යෙදුමෙන් කියවන්න

තෙභූමකකුසලවණ‍්ණනා අට‍්ඨකථා

තෙභූමකකුසලවණ‍්ණනා

ත්‍රෛභූමක කුශල වර්ණනාව

ඉදානි යස‍්මා සබ‍්බානිපෙතානි තෙභූමකකුසලානි හීනාදිනා පභෙදෙන වත‍්තන‍්ති, තස‍්මා තෙසං තං පභෙදං දස‍්සෙතුං පුන කතමෙ ධම‍්මා කුසලාතිආදි ආරද‍්ධං. තත්‍ථ හීනන‍්ති ලාමකං. තං ආයූහනවසෙන වෙදිතබ‍්බං. හීනුත‍්තමානං මජ‍්ඣෙ භවං මජ‍්ඣිමං. පධානභාවං නීතං පණීතං, උත‍්තමන‍්ති අත්‍ථො. තානිපි ආයූහනවසෙනෙව වෙදිතබ‍්බානි. යස‍්ස හි ආයූහනක‍්ඛණෙ ඡන්‍දො වා හීනො හොති, වීරියං වා, චිත‍්තං වා, වීමංසා වා, තං හීනං නාම. යස‍්ස තෙ ධම‍්මා මජ‍්ඣිමා චෙව පණීතා, ච තං මජ‍්ඣිමඤ‍්චෙව පණීතඤ‍්ච. යං පන කත‍්තුකාමතාසඞ‍්ඛාතං ඡන්‍දං ධුරං ඡන්‍දං ජෙට‍්ඨකං ඡන්‍දං පුබ‍්බඞ‍්ගමං කත්‍වා ආයූහිතං, තං ඡන්‍දාධිපතිතො ආගතත‍්තා ඡන්‍දාධිපතෙය්‍යං නාම. වීරියාධිපතෙය්‍යාදීසුපි එසෙව නයො.

දැන් යම් හෙයකින් මේ සියලුම ත්‍රෛභූමක කුශලයෝ හීනාදී ප්‍රභේදයෙන් යුතුව පවතිත් ද, එහෙයින් ඔවුන්ගේ ඒ ප්‍රභේදය දක්වන්නට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි හීන ලාමකය. එය රැස්කිරීම් වශයෙන් දතයුතුයි. හීන උත්තම මධ්‍යයෙහි වූයේ මධ්‍යමය, ප්‍රධානත්වයට පමුණුවන ලද්දේ ප්‍රණීතය, උත්තම යන අර්ථයි. ඒවාද ආයූහන වශයෙන් දතයුතුයි. යමෙකුගේ වනාහි ආයු හණක්‍ෂණයෙහි ඡන්‍දය හෝ වීර්යය හෝ චිත්තය හෝ වීමංසාව හෝ හීන වේද, එය හීන නමි. යමෙකුගේ ඒ ධර්මයෝ මධ්‍යම ද ප්‍රණීත ද වෙත් ද ඒ මධ්‍යම ද ප්‍රණීත ද වෙයි. යමක් වනාහි කත්තුකම්මතා නම් වූ ඡන්‍දය, ප්‍රධාන වූ ඡන්‍දය, ජ්‍යෙෂ්ඨ වූ ඡන්‍දය පූර්වාංගම කොට රැස්කරන ලදද, එය ඡන්‍දාධිපත්‍යයෙන් ආ හෙයින් ඡන්‍දාධිපතෙය්‍ය නමි. විරියාධිපතෙය්‍ය ආදියෙහි ද මේ නයමය.

ඉමස‍්මිං පන ඨානෙ ඨත්‍වා නයා ගණෙතබ‍්බා. සබ‍්බපඨමං විභත‍්තො හි එකො නයො, හීනන‍්ති එකො, මජ‍්ඣිමන‍්ති එකො, පණීතන‍්ති එකො, ඡන්‍දාධිපතෙය්‍යන‍්ති එකො. ඉමෙ තාව ඡන්‍දාධිපතෙය්‍යෙ පඤ‍්ච නයා. එවං වීරියාධිපතෙය්‍යාදීසුපීති චත‍්තාරො පඤ‍්චකා වීසති හොන‍්ති. පුරිමො වා එකො සුද‍්ධිකනයො, හීනන‍්තිආදයො තයො, ඡන්‍දාධිපතෙය්‍යන‍්තිආදයො චත‍්තාරො, ඡන්‍දාධිපතෙය්‍යං හීනන‍්තිආදයො ද‍්වාදසාති එවම‍්පි වීසති නයා හොන‍්ති.

