ලොකුත්තරකුසලං පකිණ්ණකකථා අට්ඨකථා
ලොකුත්තරකුසලං පකිණ්ණකකථා
ලොකුත්තරකුසලං පකිණ්ණකකථා
තත්රිදං පකිණ්ණකං –
මේ එහි ප්රකීර්ණකයයි :-
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, රූපාරූපෙසු පඤ්චසු; සත්තට්ඨඞ්ගපරිණාමං, නිමිත්තං පටිපදාපතීති.
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච රූපාරූපෙසු පඤ්චසු සත්තට්ඨංග පරිණාමං නිමිත්තං පටිපදා පතී ති
ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද පංචවිධ රූපයන්හි සප්ත අෂ්ට අංගයන්ගේ පරිණාමය ද වුට්ඨාන නිමිත්ත ද ප්‍රතිපදාවන්ගේ හා අධිපතීන්ගේ චලතාචලනය (හැසිරීම) ද දතයුතුයි.
ලොකුත්තරමග්ගො හි අජ්ඣත්තං අභිනිවිසිත්වා අජ්ඣත්තං වුට්ඨාති , අජ්ඣත්තං අභිනිවිසිත්වා බහිද්ධා වුට්ඨාති, බහිද්ධා අභිනිවිසිත්වා බහිද්ධා වුට්ඨාති, බහිද්ධා අභිනිවිසිත්වා අජ්ඣත්තං වුට්ඨාති. රූපෙ අභිනිවිසිත්වා රූපා වුට්ඨාති, රූපෙ අභිනිවිසිත්වා අරූපා වුට්ඨාති. අරූපෙ අභිනිවිසිත්වා අරූපා වුට්ඨාති, අරූපෙ අභිනිවිසිත්වා රූපා වුට්ඨාති, එකප්පහාරෙනෙව පඤ්චහි ඛන්ධෙහි වුට්ඨාති.
ලෝකෝත්තර මාර්ගයෙහි ආධ්‍යාත්මය පිහිටා ආධ්‍යාත්මයෙහි නැඟිටී. ආධ්‍යාත්මයෙහි පිහිටා පිටත නැඟිටී. පිටත පිහිටා පිටත නැඟිටී. පිටත පිහිටා ආධ්‍යාත්මයෙහි නැඟිටී. රූපයෙහි පිහිටා රූපයෙන් නැඟිටී. රූපයෙහි පිහිටා අරූපයෙන් නැඟිටී. අරූපයෙහි පිහිටා අරූපයෙන් නැගිටී. අරූපයෙහි පිහිටා රූපයෙන් නැඟිටී. එක්වරම පංචස්කන්ධයෙන් නැඟිටී.
‘සත්තට්ඨඞ්ගපරිණාම’න්ති සො පනෙස මග්ගො අට්ඨඞ්ගිකොපි හොති සත්තඞ්ගිකොපි. බොජ්ඣඞ්ගාපි සත්ත වා හොන්ති ඡ වා. ඣානං පන පඤ්චඞ්ගිකං වා හොති චතුරඞ්ගිකං වා; තිවඞ්ගිකං වා දුවඞ්ගිකං වා. එවං සත්තඅට්ඨාදීනං අඞ්ගානං පරිණාමො වෙදිතබ්බොති අත්ථො.
සත්තට්ඨාංග පරිණාමං යනු ඒ මේ මාර්ගය වනාහි අෂ්ටාංගික ද වෙයි. සප්තාංගික ද වෙයි. බොජ්ඣංගයෝ ද සතක් හෝ හයක් වෙත්. ධ්‍යානය වනාහි පංචාංගික හෝ චතුරංගික හෝ තිවංගික හෝ (දුවංගික) වේ. මෙසේ සප්ත අෂ්ටාදී අංගයන්ගේ පරිණාමය දතයුතුයි යන අර්ථයි.
‘නිමිත්තං පටිපදාපතී’ති නිමිත්තන්ති යතො වුට්ඨානං හොති; ‘පටිපදාපතී’ති පටිපදාය ච අධිපතිනො ච චලනාචලනං වෙදිතබ්බං.
නිමිත්තං පටිපදා පති යන තුනෙහි නිමිත්තං යනු යමකින් (නියත) නැගිටීමක් වේද, පටිපදා පති යනු ප්රතිපදාවේද අධිපතීහුගේ චලනාචලනය දතයුතුයි.
තත්ථ අජ්ඣත්තං අභිනිවිසිත්වා අජ්ඣත්තං වුට්ඨාතීතිආදීසු තාව ඉධෙකච්චො ආදිතොව අජ්ඣත්තං පඤ්චසු ඛන්ධෙසු අභිනිවිසති, අභිනිවිසිත්වා තෙ අනිච්චාදිතො පස්සති, යස්මා පන න සුද්ධඅජ්ඣත්තදස්සනමත්තෙනෙව මග්ගවුට්ඨානං හොති, බහිද්ධාපි දට්ඨබ්බමෙව, තස්මා පරස්ස ඛන්ධෙපි අනුපාදින්නසඞ්ඛාරෙපි අනිච්චං දුක්ඛමනත්තාති පස්සති. සො කාලෙන අජ්ඣත්තං සම්මසති කාලෙන බහිද්ධාති. තස්සෙවං සම්මසතො අජ්ඣත්තං සම්මසනකාලෙ විපස්සනා මග්ගෙන සද්ධිං ඝටියති. එවං අජ්ඣත්තං අභිනිවිසිත්වා අජ්ඣත්තං වුට්ඨාති නාම. සචෙ පනස්ස බහිද්ධා සම්මසනකාලෙ විපස්සනා මග්ගෙන සද්ධිං ඝටියති, එවං අජ්ඣත්තං අභිනිවිසිත්වා බහිද්ධා වුට්ඨාති නාම. එසෙව නයො බහිද්ධා අභිනිවිසිත්වා බහිද්ධා ච අජ්ඣත්තඤ්ච වුට්ඨානෙපි.
එහි අජ්ඣත්තං අභිනිවිසිත්වා අජ්ඣත්තං වුට්ඨාති යන ආදීන්හි වනාහි මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් පළමුවෙන්ම ආධ්‍යාත්මික පංචස්කන්ධයෙහි පිහිටයි. පිහිටා ඒ පංචස්කන්ධයන් අනිත්‍යාදී වශයෙන් බලයි. යම්හෙයකින් වනාහි පිරිසිදු ආධ්‍යාත්ම දර්ශන මාත්‍රයෙන් මාර්ගයෙන් නැඟිටීමක් නොවේ. පිටත ද දැකිය යුතුමය. එහෙයින් අන්‍යයාගේ ස්කන්ධයන්හි ද අනුපාදින්න සංස්කාරයන්හි ද අනිත්‍යය දුක්ඛ අනාත්මය යැයි දකී. හෙතෙම කලක ආධ්‍යාත්මය සම්මර්ශනය කරයි. කලෙක පිටත සම්මර්ශනය කරයි. මෙසේ සම්මර්ශනය කරන ඔහු ආධ්‍යාත්මය සම්මර්ශනය කරන කාලයෙහි විදර්ශනාව මාර්ගය සමග හැඟෙයි. මෙසේ ආධ්‍යාත්මයට පිවිස ආධ්‍යාත්මයෙන් නැගිටී නම් වෙයි. යම්හෙයකින් වනාහි ඔහු පිටත සම්මර්ශනය කරන කාලයෙහි විදර්ශනාව මාර්ගය සමග ගැටෙයි. මෙසේ ආධ්‍යාත්මයට පිවිස පිටත නැඟිටී නම් වෙයි. පිටත පිවිස පිටත මෙන්ම ආධ්‍යාත්මයෙහි ද නැගිටීමෙහි ද මේ නයමය.
අපරො ආදිතොව රූපෙ අභිනිවිසති අභිනිවිසිත්වා භූතරූපඤ්ච උපාදාරූපඤ්ච පරිච්ඡින්දිත්වා අනිච්චාදිතො පස්සති, යස්මා පන න සුද්ධරූපදස්සනමත්තෙනෙව වුට්ඨානං හොති අරූපම්පි දට්ඨබ්බමෙව, තස්මා තං රූපං ආරම්මණං කත්වා උප්පන්නං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණඤ්ච ඉදං අරූපන්ති පරිච්ඡින්දිත්වා අනිච්චාදිතො පස්සති. සො කාලෙන රූපං සම්මසති කාලෙන අරූපං. තස්සෙවං සම්මසතො රූපසම්මසනකාලෙ විපස්සනා මග්ගෙන සද්ධිං ඝටියති. එවං රූපෙ අභිනිවිසිත්වා රූපා වුට්ඨාති නාම. සචෙ පනස්ස අරූපසම්මසනකාලෙ විපස්සනා මග්ගෙන සද්ධිං ඝටියති, එවං රූපෙ අභිනිවිසිත්වා අරූපා වුට්ඨාති නාම. එස නයො අරූපෙ අභිනිවිසිත්වා අරූපා ච රූපා ච වුට්ඨානෙපි.
තවෙකෙක් මුලින් ද රූපයෙහි පිවිසෙයි. (පිහිටයි) පිවිස භූතරූපයන් ද උපාදාය රූපයන් ද පිරිසිඳ අනිත්‍යාදී වශයෙන් දකී. යම්හෙයකින් වනාහි ශුද්ධරූප දර්ශන මාත්‍රයෙන්ම පිහිටීම නොවේ. අරූප ද දැකිය යුතුය. එහෙයින් රූපය අරමුණුකොට උපන් වේදනාව සංඥාව සංස්කාර හා විඥානය ද මේ අරූපය යැයි පිරිසිඳ අනිත්‍යාදී වශයෙන් දකී. හෙතෙම කලකදී රූපය සම්මර්ශනය කරයි. කලකදී අරූපය සම්මර්ශනය කරයි. ඔහු මෙසේ රූප සම්මර්ශනය කරන කාලයෙහි විදර්ශනාව මාර්ගය සමග ගැටෙයි. රූපයෙහි පිහිටා රූපයෙන් නැගිටී යනු මෙසේය. ඉදින් වනාහි අරූප සම්මර්ශනය කරන කාලයෙහි ඔහුගේ විදර්ශනාව මාර්ගය සමග ගැටේ නම් එසේ වීම අරූපයෙහි පිහිටා අරූපයෙන් නැගිටී නම්, අරූපයෙහි පිහිටා අරූපයෙන් නැගිටීම ද රූපයෙහි පිහිටා රූපයෙන් නැගිටීමේදී ද මේ නයමය.
“යංකිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම”න්ති (මහාව· 16; දී· නි· 1.298) එවං අභිනිවිසිත්වා එවමෙව වුට්ඨානකාලෙ පන එකප්පහාරෙන පඤ්චහි ඛන්ධෙහි වුට්ඨාති නාමාති. අයං තික්ඛවිපස්සකස්ස මහාපඤ්ඤස්ස භික්ඛුනො විපස්සනා.
හටගැනීම ස්වභාවකොට ඇති කිසිවක් වේ නම් ඒ සියල්ල නිරුද්ධවීම ස්වභාවකොට ඇතැයි මෙසේ පිහිටි මෙපරිද්දෙන්ම නැඟිටිනා කල්හි වනාහි එකපැහැරම පංචස්කන්ධයගෙන් නැඟිටී නම් මේ තීක්ෂණ විදර්ශක මහා ප්‍රාඥ භික්ෂුවගේ විදර්ශනාවයි.
යථා හි ඡාතජ්ඣත්තස්ස පුරිසස්ස මජ්ඣෙ ගූථපිණ්ඩං ඨපෙත්වා නානග්ගරසභොජනපුණ්ණං පාතිං උපනෙය්යුං, සො බ්යඤ්ජනං හත්ථෙන වියූහන්තො තං ගූථපිණ්ඩං දිස්වා ‘කිමිද’න්ති පුච්ඡිත්වා ගූථපිණ්ඩොති වුත්තෙ ‘ධි ධි, අපනෙථා’ති භත්තෙපි පාතියම්පි නිරාලයො හොති. එවංසම්පදමිදං දට්ඨබ්බං.
යම්සේ සයින් පෙළෙන ආධ්‍යාත්මයක් ඇති පුරුෂයෙකු ඉදිරිපිට අශූචි පිඩක් තබා නොයෙක් අග්‍ර රස භෝජනයෙන් පිරුණු පාත්‍රයක් ඉදිරිපත් කරන්නහු ද, හෙතෙම අතින් ව්‍යඤ්ජන විසුරුවන්නේ ඒ අශූචි පිඩ දැක මෙය කුමක්දැයි විචාරා අශූචි පිඩකැයි කී කල්හි චී චී මෙය ඉවත් කරව් යැයි බතෙහි ද පාත්‍රයෙහි ද නිරාලය වේ ද, මෙය ද මෙසේ යැයි දතයුතුයි.
භොජනපාතිදස්සනස්මිඤ්හි තස්ස අත්තමනකාලො විය ඉමස්ස භික්ඛුනො බාලපුථුජ්ජනකාලෙ පඤ්චක්ඛන්ධෙ ‘අහං මමා’ති ගහිතකාලො. ගූථපිණ්ඩස්ස දිට්ඨකාලො විය තිණ්ණං ලක්ඛණානං සල්ලක්ඛිතකාලො. භත්තෙපි පාතියම්පි නිරාලයකාලො විය තික්ඛවිපස්සකස්ස මහාපඤ්ඤස්ස භික්ඛුනො “යංකිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම”න්ති පඤ්චහි ඛන්ධෙහි එකප්පහාරෙන වුට්ඨිතකාලො වෙදිතබ්බො.
මේ භික්ෂුව බාල පෘථග්ජන කාලයෙහි පංචස්කන්ධයන් මමය මාගේයැයි ගත් කාලය භෝජන පාත්‍රය දැකීමේදී ඔහු ප්‍රීතියට පත් කාලය මෙනි. ත්රිලක්ෂණ සලකන ලද කාලය අශූචි පිඩ දුටු කාලය මෙනි. තීක්ෂණ විදර්ශක මහා ප්‍රාඥ භික්ෂුව යංකිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරොධධම්මං යැයි පඤචස්කන්ධයන්ගෙන් එකපැහැර නැඟිටි කාලය බතෙහි ද පාත්‍රයෙහි ද නිරාලය කාලය මෙනැයි දතයුතුයි.
‘සත්තට්ඨඞ්ගපරිණාම’න්ති එත්ථ අයං වුත්තප්පභෙදො අඞ්ගපරිණාමො යථා හොති තථා වෙදිතබ්බො. සඞ්ඛාරුපෙක්ඛාඤාණමෙව හි අරියමග්ගස්ස බොජ්ඣඞ්ගමග්ගඞ්ගඣානඞ්ගවිසෙසං නියමෙති. කෙචි පන ථෙරා ‘බොජ්ඣඞ්ගමග්ගඞ්ගඣානඞ්ගවිසෙසං පාදකජ්ඣානං නියමෙතී’ති වදන්ති. කෙචි ‘විපස්සනාය ආරම්මණභූතා ඛන්ධා නියමෙන්තී’ති වදන්ති. කෙචි ‘පුග්ගලජ්ඣාසයො නියමෙතී’ති වදන්ති. තෙසම්පි වාදෙසු අයං සඞ්ඛාරුපෙක්ඛාසඞ්ඛාතා පුබ්බභාගා වුට්ඨානගාමිනිවිපස්සනාව නියමෙතීති වෙදිතබ්බා.
සත්තට්ඨංග පරිණාමං යන මෙහි මේ කියන ලද ප්‍රභේද ඇති අංග පරිණාමය යම්සේ වේද, එසේ දතයුතුයි. සංස්කාරුපේක්ෂා ඥානයම වනාහි ආර්ය මාර්ගයාගේ බෝධ්‍යංග මාර්ගාංග හා ධ්‍යානාංග විශේෂ නියම කරයි. ඇතැම් තෙරවරු බෝධ්‍යාංග මාර්ගාංග ධ්‍යානාංග විශේෂ පාදක ධ්‍යානය නියම කෙරේ යැයි කියත්. ඇතැම් කෙනෙක් විදර්ශනාවට අරමුණු වූ ස්කන්ධයෝ නියම කෙරෙත්යැයි කියත්. ඇතැම් කෙනෙක් පුද්ගලාධ්‍යාශය නියම කරයි යැයි කියත්. ඔවුන්ගේ වාදයන් අතුරෙන් ද මේ සංස්කාරුපේක්ෂා සංඛ්‍යාත පූර්වභාග වත්ථානගාමිනී විදර්ශනාවම නියම කෙරේ යැයි දතයුතුයි.
තත්රායං අනුපුබ්බීකථා – විපස්සනානියමෙන හි සුක්ඛවිපස්සකස්ස උප්පන්නමග්ගොපි සමාපත්තිලාභිනො ඣානං පාදකං අකත්වා උප්පන්නමග්ගොපි පඨමජ්ඣානං පාදකං කත්වා පකිණ්ණකසඞ්ඛාරෙ සම්මසිත්වා උප්පාදිතමග්ගොපි පඨමජ්ඣානිකොව හොති. සබ්බෙසු සත්ත බොජ්ඣඞ්ගානි අට්ඨ මග්ගඞ්ගානි පඤ්ච ඣානඞ්ගානි හොන්ති. තෙසඤ්හි පුබ්බභාගවිපස්සනා සොමනස්සසහගතාපි උපෙක්ඛාසහගතාපි හුත්වා වුට්ඨානකාලෙ සඞ්ඛාරුපෙක්ඛාභාවං පත්තා සොමනස්සසහගතාව හොති.
මේ එහි පිළිබඳ කථාවයි. විදර්ශනා නියමයෙන් වනාහි ශුෂ්ක විදර්ශකයාට උපන් මාර්ගයත් සමාපත්තිලාභියාට ධ්‍යානය පාදක නොකොට උපන් මාර්ගයක් ප්‍රථම ධ්‍යානය පාදක කොට ප්රකීර්ණක සංස්කාරයන් සම්මර්ශනය කොට උපදවන ලද මාර්ගයත් ප්රථමධ්යානිකම වෙයි. සප්තබෝධාංග අෂ්ට මාර්ගාංග පංචධ්යානාංග සියලෙහි වෙයි. ඔවුන්ගෙන් ද පූර්වභාග විදර්ශනාව වනාහි සොම්නස් සහගතව ද උපේක්ෂා සහගතව ද වී වුට්ඨාන කාලයෙහි සංස්කාරූපේක්ෂභාවයට පැමිණ සොම්නස් සහගතම වෙයි.
පඤ්චකනයෙ දුතියතතියචතුත්ථජ්ඣානානි පාදකානි කත්වා උප්පාදිතමග්ගෙසු යථාක්කමෙනෙව ඣානං චතුරඞ්ගිකං තිවඞ්ගිකං දුවඞ්ගිකඤ්ච හොති. සබ්බෙසු පන සත්ත මග්ගඞ්ගානි හොන්ති, චතුත්ථෙ ඡ බොජ්ඣඞ්ගානි. අයං විසෙසො පාදකජ්ඣානනියමෙන චෙව විපස්සනානියමෙන ච හොති. තෙසම්පි හි පුබ්බභාගවිපස්සනා සොමනස්සසහගතාපි උපෙක්ඛාසහගතාපි හොති. වුට්ඨානගාමිනී සොමනස්සසහගතාව.
පංචකනයෙහි ද්විතීය ධ්‍යාන තෘතීය ධ්‍යාන චතුර්ථ ධ්‍යනයන් පාදක කොටගෙන උපදවන ලද මාර්ගයන්හි පිළිවෙළින්ම ධ්‍යානය චතුරංගික තිවංගික දුවංගික ද වෙයි. සප්ත මාර්ගාංගයෝ වනාහි සියල්ලෙහි වෙත්. බෝධ්‍යාංග සයක් සතරවැන්නෙහි වෙයි. මේ වෙනස පාදකධ්‍යාන නියමයෙන් ද විදර්ශනා නියමයෙන් ද වෙයි. ඔවුන්ගෙන් ද පූර්වභාග විදර්ශනාව වනාහි සොම්නස් සහගතව ද උපේක්ෂා සහගතව ද වෙයි.
පඤ්චමජ්ඣානං පාදකං කත්වා නිබ්බත්තිතමග්ගෙ පන උපෙක්ඛාචිත්තෙකග්ගතාවසෙන ද්වෙ ඣානඞ්ගානි බොජ්ඣඞ්ගමග්ගඞ්ගානි ඡ සත්ත චෙව. අයම්පි විසෙසො උභයනියමවසෙන හොති. ඉමස්මිඤ්හි නයෙ පුබ්බභාගවිපස්සනා සොමනස්සසහගතා වා උපෙක්ඛාසහගතා වා හොති, වුට්ඨානගාමිනී උපෙක්ඛාසහගතාව. අරූපජ්ඣානානි පාදකානි කත්වා උප්පාදිතමග්ගෙපි එසෙව නයො. එවං පාදකජ්ඣානතො වුට්ඨාය යෙ කෙචි සඞ්ඛාරෙ සම්මසිත්වා නිබ්බත්තිතමග්ගස්ස ආසන්නපදෙසෙ වුට්ඨිතා සමාපත්ති අත්තනා සදිසභාවං කරොති, භූමිවණ්ණො විය ගොධාවණ්ණස්ස.
