ලොකුත්තරකුසලවණ්ණනා අට්ඨකථා
ලොකුත්තරකුසලවණ්ණනා
එවං භවත්තයසම්පත්තිනිබ්බත්තකං කුසලං දස්සෙත්වා ඉදානි සබ්බභවසමතික්කමනාය ලොකුත්තරකුසලං දස්සෙතුං පුන කතමෙ ධම්මා කුසලාතිආදි ආරද්ධං. තත්ථ ලොකුත්තරන්ති කෙනට්ඨෙන ලොකුත්තරං? ලොකං තරතීති, ලොකුත්තරං ලොකං උත්තරතීති ලොකුත්තරං; ලොකං සමතික්කම්ම අභිභුය්ය තිට්ඨතීති ලොකුත්තරං (පටි· ම· 2.43). ඣානං භාවෙතීති එකචිත්තක්ඛණිකං අප්පනාඣානං භාවෙති ජනෙති වඩ්ඪෙති.
මෙසේ භවත්‍රය පිළිබඳ සම්පත් නිපදවන කුසල් දක්වා දැන් සියලු භවයන් ඉක්මවීම පිණිස ලෝකෝත්තර කුසල් දැක්වීමට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන් ගන්නා ලදී. එහි ලොකුත්තරං යනු කවර අර්ථයකින් ලෝකුත්තර ද, ලෝකය තරණය කරයි යනු = ලොකුත්තරය, ලෝකය එතර කරයි යනු = ලොකුත්තරය, ලෝකය සමතික්‍රමණය කොට මැඩගෙන සිටීනුයි = ලොකුත්තරය, ධ්‍යානය වඩයි යනුදු ඒකචිත්ත ක්ෂණික අර්පණාධ්‍යානය (වඩයි) උපදවයි. වර්ධනය කරයි.
ලොකතො නිය්යාති වට්ටතො නිය්යාතීති නිය්යානිකං. නිය්යාති වා එතෙනාති නිය්යානිකං. තංසමඞ්ගී හි පුග්ගලො දුක්ඛං පරිජානන්තො නිය්යාති, සමුදයං පජහන්තො නිය්යාති, නිරොධං සච්ඡිකරොන්තො නිය්යාති, මග්ගං භාවෙන්තො නිය්යාති. යථා ච පන තෙභූමකකුසලං වට්ටස්මිං චුතිපටිසන්ධියො ආචිනාති වඩ්ඪෙතීති ආචයගාමී නාම හොති, න තථා ඉදං. ඉදං පන යථා එකස්මිං පුරිසෙ අට්ඨාරසහත්ථං පාකාරං චිනන්තෙ අපරො මහාමුග්ගරං ගහෙත්වා තෙන චිතචිතට්ඨානං අපචිනන්තො විද්ධංසෙන්තො එව ගච්ඡෙය්ය, එවමෙව තෙභූමකකුසලෙන චිතා චුතිපටිසන්ධියො පච්චයවෙකල්ලකරණෙන අපචිනන්තං විද්ධංසෙන්තං ගච්ඡතීති අපචයගාමි.
ලොවින් නික්මයයි. වෘත්තයෙන් නික්මයයි යනු = නිය්යානිකය, මෙයින් නික්මවනු ලබයි හෝ = නිය්යානිකය, එයින් යුත් පුද්ගලයා වනාහි දුක විශේෂයෙන් දන්නේ නික්මෙයි, සමුදය දුරුකෙරෙමින් නික්මෙයි, නිරෝධය සාක්ෂාත් කෙරෙමින් නික්මෙයි. මාර්ගය වඩමින් නික්මෙයි. යම්සේ වනාහි ත්‍රෛභූමක කුශලය සසර චුති ප්රතිසන්ධීන් රැස්කෙරෙයි. වඩයි යනු = ආචයගාමී නම් වෙයි. මෙය එසේ නොවේ. මෙය වනාහි යම්සේ ආචයගාමී නම් වෙයි. මෙය එසේ නොවේ. මෙය වනාහි යම්සේ එක් පුරුෂයකු අටළොස් රියන් පවුරක් ගොඩනගද්දී අනෙකක් මහ මුගුරක් ගෙන ඔහු විසින් ගොඩනැගූ ගොඩනැගූ තැන් බිඳ දමමින් විනාශ කෙරෙමින්ම යෙයි ද, මෙපරිද්දෙන් ත්‍රෛභූමක කුශලය විසින් රැස්කරන ලද චුති ප්රතිසන්ධීන් ප්‍රත්‍යය විකල කිරීමෙන් විසුරුවමින් විනාශ කරමින් යයි යනු අපචය ගාමීය,
දිට්ඨිගතානං පහානායාති, එත්ථ දිට්ඨියො එව දිට්ඨිගතානි, ගූථගතං මුත්තගතන්තිආදීනි (අ· නි· 9.11) විය. ද්වාසට්ඨියා වා දිට්ඨීනං අන්තොගධත්තා දිට්ඨීසු ගතානීතිපි දිට්ඨිගතානි. දිට්ඨියා වා ගතං එතෙසන්තිපි දිට්ඨිගතානි. දිට්ඨිසදිසගමනානි දිට්ඨිසදිසප්පවත්තානීති අත්ථො. කානි පන තානීති? සසම්පයුත්තානි සක්කායදිට්ඨිවිචිකිච්ඡාසීලබ්බතපරාමාසඅපායගමනීයරාගදොසමොහාකුසලානි. තානි හි යාව පඨමමග්ගභාවනා තාව පවත්තිසබ්භාවතො දිට්ඨිසදිසගමනානීති වුච්චන්ති. ඉති දිට්ඨියො ච දිට්ඨිගතානි ච දිට්ඨිගතානි. තෙසං දිට්ඨිගතානං. පහානායාති සමුච්ඡෙදවසෙනෙව පජහනත්ථාය. පඨමායාති ගණනවසෙනපි පඨමුප්පත්තිවසෙනපි පඨමාය. භූමියාති “අනන්තරහිතාය භූමියා”තිආදීසු (පාරා· 27; ම· නි· 2.296) තාව අයං මහාපථවී භූමීති වුච්චති. “සුඛභූමියං කාමාවචරෙ”තිආදීසු (ධ· ස· 988) චිත්තුප්පාදො. ඉධ පන සාමඤ්ඤඵලං අධිප්පෙතං. තඤ්හි සම්පයුත්තානං නිස්සයභාවතො තෙ ධම්මා භවන්ති එත්ථාති භූමි. යස්මා වා සමානෙපි ලොකුත්තරභාවෙ සයම්පි භවති උප්පජ්ජති, න නිබ්බානං විය අපාතුභාවං, තස්මාපි භූමීති වුච්චති; තස්සා පඨමාය භූමියා. පත්තියාති සොතාපත්තිඵලසඞ්ඛාතස්ස පඨමස්ස සාමඤ්ඤඵලස්ස පත්තත්ථාය පටිලාභත්ථායාති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. විවිච්චාති සමුච්ඡෙදවිවෙකවසෙන විවිච්චිත්වා, විනා හුත්වා.
දිට්ඨිගතානං පහාණාය යන මෙහි දෘෂ්ටීහුම = දිට්ඨිගතයෝ ය. ගුථගතං මුපාගතං යන ආදිය මෙනි, දෙසැට දෘෂ්ටියෙහි හෝ දෘෂ්ටීන්ට හෝ ඇතුළත් හෙයින් දෘෂ්ටීන්හි ගියාහු යනුදු = දිට්ඨිගතාන්වය, දෘෂ්ටිසමාන ගමන් ඇත්තාහ. දෘෂ්ටීන් සමාන පැවතුම් ඇත්තාහ යන අර්ථයි. ඒකවරහු ද? සසම්ප්‍රයුක්ත වූ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස අපායගාමිනිය වූ රාග දෝස, මෝහ යන අකුසලයෝ ය, ඔවුහු වනාහි ප්‍රථම මාර්ග භාවනාව තෙක් පැවැත්ම සම්භාවිත හෙයින් දෘෂ්ටිසමාන පැවැත්ම ඇත්තාහයි කියනු ලබත්. මෙසේ දෘෂ්ටීහු ද දෘෂ්ටිගතයෝ ද = දිට්ඨිගතයෝ ය. ඔවුන්ගේ දිට්ඨිගතානං, පහාණාය යනු සිඳදැමීම් වශයෙන්ම දුරුකිරීම පිණිස ය. පඨමාය යනු ගණන වශයෙන් ද ප්‍රථම උත්පත්ති වශයෙන් ද ප්‍රථම වූ, භූමියා යනු ‘අනන්තර හිතාය භූමියා’ යන ආදීන්හි වනාහි මේ මහපොළොව භූමි යැයි කියනු ලැබේ. ‘සුඛභූමියං කාමාවචරෙ’ යන ආදීන්හි චිත්තොත්පාදයයි. මෙහි වනාහි ශ්‍රාමාණ්‍ය ඵලය අභිප්‍රේතයි. එය වනාහි සම්ප්‍රයුක්තයන්ට නිශ්‍රය බැවින් ඒ ධර්මයෝ මෙහි වෙත් යනු = භූමි ය. යම්හෙයකින් හෝ සමාන වූ ලෝකෝත්තර භාවයන් ඇති කල්හි තෙමේ ද උපදී. නිවන මෙන් පහළ නොවීමක් නොවේ. එහෙයින් ද භූමි යැයි කියනු ලැබේ. ඒ ප්‍රථම භූමියෙහි, පත්තියා යනු ශ්රෝතාපත්තිඵලසංඛ්යාත වූ ප්‍රථම ශ්රාමාණ්යඵලයට පැමිණීම පිණිස ප්‍රතිලාභය පිණිස යැයි මෙසේ මෙහි අර්ථය දතයුතුයි. විවිච්ච යනු සිඳදැමීම් වශයෙන් වන විවේකයෙන් විවේකයට පැමිණ වෙන්ව,
ඉදානි කිඤ්චාපි ලොකියජ්ඣානම්පි න විනා පටිපදාය ඉජ්ඣති, එවං සන්තෙපි ඉධ සුද්ධිකනයං පහාය ලොකුත්තරජ්ඣානං පටිපදාය සද්ධිංයෙව ගරුං කත්වා දෙසෙතුකාමතාය දුක්ඛපටිපදං දන්ධාභිඤ්ඤන්තිආදිමාහ.
දැන් යම්හෙයකින් ලෞකික ධ්‍යානය ද ප්‍රතිපදාවෙන් තොරව සිද්ධ නොවේ නම්, එසේ ඇතිකල්හි ද මෙහිදී ශුද්ධික නය හැර ප්‍රතිපදාව සහිතවම ලෝකෝත්තර ධ්‍යානය ගරුකොට දේශනා කරනු කැමැත්තෙන් දුක්ඛාපටිපදං දන්ධභිඤ්ඤං යන ආදිය වදාළහ.
තත්ථ යො ආදිතොව කිලෙසෙ වික්ඛම්භෙන්තො දුක්ඛෙන සසඞ්ඛාරෙන සප්පයොගෙන කිලමන්තො වික්ඛම්භෙති තස්ස දුක්ඛා පටිපදා හොති; යො පන වික්ඛම්භිත කිලෙසො විපස්සනාපරිවාසං වසන්තො චිරෙන මග්ගපාතුභාවං පාපුණාති තස්ස දන්ධාභිඤ්ඤා හොති. ඉති යො කොචි වාරො දුක්ඛපටිපදදන්ධාභිඤ්ඤො නාම කතො.
