විපාකුද්ධාරකථා අට්ඨකථා
විපාකුද්ධාරකථා
විපාකුද්ධාරකථා
ඉදානි විපාකුද්ධාරකථාය මාතිකා ඨපෙතබ්බා – තිපිටකචූළනාගත්ථෙරො තාව ආහ – එකාය කුසලචෙතනාය සොළස විපාකචිත්තානි උප්පජ්ජන්ති. එත්ථෙව ද්වාදසකමග්ගොපි අහෙතුකට්ඨකම්පීති. මොරවාපිවාසී මහාදත්තත්ථෙරො පනාහ – එකාය කුසලචෙතනාය ද්වාදස විපාකචිත්තානි උප්පජ්ජන්ති. එත්ථෙව දසකමග්ගොපි අහෙතුකට්ඨකම්පීති. තිපිටකමහාධම්මරක්ඛිතත්ථෙරො ආහ – එකාය කුසලචෙතනාය දස විපාකචිත්තානි උප්පජ්ජන්ති, එත්ථෙව අහෙතුකට්ඨකන්ති.
දැන් විපාකුද්ධාර කථාවෙහි මාතෘකාව තැබිය යුතුයි. ත්‍රිපිටක චූළනාග තෙරණුවෝ වනාහි) මෙසේ වදාළහ. ‘එක් කුසල චේතනාවක විපාක සිත් සොළොසක් උපදී. ද්වාදසක මාර්ග ද අහේතුක ස්ථාන ද මෙහිමය’ යනුයි. මෝරවැව වැසි මහාදත්ත තෙරණුවෝ වනාහි මෙසේ වදාළහ. ‘එක් කුසල චේතනාවක විපාක සිත් දොළොසක් උපදී. දසක මාර්ග ද අහේතුකස්ථ ද මෙහිමය’ යනුයි. ත්‍රිපිටක මහා ධම්මරක්ඛිත තෙරණුවෝ මෙසේ කීහ. එක් කුසල චේතනාවක විපාක සිත් දහයක් උපදී. අහේතුකස්ථ ද මෙහිමය’ යනුයි.
ඉමස්මිං ඨානෙ සාකෙතපඤ්හං නාම ගණ්හිංසු. සාකෙතෙ කිර උපාසකා සාලායං නිසීදිත්වා ‘කිං නු ඛො එකාය චෙතනාය කම්මෙ ආයූහිතෙ එකා පටිසන්ධි හොති උදාහු නානා’ති? පඤ්හං නාම සමුට්ඨාපෙත්වා නිච්ඡෙතුං අසක්කොන්තා ආභිධම්මිකත්ථෙරෙ උපසඞ්කමිත්වා පුච්ඡිංසු. ථෙරා ‘යථා එකස්මා අම්බබීජා එකොව අඞ්කුරො නික්ඛමති, එවං එකාව පටිසන්ධි හොතී’ති සඤ්ඤාපෙසුං. අථෙකදිවසං ‘කිං නු ඛො නානාචෙතනාහි කම්මෙ ආයූහිතෙ පටිසන්ධියො නානා හොන්ති උදාහු එකා’ති? පඤ්හං සමුට්ඨාපෙත්වා නිච්ඡෙතුං අසක්කොන්තා ථෙරෙ පුච්ඡිංසු. ථෙරා ‘යථා බහූසු අම්බබීජෙසු රොපිතෙසු බහූ අඞ්කුරා නික්ඛමන්ති, එවං බහුකාව පටිසන්ධියො හොන්තී’ති සඤ්ඤාපෙසුං.
මෙතැනදී සාකේත නම් ප්රශ්නය ගත්හ. සාකේත නුවර උපාසකවරු වනාහි ශාලාවෙක හිඳ කිමෙක්ද චේතනාවෙක කර්ම රැස්කළ කල්හි එක් ප්‍රතිසන්ධියක් වේද, නැතහොත් නානාප්රතිසන්ධි වේද, යන ප්රශ්නය නගා නිශ්චය කළ නොහැකිව ආභිධම්මික තෙරවරුන් වෙත එළඹ විචාළාහුය. තෙරවරු ‘යම්සේ එක අඹ බීජයකින් එක අඹ අංකුරයක් නික්මේද, මෙසේ එකම ප්‍රතිසන්ධියක් වේ’ යැයි ඇඟවූහ. නැවත එක්දිනෙක කිමෙක් ද නානා චේතනාවන් විසින් කර්ම රැස්කළ කල්හි නානාප්රතිසන්ධි වේද, නැතහොත් එකක් ද? යන ප්රශ්නය නගා නිශ්චය කළ නොහැකිව තෙරවරුන් විචාළහ. තෙරවරු ‘යම්සේ බොහෝ අඹ බීජ රෝපණය කළ කල්හි බොහෝ අංකුර නික්මේද, මෙසේ බොහෝ ප්රතිසන්ධි වේ’ යැයි ඇඟවූහ.
අපරම්පි ඉමස්මිං ඨානෙ උස්සදකිත්තනං නාම ගහිතං. ඉමෙසඤ්හි සත්තානං ලොභොපි උස්සන්නො හොති, දොසොපි මොහොපි; අලොභොපි අදොසොපි අමොහොපි. තං නෙසං උස්සන්නභාවං කො නියාමෙතීති? පුබ්බහෙතු නියාමෙති. කම්මායූහනක්ඛණෙයෙව නානත්තං හොති. කථං? “යස්ස හි කම්මායූහනක්ඛණෙ ලොභො බලවා හොති අලොභො මන්දො, අදොසාමොහා බලවන්තො දොසමොහා මන්දා, තස්ස මන්දො අලොභො ලොභං පරියාදාතුං න සක්කොති, අදොසාමොහා පන බලවන්තො දොසමොහෙ පරියාදාතුං සක්කොන්ති. තස්මා සො තෙන කම්මෙන දින්නපටිසන්ධිවසෙන නිබ්බත්තො ලුද්ධො හොති, සුඛසීලො අක්කොධනො, පඤ්ඤවා පන හොති වජිරූපමඤාණො”ති.
මෙහිදී තවත් අධික බව කීමක් ගන්නා ලදී. මේ සත්ත්වයන්ගේ වනාහි ලෝභයත් උත්සන්න වෙයි. ද්වේෂයත් උත්සන්න වෙයි. මෝහයත් උත්සන්න වෙයි. අලෝභයත් උත්සන්න වෙයි. අද්වේෂයත් උත්සන්න වෙයි. අමෝහයත් උත්සන්න වෙයි. ඔවුන්ගේ ඒ මේ උත්සන්නභාවය අධිකභාවය කවරෙක් නියම කරයි? යනුයි. පූර්වහේතුව නියම කරයි. කර්මායූහන ක්ෂණයෙහි (කර්මයන් රැස්කරන ක්ෂණයෙහි) ම නානත්වය වෙයි. කෙසේ ද? කර්මායූහනක්ෂණයෙහි වනාහි යමෙකුගේ ලෝභය බලවත් වේද, අලෝභය දුර්වල වේද, අදෝෂ අමෝහ බලවත් වේද, ද්වේෂ මෝහ දුර්වල වේද, ඔහුගේ දුර්වල අලෝභය ලෝභය මැඩලන්නට නොහැක්කේ වෙයි. බලවත් අදෝස අමෝහ වනාහි දෝස මෝහයන් මැඩලන්නට සමත් වෙයි. එහෙයින් හෙතෙම ඒ කර්මයෙන් දෙන ලද ප්රතිසන්ධි වශයෙන් උපන්නේ ලෝභී වෙයි. සුඛශීලී වෙයි. ක්‍රෝධ නොකරන්නෙක් වෙයි. වජ්‍රෝපම ප්‍රඥාවන්තයෙක් (වෙයි) යනුයි.
‘යස්ස පන කම්මායූහනක්ඛණෙ ලොභදොසා බලවන්තො හොන්ති අලොභාදොසා මන්දා, අමොහො බලවා මොහො මන්දො, සො පුරිමනයෙනෙව ලුද්ධො චෙව හොති දුට්ඨො ච, පඤ්ඤවා පන හොති වජිරූපමඤාණො දත්තාභයත්ථෙරො විය.
යමෙකු කර්ම රැස්කරන අවස්ථාවෙහි (ක්ෂණයෙහි) ලෝභ ද්වේෂ බලවත් ද අලෝභ අද්වේෂ දුර්වල වේද, අමෝහය බලවත්ව මෝහය දුර්වල වේද, හෙතෙම පළමු නයින්ම ලෝභියෙකු මෙන්ම දුෂ්ටයෙක් වෙයි. වජ්රෝපමඥාන ඇති ප්‍රඥාවන්තයෙක් ද වෙයි. දත්තාභය තෙරුන් මෙනි.
‘යස්ස පන කම්මායූහනක්ඛණෙ ලොභාදොසමොහා බලවන්තො හොන්ති ඉතරෙ මන්දා, සො පුරිමනයෙනෙව ලුද්ධො චෙව හොති දන්ධො ච, සුඛසීලකො පන හොති අක්කොධනො.
යමෙකු කර්ම රැස්කරන අවස්ථාවෙහි ලෝභ ද්වේෂ මෝහ බලවත් වේද අත්‍ය මූල දුර්වල වේද හෙතෙම පළමු නයින්ම ලෝභියෙකු මෙන්ම මෝඩයෙක් වෙයි. ක්‍රෝධ නොකරන්නෙකු මෙන්ම (සුඛ) ශීලී අයෙක් ද වෙයි.
‘තථා යස්ස කම්මායූහනක්ඛණෙ තයොපි ලොභදොසමොහා බලවන්තො හොන්ති අලොභාදයො මන්දා, සො පුරිමනයෙනෙව ලුද්ධො චෙව හොති දුට්ඨො ච මූළ්හො ච.
එසේම යමෙකු කර්ම රැස්කරන අවස්ථාවෙහි ලෝභ ද්වේෂ මෝහ යන අකුශල මූල තුනම බලවත් වේද, අලෝභාදිය දුර්වල වේද, හෙතෙම පළමු නයින්ම ලෝභියෙකු දුෂ්ටයෙකු මෙන්ම මෝඩයෙක් ද වෙයි.
‘යස්ස පන කම්මායූහනක්ඛණෙ අලොභදොසමොහා බලවන්තො හොන්ති ඉතරෙ මන්දා, සො පුරිමනයෙනෙව අප්පකිලෙසො හොති, දිබ්බාරම්මණම්පි දිස්වා නිච්චලො, දුට්ඨො පන හොති දන්ධපඤ්ඤො චාති.
යමෙකු කර්ම රැස්කරන අවස්ථාවෙහි අලෝභ ද්වේෂ මෝහ බලවත් වේද, අන්‍ය වූ මූල දුර්වල වේද, හෙතෙම පළමු නයින්ම දිව අරමුණ පවා දැක නොසැලෙන මද කෙලෙස් ඇත්තෙක් වෙයි. මද නුවණ ඇති දුෂ්ටයෙක් ද වෙයි.
‘යස්ස පන කම්මායූහනක්ඛණෙ අලොභාදොසමොහා බලවන්තො හොන්ති ඉතරෙ මන්දා, සො පුරිමනයෙනෙව අලුද්ධො චෙව හොති, සුඛසීලකො ච, දන්ධො පන හොති.
යමෙකු කර්ම රැස්කරන අවස්ථාවේදී අලෝභ අද්වේෂ මෝහ බලවත් වේද, අන්යමූල දුර්වල වේද, හෙතෙම පළමු නයින්ම අලෝභියෙකු මෙන්ම (සුඛ) ශීලී මෝඩයෙක් ද වෙයි.
‘තථා යස්ස කම්මායූහනක්ඛණෙ අලොභදොසාමොහා බලවන්තො හොන්ති ඉතරෙ මන්දා, සො පුරිමනයෙනෙව අලුද්ධො චෙව හොති පඤ්ඤවා ච, දුට්ඨො ච පන හොති කොධනො.
එසේම යමෙකු කර්ම රැස්කරන අවස්ථාවෙහි අලෝභ ද්වේෂ අමෝහ බලවත් වේද අන්‍ය මූල දුර්වල වේද, හෙතෙම පළමු නයින්ම අලෝභී ප්‍රඥාවන්තයෙක් වෙයි. එසේම ක්‍රෝධ කරන දුෂ්ටයෙක් ද වෙයි.
‘යස්ස පන කම්මායූහනක්ඛණෙ තයොපි අලොභාදයො බලවන්තො හොන්ති ලොභාදයො මන්දා, සො මහාසඞ්ඝරක්ඛිතත්ථෙරො විය අලුද්ධො අදුට්ඨො පඤ්ඤවා ච හොතී’ති.
යමෙකු කර්ම රැස්කරන අවස්ථාවෙහි අලෝභාදී තුනම බලවත් වේද, ලෝභාදිය දුර්වල වේද, හෙතෙම මහා සංඝරක්ෂිත ස්ථවිරයන් මෙන් අලෝභී අද්වේෂී ප්‍රඥාවන්තයෙක් වෙයි.
අපරම්පි ඉමස්මිං ඨානෙ හෙතුකිත්තනං නාම ගහිතං. තිහෙතුකකම්මඤ්හි තිහෙතුකම්පි දුහෙතුකම්පි අහෙතුකම්පි විපාකං දෙති. දුහෙතුකකම්මං තිහෙතුකවිපාකං න දෙති, ඉතරං දෙති. තිහෙතුකකම්මෙන පටිසන්ධි තිහෙතුකාපි හොති, දුහෙතුකාපි; අහෙතුකා න හොති. දුහෙතුකෙන දුහෙතුකාපි හොති අහෙතුකාපි; තිහෙතුකා න හොති. අසඞ්ඛාරිකං කුසලං අසඞ්ඛාරිකම්පි සසඞ්ඛාරිකම්පි විපාකං දෙති. සසඞ්ඛාරිකං සසඞ්ඛාරිකම්පි අසඞ්ඛාරිකම්පි විපාකං දෙති. ආරම්මණෙන වෙදනා පරිවත්තෙතබ්බා. ජවනෙන තදාරම්මණං නියාමෙතබ්බං.
මෙහිදී වෙනත් හේතු කථනයක් ද ගන්නා ලදී. (ත්‍රිහේතුකය වනාහී) ත්‍රිහේතුක ද ද්විහේතුක ද අහේතුක ද විපාක දෙයි. ද්විහේතුක කර්මය ත්‍රිහේතුක විපාක නො දෙයි. අනෙක් විපාකය දෙයි. ත්‍රිහේතුක කර්මයෙන් දෙන ප්රතිසන්ධිය ත්‍රිහේතුක මෙන්ම ද්විහේතුක ද වෙයි. අහේතුක නොවෙයි. ද්විහේතුක කර්මයෙන් දෙන ප්රතිසන්ධිය ද්විහේතුක මෙන්ම අහේතුක ද වෙයි. ත්‍රිහේතුක නො වෙයි. අසංස්කාරිකය. අසංස්කාරික මෙන්ම සසංස්කාරික විපාක ද දෙයි. සසංස්කාරිකය සසංස්කාරික මෙන්ම අසංස්කාරික විපාක ද දෙයි. අරමුණෙන් වේදනාව පරිවර්තනය කළයුතුයි. ජවනයෙන් තදාරම්මණය නියම කළ යුතුයි.
ඉදානි තස්ස තස්ස ථෙරස්ස වාදෙ සොළසමග්ගාදයො වෙදිතබ්බා. පඨමකාමාවචරකුසලසදිසෙන හි පඨමමහාවිපාකචිත්තෙන ගහිතපටිසන්ධිකස්ස ගබ්භාවාසතො නික්ඛමිත්වා සංවරාසංවරෙ පට්ඨපෙතුං සමත්ථභාවං උපගතස්ස චක්ඛුද්වාරස්මිං ‘ඉට්ඨාරම්මණෙ’ ආපාථමාගතෙ කිරියමනොධාතුයා භවඞ්ගෙ අනාවට්ටිතෙයෙව අතික්කමනආරම්මණානං පමාණං නත්ථි. කස්මා එවං හොති? ආරම්මණදුබ්බලතාය. අයං තාව එකො මොඝවාරො.
දැන් ඒ ඒ තෙරවරුන්ගේ වාදයෙහි ෂෝඩස මාර්ගාදිය දතයුතුයි. ප්‍රථම කාමාවචර කුශලයට සමානව ප්‍රථම මහා විපාක සිතින් ගන්නා ලද ප්රතිසන්ධි ඇති, ගර්භාවාසයෙන් නික්ම සංවරා සංවරයෙහි පිහිටුවන්ට සමර්ථ බවට පැමිණි, චක්ෂුර් ද්වාරයෙහි ඉෂ්ටාරම්මණයෙහි ආපාථගත කිරිය මනෝධාතුව භවංගයෙහි වැටෙන්නට පළමුවෙන්ම ඉක්මවන ආරම්මණයන්ගේ ප්‍රමාණයක් නැත. කවර හෙයින් මෙසේ වේද? අරමුණ දුබල හෙයිනි. මේ වනාහි එක් මෝඝ වාරයෙකි.
සචෙ පන භවඞ්ගං ආවට්ටෙති, කිරියමනොධාතුයා භවඞ්ගෙ ආවට්ටිතෙ, වොට්ඨබ්බනං අපාපෙත්වාව අන්තරා, චක්ඛුවිඤ්ඤාණෙ වා සම්පටිච්ඡනෙ වා සන්තීරණෙ වා ඨත්වා නිවත්තිස්සතීති නෙතං ඨානං විජ්ජති. වොට්ඨබ්බනවසෙන පන ඨත්වා එකං වා ද්වෙ වා චිත්තානි පවත්තන්ති. තතො ආසෙවනං ලභිත්වා ජවනට්ඨානෙ ඨත්වා පුන භවඞ්ගං ඔතරති ඉදම්පි ආරම්මණදුබ්බලතාය එව හොති. අයං පන වාරො ‘දිට්ඨං විය මෙ, සුතං විය මෙ’තිආදීනි වදනකාලෙ ලබ්භති. අයම්පි දුතියො මොඝවාරො.
ඉදින් භවාංගාවර්තනය වේද, කිරිය මනෝධාතුව භවංගයෙහි වැටුණු කල්හි වොත්‍ථපනයට නො පමුණුවාම අතරදී චක්ෂුර් විඥානයෙහි හෝ සන්තීරණයෙහි තබා නවතී යන මේ කරුණ නොවන්නකි. වොත්ථපනයෙහි සිට සිත් එකක් හෝ දෙකක් පවතී. එයින් ආශ්‍රය ලැබ ජවන ස්ථානයෙහි සිට නැවත භවංගයට බසී. මෙය ද අරමුණෙහි දුබල බැවින්ම වෙයි. මේ වාරය වනාහි මා විසින් දක්නා ලද්දක් මෙනි. මා විසින් අසන ලද්දක් මෙන් ආදිය කියන කල්හි ලැබේ. මෙය ද දෙවන මෝඝවාරයයි.