මෙතැන සිට වනාහි නය ගණනය කළ යුතුයි. සියල්ලට වනාහි බෙදන ලද්දේ එකම නයකි. හීන යනු එකකි. මධ්‍යම යනු එකකි. ප්‍රණීත යනු එකකි. ඡන්‍දාධිපතෙය්‍ය යනු එකකි. මේ වනාහි ඡන්‍දාධිපතෙය්‍ය පංච නයයි. මෙසේ විරියාධිපතෙය්‍ය ආදියෙහි ද පංචක සතරක් වශයෙන් විස්සක් වෙයි. පළමුවැන්න එක් සුද්ධික නයකි. හීනං යනාදී තුනෙකි. දොළොසක්දැයි මෙසේ ද නය විස්සක් වේ.

ඉමෙ වීසති මහානයා කත්‍ථ විභත‍්තාති? මහාපකරණෙ (පට‍්ඨා· 2.14.1) හීනත‍්තිකෙ විභත‍්තා. ඉමස‍්මිං පන ඨානෙ හීනත‍්තිකතො මජ‍්ඣිමරාසිං ගහෙත්‍වා හීනමජ‍්ඣිමපණීතවසෙන තයො කොට‍්ඨාසා කාතබ‍්බා. තතොපි මජ‍්ඣිමරාසිං ඨපෙත්‍වා හීනපණීතෙ ගහෙත්‍වා නව නව කොට‍්ඨාසා කාතබ‍්බා. හීනස‍්මිංයෙව හි හීනං අත්‍ථි මජ‍්ඣිමං අත්‍ථි පණීතං අත්‍ථි. පණීතස‍්මිම‍්පි හීනං අත්‍ථි මජ‍්ඣිමං අත්‍ථි පණීතං අත්‍ථි. තථා හීනහීනස‍්මිං හීනං, හීනහීනස‍්මිං මජ‍්ඣිමං, හීනහීනස‍්මිං පණීතං. හීනමජ‍්ඣිමස‍්මිං හීනං, හීනමජ‍්ඣිමස‍්මිං මජ‍්ඣිමං, හීනමජ‍්ඣිමස‍්මිං පණීතං. හීනපණීතස‍්මිං හීනං, හීනපණීතස‍්මිං මජ‍්ඣිමං, හීනපණීතස‍්මිං පණීතන‍්ති අයමෙකො නවකො. පණීතහීනස‍්මිම‍්පි හීනං නාම අත්‍ථි, පණීතහීනස‍්මිං මජ‍්ඣිමං, පණීතහීනස‍්මිං පණීතං. තථා පණීතමජ‍්ඣිමස‍්මිං හීනං, පණීතමජ‍්ඣිමස‍්මිං මජ‍්ඣිමං, පණීතමජ‍්ඣිමස‍්මිං පණීතං. පණීතපණීතස‍්මිං හීනං, පණීතපණීතස‍්මිං මජ‍්ඣිමං, පණීතපණීතස‍්මිං පණීතන‍්ති. අයං දුතියො නවකොති ද‍්වෙ නවකා අට‍්ඨාරස. ඉමානි අට‍්ඨාරස කම‍්මද‍්වාරානි නාම . ඉමෙහි පභාවිතත‍්තා , ඉමෙසං වසෙන, අට‍්ඨාරස ඛත‍්තියා, අට‍්ඨාරස බ්‍රාහ‍්මණා, අට‍්ඨාරස වෙස‍්සා, අට‍්ඨාරස සුද‍්දා, අට‍්ඨචත‍්තාලීස ගොත‍්තචරණානි වෙදිතබ‍්බානි.

