්ථපාදඞ්ගුලිභමුකවික්ඛෙපෙන අත්තනො කක්ඛළතාදිභෙදං සරසලක්ඛණං පටිච්ඡාදෙත්වා බාලජනං වඤ්චෙන්ති, අත්තනො සභාවං දට්ඨුං න දෙන්ති. ඉති වඤ්චකට්ඨෙන යක්ඛිනීමහාභූතසාමඤ්ඤතොපි මහාභූතානි.
යම්සේ යක්ෂිනී සංඛ්‍යාත මහාභූතයෝ මනාප වූ වර්ණ සටහන් විකෘතිවලින් තමාගේ භයානක භාවය වසාගෙන සත්ත්වයන් රවටත්. මෙපරිද්දෙන් මොව්හු ද ස්ත්‍රී පුරුෂ ශරීරාදීන්හි මනාප ඡවි වර්ණයෙන් මනාප අංගප්‍රත්‍යංග සටහනින් මනාප වූ අත්පා ඇඟිලි බැම වික්ෂේපයෙන් තමාගේ කර්කශතාව ආදී භේදයෙන් යුත් ස්වරස ලක්ෂණ වසාගෙන බාලජනයා රවටත්. තමාගේ ස්වභාවය දකින්නට නො දෙති. මෙසේ වංචක බැවින් යක්ෂිනී මහාභූතයන්ට සමාන බැවින් ද මහාභූතයෝ ය.
‘මහාපරිහාරතො’ති මහන්තෙහි පච්චයෙහි පරිහරිතබ්බතො. එතානි හි දිවසෙ දිවසෙ උපනෙතබ්බත්තා මහන්තෙහි ඝාසච්ඡාදනාදීහි භූතානි පවත්තානීති මහාභූතානි. මහාපරිහාරානි වා භූතානීති මහාභූතානි.
මහා පරිහාරතො යනු මහත් ප්‍රත්‍යයන් පරිහරණය කළයුතු හෙයින්, මොව්හු වනාහි දිනපතා එළඹවිය යුතු හෙයින් මහත් වූ කෑම් ඇඳීම් ආදියෙන් භූතයෝ පවත්වත් යනු ද මහාභූතයෝ ය. මහා පරිහාර ඇති භූතයෝ යනු ද මහාභූතයෝ ය.
‘මහාවිකාරතො’ති භූතානං මහාවිකාරතො. එතානි හි උපාදිණ්ණානිපි අනුපාදිණ්ණානිපි මහාවිකාරානි හොන්ති. තත්ථ අනුපාදිණ්ණානං කප්පවුට්ඨානෙ විකාරමහත්තං පාකටං හොති, උපාදිණ්ණානං ධාතුක්ඛොභකාලෙ. තථා හි –
මහා විකාරතො යනු (භූතයන්ගේ මහාවිකාර හෙයින්) උපාදින්න වූ ද අනුපාදින්න වූ ද මොව්හු මහාවිකාර ඇත්තෝ වෙති. එහි අනුපාදින්නයන්ගේ විකාර මහත් බව කප් නැගීමේ දී ප්‍රකට වෙයි. උපාදින්නයන්ගේ ධාතුක්ෂෝභන කාලයේය. ඒ එසේමය.
භූමිතො වුට්ඨිතා යාව, බ්රහ්මලොකා විධාවති; අච්චි අච්චිමතො ලොකෙ, දය්හමානම්හි තෙජසා.
භූමිතො වුට්ඨිතා යාව බ්රහ්මලොකා විධාවති අච්චි අච්චිමතො ලොකෙ දය්හමානම්හි තෙජසා
කොටිසතසහස්සෙකං, චක්කවාළං විලීයති; කුපිතෙන යදා ලොකො, සලිලෙන විනස්සති.
