අහෙතුකකුසලවිපාකො අට්ඨකථා
අහෙතුකකුසලවිපාකො
අහෙතුකකුසලවිපාකො
ඉදානි අබ්යාකතපදං භාජෙත්වා දස්සෙතුං කතමෙ ධම්මා අබ්යාකතාතිආදි ආරද්ධං. තත්ථ චතුබ්බිධං අබ්යාකතං – විපාකං කිරියං රූපං නිබ්බානන්ති. තෙසු විපාකාබ්‍යාකතං. විපාකාබ්යාකතෙපි කුසලවිපාකං. තස්මිම්පි පරිත්තවිපාකං. තස්මිම්පි අහෙතුකං. තස්මිම්පි පඤ්චවිඤ්ඤාණං. තස්මිම්පි ද්වාරපටිපාටියා චක්ඛුවිඤ්ඤාණං . තස්සාපි, ඨපෙත්වා ද්වාරාරම්මණාදිසාධාරණපච්චයං, අසාධාරණකම්මපච්චයවසෙනෙව උප්පත්තිං දීපෙතුං කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තාතිආදි වුත්තං. තත්ථ කතත්තාති කතකාරණා. උපචිතත්තාති ආචිතත්තා, වඩ්ඪිතකාරණා. චක්ඛුවිඤ්ඤාණන්ති කාරණභූතස්ස චක්ඛුස්ස විඤ්ඤාණං, චක්ඛුතො වා පවත්තං, චක්ඛුස්මිං වා නිස්සිතං විඤ්ඤාණන්ති චක්ඛුවිඤ්ඤාණං. පරතො සොතවිඤ්ඤාණාදීසුපි එසෙව නයො.
දැන් අඛ්‍යාකත යන පදය බෙදා දක්වන්නට කතමෙ ධම්මා අඛ්‍යාකතා යන ආදිය පටන්ගන්නා ලදී. එහි විපාක කිරිය රූප නිබ්බාණ යැයි අව්‍යාකෘතය චතුර්විධය. ඔවුනතුරෙන් විපාඛ්යාකතය විපාකාඛ්යා කතයෙහි ද කුසල විපාකය, එහි ද පරිත්ත විපාකය (එහි ද අහේතුකය, අහේතුකයෙහි ද පංච විඤ්ඤාණය) එහි ද ද්වාර පටිපාටියෙන් චක්ඛු විඤ්ඤාණය, එහි ද ද්වාරා රම්මණාදි සාධාරණ ප්‍රත්‍යය හැර අසාධාරණ කර්මප්රත්ය වශයෙන්ම උත්පත්තිය දක්වන්නට කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා යන ආදිය කියන ලදී. එහි කකත්තා යනු කළ කාරණයෙන්, උපචිතත්තා යනු රැස්කරන ලද හෙයින් වර්ධනය කරන ලද හෙයින්, චක්ඛු විඤ්ඤාණං යනු හේතුභූත චක්ෂුස පිළිබඳ විඥානය, චක්ෂු සිත් පැවති හෝ චක්‍ෂුසෙහි ආශ්රිත වූ හෝ විඥානය යනු චක්ඛු විඤ්ඤාණයයි. අන්‍ය වූ ශ්‍රෝත විඥානාදියෙහි ද මේ නයමය.
තත්ථ චක්ඛුසන්නිස්සිතරූපවිජානනලක්ඛණං චක්ඛුවිඤ්ඤාණං, රූපමත්තාරම්මණරසං, රූපාභිමුඛභාවපච්චුපට්ඨානං , රූපාරම්මණාය කිරියමනොධාතුයා අපගමපදට්ඨානං. පරතො ආගතානි සොතාදිසන්නිස්සිතසද්දාදිවිජානනලක්ඛණානි සොතඝානජිව්හාකායවිඤ්ඤාණානි සද්දාදිමත්තාරම්මණරසානි, සද්දාදිඅභිමුඛභාවපච්චුපට්ඨානානි, සද්දාදිආරම්මණානං කිරියමනොධාතූනං අපගමපදට්ඨානානි.
