යෙදුමෙන් කියවන්න

ධම‍්මුද‍්දෙසවාරකථා අට‍්ඨකථා

ධම්මුද්දෙසවාරකථා

පඨමචිත‍්තං

පඨමචිත්තං

ඉදානි අකුසලධම‍්මපදං භාජෙත්‍වා දස‍්සෙතුං කතමෙ ධම‍්මා අකුසලාතිආදි ආරද‍්ධං. තත්‍ථ ධම‍්මවවත්‍ථානාදිවාරප‍්පභෙදො ච හෙට‍්ඨා ආගතානං පදානං අත්‍ථවිනිච‍්ඡයො ච හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. තත්‍ථ තත්‍ථ පන විසෙසමත‍්තමෙව වණ‍්ණයිස‍්සාම. තත්‍ථ සමයවවත්‍ථානෙ තාව යස‍්මා, කුසලස‍්ස විය, අකුසලස‍්ස භූමිභෙදො නත්‍ථි, තස‍්මා එකන‍්තං කාමාවචරම‍්පි සමානං එතං ‘කාමාවචර’න‍්ති න වුත‍්තං. දිට‍්ඨිගතසම‍්පයුත‍්තන‍්ති එත්‍ථ දිට‍්ඨි එව දිට‍්ඨිගතං ‘ගූථගතං මුත‍්තගත’න‍්තිආදීනි (අ· නි· 9.11) විය. ගන‍්තබ‍්බාභාවතො වා දිට‍්ඨියා ගතමත‍්තමෙවෙතන‍්තිපි දිට‍්ඨිගතං. තෙන සම‍්පයුත‍්තං දිට‍්ඨිගතසම‍්පයුත‍්තං.

දැන් අකුශල (ධර්ම) පදය බෙදා දක්වන්නට කතමෙ ධම්මා අකුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි ධර්ම ව්‍යවස්ථානාදීවාර ප්‍රභේදය ද යට ආ පදයන්ගේ අර්ථ විනිශ්චය ද යට කියන ලද නයින්ම දතයුතුයි. ඒ ඒ ගැන විශේෂය පමණක් වර්ණනා කරමු. එය සමය ව්‍යවස්ථානයේ පමණක් යම්හෙයකින් (කුසලයට මෙන්) අකුසලයට භූමි භේදයක් නැද්ද, එහෙයින් ඒකාන්තයෙන් (කාමාවචරය ද මෙය සමානය) කාමාවචර යැයි (නො) කියන ලදී. දිට්ඨිගත සම්පයුත්තං යන මෙහි දිට්ඨිය ම = දිට්ඨිගතය, ගුථගතං වුත්තගතං ආදීන් මෙනි. යායුත්තක් නැති බැවින් හෝ මෙය දෘෂ්ටියට යෑම පමණි යැයි ද = දිට්ඨිගත ය. එයින් යුක්ත වූයේ දිට්ඨිගත සම්පයුත්තය,

තත්‍ථ අසද‍්ධම‍්මසවනං, අකල්‍යාණමිත‍්තතා, අරියානං අදස‍්සනකාමතාදීනි අයොනිසො මනසිකාරොති එවමාදීහි කාරණෙහි ඉමස‍්ස දිට‍්ඨිගතසඞ‍්ඛාතස‍්ස මිච‍්ඡාදස‍්සනස‍්ස උප‍්පත‍්ති වෙදිතබ‍්බා. යෙ හි එතෙ දිට‍්ඨිවාදපටිසංයුත‍්තා අසද‍්ධම‍්මා තෙසං බහුමානපුබ‍්බඞ‍්ගමෙන අතික‍්කන‍්තමජ‍්ඣත‍්තෙන උපපරික‍්ඛාරහිතෙන සවනෙන, යෙ ච දිට‍්ඨිවිපන‍්නා අකල්‍යාණමිත‍්තා තංසම‍්පවඞ‍්කතාසඞ‍්ඛාතාය අකල්‍යාණමිත‍්තතාය, බුද‍්ධාදීනං අරියානඤ‍්චෙව සප‍්පුරිසානඤ‍්ච අදස‍්සනකාමතාය චතුසතිපට‍්ඨානාදිභෙදෙ අරියධම‍්මෙ අකොවිදත‍්තෙන පාතිමොක‍්ඛසංවරඉන්‍ද්‍රියසංවරසතිසංවරඤාණසංවරපහානසංවරප‍්පභෙදෙ අරියධම‍්මෙ චෙව සප‍්පුරිසධම‍්මෙ ච සංවරභෙදසඞ‍්ඛාතෙන අවිනයෙන තෙහෙව කාරණෙහි පරිභාවිතෙන අයොනිසො මනසිකාරෙන කොතූහලමඞ‍්ගලාදිපසුතතාය ච එතං උප‍්පජ‍්ජතීති වෙදිතබ‍්බං. අසඞ‍්ඛාරභාවො පනස‍්ස චිත‍්තස‍්ස හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

