යෙදුමෙන් කියවන්න

නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං අට‍්ඨකථා

නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං

නෙවසඤ්ඤානාසඤ්ඤායතනං

ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්මාති එත්‍ථාපි පුබ‍්බෙ වුත‍්තනයෙනෙව ආකිඤ‍්චඤ‍්ඤං ආයතනමස‍්ස අධිට‍්ඨානට‍්ඨෙනාති ඣානම‍්පි ආකිඤ‍්චඤ‍්ඤායතනං. වුත‍්තනයෙනෙව ආරම‍්මණම‍්පි. එවමෙතං ඣානඤ‍්ච ආරම‍්මණඤ‍්චාති උභයම‍්පි අප‍්පවත‍්තිකරණෙන ච අමනසිකරණෙ ච සමතික‍්කමිත්‍වාව යස‍්මා ඉදං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහාතබ‍්බං, තස‍්මා උභයම‍්පෙතං එකජ‍්ඣං කත්‍වා ‘ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්මා’ති ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්මා යන මෙහි ද පළමු කී නයින්ම ආකිඤ්චඤ්ඤං ආයතනයනමස්ස අධිට්ඨානෙන යනු මොහුගේ ධ්‍යානයත් ආකිඤ්චඤ්ඤායතනයයි. කියන ලද නයින්ම අරමුණත් එසේය. මෙසේ මේ ධ්‍යානයත් අරමුණත් යන දෙකම නො පැවතීම කිරීමෙන් ද මෙනෙහි නො කිරීමෙන් ද ඉක්මවා ද යම්හෙයකින් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කළයුතුයි. එහෙයින් මේ දෙකම එක්කොට ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්මා යන මෙය කියන ලදැයි දතයුතුයි.

නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතන‍්ති එත්‍ථ පන යාය සඤ‍්ඤාය භාවතො තං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනන‍්ති වුච‍්චති, යථා පටිපන‍්නස‍්ස සා සඤ‍්ඤා හොති, තං තාව දස‍්සෙතුං විභඞ‍්ගෙ “නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී”ති උද‍්ධරිත්‍වා “තඤ‍්ඤෙව ආකිඤ‍්චඤ‍්ඤායතනං සන‍්තතො මනසිකරොති සඞ‍්ඛාරාවසෙසසමාපත‍්තිං භාවෙති, තෙන වුච‍්චති නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී”ති (විභ· 619) වුත‍්තං. තත්‍ථ ‘සන‍්තතො මනසිකරොතී’ති ‘සන‍්තා වතායං සමාපත‍්ති, යත්‍ර හි නාම නත්‍ථිභාවම‍්පි ආරම‍්මණං කරිත්‍වා ඨස‍්සතී’ති එවං සන‍්තාරම‍්මණතාය නං ‘සන‍්තා’ති මනසිකරොති. සන‍්තතො චෙ මනසිකරොති, කථං සමතික‍්කමො හොතීති? අනාවජ‍්ජිතුකාමතාය. සො හි කිඤ‍්චාපි නං සන‍්තතො මනසිකරොති, අථ ඛ‍්වස‍්ස ‘අහමෙතං ආවජ‍්ජිස‍්සාමි සමාපජ‍්ජිස‍්සාමි අධිට‍්ඨහිස‍්සාමි වුට‍්ඨහිස‍්සාමි පච‍්චවෙක‍්ඛිස‍්සාමී’ති එස ආභොගො සමන‍්නාහාරො මනසිකාරො න හොති. කස‍්මා? ආකිඤ‍්චඤ‍්ඤායතනතො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනස‍්ස සන‍්තතරපණීතතරතාය.

නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඤ්ඤාසහගතං යන මෙහි වනාහි ඒ සංඥාවගේ ස්වභාවයෙන් එය නේවසඤ්ඤානාසඤ්ඤායතන යැයි කියනු ලැබේ. යම් අයුරකින් පිළින්පනෙකුට ඒ සංඥාව වේද පළමුව එය දැක්වීමට විභංගයෙහි ‘නෙවසඤ්ඤීහොති’ යැයි උපුටා ඒ ආකිඤ්චඤ්ඤායතනයම ශාන්ත වශයෙන් මෙනෙහි කරයි ද සංස්කාරාවශේෂ සමාපත්තිය වඩයි ද එහෙයින් නේවසඤ්ඤී නාසඤ්ඤී යැයි කියනු ලැබේ යැයි කියන ලදී. එහි සන්තතො මනසිකරොති යනු මේ සමාපත්තිය ඒකාන්තයෙන් ශාන්තය. එහි වනාහි නත්‍ථිභාවය ද අරමුණු කොට සිටීයැයි මෙසේ ශාන්ත අරමුණු ඇති හෙයින් එය ශාන්ත යැයි මෙනෙහි කරයි. ශාන්ත වශයෙන් හෝ මෙනෙහි කරයි. කෙසේ නම් සමතික්‍රමය වේ ද? ආවර්ජනයට නොනැවති බැවිනි. හෙතෙම වනාහි යම්ලෙසකින් එය මෙනෙහි කරයිද, ඉක්බිති ඔහුට මම මෙය ආවර්ජනය කරමි. සමවදිමි. අධිෂ්ඨාන කරමි. නැගිටිමි. ප්‍රත්‍යවේක්‍ෂා කරමි යන මේ සිතාබැලීමක් එක්තැන් කිරීමක් මෙනෙහි කිරීමක් නොවේ. කවරහෙයින් ද? ආකිචඤ්ඤායතනයට වඩා නේවසඤ්ඤා, නාසඤ්ඤායතනයේ අතිශයින්ම ශාන්ත අතිශයින්ම ප්‍රණීතතාව නිසාය.

