පඨමමග්ගවීසතිමහානයො අට්ඨකථා
පඨමමග්ගවීසතිමහානයො
පඨමමග්ගවීසතිමහානයො
ඉදානි යස්මා ලොකුත්තරකුසලං භාවෙන්තො න කෙවලං උපනිජ්ඣායනට්ඨෙන ඣානංයෙව භාවෙති, නිය්යානට්ඨෙන පන මග්ගම්පි භාවෙති, උපට්ඨානට්ඨෙන සතිපට්ඨානම්පි, පදහනට්ඨෙන සම්මප්පධානම්පි, ඉජ්ඣනට්ඨෙන ඉද්ධිපාදම්පි, අධිපතියට්ඨෙන ඉන්ද්රියම්පි, අකම්පියට්ඨෙන බලම්පි, බුජ්ඣනට්ඨෙන බොජ්ඣඞ්ගම්පි, තථට්ඨෙන සච්චම්පි, අවික්ඛෙපට්ඨෙන සමථම්පි, සුඤ්ඤතට්ඨෙන ධම්මම්පි, රාසට්ඨෙන ඛන්ධම්පි, ආයතනට්ඨෙන ආයතනම්පි, සුඤ්ඤසභාවනිස්සත්තට්ඨෙන ධාතුම්පි, පච්චයට්ඨෙන ආහාරම්පි, ඵුසනට්ඨෙන ඵස්සම්පි, වෙදයිතට්ඨෙන වෙදනම්පි, සඤ්ජානනට්ඨෙන සඤ්ඤම්පි, චෙතයිතට්ඨෙන චෙතනම්පි, විජානනට්ඨෙන චිත්තම්පි භාවෙති, තස්මා එතෙසං එකූනවීසතියා පදානං දස්සනත්ථං පුන කතමෙ ධම්මා කුසලාතිආදි වුත්තං. එවං ‘ඉදම්පි භාවෙති, ඉදම්පි භාවෙතී’ති පුග්ගලජ්ඣාසයෙන චෙව දෙසනාවිලාසෙන ච වීසති නයා දෙසිතා හොන්ති . ධම්මං සොතුං නිසින්නදෙවපරිසාය හි යෙ උපනිජ්ඣායනට්ඨෙන ලොකුත්තරං ‘ඣාන’න්ති කථිතෙ බුජ්ඣන්ති, තෙසං සප්පායවසෙන ඣානන්ති කථිතං…පෙ… යෙ විජානනට්ඨෙන ‘චිත්ත’න්ති වුත්තෙ බුජ්ඣන්ති, තෙසං සප්පායවසෙන චිත්තන්ති කථිතං. අයමෙත්ථ ‘පුග්ගලජ්ඣාසයො’.
දැන් යම්හෙයකින් ලෝකෝත්තර කුශලය භාවනා කරන්නා හුදෙක් නිතර නිතර සිහිකිරීම් වශයෙන් ධ්‍යානයම වඩන්නේ නොවෙයි. සසරින් නික්ම යෑමේ අර්ථයෙන් මාර්ගය ද වඩයි. එළඹ සිටීම් අර්ථයෙන් සතිපට්ඨානය ද උත්සාහ කිරීම් අර්ථයෙන් සම්‍යක්ප්‍රධානය ද, සමෘද්ධවීම් අර්ථයෙන් ඍද්ධිපාදය ද ආධිපත්‍යයෙන් ඉන්ද්රිය ද අකම්ප්‍යාර්ථයෙන් බලය ද, අවබෝධ කිරීම් අර්ථයෙන් බෝධ්යාංගද, තථාර්ථයෙන් සත්‍යය ද, වික්ෂිප්ත නොවීම් අර්ථයෙන් සමථය ද, ශුන්යතාර්ථයෙන් නිස්සත්ථාර්ථයෙන් ධාතු ද, ප්රත්යාර්ථයෙන් ආහාරය ද, ස්පර්ශනාර්ථයෙන් ස්පර්ශය ද, වේදයිතාර්ථයෙන් වේදනාව ද, හැඳිනගැනීම් අර්ථයෙන් සංඥාව ද, චේතයිතාර්ථයෙන් චේතනාවද, විජානනාර්ථයෙන් සිත ද වඩයි. එහෙයින් එකුන්විසි නය දැක්වීම පිණිස නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය දේශනා කරන ලදී. මෙසේ මෙයත් වඩයි. මෙයත් වඩයි යැයි පුද්ගලාධ්‍යාශය වශයෙන් ද දේශනා විලාසයෙන් ද නය විස්සක් දේශනා කරන ලද්දේ වෙයි. බණ ඇසීමට උන් පිරිසෙහි වනාහි යම් අයෙක් උපනිධ්යානාර්ථයෙන් ලෝකෝත්තර ධ්‍යානය යැයි කී කල්හි අවබෝධ කරගනිත් ද? ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් ධ්‍යානය යැයි වදාරන ලදී. -පෙ යමෙක් විජානනාර්ථයෙන් චිත්තයැයි කී කල්හි අවබෝධ කරගනිත් ද? ඔවුන් සත්ප්‍රාය වශයෙන් චිත්තං යැයි වදාරන ලදී. මේ මෙහි පුද්ගල අදහසයි.