පංචමධ්‍යානය පාදක කොටගෙන උපදවන ලද මාර්ගයෙහි වනාහි උපේක්ෂා චිත්තෙකාග්‍රතා වශයෙන් ධ්‍යානාංග දෙකක් ද, බෝධ්‍යාංග සයක් ද මාර්ගාංග සතක් ද වුට්ඨානගාමිනී සෝමනස්ස සහගතමය. මේ විශේෂය ද උභය නියමය වශයෙන් වෙයි. මේ නයෙහි වනාහි පූර්වභාග විදර්ශනාව සෝමනස්ස සහගත හෝ උපේක්ෂා සහගත හෝ වුට්ඨාන උපේක්ෂා සහගත ද වෙයි. අරූප ධ්‍යානයන් පාදක කොටගෙන උපදවන ලද මාර්ගයෙහි ද මේ නයමය. මෙසේ යම්කිසි කෙනෙක් පාදක ධ්‍යානයෙන් නැගිට සංස්කාරයන් සම්මර්ශනය කොට උපදවන ලද මාර්ගයට ආසන්න පෙදෙසක නැගිටියාහු සමාපත්තිය තමා හා සමබව කරයි. ගොයාගේ වර්ණයට භූමි වර්ණය මෙනි.
දුතියත්ථෙරවාදෙ පන යතො යතො සමාපත්තිතො වුට්ඨාය යෙ යෙ සමාපත්තිධම්මෙ සම්මසිත්වා මග්ගො නිබ්බත්තිතො හොති තංතංසමාපත්තිසදිසොව හොති, සම්මසිතසමාපත්තිසදිසොති අත්ථො. සචෙ පන කාමාවචරධම්මෙ සම්මසති පඨමජ්ඣානිකොව හොති. තත්රාපි විපස්සනානියමො වුත්තනයෙනෙව වෙදිතබ්බො.
ද්විතීය ස්ථවිරවාදයෙහි වනාහි යම් යම් සමාපත්තියකින් නැඟිට යම් යම් සමාපත්ති ධර්මයන් සම්මර්ශනය කොට මාර්ගය උපදවන ලද්දේ වේද, ඒ මාර්ගය ද ඒ ඒ සමාපත්තිය සමාන වේ. සම්මර්ශනය කළ සමාපත්තිය සමානය යන අර්ථයි. ඉදින් වනාහි කාමාවචර ධර්මයන් සම්මර්ශනය කෙරේද, ප්රථමධ්යානිකයෙක්ම වෙයි. එහි ද විදර්ශනා නියමය කියන ලද නයින්ම දතයුතුයි.
තතියත්ථෙරවාදෙ ‘අහො වතාහං සත්තඞ්ගිකං මග්ගං පාපුණෙය්‍යං, අට්ඨඞ්ගිකං මග්ගං පාපුණෙය්ය’න්ති අත්තනො අජ්ඣාසයානුරූපෙන යං යං ඣානං පාදකං කත්වා යෙ වා යෙ වා ඣානධම්මෙ සම්මසිත්වා මග්ගො නිබ්බත්තිතො තංතංඣානසදිසොව හොති. පාදකජ්ඣානං පන සම්මසිතජ්ඣානං වා විනා, අජ්ඣාසයමත්තෙනෙව තං න ඉජ්ඣති. ස්වායමත්ථො නන්දකොවාදසුත්තෙන දීපෙතබ්බො. වුත්තඤ්හෙතං –
තෘතීය ස්ථවිරවාදයෙහි මම සප්තාංගික මාර්ගයට පැමිණෙන්නෙම් නම් අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නම් ඉතා යෙහෙකැයි තමාගේ අභයට අනුරූපව යම් යම් ධ්‍යානයක් පාදක කොට යම් යම් ධ්‍යාන ධර්මයන් සම්මර්ශනය කොට මාර්ගය නිපදවන ලද ද (ඒ මාර්ගය) ඒ ඒ ධ්‍යාන සත සමානම වෙයි. ඒ පාදක ධ්‍යනය හෝ සම්මර්ශනය කළ ධ්‍යානය වනාහි අධ්‍යාශය මාත්‍රයෙන් තොරව සමෘද්ධ නො වෙයි. ඒ මේ අර්ථය නන්දකෝවාද සූත්‍රයෙන් දැක්විය යුතුයි. මෙය ද වදාරන ලදී.
“සෙය්යථාපි, භික්ඛවෙ, තදහුපොසථෙ පන්නරසෙ න හොති බහුනො ජනස්ස කඞ්ඛා වා විමති වා ‘ඌනො නු ඛො චන්දො පුණ්ණො නු ඛො චන්දො’ති, අථ ඛො පුණ්ණො චන්දොත්වෙව හොති, එවමෙව ඛො, භික්ඛවෙ, තා භික්ඛුනියො නන්දකස්ස ධම්මදෙසනාය අත්තමනා චෙව පරිපුණ්ණසඞ්කප්පා ච. තාසං, භික්ඛවෙ, පඤ්චන්නං භික්ඛුනිසතානං යා පච්ඡිමිකා භික්ඛුනී සා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති (ම· නි· 3.415).
‘මහණෙනි, යම්සේ පසළොස්වක පොහොයෙහි බොහෝ දෙනාට චන්ද්‍රයා අඩු ද? නැතහොත් චන්ද්‍රයා සම්පූර්ණමය යන සැකයක් හෝ විමතියක් නො වෙයි. එසේ නම් චන්ද්‍රයා සම්පූර්ණමය යන අදහසම වෙයි. මහණෙනි, එපරිද්දෙන් ඒ භික්ෂුණීහු නන්දකගේ ධර්මදේශනාවෙන් සතුටුවූවාහු මෙන්ම පූර්ණ සංකල්ප ඇත්තෝ ද වූහ. මහණෙනි, ඒ පන්සියයක් භික්ෂුණීන් අතුරෙන් පශ්චිමක භික්ෂුණී තොමෝ අපායෙහි නූපදින ස්වභාවය ඇති නියත වශයෙන්ම සම්බෝධිය (අර්හත්වය) පිහිට කොට ඇතිව සෝවාන් වූවාය’ යනුයි.
තාසු හි යස්සා භික්ඛුනියා සොතාපත්තිඵලස්ස උපනිස්සයො, සා සොතාපත්තිඵලෙනෙව පරිපුණ්ණසඞ්කප්පා අහොසි…පෙ… යස්සා අරහත්තස්ස උපනිස්සයො සා අරහත්තෙනෙව. එවමෙව අත්තනො අජ්ඣාසයානුරූපෙන යං යං ඣානං පාදකං කත්වා යෙ වා යෙ වා ඣානධම්මෙ සම්මසිත්වා මග්ගො නිබ්බත්තිතො තංතංඣානසදිසොව සො හොති. පාදකජ්ඣානං පන සම්මසිතජ්ඣානං වා විනා, අජ්ඣාසයමත්තෙනෙව තං න ඉජ්ඣතීති. එත්ථාපි ච විපස්සනානියමො වුත්තනයෙනෙව වෙදිතබ්බො.
ඔවුනතුරෙහි යම් භික්ෂුණියකට වනාහි සෝවාන් ඵලයට හේතුසම්පත් වීද ඕ තොමෝ සෝවාන් ඵලයෙන්ම පරිපූර්ණ සංකල්ප ඇතිවූවාය. යම් භික්ෂුණියකට පෙ= අර්හත්වයට හේතුසම්පත් වීද ඕ තොමෝ අර්හත්වයෙන්ම පරිපූර්ණ සංකල්ප ඇති වූවාය. මෙපරිද්දෙන් තම අදහසට අනුරූපව යම් යම් ධ්‍යානයක් පාදක කොට යම් යම් ධ්‍යාන ධර්මයන් සම්මර්ශනය කොට මාර්ගය උපදවන ලද ද ඒ මාර්ගය ඒ ඒ ධ්‍යාන හා සමානම වෙයි. පාදක ධ්‍යානය හෝ සම්මර්ශිත ධ්‍යාන අධ්‍යාශය මාත්‍රයකින් තොරව එය සමෘද්ධ නොවේ යනුයි. මෙහිද විදර්ශනා නියමය කියන ලද නයින් දතයුතුයි.
තත්ථ ‘පාදකජ්ඣානමෙව නියමෙතී’ති එවංවාදිං තිපිටකචූළනාගත්ථෙරං අන්තෙවාසිකා ආහංසු – ‘භන්තෙ, යත්ථ තාව පාදකජ්ඣානං අත්ථි තත්ථ තං නියමෙතු; යස්මිං පන පාදකජ්ඣානං නත්ථි, තස්මිං අරූපභවෙ කිං නියමෙතී’ති? ‘ආවුසො, තත්ථපි පාදකජ්ඣානමෙව නියමෙති. යො හි භික්ඛු අට්ඨසමාපත්තිලාභී පඨමජ්ඣානං පාදකං කත්වා සොතාපත්තිමග්ගඵලානි නිබ්බත්තෙත්වා අපරිහීනජ්ඣානො කාලං කත්වා අරූපභවෙ නිබ්බත්තො, පඨමජ්ඣානිකාය සොතාපත්තිඵලසමාපත්තියා වුට්ඨාය විපස්සනං පට්ඨපෙත්වා උපරි තීණි මග්ගඵලානි නිබ්බත්තෙති, තස්ස තානි පඨමජ්ඣානිකානෙව හොන්ති. දුතියජ්ඣානිකාදීසුපි එසෙව නයො. අරූපෙ තිකචතුක්කජ්ඣානං උප්පජ්ජති, තඤ්ච ඛො ලොකුත්තරං න ලොකියං. එවං තත්ථාපි පාදකජ්ඣානමෙව නියමෙති ආවුසො’ති. ‘සුකථිතො, භන්තෙ, පඤ්හො’ති.
