යෙදුමෙන් කියවන්න

නිද‍්දෙසවාරකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

නිද්දෙසවාරකථා

නිද‍්දෙසවාරෙ චිත‍්තස‍්සෙකග‍්ගතානිද‍්දෙසෙ තාව සණ‍්ඨිති අවට‍්ඨිතීති. ඉදං ද‍්වයං ඨිතිවෙවචනමෙව. යං පන කුසලනිද‍්දෙසෙ ‘ආරම‍්මණං ඔගාහෙත්‍වා අනුපවිසිත්‍වා තිට‍්ඨතීති අවට‍්ඨිතී’ති වුත‍්තං, තං ඉධ න ලබ‍්භති. අකුසලස‍්මිඤ‍්හි දුබ‍්බලා චිත‍්තස‍්සෙකග‍්ගතාති හෙට‍්ඨා දීපිතමෙව.

නිර්දේශ වාරයෙහි චිත්තෙකාග්‍රතා නිර්දේශයෙහි වනාහි සණ්ඨිති අවට්ඨිති යන මේ දෙක ඨිති යන්නට පර්යාය වචනමය. යමක් වනාහි කුශල නිර්දේශයෙහි අරමුණට බැසගෙන පිවිසගෙන සිටීනුයි = (අවට්ඨිති) යැයි කියන ලදී. මෙහිදී එය නො ලැබෙයි. අකුශලයෙහි වනාහි චිත්තෙකාග්‍රතාව දුර්වලයැයි යට දක්වන ලද්දේමය.

උද‍්ධච‍්චවිචිකිච‍්ඡාවසෙන පවත‍්තස‍්ස විසාහාරස‍්ස පටිපක‍්ඛතො අවිසාහාරොති එවරූපොපි අත්‍ථො ඉධ න ලබ‍්භති. සහජාතධම‍්මෙ පන න විසාහරතීති අවිසාහාරො. න වික‍්ඛිපතීති අවික‍්ඛෙපො. අකුසලචිත‍්තෙකග‍්ගතාවසෙන අවිසාහටස‍්ස මානසස‍්ස භාවො අවිසාහටමානසතා. සහජාතධම‍්මෙසු න කම‍්පතීති සමාධිබලං. අයාථාවසමාධානතො මිච‍්ඡාසමාධීති එවමිධ අත්‍ථො දට‍්ඨබ‍්බො.

උද්ධච්ච විචිකිච්ඡා වශයෙන් පැවති විසාහාරයට ප්‍රතිපක්‍ෂ වශයෙන් අවිසාහාර යැයි මෙබඳු අර්ථයක් ද මෙහිදී ලැබෙයි. සහජාත ධර්මයන් එක් නොකෙරේ නුයි = – අවිසාහාරො ය. වික්‍ෂේප නොකෙරේ යනු අවික්‍ඛෙපො ය. අකුශල චිත්තෙකාග්‍රතා වශයෙන් එක් නොවූ මනසෙහි භාවය = අවිසාහටමානසතා ය. සහජාත ධර්මයන්හි කම්පා නොවේනුයි = සමාධි බලයයි. අයථා සමාධානයෙන් මිච්ඡා සමාධියැයි මෙහිදී මෙසේ අර්ථය දතයුතුයි.

වීරියින්‍ද්‍රියනිද‍්දෙසෙ යො හෙට‍්ඨා ‘නික‍්කමො චෙසො කාමානං පනුදනායා’තිආදි නයො වුත‍්තො, සො ඉධ න ලබ‍්භති. සහජාතධම‍්මෙසු අකම‍්පනට‍්ඨෙනෙව වීරියබලං වෙදිතබ‍්බං.

වීරියෙන්‍ද්‍රිය නිර්දේශයෙහි යට කියන ලද යම් නිෂ්ක්‍රමයක් වේනම් එයද කාමානංපනූදතාය යන ආදී නයක් වේ ද එය ද මෙහි නොලැබේ. සහජාත ධර්මයන්හි කම්පා නො වන අර්ථයෙන්ම විරිය බලය දතයුතුයි.

මිච‍්ඡාදිට‍්ඨිනිද‍්දෙසෙ අයාථාවදස‍්සනට‍්ඨෙන මිච‍්ඡාදිට‍්ඨි. දිට‍්ඨීසු ගතං ඉදං දස‍්සනං, ද‍්වාසට‍්ඨිදිට‍්ඨිඅන‍්තොගතත‍්තාති දිට‍්ඨිගතං. හෙට‍්ඨාපිස‍්ස අත්‍ථො වුත‍්තොයෙව. දිට‍්ඨියෙව දුරතික‍්කමනට‍්ඨෙන දිට‍්ඨිගහනං, තිණගහනවනගහනපබ‍්බතගහනානි විය. දිට‍්ඨියෙව සාසඞ‍්කසප‍්පටිභයට‍්ඨෙන දිට‍්ඨිකන‍්තාරො , චොරකන‍්තාරවාළකන‍්තාරමරුකන‍්තාරනිරුදකකන‍්තාරදුබ‍්භික‍්ඛකන‍්තාරා විය. සම‍්මාදිට‍්ඨියා විනිවිජ‍්ඣනට‍්ඨෙන විලොමනට‍්ඨෙන ච දිට‍්ඨිවිසූකායිකං. මිච‍්ඡාදස‍්සනඤ‍්හි උප‍්පජ‍්ජමානං සම‍්මාදස‍්සනං විනිවිජ‍්ඣති චෙව විලොමෙති ච. කදාචි සස‍්සතස‍්ස කදාචි උච‍්ඡෙදස‍්ස ගහණතො දිට‍්ඨියා විරූපං ඵන්‍දිතන‍්ති දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං. දිට‍්ඨිගතිකො හි එකස‍්මිං පතිට‍්ඨාතුං න සක‍්කොති, කදාචි සස‍්සතං අනුපතති කදාචි උච‍්ඡෙදං. දිට‍්ඨියෙව බන්‍ධනට‍්ඨෙන සංයොජනන‍්ති දිට‍්ඨිසංයොජනං.

මිථ්‍යාදෘෂ්ටි නිර්දේශයෙහි අයථා දර්ශනය යන අර්ථයෙන් මිථ්‍යා දෘෂ්ටියයි. දෘෂ්ටිගත මේ දර්ශනය දෙසැටක් දෘෂ්ටීන්හි ඇතුළත් හෙයින් දිට්ඨිගතය. යට ද මෙහි අර්ථය කියන ලද්දේමය. දෘෂ්ටියම දුරතික්‍රමාර්ථයෙන් ඉක්මවීම දුෂ්කරය යන අර්ථයෙන් දිට්ඨිසහගතය. තිණාගහන වනගහන පබ්බත ගහනයන් මෙනි. සැක සහිතය. බිය සහිතය යන අර්ථයෙන් = දිට්ඨිකන්තාර, සොරුන්ගෙන් යුත්කාන්තාරය ව්‍යාඝ්‍රාදීන් යුත් කාන්තාරය වැලි කාන්තාරය ජල රහිත කාන්තාරය දුර්භික්‍ෂ කාන්තාරය මෙනි. සම්‍යක් දෘෂ්ටිය විනිවිද යන අර්ථයෙන් ද විරුද්ධ වන අර්ථයෙන් ද = දිට්ඨි විසූකාසිකය, මිථ්‍යා දෘෂ්ටිය උපදිත්ම සම්‍යක් දර්ශනය විනිවිද යයි. එසේම එයට විරුද්ධ වෙයි. කලෙක ශාස්වත දෘෂ්ටියේ ද කලෙක උච්ඡේද දෘෂ්ටියේ ද ග්‍රහණයෙන් දෘෂ්ටියේ විරූප වීමක් චලනයක් ඇතිවේ යනු = දිට්ඨි විප්ඵන්‍දිතය, දෘෂ්ටිගතික වූයේ වනාහි එකක පිහිටීමට නො හැක්කේ වෙයි. ඇතැම්විටෙක ශාස්වත දෘෂ්ටියට වැටෙයි. ඇතැම් විටෙක උච්ඡේද දෘෂ්ටියට වැටෙයි. බන්‍ධනාර්ථයෙන් දෘෂ්ටියම සංයෝජනය වේනුයි = දිට්ඨි සංයෝජනය,

සුසුමාරාදයො විය පුරිසං, ආරම‍්මණං දළ‍්හං ගණ‍්හාතීති ගාහො. පතිට‍්ඨහනතො පතිට‍්ඨාහො. අයඤ‍්හි බලවප‍්පවත‍්තිභාවෙන පතිට‍්ඨහිත්‍වා ගණ‍්හාති. නිච‍්චාදිවසෙන අභිනිවිසතීති අභිනිවෙසො. ධම‍්මසභාවං අතික‍්කමිත්‍වා නිච‍්චාදිවසෙන පරතො ආමසතීති පරාමාසො. අනත්‍ථාවහත‍්තා කුච‍්ඡිතො මග‍්ගො, කුච‍්ඡිතානං වා අපායානං මග‍්ගොති කුම‍්මග‍්ගො. අයාථාවපථතො මිච‍්ඡාපථො. යථා හි දිසාමූළ‍්හෙන අයං අසුකගාමස‍්ස නාම පථොති ගහිතොපි තං ගාමං න සම‍්පාපෙති, එවං දිට‍්ඨිගතිකෙන සුගතිපථොති ගහිතාපි දිට‍්ඨි සුගතිං න පාපෙතීති අයාථාවපථතො, මිච‍්ඡාපථො. මිච‍්ඡාසභාවතො මිච‍්ඡත‍්තං. තත්‍ථෙව පරිබ‍්භමනතො තරන‍්ති එත්‍ථ බාලාති තිත්‍ථං. තිත්‍ථඤ‍්ච තං අනත්‍ථානඤ‍්ච ආයතනන‍්ති තිත්‍ථායතනං. තිත්‍ථියානං වා සඤ‍්ජාතිදෙසට‍්ඨෙන නිවාසඨානට‍්ඨෙන ච ආයතනන‍්තිපි තිත්‍ථායතනං. විපරියෙසභූතො ගාහො, විපරියෙසතො වා ගාහොති විපරියෙසග‍්ගාහො; විපල‍්ලත්‍ථ ගාහොති අත්‍ථො.