සම්මාසම්බුද්ධො පන අත්තනො බුද්ධසුබොධිතාය දසබලචතුවෙසාරජ්ජචතුපටිසම්භිදතාය ඡඅසාධාරණඤාණයොගෙන ච දෙසනං යදිච්ඡකං නියමෙත්වා දස්සෙති. ඉච්ඡන්තො උපනිජ්ඣායනට්ඨෙන ලොකුත්තරං ඣානන්ති දස්සෙති, ඉච්ඡන්තො නිය්යානට්ඨෙන…පෙ… විජානනට්ඨෙන ලොකුත්තරං චිත්තන්ති. අයං ‘දෙසනාවිලාසො’ නාම. තත්ථ යථෙව ලොකුත්තරං ඣානන්ති වුත්තට්ඨානෙ දස නයා විභත්තා, එවං මග්ගාදීසුපි තෙයෙව වෙදිතබ්බා. ඉති වීසතියා ඨානෙසු දස දස කත්වා ද්වෙ නයසතානි විභත්තානි හොන්ති.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි තමන්වහන්සේගේ බුද්ධ සුබෝධිතාවෙන් දශබල චතුර් වෛශරාද්යය චතුප්රතිසම්භිදාතාවෙන් ෂට් අසාධාරණාඥානයෙන් ද දේශනාව යදිච්ඡකව නියමකොට දක්වන සේක. කැමතිවන සේක් ලෝකෝත්තර ධ්‍යානය උපනිධ්යානාර්ථයෙන් යැයි දක්වන සේක. කැමතිවන සේක් සසර දුකින් නික්මීම් අර්ථයෙන් -පෙ- විජානනාර්ථයෙන් ලෝකෝත්තර සිතයැයි දැයි මේ දේශනා විලාස නමි. එහි ලෝකෝත්තර ධ්යානයැයි කී තැන යම්සේ දසනයක් බෙදන ලදද, මෙසේ මාර්ග ආදියෙහි ද ඒ නයම දතයුතුයි. මෙසේ විසිතැනෙක දහය දහය කොට නය දෙසියයක් බෙදන ලද්දේ වෙයි.
ඉදානි අධිපතිභෙදං දස්සෙතුං පුන කතමෙ ධම්මා කුසලාතිආදි ආරද්ධං. තත්ථ ඡන්දං ධුරං ජෙට්ඨකං පුබ්බඞ්ගමං කත්වා නිබ්බත්තිතං ලොකුත්තරං ඣානං ඡන්දාධිපතෙය්යං නාම. සෙසෙසුපි එසෙව නයො. ඉති පුරිමස්මිං සුද්ධිකෙ ද්වෙනයසතානි ඡන්දාධිපතෙය්යාදීසුපි ද්වෙ ද්වෙති නයසහස්සෙන භාජෙත්වා පඨමමග්ගං දස්සෙසි ධම්මරාජා.
දැන් අධිපතිභේදය දක්වන්නට නැවත කතමෙ ධම්මා කුසලා?යි ආදිය පටන්ගන්නා ලදී. එහි ඡන්දය ප්‍රධාන කොට ජ්‍යෙෂ්ඨ කොට පූර්වාංගම කොට උපදවන ලද ලෝකෝත්තර ධ්‍යානය ඡන්දාධිපතෙය්ය නමි. සෙස්සෙහි ද මේ නයමය. මෙසේ ධර්මරාජයන් වහන්සේ පුරිම ශුද්ධිකයෙහි නය දෙසියයකි. ඡන්දාධිපති ආදීන්හි ද දෙක දෙක යැයි නය දහසකින් බෙදා ප්‍රථම මාර්ගය දැක්වූ සේක.