යථා හි රාජා මහච‍්චරාජානුභාවෙන හත්‍ථික‍්ඛන්‍ධගතො නගරවීථියං විචරන‍්තො දන‍්තකාරාදයො සිප‍්පිකෙ එකං වත්‍ථං දළ‍්හං නිවාසෙත්‍වා එකෙන සීසං වෙඨෙත්‍වා දන‍්තචුණ‍්ණාදීහි සමොකිණ‍්ණගත‍්තෙ අනෙකානි දන‍්තවිකතිආදීනි කරොන‍්තෙ දිස‍්වා ‘අහො වත රෙ ඡෙකා ආචරියා, ඊදිසානිපි නාම සිප‍්පානි කරිස‍්සන‍්තී’ති, එවං තෙසං ඡෙකතාය තුස‍්සති, න චස‍්ස එවං හොති – ‘අහො වතාහං රජ‍්ජං පහාය එවරූපො සිප‍්පිකො භවෙය්‍ය’න‍්ති. තං කිස‍්ස හෙතු? රජ‍්ජසිරියා මහානිසංසතාය. සො සිප‍්පිකෙ සමතික‍්කමිත්‍වාව ගච‍්ඡති. එවමෙවෙස කිඤ‍්චාපි තං සමාපත‍්තිං සන‍්තතො මනසිකරොති, අථ ඛ‍්වස‍්ස ‘අහමෙතං සමාපත‍්තිං ආවජ‍්ජිස‍්සාමි සමාපජ‍්ජිස‍්සාමි අධිට‍්ඨහිස‍්සාමි වුට‍්ඨහිස‍්සාමි පච‍්චවෙක‍්ඛිස‍්සාමී’ති නෙව එස ආභොගො සමන‍්නාහාරො මනසිකාරො හොති. සො තං සන‍්තතො මනසි කරොන‍්තො තං පරමසුඛුමං අප‍්පනාප‍්පත‍්තං සඤ‍්ඤං පාපුණාති, යාය ‘නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී නාම හොති, සඞ‍්ඛාරාවසෙසසමාපත‍්තිං භාවෙතී’ති වුච‍්චති. ‘සඞ‍්ඛාරාවසෙසසමාපත‍්ති’න‍්ති අච‍්චන‍්තසුඛුමභාවප‍්පත‍්තසඞ‍්ඛාරං චතුත්‍ථාරුප‍්පසමාපත‍්තිං.

යම්සේ වනාහි මහත් වූ රාජානුභාවයෙන් යුත් රජ ඇතුපිට නැගී නුවර වීථියෙහි හැසිරෙනුයේ එක් වස්ත්‍රයක් දැඩිව හැඳ එකකින් හිස වෙළා දත්සුනු ආදිය තැවරුණු ශරීර ඇති නොයෙක් දළ කැටයම් ආදිය කරන දන්තකාරාදී ශිල්පීන් දැක බොලව් ඒකාන්තයෙන් පුදුමයි. දක්‍ෂ ආචාර්යවරු මෙබඳු වූද ශිල්ප කරන්නේ යැයි මෙසේ ඔවුන්ගේ දක්‍ෂතාවෙහි සතුටු වෙයි. ඔහුට මම රාජ්‍යය හැර මෙබඳු වූ ශිල්පියෙක් වන්නේ නම් ඉතා හොඳය යන මෙබඳු අදහසක් නො වන්නේය. එයට හේතු කවරේ ද? රාජ්‍යශ්‍රීයෙහි මහානිසංසතාවෙනි. හෙතෙම ශිල්පීන් ඉක්මවාම යයි. මෙපරිද්දෙන් මෙතෙම ඔහුට මම මේ සමාපත්තිය ආවර්ජනා කරමි. සමවදිමි. අධිෂ්ඨාන කරමි. නැගිටිමි. ප්‍රත්‍යවේක්‍ෂා කරමියි යන මේ සිතාබැලීමත් සිත එක්තැන් කිරීමත් මෙනෙහි කිරීමක් නොවේමය. හෙතෙම එය ශාන්ත වශයෙන් මෙනෙහි කරනුයේ පළමු කී නයින්ම ඒ අතිශයින්ම සියුම් සමාධිගත සංඥාවට පැමිණෙයි. හෙතෙම නේවසඤ්ඤී නාසඤ්ඤී නම් වෙයි. සංස්කාරාවශේෂ සමාපත්තිය යනු අතිශයින්ම සියුම් බවට පැමිණි සංස්කාර ඇති චතුර්ථ අරූප සමාපත්තියයි.

ඉදානි යං තං එවං අධිගතාය සඤ‍්ඤාය වසෙන නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනන‍්ති වුච‍්චති, තං අත්‍ථතො දස‍්සෙතුං “නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනන‍්ති නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස වා, උපපන‍්නස‍්ස වා, දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා චිත‍්තචෙතසිකා ධම‍්මා”ති (විභ· 620) වුත‍්තං. තෙසු ඉධ සමාපන‍්නස‍්ස චිත‍්තචෙතසිකා ධම‍්මා අධිප‍්පෙතා.

දැන් මෙසේ අධිගම කළ සංඥාවෙහි වශයෙන් යම් ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතනය යැයි කියනු ලැබේද, එය අර්ථ වශයෙන් දක්වන්නට නේවසඤ්ඤානාසඤ්ඤායතන යනු නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුණහුගේ හෝ පැමිණියහුගේ හෝ මෙලොව සැප විහරණයෙහි යෙදුණෙකුගේ හෝ චිත්ත චෛතසික ධර්මයෝයැයි කියන ලදී. ඔවුනතුරෙන් මෙහිදී සමවැදුණහුගේ චිත්ත චෛතසික ධර්මයෝ අභිප්‍රේතයහ.