එහිදී පාදක ධ්‍යානයම නියම කරයි යන මේ වාද ඇති ත්‍රිපිටක චූළනාග තෙරුන්ගෙන් අතවැසියෝ මෙසේ ඇසූහ. ස්වාමීනි, යම්තැනෙක වනාහි පාදකධ්යානය ඇත්තේ ද එහි එය නියම කරන්නට පාදක ධ්‍යානය යම්තැනක පාදක ධ්‍යානය නැත්තේ ද ඒ අරූප භවයෙහි කුමක් නියම කෙරේද කියායි. ඇවැත්නි, එහිද පාදක ධ්‍යානයම නියම කරයි. අෂ්ට සමාපත්තිලාභී යම් භික්ෂුවක් වනාහි ප්‍රථමධ්‍යානය පාදක කොට සෝවාන් මාර්ගඵල උපදවා නොපිරිහුණු ධ්‍යාන ඇතිව කලුරිය කොට අරූප භවයෙහි උපන්නේ ප්‍රථමධ්‍යානික සෝතාපත්තිඵල සමාපත්තියෙන් නැගිට විදර්ශනාවෙහි පිහිටා මත්තෙහි ත්‍රිවිධ මාර්ගඵල උපදවයි ද, ඔහුගේ ඒ මාර්ගඵල ප්‍රථමධ්‍යානික වෙයි. ද්විතීය ධ්යානිකාදීන්හි ද මේ නයමය. අරූපයෙහි ත්‍රික චතුෂ්ක ධ්‍යාන උපදී. එය ද වනාහි ලෝකෝත්තරය. ලෞකික නොවේ. ඇවැත්, මෙසේ එහිද පාදක ධ්‍යානයම නියම කරයි යනුයි. ස්වාමීනි, ප්රශ්නය මනාව කියන ලදී යනුයි.
‘විපස්සනාය ආරම්මණභූතා ඛන්ධා නියමෙන්ති; යං යං හි පඤ්චක්ඛන්ධං සම්මසිත්වා වුට්ඨාති තංතංසදිසොව මග්ගො හොතී’ති වාදිං මොරවාපිවාසිමහාදත්තත්ථෙරම්පි අන්තෙවාසිකා ආහංසු ‘භන්තෙ, තුම්හාකං වාදෙ දොසො පඤ්ඤායති – රූපං සම්මසිත්වා වුට්ඨිතභික්ඛුනො හි රූපසදිසෙන අබ්‍යාකතෙන මග්ගෙන භවිතබ්බං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නයතො පරිග්ගහෙත්වා වුට්ඨිතස්ස තංසදිසෙනෙව නෙවසඤ්ඤානාසඤ්ඤාභාවප්පත්තෙන මග්ගෙන භවිතබ්බ’න්ති. ‘න, ආවුසො, එවං හොති. ලොකුත්තරමග්ගො හි අප්පනං අප්පත්තො නාම නත්ථි, තස්මා රූපං සම්මසිත්වා වුට්ඨිතස්ස අට්ඨඞ්ගිකො සොමනස්සසහගතමග්ගො හොති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සම්මසිත්වා වුට්ඨිතස්සපි න සබ්බාකාරෙන තාදිසො හොති, සත්තඞ්ගිකො පන උපෙක්ඛාසහගතමග්ගො හොතී’ති.
විදර්ශනාව අරමුණු වූ ස්කන්ධයෝ නියම කෙරෙත්. යම් යම් (පංච ස්කන්ධයන්) සම්මර්ශනය කොට නැගිටීද, මාර්ගය එය එයම සමාන වේ යන වාද ඇති මෝරවාපී වාසී මහාදත්ත තෙරුන්ටම අතවැසියෝ මෙසේ කීහ. ස්වාමීනි, ඔබවහන්සේගේ වාදයෙහි දොසක් පෙනේ. රූපය සම්මර්ශනය කොට නැගිටි භික්ෂුව වනාහි රූපයට සමාන අව්‍යාකෘත මාර්ගිකයකු විය යුතුයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය නය වශයෙන් පරිග්‍රහණය කොට නැගිටියාහු එය හා සමාන වූ නේවසඤ්ඤා නාසඤ්ඤායතන භාවයට පැමිණි (මාර්ගිකයකු) විය යුතුයි. ඇවැත්නි, එසේ නොවෙයි. අර්පණාවට නො පැමිණි ලෝකෝත්තර මාර්ගයක් නම් නැත. එහෙයින් රූපය සම්මර්ශනය කොට නැගිටියහුට අෂ්ටාංගික සෝමනස්ස සහගත මාර්ගයක් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය සම්මර්ශනය කොට නැගිටියහුටද සර්වාකාරයෙන් එසේ නොවේ. සප්තාංගික උපේක්ෂා සහගත මාර්ගය වනාහි වේ යනුයි.
‘පුග්ගලජ්ඣාසයො නියමෙතී’තිවාදිනො චූළාභයත්ථෙරස්සාපි වාදං ආහරිත්වා තිපිටකචූළනාගත්ථෙරස්ස කථයිංසු. සො ආහ – ‘යස්ස තාව පාදකජ්ඣානං අත්ථි තස්ස පුග්ගලජ්ඣාසයො නියමෙතු, යස්ස තං නත්ථි තස්ස කතරජ්ඣාසයො නියමෙස්සති නිද්ධනස්ස වුඩ්ඪිගවෙසනකාලො විය හොතී’ති.
පුද්ගලාධ්‍යාශය නියම කෙරේ යන වාද ඇති චූලාභය තෙරුන්ගේ ද වාදය ගෙනහැර දක්වා ත්‍රිපිටක චූළනාග තෙරුන්ට කීහ. උන්වහන්සේ මෙසේ කීහ. යමෙකුට වනාහි පාදකධ්යානය ඇද්ද ඔහුට පුද්ගලාධ්‍යාශය නියම කෙරේවා යමෙකුට එය නැද්ද ඔහුට කවර නම් අධ්‍යාශයක් නියම කෙරේද නිර්ධන පුද්ගලයා දියුණුව සොයන කාලය වෙන් වෙයි කියාය.
තං කථං ආහරිත්වා තිපිටකචූළාභයත්ථෙරස්ස පුන කථයිංසු. සො ‘පාදකජ්ඣානවතො ඉදං කථිතං ආවුසො’ති ආහ. යථා පන පාදකජ්ඣානවතො, සම්මසිතජ්ඣානවතොපි තථෙව වෙදිතබ්බං. පඤ්චමජ්ඣානතො වුට්ඨාය හි පඨමාදීනි සම්මසතො උප්පන්නමග්ගො පඨමත්ථෙරවාදෙන පඤ්චමජ්ඣානිකො. දුතියවාදෙන පඨමාදිජ්ඣානිකො ආපජ්ජතීති ද්වෙපි වාදා විරුජ්ඣන්ති. තතියවාදෙන පනෙත්ථ ‘යං ඉච්ඡති තජ්ඣානිකො හොතී’ති තෙ ච වාදා න විරුජ්ඣන්ති, අජ්ඣාසයො ච සාත්ථකො හොතීති. එවං තයොපි ථෙරා පණ්ඩිතා බ්යත්තා බුද්ධිසම්පන්නාව . තෙන තෙසං වාදං තන්තිං කත්වා ඨපයිංසු. ඉධ පන අත්ථමෙව උද්ධරිත්වා තයොපෙතෙ වාදෙ විපස්සනාව නියමෙතීති දස්සිතං.
ඒ කථාව ගෙනහැර දක්වා නැවත ත්රිපිටචූළාභය තෙරුන්ට කීවාහුය. උන්වහන්සේ ඇවැත්නි, මෙය පාදකධ්‍යාන ඇත්තහුට කියන ලදී යැයි කියන ලදී යැයි කීහ. පාදකධ්‍යාන ඇත්තහුට වනාහි යම්සේ ද, සම්මර්ශන ධ්‍යාන ඇත්තාට ද එසේම දතයුතුයි. පංචමධ්යානයෙන් නැගිට ප්‍රථමධ්‍යානාදිය සම්මර්ශනය කරන්නාට උපන් මාර්ගය වනාහි ප්‍රථම ස්ථවිරවාදය සමග ද පංචමධ්යානිකයා ප්රථමධ්යානිකයා (බවට) පැමිණේ යන්න ද්විතීයවාදය සමග දැයි වාද දෙකම විරුද්ධ වේ. මෙහි තුන්වන වාදයෙන් වනාහි යමෙකු කැමති වේද ඒ ධ්යානිකයා මේ මේ වාද විරුද්ධ නොවේ. අදහස ද සාර්ථක වේ යනුයි. මෙසේ තෙරවරු තිදෙනාම පණ්ඩිතයහ. ව්‍යක්තයහ. බුද්ධි සම්පන්නයහ. එහෙයින් උන්වහන්සේලාගේ වාදය පාළියට නගා තැබූහ. මෙහි වනාහි අර්ථයම උපුටා මේ වාද තුනම විදර්ශනාව ද නියම කෙරේ යැයි දක්වන ලදී.
ඉදානි ‘නිමිත්තං පටිපදාපතී’ති එත්ථ එවං අඞ්ගපරිණාමවතො මග්ගස්ස උප්පාදකාලෙ ගොත්‍රභු කුතො වුට්ඨාති? මග්ගො කුතොති? ගොත්‍රභු තාව නිමිත්තතො වුට්ඨාති, පවත්තං ඡෙත්තුං න සක්කොති, එකතොවුට්ඨානො හෙස. මග්ගො නිමිත්තතො වුට්ඨාති, පවත්තම්පි ඡින්දති උභතොවුට්ඨානො හෙස. තෙසං අයං උප්පත්තිනයො – යස්මිඤ්හි වාරෙ මග්ගවුට්ඨානං හොති, තස්මිං අනුලොමං නෙව එකං හොති, න පඤ්චමං. එකඤ්හි ආසෙවනං න ලභති, පඤ්චමං භවඞ්ගස්ස ආසන්නත්තා පවෙධති. තදා හි ජවනං පතිතං නාම හොති. තස්මා නෙව එකං හොති න පඤ්චමං. මහාපඤ්ඤස්ස පන ද්වෙ අනුලොමානි හොන්ති, තතියං ගොත්‍රභු, චතුත්ථං මග්ගචිත්තං, තීණි ඵලානි, තතො භවඞ්ගොතරණං. මජ්ඣිමපඤ්ඤස්ස තීණි අනුලොමානි හොන්ති, චතුත්ථං ගොත්‍රභු, පඤ්චමං මග්ගචිත්තං, ද්වෙ ඵලානි, තතො භවඞ්ගොතරණං. මන්දපඤ්ඤස්ස චත්තාරි අනුලොමානි, හොන්ති පඤ්චමං ගොත්‍රභු, ඡට්ඨං මග්ගචිත්තං, සත්තමං ඵලං, තතො භවඞ්ගොතරණං. තත්ර මහාපඤ්ඤමන්දපඤ්ඤානං වසෙන අකථෙත්වා මජ්ඣිමපඤ්ඤස්ස වසෙන කථෙතබ්බං.