එහි අසද්ධර්මය ඇසීම පාපමිත්‍රතාව ආර්යයන් නොදැකීමේ කැමැත්ත ආදී නුනුවණින් මෙනෙහි කිරීම යන මේ ආදී කරුණුවලින් මේ දෘෂ්ටිගත නම් වූ මිථ්‍යා දර්ශනයාගේ උත්පත්තිය දතයුතුයි. මේ දෘෂ්ටිවාදවලින් යම් අසද්ධර්ම වේ නම් ඒ ධර්මයන්ට බුහුමන් කිරීම මුල් කරගත් මධ්‍යස්ථභාවය ඉක්මවීමෙන්, පරීක්‍ෂාවෙන් තොරව ඇසීමෙන් විපර්යාස වූ දෘෂ්ටි ඇති පාපමිත්‍රයන්ට අවනතවීම නම් පාපමිත්‍ර සේවනයෙන්, බුද්ධාදී ආර්යයන් මෙන්ම සත්පුරුෂයන් දැකීමට නො කැමති බැවින්, සතර සතිපට්ඨාන ආදී වූ ආර්ය ධර්මයන්හි අදක්‍ෂ බැවින්, ප්‍රාතිමෝක්‍ෂ සංවරය ඉන්‍ද්‍රිය සංවරය සති සංවරය ඥාන සංවරය ප්‍රහාණ සංවරය යන ප්‍රභේදවලින් යුත් ආර්ය ධර්මයෙහි මෙන්ම සත්පුරුෂ ධර්මයෙහි ද සංවරභේද නය නම් වූ අවිනයෙන් ද එම කරුණුවලින්ම දියුණු කරන ලද අයෝනිසෝ මනසිකාරයෙන් ද කෝතුහල මංගලාදීන්හි යෙදීමෙන් ද (යන මේ කරුණුවලින්) මෙය උපදී යැයි දතයුතුයි. මේ සිත පිළිබඳ අසංස්කාරභාවය යට කියන ලද නයින්ම දතයුතුයි.

ධම‍්මුද‍්දෙසවාරෙ ඵස‍්සොති අකුසලචිත‍්තසහජාතො ඵස‍්සො. වෙදනාදීසුපි එසෙව නයො. ඉති අකුසලමත‍්තමෙව එතෙසං පුරිමෙහි විසෙසො.

සමුද්දෙස වාරයෙහි ඵස්සො යනු අසල සිත සමග උපන් ස්පර්ශයයි. වෙදනා ආදියෙහි ද මේ නයමය. මෙසේ මොවුන්ගේ පළමු ධර්මයන්ගෙන් වෙනස අකුසල යන්න පමණි.

චිත‍්තස‍්සෙකග‍්ගතා හොතීති පාණාතිපාතාදීසුපි අවික‍්ඛිත‍්තභාවෙන චිත‍්තස‍්ස එකග‍්ගතා හොති. මනුස‍්සා හි චිත‍්තං සමාදහිත්‍වා අවික‍්ඛිත‍්තා හුත්‍වා අවිරජ‍්ඣමානානි සත්‍ථානි පාණසරීරෙසු නිපාතෙන‍්ති, සුසමාහිතා පරෙසං සන‍්තකං හරන‍්ති, එකරසෙන චිත‍්තෙන මිච‍්ඡාචාරං ආපජ‍්ජන‍්ති. එවං අකුසලප‍්පවත‍්තියම‍්පි චිත‍්තස‍්ස එකග‍්ගතා හොති.

චිත්තස්සෙකග්ගතා හොති යනු ප්‍රාණඝාත ආදීන්හි ද අවික්‍ෂිප්ත භාවයේ සිතේ එකඟ බව ඇතිවෙයි. මිනිස්සු වනාහි සිත එකඟකොට අවික්‍ෂිප්තව නිවැරදි ආවුධයන් ප්‍රාණීන්ගේ ශරීරයන්හි හෙළත්, මනාව එකඟ වූ සිත් ඇතිව අන්සතු දේ පැහැර ගනිත්. ඒකරස වූ සිතින් මිථ්‍යාචාරයේ හැසිරෙත්. මෙසේ අකුසල පැවැත්මේදී ද සිතේ එකඟබව ඇතිවේ.

මිච‍්ඡාදිට‍්ඨීති අයාථාවදිට‍්ඨි, විරජ‍්ඣිත්‍වා ගහණතො වා විතථා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි. අනත්‍ථාවහත‍්තා පණ‍්ඩිතෙහි ජිගුච‍්ඡිතා දිට‍්ඨීතිපි මිච‍්ඡාදිට‍්ඨි. මිච‍්ඡාසඞ‍්කප‍්පාදීසුපි එසෙව නයො. අපිච මිච‍්ඡා පස‍්සන‍්ති තාය, සයං වා මිච‍්ඡා පස‍්සති, මිච‍්ඡාදස‍්සනමත‍්තමෙව වා එසාති මිච‍්ඡාදිට‍්ඨි. සා අයොනිසො අභිනිවෙසලක‍්ඛණා, පරාමාසරසා, මිච‍්ඡාභිනිවෙසපච‍්චුපට‍්ඨානා, අරියානං අදස‍්සනකාමතාදිපදට‍්ඨානා; පරමං වජ‍්ජන‍්ති දට‍්ඨබ‍්බා. මිච‍්ඡාසඞ‍්කප‍්පාදීසු ‘මිච‍්ඡා’ති පදමත‍්තමෙව විසෙසො. සෙසං කුසලාධිකාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