වචනත්‍ථො පනෙත්‍ථ – ඔළාරිකාය සඤ‍්ඤාය අභාවතො, සුඛුමාය ච භාවතො, නෙවස‍්ස සසම‍්පයුත‍්තධම‍්මස‍්ස ඣානස‍්ස සඤ‍්ඤා, නාසඤ‍්ඤාති නෙවසඤ‍්ඤානාසඤ‍්ඤං. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤඤ‍්ච තං මනායතනධම‍්මායතනපරියාපන‍්නත‍්තා ආයතනඤ‍්චාති නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං. අථ වා යායමෙත්‍ථ සඤ‍්ඤා, සා පටුසඤ‍්ඤාකිච‍්චං කාතුං අසමත්‍ථතාය නෙවසඤ‍්ඤා , සඞ‍්ඛාරාවසෙසසුඛුමභාවෙන විජ‍්ජමානත‍්තා නාසඤ‍්ඤාති නෙවසඤ‍්ඤානාසඤ‍්ඤා. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤා ච සා සෙසධම‍්මානං අධිට‍්ඨානට‍්ඨෙන ආයතනඤ‍්චාති නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං.

මෙහි වචනාර්ථය වනාහි ඔළාරික සඤ්ඤාවගේ අභාවයෙන් ද සියුම් සඤ්ඤාව හෝ ඇති බැවින් ද මේ සය සම්ප්‍රයුක්ත ධර්මයන්ගෙන් යුත් ධ්‍යානයට සංඥා නැත්තේය. අසංඥ ද නොවේ යනු = නේවසඤ්ඤානාසඤ්ඤාය, ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ද මනායතන ධම්මායතනයන්හි ඇතුළත් හෙයින් ආයතන ද වේ යනු = නේවසඤ්ඤානාසඤ්ඤායතනය, නොහොත් මෙහි යම් සංඥාවක් වේද, එය පටු සංඥා කෘත්‍යයක් කරන්නට අසමර්ථ හෙයින් නේවසඤ්ඤාය, සංස්කාරවශේෂ සූක්‍ෂමභාවයෙන් (සංඥාවක්, විද්‍යාමාන හෙයින් නාසඤ්ඤා යැයි නේවසඤ්ඤානාසඤ්ඤාය, නේවසඤ්ඤානාසඤ්ඤ ද වූ එය සෙසු ධර්මයන් අධිෂ්ඨානාර්ථයෙන් ආයතන ද වෙයි යනු - නේවසඤ්ඤානාසඤ්ඤායතනයයි,

න කෙවලඤ‍්චෙත්‍ථ සඤ‍්ඤාව එදිසී, අථ ඛො වෙදනාපි නෙවවෙදනා නාවෙදනා, චිත‍්තම‍්පි නෙවචිත‍්තං නාචිත‍්තං, ඵස‍්සොපි නෙවඵස‍්සො නාඵස‍්සොති. එස නයො සෙසසම‍්පයුත‍්තධම‍්මෙසු. සඤ‍්ඤාසීසෙන පනායං දෙසනා කතාති වෙදිතබ‍්බා. පත‍්තමක‍්ඛනතෙලප‍්පභුතීහි ච උපමාහි එසමත්‍ථො විභාවෙතබ‍්බො – සාමණෙරො කිර තෙලෙන පත‍්තං මක‍්ඛෙත්‍වා ඨපෙසි. තං යාගුපානකාලෙ ථෙරො ‘පත‍්තමාහරා’ති ආහ. සො ‘පත‍්තෙ තෙලමත්‍ථි, භන‍්තෙ’ති ආහ. තතො ‘ආහර, සාමණෙර, තෙලං නාළිං පූරෙස‍්සාමී’ති වුත‍්තෙ ‘නත්‍ථි, භන‍්තෙ, තෙල’න‍්ති ආහ. තත්‍ථ යථා අන‍්තොවුත්‍ථත‍්තා යාගුයා සද‍්ධිං අකප‍්පියට‍්ඨෙන තෙලං අත්‍ථීති හොති, නාළිපූරණාදීනං අභාවවසෙන නත්‍ථීති හොති, එවං සාපි සඤ‍්ඤා පටුසඤ‍්ඤාකිච‍්චං කාතුං අසමත්‍ථතාය නෙවසඤ‍්ඤා, සඞ‍්ඛාරාවසෙසසුඛුමභාවෙන විජ‍්ජමානත‍්තා නාසඤ‍්ඤා හොති.

හුදෙක් මෙහි සංඥාව පමණක් මෙබඳු නොවේ. එසේම වේදනාව ද වේදනාත් නොවේ. වේදනා නොවන්නෙත් නොවේ. සිත ද සිතක් නොවේ. සිත නො වන්නේ ද නොවේ. ස්පර්ශය ද ස්පර්ශයත් නොවේ. ස්පර්ශ නො වන්නේ ද නොවේ. සෙසු සම්ප්‍රයුක්ත ධර්මයන්හි ද මේ නයමය. මේ දේශනාව වනාහි සංඥාව මුල්කරගෙන කරන ලදැයි දතයුතුයි. පාත්‍රයෙහි තවරන කෙල ආදිකොට ඇති උපමාවලින් මේ අර්ථය පැහැදිලි කරගත යුතුයි. සාමණේර නමක් වනාහි පාත්‍රයේ තෙල් තවරා තැබීය. කැඳ වළඳන වෙලාවෙහි තෙරණුවෝ පාත්‍රය ගෙනෙවයි සාමණේර නමට කීහ. සාමණේර නම පාත්‍රයෙහි තෙල් ඇතැයි කීය. සාමණේරය, එසේ නම් ගෙනෙන්න. තෙල් බෝතලය පුරවමුයි කී කල්හි ස්වාමීනි, නැතැයි කීය. යම්සේ එහි ඇතුළත තැවරී ඇති හෙයින් කැඳත් සමග නො ගැළපෙන හෙයින් තෙල් ඇත්තේ ද වෙයි. බෝතලය පිරවීම ආදියට (අභාව) වශයෙන් නැත්තේ ද වෙයි. මෙසේ ඒ සංඥාව ද පටු සංඥා කෘත්‍යයක් කරන්නට අසමර්ථ හෙයින් නේවසඤ්ඤාය, සංස්කාරාවශේෂ සූක්‍ෂම බැවින් විද්‍යමාන නිසා නාසඤ්ඤා වේ.