එහි චක්ෂුස නිශ්රිත රූප දැනගැනීම ලක්‍ෂණකොට ඇත්තේ චක්ඛු විඤ්ඤාණයයි. රූපමාත්‍ර අරමුණම රසයකොට ඇත්තේ ය. රූපයට අභිමුඛ වීම එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. රූපාරම්මණාකිරිය මනෝ ධාතුවෙන් පහව යෑම ආසන්න කාරණය කොට ඇත්තේ ය. පිටතින් පැමිණි ශ්රෝතාදිය ඇසුරු කළ ශබ්දාදිය දැනගැනීම ලක්ෂණ කොට ඇත්තේ ශ්‍රෝත ඝාණ ජිව්හාකාය විඥානයෝ ය. ශබ්දාදී වස්තු අරමුණු කරගැනීම රසයකොට ඇත්තාහ. ශබ්දාදියට අභිමුඛ වීම එළඹසිටි කාරණය කොට ගත්තෝ ය. ශබ්දාදිය අරමුණු කොටගත් කිරිය මනෝධාතූන්ගෙන් පහවීම ආසන්න කාරණය කොට ඇත්තාහ.
ඉධ පදපටිපාටියා දස පදානි හොන්ති. අග්ගහිතග්ගහණෙන සත්ත. තෙසු පඤ්ච අවිභත්තිකානි, ද්වෙ සවිභත්තිකානි. තෙසු චිත්තං ඵස්සපඤ්චකවසෙන චෙව ඉන්ද්රියවසෙන ච ද්වීසු ඨානෙසු විභත්තිං ගච්ඡති, වෙදනා ඵස්සපඤ්චකඣානඞ්ගඉන්ද්රියවසෙන තීසුයෙව. රාසයොපි ඉමෙව තයො හොන්ති. යෙවාපනකො එකො මනසිකාරො එව.
මෙහි වනාහි (පද) පිළිවෙළින් පද දසයක් වෙයි. අගෘහීත ග්රහණයෙන් සතකි. ඔවුනතුරෙන් පසක් අවිභක්තිකය දෙකක් සවිභක්තිකය. ඔවුනතුරෙන් සිත ඵස්සපඤ්චමක වශයෙනුත් ඉන්ද්රිය වශයෙනුත් දෙතැනක බෙදීමට යෙයි. වේදනාව ඵස්ස පඤ්චමක ඣානඞ්ග ඉන්ද්රිය වශයෙන් ස්ථාන තුනෙකමය. මේ තුනම රාසි ද වෙයි. එකම මනසිකාරය යේවාපනකය.
නිද්දෙසවාරෙ චක්ඛුවිඤ්ඤාණං පණ්ඩරන්ති වත්ථුතො වුත්තං. කුසලඤ්හි අත්තනො පරිසුද්ධතාය පණ්ඩරං නාම, අකුසලං භවඞ්ගනිස්සන්දෙන, විපාකං වත්ථුපණ්ඩරත්තා.
නිර්දේශ වාරයෙහි වක්ෂුර් විඥානය පණ්ඩර යැයි වස්තු වශයෙන් කියන ලදී. කුසලය වනාහි තමාගේ පරිශුද්ධතාවෙන් පණ්ඩර නම් වෙයි. වස්තු පණ්ඩරත්වය නිසා භවාංග නිර්දේශයෙහි අකුසලය අවිපාකය,
චිත්තස්සෙකග්ගතානිද්දෙසෙ චිත්තස්ස ඨිතීති එකමෙව පදං වුත්තං. ඉදම්පි හි දුබ්බලං චිත්තං පවත්තිට්ඨිතිමත්තමෙවෙත්ථ ලබ්භති, ‘සණ්ඨිතිඅවට්ඨිති’-භාවං පාපුණිතුං න සක්කොති. සඞ්ගහවාරෙ ඣානඞ්ගමග්ගඞ්ගානි න උද්ධටානි. කස්මා? විතක්කපච්ඡිමකඤ්හි ඣානං නාම, හෙතුපච්ඡිමකො මග්ගො නාම. පකතියා අවිතක්කචිත්තෙ ඣානඞ්ගං න ලබ්භති, අහෙතුකචිත්තෙ ච මග්ගඞ්ගානි. තස්මා ඉධ උභයම්පි න උද්ධටං. සඞ්ඛාරක්ඛන්ධොපෙත්ථ චතුරඞ්ගිකොයෙව භාජිතො. සුඤ්ඤතවාරො පාකතිකොයෙව. සොතවිඤ්ඤාණාදිනිද්දෙසාපි ඉමිනාව නයෙන වෙදිතබ්බා.