එහිදී යමෙක් මුලපටන්ම ක්ලේශයන් විෂ්කම්භනය කරමින් දුකින් සසංඛාරිකව ප්‍රයෝග සහිතව වෙහෙසෙනුයේ විෂ්කම්භනය කෙරේද, ඔහුට දුක්ඛාපටිපදා (වෙයි), විෂ්කම්භනය කරන ලද කෙලෙස් ඇති යමෙක් වනාහි විදර්ශනා පරිවාස වසනුයේ බොහෝ කලෙකින් මාර්ග පහළවීමට පත්වේද, ඔහුට දන්ධාභිඤ්ඤා වෙයි. මෙසේ කිසියම් වාරයක් දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා යැයි නම් කරන ලදී.
කතමං පන වාරං රොචෙසුන්ති? යත්ථ සකිං වික්ඛම්භිතා කිලෙසා සමුදාචරිත්වා දුතියම්පි වික්ඛම්භිතා පුන සමුදාචරන්ති, තතියං වික්ඛම්භිතෙ පන තථාවික්ඛම්භිතෙව කත්වා මග්ගෙන සමුග්ඝාතං පාපෙති, ඉමං වාරං රොචෙසුං. ඉමස්ස වාරස්ස දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤාති නාමං කතං. එත්තකෙන පන න පාකටං හොති. තස්මා එවමෙත්ථ ආදිතො පට්ඨාය විභාවනා වෙදිතබ්බා – යො හි චත්තාරි මහාභූතානි පරිග්ගහෙත්වා උපාදාරූපං පරිග්ගණ්හාති, අරූපං පරිග්ගණ්හාති, ‘රූපාරූපං’ පන පරිග්ගණ්හන්තො දුක්ඛෙන කසිරෙන කිලමන්තො පරිග්ගහෙතුං සක්කොති, තස්ස දුක්ඛා පටිපදා නාම හොති. පරිග්ගහිතරූපාරූපස්ස පන විපස්සනාපරිවාසෙ මග්ගපාතුභාවදන්ධතාය දන්ධාභිඤ්ඤා නාම හොති.
කවර නම් වාරයක් රුචි කරත් ද, යම්තැනක වරක් විෂ්කම්භනය කරන ලද ක්ලේශයෝ හැසිරෙත් ද, දෙවන වරද විෂ්කම්භනය කරන ලදුව නැවතත් හැසිරෙත් ද, තුන්වෙනු විෂ්කම්භනය කරන ලදුව වනාහි එසේ විෂ්කම්භනය කෙළේම කොට මාර්ගයෙන් වැනසීමට පැමිණෙයි. මේ වාරය රුචි කළහ. මේ වාරයට දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා යැයි නම් කරන ලදී. මෙපමණකින් වනාහි ප්‍රකට නොවේ. එහෙයින් මෙහිදී මෙසේ මුලපටන් විස්තරය දතයුතුයි. යමෙක් වනාහි සතර මහා භූතයන් පරීක්ෂා කොට උපාදා රූපය පරීක්ෂා කරයි, අරූපය පරීක්ෂා කරයි, රූපාරූපයන් පරීක්ෂා කරනුයේ වනාහි දුකින් කරදරයෙන් වෙහෙස වෙමින් (පරීක්ෂා කරන්නට හැකි වෙයි. ඔහුට දුක්ඛා පටිපදා නම් වෙයි. පරිග්‍රහණය කරන ලද රූපාරූපයන් පිළිබඳ විදර්ශනා පරිවාසයෙහි මාර්ගය පහළවීමේ දන්ධතාවෙන් දන්ධාභිඤ්ඤා නම් වෙයි.
යොපි රූපාරූපං පරිග්ගහෙත්වා ‘නාමරූපං’ වවත්ථපෙන්තො දුක්ඛෙන කසිරෙන කිලමන්තො වවත්ථපෙති, වවත්ථාපිතෙ ච නාමරූපෙ විපස්සනාපරිවාසං වසන්තො චිරෙන මග්ගං උප්පාදෙතුං සක්කොති, තස්සාපි දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා නාම හොති.
යමෙක් රූපාරූපයන් පරිග්‍රහණය කොට නාමරූපයන් ව්‍යවස්ථාපනය කරනුයේ දුකින් කරදරයෙන් වෙහෙසෙමින්) ව්‍යවස්ථාපනය කරයි. නාමරූපයන් ව්‍යවස්ථාපනය කළ කල්හි ද විදර්ශනා පරිවාස කරනුයේ දීර්ඝ කාලයකින් මාර්ගය උපදවන්නට හැකිවෙයි. ඔහුට ද දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා වෙයි.
අපරො නාමරූපම්පි වවත්ථපෙත්වා ‘පච්චයෙ’ පරිග්ගණ්හන්තො දුක්ඛෙන කසිරෙන කිලමන්තො පරිග්ගණ්හාති, පච්චයෙ ච පරිග්ගහෙත්වා විපස්සනාපරිවාසං වසන්තො චිරෙන මග්ගං උප්පාදෙති, එවම්පි දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා නාම හොති.
තවෙකෙක් නාමරූපයන් ද ව්‍යවස්ථාපනය කොට ප්‍රත්‍යයන් පරිග්‍රහණය කරනුයේ දුකින් කරදරයෙන් වෙහෙසෙමින් පරිග්‍රහණය කරයි. ප්‍රත්‍යයන් ද පරිග්‍රහණය කොට විදර්ශනා පරිවාසයෙහි වෙසෙනුයේ දීර්ඝ කාලයකින් මාර්ගය උපදවයි. මෙසේ ද දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා නම් වෙයි.
අපරො පච්චයෙපි පරිග්ගහෙත්වා ‘ලක්ඛණානි’ පටිවිජ්ඣන්තො දුක්ඛෙන කසිරෙන කිලමන්තො පටිවිජ්ඣති, පටිවිද්ධලක්ඛණො ච විපස්සනාපරිවාසං වසන්තො චිරෙන මග්ගං උප්පාදෙති, එවම්පි දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා නාම හොති.
තවෙකෙක් ප්‍රත්‍යයන් ද පරිග්‍රහණය කොට ලක්ෂණයන් ප්‍රතිවේධ කරමින් දුකින් කරදරයෙන් වෙහෙසෙනුයේ ප්‍රතිවේධ කරයි. ප්‍රතිවේධ කරන ලද ලක්ෂණ ඇත්තේ ද විදර්ශනා පරිවාස වෙසෙනුයේ දීර්ඝ කාලයකින් මාර්ගය උපදවයි. මෙසේ ද දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා නම් වෙයි.
අපරො ලක්ඛණානිපි පටිවිජ්ඣිත්වා විපස්සනාඤාණෙ තික්ඛෙ සූරෙ පසන්නෙ වහන්තෙ උප්පන්නං ‘විපස්සනානිකන්තිං’ පරියාදියමානො දුක්ඛෙන කසිරෙන කිලමන්තො පරියාදියති, නිකන්තිඤ්ච පරියාදියිත්වා විපස්සනාපරිවාසං වසන්තො චිරෙන මග්ගං උප්පාදෙති, එවම්පි දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා නාම හොති. ඉමං වාරං රොචෙසුං. ඉමස්ස වාරස්ස එතං නාමං කතං. ඉමිනාව උපායෙන පරතො තිස්සො පටිපදා වෙදිතබ්බා.
තවෙකෙක් ලක්ෂණයන් ද ප්‍රතිවේධ කොට විදර්ශනා ඥානය තියුණුව ශුරව ප්‍රසන්නව උසුලද්දී උපන් විදර්ශනාව පිළිබඳ දැඩි ආශාව හාත්පසින් මඩිමින් දුකින් කරදරයෙන් වෙහෙසෙමින් මැඩලයි. තෘෂ්ණාව ද මැඩලා විදර්ශන පරිවාසය වසනුයේ බොහෝ කලෙකින් මාර්ගය උපදවයි. මෙසේද දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා නම් වෙයි. මේ වාරය රුචි කළහ. මේ වාරයට මේ නම කරන ලදී. මේ උපායෙන් ද පර වශයෙන් ප්‍රතිපදා තුනක් දතයුතුයි.
ඵස්සො හොතීතිආදීසු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවොති චත්තාරි පදානි අධිකානි. නිද්දෙසවාරෙ ච විතක්කාදිනිද්දෙසෙසු ‘මග්ගඞ්ග’න්තිආදීනි පදානි අධිකානි. සෙසං සබ්බං හෙට්ඨා වුත්තසදිසමෙව. භූමන්තරවසෙන පන ලොකුත්තරතාව ඉධ විසෙසො.
ඵස්සොහොති යන ආදීන්හි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන පද සතර අධිකය, නිර්දේශ වාරයෙහි ද විතර්කාදී නිර්දේශයන්හි මග්ගංග යන ආදී පද ද අධිකය. සෙසු සියල්ල යට කියන ලද්ද සමානමය. භූම්යන්තර වශයෙන් වනාහි ලෝකෝත්තරතාවම මෙහි විශේෂයි.
තත්ථ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති ‘අනමතග්ගෙ සංසාරවට්ටෙ අනඤ්ඤාතං අමතං පදං චතුසච්චධම්මමෙව වා ජානිස්සාමී’ති පටිපන්නස්ස ඉමිනා පුබ්බාභොගෙන උප්පන්නං ඉන්ද්රියං. ලක්ඛණාදීනි පනස්ස හෙට්ඨා පඤ්ඤින්ද්රියෙ වුත්තනයෙනෙව වෙදිතබ්බානි.
එහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියං යන අනමතාග්ර සංසාර වෘත්තයෙහි නොදත් අමෘත පදය, චතුරාර්ය සත්‍ය ධර්මයම දැනගන්නෙමියි පිළිපන්නහුට මේ පූර්ව සිතා බැලීමෙන් උපන් ඉන්ද්‍රියයි. මෙහි ලක්ෂණාදිය වනාහි යට ප්රඥෙන්ද්රියයෙහි කියන ලද නයින්ම දතයුතුයි.
සුන්දරා පසත්ථා වා වාචා සම්මාවාචා. වචීදුච්චරිතසමුග්ඝාටිකාය මිච්ඡාවාචාවිරතියා එතං අධිවචනං. සා පරිග්ගහලක්ඛණා විරමණරසා මිච්ඡාවාචප්පහානපච්චුපට්ඨානා. සුන්දරො පසත්ථො වා කම්මන්තො සම්මාකම්මන්තො. මිච්ඡාකම්මන්තසමුච්ඡෙදිකාය පාණාතිපාතාදිවිරතියා එතං නාමං. සො සමුට්ඨානලක්ඛණො විරමණරසො මිච්ඡාකම්මන්තප්පහානපච්චුපට්ඨානො. සුන්දරො පසත්ථො වා ආජීවො සම්මාආජීවො. මිච්ඡාජීවවිරතියා එතං අධිවචනං. සො වොදානලක්ඛණො ඤායාජීවප්පවත්තිරසො මිච්ඡාජීවප්පහානපච්චුපට්ඨානො.
