යෙදුමෙන් කියවන්න

රූපාවචරාරූපාවචරවිපාකකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

රූපාවචරාරූපාවචරවිපාකකථා

රූපාවචරාරූපාවචරවිපාකකථා

ඉදානි රූපාවචරාදිවිපාකං දස‍්සෙතුං පුන කතමෙ ධම‍්මා අබ්‍යාකතාතිආදි ආරද‍්ධං. තත්‍ථ යස‍්මා කාමාවචරවිපාකං අත‍්තනො කුසලෙන සදිසම‍්පි හොති, අසදිසම‍්පි, තස‍්මා න තං කුසලානුගතිකං කත්‍වා භාජිතං. රූපාවචරාරූපාවචරවිපාකං පන යථා හත්‍ථිඅස‍්සපබ‍්බතාදීනං ඡායා හත්‍ථිආදිසදිසාව හොන‍්ති, තථා අත‍්තනො කුසලසදිසමෙව හොතීති කුසලානුගතිකං කත්‍වා භාජිතං. කාමාවචරකම‍්මඤ‍්ච යදා කදාචි විපාකං දෙති, රූපාවචරාරූපාවචරං පන අනන‍්තරායෙන, දුතියස‍්මිංයෙව අත‍්තභාවෙ, විපාකං දෙතීතිපි කුසලානුගතිකමෙව කත්‍වා භාජිතං. සෙසං කුසලෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. අයං පන විසෙසො – පටිපදාදිභෙදො ච හීනපණීතමජ‍්ඣිමභාවො ච එතෙසු ඣානාගමනතො වෙදිතබ‍්බො. ඡන්‍දාදීනං පන අඤ‍්ඤතරං ධුරං කත්‍වා අනුප‍්පාදනීයත‍්තා නිරධිපතිකානෙව එතානීති.

දැන් රූපාවචරාදී විපාක දක්වන්නට නැවත කතමෙ ධම්මා අබ්‍යාකතා යන ආදිය පටන්ගන්නා ලදී. එහි යම්හෙයකින් කාමාවචර විපාකය තමාගේ කුසලය හා සමාන ද වෙයි. අසමාන ද වෙයි. එහෙයින් එය කුසලානුගතික කොට නොබෙදන ලදී. රූපාවචර අරූපාවචර විපාකය වනාහි යම්සේ ඇත් අස් පර්වත ආදීන්ගේ ඡායාව ඇති ආදීන් සමානම වේද එසේ තමන්ගේ කුසලය සමානම වේද එසේ තමාගේ කුසලය සමානම වේයැයි කුසලානුගතික කොට බෙදන ලදී. කාමාවචර කර්මය ද යම්කිසි විටෙක විපාක දෙයි. රූපාවචර-අරූපාවචර වනාහි අනන්තර වශයෙන් දෙවන අත්බැව්හි විපාක දෙයි යැයි කුසලානුගතික කොටම බෙදන ලදී. සෙස්ස කුසලයෙහි කියන ලද නයින්ම දතයුතුයි. මේ වනාහි විශේෂයයි. මෙහි ප්‍රතිපදාදී භේදය ද හීනප්‍රණීත මධ්‍යම භාවය ද ධ්‍යානාගමනයෙන් දතයුතුයි. ඡන්‍දාදීන් අතුරෙන් යමක් අධිපති කොට නූපදිය යුතු බැවින් මේවා නිරධිපතිකම වෙයි.

රූපාවචරාරූපාවචරවිපාකකථා නිට‍්ඨිතා.

රූපාරූපාවචර විපාක කථාව නිමි.

ලොකුත‍්තරවිපාකකථා

ලොකුත්තරවිපාකකථා

ලොකුත‍්තරවිපාකම‍්පි කුසලසදිසත‍්තා කුසලානුගතිකමෙව කත්‍වා භාජිතං. යස‍්මා පන තෙභූමකකුසලං චුතිපටිසන්‍ධිවසෙන වට‍්ටං ආචිනාති වඩ‍්ඪෙති, තස‍්මා තත්‍ථ කතත‍්තා උපචිතත‍්තාති වුත‍්තං. ලොකුත‍්තරං පන තෙන ආචිතම‍්පි අපචිනාති, සයම‍්පි චුතිපටිසන්‍ධිවසෙන න ආචිනාති, තෙනෙත්‍ථ ‘කතත‍්තා උපචිතත‍්තා’ති අවත්‍වා කතත‍්තා භාවිතත‍්තාති වුත‍්තං.