දැන් නිමිත්තං පටිපදා පති යන මෙහි මෙසේ අංග පරිණාමය ඇත්තහුගේ මාර්ගය උපදනා කාලයෙහි ගෝත්රභූඥානය කොහි නැගිටීද? මාර්ගය කොහිද? ගෝත්‍රභූ ඥානය වනාහි නිමිත්තෙන් නැඟිටී. පැවැත්ම සිඳින්නට නොහැකි වෙයි. එකට නැගිටින මේ මාර්ගය වනාහි නිමිත්තෙන් පැනනගී. පැවැත්ම ද සිඳි මේ වනාහි උභය වශයෙන් නැගිටි මේ ඔවුන්ගේ උත්පත්තිනයයි. යම් වාරයෙක වනාහි මාර්ගයෙන් නැගීමක් වේද, එහි අනුලෝම එකක්ම නොවේ. පංචම නය ද නොවේ. එක් ආසේවනයක් වනාහි නොලබයි. පංචමනය ජවනයට ආසන්න හෙයින් වෙව්ලයි. එකල්හි වනාහි ජවනයට වැටුණේ නම් වෙයි. එහෙයින් එකක් නොවේ මය. පංචමය ද ගෝත්‍රභූ සිතයි. සතරවැන්න මාර්ග සිතයි. ඵලසිත් තුනය, ඉන්පසු භවංගයට වැටීමයි. මධ්‍යම ප්‍රාඥයාට අනුලෝම තුනක් වෙයි. සතරවැන්න ගෝත්‍රභූ සිතයි. පස්වැන්න මාර්ග සිත ඵල දෙකයි. ඉක්බිති භවංගයට වැටීමයි. මන්දප්රාඥයාට අනුලෝම සතරක් වෙයි. පස්වැන්න ගෝත්‍රභූ සිතයි. සයවැන්න මාර්ග සිතයි. සත්වැන්න ඵලයයි. ඉක්බිති භවංගයට වැටීමය. එහිදී මහා ප්‍රාඥ මන්දප්රාඥ වශයෙන් නොකියා මධ්‍යම ප්රාඥයාගේ වශයෙන් කිවයුතුයි.
යස්මිඤ්හි වාරෙ මග්ගවුට්ඨානං හොති, තස්මිං කිරියාහෙතුකමනොවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගතා මනොද්වාරාවජ්ජනං හුත්වා විපස්සනාගොචරෙ ඛන්ධෙ ආරම්මණං කත්වා භවඞ්ගං ආවට්ටෙති. තදනන්තරං තෙනෙව ආවජ්ජනෙන ගහිතක්ඛන්ධෙ ගහෙත්වා උප්පජ්ජති පඨමං ජවනං අනුලොමඤාණං. තං තෙසු ඛන්ධෙසු අනිච්චාති වා දුක්ඛාති වා අනත්තාති වා පවත්තිත්වා ඔළාරිකං ඔළාරිකං සච්චපටිච්ඡාදකතමං විනොදෙත්වා තීණි ලක්ඛණානි භිය්යො භිය්යො පාකටානි කත්වා නිරුජ්ඣති. තදනන්තරං උප්පජ්ජති දුතියානුලොමං. තෙසු පුරිමං අනාසෙවනං. දුතියස්ස පුරිමං ආසෙවනං හොති. තම්පි ලද්ධාසෙවනත්තා තික්ඛං සූරං පසන්නං හුත්වා තස්මිංයෙවාරම්මණෙ තෙනෙවාකාරෙන පවත්තිත්වා මජ්ඣිමප්පමාණං සච්චපටිච්ඡාදකතමං විනොදෙත්වා තීණි ලක්ඛණානි භිය්යො භිය්යො පාකටානි කත්වා නිරුජ්ඣති. තදනන්තරං උප්පජ්ජති තතියානුලොමං. තස්ස දුතියං ආසෙවනං හොති. තම්පි ලද්ධාසෙවනත්තා තික්ඛං සූරං පසන්නං හුත්වා තස්මිංයෙවාරම්මණෙ තෙනෙවාකාරෙන පවත්තිත්වා තදවසෙසං අණුසහගතං සච්චපටිච්ඡාදකතමං විනොදෙත්වා නිරවසෙසං කත්වා තීණි ලක්ඛණානි භිය්යො භිය්යො පාකටානි කත්වා නිරුජ්ඣති. එවං තීහි අනුලොමෙහි සච්චපටිච්ඡාදකතමෙ විනොදිතෙ තදනන්තරං උප්පජ්ජති ගොත්රභුඤ්ඤාණං නිබ්බානං ආරම්මණං කුරුමානං.
යම්වරෙක වනාහි මාර්ගයෙන් නැගිටීම වේද (එහි) ක්‍රියා හේතුක මනෝවිඤ්ඤාණ ධාතුව උපේක්ෂා සහගත මනෝද්වාරාවර්ජනය වී විදර්‍ශනාගෝචර ස්කන්ධයන් අරමුණුකොට භවංගයට පෙරළෙයි. ඊට අනතුරුව ඒ ආවර්ජනයෙන්ම ගන්නා ලද ස්කන්ධයක් ගෙන උපදී. ප්‍රථම ජවනය අනුලෝමඥානයයි. එය ඒ ස්කන්ධයන්හි අනිත්‍යයැයි හෝ දුඃඛයැයි හෝ අනාත්මයැයි හෝ පැවතී ඔළාරික ඕළාරික වූ සත්‍යය ප්‍රතිච්ඡාදනය කරන අන්ධකාරය දුරුකොට තිලයන් බහුල වශයෙන් ප්‍රකට කොට නිරුද්ධ වෙයි. ඉන් අනතුරුව විතීය අනුලෝම ඥානය උපදී. ඔවුනතුරෙන් පළමුවෙන් ආසේවනය නොවූයේ දෙවැන්නට පළමුවෙන් සේනය වෙයි. එය ද ලබන ලද සේනය ඇති හෙයින් තීක්ෂණව ශූරව ප්‍රසන්නව ඒ අරමුණෙහි ම ඒ ආකාරයෙන් ම පැවති මධ්‍යම ප්‍රමාණ වූ සත්‍යය ප්‍රතිච්ඡාදනය කරන අඳුර දුරුකොට ත්රිලක්ෂයන් බොහෝසෙයින් ප්‍රකට කොට නිරුද්ධ වෙයි. ඉන් අනතුරුව තෘතීයානුලෝමඥානය උපදී. එයට දෙවැන්න ආසේවනය වෙයි. එයද ලබන ලද සේවනය ඇති හෙයින් තීක්ෂණව ශුරව ප්‍රසන්නව ඒ අරමුණෙහිම ඒ අයුරින්ම පැවතී එයින් ඉතිරි වූ අණුසහගත සත්‍ය ප්‍රතිච්ඡාදක වූ අඳුර ඉතිරි නොකොට දුෂ්කර ත්රිලක්ෂයන් බොහෝසෙයින් ප්‍රකට කොට නිරුද්ධ වෙයි. මෙසේ ත්‍රිවිධ අනුලෝමයන් විසින් සත්‍ය ප්‍රතිච්ඡාදක අඳුර දුරුකළ කල්හි ඉන් අනතුරුව නිර්වාණය අරමුණු කරමින් ගෝත්‍රභූ ඥානය උපදී.
තත්රායං උපමා – එකො කිර චක්ඛුමා පුරිසො නක්ඛත්තයොගං ජානිස්සාමීති රත්තිභාගෙ නික්ඛමිත්වා චන්දං පස්සිතුං උද්ධං උල්ලොකෙසි. තස්ස වලාහකෙහි පටිච්ඡන්නත්තා චන්දො න පඤ්ඤායිත්ථ. අථෙකො වාතො උට්ඨහිත්වා ථූලථූලෙ වලාහකෙ විද්ධංසෙසි. අපරො මජ්ඣිමෙ. අපරො සුඛුමෙ. තතො සො පුරිසො විගතවලාහකෙ නභෙ චන්දං දිස්වා නක්ඛත්තයොගං අඤ්ඤාසි.
එහිදී මේ උපමාවකි. එක් ඇස් ඇති පුරුෂයෙක් නැකත් යෝගයක් දැනගනිමියි රාත්‍රියෙහි නික්ම සඳ බැලීමට උඩ බැලීය. වලාකුළින් වැසී තිබුණු හෙයින් ඔහුට සඳ නො පෙනිණ. ඉක්බිති එක් වාතයක් පැනනැගී මහ වලාකුළු වැනසීය. තවත් වාතයක් මධ්‍ය ප්‍රමාණ වලාකුළුද, තවත් වාතයත් සියුම් වලාකුළු ද වැනසීය. ඉක්බිති ඒ පුරුෂයා පහව ගිය වලාකුළු ඇති අහසෙහි සඳ දැක නැකත් යෝගයක් දැනගත්තේය.
තත්ථ තයො වලාහකා විය සච්චපටිච්ඡාදකථූලමජ්ඣිමසුඛුමකිලෙසන්ධකාරා. තයො වාතා විය තීණි අනුලොමචිත්තානි. චක්ඛුමා පුරිසො විය ගොත්රභුඤ්ඤාණං. චන්දො විය නිබ්බානං. එකෙකස්ස වාතස්ස යථාක්කමෙන වලාහකත්තයවිද්ධංසනං විය එකෙකස්ස අනුලොමචිත්තස්ස සච්චපටිච්ඡාදකතමවිනොදනං. විගතවලාහකෙ නභෙ තස්ස පුරිසස්ස විසුද්ධචන්දදස්සනං විය විගතෙ සච්චපටිච්ඡාදකෙ තමෙ ගොත්රභුඤ්ඤාණස්ස සුවිසුද්ධනිබ්බානාරම්මණකරණං.
එහි සත්යපුච්ඡාදක වූ ස්ථුල මධ්‍යම සූක්ෂම ක්ලේශාන්ධකාරයෝ වලාකුළු තුන මෙනි. අනුලෝම සිත් තුන වාත තුන මෙනි. ගෝත්‍රභූ ඥානය ඇස් ඇති පුරුෂයා මෙනි. නිර්වාණය සඳ මෙනි. එක් එක් අනුලෝම සිතක සත්‍යය වසාගෙන සිටි අඳුර දුරුවීම එක් එක් වාතයට පිළිවෙළින් වලාකුළු තුන විනාශවීම මෙනි. සත්‍යය වසාලන අඳුර පහව ගිය කල්හි ගෝත්‍රභූ ඥානයට අතිශයින් පිරිසිදු නිවන අරමුණු කිරීම වලාකුළු පහව ගිය අහසෙහි ඒ පුරුෂයා පිරිසිදු සඳ දැකීම මෙනි.