සුන්දර වූ හෝ ප්රශස්ත වූ වාචාව = සම්මා වාචාය, වාග් දුශ්චරිතය උපුටා දැමූ මිථ්‍යා වාචා විරතියට මේ නමකි. එය විමසීම ලක්‍ෂණකොට ඇත්තේ ය. වෙන්වීම රසය කොට ඇත්තේ ය. මිථ්‍යාවාචා ප්රහාණය එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. සුන්දර වූ හෝ ප්රශස්ත වූ කර්මාන්තය = සම්මා කම්මන්තය, මිථ්‍යා කර්මාන්ත සමුච්ඡේදක වූ ප්රාණඝාතාදීන්ගෙන් වෙන්වීමට මේ නමකි. එය නැගීසිටීම ලක්ෂණ කොට ඇත්තේ ය. වෙන්වීම රසයකොට ඇත්තේ ය. මිථ්‍යා කර්මාන්ත ප්රහාණය එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. මිථ්‍යා කර්මාන්ත ප්රහාණය එළඹසිටි කාරණය කොට ඇත්තේ ය. සුන්දර වූ හෝ ප්රශස්ත වූ ආජීවය = සම්මා ආජීවයයි. මිථ්‍යා ආජීවයෙන් වෙන්වීමට මේ නමකි. එය පිරිසිදු බව ලක්‍ෂණකොට ඇත්තේය. න්යයාජීව ප්‍රවෘත්තිය රසයකොට ඇත්තේය. මිථ්‍යාජීව ප්රහාණය එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය.
අපිච හෙට්ඨා විරතිත්තයෙ වුත්තවසෙනපෙත්ථ ලක්ඛණාදීනි වෙදිතබ්බානි. ඉති ඉමෙසං තිණ්ණං ධම්මානං වසෙන හෙට්ඨා වුත්තං මග්ගපඤ්චකං ඉධ මග්ගට්ඨකං වෙදිතබ්බං. යෙවාපනකෙසු ච ඉමෙසං අභාවො. තථා කරුණාමුදිතානං. ඉමෙ හි තයො ධම්මා ඉධ පාළියං ආගතත්තාව යෙවාපනකෙසු න ගහිතා. කරුණාමුදිතා පන සත්තාරම්මණා, ඉමෙ ධම්මා නිබ්බානාරම්මණාති තාපෙත්ථ න ගහිතා. අයං තාව උද්දෙසවාරෙ විසෙසත්ථො.
තවද යට චිරතින්ද්රයෙහි කී පරිදි මෙහි ලක්ෂණාදිය දතයුතුයි. මෙසේ මේ ධර්මත්රයේ වශයෙන් යට කියන ලද මාර්ග පංචකය ද මෙහි මාර්ග අෂ්ටකය ද දතයුතුයි. යේවාපනකයන්හි ද මොවුන්ගේ අභාවය වෙයි. කරුණා මුදිතාවන් පිළිබඳව ද එසේමය. මේ ධර්ම තුන වනාහි පාළියෙහි ආ හෙයින් ද යේවාපනකයන්හි නොගන්නා ලදී. කරුණා මුදිතා දෙක වනාහි සත්වාරම්මණය, මේ ධර්මයෝ නිර්වාණය අරමුණුකොට ඇත්තාහයි ඒ ධර්මයෝ ද මෙහිදී නො ගන්නා ලදහ. මේ වනාහි උද්දේස වාරයෙහි විශේෂාර්ථයයි.
නිද්දෙසවාරෙ පන මග්ගඞ්ගං මග්ගපරියාපන්නන්ති එත්ථ තාව මග්ගස්ස අඞ්ගන්ති මග්ගඞ්ගං; මග්ගකොට්ඨාසොති අත්ථො. යථා පන අරඤ්ඤෙ පරියාපන්නං අරඤ්ඤපරියාපන්නං නාම හොති, එවං මග්ගෙ පරියාපන්නන්ති මග්ගපරියාපන්නං. මග්ගසන්නිස්සිතන්ති අත්ථො.
නිද්දේසවාරයෙහි වනාහි මග්ගඞගං මග්ගපරියාපන්නං යන මෙහි වනාහි මාර්ගයාගේ අංගය යනු = මග්ගඞගයයි. මාර්ග කොට්ඨාශය යනු අර්ථයයි. යම්සේ වනාහි ආරණ්‍යයට ඇතුළු වූයේ අරඤ්ඤ පරියාපන්න නම් වේද, මෙසේ මෙසේ මාර්ගයෙහි ඇතුළත්ය යනු = මග්ග පරියාපන්නය, මාර්ගය ඇසුරු කළේ යනු අර්ථයයි.
පීතිසම්බොජ්ඣඞ්ගොති එත්ථ පීති එව සම්බොජ්ඣඞ්ගොති පීතිසම්බොජ්ඣඞ්ගො. තත්ථ බොධියා බොධිස්ස වා අඞ්ගොති බොජ්ඣඞ්ගො. ඉදං වුත්තං හොති – යා අයං ධම්මසාමග්ගී යාය ලොකුත්තරමග්ගක්ඛණෙ උප්පජ්ජමානාය ලීනුද්ධච්චපතිට්ඨානායූහනකාමසුඛත්තකිලමථානුයොගඋච්ඡෙදසස්සතාභිනිවෙසාදීනං අනෙකෙසං උපද්දවානං පටිපක්ඛභූතාය සතිධම්මවිචයවීරියපීතිපස්සද්ධිසමාධිඋපෙක්ඛාසඞ්ඛාතාය ධම්මසාමග්ගියා අරියසාවකො බුජ්ඣතීති කත්වා බොධීති වුච්චති. බුජ්ඣතීති කිලෙසසන්තානනිද්දාය උට්ඨහති, චත්තාරි වා අරියසච්චානි පටිවිජ්ඣති, නිබ්බානමෙව වා සච්ඡිකරොති. තස්සා ධම්මසාමග්ගීසඞ්ඛාතාය බොධියා අඞ්ගොතිපි බොජ්ඣඞ්ගො, ඣානඞ්ගමග්ගඞ්ගාදීනි විය. යොපෙස යථාවුත්තප්පකාරාය එතාය ධම්මසාමග්ගියා බුජ්ඣතීති කත්වා අරියසාවකො බොධීති වුච්චති, තස්ස බොධිස්ස අඞ්ගොතිපි බොජ්ඣඞ්ගො; සෙනඞ්ගරථඞ්ගාදයො විය. තෙනාහු අට්ඨකථාචරියා – “බුජ්ඣනකස්ස පුග්ගලස්ස අඞ්ගාති වා බොජ්ඣඞ්ගා”ති (විභ· අට්ඨ· 466; සං· නි· අට්ඨ· 3.5.182).
පීති සම්බොජ්ඣංගො යන මෙහි ප්‍රීතියම සම්බොජ්ඣංගය වූයේ = පීති සම්බොජ්ඣංගයයි. මෙහි බෝධියෙහි හෝ බෝධියගේ අංගය යනු බොජ්ඣංගයයි. මෙය කියන ලද්දේ වෙයි. යම් මේ යම් සාමග්‍රියක් වේද එහි ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි උපදනා ථිනමිද්ධ උද්ධච්චයන්ගේ පිහිටීම රැස්කිරීම සාමසුඛය අත්තකිලමථානුයෝග උච්ඡේද ශාස්වත දෘෂ්ටීන්ගේ ඇතුළුවීම ආදී වූ නොයෙක් උපද්‍රවයන්ට ප්රතිපක්ෂ වූ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපෙක්ඛා සංඛ්‍යාත වූ ධර්ම සාමග්‍රියෙන් ආර්යශ්‍රාවක තෙමේ අවබෝධ කරගනී යැයි (අදහස්) කොට බෝධි යැයි කියනු ලැබේ. බුජ්ඣති යනු කෙලෙස් සිතුවිලි නින්දෙන් නැගිටියි. සතර ආර්ය සත්‍යයන් හෝ ප්‍රතිවේධ කරයි. නිවනම හෝ ප්රත්යක්ෂ කරයි. එහෙයින් ධර්මසාමග්රී සංඛ්‍යාත බෝධියගේ අංගයයි යනු ද = බොජ්ඣංගය, ධ්‍යානාංග මාර්ගාංගාදිය මෙනි. යම් මේ ආර්ය ශ්‍රාවකයෙක් කියන ලද ආකාර ඇති මේ ධර්මසාමග්රියෙන් අවබෝධ කරගනී යැයි (අදහස්) කොට ආර්ය ශ්රාවකයා ද බෝධිය යැයි කියනු ලැබේ. ඒ බෝධිහුගේ අංග යනු ද = බොජ්ඣංගය, සේනාංග රථ ආදිය මෙනි. එහෙයින් අර්ථකථාචාර්යවරු මෙසේ කීහ. ‘අවබෝධ කරගන්නා වූ පුද්ගලයාගේ අංගයෝ යනු හෝ = බොජ්ඣංගයෝ ය’ යනුයි.
අපිච “බොජ්ඣඞ්ගාති කෙනට්ඨෙන බොජ්ඣඞ්ගා? බොධාය සංවත්තන්තීති බොජ්ඣඞ්ගා, බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනුබුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පටිබුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සම්බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා”ති (පටි· ම· 2.17) ඉමිනා පටිසම්භිදානයෙනාපි බොජ්ඣඞ්ගත්ථො වෙදිතබ්බො. පසත්ථො සුන්දරො වා බොජ්ඣඞ්ගොති සම්බොජ්ඣඞ්ගො. එවං පීති එව සම්බොජ්ඣඞ්ගො පීතිසම්බොජ්ඣඞ්ගොති. චිත්තෙකග්ගතානිද්දෙසාදීසුපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො.
තවද බෝධ්යාංගයෝ යනු කවර අර්ථයකින් බෝධ්යාංගයෝ ද? බෝධිය පිණිස පවතිත් යනු ද = බෝධ්යාංගයෝ ය. අවබෝධ කරගනිත් යනු ද බොජ්ඣංගයෝ ය. අනුබෝධ කරගනිත් යනු ද = බොජ්ඣංගයෝ ය. ප්රතිබෝධ කරගනිත් යනු ද = බොජ්ඣංගයෝ ය. මනාසේ අවබෝධ කරගනිත් යනු ද = බොජ්ඣංගයෝ ය යන මේ පටිසම්භිදා නයින් ද බෝධ්යාංගාර්ථ දතයුතුයි. ප්රශස්ත වූ හෝ සුන්දර වූ බොජ්ඣංගය යනු = සම්බොජ්ඣංගයයි, මෙසේ ප්‍රීතියම සම්බොජ්ඣංගය වූයේ = පීති සම්බොජ්ඣංග යයි. චිත්තොකාග්රතා නිර්දේශාදීන්හි ද මේ නයින්ම අර්ථය දතයුතුයි.
තෙසං ධම්මානන්ති යෙ තස්මිං සමයෙ පටිවෙධං ගච්ඡන්ති චතුසච්චධම්මා, තෙසං ධම්මානං. අනඤ්ඤාතානන්ති කිඤ්චාපි පඨමමග්ගෙන තෙ ධම්මා ඤාතා නාම හොන්ති, යථා පන පකතියා අනාගතපුබ්බං විහාරං ආගන්ත්වා විහාරමජ්ඣෙ ඨිතොපි පුග්ගලො පකතියා අනාගතභාවං උපාදාය ‘අනාගතපුබ්බං ඨානං ආගතොම්හී’ති වදති, යථා ච පකතියා අපිළන්ධපුබ්බං මාලං පිළන්ධිත්වා, අනිවත්ථපුබ්බං වත්ථං නිවාසෙත්වා, අභුත්තපුබ්බං භොජනං භුඤ්ජිත්වා, පකතියා අභුත්තභාවං උපාදාය අභුත්තපුබ්බං භොජනං භුත්තොම්හීති වදති, එවමිධාපි යස්මා පකතියා ඉමිනා පුග්ගලෙන ඉමෙ ධම්මා න ඤාතපුබ්බා තස්මා අනඤ්ඤාතානන්ති වුත්තං. අදිට්ඨාදීසුපි එසෙව නයො. තත්ථ අදිට්ඨානන්ති ඉතො පුබ්බෙ පඤ්ඤාචක්ඛුනා අදිට්ඨානං. අප්පත්තානන්ති අධිගමනවසෙන අප්පත්තානං. අවිදිතානන්ති ඤාණෙන අපාකටකතානං. අසච්ඡිකතානන්ති අපච්චක්ඛකතානං. සච්ඡිකිරියායාති පච්චක්ඛකරණත්ථං. යථා ච ඉමිනා පදෙන, එවං සෙසෙහිපි සද්ධිං අනඤ්ඤාතානං ඤාණාය, අදිට්ඨානං දස්සනාය, අප්පත්තානං පත්තියා, අවිදිතානං වෙදායාති යොජනා කාතබ්බා.