අපරස්ස කිරියමනොධාතුයා භවඞ්ගෙ ආවට්ටිතෙ වීථිචිත්තානි උප්පජ්ජන්ති, ජවනං ජවති. ජවනපරියොසානෙ පන තදාරම්මණස්ස වාරො. තස්මිං අනුප්පන්නෙයෙව භවඞ්ගං ඔතරති. තත්රායං උපමා – යථා හි නදියා ආවරණං බන්ධිත්වා මහාමාතිකාභිමුඛෙ උදකෙ කතෙ උදකං ගන්ත්වා උභොසු තීරෙසු කෙදාරෙ පූරෙත්වා අතිරෙකං කක්කටකමග්ගාදීහි පලායිත්වා පුන නදිංයෙව ඔතරති, එවමෙතං දට්ඨබ්බං. එත්ථ හි නදියං උදකප්පවත්තනකාලො විය භවඞ්ගවීථිප්පවත්තනකාලො . ආවරණබන්ධනකාලො විය කිරියමනොධාතුයා භවඞ්ගස්ස ආවට්ටනකාලො. මහාමාතිකාය උදකප්පවත්තනකාලො විය වීථිචිත්තප්පවත්ති. උභොසු තීරෙසු කෙදාරපූරණං විය ජවනං. කක්කටකමග්ගාදීහි පලායිත්වා පුන උදකස්ස නදීඔතරණං විය ජවනං ජවිත්වා තදාරම්මණෙ අනුප්පන්නෙයෙව පුන භවඞ්ගොතරණං. එවං භවඞ්ගං ඔතරණචිත්තානම්පි ගණනපථො නත්ථි. ඉදඤ්චාපි ආරම්මණදුබ්බලතාය එව හොති. අයං තතියො මොඝවාරො.
වෙනත් කිරිය මනෝධාතුවක භවංගයෙහි වැටුණු කල්හි වීථි සිත් උපදී. ජවනය දුවයි. ජවනය අවසානයෙහි දී වනාහි තදාරම්මණයට වාරයයි. එය උපදින්නට පළමුවෙන්ම භවංගයට බසී. එහිදී මේ උපමාවකි. යම්සේ නදියෙක අමුණක් බැඳ මහ ඇළට දිය හැරවූ කල්හි ජලය ගලා ගොස් දෙතෙර කුඹුරු පුරවා ඉතිරිය කකුළු මං ආදියෙන් පිට වී නැවත නදියටම බසී ද මෙය ද මෙසේ දතයුතුයි. මෙහි දී වනාහි භවංග වීථිය (පවත්නා කාලය) නදියෙහි ජලය පවත්නා කාලය මෙනි. කිරිය මනෝ ධාතුව භවංගයට වැටෙන කාලය අමුණ බඳිනා කාලය මෙනි. වීථි සිත් පැවැත්ම මහ ඇළෙහි දිය පවතින කාලය මෙනි. ජවනය දෙතෙර කුඹුරු පිරීම මෙනි. ජවනය ධාවනය වී තදාරම්මණය පවතිද්දීම නැවත භවංගයට බැසීම කකුළු මං ආදියෙන් පිට වී නැවත ජලය නදියට බැසීම මෙනි. මෙසේ භවංගයට බසිනා සිත් පිළිබඳ ගණන පථයක් නම් නැත. මෙය ද අරමුණෙහි දුබලතාවෙන්ම වෙයි. මේ තුන්වන මෝඝ වාරයයි.
සචෙ පන බලවාරම්මණං ආපාථගතං හොති කිරියමනොධාතුයා භවඞ්ගෙ ආවට්ටිතෙ චක්ඛුවිඤ්ඤාණාදීනි උප්පජ්ජන්ති. ජවනට්ඨානෙ පන පඨමකාමාවචරකුසලචිත්තං ජවනං හුත්වා ඡසත්තවාරෙ ජවිත්වා තදාරම්මණස්ස වාරං දෙති. තදාරම්මණං පතිට්ඨහමානං තංසදිසමෙව මහාවිපාකචිත්තං පතිට්ඨාති. ඉදං ද්වෙ නාමානි ලභති – පටිසන්ධිචිත්තසදිසත්තා ‘මූලභවඞ්ග’න්ති ච, යං ජවනෙන ගහිතං ආරම්මණං තස්ස ගහිතත්තා ‘තදාරම්මණ’න්ති ච. ඉමස්මිං ඨානෙ චක්ඛුවිඤ්ඤාණං සම්පටිච්ඡනං සන්තීරණං තදාරම්මණන්ති චත්තාරි විපාකචිත්තානි ගණනූපගානි හොන්ති.
ඉදින් බලවත් අරමුණක් ආපාථගත වේද, (එවිට) කිරිය මනෝධාතුව භවංගයෙහි වැටුණු කල්හි චක්ෂුර් විඥානාදිය උපදී. ජවන ස්ථානයේදී පළමු කාමාවචර කුසල සිත ජවනය වී සය සත් විටක් දිවැ තදාරම්මණයට ඉඩ දෙයි. තදාරම්මණය පිහිටත්ම එබඳුම මහාවිපාක සිත පිහිටයි. මෙය නම් දෙකක් ලබයි. ප්රතිසන්ධි සිත හා සමාන හෙයින් මූල භවංගය යැයි ද ජවනය විසින් යම් අරමුණක් ගන්නා ලද ද එය ගත්හෙයින් තදාරම්මණ යැයි ද යනුවෙනි. මෙතැනදී චක්ඛු විඤ්ඤාණය සම්පටිච්ඡනය සන්තීරණය හා තදාරම්මණය යන විපාක සිත් සතන් ගණනයට පැමිණියේ වෙයි.
යදා පන දුතියකුසලචිත්තං ජවනං හොති, තදා තංසදිසං දුතියවිපාකචිත්තමෙව තදාරම්මණං හුත්වා පතිට්ඨාති. ඉදඤ්ච ද්වෙ නාමානි ලභති . පටිසන්ධිචිත්තෙන අසදිසත්තා ‘ආගන්තුකභවඞ්ග’න්ති ච පුරිමනයෙනෙව ‘තදාරම්මණ’න්ති ච. ඉමිනා සද්ධිං පුරිමානි චත්තාරි පඤ්ච හොන්ති.
යම් අවස්ථාවෙක දෙවන කුසල සිත ජවනය වේද (එකල්හි) එබඳු දෙවන විපාක සිතම තදාරම්මණය වී පිහිටයි. මෙය ද නම් දෙකක් ලබයි. ප්රතිසන්ධි සිත හා අසමාන හෙයින් ආගන්තුක භවංගය යැයි ද පළමු නයින්ම තදාරම්මණ ද යනුවෙනි. මෙය සමග පළමු සතර පසෙක් වෙයි.
යදා පන තතියකුසලචිත්තං ජවනං හොති, තදා තංසදිසං තතියවිපාකචිත්තං තදාරම්මණං හුත්වා පතිට්ඨාති. ඉදම්පි වුත්තනයෙනෙව ‘ආගන්තුකභවඞ්ගං’‘තදාරම්මණ’න්ති ච ද්වෙ නාමානි ලභති. ඉමිනා සද්ධිං පුරිමානි පඤ්ච ඡ හොන්ති.
යම්විටෙක තෙවන කුසල සිත ජවනය වේද, (එවිට) එබඳු තුන්වන විපාක සිත තදාරම්මණය වී පිහිටයි. මෙය ද කියන ලද නයින්ම ආගන්තුක භවංගය තදාරම්මණය යන නම් දෙක ලබයි. මෙය සමග පළමු පස සයෙක් වෙයි.
යදා පන චතුත්ථකුසලචිත්තං ජවනං හොති, තදා තංසදිසං චතුත්ථවිපාකචිත්තං තදාරම්මණං හුත්වා පතිට්ඨාති. ඉදම්පි වුත්තනයෙනෙව ‘ආගන්තුකභවඞ්ගං’‘තදාරම්මණ’න්ති ච ද්වෙ නාමානි ලභති. ඉමිනා සද්ධිං පුරිමානි ඡ සත්ත හොන්ති.
යම්විටෙක සතරවන කුසල සිත ජවනය වේද (එවිට) එබඳු සතරවන විපාක සිත තදාරම්මණය වී පිහිටයි. මෙය ද කියන ලද නයින්ම ආගන්තුක භවංගය තදාරම්මණය යන නම් දෙක ලබයි. මෙය සමග පළමු සය සතෙක් වෙයි.
යදා පන තස්මිං ද්වාරෙ ‘ඉට්ඨමජ්ඣත්තාරම්මණං’ ආපාථමාගච්ඡති, තත්රාපි වුත්තනයෙනෙව තයො මොඝවාරා ලබ්භන්ති. යස්මා පන ආරම්මණෙන වෙදනා පරිවත්තති තස්මා තත්ථ උපෙක්ඛාසහගතසන්තීරණං. චතුන්නඤ්ච උපෙක්ඛාසහගතමහාකුසලජවනානං පරියොසානෙ චත්තාරි උපෙක්ඛාසහගතමහාවිපාකචිත්තානෙව තදාරම්මණභාවෙන පතිට්ඨහන්ති. තානිපි වුත්තනයෙනෙව ‘ආගන්තුකභවඞ්ගං’‘තදාරම්මණ’න්ති ච ද්වෙ නාමානි ලභන්ති. ‘පිට්ඨිභවඞ්ගානී’තිපි වුච්චන්ති එව. ඉති ඉමානි පඤ්ච පුරිමෙහි සත්තහි සද්ධිං ද්වාදස හොන්ති. එවං චක්ඛුද්වාරෙ ද්වාදස, සොතද්වාරාදීසු ද්වාදස ද්වාදසාති, සමසට්ඨි හොන්ති. එවං එකාය චෙතනාය කම්මෙ ආයූහිතෙ සමසට්ඨි විපාකචිත්තානි උප්පජ්ජන්ති. අග්ගහිතග්ගහණෙන පන චක්ඛුද්වාරෙ ද්වාදස, සොතඝානජිව්හාකායවිඤ්ඤාණානි චත්තාරීති සොළස හොන්ති.
යම් අවස්ථාවෙක යම් ද්වාරයෙක ඉෂ්ට මධ්‍යස්ථ අරමුණක් ආපාථගත වේද, එහි ද කියන ලද නයින්ම මෝඝවාර තුනක් ලබයි. යම්හෙයකින් අරමුණ සමග වේදනාව පරිවර්තනය වේද එහෙයින් එහි සන්තීරණය උපේක්ෂා සහගතය. උපේක්ෂාසහගත මහා කුසල ජවන් සතර කෙළවර උපේක්ෂා සහගත මහාවිපාක සිත් සතරම තදාරම්මණ වශයෙන් පිහිටයි. ඒවා ද කියන ලද නයින්ම ආගන්තුක භවංගය තදාරම්මණ යැයි නම් දෙකක් ලබයි. පිට්ඨිභවංග යැයි ද කියනු ලැබේමය. මෙසේ මේ පස පළමු සත සමග දොළොසක් වෙයි. මෙසේ චක්ෂුර් ද්වාරයෙහි දොළොසෙක ශ්රෝතද්වාරාදීන්හි (දොළොස) දොළොස යැයි සමසැටක් වෙයි. මෙසේ එක් චේතනාවකින් කර්මයන් රැස්කළ කල්හි සමසැටක් විපාක සිත් උපදී. අගහිත ගහණයෙන් වනාහි චක්ෂුර් ද්වාරයෙහි දොළොසෙක ශ්රෝතඝ්රාණ ජීව්හා කාය විඥානාදීන් සතරදැයි සොළසක් වෙයි.
ඉමස්මිං ඨානෙ අම්බොපමං නාම ගණ්හිංසු – එකො කිර පුරිසො ඵලිතම්බරුක්ඛමූලෙ සසීසං පාරුපිත්වා නිපන්නො නිද්දායති. අථෙකං අම්බපක්කං වණ්ටතො මුච්චිත්වා තස්ස කණ්ණසක්ඛලිං පුඤ්ඡමානං විය ‘ථ’න්ති භූමියං පති. සො තස්ස සද්දෙන පබුජ්ඣිත්වා උම්මීලෙත්වා ඔලොකෙසි. තතො හත්ථං පසාරෙත්වා ඵලං ගහෙත්වා මද්දිත්වා උපසිඞ්ඝිත්වා පරිභුඤ්ජි.
මෙහිදී අම්බෝපමාව ගත්හ. එක් පුරුෂයෙක් ඵලගත් අඹගසක් මුල හිස පටන් පෙරවාගෙන වැදහෙව නිදයි. ඉක්බිති එක් ඉදුණු අඹ ගෙඩියක් නටුවෙන් ගිලිහී ඔහුගේ කන්පෙත්ත පිසගෙන මෙන් ‘මං’ යන ශබ්දයෙන් බිම වැටිණ. හෙතෙම එහි ශබ්දයෙන් පිබිද ඇස් ඇර බැලීය. ඉක්බිති අත දිගුකොට ගෙඩිය ගෙන මිරිකා සිඹ පරිභෝග කළේය.
තත්ථ, තස්ස පුරිසස්ස අම්බරුක්ඛමූලෙ නිද්දායනකාලො විය භවඞ්ගසමඞ්ගිකාලො. අම්බපක්කස්ස වණ්ටතො මුච්චිත්වා කණ්ණසක්ඛලිං පුඤ්ඡමානස්ස පතනකාලො විය ආරම්මණස්ස පසාදඝට්ටනකාලො. තෙන සද්දෙන පබුද්ධකාලො විය කිරියමනොධාතුයා භවඞ්ගස්ස ආවට්ටිතකාලො. උම්මීලෙත්වා ඔලොකිතකාලො විය චක්ඛුවිඤ්ඤාණස්ස දස්සනකිච්චසාධනකාලො. හත්ථං පසාරෙත්වා ගහිතකාලො විය විපාකමනොධාතුයා ආරම්මණස්ස සම්පටිච්ඡිතකාලො. ගහෙත්වා මද්දිතකාලො විය විපාකමනොවිඤ්ඤාණධාතුයා ආරම්මණස්ස සන්තීරණකාලො. උපසිඞ්ඝිතකාලො විය කිරියමනොවිඤ්ඤාණධාතුයා ආරම්මණස්ස වවත්ථාපිතකාලො . පරිභුත්තකාලො විය ජවනස්ස ආරම්මණරසං අනුභවිතකාලො. අයං උපමා කිං දීපෙති? ආරම්මණස්ස පසාදඝට්ටනමෙව කිච්චං. තෙන පසාදෙ ඝට්ටිතෙ කිරියමනොධාතුයා භවඞ්ගාවට්ටනමෙව, චක්ඛුවිඤ්ඤාණස්ස දස්සනමත්තකමෙව, විපාකමනොධාතුයා ආරම්මණසම්පටිච්ඡනමත්තකමෙව, විපාකමනොවිඤ්ඤාණධාතුයා ආරම්මණසන්තීරණමත්තකමෙව, කිරියමනොවිඤ්ඤාණධාතුයා ආරම්මණවවත්ථාපනමත්තකමෙව කිච්චං. එකන්තෙන පන ආරම්මණරසං ජවනමෙව අනුභවතීති දීපෙති.
එහිදී භවංග සමංගත කාලය ඒ පුරුෂයා අඹරුක මුල නිදන කාලය මෙනි. අරමුණ ප්‍රසාදයෙහි ගැටෙන කාලය අඹගෙඩිය නටුවෙන් මිදී කන්පෙත්ත පිසගෙන වැටෙන කාලය මෙනි. (කිරිය) මනෝධාතුව භවංගයට ආවර්තනය වන කාලය ඒ ශබ්දයෙන් පුබුදින කාලය මෙනි. චක්ෂුර්විඥානය දර්ශන කෘත්‍යය සිදුකරන කාලය ඇස ඇර බලන කාලය මෙනි. විපාක මනෝධාතුව අරමුණ පිළිගන්නා කාලය අත දිගහැර ගන්නා ලද කාලය මෙනි. විපාක මනෝවිඥාන ධාතුව අරමුණ සන්තීරණය කරන කාලය ගෙන මිරිකූ කාලය මෙනි. කිරිය මනෝ විඤ්ඤාණ ධාතුව අරමුණ ව්‍යවස්ථාපිත කාලය සිඹි කාලය මෙනි. ජවනය අරමුණු රසය අනුභව කළ කාලය පරිභෝග කළ කාලය මෙනි. මේ උපමාව කුමක් දක්වයිද? අරමුණ ප්‍රසාදයෙහි ගැටීමම කෘත්‍යයයි. එයින් ප්‍රසාදයෙහි ගැටුණු කල්හි කිරිය මනෝධාතුව භවංගාවර්තනය ද, චක්ෂුර් විඥානයාගේ දර්ශනමාත්රය ද විපාක මනෝධාතුව අරමුණ පිළිගැනීම් මාත්‍රය ද, කිරිය මනෝ විඤ්ඤාණ ධාතුව අරමුණ ව්‍යවස්ථාපනය කිරීම් මාත්‍රය ද කෘත්‍යයි. ඒකාන්තයෙන්ම ජවනයම ආරම්මණා රසය අනුභව කෙරේයැයි දක්වයි.
එත්ථ ච ‘ත්වං භවඞ්ගං නාම හොහි, ත්වං ආවජ්ජනං නාම, ත්වං දස්සනං නාම, ත්වං සම්පටිච්ඡනං නාම, ත්වං සන්තීරණං නාම, ත්වං වොට්ඨබ්බනං නාම, ත්වං ජවනං නාම, හොහී’ති කොචි කත්තා වා කාරෙතා වා නත්ථි.
මෙහිදී ද තෝ භවංගය නම් වෙව, තෝ ආවර්ජනය නම් වෙව, තෝ දර්ශන නම් වෙව, තෝ සම්පටිච්ඡන නම් වෙව, තෝ සන්තීරණ නම් වෙව, තෝ වොත්ථපන නම් වෙව, තෝ ජවනය නම් වෙව යැයි කරන හෝ කරවන කිසිවෙක් නැත.
ඉමස්මිං පන ඨානෙ පඤ්චවිධං නියාමං නාම ගණ්හිංසු – බීජනියාමං උතුනියාමං කම්මනියාමං ධම්මනියාමං චිත්තනියාමන්ති. තත්ථ කුලත්ථගච්ඡස්ස උත්තරග්ගභාවො, දක්ඛිණවල්ලියා දක්ඛිණතො රුක්ඛපරිහරණං, සූරියාවට්ටපුප්ඵානං සූරියාභිමුඛභාවො, මාලුවලතාය රුක්ඛාභිමුඛගමනමෙව, නාළිකෙරස්ස මත්ථකෙ ඡිද්දසබ්භාවොති තෙසං තෙසං බීජානං තංතංසදිසඵලදානං බීජනියාමො නාම. තස්මිං තස්මිං සමයෙ තෙසං තෙසං රුක්ඛානං එකප්පහාරෙනෙව පුප්ඵඵලපල්ලවග්ගහණං උතුනියාමො නාම. තිහෙතුකකම්මං තිහෙතුකදුහෙතුකාහෙතුකවිපාකං දෙති. දුහෙතුකකම්මං දුහෙතුකාහෙතුකවිපාකං දෙති, තිහෙතුකං න දෙතීති, එවං තස්ස තස්ස කම්මස්ස තංතංසදිසවිපාකදානමෙව කම්මනියාමො නාම.
මෙතැනදී බීජ නියාමය උතු නියාමය කම්ම නියාමය ධම්ම නියාමය චිත්ත නියාමය යන පංචවිධ නියාමය ගත්හ. එහි කොල්ලු පැළෑටිය උතුරට හැරෙන බව, දකුණට යන වැල් දකුණු පසින් වෘක්ෂ පරිහරණය කිරිම සූර්යාවර්තී පුෂ්ප සූර්යාභිමුඛවීම මාලුවා ලතාව රුකකට අභිමුඛව යෑම පොල්ගෙඩිය මත සිදුරක් හටගැනීම යනු ද ඒ ඒ බීජයන්ට ඒ සමානඵල දානය ද බීජ නියාමය නමි. ඒ ඒ කාලයට ඒ ඒ වෘක්ෂයන්ගේ එක්වරම මල් පලු කය (ද්විහේතුක විපාක ද) (අහේතුකය) (අහේතුක) විපාක ද දෙයි. ද්විහේතුක කර්මය ද්විහේතුක විපාක දෙයි. ත්‍රිහේතුක විපාක නොදෙයි යැයි ඒ ඒ කර්මයට ඒ ඒ සමාන විපාකම දීම කර්ම නියාම නමි. කර්මයට සමාන විපාක වශයෙන්ම අන්‍ය වූ ද කර්ම නියාමය වෙයි.