මිච්ඡාදිට්ඨි යනු අයථා දෘෂ්ටියයි. වරදවා ගන්නා හෙයින් හෝ විෂම වූ දෘෂ්ටිය = මිච්ඡාදිට්ඨි යයි. අනර්ථය ගෙන දෙන පණ්ඩිතයන් විසින් පිළිකුල් කරන ලද දෘෂ්ටිය යනු ද මිච්ඡාදිට්ඨි ය. මිච්ඡා සංකප්ප ආදීන්හි ද මේ නයමය. තවද වරදවා බලන හෙයින් තෙමේ ද වැරදි ලෙස බලයි. මෙය මිථ්‍යා පමණය යනු ද මිච්ඡා දිට්ඨි ය. එය නුනුවණින් ඇතුළුවීම ලක්‍ෂණ කොට ඇත්තේය. පරාමර්ශනය රසයකොට ඇත්තේය. මිථ්‍යා ලෙස ඇතුළුවීම එළඹසිටි කාරණය කොට ඇත්තේය. ආර්යයන් නො දැකීමේ කැමති බව ආදිය ආසන්න කාරණය කොට ඇත්තේය. මෙය පරම වරද යැයි දතයුතුයි. මිච්ඡා සංකප්ප ආදීන්හි මිච්ඡා යන පදමාත්‍රය වෙනසයි. සෙස්ස කුසලාධිකාරයෙහි කියන ලද නයින්ම දතයුතුයි.

අහිරිකබලං අනොත‍්තප‍්පබලන‍්ති එත්‍ථ බලත්‍ථො නිද‍්දෙසවාරෙ ආවි භවිස‍්සති. ඉතරෙසු පන – න හිරියතීති අහිරිකො. අහිරිකස‍්ස භාවො අහිරිකං. න ඔත‍්තප‍්පං අනොත‍්තප‍්පං. තෙසු අහිරිකං කායදුච‍්චරිතාදීහි අජිගුච‍්ඡනලක‍්ඛණං, අලජ‍්ජාලක‍්ඛණං වා. අනොත‍්තප‍්පං තෙහෙව අසාරජ‍්ජනලක‍්ඛණං අනුත‍්තාසනලක‍්ඛණං වා. අහිරිකමෙව බලං අහිරිකබලං. අනොත‍්තප‍්පමෙව බලං අනොත‍්තප‍්පබලං. අයමෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො. විත්‍ථාරො පන හෙට‍්ඨා වුත‍්තපටිපක‍්ඛවසෙන වෙදිතබ‍්බො.

අහිරිකබලං අනොත්තප්පබලං යන මෙහි බලය යන්නෙහි අර්ථය නිර්දේශ වාරයෙහි මතු දැක්වෙයි. අන් තැන්වල වනාහි ලජ්ජා නොවේ යනු = අහිරිකො ය. අහිරිකයාගේ භාවය, ඔත්තප්ප නොවූයේ අනොතප්පය, ඔවුනතුරෙන් අහිරිකය කාය දුශ්චරිතාදියෙන් පිළිකුල් නොවන ලක්‍ෂණය හෝ ලජ්ජා නොවන ලක්‍ෂණයයි. අනොත්තප්පය ඒවායින් බිය නොවන ලක්‍ෂණයයි. තැති නො ගන්නා ලක්‍ෂණ හෝ යි. අහිරිකයම බලය වූයේ = අහිරික බලං ය. අනොත්තප්පයම බලය වූයේ = අනොත්තප්පබලං ය. මේ මෙහි සංක්‍ෂේපයයි. විස්තරය වනාහි යට කියන ලද්දට ප්‍රතිපක්‍ෂ වශයෙන් දතයුතුයි.

ලුබ‍්භන‍්ති තෙන, සයං වා ලුබ‍්භති, ලුබ‍්භනමත‍්තමෙව වා තන‍්ති ලොභො. මුය‍්හන‍්ති තෙන, සයං වා මුය‍්හති, මුය‍්හනමත‍්තමෙව වා තන‍්ති මොහො. තෙසු ලොභො ආරම‍්මණග‍්ගහණලක‍්ඛණො මක‍්කටාලෙපො විය, අභිසඞ‍්ගරසො තත‍්තකපාලෙ ඛිත‍්තමංසපෙසි විය, අපරිච‍්චාගපච‍්චුපට‍්ඨානො තෙලඤ‍්ජනරාගො විය, සංයොජනියධම‍්මෙසු අස‍්සාදදස‍්සනපදට‍්ඨානො. සො තණ‍්හානදීභාවෙන වඩ‍්ඪමානො, සීඝසොතා නදී විය මහාසමුද‍්දං, අපායමෙව ගහෙත්‍වා ගච‍්ඡතීති දට‍්ඨබ‍්බො.