කිම‍්පනෙත්‍ථ සඤ‍්ඤාකිච‍්චන‍්ති? ආරම‍්මණසඤ‍්ජානනඤ‍්චෙව විපස‍්සනාය ච විසයභාවං උපගන‍්ත්‍වා නිබ‍්බිදාජනනං. දහනකිච‍්චමිව හි සුඛොදකෙ තෙජොධාතු, සඤ‍්ජානනකිච‍්චම‍්පෙසා පටුං කාතුං න සක‍්කොති. සෙසසමාපත‍්තීසු සඤ‍්ඤා විය විපස‍්සනාය විසයභාවං උපගන‍්ත්‍වා නිබ‍්බිදාජනනම‍්පි කාතුං න සක‍්කොති. අඤ‍්ඤෙසු හි ඛන්‍ධෙසු අකතාභිනිවෙසො භික‍්ඛු නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනක‍්ඛන්‍ධෙ සම‍්මසිත්‍වා නිබ‍්බිදං පත‍්තුං සමත්‍ථො නාම නත්‍ථි. අපිච ආයස‍්මා සාරිපුත‍්තො, පකතිවිපස‍්සකො පන මහාපඤ‍්ඤො සාරිපුත‍්තසදිසොව සක‍්කුණෙය්‍ය. සොපි “එවං කිරිමෙ ධම‍්මා අහුත්‍වා සම‍්භොන‍්ති, හුත්‍වා පටිවෙන‍්තී”ති (ම· නි· 3.95) එවං කලාපසම‍්මසනවසෙනෙව, නො අනුපදධම‍්මවිපස‍්සනාවසෙන. එවං සුඛුමත‍්තං ගතා එසා සමාපත‍්ති.

මෙහි වනාහි සංඥාකෘත්‍යය යනු කුමක් ද? අරමුණ හැඳිනගැනීම මෙන්ම විදර්ශනාවේ ද විෂයභාවයට පැමිණ කළකිරීම ඇතිකිරීම ද සිහිල් දියෙහි දැවීම් කිස මෙන් තේජෝධාතුව හැඳිනගැනීම් කිස පවා මේ සංඥාව දක්‍ෂව කරන්නට නො හැක්කේ වෙයි. සෙසු සමාපත්තීන්හි සංඥාව මෙන් විදර්ශනාවෙහි විෂයභාවයට පැමිණ නිර්වේදජනනය කිරීමටද නො හැක්කේ ය. අන්‍ය ස්කන්‍ධයන්හි නො කළ පිවිසීම් ඇති භික්‍ෂුව නේවසඤ්ඤානාසඤ්ඤායතන ස්කන්‍ධයන් සම්මර්ශනය කොට කළකිරිමට පත්වීමට සමර්ථ නම් නැත. තවද ශාරිපුත්‍රා යුෂ්මතුන් වහන්සේ ප්‍රකෘතියෙන් විදර්ශකයාන කෙනෙකි. මහාප්‍රාඥයාණ කෙනෙකි. ශාරිපුත්‍රයන් සමාන කෙනෙක්ම හැකිවෙත්, හෙතෙමේ ද මේ ධර්මයෝ වනාහි මෙසේ නැති වී හටගනිත් හටගෙන නැතිවෙත් නැසෙත්යැයි මෙසේ කලාප සම්මර්ශන වශයෙන්ය. අනුපද ධර්ම විදර්ශනා වශයෙන් නොවේ. මේ සමාපත්තිය මෙසේ සියුම්බවට පැමිණියේය.

යථා ච පත‍්තමක‍්ඛනතෙලූපමාය එවං මග‍්ගුදකූපමායපි අයමත්‍ථො විභාවෙතබ‍්බො. මග‍්ගපටිපන‍්නස‍්ස කිර ථෙරස‍්ස පුරතො ගච‍්ඡන‍්තො සාමණෙරො ථොකමුදකං දිස‍්වා ‘උදකං, භන‍්තෙ, උපාහනා ඔමුඤ‍්චථා’ති ආහ. තතො ථෙරෙන ‘සචෙ උදකමත්‍ථි, ආහර න‍්හානසාටකං, න‍්හායිස‍්සාමී’ති වුත‍්තෙ ‘නත්‍ථි, භන‍්තෙ’ති ආහ. තත්‍ථ යථා උපාහනතෙමනමත‍්තට‍්ඨෙන උදකං අත්‍ථීති හොති , න‍්හානට‍්ඨෙන නත්‍ථීති හොති, එවම‍්පි සා පටුසඤ‍්ඤාකිච‍්චං කාතුං අසමත්‍ථතාය නෙව සඤ‍්ඤා, සඞ‍්ඛාරාවසෙසසුඛුමභාවෙන විජ‍්ජමානත‍්තා නාසඤ‍්ඤා හොති. න කෙවලඤ‍්ච එතාහෙව, අඤ‍්ඤාහිපි අනුරූපාහි උපමාහි එස අත්‍ථො විභාවෙතබ‍්බො. ඉති ඉමාය නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ පවත‍්තාය සඤ‍්ඤාය නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනභූතාය වා සඤ‍්ඤාය සහගතන‍්ති නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං. ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තිආරම‍්මණස‍්ස ඣානස‍්සෙතං අධිවචනං.

යම්සේ පාත්‍රයෙහි තැවරුණු තෙලෙහි උපමාවෙන් විස්තර කරන ලදද, එසේ මාර්ගයෙහි දිය උපමාවෙන් ද මේ අර්ථය විස්තර කළ යුතුයි. මාර්ගයට පිළිපන් තෙරනමකගේ ඉදිරියෙන් වඩනා සාමණේර නමක් දිය ස්වල්පයක් දැක ස්වාමීනි, වතුර, පාවහන් ඉවත් කරන්නැයි කීහ. ඉක්බිති තෙරුන් වහන්සේ ජලය තිබේ නම් දියසළුව ගෙනෙන්න නාමු යැයි කී කල්හි නැත ස්වාමීනියි කීහ. මෙහිදී යම්සේ පාවහන් තෙමෙන (පමණ) යන අර්ථයෙන් ජලය ඇත්තේ යැයි වේද නෑමේ අර්ථයෙන් නැතැයි වේද, මෙසේ ද ඒ සංඥාව පටු සංඥා කෘත්‍යයක් කරන්නට අසමත් බැවින් නේවසඤ්ඤාය, සංස්කාරවශේෂ සූක්‍ෂමතාවෙන් විද්‍යමාන හෙයින් නාසඤ්ඤා ද වෙයි. හුදෙක් මොවුන් සමග පමණක් නොවේ. අන්‍ය වූද අරූප උපමාවන් සමගද මේ අර්ථය විස්තර කළ යුතුයි. මෙසේ මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පැවති සංඥාව සමග හෝ නේවසඤ්ඤානාසඤ්ඤායතන වූ සංඥාව සමග හෝ සහගත වූයේ යනු නේවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤා සහගතය. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය අරමුණු කරගත් ධ්‍යනයට මේ නමකි.

