යෙදුමෙන් කියවන්න

කිරියාබ්‍යාකතවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

කිරියාබ්යාකතවණ්ණනා

මනොධාතුචිත‍්තං

මනොධාතුචිත්තං

ඉදානි කිරියාබ්‍යාකතං භාජෙත්‍වා දස‍්සෙතුං පුන කතමෙ ධම‍්මා අබ්‍යාකතාතිආදි ආරද‍්ධං. තත්‍ථ කිරියාති කරණමත‍්තං. සබ‍්බෙසුයෙව හි කිරියචිත‍්තෙසු යං ජවනභාවං අප‍්පත‍්තං තං වාතපුප‍්ඵං විය. යං ජවනභාවප‍්පත‍්තං තං ඡින‍්නමූලකරුක‍්ඛපුප‍්ඵං විය අඵලං හොති, තංතං කිච‍්චසාධනවසෙන පවත‍්තත‍්තා පන කරණමත‍්තමෙව හොති. තස‍්මා කිරියාති වුත‍්තං. නෙවකුසලානාකුසලාතිආදීසු කුසලමූලසඞ‍්ඛාතස‍්ස කුසලහෙතුනො අභාවා ‘නෙවකුසලා’; අකුසලමූලසඞ‍්ඛාතස‍්ස අකුසලහෙතුනො අභාවා ‘නෙවඅකුසලා’; යොනිසොමනසිකාරඅයොනිසොමනසිකාරසඞ‍්ඛාතානම‍්පි කුසලාකුසලපච‍්චයානං අභාවා ‘නෙවකුසලානාකුසලා’. කුසලාකුසලසඞ‍්ඛාතස‍්ස ජනකහෙතුනො අභාවා නෙවකම‍්මවිපාකා.

දැන් කිරිය අව්‍යාකෘත බෙදා දක්වන්නට නැවත කතමෙ ධම්මා අබ්‍යාකතා යන ආදිය පටන්ගන්නා ලදී. එහි කිරියා යනු කරණ මාත්‍රයයි. සියලුම කිරියයන් අතුරෙන් යමක් වනාහි ජවන භාවයට නොපැමිණියේද, එය වාත පුෂ්පයක් මෙනි. යම් සිතක් ජවනභාවයට පැමිණියේ ද එය මුල්සිඳින ලද රුකක පුෂ්පයක් මෙන් ඵලරහිත වෙයි. ඒ ඒ කෘත්‍ය සාධන වශයෙන් පැවතියේ වනාහි කරණ මාත්‍රයම වෙයි. එහෙයින් කිරියා යැයි කියන ලදී. නෙවකුසලා (නාකුසලා) යන ආදීන්හි කුසලමූල නම් කුසල හේතුවගේ අභාවයෙන් නෙවකුසලා ය. අකුසල මූල නම් වූ අකුසල හේතුවගේ අභාවයෙන් නෙවඅකුසලා ය. යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර නම් වූ ද කුසලාකුසල හේතුන්ගේ අභාවයෙන් නෙවකුසලා නාකුසලා ය. කුසලාකුසල නම් වූ ජනක හේතුවගේ අභාවයෙන් නෙවකම්ම විපාකා ය.

ඉධාපි චිත‍්තස‍්සෙකග‍්ගතානිද‍්දෙසෙ පවත‍්තිට‍්ඨිතිමත‍්තමෙව ලබ‍්භති. ද‍්වෙ පඤ‍්චවිඤ‍්ඤාණානි, තිස‍්සො මනොධාතුයො, තිස‍්සො මනොවිඤ‍්ඤාණධාතුයො, විචිකිච‍්ඡාසහගතන‍්ති ඉමෙසු සත‍්තරසසු චිත‍්තෙසු දුබ‍්බලත‍්තා සණ‍්ඨිති අවට‍්ඨිතිආදීනි න ලබ‍්භන‍්ති. සෙසං සබ‍්බං විපාකමනොධාතුනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං, අඤ‍්ඤත්‍ර උප‍්පත‍්තිට‍්ඨානා. තඤ‍්හි චිත‍්තං පඤ‍්චවිඤ‍්ඤාණානන‍්තරං උප‍්පජ‍්ජති. ඉදං පන පඤ‍්චද‍්වාරෙ වළඤ‍්ජනකප‍්පවත‍්තිකාලෙ සබ‍්බෙසං පුරෙ උප‍්පජ‍්ජති. කථං? චක‍්ඛුද‍්වාරෙ තාව ඉට‍්ඨඉට‍්ඨමජ‍්ඣත‍්තඅනිට‍්ඨඅනිට‍්ඨමජ‍්ඣත‍්තෙසු රූපාරම‍්මණෙසු යෙන කෙනචි පසාදෙ ඝට‍්ටිතෙ තං ආරම‍්මණං ගහෙත්‍වා ආවජ‍්ජනවසෙන පුරෙචාරිකං හුත්‍වා භවඞ‍්ගං ආවට‍්ටයමානං උප‍්පජ‍්ජති. සොතද‍්වාරාදීසුපි එසෙව නයොති.