යථෙව හි තයො වාතා චන්දපටිච්ඡාදකෙ වලාහකෙයෙව විද්ධංසෙතුං සක්කොන්ති, න චන්දං දට්ඨුං, එවං අනුලොමානි සච්චපටිච්ඡාදකතමෙයෙව විනොදෙතුං සක්කොන්ති, න නිබ්බානං ආරම්මණං කාතුං . යථා සො පුරිසො චන්දමෙව දට්ඨුං සක්කොති න වලාහකෙ විද්ධංසෙතුං, එවං ගොත්රභුඤ්ඤාණං නිබ්බානමෙව ආරම්මණං කාතුං සක්කොති න කිලෙසතමං විනොදෙතුං. එවං අනුලොමං සඞ්ඛාරාරම්මණං හොති, ගොත්‍රභු නිබ්බානාරම්මණං.
යම්සේ වාත තුන වනාහි සඳ වසාගෙන සිටි වලාකුළු විනාශ කරන්නටම සමත් වුවත් සඳ දකින්නට සමත් නොවෙයි. මෙසේ අනුලෝම සිත් සත්‍යය වසාගෙන සිටි අඳුර දුරු කරන්නට සමත් වෙයි. නිවන් අරමුණු කරන්නට සමත් නොවෙයි. යම්සේ ඒ පුරුෂයා සඳ දකින්නට මිස වලාකුළු විනාශ කරන්නට සමත් නොවේද, මෙසේ ගෝත්‍රභූ ඥානය නිවන අරමුණු කරන්නටම සමත් වෙයි. කෙලෙස් අඳුර නසන්නට සමත් නොවෙයි. මෙසේ අනුලෝම සිතට සංස්කාර අරමුණු වෙයි. ගෝත්‍රභූ ඥානයට නිවන අරමුණු වෙයි.
යදි හි ගොත්‍රභු අනුලොමෙන ගහිතාරම්මණං ගණ්හෙය්ය පුන අනුලොමං තං අනුබන්ධෙය්යාති මග්ගවුට්ඨානමෙව න භවෙය්ය. ගොත්රභුඤ්ඤාණං පන අනුලොමස්ස ආරම්මණං අග්ගහෙත්වා තං අපච්ඡතොපවත්තිකං කත්වා සයං අනාවජ්ජනම්පි සමානං ආවජ්ජනට්ඨානෙ ඨත්වා එවං නිබ්බත්තාහීති මග්ගස්ස සඤ්ඤං දත්වා විය නිරුජ්ඣති. මග්ගොපි තෙන දින්නසඤ්ඤං අමුඤ්චිත්වාව අවීචිසන්තතිවසෙන තං ඤාණං අනුබන්ධමානො අනිබ්බිද්ධපුබ්බං අපදාලිතපුබ්බං ලොභක්ඛන්ධං දොසක්ඛන්ධං මොහක්ඛන්ධං නිබ්බිජ්ඣමානොව පදාලයමානොව නිබ්බත්තති.
යම්හෙයකින් වනාහි ගෝත්‍රභූ ඥානයට නිවන අරමුණු වෙයි. යම්හෙයකින් වනාහි ගෝත්රභූඥානය අනුලෝම සිතින් ගන්නා ලද අරමුණ ගනී ද, අනුලෝමය නැවත එය ලුහුබඳින්නේ යැයි මාර්ගයෙන් නැගිටීමම වන්නේය. ගෝත්‍රභූ ඥානය වනාහි අනුලෝම සිතේ අරමුණ නොගෙන එය පසුව පවතින්නක් නොකොට තමා ආවර්ජන රහිත වූයේම ආවර්ජන ස්ථානයෙහි සිට මෙසේ උපදවන්නැයි මාර්ගයට සංඥා දීමෙන් නිරුද්ධ වෙයි. මාර්ගය ද එයින් දුන් සංඥාව අත නොහැරම අතරක් නැති පැවතීම් වශයෙන් ඒ ඥානය ලුහුබඳනේ විනිවිද නොගිය විරූ නොපැළු විරූ ලෝභ ස්කන්ධය ද්වේෂ ස්කන්ධය මෝහ ස්කන්ධය විනිවිද යමින් ද පළාලමින් ද උපදී.
තත්රායං උපමා – එකො කිර ඉස්සාසො ධනුසතමත්ථකෙ ඵලකසතං ඨපාපෙත්වා වත්ථෙන මුඛං වෙඨෙත්වා සරං සන්නය්හිත්වා චක්කයන්තෙ අට්ඨාසි. අඤ්ඤො පුරිසො චක්කයන්තං ආවඤ්ඡිත්වා යදා ඉස්සාසස්ස ඵලකසතං අභිමුඛං හොති තදා තත්ථ දණ්ඩකෙන සඤ්ඤං දෙති, ඉස්සාසො දණ්ඩකසඤ්ඤං අමුඤ්චිත්වාව සරං ඛිපිත්වා ඵලකසතං නිබ්බිජ්ඣති. තත්ථ දණ්ඩකසඤ්ඤා විය ගොත්රභුඤ්ඤාණං. ඉස්සාසො විය මග්ගඤාණං. ඉස්සාසස්ස දණ්ඩකසඤ්ඤං අමුඤ්චිත්වාව ඵලකසතනිබ්බිජ්ඣනං විය මග්ගඤාණස්ස ගොත්රභුඤ්ඤාණෙන දින්නසඤ්ඤං අමුඤ්චිත්වාව නිබ්බානං ආරම්මණං කත්වා අනිබ්බිද්ධපුබ්බඅපදාලිතපුබ්බානං ලොභක්ඛන්ධාදීනං නිබ්බිජ්ඣනපදාලනං. භූමිලද්ධවට්ටසෙතුසමුග්ඝාතකරණන්තිපි එතදෙව. මග්ගස්ස හි එකමෙව කිච්චං අනුසයප්පජහනං. ඉති සො අනුසයෙ පජහන්තො නිමිත්තා වුට්ඨාති නාම, පවත්තං ඡින්දති නාම. ‘නිමිත්ත’න්ති රූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණනිමිත්තං. ‘පවත්ත’ම්පි රූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණපවත්තමෙව. තං දුවිධං හොති – උපාදින්නකං අනුපාදින්නකන්ති. තෙසු මග්ගස්ස අනුපාදින්නකතො වුට්ඨානච්ඡායා දිස්සතීති වත්වා අනුපාදින්නකතො වුට්ඨාතීති වදිංසු.
එහි මේ උපමා කථාවක්, එක් දුනුවායෙක් වනාහි දුනුසියයක් මත පලිස්සියයක් තබා වස්ත්‍රයකින් මුව වෙළා ඊ සන්නද්ධව චක්‍ර යන්ත්‍රයෙහි සිටියේය. අන් පුරුෂයෙක් චක්රයන්ත්රය කරකවා පලිස් සියය දුනුවායාට අභිමුඛ වනවිට දණ්ඩකින් එහි සංඥා කරයි. දුනුවායා දුඬ සංඥාව නොඉක්මවාම ඊය දමාගසා පලිස් සියය විනිවිද යවයි. ගෝත්‍රභූ ඥානය එහි දඬු සංඥාව මෙනි. මාර්ගඥානය දුනුවායා මෙනි. මාර්ගඥානයට ගෝත්‍රභූ ඥානයෙන් දෙනලද සංඥාව නො ඉක්මවාම නිවන අරමුණුකොට විනිවිද නොගිය විරූ නො පළාදැමූ විරූ ලෝභ ස්කන්‍ධාදීන් විනිවිද යෑම පළාදැමීම දුනුවායා දඬු සංඥාව නො ඉක්මවාම පලිස් සියය විදීම මෙනි. භූමිලද්ධ වට්ටසෙතු සමුග්ඝාත තරණය (භූමිහි පිහිටි සංසාර හෙය උපුටා දැමීම) යනු ද මෙයමය. මාර්ගයට ඇති එකම කෘත්‍යය අනුසය දුරුකිරිමයි. (මෙසේ) ඒ මාර්ගඥානය අනුසයන් දුරුකරමින් නිමිත්තෙන් නැඟිටීම නමි. පැවැත්ම සිදීමයි. නිමිත්ත යනු රූප වේදනා සංඥා සංස්කාර විඥාන නිමිත්තය. පැවැත්ම යනු ද රූප වේදනා සංඥා සංස්කාර විඥානයන්ගේ පැවැත්මමය. එය උපාදින්නකය අනුපාදින්නක යැයි දෙවැදෑරුම්ය. ඔවුනතුරෙන් මාර්ගය අනුපාදින්නකයෙන් නැගිටිනා ඡායාව පෙනේ යැයි කියා අනුපාදින්නකයෙන් නැගිටී යැයි කීහ.
සොතාපත්තිමග්ගෙන හි චත්තාරි දිට්ඨිගතසම්පයුත්තානි විචිකිච්ඡාසහගතන්ති පඤ්ච චිත්තානි පහීයන්ති. තානි රූපං සමුට්ඨාපෙන්ති. තං අනුපාදින්නකරූපක්ඛන්ධො. තානි චිත්තානි විඤ්ඤාණක්ඛන්ධො. තංසම්පයුත්තා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා තයො අරූපක්ඛන්ධා. තත්ථ සචෙ සොතාපන්නස්ස සොතාපත්තිමග්ගො අභාවිතො අභවිස්ස තානි පඤ්ච චිත්තානි ඡසු ආරම්මණෙසු පරියුට්ඨානං පාපුණෙය්යුං. සොතාපත්තිමග්ගො පන තෙසං පරියුට්ඨානෙනප්පත්තිං වාරයමානො සෙතුසමුග්ඝාතං අභබ්බුප්පත්තිකභාවං කුරුමානො අනුපාදින්නකතො වුට්ඨාති නාම.
සෝවාන් මගින් දෘෂ්ටි සම්ප්‍රයුක්ත සිත් සතරත් විචිකිච්ඡා සහගත සිතත් යන සිත් පහ ප්‍රහීණ වෙයි. ඔව්හු රූපය උපදවත්, ඒ අනුපාදින්නක රූපස්කන්ධයයි, ඒ සිත් විඥාන ස්කන්ධයයි. එය හා සම්ප්‍රයුක්ත වූවෝ වේදනා සංඥා සංස්කාර යන ත්‍රිවිධ අරූපස්කන්ධයෝය. ශ්‍රෝතාපන්නයා ශ්‍රෝතාපත්ති මාර්ගය නො වැඩුවේ වීනම් ඒ පස්වැදෑරුම් සිත් ෂඩාරම්මණයන්හි නැගිටීමට පැමිණෙයි. ශ්රෝතාප්ති මාර්ගය වනාහි ඔවුගේ නැගිටීමත් පැවැත්මත් වළක්වමින් හේතු සමිද්ඝාතය අභව්යෝත්පත්තික භාවය කිරීම උපාදින්නකයෙන් නැගිටී යනුයි.