කිඹුල් ආදීන් පුරුෂයකු මෙනි. අරමුණ දැඩිව ගනී යනුයි = ගාහො ය. ස්ථිරව පිහිටන අර්ථයෙන් = පතිට්ඨාහය, මෙය වනාහි බලවත්ව පවත්නා බැවින් ස්ථිරව පිහිටා ගනී. නිත්‍යාදි වශයෙන් ඇතුළු වේනුයි –= අභිනිවෙසො ය, ධර්ම ස්වභාවය ඉක්මවා නිත්‍යාදී වශයෙන් පරාමර්ශනය කෙරේනුයි = පරාමාසො ය, අනර්ථ ගෙන දෙන හෙයින් නින්‍දිත මාර්ගය හෝ නින්දිත වූ අපායන්ට මාර්ගය යනු = කුම්මග්ගො යනු අයථා මාර්ගයක් හෙයින් = මිච්ඡාපථො ය, යම්සේ වනාහි දිසා මුළාවූවෙකු මේ අසවල් නම් ගමට මාර්ගය යැයි ගන්නා ලද්දේ නමුදු ඒ ගමට නො පැමිණේ. මෙසේ දෘෂ්ටිගතිකයා සුගති මාර්ගය යැයි ගන්නා ලද දෘෂ්ටිය සුගතියට නො පමුණුවයි යනුයි. අයථා මාර්ගය = මිච්ඡා පථො ය. මිථ්‍යා ස්වභාවය හෙයින් = මිච්ඡත්තං ය. එහිම පරිභ්‍රමණයෙන් මෙහි බාලයෝ එතර වෙත් යනු = තිත්‍ථය, මෙය තීර්ථය මෙන්ම අනර්ථයන්ට ආයතනය යි යනු = තිත්‍ථායතනං ය. තීර්ථකයන්ගේ උපන් දේශය හෝ වාසස්ථානය යන අර්ථයෙන් ද ආයතනය යනු ද = තිත්‍ථායතනං ය. විපර්යාශ වූ ග්‍රාහය (විපර්යාය වශයෙන් හෝ ග්‍රාහය යනු) විපරියෙස ගාහො ය. විපර්යාශ ග්‍රාහය යන අර්ථයි.

අහිරිකානොත‍්තප‍්පනිද‍්දෙසෙසු හිරොත‍්තප‍්පනිද‍්දෙසවිපරියායෙන අත්‍ථො වෙදිතබ‍්බො. සහජාතධම‍්මෙසු පන අකම‍්පනට‍්ඨෙනෙව අහිරිකබලං අනොත‍්තප‍්පබලඤ‍්ච වෙදිතබ‍්බං.

අහිරික අනොත්තප්ප නිර්දේශයන්හි හිරොත්තප්ප නිර්දේශ විපර්යාශ වශයෙන් අර්ථය දතයුතුයි. සහජාත ධර්මයන්හි වනාහි අකම්පානාර්ථයෙන් අහිරික බලයත් අනොත්තප්ප බලයත් දතයුතුයි.

ලොභමොහනිද‍්දෙසෙසු ලුබ‍්භතීති ලොභො. ලුබ‍්භනාති ලුබ‍්භනාකාරො. ලොභසම‍්පයුත‍්තචිත‍්තං, පුග‍්ගලො වා ලුබ‍්භිතො; ලුබ‍්භිතස‍්ස භාවො ලුබ‍්භිතත‍්තං. සාරජ‍්ජතීති සාරාගො. සාරජ‍්ජනාකාරො සාරජ‍්ජනා. සාරජ‍්ජිතස‍්ස භාවො සාරජ‍්ජිතත‍්තං. අභිජ‍්ඣායනට‍්ඨෙන අභිජ‍්ඣා . පුන ‘ලොභ’-වචනෙ කාරණං වුත‍්තමෙව. අකුසලඤ‍්ච තං මූලඤ‍්ච අකුසලානං වා මූලන‍්ති අකුසලමූලං.

ලෝභ මෝහ නිර්දේශයන්හි ලෝභ කෙරේ යනු = ලොභො ය. ලුබ්භනා යනු ලෝභ කරන ආකාරයයි. ලෝභ සම්ප්‍රයුක්ත සිත හෝ පුද්ගලයා ලුබ්භිතය. ලුබ්භිතගේ භාවය ලුබ්භිතත්තං ය, ඇලෙයි යනු = සාරාගො ය. සාරජ්ජනාකාරය = සාරජ්ජනා ය. සාරජ්ජිතයාගේ භාවය සාරජ්ජිතත්තං ය. දැඩිව ලෝභ කිරීම් අර්ථයෙන් = අභිජ්ඣා ය, නැවත ලෝභය කීමේ කාරණය කියන ලදමය. අකුසලය වූයේත් මූලය වූයේත් එයයි. අකුසලයන්ගේ මූලය හෝ එයයි යනු = අකුසල මූලං ය.

ඤාණදස‍්සනපටිපක‍්ඛතො අඤ‍්ඤාණං අදස‍්සනං. අභිමුඛො හුත්‍වා ධම‍්මෙන න සමෙති, න සමාගච‍්ඡතීති අනභිසමයො. අනුරූපතො ධම‍්මෙ බුජ‍්ඣතීති අනුබොධො. තප‍්පටිපක‍්ඛතාය අනනුබොධො. අනිච‍්චාදීහි සද‍්ධිං යොජෙත්‍වා න බුජ‍්ඣතීති අසම‍්බොධො. අසන‍්තං අසමඤ‍්ච බුජ‍්ඣතීතිපි අසම‍්බොධො. චතුසච‍්චධම‍්මං නප‍්පටිවිජ‍්ඣතීති අප‍්පටිවෙධො. රූපාදීසු එකධම‍්මම‍්පි අනිච‍්චාදිසාමඤ‍්ඤතො න සඞ‍්ගණ‍්හාතීති අසංගාහනා. තමෙව ධම‍්මං න පරියොගාහතීති අපරියොගාහනා. න සමං පෙක‍්ඛතීති අසමපෙක‍්ඛණා. ධම‍්මානං සභාවං පති න අපෙක‍්ඛතීති අපච‍්චවෙක‍්ඛණා.

ඥානදර්ශනයට ප්‍රතිපක්‍ෂ හෙයින් අඤ්ඤාණය අදස්සනය, ඉදිරියට අවුත් ධර්මයන් සමනය නො කෙරෙයි. එක්තැන් නොවෙයි යනු = අනභිසමය ය, සුදුසු පරිදි ධර්මයන් අවබෝධ කෙරේ යනු = අනුබෝධෝ ය, එය ප්‍රතික්‍ෂේප බැවින් අනනුබොධො ය. අනිත්‍යදිය සමග යොදා අවබෝධ නො කෙරේ යනු = අසම්බොධො ය. නැත්තක් අසම වූවක් අවබෝධ කෙරේ යනු ද = අසම්බොධො ය. චතුස්සත්‍ය ධර්මය ප්‍රතිවේධ නොකෙරේ යනු = අප්පටිවෙධො ය. රූපාදීන් අතුරෙන් ඒක ධර්මයක්වත් අනිත්‍යාදී ශ්‍රමණ ධර්ම වශයෙන් නො ගනී යනු = අසංගහණා ය. එම ධර්මය නොබැස ගනී = අපරියොගහණා ය. සමව නොබලයි යනු = අසමපෙක්‍ඛණා ය. ධර්මයන්ගේ ස්වභාවය අනුව නොබලයි යනු = අපච්චවෙක්‍ඛණා ය,