අපරොපි කම්මසරික්ඛකවිපාකවසෙනෙව කම්මනියාමො හොති. තස්ස දීපනත්ථමිදං වත්ථුං කථෙන්ති – සම්මාසම්බුද්ධකාලෙ සාවත්ථියා ද්වාරගාමො ඣායි . තතො පජ්ජලිතං තිණකරළං උට්ඨහිත්වා ආකාසෙන ගච්ඡතො කාකස්ස ගීවාය පටිමුඤ්චි. සො විරවන්තො භූමියං පතිත්වා කාලමකාසි. මහාසමුද්දෙපි එකා නාවා නිච්චලා අට්ඨාසි. හෙට්ඨා කෙනචි නිරුද්ධභාවං අපස්සන්තා කාළකණ්ණිසලාකං විචාරෙසුං. සා නාවිකස්සෙව උපාසිකාය හත්ථෙ පති. තතො එකිස්සා කාරණා මා සබ්බෙ නස්සන්තු, උදකෙ නං ඛිපාමාති ආහංසු. නාවිකො ‘න සක්ඛිස්සාමි එතං උදකෙ උප්පිලවමානං පස්සිතු’න්ති වාලිකාඝටං ගීවායං බන්ධාපෙත්වා ඛිපාපෙසි. තඞ්ඛණඤ්ඤෙව නාවා ඛිත්තසරො විය පක්ඛන්දි. එකො භික්ඛු ලෙණෙ වසති. මහන්තං පබ්බතකූටං පතිත්වා ද්වාරං පිදහි. තං සත්තමෙ දිවසෙ සයමෙව අපගතං. සම්මාසම්බුද්ධස්ස ජෙතවනෙ නිසීදිත්වා ධම්මං කථෙන්තස්ස ඉමානි තීණි වත්ථූනි එකප්පහාරෙනෙව ආරොචෙසුං. සත්ථා ‘න එතං අඤ්ඤෙහි කතං, තෙහි කතකම්මමෙව ත’න්ති අතීතං ආහරිත්වා දස්සෙන්තො ආහ –
එය දැක්වීම පිණිස මේ වස්තුව කියත්. සබ්‍රම්සරුන්ගේ කාලයෙහි සැවැත් නුවර ද්වාරග්රාමය දැවිණි. එයින් ගිනිගත් තණ කැරැල්ලක් පැන නැගී අහසින් යන කපුටෙකුගේ ගෙල බැඳිණි. හෙතෙම හඬ නඟමින් බිම වැටී කලුරිය කෙළේය. මහ මුහුදේ දී ද එක් නැවක් නිශ්චලව සිටියේය. යට කිසිවෙකු විසින් නතර කළ බවක් නොදක්නාහු කාලකණ්ණික සලාකය දැමූහ. එය නාවිකයාගේ උපාසිකාවගේම අතෙහි වැටුණේය. ඉක්බිති එකියක නිසා සියල්ලෝ නො නැසෙත්වා. ඇය දියට දමමුයි කීහ. නැවියා මැය දියෙහි පාවෙනු දැකිය නො හැකියැයි ගෙලෙහි වැලි කළයක් බැඳ (දියෙහි) දැම්මවීය. එකෙණෙහිම විදින ලද ඊයක් මෙන් නැව නික්මිණි. එක් භික්ෂුවක් ලෙණක වාසය කරයි. මහත් ගල්කුළක් වැටී දොර වැසිණ. සත්වන දිනයෙහි එය ඉබේම ඉවත්විය. ජේතවනාරාමයෙහි වැඩසිට දහම් දෙසන බුදුන්ට මේ කථා තුන එක්වරම දැනුම් දුන්හ. ශාස්තෲන් වහන්සේ මෙය අන්‍යයන් විසින් කරන ලද්දේ නොවේ. ඔවුන් විසින් කරන ලද කර්මයම යැයි අතීතය ගෙනහැර දක්වමින් මෙසේ වදාළහ.
කාකො පුරිමත්තභාවෙ මනුස්සො හුත්වා එකං දුට්ඨගොණං දමෙතුං අසක්කොන්තො ගීවාය පලාලවෙණිං බන්ධිත්වා අග්ගිං අදාසි. ගොණො තෙනෙව මතො. ඉදානි තං කම්මං එතස්ස ආකාසෙන ගච්ඡතොපි න මුච්චිතුං අදාසි. සාපි ඉත්ථී පුරිමත්තභාවෙ එකා ඉත්ථීයෙව. එකො කුක්කුරො තාය පරිචිතො හුත්වා අරඤ්ඤං ගච්ඡන්තියා සද්ධිං ගච්ඡති, සද්ධිමෙවාගච්ඡති. මනුස්සා ‘නික්ඛන්තො ඉදානි අම්හාකං සුනඛලුද්දකො’ති උප්පණ්ඩෙන්ති. සා තෙන අට්ටීයමානා කුක්කුරං නිවාරෙතුං අසක්කොන්තී වාලිකාඝටං ගීවාය බන්ධිත්වා උදකෙ ඛිපි. තං කම්මං තස්සා සමුද්දමජ්ඣෙ මුච්චිතුං නාදාසි. සොපි භික්ඛු පුරිමත්තභාවෙ ගොපාලකො හුත්වා බිලං පවිට්ඨාය ගොධාය සාඛාභඞ්ගමුට්ඨියා ද්වාරං ථකෙසි. තතො සත්තමෙ දිවසෙ සයං ආගන්ත්වා විවරි. ගොධා කම්පමානා නික්ඛමි. කරුණාය තං න මාරෙසි. තං කම්මං තස්ස පබ්බතන්තරං පවිසිත්වා නිසින්නස්ස මුච්චිතුං නාදාසීති. ඉමානි තීණි වත්ථූනි සමොධානෙත්වා ඉමං ගාථමාහ –
කපුටා පෙර ආත්මභාවයෙහි මිනිසෙකු වී එක් නපුරු ගොනෙකු දමනය කළ නො හැකිව ගෙලෙහි පිදුරු වෙණියක් බැඳ ගිනි තැබීය. ගොනා එයින්ම මළේය. දැන් ඒ කර්මය මොහුට අහසින් යද්දීත් මිදෙන්නට නොදුන්නේය. ඒ ස්ත්‍රිය ද පෙර ආත්මභාවයෙහි එක් ස්ත්රියක්මය. එක් බල්ලෙක් ඇය සමග පුරුදු වී කැලයට යද්දී සමගම යයි. සමගම ආපසු එයි. මිනිස්සු (දැන්) නික්මෙනුයේ අපගේ බලුවැද්දා යැයි කවටකම් කරති. එයින් කරදරයට පත් ඕ තොමෝ බල්ලා වැළැක්විය නොහැකිව වැලි කළයක් ගෙලෙහි බැඳ දියෙහි දැමුවාය. ඒ කර්මය ඇයට මුහුද මැදදීත් මිදෙන්නට නොදුනි. ඒ භික්ෂුව ද පෙර ආත්මයෙක ගොපල්ලෙකුව ගොයකු බියට පිවිසි කල්හි කොළ මිටකින් දොර වැසීය. සත්වන දින හෙතෙම අවුත් තමාම විවෘත කෙළේය. ගොයා වෙවුලමින් නික්මියේය. කරුණාවෙන් ඌ නො මැරීය. ඒ කර්මය පර්වතයක් ඇතුළට පිවිස සිටියදීත් ඔහුට මිදෙන්නට නුදුන්නේය. මේ වස්තු තුන සමෝධානය කොට මේ ගාථාව වදාළහ.
“න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ, න පබ්බතානං විවරං පවිස්ස; න විජ්ජතෙ සො ජගතිප්පදෙසො, යත්ථට්ඨිතො මුච්චෙය්ය පාපකම්මා”ති. (ධ· ප· 127);
න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතෙ සො ජගතිප්පදෙසො යත්ථට්ඨිතො මුඤ්චෙය්ය පාපකම්මාති
පාප කර්මයෙන් මිදී සිටිය හැකි තැනක් ලෝකයෙහි දක්නට නැත. අහසෙහිත් නැත. මුහුද මැදත් නැත. පර්වත විවරයකට පිවිසියත් නැත.
අයම්පි කම්මනියාමොයෙව නාම. අඤ්ඤානිපි එවරූපානි වත්ථූනි කථෙතබ්බානි.
මෙය ද කර්ම නියාමයම නමි. මෙබඳු වෙනත් වස්තු ද කිවයුතුයි.
බොධිසත්තානං පන පටිසන්ධිග්ගහණෙ, මාතුකුච්ඡිතො නික්ඛමනෙ, අභිසම්බොධියං තථාගතස්ස ධම්මචක්කප්පවත්තනෙ, ආයුසඞ්ඛාරස්ස ඔස්සජ්ජනෙ, පරිනිබ්බානෙ ච දසසහස්සචක්කවාළකම්පනං ධම්මනියාමො නාම.
බෝධිසත්ත්වයන් වහන්සේලාගේ පිළිසිඳ ගැනීමේදී මව්කුසින් බිහිවීමේදී බුද්ධත්වයට පත්වීමේදී තථාගතයන් වහන්සේගේ දම්සක් පැවැත්වීමේදී ආයු සංස්කාරය හැර දැමීමේ දී සහ පරිනිර්වාණයේ දී ද දසදහසක් සක්වළ කම්පාවීම (යන මේ) ධර්ම නියාම නම් වේ.
ආරම්මණෙන පන පසාදෙ ඝට්ටිතෙ ‘ත්වං ආවජ්ජනං නාම හොහි…පෙ… ත්වං ජවනං නාම හොහී’ති කොචි කත්තා වා කාරෙතා වා නත්ථි, අත්තනො අත්තනො පන ධම්මතාය එව ආරම්මණෙන පසාදස්ස ඝට්ටිතකාලතො පට්ඨාය කිරියමනොධාතුචිත්තං භවඞ්ගං ආවට්ටෙති, චක්ඛුවිඤ්ඤාණං දස්සනකිච්චං සාධෙති, විපාකමනොධාතු සම්පටිච්ඡනකිච්චං සාධෙති, විපාකමනොවිඤ්ඤාණධාතු සන්තීරණකිච්චං සාධෙති, කිරියමනොවිඤ්ඤාණධාතු වොට්ඨබ්බනකිච්චං සාධෙති, ජවනං ආරම්මණරසං අනුභවතීති අයං චිත්තනියාමො නාම. අයං ඉධ අධිප්පෙතො.
අරමුණ ප්‍රසාදයෙහි ගැටුණු කල්හි ඔබ ආවර්ජනය නම් වෙව -පෙ- ඔබ ජවනය නම් වෙවයි කරන හෝ කරවන කිසිවෙක් නැත. (තම) තමාගේ ධර්මතාවෙන්ම අරමුණ ප්‍රසාදයෙහි ගැටුණු අවස්ථාවේ පටන් කිරිය මනෝධාතුව භවංගයට වැටෙයි. චක්ෂුර්විඥානය දර්ශන කෘත්‍යය සිදුකරයි. විපාක මනෝධාතුව (සම්පටිච්ඡන කෘත්‍යය සිදුකරයි. විපාක මනෝවිඥාන ධාතුව) සන්තීරණ කෘත්‍යය සිදුකරයි. කිරිය මනෝ විඤ්ඤාණ ධාතුව වොත්ථපන කෘත්‍යය සිදුකරයි. ජවනය ආරම්මණ රසය අනුභව කරයි යන මෙය චිත්ත නියාම නමි. මෙහිදී මෙය අදහස් කරන ලදී.
සසඞ්ඛාරිකතිහෙතුකකුසලෙනාපි උපෙක්ඛාසහගතෙහි අසඞ්ඛාරිකසසඞ්ඛාරිකකුසලචිත්තෙහිපි කම්මෙ ආයූහිතෙ තංසදිසවිපාකචිත්තෙහි ආදින්නාය පටිසන්ධියා එසෙව නයො. උපෙක්ඛාසහගතද්වයෙ පන පඨමං ‘ඉට්ඨමජ්ඣත්තාරම්මණවසෙන’ පවත්තිං දස්සෙත්වා පච්ඡා ‘ඉට්ඨාරම්මණවසෙන’ දස්සෙතබ්බා.
සසංස්කාරික ත්‍රිහේතුක කුශලයෙන් ද උපේක්ෂා සහගත අසංස්කාරික සසංස්කාරික කුශල සිත් වලින් ද කර්ම රැස්කළ කල්හි ඒ හා සමාන විපාක සිත්වලින් දෙන ලද ප්රතිසන්ධියේදී ද මේ නයමය. උපේක්ෂා සහගත දෙකෙහි වනාහි පළමුවන ඉෂ්ට මධ්‍යස්ථ අරමුණු වශයෙන් පැවැත්ම දක්වා පසුව ඉෂ්ටාරම්මණ වශයෙන් දැක්විය යුතුයි.
එවම්පි එකෙකස්මිං ද්වාරෙ ද්වාදස ද්වාදස හුත්වා සමසට්ඨි හොන්ති. අග්ගහිතග්ගහණෙන සොළස විපාකචිත්තානි උප්පජ්ජන්ති.
මෙසේ ද එක් එක් ද්වාරයෙහි දොළොස දොළොස වී සමසැටක් වෙයි. අගහිත ගහණයෙන් සොළොස් විපාක සිත් උපදී.
ඉමස්මිං ඨානෙ පඤ්චඋච්ඡුනාළියන්තොපමං නාම ගණ්හිංසු. උච්ඡුපීළනසමයෙ කිර එකස්මා ගාමා එකාදස යන්තවාහා නික්ඛමිත්වා එකං උච්ඡුවාටං දිස්වා තස්ස පරිපක්කභාවං ඤත්වා උච්ඡුසාමිකං උපසඞ්කමිත්වා ‘යන්තවාහා මය’න්ති ආරොචෙසුං. සො ‘අහං තුම්හෙයෙව පරියෙසාමී’ති උච්ඡුසාලං තෙ ගහෙත්වා අගමාසි. තෙ තත්ථ නාළියන්තං සජ්ජෙත්වා ‘මයං එකාදස ජනා, අපරම්පි එකං ලද්ධුං වට්ටති, වෙතනෙන ගණ්හථා’ති ආහංසු. උච්ඡුසාමිකො ‘අහමෙව සහායො භවිස්සාමී’ති උච්ඡූනං සාලං පූරාපෙත්වා තෙසං සහායො අහොසි. තෙ අත්තනො අත්තනො කිච්චානි කත්වා, ඵාණිතපාචකෙන උච්ඡුරසෙ පක්කෙ, ගුළබන්ධකෙන බද්ධෙ, උච්ඡුසාමිකෙන තුලයිත්වා භාගෙසු දින්නෙසු, අත්තනො අත්තනො භාගං ආදාය උච්ඡුසාලං සාමිකස්ස පටිච්ඡාපෙත්වා, එතෙනෙව උපායෙන අපරාසුපි චතූසු සාලාසු කම්මං කත්වා පක්කමිංසු.
මෙහිදී පංචනාළි යන්ත්‍ර උපමාව ගත්හ. උක් මිරිකන සමයෙහි එක් ගමකින් යන්ත්‍ර වාහකයෝ එකොළොස් දෙනෙක් පිටත්ව එක් උක්කොටුවක් දැක එය පැසුණු බව දැන උක්හිමියා වෙත පැමිණ අපි යන්ත්‍ර වාහකයෝ වෙමුයි දැන්වූහ. හෙතෙම මමත් නුඹලාම සොයමින් සිටියෙමියි (ඔවුන්) උක් ශාලාවට ගෙන ගියේය. ඔව්හු එහි නාළි යන්ත්‍රය සවිකොට අපි එකොළොස් දෙනෙක් වෙමු. තවත් අයෙක් ගතයුතුයි. වැටුප් දී ගන්නැයි කීහ. උක්හිමියා මමම සහාය වෙමියි ශාලාවෙහි උක් පුරවා ඔවුන්ට සහාය විය. ඔව්හු (තම) තමාගේ වැඩ කොට පැණි උණු කරන්නා විසින්ම උක්රස උණු කළ කල්හි හකුරු මුල් බැඳ, උක් හිමියා කිරා කොටස් කර දුන් කල්හි තම තමන්ගේ කොටස් ගෙන උක්ශාලාව හිමියාට භාරදී මේ උපායෙන්ම තවත් ශාලා සතරෙක වැඩකොට ගියහ.
තත්ථ පඤ්ච යන්තසාලා විය පඤ්ච පසාදා දට්ඨබ්බා. පඤ්ච උච්ඡුවාටා විය පඤ්ච ආරම්මණානි. එකාදස විචරණකයන්තවාහා විය එකාදස විපාකචිත්තානි. පඤ්ච උච්ඡුසාලාසාමිනො විය පඤ්චවිඤ්ඤාණානි. පඨමකසාලායං සාමිකෙන සද්ධිං ද්වාදසන්නං ජනානං එකතොව හුත්වා කතකම්මානං භාගග්ගහණකාලො විය එකාදසන්නං විපාකචිත්තානං චක්ඛුවිඤ්ඤාණෙන සද්ධිං එකතො හුත්වා චක්ඛුද්වාරෙ රූපාරම්මණෙ සකසකකිච්චකරණකාලො. සාලාසාමිකස්ස සාලාය සම්පටිච්ඡනකාලො විය චක්ඛුවිඤ්ඤාණස්ස ද්වාරසඞ්කන්තිඅකරණං. දුතිය තතිය චතුත්ථ පඤ්චමසාලාය ද්වාදසන්නං එකතො හුත්වා කතකම්මානං භාගග්ගහණකාලො විය එකාදසන්නං විපාකචිත්තානං කායවිඤ්ඤාණෙන සද්ධිං එකතො හුත්වා කායද්වාරෙ ඵොට්ඨබ්බාරම්මණෙ සකසකකිච්චකරණකාලො. සාලාසාමිකස්ස සාලාය සම්පටිච්ඡනකාලො විය කායවිඤ්ඤාණස්ස ද්වාරසඞ්කන්තිඅකරණං වෙදිතබ්බං. එත්තාවතා තිහෙතුකකම්මෙන පටිසන්ධි තිහෙතුකා හොතීති වාරො කථිතො. යා පන තෙන දුහෙතුකපටිසන්ධි හොති, සා පටිච්ඡන්නාව හුත්වා ගතා.
එහි පංචප්රසාද යන්ත්‍ර ශාලා පස මෙන් දතයුතුයි. අරමුණු පස උක්කොටු පස මෙනි. එකොළොස් විපාක සිත් එකොළොස් සංචාරක යන්ත්‍ර වාහකයන් මෙනි. පංච විඥානයෝ උක්ශාලා හිමියන් පස්දෙනා මෙනි. එකොළොස් විපාක සිත් චක්ෂුර් විඥානය සමග එක්ව චක්ෂුර් ද්වාරයෙහි වූ රූපාරම්මණයෙහි ස්වකීය ස්වකීය කෘත්‍යය කරන කාලය පළමු ශාලාවෙහි හිමියා සමග දොළොස්දෙනා එක්ව කළ වැඩ පිළිබඳ කොටස් ගන්නා කාලය මෙනි. චක්ෂුර් විඥානයාගේ ද්වාර සංක්‍රාන්තිය නො කිරීම ශාලා හිමියා ශාලාම ආපසු භාරගත් කාලය මෙනි. එකොළොස් විපාක සිත් කාය විඥානය සමග එක්ව කායද්වාරයෙහි වූ පොට්ඨබ්බාරම්මණයෙහි ස්වකීය ස්වකීය කෘත්‍ය කරන කාලය දෙවන තුන්වන සතරවන හා පස්වන ශාලාවන්හි දොළොස් දෙන එක්ව කළ වැඩ පිළිබඳ කොටස් ගන්නා කාලය මෙනි. කාය විඥානය ද්වාර සංක්‍රාන්ති අකරණය ශාලා හිමියාට ශාලාව නැවත භාරදෙන කාලය මෙන් යැයි දතයුතුයි. මෙපමණකින් ත්‍රිහේතුක කර්මයෙන් ප්රතිසන්ධිය ත්‍රිහේතුක වේ යන වාරය කියන ලදී. එයින් යම් ද්විහේතුක ප්‍රතිසන්ධියක් වේද, එය ප්රතිච්ඡන්නවම ගියේය.