සකදාගාමිමග්ගෙන චත්තාරි දිට්ඨිගතවිප්පයුත්තානි ද්වෙ දොමනස්සසහගතානීති ඔළාරිකකාමරාගබ්යාපාදවසෙන ඡ චිත්තානි පහීයන්ති. අනාගාමිමග්ගෙන අණුසහගතකාමරාගබ්යාපාදවසෙන තානි එව ඡ චිත්තානි පහීයන්ති. අරහත්තමග්ගෙන චත්තාරි දිට්ඨිගතවිප්පයුත්තානි උද්ධච්චසහගතඤ්චාති පඤ්ච අකුසලචිත්තානි පහීයන්ති. තත්ථ සචෙ තෙසං අරියානං තෙ මග්ගා අභාවිතා අස්සු, තානි චිත්තානි ඡසු ආරම්මණෙසු පරියුට්ඨානං පාපුණෙය්යුං. තෙ පන තෙසං මග්ගා පරියුට්ඨානප්පත්තිං වාරයමානා සෙතුසමුග්ඝාතං අභබ්බුප්පත්තිකභාවං කුරුමානා අනුපාදින්නකතො වුට්ඨහන්ති නාම.
සකෘදාගාමී මාර්ගයෙන් දෘෂ්ටි විප්‍රයුක්ත සිත් සතර ද දෝමනස්ස සහගත සිත් දෙකදැයි ඕළාරික කාමරාග බ්යාපාද වශයෙන් වූ ඒ සිත් සය ප්‍රහීණ වෙයි. අනාගාමි මාර්ගයෙන් අනුසහගත වූ කාමරාග ව්‍යාපාද වශයෙන් වූ ඒ සිත් සයම ප්‍රහීණ වෙයි. අර්හත් මාර්ගයෙන් දිට්ඨි විප්පයුත්ත සිත් සතර ද උද්ධච්ච සහගතයැ යන අකුසල් සිත් පහ ප්‍රහීණ වෙයි. එහිදී ඒ ආර්යයන්ගේ ඒ මාර්ග නො වඩනා ලද්දේ වේ නම්, ඒ සිත් ෂඩාරම්මණයන්හි නැගිටීමට පැමිණෙයි. ඔහු වනාහි ඔහුගේ මාර්ගයෙන් නැගිට පැවැත්ම වළක්වමින් සේතුසමුද්ඝාතය අභව්යෝත්පත්තිකභාවය කරනුයේ අනුපාදින්නකයෙන් නැගිටිත් නමි.
උපාදින්නකතො වුට්ඨානච්ඡායා දිස්සතීති වත්වා උපාදින්නකතො වුට්ඨාතීතිපි වදිංසු. සචෙ හි සොතාපන්නස්ස සොතාපත්තිමග්ගො අභාවිතො අභවිස්ස, ඨපෙත්වා සත්ත භවෙ අනමතග්ගෙ සංසාරවට්ටෙ උපාදින්නකප්පවත්තං පවත්තෙය්ය. කස්මා? තස්ස පවත්තියා හෙතූනං අත්ථිතාය. තීණි සංයොජනානි දිට්ඨානුසයො විචිකිච්ඡානුසයොති ඉමෙ පන පඤ්ච කිලෙසෙ සොතාපත්තිමග්ගො උප්පජ්ජමානොව සමුග්ඝාතෙති. ඉදානි කුතො සොතාපන්නස්ස සත්ත භවෙ ඨපෙත්වා අනමතග්ගෙ සංසාරවට්ටෙ උපාදින්නකප්පවත්තං පවත්තිස්සති? එවං සොතාපත්තිමග්ගො උපාදින්නකප්පවත්තං අප්පවත්තං කුරුමානො උපාදින්නකතො වුට්ඨාති නාම.
උපාදින්නකයෙන් නැගිටින ඡායාව දකින්නේ යැයි කියා උපාදින්නකයෙන් නැගිටී යැයි කීහ. යම්හෙයකින් ශ්රෝතාපත්තයා ශ්‍රෝතාපත්ති මාර්ගය නොවඩනා ලද නම් අනවරාග්ර සංසාරයෙහි සත් භවයක් පමණක් උපාදින්නකයන් පැවැත්ම කරන්නේය. කවර හෙයින් ද, ඒ පැවැත්මට හේතු ඇති හෙයිනි. සක්කාය දිට්ඨි ආදී සංයෝජන තුන දිට්ඨානුස විචිකිච්ඡානුසය යන මේ පංච ක්ලේශයන් ශ්‍රෝතාපත්ති මාර්ගය උපදිත්ම විනාශ කෙරේ. දැන් (එවැනි පැවැත්මක්) කොයින් ද, ශ්රෝතාපන්නයාට අනවරාග්ර සංසාරයෙහි සත්භවයක් හැර උපාදින්නකයන්ගේ පැවැත්ම නො වන්නේය. මෙසේ ශ්‍රෝතාපත්ති මාර්ගය උපාදින්නකයන්ගේ පැවැත්ම නවත්වමින් උපාදින්නකයෙන් නැගිටී නම් වේ.
සචෙ සකදාගාමිස්ස සකදාගාමිමග්ගො අභාවිතො අභවිස්ස, ඨපෙත්වා ද්වෙ භවෙ පඤ්චසු භවෙසු උපාදින්නකපවත්තං පවත්තෙය්ය. කස්මා? තස්ස පවත්තියා හෙතූනං අත්ථිතාය. ඔළාරිකානි කාමරාගපටිඝසංයොජනානි ඔළාරිකො කාමරාගානුසයො පටිඝානුසයොති ඉමෙ පන චත්තාරො කිලෙසෙ සො මග්ගො උප්පජ්ජමානොව සමුග්ඝාතෙති. ඉදානි කුතො සකදාගාමිස්ස ද්වෙ භවෙ ඨපෙත්වා පඤ්චසු භවෙසු උපාදින්නකප්පවත්තං පවත්තිස්සති? එවං සකදාගාමිමග්ගො උපාදින්නකප්පවත්තං අප්පවත්තං කුරුමානො උපාදින්නකතො වුට්ඨාති නාම.
යම්හෙයකින් සකෘදාගාමියා සකෘදාගාමී මාර්ගය නො වැඩුයේ වී නම් පංච භවයන්ගෙන් දෙකක උපාදින්නකයන්ගේ පැවැත්ම කරන්නේය. කවරහෙයින් ද ඒ පැවැත්මට හේතු ඇති බැවිනි. ඕළාරික වූ කාමරාග පටිඝ සංයෝජන ඕළාරික වූ කාමරාගානුසය පටිඝානුසය යන මේ කෙලෙස් සතර ඒ මාර්ගය උපදිත්ම විනාශ කෙරේ. දැන් සකෘදාගාමියාට පංච භවයන්ගෙන් දෙකක මිස උපාදින්නකයන්ගේ පැවැත්මක් කොයින් ද? මෙසේ සකෘදාගාමී මාර්ගය උපාදින්නක පැවැත්ම නැති කරමින් උපාදින්නකයෙන් නැගිටී නම් වේ.
සචෙ අනාගාමිස්ස අනාගාමිමග්ගො අභාවිතො අභවිස්ස, ඨපෙත්වා එකං භවං දුතියභවෙ උපාදින්නකප්පවත්තං පවත්තෙය්ය. කස්මා? තස්ස පවත්තියා හෙතූනං අත්ථිතාය. අණුසහගතානි කාමරාගපටිඝසංයොජනානි අණුසහගතො කාමරාගානුසයො පටිඝානුසයොති ඉමෙ පන චත්තාරො කිලෙසෙ සො මග්ගො උප්පජ්ජමානොව සමුග්ඝාතෙති. ඉදානි කුතො අනාගාමිස්ස එකං භවං ඨපෙත්වා දුතියභවෙ උපාදින්නකප්පවත්තං පවත්තිස්සති? එවං අනාගාමිමග්ගො උපාදින්නකප්පවත්තං අප්පවත්තං කුරුමානො උපාදින්නකතො වුට්ඨාති නාම.
අනාගාමිකයා අනාගාමී මාර්ගය නො වඩනා ලද්දේ නම් එක් භවයක් හැර දෙවන භවයෙහි උපාදින්නක පැවැත්ම කරන්නේය. කවර හෙයින් ද? එහි පැවැත්මට හේතු ඇති බැවිනි. අණු සහගත කාමරාග පටිඝ සංයෝජන අණුසහගත කාමරාගානුසය පටිඝානුසය යන මේ කෙලෙස් සතර වනාහි ඒ මාර්ගය උපදිත්ම විනාශ කෙරෙයි. දැන් අනාගාමිකයාට එකභවය මිස දෙවන භවයෙහි උපාදින්නක පැවැත්මක් කොයින් ද, මෙසේ අනාගාමී මාර්ගය උපාදින්නක පැවැත්ම නැති කෙරෙමින් උපාදින්නකයෙන් නැගිටී නම් වේ.
සචෙ අරහතො අරහත්තමග්ගො අභාවිතො අභවිස්ස, රූපාරූපභවෙසු උපාදින්නකප්පවත්තං පවත්තෙය්ය. කස්මා? තස්ස පවත්තියා හෙතූනං අත්ථිතාය . රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා මානානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයොති ඉමෙ පන අට්ඨ කිලෙසෙ සො මග්ගො උප්පජ්ජමානොව සමුග්ඝාතෙති. ඉදානි කුතො ඛීණාසවස්ස පුනබ්භවෙ උපාදින්නකප්පවත්තං පවත්තිස්සති? එවං අරහත්තමග්ගො උපාදින්නකප්පවත්තං අප්පවත්තං කුරුමානො උපාදින්නකතො වුට්ඨාති නාම.
අර්හත් පුද්ගලයා අර්හත් මාර්ගය නො වැඩූයේ නම් රූපාරූප භවයන්හි උපාදින්නක පැවැත්ම කරන්නේය. කවර හෙයින් ද? ඒ පැවැත්මට හේතු ඇති බැවිනි. රූප රාගය අරූප රාගය මානය උද්ධච්චය අවිද්‍යාව මානානුසය භවරාගානුසය අවිද්‍යානුසය යන මේ අෂ්ට ක්ලේශයෝ මාර්ගය උපදිත්ම විනාශ කෙරේ. දැන් ක්ෂීණාශ්රවයාට පුනර්භවයක උපාදින්නක පැවැත්මක් නම් කොයින් ද? මෙසේ අර්හත් මාර්ගය උපාදින්නක පැවැත්ම නැතිකෙරෙමින් උපාදින්නකයෙන් නැගිටී නමි.
