යෙදුමෙන් කියවන්න

ද‍්වාදස අකුසලචිත‍්තානි

ද‍්වාදස අකුසලචිත‍්තානි.

දොළොස් අකුසල්සිත්

366. කතමෙ ධම‍්මා අකුසලා?

366. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:

යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නා හොති සොමනස‍්සසහගතං දිට‍්ඨිගතසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, විරියින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, සොමනස‍්සින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, මිච‍්ඡාදිට‍්ඨි හොති, මිච‍්ඡාසඞ‍්කප‍්පො හොති, මිච‍්ඡාවායාමො හොති, මිච‍්ඡාසමාධි හොති, විරියබලං හොති, සමාධිබලං හොති, අහිරිබලං හොති, අනොත‍්තප‍්පබලං හොති, ලොභො හොති, මොහො හොති, අභිජ‍්ඣා හොති, මිච‍්ඡාදිට‍්ඨි හොති, අහිරිකං හොති, අනොත‍්තප‍්පං හොති, සමථො හොති, පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

යම් කලෙකැ රූපාලම්බන වේවායි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස් සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපන්නේ වේ ද, එකලැ ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි. සංඥාව වෙයි. චේතනාව වෙයි. චිත්තය වෙයි. විතර්‍කය වෙයි. විචාරය වෙයි. ප්‍රීතිය වෙයි. සුඛය වෙයි. චිත්තෛකාග්‍රතාව වෙයි. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි. සමාධින්‍ද්‍රිය වෙයි. මනින්‍ද්‍රිය වෙයි. සෝමනස්සින්‍ද්‍රිය වෙයි. ජීවිතේන්‍ද්‍රිය වෙයි. මිථ්‍යාදෘෂ්ටිය වෙයි. මිථ්‍යාසඞ්කල්පය වෙයි. මිථ්‍යාව්‍යායාමය වෙයි. මිථ්‍යාසමාධිය වෙයි. වීර්‍ය්‍යබලය වෙයි. සමාධිබලය වෙයි. අහිරිකබලය වෙයි. අනොත්තප්පබලය වෙයි. ලෝභය වෙයි. මෝහය වෙයි. අභිධ්‍යාව වෙයි. මිථ්‍යාදෘෂ්ටිය වෙයි. අහිරිකය වෙයි. අනොත්තප්පය වෙයි. ශමථය වෙයි. ප්‍රග්‍රාහය වෙයි. අවික්‍ෂේපය වෙයි. තවද එකලැ අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම්, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

367. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති?

367. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:

අයං තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති.

එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශකළබවෙක් වේ ද, එකලැ මේ ස්පර්‍ශය වේ.

368. කතමා තස‍්මිං සමයෙ වෙදනා හොති?

368. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:

යං තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං තස‍්මිං සමයෙ වෙදනා හොති.

එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් චෛතසික වු යම් මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.

369. කතමා තස‍්මිං සමයෙ සඤ‍්ඤා හොති?

369. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං, අයං තස‍්මිං සමයෙ සඤ‍්ඤා හොති.

එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් යම් සංඥාවක් සංජානනාකාරයෙන් සඤ්ජාතිතබවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.

370. කතමා තස‍්මිං සමයෙ චෙතනා හොති?

370. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං තස‍්මිං සමයෙ චෙතනා හොති.

එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.

371. කතමං තස‍්මිං සමයෙ චිත‍්තං හොති?

371. කවරක් එසමයෙහි චිත්ත වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං තස‍්මිං සමයෙ චිත‍්තං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භාවාඞ්ග චිත්තයෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.

372. කතමො තස‍්මිං සමයෙ විතක‍්කො හොති?

372. කවරක් එසමයෙහි විතර්‍ක වෙයි යත්:

යො තස‍්මිං සමයෙ තක‍්කො විතක‍්කො සඞ‍්කප‍්පො අප‍්පනා ව්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං තස‍්මිං සමයෙ විතක‍්කො හොති.

එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සඞ්කල්පයෙක් අර්‍පණායෙක් ව්‍යාපර්‍ණායෙක් සිතට නහාලීමෙක් මිථ්‍යාසඞ්කල්පයෙක් වේ ද, මේ එසමයෙහි විතර්‍ක වේ.

373. කතමො තස‍්මිං සමයෙ විචාරො හොති?

373. කවරක් එසමයෙහි විචාර වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චාරො විචාරො අනුවිචාරො උපවිචාරො චිත‍්තස‍්ස අනුසන්‍ධානතා අනුපෙක‍්ඛනතා, අයං තස‍්මිං සමයෙ විචාරො හොති.

එසමයෙහි යම් (අරමුණෙහි) හැසිරීමෙක් විචාරයෙක් අනුවිචාරයෙක් උපවිචාරයෙක් චිත්තයාගේ (අරමුණෙහි සිත) ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ එසමයෙහි විචාර වේ.

374. කතමා තස‍්මිං සමයෙ පීති හොති?