ඉදානි දුහෙතුකකම්මෙන දුහෙතුකා පටිසන්ධි හොතීති වාරො කථෙතබ්බො. දුහෙතුකෙන හි සොමනස්සසහගතඅසඞ්ඛාරිකචිත්තෙන කම්මෙ ආයූහිතෙ තංසදිසෙනෙව දුහෙතුකවිපාකචිත්තෙන ගහිතපටිසන්ධිකස්ස වුත්තනයෙනෙව චක්ඛුද්වාරෙ ‘ඉට්ඨාරම්මණෙ’ ආපාථමාගතෙ තයො මොඝවාරා. දුහෙතුකසොමනස්සසහගතඅසඞ්ඛාරිකජවනාවසානෙ තංසදිසමෙව මූලභවඞ්ගසඞ්ඛාතං තදාරම්මණං. සසඞ්ඛාරිකජවනාවසානෙ තංසදිසමෙව ආගන්තුකභවඞ්ගසඞ්ඛාතං තදාරම්මණං. ‘ඉට්ඨමජ්ඣත්තාරම්මණෙ’ ද්වින්නං උපෙක්ඛාසහගතජවනානං අවසානෙ තාදිසානෙව ද්වෙ තදාරම්මණානි උප්පජ්ජන්ති. ඉධ එකෙකස්මිං ද්වාරෙ අට්ඨ අට්ඨ කත්වා සමචත්තාලීස චිත්තානි. අග්ගහිතග්ගහණෙන පන චක්ඛුද්වාරෙ අට්ඨ, සොතඝානජිව්හාකායවිඤ්ඤාණානි චත්තාරීති ද්වාදස හොන්ති. එවං එකාය චෙතනාය කම්මෙ ආයූහිතෙ ද්වාදස විපාකචිත්තානි උප්පජ්ජන්ති. අම්බොපමපඤ්චනියාමකථා පාකතිකා එව. දුහෙතුකසෙසචිත්තත්තයසදිසවිපාකෙන ගහිතපටිසන්ධිකෙපි එසෙව නයො. යන්තවාහොපමාය පනෙත්ථ සත්ත යන්තවාහා. තෙහි තත්ථ යන්තෙ නාම සජ්ජිතෙ සාලාසාමිකං අට්ඨමං කත්වා වුත්තනයානුසාරෙන යොජනා වෙදිතබ්බා. එත්තාවතා දුහෙතුකකම්මෙන දුහෙතුකපටිසන්ධි හොතීති වාරො කථිතො.
දැන් ද්විහේතුක කර්මයෙන් ද්විහේතුක ප්රසින්ධිය වේ යන වාරය කිවයුතුයි. ද්විහේතුක සෝමනස්ස සහගත අසංඛාරික සිතින් කර්ම රැස්කළ කල්හි එය සමාන වූ ම ද්විහේතුක විපාක සිතින් ගන්නා ලද ප්රතිසන්ධි ඇත්තහුට කියන ලද නයින්ම චක්ෂුර් ද්වාරයෙහි ඉෂ්ටාරම්මණයක් ආපාථගත වූ කල්හි මෝඝවාර තුනෙකි. ද්විහේතුක සෝමනස්ස සහගත අසංස්කාරික ජවනාවසානයෙහි එබඳුම වූ මූලභවංග සංඛ්‍යාත තදාරම්මණය ද සසංඛාරික ජවනාවසානයෙහි එය හා සමානම ආගන්තුක භවංග සංඛ්‍යාත තදාරම්මණය ද ඉෂ්ට මධ්‍යස්ථ අරමුණෙහි උපේක්ෂා සහගත ජවන දෙකෙහි අවසානයෙහි එබඳු ම වූ තදාරම්මණ දෙකද උපදී. මෙහි එක් ද්වාරයෙක්හි අට අට වශයෙන් සිත් සමසතළිසක් වෙයි. අගහිත ගහණයෙන් වනාහි චක්ෂුර් ද්වාරයෙහි අටක් ද ශ්‍රෝත ඝ්‍රාණ ජිව්හා කාය යන විඥාන සතරදැයි දොළොසක් වෙයි. මෙසේ එක් චේතනාවකින් කර්ම රැස්කළ කල්හි විපාක සිත් දොළොසක් උපදී. අම්බෝපම පංච නියාමක කථාව ප්‍රකටමය. ද්විහේතුක සෙසු සිත් තුන සමාන විපාකය විසින් ගන්නා ලද ප්රතිසන්ධිකයෙහි ද මේ නයමය. මෙහි වනාහි යන්ත්රෝපමාවෙහි යන්ත්‍ර වාහකයෝ සත්දෙනෙකි. ඔවුන් විසින් අත් යන්ත්‍ර සෑදූ කල්හි ශාලා හිමියා අටවැන්නා කොට කියන ලද්ද අනුසාරයෙන් යෝජනාව දතයුතුයි. මෙතෙකින් ද්විහේතුක කර්මයෙන් ද්විහේතුක ප්රතිසන්ධිය වේ යන වාරය කියන ලදී.
ඉදානි අහෙතුකපටිසන්ධිකථා හොති – චතුන්නඤ්හි දුහෙතුකකුසලචිත්තානං අඤ්ඤතරෙන කම්මෙ ආයූහිතෙ කුසලවිපාකඋපෙක්ඛාසහගතාහෙතුකමනොවිඤ්ඤාණධාතුචිත්තෙන ගහිතපටිසන්ධිකස්ස පටිසන්ධි කම්මසදිසාති න වත්තබ්බා. කම්මඤ්හි දුහෙතුකං පටිසන්ධි අහෙතුකා. තස්ස වුඩ්ඪිප්පත්තස්ස චක්ඛුද්වාරෙ ‘ඉට්ඨමජ්ඣත්තාරම්මණෙ’ ආපාථමාගතෙ පුරිමනයෙනෙව තයො මොඝවාරා වෙදිතබ්බා. චතුන්නං පන දුහෙතුකකුසලචිත්තානං අඤ්ඤතරජවනස්ස පරියොසානෙ අහෙතුකචිත්තං තදාරම්මණභාවෙන පතිට්ඨාති. තං ‘මූලභවඞ්ගං’‘තදාරම්මණ’න්ති ද්වෙ නාමානි ලභති. එවමෙත්ථ චක්ඛුවිඤ්ඤාණං සම්පටිච්ඡනං උපෙක්ඛාසහගතසන්තීරණං තදාරම්මණම්පි උපෙක්ඛාසහගතමෙවාති තෙසු එකං ගහෙත්වා ගණනූපගානි තීණෙව හොන්ති.
දැන් අහේතු ප්රතිසන්ධි කථාව වෙයි. ද්විහේතුක කුශල සිත් සතර අතුරෙන් එක්තරා සිතකින් කර්ම රැස්කළ කල්හි කුශල විපාක උපේක්ෂා සහගත අහේතුක මනෝවිඥාන ධාතු සිතින් ගන්නා ලද ප්රතිසන්ධි ඇත්තහුගේ ප්රතිසන්ධිය කර්මය සමානයැයි නොකිය යුතුයි. කර්මය වනාහි ද්විහේතුකය. ප්රතිසන්ධිය අහේතුක ය. වෘද්ධියට පත් ඔහුගේ චක්ෂුර් ද්වාරයෙහි ඉෂ්ට මධ්‍යස්ථ අරමුණක් ආපාථගත වූ විට පළමු නයින්ම මෝඝවාර තුනක් දතයුතුයි. ද්විහේතුක කුශල සිත් සතර අතුරෙන් එක්තරා ජවනයක අවසානයෙහි අහේතුක සිත තදාරම්මණභාවයෙන් පිහිටයි. එය මූලභවංගය තදාරම්මණය යන නම් දෙක ලබයි. මෙසේ මෙහි චක්ෂුර් විඥානය ද සම්පටිච්ඡනය ද උපේක්ෂා සහගත සන්තීරණය ද තදාරම්මණය ද උපේක්ෂා සහගතමය. ඔවුනතුරෙන් එකක් ගෙන ගණනයට පත් තුනක්ම වෙයි.
‘ඉට්ඨාරම්මණෙ’ පන සන්තීරණම්පි තදාරම්මණම්පි සොමනස්සසහගතමෙව. තෙසු එකං ගහෙත්වා පුරිමානි තීණි චත්තාරි හොන්ති. එවං පඤ්චසු ද්වාරෙසු චත්තාරි චත්තාරි කත්වා එකාය චෙතනාය කම්මෙ ආයූහිතෙ වීසති විපාකචිත්තානි උප්පජ්ජන්තීති වෙදිතබ්බානි. අග්ගහිතග්ගහණෙන පන චක්ඛුද්වාරෙ චත්තාරි සොතඝානජිව්හාකායවිඤ්ඤාණානි චත්තාරීති අට්ඨ හොන්ති. ඉදං ‘අහෙතුකට්ඨකං’ නාම. ඉදං මනුස්සලොකෙන ගහිතං.
ඉෂ්ටාරම්මණයෙහි වනාහි සන්තීරණයද තදාරම්මණය ද සෝමනස්ස සහගතමය. ඔවුනතුරෙන් එකක් ගෙන පළමු තුන සතරක් වෙයි. මෙසේ පංච ද්වාරයන්හි සතර සතර කොට එක් චේතනාවකින් කර්ම රැස්කළ කල්හි විපාක සිත් විස්සක් උපදීයැයි දතයුතුයි. අගහිත ගහණයෙන් වනාහි චක්ෂුර් ද්වාරයෙහි සතරෙක ශ්‍රෝත ඝ්‍රාණ ජිව්හාකාය යන විඥාන සතරයැයි අටක් වෙයි. මේ අහේතුක අෂ්ටකය නමි, මෙය මිනිස් ලොවෙහි නො ගන්නා ලදී.
චතූසු පන අපායෙසු පවත්තෙ ලබ්භති. යදා හි මහාමොග්ගල්ලානත්ථෙරො නිරයෙ පදුමං මාපෙත්වා පදුමකණ්ණිකාය නිසින්නො නෙරයිකානං ධම්මකථං කථෙසි, තදා තෙසං ථෙරං පස්සන්තානං කුසලවිපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පජ්ජති. සද්දං සුණන්තානං සොතවිඤ්ඤාණං, චන්දනවනෙ දිවාවිහාරං නිසීදිත්වා ගතස්ස චීවරගන්ධඝායනකාලෙ ඝානවිඤ්ඤාණං, නිරයග්ගිං නිබ්බාපෙතුං දෙවං වස්සාපෙත්වා පානීයදානකාලෙ ජිව්හාවිඤ්ඤාණං, මන්දමන්දවාතසමුට්ඨාපනකාලෙ කායවිඤ්ඤාණන්ති එවං චක්ඛුවිඤ්ඤාණාදීනි පඤ්ච , එකං සම්පටිච්ඡනං, ද්වෙ සන්තීරණානීති අහෙතුකට්ඨකං ලබ්භති . නාගසුපණ්ණවෙමානිකපෙතානම්පි අකුසලෙන පටිසන්ධි හොති. පවත්තෙ කුසලං විපච්චති. තථා චක්කවත්තිනො මඞ්ගලහත්ථිඅස්සාදීනං. අයං තාව ‘ඉට්ඨඉට්ඨමජ්ඣත්තාරම්මණෙසු’ කුසලජවනවසෙන කථාමග්ගො.
සතර අපායන්හි පැවති කාලයෙහි ලැබේ. මහ මුගලන් තෙරණුවෝ වනාහි යම් අවස්ථාවෙක නිරයෙහි පියුමක් මවාගෙන පියුම් කෙමියෙහි වැඩහිඳ නේරයික සතුන්ට දහම් දෙසූ සේක් ද, එකල තෙරුන් දක්නා (ඔවුන්ට) කුශල විපාක චක්ෂුර් විඥානය උපදී. ශබ්දය අසන්නවුන්ට ශ්‍රෝත විඥානය ද, සඳුන් වනයෙහි දිවා විහරණය පිණිස වැඩහිඳ වැඩියා වූ උන්වහන්සේගේ සිවුරු සුවඳ ආඝ්‍රාණය කරන කාලයෙහි ඝාණ විඥානය ද, නිරාගින්න නිවන්නට වැසි වස්වා පැන් දෙන කාලයෙහි ජීව්හා විඥානය ද, මද මද සුළඟ නැගෙන කල්හි කාය විඥානයදැයි මෙසේ චක්ෂුර් විඥානාදී පස ද එක් සම්පටිච්ඡනයක් ද සන්තීරණ දෙකක් දැයි අහේතුක අෂ්ටකය ලැබේ. නාගුරුළු විමාන ප්‍රේතයින්ට ද අකුශලයෙන් ප්රතිසන්ධිය ලැබේ. ප්‍රවෘත්තියේ දී කුශල විපාකය ලැබේ. සක්විති රජුගේ මංගල හස්ති අශ්වාදීන්ට ද එසේය. මේ වනාහි (ඉෂ්ට) ඉෂ්ට මධ්‍යස්ථ අරමුණෙහි කුශල ප්රවෘත්ති වශයෙන් කථා මාර්ගයයි.
‘ඉට්ඨාරම්මණෙ’ පන චතූසු සොමනස්සසහගතාකුසලචිත්තෙසු ජවිතෙසු කුසලවිපාකං සොමනස්සසහගතාහෙතුකචිත්තං තදාරම්මණං හොති. ‘ඉට්ඨමජ්ඣත්තාරම්මණෙ’ චතූසු උපෙක්ඛාසහගතලොභසම්පයුත්තෙසු ජවිතෙසු කුසලවිපාකං උපෙක්ඛාසහගතාහෙතුකචිත්තං තදාරම්මණං හොති. යං පන ‘ජවනෙන තදාරම්මණං නියමෙතබ්බ’න්ති වුත්තං තං කුසලං සන්ධාය වුත්තන්ති වෙදිතබ්බං. දොමනස්සසහගතජවනානන්තරං තදාරම්මණං උප්පජ්ජමානං කිං උප්පජ්ජතීති? අකුසලවිපාකාහෙතුකමනොවිඤ්ඤාණධාතුචිත්තං උප්පජ්ජති.
ඉෂ්ටාරම්මණයෙහි වනාහි සොම්නස් සහගත කුසල සිත් සතර (ජවනය වූ කල්හි) කුසල විපාක සොම්නස් සහගත අහේතුක සිත තදාරම්මණය වෙයි. ඉෂ්ට මධ්‍යස්ථ අරමුණෙහි උපේක්ෂා සහගත ලෝභ සම්ප්‍රයුක්ත සතර ජවනය වූ කල්හි කුසලවිපාක උපේක්ෂා සහගත අහේතුක සිත තදාරම්මණය වෙයි. ජවනයෙන් තදාරම්මණය නියම කළයුතුයැයි යමක් කියන ලද ද, එය කුශලය සඳහා කියන ලදැයි දතයුතුයි. දොම්නස් සහගත ජවනයට අනතුරුව උපදනා තදාරම්මණය කුමක් වේද යත්, අකුසල විපාක අහේතුක මනෝවිඥාන ධාතු සිත උපදී.
ඉදං පන ජවනං කුසලත්ථාය වා අකුසලත්ථාය වා කො නියාමෙතීති? ආවජ්ජනඤ්චෙව වොට්ඨබ්බනඤ්ච. ආවජ්ජනෙන හි යොනිසො ආවට්ටිතෙ වොට්ඨබ්බනෙන යොනිසො වවත්ථාපිතෙ ජවනං අකුසලං භවිස්සතීති අට්ඨානමෙතං. ආවජ්ජනෙන අයොනිසො ආවට්ටිතෙ වොට්ඨබ්බනෙන අයොනිසො වවත්ථාපිතෙ ජවනං කුසලං භවිස්සතීතිපි අට්ඨානමෙතං. උභයෙන පන යොනිසො ආවට්ටිතෙ වවත්ථාපිතෙ ච ජවනං කුසලං හොති, අයොනිසො අකුසලන්ති වෙදිතබ්බං.
මේ ජවනය වනාහි කුසල බවට හෝ අකුසල බවට කවරෙක් නියම කෙරේද යත්, ආවර්ජනය හා වොත්ථපනයයි. ආවර්ජනය විසින් නුවණින් ආවර්ජනය කල කල්හි වොත්ථපනය විසින් නුවණින් ව්‍යවස්ථාපනය කළ කල්හි වනාහි ජවනය අකුසල වේය යනු සිදු නොවන්නකි. ආවර්ජනය විසින් නුනුවණින් ආවර්ජනය කල කල්හි වොත්ථපනය විසින් නුනුවණින් ව්‍යවස්ථාපනය කළ කල්හි ජවනය කුසල වේය යන මෙයද සිදු නො වන්නක්මය. දෙකින්ම නුවණින් ආවර්ජනය කළ කල්හිත් ව්‍යවස්ථාපනය කළ කල්හිත් ජවනය කුසල වෙයි. නුනුවණින් අකුසලය වේයැයි දතයුතුයි.
‘ඉට්ඨාරම්මණෙ’ පන කඞ්ඛතො උද්ධතස්ස ච තදාරම්මණං කිං හොතීති? ඉට්ඨාරම්මණස්මිං කඞ්ඛතු වා මා වා, උද්ධතො වා හොතු මා වා, කුසලවිපාකාහෙතුකසොමනස්සචිත්තමෙව තදාරම්මණං හොති, ‘ඉට්ඨමජ්ඣත්තාරම්මණෙ’ ‘කුසලවිපාකාහෙතුකඋපෙක්ඛාසහගත’න්ති, අයං පනෙත්ථ සඞ්ඛෙපතො අත්ථදීපනො මහාධම්මරක්ඛිතත්ථෙරවාදො නාම. සොමනස්සසහගතස්මිඤ්හි ජවනෙ ජවිතෙ පඤ්ච තදාරම්මණානි ගවෙසිතබ්බානීති. උපෙක්ඛාසහගතස්මිං ජවනෙ ජවිතෙ ඡ ගවෙසිතබ්බානීති.
ඉෂ්ටාරම්මණයෙහි සැකකරන උද්ධතයාගේ තදාරම්මණය කුමක් වේද යත්, ඉෂ්ටාරම්මණයෙහි සැක කෙරේවා. නො කෙරේවා. උද්ධතයෙක් හෝ වේවා නො වේවා. කුසල විපාක අහේතුක සොම්නස් සිතම තදාරම්මණය වේ. ඉෂ්ට මධ්‍යස්ථ අරමුණෙහි කුසල විපාක අහේතුක උපෙක්ඛා සහගත යැයි යන මෙය වනාහි මෙහි සංක්ෂේපයෙන් අර්ථ දක්වන මහා ධර්ම රක්ෂිත ස්ථවිර වාදය නමි. සොම්නස් සහගතයෙහි ජවනය දි වූ කල්හි වනාහි තදාරම්මණ පසක් සෙවිය යුතුය. උපේක්ෂා සහගතයෙහි (ජවනය) දිවූ කල්හි සයක් සෙවිය යුතුයි.
