යෙදුමෙන් කියවන්න

අට‍්ඨමහාවිපාකචිත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

අට්ඨමහාවිපාකචිත්තවණ්ණනා

ඉදානි අට‍්ඨමහාවිපාකචිත‍්තානි දස‍්සෙතුං පුන කතමෙ ධම‍්මා අබ්‍යාකතාතිආදි ආරද‍්ධං. තත්‍ථ පාළියං නයමත‍්තං දස‍්සෙත්‍වා සබ‍්බවාරා සංඛිත‍්තා. තෙසං අත්‍ථො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. යො පනෙත්‍ථ විසෙසො තං දස‍්සෙතුං අලොභො අබ්‍යාකතමූලන‍්තිආදි වුත‍්තං. යම‍්පි න වුත‍්තං තං එවං වෙදිතබ‍්බං – යො හි කාමාවචරකුසලෙසු කම‍්මද‍්වාරකම‍්මපථපුඤ‍්ඤකිරියවත්‍ථුභෙදො වුත‍්තො සො ඉධ නත්‍ථි. කස‍්මා? අවිඤ‍්ඤත‍්තිජනකතො අවිපාකධම‍්මතො තථා අප‍්පවත‍්තිතො ච. යාපි තා යෙවාපනකෙසු කරුණාමුදිතා වුත‍්තා, තා සත‍්තාරම‍්මණත‍්තා විපාකෙසු න සන‍්ති. එකන‍්තපරිත‍්තාරම‍්මණානි හි කාමාවචරවිපාකානි. න කෙවලඤ‍්ච කරුණාමුදිතා, විරතියොපෙත්‍ථ න සන‍්ති. ‘පඤ‍්ච සික‍්ඛාපදානි කුසලානෙවා’ති (විභ· 715) හි වුත‍්තං.

දැන් අෂ්ටමහා විපාක සිත් දක්වන්නට නැවත කතමෙ ධම්මා අඛ්‍යාකතා යන ආදිය පටන්ගන්නා ලදී. එහි පාළියෙහි නයමාත්‍රය දක්වා සියලුවාර සංක්‍ෂේප කරන ලදී. ඔවුන්ගේ අර්ථය යට කියන ලද නයින්ම දතයුතුයි. මෙහි යමක් වෙනස් වී නම් එය දක්වන්නට අලොභො අඛ්‍යාකත මූලං යන ආදිය කියන ලදී. යමක් නොකියන ලද නම් එය මෙසේ දතයුතුයි. කාමාවචර කුශලයන්හි කරමද්වාර කර්මපථ පුණ්‍යක්‍රියා වස්තු පිළිබඳ යම් භේදයක් කියන ලද ද? එය මෙහි නැත. කවර හෙයින් ද? අවිඥප්තිජනක වශයෙනුත් අවිපාක ධර්ම වශයෙනුත් එසේ නො පවත්නා හෙයිනුත්ය. යේවාපනකයන්හි යම් ඒ කරුණා මුදිතා කියන ලද ද ඒ සත්‍වාරම්මණ බැවින් විපාකයන්හි නොමැත. ඒකාන්ත පරිත්තාරම්මණ වූ කාමාවචරයෝත්, හුදෙක් කරුණා මුදිතා පමණක් නොව විරතීහු ද මෙහි නොවෙත්. පංච ශික්‍ෂාපද කුසලම යැයි කියන ලදී.