කුසලාකුසලකම‍්මෙසු විපරීතවුත‍්තියා සභාවග‍්ගහණාභාවෙන වා එකම‍්පි කම‍්මං එතස‍්ස පච‍්චක‍්ඛං නත්‍ථි, සයං වා කස‍්සචි කම‍්මස‍්ස පච‍්චක‍්ඛකරණං නාම න හොතීති අප‍්පච‍්චක‍්ඛකම‍්මං. යං එතස‍්මිං අනුප‍්පජ‍්ජමානෙ චිත‍්තසන‍්තානං මෙජ‍්ඣං භවෙය්‍ය, සුචි, වොදානං, තං දුට‍්ඨං මෙජ‍්ඣං ඉමිනාති දුම‍්මෙජ‍්ඣං. බාලානං භාවොති බාල්‍යං. මුය‍්හතීති මොහො. බලවතරො මොහො පමොහො. සමන‍්තතො මුය‍්හතීති සම‍්මොහො. විජ‍්ජාය පටිපක‍්ඛභාවතො න විජ‍්ජාති අවිජ‍්ජා. ඔඝයොගත්‍ථො වුත‍්තොයෙව. ථාමගතට‍්ඨෙන අනුසෙතීති අනුසයො. චිත‍්තං පරියුට‍්ඨාති, අභිභවතීති පරියුට‍්ඨානං. හිතග‍්ගහණාභාවෙන හිතාභිමුඛං ගන‍්තුං න සක‍්කොති, අඤ‍්ඤදත්‍ථු ලඞ‍්ගතියෙවාති ලඞ‍්ගී; ඛඤ‍්ජතීති අත්‍ථො. දුරුග‍්ඝාටනට‍්ඨෙන වා ලඞ‍්ගී. යථා හි මහාපලිඝසඞ‍්ඛාතා ලඞ‍්ගී දුරුග‍්ඝාටා හොති, එවමයම‍්පි ලඞ‍්ගී වියාති ලඞ‍්ගී. සෙසං උත‍්තානත්‍ථමෙව. සඞ‍්ගහවාරසුඤ‍්ඤතවාරාපි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව අත්‍ථතො වෙදිතබ‍්බාති.

කුශලාකුශල ධර්මයන්හි විපරීත පැවැත්ම ඇති හෙයින් ස්වභාව ග්‍රහණ භාවයෙන් හෝ එක් කර්මයක් හෝ මොහුට ප්‍රත්‍යක්‍ෂ නැත. තමා හෝ කිසියම් කර්මයක් ප්‍රත්‍යක්‍ෂ කිරීමක් නම් නොවේ යනු = අපච්චක්‍ඛකම්මං ය, මෙය නූපදනා කල්හි යම් චිත්ත සන්තානයක් මේධ්‍යයක් පිරිසිදු වූවක් වේද මෙයින් අපිරිසිදු වූවක් වේ යනු = දුම්මෙජ්ඣං ය. බාලයන්ගේ භාවය යනු = බාල්‍යය, මුළාවේ යනු = මොහො ය. හාත්පසින් මුළා වේ යනු = සම්මොහො ය. විද්‍යාවට ප්‍රතිපක්‍ෂ හෙයින් විද්‍යාව නොවේ යනු = අවිජ්ජා ය. ඕඝ යෝගයන්ගේ අර්ථය කියන ලද්දේමය. බලවත් බවට පැමිණියේය යන අර්ථයෙන් අනුව සයනය කෙරේ යනු = අනුසයො ය. සිත මැඩගෙන නැගී සිටී. අභිභවනය කරයි යනු = පරියුට්ඨානං ය. හිතග්‍රහණයක් නැති බැවින් හිතද ඉදිරියට යන්නට නොහැකි වෙයි. අන්තැනෙක ඇලේමය = ලඞ්ගීය, කොර ගසමින් යයි යන අර්ථයි. ගළවා දැමීම දුෂ්කරය යන අර්ථයෙන් ද = ලඞ්ගීය, යම්සේ වනාහි මහා එලිපත නම් වූ ලඞ්ගීය උදුරාදැමීම දුෂ්කර වේද, මෙසේ මෙය ද එලිපත වැනිය යනු = ලඞ්ගිය, සෙස්ස ප්‍රකට අර්ථ ඇත්තේමය. සංග්‍රහවාර ශූන්‍යතා වාර ද යට කියන ලද නයින්ම අර්ථ වශයෙන් දතයුතුයි.

ප්‍රථම සිත නිමියේ ය.

දුතියචිත‍්තං

දුතියචිත්තං

දුතියචිත‍්තෙ සසඞ‍්ඛාරෙනාති පදං විසෙසං. තම‍්පි හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. ඉදං පන චිත‍්තං කිඤ‍්චාපි ඡසු ආරම‍්මණෙසු සොමනස‍්සිතස‍්ස ලොභං උප‍්පාදෙත්‍වා ‘සත‍්තො සත‍්තො’තිආදිනා නයෙන පරාමසන‍්තස‍්ස උප‍්පජ‍්ජති, තථාපි සසඞ‍්ඛාරිකත‍්තා සප‍්පයොගෙන සඋපායෙන උප‍්පජ‍්ජනතො – යදා කුලපුත‍්තො මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස කුලස‍්ස කුමාරිකං පත්‍ථෙති. තෙ ච ‘අඤ‍්ඤදිට‍්ඨිකා තුම‍්හෙ’ති කුමාරිකං න දෙන‍්ති. අථඤ‍්ඤෙ ඤාතකා ‘යං තුම‍්හෙ කරොථ තමෙවායං කරිස‍්සතී’ති දාපෙන‍්ති. සො තෙහි සද‍්ධිං තිත්‍ථියෙ උපසඞ‍්කමති. ආදිතොව වෙමතිකො හොති. ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ එතෙසං කිරියා මනාපාති ලද‍්ධිං රොචෙති, දිට‍්ඨිං ගණ‍්හාති – එවරූපෙ කාලෙ ඉදං ලබ‍්භතීති වෙදිතබ‍්බං.

දෙවන සිතෙහි සසංඛාරෙන යන පදය ද විශේෂය. එය ද යට කියන ලද අර්ථ ඇත්තේමය. මේ සිත වනාහි ඇතැම්විට ෂඩාරම්මණයන්හි සොම්නසට පත්වූවහුට ලෝභය උපදවා සත්ත්වයෙක් සත්ත්වයෙක් යන ආදී නයින් පරාමර්ශනය කරන්නාට උපදී. එසේම සසංඛාරික හෙයින් ප්‍රයෝග සහිතව උපාය සහිතව උපදනා හෙයිනි. යම්කලෙක කුලපුත්‍රයෙක් මිථ්‍යාදෘෂ්ටික කුලයක කුමරියක පතයි ද, ඔවුහු ද තෙපි මිථ්‍යා දෘෂ්ටිකයහයි නොදෙත් ද, ඉක්බිති අන් නෑයෝ තෙපි යම් යම් දේ කරව් නම් මෙතෙමේ ද එය කරයි යැයි දෙවත්. හෙතෙම ඔවුන් සමග තීර්ථකයන් වෙත එළඹෙයි. මුලදීම විමතියට පත්වෙයි. කල් යත් යත්ම මොවුන්ගේ ක්‍රියා මනාපයැයි ලබ්ධිය රුචි කෙරෙයි. දෘෂ්ටිය ගනී. මෙවැනි කාලයේදී මෙය ලැබේයැයි දතයුතුයි.

යෙවාපනකෙසු පනෙත්‍ථ ථිනමිද‍්ධං අධිකං. තත්‍ථ ථිනනතා ‘ථිනං’. මිද‍්ධනතා ‘මිද‍්ධං’; අනුස‍්සාහසංහනනතා අසත‍්තිවිඝාතො චාති අත්‍ථො. ථිනඤ‍්ච මිද‍්ධඤ‍්ච ථිනමිද‍්ධං. තත්‍ථ ථිනං අනුස‍්සාහලක‍්ඛණං, වීරියවිනොදනරසං, සංසීදනපච‍්චුපට‍්ඨානං. මිද‍්ධං අකම‍්මඤ‍්ඤතාලක‍්ඛණං, ඔනහනරසං, ලීනභාවපච‍්චුපට‍්ඨානං පචලායිකානිද‍්දාපච‍්චුපට‍්ඨානං වා. උභයම‍්පි අරතිතන්‍දීවිජම‍්භිතාදීසු අයොනිසොමනසිකාරපදට‍්ඨානන‍්ති.

මෙහි වනාහි යේවාපනකයන් අතුරෙහි ථිනමිද්ධය අධිකය. එහි මැළිබව = ථීනය, නිදිමත බව = මිද්ධ ය, උත්සාහ නොවන බව ශක්තිය විනාශවීම යනු අර්ථයි. ථීනය ද මිද්ධය ද ථිනමිද්ධං ය. එහි ථිනය උත්සාහය ලක්‍ෂණ කොට ඇත. වීර්යය දුරුවීම රසය කොට ඇත්තේ ය. කිඳාබැසීම එළඹ සිටි කාරණයයි. මිද්ධය අකර්මණ්‍යතාව ලක්‍ෂණකොට ඇත. වෙළීම රසයයි. සැඟවුණු බව එළඹසිටි කාරණයයි. නිදාවැටීම නින්ද හෝ එළඹසිටි කාරණයයි. දෙකම අරතිය නිදිමත ඈනුම්යෑම ආදීන්හි අයෝනිසෝ මනසිකාරය ආසන්න කාරණය කොට ඇත.

දෙවැන්නයි.