තෙසං ධම්මානං යනු එසමයෙහි යම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ ප්‍රතිවේධයට පැමිණෙත් ද, ඒ ධර්මයන්ගේ, අඤ්ඤාතානං යනු කිසි ලෙසකින් ප්‍රථම මාර්ගයෙන් ඒ ධර්මයෝ අවබෝධ කරගත්තාහු නම් වෙත්. යම්සේ වනාහි ප්‍රකෘති නොපැමිණි විහාරයකට අවුත් විහාර මධ්‍යයෙහි සිටියා වූ ද පුද්ගලයෙක් ප්‍රකෘතියෙන් නො පැමිණි බව සලකා නො පැමිණි තැනකට ආවෙමියි කියයි. යම්සේ ප්‍රකෘතියෙන් නොලද විරූ මල්දමක් පැළඳ නො හඳනා ලද වස්ත්‍රයක් හැඳ - නො බුදිනා ලද භෝජනයක් අනුභවකොට ප්‍රකෘතියෙන් අනුභව නොකළ බව සලකා නොබුදි බොජුනක් අනුභව කළෙමියි කියයි. මෙසේ මෙහි ද යම්හෙයකින් මේ පුද්ගලයා විසින් මේ ධර්මයෝ අඥාන පූර්වයහ. එහෙයින් අඤ්ඤාතානං යැයි කියන ලදී. අදිට්ඨ ආදීන්හි ද මේ නයමය. එහි අදිට්ඨානං යනු මින් පෙර ප්‍රඥා ඇසින් නො දුටු ධර්මයන්ගේ, අප්පත්තානං යනු අධිගම වශයෙන් නො පැමිණි ධර්මයන්ගේ, අවිදිතානං යනු ඥානයෙන් ප්‍රකට නො කළ ධර්මයන්ගේ, අසච්ඡිකතානං යනු ප්රත්යක්ෂ නො කළ ධර්මයන්ගේ, සච්ඡිකිරියාය යනු ප්රත්යක්ෂ කිරීම පිණිස, මේ පදය සමග යම් සේද, සෙසු පද සමග ද මෙසේ අවබෝධ නො කළ ධර්මයන්ගේ (අවබෝධ පිණිස) නො දුටු ධර්මයන් දැකීම පිණිස නො පැමිණි ධර්මයන්ට පැමිණීමට ද නොදත් ධර්මයන් දැනගැනීමට යැයි යෝජනාව කළයුතුයි.
චතූහි වචීදුච්චරිතෙහීතිආදීසු වචීති වචීවිඤ්ඤත්ති වෙදිතබ්බා. තිණ්ණං දොසානං යෙන කෙනචි දුට්ඨානි චරිතානීති දුච්චරිතානි. වචීතො පවත්තානි දුච්චරිතානි වචීදුච්චරිතානි, වචියා වා නිප්ඵාදිතානි දුච්චරිතානි වචීදුච්චරිතානි. තෙහි වචීදුච්චරිතෙහි. ආරකා රමතීති ආරති. විනා තෙහි රමතීති විරති. තතො තතො පටිනිවත්තාව හුත්වා තෙහි විනා රමතීති පටිවිරති. උපසග්ගවසෙන වා පදං වඩ්ඪිතං. සබ්බමිදං ඔරමණභාවස්සෙවාධිවචනං. වෙරං මණති, විනාසෙතීති වෙරමණී. ඉදම්පි ඔරමණස්සෙව වෙවචනං. යාය පන චෙතනාය මුසාවාදාදීනි භාසමානො කරොති නාම, අයං ලොකුත්තරමග්ගවිරති. උප්පජ්ජිත්වා තං කිරියං කාතුං න දෙති, කිරියාපථං පච්ඡින්දතීති අකිරියා. තථා තං කරණං කාතුං න දෙති, කරණපථං පච්ඡින්දතීති අකරණං. යාය ච චෙතනාය චතුබ්බිධං වචීදුච්චරිතං භාසමානො අජ්ඣාපජ්ජති නාම, අයං උප්පජ්ජිත්වා තථා අජ්ඣාපජ්ජිතුං න දෙතීති අනජ්ඣාපත්ති.
චතුහි වචිදුච්චරිතෙහි යන ආදීන්හි වචී යනු වාක් විඥප්තිය දතයුතුයි. ත්‍රිවිධ දෝෂයන්ගෙන් යම්කිසිවකින් (සිදුවන) දුෂ්ට හැසිරීම් යනු = දුශ්චරිතය, වචනයෙන් පවත්වන දුශ්චරිත = වචී දුශ්චරිතය, වචනයෙන් හෝ උපදනා දුශ්චරිතය = වචී දුශ්චරිතය, ඔවුන්ගෙන් වචී දුච්චරිතෙහි, ඇලීමෙන් දුරුව යනු = ආරති ය, ඇල්මෙන් තොරව යනු = විරති ය. උපසර්ග වශයෙන් පදය වැඩිණ. මේ සියල්ලම නොඇලෙන බවට නම්ය. වෙන්වීම සිතයි. විනාශ කරයි යනු = වෙරමණී මෙය ද නො ඇලීමටම පරියාය වචනයකි. යම් චේතනාවකින් වනාහි මුසාවාද ආදිය කියනුයේ කරොති (කරයි) නම් මේ ලෝකෝත්තර විරතිය උපදවා ඒ ක්‍රියාව කරන්නට නොදෙයි. ක්රියාපථය සිඳී යනු = අකිරියාය, එසේම එම ක්‍රියාව කරන්නට නොදෙයි. ක්රියාපථය සිඳ දමයි යනු = අකරණය, යම් චේතනාවකින් චතුර්විධ වාක් දුශ්චරිතය කියනුයේ වරදට පැමිණේ නම්, මෙය ඉපිද එසේ වරදට පැමිණීමට නොදෙයි යනු = අනජ්ඣාපත්තිය,
වෙලාඅනතික්කමොති එත්ථ “තාය වෙලායා”තිආදීසු (දී· නි· 2.154; මහාව· 1-3; උදා· 1 ආදයො) තාව කාලො වෙලාති ආගතො. “උරුවෙලායං විහරතී”ති (මහාව· 1; සං· නි· 1.137) එත්ථ රාසි. “ඨිතධම්මො වෙලං නාතිවත්තතී”ති (චූළව· 384; අ· නි· 8.19; උදා· 45) එත්ථ සීමා. ඉධාපි සීමාව. අනතික්කමනීයට්ඨෙන හි චත්තාරි වචීසුචරිතානි වෙලාති අධිප්පෙතානි. ඉති යාය චෙතනාය චත්තාරි වචීදුච්චරිතානි භාසමානො වෙලං අතික්කමති නාම, අයං උප්පජ්ජිත්වා තං වෙලං අතික්කමිතුං න දෙතීති වෙලාඅනතික්කමොති වුත්තා. වෙලායතීති වා වෙලා, චලයති විද්ධංසෙතීති අත්ථො. කිං වෙලායති? චතුබ්බිධං වචීදුච්චරිතං. ඉති වෙලායනතො ‘වෙලා’. පුරිසස්ස පන හිතසුඛං අනතික්කමිත්වා වත්තතීති ‘අනතික්කමො’. එවමෙත්ථ පදද්වයවසෙනාපි අත්ථො වෙදිතබ්බො.
වෙලා අතික්කමො යනු මෙහි ‘තාය වෙලාය’ යන ආදීන්හි වනාහි කාලය වෙලා යනුවෙන් ආයේය, ‘උරුවෙලායං විහරති’ යන මෙහි රාශියයි. ‘ඨිතධම්මො වෙලානාතිවත්ති’ යන මෙහි සීමාවයි. මෙහි දර්ශිමාවචය, නො ඉක්මවිය යුතු අර්ථයෙන් වනාහි සතර වචී සුචරිත වෙලා යැයි අදහස් කරන ලදී. මෙසේ යම් චේතනාවකින් සතර වචී දුශ්චරිතයන් කියමින් සීමාව ඉක්මයි නම්, මෙය ඉපිද ඒ සීමාව ඉක්මවන්නට නොදෙයි යනු වෙලාඅන්තික්කමො යැයි කියන ලදී. විනාශ කෙරේ හෝ වෙලා ය, නසයි විනාශ කරයි යන අර්ථයි. කුමක් විනාශ කෙරේ ද? චතුර්විධ වාක් දුශ්චරිතයයි. මෙසේ විනාශ කරන හෙයින් වෙලාය, පුරුෂයාගේ හිතසුව, නො ඉක්මවා පවතී යනු = අනතික්කමො ය, මෙසේ මෙහි පද ද්වය වශයෙන් ද අර්ථය දතයුතුයි.
සෙතුං හනතීති සෙතුඝාතො; චතුන්නං වචීදුච්චරිතානං පදඝාතො පච්චයඝාතොති අත්ථො. පච්චයො හි ඉධ සෙතූති අධිප්පෙතො. තත්රායං වචනත්ථො – රාගාදිකො චතුන්නං වචීදුච්චරිතානං පච්චයො වට්ටස්මිං පුග්ගලං සිනොති බන්ධතීති සෙතු. සෙතුස්ස ඝාතො සෙතුඝාතො. වචීදුච්චරිතපච්චයසමුග්ඝාටිකාය විරතියා එතං අධිවචනං. අයං පන සම්මාවාචාසඞ්ඛාතා විරති පුබ්බභාගෙ නානාචිත්තෙසු ලබ්භති. අඤ්ඤෙනෙව හි චිත්තෙන මුසාවාදා විරමති, අඤ්ඤෙන පෙසුඤ්ඤාදීහි. ලොකුත්තරමග්ගක්ඛණෙ පන එකචිත්තස්මිංයෙව ලබ්භති. චතුබ්බිධාය හි වචීදුච්චරිතචෙතනාය පදපච්ඡෙදං කුරුමානා මග්ගඞ්ගං පූරයමානා එකාව විරති උප්පජ්ජති.
වස්තුව නසයි යනු = සෙතුඝාතය, සතර වචී දුශ්චරිතයන්ගේ පද ඝාත ප්‍රත්‍යය ඝාතය යන අර්ථය, මෙහි ප්‍රත්‍යය වනාහි සෙතු යැයි අදහස් කරන ලදි. මේ එහි වචනාර්ථයි. රාගාදීහු චතුර්විධ වාක් දුශ්චරිතයන්ට ප්‍රත්‍යය, පුද්ගලයා සසර රඳවයි. බදී යනු = සෙතු ය, සේතුව ඝාතනය කරනුයේ = සෙතුඝාතය, වාක් දුශ්චරිත (ප්‍රත්‍යය) උපුටා දමන විරතියට මෙය නමකි. සම්මා වාචා සංඛ්‍යාත මේ විරතිය වනාහි පූර්වභාගයෙහි නොයෙක් සිත්හි ලැබේ. මුසාවාදා විරමතිය වනාහි අන්‍ය වූ සිතත් සමගමය. පේසුඤ්ඤාදිය අනෙකක් සමගය, ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි වනාහි එක් චිත්තක්ෂයෙහිම ලැබේ. චතුර්විධ වචී දුශ්චරිත චේතනාවගේ පදච්ඡේදය කරන මාර්ගාංගය පුරන එකම එකම විරතියක් උපදී.
