දුතියො මග්ගො
362. කතමෙ ධම්මා කුසලා?
362. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං කාමරාගව්යාපාදානං තනුභාවාය දුතියාය භූමියාය පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ කාමරාගව්‍යාපාදයන්ගේ තුනීබව පිණිස ද්විතීයභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් වූ දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකලැ ස්පර්ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
දුතියො මග්ගො.
ද්විතීයමාර්‍ගය යි.
363. කතමෙ ධම්මා කුසලා?
363. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං කාමරාගව්යාපාදානං අනවසෙසප්පහානාය තතියා භූමියා පත්තියා, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙක කාමරාගව්‍යාපාදයන්ගේ අනවශේෂප්‍රහාණය පිණිස තෘතියභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් වූ දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි ස්පර්ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.