ඉධ ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තියා නිකන‍්තිපරියාදානදුක‍්ඛතාය දුක‍්ඛා පටිපදා, පරියාදින‍්නනිකන‍්තිකස‍්ස අප‍්පනාපරිවාසදන්‍ධතාය දන්‍ධාභිඤ‍්ඤා. විපරියායෙන සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා ච. පරිත‍්තකසිණුග‍්ඝාටිමාකාසෙ පවත‍්තිතවිඤ‍්ඤාණාපගමාරම‍්මණං සමාපත‍්තිං ආරබ‍්භ පවත‍්තිතාය පරිත‍්තාරම‍්මණතා, විපරියායෙන අප‍්පමාණාරම‍්මණතා වෙදිතබ‍්බා. සෙසං පුරිමසදිසමෙව.

මෙහිදී ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය පිළිබඳ ආශාව නැතිකිරීම දුක් බැවින් දුක්ඛා පටිපදා වෙයි. නැතිකරන ලද තෘෂ්ණාව පිළිබඳ අර්පණාපරිවාස දන්‍ධත්වයෙන් දන්‍ධාභිඤ්ඤා වෙයි. විපරීත වශයෙන් සුඛා පටිපදා ඛිප්පභිඤ්ඤා ද වෙයි. පරිත්ත කසිණය ඉගිළු ආකාසයෙහි පැවති විඤ්ඤාණාපගත අරමුණු කරගත් සමාපත්තිය අරබයා පැවති හෙයින් පරිත්තාරම්මණකාය, විපරීත වශයෙන් අප්පමාණාරම්මණතාව දතයුතුයි. සෙස්ස පෙරසේමය.

අසදිසරූපො නාථො, ආරුප‍්පං යං චතුබ‍්බිධං ආහ; තං ඉති ඤත්‍වා තස‍්මිං, පකිණ‍්ණකකථාපි විඤ‍්ඤෙය්‍යා.

අසදිසරූපො නාථො ආරුප්පං යං චතුබ්බිධං ආහ තං ඉති ඤත්‍වා තස්මිං පකිණ්ණක කථා පි විඤ්ඤෙය්‍යා

අසමාන රූප ඇති නාථ වූ බුදුරජාණන් වහන්සේ චතුර්විධ වූ යම් අරූප සමාපත්තියක් වදාළ සේක් ද, එහිදී එය මෙසේ දැන ප්‍රකීර්ණය කථා ද දතයුතුයි.

අරූපසමාපත‍්තියො හි –

අරූප සමාපත්තීහු වනාහි :-

ආරම‍්මණාතික‍්කමතො, චතස‍්සොපි භවන‍්තිමා; අඞ‍්ගාතික‍්කමමෙතාසං, න ඉච‍්ඡන‍්ති විභාවිනො.

ආරම්මණාතික්කමතො චකස්සොපි භවන්තිමා අංගාතික්කම මෙතාසං න ඉච්ඡන්ති විභාවිනො

ආරම්මණාතික්‍රම වශයෙන් භවන්තිම වූ අරූප සමාපත්තීහුද සතර දෙනෙකි. පණ්ඩිතයෝ මොවුන්ගේ අබ්භාතික්‍රමය නොකැමති වෙත්.

එතාසු හි රූපනිමිත‍්තාතික‍්කමතො පඨමා, ආකාසාතික‍්කමතො දුතියා, ආකාසෙ පවත‍්තිතවිඤ‍්ඤාණාතික‍්කමතො තතියා, ආකාසෙ පවත‍්තිතවිඤ‍්ඤාණස‍්ස අපගමාතික‍්කමතො චතුත්‍ථාති සබ‍්බථා ‘ආරම‍්මණාතික‍්කමතො චතස‍්සොපි භවන‍්තිමා’ අරූපසමාපත‍්තියොති වෙදිතබ‍්බා. අඞ‍්ගාතික‍්කමං පන එතාසං න ඉච‍්ඡන‍්ති පණ‍්ඩිතා. න හි රූපාවචරසමාපත‍්තීසු විය එතාසු අඞ‍්ගාතික‍්කමො අත්‍ථි. සබ‍්බාසුපි හි එතාසු උපෙක‍්ඛා චිත‍්තෙකග‍්ගතාති ද‍්වෙ එව ඣානඞ‍්ගානි හොන‍්ති. එවං සන‍්තෙපි –

මොවුනතුරෙන් වනාහි රූප නිමිත්ත අතික්‍රමයෙන් පළමුවැන්න ද, ආකාශාතික්‍රමයෙන් දෙවැන්න ද ආකාශයෙහි පැවති විඤ්ඤාණාතික්‍රමයෙන් තුන්වැන්න ද ආකාශයෙහි පැවති විඤ්ඤාණයාගේ අපගම අතික්‍රමයෙන් සතරවැන්නදැයි මෙසේ සර්වප්‍රකාරයෙන් ආරම්මණා වශයෙන් භවන්තිම වූ අරූප සමාපත්ති සතරම දතයුතුයි. පණ්ඩිතයෝ වනාහි මොවුන්ගේ අංගතික්‍රමය නො කැමති වෙත්. රූපාවචර සමාපත්තීන්හි මෙන් මේ සමාපත්තීන්හි අංගාතික්‍රමයක් නොමැත. මේ සියල්ලෙහිම වනාහි උපෙක්‍ඛා චිත්තෙකග්ගතා යන ධ්‍යානාංග දෙකක්ම වෙයි. එසේ ඇති කල්හිදු

සුපණීතතරා හොන‍්ති, පච‍්ඡිමා පච‍්ඡිමා ඉධ; උපමා තත්‍ථ විඤ‍්ඤෙය්‍යා, පාසාදතලසාටිකා.