කොටිසතසහස්සෙකං චක්කවා ළං විලීයති කුපිතෙන යදා ලොකො සලිලෙන විනස්සති
කොටිසතසහස්සෙකං , චක්කවාළං විකීරති; වායොධාතුප්පකොපෙන, යදා ලොකො විනස්සති.
කොටිසතසහස්සෙකං චක්කවාළං විකීරති වායො ධාතුප්පකොපෙන යදා ලොකො විනස්සති
පත්ථද්ධො භවති කායො, දට්ඨො කට්ඨමුඛෙන වා; පථවීධාතුප්පකොපෙන, හොති කට්ඨමුඛෙව සො.
පත්ථද්ධො භවති කායො දට්ඨො කට්ඨමුඛෙන වා පඨවි ධාතුප්පකොපෙන හොති කට්ඨමුඛෙ ව සො
පූතියො භවති කායො, දට්ඨො පූතිමුඛෙන වා; ආපොධාතුප්පකොපෙන, හොති පූතිමුඛෙව සො.
පූතියො භවති කායො දට්ඨො පූතිමුඛෙන වා ආපො ධාතුප්පකොපෙන හොති පුතිමුඛෙව සො
සන්තත්තො භවති කායො, දට්ඨො අග්ගිමුඛෙන වා; තෙජොධාතුප්පකොපෙන, හොති අග්ගිමුඛෙව සො.
සත්තත්තො භවතිකායො දට්ඨො අග්ගිමුඛෙන වා තෙජොධාතුප්පකොපෙන හොති අග්ගිමුඛෙ ව සො
සඤ්ඡින්නො භවති කායො, දට්ඨො සත්ථමුඛෙන වා; වායොධාතුප්පකොපෙන, හොති සත්ථමුඛෙව සො. (සං· නි· අට්ඨ· 3.4.238);
සඤ්ජින්නො භවතිකායො දට්ඨො සත්ථමුඛෙන වා වායො ධාතුප්පකොපෙන හොති සත්ථමුඛෙව සො
ගින්නෙන් ලොව දැවෙන කල්හි පොළොවෙන් නැගුණු ගින්නෙහි ගිනිදැල් බ්‍රහ්මලෝකය තෙක් දිවෙයි.
යම්කලෙක කිපුණු ජලයෙන් ලෝකය විනාශ වේ ද, එකල්හි කෙළ ලක්ෂයක් සක්වළ එක් සක්වළක් විනාශ වෙයි.
වායෝ ධාතුවෙන් ලොව විනාශවන කල්හි කෙළ ලක්ෂයක් සක්වළ එක් සක්වළක් විසිරෙයි.
පෘථුවි ධාතුව ප්‍රකෝප වීමෙන් දඬු මුවකින් සපාගත් කලෙක මෙන් කය තදවෙයි. එය කාෂ්ටමුඛයෙහි මෙන් වෙයි.
ආපෝධාතුව ප්රකෝපවීමෙන් කය කුණු මුවකින් සපාගත් කලෙක මෙන් වෙයි. එය කුණු මුවෙහි වූවාක් මෙන් වෙයි.
තේජෝ ධාතු ප්රකෝපයෙන් කය ගිනිමුවකින් සපාගත් කලෙක මෙන් අතිශයින් තැවේ. එය ගිනිමසෙක මෙන් වෙයි.
වායෝධාතු ප්රකෝපයෙන් කය අවිමුවකින් ගත්තාක් මෙන් සිඳුණේ වෙයි. කය අවිමුවක වූවක් මෙන් වෙයි.
ඉති මහාවිකාරානි භූතානීති මහාභූතානි.
මෙසේ මහාවිකාර ඇතිභූතයෝ යනු මහාභූතයෝ ය.
‘මහන්තභූතත්තා චා’ති එතානි හි මහන්තානි මහතා වායාමෙන පරිග්ගහෙතබ්බත්තා, භූතානි විජ්ජමානත්තාති, මහන්තභූතත්තා ච මහාභූතානි. එවං මහන්තපාතුභාවාදීහි කාරණෙහි මහාභූතානි.