එයින් ලෝභ කරනු ලබත්. තෙමේ හෝ ලෝභ කෙරේ. එය ලෝභ කිරීම් මාත්‍රයක්ම ය යනු = ලොභො යි. එයින් මුළාවෙත් තෙමේ හෝ මුළාවෙයි. එය මුළාවීම් මාත්‍රයක්මය යනු = මොහො ය. ඔවුනතුරෙන් ලෝභය අරමුණ ග්‍රහණය කිරීම ලක්‍ෂණකොට ඇත්තේය. මකුළුවාගේ ආලේපය මෙනි. රත් වූ කබලෙහි දමන ලද මාංශපේශියක් මෙන් ඇලීම රසය කොට ඇත්තේය. අත්නොහැරීම එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. තෙල් හා අඤ්ජන රාගය මෙනි. සංයෝජනීය ධර්මයන්හි රසවිඳීම ආසන්න කාරණය කොට ඇත්තේය. (එය) තෘෂ්ණා නදිය ස්වභාවයෙන් වැඩෙමින් ශීඝ්‍ර සැඩපහර ඇති නදියක් මුහුදට යන්නා මෙන් අපායටම ගෙන යයි යැයි දතයුතුයි.

මොහො චිත‍්තස‍්ස අන්‍ධභාවලක‍්ඛණො අඤ‍්ඤාණලක‍්ඛණො වා, අසම‍්පටිවෙධරසො ආරම‍්මණසභාවච‍්ඡාදනරසො වා, අසම‍්මාපටිපත‍්තිපච‍්චුපට‍්ඨානො අන්‍ධකාරපච‍්චුපට‍්ඨානො වා, අයොනිසොමනසිකාරපදට‍්ඨානො. සබ‍්බාකුසලානං මූලන‍්ති දට‍්ඨබ‍්බො.

මෝහය සිතේ අන්‍ධභාවය ලක්‍ෂණකොට ඇත්තේය. නොදැනීම ලක්‍ෂණකොට හෝ ඇත්තේ ය. ප්‍රතිවේධ නොවීම රසය කොට ඇත්තේ ය. අරමුණෙහි ස්වභාවය වැසීම හෝ රසය කොට ඇත්තේ ය. මිථ්‍යා ප්‍රතිපත්තිය එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. අන්ධකාරය හෝ එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. අයෝනිසෝ මනසිකාරය ආසන්න කාරණය කොට ඇත්තේ ය. සියලුම අකුශලයන්ගේ මූලය යැයි දතයුතුයි.

අභිජ‍්ඣායන‍්ති තාය, සයං වා අභිජ‍්ඣායති, අභිජ‍්ඣායනමත‍්තමෙව වා එසාති අභිජ‍්ඣා. සා පරසම‍්පත‍්තීනං සකකරණඉච‍්ඡාලක‍්ඛණා, තෙනාකාරෙන එසනභාවරසා, පරසම‍්පත‍්ති-අභිමුඛභාවපච‍්චුපට‍්ඨානා, පරසම‍්පත‍්තීසු අභිරතිපදට‍්ඨානා. පරසම‍්පත‍්තිඅභිමුඛා එව හි සා උපට‍්ඨහති. තාසු ච අභිරතියා සති පවත‍්තති, පරසම‍්පත‍්තීසු චෙතසො හත්‍ථප‍්පසාරොවියාති දට‍්ඨබ‍්බා.

එයින් දැඩි ලෙස ලෝභ කෙරෙත් තෙමේ හෝ දැඩි ලෙස ලෝභ කෙරේයි මෙය දැඩි ලෙස ලෝභ කිරීම පමණකි යනු = අභිජ්ඣා ය, එය අනුන්ගේ සම්පත් තමා සතුකර ගැනීමේ කැමැත්ත ලක්‍ෂණ කොට ඇත්තේය. ඒ අයුරින්ම සොයන බව රසයකොට ඇත්තේය. අනුන්ගේ සම්පත්වලට සමීපවීම එළඹසිටි කාරණය කොට ඇත්තේය. අනුන්ගේ සම්පතෙහි දැඩි ඇල්ම ආසන්න කාරණය කොට ඇත්තේ ය. එය වනාහි අනුන්ගේ සම්පතට අභිමුඛ වීමම යැයි වැටහේ. එහි ද අභිරතිය ඇතිකල්හි පවතී. පරසම්පත්තීන්හි සිතින් අත දිගුකිරීම මෙනැයි දතයුතුයි.

සමථො හොතීතිආදීසු අඤ‍්ඤෙසු කිච‍්චෙසු වික‍්ඛෙපසමනතො සමථො. අකුසලප‍්පවත‍්තියං චිත‍්තං පග‍්ගණ‍්හාතීති පග‍්ගාහො. න වික‍්ඛිපතීති අවික‍්ඛෙපො.