අථ යදා සොමනස්සසහගතපටිසන්ධිකස්ස පවත්තෙ ඣානං නිබ්බත්තෙත්වා පමාදෙන පරිහීනජ්ඣානස්ස ‘පණීතධම්මො මෙ නට්ඨො’ති පච්චවෙක්ඛතො විප්පටිසාරවසෙන දොමනස්සං උප්පජ්ජති, තදා කිං උප්පජ්ජති? ‘සොමනස්සානන්තරඤ්හි දොමනස්සං දොමනස්සානන්තරඤ්ච සොමනස්සං’ පට්ඨානෙ පටිසිද්ධං. මහග්ගතධම්මං ආරබ්භ ජවනෙ ජවිතෙ තදාරම්මණම්පි තත්ථෙව පටිසිද්ධන්ති? කුසලවිපාකා වා අකුසලවිපාකා වා උපෙක්ඛාසහගතාහෙතුකමනොවිඤ්ඤාණධාතු උප්පජ්ජති , කිමස්සා ආවජ්ජනන්ති? ‘භවඞ්ගාවජ්ජනානං විය නත්ථස්සා ආවජ්ජනකිච්ච’න්ති. ‘එතානි තාව අත්තනො නින්නත්තා ච චිණ්ණත්තා ච සමුදාචාරත්තා ච උප්පජ්ජන්තු, අයං කථං උප්පජ්ජතී’ති? ‘යථා නිරොධස්ස අනන්තරපච්චයං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, නිරොධා වුට්ඨහන්තස්ස ඵලසමාපත්තිචිත්තං, අරියමග්ගචිත්තං, මග්ගානන්තරානි ඵලචිත්තානි, එවං අසන්තෙපි ආවජ්ජනෙ, නින්නචිණ්ණසමුදාචාරභාවෙන උප්පජ්ජති. විනා හි ආවජ්ජනෙන චිත්තං උප්පජ්ජති, ආරම්මණෙන පන විනා නුප්පජ්ජතී’ති. ‘අථ කිමස්සාරම්මණ’න්ති? ‘රූපාදීසු පරිත්තධම්මෙසු අඤ්ඤතරං. එතෙසු හි යදෙව තස්මිං සමයෙ ආපාථමාගතං හොති, තං ආරබ්භ එතං චිත්තං උප්පජ්ජතී’ති වෙදිතබ්බං.
තවද යම්කලෙක සොම්නස් සහගත ප්රතිසන්ධිය ඇතිකල්හි ධ්‍යාන උපදවා ප්‍රමාදයෙන් පිරිහුණු ධ්‍යාන ඇතිව මාගේ ප්‍රණීත ධර්මය පිරිහිණැයි ප්රත්යවේක්ෂා කරන්නාට විපිළිසර වශයෙන් දොම්නසක් උපදී ද එවිට කුමක් උපදී ද යත්, සොම්නසට අනතුරුව දෙස ද දොම්නසට අනතුරුව සොම්නස ද උපදී. පට්ඨානයෙහි සිද්ධ මහද්ගත ධර්මය අරභයා ජවනය දිවූ කල්හි තදාරම්මණයත් එහිම සිද්ධ ද? කුසලවිපාක හෝ අකුසල විපාක හෝ උපෙක්ඛා සහගත අකුසල මනෝ විඤ්ඤාණ ධාතුව උපදී. එහි ආවර්ජනය කුමක් ද? (භවංගාවර්ජනයයි.) මෙයට භවංගාවර්ජනයන්ට මෙන් ආවර්ජන කෘත්‍යයක් නැත, මොව්හු වනාහි තමාට නැඹුරු බැවිනුත් රැස්කළ බැවිනුත් සමුදා චරිත බැවිනුත් උපදිත්වා. මෙය කෙසේ උපදීද යත්, යම්සේ නිරෝධයට නේවසඤ්ඤා නාසඤ්ඤායතනය අනන්තර ප්‍රත්‍යය වේද, (එසේම) නිරෝධයෙන් නැගිටින්නාට සමාපත්ති සිත ද, ආර්ය මාර්ග සිත ද, මාර්ගයන්ට අනතුරුව ඵලසිත් ද උපදී. එසේ (ආවර්ජනයන්) නැති කල්හි ද නිවණට බර වූ හැසිරීමෙන් යුක්තව උපදී. ආවර්ජනයෙන් තොරව ද සිත උපදී. අරමුණෙන් තොරව වනාහි නූපදී. එසේ නම් මෙයට අරමුණ කුමක්ද? රූපාදී පරිත්තාරම්මණයන්ගෙන් අන්යතරයකි. මොවුනතුරෙන් යමක් එසමයෙහි ආපාථගත වේ ද, එය අරබයා මේ සිත උපදීයැයි දතයුතුයි.
ඉදානි සබ්බෙසම්පි එතෙසං චිත්තානං පාකටභාවත්ථං අයං පකිණ්ණකනයො වුත්තො –
දැන් මේ සියලුම සිත් ප්‍රකට කිරීම පිණිස මේ ප්රකීර්ණකනය කියන ලදී.
සුත්තං දොවාරිකො ච, ගාමිල්ලො අම්බො කොලියකෙන ච; ජච්චන්ධො පීඨසප්පී ච, විසයග්ගාහො ච උපනිස්සයමත්ථසොති.
සුත්තං දොවාරිකො ච ගාමිල්ලො අම්බො කොලියකෙන ච, ජච්චන්ධො පීඨසප්පී ච විසයග්ගාහො ච උපනිස්සයමත්ථතො ති
සූත්‍ර (මකුළුහුය) උපමාව, දොරටුපාල උපමාව, ගැමිදරු උපමාව කෝලියක (උක්යන්ත්ර) උපමාව සමග අම්බෝපමාව ද, ජාත්යන්ධයා සහ කොරා පිළිබඳ උපමාව ද උපනිශ්‍රය වශයෙනුත් අර්ථ වශයෙනුත් විෂයග්රාහය ද (දතයුතුයි.)
තත්ථ ‘සුත්ත’න්ති, එකො පන්ථමක්කටකො පඤ්චසු දිසාසු සුත්තං පසාරෙත්වා ජාලං කත්වා මජ්ඣෙ නිපජ්ජති. පඨමදිසාය පසාරිතසුත්තෙ පාණකෙන වා පටඞ්ගෙන වා මක්ඛිකාය වා පහටෙ නිපන්නට්ඨානතො චලිත්වා නික්ඛමිත්වා සුත්තානුසාරෙන ගන්ත්වා තස්ස යූසං පිවිත්වා පුනආගන්ත්වා තත්ථෙව නිපජ්ජති. දුතියදිසාදීසු පහටකාලෙපි එවමෙව කරොති.
එහි සුත්තං යනු - එක් මකුළුවෙක් දිසාපසෙක නූල් දිගහැර දැලක් සාදා එය මැද වැදහොත්තේය. පළමු දිසාවෙහි දිගහරින ලද නූලෙහි ප්රාණියෙකු හෝ පළගැටියෙකු හෝ මැස්සෙකු හෝ ගැටුණු කල්හි වැදහොත් තැනින් චලනය වී නික්ම සූත්‍රානුසාරයෙන් ගොස් උගේ යුෂ බී නැවත අවුත් එහිම වැදහෙයි, දෙවන ආදී සූත්‍රයන්හි ගැටුණු කල්හි ද මෙසේම කරයි.
තත්ථ පඤ්චසු දිසාසු පසාරිතසුත්තං විය පඤ්චපසාදා. මජ්ඣෙ නිපන්නමක්කටකො විය චිත්තං. පාණකාදීහි සුත්තඝට්ටනකාලො විය ආරම්මණෙන පසාදස්ස ඝට්ටිතකාලො. මජ්ඣෙ නිපන්නමක්කටකස්ස චලනං විය පසාදඝට්ටනකං ආරම්මණං ගහෙත්වා කිරියමනොධාතුයා භවඞ්ගස්ස ආවට්ටිතකාලො. සුත්තානුසාරෙන ගමනකාලො විය වීථිචිත්තප්පවත්ති. සීසෙ විජ්ඣිත්වා යූසපිවනං විය ජවනස්ස ආරම්මණෙ ජවිතකාලො. පුනආගන්ත්වා මජ්ඣෙ නිපජ්ජනං විය චිත්තස්ස හදයවත්ථුමෙව නිස්සාය පවත්තනං.
පංචප්රසාදයෝ එහි දිසා පසෙහි දිගහරින ලද නූල් මෙනි. සිත මැද හොත් මකුළුවා මෙනි. අරමුණ සමග ප්‍රසාද ගැටෙන කාලය ප්රාණකාදීන් සූත්‍රයෙහි ගැටෙන කාලය මෙනි. ප්‍රසාදයෙහි ගැටෙන අරමුණ ගෙන කිරියමනෝ ධාතුව භවංගයට ආවර්තනය වූ කාලය මැද වැදහොත් මකුළුවාගේ චලනය මෙනි. වීථි සිතේ පැවැත්ම සූත්‍රානුසාරයෙන් යන කාලය මෙනි. ජවනය අරමුණෙහි දිවූ කාලය හිස විද යුෂ බීම මෙනි. සිත හෘදයවස්තුවම ඇසුරුකොට වැටීම නැවත අවුත් මැද වැදහෝණා කාලය මෙනි.
ඉදං ඔපම්මං කිං දීපෙති? ආරම්මණෙන පසාදෙ ඝට්ටිතෙ පසාදවත්ථුකචිත්තතො හදයරූපවත්ථුකචිත්තං පඨමතරං උප්පජ්ජතීති දීපෙති. එකෙකං ආරම්මණං ද්වීසු ද්වීසු ද්වාරෙසු ආපාථමාගච්ඡතීතිපි.
මේ උපමාව කුමක් දක්වයිද? අරමුණ ප්‍රසාදයෙහි ගැටුණු කල්හි ප්‍රසාද වස්තුක සිතට පළමුවෙන් හෘදය වස්තුව සිත උපදී යන්න දක්වයි. එක් එක් අරමුණ ද්වාර (දෙක්හි) ආපාථගත වේයැයි දක්වයි.
‘දොවාරිකො’ති , එකො රාජා සයනගතො නිද්දායති. තස්ස පරිචාරකො පාදෙ පරිමජ්ජන්තො නිසීදි. බධිරදොවාරිකො ද්වාරෙ ඨිතො. තයො පටිහාරා පටිපාටියා ඨිතා. අථෙකො පච්චන්තවාසී මනුස්සො පණ්ණාකාරං ආදාය ආගන්ත්වා ද්වාරං ආකොටෙසි. බධිරදොවාරිකො සද්දං න සුණාති. පාදපරිමජ්ජකො සඤ්ඤං අදාසි. තාය සඤ්ඤාය ද්වාරං විවරිත්වා පස්සි. පඨමපටිහාරො පණ්ණාකාරං ගහෙත්වා දුතියස්ස අදාසි, දුතියො තතියස්ස, තතියො රඤ්ඤො. රාජා පරිභුඤ්ජි.
දොවාරිකො යනු, එක් රජෙක් යහන්ගතව නිදයි. ඔහුගේ සේවකයා පා පිරිමදිමින් හුන්නේය. බිහිරි දොරටුපාලකයා දොරටුවෙහි සිටියේ ය. ආරක්ෂකයෝ තිදෙනෙක් පිළිවෙළින් සිටියහ. ඉක්බිති ප්‍රත්‍යන්ත වැසියෙක් පඬුරු ගෙනවුත් දොරට තට්ටු කෙළේ ය. බිහිරි දොරටු පාලකයාට ශබ්දය නෑසේ. පා පිරිමදින්නා ඉඟියක් දුන්නේය. ඒ සංඥාවෙන් දොර හැර බැලීය. පළමු ආරක්ෂකයා පඬුරු ගෙන දෙවැන්නාට දුන්නේය. දෙවැන්නා තුන්වැන්නාට දුන්නේ ය. තුන්වැන්නා රජුට දුන්නේ ය. රජ පරිභෝග කෙළේ ය.
තත්ථ සො රාජා විය ජවනං දට්ඨබ්බං. පාදපරිමජ්ජකො විය ආවජ්ජනං. බධිරදොවාරිකො විය චක්ඛුවිඤ්ඤාණං. තයො පටිහාරා විය සම්පටිච්ඡනාදීනි තීණි වීථිචිත්තානි. පච්චන්තවාසිනො පණ්ණාකාරං ආදාය ආගන්ත්වා ද්වාරාකොටනං විය ආරම්මණස්ස පසාදඝට්ටනං. පාදපරිමජ්ජකෙන සඤ්ඤාය දින්නකාලො විය කිරියමනොධාතුයා භවඞ්ගස්ස ආවට්ටිතකාලො. තෙන දින්නසඤ්ඤාය බධිරදොවාරිකස්ස ද්වාරවිවරණකාලො විය චක්ඛුවිඤ්ඤාණස්ස ආරම්මණෙ දස්සනකිච්චසාධනකාලො. පඨමපටිහාරෙන පණ්ණාකාරස්ස ගහිතකාලො විය විපාකමනොධාතුයා ආරම්මණස්ස සම්පටිච්ඡිතකාලො. පඨමෙන දුතියස්ස දින්නකාලො විය විපාකමනොවිඤ්ඤාණධාතුයා ආරම්මණස්ස සන්තීරණකාලො. දුතියෙන තතියස්ස දින්නකාලො විය කිරියමනොවිඤ්ඤාණධාතුයා ආරම්මණස්ස වවත්ථාපිතකාලො. තතියෙන රඤ්ඤො දින්නකාලො විය වොට්ඨබ්බනෙන ජවනස්ස නිය්යාදිතකාලො. රඤ්ඤො පරිභොගකාලො විය ජවනස්ස ආරම්මණරසානුභවනකාලො.
එහි ජවනය ඒ රජු මෙන් දතයුතුයි. ආවර්ජන සිත පා පිරිමදින්නා මෙනි. චක්ෂුර් විඥානය බිහිරි දොරටු පාලකයා මෙනි. සම්පටිච්ඡනාදී සිත් තුන ආරක්ෂකයන් තිදෙනා මෙනි. අරමුණ ප්‍රසාදයෙහි ගැටීම ප්‍රත්‍යන්ත වැසියන් පඬුරු ගෙනවුත් දොරට තට්ටුකිරීම මෙනි. කිරිය මනෝධාතුව භවංගාවර්තනය වූ කාලය හා පිරිමදින්නා සංඥාව දුන් කාලය මෙනි. චක්ෂුර් විඥානය අරමුණෙහි දර්ශන කෘත්‍යය සිදුකරන කාලය ඔහු විසින් දෙන ලද සංඥාවෙන් බිහිරි දොරටු පාලකයා දොර විවර කරන කාලය මෙනි. විපාක මනෝධාතුව අරමුණ පිළිගන්නා කාලය පළමු ආරක්ෂකයා විසින් පඬුරු ගත් කාලය මෙනි. විපාක මනෝවිඥාන ධාතුව අරමුණ සන්තීරණය කළ කාලය පළමුවන ආරක්ෂකයා විසින් දෙවන ආරක්ෂකයාට දුන් කාලය මෙනි. කිරිය මනෝවිඥාන ධාතුව (අරමුණ ව්‍යවස්ථාපනය කළ කාලය) දෙවැන්නා තුන්වැන්නාට දුන් කාලය මෙනි. (වොත්ථපනය විසින් ජවනයට පවරා දුන් කාලය තුන්වැන්නා විසින් රජුට දුන් කාලය මෙනි. ජවනය අරමුණු රසය අනුභව කරන කාලය රජු පරිභෝග කරන කාලය මෙනි.
ඉදං ඔපම්මං කිං දීපෙති? ආරම්මණස්ස පසාදඝට්ටමත්තනමෙව කිච්චං, කිරියමනොධාතුයා භවඞ්ගාවට්ටනමත්තමෙව, චක්ඛුවිඤ්ඤාණාදීනං දස්සනසම්පටිච්ඡනසන්තීරණවවත්ථාපනමත්තානෙව කිච්චානි. එකන්තෙන පන ජවනමෙව ආරම්මණරසං අනුභොතීති දීපෙති.
මේ උපමාව කුමක් දක්වයිද? අරමුණ ප්‍රසාදයෙහි හැඟීමම (කෘත්‍යයයි) කිරිය මනෝධාතුව භවංගාවර්තන මාත්රයමය. චක්ෂුර් විඥානාදීන්ගේ දස්සන සම්පටිච්ඡන සන්තීරණ වොත්ථපන මාත්රයෝම කෘත්යයෝය. ඒකාන්තයෙන් වනාහි ජවනයම ආරම්මණ රසය අනුභව කෙරේ යන්න මෙය දක්වයි.
‘ගාමිල්ලො’ති , සම්බහුලා ගාමදාරකා අන්තරවීථියං පංසුකීළං කීළන්ති. තත්ථෙකස්ස හත්ථෙ කහාපණො පටිහඤ්ඤි. සො ‘මය්හං හත්ථෙ පටිහතං, කිං නු ඛො එත’න්ති ආහ. අථෙකො ‘පණ්ඩරං එත’න්ති ආහ. අපරො සහ පංසුනා ගාළ්හං ගණ්හි. අඤ්ඤො ‘පුථුලං චතුරස්සං එත’න්ති ආහ. අපරො ‘කහාපණො එසො’ති ආහ. අථ නං ආහරිත්වා මාතු අදාසි. සා කම්මෙ උපනෙසි.
ගාමිල්ලො යනු, බොහෝ ගැමිදරුවෝ අතුරු වීථියෙහි වැලි කෙළෙති. එහි එක් අයෙකුගේ අතෙහි කහවණුවක් හැපුණේ ය. හෙතෙම මාගේ අතෙහි හැපුණු මෙය කුමක්දැයි කීය. ඉක්බිති එකෙක් එය සුදුයැයි කීය. තවෙකෙක් එය පසුත් සමග දැඩිව ගත්තේය. තවත් එකෙක් මෙය මහත්ය, සිවුරැස් යැයි කීය. තවෙකෙක් මෙය කහවණුවෙකැයි කීය. ඉක්බිති එය ගෙන ගොස් මවට දුන්නේ ය. ඕතොමෝ එය කාර්මිකයා වෙතට දුන්නාය.
තත්ථ සම්බහුලානං දාරකානං අන්තරවීථියං කීළන්තානං නිසින්නකාලො විය භවඞ්ගචිත්තප්පවත්ති දට්ඨබ්බා. කහාපණස්ස හත්ථෙ පටිහතකාලො විය ආරම්මණෙන පසාදස්ස ඝට්ටිතකාලො. ‘කිං නු ඛො එත’න්ති වුත්තකාලො විය තං ආරම්මණං ගහෙත්වා කිරියමනොධාතුයා භවඞ්ගස්ස ආවට්ටිතකාලො. ‘පණ්ඩරං එත’න්ති වුත්තකාලො විය චක්ඛුවිඤ්ඤාණෙන දස්සනකිච්චස්ස සාධිතකාලො. සහ පංසුනා ගාළ්හං ගහිතකාලො විය විපාකමනොධාතුයා ආරම්මණස්ස සම්පටිච්ඡිතකාලො. ‘පුථුලං චතුරස්සං එත’න්ති වුත්තකාලො විය විපාකමනොවිඤ්ඤාණධාතුයා ආරම්මණස්ස සන්තීරණකාලො. ‘එසො කහාපණො’ති වුත්තකාලො විය කිරියමනොවිඤ්ඤාණධාතුයා ආරම්මණස්ස වවත්ථාපිතකාලො. මාතරා කම්මෙ උපනීතකාලො විය ජවනස්ස ආරම්මණරසානුභවනං වෙදිතබ්බං.