සුපණීකතරා හොන්ති පච්ඡිමා ඉධ උපමා තත්‍ථ විඤ්ඤෙය්‍යා පාසාදතල සාටිකා

මෙහි පශ්චිම පශ්චිමයෝ අතිශයින්ම ප්‍රණීත වෙත්. එහි පාසාදතල සාටිකා උපමාව දතයුතුයි.

යථා හි චතුභූමකපාසාදස‍්ස හෙට‍්ඨිමතලෙ දිබ‍්බනච‍්චගීතවාදිතසුරභිගන්‍ධමාලාසාදුරසපානභොජනසයනච‍්ඡාදනාදිවසෙන පණීතා පඤ‍්ච කාමගුණා පච‍්චුපට‍්ඨිතා අස‍්සු, දුතියෙ තතො පණීතතරා, තතියෙ තතො පණීතතමා, චතුත්‍ථෙ සබ‍්බපණීතා; තත්‍ථ කිඤ‍්චාපි තානි චත‍්තාරිපි පාසාදතලානෙව, නත්‍ථි නෙසං පාසාදතලභාවෙන විසෙසො, පඤ‍්චකාමගුණසමිද‍්ධිවිසෙසෙන පන හෙට‍්ඨිමතො හෙට‍්ඨිමතො උපරිමං උපරිමං පණීතතරං හොති.

යම්සේ වනාහි සිව්බුමුපායෙක යටම තලයෙහි දෙව්මුවා නැටුම් ගැයුම් වැයුම් මනාසුවඳ මල් මිහිරි රස පාන බොජුන් යහන් ඇඳුම් වශයෙන් ප්‍රණීත පංචකාම ගුණයෝ එළඹ සිටියෝ වෙත් ද දෙවන තලයෙහි ඊට වඩා ප්‍රණීතතරය. තුන්වැන්නෙහි ඊටත් වඩා ප්‍රණීතතමය. සතරවැන්නෙහි සියල්ලටම වඩා ප්‍රණීතය. එහි ඒ සතරම ප්‍රාසාදතලයෝ ය. ප්‍රසාදතල භාවයෙන් ඔවුන්ගේ කිසිදු වෙනසක් නැත. පංචකාම ගුණ සමෘද්ධිය වශයෙන් වනාහි යටමහලින් (යටමහලින්) මතුමත්තට ප්‍රණීතතර වෙයි.

යථා ච එකාය ඉත්‍ථියා කන‍්තිතථූලසණ‍්හසණ‍්හතරසණ‍්හතමසුත‍්තානං චතුපලතිපලද‍්විපලඑකපලසාටිකා අස‍්සු, ආයාමෙන විත්‍ථාරෙන ච සමප‍්පමාණා; තත්‍ථ කිඤ‍්චාපි තා සාටිකා චතස‍්සොපි ආයාමතො ච විත්‍ථාරතො ච සමප‍්පමාණා, නත්‍ථි තාසං පමාණතො විසෙසො, සුඛසම‍්ඵස‍්සසුඛුමභාවමහග‍්ඝභාවෙහි පන පුරිමාය පුරිමාය පච‍්ඡිමා පච‍්ඡිමා පණීතතරා හොන‍්ති, එවමෙව කිඤ‍්චාපි චතූසුපි එතාසු උපෙක‍්ඛා චිත‍්තෙකග‍්ගතාති එතානි ද‍්වෙයෙව අඞ‍්ගානි හොන‍්ති, අථ ඛො භාවනාවිසෙසෙන තෙසං අඞ‍්ගානං පණීතපණීතතරභාවෙන සුපණීතතරා හොන‍්ති පච‍්ඡිමා පච‍්ඡිමා ඉධාති වෙදිතබ‍්බා. එවං අනුපුබ‍්බෙන පණීතපණීතා චෙතා –

එසේම එක් ස්ත්‍රියකට කටින ලද ස්ථුල සියුම්තර සියුම්තම නූලින් කළ පලම් සතර පලම් තුන පලම් දෙක පලම් එක (බරින් යුතු) දිගින් ද පළලින් සමාන ප්‍රමාණයෙන් යුත් සළු විය. ඒ සළු සතරම දිගින්ද පළලින් ද සමප්‍රමාණ බැවින් ඒවා ප්‍රමාණයෙන් වෙනසක් නැත. සුවපහසින් සියුම් බැවින් හා මහ බැවින් වනාහි පළමු පළමු වස්ත්‍රයන්ට වඩා පසු පසුව කී වස්ත්‍ර ප්‍රණීතතර වෙයි. මෙපරිද්දෙන්ම මේ සතරෙහි ද උපේක්‍ෂා ඒකාග්‍රතාව ද මේ අංග දෙකින්ම යුක්ත වෙයි. එහෙයින් භාවනා වශයෙන් ඒ අංගයන්ගේ ප්‍රණීත ප්‍රණීතතර භාවයෙන් සුප්‍රණීතතර වෙයි. පශ්චිම පශ්චිම අංග මෙහි ද දතයුතුයි. මෙසේ පිළිවෙළින් ප්‍රණීත ප්‍රණීත වන මේ අංග :

අසුචිම‍්හි මණ‍්ඩපෙ ලග‍්ගො, එකො තං නිස‍්සිතො පරො; අඤ‍්ඤො බහි අනිස‍්සාය, තං තං නිස‍්සාය චාපරො. ඨිතො චතූහි එතෙහි, පුරිසෙහි යථාක‍්කමං; සමානතාය ඤාතබ‍්බා, චතස‍්සොපි විභාවිනා. (විසුද‍්ධි· 1.291);