සමථො හොති යන ආදීන්හි අන් කෘත්‍යයන්හි වික්‍ෂේපය සමනය වන හෙයින් = සමථො යි, අකුසල පැවැත්මෙහි ඔසවා තබයි යනු = පග්ගාහ ය, වික්‍ෂේප නොවේ යනු අවික්‍ඛෙප ය,

ඉමස‍්මිං චිත‍්තෙ සද‍්ධා, සති, පඤ‍්ඤා, ඡ යුගළකානීති ඉමෙ ධම‍්මා න ගහිතා. කස‍්මා? අස‍්සද‍්ධියචිත‍්තෙ පසාදො නාම නත්‍ථි. තස‍්මා තාව සද‍්ධා න ගහිතා. කිං පන දිට‍්ඨිගතිකා අත‍්තනො අත‍්තනො සත්‍ථාරානං න සද‍්දහන‍්තීති? සද‍්දහන‍්ති. සා පන සද‍්ධා නාම න හොති, වචනසම‍්පටිච‍්ඡනමත‍්තමෙවෙතං. අත්‍ථතො අනුපපරික‍්ඛා වා හොති, දිට‍්ඨි වා. අසතියචිත‍්තෙ පන සති නත්‍ථීති න ගහිතා. කිං දිට‍්ඨිගතිකා අත‍්තනා කතකම‍්මං න සරන‍්තීති? සරන‍්ති. සා පන සති නාම න හොති. කෙවලං තෙනාකාරෙන අකුසලචිත‍්තප‍්පවත‍්ති. තස‍්මා සති න ගහිතා. අථ කස‍්මා “මිච‍්ඡාසතී”ති (දී· නි· 3.333; සං· නි· 5.1) සුත‍්තන‍්තෙ වුත‍්තා? සා පන අකුසලක‍්ඛන්‍ධානං සතිවිරහිතත‍්තා සතිපටිපක‍්ඛත‍්තා ච මිච‍්ඡාමග‍්ගමිච‍්ඡත‍්තානං පූරණත්‍ථං තත්‍ථ පරියායෙන දෙසනා කතා. නිප‍්පරියායෙන පනෙසා නත්‍ථි. තස‍්මා න ගහිතා. අන්‍ධබාලචිත‍්තෙ පන පඤ‍්ඤා නත්‍ථීති න ගහිතා. කිං දිට‍්ඨිගතිකානං වඤ‍්චනාපඤ‍්ඤා නත්‍ථීති? අත්‍ථි. න පනෙසා පඤ‍්ඤා, මායා නාමෙසා හොති. සා අත්‍ථතො තණ‍්හාව. ඉදං පන චිත‍්තං සදරථං ගරුකං භාරියං කක‍්ඛළං ථද‍්ධං අකම‍්මඤ‍්ඤං ගිලානං වඞ‍්කං කුටිලං. තස‍්මා පස‍්සද‍්ධාදීනි ඡ යුගළකානි න ගහිතානි.

මේ සිතෙහි සද්ධා සති පඤ්ඤා ආදී ෂට්යුගලය යන ධර්මයෝ නො ගන්නා ලදී. කවර හෙයින් ද යත්, ශ්‍රද්ධාවෙන් තොර සිතෙහි ප්‍රසාදයක් නම් නැත. එහෙයින්ම නො ගන්නා ලදී. කිම දෘෂ්ටි ගතිකයෝ වනාහි තම තමන්ගේ ශාස්තෲන් නො අදහත් ද? අදහත් එය වනාහි ශ්‍රද්ධාව නොවේ. එය පිළිගැනීම් මාත්‍රයක්මය. එය අර්ථ වශයෙන් පරීක්‍ෂා නො කිරීම හෝ දෘෂ්ටිය හෝ වෙයි. අශ්‍රද්ධාවත් සිතෙහි වනාහි සතිය නැතැයි නො ගන්නා ලදී. කිම දෘෂ්ටිගතිකයෝ තමන් කළ කර්මය සිහි නො කරත් ද යත්, සිහිකරත්, එය වනාහි සතිය නම් නොවේ. හුදෙක් සතියේ ආකාරයෙන් අකුශල චිත්ත ප්‍රවෘත්තියක් පමණි. එහෙයින් සතිය නො ගන්නා ලදී. එසේ නම් කවරහෙයින් සූත්‍රාන්තයෙහි මිච්ඡා සති යැයි කියන ලද ද? (එය වනාහි) අකුශල ස්කන්ධයන් සතියෙන් තොර හෙයින් ද සතියට ප්‍රතිපක්‍ෂ හෙයින් ද මිථ්‍යා මාර්ගය කැමති වන්නන් පිරවීම පිණිස එහි පර්යාය වශයෙන් (දේශනා කරන ලදී. නිෂ්පර්යාය වශයෙන්) වනාහි මෙය නැත. එහෙයින් නො ගන්නා ලදී. අන්‍ධබාල සිතෙහි වනාහි ප්‍රඥාව නැතැයි එය නො ගන්නා ලදී. කිම දෘෂ්ටි ගතිකයන්ගේ වංචනා ප්‍රඥාව නැද්ද යත්, අත්‍ථි, එය වනාහි ප්‍රඥාව නොවේ. එය වාසව නම් වේ. එය අර්ථ වශයෙන් තෘෂ්ණාවමය. මේ සිත වනාහි දාහ සහිතය. ගරුකය. බරපතළය. කර්කශය. තදය. අකර්මණ්‍යය. ගිලන්ය. වක්‍රය. කුටිලය. එහෙයින් එයට ශ්‍රද්ධාදී (ෂට්) යුගල නොගන්නා ලදී.