භවංග සිත පැවති කාලය එහි බොහෝ දරුවන් අතුරු වීථියෙහි කෙළිමින් සිටි කාලය මෙනි. අරමුණ ප්‍රසාදයෙහි ගැටුණු කාලය කහවණුව අතෙහි හැපුණු කාලය මෙනි. ඒ අරමුණ ගෙන කිරියමනෝ ධාතුව භවංගාවර්තනය වූ කාලය මෙය කුමක්දැයි කී කාලය මෙනි. චක්ෂුර් විඥානය දර්ශන කෘත්‍යය සිදුකළ කාලය මෙය සුදුසුයැයි කී කාලය මෙනි. විපාක මනෝවිඤ්ඤාණ ධාතුව අරමුණ පිළිගත් කාලය පසුත් සමග දැඩිව ගත් කාලය මෙනි. විපාක මනෝවිඤ්ඤාණ ධාතුව අරමුණ සන්තීරණය කළ කාලය මෙය මහතය සතරැස්ය කී කාලය මෙනි. කිරිය මනෝවිඤ්ඤාණ ධාතුව අරමුණ ව්‍යවස්ථාපනය කළ කාලය එකෙකු මෙය කහවණුවෙකැයි කී කාලය මෙනි. ජවන් සිත අරමුණු රසය අනුභව කිරීම මව එය කාර්මිකයාට එළවූ කාලය මෙනියි දතයුතුයි.
ඉදං ඔපම්මං කිං දීපෙති? කිරියමනොධාතු අදිස්වාව භවඞ්ගං ආවට්ටෙති, විපාකමනොධාතු අදිස්වාව සම්පටිච්ඡති, විපාකමනොවිඤ්ඤාණධාතු අදිස්වාව සන්තීරෙති, කිරියමනොවිඤ්ඤාණධාතු අදිස්වාව වවත්ථාපෙති, ජවනං අදිස්වාව ආරම්මණරසං අනුභොති. එකන්තෙන පන චක්ඛුවිඤ්ඤාණමෙව දස්සනකිච්චං සාධෙතීති දීපෙති.
මේ උපමාව කුමක් දක්වයිද යත්, කිරිය මනෝධාතුව නොදැකම භවංගාවර්තනය වෙයි. විපාක මනෝධාතුව නොදැකම පිළිගනී. විපාක මනෝවිඤ්ඤාණ ධාතුව නො දැකම සන්තීරණය කරයි. කිරිය මනෝවිඤ්ඤාණ ධාතුව නොදැකම ව්‍යවස්ථාපනය කරයි. ජවනය නොදැකම අරමුණු රසය අනුභව කරයි. මෙපමණින් වනාහි චක්ෂුර් විඥානයම දර්ශන කෘත්‍යය සිද්ධ කෙරේ යැයි දක්වයි.
‘අම්බො කොලියකෙන චා’ති, ඉදං හෙට්ඨා වුත්තං අම්බොපමඤ්ච උච්ඡුසාලාසාමිකොපමඤ්ච සන්ධාය වුත්තං.
අම්බො කොලියතෙන යන මෙය යන කියන ලද අම්බෝපමාවත් උක් කර්මාන්ත සාලාහිමියා පිළිබඳ උපමාවක් සඳහා කියන ලදී.
‘ජච්චන්ධො පීඨසප්පී චා’ති, උභොපි කිර තෙ නගරද්වාරෙ සාලායං නිසීදිංසු. තත්ථ පීඨසප්පී ආහ – ‘භො අන්ධක, කස්මා ත්වං ඉධ සුස්සමානො විචරසි, අසුකො පදෙසො සුභික්ඛො බහ්වන්නපානො, කිං තත්ථ ගන්ත්වා සුඛෙන ජීවිතුං න වට්ටතී’ති? ‘මය්හං තාව තයා ආචික්ඛිතං, තුය්හං පන තත්ථ ගන්ත්වා සුඛෙන ජීවිතුං කිං න වට්ටතී’ති? ‘මය්හං ගන්තුං පාදා නත්ථී’ති. ‘මය්හම්පි පස්සිතුං චක්ඛූනි නත්ථී’ති. ‘යදි එවං, තව පාදා හොන්තු, මම චක්ඛූනී’ති උභොපි ‘සාධූ’ති සම්පටිච්ඡිත්වා ජච්චන්ධො පීඨසප්පිං ඛන්ධං ආරොපෙසි. සො තස්ස ඛන්ධෙ නිසීදිත්වා වාමහත්ථෙනස්ස සීසං පරික්ඛිපිත්වා දක්ඛිණහත්ථෙන ‘ඉමස්මිං ඨානෙ මූලං ආවරිත්වා ඨිතං, ඉමස්මිං පාසාණො, වාමං මුඤ්ච දක්ඛිණං ගණ්හ, දක්ඛිණං මුඤ්ච වාමං ගණ්හා’ති මග්ගං නියමෙත්වා ආචික්ඛති. එවං ජච්චන්ධස්ස පාදා පීඨසප්පිස්ස චක්ඛූනීති උභොපි සම්පයොගෙන ඉච්ඡිතට්ඨානං ගන්ත්වා සුඛෙන ජීවිංසු.
ජාත්යන්ධයා සහ කොරා යනු, මේ දෙදෙනම නුවර දොර අසල ශාලාවෙහි හුන්හ. කොරා මෙසේ කීය. පින්වත් අන්ධය, ඔබ කවර හෙයින් මෙහි වේලෙමින් හැසිරේද, අසවල් ප්‍රදේශය සුභික්ෂය. බොහෝ ආහාරපාන ඇත. කිම එහි ගොස් සුවසේ ජීවත්වන්නට නො වටී ද කියායි. ඔබ මට කී ලෙසම ඔබටත් එහි ගොස් සුවසේ ජීවත්වන්නට නොවටීදැයි අන්ධයා ඇසීය. මට ද බලන්නට ඇස් නැතැයි කීය. එසේ නම් ඔබට පා ඇත. මට ඇස් ඇතැයි දෙදෙනාම හොඳයි යැයි පිළිගෙන ජාත්යන්ධයා කොරා කරට නංවාගත්තේය. හෙතෙම ඔහුගේ කරේ හිඳ වම් අතින් ඔහුගේ හිස අල්ලාගෙන දකුණු අතින් මෙතැන මුලක් පැතිරී තිබේ. මෙතැන ගලෙකි. වම්පස අතහැර (දකුණට හැරෙන්න) දකුණ හැර වමට හැරෙන්නැයි මඟ නියමකොට කියයි. මෙසේ ජාත්යන්ධයාගේ පා ය කොරාගේ ඇස් යන දෙකේ එක්වීමෙන් කැමති තැනකට ගොස් සුවසේ ජීවත්වූහ.
තත්ථ ජච්චන්ධො විය රූපකායො, පීඨසප්පී විය අරූපකායො. පීඨසප්පිනා විනා ජච්චන්ධස්ස දිසං ගන්තුං ගමනාභිසඞ්ඛාරස්ස අනිබ්බත්තිතකාලො විය රූපස්ස අරූපෙන විනා ආදානගහණචොපනං පාපෙතුං අසමත්‍ථතා. ජච්චන්ධෙන විනා පීඨසප්පිස්ස දිසං ගන්තුං ගමනාභිසඞ්ඛාරස්ස අප්පවත්තනං විය පඤ්චවොකාරෙ රූපං, විනා අරූපස්ස අප්පවත්ති. ද්වින්නම්පි සම්පයොගෙන ඉච්ඡිතට්ඨානං ගන්ත්වා සුඛෙන ජීවිතකාලො විය රූපාරූපධම්මානං අඤ්ඤමඤ්ඤයොගෙන සබ්බකිච්චෙසු පවත්තිසම්භාවොති. අයං පඤ්හො පඤ්චවොකාරභවවසෙන කථිතො.
එහි රූපකාය ජාත්යාධයා මෙනි. අරූපකාය කොරා මෙනි. අරූපයෙන් තොරව රූපයට ආදානග්රහණයට පැමිණෙන්නට අසමර්ථ බව ජාත්යන්ධයාට කොරා නැතිව දිසාවන්හි යෑමක් ගමන් පිළිවෙළක් නැතිව සිටි කාලය මෙනි. පංචවෝකාරයෙහි රූපයෙන් තොරව අරූපයාගේ නොපැවැත්ම ජාත්යන්ධයා නැතිව කොරාට දිවාවන්හි යෑමක් හෝ ගමන් පිළියෙළක් නැතිබව මෙනි. රූපාරූප ධර්මයන් ඔවුනොවුන්ගේ සංයෝගයෙන් සියලු කෘත්‍යයන්හි ප්රවෘත්ති සම්භවය දෙදෙනාගේ එක්වීමෙන් කැමති තැනකට ගොස් සුවසේ ජීවත් වූ කාලය මෙනි. මේ ප්රශ්නය පංචවෝකාර (භව) වශයෙන් කියන ලදී.
‘විසයග්ගාහො’ චාති, චක්ඛු රූපවිසයං ගණ්හාති. සොතාදීනි සද්දාදිවිසයෙ.
විසයගාහො යනු ඇස රූපවිසය ගනී. ශ්රෝතාදිය ශබ්දාදී විසයන් ගනී.
‘උපනිස්සයමත්ථසො’ති, ‘උපනිස්සයතො’ ච ‘අත්ථතො’ ච. තත්ථ අසම්භින්නත්තා චක්ඛුස්ස, ආපාථගතත්තා රූපානං, ආලොකසන්නිස්සිතං, මනසිකාරහෙතුකං චතූහි පච්චයෙහි උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, සද්ධිං සම්පයුත්තධම්මෙහි. තත්ථ මතස්සාපි චක්ඛු සම්භින්නං හොති. ජීවතො නිරුද්ධම්පි, පිත්තෙන වා සෙම්හෙන වා රුහිරෙන වා පලිබුද්ධම්පි, චක්ඛුවිඤ්ඤාණස්ස පච්චයො භවිතුං අසක්කොන්තං ‘සම්භින්නං’ නාම හොති. සක්කොන්තං අසම්භින්නං නාම. සොතාදීසුපි එසෙව නයො. චක්ඛුස්මිං පන අසම්භින්නෙපි බහිද්ධා රූපාරම්මණෙ ආපාථං අනාගච්ඡන්තෙ චක්ඛුවිඤ්ඤාණං නුප්පජ්ජති. තස්මිං පන ආපාථං ආගච්ඡන්තෙපි ආලොකසන්නිස්සයෙ අසති නුප්පජ්ජති. තස්මිං සන්තෙපි කිරියමනොධාතුයා භවඞ්ගෙ අනාවට්ටිතෙ නුප්පජ්ජති. ආවට්ටිතෙයෙව උප්පජ්ජති. එවං උප්පජ්ජමානං සම්පයුත්තධම්මෙහි සද්ධිංයෙව උප්පජ්ජති. ඉති ඉමෙ චත්තාරො පච්චයෙ ලභිත්වා උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං (ම· නි· 1.306 ථොකං විසදිසං).
උපනිස්සයමත්ථතො යනු උපනිශ්‍රය වශයෙන් හා අර්ථ වශයෙනි. එහි චක්ෂුස අසම්භින්න හෙයින් ද රූප ආපාතගත හෙයින් ද ආලෝක සන්නිශ්‍රිත මනසිකාර හේතුක චක්ෂුර් විඥානය සම්ප්‍රයුක්ත ධර්මයන් සමග ප්‍රත්‍යය සතරකින් උපදී. එහි මළහුගේ ඇස ද සම්භින්නය. ජීවත් වන්නහුගේ නිරුද්ධ වූ ද පිතෙන් සෙමෙන් හෝ ලෙයින් බාධා වූ ද චක්ෂුර් විඥානයට ප්‍රත්‍යය වන්නට නොහැකි වූයේ ද සම්භින්න නම් වේ. හැකිවූයේ අසම්භින්න නමි. ශ්රෝතාදීන්හි ද මේ නයමැයි. ඇස අසම්භින්නව තිබුණත් බාහිර රූපාරම්මණ ආපාථගත නොවන විට චක්ෂුර් විඥානය නූපදී. එය ආපාථගත වූ කල්හි ද ආලෝක සන්නිශ්රිය නැති කල්හි නූපදී. එය ඇති කල්හි ද කිරියමනෝධාතුව භවංගයෙහි අනාවෘත්ත කාලයෙහි නූපදී. ආවෘත කාලයේම උපදී. මෙසේ උපදිනුයේ සයුක්ත ධර්මයන් සමගම උපදී. මෙසේ චක්ෂුර් විඥානය මේ ප්‍රත්‍යය සතර ලැබ උපදී.
අසම්භින්නත්තා සොතස්ස, ආපාථගතත්තා සද්දානං, ආකාසසන්නිස්සිතං, මනසිකාරහෙතුකං චතූහි පච්චයෙහි උප්පජ්ජති සොතවිඤ්ඤාණං, සද්ධිං සම්පයුත්තධම්මෙහි. තත්ථ ‘ආකාසසන්නිස්සිත’න්ති ආකාසසන්නිස්සයං ලද්ධාව උප්පජ්ජති, න විනා තෙන. න හි පිහිතකණ්ණච්ඡිද්දස්ස සොතවිඤ්ඤාණං පවත්තති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං. යථා චෙත්ථ එවං ඉතො පරෙසුපි. විසෙසමත්තං පන වක්ඛාම.
ශ්‍රෝතය අසම්භින්න හෙයින් ශබ්දයන් ආපාථගත වීමෙන් ආකාශ සන්නිශ්‍රිත මනසිකාර හේතුක ශෝත විඥානය සම්ප්‍රයුක්ත ධර්මයන් සමග උපදී. එහි ආකාසන්නිස්සිතං යනු ආකාශ සන්නිශ්රිය ලැබම උපදී. එයින් තොරව නූපදී. වසන ලද කන්සිදුරු ඇත්තහුගේ ශ්‍රෝත විඥානය නො පවතී. සෙස්ස පළමු නයින්ම දතයුතුයි. මෙහි යම්සේ ද මෙයින් පරතැන්හි ද මෙසේය. විශේෂ මාත්‍රයක් පමණක් කියමි.
අසම්භින්නත්තා ඝානස්ස, ආපාථගතත්තා ගන්ධානං, වායොසන්නිස්සිතං, මනසිකාරහෙතුකං චතූහි පච්චයෙහි උප්පජ්ජති ඝානවිඤ්ඤාණං , සද්ධිං සම්පයුත්තධම්මෙහි. තත්ථ ‘වායොසන්නිස්සිත’න්ති ඝානබිලං වායුම්හි පවිසන්තෙයෙව උප්පජ්ජති, තස්මිං අසති නුප්පජ්ජතීති අත්ථො.
ඝ්‍රාණය අසම්භින්න හෙයින් ද ගන්ධයන් ආපාථගත හෙයින් ද වායෝ සන්නිශ්‍රිත මනසිකාර හේතුක ඝාණ විඥානය සම්ප්‍රයුක්ත ධර්මයන් සමග සතර ප්‍රත්‍යයෙන් උපදී. එහි වායො සන්නිස්සිතං යනු කන් සිදුරට වායුව පිවිසෙත්ම උපදී. එය නැති කල්හි නූපදී යන අර්ථයි.
අසම්භින්නත්තා ජිව්හාය, ආපාථගතත්තා රසානං, ආපොසන්නිස්සිතං, මනසිකාරහෙතුකං චතූහි පච්චයෙහි උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං, සද්ධිං සම්පයුත්තධම්මෙහි. තත්ථ ‘ආපොසන්නිස්සිත’න්ති ජිව්හාතෙමනං ආපං ලද්ධාව උප්පජ්ජති, න විනා තෙන. සුක්ඛජිව්හානඤ්හි සුක්ඛඛාදනීයෙ ජිව්හාය ඨපිතෙපි ජිව්හාවිඤ්ඤාණං නුප්පජ්ජතෙව.
දිව අසම්භින්න හෙයින් ද රසයන් ආපාතගත හෙයින් ද ආපෝ සන්නිශ්‍රිත වූ මනසිකාර හේතුක වූ ජිව්හා විඤ්ඤාණය සම්ප්‍රයුක්ත ධර්මයන් සමග සතර ප්‍රත්‍යයෙන් උපදී. එහි ආපො සන්තිස්සිතං යනු දිව තෙමන ආපය (ජලය) ලැබම උපදී. එයින් තොරව නූපදී. වියලි දිව ඇත්තවුන්ගේ දිවෙහි රසවත් කැවිල්ලක් තැබූ කල්හි ද ජිව්හා විඤ්ඤාණය නූපදීමය.
අසම්භින්නත්තා කායස්ස, ආපාථගතත්තා ඵොට්ඨබ්බානං, පථවිසන්නිස්සිතං, මනසිකාරහෙතුකං චතූහි පච්චයෙහි උප්පජ්ජති කායවිඤ්ඤාණං, සද්ධිං සම්පයුත්තධම්මෙහි. තත්ථ ‘පථවිසන්නිස්සිත’න්ති කායපසාදපච්චයං පථවිසන්නිස්සයං ලද්ධාව උප්පජ්ජති, න තෙන විනා. කායද්වාරස්මිඤ්හි බහිද්ධාමහාභූතාරම්මණං අජ්ඣත්තිකං කායපසාදං ඝට්ටෙත්වා පසාදපච්චයෙසු මහාභූතෙසු පටිහඤ්ඤති.
කය අසම්භින්න හෙයින් ද ස්පර්ශයන් ආපාථගත හෙයින් ද පෘථිවි සන්නිශ්‍රිත වූ මනසිකාර හේතුක වූ කාය විඤ්ඤාණය සම්ප්‍රයුක්ත ධර්මයන් සමග සිව්පසයෙන් උපදී. එහි පඨවි සන්නිස්සිතං යනු කායප්‍රසාදයට හේතු වූ පෘථිවි සන්නිශ්‍රය ලැබම උපදී. එයින් තොරව නූපදී. බාහිර මහාභූතාරම්මණය කායද්වාරයෙහි ආධ්‍යාත්මික කායප්රසාදයෙහි ගැටී ප්‍රසාද ප්‍රත්‍ය වූ මහාභූතයන්හි හැපේ.
අසම්භින්නත්තා මනස්ස, ආපාථගතත්තා ධම්මානං, වත්ථුසන්නිස්සිතං, මනසිකාරහෙතුකං චතූහි පච්චයෙහි උප්පජ්ජති මනොවිඤ්ඤාණං, සද්ධිං සම්පයුත්තධම්මෙහි. තත්ථ ‘මනො’ති භවඞ්ගචිත්තං. තං නිරුද්ධම්පි, ආවජ්ජනචිත්තස්ස පච්චයො භවිතුං අසමත්ථං මන්දථාමගතමෙව පවත්තමානම්පි, සම්භින්නං නාම හොති. ආවජ්ජනස්ස පන පච්චයො භවිතුං සමත්ථං අසම්භින්නං නාම. ‘ආපාථගතත්තා ධම්මාන’න්ති ධම්මාරම්මණෙ ආපාථගතෙ. ‘වත්ථුසන්නිස්සිත’න්ති හදයවත්ථුසන්නිස්සයං ලද්ධාව උප්පජ්ජති, න තෙන විනා. අයම්පි පඤ්හො පඤ්චවොකාරභවං සන්ධාය කථිතො. ‘මනසිකාරහෙතුක’න්ති කිරියමනොවිඤ්ඤාණධාතුයා භවඞ්ගෙ ආවට්ටිතෙයෙව උප්පජ්ජතීති අත්ථො. අයං තාව ‘උපනිස්සයමත්ථසො’ති එත්ථ උපනිස්සයවණ්ණනා.