ලෝකෝත්තර විපාකය ද කුශලය සමාන බැවින් කුශලානුගතිකම කොට බෙදන ලදී. යම්හෙයකින් වනාහි ත්‍රෛභූමක කුශලය ච්‍යුතිප්‍රතිසන්ධි වශයෙන් වෘත්තය රැස්කරයි ද වඩයි ද, එහෙයින් එහි කතත්තා උපචිත්තතා යැයි කියන ලදී. ලෝකෝත්තරය වනාහි එයින් රැස්කරන ලද්දේ ද විනාශ කරයි. තෙමේ ද ච්‍යුති ප්‍රතිසන්ධි වශයෙන් රැස් (නො) කරයි. එහෙයින් මෙහිදී කතන්තා උපචිතත්තා යැයි නොකියා කතත්තා භාවිතත්තා යැයි කියන ලදී.

සුඤ‍්ඤතන‍්තිආදීසු ‘මග‍්ගො’ තාව ‘ආගමනතො සගුණතො ආරම‍්මණතොති තීහි කාරණෙහි නාමං ලභතී’ති, ඉදං හෙට‍්ඨා කුසලාධිකාරෙ විත්‍ථාරිතං. තත්‍ථ සුත‍්තන‍්තිකපරියායෙන සගුණතොපි ආරම‍්මණතොපි නාමං ලභති. පරියායදෙසනා හෙසා. අභිධම‍්මකථා පන නිප‍්පරියායදෙසනා. තස‍්මා ඉධ සගුණතො වා ආරම‍්මණතො වා නාමං න ලභති, ආගමනතොව ලභති. ආගමනමෙව හි ධුරං. තං දුවිධං හොති – විපස‍්සනාගමනං මග‍්ගාගමනන‍්ති.

සුඤ්ඤතං යන ආදීන්හි මාර්ගය වනාහි ආගමන වශයෙන් සගුණ වශයෙන් ආරම්මණ වශයෙන් යන කරුණු තුනකින් නම් ලබයි යැයි මෙය යට කුශලාධිකාරයෙහි විස්තර කරන ලදී. එහි සූත්‍රාන්තික පර්යායයෙන් ස්වගුණ වශයෙන් ද ආරම්මණ වශයෙන් ද නම් ලබයි. මෙය වනාහි පර්යාය දේශනාවයි. අභිධර්ම කථාව වනාහි නිෂ්පර්යාය දේශනාය. එහෙයින් මෙහි ස්වගුණ වශයෙන් හෝ ආරම්මණ වශයෙන් නාමය නො ලබයි. ආගමන වශයෙන්ම ලබයි. ආගමනයම අධිපති වෙයි. එය විදර්ශනාගමනය මාර්ගාගමනය යැයි දෙවැදෑරුම්ය.