මේ මහානය විස්ස කොහිදී බෙදන ලදද යත්? මහා ප්‍රකරණයෙහි හීනත්‍රිකයේදී බෙදන ලදී. මෙතැනදී වනාහි හීනත්‍රිකයෙන් මධ්‍යම රාශිය ගෙන හීන මධ්‍යම ප්‍රණීත වශයෙන් කොටස් තුනක් කළ යුතුයි. එයින් ද මධ්‍යම රාශිය හැර හීනප්‍රණීත රාශි ගෙන කොටස් නවය නවය වශයෙන් කළ යුතුයි. හීනයෙහිම වනාහි හීනයක් ඇත. මධ්‍යමයත් ඇත. ප්‍රණීතයත් ඇත. ප්‍රණීතයෙහි ද හීනයත් ඇත. මධ්‍යමයත් ඇත. ප්‍රණිතයත් ඇත. ප්‍රණීතයෙහි ද හීනයත් ඇත. මධ්‍යමයත් ඇත. ප්‍රණීතයත් ඇත. එසේම හීන හීනයෙහි හීනය, හීන හීනයෙහි මධ්‍යමය, හීන හීනයෙහි ප්‍රණීත ය, හීන මධ්‍යමයෙහි හීන ය, හීන මධ්‍යමයෙහි මධ්‍යම ය, හීන මධ්‍යමයෙහි ප්‍රණීත ය. හීන ප්‍රණීතයෙහි හීන ය, හීන ප්‍රණීතයෙහි මධ්‍යම ය, හීන ප්‍රණීතයෙහි ප්‍රණීතය යැයි මේ එක් නවකයෙකි. ප්‍රණීත හීනයෙහි ද හීනයක් නම් ඇත. ප්‍රණීත හීනයේ ද මධ්‍යමයෙක, ප්‍රණීත මධ්‍යමයෙහි හීනයක, ප්‍රණීත මධ්‍යමයෙහි මධ්‍යම ය, ප්‍රණීත මධ්‍යමයෙහි ප්‍රණීත ය, ප්‍රණීත ප්‍රණීතයෙහි හීන ය, ප්‍රණීත ප්‍රණීතයෙහි මධ්‍යමය, ප්‍රණීත ප්‍රණීතයෙහි ප්‍රණීතයැයි මේ දෙවන නවකයැයි නවක දෙකකි. දහඅටකි. මේ දහඅට කර්මද්වාර නමි. මොවුන්ගෙන් ප්‍රභාවිත හෙයින් මොවුන්ගේ වශයෙන් ක්‍ෂත්‍රියෙන් දහඅටෙක බමුණෝ දහඅටෙක වෛශ්‍යයෝ දහඅටෙක ශුද්‍රයෝ දහඅටෙක (මෙසේ) හතළිස් අටක් ගෝත්‍ර චරණයෝ දතයුත්තාහ.

ඉමෙසු ච පන තෙභූමකෙසු කුසලෙසු කාමාවචරකුසලං තිහෙතුකම‍්පි දුහෙතුකම‍්පි හොති ඤාණසම‍්පයුත‍්තවිප‍්පයුත‍්තවසෙන. රූපාවචරාරූපාවචරං පන තිහෙතුකමෙව ඤාණසම‍්පයුත‍්තමෙව. කාමාවචරම‍්පෙත්‍ථ අධිපතිනා සහාපි උප‍්පජ‍්ජති විනාපි. රූපාවචරාරූපාවචරං අධිපතිසම‍්පන‍්නමෙව හොති. කාමාවචරකුසලෙ චෙත්‍ථ ආරම‍්මණාධිපති සහජාතාධිපතීති ද‍්වෙපි අධිපතයො ලබ‍්භන‍්ති. රූපාවචරාරූපාවචරෙසු ආරම‍්මණාධිපති න ලබ‍්භති, සහජාතාධිපතියෙව ලබ‍්භති. තත්‍ථ චිත‍්තස‍්ස චිත‍්තාධිපතෙය්‍යභාවො සම‍්පයුත‍්තධම‍්මානං වසෙන වුත‍්තො. ද‍්වින‍්නං පන චිත‍්තානං එකතො අභාවෙන සම‍්පයුත‍්තචිත‍්තස‍්ස චිත‍්තාධිපති නාම නත්‍ථි. තථා ඡන්‍දාදීනං ඡන්‍දාධිපතිආදයො. කෙචි පන ‘සචෙ චිත‍්තවතො කුසලං හොති, මය‍්හං භවිස‍්සතීති එවං යං චිත‍්තං ධුරං කත්‍වා ජෙට‍්ඨකං කත්‍වා අපරං කුසලචිත‍්තං ආයූහිතං, තස‍්ස තං පුරිමචිත‍්තං චිත‍්තාධිපති නාම හොති, තතො ආගතත‍්තා ඉදං චිත‍්තාධිපතෙය්‍යං නාමා’ති එවං ආගමනවසෙනාපි අධිපතිං නාම ඉච‍්ඡන‍්ති. අයං පන නයො නෙව පාළියං න අට‍්ඨකථායං දිස‍්සති. තස‍්මා වුත‍්තනයෙනෙව අධිපතිභාවො වෙදිතබ‍්බො. ඉමෙසු ච එකූනවීසතියා මහානයෙසු පුරිමෙ සුද‍්ධිකනයෙ වුත‍්තපරිමාණානෙව චිත‍්තානි ච නවකා ච පාඨවාරා ච හොන‍්ති. තස‍්මා ඤාණසම‍්පයුත‍්තෙසු වුත‍්තපරිමාණතො වීසතිගුණො චිත‍්තනවකවාරභෙදො වෙදිතබ‍්බො, චතූසු ඤාණවිප‍්පයුත‍්තෙසු සොළසගුණොති, අයං තෙභූමකකුසලෙ පකිණ‍්ණකකථා නාමාති.