චිත්තෙකාග්‍රතා නිර්දේශයෙහි චිත්තසස ඨිති යන එකම පදය කියන ලදී. මේ දුර්වල සිත ද මෙහිදී ප්රවෘත්ති ස්ථිති මාත්‍රයම ලබයි. සංස්ථිති අවස්ථිති භාවයට පැමිණීමට නො හැකි වෙයි. සංග්‍රහ වාරයෙහි ධ්‍යානාංග මාර්ගාංගයෝ මතුකොට නො දක්වන ලදහ. කවර හෙයින්? ධ්‍යානය වනාහි විතර්ක පශ්චිමක නමි. මාර්ගය නම් හේතුපශ්චිමකය. ප්‍රකෘතියෙන් විතර්ක රහිත සිතෙහි ධ්‍යානාංගය නොලැබෙයි. අහේතුක සිතෙහි ද මාර්ගාංග නො ලැබෙයි. එහෙයින් මෙහි දෙකම මතුකර නො දක්වන ලදී. මෙහිදී සංස්කාර ස්කන්ධය ද චතුරංගිකවම බෙදන ලදී. ශුන්‍යතා වාරය ප්‍රකෘතිකමය. ශ්‍රෝත විඥානාදී නිර්දේශ ද මේ නයින්ම දතයුතුයි.
කෙවලඤ්හි චක්ඛුවිඤ්ඤාණාදීසු ‘උපෙක්ඛා’ භාජිතා, කායවිඤ්ඤාණෙ ‘සුඛ’න්ති, අයමෙත්ථ විසෙසො. සොපි ච ඝට්ටනවසෙන හොතීති වෙදිතබ්බො. චක්ඛුද්වාරාදීසු හි චතූසු උපාදාරූපමෙව උපාදාරූපං ඝට්ටෙති, උපාදාරූපෙයෙව උපාදාරූපං ඝට්ටෙන්තෙ පටිඝට්ටනානිඝංසො බලවා න හොති. චතුන්නං අධිකරණීනං උපරි චත්තාරො කප්පාසපිචුපිණ්ඩෙ ඨපෙත්වා පිචුපිණ්ඩෙහෙව පහතකාලො විය ඵුට්ඨමත්තමෙව හොති. වෙදනා මජ්ඣත්තට්ඨානෙ තිට්ඨති. කායද්වාරෙ පන බහිද්ධා මහාභූතාරම්මණං අජ්ඣත්තිකකායපසාදං ඝට්ටෙත්වා පසාදපච්චයෙසු මහාභූතෙසු පටිහඤ්ඤති. යථා අධිකරණීමත්ථකෙ කප්පාසපිචුපිණ්ඩං ඨපෙත්වා කූටෙන පහරන්තස්ස කප්පාසපිචුපිණ්ඩං ඡින්දිත්වා කූටං අධිකරණිං ගණ්හතීති, නිඝංසො බලවා හොති, එවමෙව පටිඝට්ටනානිඝංසො බලවා හොති. ඉට්ඨෙ ආරම්මණෙ සුඛසහගතං කායවිඤ්ඤාණං උප්පජ්ජති, අනිට්ඨෙ දුක්ඛසහගතං.