තත්‍ථ මග‍්ගස‍්ස ආගතට‍්ඨානෙ විපස‍්සනාගමනං ධුරං, ඵලස‍්ස ආගතට‍්ඨානෙ මග‍්ගාගමනං ධුරන‍්ති, ඉදම‍්පි හෙට‍්ඨා වුත‍්තමෙව. තෙසු ඉදං ඵලස‍්ස ආගතට‍්ඨානං, තස‍්මා ඉධ මග‍්ගාගමනං ධුරන‍්ති වෙදිතබ‍්බං. සො පනෙස මග‍්ගො ආගමනතො ‘සුඤ‍්ඤත’න‍්ති නාමං ලභිත්‍වා සගුණතො ච ආරම‍්මණතො ච ‘අනිමිත‍්තො’‘අප‍්පණිහිතො’තිපි වුච‍්චති. තස‍්මා සයං ආගමනීයට‍්ඨානෙ ඨත්‍වා අත‍්තනො ඵලස‍්ස තීණි නාමානි දෙති. කථං? අයඤ‍්හි සුද‍්ධාගමනවසෙනෙව ලද‍්ධනාමො ‘සුඤ‍්ඤතමග‍්ගො’ සයං ආගමනීයට‍්ඨානෙ ඨත්‍වා අත‍්තනො ඵලස‍්ස නාමං දදමානො ‘සුඤ‍්ඤත’න‍්ති නාමං අකාසි. ‘සුඤ‍්ඤතඅනිමිත‍්තමග‍්ගො’ සයං ආගමනීයට‍්ඨානෙ ඨත්‍වා අත‍්තනො ඵලස‍්ස නාමං දදමානො ‘අනිමිත‍්ත’න‍්ති නාමං අකාසි. ‘සුඤ‍්ඤතඅප‍්පණිහිතමග‍්ගො’ සයං ආගමනීයට‍්ඨානෙ ඨත්‍වා අත‍්තනො ඵලස‍්ස නාමං දදමානො ‘අප‍්පණිහිත’න‍්ති නාමං අකාසි. ඉමානි පන තීණි නාමානි මග‍්ගානන‍්තරෙ ඵලචිත‍්තස‍්මිංයෙව ඉමිනා නයෙන ලබ‍්භන‍්ති, නො අපරභාගෙ වළඤ‍්ජනකඵලසමාපත‍්තියා. අපරභාගෙ පන අනිච‍්චතාදීහි තීහි විපස‍්සනාහි විපස‍්සිතුං සක‍්කොති. අථස‍්ස වුට‍්ඨිතවුට‍්ඨිතවිපස‍්සනාවසෙන අනිමිත‍්තඅප‍්පණිහිතසුඤ‍්ඤතසඞ‍්ඛාතානි තීණි ඵලානි උප‍්පජ‍්ජන‍්ති. තෙසං තානෙව සඞ‍්ඛාරාරම‍්මණානි. අනිච‍්චානුපස‍්සනාදීනි ඤාණානි අනුලොමඤාණානි නාම හොන‍්ති.

එහි මාර්ගය මාර්ගය පැමිණි තැන විදර්ශනාගමනය අධිපතිය ඵලය පැමිණි තැන මාර්ගාගමනය අධිපති යැයි මෙය ද යට කියන ලදමය. ඔවුනතුරෙන් මෙය ඵලය පැමිණි තැනයි. එහෙයින් මෙහි මාර්ගාගමනය අධිපතියැයි දතයුතුයි. ඒ මේ මාර්ගය ද ආගමනයෙන් ශූන්‍යයැයි නාමය ලැබ ගුණ වශයෙන් ද ආරම්මණ වශයෙන් ද අනිමිත්තය. අප්‍රණිහිත යැයි ද කියනු ලැබේ. එහෙයින් තමා ආ යුතු තැන සිට තමාගේ ඵලයට නම් තුනක් දෙයි. කෙසේ ද? මේ ශූන්‍යතා මාර්ගය ශුද්ධාගමන වශයෙන්ම ලබන ලද නාමයකි. තෙමේ ආගමනීය ස්ථානයෙහි සිට තම ඵලයට නාමය දෙනුයේ සුඤ්ඤත යැයි නම් කෙළේය. ශූන්‍යතා අනිමිත්ත මාර්ගය තෙමේ ආගමනීය ස්ථානයෙහි සිට තම ඵලයට නම් දෙනුයේ අනිමිත්ත යැයි නම් කෙළේය. ශුන්‍යතා අප්‍රණිහිත මාර්ගය තෙමේ ආගමනීය ස්ථානයෙහි සිට තම ඵලයට නම් දෙනුයේ අප්‍රණිහිත යැයි නම් කෙළේය. මේ නම් තුන වනාහි මාර්ගයන් අතර ඵල සිතෙහිම මේ නයින් ලැබේ. අපර භාගයෙහි වළඳනා ඵලසමාපත්තියෙහි නො ලබයි. අපර භාගයෙහි වනාහි අනිත්‍යතා ආදී ත්‍රිවිධ විදර්ශනාවන්ගෙන් බලන්නට හැකිවෙයි. ඉක්බිති ඔහුට (නැඟිටි) නැඟිටි විදර්ශනා වශයෙන් අනිමිත්ත අප්‍රණිහිත ශුන්‍යතා සංඛ්‍යාත තිවිධ ඵල උපදී. ඔවුන්ට ඒ සංස්කාරම අරමුණු වෙයි. අනිත්‍යානු දර්ශනාදී ඥාන ගෝත්‍රභූ ඥාන නම් වෙයි.