තතියචිත‍්තං

තතියචිත්තං

තතියං ඡසු ආරම‍්මණෙසු සොමනස‍්සිතස‍්ස ලොභං උප‍්පාදෙත්‍වා ‘සත‍්තො සත‍්තො’තිආදිනා නයෙන අපරාමසන‍්තස‍්ස නාරායණවිරාජනමල‍්ලයුද‍්ධනටසමජ‍්ජාදීනි පස‍්සතො මනාපියසද‍්දසවනාදිපසුතස‍්ස වා උප‍්පජ‍්ජති. ඉධ මානෙන සද‍්ධිං පඤ‍්ච අපණ‍්ණකඞ‍්ගානි හොන‍්ති. තත්‍ථ මඤ‍්ඤතීති ‘මානො’. සො උන‍්නතිලක‍්ඛණො, සම‍්පග‍්ගහරසො, කෙතුකම්‍යතාපච‍්චුපට‍්ඨානො, දිට‍්ඨිවිප‍්පයුත‍්තලොභපදට‍්ඨානො, උම‍්මාදො විය දට‍්ඨබ‍්බොති.

තුන්වැන්න ෂඩාරම්මණයන්හි සොම්නසට පැමිණ ලෝභය උපදවා සත්ත්වයෙක් සත්ත්වයෙක් ආදී නයින් පරාමර්ශනය කරන්නාට රාජ මල්ල යුද්ධ නෘත්‍ය උත්සව ආදිය බලන්නාට මනාප ශබ්ද ඇසීම ආදියෙහි යෙදුණාහුට හෝ උපදී. මෙහි මානය සමග පංච අපණ්ණකාංගයෝ වෙත්. එහි හරීනුයි = මානො ය. එය උන්නතිය ලක්‍ෂණකොට ඇත. තමා ඔසවා තැබීම රසයකොට ඇත්තේය. ප්‍රසිද්ධිය කැමතිවීම එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. දෘෂ්ටියෙන් තොර ලෝභය ආසන්න කාරණය කොට ඇත්තේ ය. උමතුව මෙනැයි දතයුතුයි.

තුන්වැන්නයි.

චතුත්‍ථචිත‍්තං

චතුත්ථචිත්තං

චතුත්‍ථං වුත‍්තප‍්පකාරෙසු එව ඨානෙසු යදා සීසෙ ඛෙළං ඛිපන‍්ති, පාදපංසුං ඔකිරන‍්ති, තදා තස‍්ස පරිහරණත්‍ථං සඋස‍්සාහෙන අන‍්තරන‍්තරා ඔලොකෙන‍්තානං රාජනාටකෙසු නික‍්ඛන‍්තෙසු උස‍්සාරණාය වත‍්තමානාය තෙන තෙන ඡිද‍්දෙන ඔලොකෙන‍්තානඤ‍්චාති එවමාදීසු ඨානෙසු උප‍්පජ‍්ජති. ඉධ පන ථිනමිද‍්ධෙහි සද‍්ධිං සත‍්ත යෙවාපනකා හොන‍්ති. උභයත්‍ථාපි මිච‍්ඡාදිට‍්ඨි පරිහායති. තං ඨපෙත්‍වා සෙසානං වසෙන ධම‍්මගණනා වෙදිතබ‍්බාති.

උක්තප්‍රකාර ස්ථානයන්හිදීම යම් අවස්ථාවෙක හිසෙහි කෙළ ගසත්ද, පයින් පස් විසුරුවත් ද, එකල්හි ඒ ඒ ක්‍රියාවන් පවත්වා ගැනීම පිණිස ස්වෝත්සාහයෙන් අතරතුරින් බලන්නවුන්ටද රාජනාටකාදීන් නික්මෙද්දී පිරිස ඉවත්කරන විට ඒ ඒ අවසරයෙන් බලන්නවුන්ට ද ආදී ස්ථානයන්හි ද සතරවැන්න උපදී. මෙහිදී වනාහි ථීනමිද්ධයන් සමග සප්ත යේවාපනකයෝ වෙත්. දෙතැනදීම මිථ්‍යා දෘෂ්ටිය පිරිහෙයි. එය හැර සෙස්සන්ගේ වශයෙන් ධර්ම ගණනය දතයුතුයි.

සතරවැන්නයි.

පඤ‍්චමචිත‍්තං

පඤ්චමචිත්තං

පඤ‍්චමං ඡසු ආරම‍්මණෙසු වෙදනාවසෙන මජ‍්ඣත‍්තස‍්ස ලොභං උප‍්පාදෙත්‍වා ‘සත‍්තො සත‍්තො’තිආදිනා නයෙන පරාමසන‍්තස‍්ස උප‍්පජ‍්ජති. සොමනස‍්සට‍්ඨානෙ පනෙත්‍ථ උපෙක‍්ඛාවෙදනා හොති, පීතිපදං පරිහායති. සෙසං සබ‍්බං පඨමචිත‍්තසදිසමෙව.

ෂඩාරම්මණයන්හි වේදනා වශයෙන් මධ්‍යස්ථ වූවහුට ලෝභය උපදවා සත්ත්වයෙක් සත්ත්වයෙක් යන ආදී නයින් පරාමර්ශනය කරන්නාට පස්වැන්න (උපදී) මෙහිදී වනාහි (සොම්නස් තැන) උපේක්‍ෂා වේදනාව වෙයි. ප්‍රීතිපදය පිරිහෙයි. සෙසු සියල්ල පළමු සිත සමානමය.

පස්වැන්නයි.

ඡට‍්ඨචිත‍්තාදි

ඡට්ඨචිත්තාදි

ඡට‍්ඨසත‍්තමට‍්ඨමානිපි වෙදනං පරිවත‍්තෙත්‍වා පීතිපදඤ‍්ච හාපෙත්‍වා දුතියතතියචතුත්‍ථෙසු වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. ඉමෙසු අට‍්ඨසු ලොභසහගතචිත‍්තෙසු සහජාතාධිපති ආරම‍්මණාධිපතීති ද‍්වෙපි අධිපතයො ලබ‍්භන‍්ති.

සවන සත්වන අටවන සිත් ද වේදනාව හැර ප්‍රීතිපදය ද පිරිහෙළා දෙවන තුන්වන සතරවන සිත්වලදී කියන ලද නයින්ම දතයුතුයි. ලෝභ සහගත සිත් අටෙහි සහජාතාධිපති ආරම්මණාධිපති යන අධිපතීහු දෙදෙනාම ලැබෙත්.

නවමචිත‍්තං

නවමචිත්තං

නවමං ඡසු ආරම‍්මණෙසු දොමනස‍්සිතස‍්ස පටිඝං උප‍්පාදයතො උප‍්පජ‍්ජති. තස‍්ස සමයවවත්‍ථානවාරෙ තාව දුට‍්ඨු මනො, හීනවෙදනත‍්තා වා කුච‍්ඡිතං මනොති දුම‍්මනො; දුම‍්මනස‍්ස භාවො දොමනස‍්සං. තෙන සහගතන‍්ති දොමනස‍්සසහගතං. අසම‍්පියායනභාවෙන ආරම‍්මණස‍්මිං පටිහඤ‍්ඤතීති පටිඝං. තෙන සම‍්පයුත‍්තන‍්ති පටිඝසම‍්පයුත‍්තං.

නවවැන්න ෂඩාරම්මණයන්හි දොම්නස්ව පටිඝය උපදවන්නා උපදී. ඔහුට සමය ව්‍යවස්ථාපන වාරයෙහි වනාහි දුෂ්ට මතයක් වේ. හීන වේදනා ඇති හෙයින් නින්‍දිත මනසක් හෝ වේ යනු = දුම්මනො ය. නො සතුටු සිත් ඇත්තහුගේ භාවය = දොමනස්සං ය. එයින් යුක්ත වූයේ යනු = දොමනස්ස සහගතං ය. අප්‍රිය වන අයුරෙන් අරමුණෙහි ගැටේ යනු = පටිඝං ය. එයින් සම්ප්‍රයුක්ත වූයේ යනු = පටිඝ සම්පයුත්තං ය.

ධම‍්මුද‍්දෙසෙ තීසුපි ඨානෙසු දොමනස‍්සවෙදනාව ආගතා. තත්‍ථ වෙදනාපදං වුත‍්තමෙව. තථා දුක‍්ඛදොමනස‍්සපදානි ලක‍්ඛණාදිතො පන අනිට‍්ඨාරම‍්මණානුභවනලක‍්ඛණං දොමනස‍්සං, යථාතථා වා අනිට‍්ඨාකාරසම‍්භොගරසං, චෙතසිකාබාධපච‍්චුපට‍්ඨානං, එකන‍්තෙනෙව හදයවත්‍ථුපදට‍්ඨානං.

ධර්මෝද්දේශයෙහි ස්ථාන තුනෙහිදීම දෝමනස්ස වේදනාවම ආවේය. එහි වේදනාපදයේ අර්ථය කියන ලද්දේමය. දුක්ඛ දෝමනස්ස පදයෝ ද එසේමය. දොම්නස වනාහි ලක්‍ෂණාදි වශයෙන් අනිෂ්ටාරම්මණානුභවනය ලක්‍ෂණකොට ඇත්තේය. කෙසේ හෝ අනිෂ්ටාකාර සම්භෝගය රසයකොට ඇත්තේය. චෛතසිකාබාධය එළඹසිටි කාරණය කොට ඇත්තේය. ඒකාන්තයෙන්ම හෘදයවස්තුව ආසන්න කාරණය කොට ඇත්තේ ය.