කායදුච්චරිතෙහීති කායතො පවත්තෙහි කායෙන වා නිප්ඵාදිතෙහි පාණාතිපාතාදීහි දුච්චරිතෙහි. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං. අයම්පි සම්මාකම්මන්තසඞ්ඛාතා විරති පුබ්බභාගෙ නානාචිත්තෙසු ලබ්භති. අඤ්ඤෙනෙව හි චිත්තෙන පාණාතිපාතා විරමති, අඤ්ඤෙන අදින්නාදානමිච්ඡාචාරෙහි. ලොකුත්තරමග්ගක්ඛණෙ පන එකචිත්තස්මිංයෙව ලබ්භති. තිවිධාය හි කායදුච්චරිතචෙතනාය පදපච්ඡෙදං කුරුමානා මග්ගඞ්ගං පූරයමානා එකාව විරති උප්පජ්ජති.
කාය දුච්චරිතෙහි යනු කයින් පවත්වන කයින් නිෂ්පාදිත හෝ ප්‍රාණඝාතාදී දුශ්චරිතවලින්, සෙස්ස පළමු නයින්ම දතයුතුයි. සම්මා කම්මන්ත සංඛ්‍යාත මේ විරතිය ද පූර්වභාගයෙහි නානාසිත්හි ලැබේ. පාණාතිපාතා විරමතිය වනාහි අන් සිතක් සමගමය. අදින්නාදාන මිථ්‍යාචාරයන් අනිකක් සමගය, ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි වනාහි එක්සිතකම ලැබේ. ත්‍රිවිධ කායදුශ්චරිත චේතනාවන්ගේ පදච්ඡේදය කරන මාර්ගාංගය පුරන එකම විරතියක් උපදී.
සම්මාආජීවනිද්දෙසෙ අකිරියාතිආදීසු යාය චෙතනාය මිච්ඡාජීවං ආජීවමානො කිරියං කරොති නාම, අයං උප්පජ්ජිත්වා තං කිරියං කාතුං න දෙතීති අකිරියාති. ඉමිනා නයෙන යොජනා වෙදිතබ්බා. ආජීවො ච නාමෙස පාටියෙක්කො නත්ථි, වාචාකම්මන්තෙසු ගහිතෙසු ගහිතොව හොති, තප්පක්ඛිකත්තා. ධුවපටිසෙවනවසෙන පනායං තතො නීහරිත්වා දස්සිතොති. එවං සන්තෙ සම්මාආජීවො සකිච්චකො න හොති , අට්ඨ මග්ගඞ්ගානි න පරිපූරෙන්ති, තස්මා සම්මාආජීවො සකිච්චකො කාතබ්බො, අට්ඨ මග්ගඞ්ගානි පරිපූරෙතබ්බානීති. තත්රායං නයො – ආජීවො නාම භිජ්ජමානො කායවචීද්වාරෙසුයෙව භිජ්ජති. මනොද්වාරෙ ආජීවභෙදො නාම නත්ථි. පූරයමානොපි තස්මිංයෙව ද්වාරද්වයෙ පූරති. මනොද්වාරෙ ආජීවපූරණං නාම නත්ථි. කායද්වාරෙ පන වීතික්කමො ආජීවහෙතුකොපි අත්ථි නආජීවහෙතුකොපි. තථා වචීද්වාරෙ.
සම්මා ආජීව නිර්දේශයෙහි අකිරියා යන ආදීන්හි යම් චේතනාවකින් මිථ්‍යා ආජීවය කරමින් ක්‍රියාව කරන්නේ නම්, මෙය ඉපිද ඒ ක්‍රියාව කරන්නට නොදෙයි යනු අකිරියා යැයි මේ නයින් යෝජනාව දතයුතුයි. ආජීව නම් මෙයද වෙන් වෙන්ව නැත. වාචා කම්මන්තයන් ගත්කල්හි ගන්නා ලද්දේම වෙයි. එය ප්‍රතික්ෂේප කළ හෙයිනි. මේ වනාහි ධුව පටිසේවන වශයෙන් එයින් වෙන්කොට දක්වන ලදී යැයි මෙසේ ඇති කල්හි සම්මා ආජීවය සකිච්චක කෘත්‍ය සහිත නොවේ. මාර්ගාංග අට සම්පූර්ණ නොවේ. එහෙයින් සම්මා ආජීවය කෘත්‍ය සහිත කළයුතුයි. මාර්ගාංග අට සම්පූර්ණ කළයුතුයි. මේ එහි නයයි. ආජීවය බිඳෙනුයේ නම් කායද්වාර වචී ද්වාරයන්හිම බිඳෙයි. මනෝද්වාරයෙහි නම් ආජීව භේදයක් නැත. පුරනුයේ ද ඒ ද්වාර දෙක්හිම පුරයි. මනෝද්වාරයෙහි ආජීව පූරණයක් නම් නැත. කාය ද්වාරයෙහි වීතික්රමය වනාහි ආජීව හේතුකවත් වෙයි. ආජීව හේතුක නැතිවත් වෙයි. වචී ද්වාරයෙහි ද එසේමය.
තත්ථ යං රාජරාජමහාමත්තා ඛිඩ්ඩාපසුතා සූරභාවං දස්සෙන්තා මිගවධං වා පන්ථදුහනං වා පරදාරවීතික්කමං වා කරොන්ති, ඉදං අකුසලං කායකම්මං නාම. තතො විරතිපි ‘සම්මාකම්මන්තො’ නාම. යං පන නආජීවහෙතුකං චතුබ්බිධං වචීදුච්චරිතං භාසන්ති, ඉදං අකුසලං වචීකම්මං නාම. තතො විරතිපි ‘සම්මාවාචා’ නාම.
එහි ක්‍රීඩා පරවශ වූ රාජරාජ මහාමාත්‍යයෝ ශූරභාවය දක්වමින් යම් මුව දඩයමක් හෝ මංපැහැරීමක් හෝ පරදාර සේවනයක් හෝ කෙරෙත්ද, මේ අකුශල කර්මය කායකර්ම නමි. එයින් වෙන්වීම ද සම්මා කම්මන්ත නමි. ආජීව හේතුකව චතුර්විධ වූ යම්කිසි වචී දුශ්චරිතයක් කෙරෙත්ද, මේ අකුශල වචීකර්ම නමි. එයින් වෙන්වීම සම්මා වාචා නමි.
යං පන ආජීවහෙතු නෙසාදමච්ඡබන්ධාදයො පාණං හනන්ති, අදින්නං ආදියන්ති, මිච්ඡාචාරං චරන්ති, අයං මිච්ඡාජීවො නාම. තතො විරති ‘සම්මාආජීවො’ නාම. යම්පි ලඤ්ජං ගහෙත්වා මුසා භණන්ති, පෙසුඤ්ඤඵරුසසම්ඵප්පලාපෙ පවත්තෙන්ති, අයම්පි මිච්ඡාජීවො නාම. තතො විරති සම්මාආජීවො නාම.
වැදිකෙවුල් ආදීහු ආජීව හේතුවෙන් යම් ප්‍රාණයක් නසත් ද, නුදුන් දෙය පැහැර ගනිත්ද, මිථ්‍යාචාරයෙහි හැසිරෙත් ද, මේ මිථ්‍යා ආජීව නමි. එයින් වෙන්වීම සම්මා ආජීව නමි. යම් අල්ලසක් ගෙන බොරු කියත් ද, කේලාම් ඵරුෂවචන සම්පප්‍රලාප කියත් ද, මෙයද මිථ්‍යා ආජීව නමි. එයින් වෙන්වීම සම්මා ආජීව නමි.
මහාසීවත්ථෙරො පනාහ – ‘කායවචීද්වාරෙසුපි වීතික්කමො ආජීවහෙතුකො වා හොතු නො වා ආජීවහෙතුකො, අකුසලං කායකම්මං වචීකම්මන්ත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති. තතො විරතිපි සම්මාකම්මන්තො සම්මාවාචාත්වෙව වුච්චතී’ති. ‘ආජීවො කුහි’න්ති වුත්තෙ පන ‘තීණි කුහනවත්ථූනි නිස්සාය චත්තාරො පච්චයෙ උප්පාදෙත්වා තෙසං පරිභොගො’ති ආහ. අයං පන කොටිප්පත්තො මිච්ඡාජීවො. තතො විරති සම්මාආජීවො නාම.
මහාසිව තෙරණුවෝ මෙසේ වදාළහ. ‘කාය වාක් ද්වාරයන් ව්‍යතික්‍රමය ආජීවහේතුක වේවා. ආජීව හේතුක නොවේවා. අකුශල කාය කර්මය අකුශල වචීකර්මය යන සංඛ්‍යාවටම යෙයි. එයින් වෙන්වීම ද සම්මා කම්මන්ත සම්මා වාචා යැයිම කියනු ලැබේ’ යනුයි. ආජීවය කොතැනදැයි කී කල්හි වනාහි ත්‍රිවිධ කුහන වස්තූන් ඇසුරුකොට සිව්පසය උපදවා ඒ සිව්පසය පරිභෝගය යැයි කීහ. මෙය කෙළ පැමිණි මිථ්‍යා ආජීවයයි. එයින් වෙන්වීම සම්මා ආජීවය නමි.
අයම්පි සම්මාආජීවො පුබ්බභාගෙ නානාචිත්තෙසු ලබ්භති, අඤ්ඤෙනෙව හි චිත්තෙන කායද්වාරවීතික්කමා විරමති, අඤ්ඤෙන වචීද්වාරවීතික්කමා. ලොකුත්තරමග්ගක්ඛණෙ පන එකචිත්තස්මිංයෙව ලබ්භති. කායවචීද්වාරෙසු හි සත්තකම්මපථවසෙන උප්පන්නාය මිච්ඡාජීවසඞ්ඛාතාය දුස්සීල්යචෙතනාය පදපච්ඡෙදං කුරුමානා මග්ගඞ්ගං පූරයමානා එකාව විරති උප්පජ්ජතීති. අයං නිද්දෙසවාරෙ විසෙසො.
මේ සම්මා ආජීවය ද පූර්ව භාගයෙහි නොයෙක් සිත්හි ලැබෙයි. කායද්වාර ව්යතික්රමයෙන් වෙන්වීම අන්‍ය වූ ම සිතක් සමගය. මනෝද්වාර ව්‍යතික්‍රමය අන් සිතක් සමගය. ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහි වනාහි එක් සිතකම ලැබේ. කායවාක් ද්වාරයන්හි වනාහි සප්ත කර්මපථ වශයෙන් උපන් මිථ්‍යා ආජීව සංඛ්‍යාත දුශ්ශීල චේතනාව පදච්ඡේද කෙරෙමින් මාර්ගාංගය පුරමින් එකම විරතියක් උපදී යන මෙය නිද්දේස වාරයෙහි වෙනසය.
යං පනෙතං ඉන්ද්රියෙසු අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං වඩ්ඪිතං, මග්ගඞ්ගෙසු ච සම්මාවාචාදීනි, තෙසං වසෙන සඞ්ගහවාරෙ “නවින්ද්රියානි, අට්ඨඞ්ගිකො මග්ගො”ති වුත්තං. සුඤ්ඤතවාරො පාකතිකොයෙවාති. අයං තාව සුද්ධිකපටිපදාය විසෙසො.