යො චායං සුඤ‍්ඤතමග‍්ගෙ වුත‍්තො. අප‍්පණිහිතමග‍්ගෙපි එසෙව නයො. අයම‍්පි හි සුද‍්ධාගමනවසෙන ලද‍්ධනාමො ‘අප‍්පණිහිතමග‍්ගො’ සයං ආගමනීයට‍්ඨානෙ ඨත්‍වා අත‍්තනො ඵලස‍්ස නාමං දදමානො ‘අප‍්පණිහිත’න‍්ති නාමං අකාසි. ‘අප‍්පණිහිතඅනිමිත‍්තමග‍්ගො’ සයං ආගමනීයට‍්ඨානෙ ඨත්‍වා අත‍්තනො ඵලස‍්ස නාමං දදමානො ‘අනිමිත‍්ත’න‍්ති නාමං අකාසි. ‘අප‍්පණිහිතසුඤ‍්ඤතමග‍්ගො’ සයං ආගමනීයට‍්ඨානෙ ඨත්‍වා අත‍්තනො ඵලස‍්ස නාමං දදමානො ‘සුඤ‍්ඤත’න‍්ති නාමං අකාසි. ඉමානිපි තීණි නාමානි මග‍්ගානන‍්තරෙ ඵලචිත‍්තස‍්මිංයෙව ඉමිනා නයෙන ලබ‍්භන‍්ති, න අපරභාගෙ වළඤ‍්ජනකඵලසමාපත‍්තියාති. එවං ඉමස‍්මිං විපාකනිද‍්දෙසෙ කුසලචිත‍්තෙහි තිගුණානි විපාකචිත‍්තානි වෙදිතබ‍්බානි.

මෙය ද ශූන්‍යතා මාර්ගයෙහි කියන ලදී. අප්‍රණිහිත මාර්ගයෙහි ද මේ නයමය. මෙයද සුද්ධාගමන වශයෙන් ලද නම් ඇති අප්‍රණිහිත මාර්ගය තෙමේ ආගමනීය ස්ථානයේ සිට තම ඵලයට නම් දෙනුයේ අප්‍රණිහිත යැයි නම් කෙළේය. අප්‍රණිහිත අනිමිත්ත මාර්ගය තෙමේ ආගමනීය ස්ථානයේ සිට තම ඵලයට නම් දෙනුයේ අනිමිත්ත යැයි නම් කෙළේය. අප්‍රණිහිත ශුන්‍යතා කර්මය තෙමේ ආගමනීය ස්ථානයෙහි සිට තම ඵලයට ශුන්‍යතා යැයි නම් කෙළේය. මේ නම් තුන ද මාර්ගයන් අතර එලසිතෙහිම මේ නයින් ලබයි. අපරභාගයෙහි වළඤ්ජනක ඵල සමාපත්තියෙහි නොවේ. මෙසේ මේ විපාක නිර්දේශයෙහිම කුසල සිත්වලින් ත්‍රිගුණ විපාක සිත් දතයුතුයි.

යථා පන තෙභූමකකුසලානි අත‍්තනො විපාකං අධිපතිං ලභාපෙතුං න සක‍්කොන‍්ති, න එවං ලොකුත‍්තරකුසලානි. කස‍්මා? තෙභූමකකුසලානඤ‍්හි අඤ‍්ඤො ආයූහනකාලො අඤ‍්ඤො විපච‍්චනකාලො. තෙන තානි අත‍්තනො විපාකං අධිපතිං ලභාපෙතුං න සක‍්කොන‍්ති. ලොකුත‍්තරානි පන තාය සද‍්ධාය, තස‍්මිං වීරියෙ, තාය සතියා, තස‍්මිං සමාධිම‍්හි, තාය පඤ‍්ඤාය අවූපසන‍්තාය , අපණ‍්ණකං අවිරද‍්ධං මග‍්ගානන‍්තරමෙව විපාකං පටිලභන‍්ති, තෙන අත‍්තනො විපාකං අධිපතිං ලභාපෙතුං සක‍්කොන‍්ති.