මෙහිද චිත්තෙකාග්‍රතා නිර්දේශයෙහි ප්‍රවෘත්ති ස්ථිති මාත්‍රයම ලැබේ. පංචවිඥාන දෙකය. මනෝධාතු තුනය. මනෝවිඥානධාතු තුනය. විචිකිච්ඡා සහගතය යන මේ සතළොස් සිත් දුර්වල හෙයින් සණ්ඨිති අවට්ඨිති ආදිය නොලබයි. සෙසු සියල්ල විපාක මනෝධාතු නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි. උත්පත්ති ස්ථාන අන්තැනෙකය. ඒ සිත වනාහි පංච විඤ්ඤාණයට අනතුරුව උපදී. මෙය වනාහි පංච ද්වාරයෙහි වළඤ්ජන ප්‍රවෘත්ති කාලයෙහි සියල්ලට (පෙර) උපදී. කෙසේද? චක්‍ෂුර් ද්වාරයෙහි වනාහි ඉෂ්ට ඉෂ්ට මධ්‍යස්ථ අනිෂ්ට අනිෂ්ට මධ්‍යස්ථ රූපාරම්මණයන් අතුරෙන් යම්කිසිවක් ප්‍රසාදයෙහි ගැටුණු කල්හි ඒ අරමුණ ගෙන ආවර්ජන වශයෙන් පුරෝගාමිකව භවංගය වැටෙමින් උපදී. ශ්‍රෝත ද්වාරයෙහි ද මේ නයමය.

කිරියමනොධාතුචිත‍්තං නිට‍්ඨිතං.

කිරිය මනෝධාතු සිත නිමියේ ය.

කිරියමනොවිඤ‍්ඤාණධාතුචිත‍්තානි

කිරියමනොවිඤ්ඤාණධාතුචිත්තානි

මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති…පෙ… සොමනස‍්සසහගතාති, ඉදං චිත‍්තං අඤ‍්ඤෙසං අසාධාරණං. ඛීණාසවස‍්සෙව පාටිපුග‍්ගලිකං. ඡසු ද‍්වාරෙසු ලබ‍්භති. චක‍්ඛුද‍්වාරෙ හි පධානසාරුප‍්පං ඨානං දිස‍්වා ඛීණාසවො ඉමිනා චිත‍්තෙන සොමනස‍්සිතො හොති. සොතද‍්වාරෙ භණ‍්ඩභාජනීයට‍්ඨානං පත්‍වා මහාසද‍්දං කත්‍වා ලුද‍්ධලුද‍්ධෙසු ගණ‍්හන‍්තෙසු ‘එවරූපා නාම මෙ ලොලුප‍්පතණ‍්හා පහීනා’ති ඉමිනා චිත‍්තෙන සොමනස‍්සිතො හොති. ඝානද‍්වාරෙ ගන්‍ධෙහි වා පුප‍්ඵෙහි වා චෙතියං පූජෙන‍්තො ඉමිනා චිත‍්තෙන සොමනස‍්සිතො හොති. ජිව‍්හාද‍්වාරෙ රසසම‍්පන‍්නං පිණ‍්ඩපාතං ලද‍්ධා භාජෙත්‍වා පරිභුඤ‍්ජන‍්තො ‘සාරණීයධම‍්මො වත මෙ පූරිතො’ති ඉමිනා චිත‍්තෙන සොමනස‍්සිතො හොති. කායද‍්වාරෙ අභිසමාචාරිකවත‍්තං කරොන‍්තො ‘කායද‍්වාරෙ මෙ වත‍්තං පූරිත’න‍්ති ඉමිනා චිත‍්තෙන සොමනස‍්සිතො හොති. එවං තාව පඤ‍්චද‍්වාරෙ ලබ‍්භති.