අසඞ‍්ඛාරසසඞ‍්ඛාරවිධානඤ‍්චෙත්‍ථ කුසලතො චෙව පච‍්චයභෙදතො ච වෙදිතබ‍්බං. අසඞ‍්ඛාරිකස‍්ස හි කුසලස‍්ස අසඞ‍්ඛාරිකමෙව විපාකං, සසඞ‍්ඛාරිකස‍්ස සසඞ‍්ඛාරිකං. බලවපච‍්චයෙහි ච උප‍්පන‍්නං අසඞ‍්ඛාරිකං, ඉතරෙහි ඉතරං. හීනාදිභෙදෙපි ඉමානි හීනමජ‍්ඣිමපණීතෙහි ඡන්‍දාදීහි අනිප‍්ඵාදිතත‍්තා හීනමජ‍්ඣිමපණීතානි නාම න හොන‍්ති. හීනස‍්ස පන කුසලස‍්ස විපාකං හීනං, මජ‍්ඣිමස‍්ස මජ‍්ඣිමං, පණීතස‍්ස පණීතං. අධිපතිනො පෙත්‍ථ න සන‍්ති. කස‍්මා? ඡන්‍දාදීනි ධුරං කත්‍වා අනුප‍්පාදෙතබ‍්බතො. සෙසං සබ‍්බං අට‍්ඨසු කුසලෙසු වුත‍්තසදිසමෙව.

මෙහි අසංඛාර සසංඛාර විධානයත් කුශල වශයෙන් මෙන්ම ප්‍රත්‍ය භේදයෙන් ද දතයුතුයි. අසංඛාරික කුසලයට අසංඛාරික විපාකමය. සසංඛාරිකයට සසංඛාරික විපාකය. අසංඛාරික බලවත් හේතූන්ගෙන් උපන්නේය. අන්‍ය වූ සසංඛාරිකය අන්‍ය වූ දුර්වල ප්‍රත්‍යයන්ගෙනි. හීනාදී භේදයෙහි ද මොව්හු හීනමධ්‍යම ප්‍රණීත වූ ඡන්‍දාදීන් විසින් නූපදවන ලද හෙයින් හීන මධ්‍යම ප්‍රණීත නම් නො වෙත්. හීන අකුසලයාගේ විපාකය වනාහි හීනය. මධ්‍යමයාගේ විපාකය මධ්‍යමය. ප්‍රණීතයාගේ ප්‍රණීතය. මෙහි අධිපතීහු නැත්තාහ. කවරහෙයින් ද යත්, ඡන්‍දාදීන් අධිපති කොට නූපදිය යුතු හෙයිනි. සෙසු සියල්ල අෂ්ට කුශලයන්හි කියන ලද්ද සමානමය.

ඉදානි ඉමෙසං අට‍්ඨන‍්නං මහාවිපාකචිත‍්තානං විපච‍්චනට‍්ඨානං වෙදිතබ‍්බං. එතානි හි චතූසු ඨානෙසු විපච‍්චන‍්ති – පටිසන්‍ධියං, භවඞ‍්ගෙ, චුතියං, තදාරම‍්මණෙති. කථං? මනුස‍්සෙසු තාව කාමාවචරදෙවෙසු ච පුඤ‍්ඤවන‍්තානං දුහෙතුකතිහෙතුකානං පටිසන්‍ධිග‍්ගහණකාලෙ පටිසන්‍ධි හුත්‍වා විපච‍්චන‍්ති. පටිසන්‍ධියා වීතිවත‍්තාය පවත‍්තෙ සට‍්ඨිපි අසීතිපි වස‍්සානි අසඞ‍්ඛ්‍යෙය්‍යම‍්පි ආයුකාලං භවඞ‍්ගං හුත්‍වා, බලවාරම‍්මණෙ ඡසු ද‍්වාරෙසු තදාරම‍්මණං හුත්‍වා, මරණකාලෙ චුති හුත්‍වාති. එවං චතූසු ඨානෙසු විපච‍්චන‍්ති.

දැන් මේ මහා විපාක සිත් අට විපාක දෙන තැන දතයුතුයි. මේ සිත් ප්‍රතිසන්ධිය භවංගය චුතිය හා තදාරම්මණය ස්ථාන සතරෙහි විපාක දෙයි. කෙසේද යත්, මනුෂ්‍යයන් අතරෙහි හා කාමාවචර දෙවියන් අතුරෙහි ද ද්විහේතුක ත්‍රිහේතුක පුණ්‍යවන්තයන්ට පිළිසිඳ ගන්නා කාලයෙහි ප්‍රතිසන්ධිය වී විපාක දෙයි. ප්‍රතිසන්ධිය ඉක්මවා පැවැත්මේදී අවුරුදු හැටක් හෝ අසූවක් හෝ අසංඛ්‍යයක් හෝ ආයු කාලයෙහි භවංගය වී ද බලවත් අරමුණෙහි ෂට් ද්වාරයන්හි තදාරම්මණය වී ද මරණ කාලයෙහි චුතිය වීදැයි මෙසේ සිව් තැනෙක විපාක දෙයි.