චක්ෂුර් විඥානාදියෙහි උපේක්ෂාව හුදෙකලාවම බෙදන ලදී. කාය විඥානයෙහි සුඛං යන මෙහි විශේෂයයි. එය ද ඝර්ෂණ (වශයෙන්) වේයැයි දතයුතුයි. චක්ෂුර් ද්වාරාදී සතරෙහි වනාහි උපාදා රූපයම උපාදා රූපයෙහි ගැටෙයි. උපාදා රූපයෙහිම උපදා රූපය ගැටෙනවිට ප්රතිඝර්ෂණය උරාගැනීම බලවත් නොවේ. කිණිහිරි සතරක් මත කපු පුලුන්පිඩු සතරක් තබා පුලුන් පිඩුවලින්ම පහර දුන් කල මෙන් ස්පර්ශ මාත්‍රයම වෙයි. වේදනාව මධ්‍යස්ථ ස්ථානයෙහි සිටී. කාය ද්වාරයෙහි වනාහි බාහිර මහා භූතාරම්මණ ආධ්‍යාත්මික කාය ප්‍රසාදය ගටා ප්රසාදප්රත්යය වූ මහාභූතයන්හි ගැටෙයි ද, (එය) යම්සේ කිණිහිර මත කපුපුලුන් පිඩක් තබා කුළෙකින් පහරදෙනවිට (කපු) පුලුන්පිඩ බිඳගෙන කළ කිණිහිර ගනීද මෙසේ ගැටීම බලවත් වේ. මෙසේම ප්රතිඝර්ෂණා උරාගැනීම බලවත් වේ. ඉෂ්ටාරම්මණයෙහි සුඛ සහගත කාය විඥානය උපදී. අනිෂ්ටාරම්මණයෙහි දුඃඛසහගත කායවිඥානය උපදී.
ඉමෙසං පන පඤ්චන්නං චිත්තානං වත්ථුද්වාරාරම්මණානි නිබද්ධානෙව හොන්ති, වත්ථාදිසඞ්කමනං නාමෙත්ථ නත්ථි. කුසලවිපාකචක්ඛුවිඤ්ඤාණඤ්හි චක්ඛුපසාදං වත්ථුං කත්වා ඉට්ඨෙ ච ඉට්ඨමජ්ඣත්තෙ ච චතුසමුට්ඨානිකරූපාරම්මණෙ දස්සනකිච්චං සාධයමානං චක්ඛුද්වාරෙ ඨත්වා විපච්චති. සොතවිඤ්ඤාණාදීනි සොතපසාදාදීනි වත්ථුං කත්වා ඉට්ඨඉට්ඨමජ්ඣත්තෙසු සද්දාදීසු සවනඝායනසායනඵුසනකිච්චානි සාධයමානානි සොතද්වාරාදීසු ඨත්වා විපච්චන්ති. සද්දො පනෙත්ථ ද්විසමුට්ඨානිකොයෙව හොති.
මේ සිත්පස පිළිබඳ වස්තුද්වාර ආරම්මණයෝ බැඳුණාහුම වෙත්. මෙහි වස්තු ආදීන්ගේ සංක්‍රමණයක් නම් නැත. කුශල විපාක චක්ෂුර් විඥානය වනාහි චක්ෂු ප්‍රසාදය වස්තුකොට ඉෂ්ට වූද ඉෂ්ට මධ්‍යස්ථ වූ ද චතුසමුට්ඨානික රූපාරම්මණයෙහි දර්ශන කෘත්‍යය සිදුකරමින් චක්ෂුර් ද්වාරයෙහි සිට විපාක දෙයි. ශ්‍රෝත විඥානාදිය ශ්‍රෝත ප්‍රාසාදාදිය වස්තුකොට ඉෂ්ටානිෂ්ට මධ්‍යස්ථ ශබ්දාදීන්හි ශ්රාවණඝ්රායන සායන ස්පර්ශන කෘත්‍යයන් සිදු කෙරෙමින් ශ්‍රෝත ද්වාරාදීන්හි සිට විපාක දෙයි. මෙහි ශබ්දය වනාහි ද්වි සමුට්ඨානිකම වෙයි.