මූලකම‍්මපථෙසු යථා පුරිමචිත‍්තෙසු ලොභො හොති, අභිජ‍්ඣා හොතීති ආගතං, එවං දොසො හොති, බ්‍යාපාදො හොතීති වුත‍්තං. තත්‍ථ දුස‍්සන‍්ති තෙන, සයං වා දුස‍්සති, දුස‍්සනමත‍්තමෙව වා තන‍්ති දොසො සො චණ‍්ඩික‍්කලක‍්ඛණො පහටාසිවිසො විය, විසප‍්පනරසො විසනිපාතො විය, අත‍්තනො නිස‍්සයදහනරසො වා දාවග‍්ගි විය, දුස‍්සනපච‍්චුපට‍්ඨානො ලද‍්ධොකාසො විය සපත‍්තො, ආඝාතවත්‍ථුපදට‍්ඨානො විසසංසට‍්ඨපූතිමුත‍්තං විය දට‍්ඨබ‍්බො.

පළමු සිත්වල යම්සේ ලෝභය වේද මූලකර්ම පථයන්හි අභිධ්‍යව වේයැයි ආයේ ය. මෙසේ ද්වේෂය වෙයි. ව්‍යාපාදය වෙයි යැයි කියන ලදී. එහි එයින් දූෂ්‍ය වෙත්. තෙමේ හෝ දූෂ්‍ය වෙයි. එය දූෂ්‍ය මාත්‍රයක්මය යනු = දොසො ය. එය චණ්ඩි බව ලක්‍ෂණකොට ඇත්තේ ය. පහර ලද සර්පයකු මෙනි. දැඟලීම රසයකොට ඇත්තේය. විෂ නිපාතයක් මෙනි. තමාගේ නිශ්‍රයෙන් දැවීම හෝ රසයකොට ඇත්තේ ය. ලැව්ගින්නක් මෙනි. දූෂ්‍යවීම එළඹ සිටි කාරණයයි. අවකාශ ලත් සතුරකු මෙනි. ආඝාත වස්තුව ආසන්න කාරණය කොට ඇත්තේය. විෂ සමග හැනූ ගවමුත්‍ර මෙන් ද දතයුතුයි.

බ්‍යාපජ‍්ජති තෙන චිත‍්තං, පූතිභාවං උපගච‍්ඡති, බ්‍යාපාදයති වා විනයාචාරරූපසම‍්පත‍්තිහිතසුඛාදීනීති බ්‍යාපාදො. අත්‍ථතො පනෙස දොසොයෙව. ඉධ පදපටිපාටියා එකූනතිංස පදානි හොන‍්ති. අග‍්ගහිතග‍්ගහණෙන චුද‍්දස. තෙසං වසෙන සවිභත‍්තිකාවිභත‍්තිකරාසිභෙදො වෙදිතබ‍්බො.

එයින් සිත නපුරු බවට පැමිණෙයි. කුණු බවට පැමිණෙයි. නපුරුබවට පමුණුවයි. විනය ආචාරය රූප සම්පත්තිය හිතසුව ආදිය විනාශයට පත්කරයි යනු = ව්‍යාපාදය, මෙය වනාහි අර්ථ වශයෙන් ද්වේෂයම ය. මෙහි (පද) පිළිවෙළින් පද විසිනවයක් වෙයි. අගහිත ග්‍රහණයෙන් තුදුසක් වෙයි. ඔවුන්ගේ වශයෙන් සවිභක්තික අවිභක්තික රායිභේදය දතයුතුයි.

යෙවාපනකෙසු ඡන්‍දාධිමොක‍්ඛමනසිකාරඋද‍්ධච‍්චානි නියතානි. ඉස‍්සාමච‍්ඡරියකුක‍්කුච‍්චෙසු පන අඤ‍්ඤතරෙන සද‍්ධිං පඤ‍්ච පඤ‍්ච හුත්‍වාපි උප‍්පජ‍්ජන‍්ති. එවමෙපි තයො ධම‍්මා අනියතයෙවාපනකා නාම. තෙසු ඉස‍්සතීති ‘ඉස‍්සා’. සා පරසම‍්පත‍්තීනං උසූයනලක‍්ඛණා, තත්‍ථෙව අනභිරතිරසා, තතො විමුඛභාවපච‍්චුපට‍්ඨානා, පරසම‍්පත‍්තිපදට‍්ඨානා. සංයොජනන‍්ති දට‍්ඨබ‍්බා. මච‍්ඡෙරභාවො ‘මච‍්ඡරියං’. තං ලද‍්ධානං වා ලභිතබ‍්බානං වා අත‍්තනො සම‍්පත‍්තීනං නිගූහනලක‍්ඛණං, තාසංයෙව පරෙහි සාධාරණභාවඅක‍්ඛමනරසං, සඞ‍්කොචනපච‍්චුපට‍්ඨානං කටුකඤ‍්චුකතාපච‍්චුපට‍්ඨානං වා, අත‍්තසම‍්පත‍්තිපදට‍්ඨානං. චෙතසො විරූපභාවොති දට‍්ඨබ‍්බං. කුච‍්ඡිතං කතං කුකතං. තස‍්ස භාවො ‘කුක‍්කුච‍්චං’. තං පච‍්ඡානුතාපලක‍්ඛණං, කතාකතානුසොචනරසං, විප‍්පටිසාරපච‍්චුපට‍්ඨානං, කතාකතපදට‍්ඨානං. දාසබ්‍යං විය දට‍්ඨබ‍්බං. අයං තාව උද‍්දෙසවාරෙ විසෙසො.

යේවාපනකයන් අතුරෙන් ඡන්‍ද දෝස අධිමොක්ඛ මනසිකාර උද්ධච්ච යන නියතයෝ ඉස්සා මච්ඡරිය කුක්කුච්චයන් අතුරෙන් අන්‍යතරයක් සමග පසක් පසක්ව උපදිත්. මෙසේ මේ ධර්ම තුන වනාහි අනියත යේවාපනක නමි. ඔවුනතුරෙන් අනුන්ගේ යහපත නො ඉවසයි යනු = ඉස්සා ය. එය අනුන්ගේ සම්පත් නො ඉවසීම ලක්‍ෂණකොට ඇත්තේ ය. එහි නො ඇලීමම රසයකොට ඇත්තේ ය. එයින් ඉවත බැලීම එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. අනුන්ගේ සම්පත ආසන්න කාරණය කොට ඇත්තේ ය. සංයෝජන යැයි දතයුතුයි. මාත්සර්යයෝ භාවය = මච්ඡරියං ය, එය ලැබුණු හෝ ලැබිය යුතු තමාගේ සම්පත් සැඟවීම ලක්‍ෂණ කොට ඇත්තේය. එම සම්පත්තීන්ම අන්‍යයන් හා සාධාරණවීම නො කැමති රසය කොට ඇත්තේ ය. කෝපවීම එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. රළුබව සන්නාහය කරගැනීම හෝ එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. ආන්ම සම්පත්තිය ආසන්න කාරණය කොට ඇත්තේ ය. සිතෙහි විරූප බව යැයි දතයුතුයි. නින්‍දිත ලෙස කරන ලද්දේ = කුහක ය. එහි භාවය = කුක්කුච්චං ය. එය පසුව තැවීම ලක්‍ෂණය කොට ඇත්තේ ය. කළ නොකළ දෙය අනුව ශෝක වීම රසයකොට ඇත්තේ ය. විපිළිසරය එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. කළ නො කළ දෙය ආසන්න කාරණය කොට ඇත්තේ ය. දාසබව මෙනැයි දතයුතුයි. මේ වනාහි උද්දේශ වාරයෙහි විශේෂයයි.

නිද‍්දෙසවාරෙ වෙදනානිද‍්දෙසෙ අසාතං සාතපටිපක‍්ඛවසෙන වෙදිතබ‍්බං.

නිර්දේශ වාරයෙහි වේදනා නිර්දේශයෙහි අසාතං සාතයට - සැපයට ප්‍රතිපක්‍ෂ වශයෙන් දතයුතුයි.