තත්‍ථ සබ‍්බෙපි සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තා පච‍්ඡිමපටිසන්‍ධිග‍්ගහණෙ පඨමෙන සොමනස‍්සසහගතතිහෙතුකඅසඞ‍්ඛාරිකමහාවිපාකචිත‍්තෙන පටිසන්‍ධිං ගණ‍්හන‍්ති. තං පන මෙත‍්තාපුබ‍්බභාගචිත‍්තස‍්ස විපාකං හොති. තෙන දින‍්නාය පටිසන්‍ධියා අසඞ‍්ඛ්‍යෙය්‍යං ආයු. කාලවසෙන පන පරිණමති. මහාසීවත්‍ථෙරො පනාහ – ‘සොමනස‍්සසහගතතො උපෙක‍්ඛාසහගතං බලවතරං. තෙන පටිසන්‍ධිං ගණ‍්හන‍්ති. තෙන ගහිතපටිසන්‍ධිකා හි මහජ‍්ඣාසයා හොන‍්ති. දිබ‍්බෙසුපි ආරම‍්මණෙසු උප‍්පිලාවිනො න හොන‍්ති, තිපිටකචූළනාගත්‍ථෙරාදයො වියා’ති . අට‍්ඨකථායං පන – ‘අයං ථෙරස‍්ස මනොරථො,’‘නත්‍ථි එත’න‍්ති පටික‍්ඛිපිත්‍වා ‘සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තානං හිතූපචාරො බලවා හොති , තස‍්මා මෙත‍්තාපුබ‍්බභාගකාමාවචරකුසලවිපාකසොමනස‍්සසහගතතිහෙතුකඅසඞ‍්ඛාරිකචිත‍්තෙන පටිසන්‍ධිං ගණ‍්හන‍්තී’ති වුත‍්තං.

එහිදී සියලුම සර්වඥ බෝධිසත්ත්වවරු (පශ්චිම) ප්‍රතිසන්‍ධි ග්‍රහණයෙහි දී පළමුවන සොම්නස් සහගත ත්‍රිහේතුක අසංස්කාරික මහාවිපාක සිතින් පිළිසිඳ ගනිත්. එය වනාහි මෛත්‍රී පූර්වභාග සිතට විපාකය වෙයි. එයින් දෙන ලද ප්‍රතිසන්‍ධියෙන් ආයු අසංඛ්‍යයකි. නැවත කාල වශයෙන් පරිණාමය වෙයි. මහාසිව ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ. සොමනස්ස සහගත සිතට වඩා උපේක්‍ෂා සහගත සිත බලවතරය. එයින් පිළිසිඳ ගනිත්. එයින් එයින් ගන්නා ලද ප්‍රතිසන්‍ධියෙන් වනාහි මහා අදහස් ඇත්තේ වෙත්. දිව්‍යමය ආරම්මණයන්හි පවා අධික ප්‍රීති ඇත්තෝ නොවෙත්. ත්‍රිපිටක චූලනාග ස්ථවිරාදීන් මෙනි. අටුවාවෙහි වනාහි තෙරුන්ට මේ මනෝරථය නැතැයි එය ප්‍රතික්‍ෂේප කොට සර්වඥ බොධිසත්ත්ව වරයන්ගේ හිතෝපචාරය බලවත් වෙයි. එහෙයින් මෛත්‍රී පූර්වභාග කාමාවචර කුශලවිපාක සෝමනස්ස සහගත ත්‍රිහේතුක අසංස්කාරික සිතින් පිළිසිඳ ගනිත් යැයි කියන ලදී.