මොව්හු මහත් භූතයන් හෙයින් ද මහන්තයෝ ය. මහත් උත්සාහයෙන් පරිහරණය කළයුතු හෙයින් ද මහත්ව විද්‍යාමාන හෙයින් ද (ඒ) භූතයෝ මහාභූතයෝය. මෙසේ මහත්ව පහළවීම් ආදී කාරණයන්ගෙන් ද මහාභූතයෝ ය.
චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපන්ති උපයොගත්ථෙ සාමිවචනං. චත්තාරි මහාභූතානි උපාදාය, නිස්සාය, අමුඤ්චිත්වා පවත්තරූපන්ති අත්ථො. ඉදං වුච්චති සබ්බං රූපන්ති ඉදං චත්තාරි මහාභූතානි, පදපටිපාටියා නිද්දිට්ඨානි තෙවීසති උපාදාරූපානීති, සත්තවීසතිප්පභෙදං සබ්බං රූපං නාම.
චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං යනු උපයෝගාර්ථයෙහි සාමි වචනයි. සතර මහා භූතයෝ උපාදාය ඇසුරුකොට නොමිදී පවත්නා රූප යන අර්ථයි. ඉදං වුච්චති සබ්බං රූපං යනු සතරමහාභූත රූප ද පිළිවෙළින් දක්වන ලද තෙවිසි උපාදා ද යන සත්විසි ප්‍රභේදයකින් යුත් වූ රූප සබ්බං රූපං නමි.
එකවිධරූපසඞ්ගහො
එකවිධරූපසඞ්ගහො
ඉදානි තං විත්ථාරතො දස්සෙතුං එකවිධාදීහි එකාදසහි සඞ්ගහෙහි මාතිකං ඨපෙන්තො සබ්බං රූපං න හෙතූතිආදිමාහ.
දැන් එය විස්තර වශයෙන් දක්වන්නට ඒකවිධ ආදී වූ එකොළොස් සංග්රහයන්ගෙන් මාතෘකාව තබමින් සබ්බං රූපං න හෙතු ආදිය කීය.
තත්ථ ‘සබ්බං රූප’න්ති ඉදං පදං ‘සබ්බං රූපං න හෙතු’ ‘සබ්බං රූපං අහෙතුක’න්ති එවං සබ්බපදෙහි සද්ධිං යොජෙතබ්බං. සබ්බානෙව චෙතානි ‘න හෙතූ’තිආදීනි තෙචත්තාලීසපදානි උද්දිට්ඨානි. තෙසු පටිපාටියා චත්තාලීසපදානි මාතිකතො ගහෙත්වා ඨපිතානි, අවසානෙ තීණි මාතිකාමුත්තකානීති. එවං තාව පඨමෙ සඞ්ගහෙ පාළිවවත්ථානමෙව වෙදිතබ්බං. තථා දුතියසඞ්ගහාදීසු.
එහි සබ්බං රූපං යන මේ පදය සබ්බං රූපං න හෙතු සබ්බං රූපං අහෙතුකං යැයි මෙසේ සියලු පදයන් සමග යෙදිය යුතුයි. න හෙතු ආදී මේ සියලුම තෙතාළිස් පද දක්වන ලදී. පිළිවෙළින් ඔවුනතුරෙන් පද සතළිසක් මාතෘකා වශයෙන් ගෙන තබන ලදී. අවසාන තුන මාතෘකා මුක්තය. මෙසේ වනාහි ප්‍රථම සංග්රහයෙහි පාළි ව්යවස්ථාපනයම දතයුතුයි. ද්විතීය සංග්‍රහ ආදීන්හි ද එසේය.