පඨමමග්ගො නිට්ඨිතො.
ප්‍රථම මාර්ගයයි.
දුතියමග්ගො
දුතියමග්ගො
ඉදානි දුතියමග්ගාදීනං දස්සනත්ථං පුන කතමෙ ධම්මා කුසලාතිආදි ආරද්ධං. තත්ථ කාමරාගබ්යාපාදානං තනුභාවායාති එතෙසං කිලෙසානං තනුභාවත්ථාය. තත්ථ ද්වීහි කාරණෙහි තනුභාවො වෙදිතබ්බො – අධිච්චුප්පත්තියා ච පරියුට්ඨානමන්දතාය ච. සකදාගාමිස්ස හි, වට්ටානුසාරිමහාජනස්සෙව, කිලෙසා අභිණ්හං නුප්පජ්ජන්ති, කදාචි කදාචි උප්පජ්ජන්ති; උප්පජ්ජන්තාපි විරළාකාරා හුත්වා උප්පජ්ජන්ති, විරළවාපිතඛෙත්තෙ අඞ්කුරා විය. උප්පජ්ජමානාපි, ච වට්ටානුසාරිමහාජනස්සෙව, මද්දන්තා ඵරන්තා ඡාදෙන්තා අන්ධකාරං කරොන්තා නුප්පජ්ජන්ති. ද්වීහි පන මග්ගෙහි පහීනත්තා මන්දා මන්දා උප්පජ්ජන්ති. තනුකාකාරා හුත්වා උප්පජ්ජන්ති, අබ්භපටලං විය මක්ඛිකාපත්තං විය ච.
දැන් ද්විතීය මාර්ගාදීන් දැක්වීම පිණිස නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහිදී කාමරාග ව්යාපාදානං පතනුභාවාය යනු මේ ක්ලේශයන්ගේ තුනීකිරීම පිණිසය. එහි කරුණු දෙකකින් තුනී බව දතයුතුයි. හේතු රහිතව ඉපදීමෙන් හා නැගී සිටීමේ මන්දතාවෙනි. සකෘදාගාමියාට වනාහි සසර සැරිසරන මහජනයාට මෙන් කෙලෙස් නිතර නූපදී. ඉඳහිට උපදී. (උපදින්නේ ද) විරලාකාරව (උපදී) විරලව වපුරන ලද කෙතෙහි අංකුර මෙනි. උපදිනුයේ ද සසර සැරිසරන මහජනයාට මෙන් මර්දනය කෙරෙමින් පැතිරෙමින් වසමින් අන්ධකාර කරමින් නූපදී. මාර්ග දෙකකින් ප්‍රහීණ වූ හෙයින් මඳ මඳව උපදී. තුනී ආකාරයෙන් (උපදී) වලාපටලයක්මැසි පිහාටුවක් ද මෙනි.
තත්ථ කෙචි ථෙරා වදන්ති – ‘සකදාගාමිස්ස කිලෙසා කිඤ්චාපි චිරෙන උප්පජ්ජන්ති, බහලාව පන හුත්වා උප්පජ්ජන්ති, තථා හිස්ස පුත්තා ච ධීතරො ච දිස්සන්තී’ති. එතං පන අප්පමාණං. පුත්තධීතරො හි අඞ්ගපච්චඞ්ගපරාමසනමත්තෙනපි හොන්ති. ද්වීහි පන මග්ගෙහි පහීනත්තා නත්ථි කිලෙසානං බහලතාති. ද්වීහි එව කාරණෙහිස්ස කිලෙසානං තනුභාවො වෙදිතබ්බො – අධිච්චුප්පත්තියා ච පරියුට්ඨානමන්දතාය චාති.
එහිදී ඇතැම් තෙරවරු මෙසේ කියත්. සකෘදාගාමියාට බොහෝ කලකින් කෙලෙස් උපන්නත් බහලවම උපදී. එසේම ඔහුට දූපුත්තු ද පෙනෙත් යනුයි. මෙය වනාහි අප්‍රමාණය. දූපුත්තු වනාහි අඟපසඟ පිරිමැදීම් මාත්‍ර ද මෙනි. මාර්ග දෙකින් ප්‍රහීණ වූ හෙයින් කෙලෙසුන්ගේ බහලතාවක් නැත. හේතු රහිත උත්පත්තිය හා නැගිටීමේ වන්දනාව යන කරුණු දෙකින්ම කෙලෙසුන්ගේ තුනී බව දතයුතුයි.