එත‍්තාවතා පදපටිපාටියා චිත‍්තඞ‍්ගවසෙන පාළිආරුළ‍්හානි ද‍්වත‍්තිංස පදානි දස‍්සෙත්‍වා ඉදානි යෙවාපනකධම‍්මෙ දස‍්සෙතුං යෙ වා පන තස‍්මිං සමයෙතිආදිමාහ. තත්‍ථ සබ‍්බෙසුපි අකුසලචිත‍්තෙසු ඡන්‍දො අධිමොක‍්ඛො මනසිකාරො මානො ඉස‍්සා මච‍්ඡරියං ථිනං මිද‍්ධං උද‍්ධච‍්චං කුක‍්කුච‍්චන‍්ති ඉමෙ දසෙව යෙවාපනකා හොන‍්ති ධම‍්මා, සුත‍්තාගතා, සුත‍්තපදෙසු දිස‍්සරෙති වුත‍්තා. ඉමස‍්මිං පන චිත‍්තෙ ඡන්‍දො අධිමොක‍්ඛො මනසිකාරො උද‍්ධච‍්චන‍්ති ඉමෙ අපණ‍්ණකඞ‍්ගසඞ‍්ඛාතා චත‍්තාරොව යෙවාපනකා හොන‍්ති.

මෙපමණකින් පද පිළිවෙළින් චිත්තාංග වශයෙන් පාළියෙහි ආරූඪ වූ දෙතිස් පද දක්වා දැන් යේවාපනක ධර්මයන් දක්වන්නට යෙවා පන තස්මිං සමයෙ යන ආදිය වදාළහ. එහි සියලුම අකුසල සිත්හි ඡන්‍දය අධිමොක්‍ඛය මනසිකාරය මානය ඉස්සාය මච්ඡරිය ථීනය මිද්ධය උද්ධච්චය කුක්කුච්චය යන යේවාපනක ධර්ම දහයක්ම වෙත්. සූත්‍රාන්ත (ඒ ධර්ම) සූත්‍ර පදයන්හි දක්නා ලැබේ යැයි කියන ලදී. මේ සිතෙහි වනාහි ඡන්‍දය අධිමොක්‍ඛය මනසිකාරය උද්ධච්චය යන අපණ්ණක නම් වූ මේ යේවාපනක සතර වෙයි.

තත්‍ථ ඡන්‍දාදයො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. කෙවලඤ‍්හි තෙ කුසලා, ඉමෙ අකුසලා. ඉතරං පන උද‍්ධතස‍්ස භාවො ‘උද‍්ධච‍්චං’. තං චෙතසො අවූපසමලක‍්ඛණං වාතාභිඝාතචලජලං විය, අනවට‍්ඨානරසං වාතාභිඝාතචලධජපටාකා විය, භන‍්තත‍්තපච‍්චුපට‍්ඨානං පාසාණාභිඝාතසමුද‍්ධතභස‍්මා විය, චෙතසො අවූපසමෙ අයොනිසොමනසිකාරපදට‍්ඨානං. චිත‍්තවික‍්ඛෙපොති දට‍්ඨබ‍්බං.

එහි ඡන්‍දාදිය යට කියන ලද නයින්ම දතයුතුයි. හුදෙක් ඔහු වනාහි කුශලයෝ ය. මොහු අකුශලයෝ ය. අනෙක වනාහි නොසන්සුන් වූවහුගේ භාවය = උද්ධච්ච යයි. එය (සිතෙහි) නො සන්සුන් බව ලක්‍ෂණ කොට ඇත්තේය. වාතයෙන් පහර ලද සැලෙන ජලය මෙනි. නො නැවතීම රසය කොට ඇත්තේ ය. වාතයෙන් පහර ලැබ සැලෙන ධ්වජ පතාකා මෙනි. භ්‍රාන්තිය එළඹ සිටි කාරණයයි. ගලකින් පහර ලැබ ඇවිසුණු අළු මෙනි. සිතේ නො සන්සුන් බව අයෝනිසෝ මනසිකාරය ආසන්න කාරණයයි. චිත්ත වික්‍ෂේපය යැයි දතයුතුයි.

ඉති ඵස‍්සාදීනි ද‍්වත‍්තිංස, යෙවාපනකවසෙන වුත‍්තානි චත‍්තාරීති සබ‍්බානිපි ඉමස‍්මිං ධම‍්මුද‍්දෙසවාරෙ ඡත‍්තිංස ධම‍්මපදානි භවන‍්ති. චත‍්තාරි අපණ‍්ණකඞ‍්ගානි හාපෙත්‍වා පාළියං ආගතානි ද‍්වත‍්තිංසමෙව. අග‍්ගහිතග‍්ගහණෙන පනෙත්‍ථ ඵස‍්සපඤ‍්චකං, විතක‍්කො විචාරො පීති චිත‍්තස‍්සෙකග‍්ගතා වීරියින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං මිච‍්ඡාදිට‍්ඨි අහිරිකං අනොත‍්තප‍්පං ලොභො මොහොති සොළස ධම‍්මා හොන‍්ති.