374. කවරක් එසමයෙහි ප්‍රිතී වෙයි යත්:

යා තස‍්මිං සමයෙ පීති පාමොජ‍්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත‍්ති ඔදග්‍යං අත‍්තමනතා චිත‍්තස‍්ස, අයං තස‍්මිං සමයෙ පීති හොති.

එසමයෙහි යම් ප්‍රීතියෙක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් ප්‍රීතිධනයෙක් ඔද වැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද, මෙ එසමයෙහි ප්‍රීති වේ.

375. කතමං තස‍්මිං සමයෙ සුඛං හොති?

375. කවරක් එසමයෙහි සුඛ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස‍්මිං සමයෙ සුඛං හොති.

එසමයෙහි යම් චෛතසික වූ මිහිරිබවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛ වේ.

376. කතමා තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති?

376. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං මිච‍්ඡාසමාධි, අයං තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති.

එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.

377. කතමං තස‍්මිං සමයෙ විරියින්‍ද්‍රියං හොති?

377. කවරෙක් එසමයෙහි විරියින්‍ද්‍රිය වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හි ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං මිච‍්ඡාවායාමො, ඉදං තස‍්මිං සමයෙ විරියින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් දෘඪපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිර පරාක්‍රමතායෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ ධුර ඇති බවෙක් වැර දැඩි වැ ගැන්මෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් මිථ්‍යාව්‍යායාමයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.

378. කතමං තස‍්මිං සමයෙ සමාධින්‍ද්‍රියං හොති?

378. කවරෙක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං මිච‍්ඡාසමාධි, ඉදං තස‍්මිං සමයෙ සමාධින්‍ද්‍රියං හොති.

එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසිරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ.

379. කතමං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති. ?

379. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං, මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් භවාඞ්ග චිත්තයෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.

380. කතමං තස‍්මිං සමයෙ සොමනස‍්සින්‍ද්‍රියං හොති?

380. කවරෙක් එසමයෙහි සෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස‍්මිං සමයෙ සොමනස‍්සින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත සුඛ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සොම්නස්සින්‍ද්‍රීය වේ.

381. කතමං තස‍්මිං සමයෙ ජීවිතින්‍ද්‍රියං හොති?

381. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:

යං තෙසං අරූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉදං තස‍්මිං සමයෙ ජීවිතින්‍ද්‍රියං හොති.

ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.

382. කතමා තස‍්මිං සමයෙ මිච‍්ඡාදිට‍්ඨි හොති?

382. කවරක් එසමයෙහි මිථ්‍යාදෘෂ්ටි වෙයි යත්:

යා තස‍්මිං සමයෙ දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසඤ‍්ඤොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො, අයං තස‍්මිං සමයෙ මිච‍්ඡාදිට‍්ඨි හොති.

එසමයෙහි යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහකයෙක් පිහිටා සිටීමෙන් (නිත්‍යාදිවශයෙන්) අභිනිවේශයෙන් පරාමර්‍ශයෙක් කුමාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යස්තග්‍රාහයෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාදෘෂ්ටි වේ.

383. කතමො තස‍්මිං සමයෙ මිච‍්ඡාසඞ‍්කප‍්පො හොති?

383. කවරෙක් එසමයෙහි මිථ්‍යාසඞ්කල්ප වෙයි යත්:

යො තස‍්මිං සමයෙ තක‍්කො විතක‍්කො සඞ‍්කප‍්පො අප‍්පනා ව්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං තස‍්මිං සමයෙ මිච‍්ඡාසඞ‍්කප‍්පො හොති.

එසමයෙහි යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සඞ්කල්පයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් චිත්තයාගේ අභිනිරෝපණයෙක් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාසඞ්කල්ප වේ.

384. කතමො තස‍්මිං සමයෙ මිච‍්ඡාවායාමො හොති?

384. කවරෙක් එසමයෙහි මිථ්‍යාව්‍යායාම වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හි ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං මිච‍්ඡාවායාමො, අයං තස‍්මිං සමයෙ මිච‍්ඡාවායාමො හොති.

එසමයෙහි යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ස්ථිරභාවයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිර පරාක්‍රමතායෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් මිථ්‍යාව්‍යායාමයෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාව්‍යායාම වේ.

385. කතමො තස‍්මිං සමයෙ මිච‍්ඡාසමාධි හොති?

385. කවරෙක් එසමයෙහි මිථ්‍යාසමාධි වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං මිච‍්ඡාසමාධි, අයං තස‍්මිං සමයෙ මිච‍්ඡාසමාධි හොති.

එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාසමාධි වේ.

386. කතමං තස‍්මිං සමයෙ විරියබලං හොති?

386. කවරෙක් එසමයෙහි වීර්‍ය්‍යබල වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හි ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං මිච‍්ඡාවායාමො, ඉදං තස‍්මිං සමයෙ විරියබලං හොති.

එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍රපරාක්‍රමයෙක් ස්ථිර පරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමතායෙක් නො තැබූ ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් මිථ්‍යාව්‍යායාමයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යබල වේ.

387. කතමං තස‍්මිං සමයෙ සමාධිබලං හොති?