ඉන්ද්‍රියන් අතුරෙන් වනාහි යම් ඒ අඤ්ඤතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියක් වඩනා ලද ද, මාර්ගාංගයන් අතුරෙන් සම්මා වාචා ආදිය ද ඔවුන්ගේ වශයෙන් සංග්‍රහ වාරයෙහි නව ඉන්ද්රියයෝ ද අෂ්ටාංගික මාර්ගය යැයි කියන ලදී. සුඤ්ඤතවාරය ප්රකෘතිකම යැයි යන මෙය වනාහි ශුද්ධික ප්‍රතිපදාවෙහි විශේෂයයි.
ඉතො පරං සුද්ධිකසුඤ්ඤතා සුඤ්ඤතපටිපදා සුද්ධිකඅප්පණිහිතා අප්පණිහිතපටිපදාති අයං දෙසනාභෙදො හොති. තත්ථ සුඤ්ඤතන්ති ලොකුත්තරමග්ගස්ස නාමං. සො හි ආගමනතො සගුණතො ආරම්මණතොති තීහි කාරණෙහි නාමං ලභති. කථං? ඉධ භික්ඛු අනත්තතො අභිනිවිසිත්වා අනත්තතො සඞ්ඛාරෙ පස්සති. යස්මා පන අනත්තතො දිට්ඨමත්තෙනෙව මග්ගවුට්ඨානං නාම න හොති, අනිච්චතොපි දුක්ඛතොපි දට්ඨුමෙව වට්ටති, තස්මා ‘අනිච්චං දුක්ඛමනත්තා’ති තිවිධං අනුපස්සනං ආරොපෙත්වා සම්මසන්තො චරති. වුට්ඨානගාමිනිවිපස්සනා පනස්ස තෙභූමකෙපි සඞ්ඛාරෙ සුඤ්ඤතොව පස්සති. අයං විපස්සනා සුඤ්ඤතා නාම හොති. සා ආගමනීයට්ඨානෙ ඨත්වා අත්තනො මග්ගස්ස ‘සුඤ්ඤත’න්ති නාමං දෙති. එවං මග්ගො ‘ආගමනතො’ සුඤ්ඤතනාමං ලභති. යස්මා පන සො රාගාදීහි සුඤ්ඤො තස්මා ‘සගුණෙනෙව’ සුඤ්ඤතනාමං ලභති. නිබ්බානම්පි රාගාදීහි සුඤ්ඤත්තා සුඤ්ඤතන්ති වුච්චති. තං ආරම්මණං කත්වා උප්පන්නත්තා මග්ගො ‘ආරම්මණතො’ සුඤ්ඤතනාමං ලභති.
මෙයින් පසුව ශුද්ධික ශුන්‍යතාව ශුන්‍යතා ප්‍රතිපදාව ශුද්ධික අප්‍රණිහිත අප්‍රණිහිත ප්‍රතිපදා යැයි මේ දේශනා භේදය වෙයි. එහි සුඤ්ඤතා යනු ලෝකෝත්තර මාර්ගයට නමකි. එය වනාහි ආගමන වශයෙන් සගුණ වශයෙන් ආරම්මණ වශයෙනැයි කරුණු තුනකින් නාමය ලබයි. කෙසේද? මේ ශාසනයෙහි භික්ෂුතෙම අනන්ත වශයෙන් පිහිටා සංස්කාරයන් අනන්ත වශයෙන් බලයි. යම්හෙයකින් වනාහි අනාත්ම වශයෙන් දුටු පමණින්ම මාර්ගයෙන් නැගිටීමක් නම් නොවේ. අනිත්‍ය වශයෙන් ද දුක් වශයෙන් ද දක්නටම වටනේය, එහෙයින් අනිච්චං දුක්ඛං අනත්තා යන ත්‍රිවිධ අනුපස්සනාවට නගා සම්මර්ශනය කරමින් හැසිරේ ද, ඔහුගේ වුට්ඨානගාමිනී විපස්සනාව වනාහි ත්‍රෛභූමක සංස්කාරයන් ශුන්‍ය වශයෙන් දකී ද මේ විදර්ශනාව ශුන්‍යතා නම් වෙයි. මේ විදර්ශනාව ආයුතු තැන සිට තමාගේ මාර්ගයට ශූන්‍යතාව යන නම දෙයි. මෙසේ මාර්ගය ආයුතු හෙයින් ශුන්‍යතා නාමය ලබයි. යම්හෙයකින් එය වනාහි රාගාදීන්ගෙන් ශූන්‍ය ද, එහෙයින් ස්වගුණයෙන්ම ශුන්‍යතා නාමය ලබයි. නිවන ද රාගාදීන්ගෙන් ශුන්‍ය හෙයින් ශුන්‍යතා යැයි කියනු ලැබේ. එය අරමුණු කොට උපන් හෙයින් මාර්ගය අරමුණු වශයෙන් ශුන්‍යතා නාමය ලබයි.
තත්ථ සුත්තන්තිකපරියායෙන සගුණතොපි ආරම්මණතොපි නාමං ලභති. පරියායදෙසනා හෙසා. අභිධම්මකථා පන නිප්පරියායදෙසනා. තස්මා ඉධ සගුණතො වා ආරම්මණතො වා නාමං න ලභති, ආගමනතොව ලභති. ආගමනමෙව හි ධුරං. තං දුවිධං හොති – විපස්සනාගමනං මග්ගාගමනන්ති. තත්ථ මග්ගස්ස ආගතට්ඨානෙ විපස්සනාගමනං ධුරං, ඵලස්ස ආගතට්ඨානෙ මග්ගාගමනං ධුරං. ඉධ මග්ගස්ස ආගතත්තා විපස්සනාගමනමෙව ධුරං ජාතං.
එහි සූත්‍රාන්තික පර්යයෙන් ස්වගුණයෙන් ද ආරම්මණයෙන් ද නම ලබයි. මෙය වනාහි පරියාය දේශනයකි. අභිධර්ම කථාව වනාහි නිෂ්පර්යාය දේශනාවකි. එහෙයින් මෙහි ස්වගුණයෙන් හෝ ආරම්මණයෙන් හෝ නාමය (නො) ලබයි. ආගමනයෙන්ම ලබයි. ආගමනයම වනාහි ප්‍රධානය. එය විදර්ශනාගමනය, මාර්ගාගමනයැයි දෙවැදෑරුම්ය. එහි මාර්ගය පැමිණි තැන විදර්ශනාගමනය ප්‍රධානය. ඵලය පැමිණි තැන මාර්ගාගමනය ප්‍රධානය. මෙහි මාර්ගය පැමිණි තැන විදර්ශනාගමනයම ප්‍රධාන විය.
අප්පණිහිතන්ති, එත්ථාපි අප්පණිහිතන්ති මග්ගස්සෙව නාමං. ඉදම්පි නාමං මග්ගො තීහෙව කාරණෙහි ලභති. කථං? ඉධ භික්ඛු ආදිතොව දුක්ඛතො අභිනිවිසිත්වා දුක්ඛතොව සඞ්ඛාරෙ පස්සති. යස්මා පන දුක්ඛතො දිට්ඨමත්තෙනෙව මග්ගවුට්ඨානං නාම න හොති, අනිච්චතොපි අනත්තතොපි දට්ඨුමෙව වට්ටති, තස්මා අනිච්චං දුක්ඛමනත්තා’ති තිවිධං අනුපස්සනං ආරොපෙත්වා සම්මසන්තො චරති. වුට්ඨානගාමිනිවිපස්සනා පනස්ස තෙභූමකසඞ්ඛාරෙසු පණිධිං සොසෙත්වා පරියාදියිත්වා විස්සජ්ජෙති. අයං විපස්සනා අප්පණිහිතා නාම හොති. සා ආගමනීයට්ඨානෙ ඨත්වා අත්තනො මග්ගස්ස ‘අප්පණිහිත’න්ති නාමං දෙති. එවං මග්ගො ‘ආගමනතො’ අප්පණිහිතනාමං ලභති. යස්මා පන තත්ථ රාගදොසමොහපණිධයො නත්ථි, තස්මා ‘සගුණෙනෙව’ අප්පණිහිතනාමං ලභති. නිබ්බානම්පි තෙසං පණිධීනං අභාවා අප්පණිහිතන්ති වුච්චති. තං ආරම්මණං කත්වා උප්පන්නත්තා මග්ගො අප්පණිහිතනාමං ලභති.
අප්පණිහිතං යන මෙහි ද අප්පණිහිතං යනු මාර්ගයටම නමකි. මාර්ගය මේ නම ද කරුණු තුනෙන්ම ලබයි. කෙසේ ද? මේ ශාසනයෙහි භික්ෂු තෙම ආදියෙන්ම දුක් වශයෙන් පිහිටුවා සංස්කාරයන් දුක් වශයෙන්ම දකී ද, යම්හෙයකින් වනාහි දුක් වශයෙන් දුටු පමණින්ම මාර්ගයෙන් නැගිටීමක් නම් නොවේ ද, අනිත්‍ය වශයෙන් ද අනාත්ම වශයෙන් ද දක්නට වටනේමය. එහෙයින් අනිච්චං දුක්ඛං අනත්තා යැයි ත්‍රිවිධ අනුපස්සනාවට නඟා සම්මර්ශනය කරමින් හැසිරේ ද, වුත්‍ථානගාමිනී විදර්ශනාව වනාහි එයට හේතුභූමක වූ සංස්කාරයන්හි ප්‍රාර්ථනාව වියලා මැඩපවත්වා හැරදමයි. මේ විදර්ශනාව අප්පණිහිතා නම් වෙයි. එය ආගමනීය ස්ථානයෙහි සිට තමාගේ මාර්ගයට අප්පණිහිත යන නම දෙයි. මෙසේ මාර්ගය ආගමනයෙන් අප්පණිහිත යන නම ලබයි. යම් හෙයකින් වනාහි මෙහි රාග, දෝස, මෝහ ප්‍රාර්ථනා නැද්ද, එහෙයින් ස්වගුණයෙන්ම අප්පණිහිත නාමය ලබයි. ඒ ප්රණිධීන්ගේ අභාවයෙන් නිවන ද අප්පණිහිත යැයි කියනු ලැබේ. එය අරමුණු කොට උපන් හෙයින් මාර්ගය අප්පණිහිත නාමය ලබයි.
තත්ථ සුත්තන්තිකපරියායෙන සගුණතොපි ආරම්මණතොපි නාමං ලභති. පරියායදෙසනා හෙසා . අභිධම්මකථා පන නිප්පරියායදෙසනා. තස්මා ඉධ සගුණතො වා ආරම්මණතො වා නාමං න ලභති, ආගමනතොව ලභති. ආගමනමෙව හි ධුරං. තං දුවිධං හොති – විපස්සනාගමනං මග්ගාගමනන්ති. තත්ථ මග්ගස්ස ආගතට්ඨානෙ විපස්සනාගමනං ධුරං, ඵලස්ස ආගතට්ඨානෙ මග්ගාගමනං ධුරං. ඉධ මග්ගස්ස ආගතත්තා විපස්සනාගමනමෙව ධුරං ජාතං.