මනොධාතුනිද්දෙසෙ සභාවසුඤ්ඤතනිස්සත්තට්ඨෙන මනොයෙව ධාතු මනොධාතු. සා චක්ඛුවිඤ්ඤාණාදීනං අනන්තරං රූපාදිවිජානනලක්ඛණා, රූපාදීනං සම්පටිච්ඡනරසා, තථාභාවපච්චුපට්ඨානා, චක්ඛුවිඤ්ඤාණාදිඅපගමපදට්ඨානා . ඉධ ධම්මුද්දෙසෙ ද්වාදස පදානි හොන්ති. අග්ගහිතග්ගහණෙන නව. තෙසු සත්ත අවිභත්තිකානි ද්වෙ සවිභත්තිකානි. අධිමොක්ඛො මනසිකාරොති ද්වෙ යෙවාපනකා. විතක්කනිද්දෙසො අභිනිරොපනං පාපෙත්වා ඨපිතො. යස්මා පනෙතං චිත්තං නෙව කුසලං නාකුසලං, තස්මා සම්මාසඞ්කප්පොති වා මිච්ඡාසඞ්කප්පොති වා න වුත්තං. සඞ්ගහවාරෙ ලබ්භමානම්පි ඣානඞ්ගං පඤ්චවිඤ්ඤාණසොතෙ පතිත්වා ගතන්ති. මග්ගඞ්ගං පන න ලබ්භතියෙවාති න උද්ධටං. සුඤ්ඤතවාරො පාකතිකොයෙව. ඉමස්ස චිත්තස්ස වත්ථු නිබද්ධං හදයවත්ථුමෙව හොති. ද්වාරාරම්මණානි අනිබද්ධානි. තත්ථ කිඤ්චාපි ද්වාරාරම්මණානි සඞ්කමන්ති, ඨානං පන එකං. සම්පටිච්ඡනකිච්චමෙව හෙතං හොති. ඉදඤ්හි පඤ්චද්වාරෙ පඤ්චසු ආරම්මණෙසු සම්පටිච්ඡනං හුත්වා විපච්චති. කුසලවිපාකෙසු චක්ඛුවිඤ්ඤාණාදීසු නිරුද්ධෙසු තංසමනන්තරා තානෙව ඨානප්පත්තානි රූපාරම්මණාදීනි සම්පටිච්ඡති.
මනෝධාතු නිර්දේශයෙහි ස්වභාව ශුන්‍යත නිඃසත්වාර්ථයෙන් මනසම ධාතුව වූයේ = මනොධාතු ය, එය චක්ෂුර් විඥානාදීන්ට අනතුරුව රූපාදීන් හඳුනාගැනීම ලක්‍ෂණකොට ඇත්තේ ය. රූපාදීන් පිළිගැනීම රසය කොට ඇත්තේ ය. එසේ බව එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. චක්ෂුර් විඥානාදි අපගමය ආසන්න කාරණය කොට ඇත්තේ ය. මෙහි ධර්මෝද්දේශයෙහි පද දොළොසක් වෙයි. අගෘහීත ග්රහණයෙන් නවයෙකි. ඔවුනතුරෙන් අවිභක්තික සතකි. සවිභක්තික දෙකකි. අධිමොක්ඛ මනසිකාර යන දෙක යේවාපනකය. විතර්ක නිර්දේශය අභිනිරෝපණයට පමුණුවා තබන ලදී. යම්හෙයකින් මේ සිත කුසල් ද නො වේද අකුසල් ද නො වේද, එහෙයින් සම්මා සංකප්ප යැයි හෝ මිච්ඡා සංකප්ප යැයි හෝ නො කියන ලදී. සංග්රහවාරයෙහි ලැබෙන්නා වූ ද ධ්‍යානාංගය පංචවිඥාන ශ්‍රෝතසට වැටී ගියේ යැයි (උපුටා නො දක්වන ලදී) මාර්ගාංගය වනාහි ලැබෙන්නේම යැයි උපුටා නො දක්වන ලදී. ශුන්යතවාරය ප්‍රකෘතිකමය. මේ සිතට නිබද්ධ වස්තුව හෘදය වස්තුවම වෙයි. ද්වාරාරම්මණයෝ අනිබද්ධයහ. එහිදී ඇතැම්විට ද්වාරාරම්මණයෝ සංක්‍රමණය වෙත්. ස්ථානය වනාහි එකකි. මෙය වනාහි සම්පටිච්ඡන කිසම වෙයි. මෙය වනාහි පංචද්වාරයෙහි පංචාරම්මණයන්හි සම්පටිච්ඡනය වී විපාක දෙයි. කුශල විපාක චක්ෂුර් විඥානාදීන් නිරුද්ධ වූ කල්හි එයට අනතුරුව ඒ ස්ථානයන්ටම පැමිණි රූපාරම්මණාදීන් සම්පටිච්ඡනය (පිළිගැනීම) කරයි.