387. කවරක් එසමයෙහි සමාධිබල වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං මිච‍්ඡාසමාධි, ඉදං තස‍්මිං සමයෙ සමාධිබලං හොති.

එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි සමාධිබල වේ.

388. කතමං තස‍්මිං සමයෙ අහිරිකබලං හොති?

388. කවරෙක් එසමයෙහි අහිරිකබල වෙයි යත්:

යං තස‍්මිං සමයෙ න හිරීයති හිරීයිතබ‍්බෙන, න හිරීයති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, ඉදං තස‍්මිං සමයෙ අහිරිකබලං හොති.

එසමයෙහි යමෙකින් ලජ්ජා කටයුතු කායදුශ්චරිතාදිය පිළිකුල් නො කෙරේ ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීම පිළිකුල් නො කෙරේ ද, මේ එසමයෙහි අහිරිකබල වේ.

389. කතමං තස‍්මිං සමයෙ අනොත‍්තප‍්පබලං හොති?

389. කවරෙක් එසමයෙහි අනොත්තප්පබල වෙයි යත්:

යං තස‍්මිං සමයෙ න ඔත‍්තප‍්පති ඔත‍්තප‍්පිතබ‍්බෙන, න ඔත‍්තප‍්පති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, ඉදං තස‍්මිං සමයෙ අනොත‍්තප‍්පබලං හොති.

එසමයෙහි යමෙකින් බියපත් වීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොට ගෙන බිය නො වේ ද, ලාමක වූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් බිය නො වේ ද, මේ එසමයෙහි අනොත්තප්පබල වේ.

390. කතමො තස‍්මිං සමයෙ ලොභො හොති?

390. කවරෙක් එසමයෙහි ලෝභ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ලොභො ලුබ‍්භනා ලුබ‍්භිතත‍්තං සාරාගො සාරජ‍්ජනා සාරජ‍්ජිතත‍්තං අභිජ‍්ඣා ලොභො අකුසලමූලං, අයං තස‍්මිං සමයෙ ලොභො හොති.

එසමයෙහි යම් ලෝභයෙක් ලෝභාකාරයෙක් ලුබ්ධබවෙක් ඇල්මෙක් ඇලෙන අයුරෙක් ඇලුණුබවෙක් අභිධ්‍යායෙක් ලෝභසංඛ්‍යාත අකුශල මූලයෙක් වේ ද, මේ එසමයෙහි ලෝභ වේ.

391. කතමො තස‍්මිං සමයෙ මොහො හොති?

391. කවරෙක් එසමයෙහි මෝහ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ අඤ‍්ඤාණං අදස‍්සනං අනභිසමයො අනනුබොධො අසම‍්බොධො අප‍්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක‍්ඛනා අපච‍්චවෙක‍්ඛනා අපච‍්චක‍්ඛකම‍්මං දුම‍්මෙජ‍්ඣං බාල්‍යං අසම‍්පජඤ‍්ඤං මොහො පමොහො අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාලඞ‍්ගී මොහො අකුසලමූලං, අයං තස‍්මිං සමයෙ මොහො හොති.

එසමයෙහි යම් නො දැනීමෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසංග්‍රාහණයෙක් අපයර්‍ය්‍යවග්‍රාහණයෙක් (හාත්පසින් නො බැසගැන්මෙක්) සම වැ නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙන් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙන් අපවිත්‍රබවෙක් බාලබවෙක් අසම්‍යග්ඥානයෙන් මෝහයෙන් ප්‍රමෝහයෙන් සම්මෝහයෙක් අවිද්‍යාවෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහසංඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ එසමයෙහි මෝහ වේ.

392. කතමා තස‍්මිං සමයෙ අභිජ‍්ඣා හොති?

392. කවරක් එසමයෙහි අභිධ්‍යා වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ලොභො ලුබ‍්භනා ලුබ‍්භිතත‍්තං සාරාගො සාරජ‍්ජනා සාරජ‍්ජිතත‍්තං අභිජ‍්ඣා ලොභො අකුසලමූලං, අයං තස‍්මිං සමයෙ අභිජ‍්ඣා හොති.

එසමයෙහි යම් ලෝභයෙක් ලෝභාකාරයෙක් ලුබ්ධබවෙක් ඇල්මෙක් ඇලෙන අයුරෙක් ඇලුණු බවෙක් අභිධ්‍යායෙක් ලෝභ සංඛ්‍යාත අකුශල මූලයෙක් වේ ද, මේ එසමයෙහි අභිධ්‍යා වේ.

393. කතමා තස‍්මිං සමයෙ මිච‍්ඡාදිට‍්ඨි හොති?

393. කවරක් එසමයෙහි මිථ්‍යාදෘෂ්ටි වෙයි යත්:

යා තස‍්මිං සමයෙ දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසංඤ‍්ඤොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො, අයං තස‍්මිං සමයෙ මිච‍්ඡාදිට‍්ඨි හොති.

එසමයෙහි යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුමාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යස්තග්‍රාහයෙක් වේ ද, මේ එසමයෙහි මිථ්‍යාදෘෂ්ටි වේ.