යම්සේ වනාහි ත්‍රෛභූමක කුශලයෝ තමාගේ විපාකයට අධිපතියෙකු ලබාදෙන්නට නො හැකි වෙත් ද, ලෝකෝත්තර (කුශලයෝ) එසේ නො වෙත්. කවර හෙයින් ද? ත්‍රෛභූමක කුශලයන්ගේ වනාහි ආයූහන කාලය අනෙකෙකි. විපාක කාලය අනෙකකි. එහෙයින් මොව්හු තමාගේ විපාකයට අධිපතියකු ලබාදෙන්නට නොහැකි වෙත්. ලෝකෝත්තර කුශලයෝ වනාහි ඒ ශ්‍රද්ධාව ඒ වීර්යය ඒ ස්මෘතිය ඒ සමාධිය ඒ ප්‍රඥාව නොසන්සුන් කල්හි අපණ්ණක - අවිරුද්ධ මාර්ගයට අනතුරුවම විපාකය ලබත්. එහෙයින් තම විපාකයට අධිපතියෙකු ලබාදෙන්නට හැකිවෙත්.

යථා හි පරිත‍්තකස‍්ස අග‍්ගිනො ගතට‍්ඨානෙ අග‍්ගිස‍්මිං නිබ‍්බුතමත‍්තෙයෙව උණ‍්හාකාරො නිබ‍්බායිත්‍වා කිඤ‍්චි න හොති, මහන‍්තං පන ආදිත‍්තං අග‍්ගික‍්ඛන්‍ධං නිබ‍්බාපෙත්‍වා ගොමයපරිභණ‍්ඩෙ කතෙපි උණ‍්හාකාරො අවූපසන‍්තොව හොති, එවමෙව තෙභූමකකුසලෙ අඤ‍්ඤො කම‍්මක‍්ඛණො අඤ‍්ඤො විපාකක‍්ඛණො පරිත‍්තඅග‍්ගිට‍්ඨානෙ උණ‍්හභාවනිබ‍්බුතකාලො විය හොති. තස‍්මා තං අත‍්තනො විපාකං අධිපතිං ලභාපෙතුං න සක‍්කොති. ලොකුත‍්තරෙ පන තාය සද‍්ධාය…පෙ… තාය පඤ‍්ඤාය අවූපසන‍්තාය, මග‍්ගානන‍්තරමෙව ඵලං උප‍්පජ‍්ජති, තස‍්මා තං අත‍්තනො විපාකං අධිපතිං ලභාපෙතීති වෙදිතබ‍්බං. තෙනාහු පොරාණා – ‘විපාකෙ අධිපති නත්‍ථි ඨපෙත්‍වා ලොකුත‍්තර’න‍්ති.

යම්සේ වනාහි ස්වල්ප වූ ගින්නක් ගිය තැන ගින්න නිවුණු සැනින්ම උණුබව නිවී කිසිවක් (ඉතිරි) නො වෙයි. ඇවිලුණු මහත් ගිනිකන්දක් නිවා ගොම පිරිබඩ කළ කල්හිද උණුසුම් බව නො සන්සිඳුණේම වෙයි. මෙපරිද්දෙන්ම ත්‍රෛභූමක කුශලයෙහි කර්මක්‍ෂණය කර්මක්‍ෂණය එකකි. විපාක ක්‍ෂණය අනෙකකි. ස්වල්ප වූ ගින්න තිබුණු තැන උණුසුම් බව නිවුණු කාලය මෙන් වෙයි. එහෙයින් එය තමාගේ විපාකයට අධිපතියකු ලබාදෙන්නට නො හැකි වෙයි. ලෝකෝත්තර කුශලයෙහි වනාහි ඒ ශ්‍රද්ධාව -පෙ- ඒ ප්‍රඥාව නො සන්හුන් කල්හි මාර්ගයට අනතුරුවම ඵලය උපදී. එහෙයින් එය තමාගේ විපාකයට අධිපතියකු ලබාදෙයි යැයි දතයුතුයි. එහෙයින් පොරාණයෝ (මෙසේ) කීහ. ‘විපාකෙ අධිපති නත්‍ථි ඨපෙත්‍වා ලොකුත්තරං’ යනුයි.