සොතාපත්තිමග්ගො චෙත්ථ අපායභවතො වුට්ඨාති, සකදාගාමිමග්ගො සුගතිකාමභවෙකදෙසතො, අනාගාමිමග්ගො කාමභවතො, අරහත්තමග්ගො රූපාරූපභවතො සබ්බභවෙහිපි වුට්ඨාති එවාති වදන්ති.
මෙහිදී ශ්‍රෝතාපත්ති මාර්ගය අපාය භවයෙන් නැගිටී. සකෘදාගාමී මාර්ගය සුගති කාමභයේ ඒකදේශයකින් නැගිටී. අනාගාමී මාර්ගය කාමභවයෙන් නැගිටී. අර්හත්මාර්ගය රූපාරූප භයෙන් නැගිටී. සියලු භවයන්ගෙන්ම නැගිටීයැයි මෙසේ කියත්.
ඉමස්ස පනත්ථස්ස විභාවනත්ථං අයං පාළි – “සොතාපත්තිමග්ගඤාණෙන අභිසඞ්ඛාරවිඤ්ඤාණස්ස නිරොධෙන සත්ත භවෙ ඨපෙත්වා අනමතග්ගෙ සංසාරවට්ටෙ යෙ උප්පජ්ජෙය්යුං, නාමඤ්ච රූපඤ්ච එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසමන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති.
මෙහි අර්ථය විස්තර කිරීම පිණිස මේ පාළියයි. ශ්‍රෝතාපත්ති මාර්ග ඥානයෙන් අභිසංස්කාර විඥානයාගේ නිරෝධයෙන් අනවරාග්ර සංසාර වෘත්තයෙහිසත් භවයක් හැර නාමරූපයෝ උපදිත් නම් මෙහිදී ඔව්හු නිරුද්ධ වෙත්. සංසිඳෙත් අස්තයට යෙත් සම්පූර්ණයෙන්ම සංසිඳෙත්.
‘සකදාගාමිමග්ගඤාණෙන අභිසඞ්ඛාරවිඤ්ඤාණස්ස නිරොධෙන ද්වෙ භවෙ ඨපෙත්වා පඤ්චසු භවෙසු යෙ උප්පජ්ජෙය්යුං, නාමඤ්ච රූපඤ්ච එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසමන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති.
[missing trans]
‘අනාගාමිමග්ගඤාණෙන අභිසඞ්ඛාරවිඤ්ඤාණස්ස නිරොධෙන එකං භවං ඨපෙත්වා කාමධාතුයා ද්වීසු භවෙසු යෙ උප්පජ්ජෙය්යුං, නාමඤ්ච රූපඤ්ච එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසමන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති.
අනාගාමී මාර්ගඥානයෙන් අභිසංස්කාර විඥානයාගේ නිරෝධයෙන් එක් භවයක් හැර (කාමධාතුවෙහි) භව දෙක්හි යම් නාමරූපයෝ උපදිත් නම් ඔව්හු මෙහිදී නිරුද්ධ වෙත්. සංසිඳෙත්. අස්තයට යෙත්. විශේෂයෙන්ම සංසිඳෙත්.
‘අරහත්තමග්ගඤාණෙන අභිසඞ්ඛාරවිඤ්ඤාණස්ස නිරොධෙන රූපධාතුයා වා අරූපධාතුයා වා යෙ උප්පජ්ජෙය්යුං , නාමඤ්ච රූපඤ්ච එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසමන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්ති. අරහතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්තස්ස චරිමවිඤ්ඤාණස්ස නිරොධෙන පඤ්ඤා ච සති ච නාමඤ්ච රූපඤ්ච එත්ථෙතෙ නිරුජ්ඣන්ති වූපසමන්ති අත්ථං ගච්ඡන්ති පටිප්පස්සම්භන්තී”ති (චූළනි· අජිතමාණවපුච්ඡානිද්දෙස 6). අයං තාව නිමිත්තෙ විනිච්ඡයො.
අර්හත්මාර්ග ඥානයෙන් අභිසංස්කාර විඥානයාගේ නිරෝධයෙන් රූප ධාතුවෙහි හෝ අරූප ධාතුවෙහි යම් නාමරූපයෝ උපදිත් නම් ඔව්හු මෙහිදී නිරුද්ධ වෙත්. සංසිඳෙත්. අස්තයට යෙත්. විශේෂයෙන් සංසිඳෙත්. අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පාන රහත්හුගේ අවසන් විඥානයාගේ නිරෝධයෙන් මෙහිදී ප්‍රඥාව සතිය නාමය රූපය යන මොව්හු නිරුද්ධ වෙත්. සංසිඳෙත්. අස්තයට යෙත්. සම්පූර්ණයෙන්ම සංසිඳෙත් යන මෙය වනාහි නිමිති විනිශ්චයයි.
‘පටිපදාපතී’ති – එත්ථ පන පටිපදා චලති න චලතීති? චලති. තථාගතස්ස හි සාරිපුත්තත්ථෙරස්ස ච චත්තාරොපි මග්ගා සුඛපටිපදා ඛිප්පාභිඤ්ඤා අහෙසුං. මහාමොග්ගල්ලානත්ථෙරස්ස පඨමමග්ගො සුඛපටිපදො ඛිප්පාභිඤ්ඤො, උපරි තයො මග්ගා දුක්ඛපටිපදා ඛිප්පාභිඤ්ඤා. කස්මා? නිද්දාභිභූතත්තා. සම්මාසම්බුද්ධො කිර සත්තාහං දහරකුමාරකං විය ථෙරං පරිහරි. ථෙරොපි එකදිවසං නිද්දායමානො නිසීදි. අථ නං සත්ථා ආහ – “පචලායසි නො ත්වං, මොග්ගල්ලාන, පචලායසි නො ත්වං මොග්ගල්ලානා”ති (අ· නි· 7.61). එවරූපස්සපි මහාභිඤ්ඤප්පත්තස්ස සාවකස්ස පටිපදා චලති, සෙසානං කිං න චලිස්සති? එකච්චස්ස හි භික්ඛුනො චත්තාරොපි මග්ගා දුක්ඛපටිපදා දන්ධාභිඤ්ඤා හොන්ති, එකච්චස්ස දුක්ඛපටිපදා ඛිප්පාභිඤ්ඤා, එකච්චස්ස සුඛපටිපදා දන්ධාභිඤ්ඤා, එකච්චස්ස සුඛපටිපදා ඛිප්පාභිඤ්ඤා. එකච්චස්ස පඨමමග්ගො දුක්ඛපටිපදො දන්ධාභිඤ්ඤො හොති, දුතියමග්ගො දුක්ඛපටිපදො ඛිප්පාභිඤ්ඤො, තතියමග්ගො සුඛපටිපදො දන්ධාභිඤ්ඤො, චතුත්ථමග්ගො සුඛපටිපදො ඛිප්පාභිඤ්ඤොති.
පටිපදාපති යන මෙහි වනාහි ප්‍රතිපදාව චලනය වේද චලනය නොවේද? යත්, සැලෙයි. තථාගතයන් වහන්සේටත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේටත් වනාහි මාර්ග සතරම සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා ද වෙයි. මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට ප්‍රථම මාර්ගය සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤ විය. මතු මාර්ග (තුන) දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා විය. කවර හෙයින් ද? නින්දෙන් මඩනා ලද හෙයිනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි (සත්දිනක්) ළදරු කුමරෙකු මෙන් තෙරුන් රැකබලා ගත්හ. තෙරුන්වහන්සේ ද එක්දිනෙක නිදමින් හුන් සේක. ඉක්බිති ශාස්තෲන් වහන්සේ තෙරුන්ට මෞද්ගල්යානය? මෞද්ගල්‍යායනය! නිදා වැටෙනවා නොවේද ඔබ බමුණෙක් නොවේදැයි වදාළහ. මහිඥාප්රාප්ත වූ මෙබඳු ශ්රාවකයෙකුගේ පවා ප්‍රතිපදාව සැලෙයි. කිම, සෙස්සන්ගේ නො සැලේ ද? ඇතැම් (භික්ෂුවකට) වනාහි මාර්ග සතරම දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා වෙයි. ඇතැමෙකුට දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා වෙයි. ඇතැමෙකුට සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා වෙයි. ඇතැමෙකුට සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා වෙයි. ඇතැමෙකුට ප්‍රථම මාර්ගය දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා වෙයි. දෙවන මාර්ගය දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා වෙයි. තුන්වන මාර්ගය සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා වෙයි. සතරවන මාර්ගය සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා වෙයි යනුයි.
යථා ච පටිපදා එවං අධිපතිපි චලති එව. එකච්චස්ස හි භික්ඛුනො චත්තාරොපි මග්ගා ඡන්දාධිපතෙය්යා හොන්ති, එකච්චස්ස වීරියාධිපතෙය්යා, එකච්චස්ස චිත්තාධිපතෙය්යා, එකච්චස්ස වීමංසාධිපතෙය්යා. එකච්චස්ස පන පඨමමග්ගො ඡන්දාධිපතෙය්යො හොති, දුතියො වීරියාධිපතෙය්යො, තතියො චිත්තාධිපතෙය්යො, චතුත්ථො වීමංසාධිපතෙය්යොති.
ප්‍රතිපදාව යම්සේ ද අධිපති ද එසේම සැලෙයි. මෙසේ ඇතැම් භික්ෂුවකට මාර්ග සතරම ඡන්දාධිපති වෙයි. ඇතැම් භික්ෂුවකට වීමංසාධිපති වෙයි. එක් භික්ෂුවකට චිත්තාධිපති වෙයි. ඇතැම් භික්ෂුවකට වීමංසාධිපති වෙයි. ඇතැම් භික්ෂුවකට වනාහි ප්‍රථම මාර්ගය ඡන්දාධිපති වෙයි. දෙවැන්න වීර්යාධිපති වෙයි. තෙවැන්න චිත්තාධිපති වෙයි. සතරවැන්න වීමංසාධිපති වෙයි යනුයි.
පකිණ්ණකකථා නිට්ඨිතා.
ප්රකීර්ණක කථා නිමියේය.