දොසනිද‍්දෙසෙ දුස‍්සතීති දොසො. දුස‍්සනාති දුස‍්සනාකාරො. දුස‍්සිතත‍්තන‍්ති දුස‍්සිතභාවො. පකතිභාවවිජහනට‍්ඨෙන බ්‍යාපජ‍්ජනං බ්‍යාපත‍්ති. බ්‍යාපජ‍්ජනාති බ්‍යාපජ‍්ජනාකාරො. විරුජ‍්ඣතීති විරොධො. පුනප‍්පුනං විරුජ‍්ඣතීති පටිවිරොධො. විරුද‍්ධාකාරපටිවිරුද‍්ධාකාරවසෙන වා ඉදං වුත‍්තං. චණ‍්ඩිකො වුච‍්චති චණ‍්ඩො, ථද‍්ධපුග‍්ගලො; තස‍්ස භාවො චණ‍්ඩික‍්කං. න එතෙන සුරොපිතං වචනං හොති, දුරුත‍්තං අපරිපුණ‍්ණමෙව හොතීති අසුරොපො. කුද‍්ධකාලෙ හි පරිපුණ‍්ණවචනං නාම නත්‍ථි. සචෙපි කස‍්සචි හොති තං අප‍්පමාණං. අපරෙ පන අස‍්සුජනනට‍්ඨෙන අස‍්සුරොපනතො අස‍්සුරොපොති වදන‍්ති. තං අකාරණං, සොමනස‍්සස‍්සාපි අස‍්සුජනනතො. හෙට‍්ඨා වුත‍්තඅත‍්තමනතාපටිපක‍්ඛතො න අත‍්තමනතාති අනත‍්තමනතා. සා පන යස‍්මා චිත‍්තස‍්සෙව, න සත‍්තස‍්ස, තස‍්මා චිත‍්තස‍්සාති වුත‍්තං. සෙසමෙත්‍ථ සඞ‍්ගහසුඤ‍්ඤතවාරෙසු ච හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

ද්වේෂ නිර්දේශයෙහි දූෂ්‍ය වේ යනු = දොසො ය. දුස්සනා යනු දූෂ්‍යවන ආකාරයයි. දුස්සිතත්තං යනු දූෂිත බවයි. ප්‍රකෘතිභාවය අතහරිනා අර්ථයෙන් ව්‍යාපාදයට පත්වීම = බ්‍යාපත්ති ය, බ්‍යාපජ්ජනා යනු ව්‍යාපාදයට පත්වන ආකාරයයි. විරුද්ධ වේ යනු = විරොධො ය, නැවත නැවත විරුද්ධ වේ යනු = පටිවිරොධො ය. විරුද්ධාකාර හෝ ප්‍රතිවිරුද්ධාකාර වශයෙන් මෙය කියන ලදී. චණ්ඩ වූ තද පුද්ගලයා චණ්ඩික්ක යැයි කියනු ලැබේ. ඔහුගේ භාවය = චණ්ඩික්ක ය. මොහු විසින් වචන මනාව වඩනා ලද්දේ නොවේ නපුරු ලෙස කියන ලද්දේය. අසම්පූර්ණවම කියන ලද්දේ වෙයි යනු = අසුරා පො ය. කිපුණු කල වනාහි පරිපූර්ණ වචනයක් නම් නැත. යම්කිසිවෙකුට ඇතත් එය ප්‍රමාණවත් නොවේ. තවත් කෙනෙක් වනාහි කඳුළු උපදවන හෙයින් කඳුළු රෝපණය කරන හෙයින් අස්සුරොපො යැයි කියත්. එය කාරණයක් නොවේ. සොම්නසට පත්වූවහුට ද කඳුළු උපදනා හෙයිනි. යට කියන ලද සතුටු සිත් ඇති බවට ප්‍රතිපක්‍ෂ හෙයින් සතුටු සිත් ඇති බව නොවේ යනු = අනත්තමනතා ය, එය වනාහි යම්හෙයකින් සිතටම ද, සත්ත්වයාට නොවේ ද, එහෙයින් චිත්තස්ස යැයි කියන ලදී. මෙහි සෙස්ස සංග්‍රහ ශුන්‍යතා වාරයන්හි ද යට කියන ලද නයින්ම දතයුතුයි.

නවවැන්නයි.

දසමචිත‍්තං

දසමචිත්තං

දසමං සසඞ‍්ඛාරත‍්තා පරෙහි උස‍්සාහිතස‍්ස වා, පරෙසං වා අපරාධං සාරිතස‍්ස, සයමෙව වා පරෙසං අපරාධං අනුස‍්සරිත්‍වා කුජ‍්ඣමානස‍්ස උප‍්පජ‍්ජති.

දසවැන්න සසංඛාර හෙයින් අනුන් විසින් උත්සාහවත් කරනු ලැබූවකුට හෝ අනුන්ගේ අපරාධයක් සිහි කරන්නෙකුට හෝ අනුන්ගේ අපරාධයක් සිහිකරමින් කිපෙන්නෙකුට හෝ උපදී.

ඉධාපි පදපටිපාටියා එකූනතිංස, අග‍්ගහිතග‍්ගහණෙන ච චුද‍්දසෙව පදානි හොන‍්ති. යෙවාපනකෙසු පන ථිනමිද‍්ධම‍්පි ලබ‍්භති. තස‍්මා එත්‍ථ විනා ඉස‍්සාමච‍්ඡරියකුක‍්කුච‍්චෙහි චත‍්තාරි අපණ‍්ණකඞ‍්ගානි ථිනමිද‍්ධන‍්ති ඉමෙ ඡ ඉස‍්සාදීනං උප‍්පත‍්තිකාලෙ තෙසු අඤ‍්ඤතරෙන සද‍්ධිං සත‍්ත යෙවාපනකා එකක‍්ඛණෙ උප‍්පජ‍්ජන‍්ති. සෙසං සබ‍්බං සබ‍්බවාරෙසු නවමසදිසමෙව. ඉමෙසු පන ද‍්වීසු දොමනස‍්සචිත‍්තෙසු සහජාතාධිපතියෙව ලබ‍්භති, න ආරම‍්මණාධිපති. න හි කුද‍්ධො කිඤ‍්චි ගරුං කරොතීති.

මෙහි ද පද පිළිවෙළින් විසිනවයක් ද අගෘහීත ග්‍රහණ වශයෙන් ද පද තුදුසක් වේමය. යේවාපනකයන්හි වනාහි ථිනමිද්ධය ද ලබයි. එහෙයින් මෙහි ඉස්සා මච්ඡරිය, කුක්කුච්ච යන සය හැර අපණ්ණකංග ද, ථීනමිද්ධය යන මේ සය හෝ ඉස්සා ආදීන් උපදනා කල්හි ඔවුන්ගෙන් අන්‍යතරයක් සමග යේවාපනක සක සත හෝ උපදිත්. සෙසු සියල්ල සියලු වාරයන්හි නවමය. සමානමය. මේ දොම්නස් සිත් දෙකෙහි සහජාතාධිපතිම ලැබෙයි. ආරම්මණාධිපති නොවේ. කිපි තැනැත්තේ කිසි කෙනෙකුටත් ගරු නො කරයි.

දසවැන්න යි.

එකාදසමචිත‍්තං

එකාදසමචිත්තං

එකාදසමං ඡසු ආරම‍්මණෙසු වෙදනාවසෙන මජ‍්ඣත‍්තස‍්ස කඞ‍්ඛාපවත‍්තිකාලෙ උප‍්පජ‍්ජති. තස‍්ස සමයවවත්‍ථානෙ විචිකිච‍්ඡාසම‍්පයුත‍්තන‍්ති පදං අපුබ‍්බං. තස‍්සත්‍ථො – විචිකිච‍්ඡාය සම‍්පයුත‍්තන‍්ති විචිකිච‍්ඡාසම‍්පයුත‍්තං. ධම‍්මුද‍්දෙසෙ ‘විචිකිච‍්ඡා හොතී’ති පදමෙව විසෙසො. තත්‍ථ විගතා චිකිච‍්ඡාති විචිකිච‍්ඡා. සභාවං වා විචිනන‍්තො එතාය කිච‍්ඡති කිලමතීති විචිකිච‍්ඡා. සා සංසයලක‍්ඛණා, කම‍්පනරසා, අනිච‍්ඡයපච‍්චුපට‍්ඨානා අනෙකංසගාහපච‍්චුපට‍්ඨානා වා, අයොනිසොමනසිකාරපදට‍්ඨානා. පටිපත‍්තිඅන‍්තරායකරාති දට‍්ඨබ‍්බා.

එකොළොස්වැන්න ෂඩාරම්මණයන්හි වේදනා වශයෙන් මධ්‍යස්ථවූවහුට සැකය පවත්නා කාලයෙහි උපදී. ඔහුගේ සමය ව්‍යවස්ථානයෙහි විචිකිච්ඡා සම්පයුත්තං යන පදය අපුබ්බය. එහි අර්ථය විචිකිච්ඡාය සම්පයුත්තං යනු = විචිකිච්ඡා සම්පයුත්තං ය. ධම්මුද්දෙසයෙහි විචිකිච්ඡා හොති යන පදය පමණක් විශේෂයයි. එහි පහවූ විචිකිච්ඡා යනු = විචිකිච්ඡා ය. ස්වභාවය සොයමින් මෙයින් දුකට පත්වෙයි ක්ලාන්ත වෙයි හෝ = විචිකිච්ඡා ය. එය සැකය ලක්‍ෂණකොට ඇත්තේ ය. කම්පනය රසය කොට ඇත්තේ ය. අවිනිශ්චය එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. අනේකාංශග්‍රාහය හෝ එළඹසිටි කාරණය කොට ඇත්තේය. නුනුවණින් මෙනෙහි කිරිම ආසන්න කාරණය කොට ඇත්තේ ය. ප්‍රතිපත්ති අන්තරාය කරයැයි දතයුතුයි.