එහි සූත්‍රාන්තික පර්යායයෙන් ස්වගුණ වශයෙන් ද, ආරම්මණ වශයෙන් ද නම ලබයි. මෙය වනාහි පර්යාය දේශනාය, අභිධර්මකථාව වනාහි නිෂ්පර්යාය දේශනාය. එහෙයින් මෙහි ස්වගුණ වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ නම නො ලබයි. ආගමනයෙන්ම ලබයි. ආගමනයම වනාහි ධුරයයි. එය ද්විධ වෙයි. විදර්ශනාගමනය මාර්ගාගමනය යනුවෙනි. එහි මාර්ගය ආ තැනදී විදර්ශනාගමනය ප්‍රධානය. ඵලය ආ තැනදී මාර්ගාගමනය ප්‍රධානය. මෙහිදී මාර්ගය ආ හෙයින් විදර්ශනාගමනයම ප්‍රධාන විය.
නනු ච සුඤ්ඤතො අනිමිත්තො අප්පණිහිතොති තීණි මග්ගස්ස නාමානි? යථාහ – “තයොමෙ, භික්ඛවෙ, විමොක්ඛා – සුඤ්ඤතො විමොක්ඛො, අනිමිත්තො විමොක්ඛො, අප්පණිහිතො විමොක්ඛො”ති (පටි· ම· 1.209). තෙසු ඉධ ද්වෙ මග්ගෙ ගහෙත්වා අනිමිත්තො කස්මා න ගහිතොති? ආගමනාභාවතො. අනිමිත්තවිපස්සනා හි සයං ආගමනීයට්ඨානෙ ඨත්වා අත්තනො මග්ගස්ස නාමං දාතුං න සක්කොති. සම්මාසම්බුද්ධො පන අත්තනො පුත්තස්ස රාහුලත්ථෙරස්ස.
‘සුඤ්ඤතය අනිමිත්තය අප්පණිහිත’ යැයි යන තුනම මාර්ගයට නම් නො වේද? මෙසේ කියන ලදී. ‘මහණෙනි, මේ විමෝක්ෂ තුනකි. ශුන්‍යතා විමෝක්ෂය අනිමිත්ත විමෝක්ෂය අප්‍රණිහිත විමෝක්ෂය යනුවෙනි.’ ඔවුනතුරෙන් මෙහිදී මාර්ග දෙකක් ගෙන කවරහෙයින් අනිමිත්ත නො ගන්නා ලද ද? ආගමන අභාවයෙනි. අනිමිත්ත විදර්ශනාව වනාහි තෙමේ ආගමනීය ස්ථානයෙහි සිට තමාගේ මාර්ගයට නම දෙන්නට නො හැක්කේ වෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි තම පුත් රාහුල තෙරුන්ට :-
“අනිමිත්තඤ්ච භාවෙහි, මානානුසයමුජ්ජහ; තතො මානාභිසමයා, උපසන්තො චරිස්සසී”ති. (සු· නි· 344);
අනිමිත්තඤ්ච භාවෙහි මානානුසයමුජ්ජහ තතො මානාභිසමයා උපසන්තො චරිස්ස සි’ති
‘අනිමිත්ත ද වඩන්න. මානානුසය දුරලන්න, ඉක්බිති මානාවබෝධයෙන් උපශාන්තව හැසිරෙන්නැ’යි.
අනිමිත්තවිපස්සනං කථෙසි. විපස්සනා හි නිච්චනිමිත්තං ධුවනිමිත්තං සුඛනිමිත්තං අත්තනිමිත්තඤ්ච උග්ඝාටෙති. තස්මා අනිමිත්තාති කථිතා. සා ච කිඤ්චාපි තං නිමිත්තං උග්ඝාටෙති, සයං පන නිමිත්තධම්මෙසු චරතීති සනිමිත්තාව හොති. තස්මා සයං ආගමනීයට්ඨානෙ ඨත්වා අත්තනො මග්ගස්ස නාමං දාතුං න සක්කොති.
අනිමිත්ත විදර්ශනාව වදාළහ. විදර්ශනාව වනාහි නිත්‍යය යන නිමිත්ත (ධ්රැව නිමිත්ත) සුඛ නිමිත්ත හා ආත්ම නිමිත්ත ද ගලවා දමයි. එහෙයින් අනිමිත්තා යැයි කියන ලදී. එයද යම්හෙයකින් ඒ නිමිත්ත ගලවා දමයි ද, නමුත් තමා වනාහි නිමිත්ත ධර්මයන්හි හැසිරේනුයි සනිමිත්තම වෙයි. එහෙයින් තෙමේ ආගමනීය ස්ථානයෙහි සිට තමාගේ මාර්ගයට නාමය දෙන්නට නොහැක්කේය.
අපරො නයො – අභිධම්මො නාම පරමත්ථදෙසනා. අනිමිත්තමග්ගස්ස ච පරමත්ථතො හෙතුවෙකල්ලමෙව හොති. කථං? අනිච්චානුපස්සනාය හි වසෙන අනිමිත්තවිමොක්ඛො කථිතො. තෙන ච විමොක්ඛෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති. තං අරියමග්ගෙ එකඞ්ගම්පි න හොති, අමග්ගඞ්ගත්තා අත්තනො මග්ගස්ස පරමත්ථතො නාමං දාතුං න සක්කොති. ඉතරෙසු පන ද්වීසු අනත්තානුපස්සනාය තාව වසෙන සුඤ්ඤතවිමොක්ඛො, දුක්ඛානුපස්සනාය වසෙන අප්පණිහිතවිමොක්ඛො කථිතො. තෙසු සුඤ්ඤතවිමොක්ඛෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, අප්පණිහිතවිමොක්ඛෙන සමාධින්ද්රියං. තානි අරියමග්ගස්ස අඞ්ගත්තා අත්තනො මග්ගස්ස පරමත්ථතො නාමං දාතුං සක්කොන්ති. මග්ගාරම්මණත්තිකෙපි හි මග්ගාධිපතිධම්මවිභජනෙ ඡන්දචිත්තානං අධිපතිකාලෙ තෙසං ධම්මානං අමග්ගඞ්ගත්තාව මග්ගාධිපතිභාවො න වුත්තො. එවංසම්පදමිදං වෙදිතබ්බන්ති. අයමෙත්ථ අට්ඨකථාමුත්තකො එකස්ස ආචරියස්ස මතිවිනිච්ඡයො.
තවත් නයෙකි, අභිධර්මය නම් පරමාර්ථ දේශනාය, අනිමිත්ත මාර්ගයට ද පරමාර්ථ හෙයින් හේතුවෛකල්යයම වෙයි. කෙසේද? අනිච්චානුපස්සනාවේ වශයෙන් වනාහි අනිමිත්ත විමෝක්ෂය කියන ලදී. ඒ විමෝක්ෂයෙන් ද ශ්රද්ධෙන්ද්රිය අධිමාත්‍ර වෙයි. එය ආර්ය මාර්ගයෙහි එකම අංගයකුදු නොවෙයි. අමාර්ගාංග හෙයින් තමාගේ මාර්ගයට පරමාර්ථ වශයෙන් ද නාමයක් දෙන්නට නොහැකි වෙයි. අනෙක් දෙකෙහි වනාහි අනත්තානුපස්සනාවේ වශයෙන් ශූන්‍යතා විමෝක්ෂයත් දුක්ඛානුපස්සනාවේ වශයෙන් අප්‍රණිහිත විමෝක්ෂයත් කියන ලදී. ඔවුනතුරෙන් ශුන්‍යතා විමෝක්ෂයෙන් ප්රඥෙන්ද්රිය අධිමාත්‍ර වෙයි. අප්‍රණිහිත විමෝක්ෂයෙන් සමාධින්ද්රිය අධිමාත්‍ර වෙයි. ඒවා ආර්ය මාර්ගයාගේ අංග හෙයින් තමාගේ මාර්ගයට පරමාර්ථ වශයෙන් නාමය දෙන්නට හැකිවෙයි. මාර්ගාරම්මණාත්රිකයෙහි ද වනාහි මාර්‍ගාධිපති ධර්ම විභජනයේ දී ඡන්ද චිත්තයන්ගේ අධිපති කාලයෙහි ඒ ධර්මයන්ට අමාර්ග බැවින් ද මාර්ගාධිපතිභාවය නො කියන ලදී. මෙය මෙසේ සිදුවී යැයි දතයුතුයි. මෙය වනාහි මෙහි අට්ඨකථා මුත්තක එක් ආචාර්යවරයෙකුගේ මති විනිශ්චයකි.
එවං සබ්බථාපි අනිමිත්තවිපස්සනා සයං ආගමනීයට්ඨානෙ ඨත්වා අත්තනො මග්ගස්ස නාමං දාතුං න සක්කොතීති අනිමිත්තමග්ගො න ගහිතො. කෙචි පන ‘අනිමිත්තමග්ගො ආගමනතො නාමං අලභන්තොපි සුත්තන්තපරියායෙන සගුණතො ච ආරම්මණතො ච නාමං ලභතී’ති ආහංසු. තෙ ඉදං වත්වා පටික්ඛිත්තා – අනිමිත්තමග්ගෙ සගුණතො ච ආරම්මණතො ච නාමං ලභන්තෙ සුඤ්ඤතඅප්පණිහිතමග්ගාපි සගුණතොයෙව ආරම්මණතොයෙව ච ඉධ නාමං ලභෙය්යුං. න පන ලභන්ති. කිං කාරණා? අයඤ්හි මග්ගො නාම ද්වීහි කාරණෙහි නාමං ලභති – සරසතො ච පච්චනීකතො ච; සභාවතො ච පටිපක්ඛතො චාති අත්ථො. තත්ථ සුඤ්ඤතඅප්පණිහිතමග්ගා සරසතොපි පච්චනීකතොපි නාමං ලභන්ති. සුඤ්ඤතඅප්පණිහිතමග්ගා හි රාගාදීහි සුඤ්ඤා, රාගපණිධිආදීහි ච අප්පණිහිතාති එවං ‘සරසතො’ නාමං ලභන්ති. සුඤ්ඤතො ච අත්තාභිනිවෙසස්ස පටිපක්ඛො, අප්පණිහිතො පණිධිස්සාති එවං ‘පච්චනීකතො’ නාමං ලභන්ති. අනිමිත්තමග්ගො පන රාගාදිනිමිත්තානං නිච්චනිමිත්තාදීනඤ්ච අභාවෙන සරසතොව නාමං ලභති, නො පච්චනීකතො. න හි සො සඞ්ඛාරනිමිත්තාරම්මණාය අනිච්චානුපස්සනාය පටිපක්ඛො. අනිච්චානුපස්සනා පනස්ස අනුලොමභාවෙ ඨිතාති. සබ්බථාපි අභිධම්මපරියායෙන අනිමිත්තමග්ගො නාම නත්ථීති.