මනො විඤ්ඤාණධාතු, උප්පන්නා හොති -පෙ- සොමනස්ස සහගතා යන මේ සිත අන්‍යයන්ට අසාධාරණය. රහතන් වහන්සේටම පෞද්ගලිකය. ෂට්ද්වාරයෙහි ලැබේ. චක්‍ෂුර් ද්වාරයෙහි වනාහි වීර්යය වැඩීමට සුදුසු ස්ථානයක් දැක ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ මේ සිතින් සොම්නස් වූවෝ වෙති. ශ්‍රෝතද්වාරයෙහි බඩු බෙදන තැනකට පැමිණ මහත් ශබ්දකොට ලෝභ ලෝභී අය ගනිද්දී මාගේ මෙවැනි ලොල්වීමේ තෘෂ්ණාව ප්‍රහීණයැයි මේ සිතින් සොම්නස් වූවෝ වෙති. ඝාණ ද්වාරයෙහි ගඳින් හෝ මලින් සෑයක් පුදා මේ සිතින් සොම්නස් වූවෝ වෙති. ජීව්හා ද්වාරයෙහි රස සම්පන්න පිණ්ඩපාතයක් ලැබ බෙදා පරිභෝග කරනුවෝ මා විසින් සිහිකටයුතු ධර්මයන් පුරන ලදැයි මේ සිතින් සොම්නස් වූවෝ වෙති. කායද්වාරයෙහි ආභිසමාචාරික (උසස් හැසිරීමට සම්බන්ධ) වතක් කරනසේක් මා විසින් කායද්වාරයෙහි වතක් පුරනලදැයි මේ සිතින් සොම්නස් වූවෝ වෙති. මෙසේ වනාහි පංච ද්වාරයෙහි ලැබේ.

මනොද‍්වාරෙ පන අතීතානාගතමාරබ‍්භ උප‍්පජ‍්ජති. ජොතිපාලමාණව(ම· නි· 2.282 ආදයො) මග‍්ඝදෙවරාජ(ම· නි· 2.308 ආදයො) කණ‍්හතාපසාදිකාලස‍්මිඤ‍්හි (ජා· 1.10.11 ආදයො) කතං කාරණං ආවජ‍්ජෙත්‍වා තථාගතො සිතං පාත්‍වාකාසි. තං පන පුබ‍්බෙනිවාසඤාණසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණානං කිච‍්චං. තෙසං පන ද‍්වින‍්නං ඤාණානං චිණ‍්ණපරියන‍්තෙ ඉදං චිත‍්තං හාසයමානං උප‍්පජ‍්ජති. අනාගතෙ ‘තන‍්තිස‍්සරො මුදිඞ‍්ගස‍්සරො පච‍්චෙකබුද‍්ධො භවිස‍්සතී’ති සිතං පාත්‍වාකාසි. තම‍්පි අනාගතංසඤාණසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණානං කිච‍්චං. තෙසං පන ද‍්වින‍්න ඤාණානං චිණ‍්ණපරියන‍්තෙ ඉදං චිත‍්තං හාසයමානං උප‍්පජ‍්ජති.

මනෝද්වාරයෙහි ද අතීත අනාගත අරබයා උපදී. ජෝතිපාල මානව මඛාදේව රාජ කණ්හ තාපස ආදී කාලයන්හි කරන ලද කරුණු ද ආවර්ජනය කොට තථාගතයන් වහන්සේ සිනා පහළ කළ සේක. එය වනාහි පූර්වේනිවාසානුස්මෘති ඥානය සර්වඥතා ඥානය යන ඥානයන්ගේ කෘත්‍යයයි. ඒ ඥානද්වයේ රැස්කිරිම කෙළවර සිනාවෙමින් මේ සිතින් උපදී. අනාගතයෙහි තන්තිස්වර මුදිංගස්වර නමි පසේබුදුවන්නේ යැයි සිනා පහළ කළ සේක. එයද අනාගත ඥාන සර්වඥතා ඥානයන්ගේ කෘත්‍යයයි. ඒ ඥානයන්ගේ රැස්කිරීම කෙළවර සිනහවෙමින් මේ සිත උපදී.