මනස අසම්භින්න බැවින් ද ධර්මයන් ආපාථගත හෙයින් ද වස්තු සන්නිශ්‍රිත වූ මනසිකාර හේතුක වූ මනෝවිඤ්ඤාණය සම්ප්‍රයුක්ත ධර්මයන් සමග සිවුපසයෙන් උපදී. එහි මනො යනු භවංග සිතයි. එය නිරුද්ධ වූවක් ආවර්ජන සිතට ප්‍රත්‍යය වන්නට අසමත්ව මන්දතරගතව පවත්නේ වුවත් සම්භින්න නම් වෙයි. ආවර්ජනයට ප්‍රත්‍යය වන්නට සමත්වූයේ අසම්භින්න නමි. ආපාතගතත්තා ධම්මානං යනු ධර්මාරම්මණා ආපාථගත වූ කල්හි, වත්ථුසන්නිස්සිතං යනු හෘදයවස්තුව සන්නිශ්‍රය ලැබම උපදී. එයින් තොරව නූපදී. මේ ප්‍රශ්නයත් පංචවෝකාරභවය සඳහා කියන ලදී. මනසිකාරහෙතුකං යනු කිරියමනෝවිඤ්ඤාණ ධාතුව භවංගාවර්තනය වූ කල්හිම උපදී යනු අර්ථයි. මෙය වනාහි උපනිශ්‍රය අර්ථ වශයෙනැයි මෙහි උපනිශ්‍රය වර්ණනාවයි.
‘අත්ථතො’ පන චක්ඛු දස්සනත්ථං, සොතං සවනත්ථං, ඝානං ඝායනත්ථං, ජිව්හා සායනත්ථා, කායො ඵුසනත්ථො , මනො විජානනත්ථො. තත්ථ දස්සනං අත්ථො අස්ස. තඤ්හි තෙන නිප්ඵාදෙතබ්බන්ති දස්සනත්ථං. සෙසෙසුපි එසෙව නයො. එත්තාවතා තිපිටකචූළනාගත්ථෙරවාදෙ සොළසකමග්ගො නිට්ඨිතො, සද්ධිං ද්වාදසකමග්ගෙන චෙව අහෙතුකට්ඨකෙන චාති.
අර්ථ වශයෙන් වනාහි ඇස දර්ශනාර්ථය කන ශ්රවණාර්ථය නාසය ආඝාණාර්ථය දිව සායනාර්ථය කය ස්පර්ශනාර්ථය සිත විජානනාර්ථය එහි දර්ශනය මොහුගේ අර්ථයයි. ඔහු විසින් එය නිෂ්පාදනය කළයුතුයි යනු = දස්සනත්ථං ය, සෙසු තැන්හි ද මේ නයම ය. මෙතෙකින් ත්‍රිපිටක චූළනාග ස්ථවිරවාදයෙහි සෝළසක මාර්ගය ද්වාදශක මාර්ගයත් අහේතුකට්ඨකයත් සමග නිමියේය.
ඉදානි මොරවාපීවාසීමහාදත්තත්ථෙරවාදෙ ද්වාදසකමග්ගකථා හොති. තත්ථ සාකෙතපඤ්හඋස්සදකිත්තනහෙතුකිත්තනානි පාකතිකානෙව. අයං පන ථෙරො අසඞ්ඛාරිකසසඞ්ඛාරිකෙසු දොසං දිස්වා ‘අසඞ්ඛාරිකං අසඞ්ඛාරිකමෙව විපාකං දෙති, නො සසඞ්ඛාරිකං; සසඞ්ඛාරිකම්පි සසඞ්ඛාරිකමෙව නො අසඞ්ඛාරික’න්ති ආහ. ජවනෙන චෙස චිත්තනියාමං න කථෙති. ආරම්මණෙන පන වෙදනානියාමං කථෙති. තෙනස්ස විපාකුද්ධාරෙ ද්වාදසකමග්ගො නාම ජාතො. දසකමග්ගොපි, අහෙතුකට්ඨකම්පි එත්ථෙව පවිට්ඨං.
දැන් මොරවැව වැසි මහාදත්ත ස්ථවිරවාදයෙහි ද්වාදසක මග්ග කථාව වෙයි. එහි සාතෙතපඤ්හ උස්සද කිත්තන සහ හෙතුකිත්තන ප්‍රකටමය. මේ ස්ථවිරයන් වහන්සේ වනාහි අසංඛාරික සසංඛාරිකයන්ගේ දෝෂය දැක අසංඛාරිකය අසංඛාරික විපාකම දෙයි. සසංඛාරික විපාක නොදෙයි. සසංඛාරිකය ද සසංඛාරික විපාකම දෙයි. අසංඛාරික විපාක නොදෙයි යැයි කීහ. උන්වහන්සේ ජවනයෙන් ද චිත්ත නියාමය නොකියති. අරමුණෙන් වනාහි වේදනා නියමය කියති. එහෙයින් උන්වහන්සේගේ විපාකද්ධාරයෙහි ද්වාදශක මාර්ගයක් විය. දශක මාර්ගයන් අහේතුකට්ඨකයක් මෙහිම පිවිසවන ලදී.
තත්රායං නයො – සොමනස්සසහගතතිහෙතුකඅසඞ්ඛාරිකචිත්තෙන හි කම්මෙ ආයූහිතෙ තාදිසෙනෙව විපාකචිත්තෙන ගහිතපටිසන්ධිකස්ස වුඩ්ඪිප්පත්තස්ස චක්ඛුද්වාරෙ ‘ඉට්ඨාරම්මණෙ’ ආපාථගතෙ හෙට්ඨා වුත්තනයෙනෙව තයො මොඝවාරා හොන්ති. තස්ස කුසලතො චත්තාරි සොමනස්සසහගතානි, අකුසලතො චත්තාරි, කිරියතො පඤ්චාති ඉමෙසං තෙරසන්නං චිත්තානං අඤ්ඤතරෙන ජවිතපරියොසානෙ තදාරම්මණං පතිට්ඨහමානං සොමනස්සසහගතඅසඞ්ඛාරිකතිහෙතුකචිත්තම්පි දුහෙතුකචිත්තම්පි පතිට්ඨාති. එවමස්ස චක්ඛුද්වාරෙ චක්ඛුවිඤ්ඤාණාදීනි තීණි, තදාරම්මණානි ද්වෙති, පඤ්ච ගණනූපගචිත්තානි හොන්ති.
මේ එහි නයයි. සෝමනස්ස සහගත ත්‍රිහේතුක අසංඛාරික සිතින් කර්ම රැස්කළ කල්හි වනාහි එබඳුම විපාක සිතකින් පිළිසිඳගෙන වැටුණාහුගේ චක්ෂුර් වාරයෙහි ඉෂ්ටාරම්මණයක් ආපාතගත වූ කල්හි යට කියන ලද නයින්ම මෝඝවාර තුනක් වෙයි. එහි කුසල වශයෙන් සෝමනස්ස සහගත සතරක් ද අකුසලයන් සතරක් ද කිරිය වශයෙන් පසක්දැයි මේ තෙළෙස් සිත් අතුරෙන් එකකින් වූ ජවනය කෙළවර පිහිටන තදාරම්මණය ද සෝමනස්ස සහගත අසංඛාරික ත්‍රිහේතුක සිත ද දුහේතුක සිත ද පිහිටයි. මෙසේ ඔහුගේ චක්ෂුර් ද්වාරයෙහි චක්ෂුර් විඥානාදී සිත් තුන ද තදාරම්මණ දෙකදැයි ගැණුනු සිත් පසක් වෙයි.
ආරම්මණෙන පන වෙදනං පරිවත්තෙත්වා කුසලතො චතුන්නං, අකුසලතො චතුන්නං, කිරියතො චතුන්නන්ති, ද්වාදසන්නං උපෙක්ඛාසහගතචිත්තානං අඤ්ඤතරෙන ජවිතාවසානෙ උපෙක්ඛාසහගතතිහෙතුකඅසඞ්ඛාරිකවිපාකම්පි දුහෙතුකඅසඞ්ඛාරිකවිපාකම්පි තදාරම්මණං හුත්වා උප්පජ්ජති. එවමස්ස චක්ඛුද්වාරෙ උපෙක්ඛාසහගතසන්තීරණං, ඉමානි ද්වෙ තදාරම්මණානීති, තීණි ගණනූපගචිත්තානි හොන්ති. තානි පුරිමෙහි පඤ්චහි සද්ධිං අට්ඨ. සොතද්වාරාදීසුපි අට්ඨ අට්ඨාති එකාය චෙතනාය කම්මෙ ආයූහිතෙ සමචත්තාලීස චිත්තානි උප්පජ්ජන්ති. අග්ගහිතග්ගහණෙන පන චක්ඛුද්වාරෙ අට්ඨ, සොතවිඤ්ඤාණාදීනි චත්තාරීති, ද්වාදස හොන්ති. තත්ථ ‘මූලභවඞ්ගතා’‘ආගන්තුකභවඞ්ගතා’‘අම්බොපමනියාමකථා’ ච වුත්තනයෙනෙව වෙදිතබ්බා.
අරමුණ විසින් වේදනාවට පරිවර්තනය කොට කුසලයෙහි සතරකින් ද අකුසලයෙන් සතරකින් ද කිරිය සිත්වලින් සතරකින්දැයි දොළොස් උපේක්ෂා සහගත සිත් අතුරෙන් එක්තරා සිතකින් ජවනය වී අවසානයේ දී උපේක්ෂා සහගත ත්‍රිහේතුක අසංස්කාරික ජවනය වී අවසානයේ දී උපේක්ෂා සහගත ත්‍රිහේතුක අසංස්කාරික විපාක සිත ද ද්විහේතුක අසංස්කාරික විපාකය ද තදාරම්මණය වී උපදී. මෙසේ ඔහුගේ චක්ෂුර් ද්වාරයේ දී උපේක්ෂා සහගත සන්තීරණය ද මේ තදාරම්මණ දෙක ද යන තුන ද ගණනය වූ සිත් වෙයි. ඒ තුන පළමු පසත් සමග අටකි. ශ්‍රෝත ද්වාරාදීන්හි ද අට අට යැයි එක් චේතනාවකින් කර්ම රැස්කළ කල්හි සිත් සමසතළිසක් උපදී. අගහිත ගහණයෙන් වනාහි චක්ෂුර් ද්වාරයෙහි අටෙක ශ්‍රෝත විඥානාදී සතරෙකැයි දොළොසක් වෙයි. එහි මූලභවංගනාව හා ආගන්තුක භවංගතාව ද අම්බෝපම නියාම කථාව ද කියන ලද නයින්ම දතයුතුයි.
සොමනස්සසහගතතිහෙතුකසසඞ්ඛාරිකකුසලචිත්තෙන කම්මෙ ආයූහිතෙපි උපෙක්ඛාසහගතතිහෙතුකඅසඞ්ඛාරිකසසඞ්ඛාරිකෙහි කම්මෙ ආයූහිතෙපි එසෙව නයො. තත්ථ යන්තොපමාපි එත්ථ පාකතිකා එව. එත්තාවතා තිහෙතුකකම්මෙන තිහෙතුකපටිසන්ධි හොතීති වාරො කථිතො. තිහෙතුකකම්මෙන දුහෙතුකපටිසන්ධි හොතීති වාරො පන පටිච්ඡන්නො හුත්වා ගතො.
සෝමනස්ස සහගත ත්‍රිහේතුක සසංස්කාරික කුසල සිත් කර්ම රැස්කළ කල්හි ද උපේක්ෂා සහගත ත්‍රිහේතුක අසංස්කාරික සිත්වලින් කර්ම රැස්කළ කල්හි ද මේ නයමය. හස්ත යන්ත්රෝපමාවද මෙහි ප්‍රකටමය. මෙපමණකින් ත්‍රිහේතුක කර්මයෙන් ත්‍රිහේතුක ප්රතිසන්ධිය වේය යන වාරය කියන ලදී. (ත්‍රිහේතුක කර්මයෙන්) ද්විහේතුක ප්රතිසන්ධිය යන වාරය වනාහි ප්රතිච්ඡතව ගියේය.
ඉදානි දුහෙතුකකම්මෙන දුහෙතුකපටිසන්ධිකථා හොති. සොමනස්සසහගතදුහෙතුකඅසඞ්ඛාරිකචිත්තෙන හි කම්මෙ ආයූහිතෙ තාදිසෙනෙව විපාකචිත්තෙන ගහිතපටිසන්ධිකස්ස වුඩ්ඪිප්පත්තස්ස චක්ඛුද්වාරෙ ඉට්ඨාරම්මණෙ ආපාථගතෙ හෙට්ඨා වුත්තනයෙනෙව තයො මොඝවාරා හොන්ති. දුහෙතුකස්ස පන ජවනකිරියා නත්ථි. තස්මා කුසලතො චත්තාරි සොමනස්සසහගතානි, අකුසලතො චත්තාරීති ඉමෙසං අට්ඨන්නං අඤ්ඤතරෙන ජවිතපරියොසානෙ දුහෙතුකමෙව සොමනස්සසහගතඅසඞ්ඛාරිකං තදාරම්මණං හොති. එවමස්ස චක්ඛුවිඤ්ඤාණාදීනි තීණි, ඉදඤ්ච තදාරම්මණන්ති, චත්තාරි ගණනූපගචිත්තානි හොන්ති. ‘ඉට්ඨමජ්ඣත්තාරම්මණෙ’ පන කුසලතො උපෙක්ඛාසහගතානං චතුන්නං, අකුසලතො චතුන්නන්ති, අට්ඨන්නං අඤ්ඤතරෙන ජවිතපරියොසානෙ දුහෙතුකමෙව උපෙක්ඛාසහගතං අසඞ්ඛාරිකං තදාරම්මණං හොති. එවමස්ස උපෙක්ඛාසහගතසන්තීරණං, ඉදඤ්ච තදාරම්මණන්ති, ද්වෙ ගණනූපගචිත්තානි හොන්ති. තානි පුරිමෙහි චතූහි සද්ධිං ඡ. සොතද්වාරාදීසුපි ඡ ඡාති එකාය චෙතනාය කම්මෙ ආයූහිතෙ සමතිංස චිත්තානි උප්පජ්ජන්ති. අග්ගහිතග්ගහණෙන පන චක්ඛුද්වාරෙ ඡ, සොතවිඤ්ඤාණාදීනි චත්තාරීති දස හොන්ති. අම්බොපමනියාමකථා පාකතිකා එව. යන්තොපමා ඉධ න ලබ්භතීති වුත්තං.
දැන් ද්විහේතුක කර්මයෙන් ද්විහේතුක ප්රතිසන්ධි කථාව වෙයි. සෝමනස්ස සහගත ද්විහේතුක අසංස්කාරික සිතින් වනාහි කර්ම රැස්කළ කල්හි එබඳුම විපාක සිතකින් ගත් ප්රතිසන්ධිය ඇතිව වැඩුණෙකුගේ චක්ෂුර් ද්වාරයෙහි ඉෂ්ටාරම්මණයක් ආපාථගත වූ කල යට කියන ලද නයින්ම මෝඝවාර තුනක් වෙයි. ද්විහේතුකයාට වනාහි ජවන කෘත්‍යයක් නැත. එහෙයින් කුසලයෙන් සොම්නස් සහගත සතරක් ද අකුසලයෙන් සතරක්දැයි යන මේ අටෙන් අන්‍යතර ජවනයෙක අවසානයෙහි ද්විහේතුකම සෝමනස්ස සහගත අසංස්කාරිකය තදාරම්මණය වෙයි. මෙසේ ඔහුගේ චක්ෂුර් විඥානාදී තුන ද මේ තදාරම්මණය ද යන සතර ද ගණනය වූ සිත් වෙයි. ඉෂ්ට මධ්‍යස්ථ අරමුණෙහි වනාහි කුසලයෙන් උපේක්ෂා සහගත සතරකින් ද අකුසලයෙන් සතරකින් ද යන අටෙන් එක්තරා සිතකින් වූ ජවනය කෙළවරෙහි ද්විහේතුකම උපේක්ෂා සහගත අසංස්කාරික තදාරම්මණය වෙයි. මෙසේ ඔහුට උපේක්ෂා සහගත සන්තීරණය ද මේ තදාරම්මණය ද යන දෙක ගණනය වූ සිත් වෙයි. එම සිත් පළමු සතරත් සමග සයෙක. සෝතද්වාරාදීන්හි ද සය සය බැගින් දැයි එක් චේතනාවකින් කර්ම රැස්කළ කල්හි සිත් සමගියක් උපදී. අගහිත ගහණයෙන් වනාහි චක්ෂුර් ද්වාරයෙහි සයෙක ශ්‍රෝත විඥතාදී සතරදැයි දහයක් වෙයි. අම්බෝපම නියාම කථාව පළමු පරිදිමය. යන්ත්රෝපමාව මෙහි නොලැබේ යැයි කියන ලදී.
සොමනස්සසහගතදුහෙතුකසසඞ්ඛාරිකකුසලචිත්තෙන කම්මෙ ආයූහිතෙපි උපෙක්ඛාසහගතදුහෙතුකඅසඞ්ඛාරිකසසඞ්ඛාරිකෙහි කම්මෙ ආයූහිතෙපි එසෙව නයො. එත්තාවතා දුහෙතුකකම්මෙන දුහෙතුකපටිසන්ධි හොතීති වාරො කථිතො.
සෝමනස්ස සහගත දුහේතුක සසංඛාරික කුසල සිතින් කර්ම රැස්කළ කල්හි ද උපෙක්ඛා සහගත දුහේතුක අසංඛාරික සසංඛාරික සිත්වලින් (කර්ම) රැස්කළ කල්හි ද මේ නයමය. මෙපමණකින් ද්විහේතුක කර්මයෙන් ද්විහේතුක ප්රතිසන්ධිය වේ යන වාරය කියන ලදී.
අහෙතුකපටිසන්ධි හොතීති වාරො පන එවං වෙදිතබ්බො – කුසලතො චතූහි ඤාණවිප්පයුත්තෙහි කම්මෙ ආයූහිතෙ, කුසලවිපාකාහෙතුකමනොවිඤ්ඤාණධාතුයා උපෙක්ඛාසහගතාය පටිසන්ධියා ගහිතාය, කම්මසදිසා පටිසන්ධීති න වත්තබ්බා. ඉතො පට්ඨාය හෙට්ඨා වුත්තනයෙනෙව කථෙත්වා ඉට්ඨෙපි ඉට්ඨමජ්ඣත්තෙපි චිත්තප්පවත්ති වෙදිතබ්බා. ඉමස්ස හි ථෙරස්ස වාදෙ පිණ්ඩජවනං ජවති. සෙසා ඉදං පන ජවනං කුසලත්ථාය වා අකුසලත්ථාය වා කො නියාමෙතීතිආදිකථා සබ්බා හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බාති. එත්තාවතා මොරවාපීවාසීමහාදත්තත්ථෙරවාදෙ ද්වාදසකමග්ගො නිට්ඨිතො සද්ධිං දසකමග්ගෙන චෙව අහෙතුකට්ඨකෙන ච.