මනොවිඤ්ඤාණධාතුනිද්දෙසෙසු පඨමමනොවිඤ්ඤාණධාතුයං ‘පීති’පදං අධිකං. වෙදනාපි ‘සොමනස්ස’-වෙදනා හොති. අයඤ්හි ඉට්ඨාරම්මණස්මිංයෙව පවත්තති. දුතියමනොවිඤ්ඤාණධාතු ඉට්ඨමජ්ඣත්තාරම්මණෙ. තස්මා තත්ථ ‘උපෙක්ඛා’ වෙදනා හොතීති. පදානි මනොධාතුනිද්දෙසසදිසානෙව. උභයත්ථාපි පඤ්චවිඤ්ඤාණසොතෙ පතිත්වා ගතත්තායෙව ඣානඞ්ගානි න උද්ධටානි. මග්ගඞ්ගානි අලාභතොයෙව. සෙසං සබ්බත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බං. ලක්ඛණාදිතො පනෙසා දුවිධාපි මනොවිඤ්ඤාණධාතු අහෙතුකවිපාකා, ඡළාරම්මණවිජානනලක්ඛණා, සන්තීරණාදිරසා, තථාභාවපච්චුපට්ඨානා, හදයවත්ථුපදට්ඨානාති වෙදිතබ්බා.
මනෝ විඥාන ධාතු නිර්දේශයන්හි ප්‍රථම මනෝ විඥාන ධාතුවෙහි පීතිපදය අධිකය. වේදනාව ද සෝමනස්ස වේදනාව වෙයි. මෙය වනාහි ඉෂ්ටාරම්මණයෙහිම පවතී. ද්විතීය මනෝවිඥාන ධාතුව ඉෂ්ට මධ්යස්ථාරම්මණයෙහි පවතී. ද්විතීය මනෝවිඥාන ධාතුව ඉෂ්ට මධ්යස්ථාරම්මණයෙහි පවතී. එහෙයින් එහි උපෙක්ඛා වේදනාහොති යන පද මනෝධාතු නිර්දේශය සමානමය. දෙතැන්හිම පංචවිඥාන ශ්‍රෝතයෙහි වැටී ගිය හෙයින්ම ධ්‍යානාංග මතුකොට නොදක්වන ලදී. මාර්ගාංග නො ලැබෙන හෙයින්ම මතුකොට නො දක්වන ලදී. සෙස්ස සියලු තන්හි කියන ලද නයින්ම දතයුතුයි. අහේතුක විපාක වූ මේ විවිධ මනෝවිඥාන ධාතුව ලක්‍ෂණාදී වශයෙන් ෂඩාරම්මණයන් දැනගැනීම ලක්ෂණ කොට ඇත්තේය. සන්තීරණය රසය කොට ඇත්තේය. ඒ බව එළඹ සිටි කාරණය කොට ඇත්තේය. හෘදය වස්තුව ආසන්න කාරණය කොට ඇත්තේ යැයි දතයුතුයි.
තත්ථ පඨමා ද්වීසු ඨානෙසු විපච්චති. සා හි පඤ්චද්වාරෙ කුසලවිපාකචක්ඛුවිඤ්ඤාණාදිඅනන්තරං, විපාකමනොධාතුයා තං ආරම්මණං සම්පටිච්ඡිත්වා නිරුද්ධාය, තස්මිං යෙවාරම්මණෙ සන්තීරණකිච්චං සාධයමානා පඤ්චසු ද්වාරෙසු ඨත්වා විපච්චති. ඡසු ද්වාරෙසු පන බලවාරම්මණෙ තදාරම්මණා හුත්වා විපච්චති. කථං? යථා හි චණ්ඩසොතෙ, තිරියං නාවාය ගච්ඡන්තියා, උදකං ඡිජ්ජිත්වා ථොකං ඨානං නාවං අනුබන්‍ධිත්‍වා යථාසොතමෙව ගච්ඡති, එවමෙව ඡසු ද්වාරෙසු බලවාරම්මණෙ පලොභයමානෙ ආපාථගතෙ ජවනං ජවති. තස්මිං ජවිතෙ භවඞ්ගස්ස වාරො. ඉදං පන චිත්තං භවඞ්ගස්ස වාරං අදත්වා ජවනෙන ගහිතාරම්මණං ගහෙත්වා එකං ද්වෙ චිත්තවාරෙ පවත්තිත්වා භවඞ්ගමෙව ඔතරති. ගවක්ඛන්ධෙ නදිං තරන්තෙපි එවමෙව උපමා විත්ථාරෙතබ්බා. එවමෙසා යං ජවනෙන ගහිතාරම්මණං තස්සෙව ගහිතත්තා තදාරම්මණං නාම හුත්වා විපච්චති.