මෙසේ ස්පර්ශාදි දෙතිස යේවාපනක වශයෙන් කියන ලද සතර ද යන මේ සියල්ලත් මේ ධර්ම සමුද්දේශ වාරයෙහි සතියක් ධර්මපදයෝ වෙත්. අපණ්ණකාංග සතර හැර පාළියෙහි ආ දෙතිසක් මෙහිදී වනාහි අගෘහීතග්‍රහණ වශයෙන් ඵස්ස පංචකය විතර්කය විචාරය ප්‍රීතිය චිත්තෙකග්‍රතාව විරියින්‍ද්‍රිය ජීවිතින්‍ද්‍රිය මිථ්‍යාදෘෂ්ටිය ලෝභය මෝහය අහිරිකය අනොත්තප්පය ය සොළොස් ධර්මයෝ වෙත්.

තෙසු සොළසසු සත‍්ත ධම‍්මා අවිභත‍්තිකා නව සවිභත‍්තිකා හොන‍්ති. කතමෙ සත‍්ත? ඵස‍්සො සඤ‍්ඤා චෙතනා විචාරො පීති ජීවිතින්‍ද්‍රියං මොහොති ඉමෙ සත‍්ත අවිභත‍්තිකා. වෙදනා චිත‍්තං විතක‍්කො චිත‍්තස‍්සෙකග‍්ගතා වීරියින්‍ද්‍රියං මිච‍්ඡාදිට‍්ඨි අහිරිකං අනොත‍්තප‍්පං ලොභොති ඉමෙ නව සවිභත‍්තිකා.

එම සොළොස් ධර්මයන් අතුරෙන් ධර්ම සතක් අවිභක්තිකය. නවයක් සවිභක්තික වෙයි. කවර සතක්ද? ඵස්සය සඤ්ඤාය චේතනාය විචාරය පීතිය ජීවිතින්‍ද්‍රිය මෝහය යන මේ ධර්ම යන අවිභක්තිකය, වේදනාය චිත්තය විතර්කය චිත්තෙකාග්‍රතාවය ජීවිතින්‍ද්‍රිය මිථ්‍යාදෘෂ්ටිය අහිරිකබලය අනොත්තප්ප බලය ලෝභය යන මේ නවය සවිභක්තිකය.

තෙසු ඡ ධම‍්මා ද‍්වීසු ඨානෙසු විභත‍්තා, එකො තීසු, එකො චතූසු, එකො ඡසු. කථං? චිත‍්තං විතක‍්කො මිච‍්ඡාදිට‍්ඨි අහිරිකං අනොත‍්තප‍්පං ලොභොති ඉමෙ ඡ ද‍්වීසු ඨානෙසු විභත‍්තා. තෙසු හි චිත‍්තං තාව ඵස‍්සපඤ‍්චකං පත්‍වා චිත‍්තං හොතීති වුත‍්තං, ඉන්‍ද්‍රියානි පත්‍වා මනින්‍ද්‍රියන‍්ති. විතක‍්කො ඣානඞ‍්ගානි පත්‍වා විතක‍්කො හොතීති වුත‍්තො, මග‍්ගඞ‍්ගානි පත්‍වා මිච‍්ඡාසඞ‍්කප‍්පොති. මිච‍්ඡාදිට‍්ඨි මග‍්ගඞ‍්ගෙසුපි කම‍්මපථෙසුපි මිච‍්ඡාදිට‍්ඨියෙව. අහිරිකං බලානි පත්‍වා අහිරිකබලං හොතීති වුත‍්තං, ලොකනාසකදුකං පත්‍වා අහිරිකන‍්ති. අනොත‍්තප‍්පෙපි එසෙව නයො. ලොභො මූලං පත්‍වා ලොභො හොතීති වුත‍්තො. කම‍්මපථං පත්‍වා අභිජ‍්ඣාති. ඉමෙ ඡ ද‍්වීසු ඨානෙසු විභත‍්තා.

ඔවුනතුරෙන් ධර්ම සයක් දෙතැනෙක බෙදන ලදී. එකක් තුන්තැනෙකද එකක් සතර තැනක ද එකක් සයතැනෙකද බෙදන ලදී. කෙසේද? චිත්තය විතර්කය මිච්ඡාදිට්ඨිය අහිරික බලය අනොත්තප්ප බලය ලෝභය යන මේ සය දෙතැනක බෙදන ලදී. මොවුනතුරෙන් වනාහි සිත පමණක් ඵස්ස පංචකයට පැමිණ චිත්ත වේයැයි කියන ලදී. ඉන්‍ද්‍රියන්ට පැමිණ මනින්‍ද්‍රිය විය. විතර්කය ධ්‍යානාංගයන්ට පැමිණ විතර්කය වේයැයි කියන ලද්දේ වෙයි. මාර්ගාංගයන්ට පැමිණ මිච්ඡා සංකප්පය විය. මිච්ඡා දිට්ඨිය මාර්ගාංගයන්හි ද කර්මපථයෙහි ද මිච්ඡා දිට්ඨියමය. අහිරිකය බලයන්ට පැමිණ අහිරික බලය වේයැයි කියන ලදී. ලෝකනායක දුකයට පැමිණ අහිරික විය. අනොත්තප්පයෙහි ද මේ නයමය. ලෝභය මූලයට පැමිණ ලෝභය වේයැයි කියන ලදී. කර්මපථයට පැමිණ අභිජ්ඣා වේ. මේ සය දෙතැනක බෙදන ලදී.