ඉධ පදපටිපාටියා තෙවීසති පදානි හොන‍්ති. අග‍්ගහිතග‍්ගහණෙන චුද‍්දස. තෙසං වසෙන සවිභත‍්තිකාවිභත‍්තිකරාසිවිනිච‍්ඡයො වෙදිතබ‍්බො. මනසිකාරො උද‍්ධච‍්චන‍්ති ද‍්වෙයෙව යෙවාපනකා.

මෙහි පද පිළිවෙළින් පද තෙවිස්සක් වෙයි. අගහීත ග්‍රහණයෙන් තුදුසෙකි. ඔවුන්ගේ වශයෙන් සවිභත්තික අවිභත්තික රාශි විනිශ්චය දතයුතුයි. මනසිකාර උද්ධච්ච වශයෙන් යේවාපනක දෙකක්මය.

නිද‍්දෙසවාරස‍්ස චිත‍්තස‍්සෙකග‍්ගතානිද‍්දෙසෙ යස‍්මා ඉදං දුබ‍්බලං චිත‍්තං පවත‍්තිට‍්ඨිතිමත‍්තකමෙවෙත්‍ථ හොති, තස‍්මා ‘සණ‍්ඨිතී’තිආදීනි අවත්‍වා චිත‍්තස‍්ස ‘ඨිතී’ති එකමෙව පදං වුත‍්තං. තෙනෙව ච කාරණෙන උද‍්දෙසවාරෙපි ‘සමාධින්‍ද්‍රිය’න‍්තිආදි න වුත‍්තං.

මෙහි නිර්දේශවාරය පිළිබඳ චිත්තෙකාග්‍රතා නිර්දේශයෙහි යම්හෙයකින් මේ දුර්වල සිත ප්‍රවෘත්ති සර්වතිමාත්‍රයක්ම වේද, එහෙයින් සණ්ඨිති ආදීන් නො කියා චිත්තස්සඨිති යන එකම පදය කියන ලදී. එම කාරණයෙන්ම උද්දේසවාරයෙහි ද සමාධින්‍ද්‍රියං ආදිය නො කියන ලදී.

විචිකිච‍්ඡානිද‍්දෙසෙ කඞ‍්ඛනවසෙන කඞ‍්ඛා. කඞ‍්ඛාය ආයනාති කඞ‍්ඛායනා. පුරිමකඞ‍්ඛා හි උත‍්තරකඞ‍්ඛං ආනෙති නාම. ආකාරවසෙන වා එතං වුත‍්තං. කඞ‍්ඛාසමඞ‍්ගිචිත‍්තං කඞ‍්ඛාය ආයිතත‍්තා කඞ‍්ඛායිතං නාම. තස‍්ස භාවො කඞ‍්ඛායිතත‍්තං. විමතීති නමති. විචිකිච‍්ඡා වුත‍්තත්‍ථා එව. කම‍්පනට‍්ඨෙන ද‍්විධා එළයතීති ද‍්වෙළ‍්හකං. පටිපත‍්තිනිවාරණෙන ද‍්විධාපථො වියාති ද‍්වෙධාපථො. ‘නිච‍්චං නු ඛො ඉදං, අනිච‍්චං නු ඛො’තිආදිපවත‍්තියා එකස‍්මිං ආකාරෙ සණ‍්ඨාතුං අසමත්‍ථතාය සමන‍්තතො සෙතීති සංසයො. එකංසං ගහෙතුං අසමත්‍ථතාය න එකංසග‍්ගාහොති අනෙකංසග‍්ගාහො . නිච‍්ඡෙතුං අසක‍්කොන‍්තී ආරම‍්මණතො ඔසක‍්කතීති ආසප‍්පනා. ඔගාහිතුං අසක‍්කොන‍්තී පරිසමන‍්තතො සප‍්පතීති පරිසප‍්පනා. පරියොගාහිතුං අසමත්‍ථතාය අපරියොගාහනා. නිච‍්ඡයවසෙන ආරම‍්මණෙ පවත‍්තිතුං අසමත්‍ථතාය ථම‍්භිතත‍්තං; චිත‍්තස‍්ස ථද‍්ධභාවොති අත්‍ථො. විචිකිච‍්ඡා හි උප‍්පජ‍්ජිත්‍වා චිත‍්තං ථද‍්ධං කරොති. යස‍්මා පනෙසා උප‍්පජ‍්ජමානා ආරම‍්මණං ගහෙත්‍වා මනං විලිඛන‍්තී විය, තස‍්මා මනොවිලෙඛොති වුත‍්තා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙව.

විචිකිච්ඡා නිර්දේශයෙහි සැක කිරීම් වශයෙන් = කඞ්ඛා යන සැකය ගෙන එයි යනු = කඞ්ඛාසනාය, පළමු සැකය වනාහි මතු සැකය ගෙන එන්නේ නම් වෙයි. ආකාර වශයෙන් හෝ මෙය කියන ලදී. සැකයෙන් යුක්ත වූ සිත සැකය ගෙන එන හෙයින් කඞ්ඛායිත නම් වෙයි. එහි භාවය = කඞ්ඛායිතත්තං ය, විමති යනු ප්‍රඥාව නැත යනුයි. විචිකිච්ඡාව කියන ලද අර්ථ ඇත්තේමය. තම්පනාර්ථයෙන් දෙයාකාරයකින් සැක කෙරේනුයි = දෙව උහකං ය, හැසිරීම වැළැක්වීමෙන් දෙමංසන්‍ධියක් මෙනි යනු = ද්විධා පථො ය, මෙය නිත්‍ය ද? නැතහොත් අනිත්‍යද? යන ආදී වශයෙන් ප්‍රවෘත්තියෙහි එක් ආකාරයකින් සිටින්නට අසමර්ථ හෙයින් හාත්පසින් සයනය කෙරේ යනු = සංසයො ය, එක් අංශයක් ගන්නට අසමර්ථ හෙයින් ඒකාංශග්‍රාහී නොවේ යනු = අනෙකංසගාගො ය, නිශ්චල කළ නො හැකිව අරමුණක් ඉවතට යයි යනු = ආසප්පනා ය, බැසගන්නට නො හැකිව (පරි) හාත්පස ඇවිදී යනු = පරියසප්පනා ය, සම්පූර්ණයෙන් අවබෝධ කරගැනීමට අසමර්ථ හෙයින් = අපරියොගාහණා ය, නිශ්චය වශයෙන් අරමුණෙහි පවතින්නට අසමර්ථ හෙයින් = ථම්භිතත්තය, සිතේ තදබව යනු අර්ථයි. විචිකිච්ඡාව වනාහි ඉපිද ඉපිද සිත තද කරයි, යම්හෙයකින් මේ විචිකිච්ඡාව උපදිනවිට අරමුණ ගෙන සිත පහුරු ගාන්නාක් මෙන් වේ, එහෙයින් මනො විලෙඛො යැයි කියන ලදී. සෙස්ස සියලු තැන්හි නො ගැඹුරු අර්ථ ඇත්තේමය.

එකොළොස් වැන්නයි.

ද‍්වාදසමචිත‍්තං

ද්වාදසමචිත්තං

ද‍්වාදසමස‍්ස සමයවවත්‍ථානෙ උද‍්ධච‍්චෙන සම‍්පයුත‍්තන‍්ති උද‍්ධච‍්චසම‍්පයුත‍්තං. ඉදඤ‍්හි චිත‍්තං ඡසු ආරම‍්මණෙසු වෙදනාවසෙන මජ‍්ඣත‍්තං හුත්‍වා උද‍්ධතං හොති. ඉධ ධම‍්මුද‍්දෙසෙ ‘විචිකිච‍්ඡා’-ඨානෙ ‘උද‍්ධච‍්චං හොතී’ති ආගතං. පදපටිපාටියා අට‍්ඨවීසති පදානි හොන‍්ති. අග‍්ගහිතග‍්ගහණෙන චුද‍්දස. තෙසං වසෙන සවිභත‍්තිකාවිභත‍්තිකරාසිවිධානං වෙදිතබ‍්බං. අධිමොක‍්ඛො මනසිකාරොති ද‍්වෙයෙව යෙවාපනකා.

දොළොස්වැන්නට සමය ව්‍යවස්ථානයෙහි උද්ධච්චය සමග සම්ප්‍රයුක්ත වූයේ යනු = උද්ධච්ච සම්පයුත්තං ය, මේ සිත වනාහි ෂඩාරම්මණයන්හි වේදනා වශයෙන් මධ්‍යස්ථව උද්ධන වෙයි. (මෙහි) සමුද්දෙසයෙහි විචිකිච්ඡා ස්ථානයෙහි උද්ධච්චය වේයැයි ආවේය. පද පිළිවෙළින් පද අටවිස්සක් වෙයි. අගෘහීත ග්‍රහණයෙන් තුදුසකි. සවිභක්තික අවිභක්තිකයන්ගේ රාශි විධානය ඔවුන්ගේ වනයෙන් දතයුතුයි. අධිමොක්‍ඛ මනසිකාර යන දෙකම යේවාපනකයෝ ය.