දුතියායාති ගණනවසෙනාපි දුතියුප්පත්තිවසෙනාපි දුතියාය. භූමියා පත්තියාති සාමඤ්ඤඵලස්ස පටිලාභත්ථාය. තතියචතුත්ථෙසුපි එසෙව නයො. විසෙසමත්තංයෙව පන වක්ඛාම.
දුතියාය යනු ගණන වශයෙන් ද දෙවන උත්පත්තිය වශයෙන් ද දුතියාය ය. භූමියා පත්තියා යනු මාර්ගඵල ප්‍රතිලාභය පිණිසය. තෘතීය චතුර්ථයන්හිද මේ නයමය. විශේෂ මාත්‍රයක් පමණක් කියමි.
අඤ්ඤින්ද්රියන්ති ආජානනකං ඉන්ද්රියං. පඨමමග්ගෙන ඤාතමරියාදං අනතික්කමිත්වා තෙසංයෙව තෙන මග්ගෙන ඤාතානං චතුසච්චධම්මානං ජානනකං ඉන්ද්රියන්ති වුත්තං හොති. නිද්දෙසවාරෙපිස්ස ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. කොට්ඨාසවාරෙපි ඉමිනාව සද්ධිං නවින්ද්රියානි හොන්ති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
අඤ්ඤින්ද්රියං යනු දන්නා ඉන්ද්‍රියයි. ප්‍රථම මාර්ගයෙන් අවබෝධ කරගත් සීමාව නො ඉක්මවා ඔවුන්ගේ ඒ මාර්ගයෙන්ම අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය දක්වා ඉන්ද්රිය යැයි කියන ලද්දේ වෙයි. මෙහි නිර්දේශ වාරයෙහි ද මේ නයින්ම අර්ථය දතයුතුයි. කොට්ඨාස වාරයෙහි ද මෙය සමග ඉන්ද්රියයෝ නවදෙනෙක් වෙත්. සෙස්ස පළමු නයින්ම දතයුතුයි.
දුතියමග්ගො නිට්ඨිතො.
දෙවන මාර්ගය නිමියේ ය.
තතියචතුත්ථමග්ගා
තතියචතුත්ථමග්ගා
තතියෙ අනවසෙසප්පහානායාති තෙසංයෙව සකදාගාමිමග්ගෙන තනුභූතානං සංයොජනානං නිස්සෙසපජහනත්ථාය.
තුන්වැන්නෙහි අනවස්සෙප්පහාණාය යනු සකෘදාගාමි මාර්ගයෙන් තුනී වූ ඒ සංයෝජනයන්ගේම නිරවශේෂ ප්රහාණය පිණිස,
චතුත්ථෙ රූපරාගඅරූපරාගමානඋද්ධච්චඅවිජ්ජාය අනවසෙසප්පහානායාති එතෙසං පඤ්චන්නං උද්ධම්භාගියසංයොජනානං නිස්සෙසපජහනත්ථාය. තත්ථ රූපරාගොති රූපභවෙ ඡන්දරාගො. අරූපරාගොති අරූපභවෙ ඡන්දරාගො. මානොති අරහත්තමග්ගවජ්ඣකො මානො එව. තථා උද්ධච්චාවිජ්ජා. ඉමෙසුපි ද්වීසු මග්ගෙසු නවමං අඤ්ඤින්ද්රියමෙව හොති.
සතරවැන්නෙහි රූපරාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජාය අනවසෙස පහාණාය යනු මේ පස්වැදෑරුම් උද්ධම්භාගීය සංයෝජනයන්ගේ නිරවශේෂ ප්රහාණය පිණිස, එහි රූපරාගො යනු රූපභවයෙහි ඡන්දරාගයයි. අරූපරාගො යනු අරූප භවයෙහි ඡන්දරාගයයි. මානො යනු අර්හත් මාර්ගයෙන් නැසිය යුතු මානයමය. උද්ධච්චාවිජ්ජා ද එසේය. මේ මාර්ග දෙකෙහි නවවැන්න අඤ්ඤින්ද්රියම වෙයි.