දුවිධරූපසඞ්ගහො
දුවිධරූපසඞ්ගහො
තත්රායං නයො – දුතියසඞ්ගහෙ තාව සතං චත්තාරො ච දුකා. තත්ථ අත්ථි රූපං උපාදා, අත්ථි රූපං නොඋපාදාතිආදයො ආදිම්හි චුද්දස දුකා අඤ්ඤමඤ්ඤසම්බන්ධාභාවතො පකිණ්ණකදුකා නාම. තතො අත්ථි රූපං චක්ඛුසම්ඵස්සස්ස වත්ථූතිආදයො පඤ්චවීසති දුකා වත්ථුඅවත්ථුඋපපරික්ඛණවසෙන පවත්තත්තා වත්ථුදුකා නාම. තතො අත්ථි රූපං චක්ඛුසම්ඵස්සස්ස ආරම්මණන්තිආදයො පඤ්චවීසති ආරම්මණානාරම්මණඋපපරික්ඛණවසෙන පවත්තත්තා ආරම්මණදුකා නාම. තතො අත්ථි රූපං චක්ඛායතනන්ති ආදයො දස ආයතනානායතනඋපපරික්ඛණවසෙන පවත්තත්තා ආයතනදුකා නාම. තතො අත්ථි රූපං චක්ඛුධාතූතිආදයො දස ධාතුඅධාතුඋපපරික්ඛණවසෙන පවත්තත්තා ධාතුදුකා නාම. තතො අත්ථි රූපං චක්ඛුන්ද්රියන්තිආදයො අට්ඨ ඉන්ද්රියානින්ද්රියඋපපරික්ඛණවසෙන පවත්තත්තා ඉන්ද්රියදුකා නාම. තතො අත්ථි රූපං කායවිඤ්ඤත්තීතිආදයො ද්වාදස සුඛුමාසුඛුමරූපඋපපරික්ඛණවසෙන පවත්තත්තා සුඛුමරූපදුකා නාමාති. ඉදං දුතියසඞ්ගහෙ පාළිවවත්ථානං.
මේ එහි නයයි. ද්විතීය සංග්රහයෙහි වනාහි දුක එකසිය හතරකි. එහි අත්ථි රූපං උපාදා අත්‍ථිරූපං නො පාදා යන ආදී මුලින් වූ තුදුස් දුක අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් තොර හෙයින් ප්රකීර්ණක දුක නමි. ඉක්බිති අත්ථි රූපං චක්ඛුසම්ඵස්ස වත්ථු යන ආදී පස්විසි දුක වස්තු අවස්තු විමසා බැලීම් වශයෙන් පැවති හෙයින් වස්තු දුක නමි. ඉක්බිති අත්ථි රූපං චක්ඛුසම්ඵස්සස්ස ආරම්මණං යන ආදී පස්විස්ස ආරම්මණ අනාරම්මණ විමසා බැලීම් වශයෙන් පවත්නා හෙයින් ආරම්මණ දුක නමි. ඉක්බිති අත්‍ථිරූපං චක්ඛායතනං යනාදී දහය ආයතන ආයතන විමසා බැලීම් වශයෙන් පවත්නා හෙයින් ආයතන දුක නමි. ඉක්බිති අත්‍ථිරූපං චක්ඛුධාතු යන ආදී දහය ධාතු අධාතු විමසා බැලීම් වශයෙන් පවත්නා හෙයින් ධාතු දුක නමි. ඉක්බිති අත්ථි රූපං චක්ඛුන්ද්රියං යන ආදී අට ඉන්ද්රිය අනින්ද්රියයන් විමසා බැලීම් වශයෙන් පවත්නා හෙයින් ඉන්ද්රිය දුක නමි. ඉක්බිති අත්ථි රූපං කාය විඤ්ඤත්ති යන ආදි දොළොස (සුඛුම) අසුඛුම රූප විමසා බැලීම් වශයෙන් පවත්නා හෙයින් සුඛුම රූප දුක නමැයි යන මෙය ද්විතීය සංග්රහයෙහි පාළි ව්යවස්ථාපනයයි.