වෙදනා පන ඵස‍්සපඤ‍්චකං පත්‍වා වෙදනා හොතීති වුත‍්තා, ඣානඞ‍්ගානි පත්‍වා සුඛන‍්ති, ඉන්‍ද්‍රියානි පත්‍වා සොමනස‍්සින්‍ද්‍රියන‍්ති. එවං එකොව ධම‍්මො තීසු ඨානෙසු විභත‍්තො.

වේදනාව වනාහි ඵස්ස පංචකයට පැමිණ වේදනාව වේයැයි කියන ලදී. ධ්‍යානාංගයන්ට පැමිණ සුඛයැයි කියන ලදී. ඉන්‍ද්‍රියන්ට පැමිණ සෝමනස්සින්‍ද්‍රිය යැයි කියන ලදී. මෙසේ එකම ධර්මය තුන්තැනෙක බෙදන ලදී.

වීරියං පන ඉන්‍ද්‍රියානි පත්‍වා වීරියින්‍ද්‍රියං හොතීති වුත‍්තං, මග‍්ගඞ‍්ගානි පත්‍වා මිච‍්ඡාවායාමො හොතීති, බලානි පත්‍වා වීරියබලන‍්ති, පිට‍්ඨිදුකං පත්‍වා පග‍්ගාහො හොතීති. එවං අයං එකො ධම‍්මො චතූසු ඨානෙසු විභත‍්තො.

විරිය වනාහි ඉන්‍ද්‍රියන්ට පැමිණ විරියින්‍ද්‍රිය වේයැයි කියන ලදී. මාර්ගාංගයන්ට පැමිණ මිච්ඡාවායාම වෙයි. බලයන්ට පැමිණ විරියබල යැයි ද පිට්ඨි දුකයට පැමිණ පග්ගාහ යැයි ද කියන ලදී. මෙසේ මේ එකම ධර්මය ස්ථාන සතරෙක බෙදන ලදී.

සමාධි පන ඣානඞ‍්ගානි පත්‍වා චිත‍්තස‍්සෙකග‍්ගතා හොතීති වුත‍්තො, ඉන්‍ද්‍රියානි පත්‍වා සමාධින්‍ද්‍රියන‍්ති, මග‍්ගඞ‍්ගානි පත්‍වා මිච‍්ඡාසමාධීති, බලානි පත්‍වා සමාධිබලන‍්ති, පිට‍්ඨිදුකං පත්‍වා දුතියදුකෙ එකකවසෙනෙව සමථොති , තතියෙ අවික‍්ඛෙපොති. එවමයං එකො ධම‍්මො ඡසු ඨානෙසු විභත‍්තො.

සමාධිය වනාහි ධ්‍යානාංගයන්ට පැමිණ චිත්තෙකග්ගතා වේයැයි කියන ලදී. ඉන්‍ද්‍රියන් පැමිණ සමාධින්‍ද්‍රිය යැයි ද මාර්ගාංගයන්ට පැමිණ මිච්ඡා සමාධි යැයිද, බලයන්ට පැමිණ සමාධිබලය යැයි ද පිට්ඨි දුකයට පැමිණ දුතිය දුකයෙහි ඒකක වශයෙන්ම සමථ යැයි ද තුන්වැන්නෙහි අවික්‍ඛෙප යැයි කියන ලදී. මෙසේ මේ එකම ධර්මය ස්ථාන සයෙක බෙදන ලදී.

සබ‍්බෙපි පනෙතෙ ධම‍්මා ඵස‍්සපඤ‍්චකවසෙන ඣානඞ‍්ගවසෙන ඉන්‍ද්‍රියවසෙන මග‍්ගඞ‍්ගවසෙන බලවසෙන මූලවසෙන කම‍්මපථවසෙන ලොකනාසකවසෙන පිට‍්ඨිදුකවසෙනාති නව රාසයො හොන‍්ති. තත්‍ථ යං වත‍්තබ‍්බං තං පඨමකුසලචිත‍්තනිද‍්දෙසෙ වුත‍්තමෙවාති.

මේ සියලුම ධර්මයෝ වනාහි ස්පර්ශ පංචක වශයෙන් ධ්‍යානාංග වශයෙන් ඉන්‍ද්‍රිය වශයෙන් මාර්ගාංග වශයෙන් බල වශයෙන් මූල වශයෙන් කර්මපථ වශයෙන් ලෝකනායක වශයෙන් පිට්ඨිදුක වශයෙන්දැයි රාශි නවයක් වෙත්. එහි යමක් කිවයුතු නම් ඒ ප්‍රථම කුශල නිර්දේශයෙහි කියන ලදමය.

ධම‍්මුද‍්දෙසවාරකථා නිට‍්ඨිතා.

ධම්මුද්දෙසවාර කථා නිමියේය.