නිද‍්දෙසවාරෙ පනස‍්ස සෙසඅහෙතුකචිත‍්තෙහි බලවතරතාය චිත‍්තෙකග‍්ගතා සමාධිබලං පාපෙත්‍වා ඨපිතා. වීරියම‍්පි වීරියබලං පාපෙත්‍වා. උද‍්දෙසවාරෙ පන ‘සමාධිබලං හොති වීරියබලං හොතී’ති අනාගතත‍්තා පරිපුණ‍්ණෙන බලට‍්ඨෙනෙතං ද‍්වයං බලං නාම න හොති. යස‍්මා පන ‘නෙව කුසලං නාකුසලං’ තස‍්මා බලන‍්ති වත්‍වාන ඨපිතං. යස‍්මා ච න නිප‍්පරියායෙන බලං, තස‍්මා සඞ‍්ගහවාරෙපි ‘ද‍්වෙ බලානි හොන‍්තී’ති න වුත‍්තං. සෙසං සබ‍්බං සොමනස‍්සසහගතාහෙතුකමනොවිඤ‍්ඤාණධාතුනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

නිර්දේශ වාරයෙහි වනාහි මෙය සෙසු අහේතුක සිත්වලට වඩා බලවතර හෙයින් චිත්තෙකාග්‍රතාව සමාධි බලයට පමුණුවා තබන ලදී. (වීර්යය ද වීරිය බලයට පමුණුවා තබන ලදී.) උද්දේශ වාරයෙහි වනාහි සමාධි බලය වේ. වීර්ය බලය වේ යැයි නා හෙයින්, මේ දෙක සම්පූර්ණ බලාර්ථයෙන් බල නම් නොවේ. නෙවකුසලං නාකුසලං යැයි වේද එහෙයින් බලයැයි කියා තබන ලදී. නිෂ්පර්යාය වශයෙන් බලයැයි නොවන හෙයින් සංග්‍රහ වාරයෙහි ද බල දෙකක් වේයැයි නො කියන ලදී. සෙසු සියල්ල සොම්නස් සහගත අහේතුක මනෝවිඥාන ධාතු නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි.

උපෙක‍්ඛාසහගතාති ඉදං චිත‍්තං තීසු භවෙසු සබ‍්බෙසං සචිත‍්තකසත‍්තානං සාධාරණං, න කස‍්සචි සචිත‍්තකස‍්ස නුප‍්පජ‍්ජති නාම. උප‍්පජ‍්ජමානං පන පඤ‍්චද‍්වාරෙ වොට‍්ඨබ‍්බනං හොති, මනොද‍්වාරෙ ආවජ‍්ජනං. ඡ අසාධාරණඤාණානිපි ඉමිනා ගහිතාරම‍්මණමෙව ගණ‍්හන‍්ති. මහාගජං නාමෙතං චිත‍්තං; ඉමස‍්ස අනාරම‍්මණං නාම නත්‍ථි. ‘අසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණගතිකං නාම කතම’න‍්ති වුත‍්තෙ ‘ඉද’න‍්ති වත‍්තබ‍්බං. සෙසමෙත්‍ථ පුරිමචිත‍්තෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. කෙවලඤ‍්හි තත්‍ථ සප‍්පීතිකත‍්තා නවඞ‍්ගිකො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විභත‍්තො. ඉධ නිප‍්පීතිකත‍්තා අට‍්ඨඞ‍්ගිකො.

උපෙක්‍ඛා සහගතා යන මේ සිත ත්‍රිවිධ භවයන්හි සචිත්ත සියලු සතුන්ට සාධාරණය. සචිත්තක වූ (කිසිවෙකුට) නූපදනේ ද වේ. උපදිතොත් පංචද්වාරයෙහි වොත්‍ථපනය වේ. මනෝද්වාරයෙහි ආවර්ජනය වේ. ෂට් අසාධාර ඥානයෝ ද මෙයින් ගන්නා ලද අරමුණම ගනිත්. මේ සිත මහාගජ නමි. මෙයට අරමුණු නොවන්නක් නම් නැත. සර්වඥතා ඥානය නොවූ සර්වඥතා ඥානගතික සිත කුමක්දැයි ඇසූ කල්හි මෙය යැයි කිවයුතුයි. මෙහි සෙස්ස පළමු සිතෙහි කීනයින්ම දතයුතුයි. හුදෙක් එහි සර්වත්‍රික හෙයින් සංස්කාර ස්කන්‍ධය නවාංගිකව බෙදන ලදී. මෙහි නිෂ්ප්‍රීතික හෙයින් අෂ්ටාංගිකය.

ඉදානි යානි කුසලතො අට‍්ඨ මහාචිත‍්තානෙව ඛීණාසවස‍්ස උප‍්පජ‍්ජනතාය කිරියානි ජාතානි, තස‍්මා තානි කුසලනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි.