394. කතමං තස‍්මිං සමයෙ අහිරිකං හොති?

394. කවරෙක් එසමයෙහි අහිරික වෙයි යත්:

යං තස‍්මිං සමයෙ න හිරීයති හිරීයිතබ‍්බෙන, න හිරීයති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, ඉදං තස‍්මිං සමයෙ අහිරිකං හොති.

එසමයෙහි යමෙකින් ලජ්ජා විය යුතු කායදුශ්චරිතාදිය පිළිකුල් නො කෙරේ ද, ලාමක වූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් පිළිකුල් නො කෙරේ ද, මේ එසමයෙහි අහිරික වේ.

395. කතමං තස‍්මිං සමයෙ අනොත‍්තප‍්පං හොති?

395. කවරෙක් එසමයෙහි අනොත්තප්ප වෙයි යත්:

යං තස‍්මිං සමයෙ න ඔත‍්තප‍්පති ඔත‍්තප‍්පිතබ‍්බෙන, න ඔත‍්තප‍්පති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, ඉදං තස‍්මිං සමයෙ අනොත‍්තප‍්පං හොති.

එසමයෙහි තැවීමට කරුණු වූ කායදුශ්චරිතාදිය හේතු කොට ගෙන බිය නො වේ ද, ලාමක වූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් බිය නො වේ ද, මේ එසමයෙහි අනොත්තප්ප වේ.

396. කතමො තස‍්මිං සමයෙ සමථො හොති?

396. කවරක් එසමයෙහි ශමථ වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං මිච‍්ඡාසමාධි, අයං තස‍්මිං සමයෙ සමථො හොති.

එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි ශමථ වේ.

397. කතමො තස‍්මිං සමයෙ පග‍්ගාහො හොති?

397. කවරෙක් එසමයෙහි ප්‍රග්‍රාන වෙයි යත්:

යො තස‍්මිං සමයෙ චෙතසිකො විරියාරම‍්භො නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හි ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං මිච‍්ඡාවායාමො, අයං තස‍්මිං සමයෙ පග‍්ගාහො හොති.

එසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් නිෂ්ක්‍රමයෙක් පරාක්‍රමයෙක් උද්‍යාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍රඋත්සාහයෙක් ස්ථිරපරාක්‍රමයෙක් ධෛර්‍ය්‍යයෙක් ස්ථිරපරාක්‍රමතායෙක් බහා නො තැබූ ඡන්‍ද ඇති බවෙක් බහා නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍ය දැඩි වැ ගැනීමෙන් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් මිථ්‍යාව්‍යායාමයෙක් වේ ද, මේ එසමයෙහි ප්‍රග්‍රාහ වේ.

398. කතමො තස‍්මිං සමයෙ අවික‍්ඛෙපො හොති?

398. කවරෙක් එසමයෙහි අවික්‍ෂේප වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං මිච‍්ඡාසමාධි, අයං තස‍්මිං සමයෙ අවික‍්ඛෙපො හොති.

එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් මොනවට සිටීමෙක් බැසැගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුරුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් මිථ්‍යාසමාධියෙක් වේ ද, මේ එසමයෙහි අවික්‍ෂේප වේ.

යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, පඤ‍්චින්‍ද්‍රියානි හොන‍්ති, පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති, චතුරඞ‍්ගිකො මග‍්ගො හොති, චත‍්තාරි බලානි හොන‍්ති, ද‍්වෙ හෙතු හොන‍්ති, එකො ඵස‍්සො හොති -පෙ- එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා -පෙ-

එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති. ආයතනයෝ දෙදෙනෙක් වෙති. ධාතුහු දෙදෙනෙක් වෙති. ආහාරයෝ තිදෙනෙක් වෙති. ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් වෙති. පඤ්චාඞ්ගික ධ්‍යානය වෙයි. චතුරඞ්ගික මාර්‍ගය වෙයි. බලයෝ සතර දෙනෙක් වෙති. හේතුහු දෙදෙනෙක් වෙති. එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි. එක් මැ ධර්‍මධාතුව වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍මකෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි. ...

399. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

399. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො පීති චිත‍්තස‍්සෙකග‍්ගතා විරියින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං මිච‍්ඡාදිට‍්ඨි මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසමාධි විරියබලං සමාධිබලං අහිරිකබලං අනොත‍්තප‍්පබලං ලොභො මොහො අභිජ‍්ඣා මිච‍්ඡාදිට‍්ඨි අහිරිකං අනොත‍්තප‍්පං සමථො පග‍්ගාහො අවික‍්ඛෙපො. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං, අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා.

ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාදෘෂ්ටි ය මිථ්‍යාසංකල්පය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබලය සමාධි බලය අහිරිකබල ය අනොත්තප්පබල ය ලෝහ ය මෝහ ය අභිධ්‍යා ය මිථ්‍යාදෘෂ්ටි ය අහිරික ය අනොත්තප්පය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අකුසලයෝ යි.

400. කතමෙ ධම‍්මා අකුසලා?

400. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:

යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්සසහගතං දිට‍්ඨිගතසම‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස්සහගියා වූ දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වු අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

401. කතමෙ ධම‍්මා අකුසලා?

401. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:

යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්සසහගතං දිට‍්ඨිගතවිප‍්පයුත‍්තං රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, විරියින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, සොමනස‍්සින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, මිච‍්ඡාසඞ‍්කප‍්පො හොති, මිච‍්ඡාවායාමො හොති, මිච‍්ඡාසමාධි හොති, විරියබලං හොති, සමාධිබලං හොති, අහිරිකබලං හොති, අනොත‍්තප‍්පබලං හොති, ලොභො හොති, මොහො හොති, අභිජ‍්ඣා හොති, අහිරිකං හොති, අනොත‍්තප‍්පං හොති, සමථො හොති, අවික‍්ඛෙපො හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට සොම්නස්සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදෙනේවේ ද, එකල්හි - ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි,මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, සමාධිබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ලෝභය වෙයි, මෝහය වෙයි, අභිධ්‍යාව වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, පඤ‍්චින්‍ද්‍රියානි හොන‍්ති, පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති, තිවඞ‍්ගිකො මග‍්ගො හොති, චත‍්තාරි බලානි හොන‍්ති, ද‍්වෙ හෙතු හොන‍්ති, එකො ඵස‍්සො හොති, -පෙ- එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා -පෙ-

තවද, එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, පඤ්චාඞ්ගිකධ්‍යානය වෙයි, තිවඞ්ගික මාර්‍ගය වෙයි, බලයෝ සතර දෙනෙක් වෙති, හේතුහු දෙදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වු ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි. ...

402. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

402. කවරක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො පීති චිත‍්තස‍්සෙකග‍්ගතා විරියින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසමාධි විරියබලං සමාධිබලං අහිරිකබලං අනොත‍්තප‍්පබලං ලොභො මොහො අභිජ‍්ඣා අහිරිකං අනොත‍්තප‍්පං සමථො පග‍්ගාහො අවික‍්ඛෙපො. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං, අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා.

ස්පර්‍ශය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්ප ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබල ය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ලෝහ ය අභිධ්‍යා ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥානස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්ත වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

403. කතමෙ ධම‍්මා අකුසලා?

403. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:

යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්සසහගතං දිට‍්ඨිගතවිප‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදෙනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

404. කතමෙ ධම‍්මා අකුසලා?

404. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:

යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං දිට‍්ඨිගතසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, විරියින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, මිච‍්ඡාදිට‍්ඨි හොති, මිච‍්ඡාසඞ‍්කප‍්පො හොති, මිච‍්ඡාවායාමො හොති, මිච‍්ඡාසමාධි හොති, විරියබලං හොති, සමාධිබලං හොති, අහිරිකබලං හොති, අනොත‍්තප‍්පබලං හොති, ලොභො හොති, මොහො හොති, අභිජ‍්ඣා හොති, මිච‍්ඡාදිට‍්ඨි හොති, අහිරිකං හොති, අනොත‍්තප‍්පං හොති, සමථො හොති, පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදෙනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාදෘෂ්ටිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, සමාධිබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ලෝභය වෙයි, මෝහය වෙයි, අභිධ්‍යාව වෙයි, මිථ්‍යාදෘෂ්ටිය වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

405. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති?

405. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති.

එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.

406. කතමා තස‍්මිං සමයෙ වෙදනා හොති?

406. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:

යං තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා, අයං තස‍්මිං සමයෙ වෙදනා හොති.

එසමයෙහි තදනුරූප මනෝවිඥානධාතුහුගේ සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.

407. කතමා තස‍්මිං සමයෙ උපෙක‍්ඛා හොති?

407. කවරෙක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා, අයං තස‍්මිං සමයෙ උපෙක‍්ඛා හොති.

එසමයෙහි චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂා වේ.

408. කතමං තස‍්මිං සමයෙ උපෙක‍්ඛින්‍ද්‍රියං හොති?

408. කවරෙක් එසමයෙහි උපෙක්ඛින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා, ඉදං තස‍්මිං සමයෙ උපෙක‍්ඛින්‍ද්‍රියං හොති. -පෙ-

එසමයෙහි චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපෙක්ඛින්‍ද්‍රිය වේ ...

යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, පඤ‍්චින්‍ද්‍රියානි හොන‍්ති, චතුරඞ‍්ගිකං ඣානං හොති, චතුරඞ‍්ගිකො මග‍්ගො හොති, චත‍්තාරි බලානි හොන‍්ති, ද‍්වෙ හෙතු හොන‍්ති, එකො ඵස‍්සො හොති, එකා වෙදනා හොති, -පෙ- එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා -පෙ-

තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, චතුරඞ්ගිකමාර්‍ගය වෙයි. බලයෝ සතර දෙනෙක් වෙති, හේතුහු දෙදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි, එක් මැ වේදනායෙක් වෙයි, ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...

409. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

409. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො චිත‍්තස‍්සෙකග‍්ගතා විරියින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසමාධි විරියබලං සමාධිබලං අහිරිකබලං අනොත‍්තප‍්පබලං ලොභො මොහො අභිජ‍්ඣා මිච‍්ඡාදිට‍්ඨි අහිරිකං අනොත‍්තප‍්පං සමථො පග‍්ගාහො අවික‍්ඛෙපො. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං, අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා.

ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාදෘෂ්ටි ය මිථ්‍යාසංකල්ප ය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබලය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ලෝහ ය මෝහ ය අභිධ්‍යා ය මිථ්‍යාදෘෂ්ටි ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

410. කතමෙ ධම‍්මා අකුසලා?

410. කවර ධර්‍මයෝ අකුසල් වෙති යත්:

යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං දිට‍්ඨිගතසම‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ අකුශල චිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

411. කතමෙ ධම‍්මා අකුසලා?

411. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:

යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං දිට‍්ඨිගතවිප‍්පයුත‍්තං රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, විරියින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, මිවච‍්ඡාසඞ‍්කප‍්පො හොති, මිච‍්ඡාවායාමො හොති, මිච‍්ඡාසමාධි හොති, විරියබලං හොති, සමාධිබලං හොති, අහිරිකබලං හොති, අනොත‍්තප‍්පබලං හොති, ලොභො හොති, මොහො හොති, අභිජ‍්ඣා හොති, අහිරිකං හොති, අනොත‍්තප‍්පං හොති, සමථො හොති, පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති. යෙවා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදෙනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, සමාධිබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ලෝභය වෙයි, මෝහය වෙයි, අභිධ්‍යාව වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, පඤ‍්චින්‍ද්‍රියානි හොන‍්ති, චතුරඞ‍්ගිකං ඣානං හොති, තිවඞ‍්ගිකො මග‍්ගො හොති, චත‍්තාරි බලානි හොන‍්ති, ද‍්වෙ හෙතු හොන‍්ති, එකො ඵස‍්සො හොති, -පෙ- එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, තිවඞ්ගිකමාර්‍ගය වෙයි. බලයෝ සතර දෙනෙක් වෙති, හේතුහු දෙදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...

412. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

412. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො චිත‍්තස‍්සෙකග‍්ගතා විරියින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසමාධි විරියබලං සමාධිබලං අහිරිකබලං අනොත‍්තප‍්පබලං ලොභො මොහො අභිජ‍්ඣා අහිරිකං අනොත‍්තප‍්පං සමථො පග‍්ගාහො අවික‍්ඛෙපො. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං, අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා.

ස්පර්‍ශය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්ප ය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබලය ය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ලෝභ ය මෝහය අභිධ්‍යා ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ. … මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

413. කතමෙ ධම‍්මා අකුසලා?

413. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:

යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං දිට‍්ඨිගතවිප‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයේ යි.

414. කතමෙ ධම‍්මා අකුසලා?

414. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:

යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති දොමනස‍්සසහගතං පටිඝසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, දුක‍්ඛං හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, විරියින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, දොමනස‍්සින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, මිච‍්ඡාසඞ‍්කප‍්පො හොති, මිච‍්ඡාවායාමො හොති, මිච‍්ඡාසමාධි හොති, විරියබලං හොති, සමාධිබලං හොති, අහිරිකබලං හොති, අනොත‍්තප‍්පබලං හොති, දොසො හොති, මොහො හොති, ව්‍යාපාදො හොති, අහිරිකං හොති, අනොත‍්තප‍්පං හොති, සමථො හොති, පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති. යෙවා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට දොම්නස් සහගත වූ ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, දුඃඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි. දෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ද්වේෂය වෙයි, මෝහය වෙයි, ව්‍යාපාදය වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

415. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති?

415. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති.

එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශය වේ.

416. කතමා තස‍්මිං සමයෙ වෙදනා හොති?

416. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:

යං තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජං චෙතසිකං අසාතං චෙතසිකං දුක‍්ඛං චෙතොසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, අයං තස‍්මිං සමයෙ වෙදනා හොති -පෙ-

එසමයෙහි තදනුරූප වූ මනෝවිඥානධාතුහුගේ සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ අමිහිරි බවෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්ත සංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදයිතයෙක්, චිත්ත සංස්පර්‍ෂයෙක් උපන් අමිහිරි වූ දුඃඛවේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ ...

417. කතමං තස‍්මිං සමයෙ දුක‍්ඛං හොති?

417. කවරෙක් එසමයෙහි දුඃඛ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං අසාතං චෙතසිතං දුක‍්ඛං චෙතොසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, ඉදං තස‍්මිං සමයෙ දුක‍්ඛං හොති -පෙ-

එසමයෙහි යම් චෛතසික වූ අමිහිරි බවෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්ත සංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දුඃඛය වේ ...

418. කතමං තස‍්මිං සමයෙ දොමනස‍්සින්‍ද්‍රියං හොති?