තිවිධරූපසඞ්ගහො
තිවිධරූපසඞ්ගහො
තතියසඞ්ගහෙ සතං තීණි ච තිකානි. තත්ථ දුතියසඞ්ගහෙ වුත්තෙසු චුද්දසසු පකිණ්ණකදුකෙසු එකං අජ්ඣත්තිකදුකං සෙසෙහි තෙරසහි යොජෙත්වා යං තං රූපං අජ්ඣත්තිකං තං උපාදා; යං තං රූපං බාහිරං තං අත්ථි උපාදා , අත්ථි නොඋපාදාතිආදිනා නයෙන ඨපිතා තෙරස පකිණ්ණකතිකා නාම. තතො තමෙව දුකං සෙසදුකෙහි සද්ධිං යොජෙත්වා යං තං රූපං බාහිරං තං චක්ඛුසම්ඵස්සස්ස න වත්ථු, යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛුසම්ඵස්සස්ස වත්ථු, අත්ථි චක්ඛුසම්ඵස්සස්ස න වත්ථූතිආදිනා නයෙන සෙසතිකා ඨපිතා. තෙසං නාමඤ්ච ගණනා ච තෙසංයෙව වත්ථුදුකාදීනං වසෙන වෙදිතබ්බාති. ඉදං තතියසඞ්ගහෙ පාළිවවත්ථානං.
තෘතීය සංග්රහයෙහි තික එකසිය තුනකි. එහි ද්විතීය සංග්රහයෙහි කියන ලද තුදුස් ප්රකීර්ණක දුකයන් අතුරෙන් එකක් අජ්ඣත්තික දුකයයි. සෙසු තෙළෙස සමග යොදා යං තං රූපං අජ්ඣත්තිකං තං උපාදා, යං තං රූපං බාහිරං තං අත්ථි උපාදා අත්ථි නො පාදා යනාදී නයින් තබන ලද තෙළෙස ප්රකීර්ණක තික නමි. ඉක්බිති ඒ දුකයම සෙසු දුකයන් සමග යොදා යං තං රූපං බාහිරං තං චක්ඛු සම්ඵස්සස්ස න වත්ථු, යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛු සම්ඵස්සස්ස වත්ථු, අත්ථි චක්ඛු සම්ඵස්සස්ස න වත්ථු යන ආදී නයින් සෙසු තිකය තබන ලද ද ඒ පිළිබඳ නම් ද ගණන ද ඒ වස්තු දුකාදීන්ගේ වශයෙන්ම දතයුතුයි යනු තෘතීය සංග්‍රහ වාරයෙහි පාළි ව්යවස්ථානයයි.
චතුබ්බිධාදිරූපසඞ්ගහා
චතුබ්බිධාදිරූපසඞ්ගහා
චතුත්ථසඞ්ගහෙ ද්වාවීසති චතුක්කා. තත්ථ සබ්බපච්ඡිමො අත්ථි රූපං උපාදා අත්ථි රූපං නොඋපාදාති එවං ඉධ වුත්තං මාතිකං අනාමසිත්වා ඨපිතො . ඉතරෙ පන ආමසිත්වා ඨපිතා. කථං? යෙ තාව ඉධ දුවිධසඞ්ගහෙ පකිණ්ණකෙසු ආදිතො තයො දුකා, තෙසු එකෙකං ගහෙත්වා යං තං රූපං උපාදා තං අත්ථි උපාදිණ්ණං, අත්ථි අනුපාදිණ්ණන්තිආදිනා නයෙන පඤ්චහි පඤ්චහි දුකෙහි සද්ධිං යොජෙත්වා දුකත්තයමූලකා ආදිම්හි පඤ්චදස චතුක්කා ඨපිතා.