මේ ත්‍රෛභූමක කුශලයන් අතුරෙන් කාමාවචර කුශලය වනාහි ද්වි හේතුක ද ත්‍රිහේතුක ද වෙයි. රූපාවචරය ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත වශයෙන් රූපාවචරය වනාහි ත්‍රිහේතුකමය, ඥාන සම්ප්‍රයුක්තමය, මෙහිදී කාමාවචරය අධිපතියා සමග ද අධිපතියාගෙන් තොරව ද උපදී. රූපාවචර අරුපාවචර අධිපති සම්පන්නම වෙයි. මෙහි කාමාවචර කුශලයෙහි ද ආරම්මණාධිපති සහජාතාධිපති යන අධිපතීහු දෙදෙනාම ලැබෙත්. රූපාවචර අරූපාවචරයන්හි ආරම්මණාධිපති නොලැබෙයි. සහජාතාධිපතිම ලැබෙයි. එහි සිත පිළිබඳව සිතේ අධිපති බව සම්ප්‍රයුක්ත ධර්මය වශයෙන් කියන ලදී. සිත්දෙක එකට නොවීමෙන් සම්ප්‍රයුක්ත සිතට චිත්තාධිපති නම් නැත. ඡන්‍දාදීන්ට ඡන්‍දාධිපති ආදිය ද එසේය. ඇතැම් අයෙක් වනාහි සිත ඇත්තහුට කුසල් වේ නම් මටත් වන්නේ යැයි මෙසේ යම් සිතක් ප්‍රධාන කොට ජ්‍යෙෂ්ඨ කොට වෙනත් කුසල් සිතක් එක්කරන ලද ද, ඔහුගේ ඒ පළමු සිත චිත්තාධිපති නම් වෙයි. එයින් ආ හෙයින් මෙය චිත්තාධිපතෙය්‍ය නමැයි මෙසේ ආගමන වශයෙන් ද අධිපති නම් කැමති වෙත්, මේ නය වනාහි පාළියෙහි වත් අටුවාවෙහි වත් නො දැක්වේ. එහෙයින් කියන ලද නයින්ම අධිපතිභාවය දතයුතුයි. මේ එකුන්විසි මහ නයෙහි ද පළමු සුද්ධිකනයෙහි කියන ලද ප්‍රමාණම සිත් ද නවක ද පාඨවාර ද වෙයි. එහෙයින් ඥාන සම්ප්‍රයුක්තයන්හි කියන ලද ප්‍රමාණයට වඩා චිත්ත නවකවාර භේදයෙහි විසිගුණයක් ද ඥාන සම්ප්‍රයුක්ත සතරෙහි සොළොස් ගුණයක් ද දතයුතුයි. මේ ත්‍රෛභූමක කුශලයෙහි ප්‍රකීර්ණක කථා නමි.

තෙභූමකකුසලං.

ත්‍රෛභූමක කුශලය නිමියේ ය.