නිද‍්දෙසවාරස‍්ස උද‍්ධච‍්චනිද‍්දෙසෙ චිත‍්තස‍්සාති න සත‍්තස‍්ස, න පොසස‍්ස. උද‍්ධච‍්චන‍්ති උද‍්ධතාකාරො. න වූපසමොති අවූපසමො. චෙතො වික‍්ඛිපතීති චෙතසොවික‍්ඛෙපො. භන‍්තත‍්තං චිත‍්තස‍්සාති චිත‍්තස‍්ස භන‍්තභාවො, භන‍්තයානභන‍්තගොණාදීනි විය. ඉමිනා එකාරම‍්මණස‍්මිංයෙව විප‍්ඵන්‍දනං කථිතං. උද‍්ධච‍්චඤ‍්හි එකාරම‍්මණෙ විප‍්ඵන්‍දති, විචිකිච‍්ඡා නානාරම‍්මණෙ. සෙසං සබ‍්බවාරෙසු හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

නිර්දේශ වාරයාගේ උද්ධච්ච නිර්දේශයෙහි චිත්තස්ස යනු සත්ත්වයෙකුට නොවේ. පුරුෂයෙකුට නොවේ. උද්ධච්චං යනු නොසන්සුන් ආකාරයයි. නො සන්සිඳුණේ යනු = අවූපසමොය, සිත වික්‍ෂේප වේ යනු = චෙතසො වික්‍ඛෙපො ය, භන්තත්තං චිත්තස්ස යනු සිතේ භ්‍රාන්ත භාවයයි. භ්‍රාන්තයාන භ්‍රාන්ත ගොන් ආදීන් මෙනි. මෙයත් එක් අරමුණෙක විෂ්ඵන්‍දනයම කියන ලදී. උද්ධච්චය වනාහි එක් අරමුණෙක විෂ්ඵන්‍දනය වේ. විචිකිච්ඡාව නානාරම්මණයෙහි විෂ්ඵන්‍දනය වේ. සෙස්ස සියලු වාරයන්හි යට කියන ලද නයින්ම දතයුතුයි.

ඉදානි ඉමස‍්මිං චිත‍්තද‍්වයෙ පකිණ‍්ණකවිනිච‍්ඡයො හොති. ‘ආරම‍්මණෙ පවට‍්ටනකචිත‍්තානි නාම කතී’ති? හි වුත‍්තෙ ‘ඉමානෙව ද‍්වෙ’ති වත‍්තබ‍්බං. තත්‍ථ විචිකිච‍්ඡාසහගතං එකන‍්තෙන පවට‍්ටති, උද‍්ධච‍්චසහගතං පන ලද‍්ධාධිමොක‍්ඛත‍්තා ලද‍්ධපතිට‍්ඨං පවට‍්ටති. යථා හි වට‍්ටචතුරස‍්සෙසු ද‍්වීසු මණීසු පබ‍්භාරට‍්ඨානෙ පවට‍්ටෙත්‍වා විස‍්සට‍්ඨෙසු වට‍්ටමණි එකන‍්තෙනෙව පවට‍්ටති, චතුරස‍්සො පතිට‍්ඨාය පතිට‍්ඨාය පවට‍්ටති, එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං. සබ‍්බෙසුපි හීනාදිභෙදො න උද‍්ධටො, සබ‍්බෙසං එකන‍්තහීනත‍්තා. සහජාතාධිපති ලබ‍්භමානොපි න උද‍්ධටො, හෙට‍්ඨා දස‍්සිතනයත‍්තා. ඤාණාභාවතො පනෙත්‍ථ වීමංසාධිපති නාම නත්‍ථි. පච‍්ඡිමද‍්වයෙ සෙසොපි නත්‍ථි එව. කස‍්මා? කඤ‍්චි ධම‍්මං ධුරං කත්‍වා අනුප‍්පජ‍්ජනතො, පට‍්ඨානෙ ච පටිසිද‍්ධතො.

දැන් මේ සිත් දෙකෙහි ප්‍රකීර්ණක විනිශ්චය වෙයි. අරමුණෙහි පෙරළෙන සිත් කෙතෙක් නම් වේදැයි කීමෙහි දී වනාහි මේ දෙකම යැයි කිවයුතුයි. එහි විචිකිච්ඡා සහගත සිත ඒකාන්ත වශයෙන් පෙරළේ උද්ධච්ච සහගතය වනාහි ලබ්ධාධිවිමෝක්‍ෂ බැවින් ලබන ලද ප්‍රතිෂ්ඨාවෙන් පෙරළේ. යම්සේ වනාහි වටවූත් සතරැස් වූත් මැණික් දෙකක් අතුරෙන් බෑවුම් තැනෙක පෙරළා දැමූ වටමැණික ඒකාන්තයෙන්ම පෙරළෙයි. සිවුරැස් මැණික හිට හිට පෙරළෙයි. මෙය ද මෙබඳු යැයි දතයුතුයි. සියල්ලෙහිම හීනාදිභේදය මතුකොට නො දක්වන ලදී. සියල්ලම ඒකාන්ත හීන බැවින් සහජාතාධිපත ලැබෙද්දීත් යටදක්වන ලද නය ඇතිහෙයින් මතුකොට නො දක්වන ලදී. මෙහි වනාහි ඤාණාභාවය නිසා වීමලසාධිපති නම් නොවේ. පශ්චිම ද්වයෙහි සෙස්ස ද නැත්තේමය. කවර හෙයින් ද? කිසියම් ධර්මයක් ප්‍රධාන කොටගෙන නූපදනා හෙයිනුත් පට්ඨානයෙහි ද සිද්ධ කොට ඇති හෙයින්ය.

ඉමෙහි පන ද‍්වාදසහිපි අකුසලචිත‍්තෙහි කම‍්මෙ ආයූහිතෙ, ඨපෙත්‍වා උද‍්ධච‍්චසහගතං, සෙසානි එකාදසෙව පටිසන්‍ධිං ආකඩ‍්ඪන‍්ති. විචිකිච‍්ඡාසහගතෙ අලද‍්ධාධිමොක‍්ඛෙ දුබ‍්බලෙපි පටිසන්‍ධිං ආකඩ‍්ඪමානෙ උද‍්ධච‍්චසහගතං ලද‍්ධාධිමොක‍්ඛං බලවං කස‍්මා නාකඩ‍්ඪතීති? දස‍්සනෙන පහාතබ‍්බාභාවතො. යදි හි ආකඩ‍්ඪෙය්‍ය ‘දස‍්සනෙනපහාතබ‍්බ’-පදවිභඞ‍්ගෙ ආගච‍්ඡෙය්‍ය, තස‍්මා, ඨපෙත්‍වා තං, සෙසානි එකාදස ආකඩ‍්ඪන‍්ති. තෙසු හි යෙන කෙනචි කම‍්මෙ ආයූහිතෙ තාය චෙතනාය චතූසු අපායෙසු පටිසන්‍ධි හොති. අකුසලවිපාකෙසු අහෙතුකමනොවිඤ‍්ඤාණධාතුඋපෙක‍්ඛාසහගතාය පටිසන්‍ධිං ගණ‍්හාති. ඉතරස‍්සාපි එත්‍ථෙව පටිසන්‍ධිදානං භවෙය්‍ය. යස‍්මා පනෙතං නත්‍ථි, තස‍්මා ‘දස‍්සනෙනපහාතබ‍්බ’-පදවිභඞ‍්ගෙ නාගතන‍්ති.

මේ දොළොස් අකුසල චිත්තයන් විසින් කර්ම රැස් කළ කල්හි උද්ධච්ච සහගත සිත හැර සෙසු එකොළොසම ප්‍රතිසන්‍ධිය දෙසට අදී. නො ලබන ලද අධිෂ්ඨාන ඇති දුර්වල වූ විචිකිච්ඡා සහගත සිත ප්‍රතිසන්‍ධිය දෙසට අදිද්දී ලබන ලද අධිෂ්ඨාන ඇති (බලවත්) උද්ධච්ච සහගත සිත කවර හෙයින් නො අදී ද යත්? සෝවාන් මාර්ග ඥානයෙන් පහකළ යුත්තක් නැති හෙයිනි. යම්හෙයකින් අදී ද, (ඒ පිළිබඳව) සෝවාන් මාර්ග ඥානයෙන් පහකළයුතු පද පිළිබඳ විභංගයෙහි එන්නේය. එහෙයින් එය හැර සෙසු එකොළොස ඇදගනී. ඔවුනතුරෙන් යම්කිසිවෙකු විසින් කර්මයන් රැකළ කල්හි ඒ චේතනාවෙන් සතර අපායෙහි ප්‍රතිසන්‍ධිය වෙයි. අකුසල විපාකයන් අතුරෙන් අහේතුක මනෝ විඤ්ඤාණ ධාතුව උපේක්‍ෂා සහගත ප්‍රතිසන්‍ධිය ගනී. අනෙකට ද මෙහිම ප්‍රතිසන්‍ධි දානය වන්නේය. යම්හෙයකින් වනාහි එය නැද්ද, එහෙයින් දස්සනෙන පහාතබ්බ පද විභාගයෙහි නාවේය.

අකුසලා ධම‍්මාතිපදස‍්ස වණ‍්ණනා නිට‍්ඨිතා.

අකුසලා ධම්මා යන පදය පිළිබඳ වර්ණනාව නිමියේ ය.