මෙසේ සර්වප්‍රකාරයෙන්ම අනිමිත්ත විදර්ශනාව තෙමේ ආගමනීය ස්ථානයෙහි සිට තමාගේ මාර්ගයට නමක් දෙන්නට නො හැකිවේ යැයි අනිමිත්ත මාර්ගය නොගන්නා ලදී. ඇතැම් අයෙක් වනාහි අනිමිත්ත මාර්ගය ආගමනයෙන් නාමයක් නො ලබන්නේ නමුදු සූත්‍රාන්තික පර්යාය වශයෙන් ස්වගුණයෙන් ද ආරම්මණ වශයෙන් ද නමක් ලබයි යැයි කීහ. ඔව්හු මෙය කියා ප්‍රතික්ෂේප කළහ. අනිමිත්ත මාර්ගයෙහි ස්වගුණ වශයෙන් ද ආරම්මණ වශයෙන් ද නාමය ලබද්දී ශුන්‍යතා අප්‍රණිහිත මාර්ගයෝ ද ස්වගුණ වශයෙන් වෙන්ව ආරම්මණ වශයෙන් ද මෙහිදී නාමය ලබන්නාහුද, නො ලබත්මය. කවර හෙයින් ද? මේ මාර්ගය කරුණු දෙකකින් නාමය ලබයි. ස්වරය වශයෙන් හා ප්රත්යනික වශයෙනි. ස්වභාවයෙන් හා ප්රතිපක්ෂ බවෙන් ද යනු අර්ථයි. එහි ශුන්‍යතා අප්‍රණිහිත යන මාර්ගයෝ ස්වරසයෙන් හා ප්රතිපක්ෂ භාවයෙන් නම ලබත්. ශුන්‍යතා අප්‍රණිහිත මාර්ගයෝ වනාහි රාගාදීන්ගෙන් ශූන්යයෝය. රාගප්රාර්ථනා ආදියෙන් ද වෙන්වූවාහු යැයි මෙසේ ස්වරස වශයෙන් ද නම ලබත්. ශුන්‍ය වශයෙන් ද ආත්මාභිනිවේශයට ප්රතිපක්ෂය අප්‍රණිහිත වශයෙන් ප්රණිධියට ද ප්රතිපක්ෂ යැයි මෙසේ ප්‍රත්‍යනීක වශයෙන් නම ලබත්. අනිමිත්ත මාර්ගය වනාහි භග නිමිති ද නිත්‍ය නිමිති ද අභාවයෙන් ස්වරස වශයෙන්ම නාමය ලබයි. ප්රතිපක්ෂ වශයෙන් නො ලබයි. එය සංස්කාර නිමිත්ත අරමුණු කරගත් අනිත්යානුපස්සනාවට ප්රතිපක්ෂ නොවේ. අනිත්‍යානුපස්සනාව වනාහි මෙයට අනුලෝමව සිටියේ යැයි මෙසේ සර්වප්‍රකාරයෙන්ම අභිධර්ම පර්යාය වශයෙන් අනිමිත්ත මාර්ගයක් නම් නැතැයි වෙයි.
සුත්තන්තිකපරියායෙන පනෙස එවං ආහරිත්වා දීපිතො – යස්මිඤ්හි වාරෙ මග්ගවුට්ඨානං හොති, තීණි ලක්ඛණානි එකාවජ්ජනෙන විය ආපාථමාගච්ඡන්ති, තිණ්ණඤ්ච එකතො ආපාථගමනං නාම නත්ථි. කම්මට්ඨානස්ස පන විභූතභාවදීපනත්ථං එවං වුත්තං. ආදිතො හි යත්ථ කත්ථචි අභිනිවෙසො හොතු, වුට්ඨානගාමිනී පන විපස්සනා යං යං සම්මසිත්වා වුට්ඨාති තස්ස තස්සෙව වසෙන ආගමනීයට්ඨානෙ ඨත්වා අත්තනො මග්ගස්ස නාමං දෙති. කථං? අනිච්චාදීසු හි යත්ථ කත්ථචි අභිනිවිසිත්වා ඉතරම්පි ලක්ඛණද්වයං දට්ඨුං වට්ටති එව. එකලක්ඛණදස්සනමත්තෙනෙව හි මග්ගවුට්ඨානං නාම න හොති, තස්මා අනිච්චතො අභිනිවිට්ඨො භික්ඛු න කෙවලං අනිච්චතොව වුට්ඨාති, දුක්ඛතොපි අනත්තතොපි වුට්ඨාතියෙව. දුක්ඛතො අනත්තතො අභිනිවිට්ඨෙපි එසෙව නයො. ඉති ආදිතො යත්ථ කත්ථචි අභිනිවෙසො හොතු, වුට්ඨානගාමිනී පන විපස්සනා යං යං සම්මසිත්වා වුට්ඨාති තස්ස තස්සෙව වසෙන ආගමනීයට්ඨානෙ ඨත්වා අත්තනො මග්ගස්ස නාමං දෙති. තත්ථ අනිච්චතො වුට්ඨහන්තස්ස මග්ගො අනිමිත්තො නාම හොති, දුක්ඛතො වුට්ඨහන්තස්ස අප්පණිහිතො, අනත්තතො වුට්ඨහන්තස්ස සුඤ්ඤතොති. එවං සුත්තන්තපරියායෙන ආහරිත්වා දීපිතො.
සූත්‍රාන්තික පර්යාය වශයෙන් මෙසේ ගෙනහැර දක්වන ලදී. යම්වරක මාර්ගයෙන් නැගිටීමක් වේද, ත්රිලක්ෂණයෝ ඒකාවර්ජනයෙන් මෙන් ඉදිරියට පැමිණෙත්. තිදෙනාගේ එකට හමුවීමක් නම් නැත. කර්‍මස්ථානයාගේ ප්‍රකට බව දැක්වීම පිණිස මෙය කියන ලදී. ආදියෙහි වනාහි යම්කිසි තැනක පිහිටුවීමක් වේවා, වුත්‍ථානගාමිනී විදර්ශනාව වනාහි යමක් යමක් සම්මර්ශනය කොට නැගිටී ද, ඒ ඒ වශයෙන්ම ආගමනීය ස්ථානයෙහි සිට තමාගේ මාර්ගයට නම දෙයි. කෙසේ ද? අනිත්‍යාදිය අතුරෙන් යම්කිසි තැනක පිහිටා ඉතිරි ලක්ෂණ දෙක ද දක්නට වටී. මෙසේ එක් ලක්ෂණයක් දැකීම් පමණකින්ම වනාහි මාර්ග වුට්ඨානයක් නම් නොවේ. එහෙයින් අනිත්‍ය වශයෙන් පිහිටි භික්ෂුව හුදෙක් අනිත්යයෙන්ම නො නැඟිටී. දුක්ඛ වශයෙන් ද නැඟිටී. අනත්ත වශයෙන් ද නැඟිටීමය. දුක් වශයෙන් අනාත්ම වශයෙන් පිහිටි කල්හි ද මේ නයමය. මෙසේ මුලින් යම්කිසි තැනක පිහිටීම වේවා, වුට්ඨානගාමිනී විදර්ශනාව වනාහි යමක් යමක් සම්මර්ශනය කොට නැඟිටී ද, ඒ ඒ වශයෙන් ආගමනීය ස්ථානයෙහි සිට තමාගේ මාර්ගයට නම දෙයි යනුයි. එහිදී අනිත්‍ය වශයෙන් නැගිටින්නාගේ මාර්ගය අනිමිත්තය. දුක්ඛ වශයෙන් නැඟිටින්නාගේ මාර්ගය අප්පණිහිතය. අනාත්ම වශයෙන් නැගිටින්නාගේ මාර්ගය සුඤ්ඤතය. මෙසේ සූත්‍රාන්ත පර්යායයෙන් ගෙනහැර දක්වන ලදී.
වුට්ඨානගාමිනී පන විපස්සනා කිමාරම්මණාති? ලක්ඛණාරම්මණාති. ලක්ඛණං නාම පඤ්ඤත්තිගතිකං න වත්තබ්බධම්මභූතං. යො පන අනිච්චං දුක්ඛමනත්තාති තීණි ලක්ඛණානි සල්ලක්ඛෙති, තස්ස පඤ්චක්ඛන්ධා කණ්ඨෙ බද්ධකුණපං විය හොන්ති. සඞ්ඛාරාරම්මණමෙව ඤාණං සඞ්ඛාරතො වුට්ඨාති. යථා හි එකො භික්ඛු පත්තං කිණිතුකාමො පත්තවාණිජෙන පත්තං ආභතං දිස්වා හට්ඨපහට්ඨො ගණ්හිස්සාමීති චින්තෙත්වා වීමංසමානො තීණි ඡිද්දානි පස්සෙය්ය, සො න ඡිද්දෙසු නිරාලයො හොති, පත්තෙ පන නිරාලයො හොති; එවමෙව තීණි ලක්ඛණානි සල්ලක්ඛෙත්වා සඞ්ඛාරෙසු නිරාලයො හොති. සඞ්ඛාරාරම්මණෙනෙව ඤාණෙන සඞ්ඛාරතො වුට්ඨාතීති වෙදිතබ්බං. දුස්සොපමායපි එසෙව නයො.
වුට්ඨානගාමිනී විදර්ශනාව වනාහි කුමක් අරමුණු කොට ඇත්තේ ද? ලක්ෂණාරම්මණ කොට ඇත්තේය. ලක්ෂණය නම් ප්රඥප්ති ගතිකය, කිවයුතු ධර්මයක් නොවේ. යමෙක් වනාහි අනිත්‍යය, දුඃඛය, අනාත්මය යැයි ත්රිලක්ෂණයන් සලකයි ද, ඔහුට පංචස්කන්ධයෝ ගෙල බැඳි කුණ මෙන් වෙත්. සංස්කාරාරම්මණ ඤාණයම සංස්කාරයෙන් නැඟිටී. යම්සේ වනාහි එක් භික්ෂුවක් පාත්‍රයක් මිලදී ගනු කැමැත්තේ පාත්‍ර වෙළෙන්දෙකු පාත්‍රයක් රැගෙන ආවහු දැක තුටු පහටුව ගනිමියි සිතා විමසනුයේ සිදුරු තුනක් දක්නේය. හෙතෙම ඡිද්රයන්හි නිරාලය නොවෙයි. පාත්‍රයෙහිම නිරාලය වෙයි. මෙපරිද්දෙන් ත්රිලක්ෂණයන් සලකා සංස්කාරයන් කෙරෙහි නිරාලය වෙයි. සංස්කාරයන් අරමුණු කරගත් ඥානයෙන්ම සංස්කාරයන්ගෙන් නැඟිටී යැයි දතයුතුයි. දුස්සෝපමාවේ ද මේ නයමය.
ඉති භගවා ලොකුත්තරං ඣානං භාජෙන්තො සුද්ධිකපටිපදාය චතුක්කනයං පඤ්චකනයන්ති ද්වෙපි නයෙ ආහරි. තථා සුද්ධිකසුඤ්ඤතාය සුඤ්ඤතපටිපදාය සුද්ධිකඅප්පණිහිතාය අප්පණිහිතපටිපදායාති. කස්මා එවං ආහරීති? පුග්ගලජ්ඣාසයෙන චෙව දෙසනාවිලාසෙන ච. තදුභයම්පි හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං. එවං ලොකුත්තරං ඣානං භාවෙතීති එත්ථ සුද්ධිකපටිපදාය චතුක්කපඤ්චකවසෙන ද්වෙ නයා, තථා සෙසෙසූති සබ්බෙසුපි පඤ්චසු කොට්ඨාසෙසු දස නයා භාජිතා.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ලෝකෝත්තර ධ්‍යාන බෙදන සේක් ශුද්ධික ප්‍රතිපදාවෙහි චතුෂ්කනය ය පංචකනය යැයි නම් දෙකම ගෙනහැර දැක්වූ සේක. එසේම සුද්ධික සුඤ්ඤතාව පිළිබඳ සුඤ්ඤත පටිපදාවේ ද අප්පණිහිතයෙහි අප්පණිහිත පටිපදාවගේ ද නය දැක්වූ සේක. කුමක් හෙයින් එසේ දැක්වූ සේක් ද? පුද්ගල අධ්‍යාශය වශයෙන් හා දේශනා විලාසයෙනි. ඒ දෙකම යට කියන ලද නයින්ම දතයුතුයි. මෙසේ ලෝකුත්තරං ධ්‍යානං භාවෙති යන මෙහි ශුද්ධික ප්‍රතිපදාවෙහි චතුෂ්ක පංචක වශයෙන්ම නය දෙකකි. තථාසෙසෙසු යනු සියලුම පංච කොට්ඨාසයන්හි නය දසයක් බෙදන ලදී.