418. කවරෙක් එසමයෙහි දෝමනස්සින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං අසාතං චෙතසිකං දුක‍්ඛං චෙතොසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, ඉදං තස‍්මිං සමයෙ දොමනස‍්සින්‍ද්‍රියං හොති -පෙ-

එසමයෙහි යම් චෛතසික වූ අමිහිරි බවෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමිහිරි වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දෝමනස්සින්‍ද්‍රිය වේ ...

419. කතමො තස‍්මිං සමයෙ දොසො හොති?

419. කවරෙක් එසමයෙහි දෝෂ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං ව්‍යාපත‍්ති ව්‍යාපජ‍්ජනා ව්‍යාපජ‍්ජිතත‍්තං විරොධො පටිවිරොධො චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස, අයං තස‍්මිං සමයෙ දොසො හොති -පෙ-

එසමයෙහි යම් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යපත්තියෙක් ව්‍යාපජ්ජනයෙක් ව්‍යාපන්න බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් තද බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි දෝෂය වේ ...

420. කතමො තස‍්මිං සමයෙ ව්‍යාපාදො හොති?

420. කවරෙක් එසමයෙහි ව්‍යාපාද වෙයි යත්:

යො තස‍්මිං සමයෙ දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං ව්‍යාපත‍්ති ව්‍යාපජ‍්ජනා ව්‍යාපජ‍්ජිතත‍්තං විරොධො පටිවිරොධො චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස, අයං තස‍්මිං සමයෙ ව්‍යාපාදො හොති -පෙ-

එසමයෙහි යම් දෝෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපත්තීයෙක් ව්‍යාපජ්ජනයෙක් ව්‍යාපන්න බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් තද බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ එසමයෙහි ව්‍යාපාද වේ ...

යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, පඤ‍්චින්‍ද්‍රියානි හොන‍්ති, චතුරඞ‍්ගිකං ඣානං හොති, තිවඞ‍්ගිකො මග‍්ගො හොති, චත‍්තාරි බලානි හොන‍්ති, ද‍්වෙ හෙතු හොන‍්ති, එකො ඵස‍්සො හොති, -පෙ- එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා. -පෙ-

තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, තීවඞ්ගිකමාර්‍ගය වෙයි, සතර බලයෝ වෙති, හේතූහු දෙදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි ... එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇදීද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...

421. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

421. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො චිත‍්තස‍්සෙකග‍්ගතා විරියින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසමාධි විරියබලං සමාධිබලං අහිරිකබලං අනොත‍්තප‍්පබලං දොසො මොහො ව්‍යාපාදො අහිරිකං අනොත‍්තප‍්පං සමථො පග‍්ගාහො අවික‍්ඛෙපො. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං, අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා.

ස්පර්‍ශය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්පය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබලය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ද්වේෂ ය මෝහ ය ව්‍යාපාද ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

422. කතමෙ ධම‍්මා අකුසලා?

422. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:

යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති දොමනස‍්සහගතං පටිඝසම‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා, යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට දොම්නස් සහගත වූ ප්‍රතිඝ සම්ප්‍රයුක්ත වූ අකුශල චිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

423. කතමෙ ධම‍්මා අකුසලා?

423. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:

යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං විචිකිච‍්ඡාසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා, යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, විරියින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, මිච‍්ඡාසඞ‍්කප‍්පො හොති, මිච‍්ඡාවායාමො හොති, විරියබලං හොති, අහිරිකබලං හොති, අනොත‍්තප‍්පබලං හොති, විචිකිච‍්ඡා හොති, මොහො හොති, අහිරිකං හොති, අනොත‍්තප‍්පං හොති, පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වූ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, විචික්ච්ඡා ව වෙයි, මෝහය වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ප්‍රග්‍රාහය වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙතෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

424. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති?

424. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ-

එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ ...

425. කතමා තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති?

425. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති -පෙ- අයං තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති. -පෙ-

එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ ...

426. කතමං තස‍්මිං සමයෙ විචිකිච‍්ඡා හොති?

426. කවරක් එසමයෙහි විචිකිච්ඡා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ කඞ‍්ඛා කඞ‍්ඛායනා කඞ‍්ඛායිතත‍්තං විමති විචිකිච‍්ඡා ද‍්වෙළ‍්හකං ද‍්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප‍්පනා පරිසප‍්පනා අපරියොගාහනා ථම‍්භිතත‍්තං චිත‍්තස‍්ස මනො විලෙඛො, අයං තස‍්මිං සමයෙ විචිකිච‍්ඡා හොති -පෙ-

එසමයෙහි යම් සැකයෙක් සැක කරන අයුරෙක් සැක කළ බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් දේවළහකයෙක් දර්‍වධාපථයෙක් සංශයෙක් අනෛකාන්තග්‍රාහයෙක් පසුබැස්මෙක් හාත්පසින් පසුබැස්මෙක් නො බැසැගැන්මෙක් තදබවෙක් සිත පිළිබඳ මනෝවිලේඛයෙක් වේ ද, මේ එසමයෙහි විචිකිච්ඡා වේ ...

යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතිත්‍යසමුත්පත්ත වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...

තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, චත‍්තාරි ඉන්‍ද්‍රියානි හොන‍්ති, චතුරඞ‍්ගිකං ඣානං හොති, දුවඞ‍්ගිකො මග‍්ගො හොති, තීණි බලානි හොන‍්ති, එකො හෙතු හොති, එකො ඵස‍්සො හොති -පෙ- එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා -පෙ-

තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, දුවඞ්ගික මාර්‍ගය වෙයි, බලයෝ තිදෙනෙක් වෙති, එක් මැ හේතුයෙක් වෙයි, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙතෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි ...

427. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

427. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො චිත‍්තස‍්සෙකග‍්ගතා විරියින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවායාමො විරියබලං අහිරිකබලං අනොත‍්තප‍්පබලං විචිකිච‍්ඡා මොහො අහිරිකං අනොත‍්තප‍්පං පග‍්ගාහො. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං, අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා.

ස්පර්‍ශය චේතනා ය විතර්‍ක ය විචාරය චිත්තෛකාග්‍රතාය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්පය මිථ්‍යාව්‍යායාම ය වීර්‍ය්‍යබලය අහිරිකබලය අනොත්තප්පබල ය විචිකිත්සා ය මෝහ ය අහිරික ය අනොත්තප්ප ය ප්‍රග්‍රාහ යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ … මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

428. කතමෙ ධම‍්මා අකුසලා?

428. කවර ධර්‍මයෝ අකුසල්හ යත්:

යස‍්මිං සමයෙ අකුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං උද‍්ධච‍්චසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා, යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, විරියින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, මිච‍්ඡාසඞ‍්කප‍්පො හොති, මිච‍්ඡාවායාමො හොති, මිච‍්ඡාසමාධි හොති, විරියබලං හොති, සමාධිබලං හොති, අහිරිකබලං හොති, අනොත‍්තප‍්පබලං හොති, උද‍්ධච‍්චං හොති, මොහො හොති, අහිරිකං හොති, අනොත‍්තප‍්පං හොති, සමථො හොති, පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

යම් කලෙකැ රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂාසහගත වු ඖද්ධත්‍යසම්ප්‍රයුක්ත වූ අකුශලචිත්ත ය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධින්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, මිථ්‍යාසංකල්පය වෙයි, මිථ්‍යාව්‍යායාමය වෙයි, මිථ්‍යාසමාධිය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, සමාධිබලය වෙයි, අහිරිකබලය වෙයි, අනොත්තප්පබලය වෙයි, ඖද්ධත්‍යය වෙයි, මෝහය වෙයි, අහිරිකය වෙයි, අනොත්තප්පය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පත්ත වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

429. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති?

429. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ-

එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ ...

430. කතමං තස‍්මිං සමයෙ උද‍්ධච‍්චං හොති?

430. කවරෙක් එසමයෙහි ඖද්ධත්‍ය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස උද‍්ධච‍්චං අවුපසමො චෙතසො වික‍්ඛෙපො භන‍්තත‍්තං චිත‍්තස‍්ස, ඉදං තස‍්මිං සමයෙ උද‍්ධච‍්චං හොති -පෙ-

එසමයෙහි චිත්තයාගේ ඖද්ධත්‍යයෙක් චිත්තයාගේ අව්‍යුපශමයෙක් වික්‍ෂේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ එසමයෙහි ඖද්ධත්‍ය වේ ...

යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා.

තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, පඤ‍්චින්‍ද්‍රියානි හොන‍්ති, චතුරඞ‍්ගිකං ඣානං හොති, තිවඞ‍්ගිකො මග‍්ගො හොති, චත‍්තාරි බලානි හොන‍්ති, එකො හෙතු හොති, එකො ඵස‍්සො හොති -පෙ- එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අකුසලා -පෙ-

තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, චතුරඞ්ගිකධ්‍යානය වෙයි, තිවඞ්ගික මාර්‍ගය වෙයි, බලයෝ සතර දෙනෙක් වෙති, එක් මැ හේතුයෙක් වෙයි, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද මේ ධර්‍මයෝ අකුශලයෝ යි..

431. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

431. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො චිත‍්තස‍්සෙකග‍්ගතා විරියින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසමාධි විරියබලං සමාධිබලං අහිරිකබලං අනොත‍්තප‍්පබලං උද‍්ධච‍්චං මොහො අහිරිකං අනොත‍්තප‍්පං සමථො පග‍්ගාහො අවික‍්ඛෙපො. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං, අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා.

ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාරය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය මිථ්‍යාසංකල්ප ය මිථ්‍යාව්‍යායාම ය මිථ්‍යාසමාධි ය වීර්‍ය්‍යබල ය සමාධිබල ය අහිරිකබල ය අනොත්තප්පබල ය ඖද්ධත්‍ය ය මෝහ ය අහිරික ය අනොත්තප්ප ය ශමථ ය ප්‍රග්‍රාහ ය අවික්‍ෂේප ය යි. තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පත්ත වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අකුශලයෝ යි.

ද‍්වාදස අකුසල චිත‍්තානි.

දොළොස් අකුසල් සිත්හුයි.