අසූචිම්හි මණ්ඩපෙ ලග්ගො එකො තන්නිස්සිතො පරො, අඤ්ඤො බහි අනිස්සාය තං තං නිස්සාය චාපරො ඨිතො චතුහි එතෙහි පුරිසෙහි යථාක්කමං සමානකාය ඤාතබ්බා චතස්සොපි විභාවනා

අසූචි සහිත ප්‍රදේශයක මඩුවෙක අසූචියෙහි ඇලුණු එකෙකි, අනෙකා ඔහු ඇසුරු කෙළේ ය. අනෙකා ඔහු ඇසුරු නොකොට පිටත ද තවෙකෙක් ඔහු ඇසුරු කොට ද සිටියේ ය. මේ පුරුෂයන් සතරදෙනාගෙන් සමානත්වයේ විස්තර පිළිවෙළින් දතයුතුයි.

තත්‍රායමත්‍ථයොජනා – අසුචිම‍්හි කිර දෙසෙ එකො මණ‍්ඩපො. අථෙකො පුරිසො ආගන‍්ත්‍වා තං අසුචිං ජිගුච‍්ඡමානො තං මණ‍්ඩපං හත්‍ථෙහි ආලම‍්බිත්‍වා තත්‍ථ ලග‍්ගො, ලග‍්ගිතො විය අට‍්ඨාසි. අථාපරො ආගන‍්ත්‍වා තං මණ‍්ඩපලග‍්ගං පුරිසං නිස‍්සිතො. අථඤ‍්ඤො ආගන‍්ත්‍වා චින‍්තෙසි – ‘යො එස මණ‍්ඩපෙ ලග‍්ගො, යො ච තං නිස‍්සිතො, උභොපෙතෙ දුට‍්ඨිතා; ධුවො ච නෙසං මණ‍්ඩපපපාතෙ පාතො, හන්‍දාහං බහියෙව තිට‍්ඨාමී’ති සො තන‍්නිස‍්සිතං අනිස‍්සාය බහියෙව අට‍්ඨාසි. අථාපරො ආගන‍්ත්‍වා මණ‍්ඩපලග‍්ගස‍්ස තන‍්නිස‍්සිතස‍්ස ච අඛෙමභාවං චින‍්තෙත්‍වා බහිඨිතඤ‍්ච සුට‍්ඨිතොති මන‍්ත්‍වා තං නිස‍්සාය අට‍්ඨාසි.

මේ එහි අර්ථ යෝජනාවයි. අශූචි ප්‍රදේශයක වනාහි එක් මඩුවක් වෙයි. ඉක්බිති එක් පුරුෂයෙක් අවුත් ඒ අශූචිය පිළිකුල් කරමින් ඒ මඩුව අතින් එල්බගෙන එහි ඇලී ඇලුණකු මෙන් සිටියේ ය. ඉන් තවත් එකෙක් අවුත් ඒ මඩුවෙහි ඇලුණු පුරුෂයා ඇසුරු කෙළේ ය. නැවත අනිකෙක් අවුත් මෙසේ සිතීය. මේ මඩුවෙහි ඇලුණු පුරුෂයාත් ඔහු ඇසුරු කළ පුරුෂයාත් යන මේ දෙදෙනාම නපුරු ලෙස සිටියාහුය. ඔවුන් මඩුව පල්ලට වැටීම ඒකාන්තය. එහෙයින් මම පිටතම සිටිමියි, හෙතෙම ඔහු ඇසුරු කළහු ඇසුරු නොකොට පිටතම සිටියේය. ඉන්පසු වෙනත් අයෙක් අවුත් මඩුවෙහි ඇලුණාහුගේත් ඔහු ඇසුරු කළහුගේත් බිය සහිත බව සිතා පිටත සිටියහු මනාව සිටි බව ද දැන ඔහු ඇසුරුකොට සිටියේය.

තත්‍ථ අසුචිම‍්හි දෙසෙ මණ‍්ඩපො විය කසිණුග‍්ඝාටිමාකාසං දට‍්ඨබ‍්බං. අසුචිජිගුච‍්ඡාය මණ‍්ඩපලග‍්ගො පුරිසො විය රූපනිමිත‍්තජිගුච‍්ඡාය ආකාසාරම‍්මණං ආකාසානඤ‍්චායතනං . මණ‍්ඩපලග‍්ගං පුරිසං නිස‍්සිතො විය ආකාසාරම‍්මණං ආකාසානඤ‍්චායතනං ආරබ‍්භ පවත‍්තං විඤ‍්ඤාණඤ‍්චායතනං. තෙසං ද‍්වින‍්නම‍්පි අඛෙමභාවං චින‍්තෙත්‍වා අනිස‍්සාය තං මණ‍්ඩපලග‍්ගං, බහිඨිතො විය, ආකාසානඤ‍්චායතනං ආරම‍්මණං අකත්‍වා තදභාවාරම‍්මණං ආකිඤ‍්චඤ‍්ඤායතනං. මණ‍්ඩපලග‍්ගස‍්ස තන‍්නිස‍්සිතස‍්ස ච අඛෙමතං චින‍්තෙත්‍වා බහිඨිතඤ‍්ච ‘සුට‍්ඨිතො’ති මන‍්ත්‍වා තං නිස‍්සාය ඨිතො විය විඤ‍්ඤාණාභාවසඞ‍්ඛාතෙ බහිපදෙසෙ ඨිතං ආකිඤ‍්චඤ‍්ඤායතනං ආරබ‍්භ පවත‍්තං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං දට‍්ඨබ‍්බං. එවං පවත‍්තමානඤ‍්ච –