චතුත්‍ථඵලනිද‍්දෙසෙ අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති අඤ‍්ඤාතාවිනො චතූසු සච‍්චෙසු නිට‍්ඨිතඤාණකිච‍්චස‍්ස ඉන්‍ද්‍රියං, අඤ‍්ඤාතාවීනං වා චතූසු සච‍්චෙසු නිට‍්ඨිතකිච‍්චානං චත‍්තාරි සච‍්චානි ඤත්‍වා පටිවිජ‍්ඣිත්‍වා ඨිතානං ධම‍්මානං අබ‍්භන‍්තරෙ ඉන්‍දට‍්ඨසාධනෙන ඉන්‍ද්‍රියං. නිද‍්දෙසවාරෙපිස‍්ස අඤ‍්ඤාතාවීනන‍්ති ආජානිත්‍වා ඨිතානං. ධම‍්මානන‍්ති සම‍්පයුත‍්තධම‍්මානං අබ‍්භන‍්තරෙ. අඤ‍්ඤාති ආජානනා, පඤ‍්ඤා පජානනාතිආදීනි වුත‍්තත්‍ථානෙව. මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නන‍්ති ඵලමග‍්ගස‍්ස අඞ‍්ගං, ඵලමග‍්ගෙ ච පරියාපන‍්නන‍්ති අත්‍ථො.

සතරවන මාර්ගඵල නිර්දේශයෙහි අඤ්ඤතාවින්‍ද්‍රියං යනු චතුරාර්ය සත්‍යයෙහි නිමවන ලද ඥානකෘත්‍ය ඇති සම්පූර්ණයෙන් අවබෝධ කරගත්තහුගේ ඉන්‍ද්‍රියයි. චතුස්සත්‍යයන්හි නිමවන ලද කෘත්‍ය ඇති චතුස්සත්‍යය දැන ප්‍රතිවේධකර සිටි එය සම්පූර්ණයෙන් දත් අයගේ ධර්මයන් අතර ඉන්‍ද්‍රාර්ථ සාධනයෙන් ඉන්‍ද්‍රියයි. නිර්දේශ වාරයෙහි ද මෙය අඤ්ඤාතාවීතං යනු දැන සිටියවුන්ගේ, ධම්මානං යනු සම්ප්‍රයුක්තක ධර්මයන්ගේ අභ්‍යන්තරයෙහි, අඤ්ඤා යනු දැනීමයි. පඤ්ඤා පජානනා යනාදිය කියන ලද අර්ථ ඇත්තේමය. මග්ගංගං මග්ගපරියාපන්නං යනු ඵලමාර්ගයේ අංගයයි. ඵලමාර්ගයට ඇතුළත් යන අර්ථයි.

අපිචෙත්‍ථ ඉදං පකිණ‍්ණකං – එකං ඉන්‍ද්‍රියං එකං ඨානං ගච‍්ඡති, එකං ඡ ඨානානි ගච‍්ඡති, එකං එකං ඨානං ගච‍්ඡති. එකඤ‍්හි ‘අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං’ එකං ඨානං ගච‍්ඡති සොතාපත‍්තිමග‍්ගං. එකං ‘අඤ‍්ඤින්‍ද්‍රියං’ හෙට‍්ඨා තීණි ඵලානි, උපරි තයො මග‍්ගෙති ඡ ඨානානි ගච‍්ඡති. එකං ‘අඤ‍්ඤාතාවින්‍ද්‍රියං’ එකං ඨානං ගච‍්ඡති අරහත‍්තඵලං. සබ‍්බෙසුපි මග‍්ගඵලෙසු අත්‍ථතො අට‍්ඨ අට‍්ඨ ඉන්‍ද්‍රියානීති චතුසට‍්ඨි ලොකුත‍්තරින්‍ද්‍රියානි කථිතානි. පාළිතො පන නව නව කත්‍වා ද‍්වාසත‍්තති හොන‍්ති. මග‍්ගෙ මග‍්ගඞ‍්ගන‍්ති වුත‍්තං. ඵලෙපි මග‍්ගඞ‍්ගං. මග‍්ගෙ බොජ‍්ඣඞ‍්ගොති වුත‍්තො ඵලෙපි බොජ‍්ඣඞ‍්ගො. මග‍්ගක‍්ඛණෙ ආරති විරතීති වුත‍්තා ඵලක‍්ඛණෙපි ආරති විරතීති. තත්‍ථ මග‍්ගො මග‍්ගභාවෙනෙව මග‍්ගො, ඵලං පන මග‍්ගං උපාදාය මග‍්ගො නාම; ඵලඞ‍්ගං ඵලපරියාපන‍්නන‍්ති වත‍්තුම‍්පි වට‍්ටති. මග‍්ගෙ බුජ‍්ඣනකස‍්ස අඞ‍්ගොති සම‍්බොජ‍්ඣඞ‍්ගො, ඵලෙ බුද‍්ධස‍්ස අඞ‍්ගොති සම‍්බොජ‍්ඣඞ‍්ගො. මග‍්ගෙ ආරමණවිරමණවසෙනෙව ආරති විරති. ඵලෙ පන ආරතිවිරතිවසෙනාති.