අහේතුක ප්රතිසන්ධිය වේ යන වාරය ද මෙසේ දතයුතුයි. කුසලයෙන් ඥාන විප්‍රයුක්ත සතරින් කර්ම රැස්කොට කුසල විපාක අහේතුක මනෝවිඥාන ධාතුවෙන් උපේක්ෂා සහගත ප්‍රතිසන්ධියක් ගත් කල්හි ප්රතිසන්ධිය කර්මය සමාන යැයි නො කිය යුතුයි. මෙතැන් පටන් යට කියන ලද නයින්ම කියා ඉෂ්ටයෙහි ද ඉෂ්ට මධ්යස්ථයෙහි ද චිත්තෝත්පත්තිය දතයුතුයි. මේ තෙරුන්ගේ වාදයෙහි පිණ්ඩ ජවනයම දිවෙයි. සෙසු ජවන කුසල බැවින් (හෝ අකුසල බැවින් හෝ) කවරෙක් නියම කෙරේදැයි යන පළමු කථා සියල්ල යට කියන ලද නයින්ම දතයුතුයි. මෙතෙකින් මොරවැව වැසි මහාදත්ත ස්ථවිරවාදයෙහි දශක මාර්ගය හා අහේතුකට්ඨකය සමග ද්වාදශක මාර්ගය නිමියේය.
ඉදානි මහාධම්මරක්ඛිතත්ථෙරවාදෙ දසකමග්ගකථා හොති. තත්ථ සාකෙතපඤ්හඋස්සදකිත්තනානි පාකතිකානෙව. හෙතුකිත්තනෙ පන අයං විසෙසො. තිහෙතුකකම්මං තිහෙතුකවිපාකම්පි දුහෙතුකවිපාකම්පි අහෙතුකවිපාකම්පි දෙති. දුහෙතුකකම්මං තිහෙතුකමෙව න දෙති, ඉතරං දෙති. තිහෙතුකකම්මෙන පටිසන්ධි තිහෙතුකාව හොති; දුහෙතුකාහෙතුකා න හොති. දුහෙතුකකම්මෙන දුහෙතුකාහෙතුකා හොති, තිහෙතුකා න හොති. අසඞ්ඛාරිකකම්මං විපාකං අසඞ්ඛාරිකමෙව දෙති, නො සසඞ්ඛාරිකං. සසඞ්ඛාරිකම්පි සසඞ්ඛාරිකමෙව දෙති, නො අසඞ්ඛාරිකං. ආරම්මණෙන වෙදනා පරිවත්තෙතබ්බා. ජවනං පිණ්ඩජවනමෙව ජවති. ආදිතො පට්ඨාය චිත්තානි කථෙතබ්බානි.
දැන් මහා ධර්මරක්ෂිත ස්ථවිරවාදයෙහි දශක මාර්ග කථාව වෙයි. එහි සාකේත ප්රශ්නය හා උත්සද කීර්තය පළමු පරිදිමය. හේතුකීර්තනයෙහි මේ වනාහි මේ විශේෂයකි. ත්‍රිහේතුක කර්මය ත්‍රිහේතු විපාක ද ද්විහේතුක විපාක ද අහේතුක විපාක ද දෙයි. ද්විහේතු කර්මය ත්‍රිහේතුකය පමණක් නොදෙයි. අනෙක දෙයි. ත්‍රිහේතුක කර්මයෙන් වන ප්රතිසන්ධිය ත්රිහේතුකම වෙයි. ද්විහේතු නොවෙයි. ද්විහේතු කර්මයෙන් ද්විහේතුක වෙයි. ත්‍රිහේතුක නොවෙයි. අසංස්කාරික කර්මය අසංස්කාරික විපාකයම දෙයි. සසංස්කාරික විපාක නොදෙයි. සසංස්කාරිකය ද සසංස්කාරික (විපාක) ම දෙයි අසංස්කාරික විපාක නො දෙයි. අරමුණෙන් වේදනාව පරිවර්තනය කළයුතුයි. ජවනය පිණ්ඩජවනයම ජවනය වෙයි. මුලපටන් සිත් කිවයුතුයි.
තත්රායං කථා – එකො පඨමකුසලචිත්තෙන කම්මං ආයූහති, පඨමවිපාකචිත්තෙනෙව පටිසන්ධිං ගණ්හාති. අයං කම්මසදිසා පටිසන්ධි. තස්ස වුඩ්ඪිප්පත්තස්ස චක්ඛුද්වාරෙ ‘ඉට්ඨාරම්මණෙ’ ආපාථගතෙ වුත්තනයෙනෙව තයො මොඝවාරා හොන්ති. අථස්ස හෙට්ඨා වුත්තානං තෙරසන්නං සොමනස්සසහගතජවනානං අඤ්ඤතරෙන ජවිතපරියොසානෙ පඨමවිපාකචිත්තමෙව තදාරම්මණං හොති. තං ‘මූලභවඞ්ගං’ ‘තදාරම්මණ’න්ති ද්වෙ නාමානි ලභති. එවමස්ස චක්ඛුවිඤ්ඤාණාදීනි තීණි, ඉදඤ්ච තදාරම්මණන්ති, චත්තාරි ගණනූපගචිත්තානි හොන්ති. ‘ඉට්ඨමජ්ඣත්තාරම්මණෙ’ හෙට්ඨා වුත්තානංයෙව ද්වාදසන්නං උපෙක්ඛාසහගතජවනානං අඤ්ඤතරෙන ජවිතපරියොසානෙ උපෙක්ඛාසහගතං තිහෙතුකං අසඞ්ඛාරිකචිත්තං තදාරම්මණතාය පවත්තති. තං ‘ආගන්තුකභවඞ්ගං’‘තදාරම්මණ’න්ති ද්වෙ නාමානි ලභති. එවමස්ස උපෙක්ඛාසහගතසන්තීරණං ඉදඤ්ච තදාරම්මණන්ති ද්වෙ ගණනූපගචිත්තානි. තානි පුරිමෙහි චතූහි සද්ධිං ඡ හොන්ති. එවං එකාය චෙතනාය කම්මෙ ආයූහිතෙ පඤ්චසු ද්වාරෙසු සමතිංස චිත්තානි උප්පජ්ජන්ති. අග්ගහිතග්ගහණෙන පන චක්ඛුද්වාරෙ ඡ, සොතවිඤ්ඤාණාදීනි චත්තාරීති දස හොන්ති. අම්බොපමනියාමකථා පාකතිකායෙව.
මේ එහි කථාවයි. එකෙක් පළමු කුසල සිතින් කර්ම රැස් කරයි. පළමු සිතින්ම පිළිසිඳ ගනී. මේ කර්මය සමාන ප්‍රතිසන්ධියයි. වැඩුණු ඔහුගේ චක්ෂුර් ද්වාරයෙහි ඉෂ්ටාරම්මණයක් ආපාථගත වූ කල්හි කියන ලද නයින්ම මෝඝ වාර තුනක් වෙයි. ඉක්බිති ඔහුට යට කියන ලද තෙළෙස් සොම්නස් සහගත ජවනයන් අතුරෙන් එක්තරා ජවනයකින් ජවනය වී අවසානයෙහි පළමු විපාක සිතම තදාරම්මණය වෙයි. එය මූලභවංගය තදාරම්මණය යැයි නම් දෙකක් ලබයි. මෙසේ ඔහුට චක්ෂුර් විඥානාදී සිත් තුන ද මේ තදාරම්මණය ද යන සිත් සතර ගණනයට පැමිණෙයි. ඉෂ්ට මධ්‍යස්ථ අරමුණෙහි යට කියන ලද්දා වූ ම දොළොස් උපේක්ෂා සහගත ජවනයන් අතුරෙන් එක්තරා ජවනයක් ජවනය වූ අවසානයෙහි උපේක්ෂා සහගත ත්‍රිහේතුක අසංස්කාරික සිත තදාරම්මණය යන නම් දෙක ලබයි. මොහුට උපේක්ෂා සහගත සන්තීරණ එකක් ද මේ තදාරම්මණය ද යන ගණනය වූ සිත්ය, පළමු සතරත් සමග එය සයක් වෙයි. මෙසේ එක් චේතනාවකින් කර්ම රැස්කළ කල්හි පංචද්වාරයන්හි සිත් සමතිසක් උපදී. අගහිත ගහණයෙන් ද චක්ෂුර් ද්වාරයෙහි සය ද සෝත විඤ්ඤාණාදී සතරදැයි දහසක් වෙයි. අම්බෝපම නියාම කථාව පෙරසේමය.
දුතියතතියචතුත්ථකුසලචිත්තෙහි කම්මෙ ආයූහිතෙපි එත්තකානෙව විපාකචිත්තානි හොන්ති. චතූහි උපෙක්ඛාසහගතචිත්තෙහි ආයූහිතෙපි එසෙව නයො. ඉධ පන පඨමං ඉට්ඨමජ්ඣත්තාරම්මණං දස්සෙතබ්බං. පච්ඡා ඉට්ඨාරම්මණෙන වෙදනා පරිවත්තෙතබ්බා. අම්බොපමනියාමකථා පාකතිකා එව. යන්තොපමා න ලබ්භති. ‘කුසලතො පන චතුන්නං ඤාණවිප්පයුත්තානං අඤ්ඤතරෙන කම්මෙ ආයූහිතෙ’ති ඉතො පට්ඨාය සබ්බං විත්ථාරෙත්වා අහෙතුකට්ඨකං කථෙතබ්බං. එත්තාවතා මහාධම්මරක්ඛිතත්ථෙරවාදෙ දසකමග්ගො නිට්ඨිතො හොති, සද්ධිං අහෙතුකට්ඨකෙනාති.
දෙවන තෙවන හා සතරවන කුසල සිත්වලින් කර්ම රැස්කළ කල්හි ද මෙපමණම විපාක සිත් වෙයි. උපේක්ෂා සහගත සිත් සතරින් රැස්කළ කල්හි ද මේ නයමය. මෙහිදී ඉෂ්ට මධ්‍යස්ථ ආරම්මණය දැක්විය යුතුයි. පසුව ඉෂ්ටාරම්මණායෙන් වේදනාව පරිවර්තනය කළයුතුයි. අම්බෝපම නියාම කථාව පළමුසේමය. යන්ත්රෝපමාව නොලැබේ. කුසලයෙන් ද ඥාන විප්‍රයුක්ත සතර අතුරෙන් එක්තරා සිතකින් කර්ම රැස්කළ කල්හි ද මෙතැන් පටන් සියල්ල විස්තර කොට අහේතුකට්ඨකය කිවයුතුයි. මෙතෙකින් මහා ධර්මරක්ෂිත ස්ථවිරවාදයෙහි අහේතුකට්ඨකය සමග දශකර්මාර්ගය නිමියේ ය.
ඉමෙසං පන තිණ්ණං ථෙරානං කතරස්ස වාදො ගහෙතබ්බොති? න කස්සචි එකංසෙන. සබ්බෙසං පන වාදෙසු යුත්තං ගහෙතබ්බං. පඨමවාදස්මිඤ්හි සසඞ්ඛාරාසඞ්ඛාරවිධානං පච්චයභෙදතො අධිප්පෙතං. තෙනෙත්ථ , අසඞ්ඛාරිකකුසලස්ස දුබ්බලපච්චයෙහි උප්පන්නං සසඞ්ඛාරිකවිපාකං, සසඞ්ඛාරිකකුසලස්ස බලවපච්චයෙහි උප්පන්නං අසඞ්ඛාරිකවිපාකඤ්ච ගහෙත්වා, ලබ්භමානානිපි කිරියජවනානි පහාය, කුසලජවනෙන තදාරම්මණං ආරම්මණෙන ච වෙදනං නියාමෙත්වා, සෙක්ඛපුථුජ්ජනවසෙන සොළසකමග්ගො කථිතො. යං පනෙත්ථ අකුසලජවනාවසානෙ අහෙතුකවිපාකමෙව තදාරම්මණං දස්සිතං, තං ඉතරෙසු න දස්සිතමෙව. තස්මා තං තත්ථ තෙසු වුත්තං සහෙතුකවිපාකඤ්ච, එත්ථාපි සබ්බමිදං ලබ්භතෙව. තත්රායං නයො – යදා හි කුසලජවනානං අන්තරන්තරා අකුසලං ජවති, තදා කුසලාවසානෙ ආචිණ්ණසදිසමෙව, අකුසලාවසානෙ සහෙතුකං තදාරම්මණං යුත්තං. යදා නිරන්තරං අකුසලමෙව තදා අහෙතුකං. එවං තාව පඨමවාදෙ යුත්තං ගහෙතබ්බං.
මේ තෙරවරුන් තිදෙනාගෙන් කවරෙකුගේ වාදය ගතයුතුද යත්, ඒකාන්ත වශයෙන් කිසිවෙකුත් වාද නො ගතයුතුයි. සියල්ලන්ගේම වාදයන්ගෙන් යුක්තිය ගතයුතුයි. ප්රථමවාදයෙහි වනාහි සංස්කාර අසංස්කාර විධානය ප්‍රත්‍යය භේදයෙන් අභිප්‍රේතයි. එහෙයින් මෙහි අසංස්කාරික කුශලයාට දුර්වල ප්‍රත්‍යයෙන් සසංස්කාරික විපාකය ද, සසසේකාරිකයාට දුර්වල ප්‍රත්‍යයෙන් උපන් අසංස්කාරික විපාකය ද ගෙන ලබන්නා වූ ද කිරිය ජවනයන් හැර කුසල ජවනයෙන් තදාරම්මණයද ආරම්මණයෙන් වේදනාව ද නියමකොට ශෛක්ෂ පෘථග්ජන වශයෙන් ශෝඩෂ මාර්ගය කියන ලදී. මෙහිද යමක් අකුසල ජවනාවසානයෙහි අකුසල විපාකයම තදාරම්මණ වශයෙන් දක්වන ලදී. එය අන් තන්හි නොදක්වන ලදමය. එහෙයින් එයත් එහි ඒවාහි කියන ලද සහේතුක විපාකය ද මෙහි මේ සියල්ල ද ලැබේමය. මේ එහි නයයි. යම් කලෙක වනාහි ජවන් අතුරෙහි අකුසලය ජවනය වේ ද, එකල්හි කුසලාවසානයෙහි ආචීර්ණ සමානවම කුසලාවසානයෙහි සහේතුක තදාරම්මණය යුක්තය. යම්කලෙක නිතර අකුසලයම වේ ද, එකල්හි අහේතුකය. මෙසේ වනාහි පළමු වාදයෙහි යුක්තිය ගතයුතුයි.
දුතියවාදෙ පන කුසලතො සසඞ්ඛාරාසඞ්ඛාරවිධානං අධිප්පෙතං. තෙනෙත්ථ අසඞ්ඛාරිකකුසලස්ස අසඞ්ඛාරිකමෙව විපාකං, සසඞ්ඛාරිකකුසලස්ස ච සසඞ්ඛාරිකමෙව ගහෙත්වා, ජවනෙන තදාරම්මණනියාමං අකත්වා, සබ්බෙසම්පි සෙක්ඛාසෙක්ඛපුථුජ්ජනානං උප්පත්තිරහො පිණ්ඩජවනවසෙනෙව ද්වාදසකමග්ගො කථිතො. තිහෙතුකජවනාවසානෙ පනෙත්ථ තිහෙතුකං තදාරම්මණං යුත්තං. දුහෙතුකජවනාවසානෙ දුහෙතුකං, අහෙතුකජවනාවසානෙ අහෙතුකං භාජෙත්වා පන න වුත්තං. එවං දුතියවාදෙ යුත්තං ගහෙතබ්බං.
දෙවන වාදයෙහි වනාහි කුසලයෙන් සසංඛාර අසංඛාර විධානය අභිප්‍රේතය. එහෙයින් මෙහි අසංඛාරික කුසලයට අසංඛාරිකම විපාකයත් සංඛාරික කුසලයට ද සසංඛාරිකය මත් ගෙන ජවනයෙන් තදාරම්මණ නියමය නොකොට සියලුම ශෛක්ෂ අශෛක්ෂ පෘථග්ජනයන්ගේ උත්පත්ති රහස ද පිණ්ඩ ජවන වශයෙන්ම ද්වාදශක මාර්ගයක් කියන ලදී. මෙහිද ත්‍රිහේතුක ජවන වශයෙන් ත්‍රිහේතුක තදාරම්මණය යොදන ලදී. ද්විහේතුක ජවනය අවසානයෙහි ද්විහේතුකය යොදන ලදී. අහේතුක ජවනාවසානයෙහි අහේතුකය බෙදා නො කියන ලදී. මෙසේ දෙවන වාදයෙහි යුක්තිය ගතයුතුය.
තතියවාදෙපි කුසලතොව අසඞ්ඛාරසසඞ්ඛාරවිධානං අධිප්පෙතං. ‘තිහෙතුකකම්මං තිහෙතුකවිපාකම්පි දුහෙතුකවිපාකම්පි අහෙතුකවිපාකම්පි දෙතී’ති පන වචනතො අසඞ්ඛාරිකතිහෙතුකපටිසන්ධිකස්ස අසඞ්ඛාරිකදුහෙතුකෙනපි තදාරම්මණෙන භවිතබ්බං. තං අදස්සෙත්වා හෙතුසදිසමෙව තදාරම්මණං දස්සිතං. තං පුරිමාය හෙතුකිත්තනලද්ධියා න යුජ්ජති. කෙවලං දසකමග්ගවිභාවනත්ථමෙව වුත්තං. ඉතරම්පි පන ලබ්භතෙව. එවං තතියවාදෙපි යුත්තං ගහෙතබ්බං. අයඤ්ච සබ්බාපි පටිසන්ධිජනකස්සෙව කම්මස්ස විපාකං සන්ධාය තදාරම්මණකථා. ‘සහෙතුකං භවඞ්ගං අහෙතුකස්ස භවඞ්ගස්ස අනන්තරපච්චයෙන පච්චයො’ති (පට්ඨා· 3.1.102) වචනතො පන නානාකම්මෙන අහෙතුකපටිසන්ධිකස්සාපි සහෙතුකවිපාකං තදාරම්මණං උප්පජ්ජති. තස්ස උප්පත්තිවිධානං මහාපකරණෙ ආවි භවිස්සතීති.
තෙවන වාදයෙහි ද කුසලයෙන්ම අසංස්කාර සසංස්කාර විධානය අභිප්‍රේතය. ත්‍රිහේතුක කර්මය ත්‍රිහේතුක කමය ත්‍රිහේතුක විපාකයත් ද්විහේතුක විපාකයත් අහේතුක විපාකයත් දෙයි යන වචනයෙන් අසංස්කාරික ත්‍රිහේතුක ප්රතිසන්ධි ඇත්තාට අසංස්කාරික ද්විහේතුකයෙන් ද තදාරම්මණය විය යුතුයි. එය නො දක්වා හේතුව සමාන වූ ම තදාරම්මණයක් දක්වන ලදී. එය පළමු හේතුකීර්තන ලබ්ධිය සමග නො යෙදේ. හුදෙක් දශක මාර්ග විස්තරය පිණිසම කියන ලදී. අනෙකද ලැබේමය. තුන්වන වාදයෙහි යුක්තිය ද මෙසේ ගතයුතුයි. මෙයත් (අන්) සියල්ලත් ප්රතිසන්ධි ජනක කර්මයාගේ විපාකය සඳහා තදාරම්මණ කථාය, ‘සහෙතුකං භවංගං අහේතුකස්ස භවංගස්ස අනන්තර පච්චයෙන පච්චයො’ යන කීමෙන් ද නානා කර්මයෙන් අහේතුක ප්‍රතිසන්ධියක් ඇත්තාට ද සහේතුක විපාක තදාරම්මණ විපාක තදාරම්මණය උපදී. ඔහුගේ උත්පත්ති විධානය මහා ප්‍රකරණයෙහි මතු එන්නේය.
කාමාවචරකුසලවිපාකකථා නිට්ඨිතා.
කාමාවචර කුසලවිපාක කථාව නිමියේ ය.