චතුෂ්ක සංග්රහයෙහි චතුෂ්ක දෙවිස්සකි. එහි සර්ව පශ්චිම චතුෂ්කය අත්ථි රූපං උපාදා අත්‍ථිරූපං නො පාදා යැයි මෙසේ මෙහි කියන ලද මාතෘකාව ස්පර්ශ නො කොට තබන ලදී. අන් ඒවා ස්පර්ශකොට තබන ලදී. කෙසේ ද යත්, (මෙහි) දෙවදෑරුම් සංග්රහයෙහි ප්රකීර්ණකයන්හි ආදියෙහි යම් දුක තුනක් වීද, ඔවුනතුරෙන් එක එක ගෙන යං තං රූපං උපාදා තං අත්ථි උපාදින්නං අත්ථි අනුපාදින්නං යන ආදී නයින් දුක පහක් පහක් සමග යොදා ද්විකත්රය මූලක වූ චතුෂ්ක පසළොස ආදියෙහි තබන ලදී.
ඉදානි යො යං චතුක්කො සනිදස්සනදුකො සො යස්මා යං තං රූපං සනිදස්සනං තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝන්තිආදිනා නයෙන පරෙහි වා, අත්ථි උපාදා අත්ථි නොඋපාදාතිආදිනා නයෙන පුරිමෙහි වා, දුකෙහි සද්ධිං අත්ථාභාවතො කමාභාවතො විසෙසාභාවතො ච යොගං න ගච්ඡති. සනිදස්සනඤ්හි ‘අප්පටිඝං’ නාම, ‘නො උපාදා’ වා නත්ථීති අත්ථාභාවතො යොගං න ගච්ඡති. ‘උපාදිණ්ණං පන අනුපාදිණ්ණඤ්ච අත්ථි තං කමාභාවා යොගං න ගච්ඡති. සබ්බදුකා හි පච්ඡිමපච්ඡිමෙහෙව සද්ධිං යොජිතා. අයමෙත්ථ කමො. පුරිමෙහි පන සද්ධිං කමාභාවොති. ‘සති අත්ථෙ කමාභාවො අකාරණං. තස්මා උපාදිණ්ණපදාදීහි සද්ධිං යොජෙතබ්බො’ති චෙ – න, විසෙසාභාවා; උපාදිණ්ණපදාදීනි හි ඉමිනා සද්ධිං යොජිතානි. තත්ථ ‘උපාදිණ්ණං වා සනිදස්සනං, සනිදස්සනං වා උපාදිණ්ණ’න්ති වුත්තෙ විසෙසො නත්ථීති විසෙසාභාවාපි යොගං න ගච්ඡති. තස්මා තං චතුත්ථදුකං අනාමසිත්වා, තතො පරෙහි අත්ථි රූපං සප්පටිඝන්තිආදීහි තීහි දුකෙහි සද්ධිං ‘යං තං රූපං සප්පටිඝං තං අත්ථි ඉන්ද්රියං, අත්ථි න ඉන්ද්රියං, යං තං රූපං අප්පටිඝං තං අත්ථි ඉන්ද්රියං, අත්ථි න ඉන්ද්රිය’න්තිආදිනා නයෙන යුජ්ජමානෙ ද්වෙ ද්වෙ දුකෙ යොජෙත්වා ඡ චතුක්කා ඨපිතා.