තවද මෙහි මෙය ප්‍රකීර්ණකය. එක් ඉන්‍ද්‍රියක් එක්තැනකට යයි. එකක් සයතැනකට යයි. එකක් එක්තැනකට යයි. එකක් වනාහි අඤ්ඤතඤ්ඤසමීති ඉන්‍ද්‍රියයි. එකක් ශ්‍රෝතාපත්ති මාර්ගස්ථානයට යයි. එකක් අඤ්ඤින්‍ද්‍රිය ය, යට තුන්ඵලක් මතු තුන් මාර්ගත් සතැනකට යයි. එක් අඤ්ඤතාවින්‍ද්‍රියක් එක්තැනකට යයි. ඒ අර්හත්ඵලයයි. සියලුම මාර්ගඵලයන්හි ඉන්‍ද්‍රිය අට අට බැගින් සූසැටක් ලෝකෝත්තර ඉන්‍ද්‍රියයෝ කියන ලදහ. පාළියෙන් වනාහි නවය නවය වශයෙන් ගෙන දෙසැත්තෑවක් වෙයි. මාර්ග මාර්ගාංග යැයි කියන ලදී. ඵල ද මාර්ගාංග යැයි කියන ලදී. මාර්ග බොජ්ඣංග යැයි කියන ලදී. ඵල බොජ්ඣංග යැයි කියන ලදී. මාර්ග ක්‍ෂණයෙහි ආරති විරති යැයි කියන ලදී. ඵලක්‍ෂණයෙහි ද ආරති විරති යැයි කියන ලදී. එහි මාර්ගය මාර්ග බැවින්ම මාර්ගය, ඵලය වනාහි මාර්ගය සමාන හෙයින් මාර්ගය නම් වෙයි. ඵල මාර්ගය ඵලයෙහි අන්තර්ගත යැයි කියන්නට ද වටී. මාර්ග අවබෝධ කරගන්නාගේ අංගයැයි සම්බොජ්ඣංගය, ඵල අවබෝධ කරගත්තහුගේ අංගය යැයි සම්බොජ්ඣංගය, මාර්ග ආරමණ විරමණ වශයෙන්ම ආරති විරතිය, ඵල ද ආරති විරති වශයෙනි.

ලොකුත‍්තරවිපාකකථා නිට‍්ඨිතා.

ලෝකුත්තර විපාක කථා නිමි.

අකුසලවිපාකකථා

අකුසලවිපාකකථා

ඉතො පරානි අකුසලවිපාකානි – පඤ‍්ච චක‍්ඛුසොතඝානජිව‍්හාකායවිඤ‍්ඤාණානි, එකා මනොධාතු, එකා මනොවිඤ‍්ඤාණධාතූති ඉමානි සත‍්ත චිත‍්තානි – පාළිතො ච අත්‍ථතො ච හෙට‍්ඨා වුත‍්තෙහි තාදිසෙහෙව කුසලවිපාකචිත‍්තෙහි සදිසානි.

