චතුත්ථො මග්ගො
364. කතමෙ ධම්මා කුසලා?
364. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං රූපරාගඅරූපරාගමානඋද්ධච්චඅවිජ්ජාය අනවසෙසප්පහානාය චතුත්ථාය භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපරාග - අරූපරාග - මාන - ඖධත්‍ය - අවිද්‍යාවගේ අනවශේෂප්‍රහාණය පිණිස චතුර්‍ත්‍ථභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකලැ ස්පර්ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
365. කතමං තස්මිං සමයෙ අඤ්ඤින්ද්රියං හොති?
365. කවරෙක් එසමයෙහි අඤ්ඤින්‍ද්‍රිය වෙයි යත්:
යා තස්මිං සමයෙ තෙසං ධම්මානං ඤාතානං දිට්ඨානං පත්තානං විදිතානං සච්ඡිකතානං සච්ඡිකිරියාය පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා කුසලා.
(පළමු මගින්) දන්නා ලද දක්නා ලද අධිගම කරන ලද ප්‍රකට කරන ලද ප්රත්යක්ෂ කරන ලද ඒ ධර්මයන්ගේ ප්රත්යක්ෂ කිරීම පිණිස මාර්ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙන් විචයයෙක් ප්‍රවිචයයෙක් ධර්මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උප පරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකාවක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් ප්‍රතෝදයෙක් ප්‍රඥායෙක් ප්රඥේන්ද්රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා අවභාෂයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එකල්හි අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... තවද එකලැ අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇත් ද, මේ ධර්මයෝ කුශලයෝ යි.
චතුත්ථො මග්ගො
චතුර්මාර්‍ගය යි.
ලොකුත්තරං චිත්තං.
ලෝකෝත්තරචිත්තය යි.