දැන් සතරවන සනිදර්ශන ද්වික යයි. එය යම්හෙයකින් යං තං රූපං සනිදස්සනං තං අත්ථි සප්පටිඝං අත්ථි අප්පටිඝං යනාදී නයින් ප්‍රථම ද්විකයන් සමග හෝ අසත්‍යභාවයෙන් (ඇත යන්නක් නැති බැවිනි) ක්රමාභාවයෙන් විශේෂා භාවයෙන් ද යෝගයකට නො පැමිණේ. සනිදර්ශනය වනාහි අප්‍රතිඝ නම් නොපාදා නම් හෝ වෙයි නැත යයි අසත්‍යභාවයෙන් යෝගයකට නොපැමිණේ. සියලුම ද්විකයෝ වනාහි පශ්චිම පශ්චිමයන් සමගම යොදන ලදහ. මේ මෙහි ක්‍රමයයි. පළමු ද්විකයන් සමග ක්රමාභාවය වේ යනුයි. ඇත යන අර්ථයෙහි ක්රමාභාවය කාරණයක් නොවේ. එහෙයින් (උපාදින්න ආදී පදයන් සමග යෙදිය යුතුයි. එය සමග විශේෂයක් නොමැති හෙයින්) උපාදින්න ආදී පද වනාහි මේ සමග යොදන ලදී. එහි උපාදින්න යනුත් සනිදර්ශනය සනිදර්ශන යනුත් උපාදින්න යැයි කී කල්හි විශේෂයක් නැතැයි විශේෂාභාවයෙන් ද යෝගයට (නො) පැමිණේ. එහෙයින් ඒ චතුෂ්ක ද්විකය. ආමර්ශනය නොකොට ඉන් පර ද්විකයන් සමග අත්ථි රූපං සප්පටිඝං යන ආදී ද්විතත්රය සමග යං තං රූපං සප්පටිඝං තං අත්ථි ඉන්ද්රියං (අත්ථි න ඉන්ද්රියං යං තං රූපං අප්පටිඝං තම්පත්ථි ඉන්ද්රියං) අත්ථි න ඉන්ද්රියං යන ආදී නයින් යොදන කල්හි ද්වික දෙක දෙක බැගින් යොදා චතුෂ්ක සයක් තබන ලදී.
යථා චායං චතුත්ථදුකො යොගං න ගච්ඡති, තථා තෙන සද්ධිං ආදිදුකොපි. කස්මා? අනුපාදාරූපස්ස එකන්තෙන අනිදස්සනත්තා. සො හි යං තං රූපං නොඋපාදා තං අත්ථි සනිදස්සනං, අත්ථි අනිදස්සනන්ති – එවං චතුත්ථෙන දුකෙන සද්ධිං යොජියමානො යොගං න ගච්ඡති. තස්මා තං අතික්කමිත්වා පඤ්චමෙන සහ යොජිතො. එවං යො යෙන සද්ධිං යොගං ගච්ඡති, යො ච න ගච්ඡති සො වෙදිතබ්බොති. ඉදං චතුත්ථසඞ්ගහෙ පාළිවවත්ථානං. ඉතො පරෙ පන පඤ්චවිධසඞ්ගහාදයො සත්ත සඞ්ගහා අසම්මිස්සා එව. එවං සකලායපි මාතිකාය පාළිවවත්ථානං වෙදිතබ්බං.
යම්සේ මේ චතුෂ්ක ද්විකය යෝගයකට නොයයි ද එසේම ආදි ද්විකය ද එය සමග නොයෙදේ. කවරහෙයින්ද යත්, අනුපාදින්න රූපය ඒකාන්තයෙන් අනිදර්‍ශන හෙයින්, එය වනාහි යං තං රූපං නොපාදා තං අත්ථි සනිදස්සනං (අත්ති අනිදස්සනං) යැයි මෙසේ චතුර්ථිද්විකය සමග යොදනු ලබනුයේ යෝගයට නොපැමිණේ. එහෙයින් එය ඉක්මවා පංචමය සමග යොදන ලදී. මෙසේ යමක් යමක සමග යෝගයට පැමිණේ ද යමක් නො පැමිණේ ද එය දතයුතුයි යනුයි. මේ සතරවන සංග්රහයෙහි පාළි ව්යවස්ථානයයි. මෙයින් අන්‍ය වූ පංචවිධ සංග්‍රහ ආදී වූ සංග්‍රහ සත අමිශ්රමය. මෙසේ මෙසේ සියලුම මාතෘකාවන්ගේ පාළි ව්‍යවස්ථානය දතයුතුයි.