මෙයින් පරව එන අකුසල විපාක වූ චක්‍ඛු සොත ඝාණ ජීව්හා කාය විඤ්ඤාණ පස ද මනෝධාතු එකක් ද මනෝ විඤ්ඤාණ ධාතු එකක්දැයි යන මේ සිත් සත පාළියෙන් ද අර්ථයෙන් ද යට කියන ලද එබඳුම වූ කුසලවිපාක සිත් හා සමානය.

කෙවලඤ‍්හි තානි කුසලකම‍්මපච‍්චයානි ඉමානි අකුසලකම‍්මපච‍්චයානි. තානි ච ඉට‍්ඨඉට‍්ඨමජ‍්ඣත‍්තෙසු ආරම‍්මණෙසු වත‍්තන‍්ති, ඉමානි අනිට‍්ඨඅනිට‍්ඨමජ‍්ඣත‍්තෙසු. තත්‍ථ ච සුඛසහගතං කායවිඤ‍්ඤාණං, ඉධ දුක‍්ඛසහගතං . තත්‍ථ ච උපෙක‍්ඛාසහගතා මනොවිඤ‍්ඤාණධාතු මනුස‍්සෙසු ජච‍්චන්‍ධාදීනං පටිසන්‍ධිං ආදිං කත්‍වා පඤ‍්චසු ඨානෙසු විපච‍්චති. ඉධ පන එකාදසවිධෙනාපි අකුසලචිත‍්තෙන කම‍්මෙ ආයූහිතෙ කම‍්මකම‍්මනිමිත‍්තගතිනිමිත‍්තෙසු අඤ‍්ඤතරං ආරම‍්මණං කත්‍වා චතූසු අපායෙසු පටිසන්‍ධි හුත්‍වා විපච‍්චති; දුතියවාරතො පට‍්ඨාය යාවතායුකං භවඞ‍්ගං හුත්‍වා, අනිට‍්ඨඅනිට‍්ඨමජ‍්ඣත‍්තාරම‍්මණාය පඤ‍්චවිඤ‍්ඤාණවීථියා සන‍්තීරණං හුත්‍වා, බලවාරම‍්මණෙ ඡසු ද‍්වාරෙසු තදාරම‍්මණං හුත්‍වා, මරණකාලෙ චුති හුත්‍වාති, එවං පඤ‍්චසු එව ඨානෙසු විපච‍්චතීති.

හුදෙක් ඒවා කුශල කර්ම ප්‍රත්‍යය, (මේවා අකුශල කර්ම ප්‍රත්‍යය) ඒවා ද ඉෂ්ට ඉෂ්ට මධ්‍යස්ථ ආරම්මණයන්හි පවතී. මේවා අනිෂ්ට අනිෂ්ට මධ්‍යස්ථ ආරම්මණයන්හි පවතී. එහිදු සුඛසහගත කාය විඤ්ඤාණයයි. මෙහි දුඃඛ සහගතයයි. එහිදු උපේක්‍ෂා සහගත මනෝවිඥානධාතුව මිනිසුන් අතර ජාත්‍යන්‍ධාදීන්ගේ ප්‍රතිසන්ධිය ආදි කොට ස්ථාන පසෙක විපාක දෙයි. මෙහි වනාහි ඒකාදශවිධ අකුසල සිතින් කර්ම රැස්කල කල්හි කර්ම කර්මනිමිති ගතිනිමිති අතුරෙන් එකක් අරමුණුකොට සතර අපායෙහි පිළිසිඳගෙන විපාක දෙයි. දෙවන වාරයේ පටන් දිවි ඇති තෙක් භවංගය වීද අනිෂ්ට මධ්‍යස්ථ අරමුණ පිළිබඳ පංච විඤ්ඤාණ වීථියෙහි සන්තීරණය වී ද බලවත් අරමුණ පිළිබඳ ෂට්ද්වාරයන්හි තදාරම්මණය වී ද මරණය කාලයෙහි චුතිය වීදැයි මෙසේ ස්ථාන පසකම විපාක දෙයි.

අකුසලවිපාකකථා නිට‍්ඨිතා.

අකුසල විපාක කථාව නිමි.