එහි පළමුවැන්න දෙතැනකදී විපාක දෙයි. එය වනාහි පංචද්වාරයෙහි දී කුශලවිපාක චක්ෂුර් විඥානාදියට අනතුරුව විපාක මනෝ විඥානධාතුවෙහි ඒ අරමුණ පිළිගෙන නිරුද්ධ වූ ඒ අරමුණෙහිම සන්තීරණ කෘත්‍යය සිදුකෙරෙමින් පංචද්වාරයෙහි සිට විපාක දෙයි. ෂට් ද්වාරයන්හි වනාහි බලවත් අරමුණෙහි තදාරම්මණය වී විපාක දෙයි. කෙසේද යත්, යම් සේ වනාහි සැඩ දියපහරෙක සරව යන නැවකින් දිය බිඳී මදක් තැන් නැව ලුහුබැඳ ගොස් (යළිත්) දියපහර අනුවම යයි ද, මෙසේම ෂට් ද්වාරයන්හි පොළොඹවනු ලබන බලවත් අරමුණක් ඉන්ද්රිය විෂය වූ කල්හි ජවන් සිත දුවයි. එය ජවනය වූ කල්හි භවංගයට වාරයයි. මේ සිත වනාහි භවංගයට ඉඩ නොදී ජවනය විසින් ගන්නා ලද අරමුණ ගෙන චිත්තවාර එකක් දෙකක් පැවතී භවංගයටම බැසගනී. ගවයකු පිට නදියක් තරණය කරද්දී ද මෙපරිද්දෙන්ම උපමාව විස්තර කළයුතුයි. මෙසේ මෙය ජවනය විසින් ගන්නා ලද අරමුණම ගත්හෙයින් තදාරම්මණ නම්ව විපාක දෙයි.
දුතියා පන පඤ්චසු ඨානෙසු විපච්චති. කථං? මනුස්සලොකෙ තාව ජච්චන්ධජච්චබධිරජච්චඑළජච්චුම්මත්තකඋභතොබ්යඤ්ජනකනපුංසකානං පටිසන්ධිග්ගහණකාලෙ පටිසන්ධි හුත්වා විපච්චති. පටිසන්ධියා වීතිවත්තාය යාවතායුකං භවඞ්ගං හුත්වා විපච්චති. ඉට්ඨමජ්ඣත්තෙ පඤ්චාරම්මණවීථියා සන්තීරණං හුත්වා, බලවාරම්මණෙ ඡසු ද්වාරෙසු තදාරම්මණං හුත්වා, මරණකාලෙ චුති හුත්වාති ඉමෙසු පඤ්චසු ඨානෙසු විපච්චතීති.
දෙවැන්න වනාහි ස්ථාන පසෙක විපාක දෙයි. කෙසේද යත්, මනුෂ්‍ය ලෝකයෙහි වනාහි උපතින් අන්ධ, උපතින් බිහිරි, උපතින් ජඩ, උපතින් උමතු, උභතෝබ්‍යඤ්ජනක, නපුංසක යන අය පිළිසිඳ ගන්නා කාලයෙහි ප්රතිසන්ධිය වී විපාක දෙයි. ඉෂ්ට මධ්‍යස්ථ පංචාරම්මණයන්හි සන්තීරණය වී (විපාක දෙයි) බලවත් අරමුණෙහි ෂට් ද්වාරයන්හි තදාරම්මණය (වී) මරණය කාලයෙහි චුතිය වී යැයි මේ ස්ථාන පසෙහි දී විපාක දෙයි.
මනොවිඤ්ඤාණධාතුද්වයං නිට්ඨිතං.
මනෝවිඤ්ඤාණ ධාතු දෙක නිමියේය.