දැන් කුශලයෙන් (යම්) මහා සිත් අටක්ම ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේට උපදනා හෙයින් කිරිය නම් වීද, එහෙයින් ඒ සිත් කුශල නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි.

ඉධ ඨත්‍වා හසනකචිත‍්තානි සමොධානෙතබ‍්බානි. කති පනෙතානි හොන‍්තීති? වුච‍්චතෙ තෙරස. පුථුජ‍්ජනා හි කුසලතො චතූහි සොමනස‍්සසහගතෙහි, අකුසලතො චතූහීති, අට‍්ඨහි චිත‍්තෙහි හසන‍්ති. සෙක‍්ඛා කුසලතො චතූහි සොමනස‍්සසහගතෙහි, අකුසලතො ද‍්වීහි දිට‍්ඨිගතවිප‍්පයුත‍්තෙහි සොමනස‍්සසහගතෙහීති, ඡහි චිත‍්තෙහි හසන‍්ති. ඛීණාසවා කිරියතො පඤ‍්චහි සොමනස‍්සසහගතෙහි හසන‍්තීති.

මෙහි සිට හසනක සිත් සමෝධානය කළයුතුයි. මේ සිත් කෙතෙක් වේද යත්, තෙළෙසෙකැයි (කියනු ලැබේ) පෘථග්ජනයෝ වනාහි කුශලයෙන් සොම්නස් සහගත සිත් සතරකින්ද අකුශලයෙන් සතරකින්දැයි සිත් අටකින් සිනාසෙත්. ශෛක්‍ෂයෝ කුශලයෙන් සෝමනස්ස සහගත සිත් සතරකින් ද අකුශලයෙන් දිට්ඨි විප්පයුත්ත සොම්නස් සහගත දෙකකින්දැයි සිත් සයකින් සිනාසෙත්. ක්‍ෂිණාශ්‍රවයන් වහන්සේලා සෝමනස්ස සහගත කිරියසිත් පසකින් සිනාසෙත් යැයි

රූපාවචරාරූපාවචරකිරියං

රූපාවචරාරූපාවචරකිරියං

රූපාවචරාරූපාවචරකිරියනිද‍්දෙසෙසු දිට‍්ඨධම‍්මසුඛවිහාරන‍්ති දිට‍්ඨධම‍්මෙ, ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ, සුඛවිහාරමත‍්තං. තත්‍ථ ඛීණාසවස‍්ස පුථුජ‍්ජනකාලෙ නිබ‍්බත‍්තිතා සමාපත‍්ති යාව න නං සමාපජ‍්ජති තාව කුසලාව සමාපන‍්නකාලෙ කිරියා හොති. ඛීණාසවකාලෙ පනස‍්ස නිබ‍්බත‍්තිතා සමාපත‍්ති කිරියාව හොති. සෙසං සබ‍්බං තංසදිසත‍්තා කුසලනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

රූපාවචර අරූපාවචර ක්‍රියා නිර්දේශයන්හි (දක්වන ලදී.) දිට්ඨධම්ම සුඛවිහාරං යනු දිට්ඨධම්මයෙහි මේ ආත්මභාවයෙහිම සුඛවිහාර මාත්‍රයයි. එහි ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ පෘථග්ජන කාලයෙහි උපදවන ලද සමාපත්තිය එයට සම නොවදනා තෙක් කුශලමය. සමවන් කල්හි ක්‍රියා වෙයි. උන්වහන්සේ ක්‍ෂීණාශ්‍රව කාලයෙහි උපදවන ලද සමාපත්තිය ක්‍රියාම වෙයි. සෙසු සියල්ල ඒ හා සමාන හෙයින් කුශල නිර්දේශයෙහි කියන ලද නයින්ම දතයුතුයි.

අට‍්ඨසාලිනියා ධම‍්මසඞ‍්ගහඅට‍්ඨකථාය චිත‍්තුප‍්පාදකණ‍්ඩකථා නිට‍්ඨිතා.

අත්‍ථසාලිනි ධම්මසංගණී අට්ඨකථාවේ චිත්තුපාද කථාව නිමි.

අබ්‍යාකතපදං පන නෙව තාව නිට‍්ඨිතන‍්ති.

අඛ්‍යාකත පදය වනාහි තවමත් නො නිමියේය.

චිත‍්තුප‍්පාදකණ‍්ඩවණ‍්ණනා නිට‍්ඨිතා.

චිත්තෝත්පාදකණ්ඩ වර්ණනාව සමාප්තයි.