එහි අශූචි ප්‍රදේශයෙහි මඩුව මෙන් කසිණය ඉගිළු ආකාසය දතයුතුය. අශූචියට පිළිකුලින් මඩුවෙහි ඇලුණු පුරුෂයා මෙන් රූපනිමිත්තෙහි පිළිකුලින් ආකාසය අරමුණු කරගත් ආකාසානඤ්චායතනය දතයුතුයි. මඩුවෙහි ඇලුණු පුරුෂයා ඇසුරුකළහු මෙන් ආකාසය අරමුණු කරගත් ආකාසානඤ්චායතනය අරබයා පැවති විඤ්ඤාණඤ්චායතනය දතයුතුයි. ඒ දෙදෙනාගේම බිය සහිත බව සිතා මඩුවෙහි ඇලුණු ඔහු ඇසුරු නොකොට පිටත සිටියහු මෙන් ආකාසානඤ්චායතනය දතයුතුයි. මඩුවෙහි ලැග්ගහුගේ ද ඔහු ඇසුරු කළහුගේ ද බිය සහිත බව සිතා පිටත සිටියහු මනාව සිටියේයැයි දැන ඔහු ඇසුරුකොට සිටියහු මෙන් විඤ්ඤාණභාව සංඛ්‍යාත පිට පෙදෙසෙහි සිටි ආකිඤ්චඤ්ඤායතනය අරබයා පැවති නේවසඤ්ඤානාසඤ්ඤායතනය දතයුතුයි. මෙසේ පවත්නා වූ ද,

ආරම‍්මණං කරොතෙව, අඤ‍්ඤාභාවෙන තං ඉදං; දිට‍්ඨදොසම‍්පි රාජානං, වුත‍්තිහෙතු යථා ජනො. (විසුද‍්ධි· 1.292);

ආරම්මණං කරොතෙව අඤ්ඤාභාවෙන තං ඉදං දිට්ඨදොසම්පි රාජානං වුත්තිහෙතු යථාජනො

ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතනය අනෙකක් නැති බැවින් මේ ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කෙරේමය. යම්සේ ජනයා පැවැත්ම හේතුවෙන් දක්නා ලද දොස් ඇත්තා වූද රජු ඇසුරු කරන්නාක් මෙනි.

ඉදඤ‍්හි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං ‘ආසන‍්නවිඤ‍්ඤාණඤ‍්චායතනපච‍්චත්‍ථිකා අයං සමාපත‍්තී’ති එවං දිට‍්ඨදොසම‍්පි තං ආකිඤ‍්චඤ‍්ඤායතනං අඤ‍්ඤස‍්ස ආරම‍්මණස‍්ස අභාවා ආරම‍්මණං කරොතෙව. යථා කිං? ‘දිට‍්ඨදොසම‍්පි රාජානං වුත‍්තිහෙතු යථා ජනො’. යථා හි අසංයතං ඵරුසකායවචීමනොසමාචාරං කඤ‍්චි සබ‍්බදිසම‍්පතිං රාජානං ‘ඵරුසසමාචාරො අය’න‍්ති එවං දිට‍්ඨදොසම‍්පි අඤ‍්ඤත්‍ථ වුත‍්තිං අලභමානො ජනො වුත‍්තිහෙතු නිස‍්සාය වත‍්තති, එවං දිට‍්ඨදොසම‍්පි තං ආකිඤ‍්චඤ‍්ඤායතනං අඤ‍්ඤං ආරම‍්මණං අලභමානමිදං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං ආරම‍්මණං කරොතෙව. එවං කුරුමානඤ‍්ච –

මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය වනාහි මේ සමාපත්තිය ආසන්න විඤ්ඤාණඤ්චායනයට සතුරු යැයි මෙසේ දක්නා ලද දොස් ඇති ආකිඤ්චඤ්ඤායතනය වෙනත් අරමුණක් නැති හෙයින් අරමුණු කෙරේමය, කුමක් මෙන්ද? දිට්ඨදොසම්පි රාජානං වුත්තිහෙතු යථාපනො (යනුවෙන්) යම්සේ වනාහි අසංයත වූ ඵරුෂ වූ කාය වාක් මනෝ සමාචාර ඇති මුළු දිවයිනටම අධිපති වූ කිසියම් රජෙකු මෙතෙම ඵරුෂ සමාචාර ඇත්තේයැයි මෙසේ දක්නා ලද දොස් ඇතිව ද අන්තැනක වෘත්තියක් නො ලබන්නා වූ ජනයා වෘත්ති හේතුව ඇසුරුකොට පවතී. මෙසේ දක්නා ලද දොස් ඇතිව ද ඒ ආකිඤ්චඤ්ඤායතනය අන් අරමුණක් නො ලබන මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය අරමුණු කෙරේමය. මෙසේ කරන්නා වූ ද,

ආරුළ‍්හො දීඝනිස‍්සෙණිං, යථා නිස‍්සෙණිබාහුකං; පබ‍්බතග‍්ගඤ‍්ච ආරුළ‍්හො, යථා පබ‍්බතමත්‍ථකං.

ආරූළ්හො දීඝ නිස්සෙණිං යථා නිස්සෙණිබාහුකං පබ්බතග්ගඤ්ච ආරූළ්හො යථාපබ්බතමත්‍ථකං

යථා වා ගිරිමාරුළ‍්හො, අත‍්තනොයෙව ජණ‍්ණුකං; ඔලුබ‍්භති තථෙවෙතං, ඣානමොලුබ‍්භ වත‍්තතීති. (විසුද‍්ධි· 1.293);

යථා වා ගිරිමාරූළ්හො අත්තනො යෙව ජණ්ණුකං ඔලුබ්භති තමථවෙතං ඣාන මොලුබ්භ වත්තනී ති

දිග ඉනිමගකට නැගුණේ යම්සේ ඉනිමං අත එල්බගනී ද පර්වත මුදුනකට නැගුණේ පර්වත මුදුන එල්බගනීද ගල්මුදුනකට නැගුණේ යම්සේ තමාගේ දණම එල්බේද එසේම මෙය ද ධ්‍යානය අරමුණු කොට පවතී යනුයි.

අරූපාවචරකුසලකථා නිට‍්ඨිතා.

අරූප කුසල කථා නිමියේ ය.